Wednesday, October 1, 2014

දී කිරට සාක්කි දීමට බළලුන් කැඳවීම

අනේ අප්පේ, මේ අපේ පැරණි මිත්‍රයෙක් අන්තර්ජාලය පීර පීර ඉස්ලාමය ඉතා ම සාමකාමි ආගමක් බව සනාථ කරන්න ගන්න මහාන්සියක්....! (මෙමගින් සියලු ඉස්ලාම් බැතිමතුන් ආගම නාමයෙන් කරන සියලු අන්තවාදී ක්‍රියාවලට එකඟ බවක් නොකියවේ.) ඇත්තට ම මේ අයට උවමනා තමන්ගේ වැදරි මතය නිවැරදි බව සනාථ කරන්න. සාක්කියට දැන් ඔන්න කැඳවලා මුස්ලිම් මහාචාර්ය කෙනෙක්. දී කිරට බළල්ලුත් සාක්කියි කියන්නේ මේවාට තමා.

එයා කියනවා තුර්කිය, පකිස්ථානය, ඉන්දුනීසියාව වගේ රටවල් මුස්ලිම් වුණත් ඒවායේ කාන්තාවන්ට සම අයිතිය තියෙනවාලු. ඒ රටවල කාන්තා නායකයින් පහළ වුණාලු. ඒ කියන්නේ හරිම මානව හිතවාදීලු. යුරෝපයේ එහෙම වුණා නම් කියන්නලු. ඇත්ත. සෞදිය වැනි රටවලට සාපේක්ෂව අර කී රටවල යම් යම් ශිෂ්ට මානව ලක්ෂණ ටිකක් තව ම ශේෂවෙලා තියෙනවා. හැබැයි ඒකට හේතුව එකී රටවල ඉස්ලාමය පැමිණෙන විට මුල් බැස පැවති සංස්කෘතික හර පද්ධති මිස වෙන කෙන් ගෙඩියක් නෙමේ. 

ඒක හරියට ඉස්ලාම් රටක කාන්තාවකා සාපේක්ෂව ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට හිමි වරප්‍රසාද වගේ. අපේ රටේ මුස්ලිම් කාන්තාවන්ට ඉගනීමට, රිය පැදවීමට, තනිව මහමඟ යෑමට, ඡන්දය ප්‍රකාශ කිරීමට බලය තියෙනවා. නමුත් මුස්ලිම් සංවිධාන කරන්නේ ඒ අයිතීන් ටික ටික ඔවුන්ට අහිමි කරන එක. නිදසුනක් විදිහට උලමා සභාව බිහිවුණේ ඡන්ද අයිතිය කාන්තාවන්ට දෙන්න එපා කියලා ඩොනමෝර් කොමිසම හමුවේ සාක්ෂි දෙන්න. නමුත් මේ රටේ බෞද්ධ පදනම සහ භික්ෂූන් වහන්සේ නිසා ඒක කරගන්න උලමාට බැරිවුණා. 

පකිස්ථානය, මාලදිවයින, බංගලිදේශය හෝ ඉන්දුනීසියාව වගේ බෞද්ධ රටවල් පසුව ඉස්ලාම්කරණයට ගොදුරු වුණත් අතීතයේ බුදුදහම සමඟ කාන්තාවට හිමිව තිබූ නිදහස තවම සම්පූර්ණයෙන් විනාශ වෙලා නෑ. තුර්කියට වුණත් කතෝලික බලපෑම තිබුණා. ඒ නිසා එම රටවල කිසියම් මානව ගුණ සමුදායක් තව ම ශේෂ වෙලා තියෙනවා. ඒ නිසා තමා පකිස්ථානයේ බෙනාසීර් බුතෝලා, ඉන්දුනීසියාවේ මේඝාවතී සුකර්නෝපුත්‍රීලා, බංගලිදේශයේ කලීඩා ශියා, ෂික් හසීනාලා බිහිවන්නේ. නමුත් අර සංස්කෘතික මුල් නොතිබුණා නම් ඒවත් සෞදිය වගේ තමා. කොටින් ම එහෙම කාන්තා නායකයින් පහළ වන්නේ නෑ. අප සැබවින් ම මුස්ලිම් ජනතාවට ළැදි නම් කළ යුත්තේ මේ අන්තවාදයට වැට බැඳීම මිස ඊට උල්පන්දම් දීම නොවේ.  

ඒකවත් නොදන්න මහාචාර්යවරු සහ ඒවා ශෙයාර් කරන්නන් ගැන අනුකම්පා කරනු හැර කුමක් කරම් ද? අනෙක් අතට දැන් දැන් සෞදි මූලධර්මවාදයේ සුළි සුළඟ වේරම්භ වාතයක් සේ අර කී රටවල පැවති අවසන් නිදහස් සංස්කෘතික ලක්ෂණ ද මුලිනුදුරා දමමින් හමා යන ආකාරය, ලොව සියලු මුස්ලිම් රාජ්‍ය සෞදි පන්නයේ මූලධර්මවාදී කල්ලිවල ග්‍රහනයට හසුවන ආකාරය අවබෝධ කරගැනීමට තරම් මේ අය සවිඥානික නොවීම ඛේදවාචයකි. ඒ සඳහා ලංකාව ගොදුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් මුස්ලිම් බලවතුන් ක්‍රියාත්මක වන ආකාරය 70%ක් පමණ බෞද්ධයින් සිටින ලංකාව ලෝක ඉස්ලාම් රාජ්‍ය සමුළුවේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට පොළඹවන ආකාරයෙන් හඳුනාගත හැකි ය. 

පසුගිය දා බරක් ඔබාමා කීවේ තමන් ISIS ත්‍රස්තයින් පිළිබඳ අවතක්සේරු කළ බවත් ඊට එරෙහිව ගුවන් ප්‍රහාර පමණක් නොව ගොඩබිම් ප්‍රහාර ද එල්ල කිරීමට තමන් සුදානම් බවත් ය. මේ ප්‍රහාර ඔස්සේ එකී රටවල ශේෂව ඇති සෙසු සම්පතක් වේ නම් එය ද මංකොල්ල කා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත. කෙසේ වුව ද ඊට ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවන්නේ 9/11 පන්නයේ ත්‍රස්ත ප්‍රහාරවලිනි. අපේ උගතුන්ට ද හෙට කීමට සිදුවිය හැක්කේ මෙරට අන්තවාදී මුස්ලිම් කල්ලි පිළිබඳ තමන් අවතක්සේරු කළ බවය. එහෙත් එවිට අශ්වයා නික්ම ගොස් ඇති හෙයින් ඉස්තාලය වසා කුමට ද?
 
සිය රට දේ සිරි සැප දේ !