Wednesday, September 18, 2013

එදා වර්ධරාජා මෙදා විග්නේෂ්වරන් ද?

බහුතරයක් TNA නායකයින් සිටින්නේ උතුරේ නොව දකුණේය. ඔවුහු උතුරට යන්නේ ඡන්දය ලබා ගැනීම සඳහා පමණි. නැවත යන්නේ විටින් විට ජනතාව තුළ සිංහලයාට විරුද්ධව ජාතිවාදී හැඟීම් ඇවිස්සීම සඳහා පමණි. උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ඔවුන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය සම කළ හැක්කේ ප්‍රභාකරන්ගේ මහවිරු ප්‍රකාශනයට පමණි. මේ මැතිවරණය ඔස්සේ නන්දිකඩාල් කළපුවේ ගිලී ගිය ඊළාම් සිහිනයෙ සැබෑ කර ගැනීම බෙදුම්වාදීන්ගේ අරමුණ වේ. 

විග්නේෂ්වරන් කුඩා කළ සිට දකුණේ එනම් කොළඹ 7 හැදී වැඩී රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර විශ්‍රාම ලැබුවෙකි. ඔහු සිය ජීවිත කාලය සැඳෑ සමය වන තුරු ගෙවා දැමුවේ දකුණේ සිංහලයින් සමඟය. ඔහුගේ දියණියන් දෙදෙනා විවාහ වී ඇත්තේ ද සිංහලයින් සමඟය. එහෙත් දැන් ඔහු ද ඔහු නියෝජනය කරන පක්ෂය කියනුයේ උතුර දෙමළ නිජබිම බවය. උතුර දෙමළ නිජබිම කීමත් සමඟ ම දකුණ සිංහලයාගේ නිජබිම බවට පත්වන අතර දකුණේ වසන 52%කට වැඩි ලාංකික දෙමළ පිරිස සිංහල නිජබිමෙහි වසන පිටස්තරයින් බවට පත් වේ. 

එමෙන්ම TNA කියන පරිදි උතුරේ හමුදාව එදා 1983 උතුරේ සිටි ප්‍රමාණයට අඩු කළ යුතුය. එදා ලංකාවේ සමස්ත හමුදාව 16 000ක් පමණ විය. එම පිරිස රට පුරා බෙදී ගිය විට එකල උතුරේ සිටින්නට ඇත්තේ 1000කට වැඩි භට පිරිසකි. එදා උතුරේ විවිධ බෙදුම්වාදී කල්ලිවලට රිසි සේ හිස එසවීමට එකී සුළු හමුදා බලය ද හේතු වන්නට ඇත. කෙසේ වුව ද තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කර තැන, හමුදාව නැවත කොළඹ ගෙන්වා ගත යුතු යැයි කීම විහිළුවකි. එසේ කියන්නේ ද බෙදුම්වාදී කල්ලි වීම ලෝක විහිළුකි. අද එය ලක්ෂ 2 ඉක්මවූ සෙබල පිරිසක් සේවය කරති. රටේ හමුදා ස්ථානගත වීම තීරණය කළ යුත්තේ රටේ ආරක්ෂක අංශ මිස දේශපාලන කල්ලි නොවේ. මේ බෙදුම්වාදී කල්ලිවලට කිරි පොවන ඇමරිකානු හමුදා කණ්ඩ තවමත් ඇෆ්ගනිස්ථානය, ඉරාකය වැනි රටවල නවතා ඇති බව ද ඇමරිකානු හමුදා කඳවුරු ලොව පුරා 1000 වැඩි ප්‍රමාණයක් ඇති බව ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුය. අවම වශයෙන් එදා (1983) උතුරේ සිටි හමුදා ප්‍රතිශතය පමණක් අද එහි තැබිය යුතු යැයි ඔවුන් කීවේ නම් එහි තර්කයක් තිබේ. 

මේ කතාවේ හොඳම හරිය ඒ නොවේ. හමුදාව 1983 සිටි ප්‍රමාණයට අඩු කළ යුතු යැයි කියන TNA න්‍යයාචාර්යයින් උතුරේ 1983 පැවති තත්ත්වයට ජන අනුපාතය සැකසිය යුතු යැයි කියන්නේ නැත. එදා උතුරේ සිටි සිංහලයින් නැවත පදිංචි කිරීමට ඔවුහු විරුද්ධ වෙති. එය ආක්‍රමණය කැයි කියති. 1990 දශකයේ පැය 24ක් තුළ යාපනයෙන් පළවා හැරි මුස්ලිම්වරුන් එහි නැවත පදිංචි කළ යුතු යැයි නොකියති. කිලිනොච්චියේ පැවති සිංහල මහා විද්‍යාලය නැවත ආරම්භ කළ යුතු යැයි නොකියති. දෙමළ ජනතාවට ලංකාවේ ඕනෑම තැනක සිතු සේ ජීවත් විය හැකිය. එහෙත් සිංහලයින්ට උතුරේ ජීවත් විය නොහැකිය. ඒ ඔවුන්ගේ නිජබිමය. සමස්ත ලාංකික දෙමළ ප්‍රජාවෙන් මේ නිජබිමේ වසන්නේ 48%කි. සෙසු පිරිස සිංහලයින් සමඟ සෙසු ප්‍රදේශවල වසති. මේ අතර TNA ලොක්කෝ ද වෙති. එසේ සිටින ලොක්කෝ සිංහලයින් තමන්ට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකතියි කියති. මේ වර්ගවාදී ප්‍රෝඩාව වහා විනාශ කළ යුතුය. බෙදුම්වාදයට යා හැකි සියලු මං වසා දැමිය යුතුය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කළ යුතුය.

මේ මොහොතේ TNA නියෝජනය කරන්නේ ලාංකික දෙමළ ජනතා අභිලාෂ නොවේ. එදා ප්‍රභාකරන්ගේ පාර්ලිමේන්තු පඹයින් ලෙස ක්‍රියා කළ ඔවුහු අද දෙමළ ඩයස්පෝරාව ගයන බයිලයට පාද තබති. දෙමළ ඩයස්පෝරාව දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් දිනාගැනීමේ සිහිනයක සිරවී සිටී. ඒ සිහිනය දඩමීමා කරගෙන උතුරේ ආසියාවේ ඊශ්‍රායලය නිර්මාණය කිරීම ඇමරිකාවේ අරමුණය. නැගී එන චීනය සහ ඉන්දියාවට මුහුණ දීම එහි අරමුණය. එය අවශ්‍යයෙන්ම ක්‍රිස්තියානි රාජ්‍යයක් වනු ඇති අතර හින්දූන්ට සිදුවනුයේ නිහඬවීමටය. අදත් එදත් ඊළම වෙනුවෙන් හඬ නඟන පිරිස හින්දූහු නොවෙති. යුද්ධයෙන් මිය ගියේ හින්දූන් වුව ද පසුගිය ජිනීවා සමුළුවට පෙත්සන් අත්සන් කළේ හින්දු පූජකවරු නොව කතෝලික ක්‍රිස්තියානි පූජකයින්ය. අද තමන්ට රිසි සේ මුස්ලිම් ලෝකය දඩයම් කිරීම සඳහා ඇමරිකාව භාවිත කරනුයේ එදා ඔවුන් මැදිහත් වී නිර්මාණය කළ ඊශ්‍රායලයයි. දැන් දැන් ඊශ්‍රායලය නමැති බලු නකුට බල්ලා වැනීමට තරම් ශක්තිමත් වී ඇති බව පැහැදිලිය.

1988 උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශයට පත් කොට ඉන්දියාවට පළා ගියේය. අදත් ඊළමට හඬන දයාන් ජයතිලක එදා ඒ පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකි. 30 වසරක් රට ආපස්සට රැගෙන ගිය ත්‍රස්තවාදය විනාශ කොට නැවත උතුර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් කර ගැනීම සඳහා රජය ක්‍රියා කරන විට මෙදා උතුරේ ජාතිවාදය වපුරන විග්නේශ්වරන් ද අවසානයේ සිදුකරනු ඇත්තේ මහ ඇමති බවට පත්ව රට නැවත වටයකින් ත්‍රස්තවාදයට ඇද දැමීම බව දැන් පැහැදිලිය. මේ ජාතිවාදී නාඩගම නිසා සිදුවනුයේ දැන් නිදහසේ හුස්ම ගන්නා උතුරේ ජනතාව නැවත නිරයට ඇද දැමීමය. ඒ සඳහා ඇති ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඉවත් කිරීමට ආණ්ඩුවේ සිටින බෙදුම්වාදීන් (එනම් විග්නේශ්වරන්ගේ වාසුදේව මස්සිනාලා) විරුද්ධ වන අතර ජනපතිද එහි අවධානම අවබෝධ කර ගෙන ඇති බවක් ෙනොපෙනේ. තමා සිටින තුරු රට බෙදන්නට ඉඩ නොදෙමැයි ජනාධිපති බෙරිහන් දීම ඇතැමුන්ට උජාරුවට හේතුවක් වුව ද මට නම් සිහිවූයේ දිය උණුවන තුරු කෙළින කකුළුවාය. 

එහෙයින් ව්‍යවස්ථාවේ ඇති බෙදුම්වාදී පිළිල විනාශ කිරීමට ක්‍රියා නොකරන සහ ඊට විරුද්ධ වන සියලු දෙනා අනාගතයේ ජාතියට මුහුණදීමට සිදුවන අනතුරට වගකිව යුතුය. මේ මොහොතේ රටට ආදරය කරන බුද්ධිමතුන්ගේ වගකීම මේ සියලු ද්‍රෝහී බලවේග හෙළි කරමින් ජනතාව දැනුවත් කිරීමය. මේ ද්‍රෝහීන් නැවත ඔවුන් ඉල්ලන දෙයක් දී සාමය ආරක්ෂා කරගත යුතු යැයි කියන තැනට සිංහල ජන මනස සැකසීමට ක්‍රියාකරනු ඇත. එම බියගැන්වීම්වලට සිංහලයින් බිය නොවිය යුත්තේ සිංහලයා කිසිදින යුද්ධයෙන් පැරදි නැති හෙයිනි. සිංහලයා සැමදා පරාජය වූයේ කූඨ ගිවිසුම් නිසාය. එමෙන්ම යටත්විජිතවාදීන් සිංහල ජාතිය මහ ගඟක් සේ වැඩෙන්නට තිබූ උල්පත් සිඳලමින් ඇති කළ විවිධ බෙදුම්වාදී ව්‍යාපෘති අහෝසි කරන තැනට අප යා යුතුය. විශේෂයෙන් උප්පැන්වල ජන වර්ග සඳහන් කරන කොටස් ඉවත් කළ යුතුය. සියලු ජන කොටස්වලට මහ ජාතිය සමඟ මුසුවීමට එය අති විශාල බාධාවකි. සිංහලයා යනු මෙරට සංස්කෘතියට අනුගත වීම ඔස්සේ ගොඩනැඟුණු ජාතියකි. එහි ලේ උරුමයක් නොමැත. අවසානයේ මෙරට ජීවත් වන දෙමළා ද මුසල්මානුවා ද සිංහලයින් විය යුතුය. ඒ සඳහා ජාතියට කෙතරම් විශාල වන්දියක් ගෙවීමට සිදු වුව ද ඊට මුහුණදිය යුතුය. ඒ අපට වෙන විකල්පයක් නොමැති හෙයිනි.   

Tuesday, September 10, 2013

උඩුගං පිහිනන හසීම් අම්ලාට මල් මිටක් ...!

දකුණු අප්‍රිකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හසීම් අම්ලා මුස්ලිම් ජාතිකයෙකි. ඔහු සිය ජාතික කණ්ඩායමට අනුග්‍රහය දක්වන බියර් කොම්පැනියේ ලෝගෝව නොපළඳියි. ඒ මත්ද්‍රව්‍ය ප්‍රචාරණය සිය ආගමට පටහැනි නිසාය. මේ නිසා ඔහුට සෑම මසකම ඩොලර් 500ක් සිය ක්‍රිකට් ආයතනයට දඩ ලෙස ගෙවීමට සිදුව තිබේ. ඔහු දඩ ගෙවනු මිස බියර් ලෝගෝව නම් නොපළඳියි. මේ නිසා ඩොලර් මිලියන ගණනකට මිල නියම වූ IPL තරඟාවලියට පවා ඔහු නොයයි. පකිස්ථානයේ උපන් ෆාවඩ් අහමඩ් ද මෙලෙස ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ බියර් ලෝගුව පැළඳීම ප්‍රතික්ෂේප කරතිබේ. අපේ ඇන්ලීන් මුදලාලිලා සමඟ සසඳන විට මොවුන් සැබෑ මහත්වරුන් බවත් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගතිය ආරක්ෂා කරන්නේ ඔවුන් බවත් මම සිතමි.

එහෙත් මේ මුස්ලිම්වරුන් හා සසඳන විට ලංකාවේ මුස්ලිම්වරු ගැනත් පොදුවේ මුස්ලිම් ලෝකය ගැනත් කිව හැක්කේ කුමක්ද? ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් අතර ඉහළින්ම සිටින්නේ මුස්ලිම්වරුය. ලංකාවට හෙරොයින් රැගෙන එන ප්‍රධාන පිරිස මුස්ලිම්ය. මෑතදී හසුවූ කෝටි 250ක හෙරොයින් තොගය රැගෙන ආවේ ඔවුන්ය. ඒ පිටුපස සිටින්නේ ඩාවුඩ් ඊබ්‍රාහීම් නම් ලොව අංක තුනෙහි සිටින අපරාධකාරයෙකි. ඔහුගේ සංවිධානයේ දැනට ලක්ෂයක් පමණ සේවය කරන බව කියවේ. එහෙත් හකීම් සහ බදූර්දීන් කියන්නේ ඒ සියල්ල බොරු බවය. උලමා සංවිධානය කියන්නේ ඒවා මුස්ලිම් ආගමට පටහැනි බවත් ඔවුන්ට දඩුවම් කළ යුතු බවත්ය. එහෙත් හලාල් මුදලට විකිණීම නොකළ යුතු බව උලමා දැන සිටියේ නැත. මේ විපරිත තත්ත්වයන් මුස්ලිම් නායකයින් නිරාකරණය කරගත යුතුය. නැතහොත් ඔවුන්ට සිදුවන්නේ විනාශය කරා යෑමටය. ලිබියාව, ඇෆ්ගනිස්ථානය, ඉරාකය වැනි අන්තවාදී නොවන මුස්ලිම් රාජ්‍ය ඇමරිකාව ප්‍රමුඛ බටහිර විසින් විනාශ කොට අන්තවාදී මුස්ලිම් රාජ්‍ය හදනුයේ ඔවුන් මකර කටට දක්කනු පහසු කරනු පිණිසය. මුස්ලිම් සුළුතරය වන රටවල මුස්ලිම්වරුන් සහ ප්‍රධාන ජාතීන් අතර ගැටුම් නිර්මාණය කිරීම සඳහා අන්තවාදය පොම්ප කිරීම පසුපස ද බටහිර බලවේග සිටිය හැකිය. එය අවබෝධ කරගන්නා තුරු මුස්ලිම්වරුන්ගේ සුබ සිද්ධිය සඳහා හේතු වනු ඇත.   

Friday, September 6, 2013

හොරාගේ අම්මාගේ පේනය කියන හකීම් සහ අසාද් සාලි

මුස්ලිම් අන්තවාදය අද ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙයි. ඊට ජවය ලබා දුන් මෑත කාලීන සිදුවීම් දෙකකි.  ඒ 1980 දශකයේ ඉරාන අයතුල්ලා විප්ලවය සහ ඇමරිකාවේ 9/11 ප්‍රහාරයයි. එම අන්තවාදයේ බලපෑම ලංකාවේ ඉතා වේගයෙන් පැතිරෙන්නේ සුනාමියක් මෙනි. ලාංකික මුස්ලිම් ප්‍රජාව ලාංකීය අනන්‍යතාව ඉවත දමා ගෝලීය මුස්ලිම් ප්‍රජාව සමඟ අනන්‍යවීමට යාම නිසා මේ තත්ත්වය හට ගෙන තිබේ. මෙතෙක් කල් සාරි, සල්වාරි සහ බටහිර ඇඳුමින් සැරසුණු මුස්ලිම් කාන්තාවන් වේගයෙන් කලු පැහැ ගෝනිබිලි ඇඳුමට මාරුවීම මෙහි ප්‍රතිඵලයකි. හලාල් ආහාර ව්‍යාපෘතිය එහි කොටසකි. මේ ඔස්සේ මුලින්ම අනතුරට මුහුණපා ඇත්තේ මුස්ලිම් කාන්තාවන් බව පැහැදිලිය. ඒ අන්තවාදයට මුලින් ගොදුරු වන්නේ කාන්තාවන් හෙයිනි. 1924 උලමා නැමැති සංවිධානය පිහිටුවා ගත්තේ කෝල්බ්‍රෘක් කොමිසමෙන් මුස්ලිම් කාන්තාවන්ට ඡන්ද අයිතිය නොදෙන ලෙස ඉල්ලා සිටීමටය.

විකිලීක්ස් වෙඩ් අඩවිය ඔස්සේ මුස්ලාම් අන්තවාදයේ ඊළඟ මූලස්ථානය ශ්‍රී ලංකාව යැයි අනතුරු අඟවා තිබිණි. ඒ පිළිබඳ බොහෝ සාධක මතුවෙමින් තිබේ. මෑතදී ආණ්ඩුව අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන ලංකාවේ තහනම් කළේ මේ නිසාය. ලංකාවට හෙරොයින් ඇතුලු මත් ද්‍රව්‍ය ගෙන ඒම පසුපස සිටින්නේ මොවුන්ය. මෑතදී හසුවූ රුපියල් කෝටි 250 හෙරොයින් තොගය ගෙන ආවේ මේ අන්තවාදී මුස්ලිමුන්ය. නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඉල්ලා ඔලුවිල් සම්මුතිය ගැසුවේ ද මොවුන්ය. මෑතකදී ආගම් ප්‍රචාරණ පොත් සමඟ හසුවී තිබුණේ මේ අන්තවාදී කල්ලියක හාදයෙකි.

මේ අන්තවාදී නැඹුරුව පිළිබඳ රටේ ජනතාව අවදී වී තිබීම දැකිය හැකි වුව ද ආණ්ඩුව දරන්නේ ඇල්මරුණු අදහසකි. ඔවුන් බටහිර කුමන්ත්‍රණ ගැන මිස රට තුළ වේගයෙන් සිදුවන අන්තවාදී ගමන අවබෝධ කරගෙන නොමැත. ඒ පිළිබඳ කිසියම් සංවේදී බවක් දක්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පමණි. රටේ ආරක්ෂක අංශ ඔස්සේ ඔහු කිසියම් දැනුවත් වීමක් ලබා ඇතැයි අපි සිතමු. මේ පිළිබඳ මොහොමඩ් මුසාම්මිල් වැනි මුස්ලිම්වරුද සිය අප්‍රසාදය පළ කර තිබීම අගය කළ යුතුය.  

මේ අතර හකීම්, අසාද් සාලි වැනි අන්තවාදයේ පියවරු මෙරට මුස්ලිම් අන්තවාදයක් නැතැයි පවසති. ඔවුහු ගෝඨාභයගේ ප්‍රකාශය හෙළා දැක තිබේ. මෙය හොරාගේ අම්මා පේන කීමට නොදෙවනි විහිළුවකි. අසාද් සාලි කියන පරිදි මේ රටට කුඩු ගෙන එන්නේද මුස්ලිම්වරු නොවේ. එහෙත් මුස්ලිම් විද්වතුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කීවේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ මුස්ලිම්වරුන්ට දඬුවම් කළ යුතු බවත් එය සිය ආගමට පටහැනි බවත්ය. මේ අනුව අසාද් සාලි වැනි අන්තවාදීන්ගේ නිරුවත හෙළි වෙයි. හකීම් වනාහි ප්‍රභාකරන් සමඟ ගිවිසුම් ගසා එකගෙයි කෑඹට බලා සිටි ද්‍රෝහියෙකි. මේ රටේ ව්‍යාප්ත වන මුස්ලිම් අන්තවාදය පසුපස සිටින්නේ මේ ප්‍රබල දේශපාලන චරිත බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. බොරුවට නිදා සිටින්නවුන් මෙන් මුස්ලිම් අන්තවාදයක් නැතැයි එවුන් කියන්නේ එහෙයිනි. 

සැබවින්ම ඔවුන් මේ රටට මේ රටේ මුස්ලිම් ප්‍රජාවට ආදරය කරයිනම් කළ යුත්තේ එවැනි අන්තවාදී ප්‍රවණතා හෙළි කොට ඒවායින් පරිස්සම් වන ලෙස සිය ප්‍රජාවගෙන් ඉල්ලා සිටීමය. මන්ද මේ අන්තවාදී ප්‍රවණතාවට ගොදුරුවීම ඔස්සේ මුස්ලිම් ප්‍රජාව ලෝකයේ මුහුණපා ඇති කනගාටුදායක තත්ත්වය ඔවුන් දන්නා හෙයිනි. අනෙක් අතට මේ අන්තවාදී කල්ලි පෝෂණය කළේ බටහිර රටවල් විසිනි. බින් ලාඩන් යනු එවැනි නිර්මාණයකි. එවන් අන්තවාදී කල්ලි නිර්මාණය කර ඔවුන් ලවා සිය අවශ්‍යතා ඉටු කරගෙන පසුව ඒවා විනාශ කර දැමීම ඇමරිකාවේ ක්‍රමයයි. ඒවා අවබෝධ කරගෙන සිය ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට මුස්ලිම් නායකයින් කටයුතු කළ යුතුය. මේ අන්තවාදය සමඟ විනාශය කරා නොයා ආරක්ෂා වීම සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ ද වගකීමකි. එසේ නොමැතිව සිය වස් ගණනාවක් සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වූ සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදය කරා ගෙන කල්ලි අල්ලා විනාශ කිරීම ආරක්ෂක අංශවල වගකීමයි. 

1915 සිංහල මුස්ලිම් කෝලාහලයට හේතු වූයේ ද ඉන්දියාවේ සිට ලංකාවට වෙළඳාම පිණිස පැමිණි මුස්ලිම් කල්ලියක් ගම්පොල අලුතින් පල්ලියක් අටවා ගෙන බෞද්ධ පෙරහැරක් ඒ අසලින් යාමට ඉඩ නොදී සිදු කළ ද්‍රෝහී ක්‍රියාවකි. එහෙත් ගම්පොල සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ පල්ලිය කිසි දිනක එවැනි දෙයක් සිදු කළේ නැත. කෙසේ වුව ද අන්තවාදී සහ එසේ නොවන සියලු දෙනාට අර අන්තවාදී කල්ලියක ද්‍රෝහී ක්‍රියාව නිසා මහත් විනාශයකට මුහුණපෑමට සිදුවිය. මේ සියලු සිදුවීමවලින් පාඩම් උගත යුතුය. අන්තවාදී නොවන සහෝදර මුස්ලිම් ජනතාව සමග සහයෝගයෙන් සිටින අතර අන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම සිංහලයින්ගේ වගකීමයි. මේ ද්‍රෝහි කටයුතුවලට වගකිට යුතු පිරිසට මිස සමස්ත මුස්ලිම් ජනතාව වෙත ඇඟිල්ල දිගු කිරීම වරදකි. අප සමඟ සහයෝගයෙන් ජීවත් වන සහෝදර ජනතාව අප අපගේ සැබෑ ඥාතීන් ලෙස ආරක්ෂා කරගත යුතුය. එහෙත් අන්තවාදය කරා යන කිසිවෙකුට සමාව නොදිය යුතුය. එය මුලිනුපුටා දැමිය යුතුය. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපීමට ඉඩ නොතැබිය යුතුය. එදා ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය කළ ප්‍රභාකරන් නමැති කොලු ගැටයා වහා අල්ලා දඬුවම් කළේ නම් ලංකාවට වසර 30ක් ම්ලේච්ඡ ත්‍රස්තවාදයක පැටලී අපේ රටට ආපස්සට ගමන් නොකරනු ඇත. නැවත එවැන්නක් වීමට ඉඩ නොතැබිය යුතුය.

Tuesday, August 20, 2013

ඔබතුමා වෙත දන්වා සිටින වගනම්...

ඔබතුමා වහාම සිවුර හැර වෙන කැමති ඇඳුමක් ඇඳගෙන පන්සලින් පිටවී යා යුතු බව මගේ අවංක අදසහයි. ඔබතුමා මුස්ලිම් ආගම් භක්තිකයෙකු ලෙස අරාබි රටක මෙසේ සිය ආගමට විරුද්ධව ප්‍රකාශයක් කළේ නම් මේ වන විට ඔබතුමා හිස ගැසුම් කා හමාරය. රටින් පැන ගියේ නම් හිසට මුදලක් නියම කොට හමාරය. යටත්විජිත සමයෙහි බුදු සසුන ආරක්ෂා කරගැනීම සඳහා ගණින්නාන්සේලා කළ කාර්යභාරය පිළිබඳ මා තුළ ඇත්තේ ගෞරවයකි. ඒ නිසා එම නම ඔබතුමාට දී ගණින්නාන්සෙලාට අගෞරව කරනට මට නොහැකිය. 

ඔබතුමා බෞද්ධයින්ගෙන් සිව්පසය වළඳමින් කෑ පතේ පැහැරීම මම හෙළාදකිමි. ඔබතුමා වැනි පිළිකාවලට බුද්ධ ශාසනය තුළ ඔඩුදුවන්නට නොදී වහා ඉවත් කිරීම වගකිව යුතු භික්ෂූන්වහන්සේලාගේ වගකීමයි. ඔබතුමා සම්බුද්ධ ශාසනයට ම නින්දාවක් බව මගේ අදහසයි. ඔබතුමා උඩරට ගොස් මුසල්මානුවන් මැද සිට සිංහලයින්ට අපහස කළ ආකාරය අසා සිටීමට තරම් මගේ දෙසවන් අවාසනාවන්ත විය. 

කැලේ නසන්නට කැලේ ගසක් අවැසිය යන පිරුළ මට නැවත සිහිපත් කළේ ඔබතුමාය. ඔබතුමා ඇත්තේ මහවැලි ගඟේ හොරා වැලි ගොඩ දමන වැලි හොරුන් වෙනුවෙන් උපවාස කළ කුප්‍රකට ඉතිහාසයකි. ඔබතුමා වැනි උප්පැන්නේ සිංහලයින් විසින් මේ රටට ශාසනට කරන මහා විනාශය නැවැත්වීමට පෙර අප රජවරු කළේ, ඔවුන් උපැවිදි කොට ශාසනයෙන් නෙරපා දැමීමය. දැන් රජතුමා නම් වැඩියෙන් ම ආස ඔබතුමා වැනි අයට බැවින් ඔබතුමා ශාසනයෙන් පළවා හැරීම අනුනායක හිමිවරුන්ට භාර කටයුත්තකි. උන්වහන්සේලා ද වැඩියෙන්ම ආස ඔබතුමා වැනි අයට දැයි මම දන්නේ නැත.

ඔබතුමාට සිව්පසයෙන් උපස්ථාව කොට නිකරුණේ අකුසල් කර ගැනීමෙන් වැළකීම බෞද්ධයින්ගේ වගකීමය. එය ඔබතුමාට එතරම් ගැටලුවක් නොවන්නේ හලාල් කළ හරක් මස් ගාතයක් කොටාබා ඔබතුමාට ජීවත් විය හැකි බැවිනි. මට ඔබතුමා ගැන කිසිදු තරහක් හෝ කෝපයක් නොමැත. ඇත්තේ අනුකම්පාවකි. මෙය ඔබතුමා පෙර ආත්මයක කළ කිසියම් කරුමයක් පලිසන් දීමකැයි මම සිතමි. නපුර කලට සතටහට පැමිණෙන වෙහෙස කළ පව් පළ දී මිස දුරු වන්නේ නැත. මට දෙව්දත් තෙර ගැන ඇත්තේ අනුකම්පාවකි. සිදුහත් කුමාරයාගේ මස්සිනා වුව ද ඔහු නැවතුණේ අපායෙහිය. ඔබතුමාට දෙව්දත් එහිදී මුණගැසෙනු නියතය.

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ වටරැක නොදිටි මොක්පුර   

Wednesday, August 7, 2013

රතුපස්වලින් ෆොන්ටෙරා වෙත ...


කටේ පිට්ටුද? මොකද කතා නැත්තේ? 

රතුපස්වල සිදුවීම අපි හෙළා දකිමු. ඒ පිළිබඳ වගකිව යුත්තේ ආණ්ඩුව බව අපි නැවත කියමු. නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දෙයක් පොරවෙන් කපන තැනට ගෙන ආවේ ආණ්ඩුවයි. ඒ අවස්ථාවේ මේ රටේ ජනතාවට දිවි හිමියෙන් ආදරය කරන ආණ්ඩු විරෝධී, රාජ්‍ය විරෝධී, බෙදුම්වාදී කල්ලි එකපෙළට ජනතාව වෙනුවෙන් කෑ ගැසූහ. හමුදාවට පලු යන්න බැන්නෝය. ඇන්කර්, මැලිබන් ඇතුලු පිටි වර්ගවල DCD අඩංගු බව අනාවරණය වන්නේ මේ අතරය. ෆොන්ටේරා නිෂ්පාදන චීනය සහ රුසියාව විසින් තහනම් කළ අතර එම සමාගම චීනයෙන් සමාව යැද ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි. 

මේ අනුව බහු-ජාතික සමාගම් ලංකා ජනතාවට මුදලට වස පොවා තිබේ. කිරි දරුවාගේ සිට මහල්ලා දක්වා කිරි යැයි බී ඇත්තේ වසය. එය ආණ්ඩුවට නම් එතරම් ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. ඈනුමක් ඇර තාවකාලික තහනමක් පැනවූ ආණ්ඩුව අදාළ සමාගමේ අල්ලසට යට වන නිලධාරීන් කිහිප දෙනෙකුගේ උපදෙස් අනුව තව දිනකින් දෙකකින් ඒ තහනම ඉවත් කරනු ඇත. ඒ නිලධාරී මහත්වරුන්ට වෛද්‍ය උතුමන්ට විදේශ් සංචාර සුපිරි වාහන ලැබෙන අතර නැවත ජනතාව සුපුරුදු පරිදි වස බී ටික ටික මරු තුරුලට යනු ඇත. තහනම් කළ දැන්වීම් නැවත කරළියට එනු ඇත්තේ DCD තියෙන්නේ ලංකාවේ හදන පැලවත්ත හෝ හයිලන්ඩ් කිරිවල යැයි කීයා ගෙන ද විය හැකිය. නළාවක් කරේ එල්ලා ගත් වෛද්‍ය නළු බට්ටෙක් හෝ ඇන්ලීන් සංගා සිය පවුල නිරෝගීව කඩිසරව තබන්නේ අහවල් කිරිපිටි යැයි ඔබේ ආලින්දයේ සිට කීමට බොහෝ ඉඩ තිබේ.

එහෙත් ප්‍රශ්නය මෙය නොවේ. රතුපස්වල සිද්ධියට මහමෙර පෙරළන්නට සැදූ අයට කුමක් වීද යන්නය. මා නම් හිතුවේ රතුපස්වල සිද්ධියට ආණ්ඩුව පරසක්වල ගහන්නට හැදූ මේ පෝරිසාදයින් මේ කිරිපිටි මාෆියාවට එරෙහිව ආණ්ඩුවට ඔලුව උස්සන්න බැරිවෙන් ගසනු ඇත කියාය. රතුපස්වල සිද්ධිය අපරාධයක් නම් මෙලෙස මුළු රටකට කිරි යැයි වස පෙවීම සහගහන අපරාධයක් නොවේද? සමූලඝාතන අපරාධයක් නොවෙද? එහෙත් රතුපස්වල ජනතාව ගැන කිඹුල් හෙළු මේ කවටයින් අද නිහඬ ඇයි? නිතර අලින් ගැනම කතා කරන ඊනියා සත්ව අවිහිංසාවාදීන්ට කුමක් වීද? එදා ඉන්ද්‍රරතන හිමියන්ට ගවයෙකු වෙනුවෙන් මළා යැයි අපහස කළවුන් ෆොන්ටෙරා සමාගම අද කිරි දරුවාගේ පටන් රටක ජනතාවට වස කවමින් ටික ටික මරා දමන අනාවරණය වූ විට නිහඬ ඇයි? 

බංගලිදේශයෙන් පවා පින්තූර ගෙනැවිත් දුක හිතෙන කවි ලියා FB එකේ එල්ලා ආතල් ගත් කල්ලි ගැන, හමුදාව දකුණේ මෙහෙම නම් උතුරේ කොහොම ගහන්න ඇද්ද කියා අසමින් ජිනීවා වෙනුවෙන් කතා කළ කල්ලි ගැන, හමුදාව උතුරෙන් ඉවත් කළ යුතුය කියන කොටි හඬට සම්මාදම් වූ කල්ලි ගැන, ඒවා ෂෙයාර් කරමින් වදුරන් මෙන් හැසිරුනු කල්ලි ගැන ඔබ නැවත සිතා බැලිය යුතුය. රටකට වස පෙවීම රතුපස්වල ප්‍රශ්නයට එහා ගිය අති බැරෑරුම් ප්‍රශ්නයකි. එවන් ප්‍රශ්නවලදී නිහඬ වන මේ කල්ලි එක්තරා පිරිසක් වෙනුවෙන් කුලී වැඩ කරන බව අවබෝධ කරගත යුතුය.

Thursday, August 1, 2013

එක ප්‍රශ්නයකට එක බිල්ලක් ඉල්ලන ආණ්ඩුවක් !!!

ඉස්සර අපේ ගම්වල යක්කු සිටියහ. උන් නිතර ගැමියන්ට වැහුණු අතර යද්දෙස්සෙකු පැමිණ මන්ත්‍ර කියා වැහුණු යකාට වහා ආතූරයාගේ ශරීරයෙන් පිටව යන්නැයි පවසයි. එවිට බෑ කියන යකාට කැමති වරයක් ඉල්ලන්නැයි කී කල ඌ මිනිස් බිල්ලක් ඉල්ලයි. එවිට "තොට මොන මිනිස් බිලිද බොල අල්ලලා බැඳලා මුහුදට දාන්න කලින් මං දෙන කුකුළ බිල්ලත් අරන් වහාම ආතුරයා අතහැර පලයන්" යැයි යක්දෙස්සා යකාට තරවටු කරයි. අනතුරුව ආතුරයාගේ ආරක්ෂාවට කැප නූලක් ආතුර ගෙලෙහි බැඳෙයි. ගිවිසගත් පරිදි නොබෝ දිනකින් තොවිලයක් නටා බිල්ල දුන් පසු යකා ආතුරයා අතැර යයි.

මේ ලෙසම අද වන විට ලංකාවේ ජනතාවට සිය ප්‍රශ්න විසඳා ගැනීමට ආණ්ඩුවට බිල්ලක් දීමට සිදුව තිබේ. රොමේෂ් චානක, ඇන්ටනී ප්‍රනාන්දු ලැයිස්තුවට ඊයේ තව තරුණ නමක් එක් විය. ඒ තරුණයා මිය ගියේ ආණ්ඩුවෙන් රැකියාවක් ඉල්ලා නොවේ. වාහන පෝමිට් ඉල්ලා නොවේ. ඉල්ලා සිටියේ තමන්ට බීමට පිරිසිදු වතුර ටිකකි. ජල පෝෂක දූෂණය කරන කර්මාන්ත ශාලාව වසා දැමීමට ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියා කළේ නැත. ජනතාව හඬ තුට්ටුවකට මායිම් කළේ නැත. බැරිම තැන මහා සංඝරත්නය මරාන්තික උපවාසයකට එක් විය. ජනතාව වියරු වැටී මහා මාර්ග අවහිර කරමින් විරෝධතා පෑහ.

එවිට මේ තකතීරු ආණ්ඩුව කළේ හමුදාව ලවා අවම බලය පාවිච්චි කර බීමට ජල බිඳක් ඉල්ලා සිටි අසරණ ජනතාවට පන්න පන්නා පහර දීමය. මිනිසුන්ගේ අතපය කඩා දැමීමය. රතුපස්වල ජනතාව නුවර කොළඹ මාර්ගය වසා දැමීම නිසා මහා අර්බූදයක් නිර්මාණය වන බව කිව යුතු නොවේ. එහෙත් ප්‍රශ්නය ඔඩු දුවන තුරු කල් ඇරියේ ආණ්ඩුවයි. දයාසිරි කැන්දා ගෙන විත් ආණ්ඩුව නිදි වැද්දා මිස ජනතා දුකට ඇහුන්කන් දුන්නේ නැත. මේ ප්‍රදේශයේ දේශපාලන ප්‍රධානීන්ට විළිලැජ්ජාවක් ඇත්නම් උන් වහා ගෙදර යා යුතුය. එහෙත් විළිලැජ්ජාවක් නැති නිසා එය කිසිදා සිදු නොවනු ඇත.

උතුරේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ නිසා වියරු වැටී සිටින බෙදුම්වාදීන්ට සහ යූඇන්පී හුජ්ජ කොල්ලන්ට ආණ්ඩුව ලබා දී ඇත්තේ නියම කට ගැස්මකි. දැන් ඒ නිවට අවස්ථාවාදීහු හමුදාව සහ ජනතාව අතර ඇති සබඳතාව බිඳ දැමීමට මේ සිද්ධිය පාවිච්චි කරයි. මේ ෆේස්බුක් සිශාචයින් හමුදාවට අණ දුන් ආණ්ඩුවට නොව පහර දුන් හමුදාවට බැණ වදිති. ඔවුන් මේ ගන්නේ පරණ වාඩුවක් බව අපට පෙනේ. එහෙත් හමුදාව කර ඇත්තේ සිය රාජකාරිය පමණි. ඔවුන් වග කියන්නේ ආණ්ඩුවටය. හමුදාව ඊට බැඳි සිටිති. හමුදාව ප්‍රශ්න විසඳන්නේ එලෙසය. ඔවුහු මහත්මා ගාන්ධිගේ අනුගාමිකයෝ නොවෙති. හමුදාව වෙත කැට මුගුරුවලින් පහර දී කර ගන්නේ ප්‍රශ්නය තවත් කුරුවල් කර ගැනීම පමණි.

 එහෙයින් මේ ප්‍රශ්නයට සම්පූර්ණ වගකිව යුත්තේ ආණ්ඩුව බව ජනතාව අවබෝධ කරගත යුතුය. හමුදාවට අණ දුන්නේ ආණ්ඩුවයි. කොටින්ට පහර දීමට මෙන්ම රතුපස්වල ජනතාවට ද පහර දීමට තීන්දු කළේ ආණ්ඩුවයි. ඇතැම් විට මේ ප්‍රශ්නයට හමුදාවේ සහ පොලිසියේ කිහිප දෙනෙකුට සිය රැකියාවලින් වන්දි ගෙවීමට සිදුවනු ඇත. එහෙත් මේ වරදට වගකිව යුත්තේ ඒ ප්‍රශ්නය මේසා ඔඩු දුවන තුරු බලා සිටි කාලකන්නි ආණ්ඩුවයි. 

මේ බිල්ල ගත්තේ ආණ්ඩුවය. දැන් බිල්ල ගත් ආණ්ඩුව අර යකා මෙන් ප්‍රශ්නය නිරාකරණය කර තිබේ. අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමටත් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කිරීමටත් දැන් ආණ්ඩුව කඩිමුඩියේ වැඩය. මේ කඩිමුඩිය කලින් තිබිණි නම් අර තරුණයා අදත් ජීවතුන් අතරය. අත පය කඩා දැමූ මිනිසුන් යහතින් ජීවත් වනු ඇත. හමුදාවට බැනුම් අහන්න සිදුවන්නේ ද නැත. එහෙත් මේ ආණ්ඩුව දැන් ඉතා සුළු ප්‍රශ්න විසඳන්නේ ද හත්පොලේ ගා ගෙනය. ආණ්ඩුව වහා බිලි ඉල්ලන යකාගේ භූමිකාව අතහැර දැමිය යුතුය. නැතහොත් ජනතාවගේ ඊළඟ තෝරාගැනීම වනු ඇත්තේ මීටත් වඩා භයානක යකෙකි. එහෙයින් දන්න යකා නිවැරදි කර ගැනීම බුද්ධිමතුන්ගේ වගකීමයි.    

Tuesday, July 30, 2013

බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?


වැල්ලවත්තේ සියාම් ඝාතනය කළ මිතුරා අල්ලා ගත්තේ CCTV කැමරා සටහන් ඇසුරිණි. ඇමරිකාවේ මැරතන් තරඟයට ප්‍රහාර එල්ල කළ අයියා මලෝ අල්ලා ගත්තේ ද කැමරා සටහන් ඇසුරිණි. මේ කැමරා උකුසු ඇසින් ගැලවී යා හැකිව තිබිණි නම් මේ සියලු අපරාධ කිසිදා හෙළි නොවන්නට ඉඩ තිබිණි. සැබවින්ම මේ කැමරා ඇසින් පළා ගියේ නම් කුලි මිනිමරුවෙකු වන වාස් ගුණවර්ධන අනාගත පොලිස්පති වීමට ද ඉඩ තිබිණි. ඒ මිනී මැරුම ද කලම්බු ටෙලිග්‍රාෆ්කාරයින්ට ගෝඨාභයගේ ගිණුමට බැර කොට ඩොලර් ටිකක් හොයා ගන්නට ද තිබිණි.

කෙසේ වුව ද දැන් ඉන් පළායාමට මඟක් මුස්ලිම් අන්තවාදීන් විසින් තනා ගෙන තිබේ.  ඒ අන් කිසිවක් නොව සතර අතේ හතු පිපෙන්නා සේ මතු වන කළු ලෝගු හෙවත් බුර්කාය. සිය අනන්‍යතාව සඟවා ගෙන පළා යාමට භාවිත කළ හැකි මේ ගෝනි බිල්ලා ඇඳුම ලෝකයේම ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවට පත්ව තිබේ. ඒ නිසා ප්‍රංශය, රුසියාව වැනි රටවල් මේ ඇඳුම තහනම් කොට තිබේ. මැලේසියාව වැනි මුස්ලිම් රටවල පවා එය අඳින්නේ නැත.

මෑත කාලයේ ලංකාවේ මුස්ලිම් පතාළය තුළ මේ ගෝනි බිලි ඇඳුම බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. මාලිගාවත්තේ මාමස්මි නම් මුස්සිම් පාතාළයා කීහිප වරක් පොලිස් ඇසට වැලි ගසා පළා ගියේ මේ බුර්කාවට මුවා වෙලාය. ඔහු එම ඇඳුමින් සැරසී කිසිම කරදරයක් නැතිව සමාජයේ ගැවසී ඇති බව ද කියැවේ. පසුගිය 27 වැනිදා මඩකලපුවේ එරාවූර්හි බූර්කා ඇඳුමින් සැරසුනු කල්ලියක් කාන්තාවක බිය ගන්වා පවුම් 15ක් කොල්ලා කා පළා ගොස් තිබේ.

දැන් කළ යුත්තේ අන් කිසිවක් නොව මහජන ආරක්ෂාව ද එකිනෙකාගේ අනන්‍යතාව හඳුනා ගැනීමේ නිදහස ද සමාජ සුන්දරත්වය ද තර්ජනයට ලක් කර ඇති මේ ගෝනිබිලි ඇඳුම තහනම් කිරීමය. අප කුඩා කළ මුස්ලිම් කාන්තාවන් ඇන්දේ සාරිය හෝ සල්වාරියයි. ඔවුහු සාරිය ඇඳ එහි පොට හිසට දමා ගෙන සිය අනන්‍යතාව තහවුරු කර ගත්හ. එහෙත් මුස්ලිම් අන්තවාදය දැන් ඔවුන් මේ අප්‍රසන්න ඇඳුමට සිරකරනු පෙනේ. මේ ගෝනිබිලි ඇඳුම තුළ සිරකරන මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් ආණ්ඩුවට කළ හැකි විශාල සේවයකි එය නීතියෙන් තහනම් කිරීම. එය රට පුරා වැඩෙන මුස්ලිම් අන්තවාදයට අතුල් පහරක් වනු ඇත. සාමකාමී මුස්ලිම් ජනතාවට මෙහෙවරක් වනු ඇත. මේවර මැතිවරණයේ දී ගෝණිබිල්ලා ඇඳුමින් ඡන්ද පොළවල් වෙත පස් පා ගන්න එපා යැයි මැතිවරණ කොමසාරිස්තුමා නියෝග කිරීම අගය කළ යුතුය.

Friday, July 26, 2013

"හෙළ උරුමයට හා ජානිපෙට උතුරේ ඡන්ද පදනමක්‌ නෑ" - ඇමැති වාසුදේව නානායක්‌කාර

හරි එවුන්ට උතුරේ ඡන්ද පදනමක් නෑ කියමුකෝ. මට තියෙන ප්‍රශ්නේ එතකොට ඔබතුමාගේ ඡන්ද පදනම කොහොමද? ඔබතුමාගේ සමසමාජ පක්ෂයේ පදනම කොහොමද? උතුරේ තියා ලංකාවේ කොහේවත් ඡන්ද පදනමක් තියෙනවාද ඔබතුමාට? පුළුවන් නම් තනියම ඉල්ලලා ලංකාවෙන්ම ඡන්ද 100ක් අරන් පෙන්වන්න. සාටකේ එල්ලිලා මහින්ද චින්තනයට දුන් ඡන්දවලින් පාර්ලිමේන්තුවට රිංගලා දැන් කෑ පතේ.... . අදෝමැයි!!!

පළාත් සභා අහෝසි කළොත් ආණ්ඩුවේ ඉන්නේ නැහැ - ඇමති වාසුදේව

අනේ දෙයියො බුදු වෙන්න එහෙම විනාසයක් නම් කොරන්න එපා මයෙ දෙයියෝ. මේ කාලකන්නි රට හත් කඩකට කැඩිලා ගියත් කමක් නෑ. ඔබවහන්සේලා නම් මේ ආණ්ඩුවෙන් යන්න තියා හිතන්නවත් එපා. ඔය විදිහට රාජිත, ඩීව්, විතාරණ, රෙජිනෝල්ඩ් ආණ්ඩුවෙන් ගියොත් මේ ආණ්ඩුව කුණාවකට අපහුවෙච්චි කෙහෙල් ගහක් වගේ ඇදන් වැටෙයි මයෙ දෙයියෝ. එතකොට මේ රටට ජනතාවට යන කල මොකක්ද දෙයියනේ? මේ රට මේ විදිහට හරි දුවන්නේ ඔබ වහන්සේලා හින්දා නෙමේද?

ජනතාව 2005 ඉඳලා මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ ඔබතුමන්ලා ගැනම හිතලමයි. ඔබතුමන්ලා ආණ්ඩුවෙන් ගියොත් ඒ ඡන්දදායකයෝ හැමෝම වගේ නියඟලා අල කාලා මැරෙනවා සිකුරුයි මයේ දෙයියෝ. ඉතිරි එවුන් නියඟලා අල හොයන්න ඇවිදලා මහමඟ මැරෙයි රත්තරනේ.

ඔබතුමාන්ලා නැතුව කොහොමද රටක් කොරන්නේ සීවරන් දෙයියනේ. තිස් වසරක යුද්ධය නිමා කරන්න ඔබවහන්සේලා එදා කරපු සටන ලංකා ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවෙයි ආයුබෝවන්ඩ. අපිට මතකයි එදා සුදු නෙළුම් කාලතුවක්කු, යුධ ටැංකි තවලම් අර ගෙන මාවිල්ආරු පහු කරලා කිලිනොච්චියට ගිය හැටි වීර දුටුගැමුණු කුමාරයා වගේ. ඒ පිං ඔබවහන්සේලාට විතරක් නෙමේ ජාතක කොරපු පියාණන් වහන්සේලට වගේම මෙලොවට බිහිකළ මෑණියන් වහන්සේලටත් අයිති වෙන්න ඕනෑ.

ඒ නිසා ඔය වගේ අපේ හිත් පෑරෙන මූසල කතා කියන්න එපා ආයුබෝවන්ඩ. කොටියට උතුර විතරක් නෙමේ ඉල්ලනවා නම් මධ්‍යම කඳුකරයත් ලියලා දෙන්න අයුබෝවන්ඩ. නැගෙනහිර සරිස්ථානයක් කරන්න හකීම්ට භාර දෙන්න. අපි වගේ බලු ගැත්තන්ට ඔය අවුරුද්දකට පාරක් සිරිපාදේ ගොහින් එන්න පාස්පෝට් කෑල්ලක් හදාගන්න එක අමාරු නෑ ආයුබෝවන්ඩ.

ඒ නිසා අපේ ආයුෂත් අරගෙන තව චිරාත් කාලයක් පතළ මහා කරුණාවෙන් මේ රට කොරවන්න ඕනෑ. එහෙම නැත්නම් අපිව මරලා දාන්න ආයුබෝවන්ඩ. ඔබතුමා නැති ආණ්ඩුවක් එක්ක මං නම් විනාඩියක් ජීවත් වෙන්නේ නෑ ඕන්. ඇත්තමයි. සත්තයි. ඔබතුමා පල්ලයි.

බුද්ධගයා ප්‍රහාරයට වගකියන්න ඕනෑ ලංකා ආණ්ඩුවයි. - හේමකුමාර නානායක්කාර

හේමකුමාරයෝ වාසුදේවයන්ගේ කුස ඔත් සහෝදරයාය. වාසුදේවයෝ සිය නූතන දේශපාලන භාවිතය නිසා නිතර මාගේ ගෞරවට ප්‍රශංසාවට භාජනය වන්නාහ. ඊර්ෂ්‍යා පර්ශව සිය සහෝදරයා ලබන ගෞරවය නොරිස්සා ඊට වෙර බැඳගත් හේමතුමාරයෝ මාගේ ගෞරවයට පාත්‍රවීමට නේක කටයුතු කරමින් සිටිති. ඒ සඳහා එතුමා ලෝක දේශපාලන විග්‍රහය වෙත යොමු වී තිබේ. එතුමා ඉන්දියාවේ බුද්ධගයාවට මුජහ්දීන්ලා එල්ල කළේ යැයි කියන ප්‍රහාරයට වගකිව යුත්තේ ලංකා ආණ්ඩුව බව පවසා තිබේ.

මේ ප්‍රකාශය ඇසූ මගේ සිත තුළ වාසු කෙරෙහි තිබූ ගෞරවය හිරු දුටු කදෝපැණියෙක් බවට පත් කරමින් හේමකුමාරයන් පිළිබඳ ගෞරවය නාප තල් කඳක් සේ අහසට පැන නැංගේය. අහෝ මා මේ දකින්නේ සිහිනයක් ද? එසේ නැත්නම් මගේ රටින් ලෝක දේශපාලන දැනුම අතෑඹුලක් කොට ගත් විස්මැති චින්තකයෙක් පහළ වීද? තුන් කල් දකින ඉසිවරයෙකු බදු මහා පුරුෂ රත්නයක් පහළ වීද? මෙය නම් අරුමයකි. කෙසේ වුවත් සතර වරම් දෙවියන්ට ස්තුතිවන්ට එහි ගෞරවය අපේ රටටම නොවෙද?

මෙවන් මහා ප්‍රාඥයින් පහළ වන්නේ ජාතියේ පිනටය. එවන් උතුමන් පහළ වන පිංබර යුගයක උපදින්නට උන්ගේ සුස්ම පොද මුසුවන සුළං රැලක සිසිල ලබනට, උන්ගේ පා ගැටෙන පොළවෙහි දුහුවිලි පොදක් සිප ගන්නට අපද සුළුපටු පිනක් නොව කර ඇත්තේ. මෙවන් උතුමන් දෑස මෙන් රැක ගැනීම අපේ සමස්ත ජාතියේ වගකීමකි. එතුමා ගෙරවුම් සහිතව වැසි වසින දිනවලට එළියට පහළියට නොයවා අකුණු සන්නායක සවි කළ නිවසක රඳවා ආරක්ෂා කිරීම ආණ්ඩුවට භාරය.

සැබවින්ම හේමකුමාරයන් මීට පෙර ලෝක දේශපාලන තතු විග්‍රහයට බටුයේ නම් 9/11 ඇමරිකානු ප්‍රහාරය, 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2011 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටින්නේ ලංකාණ්ඩුව බව අනාවරණය වීමට ඉඩ තිබිණි. එපමණක් නොව භාරතයෙහි ඉතිහාසය පුරා සියලු ප්‍රහාර එල්ල කොට ඇත්තේ ලංකාවය. 1993 බොම්බේ ප්‍රහාරයට සහ 2002 දුම්රිය ප්‍රහාරයට මෙන්ම තවත් බොහෝ ප්‍රහාරවලට වගකිව යුත්තේ ලංකාවය.
සාමාන්‍යයෙන් ඉන්දියාවට වසරකට ප්‍රහාර 4-5ක් එල්ල වෙයි.

එහෙත් වසර 30ක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ලංකාව තුළ මේ වන තුරු චීන පටස් එකක්වත් පත්තු වූයේ නැත. එසේ තමන්ගේ රටේ බෝම්බ පිපිරවීමට ඉඩ නොදෙන ලංකා ආණ්ඩුව සිය අසල්වැසි රටේ බෝම්බ පිපිරෙන විට ඇස් කන් පියා ගෙන ඉන්නේ ඇයි ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් හේමකුමාරයන් තුළ ඇති වීම අතිශය සාධාරණය. දැන් ඉතින් එතුමාගේ මහා නැණැසට වැලි ගසා ලංකා ආණ්ඩුව හැංගෙනු බොරුය.

එම්බා ලංකා ආණ්ඩුව වහා අප වියත් පඬිවර හේමකුමාරයන්ට පිළිතුර දෙනු ! නැතිනම් අකුළාගෙන ගෙදර යනු !

මම රාජකුමාරයෙක් නෙමේ, ගමේ කොල්ලෙක් !

සිරි පැරකුම් නැරඹීමි.

මගේ පවුලේ අය මෙන් ම බොහෝ නෑ මිතුරන් ද සිරි පැරකුම් නරඹා දැන් බොහෝ කල්ය. කාර්යබහුලත්වය නිසා මා ප්‍රමාද විය. එහෙත් ඊයේ සන්ධ්‍යාවෙහි මම සිරි පැරකුම් දකිනු පිණිස සිනමාහලට ගියෙමි. පසුගිය සමයෙහි ළදරු වලිප්පුකාරයින් පිරිසක් සෝමරත්න දිසානායකට මඩ ගසනු පිණිස අවලාද ව්‍යාපාරයක් ගෙන ගියේ මන්දැයි සහ සිංහල බෞද්ධ විරෝධි Colombotelegraph ඒවා තලු මරන්නේ මන්දැයි මම පසක් කර ගතිමි.

පළමුව චිත්‍රපටය ගැන යමක් කියා දෙවනුව අනතුරුව වලිප්පුවට හේතු ද කියමි. සිරි පැරකුම් ජනප්‍රිය සිනමාවට අයත් දැවැන්ත සිනමා පටයකි. එය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සම්භාව්‍ය සිනමාකාරයින්ගේ නිර්මාණ සමඟ සැසදීම නිශ්ඵල ක්‍රියාවකි. 13 වන සියවසේ 3 වන විජයබාහු රජුගේ පුත් 2 වන පැරකුම් රජුගේ ළමා කාලය චිත්‍රපටය සඳහා පසුබිම් වෙයි. ඔටුන්න හිමි කුමාරයා ඝාතන කුමන්ත්‍රණය, සෝළීන්ට එරෙහි යුද්ධ, සතුරාට එරෙහිව රට සුදානම් කිරීම අතරමැද කුමාරයා පසල් ගමක ගැමි කොලුවෙකු ලෙස රහසේ වැඩෙයි. පන්සලෙන් අධ්‍යාපනය ලබන ඔහු කෙතේ කමතේ වැඩෙහි යෙදෙයි. සිංහල බෞද්ධ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා භික්ෂුවගේ කාර්යභාරය ගලා යන අතර අති සුන්දර ප්‍රේමයක කුමාරයා පැටලෙයි.

සිනමාකෘතිය නොව එහි අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලිකත්වය ප්‍රශ්න කරමින් ඇතැම් රෝගීන් සිරි පැරකුම් යටපත් කරනට උත්සාහ කළේ ඇයි ද යන්න ඔබට දැනටමත් පැහැදිලි වී බව නිසැකය. එය තවත් සුළඟ එනු පිණිසක් නොවේ. තනි තටුවෙන් පියෑඹීමක් ද නොවේ. අඩු තරමින් ඉනියවන් වැනි චිත්‍රපටයක් වී නම් මොවුන් වර්ණනා නොකළ ද නිහඬව සිටිනු ඇත. අවසනාවට සිරි පැරකුම් මේ රටේ උගතුන්ගේ දේශපාලන චින්තනයට සරිලන්නේ නැත. ඔවුන්ට තලු මැරිය හැකි සිංහල බෞද්ධ විරෝධී, සිංහල සංස්කෘතිය විකෘති කළ කිසිවක් මෙහි නැත. එපමණක් නොව එය නැවත සිංහලයා ජාතිකත්වය වෙත කැඳවයි. සිය ඉතිහාසය පිළිබඳ අභිමාණයෙන් සිතන්නට සිංහලයා යොමු කරයි. ගම සහ පන්සල, ගම සහ රාජ්‍යත්වය අතර පැවති සබඳතාව අප අබිමුව තබයි. සිංහල බෞද්ධ භික්ෂුවගේ දේශපාලන කාර්යභාරය මැනවින් පිළිබිඹු කරයි.

ඉතින් නිවට උගතුන් කළ යුත්තේ කුමක් ද? භික්ෂුව පන්සලට ගාල් කොට නිවනට දක්කන්නට නන් දොඩවන්නන් කළ යුත්තේ කුමක්ද? ඔවුන්ට නේක අවලාද කියමින් වෛරය වැපිරීම හැර කළ හැක්කක් නොමැත. මේ උඩුබුරන්නේ සංස්කෘතික මුල් සිඳගත් පොතේ උගතුන් මිස බුද්ධිමතුන් නොවේ. මල පොතේ අකුරක් නූගත් ගැමියෝ මොවුන්ට වඩා බුද්ධමත්ය. ඔවුහු ව්‍යවහාර ඥානයෙන් සිය රට සංස්කෘතිය ආගම අවට ලෝකය පිළිබඳ උගනිති. මේ උගතුන් ලද අධයාපනය විසින් කර ඇත්තේ කිසියම් විෂයක් උගන්වා අර කී සියලු උරුමයන් අහිමි කොට අනාථයින් පිරිසක් බිහි කිරීම පමණි.

මේ සියල්ල මැද මට පණ්ඩුකාභය කුමාරයාගේ කතාව, අබා චිත්‍රපටය, ගැමුණු කුමාරයාගේ කතාව, මහරජ ගැමුණු නවකතාව ආදියෙහි ඇතැම් කොටස් සිහියට නැඟෙයි. ඇතැම් කොටස් පෙරකී කතාවලින් සිරිපැරකුම් අධ්‍යක්ෂවරයා අහුලා ගෙන ඇතැයි ද මට සිතෙයි. එවැනි නොගැඹුරු දෑවලින් ඈත් වී නම් මේ කෘතිය තවත් සාර්ථක වීමට ඉඩ තිබිණි. එහි එන ගීත කිහිපය ද ඉතා සාර්ථක නිර්මාණ බව කිව යුතුමය. ඒවා තනි තනිව ගෙන රස විඳිය හැකි නිර්මාණ වෙයි. මෑත කාලයේ බොහෝ සිනමා කෘති ඔස්සේ සාර්ථක ගීත බිහි වූයේ නැත. එහෙත් මේ ගී නිර්මාණ කිහිපයක්ම රසිකයින් අතර ජනප්‍රිය වනු ඇතැයි මම සිතමි.

මේ වූකලී මේ රටේ ඉතිහාස කතන්දරයෙහි එක් ජවනිකාවකි. යටත්විජිතවාදී පරාධීන්තවයෙහි ගිලී සිටින නූතන සිංහලයාට සිරිපැරකුම් කදිම විරේකයක් වනු ඇත. නැවත දෑ අභිමාණි ජාතියක් ගොඩ නැගීමට අවශ්‍ය ජවය, ශක්තිය ඉන් සිංහලයාට ලැබෙනු ඇත. එය ජාතියේ ඉතිහාසය පිළිබඳ කතාවක් පමණක් නොව සුන්දර ප්‍රේම වෘත්තාන්තයකි. සිනමාහල් අතැර යන පේක්ෂකයා නැවත සිනමාහලට කැඳවිය හැකි ආකර්ශනය සහිත සුන්දර සිනමාපටයකි. එහෙයින් තවමත් සිර පැරකුම් නැරඹීමේ භාග්‍ය නොලද ඔබ වහා එය නැරඹිය යුතුය.

"ලෝක නායකයන් කිසිවකුත් නොපැමිණෙන ශ්‍රී ලංකාවට අද එන්නේ ගං කබරයන් වැනි නායකයන්" - තිස්ස අත්තනායක

මිහිබට සුරපුරකි මේ මුතු ඇටය කියා
විදෙසුන් වැනු රටට ඇත් දත් මැණික් සොයා
ගොඩවැද කළ විපත ඒ රුදු පරංගියා
සමරනු රිසි එකා බොල ගං කබරගොයා

සිරිකොත පින්නවල පැත්තට පසු බැස්සු
ටාසන් සමඟ වැඩ බැරි රට ගඳ ගැස්සු
උනුවන තුරා දිය සැලියේ කුඩ මස්සු
රඟදුන් විලස කෙළිනා තිස්සට පිස්සු

උණ්ඩයෙන් නොව ඡන්දයෙන් ඊළම් රාජ්‍ය පිහිටුවීම

'ආණ්‌ඩුකාර බලතල කැපිය යුතුයි.
මට ඕනෑ දහතුනටත් වැඩි යමක්‌..'
- ටීඑන්ඒ මහ ඇමැති අපේක්‍ෂක විග්නේෂ්වරන් කියයි

1990 මාර්තු මස 1 වැනිදා එවක උතුරු නැගෙනහිර මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශ කළේය. නෝර්වේ සහ ස්විට්සර්ලන්තය ඊළාම් රාජ්‍යය පිළිගත්තේය. දයාන් ජයතිලක එදා ඊළාම් ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ වර්ධරාජාගේ පළාත් සභාවේ ගරු ඇමතිතුමෙකි. වර්ධරාජාගේ ලේකම් වූයේ කේ. විග්නේස්වරන් නමැති අයෙකි. දැන් වර්ධරජා වෙනුවට විග්නේශ්වරන් කෙනෙක් මහ ඇමති වීමට සැරසෙයි. ඔහු වර්ධරාජා පෙරුමාල්ගේ අවතාරය හෝ ඊටත් වඩා භයානක පුද්ගලයෙකු බව පසුගිය දිනවල කළ ප්‍රකාශවලින් සනාථ වී තිබේ. පොලිස් සහ ඉඩම් බලතල සහිතව නැවත උතුරු පළාත් සභාව පිහිට වුවහොත් විග්නේශ්වරන් ජාත්‍යන්තරයේ ද සහායෙන් ඊලම පිහිටුවනු ඇති බව සිකුරුය. ඊලාම් ඇමති දයාන් ජයතිලක, විග්නේෂ්වරන් මස්සිනා වාසුදේව නානායක්කාර, බෙදුම්වාදී විජය කුමාරතුංගගේ දේශපාලන ගෝළයා රාජිත සේනාරත්න විශ්වාස කොට නිහඬව යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ ඊළම ඡන්දයෙන් දිනාගැනීමට බෙදුම්වාදීන්ට ඉඩ දෙනවාද? එසේ නැති නම් ජීවිත පුදා දිනූ නිදහස ආරක්ෂා කර ගන්නවාද?

මාර කේස් එක සුද්දියෙකුට දරුවෙක් හම්බ වෙලා .... !!!

ඊයේ හිමිදිරි පාන්දර මට අද දෙරණ නිව්ස් ඇලටයක් ලැබිණි. ඉන් කියවුණේ එංගලන්තයේ විලියම් කුමාරයාගේ ගෙදර උන්දෑ වන කේට් නෝනා කුමාරයෙක් බිහි කළ බවකි. ඔහු කේම්බ්‍රිජ් කුමාරයාලු. මට නම් එය විනාඩියකට ලොව පුරා සිදුවන දරු උපත්වලින් එකක් පමණි. කේට් සාමාන්‍ය ගැහැනියක් නිසා ඇය මවක් වීම අරුමයක් නොවේ. මගෙන් සල්ලි අය කරගෙන අද දෙරණ එය විශේෂ පුවතක් ලෙස මට එව්වේ ඇයි? ඔවුන් සිතා සිටින්නේ මා බ්‍රිතාන්‍යය පුරවැසියෙකු බව ද? නැතහොත් ඔවුන් සිතා සිටින්නේ ලංකාව තවම පාලනය කරන්නේ බ්‍රිතාන්‍ය රැජින බව ද? එසේත් නැතිනම් ලංකාවේ උගතුන්ට එය අතිශය වැදගත් පුවතක් නිසා, අප වැනි ළං මැඩි සුළුතරයකට තෝරා බේරා නිව්ස් ඇලට් යැවිය නොහැකි නිසා සියල්ලන්ට එවුයේද? එය තවම මට අවබෝධ කරගත නොහැකිය.

ආණ්ඩුවට යන්න තවම තීරණය කර නෑ – දයාසිරි ජයසේකර




අරලිය මැදුර ළඟ කපුටෙක් හීන්සැරේ
උඹ ගැන තමා පවසන්නේ සාස්තරේ
රට දැය නෙමෙයි වෙනුවෙන් බඩගෝස්තරේ
ඒ හෙනහුරත් ජනතාවගේ පාත්තරේ

ඇද්දත් කොටන් සිරිකොත මඩවලේ එරි
උඹලා නෙමෙයි පෙරහැරේ ගියේ නාකි නරි
තව කල් මරා කර නොගනින් හරාකිරි
ගහපන් මැස්ස වැල යන අත දයාසිරි

Monday, June 10, 2013

අහෝ වියන්ගොඩ නොදිටි මොක්පුර !!!


ගාමිණි වියන්ගොඩ තමා ඇතුළු සිය වර්ගයා අතර සිංහල බෞද්ධයා කෙරෙහි ඇති නොසන්සිඳෙන වෛරය පිරිමසා ගැනීමට ලියූ "සිංහල බෞද්ධ-හරක් මස් වෙනුවට බටහිර ක්‍රිස්තියානි හරක් මස් වැළඳීම" නම් ලිපිය ගැන මගේ අදහස් කිහිපයක් මීට පෙර මම කසාපබ්බතෙහි ලීවෙමි. ඔහු සිය ලිපියේ තව දුරටත් මෙසේ කියයි. "ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ දේශනාවට අනුව, ලංකාවේ සිංහල-බෞද්ධ ගවයාගේ මස් වෙනුවට බටහිර කිතුණු ගවයාගේ මස් අනුභවය, පාණාතිපාතා වේරමණී ශික්ෂා පදයට ගෑවෙන්නේ නැත." ගවයින්ට ආගම් නැත. ඔහු යොදන 'සිංහල-බෞද්ධ ගවයා' සහ 'බටහිර කිතුණු ගවයා' යන යෙදුම් දෙක එක්තරා සංස්කෘති දෙකක් නිගරුවට ලක් කරයි. 

වඩාත් උත්ප්‍රාසජනක කාරණය එය නොවේ. ගාමිණි වියන්ගොඩ අඩු තරමේ පන්සිල් පද පහේ තේරුමවත් නොදන්නා අයෙකු බව මෙහිදී අනාවරණය වීමය. 'පණාතිපාතා වේරමාණි සික්ඛා පදං සමාදියාමි' යන්නේ අර්ථය 'ප්‍රාණ ඝාතයෙන් වැළකීම නම් සිල් පදය සමාදම් වෙමි' යන්නය. එහෙත් වියන්ගොඩ සිතා සිටින්නේ එහි අර්ථය මස් කෑමෙන් වළකිමි වැන්නක් කියාය. අඩු තරමින් හරක් මස් කෑමෙන් වළකිමි යන්න කියාය. එසේ නම් බුදුන් වහන්සේ ගිහි අපට මස් නොකන්න යැයි දේශනා කොට දෙව්දත් තෙරුන් භික්ෂූන් නිර්මාංශ විය යුතු යැයි කරන ලද ඉල්ලීම ඉවත දමා තිබේ. අහෝ සර්වඥ බුදුන්ටත් වැරදිණි ද?

බුද්ධ දේශනාව අනුව ප්‍රාණඝාත අකුසලයක් සිදුවීමට නම් කරුණු 5ක් සම්පූර්ණ විය යුතුය. ඒ පණ ඇති සතෙකු වීම, පණ ඇති සතෙකු බව දැන ගැනීම, මරණු කැමැත්ත, මැරීමට උපක්‍රම යෙදීම, ඒ උපක්‍රම නිසා මරණය සිදුවීමය. එහෙත් ඒ අතර මස් කෑම නිසා ප්‍රාණ ඝාත අකුසලයක් සිදුවන බව හෝ එහි ගෑවි යන බව හෝ සඳහන් නොවේ. බුදුන් දවස එසේ සිතුවේ දෙව්දත්ය. අද ඒ දෙව්දත් දහම අපට දෙසන්නේ වියන්ගොඩලාය. 

මෑතදී බ්‍රිතාන්‍ය හමුදා සෙබලෙකු අන්තවාදී මුස්ලිම් තරුණයින් දෙදෙනෙක් මහ මග කපා කොට මරා දැමූහ. ඌරාගේ මාලු ඌරාගේ ඇඟේ තියා කපන වියන්ගොඩ එය ද සිංහල බෞද්ධයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට යොදා ගනියි. මේ වන විට ලෝකයේ බොහෝ රටවලට ප්‍රශ්නයක් වී තිබෙන්නේ කවු ද? ලෝක ත්‍රස්තවාදී ලැයිස්තුවේ මුල් පෙල සිටින්නේ කවුද? වර්තමාන ලෝක ගැටුම්වල අනීවාර්යයෙන් එක් පිලක් නියෝජනය කරන්නේ කවුද? 

සිංහල බෞද්ධයා ඉතිහාසයේ කිසියම් අවස්ථාවක සටනක් කළේ ද නැඟී සිටියේ ද ඒ සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙනි. අන්තවාදී නොවන කිසිවෙකුට මේ රටේ කිසිදා අනතුරක් නොවනු ඇත. කිසිවෙකු අන්තවාදය වපුරන්නේ නම් සිංහලයා සිය ආත්ම ආරක්ෂාව සඳහා නැගී සිටිනු ඇත. ඒ අන්තවාදී කල්ලි විසින් අනතුරේ හෙලන්නේ සිංහලයා පමණක් නොව සිය ජාතියේ ම සිංහලයා සමග ඉතා සමගියෙන් ජීවත් වන ජනතාවය.

ඔහු සිය ලිපියෙහි පවසන පරිදි සිංහල බෞද්ධයා ඌරු මස් කෑමට විරුද්ධ නොවන්නේ එවිට මුස්ලිම් මිනිසා සමඟ අනන්‍ය වන බැවිනි. එමෙන්ම ගව මස් කර්මාන්තය මුස්ලිම්වරු අත ඇති නිසා ගව මස් විරෝධය ඔවුන්ගේ ආර්ථික පදනමද අභියෝගයට ලක් කිරීමකි. මේ සැබෑවක් ද? ලංකාවේ ගව පමණක් නොව ඌරු මස් හැරුණු විට සෙසු මස් කර්මාන්තයේ බහුතර කොටස හිමි මුස්ලිම්වරුන්ටය. ඔවුන්ගේ ආර්ථික පදනම බිඳ දැමීමට නම් බෞද්ධයා සියලු මස් ප්‍රතික්ෂේප කළ යුතුය. 

අනෙක් අතට මොවුන් පවසන පරිදි සිංහල බෞද්ධයා ජාතිවාදීය. ඔවුහු දෙමළ මිනිසුන් මරා කෑමට බලා සිටින නර රකුසෝය. වියන්ගොඩ සිය ලිපියේ මුල් වැකියෙන් පවසන පරිදි ගව ඝාතන විරෝධය හින්දු ආගමිකය. හින්දු යනු දෙමළ අයගේ ආගමයි. එසේම දෙමළාට ගේම දීම සිංහලයාගේ එකම පැතුමයි. ඉතින් එවැනි නරුම සිංහල බෞද්ධයා හින්දුන්ගේ පූජනීය සතා මරා ගෙන කෑමට විරුද්ධ වීම ඔස්සේ දෙමළා සමඟ අනන්‍ය වන බව නොසිතුවේ ඇයි? මේවාට වියන්ගොඩ හෝ වියන්ගොඩගේ ශ්‍රාවකයින් පිළිතුරු දිය යුතුය. සියල්ලට පෙර මේ දෙව්දත් ශ්‍රාවකයෝ පංච ශීලය අවබෝධ කරගත යුතුය.

Wednesday, June 5, 2013

දෙව්දත්ගෙන් බණ ඇසූ ගාමිණි වියන්ගොඩලා... !!!

ගාමිණි වියන්ගොඩ මා දන්නේ ගාඪ සිංහල බසින් පොත් පරිවර්තනය කරන්නෙකු වශයෙනි. එහෙත් දැන් ඔහු සමාජ සංස්කෘතික දේශපාලන විචාරකයෙකු ලෙස ද ක්‍රියාකරයි. බොහෝ අයට මෙන්ම ඒ සඳහා ඔහුට ඇති එකම සුදුසුකම සිංහල බෞද්ධ විරෝධය පමණක් බව ඔහු ලියූ "සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම"  නමැති ලිපිය කියවූ විට පැහැදිලි විය. 

ඔහුට අනුව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි සිවුරක් පොරවා ගෙන සිටි පුද්ගලයෙකි. කුඩාපොල හිමි පිස්සෙක් යැයි ද වාරියපොල සුමංගල හිමි ඔල්මාදකාරයෙක් යයි ද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි බෞද්ධ අන්තවාදියෙක් යැයි ද ඔහු කිවහොත් මම පුදුම නොවෙමි. සිය ලිපිය අතරතුර මෙසේ පවසයි. "ලංකාවේ සිංහල-බෞද්ධයාගේ අතිපූජණීය දළදා මැදුර අභියස ය. ඒ මගින් ඔහු කෙළේ, නිර්මල බුද්ධත්වයේ ශාන්තිය සහ සිසිලසත්, සිංහල-බෞද්ධයාගේ ඓතිහාසික වන්දනීයත්වයත් එක විට කෙළසීමයි." මේ අනුව ලංකාවේ සිංහල බෞද්ධයින් සිටින බව ද දළඳා මැදුර ඔවුන්ගේ පූජනීය ස්ථානයක් බව ද ඔහු පිළිගනියි.

සිංහල බෞද්ධයින්ගේ පූජනීය ස්ථානය කෙලෙසීම පිළිබඳ මෙසේ මුසුප්පුවට පත්ව සිටින වියන්ගොඩ දළදා මැදුරට කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර පිළිබඳ ලිපි කීයක් ලියා තිබේද? 1985 ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කොට භික්ෂූන් ඇතුළු 146ක් මරා 80 තුවාල සිදුකළ ප්‍රහාරය ගැන ඔහු කිසිවක් ලියා තිබේද? අරන්තලාව මහා භික්ෂූ සංහාරය පිළිබඳ කිසිවක් ලීවේ ද? එම ප්‍රහාරවලින් සිංහල බෞද්ධයා අමන්දානන්දයට පත්ව ඇතැයි ඔහු සිතනු විය යුතුය.



අනතුරුව රටේ නැති වල්පල් දොඩවා මෙලෙස ලිපිය අවසන් කරයි. "ඔබට, සිංහලයෙකු විය හැකිය. එසේම, බෞද්ධයෙකු ද විය හැකිය. එහෙත්, ඔබට සිංහල-බෞද්ධයෙකු විය නොහැකිය. මන්ද යත්, ගෞතම බුදුන් වහන්සේව එවිට ඔබට මගහැරෙන බැවිනි." ලිපිය මුල සිංහල බෞද්ධයින්ගේ දළඳා මැදුර ගැන කියවූ මොහු දැන් කියන්නේ කිසිවෙකුට සිංහල බෞද්ධ විය නොහැකි බවය. එවිට බුදුන් වහන්සේ මඟහැරෙයි. පෙර සඳහන් කළ සිංහල බෞද්ධයාට බුදුන් මඟහැරී ඇත. 

මෙසේ අපට බුදුන් මඟහැරී ඇතැයි පවසන වියන්ගොඩ මීට පෙර ලිපියක සඳහන් කර තිබුණේ තමන් කිසිදු ආගමකට අයත් නොවන බවය. එනම් ඔහු බෞද්ධයෙකු ද නොවේ. කිසිදු ආගමකට අයත් නැති භෞතිකවාදියෙකුට(?) සිංහල බෞද්ධයාට බුදුන් වහන්සේ මඟහැරීම පිළිබඳ ඇති රුදාව මට අවබෝධ කරගත නොහැකිය.

ලාංකික උගතුන් (බුද්ධිමතුන් නොවේ) මේ ලිපිය සිය Facebook profileවල මහත් උජාරුවෙන් අමුණා තිබිණි. ඒ සඳහා ඔවුන්ට ඇති අයිතියට මම ගරු කරමි. එහෙත් එවිට ඔවුන් සරම හැඳ ඔලුවෙන් සිට ගෙන සිටින බව වසන් කළ නොහැකිය.

වියන්ගොඩ සිය ලිපිය ආරම්භ කරන්නේ මෙසේය. "ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය." ඊළාම් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින වියන්ගොඩලා 13%ට ආසන්න හින්දූන්ගේ ආගමික අයිතීන් වෙනුවෙන් හඬ නොනඟන්නේ ඇයි? එය බටහිරට මාර්කට් කළ නොහැකි නිසාද? ගව මස පවා ප්‍රතික්ෂේප කළ නොහැකි අයෙකුට සකල මාංශ ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය කුමක් ද?

අනතුරුව වියන්ගොඩ පවසන්නේ බුද්ධාගම සකල මාංශ අනුභවය හෙළා දකින බවකි. බුදුන් වහන්සේ මස් කෑම ප්‍රතික්ෂේප කොට ඇත්තේ කොතැනද? හෙළා දැක කවර සූත්‍රයක ද? අප දන්නා බුද්ධ දේශනාව තුළ බෞද්ධයාට එවන් තහනමක් පනවා නැත. භික්ෂූන්ට පවා එවැනි තහනමක් පනවා නැත. එහෙත් දෙව්දත්ගේ පංච වරයෙහි මේ ඉල්ලීම ඇතුළත්ය. එනම් භික්ෂූන් වහන්සේ නිර්මාංශ විය යුතු බවට ඉල්ලීමකි. එය ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ කීවේ භික්ෂූන්ට සිය කැමැත්ත අනුව මාංශ අනුභව කිරීම හෝ නොකිරීම කළ හැකි බවය. දෙව්දත් සිය මතයට භික්ෂූන් පිරිසක් නම්මවා ගෙන ඔහුගේ අදහස් අනුව බුදුන්ටත් වඩා හොඳ ජීවිතයක් ගත කරන බව ප්‍රදර්ශනය කරන්නට විය. එහෙත් වියන්ගොඩ අපට කියන්නේ බුදුදහම සකල මාංශ අනුභවය හෙලාදුටු බවකි.

මේ අනුව බුදුන් මඟහැරී ඇත්තේ සිංහල බෞද්ධයාට නොව වියන්ගොඩට බව පැහැදිලිය. ඔහු ඇසුවා නම් බණ අසා ඇත්තේ දෙව්දත්ගෙනි. සකල මාංශ අනුභවය හෙළාදුටුවේ දෙව්දත් මිස බුදුන් නොවේ. වියන්ගොඩ පමණක් නොව අපට වැදි බණ දෙසන බොහෝ දෙනා බණ අසා ඇත්තේ දෙව්දත්ගෙනි. එහෙයින් මෙවැනි දෙව්දත් බෞද්ධයින් ගැන සිංහල බෞද්ධයින් අවදියෙන් සිටිය යුතුය.

සිංහල බෞද්ධයා බෙහෙවින් නිර්මාංශ ආහාරවලට නැඹුරු වුවද මස් මාලු ආහාරයට නොගත්තේ යැයි කිව නොහැකිය. ඔහු ගව මස් නොකන්නේ ද ගව ඝාතනයට විරුද්ධ වන්නේ ආගමික කාරණාවක් නිසා නොව සංස්කෘතික හේතු නිසා බව අවබෝධ කරගැනීමට වියන්ගොඩලාට තව බොහෝ කාලයක් ගතවනු ඇත. සිංහල බෞද්ධයා ගව මස් මෙන් ම බලු මස් නොකන්නේ ද සංස්කෘතික හේතු නිසාය. දෙව්දත්ගෙන් බණ අසා එය අවබෝධ කරගත නොහැකිය. දෙව්දත්ගේ ගෝලයින්ගේ වැදි බණ අසා ද එය අවබෝධ කරගත නොහැකිය.



Tuesday, June 4, 2013

ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයාගෙන් ගැරඪියා බේරුණු හැටි...

බහු සංස්කෘතිය යනු පට්ටපල් බොරුවක් වන අතර ලොව සෑම රටකම ප්‍රධාන සංස්කෘතියක් තිබේ. ඉන්දියාවේ හින්දු සංස්කෘතියයි. පකිස්ථානයේ ඉස්ලාම් සංස්කෘතියයි. බටහිර රටවල සහ ඇමරිකාවේ ක්‍රිස්තියානි, කතෝලික සංස්කෘතියයි. එලෙසම ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. 

තමන් ජීවත් වන රටේ ප්‍රධාන සංස්කෘතිය යම් පුද්ගලයෙකුගේ සංස්කෘතිය නොවන විට ඔහුට එහි ප්‍රධාන සංස්කෘතියට යම් පමණකට අනුගත වීමට සිදුවේ. එයින් අදහස් කරන්නේ ඔවුන් සිය සංස්කෘතිය අත්හළ යුතු බවක් නොව සිය සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරගන්නා අතර අදාළ සංස්කෘතියට අනුගත විය යුතු බවයි. එසේ නොවන විට ගැටුම් ඇති වේ. මෑත කාලයේ ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, රුසියාව ආදි රටවලින් වාර්තා වූ සිද්ධි ඒ සඳහා විමසා බැලිය හැකිය.

තුන් වේලට ම බලු මස් කන චීනෙක් එංගලන්තයට ගියහොත් ඔහුට සිය මස් වර්ගය මාරු කිරීමට සිදුවෙයි. එනම් ඔහුට හරක්, කුකුළු, එලු, ඔටු ආදි වෙන මසකින් යැපීමට සිදුවේ. එහිදි ඔහුට මස් කෑමට අවස්ථාව ලැබුණ ද බලු මස් කෑමට අවස්ථාව නොලැබේ. එසේම ගැරඬි මස් කෑමට ද අවස්ථාව නොලැබේ. එහිදී සිදුවන්නේ චීනාට එංගලන්ත සංස්කෘතියට අනුගත වීමටය. ඒ දහම ලංකාවට ද අදාළය.

කිසිදු සංස්කෘතියකට සියලු දෙනා සතුටු කළ නොහැකිය. කළ හැක්කේ බහුතරය සතුටු කිරීම පමණි. එය ඔබ සැම පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ද එකඟ හෙයින් පිළිනොගැනීමට හේතුවක් ඇතැයි නොසිතමි. මේ කාරණා පිළිබඳ බුදුන්ගේ මතය විමසීමට මුල් දහම කියවා පලක් නොමැත. අප රටේ බලපවත්වන්නේ මිහිදු හිමියන් බුදු දහම ලංකාවට රැගෙන ආ අවස්ථාවේ සිට මෙරට සමාජ දේශපාලනික අවශ්‍යතා අනුව හැඩ ගැසුණු බුදු දහමකි. එය සිංහල බුදු දහම යැයි කිව හැකිය. එහෙත් විඥානවාදී ඕල්කට්තුමාගේ ව්‍යාපාරය ඔස්සේ බිහි වූ ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයින්ට මෙය අවබෝධ කර ගත නොහැකිය. ඔවුන්ට ගවයා ද ඌරා ද කුකුළා ද සමානය. මන්ද ඕල්කට්තුමාගේ සංස්කෘතිය අනුව එය එසේය.

කෙසේ වුව ද චීනයෙන් හෝ කොරියාවෙන් මෙරටට ඕල්කට් කෙනෙක් ආවේ නැත. ෆාහියන් වැන්නෝ සංස්කෘතික ව්‍යාප්තවාදීහු නොවූහ. එසේ ආවේ නම් සිංහල බෞද්ධයාට මේ සටන ආරම්භ කිරීමට සිදුවන්නේ ගවයාගෙන් නොව බල්ලාගෙනි. සිංහල බෞද්ධයාට සිදුවන්නේ ගෙදර හුරතලේට හදන බල්ලා ආරක්ෂා කරගැනීමට සටන් කිරීමටය. ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයින්ගෙන් ගැරඬි ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමටය. මේ රටේ චීන ඕල්කට් එනතුරු බලු මස් නොකෑ බව ද ගැරඬි නොකෑ බව ද අප කියන කල ඔවුන් අපෙන් ප්‍රශ්න කරනු ඇත්තේ ඇයි බල්ලා විතරක් කුකුළා කළුද? කියාය. ඇයි ගැරඬි විතරක් කන්න එපා කියන්නේ ඌරා කැත ද? කියාය.



මෙලෙස තමන් මහා පඬිවරු වම්හයි සිතා මෙරට සංස්කෘතිය ප්‍රශ්න කරන්නෝ ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයෝය. මිනිසුන් සිතන්නේ සංස්කෘතිය අනුවය. ඔවුහු ආගමින් බෞද්ධ වන අතර සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවෙති. එහෙත් ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ආගමින් කතෝලික වන අතර සංස්කෘතියෙන් සිංහල බෞද්ධ විය. මා කුඩා කළ රෝමානු කතෝලික යැයි තමන් හඳුන්වා ගත් ඇතැම්හු දැන් තමන් සිංහල කතෝලික යැයි කියති. විය යුත්තේ එයමය. මෙරට මහා සංස්කෘතිය සියලු දෙනා තමන්ගේ ද උරුමයක් ලෙස සැලකිය යුතුය. අපේ සිංහල බොදු ගීතාවලිය එලෙස මෙරට සංස්කෘතියට අනුගත වූ අන්‍ය ආගමික, අන්‍ය ජාතික, අන්‍ය සංස්කෘතික උදාර මිනිසුන්ගෙන් අප ලද මහාර්ඝ උරුමයකි.

ශ්‍රී දළඳා මාළිගාව සිංහල බෞද්ධ අපේ පමණක් නොව සිංහල හින්දුන්ගේ ද උරුමයකි. සිංහල බෞද්ධ අප පමණක් නොව උතුරේ හින්දු ජනතාව ද කතරගම වන්දනා කරනු පිණිස එති. ආගම් භේදයකින් තොරව අපි සියලු දෙනාම ශ්‍රීපාදය වන්දනා කරමු. මේ සිංහල බෞද්ධ උරුමය යැයි අප අන් අයට එහි නොයෙන්න යැයි කියා නොමැත. අපේ බෞද්ධ රජවරු ඉන්දියාවෙන් ගෙන ආ බිසෝවරුන්ට සිය ආගම වැළඳගත යුතු යැයි බල නොකළ අතර ඔවුන්ට පන්සල් අසල දේවාල තනාදුන්නේය. කලින් කල පැමිණි ආක්‍රමණික කණ්ඩායම් පසුව එන පිරිස්වල ප්‍රහාරවලින් ආරක්ෂා කළේ සිංහල බෞද්ධයින් සහ හාමුදුරුරුවය. ඒ සිංහල බෞද්ධයාගේ සහජීවනයයි.

කෙසේ වුව ද කිසිවෙකු සිය සංස්කෘතික උරුමය සංහාරය කිරීමට උපක්‍රම යොදන විට බුදුන් කීවේ හිස ගිනි ගත්තෙකු සේ වහා සසරින් එගොඩ වී නිවන සොයා යාමට යැයි ප්‍රොතෙස්ත්‍රන්ත බෞද්ධයින්ට අපට කියන්නේ එය ඔවුන්ගේ උරුමයක් නොවන හෙයිනි. හාමුදුරුවරුන්ට යුද්ධය වෙනුවෙන් පෙනී සිටිය හැකි දැයි පසුගිය යුද සමයේ ප්‍රශ්න කළේ ද ඔවුන්මය. මේ ඔවුන්ගේ රට යැයි ඔවුන් හැඟීමක් නොමැත. දුටුගැමුණු රජ දවස යුද්ධ සේනාව ඉදිරියෙන් 500ක් භික්ෂූන් වහන්සේ වැඩි බව ඔවුහු නොදනිති. දම මහා යෝධයින් අතර එන ථේරපුත්තාභය සිවුර හැර යුද්ධ කොට නැවත මහණ වී රහත්භාවය ලද තෙරුන්වහන්සේ කෙනෙකු බව ඔවුහු නොදනිති.

කෙසේ වුව ද සිංහල බෞද්ධයා වඩා පරිස්සම් විය යුත්තේ නගර ආශ්‍රීතව නිවන යනු අතේ දුර ඇති සිම්පල් බඩුවක් බව පවසමින් වැදි බණ දෙසන උන්නාන්සේලාගෙන්ය. මොවුන් වපුරන්නේ ප්‍රොතෙස්ත්‍රන්ත බුදුදහමය. සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධි බුදුදහමය. අප අද බෞද්ධයින් වන්නේ ද අපට අනන්‍ය සංස්කෘතියක් උරුම වන්නේ ද අපේ මුතුන් මිත්තන් නිවන් දැකීම පසෙක තබා ඒ උරුමය රැකගත් හෙයිනි.

Monday, June 3, 2013

ලංකාවේ උගත්තු බලු මස් නොකන්නේ ඇයි?

අප මේ රටේ ගව ඝාතනයට විරුද්ධ යැයි කී කල ඇයි කුකුළා කළු ද? ඌරා කැතද? කියා උගත්තු අපෙන් පෙරලා අසති. මෙය හුදු ආගමික කාරණාවක් නොව සංස්කෘතික කාරණාවක් බව අවබෝධ කර ගැනීමට මේ උගතුනට නොහැකිය. සැබෑම කාරණාව ආගම සහ සංස්කෘතිය වෙනම වෙනම අවබෝධ කර ගැනීමට තරම් මොවුන් තීක්ෂණ නොවීමය. 

කුකුළා කළු දැයි ප්‍රශ්න කරන උගතුන්ගෙන් මට ඇසීමට ප්‍රශ්නයක් ඇත. විවිධ වර්ගයේ බල්ලෝ ලංකාවේ සිටිති. ලංකාවේ බල්ලන්ට (උන් අපේ නිසා වල් බල්ලන්ය.) අමතරව විවිධ වර්ගයේ රට බල්ලන් ඒ අතර වේ. චීන්නු සහ කොරියානුවෝ බලු මස් රස කර බුදිති. එය ඉතා ප්‍රණීත ආහරයකියි ඔවුහු කියති. ඉතින් ඔබ බලු මස් නොකන්නේ ඇයි? ඔබේ සංස්කෘතික පරමාදර්ශය වන බටහිර රටවල මිනිසුන් බලු මස් නොකන්නේ ඇය? 




ඇයි බල්ලා කළු ද?
ඔය වෙන පාට බල්ලෝ ඉන්නේ.

ඇයි බල්ලා කැත ද?
ඇයි ඔය ලස්සන මයිල් දිග, කොට බල්ලෝ. උස බල්ලො, බිං බල්ලෝ. දිග බල්ලෝ, කොට බල්ලෝ. එක එක තාලේ බල්ලෝ ඉන්නේ.

ඔබ බලු මස් නොකන හේතුව අවබෝධ කරගත හැකි නම් ඔබ බුද්ධිමතෙකි. නැත්නම් උගතෙකි. උගතාගේ සහ බුද්ධිමතාගේ වෙනස මේ දෙවැන්නාට අවබෝධ කරලීම කිසිදා කළ නොහැකි දෙයකි.

මතක තබාගත යුතු වැදගත්ම කාරණාව ඔබේ වෘත්තිය කියාපාන්නේ ඔබ උගතෙකු බව මිස බුද්ධිමතෙකු බව නොවේ. ඔබ කිසියම් විභාගයක් සමත්ව ඒ වෘත්තියට අදාළ කටයුතු කිරීමට සුදුසුකම් ලබා ඇත. එහෙයින් දොස්තර කෙනෙකුට වඩා කොන්දොස්තර කෙනෙකු බුද්ධිමත් විය හැකිය. එහෙත් මේ දෙදෙනාගෙන් උගතා දොස්තර බවට විවාදයක් නොමැත.

Sunday, June 2, 2013

සමරමු බැතිනි - මල් පැලේ උපන් පන්සලේ පියතුමා!

ගරු මර්සලීන් ජයකොඩි පියතුමාගේ උපත් සමරුව අදයි.

මම ලෝගුවට වගේම සිවුරට ආදරෙයි. මගේ ආගම කතෝලික. මගේ සංස්කෘතිය සිංහල බෞද්ධ යැයි සිංහනාදෝ කළෝ මර්සලීන් ජයකොඩි පියතුමාණෝය. ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි මර්සලීන් ජයකොඩි පියතුමා ගැන පොතක් ලීවේය. බෞද්ධ භික්ෂුවක් කතෝලික පූජකවරයෙකු පිළිබඳ ලියූ මුල්ම සහ එකම පොත එය විය යුතුය. අද පේ රටට මර්සලීන් ජයකොඩි පියතුමන්ලා සිය දහස් ගණනක් අවශ්‍ය මොහොතකි. බහුතරය බෞද්ධ වු පමණින් අනෙක් අය බෞද්ධාගමිකයින් විය යුතු නැත. විය යුත්තේ ඔවුන් බුදුදහම පදනම් කරගත් මහා සංස්කෘතියෙහි අභිමාණවත් කොටස්කරුවන් වීමය. මේ රටේ බෞද්ධ උරුමය තමන්ගේ ද උරුමයක් ලෙස සැලකීමය. වෙනත් ලෙසකින් කිවහොත් රටට අවශ්‍ය සිංහල හින්දු, සිංහල කතෝලික, සිංහල ක්‍රිස්තියානි, සිංහල මුස්ලිම් පිරිසකි. ඔවුන් එසේ වන අතර ඔවුන්ගේ ආගමික සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරගත යුතුමය. ඒ සඳහා සහාය දීම සිංහල බෞද්ධයින්ගේ යුතුකමයි.



                                                                        (අපේ පියතුමා මාපලගම විපුලසාර හිමි සමඟ)


පන්සිය වසක් අප ආපසු යන දා ට
හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට
එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට
මාලති මල් නෙළාගෙන යති බුදු ගේට

පන්සලටය පෙර පරපුර අකුරු ගියේ
සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ
අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ
අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ

ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්
                                       රචනය - මර්සලීන් ජයකොඩි පියතුමා

උන්වහන්සේ ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

Saturday, June 1, 2013

ගවයා, සිංහල බෞද්ධයා, හිංදුවා සහ කටුවාවල ජේමිස්ලා

ගව ඝාතන විරෝධය පිළිබඳ ෆේස්බුක් අඩවිය ඔස්සේ මම සහ ඉන්ද්‍රනාථ තේනුවරයන්ද තවත් අය ද අතර සංවාදයක් ඇති විය. ඊට හේතු වූයේ "සිංහල බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක්‍රිස්තියානි හරක් මස් වැළඳීම" නම් ගාමිණි වියන්ගොඩ නමැත්තෙකු ලියූ ලිපියකි. එම සංවාදය වැදගත් බවත් බ්ලොග් අඩවියක සංරක්ෂණය විය යුතු බවත් ප්‍රකාශ කළේ තේනුවරයෝය. මේ එම අදහසෙහි ප්‍රතිඵලයයි. මේ අදහස් ඔබට කියවීමට ලැබීම මගින් යම් යහපතක් වේ නම් ඒ පින තේනුවරයන්ට අයිති විය යුතුය.

අපි එකිනෙකාට විරුද්ධ මතවාද දරන්නෝ වෙමු. එකිනෙකාට එරෙහි අදහස් පළ කරමු. මතවාද ඔස්සේ ගැටෙමු. එහෙත් සංවාදය ඔස්සේ බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි යැයි විශ්වාස කරමු. ගව ඝාතන විරෝධය අපේ නිදහස් අරගලය තුළ තවමත් සාක්ෂාත් කරගත නුහු ඉසව්වක් බව මගේ අදහසයි. අපේ සංස්කෘතික අක්මුල් සොයා යෑම යනු ශිෂ්ටාචාරය  අතීතයට ඇදගෙන යාමක් නොව අතීතයට වැදී අපට මග හැරුණු ඇතැම් වටිනා දෑ නුතන සමාජයට රැගෙනවිත් ඒවා අප ජීවත් වන සමාජ ක්‍රමය වෙත ගලපා ගැනීමක් වන අතරම නූතනයේ අප වෙලා ගෙන ඇති විවිධ විසාදීන් සමහන් කර ගැනීම සඳහා ක්‍රමවේද සැකසීමක් ද වෙයි. මෙතැන් සිට දිගහැරෙන්නේ ඒ සංවාදයයි.

ගාමිණි වියන්ගොඩගේ ලිපිය ගැන මගේ අදහස.

Namal Udalamatta හරක් මස් නොකෑම මේ රටේ සංස්කෘතික අංගයක්. ඒක නොක්ස් එදා හෙළදිව කෘතියේ කියනවා සිංහලයින් ගෙරි මස් අනුභව නොකරයි කියලා. ධර්මපාලතුමා ඒ වෙනුවෙන් සටන් කළා. එදා ඉඳලා බෞද්ධයෝ ගෙරි මස් නොකන්නේ මුස්ලිම් අයට කෙළවන්න ද? පිස්සු විකාරනේ. බෞද්ධයින් ගෙරි මස් නොකන්නේ මුස්ලිම් අය මේ රටට එන්නත් පෙර සිට. 

මේ රටේ බෞද්ධ හින්දු දෙපිරස ගත්තාම 85%ක් වෙනවා. 1505 පස්සේ තමා සුළු සිංහල පිරිසක් වුණත් හරක් මස් කන්න පුරුදු වුණේ. ඇයි සිංහල බෞද්ධ හින්දු දෙපිරසගේම හිත් රිදවන දෙයක් වෙන්න ඉඩ තියන්නේ? ඒකද ඔය මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය?

අනෙක ගව ඝාතනය නතර කරන තැනින් අපට සත්ව ඝාතනය නතර කරන්න පුළුවන්. අවශ්‍ය අයට පිට රටින් ගෙනැත් කන්න පුළුවන්. එවිට එහි පාලනයක් වෙනවා. මේ රටට අවශ්‍ය සීනිවලින් 94%ක් පිට රටින් ගේන්නේ. සීනි කියන්නේ හැමෝම කන දෙයක්. ඉතින් එහෙනම් ඇයි 10%ක් විතර කන හරක් මස් ගේන්න බැරි?

මේ වගේ අවස්ථාවාදීන් උතුරේ බලය බෙදීම ගැන කතා කරද්දි දෙමළ ජනතාව ගැන කිඹුල් කඳුලු හෙලනවා. ඔවුන්ගේ පූජනීය සතා මරාන කද්දි බයිල ගහනවා. අපි කිසියම් ආගමික ප්‍රතිපත්තියකට ගරු නොකළත් ඊට ගරු කරන්න අන්‍ය අයට ඇති අයිතිය පිළිගත යුතුයි. විශේෂයෙන් බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක විය යුතුයි.

Indranatha Thenuwara මේ ලිපියේ හැම වගන්තියකට ම මාත් එකඟ වෙන්නෙ නැහැ. 
නමුත් මා දන්නා මූලාශ්‍ර අනුවනනම් සිංහලයා අතීතයේදි හොඳට මස් මාංශ පරිභෝජනය කළ බව මා කියවා තිබෙනවා. රොබට් නොක්ස් ලංකාවට එන්නෙ ලන්දේසි, පෘතුගීසී කාණ්ඩ දෙකට ම පසුව බවත් අමතක කරන්න එපා.

නෑ මම කීවේ නැහැ සිංහලයා මස් කෑවේ නැහැ කියලා. විශේෂයෙන් වැව් ආශ්‍රිත සෙල් ලිපිවල පැරණි ජනප්‍රවාද සහ පොත පතෙහි තියෙනවා ඒ ගැන විස්තර. හැබැයි සිංහලයා මස්වලට ප්‍රමුඛත්වය දුන්නා කියලා එමෙම නැත්නම් හොඳට මස් කෑවා කියලා කියන්න තරම් සාධක නැහැ මට. 

විශේෂයෙන් සිංහල සංස්කෘතියට අයත් කිසිම කෑමක් නැහැ මස් මාංශ ඇතුළත්. (තියෙනවා නම් මට කියන්න.) මගේ තර්කය මීට අදාළව නම් සිංහලයා ගෙරි මස් කෑවේ නෑ කියන එකයි. අදත් සිංහල බෞද්ධයා ගෙරි මස් කන්නේ නැහැ. සිංහලයා චිකන් කෑ පමණින් තර්ක කරන එක වැරදියි ඇයි හරකාට විතරද පණ තියෙන්නේ කුකුළා කළු ද? කියලා. ඒක සියුම් ලෙස වටහාගත යුතු සංස්කෘතික කාරණයක්. අපි අපේ සහෝදරිය සමඟ පවුල් නොකන්නේ ඈ ගැහැනියක් නොවන නිසා නෙමේ අපි ගරු කරන සංස්කෘතිය හර පද්ධතිය නිසා කියලා තේරුම්ගත යුතුයි. 

අනෙක අපි ආරක්ෂා කළ යුතු ගරු කළ යුතු තවත් ප්‍රධාන කාරණයක් තමා ගවයා අපේ හින්දු අයගේ පූජනීය සතෙක්. ඒ නිසානේ පොළොන්නරුවට එද්දි සඳකඩ පහණින් ගවයා ඉවත් වෙන්නේ. අපි ඔවුන්ගේ ආගමික අයිතියට සංවේදි විය යුතුයි. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. 

නොක්ස් ලංකාවට ආවේ ඉංග්‍රීසි කාලයේ නෙමේ 1660 දී. 2 වන රාජසිංහ රජ කාලයේ. ඒ කියන්නේ ලන්දේසී පාලන කාලයේ. 20 අවුරුද්දක් ලංකාවේ හිරගත කරලා ඉඳලා අවසානයේ පළා යන නොක්ස් මොකක් සිංහලයා ගැන කියන්නේ? "ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මද්‍යපානය නොබොන්නේය. සොරකම් පිළිකුල් කරන්නේය. ගෙරිමස් මුවෙහි නොතබන්නේය." අන්න එහෙමයි සිංහලයා. 

එයින් පැහැදිලියි සිංහලයා ගෙරි මස් නොකන්නේ මේ ඇතැම් මානසික ව්‍යාධිකාරයින් කියන විදිහට මුස්ලිම් මිනිස්සුන්ට කෙළවන්න නෙමේ කියලා. ඒ සටන අධිරාජ්‍ය විරෝධි සටනේ කොටසක්. තවම සාක්ෂාත් කරගත නොහැකි වූ කොටසක්.

Hiran De Saram මුස්ලිම් සහෝදරවරුන්ගේ ගවමස් කෑමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමු...!!

ඔව් මම එකඟයි. රටේ හරක් මස් පිළිකුල් කරන ජනතාව 85%යි. ඉන් ගවයා පූජනීයත්වයෙන් සලකන පිරිස 15-18 විතර. ගව මස් කන පිරිස මුස්ලිම් නම් ඒ 8%යි. එතකොට අපි ආරක්ෂා කළ යුත්තේ බහුතරයේ ආගමික සංස්කෘතික අයිතියද? සුළුතරයේ මස්කෑමේ අයිතියද? ඒ සුළුතරයට අවශය මස් අපට පිට රටින් ආනයනය කළ හැකි නම් ඉන් දෙපිරිසේම අයිතිය ආරක්ෂා කරගත නොහැකිද?

Hiran De Saram ලංකාවෙ චිකන් කන අයගෙ ප්‍රතිශතය කීයද...

Namal Udalamatta මේත පව් පිං පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ. සංස්කෘතික කාරණයක්. ඒක මගේ කලින් කමෙන්ට් එක එළඹි සිහියෙන් බැලුවා නම් තේරුම් යන්න ඕන.

Indranatha Thenuwara සඳකඩ පහණෙන් ගව රූපය අයින් වන්නෙ හින්දු ආක්‍රමණ නිසා බව ඇත්ත. එතකොට හින්දු ආක්‍රමණ ලංකාවට සිද්ද වෙන්න කලින් සිංහලයා ගෙරි මස් කෑවද..?? ඊට කළින් සිංහලයො හිටියෙ නැද්ද..?
ඊ ළඟට පිටරටින් ගේන හරක් මස් කෑවට කමක් නැද්ද..??

සිංහලයා ඉතිහාසයෙහි කිසිදු අවස්ථාවක ගෙරි මස් කෑ බවට කිසිදු සනාථ කළ හැකි සාධක නොමැත. සිංහලයා ගතකළ කෘෂිකාර්මික දිවිපෙවෙත මෙන්ම අසල්වැසි භාරතීය සංස්කෘතික බලපෑමද ඊට හේතු වූයේ යැයි සිතිය හැකිය. ගවයා ඔහුට හිතවතෙක් විය. අනෙක් අතට අවිහිංසාවාදී බුදුදහමේ බලපෑම නිසා ඔහු බෙහෙවින් නිර්මාංශ ආහාරවලට නැඹුරු විය. ඉන් කියැවෙන්නේ සිංහලයා වෙජිටේරියන් බව නොවේ. ගවමස් කන්නා සිංහලයාගේ පිළිකුළට හේතු විය. 

මේ සාකච්ඡාව අපේ සංස්කෘතිය නිර්මාණය වන යුගයට සීමා කර ගැනීම මැනවි. නැතහොත් ක්‍රිස්තු පූර්ව යුගවල මානවයා මිනී මස් අනුභව කර ඇති බැවින් හදිසියේ ඉඩී අමීන් කෙනෙක් මතුවී මිනී මස් කෑම ආරම්භ කළහොත් ලෝකය මෙතෙක් ගොඩනඟා ගත් සියලු සංස්කෘතික පදනම් බිඳ දමා කැනිබල්ස්ලාගේ මිනී මස් කෑමේ අයිතියට ඉඩ දියයුතු යැයි කියන පමණට කෙනෙකුට තර්ක කළ හැකිය.

මා පිටරටින් හරක් මස් ගෙන ඒමට එකඟ වන්නේ එය අවශ්‍ය යැයි සිතන මුස්ලිම් පිරිස වුව අසහනයට පත් නොකිරීමේ අවශ්‍යතාව නිසාය. අපට අවශ්‍ය මේ රටේ සංස්කෘතික හර පද්ධති ආරක්ෂා කරගෙන ජීවත්විය හැකි පරිසරයක් මිස කිසිවෙකුට රිදවීමට නොවේ. මේ රටේම ජනතාවගේ කිරි අවශ්‍යතාවට නවසීලන්තයට ඕස්ටේලියාවට දුවන අයට 8%ක් ජනතාව වෙනුවෙන් හරක් මස් ගෙන ඒමට නොහැකි ඇයි? එවිට 85%ක් වන බෞද්ධ හින්දු ජනතාව විඳවන්නේ නැත. මුස්ලිම් ජනතාවට ද හරක් මස් ලැබේ. එවිට කිසිවෙකුට ගැටලුවක් ඇති නොවන පරිදි මේ ගැටලුව විසඳාගත හැකිය. මා දක්වා ඇති මතුගම සෙනෙවිරුවන් ලියූ ලිපිය කියවීමෙන් බොහෝ දේ උගත හැකිය.

Thushara Disanayaka ගව මස් නිසා බෞද්ධ ජනතාව විඳවන්නේ නෑ සහෝදරයා, විඳවන්නේ බෞද්ධ ජනතාවගේ අයිතිකාරයෝ තමන් යයි හිතාගෙන ඉන්න අතලොස්සක්.

Namal Udalamatta සමාවෙන්න, මා බෞද්ධ ජනතාව යනුවෙන් අදහස් කළේ සිංහල බෞද්ධ ජනතාවය. එනම් ආගමින් බෞද්ධ වූද සංස්කෘතිය සිංහල බෞද්ධ වූද පිරිසය. ආගම සහ සංස්කෘතිය යනු දෙකකි. මම ආගමින් කතෝලික වුව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ යැයි මර්සලින් ජයකොඩි පියතුමා පැවසූයේ ඒ අර්ථයෙනි. මා දන්නා කිසිදු සිංහල බෞද්ධයෙක් හරක් මස් නොකයි. 

එහෙත් සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන අයෙකුට එය වේදනාවක් නොවිය හැකිය. ඔහුට ගවයා යනු තවත් සතෙකි. ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ වැඩුණු අයෙකු බුදු දහම වැළඳ ගතහොත් ඔහුට ගවයා හා සම්බන්ධ සිංහල බෞද්ධ සංස්කෘතිය අවබෝධ කරගත නොහැකිය. ඔහු ඊට ආගන්තුක වෙයි. පරමවිඥානවාදී ඕල්කට්තුමාගේ බලපෑම නිසා මෙරට ආගමින් බෞද්ධ වන සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන පිරිසක් නගරාශ්‍රිතව බිහි විය. (ගනනාථ ඔබේසේකර වැන්නෝ ඒ පිළිබඳ ලියා තිබේ.) 

ඔවුහු ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයෝ වෙති. ඔවුහු ආගමින් බෞද්ධ වන අතර සංස්කෘතියෙන් ක්‍රිස්තියානි වෙති. ඒ සංස්කෘතිය අනුව සතා, සීපාවා පමණක් නොව අහස පොළව ජලය වාතය ආදි සියල්ල මානව පරිභෝජනය සඳහා දෙවියන් වහන්සේ දුන් දේය. ඔවුන්ට පෙරකී බෞද්ධ සංස්කෘතික විඥානය අවබෝධ කරගත නොහැකි අතර ඊට ආගන්තුක වෙයි. මෙලෙසම ද්‍රවිඩ හින්දුවා තුළ ගවයාට ඇති බැඳීම ද්‍රවිඩ කතෝලිකයා තුළ නොමැත. මන්ද ඔහු සිය සංස්කෘතික මුල්වලින් උදුරා දමන ලද අයෙකි. 

එහෙත් තවමත් මේ රටේ බහුතර සිංහලයෝ සිංහල බෞද්ධයෝය. ඔවුහු සිය ධනය වියදම් කර මරණයට කැප වු හරක් නිදහස් කරති. ගව ඝාතනයට එරෙහිව නැගී සිටිති. ගව අනාථාගාර තනති. ගී ලියති. චිත්‍රපට තනති. රටපුරා ගව ඝාතන බලපත් මිලයට ගෙන මස් කඩ වසා දමති. ඒ බව දන්නා ඇතැම් වෙළෙන්දෝ සිය කිරිපිටි අලෙවි කොට ලැබෙන ලාභයෙන් කොටසක් වෙන් කොට ගවයින් නිදහස් කරති. එය ආගමික කාරණාවක් නොව සංස්කෘතික කාරණාවකි. තර්කය වැනි මොට ආයුධ ගෙන හරඹා පා එම කාරණා අවබෝධ කරගත නොහැකිය.

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ 
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ 
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ 
උදයෙම මේ කය නිසසල වන්නේ 

උගේ කිරෙන් බෝධිය දෝවන්නේ 
උගෙන් මැඩූ බත දනට පුදන්නේ 
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ 
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ 

බානෙන් බැඳ... 

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ 
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ 
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ 
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ 

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ 
දම් සක්වල ගල හැපී බිඳෙන්නේ 
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ 
සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ///

Indranatha Thenuwara මෙහෙමයි Namal, ඔබේ තාර්කික කතාව බොහොම හරි.
නමුත් මං පුංචි කාලෙ හැදුනෙ අම්පාරෙ. අම්පාර වැනි ප්‍රෙද්ශයක හරකාගෙන් ගන්නා ප්‍රෙයා්ජන අසීමිතයි. අපේ ලොකු තාත්තාටත් ලොකු ගව පට්ටියක් තිබුන. එහි වැස්සියන්ගෙන් කිරි ගත්ත. වස්සන්ගෙන් කුඹුරු වැඩ ගත්ත. ඒව සේරම හරි. නමුත් අම්පාරෙ කිසිම මස් කඩයක ගව මස් හැර වෙනත් මස් වර්ග විකුණන්න තිබුනෙ නැහැ. මාලු එන්නෙත් හැතැප්ම 35ක් ඈත මඩකලපුවෙන්. ඒ නිසා ගව මසට ලොකු ඉල්ලුමක් තිබුන. 
කුකුල් මස් අපි කෑවෙ මගුල් ගෙයක් වැනි සුවිශේෂී අවස්ථාවක...!
ඌරු මස්, දඩ මස් ලැබුනෙ නොමිලෙ..! ඒව සල්ලිවලට ගත් බවක් මා අසා නැහැ.
ඒ කාලෙ මසට ගවයන් මැරුවා කියා පරිසර තුලණයේවත්, ගොව් සංස්කෘතියේවත් කිසිදු ගැටලුවක් ඇති උනේ නැ.ැ..!
නමුත් අද තත්ත්වය ඊට වඩා ඉඳුරාම වෙනස්. අද වැස්සියන්ගෙන් කිරි ගන්නවා හැර වස්සන්ගෙන් කුඹුරු වැඩ කර ගැනීමක් නොකෙරනම තරම්. අත් ට්‍රැක්ටර්, ලොකු ට්‍රැක්ටර් හැම ගොවියෙක් ළඟ ම තියෙනව. අස්සැන්න නෙලන්නෙ සුනාමි කියන මැෂිමෙන් සුරුස් ගාල...!!
අම්පාර, පොළොන්නරුව, මඩකලපුව විතරක් නෙමෙයි උතුරු මැද පලාතෙත් තත්ත්වය ..ඇත්ත තත්ත්වය ඕක..!
එතකොට හිතන්න ඉස්සර හරකාට තිබුණු තැන දැන් තියෙනවද කියල..නැහැ...!
දැන් හරක් මැරුවෙ නැත්නම් ලොක් පාරසරික ගැටලු ඇති වෙන්න පටන් ගන්නව. අපි ඒව ගැනත් හිතන්න ඕනෙ.
සත්තකින් ම Thushara Disanayaka කියන කතාව හරි. (ගව මස් නිසා බෞද්ධ ජනතාව විඳවන්නේ නෑ සහෝදරයා, විඳවන්නේ බෞද්ධ ජනතාවගේ අයිතිකාරයෝ තමන් යයි හිතාගෙන ඉන්න අතලොස්සක්.)
අද තවලම් නැහැ. බක්කි කරත්ත නැහැ. ගොං කරත්ත නැහැ.
කුඹුරු කොටන්න, පාගන්න, මඩ කරන්න, ගොයම් පාගන්න ආදී කුඹුරු වැඩවලට හරක් යොදා ගන්න එක ගොවියන්ට පාඩුයි..
ඒ නිසා අපි අහන ගීත, අපි කියවන ලිපි කතා ආදිය අද සාහිත්‍යාංග විතරයි..!

Roshan Manoj Pemasiri සර්. දැන් හරක් මැරුවෙ නැත්නම් ලොක් පාරසරික ගැටලු ඇති වෙන්න පටන් ගන්නව. ඔබතුමන් මේ කීව කතාව අනුව බැලුවොතින් මේ වන විට ලෝකයෝ ලොකුම පාරිසරික ගැටලුව ඇත්වෙලා තියෙන්නේ හරකුන් නිසාද නැතිනම් මිනිසුන් නිසාද ඒ අනුව බලන විට පාරිසරික ගැටලුව විසදන්න මරන්න වෙන්නේ හරකුන්ද මිනිසුන්ද...... මගේ මතය නම් අපි හැමෝම මිනිසුන් වශයෙන් හැමවිටම වැඩ කල යුත්තේ මේ ලෝකය හැමෝටම හොදින් ජීවත් වීමට පුලුවන් තැනක් බවට පත් කිරීමටයි මිනිසාට මේ ලෝකයේ ජීවත් වීමට ඇති අයිතිය ඒ ආකාරයෙන්ම මේ ලෝකයේ ජීවත් වන හැම සතෙකුටම තිබිය යුතුයි (එක් පැත්තකින් බැලුවහම සතුන්ට මිනිසාට වඩා මේ ලෝකයේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා මොකද පරිසරයට කරන හැම කැනහිලිකමක්ම කරන්නේ පරිසරය විනාශ කරන්නේ මිනිසුන් නිසා) මිනිසුන් වශයෙන් අපි හැමෝම කියන්නේ මිනිසාගේ පරම යුතුකකම මිනිසාට සේවය කිරීමයි කියන අර්ත්මාර්ථකාමී කතාවයි ඒත් අපි ඇත්තමට සිදුකලයුත්තේ මිනිසා ඇතුලුව සියලුම සතුන්ට මේ ලෝකය ජීවත් වීමට සුදුසු ලස්සන තැනක් බවට පත් කිරීමයි......

Indranatha Thenuwara පාරිසරික ගැටලු මතු උනාම ඉස්සෙල්ලාම ඒව බලපාන්නෙ අනෙක් සතුන්ටයි. මිනිසාට ඒක එන්නෙ අන්තිමට..!!

Namal Udalamatta සංස්කෘතිය යනු යම් පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ සාක්ෂාත් කරගන්නා හෝ ඔහුගේ මරණයෙන් කෙළවර වන දෙයක් නොවේ. එය ජාතියක ආරම්භයේ සිට එහි අවසානය දක්වා විකාශනය වන්නකි. නිදසුනක් ලෙස ඇෆ්ගනිස්ථානයේ විසූ බෞද්ධ ජාතිය අවසාන වීම සමඟ එහි වූ බෞද්ධ සංස්කෘතිය කෙළවර වෙයි. තුෂාර දිසානායක වැනි බෞද්ධයින් අද මස් කෑමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ආගමිකයින් මොටාර් ගසා අල්ලාහු අග්බාර් කියා විනාශ කළ බාමියන් බුදු පිළිම වනාහි එකී වඳවූ බෞද්ධයින්ගේ සංස්කෘතියෙහි භෞතික නිර්මාණ වෙයි. 

සැබවින්ම ඉතිහාසයේ බාමියන් පිළිම නිර්මාණය කළෝ සිංහල බෞද්ධයින් නොව ඒවාට මෝටාර් ගසා විනාශ කළ අයගේ ම බෞද්ධ මුතුන් මිත්තෝය. නූතන ඇෆ්ගන් මුස්ලිම් වැසියා යනු පැරණි ඇෆ්ගන් බෞද්ධයාගේ මුනුපුරෝය. ඔවුන් විනාශ කළේ සිය මුතුන් මිත්තන් නිර්මාණය කොට වන්දනාමාන කළ ඔවුන්ගේ උරුමයයි. 1929 ශ්‍රී මහා බෝධිය පොරවකින් කපා දැම්මේ ආගමික සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූ කටුවාවල ජේමිස් නමැති අබෞද්ධ සිංහලයෙකි. නූතන ප්‍රොතෙස්ත්‍රන්ත බෞද්ධයා සහ කටුවාවල ජේමිස් අතර වෙනසක් නැත. දෙදෙනාම එක්තරා ආකාරයක සංස්කෘතික ආක්‍රමණයක ඛේදනීය ගොදුරුය. 

සෑම සංස්කෘතියකම ගමන් මග සොඳුරු ඉසව් හරහා මෙන්ම අඳුරු ඉසව් ඔස්සේ ද වැටී ඇත. අනුරාධපුර යුගය අපේ සංස්කෘතියෙහි ශ්‍රේෂ්ඨතම අවදියකි. එහෙත් 1505 ඇරඹි ගෙවා දැමූ ශත වර්ෂ පහක පමණ කාලය අප අවබෝධ කරගත යුත්තේ ඉතා අඳුරු කාල පරිච්ඡේදයක් ලෙසය. 
දැනට වසර 200ට පමණ පෙර ලංකාවේ පන්සල් තිබුණේ නැත. තිබුණේ ගණේ ගෙවල්ය. හාමුදුරුවරු සිටියේ නැත. සිටියේ ගණින්නාන්සේලාය. ඔවුහු සිවුරු නො ඇන්දාහ. එහෙත් කහ නූලන් පැලැන්දෝය. හදි හූනියම් කරමින් ගණේ ගෙදර කුඹුරු කරමින් සිය බිරිඳ සහ දරුවන් සමඟ ඔවුහු ජීවත් වූහ. එහෙත් වැලිවිට සරණංකර හිමි සිය ජීවිතය කැප කොට නිර්මල බුදු දහම සොයා පාදා සියම් රටින් උපසම්පදාව ගෙනැවිත් නැවත සංඝ සමාජය බිහි කළේය. වසර 200 පෙර ගණින්නාන්සේලා සිය පවුල් කෑවේ යැයි අද හාමුදුරුවරුන්ට පවුල් කෑමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? සංඝ සමාජයෙහි අඳුරු අවධිය පසුකොට නැවත අපි ආලෝකය සොයා යන්නෙමු. එය සිංහල බෞද්ධ සංස්කෘතියට ද අදාළය. එක්තරා අඳුරු යුගයක අම්පාරේ පැවති විකෘතිය අපි පසුකර යායුතුය. අනෙක් අතට 555%ක් පමණ ඉස්ලාම් සහ කතෝලික වන අම්පාර සිංහල බෞද්ධ සමාජයකට ගත හැකි නියැදියක් නොවේ. 

බටහිර ආක්‍රමණ, අනතුරුව ගලා ආ මාක්ස්වාදය, ලිබරල්වාදය ආදි සියල්ල අප අපේ සංස්කෘතික මූල පද්ධති විනාශ කරන පිළිල බවට පත් විය. අතීතයේ සිදු වූ පරිදි ඒ ඒ චින්තන ධහරාවලින් අපට අවශ්‍ය කොටස් බෞද්ධ සංස්කෘතියට දිරවා ගනු වෙනුවට සිදු වූයේ අපේ උරුමය අමතක කොට ඒවා උමතුවෙන් වැළඳ ගෙන අන්ධයින් සේ වන්දනාමාන කිරීමය. අපේ රටේ සිවුරු පොරවන කාල් මාක්ස් අදහන පිරිස මේ සඳහා කදිම නිදසුනකි. ඔවුන්ගේ ශාස්තෘවරයා කාල් මාක්ස් මිස බුදුන් නොවේ. ආක්‍රමණිකයා මේ රටට හඳුන්වා දුන්නේ මැකෝලි ස්වාමි කී ආකාරයේ අධ්‍යාපන ක්‍රමයකි. 1815-1825 දක්වා ලංකාවේ මිෂනාරිකරණ ව්‍යාපෘතිය භාරව සිටි ජී. එච්. එස්. බැලනි යෝජනා කළ අධ්‍යාපන ක්‍රමයයි. මේ රටේ නිදහස් අධ්‍යාපනය යැයි අද ද පොවන්නේ ලෙයින් මසින් පමණක් දේශීය වන චින්තයෙන් මේ රටට සංස්කෘතියට ආගන්තුක පිරිසකි. (මේ ගැන වැඩි විස්තර සඳහා බලන්න-මගේ සංහිඳ අඩවිය බලන්න)

මා මේ ටික කීවේ ඔබ ජීවත් වූ සහ ඔබ සහ මම අද ජීවත් වන යුගය සංස්කෘතිකමය වශයෙන් කාන්තාරයක් බව පෙන්වා දීමටය. එය කිසිසේත් සිංහල බෞද්ධ සංස්කෘතිය ලෙස ගත නොහැකිය. විශේෂයෙන් ඔබ උපන් ප්‍රදේශය මුස්ලිම් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයකි. 1626 කොන්ස්ටන්ටයින් ද සා මුස්ලිම්වරුන් සමූලඝාතනය කරන විට පහත ර සිට උඩරට සිංහල රාජ්‍ය වෙත පළා ගිය 4000 මුස්ලිම්වරුන් සෙනරත් රජු පරම්පරා 4න් සිංහල වීමේ පොරොන්දුව පිට පදිංචි කළේ අම්පාර ඇතුළු නැගෙනහිර ප්‍රදේශවලය. එයින් වසර 200 ගිය තැන ඔවුන් සිංහලයින් වනු වෙනුවට කළේ තමන් පාලනය කිරීම සඳහා මුස්ලිම් පාලකයෙකු සුද්දාගෙන් ඉල්ලා සිටීමය. අනතුරුව 2003 ඕලුවිල් සම්මුතිය හරහා යෝජනා කළ මුස්ලිම් සපරිස්ථානයට ඔබේ උපන් ගම ද අයත්ය. 45%ක් පමණ මුස්ලිම්වරු සිටින තැනක වෙළඳාමේ ඒකාධිකාරීත්වය ඔවුන් දරන තැනක ගව මස් පමණක් කෑමට තිබීම ගැන අප පුදුම විය යුතු නැත. සමස්ත ජනගහනයෙන් 8%ක් වන මුස්ලිම්වරු සිටින රටේ  92%ක් වන අන්‍ය ආගමික ජනතාවට හලාල් කැවීමට ඔවුන්ට හැකි නම් අම්පාරේ හරක් මස් පමණක් තිබීම මොන කජ්ජක් ද? මට පුදුම ඔබ මොහමඩ්, අහමඩ්, අල්හාජ් නොවී තවමත් සිංහල නමක් දැරීම සහ තවමත් ආගමින් හෝ බෞද්ධ වීමය.  

ඔබ දිගින් දිගටම දක්වා ඇත්තේ හරකාගේ ආර්ථික වටිනාකම නූතන තාක්ෂණික දියුණුව විසින් අහිමි කර ඇති බවට සාධකය. ආර්ථික වටිනාකම සංස්කෘතික ඇගයුම් වටිනාකම් තීරණය වන එකම හෝ වැදගත් නිර්ණායකය නොවේ. බෞද්ධ අප ඇසතු ගහට වඳින්නේ එය 2500 අවුරුද්දකට පෙර සිදුහත් කුමරුට බුදු බව ලැබීමට පිහිට වූ නිසාය. බුදුන් වහන්සේ  සත් දිනක් අනිමිසලෝචයෙන් ඊට කෘතගුණ දැක්වූහ. අපි ඒ නිසා ශ්‍රී මහා බෝධියේ බීජ අංකුරවලට පවා නමස්කාර කරමු. එය සංස්කෘතියෙහි අංගයකි. එයින් ඇති ඵලය කිමදැයි කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකිය. එසේම ගවයා අද ආර්ථික වටිනාකම නැතැයි මරා කෑ යුතු යැයි කීම සංස්කෘතිය පිළිබඳ අනවබෝධය ප්‍රකට කරයි. මම පෙරද කී පරිදි සංස්කෘතිය ජාතියක ආරම්භය සමඟ ඇරඹී එහි අවසානය තෙක් පවතී. සංස්කෘතිය යනු තනි පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මය නොව ජාතියේ ආධ්‍යාත්මයයි. 

අද පරිසරය විනාශ කරන්නේ බටහිර දැනුම් පද්ධති විසින් ගවයින් කළ මිනිසුන් විසින් මිස ගවයින් නොවේ. දෙවියන් වහන්සේ සියල්ල මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහාය යන බටහිර චින්තයට එය ගැලපුණද එය අපට තරම් නොවේ. සිංහලයා පරිසරය සමඟ ඉතා සහජීවනයෙන් ජීවත්වූවෙකි. ඔහු අහාර ගත් විට නිවසේ කපුටු පොල් කටුවට බත් මිටක් දැම්මේය. කුඹුරේ ගොයම් කපන විට කුරුලු පාලුව යැයි කොටසක් ඉතිරි කළේය. නිවසේ බරාදයෙහි කුරුල්ලන්ට වී කරල් මිටියක් එල්ලා තැබුවේය. තමාගේ නිසවට කුඩා කල සිට ආ ගිය තලගොයාට "නිවන් පුරේ පලයන් තලගොයි පැටියා" යැයි කීවේය. පාරේ බල්ලෙක් මළ විට පවා අනේ අපොයි කීවේය. අප යා යුත්තේ ඒ සංස්කෘතික අක්මුල් සොයා ගෙනය. ඒ හරපද්ධති නූතන ජාතික ආධ්‍යාත්මය වෙත ගෙන ඒම අපේ වගකීමය.

 අනෙක් අතට ගවයා වන්දනාමාන කරන මේ රටේ හින්දු ජනතාවට ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? උදෑසන අවදි වූ සැනින් බොන කිරි වීදුරුව දොවා ගන්නා ගවයා මරා කෑ යුතු යැයි කෑ ගසන බෞද්ධයින් පිරිසක් ද මේ රටේ නිර්මාණය වීම එක්තරා ආකාරයක ඛේදවාචකයකි. තමා ඇති දැඩි කළ මව්පියන් වයසට ගිය කල මහලු නිවාසවලට ගාල් කරන්නේ මේ චින්තනය විසින් නොවෙද? මන්ද වයසට ගිය එවුන්ගේ ඇති ආර්ථික වටිනාකම කුමක්ද? ඉතින් අපේ මුතුන් මිත්තන්ට සිය ශිෂ්ටාචාරය ගොඩනඟා ගැනීමට උපකාර කළ ගවයා කෙරෙහි කටුවාවල ජේමිස්ලාගෙන් අනුකම්පාව පැතීම වඳ ගැහැනියකගෙන් දරුවන් පැතීමක් විය හැකිය. කෙසේ වුව ද අනාගතයෙහි දිනෙක මේ රට තවත් ඇෆ්ගනිස්ථානයක්, බංගලිදේශයක් හෝ මාලදිවයනක් වේ නම් එදිනට ඔබ බොහෝ දෙනාගේ අභිප්‍රාය පරිදි නිදහසේ ගවයා මරාගෙන කා හැකිය. බාමියන් පිළිම මෙන්ම ගල්විහාර පිළිම බිමට සමතලා කළ හැකිය. අමිල වටිනාකම් ඇති දැවමය බංගලිදේශ පන්සල් මෙන් දළඳා මාලිගාව ගිනිබත් කළ හැකිය. සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවට ඉතා ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තුළ ජීවත් වීමේ භාග්‍ය උදාවනු ඇත. එහෙත් ඒ සඳහා මේ රටේ අවසාන සිංහල බෞද්ධයා ද විනාශ කළ යුතුය. 

Indranatha Thenuwara Namal Udalamatta ඔබේ තාර්කික සහ හරවත් අර්ථ දැක්වීම හිසනමා මහත්සේ අගය කරනව. එමෙන් ම ඔබේ ඉතිහාස දැනුමට ද, ගවේෂණශීලි පවට ද හිස නමා ගරු කරනවා.
මා දක්වන්නෙ මගේ අදහස. ඒක පිළිගන්නත්, නොපිළිගන්නත්, එය අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමන්නත් ඔබට අයිතියක් තියෙනව. 
කතාවක් තියෙනවනෙ බල්ලො බිරුවත් තවලම යනව කියල..
නමුත් අද තවලම් නැහැ. ඒ බල්ලො බුරපු නිසා නෙමෙයි. ලෝකෙ දියුණු වෙච්ච නිසා සහ ඒ සංස්කෘතීන් සහ හර පද්ධතීන් අපටත් ආදේශ වෙච්ච නිසා, එදා තවලමෙන් කරපු දේ ම අද අත්ට්‍රැක්ටර්, ලොරි, ප්‍රයිම් මූවර්වලින් කරනව. තවලම තමයි අපේ දේශීය අනන්‍යතාවය, ඒක තමයි අපේ උරුමය කියාගෙන ම හිටියානම් අද අපි මීට වඩා ගොඩක් පිටිපස්සෙන් ඉන්න තිබුණ. (ඉස්සරහට ගිය එක හොඳක්නම් නෙමෙයි..!)
ලෝකය කැරකෙනකොට සංස්කෘතිනුත්, හර පද්ධතිනුත්, මිනිසුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕන. ඒ මං හිතන විදිහ. එහෙම හිතන එක මගේ අයිතිය. කාලයක් ගිහිං ඔබ සැම කියන දේ අහල මම මගේ ක්‍රමය වෙනස් කර ගන්නත් ඉඩ තියෙනව. ඒ මගේ හැටි සහ ඔබේ දක්ෂකම..!!

ඒ වගේම නාමල් මේ බුකියෙ ලියන දේවල් අසුරු සැණෙන් මැකිල යන්න පුලුවන් නිසාවෙන්, මේ ලියැවිලි වෙනත් ආකාරයකටත් ආරක්ෂා කරන්න. අඩු තරමින් බ්ලොග් එකකවත්...!

Namal Udalamatta ඔව් ඒක ඇත්ත අයියේ. අපි වෙනස් යුගවල වෙනස් අදහස් දරන මිනිස්සු. මමත් මේ සමාජය තුළ ජීවත් වෙන තවත් ප්‍රාණියෙක් විතරයි. මම හිතන්නේ නැහැ මම සර්වතෝභද්‍ර කියලා. මම සොයා යන්නෙක් විතරයි. මටත් වරදීවි. වැරදි වැරදි හරි අපි නිවැරදි මග සොයාගත යුතුයි. නැත්නම් මම නවතින තැනින් තවෙකෙක් එය ඉ දිරියට රැගෙන යා යුතුයි. වඩා හොඳ දේ තමා අපි සංවාද කරලා ජාතිය යා යුතු මග සොයා ගැනීම. 

ඇත්තටම ඔබේ අදහස් මෙසේ නොලියන්න මං ඒ ගැන හිතන්නේ නැහැ. ඔබේ අදහස් නිසා තමා මම අවදි වෙන්නේ. ඒ පිළිබඳ මම ඔබට ස්තුති කළ යුතුයි. අපේ ඉතිහාසය ලියැවෙන දෘෂ්ටිය පවා ප්‍රශ්න කළ යුතුයි. අද අපට උගන්වන බුදුදහම පවා ප්‍රශ්න කළ යුතුයි. දීපංකර බුදු සමයෙහි සුමේධ තවුසා ලෙස රහත් වෙන්න තිබූ අවස්ථාව විසි කරලා ලෝක සත්වයා වෙත කරුණාවෙන් බුද්ධත්වය පැතූ බුදුන්ගේ බුදු දහම අද පරාර්ථකාමී මිනිසුන් වෙනුවට ආත්මාර්ථකාමී මිනිසුන් බෝ කරනවා. අපේ පැරණි සංඝ සමාජය සහ බෞද්ධයින් එහෙම හිතුවා නම් මොකද වෙන්නේ කියලා අපි කල්පනා කළ යුතුයි. 

මම කියන්නේ නැහැ ඔබ මගේ අදහස් පිළිගත යුතුය කියලා. ඒ පිළිබඳ හිතුවාම හොඳටම ඇති. අපි නිදහස් චින්තනයක් යට ජීවත් වෙන මිනිස්සු. බුදුහාමුදුරුවෝ කීවානේ තමන් කීවා කියලාවත් අධානග්‍රාහීව පිළිගන්න එපා කියලා. ඉතින් මං වගේ ලිලිපුට්ටෙක් ගැන කවර කතා ද? 

(මම බ්ලොග්වල ලියනවා. නමුත් බ්ලොග් ඔස්සේ සංවාද කරන්න හරි අමාරයි. එනවා අඩුයිනේ. ෆේස්බුක් ඒ සඳහා හොඳයි. හැබැයි මේ වගේ මං ලියපු ගොඩක් දේවල් දැන් මැකිලා. ඒ නිසා මේවා බ්ලොග්වලට එකතු කළ යුතුය යන අදහස මතක් කිරිම අගය කරන අතර ඒ සඳහා ඉක්මණින් කටයුතු කරන්නම්)

Roshan Manoj Pemasiri සංවාදය නම් නියමයි ඇත්තටම මෙන්න මේක තමයි වෙන්න ඕනි. නිකන් බොරුවට ගහ මරාගන්නේ නැතිව සංවාද, මතවාද වලින් ඉදිරියට ගෙන යන්න ඕනි සටනක් මේක

Thushara Disanayaka ඇත්තටම නාමල්ගේ සංයමයට මමත් හිස නමා ආචාර කරනවා මුලින්, ඒ වගේම තර්කානුකුලා කරුණු දැක්වීමත් එහෙමමයි. ග්‍රේට්.

Friday, May 17, 2013

විරු සැමරුම සහ වියැකි යන මගේ සිහින


ඒ ඓතිහාසික සිද්ධියට අදට වසර හතරකි. කිසිදා පරාද කළ නොහැකි ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානය යැයි නම් ලද කොටි සංවිධානය  ආණ්ඩුවේ දේශපාලන නායකත්වය යටතේ අපේ ත්‍රිවිධ හමුදාව විසින් පරාජයට පත් කොට අදට වසර හතරකි. ලොව දියුණුම අවි ආයුධ සහ තාක්ෂණික උපාංගවලින් සන්නද්ධ ඇමරිකානු හමුදාව ලොව පුරා කරන ලද සියලු යුද්ධවලින් අසාර්ථක වන පසුබිමක ගොඩ නඟන ලද බටහිර මතවාද පවා නැවත අභියෝගයට ලක් කිරීමට තරම් මේ ජයග්‍රහණය සුවිශේෂ වූවකි. එතෙක් බටහිර පිළිගත් මතාවදය වූයේ යුද්ධයෙන් කිසිදා ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවය. ඇමරිකාව පිට පිට ලබන පරාජයන් සාධාරණීකරණය සඳහා ද ලංකාව වැනි රටවල අරගල හිඟන්නාගේ තුවාල බවට පත් කොට සිය අවශ්‍යතා අනුව කලමනාකරණය කොට පවත්වා ගෙන යාමට ද මේ තියරි භාවිත කෙරිණි. ලංකාවේ සාම මුදලාලිලා ජීවත්වූයේ අපේ රටේ ජනතාව වෙත මේ මතවාද පොම්ප කිරීම වෙනුවෙන් ලැබෙන ඩොලර්වලිනි. එහෙත් 2009 මැයි 19 වන දින එම තියරි අභියෝගයට ලක් කිරීම ආරම්භ විය. 

අප එදා ලද ජයග්‍රහනය හුදු ආණ්ඩුවේ ජයග්‍රහනයක් නොවේ. සිංහලයා දෙමළාට විරුද්ධව ලද ජයක් ද නොවේ. අප ඒ ජයග්‍රහණය ලැබුවේ තනි රටක් ජාතියක් ලෙසය. අපි පරාජය කළේ කොටි මිස දෙමළ ජනතාව නොවේ. කොටි සංවිධානය දෙමළ තරුණයින්ගෙන් සමන්විත වුව ද දෙමළ ජනතාව යනු කොටි නොවේ. එහෙයින් අපි මේ ජයග්‍රහණය විග්‍රහ කොට ගත යුත්තේ රටේ සාමකාමී සිංහල දෙමල මුස්ලිම් හැමගේ ජයක් ලෙසය. අප පරාද කළේ බෙදුම්වාදය සහ ත්‍රස්තවාදයයි. ඊට උඩගෙඩි දුන් බටහිර බලවේගය. එදා හමුදාව ජීවිත පරිත්‍යාග කොට ලද ජයග්‍රහණය අර්ථවත් කිරීමේ වගකීම පැවරෙන්නේ ආණ්ඩුවටයි. පසුගිය වසර හතර දෙස ආපසු හැරී බලන විට අපට සතුටු විය හැකි ද? ආණ්ඩුව සිය යුතුකම් කොටස මැනවින් ඉටු කොට තිබේද? නැවත බෙදුම්වාදයට රට යොමු වීමට ඇති මං අහුරා තිබේද?


මේ සියලු ප්‍රශ්නවලට මගේ පිළිතුර නැත යන්නය. ඕනෑම සටනක් අවසානයේ වැඩි වගකීම පැටවෙනුයේ ජයග්‍රාකයා අත බව ආණ්ඩුව අවබෝධ කරගෙන නොමැත. අප විනාශ කළේ බෙදුම්වාදයේ ත්‍රස්ත හිස පමණි. එහි ප්‍රජාතන්ත්‍රවාදී හිස දැන් පෙරටත් වඩා ශක්තිමත් ලෙස ලංකාව දෙකඩ කිරීම සඳහා ක්‍රියා කරමින් සිටියි. ඉන් උතුරේ සාමාන්‍ය වැසියා ගලවා ගැනීමට ආණ්ඩුව සක්‍රිය ලෙස කටයුතු කළ බවක් දක්නට නොමැත. අනෙක් අතට 13 වැනි සංශෝධනය නමැති බෙදුම්වාදී පිළිකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලය මේ ආණ්ඩුව සතු වුව ද ඒ සඳහා කිසිවක් කොට නොමැත. ඒ නිසා එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම මතුදා ප්‍රජාන්ත්‍රවාදය ඔස්සේ ජාත්‍යන්තරයේ සහයෝගයෙන් දිනා ගැනීමට අවශ්‍ය රෝග බීජ තව දුරටත් නිදැල්ලේ වැඩෙන්නට හැර තිබේ. 

අපට යුද්ධ ආයුධවලින් ත්‍රස්තවාදය දිනුව ද එලෙස ජනතාවගේ හදවත් දිනාගත නොහැකිය. දකුණේ ජනතාවට මෙන්ම උතුරේ ජනතාවට ද තිස් වසරක් පුරා මේ යුද්ධය වෙනුවෙන් විශාල ජීවිත දේපොල ප්‍රමාණයකින් වන්දි ගෙවීමට සිදු විය. කොටි පරජය සමඟ ඇතැම් ද්‍රවිඩ පිරිස් අතර කිසියම් හීනමානී හැඟීමක් හට ගැනීම ස්වාභාවිකය. උතුරේ තරුණ දේශපාලකයින් බිහි කොට ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු ඔවුන්ට දෙමින් දෙමළ ජනතාවගේ අභිමානය නැවත නඟා සිටුවීමට ආණ්ඩුව ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත.  ජීවිත හැර යුද්ධය නිසා අහිමි වූ සියල්ල නැවත දෙමියි ජනාධිපතිතුමා උතුරේ වැසියන්ට පොරොන්දු වුව ද අවසානයේ කළේ අපි ජාතික වීරයෙකු ලෙස සැලකිය යුතු ආනන්ද කුමාරස්වාමි මහතාගේ නාමය යෙදු මාවත චීන කොන්ක්‍රීට් ගොඩක් නිසා නෙලුම් පොකුණ මාවත යැයි නම් කිරීමය. මේ ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයින් අතර අබැටක් මොලේ ඇති එකෙක් සිටියේ නම්  ආණ්ඩුවට උපදෙස් දිය යුතුව තිබුණේ උක්ත රඟහල ද ආනන්ද කුමාරස්වාමි රඟහල ලෙස නම් කරන ලෙසය. ඉන් නොනැවතුණු ආණ්ඩුව එදා ප්‍රභාකරන් මුලතිව් කැලේ හැදූ ගුවන්පථය සංවර්ධනය කොට ජාත්‍යන්තර ගුවන් තොටු පලක් හදනු වෙනුවට මත්තල සරුංගල් පිට්ටනියක් ද තැනුවේය.ෙ

එපමණක් නොව බහුතර බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් තේරි පත්වූ මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුදු දහමේ ආරක්ෂාව සහ දියුණුය සඳහා ගන්නා කිසිදු වැදගත් ක්‍රියාමාර්ගයක් දැකිය නොහැකිය. රටපුරා බෞද්ධ උරුමය, බෞද්ධ සංස්කෘතික සංහාරය නොදැක්කා සේ සිටින ආණ්ඩුව සිදු කරන්නේ ඇතැම් සුළු ජාතික කණ්ඩායම්වල අන්තවාදී ක්‍රියාවලට විරුද්ධව බෞද්ධ ජනතාව නැගී සිටින තුරු ඔවුන්ගේ ඉවසීමේ සීමාව අහවර වනතුරු බොරුවට නිදා සිටීමය. බොදුබල සේනා, සිංහල රාවය වැනි සංවිධාන පෙර කී අන්තවාදයට විරුද්ධව බිහිවන සංවිධාන බව ඒවාට පහර දෙන පුස්සන්ට නොපෙනී යාම අරුමයකි. බුදු හිමි දේශනා කළ පරිදි හේතුවක් නොමැතිව ඵලයක් හට නොගනී. පෙර කී බෞද්ධ සංවිධාන ඇතැම් සුළු ජාතික අන්තවාදීන්ගේ ක්‍රියාවල ඵලය මිස අනෙකක් නොවේ. 

එසේ නම් එකී සුළු ජාතික අන්තවාදය කවර හේතුවක ඵලයක් දැයි කෙනෙක් ප්‍රශ්න කළ හැකිය. ඒ අන් කිසිවක් නොව අවුරුදු සිය දහස් ගණනක් ඈත යුගයේ ඇතැම් ආගමික ශාස්තෘවරුන් ස්වකීය ජන කණ්ඩායම්වල ආරක්ෂාව වෙනුවෙන් දේශනා කළ ඇතැම් කරුණු අද දවසේ වෙනත් සමාජ දේශපාලන පසුබිමක භාවිත කිරීම සඳහා උත්සාහ ගැනීමේ ඵලයයි. රට පුරා සෙමෙන් ලියලන මේ අන්තවාදී පිළිල වහා විනාශ කර දැමිය යුතුය. එදා ගෝත්‍රික සමාජය දෙසූ දහම් කොටස් අදට නොගැලපෙන බව ද තමන් ජීවත් වන රටේ ප්‍රධාන සංස්කෘතියට ගරු කරමින් සහයෝගයෙන් ජීවත් වීම සිය වගකීම බව ද එම කොටස්වලට තේරුම් කර දීම ආණ්ඩුවේ වගකීමයි. බෞද්ධයින් සැමට මෛත්‍රී කළ යුතුයැයි බුදුන් දෙසූ බව නිතර දේශනා කරන්නවුන් මේ පිළිබඳ වදනක් පවසනු මා දැක නැත. බෞද්ධයින් සැම විට ම සටන් කොට ඇත්තේ අවි අතට ගෙන ඇත්තේ ස්වකීය ආත්ම ආරක්ෂාව සඳහා බව ඉතිහාසය හැදෑරීමෙන් උගත හැකිය. එසේ නොව අවස්ථාවක් ඇත්නම් පෙන්වා දෙන මෙන් අපි අභියෝග කරමු. 

රටපුරා විසිර සිටින හින්දු ජනතාව විවිධ අන්තවාදී ආගමික කල්ලි විසින් නොයෙක් කූට උපක්‍රම භාවිත කරමින් සිය ලබ්ධීන්වලට හරවා ගනිමින් කරනු ලබන සංස්කෘතික සංහාරය මේ ආණ්ඩුවට පේන්නේ නැත. සිංහල බෞද්ධයින් වෙනුවෙන් උඩ පනින බෞද්ධ සංවිධානවලට වුව දකුණේ සිය අසල්වැසි හින්දු මිනිසා අන්තවාදී ආගමික කල්ලි විසින් බිලි ගැනීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඔවුන් අවබෝධ කරගත යුත්තේ ලබ්බට තැබූ අත දැනටමත් පුහුලට තබ ඇති බවය. දකුණේ සිංහල ගම් ආශ්‍රිතව ජීවත් වන සුළුතර හින්දු ජනතාව මුලින්ම සිය ආගමික කල්ලිවලට බිලි ගන්නා අන්තවාදීන් අනතුරුව සිංහල බෞද්ධ ජනතාව ද සෙමෙන් සෙමෙන් බිලි ගන්නට පටන් ගෙන ඇති බවට ඇස් පනාපිට සාධක තිබේ. එහෙයින් සිය අසල්වැසි හින්දු ජනතාවගේ ආගමික සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ඉදිරිපත් වීම සිංහල බෞද්ධ සංවිධානවල යුතුකම ද වගකීම ද බව වහා අවබෝධ කරගත යුතුය.

අනෙක් අතට අප මේ විරු සැමරුම කළ යුත්තේ දෙකඩ වී ඇති උතුරු දකුණු හදවත් යා කිරීම සඳහා මිස යුද්ධයේ අවතාර වැනි බිහිසුනු ආයුධ ප්‍රදර්ශනය කිරීම සඳහා නොවේ. රණවිරුවන් ජීවිත පූජා කළේ උතුර දකුණ යා වූ තනි රටක් දකිනු පිණිස මිස මෙලෙස අතීත අවතාර ගාලු මුවදොර හොල්මන් කරනු දකිනු පිණිස නොවේ. එහෙයින් මේ විරු සැමරුම සිංහල දෙමළ සංස්කෘතික සංදර්ශනයක් බවට පත් කළ යුතුය. එක්ව නැඟී සිටින ජාතියක සාඩම්බර ශක්තිය විදහාපාන කැඩපතක් විය යුතුය. සිංහලයාට පමණක් නොව අපේ දෙමළ සහෝදරයින්ට ද සාඩම්බරයෙන් සහභාගී විය හැකි උත්සවයක් විය යුතුය. අප ජාතිය තව තවත් එකිනෙකාට ළං කරන සොඳුරු තොටමුණක් විය යුතුය. පෙබරවාරි 4 වැනි දින කරන ආයුධ පෙළපාලි මැයි 19 වන දිනට රැගෙන නො ආ යුතුමය. අප මැයි 19 ගාලු මුවදොර රඟදැක්විය යුත්තේ උතුරේ හින්දු සංස්කෘතික අංගය. දකුණේ සිංහල සංස්කෘතික අංගය. සෙසු ජාතිවල සුන්දර සංස්කෘතික අංගය. එකී විවිධත්වය තුළ මතුවන ඒකීයත්වයේ සුන්දරත්වය විඳ ගැනීමට හැකි විසල් මනස් සහිත ජාතියක් නිර්මාණය කළ යුතුය. කොටින්ම අප දේදුන්නක සුන්දරත්වය විඳගත හැකි ජාතියක් බිහි කළ යුතුය. දේදුන්නේ සුන්දරත්වය ඇත්තේ විවිධ පාටවල සංයෝගය නිසා බව තේරුම්ගත හැකි ජාතියක් නිර්මාණය කළ යුතුය. ඒ සංයෝගයෙන් මිදුණු කල එහි දේදුන්නක් හෝ සුන්දරත්වයක් නැත. මෙහිලා මා පවසන්නේ බහු සංස්කෘතික විකාරයක් ගැන නොවන අතර මේ ඒ පිළිබඳ සාකච්ඡාවකට අවස්ථාවක් නොවේ.      

මා මේ කෙටි ලිපිය ලීවේ අප ලද විජයග්‍රහණයේ හතර වන සැමරුම සමරන මොහොතේ මා තුළ ඇති අතෘප්තිය ප්‍රකාශ කිරීම සඳහාය. එදා අපි යුධ බිමට නොගිය ද මාක්ස්වාදීන් ද බෙදුම්වාදීන් ද ඕල්කට් බෞද්ධයින් ද මේ රටේ විපක්ෂය ද (මේ රටේ ඇත්තේ ආණ්ඩුවට විපක්ෂයක් නොව රටට විපක්ෂයකි) සමඟ මතවාදීමය වශයෙන් ගැටුණෙමු. ඔවුන්ගේ මතවදා අපි පරාජයට පත් කළෙමු. අප අන්තර්ජාලය අරා සිටි බෙදුම්වාදී රංචු සමඟ අතිවිශාල සටනක් කළ බව දන්නෝ දනිති. යුද්ධය වෙනුවෙන් දකුණේ ජනතාවගේ මානසික ශක්තිය ආරක්ෂා කරගැනීම සඳහා අපි මහත් ලෙස කැපවීමු. ඔවුන් කිසියම් මොහොතක මානසික ලෙස ඇද වැටුණි නම් ප්‍රතිඵලය එතරමු සුන්දර නොවන්නට ඉඩ තිබිණි. මගේ කසාපබ්බත අඩවියේ 2009 වසර තුළ ලිපි 200 ආසන්න ප්‍රමාණයක් ලියැවෙන්නේ ඒ කාර්යයට උරදීම සඳහාය. අප එදා ලද ජයග්‍රහණය ජාතිය සතු සදාකාලික ජයග්‍රහණයක් බවට පත්වන්නේ මේ රටේ ඒකීයභාවය ද සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිම ද පිළිගන්නා දේශප්‍රේමී තරුණයෙකු උතුරින් ඇවිත් රටේ ජනාධිපති ධූරය දරන දිනකය. බෙදුම්වාදී අපේක්ෂා සුනුවිසුනු කිරීම සඳහා උතුරේ ජනතාව දකුණේ ජනතාව සමඟ එක්ව අත්වැල් බැඳ ගන්නා දවසකය. එහෙත් ආණ්ඩුවට අපේ සිහිනවලින් පලක් තිබේද? පෙට්‍රල් මිල වැඩිය කියා පාරේ දුවන වස්සන් ද පෙට්‍රල් මිල වැඩි කළාට කමක් නැතැයි කියා ජාතික දජ එල්ලා කොළඹ පරාවල් දිගේ පෙලපාලි දක්කන නාම්බන් ද දකින සිහිනය අද අප දකින සිහිනයම ද? මට මේ මොහොතේ සිතෙන්නේ සාඩම්බර දේශයක් තැනීම සඳහා ආණ්ඩුවට ඉතිහාසය විසින් ලබා දුන් අනගි අවස්ථාව විනාශ කරමින් සිටින බවය. කිසිදු දේශපාලන පරණත භාවයක් නැති අවස්ථාවදී විපක්ෂයට ඇත්තේ කෙසේ හෝ පාලන බලය ඩැහැ ගැනීමේ ආශාව පමණි. මේ තත්ත්වය තුළ අප හිස මත දිනෙන් දින නැඟ  එන කළු වළාකුලු දැක දැක ජීවත් වන්නට අපට සිදුව තිබේ.  

Wednesday, February 27, 2013

අටපිරිකරත් හලාල් වීමට පෙර ....

ආණ්ඩුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයා විමල් වීරවංශ පවසන පරිදි මුස්ලිම් අන්තවාදය හමුවේ සිංහලයින් නොසන්සුන් වීම ද ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. මංගල සමරවීර පවසන පරිදි එය ආණ්ඩුවේ වැඩකි. නිමල් සිරිපාල පවසන පරිදි එය අන්තවාදයකි. මේ සියල්ලට හේතුව වේගයෙන් ව්‍යාප්ත වන මුස්ලිම් අන්තවාදය බව කීමට කිසිවෙකු නොමැත. එසේ කිසිවෙකු කිවහොත් ඌ ජාතිවාදියෙකි. අද සිංහලයා සිංහල වීම නිසාම කිසිදු හඬක් නොමැති නිවටයෙක් බවට පත්ව සිටී.

උලමා සංවිධානය පවසන  පරිදි රජය හලාල් සහතික දිය යුතුය. උලමා කුමක් සිතුවද ලංකාව මුස්ලිම් රටක් නොවේ. එහෙයින් අන්තවාදය සාධාරණීකරණය කරමින් ඊට රාජ්‍ය පිළිගැනීමක් ද ලබා දෙමින් බහුතර ජනතාවට හලාල් කැවීමට උලමා අටවන උගුලෙහි ආණ්ඩුව නොවැටිය යුතුය. ආණ්ඩුව හලාල් සියතට ගැනීමට සුදානම් වේ නම් 2001 රනිල්ගේ ආණ්ඩුව මෙන් මේ ආණ්ඩුව ද ගෙදර යැවිය යුතුය. සිංහලයාට සිය රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් මේ ආණ්ඩුව ද මුස්ලිම් අන්තවාදයට ආවඩයි නම් සිංහලයා කළ යුත්තේ විමල් වීරවංසලාට බම්බු ගහ ගන්න යැයි කිසා බැරක් ඔබාමා ඉදිරියේ වැඳ වැටී අපේ රට ඇමරිකන් යටත් විජිතයක් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමය. ෂාරියා නීතිය ක්‍රියාත්මක වන ගෝත්‍රික රාජ්‍යයකට වඩා එය හොඳය. ශිෂ්ටාචාරයේ වසර දහස් ගණනක් ආපස්සට යෑමට වඩා වසර සිය ගණනක් යෑම හොඳය.

අනුගාමිකයෙක් නබිතුමාගෙන් විමසුවේ ය. එවිට නබිතුමාගේ පිළිතුර වූයේ දෙවියන් වහන්සේ සිහි කර එය හලාල් අහාරයක් බව සලකා අහාරයට ගන්නා ලෙස ය. එහෙත් අද සිදුව ඇත්තේ ඒ දහම පවා සිය ව්‍යාපාරික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අවභාවිත කිරීම ය. මෙය කිසිසේත් ඉවසිය යුතු සාධාරණීකරණය කළ යුතු තත්ත්වයක් නොවේ. අනෙක් අතට ලෞකික රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින ඇතැමුන් ඉස්ලාම් ආගමික හලාල්කරණයට පක්ෂ වන්නේ හුදු සිංහල බෞද්ධ විරෝධයෙන් එහා ගිය දැක්මක් ඔවුන්ට නැති නිසා දැයි ප්‍රශ්න කළ යුතු ය. එමෙන් ම බෞද්ධයින්ට පිරිත් කළ ආහාර පමණක් ගැනීම උචිත යැයි ප්‍රමිතියක් ඇති කළහොත් මේ විද්වතුන්ගේ හැසිරීම කෙසේ වේ දැයි මදක් කල්පනා කර බැලීම වටී.

උලමා කළ යුත්තේ සෙසු 92%ක් ජනතා මෙන් රජයේ ප්‍රමිති ආයතනවලින් ලබා දෙන ප්‍රමිති පිළිගැනීමය. රජය කළ යුත්තේ අවශ්‍ය නම් මස්වලට පමණක් හලාල් සහතික ලබා දීමට උලමාට අණ කිරීම පමණි. ආණ්ඩුවේ ගොන් තඩි සිංහල බෞද්ධ අන්තවාදයක් පිළිබඳ උඩු බිරීම නවතා බෞද්ධයින් නොසන්සුන් වී ඇත්තේ මන්දැයි බුද්ධිමත්ව සොයා බැලිය යුතුය. මේ රටේ මුස්ලිම් ජනතාව දිනෙන් දින අන්තවාදය දෙසට තල්ලු කරන සංවිධාන හඳුනා ගත යුතුය. මොහිදීන් බෙග්කරණයේ සිට බින්ලාඩන්කරණය දෙසට ගමන් කරන මුස්ලිම් අන්තවාදය වහා නතර කළ යුතුය.


දිනෙන් දින මතුවන කළු ලෝගු පිළිබඳ මේ අඳ බාලයින් සංවේදී නොවුණ ද ඒ පිළිබඳ අවදියෙන් සිටින පිරිසක් මේ රටේ තවමත් සිටිති. මේ අන්තවාදය හමුවේ ගතයුතු පියවර මොනවා දැයි මේ රටේ තුප්පහි ආණ්ඩුව ප්‍රංශ, ඕස්ටේලියානු, ඩෙන්මාර්ක්, රුසියානු ආණ්ඩුවලින් ටියුෂන් ගත යුතුය. ප්‍රංශයේ දශ ලක්ෂයක් මුස්ලිම්වරුන් සිටිය ද ප්‍රසිද්ධ ස්ථානවල පර්දා පැළදීම තහනම් අතර එසේ කළහොත් යුරෝ 300ක් ඒ මොහොතේම දඩ ගසනු ලැබේ. ඕස්ට්‍රේලියානු අගමැතිනිය මෑතදී කීවේ සිය රටේ ෂාරියා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ද පවතින නීතිය යටතේ ජීවත් වීමට අකමැති අයට රටින් පිටවන ලෙසය. දවසට 6 වරක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් යාතිකා ගායනයට ද ඕස්ට්‍රේලියාවේ ඉඩක් නොමැත. ඩෙන්මාර්කයේ මුස්ලිම් දේවස්ථාන ඉදිකිරීම සපුරා තහනම්ය. පර්දා පැළඳ පාසැල් ඒම රුසියාව තහනම් කළේ ඉතාම මෑතකදීය. ෂාරුක් ඛාන් සිද්ධිය අවස්ථාවේ අසල්වැසි ඉන්දියාවේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය හැසිරුණු ආකාරය මේ රටේ සිංහල ඡන්දවලින් පාර්ලිමේන්තු ගොස් ගඟෙන් වතුර බී මුහුදට ආ වඩන නිවට දේශපාලකයින් නිරුවත් කොට අවසානය.

මේ රටේ සිංහල බෞද්ධයින් දැන්වත් මේ රටේ ද්වි-පක්ෂ ක්‍රමය මගින් සිය ජාතියට කර ඇති හානිය අවබෝධ කරගත යුතුය. සිංහලයාට තමන් දීගේලි කර ඇති පක්ෂ පිළිබඳ නොව රට දැය සමය පිළිබඳ සංවේදී වීමට මේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය දැන් මහඟු අවස්ථාවක් සපයා තිබේ. හලාල් ප්‍රශ්නය හමුවේ පක්ෂ භේදයකින් තොරව සියලු මුස්ලිම් දේශපාලකයින් ෂාරියා නීතිය වෙනුවෙන් හඬ නගද්දී තම නියෝජිතයින් කළේ කුමක් දැයි සිංහලයින් දැන්වත් අවබෝධ කරගත යුතුය. සිංහලයා කිසිදු දේශපාලකයෙකු විශ්වාස නොකළ යුතු අතර තම රට දැය සමය රැක ගැනීම තම වගකීමක් බව අවබෝධ කරගත යුතුය.

මේ රට අනතුරකට අවධානමකට මුහුණපෑමට ගොදුරු වන කල්හි ඒ පිළිබඳ වහා සංවේදී වී ඉදිරියට එන්නේ බෞද්ධ භික්ෂුවයි. එය ඉතිහාසය පුරා සිදුවූවකි. නූතනයේ විවිධ දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්ව ඇති සහ ඇතැම් ලලනාකාමී ගණින්නාන්සේලා ද පල්ලි නිකායේ භික්ෂූන් ද බහුල වුව ද රට දැය සමය රකින මුරදේවතාවුන් වැනි භික්ෂූන් වහන්සේලා තවමත් අප අතර සිටීම ජාතියේ වාසනාවකි. අවධානම කලින් දැන ජාතිය ඒ සඳහා සුදානම් කිරීමේ භාරදූර වගකීම උන්වහන්සේලා මහත් අභීමාණයෙන් දරති. එය මේ රට ලද භාග්‍යයකි. නිසි නායකත්වයක් නොමැතිව වල්මත්ව සිටින අසරණ බෞද්ධයින්ට මගපෙන්වීම උන්වහන්සේලාගේ වගකීමයි. හලාල්කරණයට ජනතතා නැගීටීමට නිසි නායකත්වයක් සපයා එය බෞද්ධ ප්‍ර බෝධය සඳහා කළමනාකරණය කිරීම නූතන භික්ෂුවට පැවරෙන දැවැන්ත වගකීමකි.

මේ රටේ සංහිඳියාවෙන් ජීවත් වීමට කැමති බහුතර මුස්ලිම් ජනතාවට ආදරය රැකවරණය සපයන අතර ඔවුන් අන්තවාදය කරා දක්කා ගෙන යන්නවුන් මර්දනය කිරීම අද රට හමුවේ ඇති වගකීමකි. එය අතුරේ යනු වැනි වැඩකි. මේ රටේ සිංහල දෙමළ ජනතාව සමග සමගියෙන් ජීවත් වීමට කැමති මුස්ලිම් ජනතාව පාඩම් උගත යුත්තේ සෙසු රටවල අන්තවාදී මුස්ලිම් කල්ලිවලින් හෝ ඔවුන්ගේ දේශීය නියෝජිතයින්ගෙන් නොව මොහිදීන් බෙග්, අන්වර් මොහිදීන්, මොහොමඩ් ගවුස්, ඒ.ජේ. කරීම් වැනි මේ රටේ ශ්‍රේෂ්ඨ මුස්ලිම් පුරවැසියන්ගෙන් උගත යුතුය. සිංහල බෞද්ධ ගීත අති බහුතරයක් ගයා ඇත්තේ මේ මුස්ලිම් කලාකරුවන්ය. ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් ද ඔවුන් ආදර්ශයට ගත යුතුය. මුස්ලිම් නොවන රටක ජීවත් වන අරාබි පියෙකුට ද සිංහල මවකට දාව උපන් සිංහල මුස්ලිම්වරුන්ට මුස්ලිම් රටක මෙන් කුරාණය 100%ක් ක්‍රියාත්මක කළ නොහැකි බව අවබෝධ කර ගත යුතුය. සිංහලයින් සමඟ සමගියෙන් ඔවුන්ට තර්ජනයක් නොවන ලෙස ජීවත් වන තුරු අන්තවාදී මුස්ලිම් රටක නොමැති නිදහසක් ද භුක්ති විඳීමට මෙරට මුස්ලිම්වරුන්ට අවස්ථාව තිබේ.

කෙසේ වුවද රටේ දෝර ගලන ආගමික අන්තවාදය හමුවේ බෞද්ධ අන්තවාදයට ගමන් කොට අප බුදුන් දෙසු දහම අනුව සියල්ල අනිත්‍යයයි. එහෙයින්  ජාතියෙන් පලක් නොමැත. අප නිවන් සොයා යා යුතුයැයි සිතා නිහඩව බවුන් වැඩුවහොත් සිය ජාතිය ආගම වහා නිවන් දකිනු ඇති අතර මුස්ලිම් අන්තවාදයට බිලි වූ පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංගලිදේශය, මාලදිවයින මෙන් ලංකාව ද මුස්ලිම් රටක් වනු ඇත. අපේ අනාගත දරු මුනුබුරන්ට ෂාරියා නීතිය යටතේ කළු ලෝගුවලට මුවා වී අපායක ජීවත් වීමට සිදුවනු ඇත. බෞද්ධයින් අන්තවාදී ලෙස ලොව්තුරු සුව සොයා යෑම නිසා සිදුව ඇත්තේ ඒ රටවලින් බුදු දහම අතුරුදන් වීම පමණි. මුස්ලිම් අන්තවාදය විසින් ගිලගත් අතිබහුතරයක් රටවල් බෞද්ධ බව අමතක නොකළ යුතුය. එසේ වූයේ බෞද්ධයින් අන්තවාදය කරා ගමන් කළ හෙයිනි. බෞද්ධ අන්තවාදය නිශ්ක්‍රීය අන්තරාවර්ති වූවකි. සෙසු සියලු ප්‍රධාන ආගම්වල අන්තවාදය ව්‍යාප්තවාදී ද ආක්‍රමණකාරී ද වේ.





  
 
සිය රට දේ සිරි සැප දේ !