Sunday, April 26, 2009

විශිෂ්ට ජයග්‍රහණයක්

බස්නාහිර පළාත් සභා මැතිවරණය ද විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය දේශපාලන ජයග්‍රහණ පිළිබඳ වාර්තාව අලුත් කර තිබේ. නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, මධ්‍යම හා වයඹ යන සියලු පළාත් සභා මැතිවරණවලදී මෙන්ම බස්නාහිර පළාත් සභාව ද අති විශිෂ්ට ලෙස ජය ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව සිටියි.

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ධුර 104 න් ධුර 68 ක්ම හිමිකරගත් සන්ධානය වාර්තාගත ජයග්‍රහණයක් ලබා තිබෙන බව දේශපාලන විචාරකයන්ගේ ද මතය වී තිබේ. සැබැවින්ම බස්නාහිර පළාතෙන් එ. ජා. ප. ය ලැබු මුළු ඡන්ද සංඛ්‍යාවටත් වඩා ප්‍රමාණයක් සිය වැඩි ඡන්ද ලෙස ලබා ගැනීමට ද සන්ධානය සමත්වු බව පෙනේ.

අද මේ රටේ පවතින විකෘති ඡන්ද ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ මහජන මතය මංකොල්ලකෑම සඳහා බව අපගේ විශ්වාසයයි. ආසන මටිටමෙන් පැරුදී මනාප උප්පරවැටිටියෙන් තේරී පත්වන මෙම විකෘති ක්‍රමය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම දේශපාලන සදාචාරයටද බරපතල හානි සිදු කර තිබේ. මුදල් යහමින් තිබෙන ශුර චෞරයෝද, චරිත ශුද්ධියක් නැති අමනයෝද මේ ක්‍රමයෙන් අප්‍රමාණ වාසි ලබති. එසේම මේ ඡන්ද ක්‍රමය අනුව බහුතර බලයක් කිසි පකෂයකට හිමි නොවන බවද කියති. එහෙත් බස්නාහිර ප්‍රතිඵලය ඒ මතය ද බිඳ දමා තිබේ. සන්ධානයට ඉතා පිරිසිදු බලයක් හිමිව තිබෙන අතර තුනෙන් දෙකේ බහුතරයකට අඩුවී ඇත්තේ එකම අසුනක් බවද කියති.

කෙසේ හෝ මෙම ඡන්ද ප්‍රතිඵලය නිසා එ. ජා. ප. ය මෙන්ම ජ. වි. පෙ. ද නන්නත්තාර වී ඇති බවද කිව යුතුය. මහින්ද රාජපකෂ රජයට විරුද්ධව නඟන ලද චෝදනා මෙන්ම විවේචනද ජනතාව එතරම් ගණනකට ගෙන නැති බව මේ ප්‍රතිඵලය තහවුරු කරයි. අප විසින් ද නිරන්තරයෙන්ම සඳහන් කරන ලද පරිදි ජනාධිපතිවරයා මේ රට එක්සේසත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ බස්නාහිර ජනතාව ද අනුමත කර තිබේ.

යුද ජයග්‍රහණ විකුණාගෙන කන බවට රජයට ඉදිරිපත් වු ප්‍රබල විවේචනය අමතක කර එම යුද ජයග්‍රහණය සඳහා රට මෙහෙයවු ජනාධිපතිවරයාට සිය ප්‍රසාදය පළ කිරීමට බස්නාහිර ජනතාව ද කෘතවේදී වු බව අපගේ විශ්වාසයයි. දේශපාලනය කිරීමටත්, වාදවිවාද කිරීමටත් රටක්, නොබෙදුණු රටක්, නිදහස් රටක් අවශ්‍ය බව අපගේද අවධාරණය විය. බස්නාහිරෙන්ද එය අනුමත කර තිබේ.

මේ ජයග්‍රහණය තවත් අතකින්ද වැදගත් වේ. එනම් පුදුමාතලන්හි බංකරයක හිරවී සිටින වේළුපිල්ලේ ප්‍රභාකරන් හා එහිම ඔලුගෙඩි හංගාගෙන වෙව්ලමින් සිටින ඉතිරි මෘගයන් බේරා ගැනීම සඳහා ජාත්‍යන්තරව සිදුවන දුෂ්ට කුමන්ත්‍රණ හා අශිෂ්ට මෙහෙයුම් පරාජය කිරීමටද මෙම ජයග්‍රහණයෙන් ලැබෙන ශක්තිය හේතු වේ. මොන කරුමයකට හෝ මෙම ජයග්‍රහණය වෙනස් වී නම් එය ප්‍රභාකරන් බේරා ගැනීමට ද හොඳ තුරුම්පුවක් වනු නිසැකය.

දැන් බටහිර නඩයද උන්ගේ සටිටඹියන් වී සිටින රාජ්‍ය නොවන සංවිධානවල වෘකයෝද අන්ද මන්දව සිටිති. මේ ප්‍රතිඵලය ඔවුන් දුර්මුඛ කරවන්නකි. මේ රටේ බහුතර ජනතාව ප්‍රභාකරන්ට යළි ජීවිතය දීමට සුදානම් නැති බව මේ ප්‍රතිඵලය යළිත් තහවුරු කරයි. මේ රට බෙදීම වෙනුවට රට එක්සේසත් කිරීම යන්න බහුතර ජනතාවගේ මතය වී තිබේ.

එල්. ටී. ටී. ඊ. සංවිධානයට පොදු සමාවක් දිය යුතුය යන ඉල්ලීමක්ද සම සභාපතිවරුන් වෙතින් මේ වන විට ඉදිරිපත්ව තිබේ. මේ සම සභාපතිවරුන් කියන්නේ ප්‍රභාකරන්ට සමාව දීම බව අපගේ තේරුම් ගැනීමයි. එහෙත් එබඳු ඉල්ලීමකට සාධාරණ පදනමක් නැත. ප්‍රභාකරන් තවමත් කරන්නේ ඝාතනය බව මේ කාරුණික මහත්වරුන්ට නොපෙනේද? එසේම පුදුමාතලන්හි ජනතාව කොටි කටින් ගලවාගෙන ඔවුන්ගේ නිදහස තහවුරු කිරීමේ රජයේ මානුෂික මෙහෙයුමද මෙම සම සභාපතිවරුන්ට පෙනී යා යුතුය.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු එක් කරුණක් ද ඇත. එනම් මේ ඡන්ද සටන් නිසා දෙදෙනකුගේම ජීවිත අහිමිවී යෑමේ කනගාටුදායක සිදුවීම්ය. විජයග්‍රහණයේ ජයපැන් බොමින් සිටින අය අතර ඊට වගකිවයුත්තෝද සිටිත්දැයි අපි නො දනිමු. කුමක් වුවත් ඒවා දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා බව අපි කියමු.

රජයේ, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ අවධානය ඒ සඳහා ද යොමු විය යුතුය. මැතිවරණය සාමකාමීව සිදුවු බව කීවත් මේ අවාසනාවන්ත සිදුවීම් මින් මතු කිසිම දිනක සිදු විය යුතු නැති බවද අපි අවධාරණය කරන්නෙමු. එසේම මෙම ජයග්‍රහණයේ සතුට කිසිවකුට පීඩාවක් හිරිහැරයක් නොවන පරිදි සාමකාමීව භුක්ති විඳීම ජයග්‍රාහකයන්ගේ වගකීම බවද අපි මතක් කරමු.

(දිවයින_09/04/27)

පසුවදන_මේ ජයග්‍රහනයේ නිහතමානීව සමරමු. කොළඹින් සන්ධානය පැරදුනු ආසන ඉතිහාසය පුරා දිනුවේ එජාපය බව සැබෑය. මෙවර ද එජාපය දිනුවේ අතීතය හා සසඳන කල අඩු වැඩි ඡන්ද ගණනකින් බව ද සැබෑය. එහෙත් එම පරාජයට හේතු වූ සාධක පිළිබඳ සොයා බැලීම වැදගත් ය.

මර ඇඳේ පණ අදින කොටියාට හුස්ම පොදක් දීමට සටන් විරාමවලට යන්නැයි ද ඌට තෙවන පාර්ශවයකට යටත් වන්නට ඉඩදෙන්නැයි ද කියන කුහක හාමුලාට බින් ලාඩන් සමග ඒ වර්ගයේ ගනුදෙනුවක් කර, අප දෙස බලන්නැයි ඉල්ලා සිටිමු.

සාඩම්බර නිමේෂය

මේ සැබැවින්ම ශ්‍රී ලංකාව සිය ඓතිහාසික නිදහස් සටනේ විජයග්‍රහණයෙන් ප්‍රමුදිතව සිටින සාඩම්බර නිමේෂයයි. එය නිසැකයෙන්ම 1948 දී අප ලද නිදහසට වඩා අතිශයින්ම තීරණාත්මක ද අභියෝගාත්මක ද වුවකි. ඒ නිදහස් සටන වෙනුවෙන් දිවි පිදු අපගේ රණවිරුවන්ට හිස නමා ආචාර කරන අතරම ඒ උදෙසා ජීවිතවලින් වන්දි ගෙවු මේ රටෙි විවිධ ජන කොටස් පිළිබඳව ද අපි මෙවේලෙහි සිහිපත් කරන්නෙමු.

මේ විජයග්‍රහණය හුදු ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක් හා එහි ෆැසිස්ටිවාදී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් හා ඔහුගේ දුෂ්ට ඊළාම් අරමුණ පරාජය කිරීමක් පමණක් ම නොවේ. එකී දෘෂ්‍යමානයට යටින් විජාතික බලවේග, සංස්කෘතික ආක්‍රමණ මෙන්ම බෙදුම්වාදය වටා කේන්ද්‍රගත වු අධිරාජ්‍යවාදය ද අපි පරාජය කර ඇත්තෙමු.

වසර දෙදහස් ගණනක සංස්කෘතික උරුමය සමග ජාතික නිදහස වළ දමා අප යටත් කර ගැනීමට කොටි ත්‍රස්තවාදය සමග එක්වු ජාත්‍යන්තර බලවේග පසුබැස්වීමට ද අපට හැකි වී තිබේ. ඊළාම් තුඹස තුළ සැඟව සිටි ඊනියා අධිරාජ්‍යවාදී විෂ ඝෝර සර්පයන් විසින් එකී ඓතිහාසික සටනේදී අප නසන්නට මුදාහරින ලද විෂ ප්‍රමාණය ද මෙතෙකැයි කිව නොහැක.

දසක තුනක් ඉක්ම වු ඒ සටනෙහි තීරණාත්මක හෝරාව උදා වන්නේ මහින්ද රාජපකෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමගය. බටහිර අධිරාජ්‍යවාදයේ මළකඩවලින් පිරුණු දේශපාලන විකට රූප අධිරාජ්‍යවාදය සමග තිබුණු වහල් මානසික බැමි සිඳලමින් මහින්ද රාජපකෂ යුගය නිදහස් අරගල මාවතට යොමු වු අයුරු විග්‍රහ කිරීමට අපි නොවෙහෙසෙමු.

එදා මාවිල්ආරු සොරොව්ව වසා ප්‍රභාකරන් කළ සංග්‍රාම ඇරඹුම සමඟ දියත් වු මානුෂික මෙහෙයුම මේ සා විජයග්‍රාහී ලෙස පෙරට ඇදෙන්නක් බව බටහිරයන් තබා උන්ගේ හුරතලය බවට පත්ව සිටි ප්‍රභාකරන් පවා නොසිතුවේය. විධායක ජනාධිපතිවරයා පුටුවට තබා බැඳ තිබුණු සටන් විරාම ගිවිසුම ඉරා දැමු මහින්ද රාජපකෂ රජය ඒ ඊනියා පක්ෂග්‍රාහී ලියැවිල්ලෙන් මුවා කළ ජාතික නිදහස උදෙසා අභීතව නැඟී සිටිද්දී බටහිර නග්න වෘකයෝ ද තැති ගත්හ.

ප්‍රභාකරන්ගේ ඕනෑම ෆැසිස්ටිවාදී ක්‍රියාවක් සාධාරණීකරණය කළ බටහිර නඩය සමග බඩ බැඳගත් රාජ්‍ය නොවන සංවිධානවල ද්‍රෝහියෝ ද සටන් මග නිදා ගැනීම හැර අන් හැම දෙයක්ම කරන්නට වුහ. යළි සටන් විරාමයකට යා යුතු බවටත් දේශපාලන විසඳුමක් අප්‍රමාදව ඉදිරිපත් කළ යුතු බවටත් ගද්‍රභ ඝෝෂාවක් ද නැඟුණි. ගාසා තීරයේ මෙන්ම ඇෆ්ඝනිස්තානයේ හා ඉරාකයේ මිනීකඳු මතින් පැමිණි බටහිර ගැති පරයෝ උතුරු නැඟෙනහිර මළ කඳන් ගණන් කරන්නට ද වුහ.

මුලික මිනිස් අයිතිවාසිකම් හා මානව හිමිකම් යනු එල්. ටී. ටී. ඊ.යට පමණක් හිමි වු වරප්‍රසාදයක් බව ඔවුන්ගේ අශිෂ්ට මැදිහත්වීම්වලින් කෙතරම් තහවුරු වුවද ලෝක ජනමතය හා බලමතය ලංකාවට එරෙහි විය. ලෝක බෞද්ධයන්ගේම මුදුන් මල්කඩ සේ වන්දනාවට පාත්‍ර වු ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට හා ශ්‍රී දළදා වහන්සේට එල්ල වු ප්‍රහාර ද අරන්තලාවේ භිකෂු ඝාතනය ද සාමාන්‍ය සරල සිදුවීම් ලෙස අමතක කළ අමනයෝ උන්ගේ අමන සංවිධානවල මහ උන්ද සමග ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡයන් ඝාතනය වු විට මළ ගෙවල්වල යෑමට තරම් අලජ්ජී වුහ. එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ද වරක් කොටි ම්ලේච්ඡයකු වෙනුවෙන් හැඬුම් ආ අයුරු ද අපට මතකය.

මාවිල්ආරුවලින් ඇරඹී පුදුමාතලන් දක්වා විහිදී ගිය මෙහෙයුම් ගලන ගඟක් සේ ඇදෙද්දී ඇතැම් බටහිර බලවතුන්ගේ ඉවසීම ද බිඳිණි. සටන් විරාමය හා සාම සාකච්ඡා නමැති වහන්තරාවලින් වසා තිබුණු උතුර නැගෙනහිර දවසින් දවස නිරාවරණය වෙද්දී නිරුවත් වී ගිය ඊනියා ජගත් සංවිධානවල බලවතුන්ට සිදු වුයේ දෑතින් විලි වසා ගන්නටය. පෝෂ්‍යදායී ආහාර, බෙහෙත්, වෙනත් අඩුම කුඩුම ද නවීන යුද අවි මෙන්ම උතුරේ අහිංසක ජනතාවට ලබා දුන් සහනාධාර හා සියලු සංවර්ධන ආධාරද වන්නියේ ගොඩනැඟිලිවලින් පමණක් නොව පොළොව යටින් ද මතු විය. බෝම්බ කම්හල්, වෙඩි බෙහෙත් කන්ටේනර් මෙන්ම සන්නිවේදන තාකෂණයේ නවීන පහසුකම් ද කොටින්ට ගලා ආ අයුරු ද රටටම ආවරණය විය.

ප්‍රභාකරන් ඇතුළු ඉහළම කොටි නායකයන්ගේ කාමභෝගී ජීවිත රිද්මය මෙන්ම ඔවුන්ගේ සුපිරි මහල් පෙළින් වට වු වන උයන්, පලතුරු උයන්, විවේකාගාර ආදිය පිළිබඳ විස්මිත තොරතුරු ද හෙළි විය. වන්නියේ අහිංසක දෙමළ ජනතාවගේ දරුවන්ගේ කරට සයනයිඩ් කරල් පළඳනා ලෙස එක් වෙද්දී ඊනියා දෙමළ නායක ප්‍රභාකරන්ගේ ද්වාරකා දියණියගේ ගෙලට මුතු පබළු ද රන් හා මැණික් ද වැටී තිබිණි. ඒ දෙමළ දරුවන්ගේ පාසල යුද සරඹ සඳහා වෙන් කර දුන් ප්‍රභාකරන් සිය දියණියට බටහිර සුපිරි සරසවියක සිප් සතර ලබාදී තිබිණි. සිංහල දෙමළ මුස්ලිම් දරුවන් පමණක් නොව මවු කුස තුළ නොවැඩුණු දරුවන්ද කුස ඉරා ඝාතනය කළ ප්‍රභාකරන් සිය දරුවන් සමග උපන් දින සාද මැද සිනාසුණු අයුරු ද සාකෂි සහිතවම අනාවරණය විය.

ඊළාම් ඉනා ගුලිය ගිල්වා මොළ සෝදා අහිංසක තරුණියන් මිනිස් බෝම්බ බවට පත් කිරීමට තරම් ප්‍රභාකරන් සූකෂ්ම විය. එක්සත් ජාතීන්ගේ ළමයින් පිළිබඳ සංවිධානයට හැකි වුයේ ප්‍රභාකරන්ගේ ළමා හමුදාවල අසම්පුර්ණ සංඛ්‍යා ලේඛන එකතු කිරීමට පමණි. එහෙත් බටහිර හෝ මෙරටේ කිසිම බලධාරියකුගේ කටක් ඒ කිසිවකට එරෙහිව නො ඇරීම කෙබඳු විස්මයක්ද?

ප්‍රභාකරන් දවසින් දවස ඔහුගේම මිනීවළ දෙසට තල්ලු වෙද්දී බටහිර පමණක් නොව තමිල්නාඩුව ද රත් විය. පස්ස දා පිළිස්සී ගිය සුනඛයන් සේ දෙමළ සන්ධානයේ මහත්වරුද ඉන්දියාවට දිව ගියහ. තමිල්නාඩුව ද කුලප්පු වු ගොන් තඩියකු සේ හැසිරුණි. ඇතැම් තානාපතිවරු ද උම්බෑ කීහ. අහිංසක දෙමළ සාමාන්‍ය ජනතාව ගැන හිසේ අත් ගසා ගෙන වැළපෙන්නට ද වුහ. ප්‍රභාකරන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඔහුගේ ආරකෂ පළිහ බවට පත් වු ඒ ජනතාව ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට ද වුහ. ඔවුන්ට නිදහසේ යුද මුක්ත කලාපයට එන්නට ඉඩ හරින්නැයි කරන ලද කිසිදු ඉල්ලීමකට ප්‍රභාකරන් අවනත වුයේ ද නැත. එහෙත් ආරකෂක හමුදා සියුම්ව සැලසුම් කර ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමක් දියත් කළේය.

මාවිල්ආරු සොරොව්වෙන් ගලා ගිය ජල කඳ සේම පුදුමාතලන්හි සිට මහා ජන ගඟක් ගලා එන්නට ද විය. මේ සියල්ලෝම පාහේ තිස් වසරක ශාපලත් යුද්ධයට අසාධාරණ ලෙස වන්දි ගෙවු අය බවට සැක නැත. අවසන් මොහොතේ සිය ඊනියා ගැලවුම්කාරයා වෙනුවෙන් දිවි පුදන්නට නියම වුවෝය. එහෙත් ඒ දෛවෝපගත ඉරණම වෙනස් කර නිදහසේ අරුණලු දකින්නට තරම් වාසනාවක් ඔවුන්ට ඉතිරි වී තිබිණි.

මෙසේ නිදහසේ පැමිණි අයට රජය සත්කාර කළ අයුරු ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ප්‍රභාකරන්ගේ දඩ බල්ලන්ගෙන් වෙඩි ප්‍රහාර විඳ ගත් අයට බෙහෙත් ගල්වා සුවපත් කළ අතර ඔවුන්ට ආහාර, වස්ත්‍ර ඇතුළු දේවල් ද ලබා දීමට රජය පියවර ගෙන තිබිණි. හමුදාවල මනුෂ්‍යත්වය පිළිබඳ අපුර්ව සාකෂි ද මෙහිදී අපට ලැබිණි. සිය ආහාර වේල ඔවුන්ට පිදු අය කොතරම් ද? ගැබිනි මවුවරුන්ගේ වැදුම් ගෙවල් බවට ද හමුදා කඳවුරු පත්විය. එහෙත් මානව හිමිකම් පිළිබඳ උජාරු කතා ඇද බාන්නෝ මේ කිසිවක් නොදුටුහ.

ඊළාම්වාදයේ පරමල් පෙති ප්‍රභාකරන්ගේ මිනීවළ මත අතුරන තෙක් දෙමළ ජනතාවට පමණක් නොව පෙර දිග ලෝකයේ මුතු ඇටය ද කඳුළු විලක් බව අභීතව රටට කීමට තරම් "දිවයින"ට ශක්තියක් තිබුණු වග ද මෙවේලේ අප නිහතමානීව සඳහන් කළ යුතු වන්නෙමු. සිංහලකම, බෞද්ධකම නොමැනවැයි වැපුරුණු ව්‍යාජ මතවාදයක ගල්වී සිටි කුහකයන්ට පහර දෙමින් මතු නොව ඔවුන් නිරුවත් කරමින් ද මේ ජාතික සටනේ ගිනි පුපුරු දැල්වු අපට ලැබුණු අවමන් ගැරහුම් මහමෙර තරම් විය. ජාතිවාදී හංවඩුව ගසා අපට පරිභව කළ ඊනියා පඬිවරු ද කුහක සරසවි ඇදුරෝ ද ද්‍රෝහී දේශපාලන රූකඩයෝ ද වුහ. අපගේ ඇතැම් මාධ්‍ය සගයෝ ද අපට විවිධ අවලාද නැඟුහ. අප ආයුධ වෙළෙන්දන් යැයි ද චෝදනා කළහ. යුද්ධය අපේ ජීවන මාර්ගය යැයි ද බිණුහ. එහෙත් අප කිසිදිනක ත්‍රස්තවාදයට මිස දෙමළ ජනතාවට විරුද්ධ නොවීමු. සිංහල දෙමළ මුස්ලිම් සමගිය අපි හදවතින්ම අපේකෂා කළෙමු.

එදා "සුදු නෙළුම්" ව්‍යාපාර දියත් වෙද්දීත් තවලම් ඇදෙද්දීත් "දිවයින" හා අප සහෝදර "අයිලන්ඩ්" පත්‍රය ද කීවේ ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්තවාදය විනාශ කළ යුතු බවය. ඔහුගේ භාෂාව ඝාතනය බවත් ඔහුගේ ආගම විනාශය බවත් අපි සෘජුවම කීවෙමු. සකල විධ මාධ්‍ය ඔස්සේ ප්‍රභාකරන් මහත්මයකු විය. මිස්ට ප්‍රභාකරන් දුෂ්ට ම්ලේච්ඡයකු වුයේ අපට පමණි. ප්‍රභාකරන්ගේ ජන ඝාතක නායකයන්ට මචං කීමට තරම් නිවට රාජ්‍ය නිලධාරීහු ද එකල වුහ.

ජේ. ආර්. ගේ සිට ප්‍රේමදාස ජනාධිපතිවරයා ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ද ප්‍රභාකරන් පිනවුවා මිස වැනසීමට ගත් පියවරක් ද නැත. ත්‍රස්තවාදයට ඉඩ නොදිය යුතුය යන හඬ නැඟු රාජ්‍ය නායකයකු ලෙස ඩී. බී. විජේතුංග ගැන සඳහන් කළ යුතුය. රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුම පිළිබඳ උදන් අනනු ඇසෙයි. ප්‍රභාකරන්ගේ දෑත් ශක්තිමත් කළ දේශපාලනඥයන් පිළිබඳ කෙරෙන චෝදනා ද බොහෝ ය. ඒවා අනාගතයේදී තහවුරු කිරීමට හෝ නිෂ්ප්‍රභ කිරීමට හෝ අවකාශ ලැබෙනු ඇත. එහෙත් ත්‍රස්තවාදයට එරෙහිව අභීතව, අදීනව, හඬනැඟු රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපකෂ මහතාට ලැබෙන කීර්තිය ඉතිහාසයෙන් මකා දමන්නට කිසිවකුට නොහැකි වන බව ද අප මතක් කළ යුතුය.

ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ අධිෂ්ඨානය මල්පල ගන්වමින් ශ්‍රී ලංකා හමුදා මෙහෙයවමින් ලොවම මවිතයට පත් කළ ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතාට ද ජාතියේ ගෞරවය හිමි වනු ඇත. බටහිර බලවතුන්ගේ සෘජු හා වක්‍ර බලපෑම්, තර්ජන, ගර්ජන මැද සිය ජාතික වගකීම ඉටු කිරීමේ අධිෂ්ඨානශීලී ශක්තිය මහින්ද රාජපකෂ නමැති රාජ්‍ය නායකයා නොවන්නට ඊළාම් සටනේ වීරයා කිසි දිනක නොමියන බව ද අපි දනිමු. මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ප්‍රංශය සමග බටහිර පෝළිම වාගේ ලංකාවට එරෙහිව ගොරවද්දීත් ඔරවද්දීත් ඒ කිසිවක් තඹයකට මායිම් නොකළ මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ශක්තිය හා බලය වුයේ වරප්‍රසාද සහිත බටහිර ගැති පැලැන්තිය නොව මේ රටේ පොදු ජනතාව බව ද අප සඳහන් කළ යුතුමය.

ජාතිය ජයමගට යොමු කිරීමට "දිවයින" නිවසින් ලද අනුග්‍රහය, අනුබලය දුබල නො වුයේ ද ඒ මග සුමග සේ පිළිගත් හිමිවරුන්, විද්වතුන්, ප්‍රභුවරුන් හා වෙනත් විවිධ ජන කොටස් නිසා බව ද කීමට අපි කෘතවේදී වන්නෙමු. අප ලියු හැම වැකියකම ඉඳහිට ලියු කවියකම ජාතික අභිමානය ද ජාතික හා සංස්කෘතික උරුමයේ විශිෂ්ටත්වය ද ඔසවා තබන්නට දිරි දුන් සියලු ජනතාවට ද අපි හිස නමා ආචාර කරන්නෙමු.

මේ දෙස මේ රුස අන් කිසි දෙසකට අන් කිසි රුසකට යට වනු දකින්නට ද අපි රිසි නොවීමු. මතුවට ද රිසි නොවන්නෙමු එසේම මේ රට සිය රට සේ සිතන මේ ලක් මව සිය මව සේ හදවතින්ම පිළිගන්නා සියලු මිනිස් වර්ගයාටම ඔවුන්ගේ ජාතික සංස්කෘතික අනන්‍යතාව නොනසා අප සමග හිස කෙළින් තබා සිටිය හැකි බව ද අපි නිර්භයව කියන්නෙමු. එවන් නිවහල් දේශයක එකම දැයක් ලෙස බැඳී, සැදී, පැහැදී අප වසනා මෙ රත්නදීප ජන්ම භුමිය පෙරදිග මුතු ඇටය බවට පත් කර ගැනීම අපගේ පරම පැතුම බව ද ලියා තබන්නෙමු.
(දිවයින_09/04/26)

පසුවදන_ත්‍රස්තවාදයට ජනමාධ්‍ය විමුක්ති සළු පළඳවන විට සත්‍ය වෙනුවෙන් දශක ගණනාවක් හුදෙකලාව සටන් කළ දිවයිනට අපි අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරමු. මේ සටනට අප ද වචනයකින් වුව සහය වූයේ නම් එහි ගෞරවය ද දිවයිනට හිමි ය. අප තුළ යටපත් ව පැවැති දෑ අබිමන් හැඟුම් පුබුදු කළේ දිවයින ය.

මේ ත්‍රස්තවාදය කෙළවර වනවාට නැතිනම් සිය ආදායම් මාර්ගයක් වැසී යනවාට සුද්දා කැමැති නැත. නොබෝදා තලීබාන් කැරලිකරුවන්ට එරෙහිව දැඩි පියවර නොගන්නේ යයි පකිස්ථාන රජයට දොස් පවරන ඇමරිකාව නොබෝ වේලාවකින් ලංකාව දෙසට හැරී කොටි සමග සටන් විරාමයකට යන්නැයි කියන්නේ එහෙයිනි. ඇෆ්ගනිස්ථානයේ ඉරාකයේ මිනී කඳු ගැසූ ගහලයින් මෙරට සිවිල් ජනතාව ගැන කිඹුල් කඳලු හෙලන්නේ එහෙයිනි. ඉඩ ලද සැනින් රජයේ පාලනය වෙත පළා එන ද්‍රවිඩ ජනතාවට වෙඩි තබන කොටි හපුවන් උන්ට නොපෙනෙන්නේ එහෙයිනි. මේ යථාර්ථය තේරුම් නොගත් උන් තවමත් මේ රටේ ම සිටින කල එහි ඇති අරුමය කිමදැයි ඔබ ඇසුවොත් මා කුමක් කියම් ද?

Friday, April 24, 2009

මේ වෘකයන්ට තවදුරටත් ඉඩ නොදෙමු

හොස්ස මෙන්ම පස්ස ද බිම ඇනුණු කොටින්ට දැන් හරිහැටි හුස්ම ගන්නට ද නොහැකි ය. නමුත් තවමත් උන්ට වලිගය වනන්නට හැකියාව තිබේ. මේ ආකාරයට වනන වලිගය දෙපරැන්දේ ගසා ගත් කොටි නකුටන් රැලක් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට ඔන්න මෙන්න කියා තිබිය දී නෝර්වේ රටේ ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළහ.
තවමත් නෝර්වේ පොලිසියට එම ප්‍රහාරය එල්ල කළවුන් කිසිවෙක් අල්ලා ගන්නට හැකි වී නැත. ඒ අනුව බලන කල නෝර්වේ පොලිසිය ද අපේ පොලිසියට දෙවැනි නැත.

ජාත්‍යන්තර කොටි ජාලයේ හොරිකඩයන් නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පහර දී නිකම්ම ආපසු ගියේ නැත. උන් කළේ එම ප්‍රහාරය එල්ල කරන ආකාරය වීඩියෝ ගත කර අන්තර්ජාලය මගින් වහාම ලොව පුරා ප්‍රචාරය කරන්නට කටයුතු කිරීම ය. ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි එම වීඩියෝ දර්ශනවල මැනවින් සටහන්ව තිබේ. නමුත් ඒ කිසිවකුත් හඳුනා ගන්නට නෝර්වේ පොලිසියට හැකි වී නැත. නෝර්වේ පොලිසියේ කෙරුවාවේ තරම එයින්ම පැහැදිලි වෙයි.

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා තිබෙන්නේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි ගොඩනැගිල්ලක පස්වැනි මහලේ ය. ඊට පහළින් තිබෙන දෙවැනි මහලේ එරට කසකස්තාන තානාපති කාර්යාලය ද පිහිටා තිබේ. එපමණක් නොවේ. තවත් කාර්යාල පරිශ්‍රයන් ගණනාවක් ද අදාළ ගොඩනැගිල්ල තුළ පිහිටා ඇත. මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වූයේ එවන් සංකීර්ණයක පිහිටි කාර්යාලයකට ය. කිසි විටෙකත් එය හුදෙකලා පර්‍හයූමක් නොවන්නේ ද එනිසා ය.

නෝර්වේ රාජ්‍යය පසුගිය වකවානුව මුළුල්ලේම කළේ ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර අර්බුදයට මැදි වූ දෙපාර්ශ්වය වෙනුවෙන් පහසුකම් සලසන්නාගේ භූමිකාව රඟ දැක්වීම ය. සැබැවින්ම ඊට මුවා වී ඔවුන් කළේ කොටි ත්‍රස්තවාදයට පමණක් පහසුකම් සැලසීම ය. තවත් ලෙසකින් කියන්නේ නම් වංචාකාරී අතරමැදියකුගේ භූමිකාවට පණ පෙවීම ය. ඒ අනුව ඔවුන් කළේ අමු අමුවේම කොටි ත්‍රස්තවාදීන්ට කඩේ යෑම ය.

නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිදැල්ලේ ගොස් පහර දෙන්නට තරම් ජවයක් කොටි නකුටන්ට ලැබුණේ නෝර්වේ රටේ මේ කොටි හිතවාදය නිසාය. මේ සිද්ධිය හරහා නෝර්වේ සාම නියෝජිතයන්ගේ කෙරුවාවේ තරම ඔවුන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන්නට පටන්ගෙන තිබේ. මේ සියල්ල එකින් එක විමසා බලන විට අප හමුවේ ඊළඟට දිග හැරෙන්නේ කලකට පෙර රඟ දැක්වුණු නෝර්වේ සටන් විරාම නිරීක්ෂකයන්ගේ රූකඩ සංදර්ශනයන් ය. ඒ තරමටම ඔවුහු අපව අන්දවමින් ඇති පමණට කොටින්ට කඩේ ගියහ. තවමත් නිර්ලජ්ජිතව කරන්නේ ද ඒ ටිකම ය. ඉදින් අපි තවදුරටත් මුන්ට රැවටෙමුද?


තමන්ගේ රට තුළ පිහිටි විදේශ තානාපති කාර්යාලයන් සුරක්ෂිත කිරීමේ වගකීම නෝර්වේ රටට පමණක් නොව ලොව අන් සියලුම රටවලට ද එක හා සමානව පැවරී ඇත. එම වගකීම නොසලකා හැර විදේශ තානාපති කාර්යාලයකට අනතුරක් සිදු වූ විට ශෝක ප්‍රකාශ නිකුත් කිරීමෙන් පළක් ඇත්තේ නැත.
මේ ආකාරයටම නෝර්වේ කොටි නකුටන් එරට අග්‍රාමාත්‍ය කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළේ නම් නෝර්වේ රජයට මේ ආකාරයෙන් ශෝක ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් සෑහීමට පත් විය හැකි දැයි අසන්නට අපි කැමැත්තෙමු. ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නෝර්වේ පොලිසිය දැඩි රැකවරණය සපයා ඇති බව ද එරට රජය කියයි. නෝර්වේ ආණ්ඩුව ඒ කර ඇත්තේ අශ්වයාට පැන යන්නට ඉඩ දී ඉස්තාලය වසා දැමීම ය.

මෙම සිද්ධියට පෙරාතුව ඔස්ලෝ කොටි නකුටන් කළේ එහි වාහන ගමනාගමනයට පවා බාධා එල්ල කරමින් එරටේ අග්‍රාමාත්‍ය කාර්යාලය වටලා උද්ඝෝෂණය කිරීමය. ඊළඟට ඔවුහු එරට අගමැතිවරයාගේ නිල නිවාසය ද වටලා උද්ඝෝෂණයක නිරත වූහ. මේ ක්‍රියාදාමයන් සියල්ල නීති විරෝධී බව පැවසූ ඔස්ලෝ පොලිසිය ඊට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත. නෝර්වේ පොලිසියෙන් එබඳු සහායක් ලැබෙදදී කොටි හිතවාදීන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පමණක් නැවතුණා නම් එය පුදුමයෙනුත් පුදුමයකි.

මේ සියල්ල විශ්ලේෂණය කර බලන විට පෙනෙන්නේ ඔස්ලෝ නුවර කොටි හිතවාදීන්ට මේ ප්‍රහාරය සඳහා නෝර්වේ රාජ්‍යයේ ද අනියම් සහයෝගයක් මෙන් ම පූර්ණ අනුග්‍රහය ද ලැබී ඇති බව ය. ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය මරණාසන්නව පණ අදිදදී නෝර්වේ රාජ්‍යය කොටි හිතවාදීන්ට උඩගෙඩි දෙමින් උන්ට ජීව වායුව පිඹින්නට ගන්නා උත්සාහයට ත්‍රස්තවාදයට එරෙහි ලොව සියලු ම රටවල දැඩි විරෝධය එල්ල විය යුතු ම ය. ලෝක ත්‍රස්තවාදය මඬින්නට නම් ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී කොටින්ට ආවඩන බැටළු හම් පොරවා ගත් වෘකයන්ට එරෙහිව ද නොපමාව ක්‍රියා කළ යුතු කාලය එළැඹ තිබේ.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ අහිංසක වැසියන්ගේ, වීරෝදාර රණවිරුවන්ගේ ජීවිත සිය දහස් ගණනක් බිලි ගනිමින් මේ රටෙන් කෑල්ලක් කඩා වෙන් කර ගන්නට අපරිමිත වෙහෙසක් ගත් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ඡ මස් වැද්දා දණ ගැස්වීම ඉවසා වදාරන්නට නොහැකි තරමට නෝර්වේ රට සලිත වී ඇති බව ඔවුන්ගේ හැසිරීමෙන් ඇස් පනාපිටම ඔප්පු වී තිබේ.

මේ වගකීම් විරහිත හැසිරීමෙන් තවදුරටත් නෝර්වේ රාජ්‍යයට නිදහස් විය නොහැකි ය. තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඔවුන් අඟවන ව්‍යාජ කණස්සල්ල පිළිගන්නට අප සූදානම් විය යුතු නැත. ඒ අප කොණ්ඩය බැදි චීන්නුන් නොවන නිසා ය. මෙතුවක් කලකට කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් “පහසුකම් සැලසූ” නෝර්වේ රාජ්‍යයේ ව්‍යාජ මිත්‍රත්වය තවදුරටත් ශ්‍රී ලංකාවට අවැසි වේ යැයි අපි නො සිතමු. ඒ නොදන්නා සතුරාට වඩා දන්නා හතුරාගෙන් බේරීම පහසු නිසා ය. එබැවින් නෝර්වේ භූමිකාව පිළිබඳව ශ්‍රී ලංකා රජය මේ මොහොතේදීවත් පැහැදිලි සෘජු දැඩි තීන්දුවක් ගත යුතු ම බව අපි සියලු වගකිව යුත්තන් වෙත මෙසේ යළි යළිත් අවධාරණය කර සිටිමු.
(රිවිර_09/04/19)

පසුවදන_නෝර්වේ යනු අපේ රටේ සතුරු රාජ්‍යයක් බව අපි පුනපුනා කීවෙමු. එදා පටන් අද දක්වා සිදුවූ සියලු දේ ඒ කාරණය දහස් වතාවක් නිවැරදි බව සනාථ කර තිබේ. ලොව පුරා විවිධ අරගල සිය ආදායම් මාර්ගය කරගත් නෝර්වේ ලොව තෙවන විශාලතම ආයුධ නිෂ්පාදකයා ය. එම ආයුධ විකිණීමට නම් ලොව පුරා ගැටුම් නිර්මාණය කළ යුතු ය. පවතින ගැටුම් නිමාවීමේ ඉඩ ඇහිරිය යුතු ය. ඒ සඳහා නෝර්වේ නැමැති වෘකයා සාමයේ බැටළු සම් පොරවා ගෙන ලොව පුරා සැරිසරයි. මේ නරුම දෙබිඩි සත්වයා දැන්වත් හදුනාගනිමු. මෙරටින් පන්නා දමමු. එය රටේ අනාගත සුරක්ෂිතභාවය සඳහා තබන බුද්ධිමත් පියවරක් වනු ඇත.

Thursday, April 23, 2009

බස්නාහිර සහ පුදුමාතලන්

බස්නාහිර පළාත් සභා ඡන්දයේදී දූෂිතයන්ට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමසාරිස්තුමා ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙය තනිකර ම ඡන්දය කඩාකප්පල් වන ඉල්ලීමකි. මන්ද දූෂිතයන් පැත්තකට දමා යහපත් මිනිසුන්ට පමණක් ඡන්දය දීමට ඡන්දදායකයන් උත්සාහ කළොත් බස්නාහිර පළාත් සභාවට අවශ්‍ය සාමාජිකයන්ගෙන් අඩක්වත් සපයා ගැනීමට හැකි වන්නේ නැත. මෙවර පළාත් සභා මැතිවරණයේදී ඉතා ම නරක පූර්වාදර්ශයන් සැපයුවේ බස්නාහිර පළාත් සභාවයි. ලේ වැගිරීම් ඇතුළු නොයෙකුත් නරක ක්‍රියා මෙහිදී සිදු විය. එහෙයින් ඡන්දය හෙට (25 දා) වැනි දිනයකට යෙදී තිබියදී මැතිවරණ කොමසාරිස්තුමා දුන් උපදෙස් ඡන්දදායකයා අතරමං කරවන සුළු ය.

රජයේ නිලධාරීන් මෙසේ නිර්භීත ලෙස කතා කරන්නට පටන් ගෙන තිබීමෙන් පෙනීයන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු වෙමින් පවත්නා බවයි. රටේ ඒ ඒ අංශවල ප්‍රධානීන් කොඳු කෙළින් තබාගෙන කටයුතු කිරීමට පටන් ගෙන ඇත. ජනාධිපති මහින්ද රාජපකෂ කිසිදු විදේශික බලවේගයකට නො නැවී නියම සේනාධිනායකයකු ලෙස යුද්ධයට නායකත්වය දෙයි. ත්‍රිවිධ හමුදාපතිවරු ඒ ආදර්ශය අනුව යමින් ජ්‍යෙෂ්ඨත්වයට නොව හැකියාවට තැන දෙමින් තරුණ යුද ප්‍රධානීන් ලවා යුද්ධය කරවයි. ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉතා වැඩි එහෙත් වැඩක් කර ගැනීමට නොහැකි අය කොළඹ සීත කාමරවලට ගාල් කර පරිපාලන කටයුතුවල යොදවා තිබේ.

මෙයින් කාරණා දෙකක් සිදුවේ. පළමු කොට යුද්ධය හරියට ක්‍රියාත්මක වෙයි. දෙවනුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ආත්ම ගෞරවය බේරෙයි. මෙවැනි යුද්ධයක් කිරීමට කොන්ද පණ ඇති ජන නායකයකු අත්‍යාවශ්‍ය ය. ණය නොදී සිටීමේ තර්ජන, සහනාධාර කපාහැරීමේ තර්ජන, සාම හමුදා එවා නිල නොවන මටිටමින් රට ආක්‍රමණය කිරීමේ තර්ජන යනාදිය කනකට නො ගෙන එන ඕනෑම දෙයක් භාර ගැනීමට සුදානමක් ඒ නායකයා තුළ තිබිය යුතු ය. ජනාධිපති මහින්ද රාජපකෂට ඒ සියලු ගුණාංග තිබිණ. ඊළඟට රටේ අගවිනිසුරුතුමා ඉතා නිර්භීත ලෙස යුක්තිය පසිඳලන්නට පටන් ගත්තේ ය. ඒ බව දුටු සෙසු විනිසුරුවන් ධනයට හෝ බලයට යට නොවී කුඩුවට දැමිය යුතු එකා කුඩුවට දැම්මේ ය. නිදහස් කළ යුතු අහිංසකයන් නිදහස් කළේ ය. මේ සියල්ල ම යහපාලනයේ පරමාදර්ශ වෙති. මුල යහපත් නම් අග දක්වා වු සියලු දේ ක්‍රමයෙන් යහපත් වීමට පටන් ගන්නේ ය. අතරමඟ ඇති නරක දේ ඉබේට ම හැලී පොළවට පස් වන්නේ ය.

බස්නාහිර පළාත ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින පළාතයි. හොඳ මිනිසුන් මෙන් ම හොරු ද, මංකොල්ලකාරයෝ ද, කුඩු වෙළෙන්දෝ ද, සටන්කරුවෝ ද මේ ඡන්දයට ඉදිරිපත් වුහ. එකම පකෂයේ අය මනාප වෙනුවෙන් මිනී මරා ගත්හ. මෙය "මගේ ප්‍රදේශය" ලෙස වෙන් කරගත් එකිනෙකා තමාගේ ම පකෂයේ කෙනකු එම ප්‍රදේශයෙන් මනාපයක් ලබාගැනීමට තැත් කළ විට කඩු පොලු ගෙන ඉදිරියට ආහ. සමහර අපේකෂකයන්ගේ පකෂ කාර්යාල සුරකෂිතව තිබුණේ දවසක් හෝ දෙකක් පමණි. තුන්වැනි දවසේදී කාර්යාලය එසේම තිබියදී අපේකෂකයාගේ බෝඩ් ලෑල්ල ගලවා විසි කළ වෙනත් අපේකෂකයෙක් එතැන පදිංචියට පැමිණි අවස්ථා තිබේ. මෙකී පුර්වාදර්ශවලට අනුව හෙට ඡන්දය පැවැත්වෙන විට බස්නාහිර පළාත සහ පුදුමාතලන් අතර වෙනසක් ඇති නො වනවා ඇත. එහෙත් එසේ නොවේවා! දකුණු පළාත සහ ඌව පළාත යන දෙකේ ද පළාත් සභා මැතිවරණ දෙකක් පැවැත්වීමට ඉතිරිව තිබේ. ඒවා යහපත් වනු ඇත්තේ මේවා යහපත් වන විට ය.

(දිවයින_09/04/24)

පසුවදන_මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රකාශය සත්‍යයෙකි. එහෙත් ඡන්දදායකයාට හොඳ මිනිසුන් තෝරා ඡන්දය දීමට අවස්ථාවක් නැත. මන්ද අපේක්ෂකයින් තෝරන්නේ පක්ෂ විසිනි. මෙයින් බොහෝ දෙනා ඊට අවැසි අවම චර්යාවන් වත් ප්‍රකට නොකරති. ඒ නිසා ජනතාවට මේ අයහපත් අය අතරින් අඩු ම අයහපත් අය තෝරාගත හැකි ය. එහිදී ඔවුන් මේ රටට ආදරය කරන මිනිසුන් වීම අනීවාර්ය විය යුතු ය.

තම පක්ෂය හොඳ මිනිසුන් සිටින පක්ෂය නිසා මැතිවරණ කොමසාරිස්තුමාගේ කීම පිළිගෙන තමන්ට ඡන්දය දිය යුතු යයි සෝමවංශ අමරසිංහ මහතා පවසා තිබේ. මේ රටේ ජනතාව තරුණියගේ පිරිසුදුකම පමණක් පතා අවාහා විවාහ කරන යුගය අවසන් වී ඇති බව එතුමාට 26 වැනිදා අවබෝධ වනු ඇත. ඉස්සර කතාවට කීවේ කොළඹ කොල පාට බව ය. එහෙත් දොන් ජුවාන් වික්‍රමසිංහලාට සහ මැදවච්චි කිලිනොච්චි කරුණානායකටලාට පිං සිදුවන්නට මෙවරත් කොලඹ නිල් පැහැ වනු ඇත.

වසර තිහකට පසු ඒකීය රටක පැවැත්වෙන මේ මැතිවරණයේදී රජය මෙතෙක් ගෙන ගිය ක්‍රියාමාර්ග පිළිබඳ නාගරික ජනතාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත. ඒ දෙස බලා රජයට සිය අඩුපාඩු සකසා ගත හැකි ය. බස්නාහිර මැතිවරණයට පෙර හෝ ඒ අතරතුර අපේ වීරෝදාර හමුදාවෝ ත්‍රස්ත ග්‍රහනයේ ඇති රටේ ඉතිරි බිම් කඩ ද ජනසතු කරනු ඇත. ඒ සඳහා සිංහ හමුදාවට සිංහ නායකත්වයක් සැපයූ දේශපාලන නායකත්වය වෙනුවෙන් බස්නාහිර ජනතාව හෙට සිය යුතුකම ඉටු කරනු ඇත.

Tuesday, April 21, 2009

මා ජ.වි.පෙ.ට ගැසීම සහ ජ.වි.පෙ. මට ගැසීම!

නීච ක්‍රමවේදයන් හරහා පැවැත්වීමට යන බව පෙනේ. මෙවර පළාත් සභා මැතිවරණ වටයේ මෙතෙක් පැවැති නරකම පුර්වාදර්ශය බස්නාහිර පළාතේ පුර්ව මැතිවරණ ක්‍රියාවලිය බව කියමු. පහරදීම්, මිනීමැරීම් ඇතුළු දුෂ්ට ක්‍රියා රාශියක් මෙහිදී සිදු විය. කසකරුවන්ගේ තත්ත්වය මෙය නම් පෙරහැරේ තත්ත්වය ඉතා දරුණු වීමට ඉඩ තිබේ. අලි කුලප්පු වී, නැටිටුවන් පෑගී, ගිනි බෝල ගැලවී, වෙර පැලී ඇති විය හැකි විපත්තිය ඊළඟට පෙරහැර කිරීමට බලාපොරොත්තු වන අය ද තුෂ්නිම්භුත කරවීමට ඉඩ තිබේ. ජාතික මැතිවරණ නිරීකෂණ මධ්‍යස්ථානය පෙරේදා (20 දා) නිකුත් කළ නිවේදනයකට අනුව එදින දක්වා සිදු වු මැතිවරණ නීති උල්ලංඝනයන් සංඛ්‍යාව 90 කි. පොලිසියට පැමිණිලි රුසක් ලැබී ඇත. බඩු අයිතිකාරයා මෙන්ම හොරා ද පැමිණිලි කළ අවස්ථා තිබිණ. මෙරට පළාත් සභා ඉතිහාසයේ කළු පැල්ලම 1999 වසරේ වයඹදී පැවැති පළාත් සභා ඡන්දයයි. එහිදී පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළ අතර එසේ ජය ගත් පො.එ.පෙ. මන්ත්‍රීවරයෙක් විරුද්ධ පකෂය වු එ.ජා.ප.යේ ආධාරකාරියක නිරුවත් කර මහ මඟ ඇවිද්දවුවා ය. මේ මන්ත්‍රීතුමා අදත් හිරබත් කයි. නීතිය කාටත් එක හා සමාන බව නුතන අධිකරණය මගින් පෙන්වා දී තිබේ. එය ජනතාවට සහනයකි.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ජාතික නිදහස් පෙරමුණේ මැර පිරිසක් යැයි කියන කණ්ඩායමක් වෙතින් මරණයට පත්වීම, එම මරණයෙන් සති දෙකක් ඉක්ම ගොස් තිබියදීත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීම (සැකකරුවන් පොලිසිය මඟ හැරීම හෝ පොලිසිය සැකකරුවන් මඟ හැරීම යන දෙකෙන් එකක් මෙහිදී සිදු වී තිබේ.) එක්සත් ජනතා නිදහස් සන්ධානයේම අපේකෂකයන් එකිනෙකාට පහත් ලෙස මඩ ගසා ගැනීම ජ.වි.පෙ. ආධාරකරුවන් තම වාහනය වටකරගෙන පහර දුන් බව ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ පවසන අතර එය අමුලික බොරුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් පැවැසීම වැනි කාරණා අතර මෙවර බස්නාහිර පළාත් සභා ඡන්ද සමය දෝලනය වෙමින් පවතී. මනාප පොරය විසින් මේ නීච තත්ත්වය ඇති කරනු ලැබ තිබේ. එකම පකෂයේ අය අඬු පටලවා ගත් ගෝනුස්සන් අඬු කැඩෙනතුරු සටන අත් නො හරින සේ මනාපකාරයෝ එකකුගේ අන්ඩක් කැඩෙනතුරු ඌ අත් නොහරිති. මේ ජරාජීර්ණ ක්‍රමය හඳුන්වා දීමේ (අ) ගෞරවය සාමාන්‍යයෙන් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට පුද කෙරේ. එහෙත් එතුමා හඳුන්වා දුන් විධායක ජනාධිපති බලතල, අනුපාත ඡන්ද ක්‍රමය යනාදියෙන් ඉවත් වීමට කාටවත් වුවමනා නැත. එක් අතකින් ගත් කල විධායක ජනාධිපති ක්‍රමයෙන් ඉවත් නොවීමට මෙරට කිසිදු රාජ්‍ය නායකයකු කැමැති නො වන්නේ මේ රට දේශපාලන වශයෙන් භේද භින්න වී ඇති ප්‍රමාණය සලකා බැලීමෙන් පසු ශක්තිමත් පාලනයක් පවත්වාගෙන යෑමට සුදුසු එකම ක්‍රමය විධායක ක්‍රමය නිසා විය යුතු ය. විධායක ක්‍රමය කෙසේ වෙතත් මනාප ක්‍රමයෙන් නම් රට නිදහස් විය යුතු ය. නැතහොත් මතු යම් දිනයක එළඹෙන මහා මැතිවරණයකදී කා කොටා ගන්නා අපේකෂකයන් සියලු දෙනා මරණයට පත්ව ඡන්දය දවසේදී ඡන්දය වෙනුවට ඔවුන්ගේ අවසන් කටයුතු පැවැත්වීමට සිදුවනවා ඇත.
(දිවයින_09/04/22)

පසුවදන_පවතින ඡන්ද ක්‍රමය මිනිසුන් නොමිනුසුන් කරන්නකි. මනාප පොරය විසින් මිනිසා සහ තිරිසනා අතර ඇති අවම වෙනස්කම් ද අකාමකා දමා තිබේ. ජවිපෙ සහ ජනිපෙ අතර ඇත්තේ මතවාදී වෙනසක් පමණක් බව දෙපිරිස ම අවබෝධ කරගත යුතව තිබේ. එහෙත් ඉතිහාසය පුරා ජවිපෙ සිය කැඩී ගිය සමාජිකයින්ට සලකා ඇත්තේ පරම හතුරන් ලෙස ය. එය නිකැලැල් දේශපාලනයක් කරතැයි ජනතාව තවමත් විශ්වාස කරන ජවිපෙට තරම් නොවේ. ජනිපෙ තවමත් ළදරු පක්ෂයක් ලෙස ජවිපෙ ඇති යහගුණය රැගෙන දුර්ගුණ අතැර සිය දේශපාලන ගමන්මග සකසා ගැනීමට ක්‍රියා කළ යුතු ය.

Monday, April 20, 2009

ඇමෙරිකාවට වුවමනා ප්‍රභාකරන් බේරා ගැනීමද? දෙමළ ජනතාව බේරා ගැනීමද?

කොටි හිතවාදීන් පළමුව ප්‍රකාශ කර සිටියේ මෙරට ආරකෂක හමුදාවන්ට වන්නියෙන් බිම් අඟලක් හෝ අල්ලා ගත නොහැකි බවය. නමුත් මෙරට ආරකෂක හමුදාවන් කොටි බල බිඳිමින් ඉදිරියට ඇදෙන විට කොටි හිතවාදීන් දෙවනුව ප්‍රකාශ කර සිටියේ ඔක්තෝබර් මස ඇදහැලෙන ඊසාන දිග මෝසම් වැසි සමයේදී මෙරට ආරකෂක හමුදාවන් වන්නියේදී විනාශ වන බවයි. නමුත් ආරකෂක හමුදාවන් ඊසානදිග මෝසම් වැසි සමයේදී කරවටක් වතුරේ ගිලී වුවද කොටි ත්‍රස්තවාදය ජයගන්නා විට, ඊළඟට කොටි හිතවාදීන් ප්‍රකාශ කර සිටියේ ප්‍රභාකරන් බලන් ඉන්නේ, කල් ගන්නේ ඔබාමා බලයට එනතෙක් බවයි. ඔබාමා බලයට පත්වී මාස කිහිපයක් ගතවී ගියත් කොටි ත්‍රස්තයන් රැකීම සඳහා එළිපිට කිසිදු පියවරක් නොගත් ඔබාමා දැන් සටන් විරාමයක් ඇති කරගන්නා ලෙසත් නැතිනම් බිලියන 1.9 ක ණය මුදල ලබාගැනීමට බාධාවන ලෙස බලපෑම් කරන බවත් ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුව විසින් පැය 48 ක කාලයක් සඳහා මෙහෙයුම් නවතාලුයේ යුද මුක්ත කලාපය තුළ කොටි සංවිධානය විසින් සිරකරගෙන සිටින දෙමළ ජනතාවට ඉන් පිටවීමට අවස්ථාව ලබාදීම සඳහාය. නමුත් එම කාලය තුළදී දෙමළ ජනතාවට යුද මුක්ත කලාපයෙන් පිටවී යෑමට කොටි සංවිධානය විසින් අවස්ථාව ලබා දුන්නේ නැත. තත්ත්වය එසේ තිබියදී විවිධ රාජ්‍යයන් සහ ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන තවදුරටත් ආණ්ඩුව වෙත බලපෑම් කරමින් සිටින්නේ යුද මුක්ත කලාපය තුළ තවදුරටත් සිරවී සිටින ජනතාවට ඉන් පිටවීම සඳහා මෙහෙයුම් නවත්වා කාලය ලබාදිය යුතු බවයි. මෙම බලපෑම් සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පසුගිය 18 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති ජනහමුවකදී ප්‍රකාශ කොට ඇත්තේ තමාට බලපෑම් කිරීම නවතා හැකි නම් ජනතාවට පිටවී යෑම සඳහා පැයක කාලයක් ලබාදෙන ලෙස ප්‍රභාකරන්ට හා කොටි සංවිධානයට බලපෑම් කරන ලෙසයි.

ඉහතින් සඳහන් කර ඇති ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ඊට පසුබිම් වී ඇති හේතු සාධකත් ගෙන බැලු කල මේ මොහොත වන විට යුද මුක්ත කලාපය තුළ කොටු වී සිටින දෙමළ ජනතාව පදනම් කරගනිමින් උද්ගත වී ඇති තත්ත්වය මනාව පැහැදිලි වේ. මෙහිදී අප පළමුවෙන්ම සලකා බැලිය යුත්තේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඒ සඳහා පැය 48 ක කාලසීමාවක් ලබාදී තිබුණු බවය. එහෙත් ඒ කාලය සැබැවින්ම සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජන ගත නොහැකි වී තිබේ. එසේ වුයේ ප්‍රභාකරන්ගෙන් එයට එල්ල වු බාධාවය. ඔහුගේ කුරිරු හමුදා එම ප්‍රදේශයෙන් එන ජනතාවට වෙඩි තැබීම් ඇතුළු විවිධ බියවැද්දීම් කරද්දී එබඳු කාලසීමා ලබා දීමේ අර්ථයක් තිබේද යන්න පළමුව සොයා බැලිය යුතුය.

යුද මුක්ත කලාපයේ සිට පලාවිත් 58 වැනි සේනාංකයට බාර වු දෙමළ වැසියන්ට අනුව ද එම බාධා කිරීම් සනාථ වී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව නොව දෙමළ වැසියාගේ ප්‍රකාශය අනුවම ප්‍රකාශ කළ හැක්කේ යුද මුක්ත කලාපය තුළ ප්‍රභාකරන් විසින් සිර කරගෙන සිටින ජනතාවට පිට වී යෑමට ඔහු ඉඩ නොදෙන බවය. එනිසා කාලයක් ලබාදුන්නත් දෙමළ ජනතාවට ඉන් පිටවී යෑමට අවස්ථාව නොලැබෙනු ස්ථිරය.

යුද මුක්ත කලාපය තුළ සිරවී සිටින ජනතාව සම්බන්ධ යථාර්ථය එය නම් ආණ්ඩුව විසින් සිය මානුෂික මෙහෙයුම් තවදුරටත් නවතාලීමෙන් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද?

මේ මොහොත වන විටත් හමුදාව නියමුවන් රහිත ගුවන් යානා මගින් ලබාගන්නා ඡායාරුප සහ තොරතුරු මගින් යුද මුක්ත කලාපය තුළ සිදුවන්නේ කුමක්ද යන්න නිරීකෂණය කරමින් සිටී. එම නිරීකෂණයන් මගින් කොටි ත්‍රස්තවාදීන් යුද මුක්ත කලාපය තුළ සමහර ප්‍රදේශ ආවරණය වන ලෙස පස් බැමිවලින් වේලි බඳින බවත් සිවිල් ජනතාව ඔවුන්ගේ ස්ථිර පදිංචි ස්ථානවලින් ඉවත් කර උපක්‍රමික වශයෙන් වැදගත් වෙනත් ස්ථානවල රඳවා සිටින බවත් තහවුරු වී තිබේ.

කොටි සංවිධානය මෙලෙස කටයුතු කරන්නේ දෙමළ ජනතාවට එම ප්‍රදේශයෙන් පිටවී යෑමට ඉඩ දීමට නොව තවදුරටත් සිරකර තබාගෙන ඔවුන් පලිහක් ලෙස යොදාගෙන රජයේ හමුදාවන්ට මුහුණදීම සඳහාය. ගතවන සෑම මොහොතකම සිදුවන්නේ කොටි ත්‍රස්තවාදීන් තවදුරටත් තම ආරකෂක විධිවිධාන තරකර ගැනීම පමණි. ආණ්ඩුව ඒ බව ප්‍රකාශ කළත් ඒ පිළිබඳ විශ්වාසය නොතබන විදේශයන් මෙන්ම දේශීය හා විදේශීය සංවිධාන තවදුරටත් ආණ්ඩුව වෙත එල්ල කරන බලපෑම වැඩි කර ඇත. ඇමෙරිකාවට හෝ බටහිර රටවලට අවශ්‍ය නම් යුද මුක්ත කලාපය තුළ සිදුවන්නේ කුමක්ද යන්න ඔවුනගේ ඔත්තු බලන චන්ද්‍රිකා යොදාගෙන නිවැරදිව දැනගත හැක. (එම කටයුත්ත මේ මොහොත වන විටත් සිදුවනවා ඇත.) නමුත් එලෙස කටයුතු නොකර ලංකාවට බලපෑම් කරන රටවල සහ සංවිධානවල අරමුණ අප තේරුම් ගත යුත්තේ කෙසේද?

ආණ්ඩුවට බලපෑම් කරන පාර්ශ්වයන් දෙමළ ජනතාවට පිටවී යෑමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙස ප්‍රකාශ කළත් කොටි සංවිධානයේ ස්ථාවරය වී ඇත්තේ මෙම අවස්ථාවේ ස්ථිර සටන් විරාමයක් ඇති කරගත යුතු බවයි. දෙමළ ජනතාවට කිසිසේත්ම යුදමුක්ත කලාපයෙන් පිටවී යෑමට නොහැකි වන සේ ඔවුන් රඳවා ගැනීම අද කොටින්ට වුවමනා වී තිබේ. ඒ අනුව හමුදා මෙහෙයුම් නතර කිරීම යනු යළිත් කොටින්ට හුස්ම ගැනීමට ඉඩ දීමකි. මෙම ප්‍රශ්නය තේරුම් නොයෑමට ජගත් සංවිධාන උනන්දු නොවන්නේ ඇයි?

තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකා රජය වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට නොඑළඹෙන්නේ නම් රජය අපේකෂා කරන ඩොලර් මිලියන 1.9 ක ණය මුදල නිකුත් කිරීම වළක්වන බව ඇමරිකාව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව ඉකුත් 20 වැනිදා "දිවයින" පුවත්පත වාර්තා කර තිබුණි. ඇමෙරිකාවේ අපේකෂාව දෙමළ ජනතාව මුදාගැනීම නම් ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති ආකාරයට කොටි සංවිධානයට බලපෑම් නොකර, ස්ථිර සටන් විරාමයක් සඳහා ආණ්ඩුවට බලපෑම් කරන්නේ කුමක් සඳහාද?

කොටි හිතවාදීන් පළමුව ප්‍රකාශ කර සිටියේ මෙරට ආරකෂක හමුදාවන්ට වන්නියෙන් බිම් අඟලක් හෝ අල්ලා ගත නොහැකි බවය. නමුත් මෙරට ආරකෂක හමුදාවන් කොටි බල බිඳිමින් ඉදිරියට ඇදෙන විට කොටි හිතවාදීන් දෙවනුව ප්‍රකාශ කර සිටියේ ඔක්තෝබර් මස ඇදහැලෙන ඊසාන දිග මෝසම් වැසි සමයේදී මෙරට ආරකෂක හමුදාවන් වන්නියේදී විනාශ වන බවයි. නමුත් ආරකෂක හමුදාවන් ඊසානදිග මෝසම් වැසි සමයේදී කරවටක් වතුරේ ගිලී වුවද කොටි ත්‍රස්තවාදය ජයගන්නා විට, ඊළඟට කොටි හිතවාදීන් ප්‍රකාශ කොට සිටියේ ප්‍රභාකරන් බලන් ඉන්නේ, කල් ගන්නේ ඔබාමා බලයට එනතෙක් බවයි. ඔබාමා බලයට පත්වී මාස කිහිපයක් ගතවී ගියත් කොටි ත්‍රස්තයන් රුකීම සඳහා එළිපිට කිසිදු පියවරක් නොගත් ඔබාමා දැන් සටන් විරාමයක් ඇති කරගන්නා ලෙසත් නැතිනම් බිලියන 1.9 ක ණය මුදල ලබාගැනීමට බාධාවන ලෙස බලපෑම් කරන බවත් ප්‍රකාශ කොට ඇත. අතීතයේදීත් විනාශයේ මුඛයට ගිය කොටියා දිවි රුකගත්තේ සටන් විරාමයේ පිහිටෙනි. මේ අවස්ථාවේදීත් කොටියාට සටන් විරාමයක් අවශ්‍ය වී ඇත්තේ විනාශයෙන් ගැලවීම සඳහා මිස සිවිල් ජනතාව මුදාහැරීම සඳහා නොවේ. මෙම තත්ත්වය තුළ ඇමරිකාව ප්‍රමුඛ සියලු බලවේග ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිද්දෙන් සිවිල් ජනතාවට පිටවී යෑම සඳහා පැයක කාලයක් ලබාදෙන ලෙස කොටි සංවිධානයට බලපෑම් නොකර සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා බලපෑම් කිරීම අප තේරුම් ගන්නේ කෙසේද? එය ප්‍රභාකරන් සඳහන් කළ පරිදිම ප්‍රභාකරන් බලා සිටියේ ඔබාමා බලයට එනතෙක් යන්න තහවුරු කිරීමක්ද?

කෙසේ වුවත් ඊයේ වන්නි මෙහෙයුමේ නිරත සේනාංක විසින් දියත් කරන ලද ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුම අතිශයින්ම සාර්ථක වී ඇත. ප්‍රභාකරන්ගේ හිරයෙන් මිදුණු ජනතාව නිදහසේ හමුදා ප්‍රදේශයට ආ අයුරු රුපවාහිනියෙන් රටටම දැකගත හැකි විය. ඇසට පේන සත්‍යයට වඩා ප්‍රභාකරන් වෙනුවෙන්ම පෙනී සිටින අය මේවා බලා සිටියේදැයි අපි නොදනිමු.

මෙසේ යුද මුක්ත කලාපයේ සිට පැමිණ 58 වැනි සේනාංකයට භාර වු දෙමළ වැසියා කළ ප්‍රකාශ මේ සටන් විරාම අයැදින අය විසින් සලකා බැලීම වටී. වන්නියේ සිදුවන දේ හරිහැටි නොදැන ප්‍රභාකරන් වෙනුවෙන් කහින සියල්ලෝම දෙමළ ජනතාවගේ ද්‍රෝහීහු නොවෙත්ද? අපට හැඟී යන පරිදි ප්‍රභාකරන් මෙන්ම ඇමෙරිකාවද ලැජ්ජා නැති ලෙස මේ සිවිල් ජනතාවට මුවාවීමට වෑයම් කරයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ත්‍රස්තවාදියාට එරෙහිව ඝෝෂා කරමින් ත්‍රස්තවාදය සුරකින පිළිවෙතක් අනුගමනය කිරීම ගැන අපි සංවේගයට පත්වෙමු. එසේම ලංකාවේ වන්නියේ සිවිල් ජනතාව වෙනුවෙන් හඬන ඇමෙරිකාව, ගාසා තීරයේ සිදුවන ප්‍රහාර හා ඉරාකයේ ඇමෙරිකන් හමුදා ප්‍රහාර නිසා විඳවන ජනතාව ගැන කියන්නේ කුමක්ද? මහත්වරුනි, මානව හිතවාදයටත් මුහුණු දෙකක් තිබේද? ප්‍රමිතීන් දෙකක් තිබේද?
එරික් ගාමිණී ජිනප්‍රිය
(දිවයින_09/04/21)

පසුවදන_බුෂ්ගේ තකතීරු පාලනය තිත්ත වී සිටි ලෝක ජනතාව ඔබාමාගේ ජයග්‍රහණය සමග උදම්වූයේ වඩා යහපත් දිශාවක් වෙත ඔහු ලෝකය රැගෙන යතැයි අපේක්ෂාවෙනි. එහෙත් අද ඒ පැතුම් සුන් වී යමින් පවති. ඔබාමා ද ලෝකයට බරක් වෙමින් පවති. ඔහු ද කළු සමැති සුදු අධිරාජ්‍යවාදියෙකු පමණි. ඉරාකය ඇෆ්ගනිස්ථානය විනාශ කළ ඊශ්‍රායලයට පලස්තීන ජනතාව අපායට ඇදගෙන යාමට උදව්දෙන ඇමරිකාව ත්‍රස්තවාදීන් ලෙස සලකන්නේ තලීබාන් අල්කයිඩා වැනි ඔවුන්ගේ සතුරන් පමණි. අපේ සතුරන් ඔවුන්ට ත්‍රස්තවාදීන් නොවේ. ඔවුහු විමුක්තිකාමීහු ය. ඇමරිකාවේ මේ තුච්ඡ නින්දිත දෙබිඩි පිළිවෙත හෙළාදැකිය යුතු ය. අවසාන ත්‍රස්තවාදීයාත් මව්බිමෙන් අතුගා දමන තුරු ඒ සටන ආරක්ෂා කළ යුතු ය. ඒ වෙනුවෙන් සියලු දේශප්‍රෙමී ශ්‍රී ලාංකිකයින් ඒකරාශි විය යුතු ය.

Sunday, April 19, 2009

නෝර්වේ රටේ භුමිකාව

අවුරුදු සමයේ ජාත්‍යන්තරව සිදුවු එක් ප්‍රධාන සිද්ධියක් වුයේ නෝර්වේ, ඔස්ලෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් පිරිසක් කඩාවැදී මුළු කාර්යාලයම කුඩුපටිටම් කර දැමීමය. මේ ප්‍රහාරයත් සමගම ශ්‍රී ලංකා රජයද ජනවාර්ගික ගැටුමේ මැදිහත්කරුවකු ලෙස නෝර්වේ රාජ්‍ය ගෙනගිය කාර්යභාරය අවසන් කරන ලදී. මේ සිද්ධීන් නිසා නෝර්වේ රටත් ලංකාවත් අතර සම්බන්ධතාව ඉතා පහත් අඩියකට වැටී ඇත. නෝර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලාංකීය ගැටුමේ මැදිහත්කරුවකු ලෙස පැමිණි මුල් අවස්ථාවේ සිටම කරන ලද ප්‍රධානම වරද වුයේ ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයටම අපකෂපාතී මැදිහත්කරුවකු ලෙස පෙනී සිටීමට නොහැකි වීමයි. සිංහල ප්‍රජාවට නෝර්වේ රට මුල සිටම දිස්වුයේ කොටි හිතවාදී, ඊළාම් ව්‍යාපෘතියේ ප්‍රධාන විදේශීය ආධාරකරුවා ලෙසය. ඔස්ලෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එල්ලවු කොටි ප්‍රහාරය සමග ඇති වී තිබෙන නව තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපති තෝර් හැටිරම් සමග පිළිසඳරක යෙදීමට අවස්ථාව උදාවිය. එහිදී සාකච්ඡා වු දෑ සැකවින් මෙසේය.

ප්‍රශ්නය - ඔස්ලෝ නුවර ප්‍රහාරයත් සමගම ලංකාවත් නෝර්වේ රාජ්‍යයත් අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාව අන්තිම අඩියට වැටී තිබෙනවා.

පිළිතුර - නෝර්වේ හා ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා ඇති වුයේ ලංකාවට නිදහස ලැබීමත් සමගයි. 1960 ගණන්වල අවසානයේදී සිට නෝර්වේ රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලැබිණි. දෙරටේ සම්බන්ධතාවන්වල උච්ඡාවචනයන් තිබිලා තියෙනවා. නමුත් මේ සිද්ධිය නිසා දෙරටේ සම්බන්ධතාව පහත්ම අඩියට වැටී තිබෙනවා යැයි මම පිළිගන්නේ නැහැ. මිතුරන් අතර ඇතැම්විට ප්‍රශ්න හටගන්නවා. නමුත් ඒවා විසඳන්න පුළුවන් ප්‍රශ්න. මේ සිද්ධියත් එවන් අවස්ථාවක්.

ප්‍රශ්නය - තානාපති කාර්යාලයට එල්ලවු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔස්ලෝ නුවර බලධාරීන් මෙතෙක් ගෙන තිබෙන පියවර මොනවාද?

පිළිතුර - අප ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැන කතා කිරීමට පෙර මා ප්‍රථමයෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙනුත් අප කොතරම් දුක්වනවාද, කොතරම් කනගාටු වනවාද කියා පවසන්න ඕනෑ. මේ සිද්ධිය සිදුවු විගස මට ඔස්ලෝ නුවරින් දැනුම්දීමක් කරනු ලැබුවා. මම එවෙලේම ලංකාවේ විදේශීය ලේකම්වරයාට කතා කොට සිද්ධිය පිළිබඳ මගේ කනගාටුවත් එය හෙළා දකිමින් නෝර්වීජියානු රජය කළ ප්‍රකාශය ද දැනුම් දුන්නා. නෝර්වේ විදේශ ඇමැති මේ සිද්ධිය හෙළා දැකලා තියෙනවා. අපේ ඇමැතිවරයා විසින් ඒ බව ඔස්ලෝ නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාටත් දැනුම්දී තිබෙනවා. මේ ප්‍රහාරය වැළැක්වීමට නෝර්වීජියානු පොලිසියට නොහැකි වීම ගැන අපි කනගාටු වෙනවා. වියනා සම්මුතියට අනුව විදේශීය තානාපති කාර්යාල ආරකෂා කිරීම අපගේ වගකීමයි. මේ අවස්ථාවේදී ඒ වගකීම, ඉටුකිරීමට අපට නොහැකිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියත් කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙතන සිදුවී තිබෙන්නේ කාර්යාලය ඉදිරිපිට දින ගණනක් උද්ඝෝෂණ කෙරිලා තියෙනවා. ඒවා බොහෝ දුරට සාමකාමීව කෙරිලා තියෙන්නෙ. නමුත් අවසානයේදී උද්ඝෝෂණකරුවන් ප්‍රචණ්ඩ වී තිබෙනවා. ආපස්සට හැරී බලන විට මෙවන් දෙයක් සිදුවීම වැළැක්වීම සඳහා ගොඩනැඟිල්ල අභියස ආරකෂාව තර කළ යුතුව තිබුණා. නෝර්වීජියානු ජාතික ආරකෂක පොලිසිය දැන් ඒ සිද්ධිය ගැන පරීකෂණ කරමින් යනවා. තානාපති කාර්යාලයට කඩාවැදුණු අය හඳුනා ගැනීමට ඔවුන් කටයුතු කරගෙන යනවා. වැඩි කාලයක් යන්න කලින් අදාළ උදවිය අත්අඩංගුවට ගැනෙනවා. ඒ අතරතුර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිදුවු අලාභය නෝර්වීජියානු රජය විසින් ගෙවනු ඇති.

ප්‍රශ්නය - මෙය පළමුවම නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක්. තවමත් මේ ගැන පරීකෂණය අවසන් වී නැති නිසා එය කළේ කවුදැයි කියා ඔබ නම් කරාවි යැයි මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් මෙය සිදුකරන ලද්දේ සුදු නෝර්වීජියානු ජාතිකයන් නොව, විදේශිකයන් පිරිසක් බව පැහැදිලියි. මේක මුළු බටහිර ලෝකය පුරාම තිබෙන වසංගතයක්, ලෝකය හැම තැනින්ම විදේශිකයන් බටහිර රටවලට ඇවිත් ඔවුනොවුන්ගේ යුද්ධ බටහිර රටවල වීදි වල සටන් කරනවා.

පිළිතුර - මේ සිද්ධිය පසුපස සිටින උද්ඝෝෂණකරුවන් සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකාවෙන් ආපු කටිටිය බව පෙනෙනවා. ඔවුන් හිර භාරයට ගැනීමට පෙර ඔවුන් කවුදැයි මට නම් කිරීමට නොහැකියි. ශ්‍රී ලංකාවෙන් නෝර්වේ රටට පැමිණ ඇති අය දැන් නෝර්වීජියානු පුරවැසියන්. ඔවුන්ට උද්ඝෝෂණය කරන්න අයිතිය තිබෙනවා. නමුත් කිසිම නෝර්වීජියානු ජාතිකයකුට ප්‍රචණ්ඩ උද්ඝෝෂණවල යෙදෙන්න අවසර දීල නෑ. නීතිය කැඩුවොත් ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනෙනවා.

ප්‍රශ්නය - නෝර්වේ රාජ්‍යය කොටි සංවිධානය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරල තියෙනවා. යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය තහනම් කිරීම ගැන සාකච්ඡා ආරම්භ කර තිබුණු අවස්ථාවේ නෝර්වීජියානු රජය මෙයට විරුද්ධව කරුණු දැක්වුවා. දැන් මේ ලැබෙන්නේ ඒවායේ ප්‍රතිඵල නොවේද?

පිළිතුර - නෝර්වේ කියන්නෙ බොහොම නීතිගරුක රටක්. ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතියෙන් අප බැඳී සිටිනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලය විවිධ රෙගුලාසි පනවා තිබෙනවා. මේවා අපි ක්‍රියාත්මක කරනවා. පොලිසියට හසුවන්නේ නැති යම් යම් ක්‍රියාකාරකම් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය අධිෂ්ඨානය අපට තිබෙනවා.

ප්‍රශ්නය - මෙවන් සිද්ධීන් අනාගතයේ සිදු නොවීමට එල්. ටී. ටී. ඊ. සංවිධානය නෝර්වේ රට තුළත් තහනම් වේද?

පිළිතුර - දැනට නෝර්වේ රජයෙන් කරන්නේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලයේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමයි. දැනට නෝර්වේ රාජ්‍ය තුළ කොටි සංවිධානය සම්බන්ධයෙන් තහනමක් නෑ. ඒ ප්‍රශ්නය අනාගතයට භාරයි. නමුත් අපරාධ හා නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් අපේ රට අනෙක් යුරෝපීය රටවලට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාය යන්න මම පිළිගන්නේ නෑ.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ රජය විසින් මැදිහත්කරුවකුගේ අවශ්‍යතාව පිටුදැක ඇති නිසා ශ්‍රී ලංකාව තුළ නෝර්වේ රාජ්‍යයේ කාර්ය භාරය කුමක් වේවිද?

පිළිතුර - 2006 ඉඳලම සාම ක්‍රියාදාමයක් කොහොමටත් තිබිල නෑ. මේ නිසා අපේ අවධානය දැන් උතුරෙ\ සිවිල් වැසියන් කෙරෙහි යොමුවෙලයි තියෙන්නෙ.

ප්‍රශ්නය - නෝර්වේ රාජ්‍යය විසින් ලෝකයේ විවිධ ප්‍රදේශවල ගැටුම්වල මැදිහත්කරුවකු ලෙස කටයුතු කර තිබෙනවා. මැදපෙරදිගත්, ලංකාවේත් සාම ක්‍රියාදාමය සාර්ථක කරන්න උත්සාහ කළත් ඒ සියල්ල වැරුදුනා. ඔබ දකින හැටියට නෝර්වේ රජයට වැරුදුනේ කොතනද?

පිළිතුර - යම් ගැටුමක් සාමකාමීව නිරාකරණය කරගැනීමට උත්සාහ දැරීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම ඇත්තේ ගැටුමට යොමුවී සිටින පාර්ශ්වකරුවන්ටයි. මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් ගත් කල පලස්තීනුවන් එක් පැත්තකින් වන අතර ඊශ්‍රායල් ජාතිකයන් අනෙක් පැත්තෙන් සිටී. පලස්තීන පාර්ශ්වය තුළ ෆතා සහ හමාස් යන පාර්ශ්ව වනවා. මෙවන් ප්‍රශ්නවලදී සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ට බලපෑම් කිරීමට පිටස්තර උදවියට ඇති හැකියාව අතිශයෝක්තියෙන් දැක්වීම කළ යුතු නැහැ. මා දකින විදියට පිටස්තර අයට අදාළ පාර්ශ්වකරුවන්ට බලපෑම් කළ හැක්කේ සීමිත ප්‍රමාණයකට පමණයි. මෙවන් ගැටුම් නිරාකරණය කිරීමේදී පිටස්තර මැදිහත්කරුවන් මත වගකීම පැටවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. නමුත් අවසාන වශයෙන් ගත් කල තීරණාත්මක සාධකය වන්නේ අදාළ පාර්ශ්වකරුවන්ය.

ප්‍රශ්නය - ගැටුමක් සාමකාමීව නිරාකරණය කිරීමේදී අදාළ පාර්ශ්වකරුවන්ට වගකීමක් තිබෙන බව ඇත්තක් වුවත් මැදිහත්කරුගේ හැකියාවන් මෙතෙන්ට අදාළ වෙනවා. ශ්‍රී ලාංකීය ගැටුම සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍ය මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ ද තමන්ගේ අපකෂපාතී බව තහවුරු කිරීමට ඔවුන්ට මුල සිටම නොහැකි වුණා.

පිළිතුර - සියලුම මනුෂ්‍යයන්ට වැරුදි සිදුවනවා. අවසාන වශයෙන් මේ ගැටුම නිරාකරණය කිරීමට අපත් එල්ටීටීඊ සංවිධානයත් ආණ්ඩුවත් කටයුතු කළ ආකාරය ගැන අවසන් තීන්දුව දෙන්නේ පිටස්තර අය විසින්. අපකෂපාතී වීමටත් සාමයේ උන්නතිය වෙනුවෙන් වැඩ කිරීමටත් අවශ්‍ය යැයි අප සිතු දේවල් අප කළා. නමුත් මේ ගැටුමේදී පකෂපාතී පාර්ශ්වයක් ලෙස අප දෙස බැලු පිරිසක් සිටින බව අප දන්නවා. මෙය ප්‍රශ්නයක් බවත් අපි පිළිගන්නවා. නමුත් මෙහිදී මට සහතික වශයෙන්ම කිව හැක්කේ අපේ ක්‍රියාකාරකම් සියල්ල සාමය ඇති කිරීමටත් ශ්‍රී ලාංකීය ජනතාවගේ උන්නතියත් පෙරදැරි කරගෙන සිදු කළ ඒවා බවයි.

මා මෙම සාකච්ඡාව සඳහා කොළඹ පිහිටි නෝර්වීජියානු තානාපති කාර්යාලයට ගිය විට එහි සිටි කිසිවෙක් ඔස්ලෝ නුවර සිදුවු දෙයට ප්‍රති ප්‍රහාරයක් හැටියට කොළඹ නෝර්වීජියානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් පසුවන බවක් පෙනෙන්නට නොතිබිණි. සියලු දෙනාම සිටියේ සැහැල්ලුවෙනි. මෙය ලංකාවේ පුරවැසියන්ගේ මුහුකුරා ගිය බව ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. ලංකාවේ වෙසෙන සිංහල ජාතිවාදී පිරිස් පවා අද හැසිරෙන්නේ සංවරයක් සහිතව බව මින් පෙනේ. දියුණු බටහිර රටක් වන නෝර්වේහි ඔස්ලෝ නුවර වෙසෙන අපගේ තානාපති නිලධාරීන් ප්‍රචණ්ඩත්වයට බියෙන් ජීවත් වන අතර නොදියුණු තුන්වැනි ලෝකයේ රටක් වන ලංකාවේ ජීවත් වන නෝර්වීජියානු තානාපති නිලධාරීන්ට කිසිදු බයක් සැකයක් නොමැතිව සාමකාමීව ජීවත්වීමට හැකිවීම නව ලංකාවේ පෙරනිමිත්තක් හැටියට ද ගණන් ගත හැක.

සී. ඒ. චනද්‍රප්‍රේම
(දිවයින_09/04/20)

පසුවදන_මේ ලිපියේ වැදගත් ම කොටස අවසන් කොටස ය. එනම් විවිධ මතදාරීන්ට සිය රටවල නොමැති නිදහසක් අද අප රටේ භුක්තිවිඳීය හැකි ය. අපේ තානාපති කාර්යාලයට පහර දුන්නැයි කියා මෙරට ජනතාව ප්‍රතිප්‍රහාර සඳහා නෝර්වේ තනාපති කාර්යාල වටලන්ට ගියේ නැත. එනම් බල්ලා අපේ පය හැපුවාට අප ඌ හපන්ට නොයාම ශිෂ්ට ගතියෙකි.

එය වඩ වඩාත් වගා කළ යුතු යහගුණයකි. එහෙත් ඒ ගුණය අපේ නිවට කමක් ලෙස සැලකිය යුතු නැත. එමෙන් ම ඒ ගුණය ආයුධයක් ලෙස සලකා ක්‍රියාකිරීමට සතුරාට ඉඩදිය යුතු ද නැත. කොටින් ම අප සිරි සඟබෝ රජතුමාට ගරු බුහුමන් කළාට දුටුගැමුණු රජතුමාට සිරිසඟබෝ කෙනෙකු වන්නැයි බල කළ යුතු නැත. ඒ ඒ චරිතයට සමාජය විසින් පැවරු වගකීමක් ඇත. ඒ වගකීම ඔහු භාරගන්නා ආකාරය අනුව ඔහුගේ චරිතය ගොඩනැගේ. ඒ ඒ සමාජ ඓතිහාසික තත්ත්වයන් තුළ අදාළ චරිත අගයනු ලැබේ. ඒ නිසා එක් සමාජ ‍ඓතිහාසික මොහොතක සිරිසඟබෝ අගයන අප තවත් සමාජ ‍ඓතිහාසික මොහොතක දුටුගැමුණු රජතුමා අගයමු.

Wednesday, April 8, 2009

සිංහල අවුරුද්ද ජාතික උත්සවයක් වන හැටි

පෙරවදන_වසර 30ට පස්සේ එක කොඩියක් යට මුළු රට ම අලුත් අවුරුද්ද සමරන මේ මොහොතේ හැමෝට ම සුබ අලුත් අවුරුද්දක් පතනවා. විවෙකයේ කියවන්න මේ ලිපිය. සම්ප්‍රදාය සංස්කෘතිය සිරිත් විරිත් ගැන අපේ රටේ ජීවත් වූ අදීන ප්‍රාඥයෙක් දැකපු විදිහ අපට අවබෝධ කරගන්න හොඳ ම අවස්ථාව මේක. අප අනාතගයේ යා යුතු මග හදුනා ගන්න මේ අදහස් සහන් එළියක් වෙනු නොඅනුමානයි.

මාර්ටින් වික්‍රමසිංහ (ක්‍රි.ව. 1890:1978) සුරීන් විසින් රචනා කරන ලද "සිංහල අවුරුද්ද ජාතික උත්සවයක් වු හැටි" නම්ඳෑවු මෙම ලිපිය 1970 වසරේ අප්‍රියෙල් මස රසවාහිනි සඟරාවේ පළ වුවකි. මෙම ලිපිය "බදාදා අතිරේකය" ට යොමු කරන ලද්දේ මහ දිසාවේ බණ්ඩාර ඇටිපොල විසිනි.

සියලු ශිෂ්ට මනුෂ්‍ය වර්ගයන්ගේ ආදිම මුතුන් මිත්තෝ වැද්දන් මෙන් ජීවත් වුහ. අනුවණකම, බොරු ඇදහිලි හා ළාමක අදහස් ද ඇසුරෙන් උපන් සිරිත් විරිත්, උත්සව වන්දනා මාන ක්‍රම ඔවුන් අතර උපන්නේය. ආදිකාලීන වැදි මිනිසුන්ගේ ළාමක හැඟීම් ඇසුරෙන් උපන් සිරිත් විරිත්, උත්සව හා වැඳුම් පිදුම් හැම ශිෂ්ට මනුෂ්‍ය වර්ගයන්ගේ සංස්කෘතීන්හිත්, ආගම්වලත් ඇත. වර්තමාන අපරදිග සංස්කෘතියෙහිත් සිංහල සංස්කෘතියෙහිත් කිතු සමයෙහිත්, බුදු සමයෙහිත් ආදි කාලීනයන්ගෙන් උරුම වු එවැනි සිරිත්, උත්සව හා වැඳුම් පිදුම්ද තවම පවතියි.

පැරුණි සිංහල ගැමි සිරිත අනුව බිම අතුරන ලද පැදුර වසාගත් සුදු රෙදි කඩ මතුයෙහි මනමාලිත් මනමාලයාත් නැගී සිටිති. විසුරුණු පොල් මල් දෙකක් ගත් පිත්තල කළ දෙකක් මතුයෙහි මැටි පහන් දෙකක් පත්තු වෙයි. පැදුරෙහි කෙළවරක කිතුල් මෝලක් ඇත. මනමාල යුවළගේ පා ඉදිරියෙහි පැදුරෙහි අතුළ සහල් සුදෙන් බැබළෙයි. ගැමියන් මනමාල යුවළ පෝරුවේ සිටුවුයේ මේ සිරිත් පැවැත්වීමෙනි. මේවා සුබ නිමිති පිළිබඳ කෙම් කිරීම් වෙයි. පැදුරෙහි සහල් වපුරනු ලැබීම මනමාල යුවළට අනාගතයෙහි සරුසාර ලෙස සහල් ලැබේවායි පැතෙන කෙමකි.

කෙම් කිරීම වනාහි කොඩිවින නමැති තිරශ්චීන විද්‍යාවෙහිම අංගයකි. මේ කොඩිවින විධි උපන්නේ ආදිකාලීන වනචාරි මනුෂ්‍යයන් අතරය. මෙකල තවමත් ම්ලේච්ඡයන් ලෙස ජීවත් වන මිනිසුන් අතර මේ කොඩිවින විධි බහුලව ඇත. මේ තිරශ්චීන විද්‍යා විධි අරබයා අවුරුදු ගණනාවක් පර්යේෂණයන් පැවැත්වු මානව විද්‍යාඥයෝ ඒ කෙම් විධි අනුකරණ මන්ත්‍ර (mimetic magic) සංක්‍රමණ මන්ත්‍ර (contagious magic) යනු විසින් දෙවර්ගයකට බෙදුහ. මේ මන්ත්‍ර විධිවල උපත නොතකා සමාජ ධර්ම විශේෂයක් ලෙස සලකන වර්තමාන මානව විද්‍යාඥයෝ ජනක මන්ත්‍ර (productive magic), ආරක්ෂක මන්ත්‍ර (protective magic), කොඩිවින (destructive magic) යනු විසින් තෙවර්ගයකට බෙදති.

මනමාල යුවළ නැගී සිටින පැදුරෙහි සහල් වැපිරීම සහල් සුලභ කෙරෙන අනුකාරක කෙමකි. සමාජ විද්‍යාව අනුව එය ජනක මන්ත්‍ර විශේෂයකි. මේ තිරශ්චීන විද්‍යා විධි අප අතර පමණක් නොව බටහිර උසස්ම ශිෂ්ට ජාතීන් අතරද ආසියාවේ ම්ලේච්ඡ ජාතීන් හා ශිෂ්ට ජාතීන් අතරද නොයෙක් වෙසින් තවම පවතියි. පැදුරෙහි සහල් වැපිරීම වැනි සිරිත් ඉන්දියාවේ ඇතැම් වනචර ජාතීන්ගේ සිරිත් විස්තර කරන ඩබ්ලියු. ක්රුක්, මනමාලියගේ උකුළෙහි පළා වර්ග හෝ ධාන්‍ය වර්ග හෝ පිරවීම ඔවුන් අතර පැවති විවාහ සිරිත්වලින් එකක් යැයි මීට අවුරුදු හතළිහකට පමණ උඩදී පළ කරනු ලැබු (customs of the world) නමැති පොතෙහි නිබන්ධයක ලා කීය.

ආදිකාලීන ම්ලේච්ඡයන් අතර උපන් මේ තිරශ්චීන විද්‍යා විධි මෑත කාලය වන තෙක් එංගලන්තයෙහි පැවැත්තේය. මිනිසුන් පල්ලියට ගොස් කසාද බඳින යුවළ වෙත "සරුවේවා" යි පතමින් හැසල් ඇට වීසි කිරීම එංගලන්තයෙහි පැවැති සිරිතක් විය. එය පසු කලක වෙනස් විය. හැසල් ඇට වෙනුවට සහල් වීසි කිරීම මංගල සිරිත විය. එය පෙර දිගින් ණයට ගන්නා ලද සිරිතක් යැයි ඇස්. බෙරිංගුල් දේවගැති a book of folk lore යන පොතෙහි පාට කඩදාසි කුඩුවලින් මනමාල යුවළට ගැසීම හාල්වලින් ගැසීමේ සිරිත ඇසුරෙන් ඇතිවු මංගල සිරිත යැයි ඔහු කියයි. නගරයේ සිංහලයන් පාට කඩදාසි කුඩුවලින් මනමාල යුවළට ගැසීම ඉංගිරිසින්ගෙන් ණයට ගත්තක් වුවද අප සහල් වැපිරීමෙන් පැවැත්වු කෙම් සිරිතෙහිම විපරිණාමයකි.

මා මේ කරුණු කීවේ ජාතිය පිළිබඳ සමහර පැරුණි සිරිත් අවිචාර ලෙස බැහැර කිරීම ස්වාධීන බුද්ධි ගෝචර ක්‍රියාවක් නොවන බව හඳුන්වනු පිණිසය. සිංහල අවුරුදු උත්සවය ද ඒ පිළිබඳ තිරශ්චීන විද්‍යාත්මක නැකැත්, කෙම් කිරීම් ආදිය ගැන සිතා එය බැහැර කරනු ලැබීම සදොස් ය. බෞද්ධ, හින්දු, කිතුනු, මුස්ලිම් ආදී ආගම් අදහන්නන්ද එක්ව සිංහල අවුරුදු උත්සවය පැවැත්විය යුතුය. එය ලංකාව මවුබිම කොට වෙසෙන සියලු ජනයා එකම වර්ගයක් ලෙස රට පිළිබඳ පොදු ප්‍රශ්නවලදී එක්ව නැගී ක්‍රියා කිරීමට හික්මවන උත්සවයකි.

කුමන මිථ්‍යා මතාන්තර ඇසුරෙන් උපන්නත් ජාතික ආගමික චාරිත්‍ර සහිත ඇතැම් ලෞකික උත්සව, බෞද්ධ, හින්දු, කිතුනු, මුස්ලිම් ආදී වෙනස් වෙනස් ආගම් අදහන්නන් විසින් පොදු ජාතිය පිළිබඳ උත්සවවලට හරවාගත හැකිය. එකම දේශයක් මවුබිම කොටගෙන වෙසෙන අපගේ ආගම හා ජාතීන්ද පිළිබඳ වෙනස්කම්වලට යටින් ඇති ඒකමිතිය ගැන හැඟීමක් ඒ නිසි මිනිසුන් තුළ වැඩෙයි.

1968 ජනවාරි මාසයෙහි මම මාසයක් පමණ කියුබාවේ හවානා නගරයෙහි ගත කළෙමි. එහි දෙසතියක් තිස්සේ පැවැත්වුණු සංස්කෘතික සම්මේලනයට එකතුවුණු මම කියුබාවේ ජනයාගේ සංස්කෘතියෙහි ඇතැම් කරුණු පිළිබඳ මඳ දැනුමක් ද ලැබීමි. එයින් එකක් දෙකක් මගේ සිත් ගත්තේය. එහි සුදු මිනිසුන් අතර ස්පාඤ්ඤ ජාතිකයන් පමණක් නොව ප්‍රන්ස, ඉතාලි ජාතිකයන්ගෙන් පැවැත එන්නෝද වෙති. කළු මිනිසුන් අතර නිග්රෝ, රතු ඉන්දියානු, චීන සහ තවත් ජාතිකයෝද වෙති. මේ සියලු දෙනාම වර්ණ භේදයෙන් තොරව එකම බසක් කතා කරන කියුබාව මවුබිම කොටගෙන වෙසෙන එකම ජාතියක් ලෙස දැන් ජීවත් වෙති. ඔවුන් ආගමික උත්සව පවා පවත්වන්නේ කළු සුදු ජාතීන්ගේ සිරිත් විරිත් ආදියේ සංකලනයෙන් උපන් පොදු සිරිත් වෙසෙස් ගුරු කොටගෙනය.

මම කියුබන් ජනයාගේ නව කලාගාරය බැලීමට ගියෙමි. එය තනා නිමකොට විවෘත කරන ලද්දේ ජනවාරි මාසයේමයි. කියුබන් ජාතීන්ගේ චිත්‍ර ප්‍රතිමා කලාවන්ගේ උපත හා ක්‍රම විකාශය දැක්වෙන චිත්‍ර ප්‍රතිමා රාශියක් එහි විය. කියුබන් චිත්‍ර කලාව උපන්නේ ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පය ගුරු කොටගෙනය. අනතුරුව එය පැරුණි ප්‍රන්ස චිත්‍ර කලාව අනුව වෙනස් විය. එය සිදු වුයේ ප්‍රන්ස කලා ඇකඩමියේ ඇදුරකු කියුබාවේ චිත්‍ර ප්‍රතිමා කලා විද්‍යාලයේ නායකයකු ලෙස පත්කරනු ලැබීමෙන් පසුය.

1897 දී වික්ටර් මැනුවෙල් ගාර්සියා නමැති කියුබා ජාතික කලාකාරයා ස්පාඤ්ඤ ප්‍රන්ස චිත්‍ර කලා සම්ප්‍රදායයන් බැහැර කොට ස්වාධීන චිත්‍ර කලා සම්ප්‍රදායක් නිපදවුයේය. ඔහු ඒ සඳහා ස්පාඤ්ඤ චිත්‍ර කලාවෙන් පමණක් නොව නීග්රෝ, මැක්සිකෝ, චීන ජාතිකයන්ගේ චිත්‍ර කලාවලින් ද ආවේශය ලැබුවේය. ඔහුගෙන් පසු කියුබා චිත්‍ර ප්‍රතිමා කලාකාරයන්ගේ චිත්‍ර ප්‍රතිමා නිග්රෝ, ලතින් ඇමරිකානු, මැක්සිකෝ ආදී ජාතීන්ගේ චිත්‍ර ප්‍රතිමා ලක්ෂණ හා ඉස්පාඥ්ඤ ප්‍රන්ස චිත්‍ර ප්‍රතිමා ලක්ෂණද සංකලනයෙන් උපන් ස්වාධීන වේශයක් ගත්තේය. කතෝලික සමයානුකුල චිත්‍රවල පවා මේ සුදු, කළු, රතු, කහ පාට ජාතීන්ගේ චිත්‍ර කලා සංයෝජනයෙන් උපන් ස්වාධීන ස්වරුප හා ලක්ෂණ දක්නා ලැබේ.

මා ද කියුබාවේ සිටියදී එහි ජනේරු උත්සවය පවත්වනු ලැබීය. ඇතැම් උත්සවයක් පවත්වන ලද්දේ එක්වු සුදු, කළු, රතු වර්ගවල ගෑනුන් හා පිරිමින් විසිනි. නිග්රෝ මනුෂ්‍යයන්ගේ බෙර වාදනය, නැටුම් හා පොදු කෙම් සිරිත් ද ඒ ජනේරු උත්සවයට පිවිසියේය. ස්පාඤ්ඤ බස මවුබස කොටගෙන මේ සුදු, කළු, රතු, කහ පාට වර්ගවල මිනිසුන් එක්වු එකම වර්ගයක් ලෙස තිරශ්චීන විද්‍යා විධිද සහිතව ජාතික ආගමික උත්සව පැවැත්වීම ජාතික ඒකමිතිය පළ කෙරෙන ලකුණකි.

අපේ උරුමය, සම්ප්‍රදාය යන නම්වලින් හැඳින්වෙන්නේ සාහිත්‍ය කලා පමණක් නොවේ. සිරිත් විරිත්, මිථ්‍යා විශ්වාස, කෙම් කිරීම්, ආදිය ද අපේ උරුමයෙහි අංග වෙයි. විද්‍යාව හා තර්කය ගුරු කොටගෙන විමසන විට මේ සියල්ල මනුෂ්‍ය වර්ගයාගේ ආදි මුතුන් මිත්තන් හෙළු වැද්දන් ලෙස ජීවත් වු කාලයෙහි පැවති අන්ධ විශ්වාස ඇසුරෙන් උපන්නයි සිතන්නට අනුබල දෙන සාක්ෂ්‍ය ලැබේ. එහෙත් එකම රටක්, බසක්, සංස්කෘතියක් උරුමය කොටගෙන ජීවත් වන අවිච්ඡින්න ජාතියක්, වර්ගයක් ලෙස ඒවා අපට ඉඳුරා බැහැර කළ නොහැකිය. පුද්ගලයන් වශයෙන් අප එකිනෙකාට ඒවා බැහැර කළ හැකිය. එහි වරදක් නැත. එහෙත් එකම වර්ගයක්, ජාතියක් වශයෙන් බැඳී ජීවත් වන්නටත්, දියුණු වන්නටත් කැමැති නම් අතීත උරුමය ලෙස හැඳින්වෙන සමහර දේ අපගේ ශික්ෂණය, යහපත, සමගිය හා ආරක්ෂාව ද සඳහා වහල් කොටගත හැකිය.

පැරුණි හැමදේම වෙනස්විය නොදී ඒ විධියෙන්ම රුකගත යුතු යැයි කියන ශ්‍රුතිවාදයක් අපට නැත. ශ්‍රුති:අනුශ්‍රුති වාදයක් හා අනික් සියලු මළප්‍රේත වාදයන්ද බුදුන් වහන්සේ බැහැර කළ හා බැහැර කරන්නට බෞද්ධයන්ට නිදහස දුන්හ. මළප්‍රේත වාදයන් බැහැර කරන්නට වුවද සාමුහිකව මළප්‍රේතයන් සිහි කිරීමෙන් ජාතියක අවයවයක් වශයෙන් ජාතිය හා මනුෂ්‍ය වර්ගයා පිළිබඳ සුහද හැඟීමක් ලැබිය හැකිය.

ආදි කාලීන වැදි මිනිහා යකුන්, දෙවියන්, පෙරේතයන් පිළිබඳ විශ්වාසයන් ගෙන් පිරුණු හිසක් ඇතිව ජීවත් වුයේ හිසින් ගත යුතු ප්‍රයෝජනයෙන් එකක් එය වු බැවිනියි ජී. කේ. චැස්ටර්මර්න් නමැති ඉංගිරිසි ලේඛකයාගේ නිබන්ධනයක එන කියුමකි. ආදිම වැදි ජනයා එකට එක්කොට එකම වර්ගයක් ලෙස බඳින ලද්දේ මේ මිථ්‍යා විශ්වාසයන් විසිනි. ඒ ඇදහීම විසින් හික්මවා ඔවුහු එකම වර්ගයක් වශයෙන් නොබඳිනු ලැබුවාහු නම් උන් එකිනෙකා ඇන කොටාගෙන මැරෙනු ඇත. නොඑසේ නම් එකිනෙකා මරා උන්ගේ මස් කා ජීවත්වන පෝරිසාදයන් වනු ඇත.

සිංහල අලුත් අවුරුද්ද හෝරා ශාස්ත්‍රය නමැති තිරශ්චීන විද්‍යාව ඇසුරෙන් උපන්නක් වැන්න. එහෙත් එය සිංහලයන් දෙමළුන් හා මරක්කලයන්ද එක්ව අවුරුද්දක් පාසා පැවැත්විය යුතු උත්සවයකි. එය පාසල් සිසුන්ගේ වාර්ෂික තරග පන්දු කෙලීමෙන් සියලු ජාතීන් එක්ව සුහද සිතින් පැවැත්විය යුත්තකියි මම සිතමි. එයින් ජාතියක් වශයෙන් ලක්දිව වෙසෙන අප හැමට හික්මීමක් හා සාමුහික සමගි හැඟීමක් ද ලැබිය හැක.

මීට අවුරුදු තිහ හතළිහකට පෙර අවුරුදු උත්සවය ගැමි පවුල්වල නෑයන් පමණක් නොව ගමේ උසස් පහත් සියලු දෙනාම එක්ව පවත්වන ලද සැණකෙළියක් විය. සුබ මොහොතින් ළිප ගිනි මොලවා උයන ලබන කිරිබත්, බත් මාළු පිනි ආදිය බිම අතුළ පැදුරු මතුයෙහි වු සුදු ඇතිරිල්ලෙහි තබනු ලැබේ. පිඟන් වෙනුවට ගින්නෙන් තවන ලද කෙසෙල් කොළ කෑලිවලට බෙදා ගන්නා කෑම වැඩකාරයන් වැඩකාරියන් ඇතුළු ගෙහිමියෝත්, දරුවෝත් දැරියෝත් එකට වාඩිවී කෑහ.

අවුරුදු බත කෑමෙන් පසු දරුවෝත් දැරියෝත් වැඩකාරියෝ හා වැඩ කාරයෝත් පිටතින් එන ඉහළ පන්තියේ හා ඉහළ පන්තියේ නෑයන් හා එක්ව බිම වාඩිවී පංච කෙළියෝය. තෑගි හුවමාරු කරගත්හ. පොල් කඩන බැලයාගේ දරුවාගේ පටන් ගමේ මුහන්දිරම්ගේ දරුවා දක්වා වන සියල්ලෝම දෙපිලට බෙදී පන්දු ගැසුහ. පැරදුණවුන් වාඩි කරවා දිනු පිලේ දරුවෝ ජල්ලි කවි කියමින් දරුණු ලෙස ඔවුන්ට සරදම් කළහ. ඒ කවි හා සරදම් ඉවසන්ට පුළුවන් ළමයි දැන් ගම්වලද නැත.

අලුත් අවුරුද්ද ගම්වල පවත්වන ලද්දේ සිංහල සම සමාජ උත්සවයක් ලෙසිනි. එය උපන්නේ ගම්වල පැවැති වැඩවසම් ක්‍රමය, අත්තමට වැඩකිරීම් හා පැරුණි සමුපකාර ක්‍රමයද නිසාය. කරෝලිස් අයියා නමින් කුලී වැඩ කරන්නා ද, කරත්තකාරයා අල්ලිස් අයියා නමින්ද, රෙදි සෝදන ගැහැනිය රිදි නැන්දා නමින්ද, ගමකතා කියා දරුවන් සන්තෝස කොට ගෙදරකින් බත් වේලක් කන්නා අන්දො අයියා නමින්ද හඳුන්වන ලද්දේ ගම්වල පැවැති පැරුණි සමාජ ක්‍රමය නිසාය. අවුරුදු උත්සවය පැරුණි සිංහල සමසමාජ ජීවන ක්‍රමය පිළිබිඹු කරන සැණකෙළියකි.

සිංහල අවුරුදු උත්සවය ජාතික උත්සවයක් ලෙස පළමුවරට කොළඹ නගරයේ පවත්වන ලද්දේ 1914 දී යැයි මම සිතමි. ඒ උත්සවයට බෞද්ධ ක්‍රිස්තියානි සිංහලයෝ එක්වුහ. ඒ උත්සවයට මඟ එළිකරන ලද්දේ නැසීගිය :ෙ. සයිමන් ද සිල්වා දේවගැතිතුමා හා සිංහල තරුණ සංගමය ද විසිනි. ඊ. ඒ. අබේසේකර මුදලිඳු ද සිංහල තරුණ සංගමයේ ලේකම් කෙනකු ලෙස ඉතා උනන්දුව වැඩ කළේය.

ඒ කාලයෙහි "රිවි කිරණ" පත්‍රයෙහි සංස්කාරකකම කළ :ෙ. සයිමන් ද සිල්වා දේවගැතිතුමා ජාතික පිබිදුම හා සිංහල අවුරුදු උත්සවය ද අරබයා මහත් උනන්දුවකින් තම පතෙහි කතුවැකි හා ලිපිද පළ කළේය. ඔහු සිහංල තරුණ සංගමයේ ආරාධනය අනුව 1913 ඔක්තෝබර් 2 වැනිදා ආනන්ද විද්‍යාලයෙහි කථාවක් කළේය. "ජාතික පිබිදුමෙහි ඇතැම් අංග" යන මැයෙන් කළ ඒ කතාව ඇසීමට රුස්වුවන්ගේ සභාවෙහි මුලසුන ගැනීමට පෝල් ඊ. පීරිස් මහතා ප්‍රතිඥා දී තිබිණි. ඔහු නොපැමිණියෙන් ඒ. මැන්දිස් ගුණසේකර මුදලිඳු මුලසුන ගත්තේය.

මේ පිබිදුම පැතිරෙන්නට වුයේ 1914 දී පළමුවර ජාතික උත්සවය කොළඹ නගරයේ පත්වනු පිණිස සිංහල තරුණ සංගමය හා දේවගැති :ෙ. සයිමන් ද සිල්වා ද උනන්දුවෙන් ක්‍රියා කළ බැවිනි. එහෙත් මිථ්‍යා විශ්වාසයන් ඇසුරෙන් උපන් සිංහල අවුරුදු සිරිත් පැවැත්වෙන දවසේ පොදු ජාතික උත්සවයක් පවත්වනු ලැබීමට සමහරු තරයේ විැරද්ධකම් පෑහ. ඔවුහු එය සරදමටත් උපහාසයටත් හසු කළහ. ඒ බාධා ජය ගනිමිනි. 1914 අප්‍රේල් 13 දා කොළඹ නගරයෙහි ජාතික උත්සවය පළමුවරට පවත්වන ලද්දේ උත්සවය පිළිබඳ විස්තරයක් :ෙ. සයිමන් ද සිල්වා දේවගැති තුමාගේ දින පොතෙහි ඇත. එයින් කොටසක් මෙහි බහාලමි.

1914 අප්‍රේල් 13 දා

"සිංහල අවුරුදු දවස, ලංකා ඉතිහාසයෙහි මේ දවස සිහි කටයුතු එකක් ලෙස සටහන් වෙතැයි මම සිතමි. සිංහල මිනිසුන් පළමුවරට ජාතික උත්සවය පවත්වනු සඳහා සමගිව නැගී සිටින බැවිනි. උත්සවය බලාපොරොත්තු ඉක්මවා සාර්ථක විය. උත්සවය පිළිබඳ කටයුතු සම්පාදනය කරන ලද්දේ සිංහල තරුණ සංගමය විසිනි. ඩී. බී. ජයතිලක, හෙන්රි ද මැල්, දොස්තර සොලමන් ප්‍රනාන්දු හා ඇල්. ඩබ්ලිව්. ඒ. ද සොයිසා වැනි ප්‍රභු දනෝද සිංහල තරුණ සංගමයට එක්ව ඔවුන්ට අනුබල දුන්හ.

අන් කිසිවකුට ආරාධනා නොකරන ලදින් එය සිංහලයන්ගේම උත්සවයක් විය. එදින පැවැත්වුණු නා නා විධ සෙල්ලම් සිංහල වර්ගයාගේය. කිරිබත් ඇතුළු කෑම බීමද සිංහලයන්ගේම ආහාරපාන වර්ග විය. රුස්වු පිරිස ඉතා විශාලය. දස දහසක පමණ ජනකායක් වුහයි මම සිතමි. දැඩි හිරු රුසක් ඉඩකඩ මදිකමත් බාධකයන් වුවද උත්සවය අවසාන වන තුරුම දැඩි උනන්දුවක් පැවැත්තේය. හැමෝම සැණකෙළි හැඟීමෙන් පිබිදුණෝය. ජාතික හැඟීම තරග මාලාවක් සේ සමුහයා අතර පැතිරිණයි මම සිතමි.

මහ සභා රුස්වීම පවත්වන ලද්දේ පෝල් ඊ. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනි. සර් ක්‍රිස්ටෝපල් උබේසේකර මහ මුදළිඳු හා තවත් අය සභාපතිට එක්වුහ. කතා පවත්වන ලද්දේ සිංහලෙනි. ඩී. බී. ජයතිලක, ආර්. බටුවන්තුඩාවෙ, දොස්තර සොලමන් ප්‍රනාන්දු, හැන්රි ද මැල් හා :ෙ. ඇම්. සෙනෙවිරත්නද කථිකයන් අතර වුහ. මම ද සැණකෙළි සමයට අනුව කතාවක් පැවැත්වු වෙමි. ජාතියේ අනාගතය පිළිබඳ උදාර අදහස් හා සිතුම් පැතුම්ද කථිකයෝ ප්‍රකාශ කළහ. සභාවට පැමිණ කතා කිරීමට මුහමලේ මහතාට ඉඩ නොලැබිණි. ඒ. ඇස්. අමරසේකර දේවගැතිතුමා සහ තවත් බොහෝ දෙනෙක් සුබ පැතුම් පණිවවිඩ එවුහ.

එය සිහි කටයුතු උතුම් දිනයක් විය.

1921 අවුරුද්ද තෙක් ජාතික උත්සවය අවුරුද්දක් පාසා පවත්වන ලදී, ඒ පිළිබඳ සටහන් සයිමන් ද සිල්වා දේවගැති තුමාගේ දින පොතෙහි දක්නා ලැබේ. 1916 දී මහනුවර රුජින හෝටලයෙහි ජාතික උත්සවය නිමිත්තෙන් භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. ඒ උත්සවයට බර්ගර් ජාතිකයෝත්, ද්‍රවිඩයෝත් එක්වුහ. 1927 දී ජාතිකෝත්සවයත් ඒ පිළිබඳ උනන්දුවත් අභාවයට ගියේය. සයිමන් ද සිල්වාගේ දින පොතෙහි ඒ පිළිබඳ සටහන මේය.

1927 අප්‍රේල් 23 වෙනිදා,

සිංහල අවුරුදු දවස හෙටයි. අවුරුදු දොළහකට පමණ උඩදි අප මේ දවස නිමිති කොට පැවැත්වීමට ආරම්භ කළ ජාතිකෝත්සවය යළිත් නැගිය නොහැකි සේ යට ගියේය. එය පැරුණි විදියෙන් පොදු ජනකාය තවම පවත්වති. ප්‍රදර්ශනයක හා නාටකයක ස්වරුපයෙන් ජාතිකෝත්සවය පත්වන්නට පටන් ගනු ලැබීමත් අවුරුදු කීපයකදී එය කෙමෙන් මියයෑමත් පුදුම ධර්ම යෝගයකි..."

:ෙ. සයිමන් ද සිල්වා අවුරුදු ගණනාවක් "කාලීන ලිපි" මැයෙන් සතිපතා දේශපාලන විවේචන ලිපියක් දිනමිණට ලියුවේය. දේවගැතිවරයකු වු ඔහු ඇතැම් කරුණු තම සමය අනුව විවේචනය කළේය. මෙය නොඉවසු සමහරු කාලීන ලිපිය දිනමිණෙහි පළ නොකළ යුතු යැයි ඩී. ආර්. වි:ෙවර්ධන මහතාට කීය. වි:ෙවර්ධන මහතා දවසක, මේ යෝජනාව ගැන මා සිතන්නේ කුමක් දැයි ඇසුවේය. "ඒ ලිපිය වැදගත්. එය පළ නොකිරීමට කිසිම කාරණයක් නැහැ" යි මම අවංකව මගේ හැඟීම කීවෙමි.

සයිමන් ද සිල්වා කිතුනු සමය අදහන්නෙකි. ඇතැම් ප්‍රශ්නයකදී තම ආගමික හැඟීම බැහැරලා බෞද්ධ පාඨකයන්ගේ සිත්ගනු පිණිස විවේචන ලියන්නට අනුබලදීම ඔහු කුහකයකු කරන්නට වෑයම් කිරීමක් වෙයි. අවංකව සිතා තමන්ගේ අදහස් නිර්භයව කීමට කැමැතියන්ට අනුබල දීම ජනසම්මත වාදය සාර්ථක කරගත හැකි එක් උපායකි. අවංක නිර්භය ජනසම්මත වාදියකු වු වි:ෙවර්ධන මෙසේ සිතන්නට ඇත. එහෙයින් ඔහු සයිමන් ද සිල්වාගේ ලිපිය නොනැවත්වුයේය.

අවුරුදු විසි හතරකට පමණ පෙර මහනුවරට ගිය අවස්ථාවක මම සයිමන් ද සිල්වාගේ වැඩිමල් දුව වන අයිලින් ද සිල්වා බලන්නට ගියෙමි. බාල වියෙහි සිට මා අඳුනන ඈ තම පියාගේ දින සටහන් හා කාලීන ලිපිද මට පෙන්නුවාය. ඒ දින පොත්වලින් පිටු කිහිපයක් පිටපත් කොට එවන්න යැයි මම අයිලින් ද සිල්වාට කීවෙමි. ඈ එංගලන්තයට පිටත්ව යන්නට පෙර තම පියාගේ දින පොතෙන් උපුටාගත් සටහන් මට එවුවාය. ටයිප් ගසන ලද පිටු 15 ක පමණ ඒ සටහන් අතර ජාතික උත්සවය හා 1915 කැරුලි කෝලාහලය පිළිබඳ පුවත් හා විමර්ශන ද වෙයි.

මාර්ටින් වික්‍රමසිංහ
(දිවයින09/04/08)

Tuesday, April 7, 2009

මෙය අවසන් මිනිස් බිල්ල විය යුතුය

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කළ වැරදි ප්‍රේමදාස ආණ්ඩුව කළ යුතුව තිබිණිද? ප්‍රේමදාස ආණ්ඩුව කළ වැරදි චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව කළ යුතුව තිබිණිද? ඒ සියලු වැරදි මේ ආණ්ඩුව යටතේත් සිදුවිය යුතුද?

බස්නාහිර පළාත් සභාව සඳහා වු පළමුවැනි මිනිස් බිල්ල පෙරේදා (06 දා) වාර්තා විය. මියගිය තැනැත්තා ජ.වි.පෙ. සාමාජිකයකු වන අතර වෙඩි තැබීම සිදු කළෝ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකුට අයත් රියකින් පැමිණි පිරිසක් බවට චෝදනා නැගී තිබේ. සියලු දෙනා දන්නා පරිදි ජාතික නිදහස් පෙරමුණ යනු ජ.වි.පෙ. දෙකඩ වීමෙන් උපන් පකෂයයි. මේ මොහොතේදී ජ.වි.පෙ.ට ඇති ප්‍රධානතම සතුරා එ.ජා.ප.ය හෝ ශ්‍රී.ල.නි.ප.ය නොව ජාතික නිදහස් පෙරමුණයි. ජ.වි.පෙ. පොදු සතුරා හැටියට සලකන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බව අපගේ වැටහීමයි. ඒ අනුව සන්ධානයේ කොටස්කරුවකු වන ජාතික නිදහස් පෙරමුණ ද නිතැතින්ම ජනතා විමුක්ති පෙරමුණේ සතුරා බවට පත්ව සිටී. වාමාංශික මුලයකින් ඉපිද, තමන්ට අභිමත සමාජය නිර්මාණය කිරීම උදෙසා උත්තුංග මෙහෙවරක් කරමින්, රුධිරය ජීවිතය යනාදී සියලු වැදගත් දේ පුජා කළ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වී මහ පාරේ මිනී මරා ගැනීම ඉතා කනගාටුදායක ය. මෙයට පෙර ද ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වු අවස්ථා තිබිණ. ආසන්නත ම උදාහරණය නම් 1977 න් පසු ජ.වි.පෙ. ක්‍රියාකාරිකයන් පිරිසක් ජනතා සංගමය නමැති සංවිධානයක් ඇති කොට 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවය පරාජයට පත්වීම ගැන ස්වයං විවේචන කළ අවස්ථාව ය. ඒ අවස්ථාවේදී ජනතා සංගමයේ කිසිවකුටත් ජ.වි.පෙ. වෙඩි තැබුවේ නැත. ස්වල්ප කාලයකින් ජනතා සංගමයට ස්වභාවික මරණයක් අත්විය. එහි සිටි සාමාජිකත්වයෙන් කොටසක් යළි ජ.වි.පෙ.ට එකතු වු අතර සෙස්ස තම තමන්ට සුදුසු වු වෘත්තීන් තෝරාගෙන දේශපාලන නොවන මං මාවත්වලට අවතීර්ණ වුහ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ දේශපාලන මතවාද අතර වෙනස්කම් නිසා කිසියම් තැනෙක, කිසියම් ගුටි කෙළියක් වී නම් ඒ වු කලී එච්. එන්. ප්‍රනාන්දු මහතා සහ විජේවීර මහතා අතර ඇති වු මත ගැටුම පමණි. එච්. එන්. ප්‍රනාන්දු යනු විජේවීර මහතාගේ බිරිඳගේ සහෝදරයා ය. මේ දෙදෙනා අතර දේශපාලන මතවාදයක් හටගත් විට කිසියම් පිරිසක් එච්. එන්. ප්‍රනාන්දු මහතා පැහැරගෙන ගොස් අතපය කුඩු කරන ලදී. එය විජේවීර මහතාගේ අනුදැනුම ඇතිව වු බවක් අපි නො කියමු. එහෙත් දේශපාලන ප්‍රතිපත්තියේදී මව - පියා - මස්සිනා යනාදී ඥාතීන්ට හෝ මිතුරන්ට හෝ සතුරන්ට හෝ කිසිදු වෙනසක් දැක්වීමට විජේවීර කැමැති නොවී ය.

වේයන්ගොඩ බදුලුගහලන්දේ සිදුවීමේදී වෙඩිල්ල ජා.නි.පෙ.ට අයත් අයගෙන් නිකුත් වු බව කියතත් එය තීරණය කළ යුත්තේ අධිකරණය මගිනි. නාලන්ද එල්ලාවල ඝාතනයේදී සුසන්ත පුංචිනිලමේ සහ මහින්ද රත්නතිලකගේ පැත්තෙන් වෙඩිල්ල ආ බව කීවද අවසානයේදී ඔප්පු වුයේ නාලන්ද එල්ලාවලගේ ම ආරකෂකයකු අතින් පත්තු වු තුවක්කුව එම විපත සිදු කළ බව ය. එබැවින් මෙවැනි සංවේදී සිදුවීම්වලදී පුර්ව විනිශ්චයයන් මත ලිවීම භයානක ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු ඔවුන්ගේ ම අය විසින් තබන ලද වෙඩි පහරකින් මියයෑමට කිසිදු හේතුවක් නැත. තවත් විදියකින් කිවහොත් තමන්ගේ ම පැත්තේ අයට වෙඩි තැබීමේ උන්මාදයක් මේ මොහොතේදී ජ.වි.පෙ. ට නැති බව අපි විශ්වාස කරමු.

ඉහත කී සිද්ධියට තමන් සම්බන්ධ බව ඔප්පු කළ හැකි නම් තමා දේශපාලනයෙන් ඉවත් වන බව ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී පියසිරි විජේනායක මහතා පවසා තිබේ. එතුමා දේශපාලනයෙන් ඉවත් වුවහොත් සිදුවිය හැකි පාඩුව ඉතා විශාල බැවින් මේ නඩුව අත්හැර දමන ලෙස පාර්ශ්වකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලමු. එහෙත් මෙය මිනීමැරුමක් වන නිසා පැමිණිලිකාරයා වන්නේ ආණ්ඩුව ය. එබැවින් හිතන තරම් ලෙහෙසියෙන් මෙය අත්හැර දැමිය නො හැක.

ප්‍රචණ්ඩත්වය සහ වංචාව පෙරදැරි කරගෙන 1977 දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව හඳුන්වා දුන් වැරදි සහගත දේශපාලන සංස්කෘතිය එසේම පවත්වා ගෙන යෑමට ඉන් පසුව බලයට පත් වු සියලු ආණ්ඩු ඉඩ දුන්හ. එහෙත් මේ ආණ්ඩුව මේ නීච තත්ත්වයට ඉඩ දිය යුතු නැත්තේ මහින්ද රාජපකෂ යනු හොර ඡන්දවලින් හෝ බහුජාතික බලවේගවලින් නොව තනිකර ම ජනතා ඡන්දවලින් පමණක් බලයට පත් වු නායකයෙක් නිසා ය. ඔහුට බලයට පත්වීමට ඔහුගේ ම පකෂයේ නායකත්වය පවා උපකාර කළේ නැත. එබැවින් කිසිදු පාර්ශ්වයක් ආරකෂා නොකර මේ ප්‍රචණ්ඩ සංස්කෘතිය මැඬපැවැත්වීමට අයිතිය ඔහුට ඇත. යුද්ධය දිනු නායකයකුට කළ නො හැකි දෙයකුත් වෙත්ද?
(දිවයින_09/04/08)

පසු වදන_ජවිපෙ සමාජිකයාගේ ඝාතනය අප තරයේ හෙළා දකිමු. ඊට වගකිව යුත්තන් අධිකරණය හමුවට ගෙන ඒම පොලිසියේ වගකීමයි. එහෙත් මේ ඝාතනය ගැන සොයා බැලීමට වහා ම කොමිසමක් පත් කර ලිස්සා නොයා සැබෑ ඝාතකයින් අනාවරණය කරගැනීමට උදව්කිරීම රජයේ වගකීමයි. තමන් ආණ්ඩු කරන සමයේ දස රාජ ධර්මයෙන් රට පාලනය කළ, කිසිදා දෑතේ ලේ බිඳක් නොතැවරුණු, එජාපයට මේ සඳහා රජයට බල කළපෑම් කිරීමට ඔනෑවටත් වඩා සුදුසුකම් ඇත.

Monday, April 6, 2009

පොටිටු අම්මාන්ගේ කඳුළු සහ අපේ අයියලාගේ විහිළු

කපා හෙලු පොල්ගසක් මෙන් බිම ඇදවැටුණු ත්‍රස්තවාදී සංවිධානයක්, එම ඉරණම් ගමන මගින් ලෝකයට ම නිකුත් කරන පණිවිඩයක් තිබේ.

රාෂ්ට්‍ර ප්‍රශ්නවලට දේශපාලන විසඳුම් අවශ්‍යමුත් ත්‍රස්තවාදය වැනි දේශපාලන ම්ලේච්ඡකම්වලට අවශ්‍ය වන්නේ නොපමාව මුදාහැරෙන පොලු පහරක්ය යන්න ඒ පණිවිඩයයි.

බකිංහැම් මාළිගයේ ජනේලයකින් පැන මහ රැජිනගේ චේන්පොට සොරකම් කරන එකකු සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීමේ සිරිතක් මහා බ්‍රිතාන්‍යයේ නොමැති නම්,

"නිව්යෝර්ක් හන්දියේ" හෝ ඒ අවට ප්‍රදේශවල සැරිසරන අනුක්‍රමික මිනීමරුවකු සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීමේ සිරිතක් ඇමරිකා එක්සත් ජනපදයේද නොමැතිනම්,

මේ ද්වයේම සංකලනයක් වු එකකු සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීමේ සිරිතක් ශ්‍රී ලංකාවේ තිබිය යුතුද?

පුදුමයකට මෙන් අපට කීමට සිදුවන්නේ එබඳු සිරිතක් කාලයක් මුළුල්ලේ මේ රටේ තිබුණු බවය.

එබඳු සිරිතක් පැවතුණා පමණක් නොව ඒ සිරිත වන්දනා කිරීමේ සිරිතක් ද කාලයක් ම මේ රටේ පැවතිණි.

එකල්හි රටේ හැමතැනම ත්‍රස්තවාදය යන්නට පිළිතුරු පදය වුයේ දේශපාලන විසඳුම යන්න පමණක්ම විය. ත්‍රස්තවාදය අභියස, දේශපාලන විසඳුම යන්න මතුරමින් ශ්‍රී ලංකා රාජ්‍යය කාලයද, දේශයද, ජන ජීවිතද, මහජන දේපළද නැති නාස්ති කළ අතර ත්‍රස්තවාදියෝ ඒ කාලය ප්‍රයෝජනයට ගෙන සබ්මැරීන් කර්මාන්තයක්ද ගුවන් යානා කර්මාන්තයක්ද ආරම්භ කළහ.

තවත් ටික කාලයක් ගියේ නම් අපට පුදුම විය යුතුව තිබුණේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් න්‍යෂ්ටික බෝම්බයක් නොසෑදීම පිළිබඳව ය.

තවමත් ලජ්ජා නැතිව රනිල්-ප්‍රභා ගිවිසුමට ඔජ වඩන්නන් කල්පනා කරනු ඇත්තේ අර රුපවාහිනී සේවාවල යුද පුවත් තුළින් පෙන්වන දිග දිග ඒවා පොල්පරාල විය යුතු බව ය.

ටොන් ගණනින් පෙන්වන කෙහෙල්මුව වැනි ඒවා මුදානොගත් ප්‍රදේශවල ඉබේ වැවුණු එළවළු ජාතියක් විය යුතු බවය.

ශ්‍රී ලංකාවට මතු නොව ඉන්දියාවට වුව ගහන්නට ආයුධ රැස් කළ ත්‍රස්තවාදී සංවිධානයක් සුරතල් කිරීමේ පාපයට තම ජීවිතවලින්මත් වන්දි ගෙවුයේ ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් රාජ්‍ය නායකයන් වුවත්, විශේෂයෙන් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවන් ඒ නිසා විඳි වධ වේදනා ගැන ලිවීමට අරුන්දතී රෝයිලා දසදහසක් බිහිවුවත් මදිය.

(අරුන්දතී රෝයි නමැති ලේඛිකාව විසින් මෑතකදී උතුරේ සුබ සාධන කඳවුරු වධ කඳවුරුවලට සමාන කොට තිබේ.)

වන්නි මානුෂීය මෙහෙයුමේ රණවිරුවෝ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයද, එය ඔසොවා තිබු මුරුංගා අතුද, එයට ඉහළින් දිස්වු කොඩි කුඩ, සේසත්ද කුඩුපටිටම් කරමින් පෙරේදා පුදුකුඩිඉරිප්පු හෙවත් ත්‍රස්තවාදයේ අවසාන බලකොටුව ද අත්පත්කොට ගත්හ.

විදුෂා, තීපන්, දුර්ගා, ගොළුබෙල්ලා, පත්තෑයා, ගෝනුස්සා, තිත් පොළඟා මළවුන් අතර ය. භානුට බරපතලය, පොටිටු අම්මාන්ට දුක ය. මෙහේ සමහර අයියලාට ඊට වඩා දුකය. ඒ යුද්ධය අවසන් වීමට යෑම ගැන විය යුතුය.

ඊළාම් යුද්ධය ශ්‍රී ලංකාවේ දේශපාලන බල අරගලය තුළ හැමදාමත් වේගයෙන් අලෙවි වු වඩාත්ම කුණු රස ජාඩි වර්ගය වු අතර එය සාම සාකච්ඡා නමැති කසිප්පු පානයට අදාළ හොඳම කටගැස්ම ද විය.

මෙහිදී අප විසින් අවිවාදයෙන් පිළිගත යුත්ත නම් අප රටේ සමහර හාදයන් විසින් මේ කුණු ජාඩිත්, කසිප්පුත් ලෝකයේ විස්කි බොන, කැවියා කන සුද්දන්ට ද බය නැතිව විකුණු බව ය.

මේ දහජරාව කා බිව් සුද්දෝ සමහරෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙදර යන ගමන් ගොඩවැදී ශ්‍රී ලංකාව ඇල්ලීමට වරෙන්තුවක් ඉල්ලුහ. චීනයත්, රුසියාවත් ඔවුන් එළියට ඇද දමා හිස්වල ගා ගැනීමට දෙහි බෑද සැපයු බව පසුව වාර්තා විය.

තව නොබෝ දිනකින් ලෝකයා විසින් ශ්‍රී ලංකාව මෙසේ හඳුන්වනු ලැබීමට නියමිත ය.

"ත්‍රස්තවාදය පරාජය කළ රට"

ඒ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජනතාවන් පොදුවේ මෙසේ හඳුන්වනු ඇත.

"ත්‍රස්තවාදය පරාජය කළ රටේ ජනතාව"

එහි ගෞරවය රටේ ජනාධිපතිට ආරකෂක ලේකම්ට, හමුදාපතිවරුන්ට දීමට අකැමැති අය මෙසේ කියනු ඇත.

"මොනවා වුණත් රටේ වෙලාව හොඳයි".
(දිවයින_09/04/07)

පසුවදන_කොටි වෙනුවෙන් බ්ලොග් ලියන අලුත් වාමාංශික පෙරමුණේ රාමුවෙන් පිට උන්නැහේට කීමට අලුත් ආරංචියක් ඇත. දැන් ඉතින් ලොව පුරා මුට්ටි කාසි ව්‍යාපාරවලට ලොක්කා ගියාට මදි ය. ගෝළයා බ්ලොග් ලිවාට ද මදි ය.

ලැබී ඇති අලුත් ආරංචි අනුව ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ දෙටු පුත් චාල්ස් ඇන්තනී බරපතළ තුවාල ලබා ඇත. ඔහුට ලේ ලබාදෙන්නැයි යුද මුක්ත කලාපයේ ජනතාවගෙන් ඉල්ලා ඇත. ඒ ආරාධනාව මුන්නැහෙලාටත් වලංගු ය. වරක් ලොක්කා කීවේ ඊළම වෙනුවෙන් සිය ‍දිවිදෙන බව ය. ඉතින් ලේ ටිකක් දුන්නම මක්වෙනවැයි.

Sunday, April 5, 2009

එන්ජීඕ සල්ලිවලින් කොටි පුල්ලි මැකු (ජඩ) මාධ්‍ය භාවිතය

පෙර වදන_ඔබට මේ වර්ගයේ බ්ලොග්කරුවන් කිහිපදෙනෙක් ද දැකිය හැකි ය. මින් එක් අයෙක් ත්‍රීවීල් වර්ගයේ වාමාංශික පක්ෂයක හෙංචයියෙකි. ඒ පක්ෂයේ නායකයා කොටින්ගේ මුට්ටිකාසී ව්‍යාපාරය වෙනුවෙන් ලොව පුරා ගොස් රට පවා දෙන්නෙකි. ඔහු වරක් කීවේ ඊළම වෙනුවෙන් සිය දිවි දෙන බව ය. එහෙත් ඒ උන්ගේ රැකියාව ය. මේ රටේ කිසිදු ජන පදනමක් නැති මේ පක්ෂ ෆෝස්ටරයක් හෝ අලවන්නේ කොටියාගේ පිංපියා ලෙස කටයුතු කිරීමෙනි. දැන් ඒ කාලය අවසන් ය.

අද සුවිශේෂ දිනයකි. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නමැති සුවිශේෂ සිංහලයා, කොටි බිළිගෙන අදට වසරකි. ඔහු ජාතියෙන් ද්‍රවිඩ ය. ආගම කතෝලික ය. ඔහුට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාත්‍රය ම භාවිත කළ හැකි ය. ඔහු මෙරට සංස්කෘතිය මැනවින් අවබෝධ කරගෙන සිටියේ ය. ඔහු සිය අමාත්‍යංශයේ වැඩභාර ගත්තේ සංඝිගත දක්ෂිණාවකිනි. ඔහු සිය ආගමට මෙන් ම බුදු දහමට ගරු කළේ ය. සිංහල දෙමළ මුස්ලිම් හැමදෙනා ඒකීය රටක එකට සිටිය යුතුයයි විශ්වාස කළේ ය. ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය. එහෙයින් අද සිටින උප්පැන්නයේ සිංහලයින්ට වඩා එතුමා සිංහලයෙකි. එතුමාගේ අභාවයේ ප්‍රථම සංවත්සරය සමරන මොහොතේ විරෝදාර රණවිරුවෝ නැවතත් මව්බිම එක්සේසත් කළේ ය. එතුමා පැතූ ලෝකය උදාකරලීම එතුමාට කරන විශාලත ම ගෞරවයයි. දැන් අපි ලිපියට යොමු වෙමු.

දශක තුනකට ආසන්න කාලයක් පුරා ලකෂයකට අධික පිරිසක් ඝාතනය කරමින් ශ්‍රී ලංකාවේ උතුර : නැගෙනහිර ප්‍රදේශවල නීති විරෝධී පාලනයක් ගෙන ගිය මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ගේ විනාශයේ අවසන් පියවර කීපය දෙස දැන් මුළු ලොවම බලා සිටී.

එල්.ටී.ටී.ඊ.යට මෙබඳු දරුණු පරාජයක් අත්කර දීමට රණවිරුවන්ගේ කැපවීම ධෛර්යය ප්‍රධාන වශයෙන් ඉවහල් වු බව අතිශයෝක්තියක් නොවේ. එහෙත් එල්.ටී.ටී.ඊ.ය වැනි ජනතාව හා බැඳි දරුණු සංවිධානයක් මෙලෙස අඩපණ කරන්නට තවත් ප්‍රධාන කාරණා දෙකක් හේතු වු බව පෙන්වා දිය යුතුය. ඉන් එකක් නම් මේ සාර්ථක ගමනට අඥාන දේශපාලන අතපෙවීම් ඇති නොවීමයි. දෙවැනි වැදගත් කාරණය නම් රජය ඉතා බුද්ධිමත් තීරණයකට එළඹෙමින් ක්‍රියාන්විත ප්‍රදේශවල ක්‍රියාත්මක වු රාජ්‍ය නොවන සංවිධාන (මෙතැන් සිට ණඝු ලෙස හඳුන්වන) වහා එම ප්‍රදේශවලින් ඉවත් කිරීමයි.

මී කුණක් වෙත එකා දෙන්නා ලෙස ඇදී එන කෑදර කපුටන්, හෝරාවක් ගත වන්නටත් පෙර රංචුවක් වී අර මී කුණ ඇදගෙන ගිජු ලෙස බුදින අයුරු සුලභ දසුනකි. ණඝු උපමා කළ හැක්කේ මෙබඳු කපුටන් රුනකටය.

ලෝකයේ සිවිල් යුද්ධයක් හෝ වෙන යම් අර්බුදයක් ඇතිවන්නේ කොතැනද? මී කුණකට ඇදෙන කපුටන් සේ වෛවාරණ ණඝු කපුටෝ ඒ කරා ඇදී එති. කපුටන් හා භඨධ අතර ඇති එකම වෙනස නම් නොසංසිඳෙන කෂුධා ගින්නක සිටින කපුටන් මී කුණෙහි මස් බුදිද්දී භඨධ කපුටන් මිලියන බිලියන ගණනින් ඩොලර් ගිල දැමීම පමණි.

අප මේ හෙළිදරව් කරනුයේ භඨධ විසින් මෙරට සිවිල් අර්බුදය තවදුරටත් සංකීර්ණ කිරීමට යත්න දැරු තවත් එක් අවස්ථාවකි. භඨධවකින් මුදල් ගෙන කොටි ත්‍රස්තවාදීන්ට සහාය පළ කරන ආකාරයෙන් සිය පෑන හැසිර වු මාධ්‍යවේදීන් පිරිසක් පිළිබඳ කතාව පුළුල් ලෙස සමාජගත නොවුවත් මාධ්‍ය කෙෂ්ත්‍රය තුළ හාහුවක් ඇති කර තිබේ.

මාධ්‍යවේදියකුට ඕනෑම කාරණයක් පිළිබඳ තම ස්වාධීන මතය පළ කිරීමට අන් අයකුට වඩා වැඩි සිවිල් බලයක් හිමිවන බව අපි දනිමු. ඒ බලය යොදා එල්.ටී.ටී.ඊ.යේ කෲරකම් සාධාරණීයකරණය කරනට උත්සාහ දරන මාධ්‍යවේදීන් අද දවසේ පළවන පුවත්පත් කීපයකින් වුව සොයාගත හැක. එහෙත් තමන්ට හිමි ඒ සිවිල් බලය හෙටිටු කර මුදලට පාවාදීම තරම් අලජ්ජි ක්‍රියාවක් තවත් නොවන බව තර්කයකින් තොරව ඔප්පු වන්නකි. මේ ලිපියට පසුබිම් වනුයේ එවන් පාවාදීමකි

පැනෝස් සවුත් ඒෂියා යනු විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් හෙවත් ණඝු වකි. රටවල්වල මාධ්‍ය කටයුතු සඳහා මැදිහත් වීම මෙම භඨධ වේ මුලික කාර්යයි. මෙහි අධ්‍යකෂ මණ්ඩලයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වින්‍යා ආරියරත්න කටයුතු කරන අතර විධායක අධ්‍යකෂ ලෙස ඒ. එස්. පනීර් සෙල්වන් (ඉන්දියානු ජාතිකයෙකි) කටයුතු කරයි. පැනොස් සවුත් ඒෂියා සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වනුයේ සුවේනද්‍රණී කකුචි නමැත්තියකි. ශ්‍රී ලාංකික දෙමළ කාන්තාවක වන ඇයගේ මුල් නම සුවේනද්‍රණී තම්බයියා වෙයි. ජපන් ජාතිකයකු සමඟ සිදු වු ඇගේ තෙවැනි විවාහයෙන් පසු කකුචි නම භාවිත කරයි. මැය ජපානයේ සිට එල්.ටී.ටී.ඊ.යේ ටැමිල් නෙටි වෙබ් අඩවියට සේවය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

2005 වර්ෂයේ ශ්‍රී ලංකා රජය විසින් එළඹි තීරණයකට අනුව දේශීය හා විදේශීය සියලුම රාජ්‍ය නොවන සංවිධාන සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි විය යුතු බවට නියෝගයක් පැනවිණි. එහෙත් පැනෝස් සංවිධානය කේරළයේ පැවැති සිය සංවිධානයේ සමුළුවකදී රජයේ නියෝගය විවේචනය කරමින් තීරණය කර ඇත්තේ තම සංවිධානය එසේ ලියාපදිංචි විය යුතු නැති බවයි. රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට මෙම රාජ්‍ය නොවන සංවිධානය පිළිබඳ මුලින්ම සැක පහළ වී ඇත්තේ ඔවුන්ගේ එම තීරණයත් සමඟය.

ඒ අනුව වැඩිදුරටත් සිදුකෙරුණු විමර්ශන කටයුතු අනුව පැනෝස් සංවිධානය මෙරට ජාතික අර්බුදය පිළිබඳ මාධ්‍ය හරහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් කොටි ත්‍රස්තවාදීන්ට වාසි සහගත වන ආකාරයට කටයුතු කළ බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව ඔවුන් මෙරට මාධ්‍ය ආයතනවල සේවය කරනු ලබන මාධ්‍යවේදීන් සඳහා විවිධ අවස්ථාවල දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සමුළු පවත්වා ඇත. මෙබඳු අවස්ථාවලදී සටන් විරාම ගිවිසුම, බලය බෙදීම වැනි කාරණා පිළිබඳ දැනුවත් කිරීම් කර ඇති අතර රජයේ යුදමය ක්‍රියාමාර්ග පිළිබඳ විවේචනයට ලක් කිරීම පිළිබඳ ද දැනුවත් කිරීම් කර ඇත.

මෙසේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම පිළිබඳ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලය වෙත 2004.05.11 දාතමින් වාර්තාවක් සපයන පැනෝස් සංවිධානය කිලිනොච්චි යනු දෙමළ ඊළමේ අගනුවර බව දිගින් දිගටම අවධාරණය කර ඇත. යට කී කාරණා පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සම්බන්ධ වුණු ආයතන ලෙස බර්ගොෆ් පදනම, ජාතික සාම සභාව, ඉම්ෆැක්ටි සංවිධානය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මාධ්‍ය අංශය සහ සහජීවන පදනම යන සංවිධාන පිළිබඳ සඳහන්ය.

පැනෝස් සංවිධානයේ මීළඟ මෙහෙයුම වී ඇත්තේ මෙරට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් තෝරාගෙන ඔවුන් සඳහා වෙන වෙනම උපදේශකයන් පත් කරමින් තමන්ට අවශ්‍යපරිදි තමන්ගේ මතවාදය ප්‍රචාරය කිරීමට කටයුතු කිරීමයි. අදාළ මාධ්‍යවේදියා හා උපදේශකයා අතර සම්බන්ධය සහාය දිවීමක් ලෙස හඳුන්වා ඇති ඔවුන් ඒ ඒ මාධ්‍ය ආයතනවලින් තමන් තේරාගත් මාධ්‍යවේදීන් සඳහා යවා ඇති ලිපිවල සඳහන් කර ඇත්තේ මෙය රිලේ එකක් බවත්, තමන්ට අදාළ උපදේශකයාගේ අනුදැනුම මත තමන් ලියන ලිපිය නැවත ඔහුට හෝ ඇයට පෙන්වා සකසාලීමෙන් පසු පළ කළ යුතු බවත්ය. මෙම මාධ්‍යවේදීන් සඳහා උපදෙස් දීමට පැනෝස් සංවිධානය විසින් පත් කරන ලද උපදේශකයන්ගේ ලේඛනයක් ද ඇත. පළ වු ලිපි අතරින් කීපයක ශීර්ෂපාඨ මෙසේ සඳහන් කළ හැක.

සමගි සංධානය ගොඩනැංවීමට සටන් විරාම ගිවිසුම උපකාර වන්නේ කෙසේද?" : සන්ඩේ ඔබ්සර්වර් නැගෙනහිර පළාත හා එහි ආකුලභාවය : ඩේලි නිව්ස් ජනවාර්ගික අර්බුදය සුනාමිය හා අනාථයෝ : බී. බී. සී. පුවත් ශ්‍රී ලංකාවේ ජනවර්ග දැඩි ලෙස බෙදී ඇත්ද? නැත්ද?

මෙම ලිපි ලිවීම වෙනුවෙන් අදාළ මාධ්‍යවේදීන් සඳහා මාසිකව ගෙවීම් කර ඇත. මසකට ශ්‍රී ලංකා රුපියල් 8000.= බැගින් එක් මාධ්‍යවේදියකු සඳහා 2004 සැප්තැම්බර් 01 වැනිදා සිට 2005 අගෝස්තු 31 වැනිදා දක්වා වු වර්ෂයක කාලයක් සඳහා රුපියල් 96,000.= ක මුදලක් ගෙවා ඇත. එසේ ගෙවීම් කළ බවට ලිපි ද යවා තිබේ.

මෙසේ විවිධාකාරයෙන් මුදල් ලබා ගනිමින් තමන් සේවය කරන පුවත්පත් හරහා මෙරට ස්වාධිපත්‍යයයට එරෙහි පැනෝස් මතය ප්‍රචලිත කිරීමට අනුබල දුන් මාධ්‍යවේදීන් පිළිබඳ අපට මතුවන ගැටලුව නම් ඔවුන් එල්.ටී.ටී.ඊ. මතවාදයට අනුබල දෙන ආකාරයෙන් සිය පෑන මෙහෙයවීමට වඩා ඒ කටයුත්ත වෙනුවෙන් මුදල් ලබා ගැනීමයි. මෙය මාධ්‍ය සදාචාරය පිළිබඳ ගැටලුවකි. මුදලට වහල් වු විට සත්‍යය හෙළිදරව් කිරිම කොයිතරම් දුරට සීමා වනවාද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. අද මෙරට මාධ්‍ය කෙෂ්ත්‍රයේ ගවේෂණාත්මක වාර්තාකරණය කියා දෙයක් නැති තරම් ය. ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් ඇත්තා සේ පෙන්වන මාධ්‍ය තුළ ද ඇත්තේ පකෂපාතී වීමකි. මෙබඳු තත්ත්වයක් තුළ මාධ්‍ය සදාචාරයක් ඇත්තේ කොතැනදැයි යමකුට ප්‍රශ්න කළ හැක. එහෙත් තර්ක විතර්ක කෙසේ ගොඩනැඟුවද මාධ්‍ය මුදලට යටවීම යනු රටක් සමස්තයක් ලෙස පරිහානිය කරා ගමන් කිරීමකි.

මේ අතර පැනෝස් සංවිධානයේ සෞඛ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මයිලිස් ටු ගෝ (ඵසකි එද ටද: නමැති පොතේ 13 වැනි පිටුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන අරමුණින් සඳහන් කළ අසත්‍ය වාර්තා රුසක් වෙයි. එහි සඳහන් කර ඇත්තේ ඩාෆුර්වලටත් වඩා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය අන්ත බවයි. එච්. අයි. වී. වැනි ව්‍යසන ශීඝ්‍රයෙන් පැතිර යන බව එහි ද්වේශ සහගත ලෙස සඳහන් කර ඇත. මෙම ලිපි රචනා කර ඇත්තේ ඉහතින් සඳහන් කළ ඉන්දියානු ජාතිකයා වන පනීර් සෙල්වන් නමැත්තා විසිනි. ඔහුට පැනෝස් සංවිධානයේ අධ්‍යකෂ මණ්ඩලයට එක්වීමට අවස්ථාව උදා වී ඇත්තේ මෙම ලිපි බව ද පැවසේ. සිය මාධ්‍ය මෙහෙයුම හරහා එල්.ටී.ටී.ඊ.ට සහාය දැක්වීමෙන් නො නැවතුන පැනෝස් සංවිධානය 2004 සටන් විරාම සමයේදී යාපනයට ගොස් එල්.ටී.ටී.ඊ. නායකයන් හමු වී සාකච්ඡා කිරීමට ක්‍රියාකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ පැනෝස් සංවිධානය පිළිබඳ මෙතෙක් අනාවරණය කර ගෙන ඇති තොරතුරු පමණි. මේ ආකාරයෙන් කටයුතු කරන එකම සංවිධානය පැනෝස් පමණක් නොවන බව ද අපහොඳින් සිහිතබා ගත යුතුය.

පැනෝස් සංවිධානය පිළිබඳ පරීකෂණ කටයුතු ගැන අප කළ විමසුමකදී රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ අදාළ රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් කීපදෙනෙකුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරමින් පවතින බවත්, එම පරීකෂණ අවසන් වු වහාම ඒ පිළිබඳ වාර්තාවක් සකසා වැඩිදුර පියවර ගැනීම සඳහා සමාජ සේවා අමාත්‍යාංශයට භාර දීමට කටයුතු කරන බවත් ය.

නිරෝෂන් හැඳලගේ
(ඉරිදා දිවයින_09/04/05)

Friday, April 3, 2009

ජවිපෙ යා යුතු මග

මෙම අප්‍රේල් 5 වන දිනට ජවිපෙ දේශපාලන ව්‍යාපාරය 38 වන වසරට පා තබයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි

පසුගිය සති කිහිපය ඇතුළත දී පැවැති උතුරු මැද සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල දෙස බලන විට වඩාත් කැපී පෙනෙන පරාජයක් අත්කර ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවට විවාදයක් තිබිය නොහැකිය.

මෙරට ප්‍රගතිශීලී දේශපාලන කඳවුර නියෝජනය කරන අය වශයෙන් එම දරුණු පරාජය පිළිබඳව විශ්ලේෂණයක යෙදීම වැදගත් වනුයේ එහි අනාගතය දෙස බලන විටදීය.

1965 දී අතේ ඇඟිලි සංඛ්‍යාවටත් වඩා අඩු සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ගොඩනැඟුණු ජනතා විමුක්ති පෙරමුණ 1971 සමගි පෙරමුණු පාලන සමයේදී ලෙයින් යකඩින් ප්‍රථම මර්දනයට ලක් වෙමින්, දස දහසකට ආසන්න ජීවිත හානියක් මෙන්ම 26000 ක් පුනරුත්ථාපන කඳවුරු තුළට ගාල් වෙද්දී, නායකයින් බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර 1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධනයන්ගේ එක්සත් ජාතික පක්ෂ අරමුදලට විශාල වශයෙන් දායක වු එවක ප්‍රකට තුරඟ තරග ව්‍යාපාරිකයන් දෙදෙනකු වු තහාර් හා මුක්තාර් ද බන්ධනාගාරගත කර සිටියේ රෝහණ විජේවීර ඇතුළු කැරලිකරුවන් ද සිරගත කළ "ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන් හඳුන්වා දුන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත" නමැති සුවිශේෂ නීතිය යටතේය. සිය හිතවතුන් දෙදෙනා නිදහස් කර ගැනීමේ අවශ්‍යතාව ජයවර්ධනයන්ට මතු වුවත්, විජේවීරලා නිදහස් කරන මුවාවෙන් තහාර්ලා මුදා ගත්තේ ඉහත කී මනුෂ්‍යත්වයට පවා නොගැලපෙන නීතිය අහෝසි කරමිනි.

ඒ අනුව 1978 දී නැවතත් දේශපාලනයට පිවිසි විජේවීර, බෝපගේ ඇතුළු පිරිස පක්ෂයේ කටයුතු අරඹනුයේ සභාපති හා ලේකම් වශයෙනි. උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස 1979 දී ජේ. ආර්. පාලනය මගින් හඳුන්වා දුන් සංවර්ධන සභා සඳහා පැවැති මැතිවරණයට, හා හා පුරා කියා ජනතා විමුක්ති පෙරමුණ තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම මැතිවරණය වර්ජනය කරද්දීය. එම මැතිවරණයෙන් ශාන්ත බණ්ඩාර, මහින්ද විදාන පතිරණ, ගමනායක කොළඹ දිස්ත්‍රික්කයෙන්ද වාස් තිලකරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද අනුරාධපුරයෙන් සිසිර රන්දෙණියද ඇතුළු පිරිසක් සංවර්ධන සභා මන්ත්‍රීවරු වශයෙන් තේරී පත්වුහ. 1982 දී ජේ. ආර්. ජයවර්ධනයන් ප්‍රථම විධායක ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරනුයේ සිය ප්‍රධාන විරුද්ධවාදිනිය වු බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතියත් අහිමි කරමිනි. එම ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර තරග කරමින් ඡන්ද දෙලකෂ හැත්තෑපන් දහසක් ලබාගැනීමට සමත්වීම ජයවර්ධනයන්ගේ තිගැස්මක් ඇති කිරීමට හේතු විය.

ජනපතිවරණ ප්‍රතිඵල අනුව මහ මැතිවරණයකට ඒ මොහොතේ ගිය හොත් හැත්තෑ හතේ මැතිවරණයෙන් ලත් පාර්ලිමේන්තුවේ 5.6 බලය රුක ගැනීමට නොහැකි බව අවබෝධ කරගත් ජයවර්ධනයන් 82 දී ජනමත විචාරණයක් ලෙසට ඡන්ද මංකොල්ලයක යෙදුණි.

ඊට එරෙහිව අධිකරණයට ගියේද රෝහණ විජේවීරය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වුයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන්ය. ජයවර්ධනයන් වඩාත් කලබලයට පත් වුයේ එම පසුබිම තුළය. ජනමත විචාරණය දුෂිත බවට අධිකරණය හමුවේ තහවුරු වීම මහමැතිවරණයකට මග පෑදීමකි. එය පාර්ලිමේන්තුවේ 5.6 ක බලය අහිමි කිරීමකට මං පෙත් විවර කිරීමකි. එය එසේ වුවහොත් විධායක බලය ද අභියෝගයට ලක්වන තත්ත්වයක් මතුවනුයේ එක්සත් ජාතික පක්ෂය තුළ පවා පැවැති අර්බුද කල්ලිවාදයන් කරණකොට ගෙනය.

මේ ආකාරයට උද්ගත වු උභතෝකෝටික තත්ත්වයෙන් මිදීම උදෙසා ජයවර්ධනයන්ගේ ආශීර්වාදයෙන් කළු ජුලිය නිර්මාණය විණි. එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පටවා එම පක්ෂය තහනම් කිරීමට පියවර ගැනුණි. ඒ හා සමගම රෝහණ විජේවීර රහසිගත දේශපාලනයට ගියෙන්, ජනමත විචාරණ නඩුවට පෙනී සිටීමක් සිදු නොවීම මත එම නඩුව ප්‍රතිකෙෂ්ප කිරීමට අධිකරණය පෙළඹුණි. එමගින් ජයවර්ධනයන්ගේ 5.6 ක බලය රුකිණි. එය උතුරට අමතරව දකුණ ද ගිනි තැබීමට ඉවහල් විණි.

ඉන් අනතුරුව ඉන්දීය රජයේ බලපෑම මත 1987 දී ඉන්දු : ලංකා ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කරද්දී මවුබිම සුරුකීමේ ව්‍යාපාරය නිර්මාණය කරමින් ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇරඹු අරගලය රට සිවිල් යුද්ධයකට පරිවර්තනය විය. ජනාධිපති ජයවර්ධන වෙනුවට, ප්‍රේමදාස පාලනය ගොඩනැඟී ඉතිහාසයේ සිංහල පාලනයක් යටතේ වැඩිම සිංහල ඝාතනයක් සිදු කිරීමේ ඓතිහාසික වාර්තාවට උරුමකම් කී ප්‍රේමදාසයන්ගේ පාලනය දෙවන වරට ජනතා විමුක්ති පෙරමුණු මර්දනය නිමා කළේ විජේවීරයන් ඇතුළු නායකයින් සියලු දෙනාම ඝාතනය කරමින් අනතුරුව ඔහුගේ ඝාතනයද සිදු විය.

ඉන් පසුව 1994 වන තෙක්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසීමට අවස්ථාව නොලද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රථමයෙන් පාර්ලිමේන්තු ආසන එකක්ද, 2000 ඔක්තෝබර් මහ මැතිවරණයේදී ආසන 10 ක්ද, 2001 දෙසැම්බර් මැතිවරණයේදී ආසන 16 ක්ද, 2004 අප්‍රේල් මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 41 ක් ද ජයග්‍රහණය කිරීමට සමත් විය. 2001 දෙසැම්බර් 05 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 16 ක් දිනා ගැනීමට සමත් වුවත්, පාර්ලිමේන්තුවේ බලය එක්සත් ජාතික පක්ෂයට අත් විය. එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විධායක බලය අක්‍රීය ව තබා ගනිමින් ඉතිහාසයේ පළමු වරට ආරක්ෂක අමාත්‍ය ධුරයත්, රාජ්‍ය නායකයාගෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ පාලනයටම භාර දීමත් සුවිශේෂ කාරණයකි.

2002 පෙබරවාරි 22 දා රටේ විධායක රාජ්‍ය නායිකාවටත් රහසින් කොටි ත්‍රස්තවාදීන්ට රාජ්‍ය තාන්ත්‍රිකභාවයක්, කොටි ත්‍රස්ත කල්ලියට ශ්‍රී ලංකා රජයේ හමුදා හා සමාන තත්ත්වයක්, ජාත්‍යන්තර පිළිගැනුමක් ලබාදීම පමණක් නොව මතෘභුමියෙන් කොටසක් ද මායිම් සලකුණු කොට භාරදීමේ ගිවිසුමකට අත්සන් කිරීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය.

ජනාධිපතිනිය සිය විධායක බලය යොදවා මාතෘභුමියේත්, ජාතියේත් සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමෙන් වැළකී සිටියදී රට, දැය සමයට ආදරය කරන ප්‍රගතිශීලීන් ජාතික බලවේගයන් කුළුගන්වා ඔවුන්ට නායකත්වය දීමට ක්‍රියාකාරීව ප්‍රමුඛත්වය ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවට විවාදයක් නැත. එදා ඒ ඉටු කළ දැවැන්ත ජාතික කාර්යභාරයට මෙරට ප්‍රගතිශීලී ජනතාව දැක්වු ප්‍රතිචාරය කෙබඳුදැයි දැක ගැනීමට හැකි වනුයේ 2004 අප්‍රේල් මහා මැතිවරණ ප්‍රතිඵලයෙනි. එහි දී මන්ත්‍රී ධුර 41 ක් ජනතා විමුක්ති පෙරමුණට ලබාදීමට දේශප්‍රේමී ජනතාව කටයුතු කර තිබිණි.

බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට මාතෘභුමිය පාවාදීමට පිඹුරුපත් සකසමින්, ක්‍රියාකාරීව සිටි දේශීය හා විදේශීය දුෂ්ට බලවේග පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දැක් වු කැපවීමට ජනතාවගේ උත්තමාචාරය එය විය. කොහොම නමුත් 1994 සිට 2004 දක්වා වසර 10 ක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ තෙවැනි බලවේගය දක්වා ගෙන ඒමට මෙරට ජාතික බලවේග කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි එම පාක්ෂිකයන් තුළ පවා පැවැති කලකිරීම, සැකය, අවිශ්වාසය වැනි හැඟීම් ආකල්ප ද කරණ කොට ගෙනය. දුෂණයෙන් තොර, කාර්යකෂම පාලනයක් සන්ධාන පාලනය මගින් ඉටු කරවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත්ව තැබිය යුතුය යන ආකල්පයක්, හැඟීමක්, විශ්වාසයක් ප්‍රගතිශීලි ජාතික බලවේග තුළ තහවුරු වී තිබිණි. කෙටි කාල පරාසයක් තුළදී ජනතා විමුක්ති පෙරමුණට ඒ නිසා විශාල බලයක් ලබාදීමට ඒ වාගේම සෑම දිස්ත්‍රික්කයකම සන්ධාන ලැයිස්තුවේ ඉහළම මනාප සංඛ්‍යාව ලබාදීමට ප්‍රගතිශීලී ජාතික බලවේග මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පවා පියවර ගත්තේ ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු පිළිබඳ විශ්වාසය පළුදුවී ඇති බවට වන පණිවුඩය දීමේ අවශ්‍යතාවන් තිබු හෙයිනි.

එසේම එම සන්ධාන රජයේ අමාත්‍ය ධුර 04 ක් භාරදෙන ඉතාමත් සිත් ගන්නා සුළු ආකර්ෂණීය මෙහෙවරක් ඉටුකරමින්, ප්‍රගතිශීලී හා ජාතික බලවේගයන්ගේ අපේක්ෂා ඉටු කරමින්, දිගු ගමනකට මුල පිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සමත් විය. නමුත් 2004 දෙසැම්බර් 26 වැනිදා රට තුළට කඩා වැදුනු සුනාමිය 43,000 කට අධික ජීවිත සංඛ්‍යාවක් හා බිලියන ගණනක ආර්ථික අලාභයක් මාතෘභුමියට ගෙන දුන්නත්, දේශපාලන සුනාමියක් නිර්මාණය කිරීමට දායක වේ යැයි එදා කිසිවෙක් නොසිතුවාට කිසිදු සැකයක් නැත.

සුනාමිය කොටි සංවිධානයට සිදු කළ සමාජ ආර්ථික පාරිසරික හා දේශපාලනික හානිය අතිශය බියකරු විය. බෙදුම්වාදයෙන් කොටි සංවිධානය ඉවත් වන පසුබිමක් නිර්මාණය කිරීමට හෝ එය විනාශ කිරීමට උපායශීලී විය යුතුව තිබු රජය, කොටි සංවිධානය වඩ වඩාත් ශක්තිමත් කරමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලතලත් ඉක්මවා යමින් බෙදුම්වාදය කරා තවත් පියවරක් ඉදිරියට තැබීමේ පසුබිමක් නිර්මාණය කරදීමේ ක්‍රියාදාමයකට රටේ දේශපාලන නායකත්වය යොමු වුයේ ජාතික බලවේග විමතියට මෙන්ම බියට පත් කරමිනි.

සුනාමි සහන මණ්ඩලය එම ක්‍රියාදාමයයි. එහි අනතුර යථාර්ථවාදීව අවබෝධ කරගෙන ඊට එරෙහිව සටන් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රගතිශීලී හා ජාතික බලවේගයන්ට නායකත්වය දීමට රජයෙන් එළියට බැස්සේ අමාත්‍ය ධුර ද අත්හරිමිනි. එම සුනාමි සහන මණ්ඩල විරෝධීව ඇරඹුණු ප්‍රගතිශීලී ජාතික බලවේගයන්ගේ අරගලය විධිමත් ලෙසත්, බුද්ධිමය ලෙසත්, උපායශීලීවත් මෙහෙය වීමේ අග්‍ර ඵලය වුයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති පාලනයද නිමා කරමින්, ජාතික බලවේගයන්ට වඩාත් විශ්වාසය තැබිය හැකි, අපේක්ෂා තැබිය හැකි, නායකත්වයක් රටටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තෝරා ගැනීමය.

එහිදී ප්‍රගතිශීලි, ජාතික බලවේගයන්ට විශාල ශක්තියක් ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ මුළු වැර යොදවමින් කටයුතු කළේ මේ රටේ ප්‍රගතිශීලීන්ගේ ප්‍රසාදයටත්, විශ්වාසයටත් දැඩිව පාත්‍ර වෙමිනි. එය සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පවා කකුලෙන් අදිද්දී වීමත් සුවිශේෂ කාරණයකි.

මේ ආකාරයට 2005 නොවැම්බර් මාසයේදීද මෙරට විධායක ජනාධිපති ධුරයට තරගය පවතිද්දී, එම මැතිවරණ සටන බෙදුම්වාදී විරෝධී කඳවුර වශයෙන් කඳවුරු දෙකකට මුළුමහත් රටම බෙදී ගිය ආකාරය මෙහිලා සිහිපත් කිරීම වටී. බෙදුම්වාදයට එරෙහි පිළට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂයන්ගෙන් මේ රටේ ප්‍රගතිශීලී හා ජාතික බලවේග අපේක්ෂා කළ එකම හා ප්‍රමුඛතම කර්තව්‍යය වුයේ බෙදුම්වාදයේ පෙරමුණු දෙක වු ත්‍රස්තවාදී පෙරමුණ හා දේශපාලන පෙරමුණ තීරණාත්මකවම විනාශ කර, රටට තිරසාර සාමය සහජීවනය පෙරදැරි කරගත් සංවර්ධනයක් ඇති කිරීමය.

එම කර්තව්‍යය ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීම උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ව වෙස් මුහුණු පැළඳ ගත් බෙදුම්වාදීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් ආරක්ෂාකර ගැනීමත් අත්‍යවශ්‍ය සාධකයක්ව තිබිණි. ඒ වාගේම එම ක්‍රියාදාමයේ දී දේශීය හා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගයන්ට මුහුණදීම උදෙසා ශක්තිමත්, විශ්වාසවන්ත රජයක් තිබීමත් අත්‍යවශ්‍ය කොන්දේසියක්ව තිබිණි. එහිදී මෙරට ප්‍රගතිශීලී හා ජාතික බලවේග ජනතා විමුක්ති පෙරමුණෙන් සුවිශාල වගකීමක්, කාර්යභාරයක් අපේකෂා කළ බවත් රහසක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණ පොට පටලවා ගනුයේ එතැන් සිටය. මාක්ස්වාදී චින්තනයෙන් පෝෂණය වු විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙසින් ගොඩනැඟුණු ජනතා විමුක්ති පෙරමුණ, මේ රටේ දුර දැක්මකින් යුත්, උපායශීලී දේශපාලන ව්‍යාපාරයක් විය යුතුමය. ඒ වාගේම කාර්යකෂමතාව සේම, නම්‍යශීලීත්වයත්, නිහතමානීත්වයත් නිර්මාණශීලීත්වයත් සාම්ප්‍රදායික පක්ෂවලට වඩා තිබිය යුතුමය. සෙසු සාම්ප්‍රදායික පක්ෂ වලින් ජනතා විමුක්ති පෙරමුණ වෙනස් විය යුත්තේ එවැනි සුවිශේෂ ගුණාංග වලින් විනා, ඇඳුමින්, කොණ්ඩෙන්, රුවුලෙන් හෝ වචන වලින් නොවිය යුතුව තිබිණි.

මුලික වශයෙන් මහින්ද රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මාක්ස්වාදී රජයක් පිහිටුවිය නොහැකි බවත්, ශක්තිමත් ප්‍රගතිශීලී රජයක් පිහිටුවා ගැනීමට හොඳටම ප්‍රමාණවත් බවත් අවබෝධ කරගත යුතුව තිබිණි. පවත්නා විවෘත අර්ථ ක්‍රමයේ සාධනීය ලක්ෂණ පෝෂණය කරන, සෘණාත්මක ලක්ෂණ පිටු දකින, ජාතිකවාදී රජයක් නිර්මාණය කර ගැනීම යුගයේ කාර්යභාරය බව අවබෝධ කරගත යුතුව තිබිණි.

ඒ වාගේම 2000 ඔක්තෝබරයේ ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාව වු 10, 2004 අප්‍රේල් 02 දා වන විට 41 දක්වා වර්ධනය වුයේ ප්‍රගතිශීලී ජාතික බලවේග අගය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගෙන් විනා, ජනතා විමුක්ති පෙරමුණේ "පංති දේශපාලනය" ප්‍රිය කළ ගරු කළ, වැළඳ ගත් සාමාජිකයන්ගෙන් නොවන බව යථාර්ථවාදීවත්, නිවරුදිවත් අවබෝධ කරගත යුතුව තිබිණි. නමුත් 2005 ජනාධිපතිවරණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ පිළිවෙත්, ගත් ක්‍රියාමාර්ග තුළින් රට හමුවේත්, විශේෂයෙන්ම ප්‍රගතිශීලී ජාතික බලවේග හමුවේත් ගෙනහැර පෑවේ කෙබඳු තත්ත්වයක්ද?

දේශපාලන කෙෂ්ත්‍රයේදී මතුවන ඕනෑම කටුක, දුෂ්කර, කායික, මානසික තත්ත්වයකට ඔරොත්තු දීමේ ගුණය විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයකට තිබිය යුතුය. මාක්ස් ලෙනින්වාදී විප්ලවීය පක්ෂයක් විය හැක්කේද එවැන්නකටය.

මෙරට ප්‍රගතිශීලී හා ජාතික බලවේග මහින්ද රාජපක්ෂයන් ගෙන් ඉටු කර ගැනීමට අපේකෂා කළ කටයුතු කරවා දීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණටද පැවරී තිබිණි. එම වගකීම ඉටු කිරීමේදී ජනතාව තැබු විශ්වාසය ආරක්ෂා කරමින්, නම්‍යශීලීවත්, උපායශීලීවත් ක්‍රියාකිරීමේ හැකියාවක්, ශක්තියක් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට තිබිය යුතුව තිබිණි. එහිදී ප්‍රගතිශීලී ජාතික බලවේගයන්ගේ අපේක්ෂා පිළිබඳ තක්සේරුවක් සේම, තම පක්ෂය පිළිබඳ නිවැරුදි තක්සේරුවක් ද එම නායකත්වයට තිබිය යුතුව තිබිණි.

නමුත් ගෙවී ගිය කාලය තුළ ඔවුන් ගත් තීරණ, නිගමන, ක්‍රියාමාර්ග තුළින් රට හමුවේ ඔප්පු කළේ එවැනි නිවැරුදි තක්සේරුවක් ඔවුන් සතුව නොතිබු බවය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටන මානුෂීය මෙහෙයුමක මුහුණුවරින් හෝ ඇරඹීමෙන් පසුව, ඔහුට සටන් කිරීමට සිදු වුයේ පෙරමුණු දෙකකය. එක් පෙරමුණක් සටන්බිමේ තිබු අතර, අනෙක් පෙරමුණ වුයේ දේශීය හා විදේශීය බෙදුම්වාදී දේශපාලන පෙරමුණුය. එය අතිශයින්ම සංකීර්ණ වු අතර රජයේ සර්වපාක්ෂික සමුළුවට පවා එම බලවේග රිංගා ගෙන ඇති අයුරු ප්‍රකටය.

යුදමය වශයෙන් කොටි සංවිධානය පරාජය වුවත්, ඔවුන්ගේ දේශපාලන පෙරමුණේ ශක්තිමත් භාවය සුළුවෙන් තැකිය යුතු නැති බව මේ දිනවල ශ්‍රී ලංකා රජයට එල්ල වන ජාත්‍යන්තර බලපෑම් තුළින් වුව සනාථ වේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සරණාගත කොමිසම, මානව හිමිකම් කොමිසම පවා ලංකාවේ ප්‍රශ්නයට මැදිහත් කිරීමට සුවිශේෂ බලපෑම් සිදු වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ ව්‍යවස්ථාවට අනුව රටක අභ්‍යන්තරයේ පවතින අර්බුදයකට පවා මැදිහත් වීමේ නීතිමය බලයක් පවතී. එය ඉතා අනතුරුදායක තත්ත්වයකි. එම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල දී හැසිරීම දේශපාලන වේදිකාවක හැසිරෙන තරම් ලෙහෙසි පහසු නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජගත් මටිටමේ සංවිධාන මෙන්ම බලවත් ජාතීන් වෛර කර ගනිමින් මෙම අර්බුදය අප අපේක්ෂා කරන ආකාරය ජය ගැනීම පහසු නැත. අතිශයින්ම උපායශීලී විය යුත්තේද එහෙයිනි.

මෙවැනි තීරණාත්මක අවස්ථාවක දී ප්‍රගතිශීලි හා ජාතික බලවේගයන්ගෙන් ජනතාව අපේකෂා කරනුයේ සෙසු සියලු දේ දෙවැනි තැනට තබා, බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මෙන්ම, බෙදුම්වාදී දේශපාලන පෙරමුණෙන් මාතෘ භුමිය තිරසාර ව මුදා ගැනීමටය. ඒ සඳහා ජනාධිපතිතුමාට ශක්තියක් ලබාදීමටය. දෙවැනි ලෝක සංග්‍රාම සමයේදී ස්ටාලින් චර්චිල් හා රුස්වෙල්ටි එක්ව කටයුතු කළේද එම සත්‍යයට ගරු කරමිනි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රගතිශීලීන් හා ජාතික බලවේග අපේකෂා කළේ එම කාර්යභාරයය.

රාජ්‍ය බලයට මුවා වී ඇතැම් අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් දුෂණ අක්‍රමිකතාවන්හි යෙදෙන බව රහසක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම ප්‍රගතිශීලි කඳවුරෙ\ පිරිස් එදා ජනතා විමුක්ති පෙරමුණට මනාප ලබාදී පෙරමුණට ගත්තේද එහෙයිනි.

මේ අවස්ථාවේ දී රටටත්, ජනතාවටත් මුලිකවම අවශ්‍ය වී ඇත්තේ බෙදුම්වාදයෙන් පරිපුර්ණ ලෙස මාතෘභුමිය මුදා ගැනීම බව මෑතකදී පැවැත්වු පළාත් සභා 04 ක මැතිවරණවලදී දැක්වු ප්‍රතිචාර තුළින් මනාව පැහැදිලිවේ.

ජනහද ගැස්ම අවබෝධ කර ගැනීම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් අසමත් වන්නේ නම්, එය හරිම ඛෙදවාචකයකි. යුගයේ ජනහද ගැස්ම අවබෝධකර ගැනීමට අසමත් වන දේශපාලන ව්‍යාපාරයකට අත්විය හැක්කේද ඩාර්වින්ගේ සිද්ධාන්තයම විනා යමක් නොවන බව ශ්‍රී ලංකාවේ පැරණි වමේ ව්‍යාපාරයට අත්වු ඛෙදජනක ඉරණම පවා සාකෂි දරයි.

ජනතා විමුක්ති පෙරමුණ තවමත් ප්‍රමාදවී නැත්තේ එය ලාංකීය දේශපාලනය තුළ පැවතිය යුතුය යන්න මේ රටේ ප්‍රගතිශීලි හා ජාතික බලවේගයන්ගේ අපේකෂාවක් ලෙසින් තවමත් පවතින හෙයිනි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ වඩාත් වැදගත් වනුයේ ජන පදනමය. ජන පදනම තුළින් බලය නිර්මාණය වේ. එම බලය පාදක කරගෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මග සැලසේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එය පටලවා ගෙන ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵල තුළින් සනාථ වේ. එම ප්‍රතිඵල පිළිබඳ අර්ථකථන ද ඊට සාකෂි දරයි.

දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යුහය තුළ ලෙයින් යකඩින් මර්දනයට ලක්ව, ලෙයින් දහදියෙන් නැවත නැවතත් ගොඩ නැගුණු මේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ අනාගත පැවැත්ම තීරණය කරනුයේ මෙම ප්‍රායෝගික සත්‍ය අවබෝධ කර ගන්නා ප්‍රමාණය මතය.

ජනතාව ගොඩනගා දුන් සංධානයෙන් ඉවත්ව, එය විවේචනය කරමින්, පහර දෙමින් වැරදි නිවරදි කර ගත හැකිය යන මතයේ පිහිටා කටයුතු කළද, එමගින් සිදුවනුයේ ප්‍රගතිශීලීන්ගේ වෛරයට පාත්‍රවීම පමණි. මාතෘ භුමියේත්, ජනතාවගේත් පොදු හතුරා වන බෙදුම්වාදයට එරෙහිව පෙළ ගැසී, ආණ්ඩුව තුළ ආදර්ශමත් කාර්යභාරයක් ඉටු කිරීම, ප්‍රගතිශීලී ජනයා අපේකෂා කළේ එහෙයිනි. චීනයේ ජපන් ආක්‍රමණයට එරෙහි මාවෝ හා චියැං කායිෂේක් එක්ව ලබාදුන් ආදර්ශය, කාම්බෝජයේ පොල් පොටි පාලනයට එරෙහිව නොරදම් සිහිනුක්, හොන්සන් එකතුව ලබාදුන් ආදර්ශයද සිහියට ගැනීම වැදගත් වනුයේ මෙම පසුබිම තුළය.

ඌවතැන්නේ සුමන ස්ථවිර
සභාපති : දේශමාමක ජාතික බලවේගය
(දිවයින_09/04/04)
පසුවදන_අද මෙරටින් ත්‍රස්තවාදය අතුගාදැමීමට ඉතා ම ආසන්න ය. මේ ජය මාවතට රට ගෙන ඒමට වැඩියෙන් ම දර දිය ඇද්දේ ජවිපෙ බව අප අමතක කළ යුතු නැත. එහෙත් ඔවුන් සටන අතරමග වල්මත් විය. අද ඔවුන් සිටින ස්ථාවරයට මම එකඟ නොවන අතර ඔවුන් වැටී ඇති ආගාධය ගැන මම කනගාටු වෙමි. මේ පීලි පැනීම ඔවුන් නිවැරදි කරගත යුතු ය. නැතිනම් වඳවී යාම වළක්වන්නට කිසිවෙකුට නොහැකි වනු ඇත. ජවිපෙ ගමන් මග ගැන ලියැවුණු මේ ලිපිය මෙහි පළ කරන්නේ ඔවුන් නැවත නිසි මගට පිවිසෙනු දකින්නට ඇති කැමැත්ත නිසා ම ය.

Thursday, April 2, 2009

අප්‍රෙල් 1 වන දා සමරමු !!!

බොරුවට සමානාර්ථ සේ ගැනෙන වදන් සමූහයක් සිංහලයේ ඇත. ඒ ඒ බොරුවේ ප්‍රමාණය අනුව මේ වදන් යෙදෙයි. පච, බින්න, නයි, බේගල්, අමූලික බොරු, පට්ටපල් බොරු, ගල් පැලෙන බොරු, ගජබින්න, ටොම් පච ඉන් කිහිපයකි. බොරුවේ ප්‍රමාණය කෙතරම් වුවත් බෞද්ධයා බොරුකීම වරදකි. ගිහි බෞද්ධයා ආරක්ෂා කළ යුතු පංච ශීලයේ සිව් වන සිල් පදයෙන් එය කියවේ. එහෙත් අද මෙරට බෞද්ධයෝ මෝඩයාගේ දිනය සමරමින් බොරු කියති. පුංචි බොරුවේ සිට ටොම් පචය දක්වා විවිධ ප්‍රමාණයේ බොරු කියමින් විශාල වින්දයක් ලබති. වෙනත් වචනවලින් කියතොත් විනෝදයට පන්සිල් බිඳිති. ඒ අතර ප්‍රසිද්ධ ජනමාධ්‍ය ද ඇත.

පිරිත් සජ්ඣායනයේ දී දේශනා කරන ආටානාටිය සූත්‍රයේ පළමු කොටස සතර වරම් දෙවියන් විසින් දේශනා කරන ලද්දකි. එහි පැවසෙන්නේ ඇතැම් නීච දෙවිවරු බුදුන්ට අකමැති බව ය. ඒ බුදුන් බොරු නොකියන්නැයි දේශනා කරන නිසා ය. ඒ යකුන් නිතර බොරු කියන නිසා ය. අපාය ද දිව්‍ය ලෝකය ද අප අවට ඇත. එහෙයින් දෙවිවරු ද යකුන් ද කුම්බාණ්ඩයින් ද ගෙවළයින් ද අත අතර ම සිටිති. ඒ ඒ අය තම තමන්ට ගැළපෙන දින තෝරාගෙන සමරති.

සුද්දා තව ටික දොහකින් ‘දෙමාපියන්ට පහරදීමේ දිනයක්’ ප්‍රකාශට පත් කළහොත් එය සමරන්න ද මේ රටේ අම්බරුවන් එකත්පස්ව පෙළ ගැසී සිටින බව පැහැදිළි ය. අප මේ දින සමරන්නේ කුමට ද? එහි ඵලය කුමක් ද? ඒ දින සැමරුම් අපට ගැළපේ ද යන්න පිළිබඳ හාංකවිස්සියක් ඔවුන්ට නැත. අනුන් කරන කරන දේ කරන මේ දීන වඳුරු මානසිකත්වය, පන්සිය වසරක යටත්විජිතවාදයේ උරුමයයි.

බුදු රජුන් ගස් ගල් වැදීම තහනම් කළැයි ද එහෙයින් බෝධි වන්දනාව බෞද්ධ දර්ශනයට පටහැනි යයි ද කියමින් කෑ ගසන මහා බෞද්ධ උපාසකවරු ඊට එරෙහිව කිසිවක් ලීවේ ද නැත. ඒ අන්කිසිවක් නිසා නොව තමන්ට ම කියා දිනයක් වෙන්කර තැබීමේ ගර්වයෙන් හා අභිමාණයෙන් විය යුතු ය.

සැබවින් ම අප්‍රෙල් 1 වන දා සැමරිය යුත්තේ ජාතික ශෝක දිනයයි. ඒ රටක මෝඩයින් වැඩිවීම මහා කරුමයක් වන හෙයිනි.

Wednesday, April 1, 2009

ගල්අඟුරු බලාගාර හෙවත් නැව ගිලුනත් බෑන්චුන්

පෙරවදන_අපේ රටේ දේශපාලකයින් ජනහිතකාමී වන්නේ ද පරිසර හිතකාමී වන්නේ ද විපක්ෂයේ සිටින විට ය. බලය නැති විට ය. බලය ඇති තුරා ඔවුහු මාරයින් ලෙස හැසිරෙති. ඔවුන් විපක්ෂයට ගිය වහා යළි රටේ අනාගතය පෙනෙන්නේ පටන් ගනියි. ඒ වෙනුවෙන් දිවිහිමියෙන් සටනට සුදානම් වෙති. 1993 රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙනා යූඇන්පිය, අද රාජ්‍ය සේවක කඩඉම් විභාගයට 6වරක් පමණ පෙනී සිට අසමත් වන්නන්ගේ සේවය අවසන් කිරීමට එරෙහිව කිඹුල් කඳුලු හෙළීම පසක් කරන්නේ ඒ සත්‍යයයි.

එම විභාගයෙන් 6 වරක් අසමත් වන්නෙක් යම්කිසි සේවාවක් නිවැරදිව කරන්නේ කෙසේ ද? රාජ්‍ය සේවය පිරිහෙන්නේ ඔවුන් නිසා නොවෙ ද?එවැනි පිංගුත්තරයින් රාජ්‍ය සේවයට රිංගවන්නේ ඉන්තේරුවෙන්ම දේශපාලකයින් ය. දේශපාලන පන්දම්කාරයින් ලෙස රාජ්‍ය සේවයට පිවිස ඇති මෝඩයින් මේ පනතට එකඟ නොවනු ඇත. ඒ තමන්ට කිසිදා විභාගයක් සමත් කළ නොහැකි බව ඔවුන් දන්නා හෙයිනි. මෑත අතීතයේ යම් දේශපාලන පරිනත බවක් ප්‍රකට කළ ජවිපෙ ද අද හුදු මෝඩ ජනප්‍රියතාව පසුපස දුවමින් 'මේ රටේ මෝඩයින්' සමග අත්වැල් බැඳගැනීම කෙතරම් උත්ප්‍රාසජනක ද?

එහෙත් අද මෙහි ලියැවෙන්නේ බලයේ සිටියදී ම රට ගැන හිතා දේශපාලකයෙක් ගත් තීන්දුවක් ගැන ය. ඔහුගේ ඇතැම් දේශපාලන අදහස් සමග අපේ එකඟතාවක් නැත ද ඔහු කළ හොඳ දේ හොඳ යයි කියන්නට අප පැකිළෙන්නේ නැත. මේ ඒ ගැන ලියවුණකි.

නොරොච්චෝලේ සහ සාම්පුර්වල ඉදිවන ගල්අඟුරු බලාගාර දෙකට අමතරව ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට නියමිත මීළඟ ගල්අඟුරු බලාගාරයට විරුද්ධව පාරිසරික සහ ස්වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ක්‍රියා කිරීම හේතුවෙන් එය අත්හිටුවීමට සිදුවීම ගැන වැදගත් ප්‍රවෘත්තියක් අසන්නට ලැබිණි. ජනමාධ්‍ය තුළින් එතරම් ප්‍රචාරයක් මේ සඳහා ලැබී නොතිබුණද, පාරිසරික ඇමැතිවරයාගේ මෙම විරෝධය තදින් විමසා බැලිය යුතු කාරණයකි. එසේම ඔහුගේ මෙම තීරණය පරිසරවේදීන්ගේ ප්‍රශංසාවට බඳුන් විය යුතු සහ ජගත් අවධානයට ලක්විය යුතු කාරණයක් ද වෙයි.

පාරිසරික ඇමැතිවරයා තම රජය මගින්ම සැලසුම් කළ මෙවන් වැදගත් ව්‍යාපෘතියකට විරෝධය පළකොට එය අත්හිටුවීම දක්වා ක්‍රියා කළේ ඇයිද යන්න බොහෝ දෙනකු විමසීමට බඳුන් කරනු නොඅනුමානය. සැබැවින්ම අපට කියන්නට ඇත්තේ ද ඔහුගේ මෙම තීරණය අනාගතය දෙස බලා අනාගත පරම්පරාව දෙස බලා ගහේ - කොළේ, මේ මහ පොළොවේ හෙට දිනය ගැන සිතා ගත් දුරදර්ශී තීරණයක් බවයි.

මේ පිළිබඳව අප පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගෙන් විමසීමේදී ඔහු එය වඩාත් විග්‍රහ කළේ මේ අයුරිනි.

"රටේ දැන් විදුලිබල අර්බුදයක් පවතින බව සැබෑව. ඒ නිසා තමයි අපි අනිකුත් බලාගාරවලට අමතරව නොරොච්චෝලේ සහ සාම්පුර්වල ගල්අඟුරු බලාගාර දෙකක් හදන්න එකඟතාව පළ කළේ. එහෙත් අප පිළිගත යුතුයි ගල්අඟුරු දහනයේදී අතිවිශාල ප්‍රමාණයක් හරිතාගාර වායුන්, දුෂකකාරක මේ වායු ගෝලයට මුදාහැරෙනවා. මේ මගින් අම්ල වැසි ඇතිවෙන්න ඉඩකඩ වැඩියි. ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න අපි උදව් කරනවා. ඒකේ ප්‍රතිඵල සමස්ත ලෝක ජනතාවට වගේම අපිටත් නැවත කැරකිලා බලපානවා. අයිස් කඳු දියවෙලා. මුහුදු මටිටම වැඩි වෙනකොට අපේ වගේ දුපත් රටවල් මුහුදු වතුරට බිලි වෙනවා. පානීය ජලයට කරදිය මුසු වෙනවා. කලපු, කෙත්වතු කරදියට හසු වී ආහාර නිෂ්පාදනය අඩාල වෙනවා. ජෛව විවිධත්වය හානියට ලක්වෙනවා. ලෝකයම විනාශයට ඇදගෙන යනවා. කොටින්ම පරිසරයට මුදාහරින ඒකපුද්ගල කාබන් ප්‍රමාණය තවත් විශාල ලෙස අපි වැඩි කරනවා.

මිහිතල උෂ්ණත්වය පාලනය කරන, වායුගෝලයට හරිතාගාර වායු දුෂක වළක්වන්න තීරණය කරපු "කියොතෝ" සම්මුතියට අපිත් අත්සන් කර තියෙනවා. එක් පැත්තකින් ඒවාට සහාය දෙමින් තවත් පැත්තකින් වායු ගෝලය දුෂණය කරන්න අපට බැහැ. අපි වචන දෙකක් කියන, එකක් කියල තව එකක් කරන ජාතියක් නෙමේ. ඒ නිසා තවත් ගල්අඟුරු බලාගාරයකට යන්නට අපට උවමනා නැහැ.

අනිත් කරුණ තමයි 2015 පමණ වන විට අපේ රටේ විදුලිබල අතිරික්තයක් ඇතිවෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. ඉහළ කොත්මලේ වැනි බලාගාර හැදෙනවා. එවන් තත්ත්වයක් තුළ විදුලිබල කෙෂ්ත්‍රයේ පණ්ඩිතයින් තමයි මේ වගේ අනවශ්‍ය ගල්අඟුරු බලාගාරවලට උපදෙස් දෙන්නේ, විදුලිබල අතිරික්තයක් ඇති නොවේ කියනව නම් ඒ ඕනම කෙනෙක් සමඟ මා විවාදයකට එන්න සුදානම්.

ඉතින් ඇයි තවත් පරිසරය විනාශ කරන බලාගාර හදන්නේ. ඇයි අපට පුනර්ජනනීය බලශක්තිය පැත්තට යන්න බැරි. ලෝකයම පරිසරය රුකගන්න, මහපොළොව රුකගන්න කතා කරනවා. ජල විදුලිය, හිරු රශ්මිය, සුළං බලශක්තිය, ජෛව ඉන්ධන ගැන කතා කරනවා. ඒ විතරක් නෙමේ අපිත් කතා කරනවා. කතා කර කර අපි රිවස් එකට යනවා. ලෝකයෙන් ඉවත්වෙලා යන පොසිල ඉන්ධන ගැන කතා කරනවා. එක්දහස් අටසිය ගණන්වල තිබුණු ගල්අඟුරුවලට අපි ආයිමත් යනවා. "මොකක්ද මේකෙ තේරුම" ඇමැතිවරයා පැවැසීය.

ඒකපුද්ගල කාබන් විමෝචනය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පහළ මටිටමකය. අපේ රටේ පුද්ගලයකු වාර්ෂිකව පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය කිලෝග්‍රුම් 600 කි. එහෙත්, ඔබ දන්නවාද? එක් ඇමරිකානුවකු වාර්ෂිකව කාබන් කිලෝග්‍රුම් 24000 ක් පරිසරයට මුදාහරී. ලෝක ගෝලය උණුසුම් වී අද අප වැනි රටවල් මුහුදේ අණසකට යටවෙද්දී තවමත් කියොනෝ සම්මුතියට පයින් ගසා සිටින්නේ ද මේ මහා දුෂකයාමය.

එහෙත්, හෙළයින් ලෙස අනාදිමත් කලක පටන් පරිසරය සමඟ දිවි ගෙවු අපට පරිසරයට එරෙහි විය නොහැකිය. කොටින්ම වෙනත් විකල්පයක් තිබුණා නම්, නොරොච්චෝලේ සහ සාම්පුර් ගල්අඟුරු බලාගාර දෙකටත් අප ඉඩ නොදිය යුතුව තිබිණි. පාරිසරික ඇමැතිවරයා කියන පරිදි ඒ බලාගාර දෙකට ඉඩ දුන්නා හොඳටෝමත් ඇතිය. තවත් පව් නම් අප නොකළ යුතුය. තවත් පරිසර විනාශයක් නම් අප නොකළ යුතුය. විනාශයේ හවුල්කරුවන් නොවිය යුතුය.

අපේ අනාගත බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය විය යුතුය. එනම් නැවත නැවත ජනනය කළ හැකි, එහෙත් පරිසර හිතකාමී ක්‍රමවේද වෙත යොමු වීමය. පරිසර අමාත්‍යාංශය හරහා දැනටමත් ජීව ජවය නමින් වැට එඬරු වැනි ජෛව ඉන්ධන ශාක වගා කිරීම අරඹා ඇත. අප තාමත් සිටින්නේ සුර්ය විදුලි නිෂ්පාදනයේ අගු පිලේය. සුළං විදුලි නිෂ්පාදනයෙහි ඇත්තේ දශම ගණනක සාර්ථකත්වයකි. මුහුදු රළ බලය ගැන හිතාවත් නැත. එහෙත් "හක්කේ බුදු රුස් බොක්කේ දඩමස්" කියන්නාක් මෙන් පරිසරය ගැන හිත හිතා පරිසරය ගැන කිය කියා අප කරන්නේ වෙනත් දෙයකි. රටට ලෝකයට ගැලපෙන දෑ තිබියදී තවත් කොටසක් විශ්වාසය තබන්නේ බලශක්තියේ දෙවියා ගල්අඟුරු හෝ වෙනත් තාප බලාගාරයක් බවය. බොහෝ විට ඒ දෙවියන්ටත් වඩා දෙවියන්ගේ මලනුවන් ගැන සිතා විය හැකිය. රටේ බලශක්තිය පිළිබඳව අවශ්‍ය වන්නේ නම් විවාදයකට වුව සුදානම් බව පරිසර ඇමැතිවරයා පවසන බැවින් මේ පුවතේ පසුබිම අපට දැන් පැහැදිලිය.
ජගත් කණහැරආරච්චි
(දිවයින_09/04/02)
 
සිය රට දේ සිරි සැප දේ !