Thursday, July 30, 2009

අලි අපරාධ - 2 ධර්ම සාක්‍ෂිය සහ හෘද සාක්‍ෂිය

පින්නවල අලි අනාථාගාරයේ ඉපිද, එහිම ඇති දැඩි වෙමින් සිටි කිරි බොන වයසේ ඇත් පැටවුන් දෙදෙනකු ඇත් මවුවරුන් දෙදෙන විලාප තබද්දී යුද හමුදාව සහ පොලු මුගුරු ගත් සාහසිකයන් යොදවා රැගෙන යැම පිළිබඳව "දිවයිනේ" පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ ගරුතර මහා නායක තිබ්බටුවාවේ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ ගරුතර මහා නායක උඩුගම බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් එවන ලද කරුණු දැක්‌වීමක්‌ ඊයේ (30 වැනිදා) දිවයින මුල් පිටුවේ පළ වී ය. මෙරට බුද්ධාගමේ මුදුන් මල්කඩක්‌ බඳු ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ උතුම් භාරකරුවන් වන උන්වහන්සේ දෙනමගේ සිත් තුළ ධර්ම සංවේගයක්‌ ඇති කිරීමට අපගේ ප්‍රවෘත්තිය ඉවහල් වී නම්, උන්වහන්සේලාගේ පා දස දහස්‌ වාරයක්‌ නමැද සමාව ඉල්ලීමට අප සූදානම් ය. එහෙත් මේ සිද්ධිය පිටුපස සිටින ගිහි හොරුන් සහ අලි බිස්‌නස්‌කාරයන් පිළිබඳව අපගේ ස්‌ථාවරය කිසි කලෙකත් වෙනස්‌ වන්නේ නැත. මෙවැනි සොරුන්ට අපායේදී අනුභවයට ලැබෙන්නේ ගිනි අඟුරු ය. අඳින්නට ලැබෙන්නේ රතු පැහැයෙන් දිලෙන ගිනියම් වූ ලෝහ ඇඳුම් ය. ඔවුන් එහිදී වචනයක්‌වත් කීමට කට ඇරියොත් වහා ලෝ දිය වත් කරනු ලැබේ.

ගරුතර මල්වතු - අස්‌ගිරි නායක හාමුදුරුවන් වහන්සේ දෙනමද මෙරට වැඩ සිටින සෙසු සියලු බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ද දන්නා පරිදි මේ රටේ අලි හොරුන් සුදු අඳින්නට පෙර සිටම "දිවයින" රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටියේ ය. සිංහල ජාතිය හා බුද්ධාගම ගැන කතා කිරීම පාපයක්‌ව තිබූ සහ බෝම්බ පහර කෑමට තරම් වරදක්‌ව තිබූ සටන් විරාම කාලයේදී පවා "දිවයින" පෙර කී කාරණා සම්බන්ධයෙන් පෙනී සිට එකල පැවැති රජයේ උදහසට ලක්‌විය. ඉතින් ගරුතර හාමුදුරුවනේ "දිවයින"ට නැතිවන්නට දෙයක්‌ ඇතොත් ඒ වූ කලී රට ජාතිය හා ආගම ය. ඒ උතුම් ත්‍රිත්වය රැක ගැනීමට "දිවයින" දිවි හිමියෙන් ක්‍රියා කරනවා ඇත.

මේ නිවේදනයට ගරුතර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් අත්සන් කළත් ඒ නිවේදනය පිළියෙළ කළේ වෙනත් පාර්ශ්වයක්‌ බව අපි දනිමු. ඔවුන් ගරුතර ස්‌වාමීන් වහන්සේ දෙපළ නොමඟ යවා ලියෑවිල්ලට අත්සන් ලබාගෙන ඇති බව අපගේ විශ්වාසයයි. දළදා මාලිගාවට ඇත් පැටවුන් දෙදෙනකු ලබා ගැනීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් රජය අවසර ලබා දුන් බව ඇත්ත. එහෙත් ඇත් මවුවරුන්ගෙන් කිරි උරා බොන පැටවුන් කැඳවාගෙන එන ලෙස එම නියෝගයේ නැත. මේ ඇත් පැටවුන් ප්‍රවාහනය කිරීමට යුද හමුදාව කුමටද? මෙය සෙනසුරාදා දහවල් කාලයේදී සිදු නොකර රාත්‍රි කාලයේදී සිදු කළේ ඇයි? කිරි බොන දරුවකු මවකගෙන් වෙන් කිරීම බුදු වදනට කළ ගැරහුමකි.

ගරුතර මහා නායක ස්‌වාමීන් වහන්සේගේ නමින් නිකුත් කර තිබූ නිවේදනයේ සඳහන් වන පරිදි, ඇත් පැටවුන් දෙදෙනා මවුවරුන්ගෙන් වෙන් කිරීමට එරෙහිව කතා කරන අය මේ රටේ බෞද්ධ ආගමික සංස්‌කෘතික මංගල්‍යයක්‌ සාම්ප්‍රදායිකව පවත්වාගෙන යැම නො ඉවසන අය වෙති. අප ගරුතර ස්‌වාමීන් වහන්සේගේ දෙපා නමැද කියා සිටින්නේ එබඳු කුමන්ත්‍රණකාරයන් උන්වන්සේලාගේ අතේ දුරින් දැනට වසර තුනක පමණ සිට ගැවසෙන බවයි. එහෙත් උන්වහන්සේ ඒ බව නො දනිති. ගරුතර හාමුදුරුවනේ, මේ රටේ සිටින සමස්‌ත ඇත් පරපුරමත්, මතු උපදින්නට සිටින ඇත් පරපුරත් දළදා මාලිගයට පූජා කිරීමට යෝජනාවක්‌ එන්නේද, අප සාධුකාර දී එයට එකඟ වෙමු. එහෙත් ඒ පූජාව කරන්නේ මස්‌ කඩ කාරයන් පින් කරන ආකාරයට නම් අප එයට විරුද්ධ වෙමු. ඇත් පැටවුන් දෙන්නා සම්බන්ධයෙන් නිකුත් කළ කැබිනට්‌ පත්‍රිකාවේ පිටපතක්‌ අප සතුව ද ඇත. රෑ හතට හමුදාව සමඟ පැමිණ කිරි බොන ඇත් පැටවුන් ගෙන යන ලෙස එහි නැත.

ගරුතර නායක ස්‌වාමීන්වහන්සේගේ දැන ගැනීම සඳහා තවත් කාරණයක්‌ කියමු. පැහැරගත් අලි පැටවුන් දෙදෙනා මෙල්ල කිරීම සඳහා උන්ට පහර දී රත් කළ යකඩ වලින් සිරුරු පුළුස්‌සා තිබේ. අපට තිබෙන එකම ප්‍රශ්නය මෙයයි. මේ සා වධ බන්ධනයට ලක්‌ කර ඒ කිරි සප්පයන් හිරකර ගාල් කර තබන්නේ කුමක්‌ සඳහා ද යන්නයි.

අපගේ වැටහීම නම් මේ පහත් ක්‍රියාව රජය හා ජනාධිපතිතුමා අපහසුතාවකට පත් කිරීමට ගත් කොන්ත්‍රාත්තුවක කොටසක්‌ බව ය. යන්තම් මේ රට ගොඩ ආවා පමණි. එය යළි වළට දමා අලින් ලවා පෑගවීමට යත්න දරන බව පෙනේ.

(දිවයින_09/07/31)

ටිප්පණිය_අලි පැටවුන්ට වූ අසාධාරණය ජනපතිතුමාගේ මැදිහත්වීමෙන් කෙළවර වී තිබේ. එහි අවශ්‍යතාව අපි පෙරදා අවධාරණය කළෙමු. මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් ද නොමග යවමින් යම් වසලයින් පිරිසක් නොහොබිනා වැඩක් කරතිබේ. උතුම් දළඳ වහන්සේගේ නම විකුණමින් මෙවන් නීච වැඩ කරන්නන් ගැන වහාම පියවර ගත යුතුය. මේ වූ කලී උතුම් දළඳාවට කළ නින්දාවකි. මල්වතු අස්ගිරි නාහිමිවරුන්ට ද කරන ලද නින්දාවකි.

පිරිහුණු අධ්‍යාපනයේ අඳුරු අනාගතය

අද ශ්‍රී ලංකාවේ දූෂිතම අංශය පොලිසිය නොව අධ්‍යාපනය වන අතර එහි වරද අධ්‍යාපන ඇමැතිවරයාගේ නොව 1970 දී බලයට පත් සමගි පෙරමුණ ආණ්‌ඩුව බව අවධාරණය කරමින් අද මේ තීරුව ආරම්භ කරමු. සිංහල ළමයා ඉතිහාසයක්‌ නැති ළමයකු බවට පත් කරමින් ඒ ආණ්‌ඩුව ඉතිහාස පාඩම විෂය මාලාවෙන් ඉවත් කළේ ය. සිංහල ළමයා භාෂාවක්‌ සහ සාහිත්‍යයක්‌ නැති ළමයකු බවට පත් කරමින් ඒ ආණ්‌ඩුව සිංහල සාහිත්‍යය පාඩම විෂය මාලාවෙන් ඉවත් කළේ ය. සිංහල ළමයා ප්‍රජාචාරය සහ භූගෝල විද්‍යාව නො දන්නා ළමයකු බවට පත් කරමින් ඒ ආණ්‌ඩුව ඒ පාඩම් දෙකම විෂය මාලාවෙන් ඉවත් කළේ ය. 1977 දී බලයට පත් උගත් නීතිඥ ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා බුද්ධ ධර්මය, සිංහල භාෂාව හා සාහිත්‍යය ගැන ඉංගිරිසියෙන් කියෑවූ විද්වතකු වූ බැවින් මේ රටේ අනාගත පරපුර අධ්‍යාපනයේ පිරිහීම නිසා විනාශ මුඛයට යමින් සිටින බව තේරුම් ගත්තේ නැත. එතුමා දුටුවේ එකම සිහිනයකි. ඒ ශ්‍රී ලංකාව සමාන්තර සිංගප්පූරුවක්‌ හෙවත් ආසියානු ආර්ථික බලවතකු බවට පත් කිරීමේ සිහිනයයි. ප්‍රභාකරන් පළමුවන බෝම්බය පිපිර වූ සැණින් ඒ සිහිනය කැබලි වී ජනතාවගේ හිස මතට පහත් විය. එයින් ඔලු තුවාල කරගත් අපි එදා සිටම විශ්ව ගම්මානය, ගෝලීයකරණය, පිටරටින් ගෙන්වන කදිම ක්‍ෂණික ආහාර මිලට ගැනීමට වත්කමක්‌ නො තිබීම සහ ඒ වත්කම ලබා ගැනීම සඳහා කෙසේ හෝ මුදල් සොයන ආකාරය ගැන කල්පනා කරමින් සිටියෙමු. ඒ අතර ලෝකය වෙනස්‌ වී, කාලය තවදුරටත් ඉදිරියට ගොස්‌ සා. පෙළ ගණිත විෂයයෙන් ළමයින් 45% ක්‌ අසමත් වන්නට පටන් ගත් විට සියලු දෙනාගේම පස්‌සා පැති ගිනි ගන්නට විය. අද කතාව එතැන් සිට ය.

උතුරු මැද පළාතේ මධ්‍ය වාර පරීක්‍ෂණය සඳහා 8 වැනි ශ්‍රේණිය වෙනුවෙන් මුද්‍රණය කර තිබූ බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ තිබූ සෝදුපත් දෝෂ සහ විෂය දෝෂ ගැන පසුගිය සතියේ පුවත්පත්වල පළවිය. ත්‍රිපිටකය වෙනුවට දේපිඨකය යන්න මුද්‍රණය වී තිබීමත්, පෙර සඳහන් දෝෂ සමූහයත් නිසා එම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලදී. ඒ අතරම විභාගයේ ඉතිරි කොටස පැවැත්වීම 28 වැනිදාට යොදා තිබූ නමුත් ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට මුද්‍රණය කර ගැනීමට නොහැකි වූ නිසා විභාගය අවලංගු කෙරිණ. මේ විභාගයේම නව වැනි ශ්‍රේණිය සඳහා බෙදා දුන් බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ ද දෝෂ බහුල විය. එහි බොහෝ තැන්වල "පිළිතුරු" යන වචනය මුද්‍රණය කර තිබුණේ "පිලිතුරු" යනුවෙන් මුර්ධජ ළි යන්න රහිතවය. "සන්‍යාසි" වෙනුවට "සන්නයාසි" ලෙසත් "බමුණා" වෙනුවට බමුනා ලෙසත් මෙහි සටහන්ව තිබිණි. වැරදි වශයෙන් ගණන් කළහොත් බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ ඇති වැරදි ගණන 20 ඉක්‌මවයි. මේ වැරදි ප්‍රශ්න පත්‍රය හැදූ පඬිරුවනට එක වරදට එක කස පහර සහ අවුරුද්දක සිර දඬුවම බැගින් දෙන ලෙස යෝජනා කරමු. මේ අඳුරු කෙරෙමින් පවතින්නේ ජාතියේ අනාගතයයි.

වසර 30 ක්‌ තිස්‌සේ පැවැති අඳුරු බෙදුම්වාදී යුද්ධය විසින් අපට බොහෝ දේ අමතක කරන ලදී. අධ්‍යාපනය සංස්‌කෘතිය පමණක්‌ නොව කෑම, ඇඳීම පවා අපට අමතක විය. අපි අතට අසු වූ දේ ගිල දමා අතට අසු වූ දේ ඇඳගෙන යුද්ධය දෙස කට ඇරගෙන බලා සිටියෙමු. අද යුද්ධය නිම වී ඇති අතර කට යළි තිබූ තැනට ගෙන අනාගතය දෙස බැලීමට අපට සිදු වී තිබේ. එසේ බලන විට අපට පෙනී යන්නේ පිරිහුණු අධ්‍යාපනයක්‌ සහ අඳුරු අනාගතයක්‌ නම් එයින් එහා වචනයක්‌වත් කතා කිරීමට අපට ඉතිරි වන්නේ නැත.

(දිවයින_09/07/30)

ටිප්පණිය_මේ ප්‍රශ්න පත්‍ර සැදූ අය 70 සහ 77 දරුවෝ ය. පෙර කී හේතු නිසා ඔවුන් විෂය දැනුමෙන් පමණක් නොව සමාජ දැනුමින් ද පිරිහී තිබේ. ඔවුන් කෙතරම් ආගාධයකට වැටී ඇද්ද යන්න පැහැදිළි වන්නේ බුදු රජානන් වහන්සේගේ මෘත දේහයක් ගැන කතා කිරීමෙනි. 77 සිට සිංගප්පූරු පාර දිගේ අප ගමන් කරන්නේ සංස්කෘතික කාන්තාරයක් කරා ද යන්න විමසා බැලිය යුතුය.

Tuesday, July 28, 2009

අලි අපරාධ!

එක්‌දහස්‌ අටසිය තිස්‌ ගණන්වලදී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පැමිණි භයානක මැරයන් දෙදෙනකු ගැන පොත්වල කියවූ දේ අපට සිහිපත් වේ. මේ මැරයන් දෙදෙනාගෙන් එකකුගේ නම මේජර් තෝමස්‌ විලියම් රොජර්ස්‌ ය. අනෙකා සැමුවෙල් බේකර් ය. පළමුවැන්නා ආසියාවේ සහ අප්‍රිකාවේ අලින් ජීවත්වන රටවල ඇවිදිමින් උන්ට වෙඩි තැබීමෙහි නිරත විය. රොජර්ස්‌ විසින් මෙසේ මරණ ලද අලි ඇතුන් ගණන 1500 ඉක්‌මවයි. ස්‌වභාවවේදියකු ලෙස හඳුන්වා ගනිමින් ලෝකය රැවැටූ දෙවැන්නා අලින් මෙන්ම ගෝනුන්, මුවන්, නරින් යනාදී සතුන්ට වෙඩි තබා මරමින් සතුටු විය. හෝටන් තැන්නේ ඇති දියඇල්ල උඩ කඳුගැටයට එන ගෝනුන්ට දිය ඇල්ලෙන් පහළට වැටෙන පරිදි වෙඩි තැබීම ඔහුගේ "වීරකම" විය. අද මේ ප්‍රාණඝාතක නරුමයාගේ නමින් ඒ දියඇල්ල බේකර් දියඇල්ල ලෙස නම් කර ඇත. මේ මහත්වරුන් දෙදෙනාගේ මිනී වළවල් දෙකෙන් එකකට අදටත් අකුණු සැර වදින බව දැනගන්නට තිබේ. ඒ, කාගේ වලටදැයි අපට මතක නැත.

වංශ ජනකතාවට අනුව සිංහලයා සිංහයකුගෙන් පැවැතෙන නමුත් තුන් සිංහලයේ සිංහලයා එදා සිටම ළඟින් ඇසුරු කළ සතා අලියා ය. තම දැවැන්ත ශක්‌තිය සහ බලය නොදත් මේ අහිංසක තිරිසනා දුටුගැමුණු රජතුමාට විජිතපුර සටන දිනවා දීමට උදව් කර තුන් සිංහලය එක්‌ සේසත් කිරීමේ ගෞරවය දුටුගැමුණු රජ සමඟ බෙදා හදා ගත්තේ ය. විජිතපුර සටනින් පසු කණ්‌ඩුල නමැති ඒ ඇතා කිසිදු කාර්යයකට නොයොදා නිදහසේ තැබීමට දුටුගැමුණු රජ නියම කළේය. ඉතා නිදහසේ සැපවත් ජීවිතයක්‌ ගතකර මියගිය කණ්‌ඩුල ඇතා දෙව්ලොව උපන් බව කියනු ලැබේ.

අප මේ සියල්ල ලිවුයේ මන්ද? පින්නවල අලි අනාථාගාරය තුළ සිදු වූ නීච ක්‍රියාවක්‌ ගැන ඊයේ (28 දා) "දිවයිනේ" පළ වූ පුවතක්‌ දැකීමෙනි. ඒ වූකලී පින්නවලදී උපන් පළමුවන ඇත් පැටවුන් දෙදෙනා ඇත් මවුවරුන්ගේ විලාප මැද පැහැරගෙන යැම පිළිබඳ පුවත ය. ඇත් පැටවුන් දෙදෙනා කිරි බොන වයසේ, එනම් අවුරුදු තුනක්‌ වයසැති පැටවු වූහ. ඇත් පැටවෙක්‌ සාමාන්‍යයෙන් වසර 05 ක්‌ මවගෙන් කිරි උරා බොයි. ඒ අතර ඇත් මවක්‌ වසර 05 ක්‌ යනතුරු කිරි නො වරයි. අලි පැටවුන් දෙදෙනා පැහැරගෙන යැමේ කටයුත්තට රජයේ ආරක්‍ෂක අංශ සහභාගි වූහ. එය ඒ මිනිසුන්ගේ රැකියාවයි. ඉහළින් එන නියෝග පිළිපැදීමට ඔවුහු බැඳී සිටිති.

අලි පැටවුන් පැහැරගෙන යැම පිළිබඳ කතාව පසුබිම ඇති කතාව මෙසේයá දළදා මාළිගා පරිශ්‍රය සඳහා ඇතුන් දෙදෙනකු ලබා ගැනීම සඳහා රජයට ඉල්ලීමක්‌ ලැබිණ. රජය එයට අනුමැතිය දුන්නේ ය. එහෙත් මවු ඇකයේ කිරි බොමින් සිටින ඇත් පැටවුන් යුද හමුදාව යොදවා පැහැරගන්නා ලෙස රජය කීවේ නැත. පින්නවල අලි පැටවුන් දෙදෙනා දෙස ඇස ගසාගෙන සිටි අධමයෙක්‌ මුග්ධ ඇමැතියකු සමඟ එක්‌ව ඇත් පැටවුන් දෙදෙනා පැහැර ගැනීමට සැලසුම් කළේ ය. මෙය අරක්‌කු ලයිසමෙන් කසිප්පු පෙරුවාක්‌ වැනි වැඩකි. ගස්‌ මැදීමට ඇති ලයිසමෙන් හොර පොල් කැඩුවාක්‌ වැනි කටයුත්තකි. ආණ්‌ඩුව අවසර දුන්නේ එක්‌ කාරණයකටයි. සිදුවූයේ තවත් දෙයකි. සිය මවුවරුන්ගෙන් වෙන් කරන බව දැනගෙන ක්‍රියාත්මක වීමේ හැකියාව මේ අලි පැටවුන්ට වී නම් ඉකුත්දා කොළඹ බාලිකා විදුහලක සිසුවියක්‌ ගුරුවරුන්ට බියෙන් ටයි පටියෙන් ගෙළ වැලලාගෙන සිය දිවි නසා ගත්තාක්‌ මෙන් උන්ද සිය දිවි නසා ගන්නවා ඇත.

මේ භයානක කොල්ලය ගැන දළදා මාළිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිර්මාංශාහාර භක්‍ෂණයෙහි නියුතු ගරු නිලංග දෑල බණ්‌ඩාර මැතිතුමා දැනුවත් කිරීම අපගේ යුතුකම ය. එතුමා මේ බව දැන සිටියේ නම් කිසි කලෙකත් මෙබන්දක්‌ සිදු වන්නේ නැත. පැජරෝ හත අටකින් ගොස්‌ අලි රංචුවල පැටවුන් වටකර උන් පැජරෝවල පටවාගෙනවිත් අලි හිමියන් සතු ඇතින්නියන්ගේ පැටවුන් ලෙස ලියාපදිංචි කිරීමේ ජාවාරමක්‌ ඇත. මේ සියලු කාරණාවලට ගරු ජනාධිපතිතුමා මැදිහත් විය යුතු කාලය දැන් පැමිණ තිබේ. මේ රටේ ඇත් පරපුර රටටම අයත් ජාතික වස්‌තුවකි. එය පැහැරගෙන විනාශ කිරීමට ඉඩ නොදෙමු.

(දිවයින_09/07/29)

ටිප්පණිය_කොටි විසින් මව් ඇකයේ සිටින දරුවන් උදුරා ලොරි රථවල ටයරයේ ගසා මරා දැමූ අඳුරු යුගය නිම විය. දැන් එවැනි ම නීච ක්‍රියාවක් තවත් නරුම පිරිසක් විසින් සිදු කර තිබේ. එය යහපත් අරමුණකින් කළා විය හැකි ය. එහෙත් එය අන්තිම අධම නීච ක්‍රියාවකි. මේ කුඩාවුන්ට සිදු වූ අසාධරණය ජනපතිතුමාගේ අවදානයට යොමු විය යුතුය. පෙර කල එළාර රජු ගව දෙනකට සිදු වූ අසාධාරණයක් සඳහා යුක්තිය ඉටු කළ අයුරු එතුමා දන්නවා ඇත. නැතහොත් පසුකලක මේ අධමයින් සිහිවනු පිණිස බේර්කර්ස් ඇල්ල මෙන් සිහිවටන නම් කරනු ඇත.

Monday, July 27, 2009

වහාම අවධානය යොමු කළ යුතු කියුබන් අවවාදය

ධනවාදී රටවල්වල බොහෝ බාධක මත දණින් නොවැටී සිටින රාජ්‍යයන් ඇත්තේ කීපයක්‌ පමණි. එම රටවල් කිහිපයක්‌නම් රුසියාව, චීනය, ලිබියාව, ඉරානය සහ කියුබාවය. එයිනුත් මුලටම කියෑවෙන රට කියුබාවයි.

ධනවාදී රටවල් කියුබාවට එරෙහිව රොද බැද ගනිද්දී කියුබාව එම රටවල්වලට වඳින්නට ගියේ නැත. ඔවුන්ටම ආවේණික වූ ක්‍රමෝපායන් සකසා ගත්තේ එක්‌ රටක්‌ එක්‌ මතයක්‌ ලෙස එකට එකතු වීමෙනි. මෙම මතයට රටේ සියලුම ජනතාව පෙළගැස්‌වීමට කියුබන් දේශපාලන අධිකාරිය පියවර ගත්තේය. එලෙස පියවර ගැනීමේ ප්‍රතිඵලය වූයේ ඇමරිකාව ඇතුළු ධනවාදී රටවල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වීමය. ඇමරිකන් භාෂාවෙන් කියනවානම් ධනවාදී රටවලට කියුබාව හිතුවක්‌කාරයෙක්‌ විය.

බැප්ටිස්‌ටාගේ කෲර පාලනයෙන් කියුබාව මුදා ගත්තේ 1954 දීය. එම විප්ලපය කළ අසහාය නායකයන් වූයේ වූයේ පිදෙල් කස්‌ත්‍රොත්‍රෝ සහ චේගුවේරාය. ඉන් පසු පිදෙල් කස්‌ත්‍රෝ තම රටත් රටේ පුරවැසියනුත් වෙනත් රටවල ගොදුරක්‌ කර ගැනීමට කිසිවිටෙක ඉඩදුන්නේ නැත. ඒ වෙනුවට ඔහු තම රටට නායකයෙක්‌ගේ අවශ්‍යතාව මෙන්ම හොඳ නායකත්වයක්‌ හෙවත් වැඩපිළිවෙළක්‌ යොදා ගත්තේය. මේ වැඩපිලිවෙළ අද වන විට සාර්ථක එකක්‌ වී ඇති බව අපට දැකගත හැකි වන්නේ ලෝක බලවතුන් ඇතුළු ඔහුගේ හිතවත්තු නොයෙක්‌ වර නොයෙක්‌ සම්බාධක පනවා කියුබාව මට්‌ටු කිරීමට ගත් සියලු උත්සාහයන් වැරැදී ඇති හෙයිනි.

කියුබන් වැසියන් බැප්ටිස්‌ටාගේ පාලනයෙන් මුදවාගත් වහාම පිදෙස්‌ කස්‌ත්‍රෝ දුන් එකම අවවාදය වූයේ ඉගෙනගත් එක වැසියෙක්‌ තවත් හතර දෙනකුටවත් අඩුම තරමින් අකුරු ඉගැන්විය යුතු බවය. එදා එලෙස පටන් ගත් කියුබාව අද ලෝකයේ බොහෝ රටවල් අභිබවා යමින් සිටී.

ලෝකයේ ප්‍රධානම සමාජවාදී කඳවුර වූ සෝවියට්‌ දේශය කඩා වැටෙද්දී කියුබාව සුසුම් ලෑවේ නැත. ඒ වෙනුවට ඔවුන්ට තව තවත් ශක්‌තිමත් වීමේ අවශ්‍යතාව තදින්ම දැනිණි. ඒ අවශ්‍යතාව මත ඔවුන් තම රට මෙහෙය වීය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස කියුබන් ජනතාව අද ලෝකයේ දණින් නොවැටී කෙලින් සිටින ජනතාවක්‌ වී ඇත.

එම රටේ අද වනවිට ඩෙංගු නැත. මැලේරියාව හා බරවා රෝග සහමුලින්ම තුරන් කර ඇත. ඒ, ඒ රටේ පාලකයන් මෙන්ම පාලිතයන්ගේ දැඩි කැපවීම මතය. එක කලකදී ලෝක බලවතුන් කියුබාවට යවන පැරසිටිමෝල් පෙත්ත පවා යෑවීම නතර කර දැමීය. නමුත් කියුබන් විශේෂඥයන් ඒ වෙනුවට තම රටේ වැඩිපුර වැවෙන උක්‌වලින් පැරසිටිමෝල් නිර්මාණය කළේ ලෝක බලවතුන්ද විශ්මයට පත් කරමිනි.

එපමණක්‌ නොවේ කියුබාව සෞඛ්‍ය අතින්ද පෙරමුණ ගෙන ඇත. එහි ජනගහනය අනුව බලන විට මිනිසුන් 100 කට දොස්‌තරවරු 3 දෙනෙක්‌ පමණ සිටී. එහි ප්‍රතිඵලය වූයේ උපතේ දී සිදුවන මරණ සංඛ්‍යාව ඉතාමත් අඩුවීමය. ළමයි යනු රටක ජීවනාලියයි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ මනුෂ්‍යයකුගේ ආයු කාලයයි. එහිදී කියුබන් වැසියකු අවුරුදු 76-80 ක පමණ ජීවත්වීමේ වාසනාව ලැබී ඇත.

සාක්‌ෂරතාව අතින්ද කියුබන් ජනතාව ලෝකයේ ඉහළින්ම සිටී. එහි සාක්‌ෂරතාවේ ප්‍රතිශතය 97 කි. මිනිසුන් සියයක්‌ ගතහොත් මිනිසුන් 97 ක්‌ පමණම ඉගෙන ගත් අය වීමත් එම ඉගෙන ගත් දෙය රට වෙනුවෙන් ක්‍රියාවේ යෙදවීමත් නිසා මෙලෙස ධනවාදී රටවල් වල නොයෙක්‌ කෙනෙහිළිකම් අතරේ සෘජුව සිටීමට ඔවුන්ට හැකි වී ඇත.

ඒ කියුබාව ගැනය. දැන් අප රට දෙස යොමු වෙමු. ඉන්දියන් සාගරයේ මුතු ඇටයෑයි එදා විරුදාවලිය ලත් අප රට මේ වන විට ඉන්දියන් සාගරයේ කැඳ හැලියෑයි කීවොත් වරදක්‌ නොවන තැනට පත්වී හමාරය. එසේ වී ඇත්තේ ඇයි? මේ රටේ එක පැත්තකින් පාලකයන් එක්‌ පිස්‌සුවක්‌ කරන විට ජනතාව ඩබල් පිස්‌සු කිරීමට පුරුදු වී ඇති බැවිනි.

ලංකාවේ පෞඪත්වය පිළිබඳව මුළු ලෝකයාම කතා කරද්දී ඒ පිළිබඳ අපේ පාලකයන්ට කිසිම වටිනාකමක්‌ තිබුණේ නැත. ඔවුන් වහාම කළේ දැයේ දරුවන්ට ඉගැන්විය යුතු ඉතිහාසයට නැවතීමේ ලකුණ තැබීමයි. ඉන් නොනැවතුනු පාලකයන් රටේ අනාගතයට අත්වැලක්‌ වූ සාහිත්‍යයට දොරගුළු දැමීය. ඒවායේ ප්‍රතිඵලය මේ වන විට ඇස්‌ පනාපිටම අප රටට දැකගත හැකි වී ඇත. එපමණක්‌ නොවේ අපේ රටේ අපට තිබූ හොඳ පුරුදු අපේ යෑයි කට හැර බියකින් සැකයකින් ප්‍රකාශ කිරීමට තිබූ අපේකමද මුදලටම වෙන්දේසි කිරීමට මේ පාලකයන් කටයුතු කළහ. එය වඩාත්ම තීව්‍රර වූයේ 1977 මේ රටට විවෘත ආර්ථිකය නමැති මහා භයානක යක්‌ෂයා හඳුන්වාදීමත් සමගිනි. විවෘත ආර්ථිකයත් සමග අප රටේ අපේ මිනිසුන් අතර තිබූ අපේකම මුදලට යටවී ගියේය. ක්‍රිස්‌ත්‍රියානි ලබ්දිකයන්ගේ සියල්ල තීරණය කරන්නා වූ දෙවියන් වහන්සේ මෙන් සර්වබලධාරී තත්ත්වය මුදලට ලබාදීම සිදුවිණි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ගේ ඉදිරිපිට කාණුවට කුණු ටික දමන්නටත් කාණුව ගොඩවූ පසු එය වැසි කාලයට ජලය බැස යන ආකාරයෙන් සකස්‌ කිරීමට ප්‍රාදේශිය සභාවෙන් එනතුරුත් බලා සිටීමටත් රට වැසියා පුරුදු පුහුණු විය. එම පුරුදු කිරීම අවසන් වූයේ රටට හෙණ ගැහුවත් තමන්ගේ වැඩය කර ගන්නා තැනට රටවැසියා පුරුදු පුහුණු වීමය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මේ සුන්දර දිවයිනට හෙණ ගැහුවා යෑයි අලුතින් කියන්නට අවශ්‍ය වන්නේ නැත.

මේ මුදලට සියල්ල බාරදීමේ ප්‍රතිඵලය වූය් ලෝකයේ ඇවිලෙන ගින්නට විරුදාවලිය ලබා සිටි දුම්වැටි අභිබවා ලංකාවේ එක එක කාලයට එන උණ වර්ගවලින් අඩුවක්‌ නොවීමය. අප රටේ මිනිසුන්ට උණ නැති දවසක්‌ නැත. එක කලකදී ඩෙංගු, තවත් කලෙකදී මීඋණ, සූකර උණ, ජැපනීස්‌ එන්සපලයිටිස්‌ ප්‍රධානය. මේ උණට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ පරිසරයේ අපවිත්‍රතාවයි.

පරිසරය අපවිත්‍ර කිරීමට අප රට වැසියෝ ඉතාමත් දක්‌ෂය. තැඹිලි ගෙඩිය බී එහි කෝම්බය අල්ලපු වත්තට විසි කිරීමටත්, යෝගට්‌ කෝප්පය කාණුවට දැමීමටත්, ගෙදර කුණු මල්ල වාහනයේ යන ගමන්ම පාරට විසිකිරීමටත්, ගෙදර සුරතලා (බල්ලා, බළලා) මැරුණු විට මහමග දමා යැමටත් ඔවුහු කිසිවිට පසුබට නොවන්නේය. මෙවැනි අසමඡ්ජාති ක්‍රම අප රට වැසියන්ට පුරුදු වූයේ මුදල පසුපසම වේගයෙන් හඹා යැමට පටන් ගත් නිසාත් රට වැසියකු වශයෙන් තිබිය යුතු විනය පිරිහී යැම නිසාත්ය.. මුදලට සමාජයේ සියල්ල තීරණය කිරීමේ සර්ව බලධාරී අයිතිය ලබාදීමේ කරුමය වූයේ මෙරට රට වැසියාත් අප මවුබිමත් විනාශ මුඛයට යැමය.

ඩෙංගු පිළිබඳව වගකිවයුත්තන් බොහෝ දේ කතා කරමින් සිටිද්දී ඩෙංගු මාරයා මුළු ලංකාවම ටිකෙන් ටික වෙලා ගත්තේ රටවැසියාගේ ද ආශිර්වාදය නොඅඩුව ලබමිනි. නමුත් ඩෙංගු විනාශ කිරීමට පරපෝෂී බැක්‌ටීරියාවකු කියුබාවෙන් ගෙන ආවත් එය සාර්ථක කිරීමට නම් පාලකයන්ගේ පමණක්‌ නොව රට වැසියන්ගේ යුතුකම සහ වගකීම මැනවින් ඉටු කළ යුතු බව කියුබන් විශේෂඥයන් මෙරටට ප්‍රකාශ කළහ. එම අවවාදය පිළිබඳව පාලකයන් මෙන්ම මේ රටේ පුරවැසියන්ද එකවරක්‌ නොව දෙවරක්‌ම සිතා බලා තෙවරක්‌ම ක්‍රියාවට නැංවීමට කාලය උදාවී ඇත.

රුවන් කළුආරච්චි

(දිවයින_09/07/28)

ටිප්පණිය_සතර අතින් එන සුළඟට ඇතුළු වන්නට ඔබේ නිවසේ දොරගුලු හැර තබන්න. එහෙත් ගෙයි ඇති දේ සුළඟට ගසාගෙන යාමට ඉඩ නොදෙන්නැයි නේරුතුමා කීවේ ය. අපේ ඇත්තෝ එහි මුල් කොටස කදිමට ක්‍රියාවට නැගූහ. එහෙත් එහි දෙවන කොටස නොතකා හළහ. ඉන් සිදුවූයේ අපේ මනුස්කම් කොළොම්තොටින් නැව් නැගීමයි. අමනකම් රටට ගොඩබැසීමයි. දැන් ඒ අඳුරු යුගය නිමා කිරීමට කාලයයි. අඳුරට ශාප නොකර එක් පහනක් දල්වමු. රට වෙනුවෙන් ඔබේ යුතුකම නිවසින් අරඹන්න. නිවස වටපිටාව පිරිසිදුව තබා ගනිමු. පොදු ස්ථාන අපිරිසුදු කිරීමෙන් වළකිමු. අනෙකා කරනු තුරු බලා සිට ආඬි හත්දෙනා අතරට නොවැටෙමු. එවිට මේ සුන්දර දිවයිනේ සෞන්දර්ය දෙගුණ තෙගුණ වනු ඇත.

Sunday, July 26, 2009

ඊළඟ කඩුල්ල

ඉකුත් සතියේ ලංකාව හමුවේ තිබූ බරපතලම අභියෝගයක්‌ පහවී ගියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබිය යුතුව තිබුණු ණය මුදල අපට ලැබුණේය. පසුගිය අප්‍රේල් මාසයේ සිටම මෙය දේශපාලන හේතු මත ප්‍රමාද වුවද අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම ලංකාවට එය ලබාදිය යුතු යෑයි තීරණය කරන ලදී. මෙයින් සැනසුම් සුසුමක්‌ හෙළන්නේ ලංකාව පමණක්‌ නොව මුළු ලෝකයම යෑයි කිව හැක. ඒ මන්ද යත් අන් කිසිදාකවත් නොකළ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දේශපාලන හේතුමත ණය මුදල නොදී සිටියේ නම් එය ලෝකයේ අන් හැම රටකටම බලපාන ඉතා නරක පූර්වාදර්ශයක්‌ වනු ඇති නිසාය.

එක්‌ දේශපාලන මර උගුලකින් බේරුණු පසු ලංකාව හමුවේ තවත් එවැනිම මර උගුලක්‌ ඇත. එය වනාහි යුරෝපා සංගමයේ රටවල් විසින් ලංකාවට ලබාදී ඇති GSP+ නමැති බදු සහනය දිගු කරවා ගැනීමේ ප්‍රශ්නයයි. මෙම බදු සහනය ලබාදෙන්නේ අවුරුදු තුනෙන් තුනටය. එය මුල් වතාවට 2005 ජනවාරියේ සිට 2008 දෙසැම්බර් මාසය දක්‌වා ලැබුණේය. එය තවදුරටත් 2011 දෙසැම්බර් මාසය දක්‌වා දිගු කරනවාද නැත්ද යන ප්‍රශ්නය දැන් යුරෝපා සංගමයේ දේශපාලන තීන්දුවක්‌ මත පවතී. එ මක්‌නිසාද යත් කොටි හිතවාදී දෙමළ සංවිධාන හා වෙනත් පුද්ගලයන් විසින් ලංකාවේ බරපතල ලෙස මානව අයිතීන් කඩවෙන බවට දිගින් දිගටම පෙත්සම් යෑවීමයි. මේ බලපෑම්වලට අමතරව පසුගිය වකවානුව පුරාම විපක්‍ෂ නායකවරයා ද විටින් විට යුරෝපීය රටවලට පැමිණිලිකොට තිබිණි. විපක්‍ෂ නායකවරයා එක්‌ අවස්‌ථාවකදී ලංකාවට GSP+ බදු සහනය තවදුරටත් දිගු කර ගැනීමට ලංකාවේ ව්‍යවස්‌ථාව සංශෝධනය විය යුතු බවත් එ අවශ්‍ය සංශෝධනයන් කිරීමට ඔහු පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබාදීමට සූදානම් බව කියමින් යුරෝපා සංගමයේ බාහිර කටයුතු කොමසාරිස්‌වරිය වන බෙනිටා ෆරේරෝ - වෝල්ඩ්නර් (Benita Ferrero-waldner) මහත්මියට ලිපියක්‌ යෑවුවේය. එයින් නොනැවතී විපක්‍ෂනායකවරයා මේ සම්බන්ධයෙන් යුරෝපයට ගොස්‌ ඇයව මුණගැසී තිබුණේය. මේ ආකාරයට GSP+ නොදෙන තැනට ලංකාව තුළින්ම විශාල බලපෑම් යුරෝපා සංගමය වෙත එල්ලවී ඇත. මේ මොහොත වන විට ලංකාවට තවදුරටත් මේ බදු සහනය ලබාදිය යුතු ද නැත්ද යන්න පිළිබඳ යුරෝපා සංගමය විසින් විමර්ශනය කරමින් සිටී. එම විමර්ශනය ඔක්‌තෝබර් මාසය වන විට අවසන්වීමට නියමිතය. ඉන් පසු මේ බදු සහනය තවදුරටත් ලංකාවට ලබාදෙනවාද නැත්ද යන්න පිළිබඳ යුරෝපා සංගමය විසින් තීන්දු කොට දෙසැම්බර් මාසයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත. මේ දැනට කෙරීගෙන යන විමර්ශනය හා එයට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් මම ලංකාවේ සිටින යුරෝපා සංගමයේ ප්‍රධාන නියෝජිත බර්නාඩ් සැවෙඡ් (Bernard Savage) මහතා සමග "ද අයිලන්ඩ්" පුවත්පත වෙනුවෙන් සාකච්ඡාවක්‌ පවත්වන ලදී. එම සාකච්ඡාවේ කොටස්‌ කීපයක්‌ පහත සඳහන් ආකාරයට පළ කරමු.

ප්‍රශ්නය - ලංකාවට GSP+ බදු සහනය ලබාදීම සම්බන්ධයෙන් දැනට කෙරීගෙන යන විමර්ශනයේ ක්‍රියාපටිපාටි මෙවන් අවස්‌ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන විමර්ශනවලට සමාන ද? GSP+ කියන්නේ වෙළෙඳ කටයුත්තක්‌ නිසා එය අයත්වෙන්නේ දේශපාලන ක්‍ෂේත්‍රයට නොව ආර්ථික ක්‍ෂේත්‍රයටයි.

පිළිතුර - නෑ. අපේ ක්‍රියාපටිපාටිය ගොඩක්‌ වෙනස්‌. GSP+ වෙළෙඳාමට සම්බන්ධ කාරණයක්‌ වුවත් එය ලබාදෙන්නේ මානව අයිතීන් රැකීම පැත්තෙන් ඉදිරියෙන් සිටින රටවලට පමණයි. යුරෝපා සංගමය මේ බදු සහනය ලබාදෙන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතීන් සම්බන්ධයෙන් තිබෙන ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‌ අනුමත කොට හා ක්‍රියාත්මක කොට තිබෙන රටවලට පමණයි.

ප්‍රශ්නය - ලංකාව කියන්නේ ආසියාවේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදී රටයි. GSP+ බදු සහනය ලබන සෙසු රටවල් 13 හෝ 14 අතර ලංකාව ඒ නිසාම කැපී පෙනෙන්නේ නැද්ද?

පිළිතුර - එක ඇත්තක්‌ වෙන්න පුළුවන්. ඔබ කියනදේට මම මොහොතකටවත් විරුද්ධ වන්නේ නෑ. ලංකාව සමග සසඳනවිට ආසියානු රටවල් අතරින් මෙම GSP+ සහනය ලබන මොංගෝලියාව හා ඇසබයිජානය ප්‍රජාතන්ත්‍රවාදයට එකතු වූයේ 1990 ගණන්වල පමණයි. නමුත් GSP+ බදු සහනය ලබාදෙන්නේ මෙයට නොව අර ජාත්‍යන්තර සම්මුතීන් 27 අනුමත කිරීම හා ක්‍රියාත්මක කිරීම යන කාරණය මතයි.

ප්‍රශ්නය - යුරෝපා සංගමය විසින් දැනට කෙරීගෙන යන විමර්ශනය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සම්මුතීන් 3 ක්‌ සම්බන්ධයෙන් විමර්ශනය කෙරීගෙන යන බව ප්‍රකාශයට පත්වී තිබුණේය. ඒ ජාත්‍යන්තර සම්මුතීන් 3 වන්නේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියත් වදහිංසා පැමිණවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියත් ළමා අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියත්ය. ඒ ළමා අයිතීන් පිළිබඳ ප්‍රශ්නය පැන නැගෙන්නේ ළමා සොල්දාදුවන්ගේ ප්‍රශ්නය මතයි. මෙම රටේ ළමා සොල්දාදුවන් පාව්චිචි කළේ කොටි සංවිධානයයි. දැන් කොටි සංවිධානය නෑ. කොටි සංවිධානයෙන් කැඩී ගිය කරුණා පිලත් දැන් විසිරී යන්න පටන් අරන්. ඉතින් GSP+ ලබාදීම සඳහා මේ ළමා සොල්දාදු ප්‍රශ්නය ගැන කතා කිරීමේ ඇති තේරුම කුමක්‌ද?

පිළිතුර - මේ විමර්ශනය පටන්ගත්තේ 2008 දී. නමුත් පස්‌සේ තත්ත්වය වෙනස්‌ වෙන්න පුළුවන්. තීරණයක්‌ ගැනීමට පෙර යුරෝපා කොමිසම විසින් සියලු පාර්ශ්වවලින් කරුණු විමසීම් කරන්නෙ මේ නිසයි.

ප්‍රශ්නය - ඔබ ලංකාවේ ජීවත්වී ඇති තානාපති නිලධාරියෙක්‌ විදියට ලංකාවේ දේශපාලනය කොතරම් එදිරිවාදී දැයි ඔබ දන්නවා ඇති. එක්‌ පක්‍ෂයක දේශපාලකයන් අනෙක්‌ පක්‍ෂය ගැන ඔබට කේලම් කීමට කී වාරයක්‌ පැමිණ ඇත්ද? ලංකාවේ කිසි කෙනෙක්‌ අපක්‍ෂපාතී නැති බව ඔබ දන්නවා ඇති. මේ නිසා ඔය විමර්ශන කණ්‌ඩායමට ලැබෙන තොරතුරු අනෙක්‌ පැත්තට හෝ මේ පැත්තට බර එවායි.

පිළිතුර - විමර්ශන කණ්‌ඩායමට සෑම පැත්තක්‌ම නියෝජනය වන ආකාරයට ඉතාමත්ම පුළුල්ව කරුණු දැක්‌වීමට ලැබී ඇති බවට මට සහතික වෙන්න පුළුවන්. අපි කවුරුවත් කියන දේවල් එ ආකාරයෙන්ම පිළිගන්නේ නෑ. ඒවාට සාක්‍ෂිත් ඉදිරිපත් වෙන්න ඕන. මේ ලැබී ඇති සියලුම අදහස්‌ සලකා බැලීම සඳහා අපි ජාත්‍යන්තර කීර්තියට පත් මානව අයිතීන් නීතිය පිළිබඳ මහාචාර්යවරු තිදෙනෙක්‌ මේ විමර්ශන සඳහා යොමු කර තියෙනවා.

ප්‍රශ්නය - මට දැන් අවුරුදු 45 ක්‌ වෙනවා. මගේ මුළු ජීවිත කාලය තුළම ලංකාවේ පවතින ආණ්‌ඩුවක්‌ "මගේ ආණ්‌ඩුවක්‌" යෑයි හැඟීමක්‌ පැවතුනේ අතරින් පතර කාලපරිච්ඡේද කීපයකදී පමණයි. එ මුළු කාලයම ගණන්කර බැලුවොත් අවුරුදු 7 ක්‌ පමණ වනවා ඇති. මෙවන් තත්ත්වයක්‌ තුළ ලංකාවේ මුළු ජනගහනය විසින්ම ප්‍රයෝජනයට ගන්නා ආර්ථික සහනයන් පවතින ආණ්‌ඩුව විසින් යම් දෙයක්‌ කළා හෝ නොකළා හෝ කියමින් අහෝසි කර දැම්මොත් මෙය ඒ රටේ ජීවත්වන සාමාන්‍ය මහජනතාවට සාධාරණයක්‌ වනු ඇතැයි ඔබ සිතනවාද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් තම කටයුතුවලට දේශපාලන හේතූන් ගාවගන්නේ නැති නිසා ඔවුන්ට එවැනි ප්‍රශ්නයක්‌ නැත.

පිළිතුර - එ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ගොඩක්‌ අමාරුයි. GSP+ යනු ආර්ථික සහනයක්‌ වුවත් එය ලබාදෙන්නේ මානව අයිතීන් රැකීම යන කොන්දේසිය උඩයි. GSP+ බදු සහනය සඳහා ඉල්ලුම් කරන රටවල් එ කොන්දේසිය පිළිඅරගෙන තියෙනවා. මේ සහනය ලබාදිය යුතු කොන්දේසි යුරෝපීය නීතියෙන්ම නියම කරල තියෙනවා.

ප්‍රශ්නය - යුරෝපා සංගමය විසින් තමා ගන්නා තීන්දුවලින් ඇතිවිය හැකි ආනිසංස, එනම් එයින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් සැලකිල්ලට ගැනීමට ඉඩක්‌ තිබෙනවාද? යුරෝපා සංගමයේ ක්‍රියාවක්‌ නිසා යම් රටක ආණ්‌ඩුවට කිසිසේත්ම සම්බන්ධ නැති, දේශපාලනයටවත් සම්බන්ධ නැති, ආණ්‌ඩුවේ ක්‍රියාකාරකම් හෝ පැහැරගැනීම් වලටත් සම්බන්ධ නැති, විශාල පිරිසකගේ ජීවනෝපායන්වලට එකී තීන්දුව බලපාන්නේ නම් එය සාධාරණ තීන්දුවක්‌ විය හැකිද?

පිළිතුර - අප කටයුතු කරන්නේ අපේ නීතියට අනුවයි. මානව අයිතීන් රකින රටවලට වැඩිපුර සහන ලබාදිය යුතු බව අපේ විශ්වාසයයි. කෙසේ වෙතත් යුරෝපා කොමිසම විසින් ඔක්‌තෝබර් මාසයේදී කරන නිර්දේශ එක්‌කෝ පිළිගැනීමට නැතිනම් ප්‍රතික්‍ෂේප කිරීමට යුරෝපා සංගමයේ තනි තනි රටවල්වලට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය - GSP+ ලබාගැනීමට නම් අනුමත කළ යුතු හා ක්‍රියාත්මක කළ යුතු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‌ ගැන අපි කථා කළා. නමුත් ලෝකයේ කිසිදු රටකට මේ සම්මුතීන් 27 එ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකියාවක්‌ නෑ. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා මේ සම්මුතීන් 27 න් කුමක්‌ හෝ උල්ලංඝනය කළා යෑයි චෝදනා කරන්න පුළුවන්. මේ සම්මුතීන් 27 පරමාදර්ශයක්‌ පමණයි. අවසානයේදී තීන්දුවක්‌ ගැනීමට සිදුවන්නේ මේ සම්මුතීන් කොතෙක්‌ දුරට ක්‍රියාත්මක කළා ද යන ප්‍රශ්නය මතයි. මෙවැනි තත්ත්වයක්‌ යටතේ ඔබ තීන්දුවක්‌ ගන්නේ කෙසේද?

පිළිතුර - මේ ලෝකයේ අංගසම්පූර්ණ කිසිවක්‌ නෑ. නමුත් අංගසම්පූර්ණවීමත් "කිසිසේත්ම නොතිබීමත්" අතර විශාල වෙනසක්‌ තියෙනවා. අපි මේ ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුමක්‌ තිබෙන වෘත්තිකයන්ට මේ විමර්ශනය භාරදී ඇත්තේ එ නිසයි.

මේකේ මට්‌ටම් 2 ක්‌ තියෙනවා. එකක්‌ වන්නේ අංගසම්පූර්ණව ක්‍රියාත්මක කිරීමයි. අනෙක වන්නේ කිසිදු ක්‍රියාත්මකවීමක්‌ නොමැතිවීමයි.

ප්‍රශ්නය - යම් හෙයකින් යුරෝපා සංගමය විසින් GSP+ බදු සහනය අත්හිටු වූවොත් එය ලංකාවේ ප්‍රතිසංස්‌කරණ වැඩපිළිවෙළට පහරක්‌ වන්නේ නැත්ද?

පිළිතුර - මම ක්‍රියාකාරී වශයෙන් සහභාගි නොවන ක්‍රියාදාමයක්‌ සම්බන්ධයෙන් අනාවැකි කීමට මම කැමති නෑ. තවමත් සිදු නොවී ඇති දෙයක්‌ ගැන විශ්ලේශන ඉදිරිපත් කිරීමට මම සූදානම් නෑ. මම ඉතා අවධාරණයෙන් කියා සිටින්නේ තවමත් යුරෝපා කොමිසම විසින් ඒ පැත්තට හෝ මේ පැත්තට තීන්දුවක්‌ ගෙන නැති බවයි.

සී. එ. චන්ද්‍රප්‍රේම

(දිවයින_09/07/27)

ටිප්පණිය_එජාපයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහ සූරීන් ත්‍රියා කරන්නේ ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස නොව ශ්‍රී ලංකාව නමැති රටේ විරුද්ධ පක්ෂ නායකයා ලෙස බව අපි මීට පෙර ද කීවෙමු. ඉහත ලිපියෙන් ද සනාථ වන්නේ එහි ඇති නිවැරදිතාවයි. ඔහුට අවශ්‍ය රට සහ ජනතාව කුමන හෝ අගාධයකට ඇද දමා රජවීමට ය. දවසක් හෝ රජවීමට ය.

මෙය මහත් අන්තරායදායක ව්‍යාදියෙකි. එහි ප්‍රතිඵලය ලෙස බොහෝ දෑ හිතැති යූඇන්පීකාරයෝ බුරුතු පිටින් පක්ෂය හැර යති. එය ද ඛේදයකි. රටක ප්‍රබල විපක්ෂයක් තිබිය යුතු ය. එහෙත් අද විපක්ෂය දිනෙන් දින වඳබහියි. අද පවතින අලුත් දේශපාලන වටපිටාවට සවිඥානික නොවී ගතානුගතික ලෙස ආණ්ඩුව කරන හැම දේට ම විරුද්ධ වන විපක්ෂයක ඉරණම මෙසේ තීන්දුවීම පුදුමයක් ද නොවේ.

Saturday, July 25, 2009

13 වැනි සංශෝධනය බලෙන් පැටවූ ගිවිසුමක්‌

අප මත බලෙන් පටවන ලද, වැඩකට නැති, ඊනියා ඉන්දියානු සාම ගිවිසුමට (සම්මුතියට) එරෙහිව පැන නැඟි දැවැන්ත ජනතා විරෝධය කෙබඳු ද යත්, ඡේ. ආර්. ජයවර්ධන චරිත කතාව ලියූ සානුකම්පික කේ. එම්. ද සිල්වා හා හොවර්ඩ් රිගින්ස්‌ යන ලේඛකයන් දෙදෙනා එය සඳහන් කරමින් ලියා ඇත්තේ, නිදහස ලැබුවාට පසු මෙරට පැන නැඟි මහා පරිමාණ විරෝධතා ව්‍යාපාරවලින් දැවැන්තම එක එය බවය.

වෙන රටවල නම් ව්‍යවස්‌ථා සකස්‌ කෙරෙන්නේ පුරවැසියන්ගේ අදහස්‌ උදහස්‌ නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩකඩ සලසාදීමෙන් පසුවයි. උදාහරණ වශයෙන්, ඇමරිකන් එක්‌සත් ජනපද ව්‍යවස්‌ථාව පිලඩෙල්පියාවේදී සකස්‌ වූයේ, නියෝජිතයනට නිදහසේ සිය අදහස්‌ ප්‍රකාශ කිරීමට අවකාශ ඇතිවය. ප්‍රංශ විප්ලවයට ඉක්‌බිතිව, නියෝජිතයන්ගේ ජාතික ව්‍යවස්‌ථාදායක එසෙම්බ්ලිය විසින් ප්‍රංශ ව්‍යවස්‌ථාව සකස්‌ කරන ලදී. 1814 දී නෝර්වේ ව්‍යවස්‌ථාදායක සභාව විසින් එරට ව්‍යවස්‌ථාවේ කටුසටහන සකස්‌ කැරිණි. රුසියන් විප්ලවයට පසු ව්‍යවස්‌ථාදායක මඬුල්ලක්‌ විසින් නව ව්‍යවස්‌ථාව සැකැසිණි.

අපේ අසල්වැසි ඉන්දියාවේ, ජනතා නියෝජිතයන්, 1946 දී පළමුවරට රැස්‌වී පැවැත්වූ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය විසින් සකස්‌ කරන ලද ව්‍යවස්‌ථා මාලාව, 1947 එරට නිදහස ලැබූ පසු එහි ව්‍යවස්‌ථාව වූ අතර එකී ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය ඉන්දියාවේ පාර්ලිමේන්තුව බවට පත් විය.

මේ අන්දමට ජනතා නියෝජිතයන් එකට රැස්‌වී සාකච්ඡාකොට සකස්‌ කරන ලද නව ව්‍යවස්‌ථා මාලාවන් රාශියකි. ශ්‍රී ලංකාවේ ඩොනමෝර් ව්‍යවස්‌ථාව නිර්මාණය කරන ලද්දේ 1931-47 අතර පවත්වන ලද පුළුල් සාකච්ඡාවකට පසුවය. සෝල්බරි ව්‍යවස්‌ථාව ද එසේමය. 1972 ව්‍යවස්‌ථාව ස්‌ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු නියෝජිතයන් ව්‍යවස්‌ථා මඬුල්ලක්‌ ලෙස සාකච්ඡාකොට ඉනික්‌බිතිවය. ජේ. ආර්. ජයවර්ධන මහතා යටතේ ගෙනෙන ලද ව්‍යවස්‌ථාමය විපර්යාස සැකකටයුතු ස්‌වභාවයක්‌ ඉසිලුවද, ඒවා පවා ස්‌ථිර කරන ලද්දේ මහජන නියෝජනය යටතේය. ඒ කෙසේද? එදා ආණ්‌ඩුවට 6 න් 5 ක බහුතරයක්‌ විය. ජේ. ආර්. ජයවර්ධන මහතා සමානුපාතික නියෝජනය යටතේ කළ මෙම සුවිශාල විපර්යාසයෙන් අදහස්‌ කළේ යළි කිසි දිනෙක එය වෙනස්‌ කිරීමට හපන් පාර්ලිමේන්තු බහුතරයක්‌ කිසිම ආණ්‌ඩුවකට නොලැබෙනු ඇත යන්නය. එය ගලෙන් බැන්දාක්‌ මෙන් ශක්‌තිමත් යෑයි ඔහු සිතීය. කෙසේ වුවද පොඩි අවහිරයක්‌ තිබිණි.

තමන්ට වෙනම ද්‍රවිඩස්‌ථානයක්‌ ඕනෑ කළ දකුණු ඉන්දියානු ජාතිවාදී දමිළයන් ද සමග ශ්‍රී ලංකාව, ඉන්දියාවේ කොටසක්‌ ලෙස තබා ගැන්මේ අදහසින් පනික්‌කාර් විසින් ඉන්දියාව නිදහස ලබන්නට කලින් මෙහෙයවන ලද ධර්මය අනුගමනය කළ ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව අපේ සියලුම බෙදුම්වාදී කණ්‌ඩායම් ආයුධ සන්නද්ධ කරන්නට පටන් ගත්තේය. මෙය, අමු අමුවේ දේශසීමා මායිම් හරහා ගෙනගිය ත්‍රස්‌ත ක්‍රියාවකි. යාපනය තුළ පිපිරවීම් 20,000 ක්‌ කිරීමට හැකි පළමු ඉන්දියානු ඩෙටොනේටර් 20,000 එවන ලද්දේ 1973 දීය. 1976 වන විට සන්නද්ධ මැදිහත්වීම් දියුණු තියුණු විය. 1980 මුල හරිය වන විට ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුව දෙමළ බෙදුම්වාදීන් සඳහා එරට උතුරේ හා දකුණේ යුද පුහුණු කඳවුරු පවත්වාගෙන යන්නට විය. මේ සියල්ල ශ්‍රී ලංකාවට එරෙහිව වක්‍ර ලෙස යුද්ධය දියත් කිරීමකි. මෙම පුහුණුකිරීම් එවකට තමිල්නාඩුවේ සහ උතුරු ඉන්දියාවේ අටපළක සිදුවිය. ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ ඉන්දියානු සැලැස්‌ම එදා "ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌" පුවත්පත විසින් සැළ කරන ලදී. ඉන්දිරා ගාන්ධිගේ ලේලිය වූ මේනකා ගාන්ධි විසින් ද ඇගේ "සූරියා" නමැති සඟරාවෙන් මෙම ඉන්දියානු ආක්‍රමණය පිළිබඳ විස්‌තර පළ කැරිණි.

මෙකී යුද අභ්‍යාස කඳවුරුවල පුහුණුව ලැබූවන් දෙමළ න්‍යයාචාර්යවරුන්ගෙන් මතවාදී මූලික පුහුණුව මෙන්ම අවි පුහුණුව ද ලැබූ හැටි "ඉන්දියා ටුඩේ" විස්‌තර කළේය.

එසේම යුද අභ්‍යාසලාභීන් ද්‍රවිඩ ජාතිවාදී හැඟීමෙන්, කාවද්දන ලදැයිද එම පුවත්පත සඳහන් කළේය. මෙම ආකල්ප පුහුණුව මගින් බෙදුම්වාදීන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි වෛරයක්‌ පමණක්‌ නොව, අමූලික බොරු මනස්‌ගාත සහ ඉතිහාසයක්‌ ද රෝපණය කැරිණි. TULF විසින් ප්‍රසිද්ධ කරන ලද එක පොතක "සිංහලයන් දෙමළ මස්‌ කනවා" යෑයි ද සඳහන් විය.

ශ්‍රී ලංකා ආක්‍රමණයට, හොර රහසේ මෙසේ අරඅදිමින් සිටි ඉන්දියන් ආණ්‌ඩුව, ඊනියා "තිම්පු" සාම සාකච්ඡා ඉදිරිපත් කළේය. තිම්පු ඉන්දියාවේ ප්‍රබල බලපෑම්වලට යටත්, කුඩා භූතානයේ අගනුවර වෙයි. එහිදී ඉන්දීය පුහුණුව ලැබූ සන්නද්ධ බෙදුම්වාදීහු ඊනියා තිම්පු ප්‍රතිපත්ති ඉල්ලා සිටියහ. ජාතියක්‌ වශයෙන් දෙමළ වර්ගය පිළිගැනීම, දෙමළ නිජබිම සහ දෙමළ ස්‌වයංතීරණ අයිතිය පිළිගැනීම, තිම්පු ප්‍රතිපත්තිය විය. සත්‍යයට සහ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වයට පටහැනි මෙම ඉල්ලීම්, ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් 4 වැනි ඉල්ලීම වූ ශ්‍රී ලංකාවට මෑතක පැමිණි ඉන්දියානු දෙමළ ජනතාවට පුරවැසි බව ලබාදීමට එකඟ විය. ඉන්දියා දේශසීමා හරහා ඉන්දියාව විසින් ගෙන යන ලද මෙම වක්‍ර යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්‌ඩුව සටන් කළේය. වඩමාරච්චිහිදී අප විසින් සතුරා පරාජය කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී, එසේම ප්‍රභාකරන් අල්ලා ගන්නට ඉඩ සැලසෙද්දී, ඉන්දියාව ප්‍රභාකරන් හෙලිකොප්ටරයකින් රැගෙන ගියේය. "මානුෂීය විපතක්‌ වැළැක්‌වීම" යන බොරුව මත අපේ දේශසීමා ඉක්‌මවමින් කළ මෙම සාහසික ක්‍රියාව සෘජු ආක්‍රමණයකි. ඊළඟට ඔවුන් කළේ නැව් සමූහයක්‌ එවීමය. මෙය, නාවික හමුදාව විසින් හරහා යවන ලදී. එවිට නවදිල්ලියේ සිටි ශ්‍රී ලංකා තානාපති කැඳවූ ඉන්දියානු රජය, තමන් කරන්නට බලාපොරොත්තු වන යාපනය මත ආහාර පැකැට්‌ටු අහසින් දැමීමේ කටයුත්තට බාධා කළොත් තමන් විසින් යුදමය වශයෙන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනවා යෑයි අනතුරු ඇඟවීය.

වහ වහා කොළඹ වරායට පිටින් ඉන්දියානු සන්නද්ධ යාත්‍රා රඳවනු ලැබිණි. මෙය 19 වැනි සියවසේදී කරන ලද සන්නද්ධ යාත්‍රා පෙරටුකොට, ජාත්‍යන්තර සම්බන්ධකම් ගෙන යැම සිහි ගැන්වීය. ඉනික්‌බිති එවිට අසරණව සිටි ජේ. ආර්. ජයවර්ධන මත ඊනියා සාම සම්මුතිය පටවනු ලැබිණි. පසු කලකදී ජයවර්ධන මහතා ප්‍රසිද්ධ පුවත්පතකට කළ ප්‍රකාශවලින් හෙළි වුණේ, එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව වුවද ඉන්දියානු සම්මුතියට අනුග්‍රහ නොදැක්‌වූ බවයි. අවට මුහුදේ සන්නද්ධ යාත්‍රා හරස්‌කර, යුද අහස්‌ යානා ශ්‍රී ලංකා ගුවනේ ඔබ මොබ යමින්, ආක්‍රමණයක තර්ජනයෙන් බිය ගන්වා ජයවර්ධන මහතාගේ අත කරකැවූ ඉන්දියාව, ඔවුන්ගේ ඊනියා සම්මුතිය ශ්‍රී ලංකාව වෙත පටවන ලදී. ජේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවේ අගමැති ප්‍රේමදාස මහතා හා ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි තම අකමැත්ත පළ කරද්දී ඉන්දියානු සම්මුතිය අත්සන් කර 13 වැනි සංශෝධනය ගෙන එන ලද්දේ අයුතු ලෙස ඉන්දියානු බලය පෙන්නීමක්‌ ලෙසිනි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු මුළුමහත් ජනතාව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ගෙන යමින් ඉන්දියාව විසින් අපේ ඇඟේ ගහන ලද මෙම සම්මුතියට බලවත් විරෝධය පෑහ. එයට සහයෝගය දැක්‌වූයේ යටගිය දවස අධිරාජ්‍ය වීරෝධී වූ සම සමාජ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂවල ශේෂ වූ හපය පමණි.

ඊනියා සාම සම්මුතිය යටතේ ගෙනෙන ලද ඊනියා සාමය රැකීමේ ඉන්දියන් හමුදාව, යාපනේ ජනතාව විසින් හඳුන්වන ලද්දේ, ඉන්දියන් ආණ්‌ඩුවේ මිනීමරු හමුදාව නමිනි.

මින් ටික කලකට පසු පන්ජාබයේ සික්‌වරුන් මත ඉන්දියන් ආණ්‌ඩුව විසින් මාරාන්තික භීෂණයක්‌ එකල පොලිස්‌පති කේ. පී. එස්‌. ජිල් යටතේ දියත් කරන ලදී. එරට එවැනිම ජනතා නැගී සිටීමක්‌, ඉන්දිරා ගාන්ධි විසින් මිනීමරු කණ්‌ඩායම් ලවා බෙදුම්වාදීන් සමූලඝාතනය කිරීමේ ක්‍රම වේදය මගින් පන්ජාබ් බෙදුම්වාදීන් මුලිනුපුටා දමන ලදී.

විදෙස්‌ නිරීක්‍ෂකයන් ඉන්දියන් සම්මුතිය දුටුවේ කර්කෂ අත්විඳීමක්‌ ලෙසය. බ්‍රිතාන්‍යයේ "ගාඩියන් පුවත්පත එය දුටුවේ මෙසේය.

"ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග එළඹි සම්මුතිය, 1938 දී සිදු කරන ලද මියුනික්‌ සම්මුතියට පසු කුඩා රටක්‌ මත බලෙන් පැටවූ අපකීර්තිමත් කොන්ත්‍රාත්තුවකි. එය යුදමය අල්ලා ගැනීමකට වෙනස්‌ වන්නේ යන්තමිනි. ලංකාවේ වාර්ගික ගැටුම සහ එරට ඉන්දියාව සමග ඇති සම්බන්ධය බොහෝ පශ්චාත් දෙවන ලෝක යුද තත්ත්වයන් සමග සැසඳෙයි"

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ පෙළ ගැසී ඇති සිද්ධීන්ට බෙහෙවින් සමාන්තර දර්ශනයක්‌ වනුයේ නවසිය තිස්‌ ගණන්වල චෙකොස්‌ ලෝවකියාවේ අර්බුදයට කළින් වූ පෙළ ගැස්‌මයි. පර්මනියේ විසූ හිට්‌ලන්ගේ නාට්‌සීන් චෙකොස්‌ලෝවකියාව ආක්‍රමණය කිරීමට පටන් ගත්තේ එම කාලය තුළය.

"ලංඩන් ඊව්නිං ස්‌ටෑන්ඩට්‌" පත්‍රය මෙසේ කීවේය.

"ඉන්දියාව අද එම ප්‍රදේශයේ යටත් විජිත බලධාරියා වී සිටී. ඉන්දියානු නාවික බලය, පෝර්ක්‌ සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන කොටි හමුදා බඳවා ගැනීම් සහ සැපයුම් වසා දැම්මා නම්, බ්‍රිතාන්‍යය, බෙදුම්වාදී පන්ජාබ් සික්‌වරුන් කෙරේ කළ සැළකිල්ල සම්බන්ධයෙන් ගාන්ධි මහතා අපෙන් කළ ඉල්ලීම්වලදී දැක්‌වූ හික්‌මීම මෙහිදී පෙන්වී නම් කොටි ත්‍රස්‌තවාදීන් මෙලහකටත් පරාජය කරනු ලැබ ඇත.

"නිව් යෝර්ක්‌ ටයිම්ස්‌" පුවත් පත සිය කතු වැකියෙන් "පොල්ල අතට ගෙන ගාJධි මහතා ශ්‍රී ලංකාව සමඟ ගෙනයන විදෙස්‌ සබඳතා." යනුවෙන් හැඳින්වීය. "වෝල් ස්‌ට්‍රීට්‌ ජර්නල්" නම් තවත් ඇමරිකානු ප්‍රධාන පෙළේ පුවත් පතක්‌ සිය කතුවැකියෙන් "ඉන්දියාව වල්අලියෙකු මෙන් තම අසල්වැසියන් පාගයි" යනුවෙන් කීවේය.

මෙම ඉන්දියානු ආක්‍රමණයට අනුග්‍රහය දක්‌වන ලද්දේ විදෙස්‌ මුදලින් යෑපෙන භඨධ විදෙස්‌ චර පුරුෂ නඩය පමණි. එපරිද්දෙන්ම ඔව්හු ජනතාව විරුද්ධ වූ 13 වැනි සංශෝධනය නමැති ව්‍යවස්‌ථාමය වෙනස බලෙන් පැටවීමට උදව් කළහ. තවත් ජාතිවිරෝධියෙක්‌ වන ජෙහාන් පෙරේරා ඉන්දියානු හමුදා බලය පෙන්වමින් පුවත්පත් ලිපියකින් ශ්‍රී ලංකාව බියපත් කළේය. ගොඩ්ප්‍රි ගුණතිලක ශ්‍රී ලංකාව ලෝක දේශපාලනයේ යථා තත්ත්වය පිළිගත යුතු යෑයි, එනම් ඉන්දියානු බලපෑම් ඉදිරියේ නැමිය යුතු යෑයි කීවේය. මම රචනා කළ ග්‍රන්ථයක මෙකී NGO මුදලාලිලාගේ ජාතිද්‍රෝහී කියමන් විස්‌තරාත්මකව ඉදිරිපත් කර ඇත්තෙමි. මේ සියලු කීම් කෙරුම් 19 වැනි සියවසේ හා 20 වැනි සියවස මුලහරියේදී බටහිර ජාතීන් විසින් පටවන ලද උන්ට පමණක්‌ වාසිදායක අසමාන ගිවිසුම් අපට සිහිපත් කරයි. එවන් ගිවිසුම් බලෙන් පටවන ලද්දේ, චීනය, ජපානය, කොරියාව යන රටවල් මතය. ඒ රටවලට බටහිර ජාතීන්ගේ මේ කෙරුම් කොහෙත්ම අමතක වී නැත.

විදේශයක්‌ විසින් අප මත පටවන ලද 13 වැනි සංශෝධනයද මොන්රෝ ඩොක්‌ට්‍රීනය කරළියට ගෙන ඒමකි. මොන්රෝ ධර්මයෙන් කියා සිටියේ ඇමරිකානු රටවල එකම තීරකයා එක්‌සත් ජනපදය බවය. ශ්‍රී ලංකාව තුළට ඉන්දියාව වැදීම ඉන්දියානුවන් දුටුවේ නව ඉන්දිරා සිද්ධාන්තයක්‌ ලෙසය. එය යටත් විජිත ආකල්පමය මොන්රෝ සිද්ධාන්තයට සමාන්තර වූවක්‌ ලෙසය. එය 1815 දී ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වය පරාජයට පත්වීමත්, ඉනික්‌බිති බ්‍රිතාන්‍යයන්ගේ තුවක්‌කු බලය යටතේ එළැඹි 1818 ගිවිසුමත් අපට සිහිපත් කරයි. බ්‍රිතාන්‍ය තුවක්‌කු යටතේ ගෙනා, 1818 බ්‍රිතාන්‍ය ගිවිසුම අප පිළිකෙව් කළේ යම්සේද. එසේම දැන් අපි ඉන්දියානු තුවක්‌කු යටතේ ගෙනෙන ලද 13 වැනි සංශෝධනය එම හේතුමතම ප්‍රතික්‍ෂේප කළ යුතුය.

අවුරුදු 35 නොඅඩු කාලයක්‌ තුළ පැවැති ඉන්දියාව විසින් අප මත පටවන ලද යුද්ධය, අද අපේ හමුදාව ජය ගෙන තිබේ. අවුරුදු කිපයකට උඩදී කළ අධ්‍යනයක්‌ පෙන්වා දී ඇති පරිදි 13 වැනි සංශෝධනය නිරපරාදේ අපේ මුදල් කන්දරාවක්‌ නාස්‌ති කර ඇත. සුවිශාල පරිත්‍යාගයක්‌ කොට, අත්පත් කරගත් ජයග්‍රහණයේ සාමය, 13 වැනි සංශෝධනය පිළිගනිමින් නැතිකර ගත යුතු නැත. එසේ කළොත් දස දහස්‌ ගණනින් කළ ජීවිත පූජාවෙන් ඇති වැඩක්‌ නැත. සියලු පුද කිරීම් නිරර්ථක වනු ඇත. 13 වැනි සංශෝධනයට කලින් පැවැති ව්‍යවස්‌ථාව සර්ව සම්පූර්ණ යෑයි මින් නොකියෑවේ. සැබැවින්ම අපි ව්‍යවස්‌ථාව යළි සකස්‌ කළ යුත්තෙමු. එය කළ යුත්තේ වෙනත් රටවල් කරන පරිදි අපේම රටේ මිනිසුන් අතර කෙරන සාකච්ඡාවලින් පසු මිස විදෙස්‌ තර්ජන යටතේ නොවේ.

ව්‍යවස්‌ථා සකස්‌ කළ යුත්තේ, කඩිමුඩියේ, විශේෂයෙන්ම කවුරුවත් තුවක්‌කුවක්‌ මානාගෙන සිටින විට නම් නොවේ.

ඉන්දියානු ජාතිකයන් පිළිබඳව අවධාරණයෙන් කිව යුත්තේ අප, ඉන්දියානු ජාතිකයන් තිදෙනකු වෙනුවෙන් සංවත්සර දින සමරන බවය. බුදුන්වහන්සේ, අශෝක රජුගේ පුත් මිහිඳු සහ දූ සංඝමිත්තා ඒ උත්තමයෝ වෙති. ඉන්දියාව අපේ ළඟම සහෝදරයා වෙයි. අපේ දුර ඥති සහෝදරයන් වන චීනය සහ පකිස්‌ථානය අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසමින් නොපිරිහෙළා සහාය දෙන පරිදි ඉන්දියාවද යටත් පිරිසෙයින් එසේ හැසිරිය යුතුව ඇත. වර්තමාන දකුණු ආසියානු භූදේශපාලනය මෙන්ම ආසියානු යථාර්ථයද අනුව කලාපීය හිංසකයෙකුට ඉඩක්‌ නැත. තවත් ඉන්දියාවේ අසල්වැසි ඥතියකු වන නේපාල රාජ්‍යයට ඉන්දියාව විසින් පටවන ලද අසමාන සම්මුති දැනට නේපාලය ඉරා දමමින් සිටියි. ආක්‍රමණික ඉන්දියානු සම්මුතිය හා ඒ සමග අප වෙත පටවන ලද 13 වැනි සංශෝධනය අපද ඉරා දැමිය යුතුය.

ආචාර්ය සුසන්ත ගුණතිලක

(ඉරිදා දිවයින_09/07/26)

ටිප්පණිය_කොටි ත්‍රස්තවාදය අප මුලිනුපුටා දැමුවේ අපේ ම ක්‍රමවේදයකට ය. එය අපේ ම ක්‍රමවේදයක් වන්නේ බටහිර රටවල් සහ මෙරට බටහිර දැනුමෙන් කුරුරවල් වූවන් කිසිසේත කළ නොහැකැයි කී දෙයක් ඔවුන් සමච්චල් කළ ක්‍රමවේදයක් ඔස්සේ කළ හෙයිනි. එසේ ම ඉන්දිය අදිපතිවාදයව විසින් අප මත හෙළු 13 ද ඉවතලා අපේම ක්‍රමවේදයක් සැකසිය යුතුය. 13 වෙනත් සමාජ දේශපාලන වටපිටාවක ඉන්දියාව ජේ. ආර්. ගේ අත කරකවා බලෙන් අත්සන් කරගත්තකි. යාබද රටවල් දෙකක් අතර සම්බන්ධය එතරම් පළුදු වූයේ ජේ. ආර්. ගේ ඇමරිකන් ගැතිකම සහ රජිව් ගාන්ධි නම් ගුවන් නියමුවාගේ අපරිණත දේශපාලනය නිසා ය.

කෙසේ වුව ද දැන් තවත් ඒ ගැන කතා කරමින් කාලය කා දැමිය යුතු නැත. දිවයින සිව්කොන සිසාරා සංවර්ධනයේ මාරුතය හමා යන්නට දොර කවුළු හරිමු. ඊට ඇති බාධා දුරලමු. සිංහල දෙමළ මුස්ලිම් ඈ අගනුවරින් බැහැර ජීවත් වන සැමට දිය හැකි උතුම් ම දේශපාලන විසඳුම එයයි. මේ කුඩා දිවයින එක මිටට බැඳ ඒකාත්මික කරන රන් හුය එයයි.

Wednesday, July 22, 2009

කළු ජූලියේ අඳුරු මතක

කළු ජූලියට අදට වසර 26 කි. මෙම ලිපිය ඒ අඳුරු මතකයන් පිළිබඳව කෙරෙන ආවර්ජනයකි.

අසූව දශකයේ උතුරේ සන්නද්ධ කණ්‌ඩායම් රැසක්‌ සංවිධාන ගත වී සිටියේය. ඒ අතරින් එල්.ටී.ටී.ඊ. සංවිධානය දලුලමින් වැඩුණු අවදිය ලෙස නිසැකවම හැඳින්විය හැක. ප්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන්ගේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමට යාපනය නගරය පුරා නොයෙක්‌ සැහැසිකම් සිදු කළේ මෙම යුගයේදීය.

1981 ඔක්‌තෝබර් 15 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට විශේෂ දිනයකි. ඒ ජෙනරාල් තිස්‌ස ඉන්දික වීරතුංග යුද හමුදාපති ධුරය සඳහා දිවුරුම් දුන් හෙයිනි. එහෙත් ඒ විශේෂ දිනය අඳුරු වළා පටළින් වසා දැමීමට කොටි සංවිධානය අමතක නොකළේය. ඔවුන් ආණ්‌ඩු විරෝධී ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌a බව ඔප්පු කරමින් කොන්ඩාවිල් ප්‍රදේශයේදී බෝම්බයක්‌ පුපුරුවා හැරියේය. ඒ ප්‍රහාරයේ සැලසුම්කරු ලෙස පෙරමුණ ගෙන කටයුතු කළේ එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දෙවැනියා ලෙස සිටි චාල්ස්‌ ඇන්තනී හෙවත් (සීලන් ය) ඔහු ප්‍රභාකරන්ගේ සමීපතම මිතුරාද විය.

කොටි සංවිධානය ඒ ප්‍රහාරයෙන් නොනැවතුණි. විටින් විට ත්‍රස්‌ත ප්‍රහාර රැසක්‌ එල්ල කළේ එවකට පැවැති ආණ්‌ඩුවට අනතුරු ඇඟවීම් ලෙසය. ඒ හෙයින් ආරක්‍ෂක හමුදාවන්ටත්, පොලිසියටත් හානි සිදු නොවුණාම නොවේ. මෙවැනි ත්‍රස්‌ත ප්‍රහාර ආරක්‍ෂක ප්‍රධානීන්ට හිසදරයක්‌ වී තිබුණි. කොටි සංවිධානය තිඹිරි ගෙයිම වළ දැමීමට ආරක්‍ෂක ප්‍රධානීන්ට අවශ්‍ය වුවත් ඒ සඳහා දූරදර්ශී නායකත්වයක්‌ රට තුළ නොමැතිවීම කොටි සංවිධානයට වාසිසහගත විය.

කොටි සංවිධානය සතුව අවි ආයුධ එතරම් නොමැතිවීම ඔවුන්ගේ සංවිධානය ශක්‌තිමත් කිරීමට බාධකයක්‌ වී තිබුණි. ඒ හෙයින් ආරක්‍ෂක අංශවලට විටින් විටි ප්‍රහාර එල්ල කරමින් ආයුධ එක්‌රැස්‌ කිරීමට ඔවුහු උත්සාහ ගත්හ.

යාපනේ නගරයට දැඩි ආරක්‍ෂාවක්‌ ලබාදීමට ආරක්‍ෂක බලධා`රින් කටයුතු කළේ මේ අවදියේදීය. යුද හමුදා නිලධාරීන්ගේ මෙන්ම සෙබළුන්ගේ ඒකායන අභිමතය වූයේ ප්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන් කීප දෙනා විනාශ කිරීමය. ඒ සඳහා යුද හමුදා බුද්ධි අංශයට විශේෂ කාර්යභාරයක්‌ ඉටුකිරීමට සිදු වී තිබුණි. ඔවුන් නොයෙක්‌ ක්‍රම මගින් කොටි සංවිධානයේ තොරතුරු ලබාගත්තේය. ඔවුන්ගේ එක්‌ බලාපොරොත්තුවක්‌ සාක්‌ෂාත් වීමට වැඩි කාලයක්‌ ගත වූයේ නැත. එනම් චාල්ස්‌ ඇන්තනී හෙවත් සීලන් ඇතුළු කොටි සාමාජිකයන් පිරිසක්‌ සැරිසරන බවට තොරතුරක්‌ ලැබිණි. ඒ තොරතුරත් සමගම යුද හමුදාවෝ විදුලි වේගයෙන් ක්‍රියාත්මක වූහ. එම ත්‍රස්‌ත කණ්‌ඩායම දුටු සැනින් ඔවුන්ගේ ගිනි අවි ක්‍රියාත්මක වූයේ පළාතම භිතීයට පත් කරවමිනි. එක්‌ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්‌ වෙඩි වැදී එතැනම ඇද වැටුණේය. අනෙක්‌ කීප දෙනා හිස්‌ ලූ ලූ අත දුව ගියත් සීලන්ට වැඩි දුරක්‌ යන්නට හැකි වූයේ නැත. ඔහුත් මරු වැළඳගත්තේ නොසිතූ මොහොතකය. ඒ පුවත කොටි නායක ප්‍රභාකරන්ගේ කණ වැටීමත් සමගම දුක, වේදනාව, කෝපය, සිත තුළ දෝංකාර දෙන්නට විය. "මගේ මිත්‍රයා ඝාතනය කළ පළිය මම ගන්නවා" ප්‍රභාකරන් ඒ අවස්‌ථාවේ තම සාමාජිකයන් අමතා පවසා සිටියේය.

ප්‍රභාකරන් එතැන් සිට සීලන් ඝාතනය කිරීමේ පළිය ගන්න සුදුසු අවස්‌ථාවක්‌ එන තෙක්‌ සැලසුම් සකස්‌ කළේය. ඔහු සිතා සිටියේ තම මිත්‍රයා මැරූ පළිය ගැනීම සඳහා ඔහුම ප්‍රහාරයක්‌ එල්ල කළ යුතු බවයි.

කිඹුලා ගොදුරක්‌ ලැබෙන තෙක්‌ කට අයාගෙන සිටිනවා මෙන් ප්‍රභාකරන් තම ගොදුර එන මඟ රැකගෙන සිටියේය. එදා මහා අඳුරු මූසල දිනයකි. ලුතිනන් වාස්‌ ගුණවර්ධන ඇතුළු ආරක්‍ෂක හමුදාවෝ යාපනේ සිට පේදුරුතුඩුව දක්‌වා ගමන් ආරම්භ කළේය. තිත්තවැලියට ළඟා වීමත් සමගම ඔවුන් ගමන් කළ ජීප් රිය සහ ට්‍රක්‌ රථය ඉලක්‌ක කරගෙන බෝම්බ දෙකක්‌ පිපිරිණි. ඒ සමගම තුන් පැත්තකින් වෙඩි වරුෂාවක්‌ ද එල්ල විය. අපගේ රණවිරුවන් එකා පිට එකා ඇද වැටෙන විටත් ඔවුන්ගේ ගිනි අවි ක්‍රියාත්මක විය. ලුතිනන් වාස්‌ ගුණවර්ධනගේ ගිනි අවියෙන් නිකුත් වූ උණ්‌ඩයක්‌ කොටි සාමාජිකයකුගේ ලය පසාරු කරගෙන ගියේ ලුතිනන් වාස්‌ ගුණවර්ධනටත් මරණය උරුම කර දෙමිනි. එම අවස්‌ථාවේදී තවත් 12 දෙනකු ඔහු සමග මරණයට පත් විය. කොටි ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌ත ප්‍රහාරයකින් යුද හමුදා නිලධාරියකු මියගිය පළමු අවස්‌ථාවද එය විය.

ලුතිනන් වාස්‌ ගුණවර්ධන ඇතුළු සෙබළුන් 12 දෙනා කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කළ පුවත රට පුරා පැතිර යැමත් සමගම සිංහල මිනිසුන් කෝපයට පත් වූහ. සෑම දෙමළ මිනිසකු කෙරෙහිම වෛරයක්‌ ඇති විය. ඒ වෛරයේ ගිනි පුපුර ගිනි ජාලාවක්‌ වෙයි කියා කිසිවෙක්‌ නොසිතූහ.

ජූලි 24 වැනිදා කාලගුණයෙන් අඳුරු දිනයක්‌ නොවුණි. එහෙත් ඒ දිනය මුළු දිවයිනටම අවාසනාවන්ත දිනයක්‌ විය. එනම් ලුතිනන් වාස්‌ ගුණවර්ධන ඇතුළු සෙබළුන් 12 දෙනාගේ මෘත දේහයන් කොළඹට රැගෙන ඒමට යෙදී තිබුණේ ඒ අවාසනාවන්ත දිනයේදීය. එදිනම යුද හමුදා ගෞරවාචාර මැද බොරැල්ල කනත්තේදී දේහයන් මිහිදන් කිරීමට සියලු විධිවිධාන සැලසුම් කළ තිබිණි. ඔවුන්ගේ ඥතීන්ටද එම අවස්‌ථාවට සහභාගිවීමට සියලු පහසුකම් ලබාදී තිබුණි. බොරැල්ල කනත්තම එකම ජන ගංගාවකින් පිරී ඉතිරී ගියේ එහි සිටි ජනතාව විශ්මයට පත් කරමින්ය.

එම අවස්‌ථාවට පැමිණි ඇතැම් පිරිස්‌ පොලු මුගුරු රැගෙන "කොටි ත්‍රස්‌තවාදීන් මරාපියව්, උන්ට මේ රටේ ඉඩක්‌ නැහැ. ශ්‍රී ලංකාවේ ජීවත් විය යුත්තේ සිංහලුන් පමණයි." යනුවෙන් කෑමෝර දෙන්නට විය. ගත වූයේ නිමේෂයකි. එහි සිටි සියලු ජනතාව ජාති ආලයෙන් මුසපත් වී සිටියහ. ඔවුන්ට අතට අහුවෙන්නේ කුමක්‌ද එය ඔවුන්ගේ ආයුධය බවට පත් විය. බොරැල්ල නගරයම එකම යුද පිටියකි. දමිළ ජනතාව සොය සොයා පහර දෙන්නට විය. කඩ සාප්පු ගිනි තැබූහ. ද්‍රවිඩ ජනතාවගේ අඳෝනාවෙන් බොරැල්ල නගරය දෝංකාර දෙන්නට විය. වාහනවලින් නැගුණු හෝන් ශබ්දයෙන් මුළු බොරැල්ලම එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත් විය.

බොරැල්ල කනත්ත දෙසින් හටගත් ගිනි දැල් කොළඹ නගරය පුරා විහිද ගියේ නියං සමයට හේන් ගිනි තියන්නාක්‌ මෙන්ය. මුළු කොළඹ නගරයම එකම අවුල් ජාලාවක්‌ බවට පත් වීමට ගත වූයේ සුළු මොහොතකි.

දමිළ ජනතාවගේ විලාප හඬ කොළඹ නගරය පුරා පිළිරැව් දුන්නේය. එහෙත් ඒ හඬට සවන්දීමට ප්‍රකෝප වූ පිරිසවලට අවස්‌ථාවක්‌ නොලැබිණි. අහිංසක දමිළ ජනතාව බඩ වියත රැකගත් කඩල කරත්තයේ සිට සුපිරි කඩ සාප්පුව දක්‌වා ගිනි බත් කළේ ඇතැම් අහිංසක දමිළ ජනතාව මරුමුවට ද පත් කරමින්ය. ඔවුන් මර බියෙන් හිස ලූ ලූ අත දිව යන්නට විය. එහෙත් ඔවුන්ව බේරාගැනීමට කිසිවෙක්‌ සිටියේ නැත. ඔවුන්ගේ විලාප හඬට සවන් දෙන්නට කිසිවෙක්‌ සිටියේ ද නැත. දමිළ දරුවන් තුෂ්ණිම්භූත වී ගල් ගැහි තැන් තැන්වලට ගුලි වී සිටියේ අපට මේ මොකක්‌ද වුණේ කියලා අසන්නට කෙනෙක්‌ නැති හෙයින්ය.

බොරැල්ල කනත්තෙන් ඇරඹුණු ජාතිවාදී කෝළාහලය නමැති "කලු ජූලිය" මුළු දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට ද්‍රවිඩ විරෝධී පිරිස්‌ කටයුතු කළේය. දමිළ ජනතාව බහුලව සිටි වැල්ලවත්ත, බම්බලපිටිය, දෙහිවල, රත්මලාන මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ කරාද භීෂණය ව්‍යාප්ත විය. ඒ ප්‍රදේශවල දමිළ ජනතාවගේ නිවාස, කඩ සාප්පු විනාශ විය. ඇතැම් දමිළ ජනතාව මරුමුවට ද පත් විය. ද්‍රවිඩ විරෝධීන් දිස්‌න දෙන කඩු, කිනිසි රැගෙන ප්‍රසිද්ධියේ

ඇවිද ගියේ කොස්‌ කොටන්නට නොව අහිංසක ජීවිත විනාශ කිරීමටය. එහෙත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට එවකට සිටි රජය කටයුතු නොකිරීම විශ්මයට තුඩු දුන් හේතුවකි.

ජාති ආලයෙන් මුසපත් වූ පුද්ගලයන් මංකොල්ලකරුවන් බවට පත් වූයේ දමිළ ජනතාවගේ සුපිරි කඩ සාප්පු විනාශ කිරීමත් සමගය. එම කඩ සාප්aපුවල තිබූ බඩුබාහිරාදීය ගෝනි පිටින් ඔවුන්ගේ ගෙවල්වලට රැගෙන යැමට පසුබට වූයේ ද නැත. ඔවුන් එය ප්‍රසිද්ධියේ සිදු කළේය. එහෙත් ඔවුන්ව වළක්‌වන්න කිසිවෙක්‌ සිටියේ ද නැත.

වැලිකඩ බන්ධනාගාරය තුළද ජාතිවාදී කැරලි කෝළහල ඇති විය. එහි සිටි ද්‍රවිඩ සැකකරුවන් රැසකගේ ජීවිත විනාශ කිරීමට සිරකරුවන් කටයුතු කළේ ඔවුන්ගේ සැහැසිකම් තවත් ඔප්පු කරමින්ය.

දිවයිනේ ඈත පිටිසර වතු ආශ්‍රීත ලැයිම් කාමර තුළ සිටි දමිළ ජනතාවට ද කළු ජූලියේ උණුසුම නොදැනුනා නොවේ. ඔවුන්ට ගුටි බැට දීමට ඇතැම් ගැමියෝ කටයුතු කළේ ඔවුන්ගේ හොර ජාවාරම් කරගැනීම සඳහායි. ලැයිම් කාමර තුළ සිටි අහිංසක මිනිසුන්ගේ කණ කර බඩු ද, ඔවුන් ළඟ හැදී වැඩුණු කුකුළන්, එළුවන් පවා ඔවුන් පැහැරගෙන ගියේ සතුන් කෙරේ ඇති වූ අනුකම්පාව නිසා නොව ඔවුන්ගේ සාහසිකත්වය පෙන්නුම් කිරීමටය.

එහෙත් එවකට සිටි රජය කිසිදු පියවරක්‌ නොගත්තේය. මෙම අවාසනාවන්ත සිද්ධිය සිදු වූ දිනම ඇදිරි නීතිය පැනවීමට රජයට පුළුවන්කමක්‌ තිබුණද රජය එය ක්‍රියාත්මක කළේ 26 වැනිදාය. එයින් හැගී යන්නේ භීෂණය කෙරෙහි රජය දෙබිඩි ක්‍රියා පිළිවෙතක්‌ අනුගමනය කළ බව නොවේද?

කළු ජූලියේ අනිසි ප්‍රතිඵලයක්‌ ලෙස කොළඹ අවට ප්‍රදේශවල දමිළ ජනතාව විශාල සංඛ්‍යාවක්‌ අනාථයන් ලෙස අනාථ කඳවුරුවලට සීමා විය. තවත් පිරිසක්‌ මරණයට පත් විය. ඇතැම් පිරිස්‌ රෝහල්ගත කෙරිණි.

කළු ජූලියෙන් නැගුණු ගිනි දැල්වල උණුසුමෙන් ද, දමිළ ජනතාවගේ ශාපයෙන් ශ්‍රී ලංකාවට අඳුරු යුගයක්‌ උදා විය. ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර රටවල් ශ්‍රී ලංකාව දෙස වපර ඇසින් බලන්නට විය. ඔවුන් ශ්‍රී ලංකාව ජාතිවාදීන් ලෙස සැලකූහ. දමිළ ජනතාව ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට යන්නට උත්සාහ දැරූහ. එම යුගයේ විදෙස්‌ගත වූ ඇතැම් දමිළ ජනතාව අදත් මවු බිමට පැමිණීමට අකමැත්තෙන් සිටිති.

කළු ජූලියේ වාසිය අත් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයටයි. ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක්‌ ලැබිණි. ආධාර උපකාර ලැබිණි. ඔවුන් ඒ තුළින් ඔවුන්ගේ සංවිධානය ශක්‌තිමත් කර ගැනීමට කටයුතු කළේය.

මනස විකෘති වූ ප්‍රභාකරන් නමැති අධමයාගේ ම්ලේච්ඡ ක්‍රියා නිසා දකුණේ අහිංසක දමිළ ජනතාව කුමක්‌ කරන්නද? එය තේරුම් ගැනීමට එවකට සිටි පාලකයන්ට නොහැකි වූයේ ඇයි. එවකට පැවැති ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවේ අදූරදර්ශී පාලනයත්, ඇතැම් බඩගෝස්‌තරවාදී දේශපාලනඥයන්ගේ යටිකූට්‌ටු අරමුණු සාක්‌ෂාත් කරගැනීම සඳහාත් කළු ජූලිය නමැති ජාතිවාදී කෝළාහලය නිර්මාණය විය.

එහෙත් වෙනත් අයගේ කර මතට එය පැටවීමට ඔවුන් කටයුතු කළේ මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින්ය. "කොළඹ හා දිවයිනේ ප්‍රදේශ කිහිපයක හට ගෙන ඇති කැරලි කෝළහල සංවිධානාත්මක පිරිසකගේ ක්‍රියාවක්‌ ලෙස සැක කළ හැකි බව" කැබිනට්‌ ප්‍රකාශක ඇමැති ආචාර්ය ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මහතා ප්‍රකාශ කර සිටියේය. එහෙත් ඔවුන්ට එය වසන් කිරීමට නොහැකි විය. ජනතාව සක්‌සුදක්‌ සේ කළු ජූලියේ නිර්මාණකරුවන්ව දැන සිටියේය.

අද අපට නිවැරැදි නායකත්වයක්‌ ඇත. සියලුම ජන කොටස්‌ එකම ශ්‍රී ලාංකිකයන් කියා සිතමින් ජීවත් වන යුගයක්‌ අපට උදා වී ඇත. ඒ හෙයින් නැවත ශ්‍රී ලංකාව තුළ ජාතිවාදී කෝළාහල ඇති නොවෙයි. එවැනි අඳුරු මතකයන් නැවත ශ්‍රී ලංකාද්වීපයට ඇති නොවේවායි පතමු.

තරංග රත්නවීර
(දිවයින_09/07/23)

ටිප්පණිය_කළු ජූලිය අහේතුක නොවේ. එහි මුල් බිජුවට පිරපාහරන් පැල කළේ ය. ඔහුට ඒ බිජුවට ලැබුණේ ජාතිවාදී ද්‍රවිඩ නායකත්වය වෙතිනි.එය අතු ඉතිලා වැඩෙන්නට අවැසි සාධක එවකට රට පාලනය කළ එජාපයේ අම්බරු නායකත්වය විසින් සපයන ලදි. නියපොත්තෙන් කඩා විසි කළ හැකිව තිබූ වැල්වැටිතුරේ හොර බඩු ජාවාරම්කාර පාතාළයින්ගේ ත්‍රස්තවාදයෙන් රටට තිස් වසරක් දුක් විඳින්නට වූයේ ඒ නිසා ය.

කෙසේ වුව ද ත්‍රස්තවාදය සහ ද්‍රවිඩ ජනතාව යනු දෙපිරසක් බව අනතුරුව සිංහල ජනතාව අවබෝධ කරගත්හ. එහෙයින් 1983ට පසු කිසි කලෙක පිරපාහරන්ගෙන් පළිගැනීමට දකුණේ ද්‍රවිඩ ජනතාවට පහර දෙන්නට සිංහලයෝ නොසිතූහ. එය කුඹුර පාළු කළැයි ගෙදර මුව මහට තඩි බෑමක් පමණකි. දැන් සියල්ල අවසාන ය. සියලු බේද හමස් පෙට්ටියට විසි කර රට වෙනුවෙන් එහි දියුණුව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් ලෙස අත්වැල් බැඳගත යුතු සමය එළැඹි ඇත.

Tuesday, July 21, 2009

ජනාධිපතිතුමාට කියෑවීම පිණිස...

තම දියණියගේ උපන්දිනය වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරදී සාදයක්‌ පවත්වා ඒ සඳහා වියදම් වශයෙන් රුපියල් ලක්‍ෂ 45 ක්‌ ලංකාණ්‌ඩුවෙන් අයකර ගැනීමට තැත් කළ ඇමැතිවරයකු ගැන මේ දිනවල කතා බහ පැතිර යයි. මේ කතාව ඇත්ත නම් මේ ඇමැතියාට ...... තැබිය යුතුය. (සුදුසු දඬුවම හිස්‌තැනට යොදාගෙන කියවන්න.) මේ කතාව බොරු නම් ඒ බොරුව පැතිරවූ එවුන්ට කස පහර දී උල තැබිය යුතු ය. රුපියල් ලක්‍ෂ 45 ක්‌ යනු මේ රටේ මධ්‍යම පාන්තිකයකු වසර 40 ක්‌ තිස්‌සේ වැඩ කර උපයන මුළු වැටුප හා සමාන මුදලකි. එය එක උපන්දින සාදයක්‌ සඳහා වැය කිරීමට ඇමැතිවරයකුට හැකිනම් නිසැකව ම ඒකා ආණ්‌ඩුවට එකතු වී ඇත්තේ එක්‌කෝ රට කෑම පිණිස යá නැතහොත් උපන්දින කේක්‌ කෑම පිණිස ය. කෙසේ වුවද මේ ඇමැතිතුමා ඉතා හොඳ පියෙකි. වරද, තම යහපත් පීතෘත්වයේ ගාස්‌තුව බදු ගෙවන ජනයාගේ මුදලින් ගෙවීමට තැත් කිරීම ය. මේ මුදල ආණ්‌ඩුව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇති අතර එයින් පැහැදිලි වන්නේ ආණ්‌ඩුවේ කොන්දට ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගය වැළඳී නැති බව ය. (ඔස්‌ටියෝපොරෝසිස්‌ වැළඳුණු විට අස්‌ථි දිරා යැම සිදු වෙයි.) මෙයට කලකට පෙර පැවැති සාම කතා වටයකදී මේ ඇමැතිගේ පුතකු ද සාකච්ඡා මේසයට ඉඳගත් බව දැන ගැනීමට තිබේ. ඒ ගැන ප්‍රශ්න කළ විට ඇමැතිතුමා සඳහන් කර ඇත්තේ තම පුත්‍රයා දේශපාලනයට ගෙන ඒමේ අදහසක්‌ තමන් තුළ ඇති බැවින් පෙරහුරුවක්‌ කළ බව ය. එහෙත් තමාගේ පුත්‍රයා යුද පෙරහුරුවකට යවා යුද්ධය සඳහා සූදානම් කරන ලෙස ඒ දිනවල ඒ ඇමැතිතුමාට කීවේ නම් එතුමා එයට අවනත වනු ඇද්ද?

ශ්‍රී ලංකාව යනු ඇමැති දියණියකගේ උපන්දින සාද වෙනුවෙන් වියදම් කිරීමට තබා පාන් භාගයක්‌වත් මිලට ගැනීමට වත්කමක්‌ නැති ජනයා සිටින රටකි. උදේට කෑවොත් දවල්ට කන්නේ කෙසේදැයි නොදන්නා මේ මිනිස්‌සු පවුලේ ගැහැනු දරුවකු වැඩිවිය පත් කල්හි රුපියල් ලක්‍ෂයක්‌ පමණ පොලියට ගෙන මඟුල් කති. පෙර කී ඇමැතිවරයා පාන් ගැනීමට මුදල් නැති පරම්පරාවේ කෙනකු නොවුවද ණයට ගෙන මඟුල් කන පරම්පරාවේ කෙනෙකි. ඔහුගේ විදේශ ගමන් සඳහා වැය වූ මුදල් ගැන පාර්ලිමේන්තුවේදී ඔහුගෙන් ප්‍රශ්න කළ විට සැපයූ තොරතුරු ව්‍යාජ බව ද දැනගන්නට තිබේ. මෙයින් ඇමැතිවරු තව දෙදෙනෙක්‌ මෙරටට සිටියොත් සෙසු සියලු ඇමැතිවරුන්ට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ද ඉස්‌සර කරගෙන හිඟමනේ යැමට සිදුවනවා ඇත.

ඉතා අමාරුවෙන් නිදහස්‌ කරගත් රට අනුභව කිරීමට දේශපාලනඥයන් දෙතුන් දෙනකුට ඉඩ දිය යුතු නැත. ඇතැම් ඇමැතිවරුන්ට නිල රථ කිහිපයක්‌ ඇති අතර ඇමැති බිරිඳ වන මැඩම්ට ද වෙනම නිල රථයක්‌ ඇත. ගෙදර පාවිච්චියට ද වෙනම රථ ඇත. ගෙදර තීන්ත ගෑමට අමාත්‍යාංශවල කාර්යාල කාර්ය සහායකයන් පාවිච්චි කෙරේ. හොරකමට ම උපන් එයින් සමහරු සති ගණන් අතිකාල ගාස්‌තු අය කරමින් ඇමැති නිවස පාට කරති. මෙය හැම ආණ්‌ඩුවක්‌ යටතේ ම තිබුණු දූෂණයකි. ජනාධිපති ප්‍රේමදාසගේ ජනසවිය කඩා වැටුණේ මෙබඳු දූෂණ නිසා ය. ඒ සංකල්පය කොතරම් යහපත් වුවද පටන් ගන්නා තැන සිට අගට ම දූෂණ සිදු වූ හෙයින් ජනසවිය ලාභියා ශරීර හොරකු බවට පත්විය. මේ දිනවල ඇති උතුරු වසන්තය ගනිමු. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් කෙනකුට කිලිනොච්චියටත් තවකකුට වවුනියාවටත්, අනෙකාට යාපනයටත් යැමට ඇතැයි සිතමු. තනි ගමනකින් මේ සියලු ස්‌ථාන ආවරණය කළ හැකි වුවද වාහන තුනක්‌ මේ වෙනුවෙන් යන අවස්‌ථා අමාත්‍යාංශවල ඇත. එවිට ඉන්ධන, අතිකාල දීමනා යනාදිය රිසි සේ ලබාගත හැකි ය. මේ සියල්ල විසඳිය යුතු කාරණා ය. එබැවින් ජනාධිපතිතුමනි, අද මේ තීරුව ඔබතුමාට කියවීම පිණිස ය.
(දිවයින_09/07/22)

ටිප්පණිය_පාතාළය විනාශය කිරීම ගැන අපි ඊයේ කතා කරමු. එහෙත් ඊට වඩා ඉක්මන් කළ යුතු වැඩ කිහිපයක් ඇත. ඉන් ප්‍රමඛ වන්නේ මෙවන් මහජන දේපළ සිය සුඛ විහරණයට යොදා ගන්නා ආත්මාර්ථකාමී දේශපාලුවන් වහාම ආණ්ඩුවෙන් පන්නා දැමීම ය. නැතහොත් වර්තමානයේ ආණ්ඩුව දිනාගෙන ඇති ජනප්‍රියත්වය පාරාවළල්ලක් වීමට බොහෝ කල් ගත නොවනු ඇත. කිරි කළයක් වනසන්නට එක් ගොම ඇබින්ඳක් ප්‍රමාණවත් ය. එහෙයින් මෙවන් වසුරු ඇමතිවරු පන්නා දැමීමට ජනපතිතුමා පියවර ගත යුතුය. ඒ සඳහා එතුමාට කොන්දක් ඇතැයි අපි විශ්වාස කරමු.

"රතු බිල"

තමන් සතු ගිනි අවි ද සමඟ ළඟම ඇති පොලිසියට භාර වන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පාතාල සාමාජිකයන්ගෙන් ඉල්ලයි.

මෙය ඉතා භයානක රතු නිවේදනයක්‌ ලෙස පාතාලය වටහා ගත යුතු ය. ආණ්‌ඩුව කොටි සංවිධානය සමූලඝාතනය කිරීමට පෙර ද මෙවැනි ම ඉල්ලීමක්‌ තුන් හතර වතාවක්‌ ම කළේය. එහෙත් ප්‍රභාකරන් ඒ බව ගණන් ගත්තේ නැත. ඔහු කල්පනා කරන්නට ඇත්තේ අර තරම් මිනී මැරූ කරුණාටත් ඇමැතිකමක්‌ සහ ශ්‍රීලනිපයේ උප සභාපතිකමක්‌ දෙන්නට තරම් ත්‍යාගශීලී වූ ජනාධිපතිතුමා තමන්ට නොවරදවාම අගමැතිකම දීමට ඉඩ ඇති බව ය. කරුණා සිටින ඇමැති මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස සිට ඔහුගේ මුහුණ දෙස බලාගෙන කැබිනට්‌ රැස්‌වීම් පවත්වන්නේ කෙසේදෘ යන්නත් ප්‍රභාකරන් කල්පනා කරන්නට ඇති. යුද හමුදාවේ 53 වැනි රෙජිමේන්තුවේ 8 වැනි කාර්ය සාධක බළකාය තැබූ වෙඩිල්ලක්‌ ප්‍රභාකරන්ගේ ඔලුව හිල්කර ගෙන යන්නට ඇත්තේත් මෙවැනි සිතුවිලිවල ගිලී සිටින විටි වන්නටත් ඇති. අවසානයේදී ප්‍රභාකරන්ට, නඩේසන්ට, පුලිදේවන්ට, සුසෙයිට, චාල්ස්‌ ඇන්තනීට එක ගොඩේ මිය යැමට සිදුවිය. අවි බිම තබා යටත් වන ලෙස රජය නියෝග කළ මුල් අවස්‌ථා කිහිපයේදී ඊට අවනත වී නම් මේ පිරිස අදටත් ජීවතුන් අතරය. එසේ ම තවදුරටත් ජීවතුන් අතර සිටීමට අවශ්‍ය නම් පාතාල සංවිධාන විසින් කරනු ලැබිය යුත්තේ හැකි ඉක්‌මනින් අවි බාර දී සිය කැමැත්තෙන් පොලිස්‌ කූඩුවට යැම ය. පසුව පාතාල සාමාජිකයන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කළ යුතු බැවින් ඔවුන් සමඟ අවි සැඟවූ තැන් බලන්නට (පාතාල සාමාජිකයන් කොතරම් ඇවිටිලි කළත්) නොයන ලෙස පොලිසියෙන් ඉල්ලමු. මන්ද පාතාලකාරයන් ඒ තැන්වලට ගොස්‌ පොලිසියට බෝම්බ ගැසීමට තැත් කළහොත් පණ ගලවා ගැනීම සඳහා ඉස්‌සර වීමට පොලිසියට යුතුකමක්‌ ඇති හෙයිනි. අප පොලිසියට අවවාද දීමට සූදානම් වන බවක්‌ පොලිස්‌පතිතුමා නොසිතිය යුතු ය. එක්‌දහස්‌ නවසිය අසූ නවයේදී සැඟවූ අවි තිබූ තැන් පෙන්වීමට පොලිසිය සමඟ ගොස්‌ හටගත් ගැටුමකදී විඡේවීර මියගිය ආකාරයට (ක්‍රමය, තාක්‍ෂණය, යාන්ත්‍රණය) එතැන් සිට අද දක්‌වාත් පුනරුච්චාරණය වෙමින් පවතී. පාතාල නායකයන්ට වහා මිය යන්නට සැලැස්‌වීම පාඩුවකි. ඔවුන්ගෙන් දැන ගත යුතු රහස්‌ එක වෙඩි පහරින් වැළලී යයි.

පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් සියලු කටයුතු වහා කෙළවර වනු දැක්‌මට පොලිසිය කැමැතිය. ඒ පහත සඳහන් කාරණා නිසාය. එනම්,

1. අත්අඩංගුවට පත්වූ පාතාල සාමාජිකයන් නිදහස්‌ කරන ලෙසට දේශපාලනඥයන්ගෙන් සහ ධනවතුන්ගෙන් බලපෑම් ඇතිවීම.

2. මෙබඳු නඩු වැඩ බහුල, අවුරුදු ගණන් ඇදෙන, අලුතින් සතුරන් සෑදෙන කටයුතු වීම.

3. පොලිසිය සහ පාතාලය අතර ඇති සම්බන්ධකම් හෙළි වීමට ඉඩ තිබීම.

4. පාතාල සාමාජිකයන්ට විරුද්ධව ඇති චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වුවහොත් අධිකරණයෙනුත් බැණුම් අසා පාතාලයෙන් වෙඩි කෑමට සිදුවීම.

සැබැවි, මේ සියල්ලම සිදුවිය හැකි ය. එහෙත් පොලිසිය සතු වගකීම සියලු ආකාරයේ ඉහඳ තබන්නන්ගෙන් සමාජය නිදහස්‌ කර ගැනීම ය. සිංගප්පූරුව ගොඩනැංවීමේදී ජනාධිපති ලී ක්‌වාන් යූ මුලින්ම කළේ පාතාලය විනාශ කිරීම ය. මෙයට වසර 50 කට පමණ පෙර සිංගප්පූරුව ගොඩනංවන කාලයේදී එරට මුහුදු කොල්ලකාරයන්ගෙන් සහ අබිං ජාවාරම්කාරයන්ගෙන් පිරී ඉතිරී ගොස්‌ තිබිණි. රටේ ආණ්‌ඩුව කළේ මේ කොටස්‌ දෙක ය. ලී ක්‌වාන් යූ මේ දෙගොල්ල එකට අල්ලා එකටම විනාශ කළේ ය. මේ රට හැදීමේදී ජනාධිපතිතුමා ප්‍රමුඛත්වය දුන්නේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමට ය. දැන් ඔහු පාතාලයට අත තබා ඇත. එහි නායකයන් ද එක්‌කෝ භාර විය යුතු ය. නැතහොත් ප්‍රභාකරන් ගිය මඟ යැමට සූදානම් විය යුතු ය.

(දිවයින_09/07/21)

ටිප්පණිය_1950 දශකයේ මෙරටට පැමිණි ලී ක්වාන් යූ සිංගප්පූරුව ලංකාවක් කරමියි සපථ කළේය. ඔහු ඒ සඳහා පාතාළය විනාශ කළේය. ලංකාව සිංගප්පූරුවක් කරමියි සපථ කොට මෙරට රජ පැමිණි ජේ. ආර්. ජයවර්ධන උතුමා පාතාළය සහා පරිමාණ කර්මාන්තයක් දක්වා ව දියුණුවීමට දිය පොහොර සපයන සියලු සාධක මෙරටට බෝ කළේය. දැන් නැවත සිංගප්පූරුවක් කරන්නට ගොස් අනාථ කළ ලංකාව සනාථවෙමින් තිබේ. ඒ සඳහා පාතාළයට තිත තැබිය යුතුය. බටහිරින් පෝෂණය කළ කොටි ත්‍රස්තවාදය පරසක්වල ගැසූ ලංකා ආරක්ෂක අංශවලට මෙය කජු කනවාට වඩා පහසු වැඩකි. ඊට එරෙහිව යටි උගුල් අටවන බලපෑම් කරන දේශපාලන පිංගුත්තරයින් වහාම පිරපාහරන් යැව් මග යැවිය යුතුය. ඒ සඳහා "සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස් වෙඩි තබන්න උත්සාහ කළ විට ජීවිතාරක්ෂාවට වෙඩි තැබුවා" වැනි වාක්‍යයක් ම හදා ගත්තාට කමක් නැත.

Monday, July 20, 2009

ජාත්‍යන්තර ණය සහ සැබෑ මිතුරන් හඳුනා ගැනීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබිය යුතු ණය මුදල ජුලි 20 වනදායින් පසු ලැබෙනවා යෑයි ඉකුත් සතියේ පුවත්පත් වල පළ වුවද තවම ඒ ගැන හරි හැටි නිච්චියක්‌ නැත. ශ්‍රී ලංකාව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්‌ඩලයේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී නැත. නමුත් පසුගිය බ්‍රහස්‌පතින්දා මූල්‍ය අරමුදලේ මූස්‌ථානයේදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී ලංකාව සමග "හොඳ සාකච්ඡා" කෙරී ඇති බව සඳහන් විය. "හොඳ" යන වචනය පාවිච්චි වී ඇති නිසා ණය මුදල ලැබෙනවා යෑයි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටී. මේ ණය මුදල හරි නම් ලැබිය යුතුව තිබුණේ අප්‍රේල් මස අවසානයේදීය. නමුත් එය ඉතා අභිරහස්‌ ආකාරයෙන් ප්‍රමාද විය. මා කලින් ලිපියක සඳහන් කළ පරිදි මේ ප්‍රමාදයට හේතුව කිසිවකුවත් හරියට දැන සිටියේ නැත.

ඇත්ත තත්ත්වය නම් මේ ණය මුදල ප්‍රමාද වීමට හේතුව බටහිර බලවතුන් විසින් මෙය ලංකාව පාලනය කිරීමට මෙවලමක්‌ හැටියට පාවිච්චි කිරීම නිසාය. ලංකාවට යුද්ධය නතර කරන්නැයි කොතරම් කීවද ලංකාව ඒ කිසිවක්‌ තුට්‌ටුවකටවත් තැකුවේ නැති නිසා ලංකාව ආර්ථික වශයෙන් හිරකර යුද්ධය ඉබේම නතර වන තැනට ගත් පියවරක්‌ හැටියට මෙය දැකිය හැකිය. ලංකාවේ වත්මන් පාලකයන්ටත් ලක්‌ වැසි ජනතාවටත් ඇත්තේ පුදුමාකාර වාසනාවකි. 2008 ජුලි මස වන විට කෙතරම් දරුණු යුද්ධයක්‌ තිබුණත් ලංකාවට වෙන කවදාවකවත් නොතිබුණ තරමේ විදේශීය මුදල් සංචිතයක්‌ තිබිණි. එය ඩොලර් බිලියන 3.6 ක්‌ පමණ විය. නමුත් පසුගිය වසරේ ලෝක ආර්ථික අවපාතය උත්සන්න වීමත් සමග මේ සංචිත ඉතා සීග්‍රයෙන් පිරිහුනේය. තත්ත්වය දරුණු අතට හැරෙත්ම ලංකාව මූල්‍ය අරමුදලෙන් මේ ණය ඉල්ලා සිටියේය. නමුත් ප්‍රභාකරන් බේරා ගැනීම සඳහා බටහිර බලවතුන් ණය මුදල දුන්නේ නැත. නමුත් කලින් තිබුණු සංචිත පිරිමසාගෙන ප්‍රභාකරන් මැරෙන තුරු යුද්ධ කිරීමට ආණ්‌ඩුවට හැකි විය. තමන්ගේ වචනයට පිටින් යැම ගැන වෛරයත් කෝපයත් නිසාත් බටහිර රටවල පදිංචි කොටි හිතවාදීන්ගෙන් ආ බලපෑම් නිසාත් ප්‍රභාකරන් මැරුණු පසුත් ණය මුදල ප්‍රමාද කරන ලදී. හරිනම් අප මේ වන විට ඉන්ධන නැතුව, කන්න අඳින්නත් නැතුව සිටිනවා විය යුතුය. නමුත් ණය මුදල නොලැබුණත් ප්‍රභාකරන් මැරුණු නිසාත් ලෝක ආර්ථිකය තරමක්‌ හොඳ අතට හැරී තිබෙන නිසාත් විදේශ සංචිත ඉබේම යළිත් වැඩිවීමට පටන් ගත්තේය. දැන් එය ඩොලර් මිලියන 1700 ක්‌ පමණ වෙයි.

මේ ක්‍රියාදාමයන් නිසා ලංකාවේ මිනිසුන්ට වැඩි බරක්‌ දැනෙන්නේ නැතුව දිනපතාම චිත්‍රපටියක්‌ බලන ලීලාවෙන් කොටි විරෝධී යුද්ධයේ ප්‍රගතිය රූපවාහිනියෙන් නරඹා එය ජයගත් පසු කිරිබත් කෑමටත් හැකි විය. මෙය ප්‍රාතිහාර්යයකි. ලංකාව කෙරෙහි දේව බැල්මක්‌ තිබෙනවාය කියන කතාව ආර්ථික විශේෂඥයන්ද මේ වන විට විශ්වාස කිරීමට පටන්ගෙන ඇතුවාට සැකයක්‌ නැත.

බටහිර රටවලින් මේ එල්ල වන තාඩන පීඩන හමුවේ ලංකාව බේරා ගැනීමට ඉදිරිපත් වූ මිතුරන් දෙදෙනා වූයේ ඉන්දියාවත් චීනයත්ය. මේ අවස්‌ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්‌ඩලය තුළ ලංකාව ඇතුළු රටවල් සමූහය නියෝජනය කරන්නේ ඉන්දියාවේ නියෝජිතයායි. ලංකාවට ලැබිය යුතු ණය මුදල ලබා දීමට මේ ඉන්දියානු අධ්‍යක්‍ෂවරයා මහත් ප්‍රයත්නයක්‌ දරන බව ලංකාවේ නිලධාරීන් පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම පවසන ආකාරයට එහි කාර්ය භාරය වන්නේ දුප්පත් පොහොසත් රටවල භේදය නොතකා ඕනෑම සාමාජික රටකට තම ගෙවුම් ශේෂය පියවා ගැනීමට මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත හැකි බවයි. සාමාජික රටවල් ඔවුන්ගෙන් මෙසේ ණය ලබා ගන්නේ සාධාරණ පොලියකට වෙළෙඳ පොළෙන් ණය ලබාගැනීමට නොහැකි අවස්‌ථාවන්වල යෑයි ඔවුන්ම කියයි. තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාජික රටවල් වලට ගෙවුම් ශේෂ ප්‍රශ්න බේරා ගැනීමටත් ආර්ථිකය ස්‌ථාවර කිරීමටත් ආර්ථික වර්ධනය යළිත් ඇති කිරීමටත් උදව් දෙන බව ඔවුන් කියා සිටී. නමුත් කිසිම හේතු දැක්‌වීමකින් තොරව ලංකාව සම්බන්ධයෙන් සිදුවිය යුතු දෙය සිදුවී නැත. මේ අවස්‌ථාවේදී වන්නිය යළිත් පුනරුත්ථාපනය කිරීමට විශාල මුදල් ප්‍රමාණයක්‌ අවශ්‍ය වුවත් බටහිර රටවල් එය දැන දැනම මේ ණය මුදල ප්‍රමාද කරයි. මෙයින් ඔවුන් පෙන්නුම් කර තිබෙන්නේ උතුරේ සිටින දෙමළ අවතැන් වූවන් කුසගින්නේ සිටියත් බිම් බෝම්බ ඉවත් කිරීමට කලින් යළිත් ඔවුන් ගම් බිම් වලට යවා මැරුම් කෑවත් බටහිර රටවල ජීවත් වන කොටි හිතවාදී දෙමළ ප්‍රජාව "ණය මුදල ප්‍රමාද කළා" යෑයි කාලකන්නි සන්තෝසයක්‌ ලබාදීමට හැකි නම් එයින් ඒ බටහිර රටවල් සෑහීමට පත් වන බවයි.

බටහිර රටවල් මේ ආකාරයට ඔවුන් අතර ජීවත් වන දෙමළ කොටි හිතවාදීන් සතුටු කිරීම සඳහා ලංකාවත් ලංකාවේ දෙමළ ප්‍රජාවත් අතහැර දමා තිබෙන අවස්‌ථාවක ලංකාවට උදවු කිරීමට ඉදිරිපත් වූයේ චීනයයි. ඉකුත් සතියේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් ලංකාව තුළ ඕනෑම තැනක (උතුර නැගෙනහිරත් ඇතුළුව) නිවාස හා නගර ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.2 ක ණය මුදලක්‌ චීනයේ ණය දෙන ආයතනයක්‌ විසින් ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිකිරීම සිදු කරන කාලය ඇතුළත කිසිදු පොළියක්‌ අය කරනු ලබන්නේ නැත. ණය මුදලේ පොලිය ද 2% ක ඉතා අඩු අනුපාතයකි. ඉදිකිරීම නිම වූ පසු අවුරුදු 5 ක්‌ යන තුරු ගෙවිය යුත්තේද පොලිය පමණි. ඒ අවුරුදු 5 අවසන් වූ පසු ණය මුදල ගෙවා නිම කිරීමට තවත් අවුරුදු 20 ක්‌ ඇත. පුනරුත්ථාපනය ආණ්‌ඩුවේ ප්‍රධානම ප්‍රශ්නය බවට පත් වී තිබෙන මේ අවස්‌ථාවේ නිවාස ඉදිකිරීම සඳහා මෙවන් ණය මුදලක්‌ ලැබීම ආණ්‌ඩුවට විශාල සහනයකි.

මීට වසර 2 කට පමණ පෙර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතා බී. බී. සී රූපවාහිනියේ Hard talk (හාඩ් ටෝක්‌) නමැති වැඩසටහනට පෙනී සිටි අවස්‌ථාවේදී ඔහුගෙන් අසන ලද එක්‌ ප්‍රශ්නයක්‌ වූයේ ලංකාව බටහිර රටවල් වලින් ඈත් වීමත් චීනය, රුසියාව, ඉරානය වැනි රටවල් වලට සමීප වීමත් ඔහුට අනුමත කළ හැකි ද යන්නයි. කබ්රාල් මහතා මෙයට දුන් පිළිතුරු මට මතක නැත. නමුත් ප්‍රශ්නය නම් හොඳට මතකය. චීනය, රුසියාව, ඉරානය වැනි රටවලට සමීප වීම අනුමත කළ නොහැකි දෙයක්‌ යෑයි බොහෝ බටහිර රටවල ජනමාධ්‍යවේදීන් අතර මතයක්‌ ඇත. ඇසුරු කිරීමට සුදුසු හිතවතුන් හැටියට ඔවුන් දකින්නේ බටහිර රටවල් පමණි. ලෝකයේ තියෙන සියලු හොඳ නියෝජනය කරන්නේ බටහිර රටවල් බවත්, ලෝකයේ තියෙන සියලු නරක නියෝජනය කරන්නේ චීනය, රුසියාව, ඉරානය වැනි බටහිරට ගැති නැති රටවල් බවත් ඔවුන් විශ්වාස කරති. නමුත් ලංකාව සම්බන්ධයෙන් ගත් කල වඩාත් සදාචාර සම්පන්න ස්‌ථාවරය ගෙන තිබෙන්නේ රුසියාව, ඉරානය, චීනය වැනි රටවල් මිස බටහිර රටවල් නොවේ. සියලු බටහිර රටවල් ත්‍රස්‌තවාදයට එරෙහිව යුධ ප්‍රකාශ කොට තිබුණ ද ඔවුන් ලංකාවේ පමණක්‌ ත්‍රස්‌තවාදයට උඩගෙඩි දුන්නේය. මේ අවස්‌ථාවේ ලංකාවට ත්‍රස්‌තවාදය අවසන් කිරීමට උදවු දුන් රටවල් වූයේ ඉන්දියාව, රුසියාව, චීනය හා ඉරානය වැනි රටවල්ය.

බොහෝ බටහිර රටවලට ලංකාව සම්බන්ධයෙන් තිබුණේ මෙහි සිටින ත්‍රස්‌තවාදීන් ආරක්‍ෂා කිරීමට වඩා යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ විශාල ගණනින් පදිංචි වී සිටින ලංකාවේ දෙමළ ජාතිකයනුත් සතුටු කිරීමේ උවමනාවයි. එම රටවල ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය ඉතා අඩු නිසා ඡන්ද 40000 ක්‌ හෝ 50000 ක්‌ වැනි ප්‍රමාණයක්‌ ගෙඩිය පිටින් ඒ පැත්තට හෝ මේ පැත්තට හසුරුවා ගැනීමට හැකිවීම යම් දේශපාලන පක්‍ෂයක ජය පරාජය තීරණය කරන්නක්‌ විය හැක. මෙවැනි ඡන්දයක්‌ ඒ රටවල සිටින කොටි හිතවාදී දෙමළ ප්‍රජාවගෙන් ලබාගැනීමට ඔවුන්ට සත පහක වියදමක්‌ යන්නේ ද නැත. ඔවුන්ට කිරීමට ඇත්තේ ලංකාවට එරෙහි ප්‍රකාශ නිකුත් කිරීමත් ලංකාවට ලැබිය යුතු ණය ප්‍රමාද කිරීමත් ලංකාවට දී තිබෙන GSP + වැනි බදු සහන අහෝසි කිරීමට තැත් කිරීමත් වැනි වියදම් නොවන දේවල් කීපයක්‌ පමණි. ලංකාවට අඩම්තේට්‌ටම් කිරීම බටහිර ලෝකය පුරාම ප්‍රචලිත දෙයක්‌ වී ඇත්තේ එය ලාභයට ඡන්ද ගත හැකි ක්‍රමයක්‌ වී තිබෙන නිසාය.

බලය රැකගැනීම හෝ ලබාගැනීම නමැති සදාචාර විරෝධී අරමුණ පෙරදැරි කරගෙන බටහිර රටවල දේශපාලකයන් කටයුතු කරද්දී ලංකාවේ ජීවත් වන මිනිසුන්ගේ තත්ත්වය ගැන සදාචාර සම්පන්නව බලා ඇත්තේ ඉන්දියාව, චීනය, රුසියාව, ඉරානය වැනි රටවල්ය. ලංකාවේ යුද්ධයෙන් පසු පුනරුත්ථාපන කටයුතු වලට අවශ්‍ය මුදල් බටහිර රටවල් විසින් කිසිදු හේතුවක්‌ නොදක්‌වා දේශපාලන කරුණු කාරණා මත ප්‍රමාද කර තිබෙන වාතාවරණයක ලංකාව එම උගුලෙන් බේරා ගත්තේ චීනයයි. ලෝක බලවතුන් අතර සිදුවන ගැටුම්වලදී ලංකාව වැනි කුඩා රටක පැත්තක්‌ ගැනීම නුවනට හුරු දෙයක්‌ නොවේ යෑයි අයෙක්‌ කියනු ඇත. නමුත් මෙහිදී සිදුවී ඇත්තේ සිතා මතාම පැත්තක්‌ ගැනීමට වඩා අර්බුදයකදී තමන්ට පයින් ගැසුවේ කවුද? උදවු කළේ කවුද? යන්න මත සැබෑ මිතුරන් හඳුනා ගැනීමට ලංකාවට සිදුවීමයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

(දිවයින_09/07/20)

පසුවදන_අපේ මිතුරන් සහ සතුරන් නිවැරදිව හදුනා ගැනීමේ වැදගත්කම පෙර ලිපියේ ද සාකාච්ඡා කළෙමු. මෙහි ඒ කරුණු වඩා හොදින් සාකච්ඡා කෙරී ඇත. එජාපයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහ ශූරීන් අපේ මිතුරන් යැයි කියන්නේ තිස් වසරක ශාපලත් යුද්ධය කෙළවර කරනට එරෙහිව අති භයංකර ලෙස සටන් කළ බටහිර රටවල් රොත්ත බව දැන් ඔබට සක්සුදක් සේ පැහැදිළිව ඇතැයි සිතමු.

Thursday, July 16, 2009

සතුරුකම් තවමත් ඉවර නැත

යුද අපරාධ අධිකරණය නමැති මස්‌ කඩය වෙත කුදලාගෙන ගොස්‌ එහි ඇති මස්‌ කොක්‌කේ ශ්‍රී ලංකාව එල්ලීම පිණිස බ්‍රිතාන්‍යය යටත් විජිතවාදීන් විසින් කරන ලද භයානක කුමන්ත්‍රණය පිළිබඳ ලිපියක්‌ කතුවැකි පිටුවට දකුණු පසින් ඇති පිටුවේ අද පළවී තිබේ. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්ධයේදී රටේ භෞමික අඛණ්‌ඩතාව සහ ස්‌වෛරීභාවය රැකගැනීම සඳහා සටන් කිරීමට අපගේ නීත්‍යානුකූල ත්‍රිවිධ හමුදාවට පොලිසියට සහ සිවිල් ආරක්‍ෂක බළකායට ඇති ශුද්ධ වූ අයිතිය යුද අපරාධයක්‌ ලෙස නිර්වචනය කර ඇති බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයා ගැන වැඩි විස්‌තර මේ ලිපිය කියෑවීමෙන් පාඨකයාට වටහා ගත හැකිය. එබැවින් ත්‍රස්‌තවාදීන්ට වීසා දෙන, ත්‍රස්‌තවාදී නොවන සිංහලයාට වීසා දීමෙන් හැකි තරම් දුරට වැළකී සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලයේ සිට එම කාර්යාලය අයත් මහ ආණ්‌ඩුවත් ඇමරිකාව ඇතුළු සෙසු යටත් විජිතවාදීන් ශ්‍රී ලංකාව කෙරේ දක්‌වන සතුරු ආකල්පය ගැනත් කතා කිරීමට මෙය අවස්‌ථාව කර ගනිමු.

චීනය, ඉන්දියාව, පාකිස්‌තානය ඇතුළු යහපත් ආසියාතික රාජ්‍ය කිහිපයකුත් රුසියාව හා කියුබාව වැනි රාජ්‍ය කිහිපයකුත් ලතින් ඇමරිකාවේ රටවල් කිහිපයකුත් හැර මේ මිහිතලය මත පවතින සියලු අධිරාජ්‍යවාදී රාජධානි ශ්‍රී ලංකාවේ ස්‌වාධීන පැවැත්මට එරෙහි ය. එයට හේතුව ආසියාව බලගැන්වීම සඳහා යොදා ගත හැකි හොඳම මර්මස්‌ථානය ශ්‍රී ලංකාව නිසා ය.

මෙය අද ඊයේ සිට නොව 1505 සිටම පවත්නා තත්ත්වයකි. මහින්ද රාජපක්‍ෂගේ ගැමි මුහුණුවරක්‌ ඇති සියයට සියයක්‌ ස්‌වදේශික ආණ්‌ඩුව මේ යුද්ධය ජයග්‍රහණය කරනු ඇතැයි බ්‍රිතාන්‍යය හෝ ඇමරිකාව හීනෙන්වත් කල්පනා කළේ නැත. එක්‌කෝ ලෝකය අවසාන වනතුරු මේ යුද්ධය ඇදී යනු ඇතැයි ඔවුහු සිතූහ. නැතහොත් රට දෙකඩ වී ඊළම බිහිවී යුද්ධය අවසන් වී එතැන් සිට ඊළම සහ ලංකාව අතර දේශසීමා සටන් හටගනු ඇතැයි ඔවුහු කල්පනා කළහ. නැතහොත් මහ ආණ්‌ඩුව දුර්වල කරන කැනේඩියානු පන්නයේ ෆෙඩරල් ක්‍රමයක්‌ මෙහි ඇතිවනු ඇතැයි ඔවුහු කල්පනා කළහ. ඒ කල්පනාවේ නිමග්නව පාටි දමමින් සිටි මහ බලවතුන් පාටිය අවසන් වී ගෙවල් බලා යැමට පිටත් වූ විට මහින්ද රාජපක්‍ෂ යුද්ධය දිනා තිබිණ. දැන් කළ යුත්තේ කුමක්‌ද? වෙලාවේ හැටියට කළ යුතුව තිබූ හොඳම දෙය ශ්‍රී ලංකාවට විරුද්ධව යුද අපරාධ චෝදනාවක්‌ නිර්මාණය කර යුද හමුදා බැරැක්‌ක තුළට දක්‌කා සාම හමුදාවක මුහුණුවර ගත් අන්තර්ජාතික ආක්‍රමණික හමුදාවක්‌ මෙහි එවීම ය. එහෙත් වාසනාවකට අප අසලින් ඉන්දියාව හා චීනය පිහිටියේ ය. ඒ නිසා අප වෙනුවෙන් කතා කිරීමට කට ඇර ගත නොහැකි අපගේ කොන්ද පණ නැති කරුමක්‌කාර තානාපති සේවයේ අඩුව ද වැසී ගියේ ය. මේ රටවල් දෙක තිබෙන තාක්‌ මෙහි බැසීමට ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය පැකිලෙන බව රහසක්‌ නොවේ.

ඇමරිකාව ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට යෑයි කියමින් ඇෆ්ගනිස්‌ථානයෙන් 75% ක්‌ ද ඉරාකයෙන් 60% ක්‌ ද අළු කළේය. ආත්මයක්‌ නැති බ්‍රිතාන්‍යය සුද්දන් පස්‌සේ යන හිඟන්නන් මෙන් ඇමරිකාව පසුපස යමින් ඔවුන්ගේ ආක්‍රමණවලට උදව් කළේ ය. අල්ඛයිඩාව විසින් ඇමරිකාවට පහර දීමෙන් පසු එරට මුස්‌ලිම්වරුන්ගේ මිනිස්‌ අයිතීන් ඉතා තදින් උල්ලංඝනය කරන ලදී. ඇමරිකානු පොලිසිය විසින් රහසේ ගෙවල්වලට පැන අත්අඩංගුවට ගත් මුස්‌ලිම් තරුණ තරුණියෝ 2000 කට වඩා ඉතා භයානක වධ බන්ධනවලට ලක්‌වූහ. ඇමරිකාව වෙන රටකට දමන සෑම බෝම්බයක්‌ වෙනුවෙන් ම උඩ පිනූ බ්‍රිතාන්‍යය තම අධිරාජ්‍යවාදී නපුංසකභාවය ප්‍රදර්ශනය කරමින් අත්පුඩි ගැසීය. අප හැමදාමත් කියන්නේ මේ අධිරාජ්‍යවාදීන් යුද අපරාධ මස්‌ කොක්‌කේ එල්ලීමට සමත් ආසියාතික සහ අධිරාජ්‍ය විරෝධී සියලු රටවල සභාගයක්‌ බිහි කළ යුතු බවයි. නැතහොත් පෙර කී භයානක රටවල් ත්‍රස්‌තවාදයේ ගින්න යළි පැතිරවීමට කටයුතු කරනවා ඇත. ලෝකය අවදි කරන විප්ලව රැල්ලක්‌ නැවතත් අවශ්‍යව තිබේ. වෙනදා එහි පෙරමුණ ගත්තේ යුරෝපයයි. අද එහි පෙරමුණ ගත යුතුව ඇත්තේ බෙදුම්වාදයට හා ත්‍රස්‌තවාදයට අවංක ලෙසට විරුද්ධ රටවල සභාගයකි.

(දිවයින_09/07/17)

පසුවදන_ඔබලා බලාපු මල්ල ලිහලා බැලිය යුතු නැත යනු ගැමි කියමනකි. ඒ එසේ නම් මේ දෙබිඩි රටවල් ගරන කුමන කතා ද? අප ඔවුන්ගේ අතවැසියන් මෙන් ප්‍රශ්නවලින් පීඩිතව ඔවුන්ගේ පිහිට පතමින් උන්ට අවැසි විදිහට සිටීනම් හරි කැමතිය. අප සදාකාලිකව අඳුරේ තබන්නට යුද්ධය කදිම හිඟන්නාගේ තුවාලයකි. එය සුව වූ වහා අප මත නැවත කරදර පටවා අප මැඩලන්නට වළිකන්නේ එවන් ප්‍රශ්න නැති කල රට සංවර්ධනය කරා යෑම අනීවාර්ය නිසාය. එවිට අප ඔවුන්ට අවැසි විදිහට ණය, මානව අයිතිවාසිකම් ආදී ආයුධවලින් පාලනය කළ නොහැකිය. එවන් වූ මේ රටේ සතුරන් ගැන අප අවදියෙන් සිටිය යුතුය. මේ අය හදුනා ගැනීමට ඔබට සරළ සිද්ධාන්තයක් භාවිත කළ හැකිය. එනම් අපේ රටේ විපක්ෂ නායකතුමා මේ රටවල් හදුන්වන්නේ මිතුරු රටවල් ලෙසය. එවිට ඔබ ධාරණය කරගගත යුත්තේ එහි අනෙක් පැත්තය.

දේශපාලන විසඳුම් සහ "පිබිදෙන උතුර"

උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳව රජයේ වැඩි අවධානයක්‌ යොමුව ඇති මේ මොහොතේ උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව ණය යෝජනා ක්‍රමයක්‌ සකස්‌ කර ඇත. "පිබිදෙන උතුර" නමින් නම් කර ඇති මේ විශේෂ ණය යෝජනා ක්‍රමය පසුගිය ජූලි 13 වන සඳුදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ උතුරු පළාතේ සංවර්ධනය සඳහා බැංකු ක්‍රමයේ දායකත්වය ලබා ගැනීමට එදින අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීය. මේ ලිපියේ අපගේ අවධානය යොමු වන්නේ මෙම "පිබිදෙන උතුර" විශේෂ ණය යෝජනා ක්‍රමය සහ උතුර සංවර්ධනය පිළිබඳවයි.

ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්‌ත නඩය පරාජයට පත් කිරීමෙන් පසු උතුර නැගෙනහිර පළාතට සහ එම ජනතාවට දේශපාලන විසඳුමක්‌ ලබාදිය යුතු බවද, බලය බෙදීමක්‌ අවශ්‍ය බවද, 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවට ද නොයෙක්‌ දෙනා නොයෙකුත් කතා කියමින් සිටිති. මේ කතා කියන අය රජය ඇතුළේම සිටින බව ද අපි කවුරුත් දනිමු. සාමය වෙනුවෙන් තවලම් ගිය, සුදු නෙළුම් ව්‍යාපාර කළ, එසේම අද දිනයේ ශ්‍රී ලංකා දේශපාලනය තුළ අවලංගු කාසියක්‌ බවට පත්ව සිටින මංගල සමරවීර ද පසුගියදා ප්‍රකාශ කොට තිබුණේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක්‌ දෙමළ ජනතාවට ලබාදිය යුතු බවයි. සාමය වෙනුවෙන් ඇති තරම් කඩේ ගිය, අද මතවාදීමය වශයෙන් බින්දුවට වැටී ඇති මේ පිරිස්‌ ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් සිතින් දුක්‌ වී සිටින, කඳුළු සලන පිරිසක්‌ බව අප දැනටමත් සඳහන් කර ඇත. රණවිරු විජයග්‍රහණය පාවා දෙන මේ සියලු කතා බහ සහ උත්සාහයන් හමුවේ, මේ ලියුම්කරු කියා සිටියේ උතුර නැගෙනහිර පළාතට සහ එම ජනතාවට ලබාදිය හැකි සහ ලබාදිය යුතු වැදගත්ම දේශපාලන විසඳුම වන්නේ එම පළාතට සංවර්ධනයේ අරුණලු උදා කරදීම බවයි. "පිබිදෙන උතුර" නමින් ශ්‍රීලංකා මහ බැංකුව හඳුන්වාදී ඇති මේ විශේෂ ණය යෝජනා ක්‍රමය උතුර සංවර්ධනය නම් වු අත්‍යවශ්‍ය දේශපාලන විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා බලවත් රුකුලක්‌ වනු ඇති බව අපගේ අදහසයි.

පිබිදෙන උතුර නව ණය යෝජනා ක්‍රමය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ සඳහන් කරයි.

"උතුර පළාත තුළ කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර කටයුතු, ක්‍ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාර යන ආර්ථික කටයුතු යළි නඟාසිටුවීමට උපකාර වන මූලධන ආයෝජනයන් මුල්‍යකරණය කිරීමේ අරමුණින් "පිබිදෙන උතුර" නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවෙහි උතුර පළාතෙහි වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වයෙහි වේගවත් වර්ධනයක්‌ මෙමගින් ඇති විය හැකිය. මෙම ණය ක්‍රමය යටතේ තෝරාගෙන ඇති සහභාගීත්ව ණය දෙන ආයතන මගින් සුදුසුකම් ලබන ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උදෙසා සහනදායි පොලී අනුපාතයකට ණය සපයනු පිණිස ආරම්භයේදී රුපියල් මිලියන 3000 ක මුදලක්‌ වෙන්කොට ඇත.

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියා සහ මුලතිව් යන දිස්‌ත්‍රික්‌ක 05 කින් උතුරු පළාත සමන්විත වේ. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 8290 ක්‌ වන අතර එය දිවයිනේ සමස්‌ත භූමි ප්‍රමාණයෙන් සියයට 13.5 කි. මිලියන 1.3 ක්‌ පමණ වන එහි ජනගහණය ආසන්න වශයෙන් දිවයිනේ මුළු ජනගහනයෙන් සියයට 6 ක්‌ වේ. ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු යළි නඟාසිටුවීම සඳහා උපකාරී වන ආයෝජන අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් සැපයීම මෙම ණය ක්‍රමයේ මූලික අපේක්‍ෂාව වේ. මෙම ණය ක්‍රමය යටතේ ඔවුන්ට නව ආදායම් උත්පාදන මාර්ග ඇරඹීම සඳහා බැංකු ක්‍රමය තුළින් මූල්‍ය පහසුකම් සලසා ගත හැකිය. (ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව).

"පිබිදෙන උතුර" ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත කටයුතු, සත්ව පාලන සංවර්ධන ව්‍යාපෘති, ධීවර කර්මාන්තය හා ඊට සම්බන්ධ කටයුතු, ක්‍ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාර, වෙළෙ¹ම හා වෙනත් ස්‌වයං රැකියා ව්‍යාපෘති සඳහා ණය පහසුකම් ලබා ගත හැකිය. එක්‌ ණයකරුවකුට මුළු ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 90 දක්‌වා ණය පහසුකම් සැපයීමට, අදාළ බැංකු ආයතනවලට හැකිය. තනි ණයකරුවකුට ලබාදෙන උපරිම ණය ප්‍රමාණයේ සීමාව රුපියල් ලක්‍ෂ දෙකකි. මේ ණය මුදල් සඳහා සියයට 12 ක වාර්ෂික පොලී අනුපාතයක්‌ අය කෙරෙන අතර, අදාළ ණය ව්‍යාපෘතියේ ස්‌වරූපය අනුව මාස හයක උපරිම සහන කාලසීමාවක්‌ සහිතව අවුරුදු පහක උපරිම කාලයක්‌ තුළ මේ ණය මුදල් ආපසු ගෙවීමට අවස්‌ථාව හිමි වේ. එක්‌ එක්‌ බැංකුවට තමන් ලබාදෙන ලද ණය මුදල් සඳහා සියයට 6 ක වාර්ෂික පොලී අනුපාතිකයකට යටත්ව ප්‍රතිමුල්‍ය පහසුකම් ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

උතුර සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේදී මේ මොහොතේ වඩාත් වැදගත්ම කාරණයක්‌ වන්නේ ඒ පළාත්වල ජනයාට තමාගේ සුපුරුදු ජීවන වෘත්තීන්හි නියෑලීමට අවශ්‍ය පරිසරය හා පහසුකම් සලසා දීමයි. බොහෝ දෙනකුට මේ සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධන මුදල නොමැති කමේ ගැටලුව පවතී. "පිබිදෙන උතුර" ණය යෝජනා ක්‍රමයෙන් මේ ගැටලුවට විසඳුම් ලබාගැනීමට හැකි වනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. මේ අනුව ආදායම් උත්පාදන මාර්ගයන් අලුතින් ඇරඹීමට හෝ පවත්වාගෙන යන ව්‍යාපාරයන් වැඩි දියුණු කර ගැනීම උදෙසා සුදුසුකම් ලබන ණයකරුවන් වෙත ණය ලබාදීමට අදාළ බැංකුවලට පුළුවන. මෙහිදී ණය ලබා ගන්නා තැනැත්තන්, තමන් ණය ලබා ගන්නා ව්‍යාපෘතියේ මුළු පිරිවැයෙන් සියයට 10 ක්‌ තම දායකත්වය ලෙස සැපයිය යුතු වෙයි. එසේ වුවත් මුදලින් මෙන්ම ද්‍රව්‍යවලින් හෝ තම කළමනාකාරීත්ව හැකියාවන්ගෙන් මෙම දායකත්වය ලබාදීමට ණයකරුවන්ට හැකි බවද මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම ණය මුදල් අදාළ ඉල්ලුම්කරුවන්ට ලබාදීමේදී ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සලකා බලනු ලබයි. ණය මුදල් යොදවන ආදායම් උත්පාදන මාර්ගය හා ණය ගැනුම්කරුගේ තත්ත්වය මත මෙය තීරණය වෙයි. මේ අනුව අදාළ ණය ඉල්ලුම්කරුවන් ද සමග සාකච්ඡා කිරීමෙන් පසු ණය මුදල් සඳහා අපේක්‍ෂා කරන සුරැකුම් පිළිබඳව තීරණය කරනු ලබයි.

ඇත්ත වශයෙන්ම සම්පත් බහුල උතුරු පළාතේ සංවර්ධනයට මේ ආකාරයට බැංකු අංශයේ සහාය ලබාදෙන්නේ නම්, එම පළාතේ ජනතාවගේ ජීවනෝපාය කටයුතු සංවර්ධනය කළ හැකි අතර, ඒ තුළින් උතුරු පළාතේ ආර්ථික ක්‍රියාකාරීත්වය ද ඉහළ මට්‌ටමට පත් කළ හැකි වනු ඇත. මේ සඳහා රටේ බැංකු ක්‍රමයේ දායකත්වය ලබාදිය හැකි ආදායම් උත්පාදන මාර්ග රාශියක්‌ උතුරේ දක්‌නට තිබේ. විශේෂයෙන් කෘෂිකාර්මික අංශයෙන් ගත් කළ, වී නිෂ්පාදනය, රතුළුEනු, මිරිස්‌, මුංඇට සහ රටකජු වගාවත් තවත් වැඩිදියුණු කිරීමටද එසේම ධීවර අංශයේ කටයුතු සහ සංචාරක ව්‍යාපාරය උතුරු පළාත තුළ දියුණු කිරීමටද බැංකු ක්‍රමයට මහත් උපකාර කළ හැකිය. ඒ සඳහා පිබිදෙන උතුර ණය යෝජනා ක්‍රමය වැනි විශේෂ ණය යෝජනා ක්‍රමයක්‌ හඳුන්වාදීම ඉතා වැදගත් කටයුත්තකි. මේ සෑම දෙයකින්ම උතුරු පළාතට සංවර්ධනයේ අරුණලු උදාවීමෙන් එම පළාතේ ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ තත්ත්වයට පත් වනු ඇත. කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ලබාදුන් කැපවීම හා දේශපාලන නායකත්වයම උතුර සංවර්ධනයට ද අවශ්‍යය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සඳහා ද සිය ප්‍රමුඛතාව සහ දේශපාලන නායකත්වය ලබාදෙන බවට කිසිම සැකයක්‌ නැත. සංවර්ධනය නම් වූ මේ දේශපාලන විසඳුම උතුර නැගෙනහිර පළාත්වලටත් එම ජනතාවටත් ලැබෙන විට රණවිරු විජයග්‍රහණය පාවාදෙන ඊනියා දේශපාලන විසඳුම් හෝ බලය බෙදීම් අවශ්‍ය නොවනු ඇත. කවුරුන් මොනවා කීවත් උතුර- නැගෙනහිර ජනයාට අවශ්‍ය වී ඇත්තේ සංවර්ධනය තුළින් ඉහළ ජීවන තත්ත්වයක්‌ ලබා ගැනීමේ දේශපාලන විසඳුම බව අපගේ අදහසයි.

දෙමළ ජනතාවට විමුක්‌තිය ලබා දෙන්නට කියා කොටි සංවිධානයට මුදල් ආධාර කළ විදෙස්‌ගත දෙමළ ප්‍රජාවටද (දෙමළ ඩයස්‌පෝරාවටද) උතුර - නැගෙනහිර ජනතාව යනුවෙන් අවංකව කැක්‌කුමක්‌, ආදරයක්‌ තිබේ නම් අප කියන මේ දේශපාලන විසඳුමට ආධාර උපකාර කළ හැකිය.

සහභාගීත්ව මූල්‍යායතන උතුරු පළාත තුළ බැංකු ශාඛා පවත්වාගෙන යන පහත සඳහන් බැංකු ආයතන මගින් "පිබිදෙන උතුර" ණය පහසුකම් ඉල්ලා සිටිය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
(දිවයින_09/07/16)

පසුවදන_මේ රටේ ඇත්තේ ජනවාර්ගික අරගලයක් නොව සම්පත් නිසි ලෙස බෙදී නොයාම පිළිබඳ ප්‍රශ්නයකි. දැන් ජනපතිතුමා එය අවබෝධ කරගත් සේය. එහෙයින් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් ඕනෑ යයි කියන බෙදුම්වාදී යෝජනා කසළ ගොඩට විසිකළ යුතුය. මේ යෝජනාවල අයිතිකාරයෝ සහ ඒවා කරතබා ගෙන යන නාට්ටාමිලා එක්කෝ 4/1මාක්ස්වාදයෙන් විපරිත වූවෝය. ඇතැමුන් ඒ විපරිත අතීතයක් ඇත්තෝය.අනෙක් අය විවිධ NGO ගුබ්බෑයන්වලට රිංගන්නෝය. මේ අනන්‍යතාව නොමැති කිසිවෙකු සවිඥානිකව බෙදුම්වාදී යෝජනාවලි අප මත පැටවීමට දරදිය අදින්නේ නැත.

ත්‍රස්තවාදී යුගඳුරින් මුදවාගත් උතුරුකරයේ අපේ නෑයන්ගේ මුහුණු සංවර්ධනයේ අරුණැල්ලෙන් විකසිත වනු දැක්ම සෑම දෑහිතැත්තෙකුගේ ම පැතුම විය යුතුය. ඒ පැතුම සඵල වේවායි අපි පතමු. අපට උතුරට දිය හැකි උත්තරීතර දේශපාලන විසඳුම එයයි.

Sunday, July 12, 2009

තබ්බෝවේ සංහාරය (නීචයන් වනසමු)

ලේ පිපාසිත යකුන් ලෙස සැලකිය හැකි කාලකන්නි මනුෂ්‍යයන් පිරිසක්‌ විසින් කරන ලද නීච ක්‍රියාවක්‌ ගැන සති අන්තයේදී වාර්තා විය. මේ සිදුවීම වූ කලී පුත්තලමේ තබ්බෝව කිරි ගොවිපළක රඳවා සිටි වසු පැටවුන් 39 දෙනකු ඉකුත් 9 වැනිදා රාත්‍රියේදී පොලුවලින් පහරදී මරා දැමීම ය. මේ කිරි ගොවිපළ පවත්වාගෙන යන ගොවීහු උදෑසන කිරි දෙවීම පිණිස ගොවිපළට යන විට වසු පැටවුන් සංහාරය කර ඇති බව දුටහ. මේ සංහාරය සිදුකර ඇත්තේ දැව ජාවාරම්කාරයන් පිරිසකි. ඒ පිරිසට අයත් නීචයන් දෙදෙනකු දැනටමත් අත්අඩංගුවට පත්ව සිටිති. ඔවුන්ට නිසි සත්කාර හා ප්‍රතිකාර කර ඇත්ත දැන ගැනීමට මේ ගැන පරීක්‍ෂණ පවත්වන කරුවලගස්‌වැව පොලිසිය බැඳී සිටී. වහළවල එල්ලා පහර දිය යුත්තේ ස්‌ත්‍රී දූෂකයන්ට පමණක්‌ නොවේ. මෙබඳු නීචයන් ද වහළය ආසන්නයට යා යුතුම ය.

මේ රටේ වනාන්තරය පාලනය කරන්නේ වන ජීවී දෙපාර්තමේන්තුව බවට බොරු මතයක්‌ තිබේ. එහෙත් සත්‍ය වශයෙන් ම මේ රටේ වනාන්තර පාලනය පවතින්නේ දැව හොරුන්, ගංජා හේන්කාරයන් සහ දඩයක්‌කාරයන් යන පාර්ශ්ව අත ය. එක්‌දහස්‌ නවසිය තිස්‌ ගණන්වලදී නිෂ්පාදනය කරන ලද බෝර 12 පතරොම් දැමිය හැකි කසිකබල් තුවක්‌කු හා සමාන ගිනිඅවි කිහිපයක්‌ වන ජීවී දෙපාර්තමේන්තුව සතුව තිබේ. දඩයක්‌කාරයන්, දැව ජාවාරම්කාරයන් සහ ගංජා හේන්කාරයන් සතුව ඇති අති නවීන තුවක්‌කු සමග හැරීමටවත් මේ කබල් තුවක්‌කුවලට නොහැකි ය.

දඩයක්‌කාරයකු සමහරවිට මුවකුට හෝ ගෝනකුට වෙඩි තබන්නේ වෙඩිල්ල මුවා පමණක්‌ නොව වන ජීවී නිලධාරියත් පසා කරගෙන යන ආකාරයට ය.

අපරාධකරුවන්ට දිගින් දිගට ම අපරාධ පවත්වාගෙන යා හැක්‌කේ ඔවුන් අපරාධ සිදුකරන ප්‍රදේශයට සිවිල් වැසියන් නො එන තරමට ය. නිතරම පොලිසියට හෝ හමුදාවට ඔත්තු යන්නේ සිවිල් වැසියන් හරහා ය. දර කැඩීමට හෝ හරක්‌ බැලීමට කැලයට යන ගැමියෝ ගංජා හේන්කාරයන් හෝ දැව හොරුන් දැව කපන ආකාරය දැක ඒ බව ගමේ තැන තැන කියති. මේ ආරංචිය පොලිසියට හෝ වන ජීවී දෙපාර්තමේන්තුවට ද යයි. වැටලීම් සිදු වන්නේ එවිට ය. මේ නිසා සිවිල් වැසියන් හැකි තරම් වනයෙන් ඈත් කර තැබීමට අපරාධකරුවෝ ක්‍රියා කරති. පුත්තලමේ වසු පැටවුන් සංහාරය සිදු වන්නට ඇත්තේ ද මේ ලෙස ය. හරක්‌ පට්‌ටි කැලයෙන් ඈත් කර තැබීමට කටයුතු කළ විට ගැමියෝ ද වනයට නො එති. මෙයට කලකට පෙර තණමල්විලදී ගැමියන් සමූහයක්‌ සංහාරය කරන ලදී. මෙය කොටි සංවිධානයේ ගිණුමට බැර කර තිබිණි. එය ඉතා ලෙහෙසි විසඳුමකි. එහෙත් මේ සංහාර සිදු කළේ ගංජා හේන්කාරයන් ය. මෙය දශක කිහිපයක්‌ තිස්‌සේ සිදු වූවකි. මෙයට වසර 30 කට පමණ පෙර සිංහල චිත්‍රපට නිෂ්පාදකයෙක්‌ කිසියම් කාරණයකට කැලයකට රිංගුවේය. එහෙත් ඔහු කවදාවත් ආපසු ආවේ නැත. කැලෑ කපන්නන් විසින් ඒමහතා මරා දමන ලද බවට සැකයක්‌ පවතී.

පුත්තලමේ වසු පැටවුන් සංහාරය රූපවාහිනි නාළිකා මගින් ද ප්‍රචාරය කරන ලදී. මේ රූප පෙළ හදවත් කම්පා කරවී ය. කිරි එළදෙනුන් හා වසු පැටවුන් මැරීම මේ රටේ නීතියට අනුව දඬුවම් ලැබෙන වරදකි. සමහර තිරිසන් මස්‌ කඩකාරයන් වසු පැටවුන් මරා එළුමස්‌ ලෙස සඟවා විකුණති. මෙබඳු ලේ පිපාසිත අපරාධකාරයන්ට දිය යුතු දඬුවම මරණ දඬුවම ය. එය වහා ක්‍රියාත්මක කළ යුතු නීතියකි.

(දිවයින_09/07/13)

කතුවැකිය_මරණ දඬුවම ටික කලකට හෝ ක්‍රියාත්මක කළ යුතු යැයි නව අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය දුටු මොහොතේ අප තුළ ඒ කෙරෙහි යම් අප්‍රසාදයක් හටගත්ත ද මේ පුවත දුටු කෙනෙහි අපට සිතුණේ එය කළ යුත්තක් බවය. ත්‍රස්තවාදයෙන් රට මුදාගත් වහා මතුවු ත්‍රිත්ව මිනිස් ඝාතන රැල්ලට ස්ත්‍රී දූෂණවලට වගගකිව යුතු අපරාධකරුවන්ට දිය යුත්තේ මරණ දඬුවම හැර කුමක් ද? මේ ම්ලේච්ඡයින්ට රජ කාලේ දුන් දෙතිස් දඬුවම් දී අවසන මරණ දඩුවම දිය යුතුය. අහිංසක වසු පැටවුන් මරා දැමූ තිරිසනුන්ට ද දිය යුත්තේ ඒ දඬුවම ය.

ෆෙඩරල්වාදී දේශපාලන නාට්‌ටාමිලා

අපි පළමුවෙන්ම විමසා බැලිය යුතුයි අද අපිට මේ ෆෙඩරල් උගුල පරදනවාද, අහුවෙනවාද වගේ, සාකච්ඡාවකට අවතීර්ණ වීමට බලපෑ හේතු කාරණා ගැන. අපි කවුරුත් දන්නවා මිනීමරු ත්‍රස්‌තවාදය පරාජයට පත් කිරීමත් සමඟ දේශපාලන භූමියේ විශාල වෙනස්‌කම් ඇති වී තිබෙනවා. යුද්දේ තිබුණේ උතුරේ සහ නැගෙනහිර වුණාට ඒ යුද ජයග්‍රහණය විසින් දකුණු ඉන්දියාවේ කරුණානිධි මහත්තයාගේ මොලේ වැඩ කරන ආකාරය පරිවර්තනයක්‌ සිද්ධවෙලා තියනවා. මේ අලුත් තත්ත්වය කවරාකාර අලුත් තත්ත්වයක්‌ද කියනවා නම් පසුගිය දිනවල එල්ටීටීඊය බේරා ගැනීම සඳහා වායුසමීකරණ යන්ත්‍ර මැද උපවාසයක නියෑලුණු කරුණානිධි මහත්තයට සිදුවී තිබෙනවා දෙමළ ඊළාම් සටන දැන් ඉතින් වලංගු නෑ... දෙමළ ජනතාව රජය සමඟ එකතුවී අයිතිවාසිකම් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි කියලා එතුමාගේ කටින්ම කියන්න. අලුත් තත්ත්වයක්‌ අපි ඉදිරියේ නොතිබුණා නම් මේ අලුත් කතාව ඉදිරියට එන්නේ නෑ. ඒ විතරක්‌ නෙමෙයි. පසුගිය සතිය තුළ කැඳවපු සර්ව පාක්‌ෂික සමුළුවට දෙමළ සන්ධානේ නියෝජිතයෝ ආවා. පළමු වතාවට ලංකාවේ සියලු පක්‌ෂවල නියෝජිතයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇවිත් ඒ මේසෙ වටේ වාඩිවුණා.

ඒ අලුත් තත්ත්වය විසින් කරන බලකිරීම මත සමහරු එන්නේ බලකිරිම ප්‍රබල නිසා මිසක්‌ එන්න ඕන නිසා නෙමෙයි. නමුත් නෑවිත් බැරි නිසා එනවා. පරණ තත්ත්වෙ නම් තිබුණේ මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ. දැන් අපි ඉන්නෙ තිබුණු පැරණි තත්ත්වෙ අංශක එකසිය අසූවකින් වෙනස්‌ වූ අලුත් තත්ත්වයක්‌ තුළ. දැන් මේ අලුත් අවස්‌ථාව තමන්ගෙ න්‍යාය පත්‍රයට අනුව, තමන්ගෙ අරමුණට අනුව පාවිච්චි කරන්න දෙගොල්ලක්‌ උත්සාහ කරනවා. මේ එක බලවේගයක්‌ තමයි ගතවූ 30 වසරක ඉතිහාසය ඇතුළෙ මේ රටේ ෆෙඩරල්වාදී මතය වපුරන්න කටයුතු කරපු අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානවල හුරතලුන් වුණු රටට හතුරු බලවේගවල දේශපාලන නාට්‌ටාමියන් බවට පත්වුණු, ඒ අය උත්සාහ කරනවා මේ අවස්‌ථාව ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුකූලව කළමනාකරණ කරන්න. ඔවුන් පිරබාහරන් ජීවතුන් අතර සිටින විටත් ඒ අරමුණින් වැඩකළා. ඒ කාලෙ කිව්වා ලෝකෙ බලසම්පන්නම ත්‍රස්‌තවාදී සංවිධානය, ඒක පරාජය කරන්න බෑ. අපේ හමුදා මෙහෙයුම් සියල්ල අසාර්ථකයි. තවත් ජීවිත විනාශ කරන්න බෑ. ඒ නිසා වහාම මේ ප්‍රශ්නයට සන්ධීය විසඳුමක්‌ ඇති කළ යුතුයි කියලා. මේ මතවාදය වපුරපු කල්ලියේ සමහරු අද ඉන්නවා ඔළුව වැල්ලෙ හංගගෙන, තව සමහරු ජාත්‍යන්තර බලවේගවලට විකුනන්න පුළුවන් මොනවද කියලා හොයමින් ඉන්නවා. ඒ මොකුත්ම නැති තව කණ්‌ඩායමක්‌ තමන් දන්න මේ එකම ෆෙඩරල් මාතෘකාව වමාර වමාර බුදින තත්ත්වයක්‌ ඇතිවෙලා තිබෙනවා.

එදා පිරබාහරන් ඉන්න කොට ඔවුන් කීවේ පරද්දන්න බෑ. ඒ නිසා සාමය හදන්න මෙය බෙදමු කියලා. අපත් කියනවා මේ ඇතිවූ සාමය කල් පවත්වන සාමයක්‌ කරන්න, නැවත පිරබාහරන් කෙනෙක්‌ උපදින එක වලක්‌වන්න බලය බෙදමු කියලා. අපි දන්නෑ තිස්‌ස විතාරණ මහත්තයා කාට කියලාද ඒ පේනේ බලාගත්තේ කියලා. එදා මොවුන් සමාජය බය කළේ පිරබාහරන්ගේ මිල්ටරි බලය, මරාගෙන මැරෙන සෙබළු, මුහුදු කොටි, මුදල් බලය, අන්තර් ජාතික දෙමළ ප්‍රජාව, පෙන්නලා, එදා ඒවා හරහා තමයි මේ සමාජය බය කරලා කොඳු කඩලා වේලුපිල්ලේ පිරබාහරන්ට මේ පොළවෙන් 1/3 ක්‌ දන්දෙන තැනට මේ රට අරගෙන යන්න හැදුවේ.

මේ යුද විරෝධීන්ට, සාමවාදීන්ට, ෆෙඩරල් වාදීන්ට තමයි අන්තර් ජාතික ප්‍රජාවේ මතවාදී මෙහෙයුම බාරදුන්නේ. ඒක සාර්ථක වුණේ නැහැ. ඒවා පරාජය කරන්න මේ රටේ ජාතික දේශප්‍රේමී බලවේගවලට පුළුවන්කම ලැබුණා. ඉතිහාසයේ මේ පරිච්ඡේදය ජාතියට අවශ්‍ය පරිදි පරිසමාප්ත අර්ථයකට අරගෙන ඇවිත් තියෙන්නේ මේ රටේ ජාතික බලවේග විසිනුයි. ඒ නිසා අපි මේ ප්‍රශ්නයට අවතීර්ණ වෙන්න ඕන ජයග්‍රාහී කඳවුරක මානසිකත්වයෙන් මිසක්‌ අසරණ වූවන්ගේ කඳවුරක මානසිකත්වයෙන් නෙමෙයි. අද අර අන්තර් ජාතික බලවේගවල දේශපාලන නාට්‌ටාමියන් ටික ඒ ද්‍රෝහී නඩය ඉන්නේ පරාජය වූවන්ගේ පිලේ. ඔවුන්ගේ මතවාදය න්‍යාය පත්‍රය දැන් පරාදයි. ස්‌කැන්ඩිනේවියානු රටවල් රාජ්‍ය නොවන සංවිධානවලට දුන්න සල්ලි මූදේ දැම්මා වගේ. නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයට, කුමාර් රූපසිංහගේ සහජීවන ව්‍යාපාරයට, තිස්‌ස විතාරණ මහත්තයා සමීපව ඇසුරු කරන බර්ශොෆ් පදනමට යූ. ඇන්. පීයෙන් පසුගිය ඡන්දෙට ඉදිරිපත් වුණු ශිරාල් ලක්‌තිලකට, පාක්‍යසෝති සරවනමුත්තුට කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි දුන්නේ මේ රට බෙදාගන්න. ඒත් ඔවුන්ට බැරි වූණේ ඒ සල්ලිවලින් මේ රටේ ඉරණම තීරණය කරන්න. ඒක සුඩානයේ, සයිබීරියාවේ, නැගෙනහිර ටිමෝරයේ සාර්ථක වුණා. ඒත් ශ්‍රී ලංකාවේ ඒක කරන්න බැරිවුණේ මේ රටේ දේශප්‍රේමී ජාතිකවාදී බලවේග මේ රට ඇහැරවලා පුබුදුවලා සියලු බලවේග මේ ද්‍රෝහී මෙහෙයුමට එරෙහිව කළමනාකරණය කරන්න පුළුවන් වෙච්ච හින්දා.

දැන් මේ අපි හමුවේ ඉන්නේ ජාතිය විශිෂ්ට විජයග්‍රහණයක්‌ කරා රැගෙන ආපු බලවේගයක්‌ මිසක්‌ පරාජිත බලවේගයක්‌ නෙමෙයි. ඒ අභිමානය, ජයග්‍රාහී මතය අපට තියෙන්න ඕනේ. ඕනම ෆෙඩරල් අවතාරෙකට හොල්මනකට මුහුණ දෙන්න අපට පුළුවන් වෙන්න ඕනේ. පිරබාහරන්ගේ මිනීමරු බෙදුම්වාදී ත්‍රස්‌තබලය කුඩු පට්‌ටම් කරන ලද මේ රටේ දේශප්‍රේමී බලවේගවලට තිස්‌ස විතාරණලගෙ කිඹුහුම් පයිසෙකට ගණන් ගන්න දෙයක්‌ නෑ කියන පදනමින් තමයි මේ ජාතික දේශප්‍රේමී බලවේග එකට එකතු වෙලා තියෙන්නේ. ඒ මහා ජයග්‍රාහී මනසින් යුතුවයි මේ මාතෘකාව අපි අපේ සාකච්ඡාවට ගත්තේ. අද මේ අන්තර් ජාතික බලවේගවල දේශපාලන නාට්‌ටාමිලාට ප්‍රධාන අරමුණු තුනක්‌ ඉටු කරගන්න අවශ්‍ය වෙලා තිබෙනවා. එකක්‌ තමයි හැකිනම් මේ රට සන්ධීය ක්‍රමයක්‌ කරා රැගෙන යන්න. යුද්දෙ ඉවර වුණා විතරයි රාජිත සේනාරත්න මහත්තයා ස්‌වාධීන රූපවාහනියට ඇවිල්ලා කියනවා දැන් ජනාධිපතිතුමා අපේ නායකයා වෙලා ඉවරයි. දැන් එතුමාට තියෙන්නේ ෆෙඩරල් විසඳුමක්‌ ගෙනත් අන්තර් ජාතික නායකයෙක්‌ වෙන්න කියලා. කොහොමද ෆෙඩරල් විසඳුමක්‌ ගෙනාවා කියලා රටේ නායකයා අන්තර් ජාතික නායකයෙක්‌ වෙන්නේ. එතකොට ලංකා සිතියමේ හැඩේ වෙනස්‌ වෙලා ලෝක සිතියම වගේ වෙනවද? මේ කියන්නේ බටහිර බලවේග කැමැති දේ කළොත් ජනාධිපතිතුමනි ඔබට ලෝක නායකයෙක්‌ වෙන්න පුළුවන් කියලා. මේ ලණුවම තමයි චන්ද්‍රිකා නෝනා වටේ හිටපු ෆෙඩරල්වාදියෝ ටික එතුමියට කැව්වෙත්. චන්ද්‍රිකා නෝනා මේ ලණුව අඹරන්නත් කලින් ගිල්ලා. ගිලලා ඇතුළෙදි තමයි අඹර ගත්තේ. අන්තිමට එතුමියට ලෝක නායකකම කෙසේ වෙතත් හඟුරන්කෙත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ශාඛා සමිතියේ නායකත්වයවත් බේරගන්න බැරි වුණා. මේ ලණුව ගිලින කාට වුණත් වෙන්නේ ඕකයි. සමහරු හදනවා ජනාධිපති තුමාටත් මේ ලණුව අඹරන්න. නමුත් ජනාධිපතිතුමා පැහැදිලිවම "හින්දු" පුවත්පතට කියලා තියනවා ලංකාවට ෆෙඩරල් ක්‍රමය ගේන්න අපට වුවමනාවක්‌ නෑ කියලා.

මේ විදිහට අන්තර් ජාතික බලවේග හදනවා පුළුවන් නම් රට සන්ධීය ක්‍රමයකට ගෙනියන්න. දැන් ඒක බැරිවුණා.

මේ බැරි බව අද ඔවුන් දන්නවා. එදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ තිබ්බ රැස්‌වීමෙදි තිස්‌ස විතාරණට ජනාධිපතිතුමා බැණලනේ ගියේ, "මොනවද තිස්‌ස මේ වෙලාවේ ෆෙඩරල් ගැන, බලය බෙදිලි ගැන කතා කරන්නේ කියලා. තිස්‌ස විතාරණ මහත්තයට උකුණු හිසක තරම්වත් මොළයක්‌ තියනවා නම් ඒ ප්‍රතිචාරවලින් තේරෙනවා බලය බෙදීම අසාර්ථක ව්‍යාපෘතියක්‌ බව. ඒත් මේකෙන් එක දෙයක්‌ පේනවා. මේ 13 වෙනි සංශෝධනයෙන් හරි වෙන මොකකින් හරි මේ බෙදමු බලය, බෙදමු බලය කියන කථිකාව, එක්‌ක ජාතිය භේද බින්න කිරීමේ අවස්‌ථාව ඔවුන්ට ලැබෙනවා. රටේ ඇතිවිය යුතු සමගියට බාධා එල්ල වෙනවා. ආණ්‌ඩුව තුළ විවිධ මත ඇති වෙනවා. මත අතර ගැටුම් ඉස්‌මතු වෙනවා. රටේ දේශපාලන සාකච්ඡාව මේ අලුත් තත්ත්වයට අවශ්‍ය සාකච්ඡාවක්‌ බවට පත්කර ගැනීම වෙනුවට මේ පරණ මාතෘකාව වටේ රොත්ත ගහන තත්ත්වයක්‌ ඇති වෙනවා. ඒක තමයි දැන් උන්නැහෙලාට අවශ්‍ය. දැන් අපි මේ ඒකට එරෙහිව කරන්නෙත් ඒකම තමයි. ඒ නිසා අපි මේ සාකච්ඡාවන්ට යන්න ඕන මේක ඉක්‌මනින් අවසාන කිරීමේ ඉලක්‌කය ඇතුවයි. නැත්නම් අපිත් ඒකට අහුවුණා වෙනවා. අද ජාතික ව්‍යාපාරයට තියන වගකීම තමයි මේ උගුලේ පැටලෙන්නේ නැතුව මේ සාකච්ඡාවට දෙන්න තියන හොඳම මිසයිල ප්‍රහාරෙ එල්ල කරලා ඉක්‌මනින් මේක අවසන් කරන එක. අද ජාතික ව්‍යාපාරේ හමුවේ තියෙන්න ඕන සාකච්ඡාව මේක නෙමෙයි. ඒ අර්ථයෙන් තිස්‌ස විතාරණලා මෙතෙන්දි සාර්ථක වෙලා තියෙනවා. අද අපේ දේශපාලන ශ්‍රමය යම් තරමකින් හෝ මේ පරණ යල්පැනගිය සාකච්ඡාව වෙනුවෙන් වැය කරන්න වෙලා තියනවා. ඒ අතින් අද අන්තර් ජාතික බලවේග සාර්ථකයි. මේ සමගම බැඳුණු ඔවුන්ගේ ඉලක්‌කය තමයි ජාතිය හමුවේ නිර්මාණය වූ මේ ස්‌වර්ණමය අවස්‌ථාව අපතේ යෑවීම, මේ අවස්‌ථාවේ නිර්මාණය විය යුතු සාකච්ඡාව නිර්මාණය වීම වළක්‌වන එක. ඒ දුෂ්ට බලවේගවල ඉලක්‌කය ඒක නම් අපි මොකක්‌ද කරන්න ඕන.

ජාතිය බේදබින්න කරන රට නොබෙදුනත් මේ සමාජය භේද බින්න කරන මේ පරණ හනමිටි මාතෘකාවෙන් අද ජාතිය එළියට ගන්න ඕන, 13 වටේ කැරකෙමින් ශ්‍රමය අපතේ යෑවීමට ජාතියට ඉඩ දෙන්නේ නැතුව අපි මේ මාතෘකාවෙන් ජාතිය ගලවා ගැනීමට මුළු ශක්‌තිය යොදවන්න ඕන. අලුත් තත්ත්වය විසින් ඉල්ලන අලුත් මාතෘකා මගින් මේ පරණ මාතෘකාව යට කරලා දාන්න ඕන. 13 ධනද 13 සෘනද කියලා ඒක වටේ කැරකෙනවා වෙනුවට 13 ස්‌වාභාවිකවම කාලක්‍රියා වන ආකාරයට කටයුතු කරන්න ඕන මේ අබල දුබල වෙලා තියන එකකට ගහලා මරලා මිනීමැරුම් චෝදනා ගන්න යන්නෙ නැතුව. ස්‌වභාවිකව කාලක්‍රියා කරන්න ඒකට ඉඩදීලා 13 න් වහාම මේ සාකච්ඡාව ගෙනියන්න ඕන. දැන් සර්ව පාක්‌ෂික සමුළුව ඒ අර්ථයෙන් අලුත් ප්‍රවේශයක්‌. ඒකෙන් අලුත් මාතෘකාවක්‌ ගෙනාවා. සංවර්ධනය හා ප්‍රතිසංවිධානය, ඒක අලුත් තත්ත්වය විසින් ඉල්ලා සිටින මතෘකාව, දැන් අලුත් සර්ව පාක්‌ෂික සමුළුව විසින් තිස්‌ස විතාරණගෙ පරණ සර්ව පාක්‌ෂික කමිටුවේ භූමිකාව අභාවයට යවලා තිබෙනවා. දැන් කවුරුහරි ගිහින් එතුමගෙන් ඇහුවොත් මේක අභාවයට ගියාද කියලා එතුමා ඒක පිළිගන්නේ නෑ. එතුමා තමන්ගේ සුපුරුදු සතුට සොයාගෙන යන්න හැමදාම මේක කෙටුම්පත් කර කර ඉන්නවා. හරියට අර පොඩි ළමයි වැල්ලෙ මාලිගා කෝම්පිට්‌ටු හදනවා වගේ. ඒ එතුමගෙ සතුට. නමුත් අද අලුත් සර්ව පාක්‌ෂික කමිටුව ඔප්පු කරලා ඉවරය පරණ එක යල්පැන ගියා කියලා. පරණ එක වංලගු නම් මොකටද අලුත් සර්ව පාක්‌ෂික සමුළුවක්‌. දැන් වෙන්න ඕන ඒක තමයි. අලුත් සර්ව පාක්‌ෂික කමිටුවෙන් පරණ එක යටපත් කළා වගේ දැන් අලුත් මාතෘකාවෙන් පරණ මාතෘකාව යටපත් කරන්න ඕන. මේ රටේ දේශප්‍රේමී බලවේග අද ඉන්නේ ඒ හැකියාව සහිත භූමියක. ඔවුන් අද ඉන්නේ දිනපු බලවේගයක්‌ හැටියට. ඒ නිසා දැන් අපි ඉන්නේ පරණ සටන් කලාවෙන් ප්‍රශ්න විසඳ ගන්න ඕන තැනක නොවෙයි. ඊට වඩා දියුණු සටන් කලාවකින් සතුරා මැඩපවත්වන්න පුළුවන් තැනකයි ජාතික දේශප්‍රේමී බලවේග ඉන්නේ. ඒ දියුණු සටන් කලාවෙන් සතුරා පැරදවීම කියන්නේ මොකක්‌ද? ජාතිය භේද බින්න කරන පරණ මාතෘකාව යට කරලා මේ රට ඉල්ලා සිටින මේ සාමකාමී වාතාවරණය විසින් සිංහල දෙමළ මුස්‌ලිම් සියලු ජනයා සමගි කරන තැනකට මේ රට අරගෙන යන්න ඕන. ඒ සාකච්ඡාව 13 නෙමෙයි. ඒ සාකච්ඡාව ෆෙඩරල් නෙමෙයි. ඒක පරණ සාකච්ඡාව. ඒ පිරබාහරන් ජීවතුන් අතර ඉන්න කාලෙ සාකච්ඡාව. දැන් සාකච්ඡාව මේ රටේ ආර්ථික සංවර්ධනය, යහ පාලනය, අපේ රටේ අධ්‍යාපනය මේ ජාතියට සරිලන එකක්‌ බවට පෙරලා ගැනීම, අද ජාතික කොඩි වන වන හිටියට මේ රටේ අධ්‍යාපනයෙන් එළියට දාන්නේ ජාතික දේශප්‍රේමී මනසක්‌ සහිත දරුවෙක්‌ නෙමෙයි. ඒ නිසා මොන විජයග්‍රහණ ලැබුවත් මේක නම් අපි නිපදවන සමාජය ඕන නම් වෙන අයට ඉදිරියේදී ෆෙඩරල් කරගන්න පුළුවන් සමාජයක්‌ වේවි.

අනාගත පිරබාහරන් කෙනෙක්‌ බිහිවේවි කියලා දැන් බය විය යුතු නෑ. එහෙම බිහි වෙන්න කිසිම ඉඩක්‌ නෑ. මොකද ඔවුන් මේ කෑවේ එසේ මෙසේ කෑමක්‌ නොවෙයි. කොටි සංවිධානයේ අරමුණු මොනවා වුණත් ඔවුන්ගේ තිබුණ බලයට සරිලන මොලයක්‌ පිරබාහරන්ට තිබුණේ නෑ. ඇන්ටන් බාලසිංහම්ට ඒ මොලේ තිබුණා. ඒත් බලය තිබුණේ පිරබාහරන්ට. බලය තිබුණ පිරබාහරන් ඒ බලය පාවිච්චි කරලා, ඒ මගින් තමන්ට අවශ්‍ය ගිවිසුමට ගිහින් එමගින් තම අරමුණු සාක්‌සාත් කර ගන්න තිබුණ අවස්‌ථාව අහිමි කරගත්තා. මම මේ කියන්නේ ඒ මොළේ නොතිබීම ගැන සතුටෙන්. තිබුණා නම් අපි ඉවරයි. බාලසිංහම්ට ඒ මොලේ තියෙන්න ඇති. ඒත් පිරබාහරන්ට තිබුණේ නෑ. ඒ නිසා තමයි ඔහු තමන්ගේ බලය පිළිබඳ අධි තක්‌සේරුවකට ඇවිල්ලා අන්තිමේදි රොත්ත පිටින්ම සුද්ධ වෙලා යන තැනට වැඩ සලස්‌වා ගත්තේ. ඒ අතින් කොටි ලෝකේ ඉන්න බලවත්ම ත්‍රස්‌තවාදී සංවිධානය වගේම ලෝකෙ ඉන්න අඥනම ත්‍රස්‌තවාදී සංවිධානයත් තමන් බව සනාථ කළා. නැත්නම් ලෝකෙ හැම ත්‍රස්‌ත සංවිධානෙකම කවුරු හරි නායකයෝ ටිකක්‌ ගියාම තව නායකයෝ ටිකක්‌ ඉතුරු වෙනවා. ඒ වුණාට අද කොටි පුළුටක්‌ නෑ. ඒ නිසා නැවත එවැනි පිරබාහරන් කෙනෙක්‌ ගැන භීතිකාවක්‌ මේ සමාජය ඇති කර ගත යුතු නෑ. ඒ නිසා අද තීරණ ගන්න ඕනෙ යළි උපදින පිරබාහරන් කෙනෙක්‌ ගැන හිතලා නෙමෙයි. තීරණ ගන්න ඕනේ මේ අවස්‌ථාව දේශය ගොඩනංවන්න, ආර්ථිකය සංවර්ධනය කරගන්න, නීතිය, සාමය ආරක්‌ෂා කරන්න යහ පාලනය ගොඩනංවන්න මේ රටේ හැකියාව ශක්‌තිය අපතේ නොයවා ජාතික ඉලක්‌ක කරා ළඟාවෙන්න පාවිච්චි කළ යුත්තේ කොහොමද කියන එක ගැන හිතලා. අද අපි ඊට අවශ්‍ය මහා සමාජ දේශපාලන කථිකාවට පණ දෙන්න ඕන. අද මේ මාතෘ භූමිය දිනවන තැනකට රට අරගෙන ආපු දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයත් ඉතුරු අභියෝග දිනන තැනට මේ රට අරගෙන යන්න නම් ඒකට සරිලන සාකච්ඡාවට පණ දෙන්න ඕන. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප හමුවේ ඇති මේ ස්‌වර්ණමය අවස්‌ථාව, මේ අවස්‌ථාව විසින් ඉල්ලා සිටින මහා මඟ පෙන්වීම, මහෞඔෂධ භූමිකාව, ජාතිය අපේක්‌ෂා කරන භූමිකාවට අද අපි පණ දෙන්න ඕන. ඒක කරන්න පුළුවන්, කළ හැකි දේශප්‍රේමී බලවේගයක්‌ ජීවමානව සිටින රටකයි අද අපි මේ සාකච්ඡාව කරන්නේ. අන්න ඒ සාකච්ඡාවට පණ දෙමින් මේ මාතෘ භූමිය ඉදිරිපිට වන්දනීය පූජනීය මව් පොළව ඉදිරිපිට නිර්මාණය වී තිබෙන සෙසු අභියෝගත් ජයග්‍රහණය සඳහා එක්‌ රොක්‌ වෙමු. සමගි වෙමු. දැනුවත්ව ඥනාන්විතව ඒ අභියෝගය කරා ජාතිය රැගෙන යමු කියන ආරාධනාව කරමින් මම මේ වචන ස්‌වල්පය අවසන් කරනවා.

ජා.නි.පෙ. සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

(ඉරිදා දිවයින_09/07/12)

පසුවදන_කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමග අභාවයට යා යුතුව තිබූ හම්පඩ මාතෘකාවක් ගැන නැවත නැවත ලිවීමට සිදුවීම අවාසනාවකි. බෙදුම්වාදයට විසඳුම් ලෙස 1987 ගෙන ආ අසාර්ථක යෝජනාවල ඉදිරි දිගුවක් ලෙස ක්‍රියාත්මක වන මේ ෆෙඩරල් උමතුව වහාම කරළියෙන් එළියට විසි කර නැවුම් රටේ නැවුම් මගක් ඔස්සේ සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ට සදාතනිකව ඒකීය රටක සමගියෙන් ජීවත්වන්නට ඉඩ හසර සලසන තිර විසඳුම කරා රට ගෙන යා යුතුය. ඒ අන් කිසි මගක් නොව රටේ සංවර්ධනය සහ පරිපාලනය ගම්දනව්වලට බෙදාහැරීමයි.
 
සිය රට දේ සිරි සැප දේ !