Saturday, January 31, 2009

යුද්ධය අදේශපාලනික විසඳුමක් ද?

අතීතයේ සිට අපේ මව් බිම සතුරු උපද්‍රවයකට ගොදුරු වූ කල ඉදිරියට පැන ජනතාව අවදි කළෝ දේශයේ මුර දේවතාවුන් වන් මහා සංඝ රත්නයයි.අප සමඟ එකට කොළඹ සරසවියට පිවිස වසරක් ඇවෑමෙන් විශේෂ උපාධිය පිණිස පේරාදෙනිය සරසවියට නික්ම ගොස් අද එහි කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන මා සුමිතුරු කිරින්දේ චන්ද්‍රානන්ද හිමියන් ද ඒ අතීත බුදු පුතුන් මඟ යන අභීත සඟ රුවනෙකි. රටේ වර්තමාන දේශපාලනය අළලා උන්වහන්සේ ලියූ මෙම ලිපිය ඊයේ දිවයිනේ පළ විය. මේ රටට ආදරය කරන පුරවැසියන් ලෙස අප වහා අවධානයට යොමු කළ යුතු විවිධ පැතිකඩ සැකෙවින් විස්තර කෙරෙන එම ලිපිය ඔබ සැමගේ අවධානය පිණිස මෙසේ පළ කරමු.

ඇරිස්ටෝටල්ට අනුව අදේශපාලනික එක ද සත්වයකුවත් මෙලොව නැත්නම් එම සත්වයන් අතර අදේශපාලනික යුද්ධ අමුතුවෙන් තිබිය හැකිද? අද පවතින යුද්ධය (මානුෂික මෙහෙයුම) යැයි ඊට කීමට සිදුව ඇත්තේ විජාතික ඔලමොටිටලයන් හා දේශද්‍රෝහී ද්වේශපාලකයන් මෙමගින් අයුතු වාසි ලබාගන්නා බැවිනි. පවතින ප්‍රශ්නයට දේශපාලන විසඳුම නොවන බව කට පුරා කියන, දෙසන මැටි පඬුවන්ගෙන් මේ "පවතින ප්‍රශ්නය" කුමක්දැයි අසනු කැමැත්තෙමු. දෙවනුව, "පවතින ප්‍රශ්නය" වන්නේ ත්‍රස්තවාදය නම් ඊට ගත යුතු දේශපාලන විසඳුම කුමක්දැයි ප්‍රශ්න කරනු කැමැත්තෙමු. මොවුන් මේ අනියමින් කියන්නේ දෙසන්නේ අන් කිසිවක් නොව බෙදුම්වාදයට පෙඩරලයට අර ඇඳිය හැකි ඊනියා විසඳුමක් වහා ගෙන එන ලෙසයි. වෙන්දේසි නොකරම බන්දේසියක තබාම ඊළම දිය යුතු බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙසේ කියන දෙසනවුන් අතර පරමාදර්ශී බෞද්ධ සදාචාරයක පිහිටා යුද්ධය අනුමත කළ නොහැකි බවට තොල් මතුරන්නෝ ද වෙති. ඔවුන් තේරුම් ගත යුතු සත්‍යයක් ඇත. එනම් රාජ්‍යත්වයේ බෞද්ධ පරමාදර්ශය වන සක්විති රජු චතුරංගනී සේනාව තබාගෙන සිටින්නේ (2001 දී මෙන්) මල් සිටුවන්න වල් ගලවන්න නොවන බවයි. බෞද්ධ සභ්‍යත්වයේ එන හැටියට පළමු මහාසම්මත රජු පත් කර ගන්නේ අන් කිසිවක් නිසා නොව ආරකෂාව පිණිස පමණි. ඔහුගේ රාජකාරිය නිවැරුදිව ඉටුවෙද්දී ජනයා රංජනය වු නිසාය ඔහු "රජ" වුවේ. සිරිසඟබෝ රජවරුද රජවරුය. එහෙත් අපි ඔහු අගයන්නේ එක්තරා සන්දර්භයකදී පමණි. සිරිසඟබෝ යනු බෞද්ධ රාජ්‍යයේ පරමාදර්ශය නොවේ. අපට අවශ්‍ය වන්නේ දුටුගැමුණුලා මිස සිරිසඟබෝලා නොවේ. සිරිසඟබෝලා රජ වු විට අපට රටද රජුට බෙල්ලද අහිමි වනු ඇත. එහෙව් පාලනයේ උපයෝගිතාව කුමක්ද?

ඉතා සීමිත කාලයක් තුළ දී ත්‍රස්තවාදය අවසන් අදියර දක්වා පරාජය කරන්නට මෙවර හැකි වුයේ කුමක් නිසාද? මේ සඳහා බලපෑ විවිධ හේතු තිබිය හැකිය. එහෙත් මෙහි ප්‍රබලම හේතුව කුමක්ද? යුද ශක්තියද? සත්‍ය වශයෙන්ම නැත. ත්‍රස්තවාදය පරාජයට බලපෑ ප්‍රබලම හේතුව වුයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පවතින්නේ ත්‍රස්තවාදය බව හඳුනා ගැනීමයි. මේ පැවතුණේ ත්‍රස්තවාදය බව තේරුම් ගැනීමට එදා සමත් වුයේ නම් ත්‍රස්තවාදය ලත් තැනම ලොප් කිරීමට කිසිදු පාලකයකුට අපහසු නොවනු ඇත. මේ ප්‍රශ්නය එසේ තේරුම් නොගැනීමට මඟ පෑදුවෝ කවරහුද? ඒ අන් කිසිවෙක් නොව බලලෝභී හා අවස්ථාවාදී දේශපාලන අඥයන්ය. මොවුන් හා කඳවුරු බැඳගත් විජාතික බලවේග හා බටහිරයෝ මේ පවතින්නේ ජනවාර්ගික අර්බුදයක් යැයි කියමින් ඊළාම් බබාට අලුත් නමක් දුන්හ.

පොළඟා ඇතුළු වු ගෙදර වළහෙකු සොයමින් දශක තුනකට ආසන්නව පීඩා විඳි අප දැන් පොළඟා වෙතම ප්‍රහාර දියත් කරමින් සිටී. එහෙත් අපි තවදුරටත් ප්‍රවේශම් විය යුතුය. ඒ ත්‍රස්තවාදියාගෙන් නොව ඌට අලුත් නම් දෙන විශේෂ නියෝජිතයන්ගෙනි. මොවුන්ගේ ඇති විශේෂයක් නොවේ. මොවුන් පරණ නියෝජිතයන්මය. දෙසන්නේ පරණ කතාවමය. ත්‍රස්තවාදය අවසන් වුවද ප්‍රශ්නය අවසන් නොවු බව පවසා එයට වහාම දේශපාලන විසඳුමක් ගෙන ආ යුතු යැයි මේ පරණ නියෝජිතයෝ නැවත කියා සිටිති. සැබවින්ම යුද්ධයෙන් පසු විසඳිය යුතු කොතෙකුත් ප්‍රශ්න තිබේ. එහෙත් ඒවා ත්‍රස්තවාදීන්ගේ අවශිෂ්ට වු ප්‍රශ්න නොවේ. ඒ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනය ස්ථාපිත කිරීමේ පරිපාලන ප්‍රශ්නය පමණි. මේ පරණ නියෝජිතයන්ට ඉතුරුවන ප්‍රශ්නය එය නොවේ. දෙමළ ජනයාට දෙමළ වීම නිසාම බලපා ඇති අමුතු ප්‍රශ්නයක් ඉතිරිව ඇති බව පරණ නියෝජිතයෝ කියා සිටිති. සැබවින්ම මෙහි යථාර්ථය කුමක්ද?

දෙමළ ජනගහනයෙන් උතුර නැගෙනහිර වසන්නේ පහෙන් දෙකක් පමණි. පහෙන් තුනක් ඇත්තේ දකුණේය. දැන් දෙමළ වීම නිසා හටගෙන ඇති ප්‍රශ්නය ඇත්තේ කොහිද? උතුරෙහි ද දකුණෙහිද? විසඳුම දෙන්නේ හෝ ඊනියා ඊළම දෙන්නේ කාටද? අනෙක දෙමළ වීම යනු භාෂාවෙන් ද නොඑසේ නම් සංස්කෘතියෙන්ද? මන්ද යත් දෙමළ භාෂාව කතා කරන තවද ජනවර්ග (මුස්ලිම්) මෙහි සිටින බැවිනි. මේ ඊනියා ප්‍රශ්නයේ අසංස්ථිතික බව මොවුනට සැඟවිය නොහැක. මෙවර ජාත්‍යන්තරය හමුවේ ඔවුන්ගේ ප්‍රශ්නයේ නිරුවත ප්‍රකට වුයේ එම ඊළාම් මුසාවේ පවතින මෙම අසංස්ථිතිකභාවය නිසාමය.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දේශපාලනික විසඳුමක් නොවන බවට මැසිවිලි නඟන පරණ නියෝජිතයන් අල්කයිඩාවට එරෙහිව සටන් කරන ජෝර්ජ් බුෂ්ලාට මෙම පඬි දේශනාව දේශනා කරන්නට යන්නේ නැත. ත්‍රස්තවාදීන්, ත්‍රස්තවාදීන් වන්නේ බටහිරයන්ට පමණක්ද? අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් ඔප කළ දහදියෙන් සරු කළ මේ දේශය බටහිරයන්ගේ කොදෙව්වක් නොවනවා සේම මන්මෝහන්ලාගේ ටෙරිටරියක් නොවන බවද අවබෝධ කරගත යුතුය. අනෙක පරණ නියෝජිතයන් කියන ඊනියා ජනමාධ්‍ය නිදහස තම රටවල ජනමාධ්‍යයන්ට මෙන්ම ජඩමාධ්‍යවලට ලබාදී ඇත්ද? තුවක්කු අත දරා සිටින කොටියන් සේම පෑන අත දරා සිටින කොටි හා හොරණෑ පිඹින කොටිද සිටින බව අපි අමතක නොකළ යුතුය. ඇතැම්විට තුවක්කුවෙන් ගිනි පිඹින කොටියාට වඩා තෙළිතුඩින් කාබන් විදින කොටියා භයානක විය හැකිය. ත්‍රස්තවාදය ඇත්තේ රණබිමේ පමණක් යැයි නොසිතිය යුතුය. රණබිමෙන් පිට සිටින ත්‍රස්තවාදීන් සමග යුද්ධය ද අපහසුය. මන්ද ඔවුන් අවස්ථාවාදී දේශපාලන පලිහ විසින් හා ජාත්‍යන්තර පලිහ විසින් ආවරණය කරගෙන සිටින බැවිනි. මේ නිසා අවි දරා සිටින උතුරේ පරමේශ්වරීලාට මල්වඩම හිමිවන විට දකුණේදී කාබන් පෑනේ ත්‍රස්තවාදය කරන ඇතැම් පරමේශ්වරීලාට හිමිවන්නේ මල්මාලය. දකුණේ දේශද්‍රෝහීන් හා විජාතික ඊනියා මාධ්‍ය එකතුව ඇයට පැළඳුවේ මලින් ගෙතු මාලයක් නොවේ. ඇයට පැළඳුවේ පෑන් ගෙතු මාලයකි. මෙය බරපතල සංකේතයකි. ඔවුන් නියමින් හා අනියමින් කියා සිටින්නේ පෑනෙන් සටන් කරන ත්‍රස්තවාදියා තවදුරටත් සුරකෂිත බවය. ඊනියා මාධ්‍ය නිදහස පිළිබඳ පුරසාරම් දොඩවන පරණ නියෝජිතයන් මාධ්‍යයේ නිදහස ත්‍රස්තවාදයේ සීමාව ඉක්මවා නොයා යුතු බවක් මඳකුදු පවසන්නේ නැත. එකී ඊනියා මාධ්‍ය නිදහස බෙදුම්වාදය, දේශද්‍රෝහීත්වය ඉක්මවා නොයා යුතු බවට කෙළ පිඬක් සොලවන්නේ නැත. දැන් සිදුව ඇත්තේ කුමක්ද? අන් කිසිවක් නොව මීට පෙර නොයෙක් වෙසින් පෙනී සිටි ජඩමාධ්‍ය කොටින්ගේ පුල්ලි දැන් ප්‍රකට වෙමින් පැවතීමයි. තම සිරසට ගිනි තබාගැනීම හැර අන් විකල්පයක් ඔවුනට ඉතිරි වී ඇත්ද?

දේශපාලන විසඳුමකට වහා සුදානම් විය යුතු බවට පරණ නියෝජිතයන් කියන කතන්දරයේ යථාර්ථය කුමක්ද? ඔවුන් අපේකෂා කරන දේශපාලන විසඳුම කුමක්ද? බෙදුම්වාදයට කැසකවන විසඳුමකින් හැර මේ පරණ නියෝජිතයන් සතුටු කළ හැකි වෙනත් දේශපාලනික විසඳුමක් නැත. සැබවින්ම දෙමළ ජනයා දෙමළවීම නිසා පීඩා වින්දේ ප්‍රභාකරන්ගෙනි. ඒ ඔහුගේ ඊනියා ඊළාම් සිහින පාලම ද්‍රවිඩ කර මත ඉදිකිරීමට කටයුතු කළ නිසාය. එබැවින් පරණ නියෝජිතයන්ට අදේශපාලනික විසඳුමක් වුවද මෙම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ වැඩිම ප්‍රතිලාභ හිමිවන්නේ ප්‍රභාකරන්ගේ සිහින පාලමේ බරට යටවී සිටි අහිංසක දෙමළ ජනතාවට බව ඔවුන් මතක තබාගත යුතුය.

පුදුම එළවන සුලු කාරණය නම් එය නොවේ. ත්‍රස්තවාදයට විසඳුම යුද්ධය යන්න දේශපාලන න්‍යාය පත්‍රයේ උඩින්ම දමාගෙන සිටි ඊනියා මාක්ස්වාදීන්ට ද මේ දිනවල ආරකෂක හමුදාව ලබන යුදමය ජයග්‍රහණයන් දිරවාගත නොහැකිව තිබීමයි. ඔවුන් අමාරුවේ වැටී තිබෙන අනෙක් කාරණය වන්නේ දිරවිය නොහැකි වුවත් ජනතාව ඉදිරියේ හෘද සාකෂියට එකඟව වමෑරිය ද නොහැකිවීමයි. ඔවුනගේ මේ දෙබිඩි පිළිවෙත අවස්ථා කිහිපයකදීම මතු විය. ඔවුන්ට ජාතික ප්‍රශ්න පිළිබඳ රටට ගැලපෙන ආකාරයේ වෙනත් විසඳුමක් තිබුණේ නම් සර්ව පාකෂික කමිටුවට එය ඉදිරිපත් නොකරේ මන්ද? මෙහිදී ඔවුනගේ සැබෑ දේශපාලන ප්‍රතිපත්තිය කුමක්දැයි යන්න අවංකවම ප්‍රකාශ කළ යුතුව තිබිණි. එහෙත් සිංහල බෞද්ධ සමාජය ඉදිරියේ ඔවුනගේ අනාගමික රාජ්‍ය ප්‍රතිපත්තිය එළියට දැමීම ගැටලුවකි. එසේම මාක්ස්වාදීන් නොවන ප්‍රතිපත්තියක් එළියට දැමුවහොත් මාක්ස්වාදී වරපටින් සිර කරගෙන සිටින විශ්වවිද්‍යාල තරුණ දේශපාලනය තවදුරටත් එහි රඳවාගෙන සිටිය නොහැකිය. ජාති හිතෛෂීන් සේ ජාතිය ඉදිරියේ පුරසාරම් දොඩවන මේ මාක්ස්වාදීන් ජාතියේ ඉරණම විසඳෙන මෙවන් තීරණාත්මක මොහොතක කොන්දේසි විරහිතව ඊට සහයෝගය පළ කළ යුතුව ඇත. එහෙත් මේ මොහොතෙහි කැඩුණු වක්කඩ හැදීම හෝ කක්කුටු බෙණ වැසීම ඔවුන් තුටිටුවකට මායිම් කරන්නේ නැත. ඒවා සැකසීම තමන් සතු වගකීමක් සේ ඔවුන් නොසලකන්නේ තමන් මේ භුක්ති විඳින්නේ අඳ ගොවිතැනක්ය යන හැඟීම ඔවුන් තුළ ඇති නිසාය. සින්නක්කරම බලය තහවුරු කරගැනීමකින් තොරව එවැන්නකට දක්වන සහයෝගය ඔවුන් සලකන්නේ ගඟකට කපන ඉනි සේය. එසේ නොවන්නට පහර දෙන්නට අවි ආයුධ නොමැති නම් තියන ලබ්බෙන් හරි පහර දිය යුතු යැයි පුරසාරම් දෙඩු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ලබු ප්‍රහාර නොව ගුවන් ප්‍රහාර ඉදිරියේ ද තුටු නොවන්නේ මන්ද?

සැබවින්ම ලබ්බෙන් පහර දෙනවාට ඔවුන් කැමතිය. ත්‍රස්තවාදය මර්දනය කෙසේ වෙතත් ලබු ප්‍රහාරවලට සාපේකෂව තම දේශපාලනය වර්ධනය කරගත හැකි බව ඔවුහු ප්‍රත්‍යකෂයෙන්ම දනිති. පිළිවෙළින් ජේ. ආර්., ප්‍රේමදාස හා චන්ද්‍රිකා ආණ්ඩු ත්‍රස්තවාදයට එල්ල කළ ලබු ප්‍රහාර ඉදිරියේ තමන්ට නොවැරුදුණු බව දන්නා ජනතා විමුක්ති පෙරමුණ 2001 දී රනිල් වික්‍රමසිංහ ත්‍රස්තවාදයට එල්ල කළ මල්වෙඩි (ෂෙල්වෙඩි වෙනුවට) ප්‍රහාරය හමුවේ තවදුරටත් ශක්තිමත් විය. එනිසා සැබවින්ම මොවුන් වඩා කැමැති වන්නේ ත්‍රස්තවාදයට එරෙහි ෂෙල්වෙඩි වලට ද මල්වෙඩි වලට ද යනු අවබෝධ කරගැනීම අපහසු නොවේ. රණවිරුවන් එල්ල කරන දරුණු ප්‍රහාර ඉදිරියේ ත්‍රස්තවාදීන් දැවැන්ත අවි ආයුධ හිඟයකට මුහුණපාන විට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දකුණේ අවස්ථාවාදී දේශපාලනයට ඊට නොදෙවැනි ස්ලෝගන් (සටන්පාඨ) හිඟයකට මුහුණපෑමට සිදුව ඇත. මේ නිසා දැන් ඔවුනට ඇත්තේ පරණ නියෝජිතයන්ගේ පිහිට පමණි. මොවුහු සියල්ලෝම දැන් සීතල යුද්ධයක පැටලී සිටී. මෙහි ඇතැම් ජවනිකා අලුත් කඩවල ද රඟ දක්වනු පෙනේ. අලුත් කඩය ද මේ පරණ නියෝජිතයන්ටම කඩේ යන කල පරණ නියෝජිතයන්ගේ කතන්දර සැබවින්ම අරුමයක් ද නොවේ.

මේ මොහොත තීරණාත්මකය. දේශීය හා විදේශීය විජාතික බලවේග එකට අත්වැල් බැඳ කඳවුරු බඳිමින් සිටී. බෙදුම්වාදය, ත්‍රස්තවාදය හා ජාතිවාදය පෝෂණය කළ හැකි හා නැවත මතු කරවිය හැකි මුලාශ්‍ර තිබේදැයි ඔවුහු තවදුරටත් සොයනු ඇත. අපි අවදියෙන් සිටිමු.

කථිකාචාර්ය
කිරින්දේ චන්දානන්ද හිමි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
(දිවයින-09/01/31)

Friday, January 30, 2009

ලිප්ටන් රවුම අද පාළුයි සුවාමිනේ !!!

උතුරේ ත්‍රස්තවාදය පෝෂණය කළ ජඩයින් මෙරටට හදුන්වා දුන්නකි: කුප්‍රකට මානව හිමිකම් ජාවාරම. මෝඩ ගුරෙක් ළමයෙකුට තැලූ කල අධිකරණයට දුවන මොවුහු පත්තර විකුණන කොල්ලෙකුගේ ඇඟේ මැස්සෙක් හැපුණු විට එම මැස්සා ආණ්ඩුවේ මැරයෙක් බවට බටහිරට පැමිණිලි කරති. එවිට මෙරට මානව හිමිකම්, ජන මාධ්‍ය නිදහස කිරාමැන බලන උන්ගේ ස්වාමිවරුන් ඩොලර් කිහිපයක් මේ නිවටයින්ට විසි කොට ලංකාව අසමත් රාජ්‍යයක් බව ද ජවමාධ්‍ය නිදහස අන්තිමට නරක් වී ඇති බව ද පවසා ලිපි වාර්තා නිකුත් කරනු ලැබේ. එහෙත් කොටි ත්‍රස්තවාදීන් මේ රටේ අමු අමුවේ මිනී මරමින් කරන මානව හිමිකම් සමූල ඝාතන කරනු උන් කවදාවත් දුටුවේ නැත. දකින්නේත ද නැත.මෙවන් දේශද්‍රොහී ජඩයින්ට චීනය වැනි රටක නම් යළි හුස්ම ගැනීමට ඉඩ නොතබන බැව් සහතික ය. එහෙත් අපේ රටේ නම් මේ ව්‍යාපාර විසින් ම අවස්ථානුකූලව උන්ගේ එකෙක් මරා යම් ආන්දෝලනයක් ඇති කරනු තුරු උන්ට කිසිවෙකුගෙන් හිරිහැරයක් නැත. අද දිවයිනේ කතුවැකිය උන් ගැන ය.

මත්ද්‍රව්‍ය ජාවාරමත් රජයේ ඉඩම් ගොඩකර විකිණීමේ ජාවාරමත් හැරුණු කොට ශ්‍රී ලංකාව තුළ වඩාත්ම ලාභදායි ව්‍යාපාරය මානව හිමිකම් ව්‍යාපාරය විය යුතුය.

මානව හිමිකම් ව්‍යාපාර යනුවෙන් වු යථාර්ථයක් ලෝකයේ කොහේවත් නැතැයි යනුවෙන් මින් අදහස් නොකෙරෙයි. එහෙත්, ලෝකයේ තිබෙන එබඳු මානව හිමිකම් ව්‍යාපාර වුවත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ අන්තිම ජඩ ආවේශයකිනි. මේ ජඩකමට, වෙන අන් කවර කරුණකටත් වඩා හේතු වී ඇත්තේ මුදල් බව දැන් දැන් අනාවරණය වන හෙයින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ "මානව හිමිකම් ව්‍යාපාර" යන්න ජාවාරම් වශයෙන් මිස අන් කවර නමකින් නම් හැඳින්විය හැකිද?

එල්. ටී. ටී. ඊ. අත්අඩංගුවේ පසුවන අතිවිශාල සිවිල් වැසියන් සංඛ්‍යාව කොන්දේසි විරහිතව නිදහස් කොට යුද මුක්ත කලාපයට එවන්නැයි එල්. ටී. ටී. ඊ. යට නොකියා රජයත්, එල්. ටී. ටී. ඊ. යත් යන දෙපාර්ශ්වයම මේ මොහොතේ උතුරේ අහිංසක ජනතාවගේ මානව හිමිකම් බිඳින්නේ යැයි ඇම්නැස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කියන විට ඉන් හැඟවෙන්නේ එහි බබා උක්කුං බව නොවේ.

තම මාලය රුකගැනීමට තැත් කළ පුද්ගලයාත් එය මංකොල්ලකෑමට තැත් කළ සොරාත් එකම වරදක දෙපාර්ශ්වයක් වශයෙන් සලකන්නෝ අන්‍යාලාපයකින් සොරා ආරකෂා කරන්නෝ නොවේද?

අහිංසක ජනතාව නිදහස් කොට ඉන්පසු තමන්ගේ "සුපුරුදු වැඩකිඩ" ශ්‍රී ලංකා හමුදාවලට පෙන්වන්නැයි "එල්. ටී. ටී. ඊ. වීරයාට" නොකියා, එක්සත් ජාතීන්ගේ අධීකෂණය යටතේ අන්තර්ජාතික නිරීකෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන්නදැයි අසන එරික් සෝල්හයිම් වැනි දේශපාලන වනචරයකු (වනචරයා යනු වනයෙහි සරන්නා යන්නය) මේ කරන භුමිකාව කුමක්ද?

සත්‍යය නම් එල්. ටී. ටී. ඊ. ග්‍රහණයේ පසුවන අහිංසක දෙමළ ජනතාව පිළිබඳව මේ අයට හෝ සංවිධානවලට හෝ රුදාවක් නැති බවය. ඇඟ එළියේ දමාගෙන මුත් පැස්බරෙකු මෙන් මුලතිව් වැල්ලේ හිස සඟවාගෙන සිටින වේළුපිල්ලේ ප්‍රභාකරන් බේරාගැනීම මේ සියල්ලන්ගේ සිහිනයයි.

දැනට එල්. ටී. ටී. ඊ. ග්‍රහණයේ පසුවන දෙමළ ජනතාව යනු පැරණි ඊජිප්තුවේ පාරාවෝ රජකු මියගිය කල්හි ඔහු සමග සදාකාලිකව වැළලීමට ගාල්කරන ලද වහලුන් පිරිසක් නොවේ.

හිටිලර් සමග සංසන්දනය කරන කල්හි වුවද වේළුපිල්ලේ යනු විලිලජ්ජා නැති නායකයකු බව පෙනේ.

හිටිලර්, බර්ලින් බංකරය තුළ ගතකළ තම අවසාන දින කීපයේදී වුව මහත්මයකු මෙන් කටයුතු කළේය. තම ප්‍රධාන සෙනෙවිවරුන් ඇතැමෙක් තමන්ට නොදන්වා පලායන අතරේදී සහ විශිෂ්ට රතු හමුදාවේ ප්‍රහාරවලින් මියයන අතරේදී වුව ඔහු බර්ලිනයේ ඉතිරි වු සාමාන්‍ය ජනතාව කැඳවා තමා වටා පවුරක් බැඳගත්තේ නැත. "අනේ දැන් ඔයගොල්ලෝ මාව බේරාගන්නැයි" හඬාවැටුණේද නැත. තමා විසින්ම නිර්මාණය කරන ලද අයහපත් බවේ ශාපයට දුෂ්ටයකු ලෙසම මුත් නිවටයකු මෙන් මුහුණ නොදුන් ඔහු සිය දිවි නසාගත්තේය.

ඇත්තවශයෙන්ම දැන් පෙනෙන්නේ දිවිනසාගැනීම දේශපාලන අවියක් වශයෙන් සහ තම පරමාර්ථ සාධනයේ ආදර්ශයක් වශයෙන් ඉදිරිපත් කළ මිනිසාම එයට බියෙන් පැකිළෙන බවකි.

සිවිල් මිනිසුන්ගේ, දරුවන්ගේ රෝගීන්ගේ ඇඟේ එල්ලී පණ බේරාගැනීමට තැත් කිරීම අඩුම තරමේ ත්‍රස්තවාදීන්ගේ වැඩක්වත් නොවේ. එය වු කලී කිනිතුල්ලන්ගේ සහ මැක්කන්ගේ වැඩක් පමණි.

අතිබිහිසුණු මහා ත්‍රස්තවාදියකු මෙන් හඳුන්වනු ලැබු මිනිසා, මැක්කකු මෙන් ඉතිහාසයට එක්වීම පිළිබඳව අපට ඇති කනගාටුවක් නැත.

එහෙත්, ඔහුගේ ග්‍රහණයට නතුව අපා දුක් විඳින සාමාන්‍ය ජනතාව පිළිබඳව අපට කනගාටුය. පොලිසියෙන් ගුටිකෑ හරක් හොරුන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳව පවා ලිප්ටන් වටරවුම දෙවනත් කළ මානව හිමිකම් සංවිධාන කිසිවක් ඒ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටියි. ඔවුන් නිදහස් කරන්නැයි අර මැක්කාගෙන් නොඅයදියි. පොල් ගසනු තබා ඒ වෙනුවෙන් පිටි කළ පොල් කුඩු පැකටිටුවක්වත් පොළොවේ නොගසයි.
(දිවයින-09/01/31)

Thursday, January 29, 2009

සොල්හයිම්ගේ කිළිනොච්චි සාංකාව!

සොල්හයිම් මෙන් ම පිරපාහරන් ගැන වීර කාව්‍ය ලියන්න බලා සිටින උන් අද ද මෙරට සිටිති. මේ අතර සිටින එක්තරා පුඟුලෙක් සිය බ්ලොග් අඩවියේ නිතර පවසන්නේ තමා සෙසු අයට වඩා වෙනස්, ගලා යන දියේ උඩු ගං බලා පිහිනන අපේ කාලයේ නියම වීරයෙක් බව ය. තමා වැල යන අතට මැස්ස ගහන්නේ නැත. එහෙයින් රට ම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට එකග වුව ද තමා එකඟ වන්නේ නැත. ඒ තමා වෙනස් නිසා ය. මේ කතාව අසන අපට සිහි වන්නේ නිල් බාල්දියකින් නැහැවුණු නරියාගේ කතාව ය. ඌ සෙසු නරින්ගේ පාට නොවන නිසා රජකමට සුදුසු යයි සිතූ බවත් ඒ සිතුම් උගේ විනාශය ඉක්මන් කළ බවත් එහි පැවසේ.

අප එරෙහි විය යුත්තේ සමාජයට විනාශකාරී දේවලට ය. පවතින සමාජයේ හැම දේට ම එරෙහි වීම වඳ වී යාමේ ලක්ෂණයකි. අද යුද්ධයට එරෙහි වෙමියි ඊනියා ප්‍රබුද්ධත්වයක් ආරෝපණය කර ගන්ට වළි කන මේ නාම්බන් රැළ පෙර රජයන් ගෙන ගිය ඊනියා සාම ප්‍රෝඩාවට එරෙහි වූවන් නොව ඊට ආ වැඩු නිවටුන් ය. අද උන්ගේ සාම ව්‍යාපාරය අසාර්ථක වී ඇත. ලෝක ත්‍රස්තවාදයේ ඉතිහාසය නැවත ලියන්නට අප වීරෝදාර රණ විරුවන් සමත් වී ඇත. අප ඒ ගමන ශක්තිමත් කරනු විනා මතවාදී වශයෙන් පැරදී සටන් පාඨ සොයන කොටි හොරිකඩයින්ට කන් දිය යුතු නැත.දැන් අපි කතුවැකියට යොමු වෙමු.

සතුරකුට වුවද විපතක් සිදු වු විට එයින් සතුටු වීමේ කුරිරු මානසිකත්වයක් අපට නැත. එහෙත් රටක් බියගැන්වු ජනඝාතක, ජන පීඩක නරුමයකුට අත්වන විනාශය ගැන නම් අප තුළ කවර හෝ කම්පාවක්, සංවේගයක් ඇති නොවන බව ද කිව යුතුය.

දැන් මුලතිව් වනය තුළ සැඟවී, සිය බිහිසුණු විනාශයේ මරණීය අස්වනු නෙළා ගැනීමට සුදානම්ව සිටින ප්‍රභාකරන්ට හෝ ඔහුගේ මෘග රුළට අත්වන කවර විපතක් වුවද රටට ශාන්තියක් ලෙස මේ රටේ බහුතර ජනතාව කල්පනා කරති. දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් මිනී කඳු ගැසු ෆැසිස්ටිවාදී කොටි සංවිධානය සමුල ඝාතනය වනු දැකීම ඒ ජනතාවගේ පරම පැතුම වී තිබේ. එහෙත් ප්‍රභාකරන් බේරා ගැනීමට සෘජුවම ඉදිරිපත් වීමට තරම් විලිලැ:ජා නැති ධෛර්යවන්ත භාවයක් නෝර්වේ රජය ප්‍රදර්ශනය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අධීකෂණය යටතේ අන්තර් ජාතික නිරීකෂක කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට එරික් සොල්හයිම් උත්සාහ කරයි. එහෙත් රජය ඔහුගේ ඉල්ලීම ප්‍රතිකෙෂ්ප කර තිබේ. ප්‍රභාකරන් හුරතල් කිරීමේ නෝර්වේ පිළිවෙත ගැන අපි මෙයට පෙර ද ලියා ඇත්තෙමු.

නෝර්වේ ඇතුළු බටහිර රටවල සෙවණැලි යටින් නැඟී සිටි බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය භාරය කුමක්දැයි හමුදාව විසින් අල්ලා ගන්නා ලද කිළිනොච්චිය ඇතුළු මුලතිව් ප්‍රදේශ වලින් ද දැන් හොඳටම තහවුරු වී තිබේ. මේ සියල්ලෝම නිරුවත් වානර රුළක් බව සැඟවිය නොහැකිය.

මුලතිව් හි කොටු වී සිටින දෙමළ වැසියන් ගැන කතා කිරීමට සොල්හයිම් මහත්තයලාට තිබෙන අයිතිය කුමක්ද? තමිල්නාඩුවේ සිට බොරුවට තප්පුලන කරුණානිධි ඇමැතිවරයා මෙන් සොල්හයිම් මහත්තයා ද තවමත් කොටි වලිගය අතහැරීමට සුදානම් නැති බව පෙනේ.

ඉන්දියාවේ විදේශ ඇමැති ප්‍රනාබ් මුකර්ජි මහතා නම් අද මේ රටේ සිදු වන්නේ කුමක් දැයි නිශ්චිතවම දැනගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපකෂ මහතා සමඟ සාකච්ඡා කර මෙම අර්බුදය විසඳීම සඳහා අපට සහාය දෙන බවට ප්‍රකාශයක් ද ඔහු කර තිබිණි.

සොල්හයිම් මහත්මයාණනි, අන්න නියම මහත්වරු. කවුරු කෙසේ කීවත් සිහි බුද්ධියෙන් සියල්ල බලා තේරුම් ගැනීම මහත්වරුන්ගේ ගුණයකි. සොල්හයිම් මහත්තයාට කිළිනොච්චිය ගෙදර වාගේ විය හැකිය. ඒ කාලයේ කොළඹට පැමිණ කිළිනොච්චි ගිය ගමන් බිමන් ගැන ද උන්නැහේට මතක් වනු විය හැකිය. බාගවෙලාවට උන්නැහේට කිළිනොච්චිය ගැන සාංකාවක් ද ඇති වී තිබෙනු විය හැකිය.

කිළිනොච්චියට ගොස් එහි තතු දැක බලා ගැනීමේ ස්වාභාවික කුතුහලයක් ඔබට තිබේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් විශේෂ අවසරයක් ඔබට ලබාගැනීම අසීරු නැත. දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔබ සැබැවින්ම ක්‍රියා කරන්නේ නම් ඊට වඩා කාර්යභාරයක් ඔබට තවමත් කළ හැකි යැයි අපි සිතමු. ඔබ කළ යුත්තේ එකම එක දෙයකි. එනම් මුලතිව්වල හිරවී සිටින දෙමළ ජනතාවට එයින් පිටවී යෑමට ඉඩ දෙන්නැයි ඔබේ සන්මිත්‍ර වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රභාකරන්ගෙන් ඒ ඉල්ලීම කළ බව සමහර විට ඔබ දැන සිටිනු ද විය හැකිය. අනේ මහත්මයාණනි, ඔබේ මිත්‍රයා ප්‍රභාකරන් තවමත් ඒ ඉල්ලීමට එකඟ වී නම් නැත. ඔහුගේ ෆැසිස්ටිවාදී සගයෝ තවමත් මුලතිව් වලින් පිටවී එන දෙමළ ජනතාවට වෙඩි තබති.

මුලතිව් ජනතාව කොටි අත්අඩංගුවට පත්ව සිටින බව වසන් කිරීම සඳහා කෙරෙන ව්‍යාජ ප්‍රචාර ද බොහෝය. ආරකෂක හමුදා සිවිල් ජනතාවට මෙන්ම ගිලන් රථවලටද වෙඩි තබන බව සඳහන් පුවත් ද අන්තර්ජාලයට එක්කර තිබෙන බවද ඇත්තය. එහෙත් ඒ ප්‍රභාකරන්ගේ ගජ මිතුරන්ගේ අමුලික බොරු බව ඉන්දියාව ද තේරුම් ගෙන ඇත.

කෙසේ වුවද ප්‍රභාකරන් ගැන වීර කාව්‍යයක් ලිවීමට බලා සිටි අයට දැන් ඉතිරිව ඇත්තේ සිය මහා වීරයා ගැන ඛෙදාන්ත රචනාවක් ලිවීමටය. තවම වීරයා මැරිලා නැති බව ඇත්තය. එහෙත් මරණයේ සෙවණැල්ල යට වීරයාත් වීරයාගේ මාරයෝත් සිය ඉරණමට මුහුණ දීමට සුදානම්ව සිටිති.
(දිවයින-09/01/30)

Wednesday, January 28, 2009

අවසාන කාලේ "ෂෝක් කතා"

මේ දිනවල සිදුවෙමින් පවතින එල්. ටී. ටී. ඊ. පරාජය, අපට එම සංවිධානය පිළිබඳ කතා දෙකක් කියයි.

එකක් නම් එය කොහොමටත් පරදින සංවිධානයක් බවය. අනෙක නම් එය ඇඩ්ඩ්‍රස් නැතිව පරදින සංවිධානයක් බවය.

අපගේ සමහර රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, දේශපාලන විශාරදයන් පමණන් නොව ලෝකයේ බොහෝ ඇත්තන් ද මහා ගිනි මකරා යැයි තමන් බියවී සිටියේ මේ අඟුටු ලොම්බාට නොවේදැයි සිතා දැන් ලජ්ජාවට පත්ව සිටිනවා විය යුතුය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආණ්ඩුවක තත්ත්වය ලබාදීමේ පටන්, එය විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි ප්‍රදේශ නිත්‍යානුකුල රාජ්‍යයක් වශයෙන් පිළිගැනීම දක්වාවු කාරණා ඉදිරිපත් කරමින් සිටි සුවිශේෂ පිරිසකගේ ප්‍රචාරක මෙහෙයුමකට එකී බොහෝ අය රුවටී සිටි බව දැන් පැහැදිලිය.

දැන් ඒ ප්‍රචාරක මෙහෙයුම සම්පුර්ණයෙන්ම නතරවී ඇතැයි මින් අදහස් නොවේ. මෙහෙයුම් ස්වරුපය වෙනස්වී ඇතිවා පමණකි. ඒ මදිවාට එහි සහායට බිහිවු නව මෙහෙයුමක්ද පවතින සැටියෙකි. තොප්පිගල මහසටන කැලෑවක් අල්ලා ගැනීමට කළ සටනක් වශයෙන් හැඳින්වු සහ කිලිනොච්චිය අල්ලා ගැනීම මැදවච්චිය අල්ලා ගැනීමක් වශයෙන් හැඳින්වු ප්‍රචාරක ධාරාවය ඒ.

සියලු බිම්කඩ අහිමිව තමන් වර්ග කිලෝමීටර 300 කට කොටුවී සිටීම එල්. ටී. ටී. ඊ. ය විසින් හඳුන්වා දෙනු ලබන්නේ තාවකාලික පසුබැස්මක් වශයෙනි. ඊට අනුව ආපසුහැරී පහරදීමට එල්. ටී. ටී. ඊ. ය වර්ග කිලෝමීටර් එකකට පමණ කොටු විය යුතුවේ. පෙනෙන විදිහට එය තමිල්නාඩු බයිස්කෝප් සිද්ධාන්තයකි.

ඒ මෙසේය,

හීරෝ හෙවත් බයිස්කෝප් වීරයා හොඳටම ගුටිකමින් ගොස් කුඩාම ස්ථානයකට කොටුවේ. ඔහු තම සියලු බලපරාක්‍රමය විහිදුවන්නේ එතැන් සිටය. ආපසුහැරී නොකඩවා පහර දෙන හේ විසිපහක් කරකවා බිමදමයි. දහතුනක් අහසින් යවයි. දහයක් බිත්තියේ අලවයි. පහළොවක් දෙකට කඩයි.

මෙය යථාර්ථයක් නොව ඊළාම් සංකල්පය බඳුම සිහිනයක් වුවද කැමෆ්ලාජ් ඇඳුමින් සැරසුණු ප්‍රභාකරන් "හීරෝ විරයා" ද කොයි මොහොතක හෝ ආපසු හැරී පහර දෙතැයි යන්න" සමහරුන්ගේ බලාපොරොත්තුවය.

මේ "සමහරු" යනු කවුරුදැයි දැන් අපි හුදීජන පහන් සංවේගය පිණිස ලියා දක්වමු.

1. ඊළාම් සිහිනය මඟින් රවටනු ලැබු ලෝකයේ විසිරී සිටින කිසියම් දෙමළ ප්‍රජාවක්. (එල්. ටී. ටී. යට විශාල වශයෙන් මුදල් එවන්නේ ඔවුන්ය.)

2. එල්. ටී. ටී. ඊ. ය බැලුමක් මෙන් පිම්බු ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවු ස්වෙච්ඡා සංවිධාන ජාලය (අධිරාජ්‍යවාදී බළල් අත්, කකුල්, මොළ, වලිග, ආදිය මෙතුළ තිබේ.)

3. එල්. ටී. ටී. ඊ. බළල් අතක් වු ද්‍රවිඩ ජාතික සන්ධානය

(ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුව කුලප්පු කළේ මේ මහත්වරුය)

ප්‍රභාකරන් අත්අඩංගුවට පත්වුවහොත් මේ සියල්ලෝම මෙසේ කියනු ඇත.

"දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරුවා නිදහස් කරනු"

ප්‍රභාකරන් මරණයට පත්වුවහොත් ඔවුන් මෙසේ කියනු ඇත.

"මේ තාවකාලික මරණයක්"

ප්‍රභාකරන් සහ එල්. ටී. ටී. ඊ. ය පිළිබඳ හාස්‍ය : ඛෙදාන්තයේ අවසාන ජවනිකාව කුමක් වුවත් එය විශේෂ වශයෙන් මේ රටෙි සාමාන්‍ය දෙමළ ජනතාවගේ විමුක්තියක් බවට පත්විය යුතුය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත ව්‍යාපාරය සුන්නද්දුලි කිරීමට රජය ගෙනයන මෙහෙයුම් කිසිසේත් දෙමළ ජනතාවට එරෙහිව සිදුවන්නක් නොවන බව ලෝකයාට ඒත්තු ගැන්වීමට රජය දැක්වු සමත්කම අගය කළ යුත්තකි.

ප්‍රජාතන්ත්‍රවාදී සැබෑ දෙමළ ජනනායකත්වයේ සංකේතය වු ආනන්ද සංගරී මහතාණෝ තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි මහතා වෙත ලිපියක් යවමින් මෙසේ කියා සිටියහ.

"මහතාණනි,

ශ්‍රී ලංකාවට පැමිණ මෙහි සිදුවන්නේ කුමක්දැයි ඔබ දෑසින්ම බලාගන්නා ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඇරයුම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් දක්වනු මැනවි..."

එන්න, ඇවිත් බලන්න යැයි අපිදු කරුණානිධි මහතාගෙන් පමණක් නොව මෙතෙක් නිදාසිටි සියල්ලන්ගෙන්ම ද ඉල්ලා සිටිමු.
(දිවයින 09/01/29)

Tuesday, January 27, 2009

කරුණානිධි අමාරුවේ නො දමමු

(වී. ආනන්ද සංගරී මහතාගෙන් කෙරෙන ඉල්ලීමකි.)

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය තීරණාත්මක තැනකට එළැඹ සිටින මේ මොහොතේදී මෙහි පැමිණ, මෙහි සිදුවන්නේ කුමක්දැයි දැක බලා ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමැති වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ලිපියක් යවා තිබේ. කොටින්ගේ සහායෙන් පාර්ලිමේන්තුවට පැමිණ දෙමළ ජනතාවගේ නියෝජිතයෙක් ලෙස පෙනී සිටීමට දෙමළ ජාතික සන්ධානයට කිසිදු අයිතියක් නැතැයි ද එම ලිපියේ සඳහන් වී තිබේ. මේ ලිපිය ඊයේ (27 දා) "දිවයිනේ" මැද පිටුවේ සම්පුර්ණයෙන් ම පළ විය.

අපි පළමුවෙන් ම කාරණයක් කියමු.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය නිරීකෂණය කිරීම සඳහා පැමිණීමට තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධිට කිසිසේත්ම ඉඩක් නැත. එයට හේතු කිහිපයක් තිබේ. පළමුවැන්න නම් එල්. ටී. ටී. ඊ. ය මෙහි කළ නීච දීන කෲර වැඩවල හැටියට එම සංවිධානයට සහාය පළ කළ නායකයකු ලෙස රෙද්දක් ඇඳගෙන මෙහි පැමිණීමේ අවකාශයක් කරුණානිධිට නැති වීම ය. රෙදි නැතිව එන පුද්ගලයන් කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන පර්යන්තයේදී රඳවා ගනු ලැබේ. අනෙක් අතට තමිල්නාඩුවේ සිටින කොටි හිතවාදීන් වන වයිකෝ ඇතුළු දේශපාලනඥයන් කරුණානිධිට මෙහි ඒමට කිසිසේත් ම ඉඩ දෙන්නේ ද නැත. කරුණානිධි මෙහි එන්නේ නම් කළ යුතු පළමුවැනි කටයුත්ත වන්නේ ස්වකීය කළු කණ්නාඩි දෙක පසෙකින් ගලවා තැබීම ය.

එවිට අඳුරට, අපැහැදිලිවට පෙනෙන සියලු දේ ප්‍රකෘති පාටින් ඔහුට පෙනෙන්නට පටන් ගනී. පසුගිය කාලයේදී ත්‍රස්තවාදීන් විසින් සංහාරය කෙරුණු සිංහලයන් දෙමළ ජාතිකයන් සහ මුස්ලිම් මිනිසුන්ගේ සිරුරුවලින් ගලා ගිය උණුසුම් රුධිරය පවා කරුණානිධිට පෙනුණේ කළු තාරවල පැහැයෙනි. ඒ නිසා කරුණානිධි මෙහි පැමිණීමෙන් ඵලක් නැත.

අනෙක් අතට මෙහි සිදුවෙමින් පවතින දේ දැකීමට කරුණානිධි කැමැති වනු ඇද්ද? මෙහි සිදු වන්නේ මෙයයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ බලවත් කැපවීම, රටෙි දේශපාලන නායකත්වයේ බලවත් අධිෂ්ඨානය වැනි කරුණු නිසා යුද්ධය ජයග්‍රහණය කරා ළඟා වෙමින් පවතී. කොටි ත්‍රස්තවාදීන් ඉතා භයානක ලෙස පරාජයට පත්වී ඇති අතර අවසන් ත්‍රස්තවාදියාත් විනාශ වන තුරු යුද හමුදාව සටන අත්හරින්නේ නැත. මෙතැනදී ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය දෙපා මුල පුපුරා යන අතර එහි කැබැලි අත්පාවල වැදීමෙන් කොටි හිතවාදී දෙමළ කොටස්වලට මෙන් ම සිංහල කොටස්වලට ද තුවාල සිදු වී තිබේ. මේ වු කලී දවල් හීන පවා සැබෑ වන අමුතු ම කාලයකි. කිලිනොච්චිය ඇල්ලීම ජනාධිපති මහින්ද රාජපකෂ මහතා දකින දවල් හීනයක් බව ප්‍රභාකරන් කීවේ ය. අන්තිමේදී එම දවල් හීනය සැබෑ වුණා පමණක් නොව යුද හමුදාව මුලතිව් ද අත්පත් කර ගත්තේ ය. පැරද පලා යන සතුරා නීචයෙකි. හේ මුලතිව් ආසන්නයේ පිහිටි විශාල ජලාශයක වේල්ලක් පුපුරුවා අවට පළාතම මහා දිය කඳකට බිලි කොට පලා ගියේ ය. කරුණානිධි මෙහි ආවොත් මේවාත් දැකීමට සිදු වන්නේ ය. ඒවා දරාගෙන ඔහුට සිටිය හැකිද? ඔහු සමඟ දේශපාලන සන්ධාන ගසාගෙන සිටින ජාතිවාදී දෙමළ පකෂවලට ඒවා දරා ගත හැකිද?

එබැවින් කරුණානිධි මෙහි පැමිණීමට කිසිදු ඉඩක් නැත. එහෙත් ප්‍රගතිශීලී ජයලලිතා මෙහි පැමිණීමට ඉඩ තිබේ. එතුමිය මේ ප්‍රශ්නයේ සැබෑ ස්වභාවය (කල්ගත වී හෝ) තේරුම් ගත් කාන්තාවකි. අදට මෙතැනින් නවතිමු.
(දිවයින-09/01/28)

Monday, January 26, 2009

යුද්ධය හා ත්‍රස්තවාදය

ආනන්ද සංගරී

මා ඉපදීමටත් පෙර මහත්මා ගාන්ධි තුමා විසින් ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුරදී පැවැසු දෙයක් සඳහන් කිරීමට කැමැත්තෙමි. එහිදී ඔහු කියා සිටියේ "ඉන්දියාව හා ශ්‍රී ලංකාව කිසිවිටකත් රණ්ඩු සරුවල් නොකළ යුතුයි" යනුවෙනි. මෙය තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. තවදුරටත් පවසන්නේ නම් ද්‍රවිඩ ජනතාව, තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව අතර පවතින අසාමාන්‍ය සම්බන්ධතාව පිළිබඳ නිතර සඳහන් කරන තැනැත්තා ඔබයි.

ශ්‍රී ලංකාවට පැමිණ මෙහි සිදු වන්නේ කුමක්දැයි දැක බලා ගන්නා ලෙසට ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විසින් කරන ලද ඇරුයුම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් දක්වන්නැයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙහි (ටී.යු.එල්.එෆ්) නායක වී. ආනන්ද සංගරී මහතා තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීම් කර තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානයට (ටී. එන්. ඒ.) අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම පවතින තත්ත්වය සම්බන්ධයෙන් මුළු මහත් තමිල්නාඩු ප්‍රාන්තයම නොමඟ යවා ඇති බවත්, එල්. ටී. ටී. ඊයේ සහායෙන් පාර්ලිමේන්තු ආසන ජයගත් නිසාම ඔවුනට ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පෙනී සීටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ආනන්ද සංගරී මහතා එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

එම ලිපියෙහි වැඩිදුරටත් මෙසේද ද සඳහන් කර තිබේ.

ඔවුන් (ටී.එන්.ඒ. පාර්ලිමේන්තු සාමාජිකයන්) ක්‍රියා කරනුයේ එල්.ටී.ටී.ඊයේ ගැත්තන් ලෙසයි. ඒ නිසාම ඔවුන් සිය තත්ත්වය නැති කර ගෙන තිබේ. එල්.ටී.ටී. ඊයේ කපටි හා දරුණු ක්‍රියාදාමයන් පිළිබඳව ද සානුකම්පිතව කටයුතු කිරීම නිසා ටී.එන්.ඒ. සාමාජිකයන් ද්‍රවිඩ ජනතාව අතර අප්‍රසාදයට ලක්ව තිබේ.

මගේ එකම උනන්දුව වී තිබෙන්නේ ජනතාවගේ සුබසාධනයයි. මා කිසිවකුගේ නියෝජිතයෙකු ලෙස පෙනී නොසිටින අතර රජය වෙනුවෙන් පෙනී සිටින්නෙකු ද නොවේ. සෑම කටයුත්තක් සම්බන්ධවම රජය සමග මගේ පුර්ණ එකඟත්වයක් නොමැත. එහෙත් එල්.ටී.ටී.ඊය තුරන් කිරීමේ ක්‍රියාදාමයට මාගේ නොමඳ සහාය මා ලබා දෙමි. මා එසේ කරනුයේ ඔවුන්ගේ දරුණු ක්‍රියාකාරකම් සියලු හරයන් හා සීමාවන් ඉක්මවා යෑම හේතුවෙනි. ඔවුන් හැත්තෑදහසේ සිට ලක්ෂයක් දක්වා වු මිනිස් ජීවිත විනාශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතුය. ඔවුන් වැන්දඹුවන් හා අනාථ දරුවන් දස දහස් ගණනක් ඇති කර තිබේ. තවත් දහස් ගණනක් වු ජනතාවට සිය පෙනීම නැති කර ගැනීමට හා අත් පා අහිමි කර ගැනීමටත් තවත් දහස් ගණනකට සිය ජීවිතයේ අරමුණ නැති කර ගැනීමටත් මොවුන් නිසා සිදුව තිබේ. ද්‍රවිඩ ජනතාවගේ නායකත්වයෙහි හිස් තැනක් ඇතිව තිබේ. ඉතා වැදගත් පුද්ගලයන්, විද්‍යාර්ථීන්, ගරු කටයුතු පුද්ගලයන්, දේශපාලන නායකයන් ඇතුළු බොහෝ දෙනකු මරා දමා හෝ රටෙන් පැන යන තත්ත්වයට පත් කර තිබේ.

ඔවුන් ආර්. සම්බන්ධන් වැනි අය තමිල් චෙල්වම් වැනි එල්.ටී.ටී.ඊ. නායකයන්ගෙන් නියෝග ලබා ගන්නා තත්ත්වයක් නිර්මාණය කළහ. සම්බන්ධන් මහතාගේ තත්ත්වය නැතිව ගියේ පීඩනය යටතේ සිතීමකින් තොරව ඔහු විසින් ගනු ලැබු යම් ක්‍රියාමාර්ග හේතුවෙනි. පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටත ඔහු විසින් සිදු කළ දේශන පකෂග්‍රාහී ඒවා වු අතර ඒවායේ එල්.ටී.ටී. ඊයට එරෙහිව එක් වදනක් හෝ අන්තර්ගත වුයේ කලාතුරකිනි. කිසිවකුටත් තවත් කෙනකු මරා දැමීමේ කිසිදු අයිතියක් නැත. එල්.ටී.ටී.ඊ. ය මගින් සිංහල ප්‍රජාවට අයත් ගැබිනි මවුවරුන්, ළමුන් විශාල පිරිසක්, අහිංසක සේවකයන්, පාසල් ළමුන් මරා දැමුයේ හමුදාව ඉලක්ක කර ගෙන එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාර මගිනි. කාලයක් අත්පත් කර ගෙන සිටි වන්නියෙහි භුමි ප්‍රමාණයෙන් සියයට 95 ක්ම එල්.ටී.ටී.ඊ. යට අහිමිව ගොස් ඇති අතර දැන් ඔවුන් මුලතිව් මැතිවරණ කොටිඨාසයේ කුඩා ප්‍රදේශයකට සීමා වී සිටියි. පවතින තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව විමර්ශනය කරමින් සිටියි. ඉන්දීය රජයටද ඔවුන්ගේම දුත සේවාවක් පවතී.

දැන් සත්‍යය කුමක්දැයි සමස්ත ලෝකයාටම අවබෝධ වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව මුහුණ පාන අසීරුතාවන් පිළිබඳව රජයට දෝෂාරෝපණය එල්ල කරන ගමන් සම්බන්ධන් මහතා පාසල්, රෝහල් හෝ පානීය ජලය පවා සීමිත මටිටමක පවතින දුෂ්කර ගම්මානයක වෙසෙන දෙලකෂ පනස් දහසක ජනයා අත්අඩංගුවට ගැනීමේ එල්.ටී.ටී.ඊ. ක්‍රියා කලාපයද හෙළා දැකිය යුතුය.

එල්.ටී.ටී.ඊ. යට සහාය දක්වමින් එල්.ටී.ටී.ඊ. ය බේරා ගැනීම සඳහා කරුණු සඟවමින් තමිල්නාඩුව නොමඟ යැවීම පිළිබඳව මා ද්‍රවිඩ ජාතික සන්ධානයට චෝදනා කරමි.

මා උපතින්ම ද්‍රවිඩ ජාතිකයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු අයෙක්මි. සෑම ඉන්දියානුවෙක්ම තමන් ඉන්දියානුවෙකු බව ආඩම්බරයෙන් පවසන අයුරින් මාද එසේ කරන ශ්‍රී ලාංකිකයෙකි. මා පැවත එනුයේ වාර්ගික අර්බුදය මත හානියට පත් වු ප්‍රජාවකිනි. මා කිසි විටක මගේ රටින් පැන ගොස් නොමැත. මෙම යුද්ධයෙහි අවසාන අදියරවලදී වඩාත් පීඩාවට පත්වු ජනකාය වනුයේ කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල ජනතාවයි. වෙනත් කිසිවකුටත් වඩා අඩු නොවන අයුරින් වන්නියේ ජනතාවගේ වැඩි කොටසකගේ නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තුවේ සිටි මා වන්නි ජනතාව ගැන සැලකිල්ලක් දක්වමි. මං අවංකව දරන මතය නම් මෙම අවස්ථාවේදී යුද්ධය නතර කරන ලෙස ඉල්ලා සිටීම දුර්වල හා යුක්තිසහගත නොවන ඉල්ලීමක් බවයි.

ශ්‍රී ලංකා රජය සටන් වදිනුයේ දරුණු ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිවයි. මෙම ත්‍රස්තවාදීන් මෙරට ද්‍රවිඩ ජනතාවගේ ආර්ථිකය, අධ්‍යාපනය හා සංස්කෘතිය විනාශ කළා.

වන්නියේ ජනතාව එල්. ටී. ටී. ඊ. යෙන් නිදහස් වීම සඳහා දිගු කලක් බලා සිටි බව තමිල්නාඩුවේ කිසිවකු දන්නේ නම් ඒ කලාතුරකිනි. ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීම සඳහා තමිල්නාඩුව දැඩි සේ උනන්දු වන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ හා ශ්‍රී ලාංකිකයන්ගේද පුර්ණ සහාය හිමිවනු ඇත. එවැනි තත්ත්වයක් තුල ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයට ඵලදායි විසඳුමක් සොයා ගැනීම සඳහා පැහැදිලි ලෙස ප්‍රතිචාර දක්වන්නේ නම් එහි ප්‍රතිඵලය වශයෙන් තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව එකිනෙකා හා තවත් ළංවනු ඇත.

මා ඉපදීමටත් පෙර මහත්මා ගාන්ධි තුමා විසින් ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුරදී පැවැසු දෙයක් සඳහන් කිරීමට කැමැත්තෙමි. එහිදී ඔහු කියා සිටියේ "ඉන්දියාව හා ශ්‍රී ලංකාව කිසිවිටකත් රණ්ඩු සරුවල් නොකළ යුතුයි" යනුවෙනි. මෙය තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. තවදුරටත් පවසන්නේ නම් ද්‍රවිඩ ජනතාව, තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව අතර පවතින අසාමාන්‍ය සම්බන්ධතාව පිළිබඳ නිතර සඳහන් කරන තැනැත්තා ඔබයි.

සිංහල ජනතාව තමිල්නාඩුවෙහි මදුරෙහි හී ජනතාව හා ශ්‍රී ලංකාව් සිංහල බෞද්ධ ජනතාව අදහන පත්තිනි ඇදහිල්ල (කන්නගී) අතර පවතින අසාමාන්‍ය සම්බන්ධතාව පිළිබඳ ඔබ හෝ තමිල්නාඩුවේ වෙසෙන වෙනත් කිසිවකු දැන සිටිනවාදැයි මා නොදනිමි.

මෙරට වාර්ගික ප්‍රශ්නය තීරණාත්මක අදියරට පැමිණ ඇති බව අමුතුවෙන් පැවැසිය යුතුව නැත. ඔබ මෙරටට පැමිණීමෙන් ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට උපකාර වන බවට මා තුළ සර්ව ශුභවාදී හැඟීමක් පවතී.


පරිවර්තනය : ඒමන්ති මාරඹේ
(09/01/27)

Thursday, January 22, 2009

මාධ්‍යය බියෙන් නිදහස් වීම!

අද හිමිදිරියේ රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. අප දන්න පරිදි ඔහු කොටින්ට පක්ෂපාති අයෙක් නොවේ. රජයේ යුද මෙහෙයුම් ගරහන්නෙක් හෝ හමුදා ජයග්‍රහණ දැක කුලප්පු වන්නකු ද නොවේ. එහෙයින් මේ ප්‍රහාරය ආණ්ඩුවට පැවරීමට ලංකා මාධ්‍ය ව්‍යාපාරිකයින්ට අමාරු ය. ලිප්ටන් වට රවුමට පැමිණි ටිකක් කෑ ගසා ඒ ඡායා රූප යුරෝපයට යවා යමක් කමක් උපයා ගන්නට ද අමාරු ය. එහෙත් ටිකක් හිතුවොත් අමාරු ද නැත. මේ ඒ සඳහා ගුරුකමකි.

ඔවුන්ට මෙසේ කීමට හැකි ය.මෙය ද ආණ්ඩුවේ වැඩකි. පෙර සිදු මාධ්‍ය මර්දන සහ ඝාතන පර්යේෂණ නොමඟ යැවීමයට ආණ්ඩුව අත යටින් දුන් ගේමකි මේ. රජයේ විරුද්ධවාදීන් මේ කටයුතු පසුපස සිටින බව පෙන්වීමට ඔවුන් මෙය කර ඇත. ඒ නිසා ඔහුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර නැත. මෙය ප්‍රහාරය පසුපස මහසෝන් බලකාය ඇත. එමෙන් ම කරුණා පාර්ශවයේ පිරිසක් ද මීට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත. මෙසේ පවසා අද සිදුවූ ප්‍රහාරය ද ආණ්ඩුව මත පැවරීමට හැකි ය. දැන් සති අන්තයේ කතු වැකියක් කියවමු.

ජනාධිපති මහින්ද රාජපකෂ මහතා පසුගිය 14 වැනිදා රජයේ හා පෞද්ගලික අංශයේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති විශේෂ හමුවකදී ප්‍රකාශ කර තිබුණේ මේ රටේ මාධ්‍යවලට, රජයට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවය. එසේම ත්‍රස්තවාදීන්ට වාසි වන අයුරින් මාධ්‍ය හැසිරවීමෙන් වළකින ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබිණි.

පසුගිය දිනවල මේ රටේ මාධ්‍ය කෙෂ්ත්‍රය තුළ පමණක් නොව දේශපාලන හා සමාජ කෙෂ්ත්‍රයන්හි ද බරපතල ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් විය. සිරස ආයතනයට පහර දීම හා සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා නාඳුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය වීමය. මේ සිදුවීම් දෙක පිළිබඳවම විපකෂයේ මෙන්ම සමහරුන්ගේ ද ඇඟිලි දිගු වන්නේ රජයටය.

ජනමාධ්‍ය ආයතන තුළ මෙන්ම ජනමාධ්‍යවේදීන් තුළ ද එම භීෂණයේ කම්පනය මුළුමනින්ම පහවී නැති බවද ඇත්තය. ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් කැඳවා ඔවුන් තුළට කාන්දු වී තිබෙන බිය සැක දුරු කිරීම අප අගයන්නේ ද එහෙයිනි.

ජනාධිපතිවරයා ලෙස රටේ නායකයා විසින් දෙනු ලබන ප්‍රතිඥාවක්, සහතිකයක් බැහැර කිරීමට අපට හේතු නැත. එහෙත් ජනාධිපතිවරයා පවා සිහිනෙන්වත් නොසිතන අන්දමේ බිහිසුණු ඝාතන, පහරදීම් සිදු වන්නේ කෙසේද? ජනාධිපතිවරයා මෙන්ම රජයේ ප්‍රධානීන් ද පවසන අන්දමට යුද ජයග්‍රහණ ලබමින් ජන ප්‍රසාදයේ ඉහළින්ම සිටින රජයකට එබඳු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ලැබෙන ප්‍රයෝජනයක් ද නැත. එහෙත් රජයේ කීර්තිය පළුදු කිරීම සඳහා එබඳු දේවල් සැලසුම් කිරීමට ද බාධාවක් නැත.

මෙම මානුෂික මෙහෙයුම් ආරම්භයේදී ඇතැම් මාධ්‍යවලින් රජයට ලැබුණේ විවේචන පමණි. සමහර විදෙස් මාධ්‍යවල අනාවැකිය වුයේද කිළිනොච්චිය ජය ගත නොහැකි බවය. තමිල්නාඩුව පසුපස සැඟවුණු බලවේග ක්‍රියාත්මක වු අයුරු ද අපට මතකය. ඒ අනුව රජයේ විජයග්‍රහණයට මාධ්‍යවලින් ප්‍රබල බලපෑමක් වු බවක් ද කිව නොහැකිය. එහෙත් දෑන් දෙස් විදෙස් සියලුම මාධ්‍ය රජයේ විජයග්‍රහණ ප්‍රතික්ෂේප නොකරයි.

තතු එසේ වුවද ප්‍රකාශන නිදහස යනු නිදහස් චින්තනයේ උල්පත තුළින්ම ගලා එන සුනිල දිය දහරකි යන්න අපගේ විශ්වාසය හා පිළිගැනීම ද වේ. ඒ සඳහා කිසිදු බාධාවක් හෝ අවහිරයක් ද තිබිය යුතු නැත. රජයෙන් එයට බාධාවක් නොවුවත් වෙනත් අදිසි බලවේගයකින් එයට බාධා සිදු වේ නම් එය වැළැක්වීම භාර වන්නේ ද රජයටය.

මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි දීමට කැපවු බව සමාජය අබියස නිරුපණය කරන ඇතැම් අයගේ ද ක්‍රියාකාරකම් දෑන් දෑන් හෙළි වෙමින් තිබේ. මාධ්‍ය නිදහස මුවාවෙන් ඇතැමෙක් ලද ප්‍රතිලාභ දෙස බලද්දී ඒ සඳහා අවංකවම කැපවු කෙනෙකු තුළ ඇති වන්නේ කලකිරීමට වඩා ලැ-ජාවක් ද විය හැකිය. එකී මාධ්‍ය ව්‍යාපාර හිමිකරුවන්ට හසුවීමේ ලැ-ජාව හා තැවුල බොහෝ දෙනෙකුට තිබෙන්නකි.

මේ රටේ මාධ්‍ය භාවිතය මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳ සාධාරණ හා යුක්ති සහගත විවේචන තිබේ. මාධ්‍ය මර්දනයට බොහෝ පාලකයන් විසින් දක්වන ලද කැමැත්ත හා ඇතැම් මාධ්‍යවේදීන් බිලි ගන්නා ලද ආකාරය පිළිබඳ ඉතිහාසය ද ඉතා පැහැදිලිය. මාධ්‍ය ආයතන සීල් තැබීම, ගිනි තැබීම, වසා දෑමීම මෙන්ම බිය ගැන්වීම, හීලෑකර ගැනීමට මාන බැලීම යනාදී බොහෝ දේ සඳහා බොහෝ අය දායක වු බව ද නොරහසකි.

මේ සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම පිළිබඳ අනවබෝධයත් දේශපාලන මුග්ධභාවයත් නිසාම සිදු වන දේවල්ය. එහෙත් අවමන් සහිත ඉතිහාසය වළලා දමා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැංවීම රජයක මෙන්ම මාධ්‍යවේදීන්ගේ ද වගකීම හා යුතුකමය.

මාධ්‍ය නිදහස යනු සාපේකෂක දෙයකි. ලොව දියුණු යැයි කියැවෙන රටවල පවා මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදු වන හිරිහැර, බාධා පිළිබඳව ද වාර්තා වේ. එසේම මාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම නොතකා ක්‍රියාකරන ලද අවස්ථා ද වේ. "වගකීමේ මාධ්‍ය කලාව" සහ සංකල්පය බැහැර වීම එයට හේතුවය.

පාලකයන් සමග නිරන්තරව ගැටුම්වලට යන මාධ්‍ය සංස්කෘතියක් මෙන්ම මාධ්‍යවලට බලපෑම් කරන දේශපාලන සංස්කෘතියක් ද එකසේ රටකට අහිතකරය. විශේෂයෙන් රටක් ජාතික අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවක මාධ්‍යවලට පැවරෙන වගකීම් ද බොහෝය. මාධ්‍ය යනු සිව්වැනි ආණ්ඩුව ලෙස හැඳින්වෙන්නේ ද මාධ්‍යයට තිබෙන වගකීම හා බලය ද නිසාය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපගේ දෑනුම හා අත්දෑකීම කෙබඳු වුවද අපට තවමත් එහි ප්‍රබල මුලධර්මයක් වන අදහස් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අවබෝධයක් නැත. අතිශයෝක්තියෙන් කෙරෙන වර්ණනා මෙන්ම පැසසුම් ද පමණක් ඇසීමට හුරු වී තිබෙන දේශපාලන සංස්කෘතියක් තුළ මාධ්‍ය නිදහස යනු උභතෝකෝටිකයක් පමණි.

කෙසේ හෝ ජනාධිපතිවරයා සඳහන් කළ පරිදිම මාධ්‍ය බියෙන් නිදහස් වීම මෙන්ම ඒ සඳහා උචිත වාතාවරණයක් සැකසීම ද රජයේ වගකීමය. රාජ්‍ය බලය මාධ්‍ය මර්දනය සඳහා යොදා ගැනීමේ අපකීර්තිමත් වාර්තාවලට ද ඉඩ නොතැබිය යුතුය. රජය හා මාධ්‍ය අතර සහ සම්බන්ධයක් තිබිය යුතු අතරම රජයට ද මාධ්‍ය පිළිබඳ සතුරු ආකල්ප නොතිබිය යුතුය.

ජනප්‍රසාදයට පත්වන කිසිම රජයක් මාධ්‍ය මගින් අප්‍රසාදයට ලක් කිරීමට හැකි වේ යැයි අපි නො සිතමු.
(ඉරිදා දිවයින-09/01/18)

Wednesday, January 21, 2009

ත්‍රස්ත සංචාරකයෝ

ඉතා ඈත කාලයේ පටන් සංචාරක පුරවරයක්ව තිබු ශ්‍රී ලංකාවේ, එකී කර්මාන්තය පිළිබඳ අවසාන විග්‍රහය මෙසේ විය හැකි ය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කොටස් කිහිපයකට බෙදී තිබේ. එයින් පළමුවැන්න යුරෝපයේ සීත කාලය මගහැරීම සඳහා යුරෝපීය වැසියන් මෙහි පැමිණීම ය. එය සීමාසහිත කාලයකි. යුරෝපය රත්වු වහාම සංචාරකයෝ නැවත එහි යති. දෙවැන්න, පුරාවස්තු නැරඹීමට අවුරුද්දේ මාස 12 තිස්සේ ම මෙහි එන සංචාරක පිරිස් ය. ඊළඟට ඉකෝ ටුවරිසම් හෙවත් පරිසරය සහ ජෛව විවිධත්වය නැරඹීමට මෙහි එන සංචාරක පිරිසක් ද වෙති. ඒ අතර ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට සහ බුදු දහම ඉගෙන ගැනීම සඳහා මෙහි එන සංචාරකයෝ ද වෙති. ඒ අතර ඉන්ටර්නෙටි බලා ගණිකාවන් සොයා මෙහි එන නාකි කඩමාලු සංචාරකයෝ ද වෙති.

මේ සියල්ලට පසු 1983 න් අනතුරුව අලුත් සංචාරක ස්ථරයක් ඇතිවිය. ත්‍රස්ත සංචාරක ව්‍යාපාරය ලෙස මෙය හැඳින්විය හැකි ය. මේ සංචාරකයන්ගේ ප්‍රධාන කටයුත්ත වුයේ යුද්ධය නැරඹීම සඳහා නිල වශයෙන් උතුරට හා නැගෙනහිරට යෑම ය. ඔවුන් අතුරින් වැඩි දෙනා ආවේ නෝර්වේ රටිනි. ඊට අමතරව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට අයත් උදවිය ද මේ සංචාරක කටයුතුවල නිරත වුහ. කොළඹට එන ඔවුහු ආණ්ඩුවේ හෙළිකොප්ටර්වල නැඟ කිලිනොච්චියට ඇතුළු වුහ. නැතහොත් ඕමන්තේ මුර පොළින් කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වුහ. ඔවුන් ඒ සංචාරයේදී දැකීමට වැඩියෙන් ප්‍රිය කළ සතා ප්‍රභාකරන් ය. කිලිනොච්චියේ කොටි මුලස්ථානයේදී ප්‍රභාකරන්ට අමතරව පොටිටු අම්මන්, තමිල් සෙල්වන්, කිටිටු, ඇන්ටන් බාලසිංහම්, නඩේසන් වැනි සත්තු ද ඔවුනට දැක ගත හැකි විය. මේ සතුන් අතරට ගිය සැණින් සංචාරකයෝද සත්තු බවට පත් වුහ. හොඳම උදාහරණය නෝර්වේ සිට පැමිණි එරික් සෝල්හයිම් ය. ශ්‍රී ලංකාව දෙකට කැඩිය යුතු බවට ඇති කොටි මතයට එකඟ වෙමින් තෙමේ ද වන සිවුපාවකු බවට පත් විය. ඊළඟට මෙහි පැමිණි සටන් විරාම නිරීකෂණ කමිටුව ද කොටි බවට පත් වුහ.

ඊයේ (21දා) මෙහි පැමිණි ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මැතිතුමා ද ත්‍රස්ත සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පැවැති කාලයේදී මෙහි ආ ගිය කදිම මහතෙකි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සම්බන්ධයක් තිබේ. ඒ සම්බන්ධය දෙවන ලෝක යුද සමය දක්වා ඈතට යයි. දෙවන ලෝක යුද්ධයේදී පීඩාවට පත් රටවල් එක්ව යුද්ධයේ වගඋත්තරකාරයකු වු ජපානයට දඬුවම් කළ යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමට තැත් කරන කල්හි ඊට එරෙහි වු ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතා බණ පදයක් කියා ජපානය බේරා ගැනීම ප්‍රසිද්ධ කතාවකි. (සමහර විට ජේ. ආර් මැතිතුමා ගැන ඇති ප්‍රසිද්ධම කතාව එය විය හැකිය.) අකාෂි මහතා මේ සියල්ල සිහිපත් කරමින් සටන් විරාම කාලයේදීත් ඉන් පසුත් මෙහි ආ ගිය මහතෙකි. එසේම යුද්ධය නවත්වන ලෙස ලංකාවට අනියමින් බල කරමින් අපට දීමට නියමිතව තිබු විදේශාධාර පවා පමා කිරිමට හේතු වු වැදගත් මහතෙකි. එ බැවින් මේ මහතාට ජේ. ආර්. කියු බණ පදයම කියා ඔහු උතුරට හා නැගෙනහිරට ගෙන ගොස් පෙන්වා ත්‍රස්තවාදීන් කළ විනාශය පැහැදිලි කරදීම රජයේ යුතුකමකි. එසේම ඔහුටද ත්‍රස්ත සංචාරකයකු ලෙස සලකා ගුවන් මගින් එහා මෙහා යෑමට ඉඩ දීම නොවේ. මෙවැනි විදේශිකයන්ගේ ගමන්වලින් ආණ්ඩුව නිසි ප්‍රයෝජන නෙළාගත යුතුව ඇත. මේ වෙලාවේදී අපට අවශ්‍ය දුක සැප බැලීමට එන විදේශිකයන් නොවේ. ඇත්තටම උපකාර පිණිස එන අවංක අය ය.
(දිවයින-09/01/22)

Tuesday, January 20, 2009

ශ්‍රී ලංකාවට එරෙහි වන අයට දුටු තැන වෙඩි තබනු !

තමිල්නාඩුව ඉතිහාසයේ නිවැරදිම තීන්දුව ගෙන ඇත. එහෙත් ඒ තීරණය මුලින් ම ගත යුතුව තිබුණේ ලංකා ආණ්ඩුව ය. ඉන් කම් නැත. තව ම පමා නැත. මුලතිව් ජය ගත් වහා ලංකා ආණ්ඩුව ගත යුතු පළමු තීන්දුව ද එයම ය. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ සැමට මේ බිමේ නිදහසේ සමගියෙන් ජීවත්වන්නට හැක්කේ එදාට ය. දැන් අද කතුවැකිය කියවමු.

ශ්‍රී ලංකාවට එරෙහි වන අයට දුටු තැන වෙඩි තබනු යනුවෙන් නියෝගයක් ශ්‍රී ලංකාවේ පැනවිය හැකිද? යම් හෙයකින් එබඳු නියෝගයක් පැනවුවහොත් කුමකින් කුමක් සිදුවිය හැකිද? මානව හිමිකම්කාරයෝ ඇඳිවතත් අමතකව මානව ප්‍රේමයෙන්, උමතු වී දිවගෙන නො එත් ද? රාජ්‍ය නො වන සංවිධානවල ඩොලර්යා චකයෝ ලිප්ටන් වටරවුමට හෝ කොටුව දුම්රිය නැවතුම අබියසට හෝ නො එත්ද? නිසැක වශයෙන් ම ඒ සකලවිධ සංවිධාන බලමුළුගැන් වී කොලහල කරනු ඇත. එහෙත් එබඳු නියෝගයක් කර තිබේ. ඒ වෙනින් කවුරුවත් නොව තමිල්නාඩුවයි.

තමිල්නාඩුවේ වල්ලිපුරම් හා කඩලෝර් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වන ලද විරෝධතාවට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහාය පළකිරීම බව ද කියති. මේ සහාය පළකිරීම සඳහා විරෝධතාකරුවන් භාවිත කර ඇත්තේ ඉන්දියාවේ විශිෂ්ටයකු වු මහත්මා ගාන්ධිගේ අහිංසා පිළිවෙත නොව ආසියාවටම විපතක් වු ප්‍රභාකරන්ගේ පිළිවෙත බව ද පෙනේ.

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධතාව කොටි රුකඩවල මෙහෙයුමක් බවට සැක නැත. මුලතිව්වල හිර වී සිටින ප්‍රභාකරන් වෙනුවෙන් දැනටමත් විවිධ දුෂ්ට මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ද තිබේ. උතුරට වදින විට බටහිරට මෙන්ම ආසියාවේ අපේම ඇතැමුන්ට රිදෙන බව අපි අත්දැකීමෙන් ම දනිමු. මේ බොහෝ දෙනෙක් දිස්ටි හෙළන්නේ තමිල්නාඩුවට ය. තමිල්නාඩුව ඇවිස්සෙන විට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ද තරමක් නොව හොඳට ම කලබල වන බව ද අපි දනිමු.

තමිල්නාඩු වී. සී. කේ. පකෂයේ නායක තොල් තිරුමාවලවන් ද ප්‍රභාකරන් වෙනුවෙන් උපවාසයක් කර බැරිම තැන එය අතහැර දමා කියා සිටියේ ඉන්දියාව හෝ ලංකාව ඔහු ගණන් නො ගන්නා බවකි. කතාව ඇත්ත ය. මේ වර්ගයේ විහිළුකාරයන්ට සවන්දීම විහිළුවක් නොව බරපතල අවදානමක් බව ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ද ප්‍රත්‍යකෂ කරගෙන තිබේ.

පසුගියදා මෙරටට පැමිණි ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් ශිවශංකර්මෙනන් මහතා ද ශ්‍රී ලංකාවේ පිළිවෙත අනුමත කර තිබේ. ප්‍රභාකරන් පරදවන තෙක් දෙමළ ජනතාවට විමුක්තියක් නැති බව ද අද ඉන්දියාව පසක් කරගෙන ඇත. ඉන්දියාවේ ඇඟිල්ලක් වැනි තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගැන වැඩිපුර ඉදිමීම මෝඩකමක් වග දැන් තමිල්නාඩුවට ද ඒත්තු ගොස් තිබෙන බව මේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වේ.

තමිල්නාඩුවේ අලුත් වෙනස පිළිබඳව සතුටු වන අප ඔවුන්ගෙන් ඉල්ලීමක් ද කරමු. තමිල්නාඩුව සැබැවින් ම දෙමළ ජනතාවට ආදරේ කරන්නේ නම් මුලින් ම කළ යුත්තේ ඔවුන් ප්‍රභාකරන්ගෙන් බේරා ගැනීම ය. ප්‍රභාකරන්ගේ දුෂ්ට ඊළාමය වෙනුවෙන් මේ රටේ දෙමළ ජන නායකයෝ කොපමණ පිරිසක් දිවි දුන්නෝද? කොටින්ම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නිසා දෙමළ ජනතාවට ලැබුණ විමුක්තියක් තිබේද?

දැනුත් මුලතිව්වල දෙමළ ජනතාව ප්‍රභාකරන්ගේ හිරකරුවන් බවට පත්ව නො සිටිත් ද? ඔවුන්ට ඒ ප්‍රදේශවලින් පිටව යෑමට ඉඩ දෙන්නැයි කෙරෙන ඉල්ලීමට ප්‍රභාකරන් ඉඩ දෙන්නේද? මේ හැර දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඔහුගේ නමින් හා පවුලේ නමින් බැංකු ගිණුම්වල කෝටි ගණනින් තිබෙන බව ද කියති. ලොව පුරා දෙමළ ජනයාගේ දහදිය මහන්සිය එසේ තමන්ගේ ගිණුම්වල දාගන්නා විමුක්තිකාමීන් ගැන අප නම් අසා නැත.

කෙසේ හෝ ප්‍රභාකරන් සහ ඔහුගේ ත්‍රස්තවාදය නමැති නැව දැන් මුලතිව් අවට මුහුදෙහි ම ගිලෙමින් තිබෙන බව නම් පැහැදිලි ය. ඒ ගිලෙන නැවේ කුඹ ගස උඩ හෝ සිට දුංකුඩු උරන්නෝ ද තවමත් නො සිටිති යි අපි නො කියමු. නැවේ සිටි හොඳ පිහිනුම්කරුවෝ දියඹට පැන කෙම්බිම්වලට ගොස් සිටිති. එහි සිටින මීයෝ ද දියට පනිමින් සිටිති. ප්‍රභාකරන් සමඟ නැවම ගිලෙද්දී නැව ගිලුනත් බෑන් චුන් කීමට තමිල්නාඩුව ද සුදානම් විය යුතු නැත.

ශ්‍රී ලංකාවට එරෙහි වන අයට දුටු තැන වෙඩි තබනු යන හඬ තමිල්නාඩුවෙන් නැඟෙද්දී ශ්‍රී ලංකාව තුළ සිට ම ශ්‍රී ලංකාවට එරෙහි වන අය තුළ තැතිගැන්මක් ඇතිවීම ද නො වැළැක්විය හැකි ය.
(දිවයින09/01/21)

Monday, January 19, 2009

ලෝකයට ඔබාමා බරක් නො විය යුත්තේ ඇයි?

එක්දහස් හත්සිය හැටපහේදී ප්‍රංශයේදී ඉපිද එංගලන්තයේ පදිංචිය ලබා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් අධ්‍යාපනය ලැබ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ කීර්තිමත් කෝටිපති විද්‍යාඥයකු බවට පත් ස්මිත්සන් ජේම්ස් නමැත්තා 1829 දී මියයෑමට දින කිහිපයකට පෙර සිය අන්තිම කැමැති පත්‍රයේ මෙසේ ලිවීය: "ජාතිය ආගම හෝ තරාතිරම නො බලා මනුෂ්‍යයන්ගේ දකෂකම්වලට පමණක් සලකන රටක් මිහිපිට තිබේ. ඒ රට ඇමරිකා එක්සත් ජනපදයයි. මා මේ රටට කවදාවත් පා තබා නැත. එහෙත් මේ රට සතු උතුම් ගුණාංගයන් සලකා මගේ දේපලවලින් ඩොලර් පනස් ලකෂයක් හා සමාන මුදලක් එම රටට පරිත්‍යාග කරමි."

මේ ත්‍යාගය භාරගත් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ලෝකයේ හොඳම කෞතුකාගාර සමුහය වු ස්මිත්සෝනියන් කෞතුකාගාර සමුහය පිහිටුවීම සඳහා එම මුදල යෙදවී ය. ඇමරිකාවේ වොෂිංටන් ඩී. සී. නුවර කොංග්‍රස් ගොඩනැඟිල්ල ඉදිරිපිට අදටත් අසකුගේ පිට නැගී කොංග්‍රස් ගොඩනැඟිල්ල දෙස බලා සිටින වියපත් මහතකුගේ ප්‍රතිමාවක් තිබේ. මේ ප්‍රතිමාව ස්මිත්සන් ජේම්ස්ගේ ප්‍රතිමාව ය.

ස්මිත්සන් ජේම්ස් ජීවත් වු කාලය ජෝර්ජ්බුෂ් නැති, ඔසාමා බින් ලාදින් නැති, ප්‍රභාකරන් ගැන ආරංචියක් පවා නො තිබු, වහල් වෙළෙඳාම සහ යටත් විජිතවාදය නමැති කලු පැල්ලම් දෙක පමණක් තිබු කාලයකි. අහල පහල රටවලින් ඉතා ලාබෙට ඉඩම් මිලට ගෙන ඇමරිකාව විශාල කිරීම ඇරඹි තිබුණේ මේ කාලයේ ය. ඇමරිකාව ඒ රටෙි වැසියන් විසින් ගොඩනංවන ලද්දේ ජාතිය ගැන නො සළකා සියලු රටවලින් ජනයා ගෙන්වාගෙන භුමිය පමණක් ප්‍රධාන සාධකය ලෙස සලකා ගෙන ය. ඇමරිකාව නරක රටක්ව පැවැතියේ වහල් වෙළෙඳාම සිදු වු කාලයේදී පමණි. එහෙත් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති වු පසු වහල් වෙළෙඳාමට එරෙහිව අභීත සටනක් කළ අතර වහලුන්ට නිදහස හා ඡන්ද බලය ලැබිණ. එහෙත් ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට ලින්කන්ට සිදුවිය. ඔහුට වෙඩි තබා මරණ ලදී.

ඇමරිකාව විසින් ස්වකීය කෙටි ඉතිහාසය තුළ නිර්මාණය කරන ලද පුවත් දෙකක් තිබේ. මේ දෙකම කවදාවත් සිදු නො වන බවට විශ්වාස කෙරුණු ඒවා ය. එයින් පළමුවැන්න ඇමරිකාවට සදා ජය ගැනීමට හැකි වීම ය. දෙවැන්න කලු ජාතිකයකු ඒ රටේ ජනාධිපති වීම ය. මීට පෙර ජාතික නායකත්වයකට පැමිණීමට තැත් කළ මාටින් ලුතර් කිං නමැති කලු ජාතික ඇමරිකානුවාට වෙඩි තබා මරණ ලදී. ඊට පසු ජාතික නායකත්වයකට පැමිණීමට තැත් කළ ජෙසී ජැක්සන් නමැති කලු ජාතිකයාට ද එය කරගත නො හැකි විය.

බරක් ඔබාමා ඇමරිකානු ඉතිහාසයේ, අප්‍රිකානු සම්භවයක් සහිත ප්‍රථම ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ මේ පසුබිම තුළ සිට ය. ඒ අතර ඔහු ජනාධිපති වන මේ මොහොත ලෝකයේ ඉතාම නරක තැනට පත්වී ඇති අවස්ථාවකි. ත්‍රස්තවාදය විසින් ලෝකය විනාශයට පත් කරමින් සිටිනු ලබන මොහොතකි මේ: ඇමරිකානු ව්‍යාප්තවාදය පැතිර යමින් පවත්නා මොහොතකි මේ. ඉරාකයට හා ඇෆ්ගනිස්ථානයට බෝම්බ දමමින් මුළු ලෝකයම තම අණසක යටතට ගනිමින් ජෝර්ජ් බුෂ් ලෝකයට ම බරක් වීමට පටන් ගත්තේ ය. ඇමරිකාව මුල් වරට වෙනත් ජාතියකට බරක් බවට පත්වුයේ ඇමරිකාවේ ම ස්වදේශික ජනතාව වු රතු ඉන්දියානුවන්ගේ ඉඩම් උදුරා ගැනීමෙනි. වියටිනාම් යුද්ධයේදී ඇමරිකාව මුළු ලෝකයටම එපා විය. ගාසා තීරයට ඊශ්‍රායලය පහර දෙන විට, ළමයින් මරණ විට ඇමරිකාව එයට විරුද්ධ වුයේ නැත. ඒ බුෂ්ගේ ඇමරිකාවයි. ඔබාමාගේ ඇමරිකාව ඉතා ප්‍රගතිශීලී ඇමරිකාවක් වනු දැක්ම ලෝකවාසීන්ගේ අභිප්‍රායයයි. ඔබාමා ලෝකයට බරක් නොවේවා!
(දිවයින-09/01/20)

Sunday, January 18, 2009

මීළඟ නිදහස් දිනය හොඳම නිදහස් දිනයයි

ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී ශිවශංකර් මෙනන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය සිකුරාදා (16 දා) වුවද ඉන්දියානු රජයේ බලසම්පන්න නියෝජිතයකු මෙහි පැමිණීමට නියමිතව තිබුණේ ඊට බොහෝ පෙර, මුම්බායි ප්‍රහාරයටත් කලිනි. ඉන්දියානු බලවතකු මෙහි පැමිණ යුද්ධය නවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපකෂ මහතාට බල කරනු ඇතැයි මේ රටෙි ඇතැම් දේශද්‍රෝහී දේශපාලන පකෂ සහ එන්. ජී. ඕ. සමුහ ව්‍යාපාර උඩ පනිමින් සිටියහ. ශ්‍රී ලංකාවට බලපෑම් නො කරන්නේ මන්දැයි මෙයින් සමහරු තමිල්නාඩුවේ මහ ඇමැති මුතුවේල් කරුණානිධිගෙන් ප්‍රශ්න කළහ.

එවිට නවදිල්ලියට දිව ගිය කරුණානිධි තමාගේ ගැලවීම සඳහා වත් රජයේ නියෝජිතයකු ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලා සිටියේ ය. කරුණානිධි සනසා තමිල්නාඩුවට යැවු ඉන්දියානු මධ්‍යම රජය ඉන්දියානු විදේශ ඇමැති, ආරකෂක ලේකම් හෝ විදේශ ලේකම් මෙහි එවීමට තීරණය කළේය. ඒ බව මේ රටෙි මෙන්ම ඉන්දියානු පුවත්පත්වල ද පළ විය. කරච්චියෙන් පිටත් වු මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් බෝටිටුවක නැඟී මුම්බායි නගරයට වැද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර විශාල පිරිසක් මරා මුළු ලෝකයේම ඇස් ඉන්දියාව දෙසට හරවන්නේ මෙවිට ය. එහිදී වෙනත් රටවල් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි ක්‍රියාමාර්ග ගැන තවදුරටත් කතා කිරීමේ චර්යාත්මක අයිතිය ඉන්දියාවට අහිමි විය. එසේම කරුණානිධිට ද කටඋත්තර නැති විය. එතැන් සිට ඉන්දියාවේ අලුත්ම ඉල්ලීම වුයේ ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට භාරදෙන ලෙස ය.

මුම්බායි නුවර ත්‍රස්ත ගිනිදැල් නිවී යෑමත් සමඟම ඉන්දීය බලවතකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව යළි මතු විය. ශ්‍රී ශිවශංකර් මෙනන් නමැති කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයා ඉකුත් සිකුරාදා මෙහි එන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් මෙහි පැමිණි ඒ මහතා ඇතැම් දේශද්‍රෝහී දේශපාලන පකෂවලත් එන්. ජී. ඕ. කාරයන්ගේත් බලාපොරොත්තුවලට පයින් ගසා තිබේ. වැඩි දෙනාගේ කල්පනාව සහ ප්‍රාර්ථනය වුයේ මෙහි එන විදේශ ලේකම් ආණ්ඩුව ඉදිරිපිට අඩි හප්පා මුලතිව් කැලෑවට බෝම්බ දැමීමෙන් වළකිනු, ප්‍රභාකරන් සුරකිනු යනාදී වශයෙන් නියෝග කරනු ඇත යනුවෙනි. එහෙත් ජනාධිපතිවරයා සමඟ නුවරදී පැවැති සාකච්ඡාවලදී මෙනන් මහතා වැඩි අවධානය යොමු කළේ උතුරේසහ නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු ගැන ය. බලය බෙදාහැරීමේ අවසන් විසඳුමට පෙර මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නේ නම් මැනවැයි ඔහු යෝජනා කළ බව දැනගන්නට තිබේ.

මේ මොහොතේදී ආසියානු කලාපයේ ත්‍රස්තවාදය වඳ කිරීමේ මතවාදයේ මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඉන්දියාව ය. එම මතවාදය ක්‍රියාවට නැංවීමේ මුලිකත්වය හිමිවන්නේ ශ්‍රී ලංකාවට ය. මෙයට වසර දෙකකට පෙර මේ රටෙන් තුනෙන් දෙකක් සහ මුහුදු සීමාවෙන් 70% ක් පමණ අයත් කරගෙන සිටි කොටි සංවිධානය මේ මොහොත වන විට වර්ග කිලෝමීටර 30 කටත් තුන් දහසක පමණ බංකොලොත් හමුදාවකටත් සිය බල වපසරිය සීමා කරගෙන ඇත. මීළඟ නිදහස් දිනට පෙර මේ කිලෝමීටර 30 යුද හමුදාව අතට පත්වීමටත් ප්‍රභාකරන්ගේ අවසන් කටයුතු අප්‍රකටව ම සිදුවීමටත් ඉඩ තිබේ. හමුදාව තම බංකරය අසළට ළංවන විට ඔහු ස්ථිර වශයෙන් ම සයනයිඩ් කනවා ඇත. නැතහොත් සංවිධානයේ ඊළඟ නායක වීමට සිටින පොටිටු අම්මාන් ඔහුට සයනයිඩ් කවනවා ඇත. හිටිලර්ට සිදුවුයේත්, අවසන් මොහොතේදී සිය දිවි නසා ගැනීමට ය. දිගු කලකට පසු මේ රට භාරගත් දේශපාලන නායකත්වයක් විසින් ජාතික යුතුකමක් ඉටු කරනු ලබමින් සිටී. ඒ යුතුකමට සහය දීම දේශප්‍රේමී සියලු දෙනාගේ වගකීමකි.
(දිවයින-09/01/19)

Friday, January 16, 2009

තේ, පොල්, රබර්, කුරුඳු?

ඇමරිකාවේ ආර්ථික අවපාතයක් හට ගැනීමේ හේතුවෙන් සහ ලෝක තෙල් මිල පහත යෑමේ හේතුවෙන් නිර්මාණය වුණු ලෝක ආර්ථික අර්බුදය අපට දැනුනේ මෙසේ ය: ඩොලරයේ මිල අවප්‍රමාණ වීම නිසා අපනයන භෝග වු තේ සහ පොල්වලට පිටරටින් ලැබුණු ආදායම අඩු විය. තෙල් මිල අඩු වීම නිසා කෘත්‍රිම රබර් මිල අඩු විය. කෘත්‍රිම රබර් සාදනු ලබන්නේ පෙට්‍රෝලියම්වලිනි. ටයර් සහ වෙන ඝන රබර් නිෂ්පාදන සාදනු ලබන්නේ කෘත්‍රිම රබර් සහ ස්වාභාවික රබර් මිශ්‍ර කිරීමෙනි. කෘත්‍රිම රබර් මිල අඩු වීමත් සමඟම ඊට සාපේකෂව ස්වාභාවික රබර් මිල ද පහත බැස්සේ ය. මේ නිසා ස්වාභාවික රබර් නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව බරපතල අමාරුවකට වැටින. මෙහි සිටින රබර් වගාකරුවන් ගණන පන්ලකෂයකි. එක පවුලක සාමාජිකයන් පස්දෙනකු සිටීමේ පදනම මත ගණන් බැලුවොත් මේ අර්බුදය නිසා විසිපන්ලකෂයක් දෙනා අමාරුවේ වැටී සිටිති. ශ්‍රී ලංකාවේ ජනගහනය කෝටි 2 කි. රබර් මිල පහත වැටීම නිසා එයින් අටෙන් එකක් යනෙන මං නැතිව සිටිති. තේ වල තත්ත්වයත් මෙයම යි. පොල් වල තත්ත්වයත් මෙයට වෙනස් නැත. කුරුඳුත් මෙසේම ය.

රටක ආණ්ඩුවක් යනු ඒ රටේ ජනතාවට අම්මා - තාත්තා හා සමාන සංකල්පයකි. වැඩිපුර වැස්සත් වැඩිපුර පෑයුවත් ආණ්ඩුව බැණුම් අසන්නේ ඒ නිසා ය. මේ පදනම මත ලෝක තෙල් මිල පහත යෑමේ ක්‍රියාවලියට ආණ්ඩුව කිසිදු සම්බන්ධයක් නැති වුව ද, රබර් මිල පහත වැටීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බව ජනතාව කල්පනා කරති. මිනිසුන් මහින්ද රාජපකෂ මහතාට ඡන්දය දුන්නේ ඔහු ලවා යුද්ධය දිනවීමට පමණක් නොව, ඔහු ලවා ජීවන බර සැහැල්ලු කර ගැනීමටත් හැකිය යන්න සලකා ය. ඒ නිසා රබර්, කුරුඳු, තේ ඇතුළු අපනයන භෝගවල ආදායම බිඳ වැටීමට රජය මැදිහත් වී එම වගාවලින් යැපෙන ජනයා බේරා ගත යුතු ය.

ලෝකයේ දියුණු රටවල අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රමෝපායයන් ඇත. හොඳම උදාහරණය ඇමරිකන් බැංකු බිඳ වැටීමෙන් හටගත් ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ඇමරිකානු රජය මැදිහත් වී එම බැංකු පවරාගෙන ඒවාට මුදල් පොම්ප කිරීමයි. මෙසේ මුල් වටයේදී පොම්ප කළ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 700 කි. මෙසේ මුදල් පොම්ප කිරීමත් සමඟ ම එම බැංකු පමණක් නොව ඇමරිකානු මුදල් අර්බුදය නිසා කඩා වැටුනු බ්‍රිතාන්‍ය බැංකු කිහිපයක් ද කෙළින් විය. එය අවදානම් කළමනාකරණය යි. අවදානම් කළමනාකරණය සඳහා ලෝකයේ දියුණු රටවලට මුදල් සංචිත වෙනම තිබේ. ඇමරිකාවේ වගා පාළුවක් හටගත්තොත් අවදානම් කළමනාකරණ සංචිතයෙන් මුදල් ගෙන ගොවියන් ආරකෂා කරනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ දැනට එවැනි ක්‍රමයක් නැත. අධිරාජ්‍යවාදීන් විසින් පළමුවෙන් ද, යුද්ධය විසින් දෙවනුව ද සුරාකනු ලැබු ශ්‍රී ලංකාව දිගු කලකට පසු හිස ඔසවන්නට සුදානම් වන්නේ දැන් ය. එහෙත් ගොවි ජනයා විපතට පත් වන විට ඔවුන් ගලවා ගැනීමට කවර හෝ ආකාරයක වැඩපිළිවෙළක් මේ රටේ තිබිය යුතු ය.

රබර් ප්‍රශ්නය තව ස්වල්ප කලකින් විසඳෙනු ඇත. ඒ තව ස්වල්ප කලෙකින් ඉන්ධන මිල නැවතත් ඉහළ යන නිසා ය. පෙට්‍රෝලියම් යනු කෂය වෙමින් පවත්නා සම්පතකි. පෙට්‍රෝලියම් මිල අඩු වීමට නම් තෙල් වර්ෂා හට ගත යුතු ය. සියලු ගංගාවල ජලය වෙනුවට තෙල් ගලා යා යුතු ය. එහෙත් එවැන්නක් කිසි කලෙකත් වන්නේ නැත. මේ නිසාම තව ටික කාලෙකින් යළි තෙල් මිල නගිනවා ඇත. එවිට කෘත්‍රිම රබර් ප්‍රශ්නය විසඳී ස්වාභාවික රබර් මිල ද ඉහළ යනු ඇත.

එහෙත් එතෙක් වගාකරුවන් රුක ගත යුතු ය. රජය ඒ ගැන සිතිය යුතු ය

Thursday, January 15, 2009

අභීත සෙන්පති යුද හමුදාපති

ලෝකයේ යුද හමුදාපතිවරු අතරින් දක්ෂතම යුද හමුදාපතිවරයා සිටිනුයේ ශ්‍රී ලංකාවේ බව ඉන්දීය ආරක්ෂක උපදේශක ආර්. කේ. නාරායන් මහතා ප්‍රකාශ කර ඇත.

නාරායන් මහතා ඒ බව තමා සමග පැවැසුවේ යැයි ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (14 දා) රාත්‍රි පැවැති රුපවාහිනි සාකච්ඡාවකදී අනාවරණය කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ලෝකයේ දක්ෂතම යුද හමුදාපතිවරයා ලෙස මේ වන විට ඉන්දියාවේ පමණක් නොව සෙසු බොහෝ රටවල පිළිගැනීමට ලක්වී ඇත.

මීට පෙර යුද හමුදාපතිවරු 09 දෙනකුට මුහුණ දුන් එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ට වැරදුනේ ඔහු මුහුණදුන් 10 වැනි හමුදාපති වරයාගෙනි. සෙසු සියළුම හමුදාපතිවරුන් යටතේ සටන් කළ යුද හමුදාවට එරෙහිව කළ සටන්වලින් පරාජයට ලක් නොවු ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදීන්ට වසර 03 ක පමණ කෙටි කාලයක් තුළ අන්ත පරාජයක් ගෙන දීමට ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාට හැකිවීම නිසා ඔහු අද මෙසේ දෙස් විදෙස් ගෞරවයට සහ පිළිගැනීමට ලක්වී සිටී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගෙන් ලැබුණු නිවැරදි දේශපාලන නායකත්වය ඔස්සේ යුද හමුදාවට එඩිතර හමුදා නායකත්වයක් දීමට ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාට තිබු ශක්තිය, ධෛර්ය සහ හැකියාව අද ලබා තිබෙන සියලුම යුද ජයග්‍රහණවලට ප්‍රධාන හේතුව වී ඇත.

ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දක්ෂතා මීට වසර 18 කට පමණ පෙර හඳුනාගත් මෙම "ලියුම්කරු" යම් දිනෙක මෙම යුද්ධය ජයගත හැකි හමුදාපතිවරයකු වේ නම් ඒ සරත් පොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වුවහොත් පමණක් බව මීට වසර ගණනාවකට පෙර "දිවයින" පුවත්පත මගින් කීපවරක්ම පෙන්වා දෙන ලදී.

එකල ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ ලිවීමට වෙනත් මාධ්‍යවේදීහු ඉදිරිපත් නොවුහ. ඔහු පිළිබඳව අප විසින් නිතර නිතර "දිවයින" පුවත්පතට ලිවීම නිසා එකල බොහෝ හමුදා ප්‍රධානීහු මෙම ලියුම්කරු සමග හිත යටින් අමනාපයකින් පසුවුහ. එමෙන්ම විවිධ අපහාසයන් විඳීමටද අපට සිදුවිය.

මෙම "ලියුම්කරු" "දිවයින" පුවත්පතට ලියු පහත ලිපි කොටස් මෙවර "ආරක්ෂක විවරණය" තුළින් ඉදිරිපත් කරනුයේ යුද හමුදාපතිවරයා පිළිබඳව අප එදා පාඨකයන් වෙත පැවැසු දේ අද වන විට සත්‍යයක් බවට පත්වී තිබෙන බව පෙන්වා දීමේ අභිලාෂයෙනි. එදා ඔහු ගැන මෙතරම් එඩිතරව, නොබියව ලිවීමට අද ඔහු වටා සිටින කිසිදු මාධ්‍යවේදීයකු ඉදිරිපත් නොවු බවද කිව යුතුව ඇත.

මීළඟ හමුදාපති සිංහ රෙජිමේන්තුවෙන්

යන හිසින් යුතුව 2002. 06. 23 වැනි දින "ඉරිදා දිවයින" පුවත්පතෙහි අප විසින් ලියන ලද්දේ මෙලෙසිනි.

"මේ අනුව මීළඟ හමුදාපති වශයෙන් පත්වීමේ තරගය පවතිනුයේ ලොහාන් ගුණවර්ධන, ඇන්ටන් විජේන්ද්‍ර, ශාන්ත කෝටිටගොඩ සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු සිව්දෙනා අතරේය. මේජර් ජෙනරාල් චුලා සෙනෙවිරත්න සංඥා බළකායට අයත් නිලධාරියෙකි. එබැවින් ඔහුට හමුදාපතිවීමේ අවස්ථාව අහිමි වී ඇත.

ඉහත සිව් දෙනා අතරින් පාබල සටන් රෙජිමේන්තු නියෝජනය කරනුයේ ශාන්ත කෝටිටගොඩ සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු දෙදෙනායි. ඔවුන් දෙදෙනාගෙන්ද වඩාත් ඉදිරියෙන් සිටිනුයේ මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා බවට විවාදයක් නැත. ඒ ජ්‍යෙෂ්ඨත්වයෙන් නොව දක්ෂතාවයෙනි. පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කෝටිටගොඩට වඩා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ෆොන්සේකාට සටන් බිම යුද අත්දැකීම් සහ ලබාගත් ජයග්‍රහණයන් බොහොමයක් ඇත.

දක්ෂ යුද සෙනෙවියකු ලෙස හමුදා සාමාජිකයන්ගේ පිළිගැනීමට ලක්ව සිටින මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුර ඉසිලීමට සුදුසු නායකයකු ලෙස යුද හමුදාවේ විශ්වාසය දිනාගෙන සිටී. ඒ අනුව ඔහු සිංහ රෙජිමේන්තුවෙන් බිහිවන ප්‍රථම හමුදාපතිවරයා වශයෙන් යුද හමුදා ඉතිහාසයට එක් වනු ඇත"

අප එදා එසේ කී දේ අද වන විට සැබෑවක් බවට පත්වී තිබීම සතුටට කරුණකි.

2002. 05. 12 වැනි "ඉරිදා දිවයින" පුවත්පත තුළින් අප මෙසේද කරුණු ඉදිරිපත් කර සිටියෙමු.

"යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා පත් කිරීම ඉකුත් සතියේ සිදුවු විශේෂ සිද්ධියකි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල විසින් හදිසියේම මෙම පත් කිරීම සිදු කළද එය ඔහුගේ අභිමතය පරිදි නොව රජය විසින් කළ නිර්දේශයකට අනුව සිදු කළ එකකි.

එයින් එම පත් කිරීම හුදු දේශපාලනමය පත්වීමක් බව කිසිවකුටත් පැවැසිය නොහැකිය. වත්මන් සාම ක්‍රියාදාමයට අනුබද්ධ සටන් විරාමය සහ අවබෝධතා ගිවිසුම අතරේ නැවත යුදමය වාතාවරණයක් උද්ගතවුවහොත් ඊට සාර්ථකව මුහුණදීමට රජයට සිදුවනු ඇත. ඒ සඳහා යාපනය අර්ධ ද්වීපය තුළ ආරක්ෂක හමුදාවෝ සීරුවෙන් හා සුදානමින් තැබීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇත. එම අභියෝගය ජය ගැනීමේ දක්ෂතාවය, හැකියාව තිබෙන හමුදා ප්‍රධානියකු යාපනයේ ආරක්ෂක සේනා මෙහෙයවීමට යෙදවීම රජය සතු ප්‍රධාන වගකීමකි.

එහිදී සලකා බැලිය යුතු වන්නේ දේශපාලනය නොව යාපනයට පත්කර යැවු හමුදා ප්‍රධානියා සතු යුදමය හැකියාවයි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රජය මෙවර යවා ඇත්තේ සැබෑ යුද සෙන්පතියකු විනා යුද්ධය ජාවාරමක් කර ගත් දුෂිත නිලධාරියකු නොවන බව අන් කිසිවකුටත් වඩා යුද හමුදා සාමාජිකයෝ හොඳින් දනිති.

මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා සතු යුදමය හැකියාව සහ එඩිතර නායකත්වය ගැන හොඳින් දන්නේ හමුදා සාමාජිකයන්මය. හමුදා වචනවලින් "ඔප්ස් කාක්කෙක්" ලෙස හඳුන්වනුයේ යුද්ධය ජය ගැනීමට තම සේනාවෝ නිසි පරිදි මෙහෙයවමින් දිගු කලක් සටන් බිම අණ දෙන්නෙකුව සිටි සැබෑම යුද සෙන්පතියකු විනා, යුද්ධයේදී සටනින් පසුබැස පළා යන යුද්ධය ජාවාරමක් කර ගත් හමුදා නිලධාරියකු නොවන බව ප්‍රකට කරුණකි.

ඒ අනුව බලනවිට මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරනු ඇත. ඔහු යටතේ සටන් කළ නිලධාරින් සෙබළුන් පමණක් නොව හමුදාවේ සෙසු පිරිස්ද ඊට සාක්ෂි දරනු ඇත.

2002. 05. 05 වැනි ඉරිදා දිවයින පුවත්පතෙහි අප ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ තැබු සටහනක මෙසේ විය.

"දැනට බටලන්ද අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධුරය හොබවන ඔහු සිංහ රෙජිමේන්තු අධිපති වශයෙන්ද කටයුතු කරයි.

දක්ෂ යුද සෙන්පතියකු ලෙස යුද හමුදාව තුළ ප්‍රකට මේජර් ජෙනරාල් ෆොන්සේකා අලිමංකඩ පරාජයෙන් පසු යාපනය අහිමිවීමේ කොටි තර්ජනය හමුවේ ජනාධිපතිනිය විසින් යාපනය රුක ගැනීම සඳහා උතුරු නැගෙනහිර ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති මේජර් ජෙනරාල් ජානක පෙරේරා සමග යාපනය ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් ගොස් යාපනය රුක ගැනීමට කටයුතු කළේය."

ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීමට පෙර වසර 15 ක පමණ වු කාලය තුළ ඔහු පිළිබඳ ලිවීමට කිසිදු පුවත්පතක් හෝ මාධ්‍යවේදියකු ඉදිරිපත් නොවු කාලයක දිවයින පුවත්පත පමණක් නොබියව, නොපැකිළිව ඔහුගේ දක්ෂතාවන් සහ ඔහු අනිවාර්යයෙන්ම හමුදාපති තනතුරට පත්විය යුතු බව සඳහන් කර ලියු ලිපි බොහෝය. සටන් විරාම සමයේදී යාපනයේ අධි ආරක්ෂිත කලාප ඉවත් කළ යුතු බවට එල්ල වු දෙස් විදෙස් බලපෑම් හමුවේ එඩිතරව සහ නිර්භීතව තම මතයෙහිලා ක්‍රියාකිරීමට එවක යාපනය ආරක්ෂක සේනා ආඥාපතිව සිටියදී ගත් පියවර 2003. 01. 05 වැනි "ඉරිදා දිවයින" පුවත්පත තුළින් පෙන්වා දුන්නේ මෙසේය.

"ආයුධ බිම තැබුවහොත් පමණක් අධි ආරක්ෂිත කලාප ඉවත්කර ගැනීමට තමා එකඟවන බව මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා දන්වා තිබුණි. ඊට ප්‍රතිචාර ලෙස එල්.ටී.ටී.ඊ ය ප්‍රකාශ කළේ සාමය පිළිබඳව ස්ථිර සාර විසඳුමකට දෙපාර්ශ්වයම මෙතෙක් එළඹ නොමැති බැවින් ආයුධ බිම තැබීමට තරම් කාලය එළඹ නැති බවයි.

එල්.ටී.ටී.ඊ ය කළ එම ප්‍රකාශය තමාද පිළිගන්නා බව ප්‍රකාශ කළ මේජර් ජෙනරාල් ෆොන්සේකා අවි බිම තැබීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ නම් අධි ආරක්ෂිත කලාප ඉවත්කර ගැනීමටද මෙය සුදුසු අවස්ථාව නොවන බවද ප්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ ය අවි බිම තබන තුරු අධි ආරක්ෂිත කලාප ඉවත්කර නොගැනීමේ සිය ස්ථාවරයෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවද මේජර් ජෙනරාල් ෆොන්සේකා අවධාරණය කරයි."

(අප ඉහත සඳහන් කළේ ඔහු පිළිබදව එදා ලියු දෑ වලින් ඉතා සුළු ප්‍රමාණයකි.)

යුද හමුදාපතිවරයා එදා පටන් දැක්වු සෘජු එඩිතර, නිවැරදි සහ ප්‍රතිපත්ති ගරුක නායකත්වය පිළිබඳව ඉහත කරුණු සාක්ෂි දරනු ඇත.

වත්මන් යුද හමුදාපති වශයෙන් අද ඔහු දක්වන නායකත්වය සහ රටට හිමිකර දෙනු ලබන ජයග්‍රහණ දෙස බැලීමේදී අතීතයේදී "දිවයින" ඔහු සමග හිඳිමින් පාඨක ජනතාව වෙත ඔහුගේ නායකත්වය සහ හැකියාව පිළිබඳ දැනුවත් කිරීම කෙතරම් නිවැරදි ද යන්න මැනැවින් පැහැදිලි වේ.

කෙසේ වෙතත් ලෝකයේ දක්ෂතම යුද හමුදාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මේ වන විට කොටි ත්‍රස්තවාදය විනාශකර දැමීමේ සටන ජයග්‍රාහී නිමාව කරා මෙහෙයවමින් සිටී.

එහි අතිශය වැදගත් කඩ ඉමක් ලෙස යාපනය අලිමංකඩ ඒ : 09 මාර්ගය සම්පුර්ණයෙන් මුදා ගැනීම සැලකිය හැකිය.

කිලිනොච්චිය සහ පරන්තන් ඔස්සේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ 58 වැනි සේනාංකය අලිමංකඩ කරා බලය අත්පත් කර ගෙන සිටියදී උතුරු සටන් පෙරමුණේ සිට තවත් ප්‍රධාන හමුදා සේනාංක 02 ක් මුහමලෙයි පල්ලෙයි සෝරන්පත්තු ඔස්සේ අලිමංකඩ වෙත පැමිණ වන්නි සටනට එක්වුහ.

යුද හමුදාවේ සිටින තවත් දක්ෂ යුද සෙන්පතියන් දෙදෙනකු වන බ්‍රිගේඩියර් කමල් ගුණරත්න (ගජබා) සහ බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා (පාබල/විශේෂ බළකාය) සේනාංකාධිපති ධුර හොබවන 53 වැනි සහ 55 වැනි සේනාංක දැන් මුලතිව් අවසන් කොටි බල කොටුව මුදා ගැනීමේ සටන සඳහා සෙසු සේනාංක සමග එක්වී සටනෙහි නිරතව සිටිති.

සිරිමෙවන් කස්තුරිආරච්චි
(දිවයින-09/01/16)

Wednesday, January 14, 2009

මෙනන් ආ යුත්තේ අපගේ යහපත වෙනුවෙනි

අපගේ ලොකු අයියාගේ බොහෝ පුත්‍රයන් අතරින් කෙනකු අද මෙහි පැමිණෙයි. අපගේ ලොකු අයියා ඉන්දියාව වන අතර ඔහුගේ බොහෝ පුත්‍රයන් අතුරින් අද මෙහි එන අයගේ නම ශිව ෂංකර් මෙනන් ය. මෙතුමා දැනට ඉන්දියාවේ විදේශ ලේකම් ලෙස රුකියාව කරන අතර ඊට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ලෙස කටයුතු කළේ ය. ඊට අමතරව ඔහු පාකිස්තානය, චීනය, ඊශ්‍රායලය යන රටවල ඉන්දියානු මහ කොමසාරිස් ලෙස ද කටයුතු කර තිබේ. කලෙකදී ඉන්දියානු පරමාණු බලශක්ති අධිකාරියේ උපදේශකවරයා වුයේ ද ඔහු ය. ඔහුගේ සීයා ඉන්දියාවේ පළමුවන විදේශ ලේකම් ය. ඔහුගේ මාමා චීනයේ හිටපු ඉන්දියානු මහ කොමසාරිස් ය. ඔහු පිළිබඳව ඇති වැදගත් ම කතාව මෙසේ ය: 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ජ.වි.පෙ. හා දේශප්‍රේමී කොටස් ඊට එරෙහිව පෙළපාලි ගියහ. එවිට ජේ. ආර්. ජයවර්ධන එම පෙළපාලි මර්දනය කළේ ය. මෙවිට මෙනන් මහතාගේ පිළිගැනීම වුයේ ජ.වි.පෙ. පෙළපාලි සිවිල් අයිතියක් සේ සලකා, මර්දනය කිරීමෙන් වැළකී සිටිය යුතු බව ය.

මේ සා වැදගත් මනුෂ්‍යයකු මෙබඳු තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇයි? සාමාන්‍ය මිනිසුන් අතර පැතිර යන කට කතාව වන්නේ උතුරේයුද්ධය නැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරනු සඳහා ඔහු මෙහි එන බව ය. පසුගිය දිනවල ඉන්දියානු අගමැති හමු වු තමිල්නාඩු මහ ඇමැති මුතුවේල් කරුණානිධි වන්නි මෙහෙයුම් නවත්වන ලෙසට ශ්‍රී ලංකාවට බල කරන ලෙස ඉල්ලා සිටියේ ය. කරුණානිධි මෙවැනි බලකිරීමක් කළේ ඇයි? එය දාම ක්‍රියාවලියකි. කරුණානිධිගේ ප්‍රාන්ත ආණ්ඩු සභාව තුළ ද විපකෂයක් තිබේ. කරුණානිධි අමාරුවේ දැමීම පිණිස හැකි තරම් ඔහුට බලපෑම් කිරීම එම විපකෂයේ වගකීම ය. ඔවුහු එය අකුරට ඉටු කරති. එවිට තම ආණ්ඩුව කඩා වැටේය යනුවෙන් භීතියට පත්වන කරුණානිධි කළු කණ්නාඩි දෙකක් පැළඳගෙන සළුවත් කරට ගෙන නවදිල්ලියට ගොස් මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරන්නට පටන් ගනී. එවිට මධ්‍යම ආණ්ඩුව නිහඬව සිටියොත් පාර්ලිමේන්තුවේ විපකෂය මධ්‍යම ආණ්ඩුවට ලෙඩ දැමීමට පටන් ගනී. ඒ නිසා මධ්‍යම ආණ්ඩුව කුමක් හෝ කළ යුතු ය. මන්මෝහන් සිං මහතා යුද්ධයට විරුද්ධව කෑ ගැසිය යුතුම ය. කරුණානිධි මහතා සළුව කරට ගෙන නැටිය යුතුම ය. ඉන්දීය විදේශ ලේකම්, විදේශ ඇමැති, ජාතික ආරකෂක උපදේශක වැනි තනතුරු දරන අය මෙහි පැමිණිය යුතුම ය.

වැදගත් ම කාරණය වන්නේ මේ සියලු කාරණා අතර ශ්‍රී ලංකාවේ යුද්ධය නො නැවතීම ය. එය දිගටම පවත්වාගෙන යෑමට මේ රටේ සේනාධිනායකයාටත් හමුදාපතිවරුන්ටත්, ආරකෂක ලේකම්ටත්, සොල්දාදුවන්ටත් ඇති චිත්ත ධෛර්යය අපි බලවත් සේ අගය කරමු. මේ වු කලී ප්‍රභාකරන් ගේ අවසන් අවස්ථාව ය. ඔහුගේ අවසානය පටන් ගත්තේ තමිල් සෙල්වම්ගේ මරණයත් සමඟ ය. ඉන් පසු එක පෙළට ත්‍රස්තවාදී නායකයන් මරා දැමීම ඇරඹිණි. නැගෙනහිර ත්‍රස්තවාදී නායක ස්වර්ණම් ශ්‍රී ලංකා යුද හමුදාවට බියේ පලා ගියේ සිය කලිසම් කමිස පවා තමා රුඳී සිටි ගල් ගුහාවේ ඉතිරි කර ය. මෑතක් වනතුරු වාකරේපිහිටි "ස්වර්ණම් බේස්" කඳවුරේමේ පුරාවස්තු ඉතිරිව තිබිණ.

ඉන්දියාව මේ තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවට මැදිහත් නො වන බව අපි දනිමු. ඉන්දියාව යනු ත්‍රස්තවාදය නිසා බරපතළ දුක් විඳින රටකි. පසුගිය දිනෙක තුවක්කු අතින් ගත් කොල්ලන් හයදෙනකු මුම්බායි නුවරට පහර දී මිනී මරා ටජ්මහල් හෝටලය ගිනිබත් කළ අයුරු කාටත් මතක ය. එබැවින් ත්‍රස්තවාදයේ අවසානයක් දැකීමට ඉන්දියාවට ද අවශ්‍ය ය. ශිවශංකර් මෙනන් මහතාගේ ලංකා ගමන හොඳ හිත ව්‍යාප්ත කිරීමේ ගමනක් (Goodwill Mission) වනු ඇති බව අපි විශ්වාස කරමු. ඔහු ශ්‍රී ලංකාව තුළ ගතකරන කාලය තුළදී පවා ප්‍රභාකරන්ගේ ඉරණම තීන්දු වු පුවත ලැබීමට ඉඩ තිබේ. මෙනන් මහතා මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ කරුණානිධි පාවිච්චි කරන කළු කණ්නාඩි කුටිටම තුළින් නොවේ. ඔහුගේ ඇස්වලිනි.
(දිවයින-09/01/15)

Monday, January 12, 2009

අනාථයන්ගෙන් ආධාර ඉල්ලීම (ඊළමේ සිට ධර්මපුරම් දක්වා)

ආනන්ද සංගරි මහත්තයා අපූරු ඉල්ලීමක් කරලා ටී.එන්.ඒ.මන්තිරිලාගෙන්. වෙනදා ප්‍රභාකරන් මල්ලියේ කියලා ලියුම් ලියන සංගරී මහත්තයා ගැන රාල තුළත් ලොකු ගෞරවයක් තියෙනවා. එතුමාට ගෞරව කරනවා කියන එකෙන් එතුමාගේ ෆෙඩරල් විසඳුමට රාලලා කැමතියි කියලා නම් අදහස් වෙන් නෑ ඕන්. කොහොම වුණත් අපේ රටට ආදරය කරන සිය ජනතාවට ආදරය කරන ‍ඒ මිනිසාට අපේ ප්‍රණාමය. 'හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංක යනවා' කියපු සිංහල නාමදාරී ද්‍රොහීන්ට එතුමා කදිම ආදර්ශයක් කියලයි රාලට හිතෙන්නේ.

කොටි ග්‍රහණයේ සිටින දෙමළ ජනයා බේරා දෙන ලෙසත් එසේ බේරා දිය නො හැකි නම් මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වන ලෙසත් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 20 දෙනා වෙත ලිපියක් යවමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ඉල්ලා ඇත. යුද හමුදාව කිලිනොච්චිය අල්ලා ගැනීමට මග එන බව ආරංචි වීමත් සමඟම ප්‍රභාකරන්ගේ මිනීමරුවෝ එහි සිටි ලකෂයක පමණ පිරිස රුගෙන ධර්මපුරම් නමැති ගම්මානයට පළා ගියහ. මේ කුඩා ගම්මානයට බෝම්බ දැමුවහොත් සිවිල් වැසියන් විශාල පිරිසක් මියයන බැවින් රජය එවැනි පියවරක් නො ගන්නා බව කොටි ඉතා පැහැදිලි ලෙස දනිති. ඒ නිසා ඉතිරිව සිටින කොටි රුළ මේ සිවිල් වැසියන් සමඟ මිශ්‍ර වී, ඔවුන් පළිහක් ලෙස තබාගෙන ධර්මපුරම් ගම්මානයේ ජීවත් වෙති. මේ අනුව ධර්මපුරම් ගම්මානයේ සංයුතිය, කොටින්, මිනිසුන්, ගැහැනුන්, ළමයින්, බෝම්බ, කාලතුවක්කු, මෝටාර්, පතරොම් යනාදියෙන් සැදී තිබේ. කොළඹට ලැබෙන ආරංචිවලට අනුව සහ ධර්මපුරම් ගම්මානයෙන් පැන ආ දෙමළ ජාතිකයන් කියන ආකාරයට ධර්මපුරම් හි වෙසෙන සිවිල් ජනයා නිරාදුක් විඳින්නා හ. ප්‍රභාකරන්ගේ ඊළම මුලදී උතුරෙ\ත් නැගෙනහිරත් යන දෙකේම තිබිණ. ඊළඟට එය උතුරට සීමා විය. අනතුරුව කිලිනොච්චියට සීමා විය. ඊටත් පසුව අලිමංකඩට සීමා විය. දැන් එය ධර්මපුරම් නමැති කුඩා ගම්මානයට සීමා වී තිබේ. ප්‍රභාකරන් විසින් සාමාන්‍ය ජනයා මිනිස් පළිහක් ලෙස තබාගෙන සිටීම ජාත්‍යන්තර යුද නීතියට සම්පුර්ණයෙන් ම විරුද්ධ ය. එහෙත් ම්ලේච්ඡ දාමරිකයකු සමඟ ජාත්‍යන්තර යුද නීතිය ගැන කතා කිරීම විහිළුවකි. ධර්මපුරම් ගමෙන් පැනයෑමට සුදානම් වන ඕනෑම කෙනකු ස්ත්‍රී පුරුෂ ළමා ලපටි භේදය නොතකා මරණ ලෙස ප්‍රභාකරන් නියෝග කර තිබේ. දැනට කොටි සංවිධානය තුළ අකුරටම ක්‍රියාත්මක වන නීතියක් වන්නේ නම් එසේ පැන යන අය මැරීම ය.

මේ වැසියන් නිදහස් කරන ලෙස ආනන්ද සංගරී මහතා කරන ඉල්ලීම ඉතාම හොඳ ඉතාම වැදගත් එකකි. එහෙත් සැබෑ කතාව නම් එවැනි යමක් කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කිසිදු හැකියාවක් නැති බව ය. ද්‍රවිඩ ජාතික සන්ධානය යනු රුකඩ සංවිධානයකි. මේ රුකඩ කණ්ඩායම නටවන්නේ ප්‍රභාකරන් ය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ කෙටි ඉතිහාසය මෙසේ ය: කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නිසා පාර්ලිමේන්තුව තුළට ඔවුන් වැද්ද නො ගන්නා ලදී. ඒ නිසා තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නැගීම සඳහා දේශපාලන සංවිධානයක් ප්‍රභාකරන්ට වුවමනා විය. එවිට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දෙසට හැරී වෙඩි දෙකක් පත්තු කළ ප්‍රභාකරන් එහි නායක ඒ. අමිර්තලිංගම්ට අත් වු ඉරණම මතක් කර දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බියට පත් ද්‍ර.එ.වි.පෙ. මන්ත්‍රීවරු රුසක් දෙමළ ජාතික සන්ධානය නමැති කොටි හිතවාදී පකෂයක් සංවිධානය කළහ. එහෙත් වී. ආනන්ද සංගරී මහතා දිගටම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ රුඳී සිටි අතර ප්‍රභාකරන්ගේ තර්ජනවලට බිය වුයේ නැත. ටී. ආර්. ඕ. සංවිධානය ප්‍රභාකරන් වෙනුවෙන් මුදල් එකතු කරමින් ලොව පුරා ඇවිද ගිය අතර ටී. එන්. ඒ. පකෂය ප්‍රභාකරන්ට දේශපාලන සුදු හුණු ගෑම සඳහා කොළඹ - නෝර්වේ, කොළඹ - ඉන්දියාව, කොළඹ - කැනඩාව යන ගමනාන්තවලට "පෞද්ගලික බස් සේවයක්" ආරම්භ කළේ ය.

දෙමළ සන්ධානයේ බලය ප්‍රභාකරන් සමඟ බද්ධ වී තිබිණි. ප්‍රභාකරන් පිරිහෙන විට ඔවුන්ගේ බලය ද පිරිහිණ. මේ නිසා ධර්මපුරම් ගමේ වැසියන් නිදහස් කරන ලෙස ප්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටියොත් ඔහු ටී. එන්. ඒ. මන්ත්‍රීලාගේ කටට වෙඩි තබනවා ඇත. ආනන්ද සංගරී මහතා තැත් කරන්නේ අනාථයන්ගෙන් ආධාර ඉල්ලීම වැනි දෙයකි. මේ වෙලාවේ අපගේ යුතුකම වන්නේ දේශපාලන හිඟන්නන් වී ප්‍රභාකරන්ගෙන් පසු තමන්ට මුහුණපෑමට වන ඉරණම ගැන සිතමින් ටී. එන්. ඒ. කාරයන්ට සතයකින් දෙකකින් ආධාර කර ඔවුන් ජීවත් කරවීම ය. ඉරණම පෙරුළෙන හැටි බලන්න. ටී. එන්. ඒ. කාරයන් හිතා සිටියේ ඊළාම් ජනාධිපති බවට ප්‍රභාකරන් පත් වු පසු එහි ඇමැතිවරුන් වීමට ය. අද ඔවුන්ගේ තත්ත්වය නාගරික මන්ත්‍රී කෙනකුගේ තත්ත්වයටත් බාල ය.
(09/01/13)

Sunday, January 11, 2009

එල්.ටී.ටී.ඊ. තහනම

වේළුපිල්ලෙයි ප්‍රභාකරන් සහ ඔහුගේ මිත්‍ර සමාගම් හැර දැන් මුළු රටම බලා සිටින්නේ මුලතිව් විජයග්‍රහණය පිළිබඳ සුබ ආරංචිය ඇසීමට ය. කිළිනොච්චිය අල්ලා ගත නො හැකි බවට ලොව පුරා පැතිර තිබුණු දුර්මතය බිඳ දමා මේ වන විට කිළිනොච්චිය පමණක් නොව අලිමංකඩ හා ඒ : 9 මාර්ගය මුළුමනින් ම අත්පත්කර ගැනීමට ද ආරකෂක හමුදාවෝ සමත්ව සිටිති.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අධිෂ්ඨානශීලී මෙහෙයුම්වලට අමතරව රජය අතිශය වැදගත් දේශපාලන තීරණයක් ද ගෙන තිබේ. ඒ එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කිරීම ය. ලෝකයේ රටවල් ගණනාවක් ම එම සංවිධානය තහනම් කළත් ශ්‍රී ලංකාවේ එකී තහනම පැනවීමට නො හැකි විය.

තහනම් සංවිධානයක් සමඟ සාකච්ඡා කර විසඳුමකට එන්නේ කෙසේද යන තර්කය එයට හරස් වු අයුරු අපි දනිමු. එල්. ටී. ටී. ඊ. ය ත්‍රස්තවාදී සංවිධානයක් බව කියන ඊනියා ජගත් ප්‍රජාව ද ලංකාව තුළ එබඳු තහනමක් පැනවීමට එකඟ වුයේ නැත. එහෙත් ඒ අවකාශය භාවිත කළ ප්‍රභාකරන් සිය හමුදා බල තහවුරු කරගත් ආකාරය දැන් ප්‍රසිද්ධ රහසකි.

ස්වාධීන රටකට හිමිවිය යුතු නාවික, ගුවන් ඇතුළු හමුදා බලයක් ද පොලිස් හා අධිකරණ පද්ධතියක් ද තමන් සතු බව ජාත්‍යන්තරව ප්‍රචලිත කර සිය කුප්‍රකට ඊළාමය පිහිටුවීම එල්. ටී. ටී. ඊ. අරමුණ විය. මුළු උතුරු නැගෙනහිරම ඇතුළත් ඊළාම් සිතියමක් ද සැකසු කොටි නායකයා සිය නිජබිම පිළිබඳ මතයක් ද ජාත්‍යන්තරයට නිවේදනය කර තිබිණි.

ප්‍රභාකරන්ගේ උමතු ෆැසිස්ටිවාදයට නිහඬව ආවැඩු මවුබිමේ ද්‍රෝහීන්ගේ ද ආශිර්වාදය ඔස්සේ ඊනියා ඊළාම් රාජ්‍යයේ සිහිනෙන් ඇවිද ගිය එතෙර මෙතෙර සියල්ලෝ ම දැන් විකෂිප්තව සිටිති. එහෙත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති රොබටි බ්ලේක් මහතා පවා දැන් ප්‍රකාශ කරන්නේ එල්. ටී. ටී. ඊ. ය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම අනවශ්‍ය බව ය.

දෙමළ එක්සත් පෙරමුණෙහි නායක ආනන්ද සංගරි මහතා ප්‍රකාශ කරන්නේ ද එල්. ටී. ටී. ඊ. යේ අවසානය එළඹ තිබෙන බව ය. එහෙත් තවමත් ප්‍රභාකරන් සුරුකීමේ නූල් සුත්තර නො පෙනේද?

කෙසේ හෝ රජය එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කිරීම කාලීන හා බුද්ධිමය පියවරක් බව අපි යළිත් කියමු. මේ පියවර නිසා තහනම් සංවිධානයකට උපකාර කිරීමට තිබෙන සියලු මාර්ග වැසී යයි. එය මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය ම තීරණයකි. ආරකෂක හමුදා විසින් වට කරනු ලැබ තිබෙන මුලතිව් බලය ද ගිලිහී යෑමෙන් පසු ප්‍රභාකරන්ට පිහිට වන්නේ ගෙලෙහි එල්ලාගෙන තිබෙන සයනයිඩ් කරල පමණි.

අනෙක් අතට මේ තහනම ක්‍රියාත්මක වුවද ඔවුන්ට ඕනෑම මොහොතක සාකච්ඡා සඳහා පැමිණීමට බාධාවක් නැති බව ද රජය නිවේදනය කර ඇත. එහෙයින් මෙම තහංචිය දේශපාලන විසඳුමකට බාධාවකැයි යන මතය ද බල රහිත වේ. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලුම රටවල ද එල්. ටී. ටී. ඊ. ය තහනම් කරන ලෙස රජය ඉල්ලීමක් කරන බව ද විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ එම තහනම පිළිබඳව විදේශ තානාපති අංශ සතුට ප්‍රකාශ කර ඇති බව ද විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා විය.

සැබැවින් ම එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය හැක්කේ ද එබඳු පියවරක් මගින් පමණි.

එල්. ටී. ටී. ඊ. දේශපාලන අංශයේ ප්‍රධානියා වන නඩේසන් ඇතුළු පිරිසක් ද රජයට භාර වන බව සඳහන් වාර්තා ද ලැබේ. අපි ඒවායේ ඇත්ත නැත්ත නො දනිමු. ඒ කුමක් වුවත් මේ තහනම ප්‍රභාකරන්ගේ ෆැසිස්ටිවාදයේ පැහැදිලි අවසානය පිළිබඳ තිරසර සංඥාවකි.

Thursday, January 8, 2009

භීෂණයේ අමුද්‍රව්‍ය

මේ රටේ බොහෝ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය භාවිතය පිළිබඳ රාල තුළ විවිධ විවේචන ඇත. එහෙත් ඒ ඒ මාධ්‍යවේදීන්ට නොයෙක් මත දැරීමට ඇති අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිමු. එමෙන් ම එම මතවාද විවේචනය කිරීමට අපට අයිතියක් ඇතැයි ද අදහමු. එහෙයින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය අපි තරයේ හෙළා දකිමු. මේ ඝාතනය රජය කළා යයි අප සිතන්නේ නැත. රිච්ඩ් ද සොයිසාලාගේ ලේ තැවරුණු දෑත් ඇති අද වැලේ වැල් නැති විපක්ෂය එසේ චෝදනා කළ ද ඒවා හුදු ප්‍රලාප පමණකි. පත්තර බෙදන කොලුවෙකු හදිසියේ මළත් රටේ ජනමාධ්‍ය නිදහස අහෝසි වී යයි උඩු බුරන කොළඹ ජන මාධ්‍ය ව්‍යාපාරික මිනී කපුටු රැළ ලසන්තගේ දේහය ද සුපුරුදු පරිදි අලෙවි කරනු ඇත.

ලසන්ත විනාශ කරන්නට රජයට අවශ්‍ය වී නම් ඊට මීට පෙර ඉඩකඩ තිබිණි. මේ බොහෝ දෙනා රජය වෙත ආකර්ශනය වන හෝ විවේචනාත්මකව සහයෝගය ලබාදෙන යුගයෙකි. රාවයේ වික්ටර් අයිවන්ගේ මෙන් ම ලසන්ත වික්‍රමතුංගගේ ද මාධ්‍ය භාවිතයේ එකී සංධිස්ථාන ගැන අපි අවධියෙන් සිටිමු. කෙසේ වුව ද අප මෙය නොකළා යයි දෑත් බැඳ මුනිවත රැකීමේ අයිතියක් රජයට නැත. රජය වහා ම පර්යේෂණ දියත් කළ යුතු ය. මේ ඝාතක ජඩයින් වහා හෙළි කළ යුතු ය. රජයේ දෑත් පිරිසිදු යයි ජනතාව පිළිගන්නේ එදාට ය. දැන් දිවයින කතුවැකිය කියවමු.

ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණ රැසක් අත්විඳිමින් කොටි සංවිධානය අළු : ධූලි බවට පත් කරමින් සිටින මොහොතක එම ජයග්‍රහණය පිළිබඳ ජනතා අවධානය වෙනත් අතකට හරවන ගුප්ත සිදුවීම් එක පෙළට සිදු වීමට පටන් ගෙන ඇත. එයින් පළමුවැන්න මෙයට සති එකහමාරකට පමණ පෙර සිරස මාධ්‍ය ආයතනයට පෙට්‍රල් බෝම්බයක් ගැසීම ය. එයින් දින කිහිපයකට පසු රාත්‍රි කාලයේදී එම ආයතනයට කඩාවදින මැර පිරිසක් ආයතනයේ වීදුරු කුඩු කර පහර දෙති. මැරයන් සිටියේ කළු රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන ය. ඔවුන් අත ඒ. කේ. 47 වර්ගයේ තුවක්කු තිබු අතර ඔවුන් පැමිණ සිටියේ භීෂණයේ නුතන ජනප්‍රිය වර්ණය වු "සුදු" පැහැයෙන් යුතු වෑන් රියකිනි.

ඊළඟට ඊයේ (08 දා) උදේ ලසන්ත වික්‍රමතුංගට වෙඩි තබා මරනු ලැබේ.

ලීඩර පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා වු ලසන්ත මේ රටේ බෙහෙවින් මත භේදයට තුඩු දුන් ලේඛන රාශියක් තම පාඨකයන්ට ඉදිරිපත් කළ කෙනෙකි. ඔහුගේ පුවත්පත් කලාව පිළිබඳ විවිධ විවේචන තිබිණ. ඒ අතරම තමා සහ තම පුවත්පත් කලාව විවේචනය කරන පුද්ගලයන් කෙරෙහිද ලසන්තට වෙන වෙනම විවේචන තිබිණ. දුෂණ සහ වංචාවලට විරුද්ධව සෑම කල්හිම සටන් කළ ඔහු සැකකටයුතු දෙයක් දුටු විට එහි අවසානය දක්වාම දිවගොස් හෙළිදරව් කළේය. ඔහු ආණ්ඩුවට නිරන්තරයෙන් පහර දුන්නේය. ඒ අතර ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳව මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ එස්. ඕ. ටී. ඊ. රුපවාහිනියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් ඔහු යුද හමුදාව දිගින් දිගටම ජයග්‍රහණය කරමින් සිටින බවත් රටේ ජනතාව ඒ ගැන මහත් ප්‍රසාදයකින් පසුවන බවත් සඳහන් කළේය. එය ලසන්තගේ ගමන් මගේ කිසියම් වැදගත් අවස්ථාවක් සලකුණු කළ තීරණාත්මක මධ්‍යස්ථ භාවයකි. තව තවත් සතුරන් ඇති කර ගැනීමකි. තමන්ට සතුරන් බොහෝ සිටින බව දැන දැනත් ලසන්ත නිරායුධව, සිය රිය පදවාගෙන ගාලු පාරේ ගමන් කළේය. ඒ බව ඔහුගේ සතුරන් දැන සිටින්නට ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට ගත් පළමුවන උත්සාහය මෙය නොවේ. මෙයට පෙර ද ඔහුගේ නිවසට වෙඩි තබන ලදී. ලසන්ත තර්ජන ඉදිරියේදී මුරණ්ඩු වන ස්වභාවයේ කෙනෙකි. පසුගිය දිනවල ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු දැරු ස්ථාවරය ක්‍රමයෙන් ප්‍රගතිශීලී වනු

ලීඩර පත්‍ර පාඨකයන්ට දැක ගත හැකි විය. ප්‍රභාකරන්ගේ බිඳ වැටීම ඔහු නිර්භයව වාර්තා කළේය. මෙය ප්‍රභාකරන් කෙළින් කර තැබීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි අයට ඉතා නරක ලෙස දෙන ලද අතුල් පහරක් විය.

ලසන්ත වික්‍රමතුංගට පහර දෙනු ලැබු සෑම විටෙකම එය හෙළා දකිමින් අප පත්‍රය සහ අපගේ සහෝදර

දි අයිලන්ඩ් පත්‍රය කර්තෘ වාක්‍ය පවා පළ කර ඇත. ලසන්ත ගැන කතා කිරීමට උපාලි පුවත්පත් සමාගමට විශේෂ අයිතියක් තිබේ. ඒ ඔහු සිය පත්‍ර කලා ජීවිතයේ මුල් යුගය උපාලි පුවත්පත් සමාගම සමග ගත කළ නිසා ය. ඒ සමඟ ම ඔහුගේ දේශපාලන දැක්ම පිළිබඳව විවේචන ඉදිරිපත් කිරීමට අප සතු වු අයිතිය ද ඔහු පිළිගත්තේය. එය සහෝදරාත්මක අයිතියකි. ඔහු මරුවා ජය ගන්නවා ඇතැයි අපි නිරන්තරයෙන් ප්‍රාර්ථනය කළෙමු. ඔහු මරුවා ජය ගත යුතුව තිබිණ.

ලසන්ත මරුවා ජය ගන්නේ නම් සිදුවිය හැකිව තිබුණේ මොනවාද? පළමු වශයෙන් රටට ඉතා වැදගත් පුවත්පත් කලාවේදියකු තවදුරටත් ඉතිරි වීමය. දෙවැන්න අවසන් මොහොතේදී සිදුවු දේ දැන ගැනීමට හැකි වීම ය. ලසන්තට වෙඩි තබන ලද්දේ කටිට කළුවරුති රාත්‍රියක නොව හොඳට ඉර අව්ව පැවැති උදය වරුවක සිය ගණනක් දෙනා ඉදිරිපිටදීය. ඔහු මරණයෙන් බේරා ගත හැකි වී නම් අවසන් මොහොතේදී ඔහු දුටු දේ සහ ඒ ගැන ඔහු දුරකථනයෙන් කළ සංවාද දැනගැනීමට හැකිව තිබිණි.

ඒ කතාව කීමටත් සිද්ධියේ සැබෑ පාර්ශ්වකරුවන් හඳුනා ගැනීමටත් ලසන්ත ජීවත් විය යුතුව තිබිණ. භීෂණය යන සංකල්පයට අයිතිකාරයෝ බොහෝ සිටිති. ඕනෑම කෙනකුට එක මොහොතකින් භීෂණයේ හිමිකරුවකු බවට පත් විය හැකිය. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ වෛරය සහ ආයුධයක් පමණි. ලසන්ත වික්‍රමතුංගට වෙඩි තබන ලද්දේ ද මේ මුලික අමුද්‍රව්‍ය ඇසුරෙනි. අපි මෙය තරයේ හෙළා දකිමු. නික්ම යන අපගේ පැරුණි මිත්‍රයා වෙනුවෙන් අපගේ කඳුළ සහ ප්‍රණාමය සටහන් කරමු.
(දිවයින-09/01/09)

Wednesday, January 7, 2009

හෘද සාකෂියෙන් ප්‍රශ්න ඇසීමට කදිම අවස්ථාවක්!

රාලට අද සතුටු දවසෙකි. ඒ රජය කොටි තහනම යළි බලාත්මක කළ නිසා ය. පොඩි දුකකට ඇත්තේ ඒ සද්කාර්ය මෙතරම් ප්‍රමාද විම ගැන ය. එහෙත් ඒ ගැන කතා කරමින් දොඩමලු වන්නට සාද දමන්නට අපට අවසර නැත. ඔබට අවසර නැත. රට වෙනුවෙන් අපට පැවරී ඇති වඟකීම අපි ඉටු කරමු. එනම් අපේ රාජකාරිය හරියට කරමු. රජයේ වුව පෞද්ගලික අංශයේ වුව කම් නැත. එවිට රට සෞභාග්‍ය කරා පිය මනිනු ඇත. මේ ඒ ගැන කතාවකි.

අපේ රණවිරුවන් වෙතින් රාජ්‍ය සේවකයන්ට බොහෝ පාඩම් උගත හැකි බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා රණවිරු උපහාර උත්සවයකදී පවසා තිබේ. ජනාධිපති ලේකම් යනු මෙරට රාජ්‍ය සේවයේ ඉහළ ම තැනැත්තා ය. ඔහු රාජ්‍ය සේවා ධුරාවලියේ මස්තකයයි. ඒ නිසා තමාට පහළින් සිටින දොළොස් ලකෂයක් වු රාජ්‍ය සේවකයන් ගැන ඔහු දරන මතය නිතර ම වැදගත් මතයක් බවට පත්වෙයි. රාජ්‍ය සේවකයන් රණවිරුවන් වෙතින් උගත යුතු පාඩම වු කලී කැපවීම සහ විනය පිළිබඳ පාඩම බව අපගේ වැටහීම ය. මෙතැන් සිට අප සඳහන් කරන්නේ මේ රටේ දිරාපත් වු රාජ්‍ය සේවය පිළිබඳව අපට ඇති අත්දැකීම් සම්බන්ධයෙන් ස්වල්පයකි.

අප දන්නා පරිදි මේ රටේ මේ මොහොතේදී හරියට ම ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය ලලිත් වීරතුංග මහතා ඇරඹු රාජ්‍ය තොරතුරු ඒකකයයි. 1919 ට දුරකථනයෙන් අමතා රජයේ ඕනෑම කාර්යාලයක දුරකථන අංකයක් ඉල්ලු සැණින් මේ ආයතනය එය සපයයි. අඩුම ගණනේ සැපයීමට උත්සාහයක්වත් ගනී. නැතහොත් අවශ්‍ය තැනට ජනතාව යොමු කරයි. රජයේ ආයතනයක අංකය ගැන අප විමසන විට එම ආයතනය හරහා කර ගැනීමට ඇති කාරිය විමසා ඔවුහු අවශ්‍ය පෝරම කොල ගැන පවා කියා දෙති. මේ හැරෙන්නට මේ රටේ ජනතාවට දැනෙන සේවයක් ඉටුකරන එකම ආයතනය යුද හමුදාව ය. විනය සහ කැපවීම යන මුලධර්ම මත පදනම් වු යුද හමුදාව ජනතාවට, රටේ ඒකීයත්වයට, ස්වාධීනත්වයට පකෂව සිය පපුව තුවක්කුවට දෙයි. ඒ අතර විරුද්ධ පකෂවල දේශපාලනඥයන්ගෙන් අපහාස ද ලබයි. පසුගියදා යුද හමුදාව කිලිනොච්චියට ඇතුළු වන විට නගරය වටා ඇති සියලු දිය අගල්වලට කොටි ත්‍රස්තවාදීහු වෝල්ටීයතාව 33000 ක් වු විදුලි බලය යොදවා තිබිණි. එවැනි විටෙක එම දිය අගල්වලට අඩිය තැබු සැණින් මරණය නියත ය. මේ කැපකිරීම රාජ්‍ය සේවයේ වැඩි දෙනකුට කළ නො හැක. ඕ. ටී. කොතරම් ගෙව්වත් දීමනා කොතරම් දුන්නත් කවර ආකාරයේ ණය දුන්නත් රාජ්‍ය සේවකයා රට වෙනුවෙන් තමන් තුළ ඇති යුතුකම් ඉටුකරන්නේ අල්ප වශයෙනි.

රාජ්‍ය සේවය පිළිබඳව අපට ඇති අත්දැකීම මෙසේය: රාජ්‍ය සේවකයා උදේ අටට හෝ අටහමාරට කාර්යාලයට පැමිණෙයි. (මෙයින් පසු කියැවෙන දේ රාජ්‍ය සේවකයන් වැඩි දෙනකුට වලංගු නමුත් අතලොස්සකට වලංගු නැත.) ඊළඟට ඔහු උදේ තේ පානය කිරීමට කැන්ටිමට යයි. එතැනදී එදා උදේ කෝච්චියේදී සිදු වු දේත් බස් රියේදී සිදු වු දේත් කතා කරනු ලැබේ. අසුවලා සමඟ ප්‍රේමයෙන් වෙලී සිටින ගැහැනිය ගැන ද කතා කරනු ලැබේ. ඊළඟට ඒ ගැහැනිය සම්බන්ධයෙන් විවිධ පියවර ගැනීමට තම තමන්ට ඇති අවස්ථා සහ සුදුසුකම් ගැන ද සාකච්ඡා කෙරේ. අනතුරුව පත්තර ද බලා ඈනුමක් ඇර වැඩ පටන් ගැනීමට සුදානම් වන විට උදේ දහයේ තේ කෝප්පය මේසය මත ය. තේ රස විඳින ගමන් වැඩ අරඹන හේ දවල් දොළහට වැඩ නවත්වා අහර පිණිස යයි. එකට හෝ එකහමාරට ආපසු මේසය වෙත එන ඔහු සිගරුටිටුවක නිකොටින් තම පෙනහැල්ලටත් වටේ සිටින අයගේ පෙනහලුවලටත් දමා ඉතා අමාරුවෙන් යළි වැඩ පටන් ගැනීමට හිත හදා ගනී.

අනතුරුව සවස තුන වන විට එන තේ කෝප්පය ඔහුගේ වැඩට බාධා කරයි. එය පානය කර තවත් සිගරුටිටුවක් බී වැඩ අරඹන විට වෙලාව හතරහමාරට කිටිටු ය. එබැවින් වැඩට තව වේලා ඉතිරිව නැති නිසා බෑග් මලු අකුලා ගන්නා හේ ගෙදර බලා යයි.

මෙසේ නො වන, කිසිදු නිවාඩුවක් නො ගෙන වැඩ කර ඉතා ස්වල්ප පඩියක් ගෙන ගෙදර ගොස් පවුල නමැති කුටුම්භය තුළ අනේක දුක් විඳින රාජ්‍ය සේවකයෝ ද වෙති. රාජ්‍ය සේවය අකාර්යකෂම වන්නේ පරිපාලන දුර්වලකම් නිසා ය. පරිපාලනය දුර්වල වීමට හේතු කිහිපයක් තිබේ. පළමුවැන්න දේශපාලන ඇඟිලි ගැසීම් නිසා කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමට නිලධාරීන් බිය වීම ය. දෙවැන්න දේශපාලන බලවතුන්ගේ ගොටිටන් රාජ්‍ය සේවය තුළට රිංගාගෙන සිටින නිසා ඔවුනට විරුද්ධව හඬක් නැඟීමට ප්‍රධානීන් බිය වීම ය. තුන්වැන්න තමන් බදු ගෙවන ජනයාගේ මුදලින් වැටුප් ලබන බවත් තමන්ට ජාතික වගකීමක් ඇති බවත් රජයේ සේවකයන්ට නො තේරීම ය. මේ සියලු කරුණු එකතු වු කල පිරිහුණු රාජ්‍ය සේවයක් බිහි වෙයි. පෞද්ගලික අංශය සාර්ථක වී ඇත්තේ දේශපාලන ගොටිටන්ගෙන් එය නිදහස්ව තිබීම හා කළමනාකරණ ක්‍රමවල ඇති කෂමතාව නිසා ය.

මේ රටේ රාජ්‍ය සේවයේ සියලු ම දෙනා සෑම රාත්‍රි කාලයක ම කල්පනා කළ යුතු වැදගත් කාරණයක් තිබේ: එනම්, එදා දවස තුළ තමන් රට වෙනුවෙන්, තමා සේවය කරන ආයතනය තුළ කළේ කුමක්ද යන්න මෙනෙහි කිරීම ය. මේ ප්‍රශ්නයට නිවැරදි උත්තරය සපයා ගත හැකි අයට රාත්‍රි කාලය තුළ හිතට එකඟව නිදා ගත හැකි ය. එසේ නො වන අයට අවදි වී සිටිය හැකි ය.
(දිවයින 09/01/08)

Tuesday, January 6, 2009

මාධ්‍ය මර්දනයේ අමිහිර!

සිරසට රාල විරුද්ධ ය. සමස්තයක් ලෙස එහි තුප්පහි ව්‍යාපෘති මෙරට සංස්කෘතියට හර පද්ධතියට එරෙහි වු ඒවා වෙයි. එමගින් යම් මෙහෙවරක් වේ යයි යමෙක් පවසයි නම් එමගින් වන හානිය එමෙන් සිය දහස් ගුණයෙක් බව වටහා ගත යුතුව ඇත. එහෙත් මේ මාධ්‍ය පිළිබඳ ක්‍රියා කිරිමට ඒ පිළිබඳ තීරණ ගැනීමට ජනතාව විසින් පත් කළ ආණ්ඩුවක් ඇත. ඒ මාධ්‍ය වෙත බලපත්‍ර දෙන්නේ ද ඒවා දීර්ඝ කරන්නේ ද ආණ්ඩුව ය. ඒ කටයුතු ආණ්ඩුව බලා ගත යුතු ය. එසේ නොකොට කුඩු පොලු ගෙන මැරයින් මාධ්‍ය වෙත පහර දීමට මං පැදීම අපි තරයේ හෙළා දකිමු. ආණ්ඩුව සිය වඟකීම ඉටු කළා නම් මෙවන් දේ සිදු නොවනු ඇත. දැන් අද දිවයින කතුවැකිය කියවමු.

සිරසට පහර දී තිබේ. බෝම්බ ගසා ගිනි තබා, වීදුරු කුඩු කරමින් කරන ලද එම පහර දීමට සුපුරුදු පරිදි සුදු වෑන් රියකින් පැමිණි ටී. 56 තුවක්කු අතින් ගත් මැර කල්ලියක් සහභාගි වී තිබේ. සුදු වෑන් භීතිකාව ඉතා භයානක ලෙස රට පුරා පැතිර යමින් පවතී. 1988-89 කාලයේදී මෙබඳු ම භීතිකාවක් පැජරෝ රථ කෙරෙහි තිබිණ. පැජරෝ රථවලින් මහ රු පැමිණි සන්නද්ධ කණ්ඩායම් තරුණයන් පැහැරගෙන ගොස් මරා හන්දිවල දමා ගිනි තැබුහ. මේ නිසා සද්භාවයෙන් මහ මඟ යන පැජරෝවක් දුටු විට පවා මිනිස්සු පණ බේරා ගනු පිණිස පැන දුවන්නට වුහ. 1988-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සිය දෙවැනි සන්නද්ධ අරගලයේ නියුතුව සිටියේ ය. ආණ්ඩුව පැජරෝ රථ වැඩි වශයෙන් යොදවන ලද්දේ මේ තරුණයන් පැහැරගෙනැවිත් මැරීම පිණිස ය. එදා පැජරෝ කෙරෙහි පැවැති භීතිකාව හා සමාන භීතිකාවක් අද සුදු වෑන් කෙරෙහි ද ජනතාව තුළ ගොඩනැඟෙමින් පවතී. පසුගිය කාලයේදී සිදු කෙරුණු පහරදීම් මරණ තර්ජන හෝ වෙඩි තැබීම් වැඩි හරියක් කළේ සුදු වෑන්වලින් පැමිණි සන්නද්ධ පිරිස් ය. මේ සිරස ආයතනය ප්‍රහාරයට ලක් වු පළමුවන අවස්ථාව නොවේ. එසේම මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් ප්‍රහාරයට ලක් වු පළමුවන අවස්ථාව ද නොවේ. 1970 දී බලයට පත් වු සමඟි පෙරමුණ ආණ්ඩුව ලේක්හවුස් ආයතනය රජය යටතට ගැනීමෙන් ද දවස ආයතනයට සීල් තැබීමෙන් ද පසුව ජනාධිපති වු ජේ. ආර්. ජයවර්ධන මහතාට වැරදි ආදර්ශයක් දුන්නේ ය. එවකට ජයවර්ධන මැතිතුමාගේ එ.ජා.ප. ආණ්ඩුවේ සිටි මැර ඇමැතිවරු "දිවයින" කර්තෘගේ නිවසට ද බෝම්බ ගැසී ය. ක්‍රමයෙන් පුවත්පත් කලාවේදීන්ට මග සිට පහර දීමට පටන් ගන්නා ලදී. 1988 දී බලයට පත් වු එ.ජා.ප. ආණ්ඩුව මානව හිමිකම් කඩකරන ආකාරය ගැන කතා කළ රිචඩ් ද සොයිසාගේ මළසිරුර මුහුදු වෙරළක තිබී හමුවිය. තවත් කරුණක් කියමු: 1977 න් පසු මේ රටෙි හටගත් මාධ්‍ය මර්දනය කොතෙක්ද යත්, එම රජය විවේචනය කළ "දිවයින" ට දැන්වීම් නො දෙන ලෙස එවකට සිටි ජනාධිපතිතුමා රජයේ සියලු ආයතනවලට නියෝග කළේ ය. ඒ බව දුටු රජයට පකෂපාතී පෞද්ගලික ආයතන ඉබේට ම "දිවයින" ට දැන්වීම් දීම නතර කළහ. ඔන්න ඕකයි තත්ත්වය. ඊට පසු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විවේචනය කළ රෝහණ කුමාර නමැති පුවත්පත් කලාවේදියා මරණ ලදී. මර්වින් සිල්වා ගරු ඇමැතිතුමා "දිවයින"ට සහ ජාතික රුපවාහිනියට කඩා වදින ලදී. ලසන්ත වික්‍රමතුංගගේ ලීඩර් පත්‍රය මුද්‍රණය කළ යන්ත්‍රාලයට ගිනි තබන ලදී. ටැමිල් නෙටි වෙබ් අඩවියේ කර්තෘ ඩී. පී. සිවරාම් හෙවත් "තාරකී" මරණ ලද්දේ සුදු වෑන් රියක දමා පැහැරගෙන යෑමෙනි. තාරකී, ටැමිල් නෙටි අඩවියට සම්බන්ධ වීමට පෙර මඩකලපුවේ ප්ලොටි අණදෙන නිලධරයා විය. එහෙත් සටන් විරාමය තුළින් කොටින්ට නිල යුද හමුදාවක තත්ත්වය ලැබුණ විට ටැමිල් නෙටි ද නිල මටිටමකට පත් වු නිසා සිවරාම් හෙවත් තාරකී ප්‍රසිද්ධියේ එහි කතුවරයා බවට පත්විය. තාරකීගේ පත්‍ර කලාව කෙනකුට ඉවැසිය නො හැකි නම් ඔහුට විරුද්ධව අධිකරණයට යෑමට ඉඩ මේ රටෙි තිබේ. ඒ හැර ඔහු මැරීමට කාටවත් අයිතියක් නැත. ඔහු මැරීමට අවශ්‍ය නම් ඔහුට විරුද්ධව ඇති මිනීමැරුම් චෝදනාවක් ඔප්පු කර අධිකරණය හරහා ඔහු එල්ලා මැරිය යුතු ය.

මාධ්‍ය ආයතනවලට පහර දීමේ සහ මාධ්‍ය මර්දනයේ සැබෑ අමිහිර "දිවයින" පෞද්ගලිකව ම දනී. අපට කිසියම් මාධ්‍ය ආයතනයක් හෝ පුද්ගලයකු ගැන විවේචනයක් තිබීමට පුළුවන. එසේම ඒ මාධ්‍ය ආයතනයට ද අප ගැන හෝ පුද්ගලයකු ගැන විවේචනයක් තිබීමට පුළුවන. එහෙත් අපේ විවේචනයට ප්‍රස්තුත වු මාධ්‍ය ආයතනය හෝ පුද්ගලයා වෙත හුළුඅතු පත්තු කරගෙන, පොලු හා බෝම්බ රුගෙන දිවයෑම අප කළ යුතු නැත. එසේම අප ගැන විවේචන ඇති මාධ්‍ය ආයතන හෝ පුද්ගලයන් කඩු පොලු ගෙන අප වෙත දිව ආ යුතු ද නැත. දැන් ආණ්ඩුව කළ යුත්තේ සිරස ප්‍රහාරය ගැන වහා සාධාරණ පරීකෂණයක් පැවැත්වීම ය. රජයේ නිවැරදිභාවය තහවුරු කිරීමට නම් මේ පරීකෂණය ඉතා විනිවිදභාවයෙන් යුතු පරීකෂණයක් විය යුතු ය. එහි ප්‍රතිඵල ද වහා ඉදිරිපත් කළ යුතු ය. මේ ප්‍රහාරයට රජයේ කිසිවකු සම්බන්ධ නම් ඒ අයට ඉතා ඉහළ දඬුවම් දිය යුතු ය. රජය සම්බන්ධ නැති වෙනත් කතාවක් මෙහි ඇත්නම් එය ද හෙළි කළ යුතු ය. සිරසට සතුරෝ සිටිති. මාධ්‍ය මර්දනය නමැති භයානක ආයුධය ඒ සතුරන් අතට පත්ව ඇති බව පෙනේ.
(දිවයින-09/01/07)

අපහාස උපහාස මැද ලද ජයග්‍රහණය....

ලක් රජයේ හමුදාව කිලිනොච්චිය අත්පත් කර ගැනීම තාවකාලික පසුබෑමක් බව ඩී. එම්. කේ. පකෂයේ නායක වයිකෝ කියා ඇතැයි ඊයේ (05 දා) "දිවයිනේ" ප්‍රධාන පුවත මගින් කියැවිණ. එක අතකට, මේ රට ගැන කිසිම කැක්කුමක් නැති විදේශිකයකු සහ විජාතිකයකු වන වයිකෝ මෙසේ කීම ගැන අප කෙසේවත් කනගාටු විය යුතු නැත. මන්ද යත් කිලිනොච්චිය ජය ගැනීම කිසි කලෙකත් කළ නො හැකි බව මේ රටේ හිටපු හමුදාපතිවරුන් දෙදෙනකු ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනකු ම ප්‍රකාශ කර ඇති හෙයිනි. අපේම රටේ සිංහලයන් එසේ කීවා නම් වයිකෝ වැනි ඔල්මාදකරුවකු මොනවා කීවාම මොකද? එල්. ටී. ටී. ඊ. යට හිස ඔසවන්නට නො හැකි බව ඉන්දියාවේ ක්‍රියා කලාපයෙන් වඩාත් පැහැදිලි වෙයි. වෙනදා අප කොටි සමඟ යුද වදින විට කලබලයට පත්වන ඉන්දියාව ඇඟිලි ගසා යුද්ධය නවත්වන තැනට කටයුතු යොදයි. එහෙත් අද වඩාත් ප්‍රගතිශීලී සහ ත්‍රස්ත විරෝධී මතයක සිටින ඉන්දියාව රජීව් ගාන්ධි ඝාතන නඩුවේ ඉතිරි යුතුකම් ඉටු කරනු සඳහා ප්‍රභාකරන් එරටට භාරදෙන ලෙස ලක් රජයෙන් ඉල්ලයි. මේ වු කලී ඉරණම ඉතා භයානක ලෙස වෙනස් වු අවස්ථාවකි. ප්‍රභාකරන්ට ආධාර කරන අය නො සිටියේ කොතැන ද? ඔවුහු හැම තැනක ම, හැම රටක ම සිටියහ. මේ රටේ ම ව්‍යාපාරික ප්‍රජාව අතර ඔවුහු සිටියහ. එසේම මේ රටේ විපකෂය තුළ එවැනි අය සිටියහ. (අදටත් සිටිති.)

ආණ්ඩු පකෂය තුළ සිටි ප්‍රභාකරන්ගේ ගෝලයෝ පසුව විපකෂයේ අසුන් ගත්හ. යුද්ධයට සහ රණවිරුවන්ට පා‍ර්ලිමේන්තුව තුළදී අපහාස කරන ලදී. එම අපහාස රණවිරුවන්ට පමණක් නොව රටේ ඒකීයත්වයට ද කළ අපහාස විය. හමුදාව මේ යුද්ධය දිනාගෙන ඉදිරියට යන්නේ එවැනි කරදර මැද ය. ඉදින් අප යළිත් කියන්නේ මද කිපී සිටින වයිකෝ මොනවා කීවාම මොකද යන්න ය. ඒ අපේම සිංහල බෞද්ධයන් ඊට වැඩි කතා කී නිසා ය.

යුද හමුදාවේ ඊළඟ ඉලක්කය අලිමංකඩ ය. ඉන් පසු ඇති ප්‍රධාන ඉලක්කය මුලතිව් ය. ප්‍රභාකරන් පණ පිටින් නම් තැන් තුනක සිටීමට ඉඩ තිබේ. ඉන් එක තැනක් කොළඹ ය. ත්‍රස්තවාදීන්ට කොළඹ තරම් සුරකෂිත තැනක් තවත් නැත. අද උදයේත් පිටකොටුවේදී හෝ වැල්ලවත්තේදී ඔබටත් මටත් ප්‍රභාකරන් හමු වෙන්නට ඇති, එහෙත් අපි ඔහු කෙසේ හඳුනමුද? මේ රටේ කොටි කලබල ඉතා තදින් පැවැති වකවානුවකදී උමා මහේෂ්වරන්ට වැල්ලවත්තේදී වෙඩි තබා මරන ලදී. එය කළේ ද කොටි විසිනි. එහි තේරුම උමා මහේෂ්වරන් ඉතා නිරුපද්‍රිතව කොළඹ හැසිරුණු අතර කොටි සංවිධානය එය හොඳින් දැන සිටියේ ය.

ප්‍රභාකරන් සිටීමට ඉඩ ඇති අනෙක් තැන පිට රටකි. ඉන්දියාව, නෝ‍ර්වේ වැනි කවර හෝ රටක ඔහු සිටින්නට පුළුවන. මේ දෙතැනම නැත්නම් ප්‍රභාකරන් ඊළඟට සිටිනු ඇත්තේ මුලතිව් කැලයේ ය. මුලතිව් යනු ජන ඝනත්වය ඉතා අඩු ප්‍රදේශයකි. එහෙයින් ප්‍රභාකරන් සොයා ගැනීම ඉතා දුෂ්කර කාරණයක් වනු ඇති. යුද්ධය නිම කිරීමට ප්‍රභාකරන් අල්ලා ගැනීම හෝ මැරීම එතරම් වැදගත් සාධකයක් වන්නේ නැත. වැදගත් වන්නේ කොටි අතේ තිබු සියලු ප්‍රදේශ රජයේ පාලනය යටතට ගැනීමයි. එසේ කළ විට ප්‍රභාකරන් යන සංකල්පය නිකම්ම නිශේධනය වී යන්නේ ය.
(දිවයින-09/01/06)

Sunday, January 4, 2009

හූනා සහ වලිගය

ප්‍රභාකරන් ඉතා දුර්වල සංඥාවක් නිකුත් කර තිබේ. මෙය හූනාගේ කැඩුණු වලිගය නිකුත් කරන සංඥාව වැනි නිරර්ථක සංඥාවකි. සතුරකු තමා පසුපස හඹාගෙන එන විට හූනා උගේ වලිගය කඩා දමා පැන දුවයි. මෙවිට ස්වල්ප වේලාවක් වලිගය දඟලමින් බිම තිබෙන අතර හූනා පසුපස හඹා ආ සතා වලිගය ළඟ නැවතී ටික වේලාවක් බලා සිටීමට පුළුවන. එක්කෝ ඌ වලිගය හූනා ලෙස වරදවා තේරුම් ගෙන එය ගිල දමා ආපසු යයි. මේ කාලය තුළ දිව ගොස් සැඟව ගන්නට හූනාට පුළුවන. ප්‍රභාකරන් කොළඹදී බෝම්බ දෙකක් පුපුරුවා ඉකුත් සතියේදී සංඥාවක් නිකුත් කළේ කිළිනොච්චියට පහරදීමේ පළිය කොළඹදී ගන්නා බවට ය. එවිට මුලතිව් ගැන ආරකෂක අංශ තුළ ඇති අවධානය කොළඹට හැරවෙනු ඇතැයි මරණ මංචකයේ සිටින මේ බොළඳ මෝඩයා කල්පනා කරන්නට ඉඩ තිබේ. මේ වු කලී අපගේ වීරෝදාර හමුදාව කිළිනොච්චියේ බලය තහවුරු කරගෙන මුලතිව් බලා ගමන් කරමින් සිටින අවස්ථාවයි. ඔවුන් කිසි ලෙසකත් ආපසු හැරෙන්නේ නැත. ඒ නිසා ප්‍රභාකරන් කළ යුත්තේ සිය සිරුර සහ වලිගය ආරකෂා කර ගැනීමට සුදුසු පියවර ගැනීම ය. ඔහු ආරකෂාව පතා කිසියම් ගුලකට රිංගන්නේ නම් ස්ථිර වශයෙන්ම වලිගය ද ගුල තුළට ගත යුතුය. නැතහොත් පැනයන යුද අපරාධකරුවකු වු බෙනිටෝ මුසෝලිනිගේ බෙල්ලෙන් අල්ලා ඔහු බිම දිගේ ඇදගෙන මරණය දක්වා ගෙන යෑමට ඉතාලි ජනයා කටයුතු කළාක් මෙන් ප්‍රභාකරන්ට ද සුදුසු ඉරණම ප්‍රදානය කිරීම සඳහා මේ රටෙි ජනයා ජාති භේදයකින් තොරව කටයුතු කරනවා ඇත. (මුසෝලිනි යනු දෙවන ලෝක යුද්ධයේදී ඉතාලි පාලකයා ලෙස ද හිටිලර්ගේ උදව්කාරයා ලෙස ද කටයුතු කළ මිනීමරුවෙකි.)

අවසානයේදී බලනවිට ප්‍රභාකරන් ලෑලි වීරයකු බව පෙනී යයි. අප ඔහු කාඩ්බෝඩ් වීරයකු ලෙස හෝ හඳුන්වන්නේ මන්ද? කාඩ්බෝඩ් වීරයා එක වැස්සට තෙත බරි වී කඩා වැටේ. එහෙත් ලෑලි වීරයාට වැසි දෙක තුනක් අල්ලාගෙන සිටීමට පුළුවන. තුන්වන හෝ හතරවන වැස්ස වන විට ලෑලි දේහය සම්පුර්ණයෙන්ම දිරා ගොස් ඇඟිල්ලෙන් ඇන්න විට බිමට කඩාවැටෙි. ප්‍රභාකරන් සිටින්නේ මේ සිවුවන වර්ෂාව ඇද හැලෙමින් පවත්නා අවස්ථාවේ ය. මේ අවස්ථාවේදී අප බලා සිටිය යුත්තේ ඔහු කොයි පාරෙන් පැන යන්නේ ද යන්න නොවේ. ඔහුගේ සිරුර කවර බිංගෙයකින් හමුවේද යන්න ය. හිටිලර්ගේ සිරුර නම් බර්ලිනයේම බිංගෙයක තිබී හමු වි ය.

කොළඹ බෝම්බ පිපිරවීමෙන් ප්‍රභාකරන් නගන දුර්වල සංඥාව පිටුපස සාකෂියක් සහ මතයක් තිබේ. සාකෂිය නම් මරාගෙන මැරෙන බෝම්බකාරයන් මෙය කරන බව ය. මතය වන්නේ කොළඹ සිටින පාතාලය කොටින්ගෙන් ගාස්තුවක් අය කර මෙය කරන බව ය. කොළඹ සිටින මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට ඉතිරිව ඇත්තේ මරාගෙන මැරීම ම පමණි. මන්ද, ආපසු ප්‍රභාකරන් වෙත ගියත් ඔවුනට සිදුවන්නේ දරුණු වධවලට මුහූණදී වෙඩි කන්නට ය. ප්‍රභාකරන් තමන්ට පිටින් ගිය මහත්තයා (එල්.ටී.ටී.ඊ.යේ හිටපු නියෝජ්‍ය නායකයා) බිංගෙයක් තුළ රඳවා දවස් ගණනක් වධ දී මැරෙන්නට ඉඩ හැරියේ අන් අයට පාඩමක් පිණිස ය. සියලු මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට මහත්තයා වධ විඳින දර්ශන වීඩියෝ මාර්ගයෙන් පෙන්වනු ලැබේ. එය දකින එකා මරාගෙන මැරීම, ආපසු ප්‍රභාකරන් වෙත යෑමට වඩා හොඳ බව සිතයි. බෝම්බයක් පුපුරුවාගෙන මළොත් එය වතාවකින් කෙළවර ය. දින ගණන් වධ විඳ මැරෙන්නට ලෝකයේ නරකම හා භයානකම ත්‍රස්තවාදියා වුව කැමති නැත.

කුලියට බෝම්බ පුපුරුවන පාතාලකාරයන් සිටීම ඉතා ස්වාභාවික ය. මෙරට හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියකු වු කර්නල් තුවාන් මීඩින් මැරීමට අවශ්‍ය සියලු කටයුතු කොටින්ට සම්පාදනය කර දුන්නේ "අයිස් මංජු" නමැති සිංහලයා ය. ඒ සඳහා කොටි ඔහුට ගාස්තුවක් ගෙවුහ. අන්තිමේදී "අයිස් මංජු" ඕමන්තේ මුරපොළ තුළින් කිළිනොච්චියට රිංගා ගත්තේ ය. මේ දේශද්‍රෝහීන්ට දිය හැකි වධ 32 ක් සිංහල රජ කාලයේ තිබිණි.

කිළිනොච්චිය ජය ගත් හමුදාව දිරි ගැන්වීම සඳහා මිනිස්සු ප්‍රීති ඝෝෂා කළහ. කැවුම් කිරිබත් පිස හමුදාවට කන්නට දුන්හ. රතිඤ්ඤා ද පත්තු කළහ. හමුදාව කිළිනොච්චිය මුදාගත් බව ජනාධිපතිවරයා නිල වශයෙන් දැනුම් දුන් විට දෙසැම්බර් 31 වැනිදා රාත්‍රි 12 ට පත්තු වු රතිඤ්ඤා ප්‍රමාණය මෙන් දෙගුණයක් රතිඤ්ඤා පත්තු විය. අපගේ වැටහීම වන්නේ මෙසේ පිපිරු රතිඤ්ඤාවලට වැය කළ මුදලින් රණවිරුවන් දහ පහළොස් දෙනකුට නිවාස ඉදි කරදීමට හැකිව තිබු බව ය. එය රතිඤ්ඤා උපහාරයට වඩා හොඳ උපහාරයකි.
(දිවයින-09/01/05)

ඒ ඓතිහාසික විජයග්‍රහණය!

මේ අද දිවයිනේ කතුවැකිය. විය යුතු පරිදිම අපේ ජාතික වීරයින්ට සුබ පතලා. රාල නම් හිතන්නේ දැන් මේ ජයග්‍රහණය අර්ථවත් කරන්න වහාම කොටි තහනම බලාත්මක කළ යුතුයි. එතකොට ඔය එක එකාට 'සාම සාකච්ඡාවලට යනු' කියලා කියන්න අවසර නෑ නොවැ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඉඳගෙන එක එක එන්.ජී.ඕ. කාරයින්ට කොටියාට කඩේ යන්නත් බැහැ. හරි දැන් කියවමු.

මේ ලක් මවගේ දෑස් තුටු කඳුළෙන් තෙමා ලු ඓතිහාසික විජයග්‍රහණයක අභිමානයෙන් මුළු ලක් දෙරණම උදම්ව සිටින මොහොතකි. වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ෆැසිස්ටිවාදී ත්‍රස්තවාදය සුනුවිසුණු කර ඔහුගේ ඊළාම් සිහින විජිතයේ හදවත බඳු වු කිළිනොච්චිය දේශප්‍රේමී හමුදා විරුවන් විසින් විජයග්‍රහණය කරන ලද මොහොතකි. ඒ අභීත විරුවන්ට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි වන මොහොතකි. අපද අපගේ කෘතවේදීත්වය ඒ අභිමානවත් ලක් පුතුන්ට පුද කරන්නේ උණුසුම් හැඟීමෙන් ඔවුන් හදවතින්ම වැළඳ ගනිමින්ය.

මේ ඓතිහාසික විජයග්‍රහණය හෙට ලියැවෙන ඉතිහාසයේ රන් අකුරින් තැබෙන සටහනක් වනු නො අනුමානය. ඒ රන

කුරු සමඟ සුදිලෙන්නේ අපරාජිත රණවිරුවන්ගේ ආත්ම පරිත්‍යාගයේද, අධිෂ්ඨානයේ හා අභිමානයේ ද කතාව බව අපි ලියා තබමු. සිය මාතෘ භුමිය ත්‍රස්තවාදයේ භීෂණයෙන් ගලවා විමුක්තියේ නිදහස් අරුණළු උදා කරන්නට ඔවුන් විසින් නොකරන ලද පරිත්‍යාගය කුමක්ද? ඒ වෙනුවෙන් පුජා කළ ජීවිතවල අගය කෙතරම් ද? ඒ වෙනුවෙන් ගලා ගිය රුධිරය කෙතරම්ද? ඒ වෙනුවෙන් සදාකාලික ආබාධිතයන් බවට පත් වුවෝ කෙතරම් ද? ඉතිහාසයේ සුදිලෙන ජයග්‍රාහී උදාන වැකිය තුළ ඒ සියල්ල නිහඬව තිබෙන බව අපි කිසිසේත් අමතක නොකරමු.

මවුබිමෙහි නිදහස උදෙසා කරන ලද අරගල පිළිබඳ අභිමානවත් ඉතිහාසයක් අපට තිබේ. ඒ වීර කැප්පෙටිපොල විරුවන්ගේ පරපුරෙහි අභිමානය අතීතයෙන් ගලා ආ දිව මතුරක් සේ අපගේ රණවිරුවන්ගේ දෙසවන් තුළ දෝංකාර දුන් අයුරු අපි දනිමු. මේ අරගලය ජන ඝාතක, ජන පීඩිත යුද්ධයක් නොව මානුෂික මෙහෙයුමක් බව ජනපති මහින්ද රාජපකෂ මහතා නිරන්තරවම කළ අවධානය අප සවන් තුළ ද පිළිරුව් දෙයි.

සැබැවින්ම මේ ජයග්‍රහණය දෙදහස් වසරක ජාතික සංස්කෘතික උරුමයේ පුනරුත්පත්තියක් වැන්න. මුනි සිරිපා පිපුණු බිමේ උරුමයද, ජයසිරි මා බෝ රුඳුණු බිමේ බල මහිමය ද සිරි දළදා රුඳුණු බිමේ ශාන්තිවාදය ද මේ විජයග්‍රහණයට දිරි දුන්, උර දුන් බව අපි දනිමු. ගමින් ගම, දොරින් දොර සිදු කළ අධිෂ්ඨානයේ පුජා වන්නියේ යුද බිම රණවිරුවන් ඔද තෙද ගැන් වු අයුරු අපි දනිමු.

අභීත විරුවනි, දැන් යළිත් පෙරදිග මුතු ඇටය නිදහස් ය. එය ලෙයින් සේදු උමතු මිනිසා පසුබැස යමින් සිටියි. මවුබිමේ හෙට වෙනුවෙන් අභීතව, අකම්පිතව, ඔබ ඔබගේ අද පරිත්‍යාග කළෙහිය. ආත්මාර්ථයෙන් තොරව කරන පරිත්‍යාගය කෙතරම් උතුම් දැයි ඔබ පුජා කළ ජීවිත අපට පෙන්වා දී තිබේ. සටන් බිමෙන් ඇසෙන මර හඬට නොබියව ළය දෙමින්, ඔබ එසවු පියවර කොතරම් උතුම් දැයි අප පසක් කර ගනිමු. ඒ ඉතිහාසය ඔබගේය.

කිළිනොච්චියට අපගේ රණවිරුවන් ඇතුල්වනු වැළැක්වීමට ක්‍රියාත්මක වු බලවේග බොහෝ විය. බටහිර තීරයෙන් මතු වී ඉන්දියාව ඔස්සේ ද බඩ ගෑ ඒ සර්පයෝ සිය විෂ දළ සඟවා මානව හිතවාදයේ පෙණ ගොබය විදහාලුහ. එහෙත් ඉනද්‍රඛීලයක් සේ සිටි ලක් ජනපති සිය උරමතට වන් ජාතික වගකීම නිවැරුදිව වටහා ගත් බව ද අප ලියා නොතබන්නේ නම් එය වරදකි.

අප ලද මේ විජයග්‍රහණයේ මිහිර ප්‍රභාකරන්ගේ ගජමිතුරු සමාගම්වලට අමිහිරි මතකයක් බවට සැක නැත. 2003 වසරේදී ප්‍රභාකරන්ගේ ඊනියා නියැදුරු බව කී ඇන්ටන් බාලසිංහම් කළ අවමන අපට සිහිවේ. හේ කියා සිටියේ දුබල සිංහල හමුදාවට සටන් විරාමයක් දෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම නිසා බවය. එහෙත් 2009 වන විට ඒ දුබල හමුදාව කිළිනොච්චිය අල්ලා ගනිද්දී ඒ අමිහිරි අත්දැකීම විඳ ගන්නට බාලසිංහම් නැත. පරලොවක සිට ඔහු එදෙස බලා සිටියිද? ප්‍රභාකරන්ද පසුගිය දෙසැම්බරයේදී එවැනිම පුරසාරමක් දොඩවා තිබුණි. ඒ තමිල්නාඩුවේ නකිරන් නමැති පුවත් සඟරාවකටය. ඔහු කියා සිටියේ කිළිනොච්චිය ඇල්ලීම මහින්ද රාජපකෂගේ දවල් හීනයක් පමණක් බවය.

ප්‍රභාකරන් නම් තවමත් වන්නි කැලෑවක කොතැනක හෝ ගුහාවක රිංගා සිටිනු විය හැකිය. සිය ඊළාම් විජිතයේ මිනීවල තුළම වැටී මරු දකිනු හැර වෙනත් විකල්පයක් නැති බව ද ඔහුට සිතෙනු විය හැකිය. සිය දුෂ්ට අරමුණ වෙනුවෙන් අවියෙන්ම තමන් වෙතට ළංකර ගත් දෙමළ තරුණ තරුණියන්ගේ අඳෝනා විලාප මෙවේලේ ඔහුට ඇසෙනුද විය හැකිය. එහෙත් ඝාතනය : භීෂණය පමණක් ඇදහීම බවට පත් කර ගත් ෆැසිස්ටිවාදියකුගෙන් අපට අපේකෂා කළ හැකි දෙයක් තිබේද?

කෙසේ වුවද ඒ ෆැසිස්ටිවාදයට පරාජයත්, මව්බිමට විජයග්‍රහණයත් දැන් අත්පත් වී තිබේ. ඒ විජයග්‍රහණය අර්ථවත් කිරීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ඈ සියලු කොටස් කළණ මිතුරන් සේ එක්විය යුතු බව ද අපි ලියා තබමු. ඒ ඓතිහාසික විජයග්‍රහණය අර්ථවත් වන්නේ එවිටය. ලක් මව කඳුළු පිස හැර හිනැහෙන්නේ එවිටය. පෙරදිග මුතු ඇටය දුකදුරු හැර සුදිලෙන්නේ එවිටය. ඒ උදාර අරමුණ සාක්ෂාත් කිරීමට අපට හැකි නම් ඉතිහාසය ද අපට හිස නමා ආචාර කරනු ඇත.
(දිවයින-09/01/03)

Thursday, January 1, 2009

ව්‍යාපාර පරිපාලනය අනුභව කර පරිගණක ශාස්ත්‍රය පානය කිරීම

ඊයේ සහ අද රාලට සතර අතින් සුබ පැතුම් ගලා ආවේ ය. කෙනෙක් 'සුබ නව වසරකැයි' පැතූහ. තවෙකෙක් 'සුබ අලුත් අවුරුද්දකැයි' පැතූහ. මම මේ දෙපිරිසට ම 'සුබ නව වසරකැයි' පැතුවෙමි. 'සුබ අලුත් අවුරුද්දකැයි' පැතූ අය නොදැන කළ කළ වරද නිවැරදි කරන්ට නොගියෙමි. එහෙත් මේ ටික අවබෝධ කර ගැනීම වැදගත් ය. අපේ අවුරුද්ද එන්නේ බක් හෙවත් අප්‍රේල් මස ය. එදාට අපි අවුරුදු සමරමු. මේ සමරන්නේ 2009 වසරේ උදාවයි. දැන් අලුත් වසරේ හැමෝම සිතිය යුතු යමක් ගැන විමසමු. සිංහලේ එදා සිට ප්‍රචලිත වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් බව ද යළි සිහි කරමු.

මේ රටේ වැවිලි කර්මාන්තයේ නියුතු වුවන් රැක ගැනීම ප්‍රධානතම අභියෝගය බව ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති පැවැසී යැයි අප පුවත්පතේ පළ වු වාර්තාවක සඳහන් වෙයි. ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනය යනු පවතින ආණ්ඩුවේ දේශපාලන සංවිධානයකි. සාමාන්‍යයෙන් දේශපාලනකාරයන් කතා කරන්නේ ඒ ඒ වෙලාවට කාලය ගෙවා ගැනීම පිණිස ය. ඒ කතාවල එතරම් වැදගැම්මක් නැත. එහෙත් මේ වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප. වෘත්තීය සමිතිය කළ කතාව බැහැර කළ නො හැක. එ බැවින් අපි ඒ ගැන කතා කරමු.

ශ්‍රී ලාංකිකයා කෑමට දනී. එහෙත් කෑම එන තැන නො දනී. කෑම එන විදිය නො දනී. පෙර කාලයේදී විසු සැපට හැදුනු රජ කුමරකු වෙතින් බත් එන්නේ කොහෙන්දැයි ප්‍රශ්න කරන ලද කල්හි බත් එන්නේ පිඟානෙනැයි උත්තර ලැබුණේලු. ඒ ආකාරයෙන් අද මේ රටේ වෙසෙන වැඩි දෙනාට, බත් කොහෙන්දැයි කකෂණිකව හිතා ගත නො හැකි ය. බන්දුල ගුණවර්ධනට නිතර සවන් දෙන කෙනකු කියනු ඇත්තේ බත් වියටිනාමයෙන් එන බව ය. මෛත්‍රිපාල සිරිසේනට නිතර සවන් දෙන කෙනකු කියනු ඇත්තේ බත් නැගෙනහිර පළාතෙන් හෝ මහවැලි ප්‍රදේශවලින් එන බව ය. තිරිඟු පිටි ඇමරිකාවෙන්, ආර්ජන්ටිනාවෙන් හෝ ඔස්ට්‍රේලියාවෙන් එන බව වැඩි දෙනා දනිති. මයිසුර් පරිප්පු එන්නේ ඉන්දියාවෙනි. කිරි පිටි නවසීලන්තයෙනි. එසේ නම් ශ්‍රී ලංකාවෙන් එන්නේ නැගෙනහිර පළාතේ වී ටික සහ නුවරඑළිය පැත්තේ සිට එන තණකොළ ටික පමණද?

කෘෂිකර්මය පිළිබඳව ඉගෙනීමට මේ රටේ ඊළඟ පරම්පරාව නිසි ආකාරයෙන් යොමුකර නැත. හැම දෙනාම මෙරටත් පිටරටත් විශ්වවිද්‍යාලවලට ගොස් ඉගෙන ගන්නේ ව්‍යාපාර පරිපාලනය, තාකෂණවේදය, පරිගණක මෘදුකාංග, ඉංජිනේරු විද්‍යාව වැනි දේ ය. හැබැයි මේ කොයි දේ කරන්නටත් බඩට කෑම කෑ යුතු ය. මේ රටේකෑමට ඇරී ඇති කටවල් ගණන දවසින් දවස ඉහළ යයි. පරිගණක විද්‍යාව ඉතා ප්‍රයෝජනවත් දෙයක් වුවද බඩගින්නට අනුභව කළ නො හැක. එසේම, ව්‍යාපාර පරිපාලනය කොතරම් වැදගත් දෙයක් වුවද ඒ මගින් කුසගිනි නිවෙන්නේ නැත. කුසගින්න නිවෙන්නේ ආහාරයෙනි. ආහාර පිටරටින් ගෙන්වීමට මිස මෙහි නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙළක් නැත.

අපේ අපනයන භෝගවලට පිටරටින් ලැබෙන ආදායම බෙහෙවින් පහත බසිමින් පවතී. ලෝක ආර්ථික අවපාතය නිසා ඩොලරයේ මිල පහත බට හෙයින් තේවලට ලැබෙන මිල අඩු ය. එසේම, තෙල් මිල පහත බසින නිසා පෙට්‍රෝලියම්වලින් නිපදවන කෘත්‍රිම රබර් මිල ද පහත බසින බැවින් අපේ ස්වාභාවික රබර් මිල පහත ගොස් තිබේ. එ බැවින් පිටරටින් එන ආදායම බෙහෙවින් පහත් ය. මේ ගැන වැඩි දෙනා දැනුවත් වී නැත. රබර් ගහේ හා තේ දල්ලේම පමණක් එල්ලී නො සිට අලුත් අපනයන භෝග කෙරෙහි යොමු වීමට කාටවත් කල්පනා වන්නේ නැත. වරක් නවසීලන්ත ව්‍යාපාරිකයන් පිරිසක් විකුණන්නට අලුත් යමක් සොයමින් රට පුරා සංචාරය කරන්නට පටන් ගත්හ. ඒ අතර ගස් යට වැටී කුණු වී, එනමුදු මිහිරි සුගන්ධයක් නිකුත් කරන ගෙඩි වර්ගයක් මේ පිරිසට හමුවිය. මේ ගෙඩි වර්ගයට "කිවි" යන නම තැබු ඔවුහු ඒවාට ලේබල් ගැසු පෙටිටිවල දමා රට පැටවුහ. ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලත් මේ ගෙඩි වර්ගය විකිණීමට තිබේ. එහි මිල අධික ය. මෙවැනි අලුත් ආදායම් මාර්ග අපේ රටේගස් යට ද ඕනෑ තරම් තිබිය හැකි ය. වරද, අප ඒවාට පයින් ගසා කොම්පියුටරය වෙත ගොස් අන්තර් ජාලයට පිවිසීම ය.
(දිවයින-09/01/02)
 
සිය රට දේ සිරි සැප දේ !