Wednesday, March 25, 2009

තත්ත්වය නම් ඉතාම නරකයි...

තත්ත්වය නම් ඉතාම නරකයි. ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කරන අතර රටේසෞඛ්‍යය පරාජයට පත් වෙමින් පවතී. ඉස්පිරිතාලවල නරක් වු කකුල එසේම තිබියදී හොඳ කකුල කපා ඉවත් කරනු ලැබේ. ඇඟ පත පණ නැති වන සේ එන්නත් විදිනු ලැබේ. රුබෙල්ලා විදිනු ලැබු විට පාසල් දැරියෝ මරණාසන්න වෙති. අයෙක් මැරෙති. මේ ළඟකදී පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ සුනඛයන්ට පිස්සු බලු රෝග මර\දන එන්නත දුන් විට ඒ අහිංසක සතුන්ගෙන් වැඩි හරියක් මිය ගියහ. මේ එන්නත් ව්‍යාපාරය සංවිධානය කළේ කැස්බෑව ප්‍රාදේශීය සභාව මගින් යැයි කියනු ලැබේ. මේ රටේනාගරික ප්‍රදේශවල පානීය ජලය තුළ අඩංගු මළ ප්‍රමාණය 30% කි. බීම බෝතල් තුළ බ්ලේඩ් තල කැබලි ද, පාන් තුළ කොහු ලණු ද තිබු අවස්ථා පුවත්පත්වල පළ විය. ඒ සියල්ලටම අමතරව, ත්‍රිකුණාමලයේ බේකරියක හැදු ආහාර විෂ වීමෙන් 269 දෙනකු රෝගී වීමත් එක් අයකු මිය යෑමත් ගැන ඊයේ (25 දා) දිවයිනේ පළ විය. රෝගී වුවන්ගෙන් 202 ක්ම පාසල් දරුවෝ ය. මළේ 65 හැවිරිදි පුද්ගලයෙකි. ඒ අනුව මරණය සිදුවී ඇත්තේ සෞඛ්‍යයේ සවි ශක්තියට අනුව බව පෙනී යන්නේ ය. යම් හෙයකින් ඉතිරි දෙසිය දෙදෙනාම හැට පිනු දුර\වල උදවිය වී නම් අද ත්‍රිකුණාමලයේ මළ ගෙවල්ම 202 කිෟ

අප මේ රටේසෞඛ්‍යය ගැන නිතර නිතර කතා කරන්නේ සෞඛ්‍ය ඇමැතිතුමා සමග ඇති පෞද්ගලික තරහකට නොව එතුමා සෞඛ්‍ය ඇමැතිව සිටියදී මේ රටේසියලු දෙනා එක සැරෙ\ම රෝගී වී මළොත් එතුමාට බරපතල ලෝකාපවාදයකට ලක් වීමට සිදුවන හෙයිනි. අනෙක මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිකම හිමිව ඇත්තේ ද ශ්‍රී ලංකාවට ය. එවැනි රටක පණපිටින් සිටින එකම මිනිසා සෞඛ්‍ය ඇමැතිතුමා පමණක් වුව හොත් සිදුවිය හැකි විපතද විශාල ය. මේ නිසා තම සෞඛ්‍යය ගැන මෙන්ම අන් අයගේ සෞඛ්‍යය ගැන ද එතුමා මෙයට වඩා පරෙස්සමින් කල්පනා කළ යුතුය.

පසුගිය දා හටගත් රුබෙල්ලා එන්නත් විපතින් පසු එක්තරා ප්‍රදේශයක දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය ප්‍රධානියකු අපට කතා කළේය. එතුමා කියා සිටියේ මෙවැනි තීරණාත්මක එන්නත් ලබා දීමට ප්‍රමාණවත් පුහුණුවක් වෛද්‍යවරුන්ට හෝ හෙදියනට ලබා දී නැති බවය. ඒ අතර වේදනා නාශක, ප්‍රතිජීවක, එන්නත් වැනි දේ කල් ඉකුත් වීමට ආසන්න වු විට වහාම රෝහල්වලට බෙදා හැර ඊළඟ ටෙන්ඩරය කැඳවීමේ පුරුද්දක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතී. මේ බව අපගේ අහිංසක සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල තුමා නො දනී. අසරණ සෞඛ්‍ය ලේකම් අතුල කහඳලියනගේතුමාද නොදනී. සෙසු නිලධාරීහු ද නොදනිති. වෛද්‍යවරු ද නොදනිති. ඒවා දැන ගැනීමට ලැබෙන්නේ එම එන්නත් ලැබීමෙන් පසු හෝ එම පෙති ගිල දෑමීමෙන් පසු මිය යන උදවියගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදීය.

ශ්‍රී ලංකාව අද රාජ්‍යයක් වශයෙන් ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතී. එය "අසමත් රාජ්‍යයක්" වීමේ සංකල්පයෙන් ක්‍රමයෙන් ඈතට යෑමට උත්සාහ දරයි. එහෙත් රාජ්‍යයක් වශයෙන් එය රෝගීය. සමාජ රෝගද ඇතුළුව සියලු ආකාරයේ වසංගත රෝග මේ රට පුරා පැතිර ඇත. කොළඹ හෝටල්වල කුස්සි
කකුස්සිවලින් වෙනස් වෙන්නේ ඉදිරිපස අකුර මගින් පමණි. අද මේ රටේහැම ප්‍රසිද්ධ නගරයක්ම විෂබීජාගාරයකි. මේ විෂබීජ පාලනය කළ නොහැකි තැනට දැන් පැමිණ තිබේ. ඒ අනුව කිසියම් දවසක රට යන සෞඛ්‍ය ඇමැතිතුමා ආපසු එන විට එතුමා හැරුණු කොට සියලු ජනයා මිය ගොස් සිටිනවා ඇත.
(දිවයින_09/03/26)


පසුවදන_අප මේ ගැන අද දවසේ වඩා වැඩි අවදානයක් යොමු කළ යුතු ය. කලෙක ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ද. ආසියාවේ ඉතා ඉහළ තැනක තිබිණි. අද ද ළදරු මරණ මාතෘ මරණ ඉතා අවම ය. සාපේක්ෂව ආයු කාලය ඉහළ ය. එහෙත් මේ බයිලාව ගහමින් ඔවුන් අතින් වන සියලු වැරදි වසාගැනීම විළිලැජ්ජාව සහිත රජයකට නොහොබියි. රාජ්‍ය සේවය හුදු බඩ රස්සාව බවට පත්වීම, අල්ලස දූෂණය සුළි සුළඟක් සේ පැතිරීම, පෙර කල සේවා ලෙස සැලකු දෑ අද වෘත්තීන් හෙවත් රැකියාව බවට පත්වීම, වරදට දඬුවම් නොලැබීම මීට හේතු වී ඇත.

මේ සියලු පවතින ආණ්ඩුවේ වැරදි බව විපක්ෂයේ එක ම අදහස ය. ආණ්ඩුවට අනුව මේවා අතපසුවීම් ය. නැතහොත් කඩාකප්පල්කාරයින්ගේ වැඩ ය. වරද කාගේ වුව ද සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට වැරදුනු කල මිනිසා අඩි 6ක් යටට යා යුතු ය.

3 comments:

Blogger said...

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයහි සිදුවන සිදුවීමි වලට වගකිව යුත්තෙක් සිටිය යුතූද ? ඔවි, ඒ වෙන කවුරැවත් නොව සෞඛ්‍යය ඇමැතිතුමාය. එතුමා සෞඛ්‍ය ඇමැති ලෙස හදුන්වන්නේ එම අංශයේ කාරනා කටයුතූ බලා රටට උමරිම සේවයක් ලබා දීමට මිස, නැතහොත් යමි සිදුවීමක් සුදුවූවිට ^මම නොදනී^ කීමට නොව. නමුත් අපේ රටේ සියලු දෙනා එක සැරෙ\ම රෝගීවී මලත්, ඇමැතිතිවරැ පවසන්නේ ^මම දන්නෑ^ මිස එහි වගකීම නෙ‍ාගනී.
මෙය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයහි පමනක් නොව සෑම අංශයකම දක්නට ඇති කරැනකි.

නාමල් උඩලමත්ත said...

අනේ එහෙම කියන්න එපා. එතුමට ලෝකයේ සෞඛ්‍ය ගැන හොයන්න තියෙනවනේ. ඉතින් පොඩි පොඩි අතපසුවීම් වෙනවා තමයි. දැන් එතුමට ජනතාවගේ සෞඛ්‍ය ගැන තබා තමන්ගේ සෞඛ්‍ය ගැනවත් හොයන්න වේලාවක් නැති පාටයි. දැක්කා නේද හැටි, කෙට්ටුවට කෙට්ටුවේ.

Narada said...

නාමල් මාමේ, හොඳ වෙලාවට කාලයකට පස්සේ වෙනස් කතාවක් අහන්න ලැබුණේ. කොහොම වුණත් සෞඛ්‍ය ඇමතිතුමාට එසේ සමාව දෙන්න බැහැනේ. රටේ විසදිය හැකි ප්‍රශ්ණ විසදන්න බැරිව ලෝකයේ ප්‍රශ්ණ විසදන්න යන එක විහිළුවක් නේද? ඇත්තටම අපේ තිබෙන ප්‍රශ්ණ විසදන්න ඉතියෝපියාවේ සාගත දරුවන්ට බෙහෙත් දෙන්නට කටයුතු කරනවාට වඩා ලේසි නොවැ. ඔවා දෙනු පරහට තමන් සම්මතයෙ පිහිටනු කියන්නේ මෙව්වාට නෙමේද මාමේ?

 
සිය රට දේ සිරි සැප දේ !