Sunday, November 6, 2016

ආණ්ළඩුවට මා අපචාරවලට වැට බැඳීමට අවශ්‍යයද?

යහපාලන ආණ්ඩුවට ඉස්ලාම් ෂාරියා ළමා අපචාරයට එරෙහිවන්න කිසිම වුවමනාවක් නැහැ. තව අන්තවාදී ඡන්ද ටිකක් වෙනුවෙන් මුස්ලිම් ළමයෙක් අවුරුදු 12දි නෙමෙයි අවුරුදු 6දී විවාහයට සුදුසුයි කියලා වුණත් කීවොත් පුදුම විය යුතු නැහැ.

අලි හිංසනයට විරුද්ධව පන්සල්වල නිදහසේ ඉන්න අලි කුදලං ගෙහුන් පින්නවල දම්වැල් දාලා බැඳලා රකින ආණ්ඩුව ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න යුරෝපා සංගමයෙන් නියෝග ලැබෙන තෙක් බලා සිටීම විහිළුවක්.

අනෙක් අතට මේ අවස්ථාවේ ආර්ථික සහනයක් ගන්න තමන්ගේ රටේ අභ්‍යන්තර කරුණුවලට ඇඟිලි ගැසීමට බාහිර පාර්ශවයක් වෙත ඉඩදීම මගින් කරන්නේ වරදක්.

රටේ ළමා අපචාරවලට විරුද්ධ නම් ඊට එරෙහිව තීන්දු ගතයුතුයි. හැබැයි ඒ සුද්දෝ කියන නිසා වෙන්න බෑ. ආර්ථික අරමුණක් මත වෙන්නත් බෑ.

මෙතන වෙන්නේ අපනයන සහන සඳහා කොන්දේසි ඉටුකිරීමක් මිස ළමා අයිතීන් රැකීමක් නෙමෙයි. සමහර එවුන්ට හරිම දුකයි ළමයි මහණ කිරීම ළමා අපචාරයක් විදිහට සුද්දෝ නොකියපු එක ගැන.

ළමා අපයෝජන වැදගත් විදිහට රකින හැටි...

මේ වෙලාවේ ඉස්ලාම් ෂාරියා නීතිය අනුව මේ රටේ මුස්ලිම්ලාට අවුරුදු 12 සිට ළමා අපයෝජනයට ඇති නීත්‍යානුකූල අවස්ථාව අභියෝගයට ලක්වෙලා.

ඒ යුරෝපා සංගමය ආණ්ඩුවට GSP+ දෙන්න කොන්දේසියක් විදිහට මේ ළමා අපචාරයට ඇති නිත්‍යානුකූලභාවය ඉවත් කරලා විවාහ වීමේ වයස 16 දක්වා වැඩි කරන ලෙස කොන්දේසියක් පැනවීම නිසා.

දැන් මේ ළමා අපයෝජනයට ඉඩදෙන්න කියලා බුද්ධිමත්තු විදිහට අපට කියන්න බෑ. එතකොට ළමයි, සුළු වාර්ගිකයන් ගැන වැදිබණ කියමින් කිඹුල් කඳුලු හෙළන අපේ හෙළුව රටටම පේනවා.

හැබැයි එහෙමෙයි කියලා මේකට ඉඩදීලත් බෑ. අපිට වැදගත් වෙන්නේ මොනවා හරි ක්‍රමයකින් සුළු වාර්ගික කොටස් මේ සමාජයට බද්ධ නොවන සුවිශේෂ අමුතු කොටසක් විදිහට උන්ටම පෙන්නලා දිගින් දිගටම සමාජය බෙදන එක. කොටිත් නැති එකේ කොහොම isisලා වගේ සැට් එකක්වත් හදාගන්න එක.

අපි වගේ අඩු කුලය, අබෞද්ධවීම, කටුක ළමා කාලය නිසා උපන් හීනමානය සහ සමාජ වෛරය නිසා මහ සමාජයට එකතු වෙන්න බැරි අයගේ වගකීම ඒ සුළු වාර්ගික කොටස් මහ සමාජයෙන් වෙන්කර තබා ගැනීම. ඊට එකතුවීමට ඇති අවස්ථාව වහලා දැමීම.

නැත්නම් උපන්ගෙයි මහ සමාජයට එකතුවෙන්න බැරි හීනමානික අපි තනිවෙනවා. අපේ බැරිකම සුවිශේෂ හැකියාවක් විදිහට තවත් මාර්කට් කරගන්න බැරිවෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ මුස්ලිම් ළමා විවාහයට පක්ෂ වෙන්න ඕන. ඒකට ප්‍රසිද්ධියේ පෙනී ඉන්න බැරි වුණත් රහසින් හෝ එරෙහි වෙන්න ඕන.

ඒකට හොඳම වැඩේ තමයි මේ ළමා අපචාරය කුඩා ළමුන් මහණ කිරීමට ගැටගැසීම. යුරෝපා සංගමය එහෙම නොකළත් අපි කරන්න ඕන. එහෙම බැලුවාම කුඩා ළමයි ඉස්කෝලේ යැවීමත් ළමා අපචාරයක් නේද කියලා කියන මෝඩයින්ට කන් දෙන්න නරකයි.

දැන් අපට කියන්න පුළුවන් අවුරුදු 12න් ළමයෙක් විවාහ වන එක ළමා අපචාරයක් නම් කුඩා ළමුන් මහණ කිරීමත් ළමා අපචාරයක් අරක වැරදි නම් මේකත් වැරදියි කියලා. අන්න එහෙමයි ෂාරියා ළමා අපචාරය ආරක්ෂා කරන්නේ..

සැමට ෂාරියා නීතිය...

රටක පැවතිය යුත්තේ එක නීතියකි. එහෙත් මුස්ලිම් ෂාරියා නීතියට අනුකූල කාන්තාවන්ගේ අවම විවාහ වයස් සීමාව වන අවුරුදු 12 අවුරුදු 16 දක්වා ඉහළ දැමීම නිසා එම සුළු වාර්ගික ජන කොටසේ සිත් මල් තැලිය හැකිය.

එහෙයින් ආණ්ඩුව කළ යුත්තේ සෙසු සිංහල සහ දෙමළ කාන්තාවන්ගේ අවම විවාහ වයසද අවුරුදු 12 දක්වා පහත හෙළීමය. එසේම 5 වසර ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය බවට පත්කළ යුතුය.

ළමා අපචාර නීතියද ඒ අනුව යාවත්කාලීන කළේ නම් මේ බෝඩ් එක ඔසවා ගෙන සිටින හුජ්ජ කොලුවාද වැඩිහිටියෙකු හෙයින් මෙහි ළමා අපචාරයක් සිදුව ඇතැයි කිසිවෙකුට කිව නොහැකිය...

Thursday, November 3, 2016

ආවා ව්‍යාපාරය රැකගමු!

විනෝදන් හෙවත් ආවා විසින් සාමාජිකයින්ගේ 12 දෙනෙකුගෙන් ආරම්භ කළ ආවා ගෘප් එකේ මේ වන විට සාමාජිකයින් 500ක් පමණ සිටින සාර්ථක ව්‍යාපාරයක් බව වාර්තාවෙයි.
සන්නා, දේවා, ප්‍ර‍කාශ් නම් නායකයින් තිදෙනා මුහුදු මගීන් ආයුධ තුනක් ගෙන්වා ගෙන භාවිත කරති. ඔවුන් සමග තවත් කුඩා මැර කල්ලි නවයක් කටයුතු කරන අතර බ්‍ර‍සීලයේ නිෂ්පාදිත තියුණු කඩු ඔවුහු භාවිත කරති.
ආවා ව්‍යාපාරය මේ වන විට ඝාතන 12ක් සිදුකර ඇති අතර ඔවුන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි 30ක් පමණ ලැබී තිබේ. කප්පම් නොදුන් නිසා යාපනේ ව්‍යාපාරිකයින්ට පහරදීම් සිදුවන බවද වාර්තාවිය.
මේ ආකාරයට රටේ විරැකියාව තුරන්වනු ඇතැම් කුහකයින්ට බලා සිටිය නොහැකිය. එහෙයින් දිනෙන් දින දියුණු වන ආවා ගෘප් විනාශ කිරීමට රජයට කේලම් කියන බව වාර්තා වෙයි.
රජය මෙවැනි බාධක හමුවේ සැලිය යුතු නැත. වොක්ස්වැගන් කම්හල මෙන් ආවා ගෘප් එක කඩාකප්පල් කිරීමට ලංකා හමුදාවට ඉඩදිය යුතු නැත. රස්සා නැතැයි ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණ කරන දකුණේ මෝඩයින් ආවා ව්‍යාපාරය ආදර්ශයට ගත යුතුය.
නව රජයේ රැකියා දශ ලක්ෂයේ වැඩසටහන යටතේ තව සම්පාදනය කළ යුත්තේ රැකියා 999 500ක් වැනි සුළු ප්‍ර‍මාණයක් පමණි. ඒ රැකියා සුළු ප්‍ර‍මාණයද බිහි කොට රටේ විරැකියාව තුරන් වනු දැකීම බුද්ධිමත් ජනතාවගේ අපේක්ෂාවයි.
 
සිය රට දේ සිරි සැප දේ !