Thursday, July 17, 2014

අලුත්ගමින් බටහිර ඉවුරට

ඊශ්‍රායල් පලස්තීන ගැටුම පිළිබඳ ගලා එන පුවත් බහුතරය සත්‍යය නොවේ. සත්‍යය ලෙස නිර්මාණය කළ ඒවා ය. ඊශ්‍රායලයට බටහිර ඉවුරේ සිට හමාස් සංවිධානය රොකට් ප්‍රහාර එල්ල කරන බව මේ ප්‍රවෘත්තිවලට විෂය නොවේ. එහෙත් ඊශ්‍රායලය ප්‍රති-ප්‍රහාර එල්ල කළ වහා ඊශ්‍රායලය ළමයින් මරා දමන බවට ඡායාරූප සමඟ පුවත් පළ වේ. එවිට අපි අහිංසක මුස්ලිම් දරුවන් මරා දමන ඊශ්‍රායල් අගමැති ඇතුළු යුදෙව්වන්ගේ දෙමාපියන් සිහිපත් කර බැන වදිමු. එහෙත් මේ මිය ගිය ළමුන්ගේ එක ම ඡායාරූපය විවිධ සිද්ධිවලට අමුණමින් වසර කිහිපයක් තිස්සේ දෙතුන් වර පළ වෙයි. හමාස් අයිසිස් ඇතුළු 90%ක් වන සුන්නි ඉස්ලාමිකයින් 10%ක් වන ෂියා ඉස්ලාමිකයින්ට සහ සෙසු ලෝකයට කරන අපරාධ මෙවැනි ව්‍යාජ පුවත් ඔස්සේ වසා දමනු ලැබේ.

ලෝකයේ සුන්නි මුස්ලිමුන් බහුතරය වීමත් ඔවුන් සතු ආර්ථික ශක්තියත් බොහෝ සුන්නි මුස්ලිමුන් ඇමරිකාව ප්‍රමුඛ බටහිරට පක්ෂපාති වීමත් නිසා බටහිර මාධ්‍ය ද සුන්නි මාධ්‍ය සමඟ මේ කටයුත්ත සඳහා හරි හරියට දායක වෙයි. මේ තත්ත්වය සමාන කළ හැක්කේ 2009 අවසන් වූ කොටි ත්‍රස්තවාදය හමුවේ අල් ජසීරා බීබීසි සීඑන්එන් ඇතුළු මාධ්‍ය ගෙන ගිය රංගනයටයි. කොටි සංවිධාන අහිංසක හා පැටවුන් ලෙස ද රජයේ හමුදා ම්ලේච්ඡ මිනීමරුවන් ලෙස ද හැඟෙන පරිදි එකල පුවත් නිර්මාණය කෙරිණි. අලුත්ගම සිද්ධියේදී ද මුස්ලිමුන් පොසොන් පෝදා භික්ෂුන් වහන්සේට පහර දීම හෝ පෙළපාලි ගිය බෞද්ධයින්ට පල්ලියේ සිට පහර දීම පිළිබඳ කතා නොකර ඊට ප්‍රතිචාර දැක්වූ සිංහලයින් නිසා මුස්ලිමුන්ට වූ හානිය පිළිබඳ පමණක් විග්‍රහ කෙරිණි.

අද ඊශ්‍රායල් පලස්තීන ගැටුම පදනම් කරගෙන නිර්මාණය කරන ප්‍රවෘත්ති ද එවැනි ය. එදා ලංකා ආණ්ඩුවට යුද කලාපවල සිටින්නන් නඩත්තු කළා සේ ම බටහිර ඉවුරට ආහාර විදුලිය ජලය බෙහෙත් සපයන්නේ ඊශ්‍රායලයයි. ඒ සඳහා හමාස්ලා පෙරළා කෘතගුණ දක්වන්නේ රොකට්වලිනි. ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන විට බටහිර ඉවුරට බැලුම් බෝල එවීමට තරම් යුදෙව්වන් දීන සිංහලයින් මෙන් නිවට නැත. එහෙයින් සාමය අවශ්‍ය නම් මුස්ලිමුන් කළ යුත්තේ බටහිර ඉවුරේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන හමාස් සංවිධානය නිහඬ කිරීම ය. පට්ටපල් කෙප්ප ඔස්සේ සිංහලයින් යටපත් කළ හැකි වුව ද යුදෙව්වන් නම් කිසි දිනක යටපත් කළ නො හැකි ය. රජයේ මාධ්‍ය ඔස්සේ පලස්තීන නායකයාට දුරකතනයෙන් අමතා සුවදුක් විමසන බව පැවසෙන අපේ මහ උන්දෑ ද කළ යුත්තේ එපමණි.

Tuesday, July 1, 2014

වික්‍රමසිංහ තියරිය

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදි මුස්ලිම් බහුතරයක් සහිත දර්ගා නගරය මැදින් බෞද්ධයින් පෙරහැරක් යෑම වරදකි. එතුමාගේ සිතුම් පැතුම් සහිත සෙසු උගතුන් මෙන් ම එතුමා ද සඳහන් කරන පරිදි ගැටුමට හේතුව එම පෙරහැර මිස පොසොන් පෝදා භික්ෂූන් වහන්සේ නමකට පහර දීම හෝ එතෙක් මුස්ලිම් අන්තවාදී කල්ලි අඛණ්ඩ ව කරගෙන ගිය බෞද්ධයින් කුපිත කිරීමේ කටයුතු හෝ ඒවා රජය මැදිහත් වී නතර නොකිරීම නොවේ. අප මොහොතකට වික්‍රමසිංහ මහතාගේ තර්කය නිවැරදි යැයි සිතමු. එනම් මුස්ලිම් බහුතරයක් සහිත දර්ගා නගරයේ බෞද්ධයින් පෙරහැරක් යෑම වැරදි ය. එමෙන් ම එම තර්කය සෙසු ජාතීන්ට ද අදාළ විය යුතු ය.

එය එසේ නම් මේ රටේ 74%ක් සිංහල බහුතරයට 8%ක් වන සුළුතර මුස්ලිම් ජනතාව වෙනුවෙන් හලාල් කෑමට සිදුවීම කිසිසේත් සාධාරණ නැත. වෙනත් විදිහකට කිවහොත් 92%ක් වන මුස්ලිම් නොවන ජනතාවට 8%ක් වන මුස්ලිම් ජනතාව නිසා හලාල් කැවීම වික්‍රමසිංහ මහතාට අනුව කිසිසේත් සාධාරණ නැත. මන්ද මේ රටේ බහුතරය මුස්ලිම් නොවේ.

එමෙන් ම වික්‍රමසිංහ මහතාට එම තර්ක න්‍යාය අනුව බෞද්ධ සිද්ධස්ථාන අවට කූට ලෙස මුස්ලිම් පල්ලි ඉදිකිරීම ද බලවත් වරදකි. පුරාණ රජවරුන් විසින් දඹුල්ල පන්සලට පූජා කළ ඉඩමේ මුස්ලිම් පල්ලියක් ඉදි කිරිම වරදකි. එමෙන් ම මේ රට පාලනය කළ රජවරුන් විසින් කිහිප වරක් බුදුන්ට පූජා කළ රටේ තැන නොතැන නොබලා මුස්ලිම් පල්ලි ඉදිකිරීම වරදකි. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම වරදකි. 

එපමණක් නොව සෞදි අරාබියේ සිට වපුරන සුන්නි වහාබ්වාදය හිසින් ගත් අන්තවාදී සුළු මුස්ලිම් කල්ලිවලට මේ රටේ බහුතර මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කිරීමට ඉඩදීම බලවත් වරදකි. එහෙත් අප කෙසේ කීව ද වික්‍රමසිංහ මහතා හෝ ඔහු පන්නයේ උගතුන් කිසිසේත් බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හෝ මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අන්තවාදයෙන් ආරක්ෂා කිරීමට මේ තර්ක න්‍යාය භාවිත නො කරති. එහිදී ඔවුහු එය සුළු ජන තොටස් සතු නොබිඳිය හැකි පරම අයිතියක් කොට සලකති. 

කෙසේ වුව ද මේ තර්ක න්‍යාය අනුව මතු දිනක කොළඹ හුනුපිටියේ ගංගාරාම පෙරහැර මෙන් ම නුවර දළඳා පෙරහැර ද පැවැත්වීම වරදක් විය හැකි ය. මන්ද කොළඹ මෙන් ම නුවර නගරවල දේපළ වේගයෙන් අන්‍යාගමික කොටස් විශේෂයෙන් මුස්ලිම් කොටස් අත්කර ගනිමින් ඇත. ඊට සමාන වේගයකින් සාම්ප්‍රදායික මුස්ලිම් ආගම වෙනුවට අන්තවාදය මේ රටේ ව්‍යාප්ත වෙයි. එහි අවසාන ප්‍රතිඵලය ලෙස පල්ලි ඉදිවන අතර මතු දිනක මේ මේ මාර්ගවල පෙරහැර ගමන් නොකළ යුතු බවට අනඥා පැනවීමට ඉඩ තිබේ. 

1915 සිංහල මුස්ලිම් කෝලාහලයට හේතු වූයේ ද මෙලෙස සියවස් ගණනාවක් පැරණි රජ දවස සිට පැවැත්වූ පෙරහැරකට මුස්ලිම් අන්තවාදීන් බාධා කිරීම නිසා ය. එම බාධා කිරීම කළේ රටට අලුතින් වෙළඳාම පිණිස පැමිණි හම්බ මරක්කල නම් පිරිසක් විසිනි. ඔවුන් පැමිණ එහි තිබූ කතෝලික සහ මුස්ලිම් පල්ලියට අමතරව නව පල්ලියක් ඉදි කළේ 1885 වසරේ පමණ ය. සිය වස් ගණනාවක් සිංහල බෞද්ධයින් සමඟ ජීවත් වූ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් පෙරහැර පැවති දිනවල සිය පල්ලියට නොපැමිණ බෞද්ධයින්ගේ පෙරහැර නිදහසේ කරගෙන යෑමට අවස්ථාව ලබා දෙන පසු බිමක මේ රටට සංස්කෘතියට ආගන්තුක, එය නො ඉවසූ හම්බ මරක්කලයෝ බෞද්ධයින්ට දිගින් දිගට ම කෙනහිලි කළහ. අවසානයේ එය විශාල ඛේදවාචකයකින් අවසන් විය. 

එදා මෙන් ම වර්තමාන සිංහල මුස්ලිම් ජනතාව අතර ඇතිව ඇති නො සන්සුන්තාවයට ප්‍රධාන හේතුව එකල සමාජයේ පැවති ලෙස ම අන්තවාදීන් මේ රටේ සංස්කෘතිය කෘතීම ලෙස වෙනස් කිරීමට දරන තැතයි. මේ රටේ සංස්කෘතියට අනුගත නොවී ලංකාව තවත් සෞදි අරාබියක් කිරීමට දරන තැතයි. අරාබි මුස්ලිම් සංස්කෘතිය මෙරට බෝ කිරීමට වළිකන මේ පිරිස් මේ රටේ සංස්කෘති සහ සිරිත් විරිත් සෞදි අරාබියේ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දෙන්නේ දැයි නො සිතති. මේ තත්ත්වය පාලනය කළ හැක්කේ වික්‍රමසිංහ මහතා සහ මෙරට පාලකයින් මෙන් සිංහලයින්ට එක් හැන්දකින් ද මුස්ලිම්වරුන්ට තවත් හැන්දකින් ද බෙදීමෙන් නොව සැමට එක සමාන නීතියක් අනුව කටයුතු කිරීමෙනි. බෞද්ධයින්ට අසාධාරණ ලෙස සැලකීම ඔස්සේ සිදුවන්නේ බෞද්ධයින් තව තවත් උරණ වී නිතිය අතට ගෙන ක්‍රියා කිරීම සහ ඒ ගැටුම්වලින් පීඩාවට පත් වන සාමාන්‍ය මුස්ලිම් ජනතාව මෙරට ව්‍යාප්ත වන මුස්ලිම් අන්තවාදය ගොදුරු වීම ය. එහි ප්‍රතිඵලය වන්නේ මේ රට නැවත ත්‍රස්තවාදය වෙත තල්ලු මුස්ලිම් රටවල් මෙන් සදාකල් ගැටුම් සහිත නරකාදියක් බවට පත්වීම ය.

රට ගිනි තබන තවුහිද් ජමාද් තහනම් කරනු!

මෑතකාලීන සිංහල මුස්ලිම් කෝලාහලවලට මූලික හේතුව මේ අන්තවාදී තවුහිද් ජමාද් කල්ලියේ නොමනා ක්‍රියාකළාපයයි. පසුගිය දා මාදම්ප ප්‍රදේශයේ දහසක පමණ මුස්ලිස් කාන්තාවන් පිරිසක් මේ කල්ලියට එරෙහිව වීදි බැස්සාහ. ඊයේ රාත්‍රි සයින්දමරුදු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සහ මේ කල්ලිය අතර ගැටුමක් හට ගෙන තිබේ. මේ සියලු ගැටුම්වලට හේතුව සාම්ප්‍රදායික මුස්ලිම් ගම්බිම්වල අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය පල්ලි ඉදි කරමින් ද අන්තවාදය දේශනා කරමින් ද ගෙන යන දුෂ්ට ක්‍රියාදාමයයි. ලංකාව ලංකාව මිස සෞදි කොලනියක් නොවේ. එරට සිට ලංකාවට එන සුන්නි අන්තවාදී කල්ලි වහාබ්වාදය වපුරමින් රට ම බිහිසුණු අගාධයකට ඇද ගෙන යමින් සිටිති. ලංකාවේ සිටින්නේ ලංකා මුස්ලිම්වරු මිස සෞදි මුස්ලිම්වරු නොවේ. වසර දහස් ගණනක් සිංහලයින් සමඟ සමගියෙන් විසීම ඔස්සේ නිර්මාණය වූ ලංකා මුස්ලිම් සම්ප්‍රදාය ආරක්ෂා කිරීම ද  ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද අන්තවාදී කල්ලි රටින් පන්නා දැමීම ද රජය වහා කළ යුතුය.

මේ අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය මේ වන විට රට පුරා බෞද්ධයින්ට පමණක් නොව මුස්ලිම්වරුන්ට ද එරෙහිව භීෂණය වපුරමින් සිටී. සාම්ප්‍රදායික ලාංකික මුස්ලිම්වරුන් විශේෂයෙන් සුපී මුස්ලිම්වරුන් මර්දනය කරමින් අන්තවාදය ව්‍යාප්ත කරන තවුහිද් ජමාද් කල්ලිය වහා තහනම් කර ලංකාවේ ආගමික සංහිඳියාව ඇති කිරීම රජයේ අත් නොහළ හැකි වගකීමකි. රට පුරා සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ද මේ අන්තවාදී පාහරයින්ට එරෙහිව වීදි බැස ඇති මොහොතක රජය අනුගමනය කරන දියාරු ප්‍රතිපත්තිය අනාගතය පිළිබඳ අප තුළ බියකරු අඳුරු සිතිවිලි ඇත කරයි. නියෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තෙක් නිදහසේ වැඩෙන්නට නොහරිනු! එදා ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා නම් යාපනේ ශ්‍රී ලංකාකාරයා ඝාතනය කරමින් ආරම්භ කළ ප්‍රභාකරන්ගේ මිනිමරු ගමන එදා නතර නොකළ පවට රටට වසර තිහක් ලේ මස් කඳුලු ගංගාවලින් වන්දි ගෙවන්නට සිදුවිය. එහෙයින් පමා වී පසු නො තැවෙනු! වහා ක්‍රියාත්මක වනු!

එමෙන් ම සරම කැහැපොට ගහගෙන අලුත්ගම දිවූ මුස්ලිම් ජනතාව කෙරෙහි මහා ආදරයක් ඇති මුස්ලිම් - සිංහල දේශපාලකයින් ද ජනමාධ්‍යෙව්දීන් ද සමාජ ජාල අරක් ගෙන සිටින විද්වතුන් ද වහා මේ ගැටුමට හේතුව සොයා බලා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරනු ඇතැයි අපි සිතමු. එමෙන් ම ඊට හේතුව වන අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය එරෙහිව බො.බ.සේ.ට එරෙහිව ගෙන ගියාටත් වඩා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ගෙන යනු ඇතැයි ද අපි සිතමු. කොළඹ සහ සෙසු ප්‍රදේශවල ඊට එරෙහිව හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු සුදානම් කළ යුතුමය. එසේ නැතහොත් මේ ඊනියා මුස්ලිම් ආදරවන්තයින් සරම ඇඳගෙන ඔලුවෙන් ඇවිදින හුදු සිංහල විරෝධීන් බව හෙළි වීම නම් නොවැළැක්විය හැකි ය.
 
සිය රට දේ සිරි සැප දේ !