Tuesday, December 20, 2016

බෝධිසත්ව ගුණෝපේත රනිල්තුමා...

රනිල්තුමා දාන පාරමිතාව පුරන මතු බුදු වන බෝධිසත්වයෙක් වෙන්න බැරිද? උන්නාන්සේ 2001 උතුර කොටියාට දොර දන් දීලා ඊළාම් දාන පාරමිතාව සපුරගන්න හැදුවා.

දෙව්දත් පරපුරේ ජහමන මාර සේනාව 29 පාරක් උන්නාන්‍ෙසේගේ දැහැන බිඳින්න හැදුවත් එතුමා නෙමෙයි ඊළාම් පාරමිතාව සපුර ගන්න ඇති මහ වීරිය අතෑරියේ.

2016 නැවත ඊළාම් පාරමිතාව පුරන්න වීරිය වඩන අතර දකුණේ හම්බන්තොට වරායයි අක්කර 15000යි චීනේට දන්දීලා චීන දාන පාරමිතාව පුරන්න වීරිය වඩනවා.

මට සිරිසඟබෝ රජතුමාත් මතක් වෙනවා. උන්නාන්සේගේ දාන පාරමිතාවට අකුල් හෙළලා අපි නිකං සසර දික්කරගන්නවා ඉතරද මන්දා..

ජනතාවගේ ඉඩම් ඇත්තේ උතුරේ විතරද?

උතුරු නැඟෙනහිර ආරක්ෂක මර්මස්ථාන අනාරක්ෂිත කරමින් හමුදා කඳවුරු එකපිට එක හකුළා ඒ ඉඩම් ජනතාවට බෙදාදුන් යහපාලන පාණ්ඩුව හම්බන්තොට අක්කර 15000ක් චීනාට විකුණන්නේ ඒවා ජනතාවලේ ඉඩම් නොවන නිසාද? ඒවා කුරුඳුවත්තේ රනිල් හාමුගේ නින්දගමේ ඉඩම්ද? නැත්නම් සජිත් අප්පොගේ නින්දගමේ ඉඩම්ද? එසේත් නැත්නම් අමනවීරගේ ඉඩම්ද?

රටින් හාල් ගෙනැත් රට ස්වයංපෝෂිත කරයි

යහපාලන ආණ්ඩුව මත්තල වී ගබඩාවක් කරලා මුලපිරුවේ රට ස්වයංපෝෂිත කරන්න කියලා එදා මෝඩ බයියලාට තේරුණේ නැහැ. පුලතිසි ගොවි පුතා හෙට අනිත්දා හාල් මෙට්‍රික් ටොන් 10000ක්ම රටින් ගෙනැත් රට ස්වයංපෝෂිත කරනවා.

බලපල්ලා කුරුඳුවත්තේ හාමු දුරදිග දැකලා මත්තල වී ගබඩාවක් හැදුවෙි නැත්නම් කොහේද හාල් ගබඩා කරන්නේ කියලා. එහෙම වුණා නම් හැමදාම උදේට ඉන්දියාවට, පාකිස්තානෙට මල්ල අරන් ගිහින් දවසට සෑහෙන්න හාල් ගෙනැත් තමයි රට ස්වයංපෝෂිත කරන්න වෙන්නේ.

දැන්වත් වළෙං ගොඩට අැවිත් හිටං ලෝකය දිහෑ බලපල්ලා. වහල් මානසිකත්වයෙන් මිදියල්ලා. මැදමුලනේ මහ බයියාට වඩා හොඳට රට කරන්න පුළුවන් අය ඉන්න බව තේරුම් ගනිල්ලා.

කෝටිපති නැව්පති සෙනරත් සිටාණෝ

එතුමා මැදමුලනේ මරා මෙන් උපතින් ම හිඟන්නකු නොව පරම්පරාවෙන් ම ධන කුවේරයෙකි. නැව් හිමියෙකි. මී කුණක් විකුණා ලද තුට්ටුවෙන් සාර මසක් තුළ රන් මසු ලක්ෂ දෙකක් උපයා ගෙන පොහොසතෙකු වූ චුල්ල සිටාණෝ මෙතුමාගේ පරපුරේ ඉතිහාසගත ලේඛනවල සඳහන් වන ආදිතම මුත්තනුවෝ ය.

"යාල්පාන වෛපව මාලෙයි" නම් දෙමළ කෘතිය අනුව වසර දහස් ගණනකට පෙර පටන් එතුමාගේ මුතුන් මිත්තෝ නැව් හිමියෝ ය. සයුර(=නා)ට මැණික(=රත්න)ක් වැනි (=සේ) යන පද ගලපා "සෙනරත්" හෙවත් "සේනාරත්න" නමැති නම්බු නාමය එතුමාගේ ආදිතම මුත්තනුවන් කෙනෙකුට පිරිනමා ඇත්තේ මහා භාරතයේ රාම රජුගේ පියා වන දශරථ රජතුමා ය.

ක්‍රිස්තු උපතට ද පෙර සිට සප්ත මහා සාගරයේ ම නාවික බලය හෙබවූයේ එතුමාගේ පරපුරේ මුත්තනුවෝ ය. ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසේ ගජබා රජුගේ පියා වූ වංකනාසික තිස්ස රජ දවස මෙරටට පැමිණ සිංහලයින් 12 000ක් කුදලා ගෙන යාමට සොළී කරිකාල් රජුට නැව් ලබා දුන්නේ එතුමාගේ කිරි කෑ මුත්තා ය.

Sunday, November 6, 2016

ආණ්ළඩුවට මා අපචාරවලට වැට බැඳීමට අවශ්‍යයද?

යහපාලන ආණ්ඩුවට ඉස්ලාම් ෂාරියා ළමා අපචාරයට එරෙහිවන්න කිසිම වුවමනාවක් නැහැ. තව අන්තවාදී ඡන්ද ටිකක් වෙනුවෙන් මුස්ලිම් ළමයෙක් අවුරුදු 12දි නෙමෙයි අවුරුදු 6දී විවාහයට සුදුසුයි කියලා වුණත් කීවොත් පුදුම විය යුතු නැහැ.

අලි හිංසනයට විරුද්ධව පන්සල්වල නිදහසේ ඉන්න අලි කුදලං ගෙහුන් පින්නවල දම්වැල් දාලා බැඳලා රකින ආණ්ඩුව ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න යුරෝපා සංගමයෙන් නියෝග ලැබෙන තෙක් බලා සිටීම විහිළුවක්.

අනෙක් අතට මේ අවස්ථාවේ ආර්ථික සහනයක් ගන්න තමන්ගේ රටේ අභ්‍යන්තර කරුණුවලට ඇඟිලි ගැසීමට බාහිර පාර්ශවයක් වෙත ඉඩදීම මගින් කරන්නේ වරදක්.

රටේ ළමා අපචාරවලට විරුද්ධ නම් ඊට එරෙහිව තීන්දු ගතයුතුයි. හැබැයි ඒ සුද්දෝ කියන නිසා වෙන්න බෑ. ආර්ථික අරමුණක් මත වෙන්නත් බෑ.

මෙතන වෙන්නේ අපනයන සහන සඳහා කොන්දේසි ඉටුකිරීමක් මිස ළමා අයිතීන් රැකීමක් නෙමෙයි. සමහර එවුන්ට හරිම දුකයි ළමයි මහණ කිරීම ළමා අපචාරයක් විදිහට සුද්දෝ නොකියපු එක ගැන.

ළමා අපයෝජන වැදගත් විදිහට රකින හැටි...

මේ වෙලාවේ ඉස්ලාම් ෂාරියා නීතිය අනුව මේ රටේ මුස්ලිම්ලාට අවුරුදු 12 සිට ළමා අපයෝජනයට ඇති නීත්‍යානුකූල අවස්ථාව අභියෝගයට ලක්වෙලා.

ඒ යුරෝපා සංගමය ආණ්ඩුවට GSP+ දෙන්න කොන්දේසියක් විදිහට මේ ළමා අපචාරයට ඇති නිත්‍යානුකූලභාවය ඉවත් කරලා විවාහ වීමේ වයස 16 දක්වා වැඩි කරන ලෙස කොන්දේසියක් පැනවීම නිසා.

දැන් මේ ළමා අපයෝජනයට ඉඩදෙන්න කියලා බුද්ධිමත්තු විදිහට අපට කියන්න බෑ. එතකොට ළමයි, සුළු වාර්ගිකයන් ගැන වැදිබණ කියමින් කිඹුල් කඳුලු හෙළන අපේ හෙළුව රටටම පේනවා.

හැබැයි එහෙමෙයි කියලා මේකට ඉඩදීලත් බෑ. අපිට වැදගත් වෙන්නේ මොනවා හරි ක්‍රමයකින් සුළු වාර්ගික කොටස් මේ සමාජයට බද්ධ නොවන සුවිශේෂ අමුතු කොටසක් විදිහට උන්ටම පෙන්නලා දිගින් දිගටම සමාජය බෙදන එක. කොටිත් නැති එකේ කොහොම isisලා වගේ සැට් එකක්වත් හදාගන්න එක.

අපි වගේ අඩු කුලය, අබෞද්ධවීම, කටුක ළමා කාලය නිසා උපන් හීනමානය සහ සමාජ වෛරය නිසා මහ සමාජයට එකතු වෙන්න බැරි අයගේ වගකීම ඒ සුළු වාර්ගික කොටස් මහ සමාජයෙන් වෙන්කර තබා ගැනීම. ඊට එකතුවීමට ඇති අවස්ථාව වහලා දැමීම.

නැත්නම් උපන්ගෙයි මහ සමාජයට එකතුවෙන්න බැරි හීනමානික අපි තනිවෙනවා. අපේ බැරිකම සුවිශේෂ හැකියාවක් විදිහට තවත් මාර්කට් කරගන්න බැරිවෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ මුස්ලිම් ළමා විවාහයට පක්ෂ වෙන්න ඕන. ඒකට ප්‍රසිද්ධියේ පෙනී ඉන්න බැරි වුණත් රහසින් හෝ එරෙහි වෙන්න ඕන.

ඒකට හොඳම වැඩේ තමයි මේ ළමා අපචාරය කුඩා ළමුන් මහණ කිරීමට ගැටගැසීම. යුරෝපා සංගමය එහෙම නොකළත් අපි කරන්න ඕන. එහෙම බැලුවාම කුඩා ළමයි ඉස්කෝලේ යැවීමත් ළමා අපචාරයක් නේද කියලා කියන මෝඩයින්ට කන් දෙන්න නරකයි.

දැන් අපට කියන්න පුළුවන් අවුරුදු 12න් ළමයෙක් විවාහ වන එක ළමා අපචාරයක් නම් කුඩා ළමුන් මහණ කිරීමත් ළමා අපචාරයක් අරක වැරදි නම් මේකත් වැරදියි කියලා. අන්න එහෙමයි ෂාරියා ළමා අපචාරය ආරක්ෂා කරන්නේ..

සැමට ෂාරියා නීතිය...

රටක පැවතිය යුත්තේ එක නීතියකි. එහෙත් මුස්ලිම් ෂාරියා නීතියට අනුකූල කාන්තාවන්ගේ අවම විවාහ වයස් සීමාව වන අවුරුදු 12 අවුරුදු 16 දක්වා ඉහළ දැමීම නිසා එම සුළු වාර්ගික ජන කොටසේ සිත් මල් තැලිය හැකිය.

එහෙයින් ආණ්ඩුව කළ යුත්තේ සෙසු සිංහල සහ දෙමළ කාන්තාවන්ගේ අවම විවාහ වයසද අවුරුදු 12 දක්වා පහත හෙළීමය. එසේම 5 වසර ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය බවට පත්කළ යුතුය.

ළමා අපචාර නීතියද ඒ අනුව යාවත්කාලීන කළේ නම් මේ බෝඩ් එක ඔසවා ගෙන සිටින හුජ්ජ කොලුවාද වැඩිහිටියෙකු හෙයින් මෙහි ළමා අපචාරයක් සිදුව ඇතැයි කිසිවෙකුට කිව නොහැකිය...

Thursday, November 3, 2016

ආවා ව්‍යාපාරය රැකගමු!

විනෝදන් හෙවත් ආවා විසින් සාමාජිකයින්ගේ 12 දෙනෙකුගෙන් ආරම්භ කළ ආවා ගෘප් එකේ මේ වන විට සාමාජිකයින් 500ක් පමණ සිටින සාර්ථක ව්‍යාපාරයක් බව වාර්තාවෙයි.
සන්නා, දේවා, ප්‍ර‍කාශ් නම් නායකයින් තිදෙනා මුහුදු මගීන් ආයුධ තුනක් ගෙන්වා ගෙන භාවිත කරති. ඔවුන් සමග තවත් කුඩා මැර කල්ලි නවයක් කටයුතු කරන අතර බ්‍ර‍සීලයේ නිෂ්පාදිත තියුණු කඩු ඔවුහු භාවිත කරති.
ආවා ව්‍යාපාරය මේ වන විට ඝාතන 12ක් සිදුකර ඇති අතර ඔවුන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි 30ක් පමණ ලැබී තිබේ. කප්පම් නොදුන් නිසා යාපනේ ව්‍යාපාරිකයින්ට පහරදීම් සිදුවන බවද වාර්තාවිය.
මේ ආකාරයට රටේ විරැකියාව තුරන්වනු ඇතැම් කුහකයින්ට බලා සිටිය නොහැකිය. එහෙයින් දිනෙන් දින දියුණු වන ආවා ගෘප් විනාශ කිරීමට රජයට කේලම් කියන බව වාර්තා වෙයි.
රජය මෙවැනි බාධක හමුවේ සැලිය යුතු නැත. වොක්ස්වැගන් කම්හල මෙන් ආවා ගෘප් එක කඩාකප්පල් කිරීමට ලංකා හමුදාවට ඉඩදිය යුතු නැත. රස්සා නැතැයි ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණ කරන දකුණේ මෝඩයින් ආවා ව්‍යාපාරය ආදර්ශයට ගත යුතුය.
නව රජයේ රැකියා දශ ලක්ෂයේ වැඩසටහන යටතේ තව සම්පාදනය කළ යුත්තේ රැකියා 999 500ක් වැනි සුළු ප්‍ර‍මාණයක් පමණි. ඒ රැකියා සුළු ප්‍ර‍මාණයද බිහි කොට රටේ විරැකියාව තුරන් වනු දැකීම බුද්ධිමත් ජනතාවගේ අපේක්ෂාවයි.

Thursday, October 27, 2016

අර්ජුන් නිර්මලයි

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැය කිහිපයකට පෙර සද්ගුණවත් හිටපු මහ බැංකු අධිපතිතුමා සිංගප්පූරු පොලිසියට බාරවෙයි.
එතුමා ලංකා පොලිසිය භාරනොවුණේ එතුමාට ඒ ගැන විශ්වාසයක් නැති නිසාය. හොරුන්ට සිංගප්පූරුවේ කිසිදු බුරුලක් නැති බව දැන දැනම සිය සුපිරිසිදු බව ලෝකය හමුවේ තැබීමට එතුමා නිර්භයව සිංගප්පුරු පොලිසියට භාරවිය.
රනිල් මැතිඳුන් හොලු ආරක්ෂා කරන බව කී මෝඩ බයියන්ට දැන් ඉතින් කට උත්තරත් නෑ. සිය පතිවත පෙන්වීමට ගින්නට පැන්න සිතා දේවිය වැනි අර්ජුන් මැතිදුන් ගැනත් එළාර රජු මෙන් යුක්තිය පසිඳලන රනිල් මැතිඳුන් ගැනත් අනුර කුමාර සහෝදරයා මෙන් ආඩම්බරයි..

Wednesday, October 26, 2016

චීනය ඇමරිකාව පසුකර යාම

ඇමරිකාව 1872 බ්‍රිතාන්‍යය පරයා ලෝක ආර්ථික බලය දින‍ා ගන්නවා. ඒ බලය චීනය 2040 දිනාගන්නා බවට තමයි මත පළවුණේ. නමුත් ඒක 2016 වෙද්දි යථාර්තයක් වෙලා.. හිතුවාට වඩා ඉක්මණට ලෝක ආර්ථික බලය අාසියාවට ලැබෙයි. ආර්ථික බලය යනු දේශපාලන සහ යුද බලයයි. මේ ඇරඹෙන්නේ ලංකාවේ සිටින උපන්ගෙයි බටහිර ගැතියන් තව තවත් විහිළුවක් බවට පත්වන යුගයයි..

චීනය ඇමරිකාව පසුකිරීම

නීතිය සමානව ක්‍රියාත්මකද?

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට හෝ රියකට දකුණේදී පොලිසිය වෙඩි තැබූ අවස්ථාවක ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේද?
මහින්ද පාලන සමයේ රතුපස්වල, මීගමුව ආදී ප්‍රදේශවල ජනතාව සහ රාජ්‍ය ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලදී මිනිසුන් මරා දැම්මේ මහින්ද බව ප්‍රකාශ කළ අය මෙදා යාපනයේ දෙමළ තරුණයින් දෙදෙනා මරා දැම්මෙි රනිල් බව කියන්නේද? (එදා මහින්ද මෙන් මෙදා රට පාලනය කරන්නේ රනිල්ය)
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, අපරික්ෂාරී ලෙස රිය පැදවීම, පොලිස් අණ නොතකා රිය පැදවීම යන වැරදි සිදුකර අවසානයේ තාප්පයක ගැටී මිය යාමට පොලිසිය අත්අඩංගුවට පත්වන්නේ කුමන නීතිය යටතේද?
ඇඹිලිපිටියේ මගුල් ගෙදරකට කඩාවැදී අරක්කු නොදුන් නිසා තරුණයෙකු පහර දී පළමු මහලින් පහළට තල්ලුකර මරාදැමූ විට පොලිසියට එරෙහිව ක්‍රියාත්මක නොවූ නීතිය මෙදා පොලිසිය නොකළ වරදකට ක්‍රියාත්මක වන්නේ කෙසේද?
මේ ආකාරයට උතුරේ සහ දකුණේ නීතිය ක්‍රියාත්මක වීමේ වෙනසක් දක්නට ලැබෙන්නේ උතුරට වෙනම නීතියක් ක්‍රියාත්මක වන නිසාද?
(16/10/22)

අපේ හාම්පුත්තු නීතිය රකින හැටි

මත් ද්‍රව්‍ය ගෙන, පොලිස් අණ නොතකා, අපරික්ෂාරී ලෙස යතුරු පැදිය ධාවනය කොට වෙඩි කා තාප්පයක ගැටී මිය ගිය යාපනේ තරුණයින්ගේ මරණ නිසා ලංකා පොලිස් නිලධාරීන් අත්අඩංගුවේය..
අපට යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මාන අයිතිවාසිකම්, සමානාත්මතාව කියාදෙන, ළඟට විත් පිටට තට්ටු කර වෙල් ඩන් සිරිසේන කියන සුදු ඇමරිවෛ් නිරායුද කළු තරුණයෙකුට වෙඩි තබා මරාදැමු සුදු පොලිසිය නම් ඊට වැරදිකරුවන් නොවේ.
සුදු පොලිසියේ වර්ගවාදී පරයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්වත් ගැනීමට සුද්දා සුදානම් නැත. නඩුත් උන්ගේය.. බඩුත් උන්ගේය..
කෙසේ වුවත් ලංකාවේ සිටින බටහිර ගැති උපන්‍ෙගෙයි හීනමානයෙන් පෙළෙන සිංහල බෞද්ධ විරෝධි කේප්ප වස්සන් සිතා සිටින්නේ ලංකාවට ඇවිත් අණ දෙන සුදු එවුන්ගේ රටවල නීතිය සැමට සමානව ටක්කෙටම ක්‍රියාත්මක වන බවය. උන් පව්ය..
(16/10/22)

බුදු දහට හිමි තැන අහිමි කරන හැටි

බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම මෙරටින් බුදුදහම අතුගා දැමීමේ එක් පියවරකි. එය කළ හැකි ක්‍රම දෙකකි.
1. බුදුදහමට සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බව කියැවෙන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් කිරීම.
2. එම වගන්තිය වෙනස් නොකර වෙනත් වගන්ති ඔස්සේ සෙසු ආගම්වලටද බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමි තැනට සමාන තැනක් ලබාදීම.
මේ ක්‍රම දෙකෙන්ම සිදුවන්නේ බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛත්වය අහිමි කිරීම බව මෝඩ සිංහලයින්ට ඇරෙන්න අබැටක මොළයක් ඇති ඕන කිරිඇල්ලෙකුට තේරුම්ගැනීම අපහසු නැත.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි ප්‍රමුඛත්වය අහිමි නොකරමියි සිංහනාද කරන්නේ මේ අතරින් පළමුවැන්න කිරීම පහසු නොවන නිසා සහ දෙවැන්න ඔස්සේ මෝඩ සිංහලයා නැවත රවටමින් එය කිරීම පහසු නිසා පමණක් නොවේ.
මේ ක්‍රමය ඔස්සේ බුදුදහමට ඇති ප්‍රමුඛත්වය අහිමි කර එය සෙසු ආගම්වල තත්ත්වයටම ඇද දැමීම මගින් තමන් බුදුදහමට ඇති ප්‍රමුඛත්වය අහිමි නොකළ බවත් සෙසු ආගම්වලට අයිතිවාසිකම් ලබාදීම පමණක් කළ බවත් එසේ ලබාදීමට එරෙහිවන්නා උග්‍ර ජාතිවාදියෙකැයි හංවඩු ගසා නෙල්සන් මැන්ඩෙලා වැනි පොරකට ඇඳීමටද ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙන නිසාය.
එවිට එහි හිලව්වට ජාතියන්තර ප්‍රජාව යැයි කියන ලෝකය යැයි කියන බටහිර ක්‍රිස්තියානි රටවල් සහ සංවිධාන විසින් නොබෙල් හෝ ඒ හා සමාන ත්‍යාග මස් කටුවක් එතුමා දෙසට විසි කරනු ඇත.
එවිට මෝඩ සිංහලයින්ට නොබෙල් ලැබුණු එකම රාජ්‍ය නායකයා එතුමා යැයි ආඩම්බර විය හැකිය. තමන් ජාතියන්තරේම ජය ගත්තේ යැයි මහින්දට බැණ අඬ ගසන අතර එතුමාට කිව හැකිය..
ඒ සම්මානය ලබාදී ඇත්තේ තම ජාතියේ ගෙලට තොණ්ඩුව දමා පහළට තල්ලු කිරීමට මොහොතකට පෙර බව වේගයෙන් පහළට ඇදී යන අතර සුළඟෙහි පහස විඳින අමන සිංහලයාට නම් නොවැටහෙනු ඇත..බුදුදහමට එරෙහිව
16/10/22

අන්තරේ කොලුවාට

යාපනේ විශ්වවිද්‍යාලයේ සිංහල සිසුවාගේ ඔළුව පළපු කොටියා දවසක් බන්ධනාගාරයට නොගොහින් එම්.සුමන්තිරන් කොළඹ හිටං යාපනේ ගිහින් නිදහස් කරලා විශ්වවිද්‍යාලේ වාහනේකින්ම අරන් යද්දි ඒක හරිම සාමාන්‍ය ශිෂ්‍ය ගැටුමක් නිකන් ඩාතිවාදේ වපුරන්න එපා කියපු පෙරටුගාමි අන්තරේ ගල් මූසලයා අදත් මයික් එකට හුස්ම නොගෙන කෑ ගහනවා.
පොර අද කියනවා පොලිසිය වෙඩි තියලා උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් මැරුණා, හැබැයි මේක උතුරේ වුණා කියලා අපි කට වහගෙන ඉන්න සුදානම් නෑ, අපි යාපනේ ශිෂ්‍ය ව්‍යාපාරය එක්ක එකතුවෙලා සියලු විශ්වවිද්‍යාලවල විරෝධතා කරනවා කියලා හිටං.
මූට දෙයියන්ගේ හාල් කැවිලාද? යාපනේ සිංහල කොල්ලාගේ ඔළුව පලපු වෙලාවේ වගේ මේක සාමාන්‍ය දෙයක් උතුරේ වගේම දකුණෙත් පොලිසිය මිනී මරනවා නිකන් ඩාතිවාදේ වපුරන්න එපා කියලා කියන්න බැරි ඇයි? මුගේ තාත්තා ප්‍රභාකරන්ද බොලවු!!! නැත්නම් බූරුවෙක්ද බොලවු?
මුන්ගේ නැට්ටේ එල්ලිලා අපාගත වන හදන ගොන් වස්සන්ට නම් ඉතින් ගහන්න ඕන දහම් කොලුවාට ගහපු මඩු වලිගෙන්...

බටහිර මාධ්‍ය සහ ස්වාධීනත්වය

බටහිර මාධ්‍ය හරිම ස්වාධීනයි, මධ්‍යස්තයි තියලා හිතන ඒවා පරමාදර්ශ කියලා හිතලා වඳින පුදන ලංකාවේ බූරු වහන්සේලාට ඒවායේ පවතින දැඩි එහෙත් සූක්ෂ්ම පක්ෂපාති බව සාමාන්‍ය අවස්ථාවක තේරුම් ගන්න බැහැ.
හැබැයි මේ වේලාවේ නම් ටිකක් පහසුයි අඳුනගන්න මොළේ වැඩකරනවා නම්. BBC, CNN හෝ The Gardian වගේ මාධ්‍යයක් බැලුවා නම් පේනවා බටහිර මාධ්‍යයේ ස්වාධීන සීතාම්බර සළුව මොන තරම් බොරුවක්ද කියලා.
ඔවුන් බටහිර සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය නඩත්තු කරගෙන යන්න ටක්කෙටම ගැලපෙන හිලරි ක්ලින්ටන් වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන්නේ. ඒ ලැජ්ජ නැති මාධ්‍ය භාවිතයට අපේ රාජ්‍ය මාධ්‍යයට හොඳ තරඟයක් දිය හැකියි..
රාජ්‍ය ලේකම් ලේකම් හිලරිගේ දැඩි වුවමනාවට සිදුවුණු ලිබියා ආක්‍රමණය, 2007 ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි රංචුව බේරගැනීමට imf එකට කළ බලපෑම්, විවිධ ත්‍රස්ත බිහිකිරීමට, නඩත්තු කිරීමට සහ ආරක්ෂා කිරීමට ඈ කළ නින්දිත ක්‍රියා විතරක් නෙමේ 50ක් විතර සිය සමීප ක්‍රියාකාරීන් හදිසියේ මියයාමවත් මේ ප්‍රධාන මාධ්‍යවලට ප්‍රශ්න නෙමෙයි. ඒවා පොඩි දේවල්.
ඔවුන්ට ප්‍රශ්නේ කොහෙන් හෝ මතු වු ගෑනියෙක් 1998 ට්‍රම්ප් එයාගේ දකුණු අතින් මගේ වම් තනේ මිරිකුවා වගේ දැවැන්ත ප්‍රශ්න තමයි. බටහිර මාධ්‍ය සහ හිලරි ක්ලින්ටන් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න මේ විකුණන්නේ 10වෙනි කාන්තාව. ඉතින් කාන්තාවන්ට මීට වඩා නින්දාවක් ට්‍රම්ප් ජනාධිපති වුණත් කරන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නේ නෑ.


ලිබියාව පස්සේ පන්නන ලංකාව

ලිබියානු නායක ගඩාෆි සිය රට අප්‍රිකාවෙි ඉහළම ජීවන තත්ත්වයක් සහිත රට බවට පත්කළේය. එය එකල අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය නම් විය. ගඩාෆි සිය රට වැසියාට ලබාදුන් පහසුකම් වර්තමාන බොහෝ බටහිර රාජ්‍ය වැසියන්ට පවා නොලැබෙයි.
ඇමරිකානු ඩොලරය සහ යුරෝව සමග තරග කළ හැකි රත්තරන් පදනම් කරගත් නව මුදල් ඒකකයක් අප්‍රිකාවට සහ ලෝකයට හඳුන්වා දීමේ ගඩාෆිගේ යෝජනාව සියල්ල කනපිට පෙරළීය. ඉන් පසු බටහිර මාධ්‍ය ත්‍රස්තවාදයට ඔහු ඒකාධිපතියෙක් විය.
ඇමරිකාවේ හිලරි සහ ප්‍රංශයේ සර්කෝසි නේටෝ හමුදා යවා ගඩාෆිගේ නිත්‍යානුකූල හමුදාව පරාජයට පත්කර තමන් ආධාර කළ ත්‍රස්ත කල්ලියක් ලවා ඔහු ඝාතනය කරවීය. සැබවින්ම ලිබියානු වැසියන්ද රවටා ඝාතනය කර ඇත්තේ ගඩාෆි නොව ලිබියාවයි.
දැන් එහි ආණ්ඩුවක් නොව ආණ්ඩු ගණනාවකි. එහි වැසියෝ ගිය නුවණ ඇතුන් ලවාවත් ඇදගත නොහැකිව හඬති. වැළපෙති. විවිධ වෙනස්කම් සහිතව වුව ලංකාවෙි ජනවාරි 8 සිදුවූයේද එවැනිනකි..
සර්කෝසි නැවත ජනාධිපති සටනට සැරසෙන අතර හිලරි ක්ලින්ටන් එමගෙහි ටික දුරක් ගොස්ය.
16/10/23

වෙඩික්කාරයෝ

අපේ පොලිසියේ එවුන්ට පුළුවන් එක වෙඩි උණ්ඩෙන් දෙන්නෙක් මරන්න. යාපනේ තරුණයින් දෙදෙනාගේ මරණ පරීක්ෂණය අනුව යතුරුපැදිය පැදවූ තරුණයාගේ ශරීරයේ වෙඩි උණ්ඩය තිබුණේ. ඒ කියන්නේ පිටුපස වාඩිවෙලා ගිය තරුණයාගේ සිරුර හරහා ඔහුත් මරාගෙන ගිහින් යතුරුපැදිය පැදවූ තරුණයාත් මරාලා දැම්මා කියන එකනේ.
දැන් පොඩ්ඩක් කල්පනා කරල‍ා බලන්න පොලිසියට මෙහෙම වෙඩි තියන්න පුළුවන් නම් හමුදාවට කොහොම වෙඩි තියන්න පුළුවන් ඇත්ද? මං නම් හිතන්නේ යුද්දේ අවසන් දවස්වල පතුරන් 150-200ට වඩා පාවිච්චි වෙන්න නැතිව ඇති. මේක හොඳ අවස්ථාව ගෝ්‍ඨා පතුරන්වලින් හොරකම් කරපු මුදල ගැන පරීක්ෂණයක් තියන්න...
16/10/23

දිගටම බුරනවා නම්

ඉරිදා දිවයින සිරිසේන මහත්තයා එක්ක කළ සාකච්ඡාවේ හොඳම කෑල්ල තමයි මේ. "ඇවන්ගාර්ඩ් සමාගම සහ ආරක්‌ෂක අමාත්‍යාංශය අතර තමයි, මේ ගිවිසුම අත්සන් කරලා තිබුණේ. පරීක්‌ෂණයේ ප්‍රමුඛත්වය එන්න තිබුණේ ඇවන්ගාර්ඩ් සමාගම සහ ආරක්‌ෂක අමාත්‍යාංශය වෙත. මෙහිදී නාවික හමුදාපතිවරු සම්බන්ධව ප්‍රශ්න කිරීමක්‌ කෙරෙනවා නම් ඒ සඳහා රට තුළ යම් පසුබිමක්‌, ඊට පෙර හදන්න ඕනේ."
ආණ්ඩුව මාධ්‍යය සහ NGO කුක්කෝ ටික ලවා කාට හරි එක දිගට බුරවනවා නම් ජනතාව තේරුම් ගන්න ඕන මේ ඉදිරි කටයුතු සඳහා පසුබිම හදනවා කියලා හිටං...

16/10/23

කොටි වෙනුවට ආවා ආවා

සර් ආවා නැගිටලා හිටං
මොකද බං ආවා නම් තවම හිටං ඉන්නේ ටිකක් ඇඳිගන්න කියපන්
නෑ සර් යාපනේ ආවා....
අහ් විජයකලාද..?
නෑ සර් යාපනේ ආවා කියලා..
කොහෙන් ආවත් කමක් නෑ. ඔහොම ටිකක් වාඩිවෙලා ඉන්න කියපන්. මං මේ ලාඩප්පා අතුටික හිටවලා එන්නම්.
(ටික වේලාවකින්)
කෝ දැන් ආවා කීව අය හිටං?
කවුරුවත් ආවේ නෑ සර්....
බොරු කියන්න එපා. දැන් ටිකකට කලින් තමුසේ කීවේ යාපනේ හිටං ආවා කියලා.
නෑ සර් මම කීවේ ආවා කියලා නෙමෙයි.
ලැම්බෝගිනි වගේ අතේ පත්තුවෙන බොරු කියන්න එපා මනුස්සයෝ. තමුසේ එහෙම නොකීවා නම් මෙහෙම අහන්න මට පිස්සුවක් තියෙනවාද?
නෑ සර් ආවා කියලා කණ්ඩායමක්
ඔව් මට තේරුණා බං කණ්ඩායමක් ආවා කියලා. කෝ දැන් ආපු උන්? මම විනාඩි පහක් පරක්කු වුණා කියලා ආපු උන් ගියාද? උන් දන්නේ නැද්ද මට තියෙන රාජකාරී ගැන. උදේම පත්තරේ බලලා ගස් කපන්න පෝමිට් දෙනවා. ඊට පස්සේ ලාඩප්ප හිටවනවා. උන් හිතාන ඇති මම නිකං ඉන්නවා කියලා හිටං.
අනේ නෑ සර් යාපනේ ආවා කියලා කණ්ඩායමක් කලබල කරනවාලු.
ඇයි මං යාපනේ ගිහින් උන්ට කළ කී දේවල් අමතක වෙලාද කලබල කරන්නේ? දකුණේ ආප්ප කාලා පනින එවුන් වගේමයි වුණුත්. බෝල් පොයිට්න්ට් පෑනක් තරම් විශ්වාස කොරන්න බෑ මුං. විජයකලාත් උන්ට එකතු වෙලාද?
ඔව් සර් උන් පොලිසියටත් ගහලා ගැහුවා කියලා පත්‍රිකාත් බෙදනවාලු.
ඉක්මණට මාලිගාවේ ආරක්ෂාව තරකරලා පත්තරේ ගේනවා. ආර්යාවට මගේ කහපාට සරමත් ගේන්න කියනවා මතක ඇතිව.
-------
'මුන්ට කරන මගුලක් ගැන මාව කලින් දැනුවත් කරන්න කියලා කී පාරක් කීවාද? මුන්ට කියනවාට වඩා හොඳයි කට ගලක උලා ගන්නවා. දැන් හෙට කියපන්කෝ ආවා නැගිට්ටා කියලාත් මම දැනගත්තේ පත්තරෙන් කියලා' එතුමා කමාටම කියා ගත්තාය..

Tuesday, October 25, 2016

මට්ටක්කුලියේ ගැටුම

මේ අතර ගෝඨා විසින් සිය නිවසේ අඩි හතරේ ටැංකියේ ඇති කරන අඩියක් දිග මිනි මෝරුන්ට කෑමට දැමීමට මිනිසුන් අල්ලා ගෙන ඒමට 2014 වසරේ පිටත් කළ සුදු වෑන් රථයක් මට්ටක්කුලියට ළඟා වී ඇත්තේ අද රාත්‍රියේ බව වාර්තා වෙයි.
යහපාලනය නොවන්නට හෙට පත්තරේ හිටං දකින්නේ තවත් අහිංසක මිනිසෙකුට ගෝඨාගේ සුරතල් මෝරාගේ කුසගින්න වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවය.
ඒ අඳුරු යුගය වෙනස් කළ වෙනසට ගරු කරමු! දිනූ දේ රැකගමු! ලුද්දේ නැතිව ලේ දකින්නේ නැතිව ඉන්න බැරි මෝඩ බයියන්ට පේල්ලත් එක්ක ලිව්වේ හිටං..

ෆෝන් එක ශරීරාංගයක්ද?

මම දන්න තරමින් හෑන්ඩ් ෆෝන් කීවාට ෆෝන් එක අතේ අැඟිලි වගේ ශරීරාංගයක් නෙමෙයි. ඒ නිසා යම් අපරාධයක් සිදුවන අවස්ථාවේ ඊට සැක කරන පුද්ගලයාගේ ජංගම දුරකතනය එම ප්‍රදේශයේ තිබූ බවට සාධක නොමැති පමණින් ඔහු නිදොස් කොට නිදහස් කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි දුරකතනය ඒ අසල තිබූ පමණින් යමෙක් වැරදිකරු කරන්නත් බෑ..
එහෙම නම් ඉතින් පාඨලීගේ අමාත්‍යංශේ වාහනේක පාඨලි වගේම රියදුරා ධර්ම රාජ්ජෙට ගෙහුන් එන ගමන් රාජගිරියේ කොල්ලා යටකරපු වෙලාවේ පාඨලීගේ ජංගම දුරකතනය රාජගිරියේ ක්‍රියාත්මක වූ බව වාර්තා වෙලා තිබුණ නිසා පාඨලි ඒකට වැරදිකරු වෙන්න එපායැ..
එහෙම කරන්න බෑ. පාඨලී වගේම පාඨලීගේ රියදුරාගේ පාඨලීගේ දුරකතනය වගේම දුරකතනය ධර්ම රාජ්ජෙට යන්න තිබුණු හදිසියට මාරුවෙච්චි නිසායි එහෙම වුණේ. ඒ නිසා අර ලසන්ත ඝාතනය කළ බව කියා සිය දිවි නසාගත් හිටපු බුද්ධි අංශ නිලධාරීයාගේ දුරකතනය පදනම් කරගෙනම සමහර රහස් පරීක්ෂක මැති ඇමතිවරු තීන්දු දෙන එක හරි මදියි...
(හැබැයි මේ වෙද්දි රාජගිරියේ දුරකතන සංඥා පිළිබඳ වාර්තා වුණත් cctv දර්ශන වගේ මැකිලා තියෙන්න පුළුවන්. ඒවට තාජුඩීන්ගේ cctv දර්ශනවලට වගේ කල්පැවැත්මක් නෑ. අනිත්‍යයයි..)

සරාගොයියා හරි මිනිහා

ලංකාවේ පොලිසිය සිදුකළ ප්‍ර‍ථම මිනිස් ඝාතනය සේ යාපනයේ සිදුවීම වර්ගවාදය පෝෂණය කිරීම පිණිස භාවිත කෙරෙයි. මින් පෙර කිසිම අවස්ථාවක පොලිසියේ ඝාතනවලට එරෙහිව හඬ නොනැඟු පිරිස් නීති පොත් කරතබාගෙන විත් කරන අර්ථකතන දුටුවිට සිතෙන්නේ මේ නීති විශාරදයින් පසුගිය සිකුරාදා පාන්දර උපන්නේද යන්නය.
පොලිසිය කරන කිසිදු ඝාතනයක් අපි අනුමත නොකරමු. උතුරේ වුව දකුණේ වුව වරද නම් වරදමය. පොලිසිය දකුණට බෙදන හැන්දෙන් මෙවර උතුරටද බෙදා ඇත. එය මෙරට පොලිසියේ සැබෑ ස්වභාවය මිස වර්ගවාදයක් නොවේ. අප පොලිසියේ වරදට මෙන්ම ඊට වර්ගවාදී සළු පළඳන අමනයින්ද එකවර හෙළාදකිමු.
කෙසේ වුවද අප මත බලෙන් පැටවූ රෝම ලන්දේසී නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් කිසිි දිනක අපරාධ මැඩලිය නොහැකි බව අපේ මුතුන් මිත්තෝ දැනසිටියහ. ඔවුහු මේ සිනාසෙන්නේ නොණ්ඩි ගහන ඒ නීතියටයි. ඒ නොණ්ඩි ගසන නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට යන අයටය. අප මේ පණිවිඩය ග්‍ර‍හනය කර නොගන්නේ ඇයි?

අන්තරේ කොල්ලන් වෙත

කොළඹ පාරවල් වසා නිතර ගුටිකන අන්තරේ පැඟිරි කොල්ලන් වෙතය. උඹලාට ගුටි නොකා පාරවල් වසා උද්ඝෝෂණය කර ඉල්ලීම් දිනාගැනීම සඳහා උපායක් කියමි.
නැවත උද්ඝෝෂණ කළ යුතු නම් යාපනයට ගොස් A-9 වසා පාරේ ළැග උද්ඝෝෂණය කරනු යෙහෙකි. කඳුලු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර, යකඩ වැටවල් නැත. කිසිදු අන්තරාවක් නැත.
උඹලට කොළඹම උද්ඝෝෂණේ කරන්න ඕන නම් දෙමළ අකුරින් ගහපු පෝස්ටර් බැනර් උස්සාන දෙමළෙන්ම කෑ ගසන්න ඕනෑය. අත්දුටුයි... ප්‍රත්‍යක්ෂයි..සහජීවනේ පල්ලා...

කෝප් එකේ වංගුව

ජෙප්පන් යනු ධනපති ආණ්ඩුව පෙරළා විප්ලවයක් කිරීමට තබා ධනපති ආණ්ඩුවේ අකමැති රනිල් හාමුගේ යාළුවාගේ හොරකම් ගැන වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටවත් නොහැකි බෙලහීන ගොබ්බ අහිනකි. උන්ට හැක්කේ කීයක් හෝ අතමිට මෙළවූ විට ඒ ඒ පැත්තට උළුවස්ස ගැසීමට පමණි.

මාමයි හාමුයි

හඳුන්නෙතිගේ කෝප් වාර්තාව අර්ජුන් ඇලෝෂියස් බෑනාටයි පර්පෙක්චුවල් ට්‍රෙෂරියේ අධ්‍යක්ෂ මණ්ඩලේටයි එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මාමා ගොරකා ගෙනැල්ලාම නැද්ද?
විකිණීමට නියමිත බැඳුම්කර ගණන එකපාරටම 10 ගුණයක් වුණේ, ඒ රහස බෑනාගේ කනට ගියේ, රජයේ බැංකුවකින් වහාම ණයක් අනුමත වෙන්නේ අර්ජුන් මාමාගෙයි මාමාගේ යාළුවා රනිල් හාමුගෙයි කිසිම සම්බන්ධයක් නැතිව ඉබේම කියලා ආකාස්මිකව කියලා අපි හිතාගන්න ඕනද?

මාධ්‍ය නිදහස

අපි අධ්‍යාපනයට 0.6% දීලා නතර වුණේ නෑ. CSN එක වහලා මාධ්‍ය නිදහස ස්ථාපිත කළා. එමගින් තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කළා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තහවුරු කළා. ඒවා ලැබෙන්නේ නෑ කියපු මෝඩ බයිසන්ලට කට උත්තරත් නෑනේ. පව් අප්පා බයියලා, කාගේ වුණත් දරුවොනේ...

කිං කැකිල්ලේ

මහා බැංකුව 9.5%ක පොලියට රුපියල් බිලියනයක බැඳුම්කර නිකුත් කරන බව ප්‍රකාශයට පත්කර අනතුරුව එය හිටිහැටියේ 10 ගුණයකින් වැඩි කර රාජ්‍ය බැංකු ණයක් මගින් එම බැඳුම්කර සිය බෑනාට මිලට ගැනීමට මං පාදා වාර්ෂිකව 9.5-12% දක්වා ‍පොලියක් සිය බෑනාට ගෙවීමට නියම කර 2016 වසරේ පමණක් ජනතා මුදලින් රුපියල් බිලියන 5.1ක ලාභයක් ලබාගැනීමට සියලු කටයුතු කළ මාමා වැරදිකරුය. එහෙත් මාමා වැරදිකරු වුවහොත් අලියාගේ පයට රිදෙන නිසා ද මාමා කළේ අලියා කී දේ නිසාද පෙර කැකිල්ලේ රජ දවස මෙන් බෑනාම ඇතු ලවා පෑගවිය යුතුය.

වික්‍ර‍බාහුගේ මොළේ

එංගලන්තේට ගිහින් කොටි එක්ක මහවිරු සැමරුම් කළ සිංහල කොටියා අහනවා කොහොමද සිංහල පොලිසිය උතුරේ දෙමළ තරුණයින්ට නවතිනු කීවේ දෙමළ නොදැන කියලා. මේ ගොබ්බයා දන්නේ නෑ පොලිසිය වාහන නවත්වන්නේ හස්ත සංඥා, විසිල් සහ රාත්‍රීයට නම් ආලෝක සංඥා නිකුත් කරලා කියලා. ඕන කිරිඇල්ලෙක් දන්න දේවත් මේ හාදයා දන්නේ නෑ. අනෙක මේ සිංහල කොටියා කියන විදිහට එංගලන්තේ, කැනඩාවේ පොලිසිය වාහන නවත්වන්නේ දෙමළ බසින්ද? නොදකින් බොලා වගේ ජාතිවාදී මැටිමෝල්ලු...වික්‍ර‍මබාහුගේ මොළේ...

මහ බැංකු හොරා කරෙන් දැනේ...

බලන්නකෝ ඉතින් එක දවසක් රෑ අර්ජුන් ඇලෝෂියස් කියලා හොල ගෙඩියෙක් මහ බැංකුවට පැනලා සේප්පුවෙි තිබුණු බැඳුම්කර ටික ඔක්කෝම උස්සලා.
ඊට පස්සේ වාර්ෂිකව රුපියයල් බිලියන 5-6 පොරට ගෙවන්නත් වෙලා මහ බැංකුවට. ඒක අවුරුදු 30ක්ම ගෙවන්න ඕන කියලා මහබැංකු අධිපති මාමා පලි නෑනේ. මාමාගේ යාලුවා පලිත් නෑනේ. ඒකයි බෑනාට දඬුවම් දෙන්නේ හොරකමට.
ඕන කිරිඇල්ලෙක් දන්නවානේ අර කිං කැකිල්ලේ නඩුවේ වැස්සට ගේ කඩා වැටුණු එකට වගකියන්න ඕන ගේ හදපු එකාවත්, කලේ හදපු එකාවත්, කුඹල්හල ළඟින් ගිය ගෑනිවත්, ණය ගත්තු මින්හාවත් නෙමෙයි කඩේ මහත මුදලාලි කියලා..
මෝඩ බයියන්ට ඒකවත් තේරෙන්නේ නෑනේ. ඉතින් කොහොමද යහපාලනේ යටතේ රටේ සිදුවන සීඝු සංවර්ධනේ වගේ ලොකු දේවල් තේරුම් ගන්නේ.. මෝඩ බයියෝ පව්..

මරාගේ වැරැද්ද

කිලිනොච්චියේ සහ යාපනයේ දී A 9 මාර්ගය ටයර් පුළුස්ස‍ා නැවත වසා දැමීම පිටුපස මැදමුලනේ මරා සිටින බව රංජන් මැතිඳුන්ගේ රහස් පොලිසිය සොයාගෙන ඇත.
එජාපය සහ ප්‍රභාකරන් මැතිඳුන් එදා වසා දැමූ එම මාර්ගය නැවත මැදමුලනේ මරා විවෘත නොකරා නම් එය එජාපයට සහ ආවා ගෘප් එකට දෙමළ සන්ධානයේ ආධාර ඇතිව මොහොතකට හෝ නැවත වසාදැමීමට සිදුවන්නේ නැත..
එහෙයින් මෙහි සම්පූර්ණ වගකීම මහින්ද භාරගත යුතුය.

කොටි වෙනුවට ආවා ආවා

යහපාලන ආණ්ඩුව යටතේ උතුරින් නැගී සිටියේ කොටි නොව ආවා ගෘප් නම් කල්ලියකි. යහපාලනය සමග කොටි නැගිටීවි යැයි බොරු කියා ජනවාරි 8 ජනමතය කොල්ලකෑමට උත්සාහ කළ මෝඩ බයියන්ගේ තවත් බොරුවක් මාට්ටුයි. ඔබත් මෝඩ බයියන් විශ්වාස නොකළ බුද්ඩිමත් ටොයියෙක් නම් ආඩම්බර වන්න....

Monday, May 9, 2016

අයියෝ ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු නොදී චෝදනා එල්ල කළ එකාගේ ඇඟිල්ලේ වැරදි කියමින් නාහෙන් හැඬීම හෝ දිවයින කියවන්න එපා කියමින් පෝස්ටර් ගැසීම මගින් ඒම පක්ෂයේ නිවැරදි උපක්‍ර‍ම තේරීමේ හැකියාව මොනවාට කියා පායි. මෙවැනි තහනම් නියෝග ඔස්සේ පාලනය කළ හැක්කේ සිය පක්ෂයේ මොළ සේදු කාඩරයින් පමණි. දිවයින විසින් විශාල මුදලක් වියදම් කර ලබා ගත යුතු ප්‍ර‍චාරයක් නොමිලේ ම ලබා දීම පිළිබඳ දිවයින ජනතා විමුක්ති පෙරමුණට කෘතඥ විය යුතු ය. ඉදිරියේ දිවයින පුවත්පතේ අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බව මගේ උපකල්පනයයි. අනෙක් අතට ඉතිහාසයේ මාධ්‍ය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ භාවිතාව ද රනිල් හාමුගේ මාධ්‍ය පිළිබඳ භාවිතාව ද වර්තමාන ජවිපෙ මාධ්‍ය පිළිබඳ භාවිතාව ද එක සමාන බව ඔවුන් කිසිදා නිවැරදි නොවන දේශපාලන ව්‍යාපාරයක් බවත් මෙමගින් සනාථ කර ඇත..

Sunday, May 8, 2016

ආණ්ඩුවේ කතාව සහ කල්ක්‍රියාව

රට අනාරක්ෂිත බවත් උතුරේ උතුරේ යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් කියමින් රට අස්ථාවර කිරීමට උත්හාස කරන පිරිස් ගැන ආණ්ඩුව පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ අනුව රට අනාරක්ෂිත වී නැත. උතුර ද ඉතා ම සාමකාමී ය. එසේ නොවේ යැයි යමෙක් කියන්නේ නම් ඔහු රට අස්ථාවර කිරීමට උත්සාහ කරන්නෙකි. ඒ ගැන පරීක්ෂණ කළ යුතු ය.

ඒ අතර රජය ක්‍රියාවෙන් ම සිය තක්සේරුව නිවැරදි බව තහවුරු කළ යුතු ය. අගමැතිවරයා ආරක්ෂකයින් නොමැතිව වහලය රහිත කාරයක නැඟී ගමන් බිමන් යා යුතු ය. නැතහොත් සාමාන්‍ය කාරයක ගමන් බිමන් යාම ය. දුම්රියේ සාමාන්‍ය ජනතාව සමඟ පත්තරයක් කියවමින් ගමන් කළ යුතු ය. ජනාධිපතිවරයා බයිසිකලයක නැගී ගමන් කළ යුතු ය. සිය ඇමති මණ්ඩලයේ ආරක්ෂාව ඉවත් කර දැමිය යුතු ය. රටේ ජාතික ආරක්ෂාව පිරිහී ඇතැයි පවසන පාර්ශවයේ නායකයා වන මහින්දගේ ආරක්ෂාව තවත් වැඩි කර තමන්ගේ ආරක්ෂාව ලිහිල් කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සිය මතය නිවැරදි බවත් බයියන්ගේ මතය බොරුවක් බවත් ඔප්පු කර මෝඩ බයියන්ට කට උත්තර නැති කළ යුතු ය.  

එහෙත් ආණ්ඩුව කතාව සහ කල්ක්‍රියාව අතර බලවත් පරස්පරයක් නිර්මාණය කරමින් අගමැතිවරයාගේ ආරක්ෂාවට වෙඩි නොවදින මෝටර් රථ ගෙන්වීමට යයි. රට බලවක් ආර්ථික අර්බුදයක සිර වී ඇති අතර සහන කප්පාදු කරමින් බදු පිට බදු ගැසීම නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති මොහොතක ප්‍ර‍මුඛ කාර්යයක් ලෙස සලකා ලක්ෂ 6000ක් ගෙවා අගමැතිවරයාට වෙඩි නොවදින මෝටර් රථ රැගෙන ඒම තරම් මේ ටේ ජාතික ආරක්ෂාව පිරිහී ඇති බව තහවුරු කරන තවත් සාධකයක් තිබේ ද? 

Tuesday, January 5, 2016

මහින්ද බලය නැතිවත් මිනි මරයි!!!

ඊනියා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාල් දේවියට බෙල්ල තැබූ රාජේෂ්වරන් සෙන්තුරන් නැමැති පාසල් සිසුවාගේ මරණයට වගකිව යුත්තේ ද මහින්ද රාජපක්ෂ ය.

දෙමළ ජනතාවට විමුක්ති මාර්ගය මාර්ගය කියා දුන් අති උතුම් වේලුපිල්ලේ ප්‍රභාකරන් මැතිතුමා 1990 යාල්දේවී දුම්රිය පුපුරුවා හැරියේ සිය අණසක යටතේ කේතුමති නුවර මෙන් සතුටින් ජීවත් වන ජනතාව කම්මැලිකමට හෝ රේල්ලුවට පැන දිවි නසා ගනීවි යැයි සැක කළ හෙයිනි. එතුමා ඒ තරමට දෙමළ ජනතාවට ආදරය කළේ ය. ඔවුන්ගේ ජීවිතවල වටිනාකම දැන සිටියේ ය.

එපමණකින් නතර නොවූ නොවු එතුමා රේල් පීලි ගලවා ගෙන ගොස් පුංචි පුංචි සෙල්ලම් ගෙවල් තනවා ළමුන්ගේ අත් පොතින් පතින් සහ පෑනෙන් නිදහස් කර තුවක්කු සහ අත් බෝම්බ ලබා දෙමින් බටහිර අධ්‍යාපනය විසින් ළමා අයිතිවාසිකම් අහිමි කර තිබූ ළමයින්ගේ ළමා කාලය නැවත දුන්නේ ය.

ඒ ළමයින් සෙල්ලම් කර වෙහෙසට පත් වූ විට රස බැලීමට සයනයිට් නමැති චුවින්ගම් එකක් ද බෙල්ලේ එල්ලා තැබීමට තරම් ඒ උතුමා කාරුණික වූහ. එසේ සතුටින් කෙළිදෙළෙන් විසූ ළමයින්ගේ නිදහසට කණකොකා හැඬුවේ මහින්ද බලයට පැමිණ බලයට ඇති කෑදරකම නිසා ම ධාර්මික ප්‍රභාකරන් නමැති උදාර නායකයා මරා දැමූ දින ය.

දැයට මිණි පහනක් වැනි උතුරට සූර්යයෙක් වැනි වූ ප්‍රභාකරන් මැතිතුමා විනාශ කළ මහින්ද ඔහු විසින් ජනතාවගේ හිතසුව පිණිස ඉවත් කර තිබූ උතුරේ දුම්රිය මාර්ගය නැවත සකස් කර යාල් දේවිය උතුරට යැව්වේ ය. මේවා මහා අපරාධය.

ධාර්මික ප්‍රභාකරන් මැතිතුමා ඝාතනය නොකරන්නට උතුරේ ජනතාව තවමත් සතුටින් ය. මහින්ද රාජපක්ෂ එදා යාල් දේවී දුම්රිය නැවත උතුරට නො යවන්නට අර අහිංසක තරුණයා තවමත් ජීවතුන් අතර ය. අද බලය නැතිවත් මෙලෙස මිනි මරන මහින්ද නැවත කිසිදා බලයට පත් කළ යුතු නැත. සැබවින් ම මහින්ද රාජපක්ෂ මහ උළු ගෙදර යැවීමට අහස පොළව නූහුලන මේ අපරාධය ම ප්‍රමාණවත් ය.

November 30, 2015 · 

ජාත්‍යන්තර සම්මාන

 ඇමරිකා එක්සත් ජනපදය ප්‍ර‍මුඛ බටහිර රටවල් සිය නව යටත්විජිතකරණ අවශ්‍යතා අනුව සෙසු රටවල් පාලනය කිරීම සඳහා රූකඩ කුක්කන් විවිධ කුමන්ත්‍ර‍ණ ඔස්සේ බලයට ගෙන එනු ලැබේ.

එසේ පත් කළ සුවච කීකරු බලු කුක්කන් සිය කොන්ත්‍රාත්තුව මැනවින් ඉටු කරමින් ඒ රටවල් විනාශ කරන විට ඇමරිකාව ප්‍ර‍මුඛ බටහිර ස්වාමිවරු එකතු වී මදුවිත තොලගාමින් මස් කැබලි රස බලමින් සාද පවත්වන අතර කටු කැබැල්ලක් හමු වූ විට නැට්ට වනමින් දෙකඩ කඩා ගැනීමට හදන අර කුක්කන්ට විසි කරති.
ස්වාමීන් සුප්පා තමන් වෙත විසි කළ මස්කටුවලට එකී කුක්කෝ ජාත්‍යන්තර සම්මාන යැයි කියති. තොලකට ලෙවමින් උදම් අනති. ආඩම්බර වෙති.

ඇෆ්ගනිස්ථානය, ලිබියාව වැනි රටවල් විනාශ කළ බැරක් ඔබාමා වැන්නෝ ඇතැම් විට තමන් ම ඒ කටු පැළඳ ගෙන තමන්ම අත්පොළසන් ගසා ගත් අවස්ථා ද නැත්තේ නොවේ.

November 28, 2015 

කොටි පැටව් සමරමින් අලුතින් පටන් ගමු!!!

ඊයේ දිනයේ ඊනියා දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න යැයි රජයෙන් ඉල්ලා ලිපියක් ලියා රේල්ලුවට පැන දිවිනසාගත් ඊළාම් පැටවා වෙනුවෙන් ශෝකය පළ කොට අද දින උතුරේ පළාතේ සියලුු පාසල් වසා දමා තිබේ. ඒ සියලු සිරකරුවෝ ත්‍ර‍ස්තවාදීන් සහ ත්‍ර‍ස්තවාදී සැකකරුවන් විනා දේශපාලන සිරකරුවන් නොවේ.

මේ දිවි නසා ගැනීමට විරත්වයක් ආරෝපණය කරමින් පාසල් සිසුන්ට නිවාඩු ලබා දීම ඔස්සේ උතුරේ ජනතාවට මෙන් ම ළමා තරුණ පරපුරට උතුරේ දේශපාලකයින් ලබා දෙන පණිවුඩය කුමක් ද? ඊට එරෙහිව නපුංසක ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය කුමක් ද?

සිරිමා මැතිනිය ජේ. ආර්. ජයවර්ධනට ප්‍ර‍මුඛ එජාපයට භාර දුන්නේ සම්පූර්ණ ශ්‍රී ලංකාවකි. එහෙත් නැවත එජාපය බටහිරින් ආනයනිත චන්ද්‍ර‍ිකාට ද චන්ද්‍ර‍ිකා මහින්දට ද භාර කළේ රටේ භූමියෙන් 1/3ක් ද මුහුදින් 2/3ක් ද අහිමි ලොව දරුණුතම ත්‍ර‍ස්ත සංවිධානය මිනි කඳු ගැසූ මරණය හැර අනාගයක් දැකිය නොහැකි විශාලා මහනුවරකි.

මහින්ද වසර 30ට පසු උතුරේ ළමයින්ට සයනයිට් කරල, ටී 56 සහ අත්බෝම්බය වෙනුවට පොත සහ පෑන ද සමස්ත ජාතියට අභයදානය ද ලබා දුන්නේ ය. 2009 පසු එළඹුණු ඒ යුගය ඛේදනීය ලෙස අවසානය කරා එළඹෙන අයුරු අපට බලා සිටීමට සිදුව ඇත.

දැන් මේ සුදානම එදා ජේ. ආර්. පටන් ගත් තැනින් නැවත ආරම්භ කිරීමට ද? මේ දෙව්දත් පාලකයින් අපගේ මාතෘ භූමියෙන් ද ජනතාවගෙන් ද මෙලෙස එළව එළවා පළිගැනීමට මේ රට ඔවුන්ට කර ඇති වරද කුමක් ද?

November 27, 2015 ·

ආණ්ඩු විරෝධය සහ රාජ්‍ය විරෝධය යනු එකම ද?

ජනතා විමුක්ති පෙරමුණ සටන් කළේ රටේ ආණ්ඩුවට එරෙහිව ය. ඔවුන් උත්සාහ කළේ ආණ්ඩු බලය අල්ලා ගැනීමට ය. ඔවුන් ඉන් දිනුවේ නම් ෆිදෙල් කැස්ත්‍රෝ මෙන් රෝහණ විජේවීර ලංකාවේ පාලකයා වනු ඇත. ඉන් ලංකා රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවයට සිදු වන හානියක් නැත.

එහෙත් කොටි සංවිධානය සටන් කළේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ය. ඔවුන් උත්සාහ කළේ රටේ කොටසක් කඩා ඊළම නමින් වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට ය. කොටි සංවිධානය ඉන් දිනුවේ නම් සර්බියාවෙන් කොසෝවෝ ප්‍රාන්තය කඩා වෙන ම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා සේ උතුරු නැඟෙනහිර ඊළාම් රාජ්‍යය බිහිවනු ඇත. ලංකා රාජ්‍යය දෙකඩ වනු ඇත. නිමා නොවන දේශසීමා අරගලයක් සහ සදාතනික යුද්ධයක් ආරම්භ වනු ඇත.

තත්ත්වය එසේ නම් එකී සංවිධාන දෙක සමානත්වයෙහිලා සැලකිය යුත්තේ ඇයි? ඒ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩු විරෝධය සහ කොටි සංවිධානයේ රාජ්‍ය විරෝධය යනු එකක් නිසා ද? මේ පුවත ශෙයාර් කරන බුද්ධිමතුන්ගේ අදහස එය ද?

November 26, 2015

6% සටන ජයගනී!

1948 සිට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලැබූ සියලු ලාංකේය ජනතාවගේ නිශ්චල සහ චංචල දේපළවල වටිනාකම ද 2015 අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල් ලෙස සලකා ගණනය කළේ නම් ගරු මුදල් ඇමතිතුමාට ඉතා ම පහසුවෙන් ම දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල 10 005.4%ක් බව කීමට තිබිණි. එසේ වූයේ නම් 6% විද්වතුන්ට කෙතරම් සතුටු විය හැකිව තිබිණි ද?

උගත් බුද්ධිමත් ජනතාව මෙලෙස සතුටු කිරීමට මැදමුලනේ මරාට නොහැකි වූ බව කිව යුතු ම ය. මරා මහ ලොකුවට පාසල් ගොඩනැඟිලි, ක්‍රීඩාංගණ, විද්‍යාගාර ඉදි කළ ද එහි අගය වාර්ෂික අයවැයට එක් කිරීමට තරම් බුද්ධියක් හෝ හැකියාවක් ඔහුට නොතිබිණි. එසේ ගණනය කිරීම නව ලොව පිළිගත් ක්‍රමවේදය බව පැහැදිලි කියාදීමට පාඨලිතුමා වැනි බුද්ධිමතුන් ඔහුගේ ආණ්ඩුවේ සිටියේ ද නැත. ඒ අතින් බලන කල මරා අමු මෝඩයෙකි.

කෙසේ වුව ද ඊළඟ අයවැයේ දී මා පෙර සඳහන් කළ පරිදි අයවැයේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල ගණනය කිරීමට ගරු මුදල් ඇමතිතුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව සහ හොඳ කැල්කියුලේටරයක් ලැබේවා. 2015 අයවැයෙන් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වෙන් කරන සැබෑ මුදල අඩු කර ගැනීම සඳහා දිවිහිමියෙන් සටන් කොට ඒ සිහිනය සැබෑ කරගැනීමට දායක වූ සැම ද ඔවුන්ගේ දෙමාපියන් ද ගුරුවරුන් ද ගෞරවයෙන් සිහිපත් කරමි.

November 24, 2015 · 

ඇවන්ගාර්ඩ් වනසනු!

ඇවන්ගාර්ඩ් ආරක්ෂක සමාගම රජයට පවරා ගනිමින් ජාතික ආරක්ෂාවට එල්ල වී තිබූ බරපතළ ම අවදානම පහකොට ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට සෛරී රටක හමුදා කඳවරු වෙත ඇතුළුවීමට අවස්ථාව ලබා දෙමින් ශ්‍රී ලාංකේය නාමය ගිනස් පොතේ රන් අකුරින් සනිටුහන් කළ ආණ්ඩුවට අපගේ උත්තමාචාරය!!!

November 21, 2015 ·

මුව හමට තඩි බාමු!

මුතූර්හි රියදුරු බලපත්‍ර ද හිස් වැසුම් ද නොමැතිව මෝටර් සයිකලයක තවත් තිදෙනෙකු නංවා ගෙන ධාවනය කළ 17ත් හැවිරිදි සිසුවා නීති විරෝධි ලෙස අත් අඩංගුවට ගත් පොලිසියට අපගේ බලවත් විරෝධය. ඊට එරෙහිව මුතූර්-කොළඹ මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණය කරමින් සිසුවාගේ මානව අයිතීන් වෙනුවෙන් නැඟී සිටි මුතූර් ජනතාවට අපගේ ප්‍රණාමය. 

ලංකාවේ සෙසු සෑම තැනක ම හිස් වැසුම් නොමැතිව අවුරුදු 8-10 ළමුන් පවා මෝටර් සයිකල් පදින ආකාරය නොදැක්කා සේ සිට ජාතිවාදය අවුස්සා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සඳහා මේ නොහොබිනා ක්‍රියාව කළ පොලිස් නිලධාරීන්ට වහා ම දඬුවම් කරන ලෙස අපි ගරු පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

November 19, 2015 · 

නවතම බෙදුම්වාදී උගුල

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යනු රට දෙකඩ කිරීම හෝ තෙකඩ කිරීම හෝ සඳහා ගෙන යන වැඩපිළි‍වෙළ නව වටයකින් ආරම්භ කිරීමකි. මෙතෙක් රට බෙදීම සඳහා ගත් උත්සාහයන් හා සසඳන විට එය ඉතාමත් ආකර්ශනීය සහ ඉතා ම සාර්ථක ප්‍රතිඵල ලබා දිය හැකි වැඩපිළිවෙළකි.

මූලධර්මීය වශයෙන් බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන පිරිස් පවා මේ ඔස්සේ ඒ වටා පහසුවෙන් ඒකරාශි කර ගත හැකි ය. මන්ද එම පිරිස් බෙදුම්වාදී උගුලට හසුව ආපසු හැරිය නොහැකි තරම් දුරගොස් ඇති බව අවබෝධ වන විට අශ්වයා පැන ගොසිනි. 

ඉතින් ඔවුන් එදිනට ඉස්තාලය වසනු වෙනුවට බලය බෙදීම කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද යන්න පිළිබඳ අපට කියා දෙනු ඇත. කලක් බෙදුම්වාදයට එරෙහි වූ පාඨලි චම්පික රණවක වැන්නෝ මෙහිලා මුලසුන් හොබවනු ඇත.

November 18, 2015 ·

සොළොස්මස්ථාන වන්දනා ගාථාව මොඩිෆයි කරමු!

පටු ජාතිවාදි හිපාටුවෝ කියන කියන විදිහට පාලකයෝ නැමෙන්න ඕන නෑ. උතුරේ අනිත් සිංහල නම් ටික අසිංහල කළා වගේ අන්තිම නමත් අසිංහල කිරීමට ඉඩ ලබා දෙමු. එවිට උතුරේ දෙමළ ජනතාවට ඇති විශාලත ම ප්‍රශ්න නිරාකරණය වී ජනතාව අතර සාමය වැඩි වර්ධනය වී සියලු වාර්ගික බෙදීම් ඉවත්ව ඒකීය රට තුළ සියලු දෙනා දැහැමෙන් සෙමෙන් ජීවත් වනු ඇත. දෙමළ නායකයින් මේ සියල්ල කරනුයේ මේ රටේ සාමයෙන් ජීවත් වීම සඳහා බව ඕනෑ ම ගොනෙකුට තේරුම්ගත හැකි ය.

තව ද උතුරට සිංහල නැතුවාට කම් නැත. දකුණට දෙමළ අනීවාර්ය කරමු. සියලු විභාග, පත්වීම් සහ උසස්වීම් සඳහා දෙමළ අනීවාර්ය කරමු. රාජ්‍ය ආයතන, පොදු ස්ථානවල දෙමළ දැන්වීම් අනීවාර්ය කරමු. ජාතික සමගිය, සංහිඳියාව වෙනුවෙන් එක්සිත් ව එක්සත් සුදුවතින් පෙළ ගැසෙමු.

ළිං මැඬි සිංහල බෞද්ධයින්ට පටු ජාතීවාදි සීමාවල සිරනොවී හවසට බුදුන් වඳින විට ද පන්සලට ගිය විට ද
"මයියංගණං නයිනතිව්නං
කල්‍යානං පද ලාංඡනං" 
යැයි සොළොස්මස්ථාන වන්දනාවට හුරු කරවමු.
උදේ හවස මෙලෙස ගාථාව මොඩිෆයි කර ජාතික ගුවන් විදුලියේ ද ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ සිරස රූපවාහිනියේ දී ප්‍රචාරය කිරීමෙන් ක්ෂණික ප්‍රතිඵල ලබා ගත හැකි ය. මොඩිෆයි සොළොස්මස්ථාන ගාථාව ගැසට් කර, පරණ ගාථාව තහනම් කර, එය භාවිත කිරීම තහනම් කළ යුතු ය. කිසිවෙකු සිය නිවසේ හෝ පැරණි ගාථාව කියා අසුවුවහොත් නීතිය ඉදිරියට ගෙනැවිත් වාර්ගවාදී ප්‍රකාශ නිකුත් කිරීම යටතේ නඩු පවරා උපරිම දඬුවම් ලබා දිය යුතු ය.
November 12, 2015 · 

ශිෂ්ටාචාර සංහාරය

ලොව පෞරාණික මානව ශිෂ්ටාචාරයක මිල කළ නොහැකි සලකුණු මිහිපිටින් අතුගා දමන මේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ඉරාකයට දිනා දුන්නේ ඇමරිකාව විසිනි. බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර ද ඊට සහාය දුන්නේ ය. සදාම් හුසේන් ඉවත් කර ඉරාකයට ලබා දුන්නේ මේ ISIS ප්‍රජාතන්ත්‍රවාදයයි. අරාජකවාදයයි.

ජෝර්ජ් බුෂ් පවසන පරිදි ඒ දෙවියන්ගේ කැමැත්ත ය. ටෝනි බ්ලේයාර් ඉරාක ආක්‍රමණය අත්වැරැද්දක් බව පවසා සොරි කියයි. එහෙත් මේ විනාශයන් හමුවේ ඔවුන්ට සොරි කියා අත සෝදාගත හැකි ද? මෙවැනි ඊනියා අත්වැරදි ලොව සෙසු ශිෂ්ටාචාර මතට ද කඩා පාත් වන තුරු ලෝකය නිහඬව සිටිය යුතු ද?

November 6, 2015 ·

ආණ්ඩුවට මල් මිටක්!

වර්තමාන ආණ්ඩුවට එරෙහි ශිෂ්‍ය අරගලය සහ කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම අතර කිසිඳු සම්බන්ධයක් නැත. එහෙයින් මෙය දේශපාලන දඩයමක් හෝ පළිගැනීමක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කරනු මිස එවැනි අකටයුතු යහ පාලන රජයක් යටතේ නම් සිදු නොවේ. ඔබට මා විශ්වාස කළ නො හැකි නම් ගාමිණි වියන්ගොඩ ශූරීන්ගෙන් විමසා බලනු මැනවි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගත් අවස්ථාවේ අප මෙන් ම ඊට එරෙහි වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අද ඊට එරෙහි නොවන්නේ එහෙයිනි. ශිෂ්‍යයින්ට පහර දීම මෙන් ම ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම ද සිදු වූයේ මහ දවල් නිසා ඒ ගැන ඔහු කිසිවක් කිය යුතු ද නැත. මහින්ද රාජපක්ෂ සමයේ නම් සියලු පහරදීම් කළේ රාත්‍රීයේ ය. ආචාර්ය නිර්මාල් ලා ඊට එරෙහිව සටන් කළේ එහෙයිනි.

මේ අනුව කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගත්තේ බරපතළ වරදක් නිසා බව පැහැදිලි ය. ඒ මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස විය යුතු ය. ආණ්ඩුව කරන වැරදිවලට එරෙහි වන අතර හොඳ දේට පක්ෂ වීම රට වැසියාගේ යුතුකම ය. එහෙයින් කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගෙන මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ රනිල්-මෛත්‍රී ආණ්ඩුවට අපගේ ප්‍රණාමය පුද කරමු.

November 5, 2015 

සුනිලනුවන් දිගු කල් දිනේවා!

සුප්‍රකට ප්ලේබෝයි සඟරාව පෙන්වා දෙන පරිදි ලියෝ ටෝල්ස්ටොයිට පසුව සිය සාහිත්‍ය කලා නිර්මාණවලින් පීඩිත පන්තියේ ජනතාවට සුවිශාල මෙහෙවරක් කළ විශ්වීය කලාකරුවා සුනිල් පෙරේරා ය. එය අපට මහත් ආඩම්බරයකි. පසු ගිය වර ජනතා විමුක්ති පෙරමුණු මහ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සුනිලනුවන් තෝරා ගත්තේ ද එහෙයිනි. සුනිලනුවන් මෙරට වැටී තිබුණු ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා යහ පාලන යුගයක් ගෙන ඒමට පාන් තරුවක් මෙන් ජනතාවට පාර කියූවේ ය.

අඩ සියවසකට එහා දිවෙන කලා දිවියෙහි සුනිලනුවන් හෙළ කලා කෙත අස්වද්දන්නට කළ දෑ අපමණ ය. වරක් ඔහු කොළඹ රෝයල් කොලිජියේ පැවති සංගීත සුයාමයක පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර ඉන් ඇබින්දක් පමණි. දහසක් සිහින සැබෑ කරමින් උදා වූ මේ යහ පාලන කේතුමති යුගයේ තව තවත් මෙවැනි නිර්මාණ කරමින් පීඩිත පන්තියට සේවය කිරීමට සුනිලනුවන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

November 4, 2015 

සිසුන්ට පහර දීම විපක්ෂයේ බොරුවක්....!

එදා මහින්ද රාජපක්ෂ රෙජිමය මේ රටේ යුක්තිය සාධාරණය ඉල්ලා සිටි සරසවි සිසුන්ගේ ඔලු කටු පළා අත පය කඩා මර්දනය කළ ආකාරය දැක්වෙන පැරණි වීඩියෝ මේ දිනවල ශුද්ධ වූ යහ පාලන ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම සඳහා ප්‍රචාරය කරන ආකාරය දැකගත හැකි ය. යහ පාලන ආණ්ඩුව පත් කළ මේ රටේ උගත් බුද්ධිමත් තණ කොළ නොකන ජනතාව මෙවැනි ප්‍රචාරවලින් රැවටිය නොහැකි බව මෝඩ බයියන් තේරුම් ගත යුතු ය. ඒ ගැන අපට ඇත්තේ කනගාටුවකි.

යහ පාලන පංචවිධ ක්‍රියාවලියත් සමඟ තම දුවා දරුවාට හොඳ අනාගතයක් අත්වන බව උගත් දෙමාපියෝ දනිති. එමෙන් ම දහම් බේබි ජිනීවා ගොස් ෆේස් බුක් එකේ සටහන් කළේ ඊළඟ වාරේ රටේ තව තරුණ පිරිසක් එවැනි සමුළුවලට රැගෙන යන බව. ඒ අවස්ථාව ලැබෙන්නේ චතුරිකා සිරිසේනට, චතුර සේනාරත්නට, රඛිත රාජපක්ෂට හෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නොව මේ රටේ සාමාන්‍ය ජනතාවගේ උගත් බුද්ධිමත් දරුවන්ට ය.
එහෙයින් බලය අහිමි වී වියරු වැටී බොරු වපුරන මාධ්‍ය සංදර්ශනවලට නොරැවටී යහ පාලනය විශ්වාස කරන්න. බයියන්ගේ මෝඩ සංදර්ශනවලට නොරැවටෙන්න. ඔබේ රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය නතර කර යහ පාලන වීඩියෝ බැලීමට හුරුවන්න. මෙලොව සත්‍යයක් ඇත්නම් ඒ සියල්ල එම වීඩියෝවල ගැබ්ව තිබේ.
දිනූ දේ රැක ගන්නට එන්න
රැකගමු අපි දිනු දේ එන්න.....

October 30, 2015 

ලංකාව ලොව ධනවත්ම රාජ්‍ය කිරුළට අතේ දුරින්..

ශ්‍රී ජනාධිපති මන්දිරයේ භූගත මාළිගාව පිළිබඳ සියලු තොරතුරු ඡායාරූප සමඟ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් ශක්තිමත් වීමට පටන් ගෙන තිබේ. පසු ගිය දිනවල රුපියල් 143ක් පමණ වූ ඇමරිකානු ඩොරලය මේ වන විට ශ්‍රී ලංකා රුපියල් 98කි.
කොටස් වෙළඳපොළ ගනුදෙනු වේගයෙන් ඉහළ ගොස් ඇති අතර අපනයන ආදායම් පෙරනොවූ විරූ ලෙස ඉහළ ගොස් ඊට සාපේක්ෂව ආනයන වියදම් පහත වැටී තිබේ. භාණ්ඩ මිල වේගයෙන් පහත වැටීම නිසා උද්ධමන අනුපාතය පහත වැටී ඇත. සංචාරකයින් රැගෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ගුවන් යානා ගණනාවක් නැවත හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදුවූයේ බලාපොරොත්තු නොවූ ලෙස සංචාරක පැමිණීම වැඩි වූ හෙයිනි.

නැෂනල් ජෝග්‍රෆි සඟරාවේ දකුණු ආසියානු වාර්තාකරු පෙන්වා දෙන ආකාරයට ජනාධිපති මන්දියේ භූගත මාළිගාව ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ලොව ධනවත් ම රාජ්‍ය බවට තත්ත්වයට ඔසවා තබන යානාව බවට පත්වනු ඇත. වර්තමාන ආණ්ඩුවේ ඉතා දියුණු ආර්ථික දැක්ම නොවන්නට ශ්‍රී ලංකාවට මෙවැනි වේගවත් සංවර්ධනයක් ලබා ගැනීම දහවල් සිහිනයක් පමණක් වනු ඇති බව ඔහු තව දුරටත් පවසයි.

මේ අතර ලොව බලවතුන් වොෂින්ටන්හි රැස්ව ඇමරිකානු ඩොලරය වෙනුවට ශ්‍රී ලංකා රුපියල ජාත්‍යන්තර මුදල් ඒකකය බවට පත් කිරීමට කළ සාකච්ඡා බොහෝ දුරට සාර්ථක වූ බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා CNN වෙත සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ.

ලොව ඇතැම් රටවල් භූගත තෙල් සම්පත නිසා දියුණු වූ ආකාරය පිළිබඳ අපට උදාහරණ ඕනෑ තරම් තිබේ. එහෙත් භූගත මාළිගා සම්පත නිසා දියුණු වූ ලොව එක ම රට ලෙස අපේ ආදරණීය මාතෘ භූමියේ ශ්‍රී නාමය සදා ලොව ජන හදවත්හි වොරැඳෙනු ඇත. මේ වන විට ලොව දස දෙසින් රාජ්‍ය නායකයින්ගේ සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්ගේ සුබ පැතුම් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත ගලා ඒම නිසා ජාත්‍යන්තර දුරකතන ජාලා අධික ලෙස කාර්යබහුල වී ඇතැයි BBC ආයතනය වාර්තා කර තිබේ.

October 29, 2015 
 
සිය රට දේ සිරි සැප දේ !