Thursday, March 26, 2009

ආසියාව ගින්දරට මෙතරම් කැමැති ඇයි?

මෙයට අවුරුදු හතළිස් හයකට පෙර එළැඹි ජුනි මාසයේ 11 වැනිදාවක වියටිනාමයේ සයිගොන් නුවර කාර්ය බහුල වීථියක් මැදට පැමිණි බෞද්ධ භිකෂුන් වහන්සේ නමක් පද්මාසනයෙන් හිඳ ගත්හ. එය ගිනි ගහන අව්වක් විසින් හාත්පස උණුසුම් කරන ලද දවාලකි. භිකෂුන්වහන්සේ පද්මාසන ඉරියව්වෙන් සිටිනාතර තවත් භිකෂුන්වහන්සේ දෙනමක් උන්වහන්සේගේ සිරුර මතට කෑන් දෙකකින් පෙට්‍රල් වත් කළහ. ඡායාරුප ශිල්පීන් සහ මිනිසුන් සිය ගණනක් බලාගෙන සිටියදී පද්මාසන ඉරියව්වෙන් සිටින අතරම භිකෂුන්වහන්සේ සිරුරට ගිනි තබා ගත්හ.

යකඩ තරම් සවිමත් හිතක් හා අත් පා ඇති මිනිසකු පවා, සිය කැමැත්තෙන් සිරුරට ගිනි තබා ගත් කල්හි වුවද මුලින්ම කරන්නේ මර හඬ නැගීම ය. ඊළඟට හේ උඩ පනිමින් ගින්න නිවා ගැනීමට තැත් කරයි. එහෙත් ගිනි දැල් සිය සිරුර වසා බුර බුරා ඇවිලී යද්දීත් පෙර කී භිකෂුන්වහන්සේ පද්මාසන ඉරියව්වෙන්ම සිටියහ. කිසිදු හඬක් උන්වහන්සේ නිකුත් කළේ නැත. ක්‍රමයෙන් අඟුරු බවට පත් වු උන්වහන්සේගේ සිරුර පද්මාසන ඉරියව්වේ පදනම සංකේතවත් කරමින් අළු බවට පත්විය.

මේ භිකෂුන්වහන්සේගේ නම ටිච් ක්වාන් ඩක් ය. මේ කියන කාලයේදී වියටිනාමය පාලනය කළේ ප්‍රංශයට ගැතිකම් කළ ක්‍රිස්තියානි පවුලක් විසිනි. රටේ නායකයා ඩීන් ඩියම් නම් විය. ඔවුහු රටේ බෞද්ධයන්ට හිරිහැර කරමින් ක්‍රිස්තියානි සමය පැතිරවීමෙහි නියුතු වුහ. ක්වාන්ඩක් හාමුදුරුවන් වහන්සේ සිරුරට ගිනි තබා ගත්තේ මේ ව්‍යාපාරයට විරෝධය පළ කිරීමක් ලෙසිනි. හැත්තෑ තුන්හැවිරිදි ක්වාන්ඩක් හිමිනම සිරුරට තබාගත් ගින්න ඉන් සති කිහිපයක් තුළ රට පුරා ඇවිල ගොස් ඩින් සියෙම්ගේ ක්‍රිස්තියානි පාලක පවුල බලයෙන් එළවා දැමීය. මෙහිදී සටහන් කළ යුතු වැදගත්ම දෙය මෙයයි. එදා ගිනි තබා ගැනීමේදී ක්වාන්ඩක් හිමියන්ගේ අත් හා සිරුර අළු වුවද හදවත නො පිළිස්සුණු බව ය. මේ නොදැවුණු හදවත වීදුරු කරඬුවක දමා සයිගොන් නුවර ආරාමයක තබා අදටත් ප්‍රදර්ශනය කරනු ලැබේ.

අප ඉහත සඳහන් පුවත මතක් කර දුන්නේ අදට හරියටම මසකට පෙර, එනම් පෙබරවාරි මස 27 වැනිදා තිබ්බතීය තරුණ භිකෂුන්වහන්සේ නමක් තිබ්බතයේදී සිරුරට ගිනි තබාගත් හෙයිනි. තිබ්බත ජාතික ධජය සහ දලයිලාමාගේ පින්තුරයක් රුගෙන චීනයට විරුද්ධව සටන් පාඨ කියමින් පැමිණි විසිවන වියේ පසු වු උන්වහන්සේ සිරුරට පෙට්‍රල් වත්කරගෙන ගිනි අවුලුවා ගත්හ. උන්වහන්සේ චීනයට විරුද්ධ වුයේ ඇයි? සිරුරට ගිනි තබා ගැනීමට විනාඩි 40 කට පෙර උන්වහන්සේ ඇතුළු භිකෂුන්වහන්සේලා දහස් නමක් තිබ්බතීය අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහා තිබ්බතයේ ආරාමයකට එකතු වීමට තැත් කළහ. තිබ්බතයේ සිටින චීන හමුදාව විසින් එය වළකාලන ලදී. ගිනි තබාගත් සැනින් චීන හමුදා සෙබළු තරුණ භිකෂුවට වෙඩි තැබුහ. උන්වහන්සේ තිබ්බතීය රෝහලක සුවය ලබමින් සිටින බව චීනය කියයි. එහෙත් උන්වහන්සේ අපවත් වු බව කීමට ඇමරිකානු මාධ්‍ය කැමැත්තාහ. හේතුව, චීනය සහ ඇමරිකාව අතර පවත්නා සීතල යුද්ධයයි. චීනය මීළඟ ලෝක බලවතා වනු දැකීමට දැනට බංකොලොත්භාවයේ පතුල අතගාමින් සිටින ඇමරිකාව කැමැති නැත. තිබ්බතය වෙනම රටක් බව එරට බෞද්ධයෝ කියති. එහෙත් තිබ්බතය චීනයේ ප්‍රාන්තයක් බව චීනය කියයි. අකමැත්තෙන් හෝ පිළිගත යුතු සත්‍යය දෙවැන්න ය. 1959 දී චීන හමුදා තිබ්බතයට ඇතුළු වු විට තිබ්බතයේ ආධ්‍යාත්මික නායක දලයිලාමා තුමා ඉන්දියාවේ ධර්මසාලා නුවරට පැන ගොස් ආරාමයක් පිහිටුවා ගත්හ. තිබ්බතය අද අපායක් බව දලයිලාමා තුමා කියයි. එහෙත් එය සුරපරුක් බව චීන්නු කියති. මෙය තිබ්බතය හා චීනය පිළිබඳ ප්‍රශ්නයක් නොව මනුෂ්‍ය චිත්ත සන්තානය පිළිබඳ ප්‍රශ්නයකි. කෙනකුට සුරපුර කෙනකුට අපායකිෟ

මළසිරුරු ආදාහනය කිරීමේ පුරුද්ද පවතින්නේ හින්දුන්ට සහ බෞද්ධයන්ට පමණි. නේපාලයේ සියලු ප්‍රධාන ගංගාවන් දෙපස ගලින් තනන ලද වේදිකා ඇත. මළ මිනිසුන්ගේ සිරුරු මේවා මත තබා ආදාහනය කර අළු ටික ගඟට තල්ලු කරනු ලැබේ. ඉන්දියානුවෝ ඕනෑම අර්බුදයකදී සිරුරට ගිනි තබා ගැනීමට කැමැත්තා හ. නැන්දම්මා හා ලේලිය අතර ගැටුමක් හටගෙන ටික වේලාවකට පසු ලේලිය ගිනි තබා ගන්නා අවස්ථා ඉන්දියාවේ බහුල ය. එහෙත් බොහෝ විට නැන්දම්මා විසින් ලේලියගේ සිරුරට ගිනි තබන ලද බව හෙළි වී නැන්දම්මා පොලිසියට ඇදගෙන යනු ලැබේ. සති පුජාව ඉන්දියානු සමාජය තුළ මුල් බැසගෙන තිබු සිරිතකි. මේ සිරිතට අනුව පුරුෂයා මළ විට බිරිඳ ඔහුගේ දරසෑයට පැන දිවි නසාගත යුතු ය. ඇය ඊට අකමැති නම් බලෙන්ම දර සෑයට ඇද දමනු ලැබේ. අද මෙය නීතියෙන් තහනම් ය. එහෙත් ඉන්දියාවේ ගැමි පළාත්වල අදටත් මෙය සිදුවෙයි.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත වැසියෝ ඕනෑවටත් වඩා ගින්දර සමඟ ගනුදෙනු කරයි. ඉන්දියානු ක්‍රිකටි කණ්ඩායම පාකිස්තානයට පැරදුණු විටත් ඔව්හු ගිනි තබා ගනිති. ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය වෙනුවෙනුත් ඔවුහු ගිනි තබා ගනිති. දේශපාලන හේතුවක් මත ප්‍රසිද්ධියේ ගිනි තබාගැනීම මාධ්‍ය වෙතින් කෂණික ජනප්‍රියත්වයක් ලැබීමට හේතුවකි. මෙවැනි අය වෙනුවෙන් දේශපාලන පකෂ ශෝක ප්‍රකාශ නිකුත් කරයි. රජය වන්දි දෙයි. එවිට තව තවත් අය ගිනි තබා ගනිති. එවිට ඔහු හෝ ඇය සාමාජිකත්වය ලබාගෙන සිටි පකෂය වීරයන්ගේ පකෂයක් බවට පත්වෙයි. එහෙත් කිසිදු පකෂ නායකයකු සිරුරට ගිනි තබා ගන්නේ නැත. ප්‍රභාකරන් තවමත් මරාගෙන මැරෙන බෝම්බකරුවකු බවට පත්ව නැත.

ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නයට විරෝධය පළකිරීම සඳහා තමිල්නාඩුවේ පත්‍ර වාර්තාකරුවකු වු කෝලාතුර් මුතුකුමාර් නමැති දෙමළ තරුණයා ජනවාරි 29 වැනිදා සිරුරට ගිනි තබා ගත්තේය. තමිල්නාඩු රජය ඔහුගේ පවුලේ අයට ඉන්දියානු රුපියල් 25000 ක් වන්දි දුන්නේ ය. එහෙත් ඔවුහු එය ප්‍රතිකෙෂ්ප කළහ. ඒ වන විටත් ඊළාම් හිතවාදීන් ඔහුගේ පවුලේ අයට ඉන්දියානු රුපියල් තුන්ලකෂයක් ප්‍රදානය කර තිබිණි. අනතුරුව එසේ ගිනි තබාගන්නා අය වෙනුවෙන් මුදල් නොගෙවන බවට තමිල්නාඩු රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ ය. ගතවු තුන් මාසය තුළ තමිල්නාඩුවේ දස දෙනකු ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට අනුකම්පා කර ගිනි තබාගෙන මළහ. තවත් තරුණයකු සිරුරෙ\ 95% කට පිළිස්සුම් තුවාල සිදුවීමෙන් පසු රෝහල්ගත කෙරිණ. තමිල්නාඩුවේ ජනයා ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නයේ මුලික හේතුව නොදනිති. ඔවුහු ප්‍රභාකරන්ට පකෂපාත දේශපාලන පකෂවල අතකොලුය. මෙවැනි දේශපාලන පකෂයක නායකයා වු වයිකෝ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් පණ නසා ගන්නා තමිල්නාඩු දෙමළ තරුණයන්ට ගෞරව නොකිරීම ගැන ප්‍රාන්තයේ මහ ඇමැති වු කරුණානිධිට දොස් කීවේය. පසුව මාර්තු 8 වැනිදා තමිල්නාඩුවේ පළවු දිනමලර් පත්‍රයේ වයිකෝ ගේ රුපය සහිත කාටුනයක් විය. තමිල්නාඩුවේ ණය බරින් මිරිකී සිටින දෙමළ පවුලක් වෙත යන වයිකෝ මෙසේ කියනු කාටුනයේ තිබේ. "ලංකාවේ දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් නුඹලාගෙන් එකෙක් ගිනි තබාගත්තොත් ණය බරින් නිදහස් වීමට තරම් ලොකු වන්දියක් ලබාගන්න පුළුවන්.

අනුර සොලමන්ස්
(දිවයින_09/03/27)

පසුවදන_පෙරකල මිනිසා ගින්නට දේවත්වය ආරෝපණය කළේ ය. ගිනි දෙවියන් පිදුවේ ය. ගිනිගෙඩි දීම ඇතැමුන්ගේ විනෝදාංශයයි. සමහරු ගිනිකති. කෙසේ වුව ද ඇතළත ගිනි පිටතට දීම ද පිට ගිනි ඇතුළට ගැනීම ද නුවණට හුරු නැත.

ඇවිළෙන ගින්නෙන් සුරුට්ටු පත්තු කිරීමට ඇතැමුන් සූරයෝ ය. එම ඉසව්වේ ලෝක සූරතාව දිනාගැනීමට තරඟයන් ඇත්නම් ඒ වයිකෝ සහ නැදුමාරන් අතර ය. අපේ රටේ විරුද්ධ පක්ෂය බලා ඉන්නේ කොටියා කොහේ හෝ ගින්නක් පත්තු කළ විට ඉන් සුරුට්ටු පත්තු කිරීමට ය.

දිය යටින් ගින්දර ගෙනයාමට ශ්‍රී ලංකාවේ ඇතැම් ද්වේෂ පාලකයෝ රුසියෝ ය. යකඩ ඇවිළුණු ගෙදර පුළුන් හොයන මානව හිමිකම් මුදලාලිලා දැන් වැහි වැහලා ය. ඒ අය කොටි පිනවීමට නිතර කියන්නේ ගින්නක් නැතිව දුමක් නොනඟින බව ය. එසේ කියා ඇවිළෙන ගින්නට පිදුරු දමන්නේ සිය ගතමනාව සොයාගැනීමට ය. ගින්න සදන සුළඟ ම එහි සතුරා වී ගිනි නිවන බැව් පැරණි අපදේශාත්මක කවියක කියවේ. ඒ කතාව ටිකක් ආනන්ද සංගරී මහතාට ද අදාළ ය.

කෙසේ වුව ද අඬුව තියාගෙන අත පුච්චගන්න එපා! කියා අපේ පැරැන්නෝ කියති. ඒ ගින්දරත් සමග සෙල්ලම් කිරීම භයානක බැවිනි. තව ටික දවසකින් ලක් වැසියන්ට හිතේ ගින්දරක් නැතිව ජීවත්විය හැකි ය. ඒ තිස් වසරක් තිස්සේ රට ගිනි තැබූ කොටි උවදුර අහවර වන හෙයිනි. එතෙක් බඩගින්න පමණක් නොව හැම ගින්නක් ම ඉවසාගෙන ඉන්නට රට වැසියෝ දැන් සුදානම් බව පෙනේ.

5 comments:

D W Buddika Premarathna said...

නියමයි.ඔහොම යං සහොදරයා.ඔබට මගෙන් සුබපැතුම්...!!!... ජය වේවා ....

පොතේ ගුරා said...

එළ මචං..හොද ලිපියක්!!

Wiz Kun said...

තිබ්බතීය හික්ශුව සිරුරට ගිනි තබා ගත්තේ නම් ආසාවකට නම් නොවන බව පැහැදිලියි. චීනය ටිබෙට් වැසියන්ට කරන

අකටයුතු කම් ගැන මේ ලියුම් කරු නොදන්නවා ඇති. ටිබෙට් ගැහැනුන් බලෙන් වඳ සැත්කම් කරන පාදඩ චීන හමුදා

ක්‍රියාකාරකම් ගැනත් නොදන්නවා ඇති. ටිබෙටය වෙනම රටක් ලෙස පැවත පසුව චීනයට යටත් වූවා යැයි කීමට බොහෝ

හේතු සාධක ඇත. වතිකානය ඉතාලිය තුල තිබුනත් වෙනම රටක් ලෙස සලකයි. ටිබෙටය චීනයෙන් පිටත තිබුනත් වෙනම

රටක් ලෙස නොසැලකීම චීනයේ උද්දච්ච කමත් බෞද්ධ විරෝධී කමත් විදහා පායි. චීනයේ මේ බෞද්ධ විරෝධී රැල්ල

ආරම්භ වුනේ 1943 චීනයේ බලයට පත් වූ මාවෝ සේදොං නම් සමාජ(අධිරාජ්ය)වාදී පාලකයාට චීනය බටහිරකරනය

කිරීමේ කැක්කුමක් තිබූ නිසාය.

මල සිරුරු ආදාහනය කරන්නේ හින්දූන් සහ බෞද්ධයින් පමනක් නොවේ. ග්‍රීක ජාතිකයින්, ජපන් ජාතිකයින් සහ

පේ‍රාතෙස්තන්ත ක්‍රිස්තියානීන් ද මල සිරුරු ආදාහනය කරති.

-බිன்ku- said...

මාමේ මෙතන කියන දෙයෙන් මට එකඟ වෙන්න බැරි දෙවල් තියෙනවා. චීනය සෑමවිටම ටිබෙටය තම රටක්යැයි කියනු ලබන්නේ පැහැදිලි සාධක නැතිවයි, චීනය තුලම හොයා ගත හැකිව තිබුණ සාක්ෂිත් චීනය විසින්ම විනාශ කර හමාරයි. ඒ බව මට ඔප්පු කරන්න තිබ්බ මේ ගැන විස්තර මා ලඟ තිබු කාලයේදි. මෙය ලිව් ලියුම්කරු කවුරුදැයි මා නොදත් නමුත් මට කියන්න ඇත්තේ මයත් දකින හිතන දේ එහෙන් මෙහෙන් අල්ලා ලියැවුණු එකක් බවයි.

සියල්ලම මේ යුද්ධයට අදාලව කතා කරන්නෙ මක් නිසාදැයි මට නො තේරුණත් මට එක දෙයක් පිලි ගන්නට බැරිය එහෙනම් සදහන් කාරණයයි. හමුදාව විසින් අල්ල ගන්නට තවත් සුළු ප්‍රමාණයක්යැයි කියා කියන නිසා එයට විරුද්ධ විමේ තේරුමක් නැති බැවින් ඒ ගැන මම හමුදාවට (හමුදාවට මිස යුද්ධය අයිතිමයක් කර ගත් දේශපාලකයන්ට නොව.) සුභ පතන ගමන් එසේ බිම් කඩ ඇල්ලිමෙන් පසු සිදු විය හැකි විනාශයන් ගැන කණගාටු වෙමි. ත්‍රස්තවාදය තිබෙන්නේ භුමියෙවත් තුවක්කුවෙත් නොව හිත් වලයි, මිනිහෙක් ඉපඩෙනකොට ඉපඩෙන්නේ තස්තවාදියෙක් වෙලා නෙමේ.(එසේ නොවෙන්නට හැකියාවක් ඇත්තේ සුනාමියෙ අවතැන් වු අයට වු හද්දිය ඉන් පසු සිදු නො වන්නේ නම්ද එදා මේ යුද්ධය ආරම්භ විමට සිදු වු කරුණු නැවත් නොවන්නෙ නම් පමණි.) මේ ගැන තවත් ලිවිමේ පලක් නැහැ, ලිව්වත් කිසිවෙක් මේ ගැන නො සිතනු ඇති.

නාමල් උඩලමත්ත said...

සියලු ප්‍රතිචාරවලට පිං. මගේ ප්‍රතිචාරය සටහන් නොවුණේ දින ගණනක් ගමට වී ගතකළ බැවිනි. මුල් ප්‍රතිචාර මා දිරිගන්වන සුළු ය. එහෙත් ඊට වඩා යමක් ලිවිය හැකි නම් අගෙයි නේද?

මෙම ලිපිය චීනයේ තිබ්බතයට එරෙහි ක්‍රියාපිළිවෙත සාධාරණීකරණය පිණිස ලියවුණක් නොවන බව තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි. අවසන් ප්‍රතිචාර දෙකේම ඒ අඩුපාඩුව ඇත.

මළ සිරුරු ආදාහනය ගැන වඩා හොඳ අරථකථනයක් දුන්නාට wiki kunට තුති.

-බිன்ku-,යුද්ධයට අදාළව අප ලියන්නේ විනෝදය පිණිස නොවේ. අප උපතේ සිට අත්විඳි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම අනීවාර්ය හෙයිනි. යුද්ධය කරන්නේ හමුදාව වුව ද ඊට නායකත්වය දෙන්නේ ඊට අවශ්‍ය සම්පත් ලබා දෙන්නේ, ඊට අදාළ තීරණගන්නේ දේශපාලන නායකත්වයයි. ත්‍රිවිධ හමුදා ප්‍රධානියා සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයා ය.

යුද්ධයෙන් පසු වන විනාශයක් ගැන නන්දොඩවන්නේ ඇයිදැයි මට නොතේරේ. දැන් නැගෙනහිර යුද්ධයෙන් පසු සිදුවී ඇති විනාශය කුමක් ද? තම ඔලුවට එන මනස්ගාත සමාජයට ආරෝපණය කළ යුතු නැත. යුද්ධය මිනිසාගේ උපදීයයි කියා ත්‍රස්තවාදයට කිරි පොවා පලක් නැත. ත්‍රස්තවාදය විනාශ කළ යුතු ය. ඉන් පසු ත්‍රස්තවාදය බිහිවනු වැළැක්වීමට ක්‍රියාමාර්ග ගත යුතු ය. රටේ සංවර්ධනය විධිමත් කළ යුතු ය. සම්පත් බෙදී යාම සාධාරණ කළ යුතු ය. සෑම රටක් ම හමුදාවක් නඩත්තු කරන්නේ රටේ ආරක්ෂාවට දෙස් විදෙස් තර්ජනයක් පැමිණි කල ක්‍රියාකිරීම සඳහා ය.

මේ රටේ ත්‍රස්තවාදය ඇති වුණේ යටත්විජිත සමයේ ඇති කළ ද්‍රවිඩ ජාතිවාදයේ ප්‍රතිඵල ලෙස ය. 1983 මෝඩ තක්කඩි යූඇන්පී ආණ්ඩුව අහිංසක ද්‍රවිඩ වැසියන්ට හිංසාකර රට අපායට ඇදගෙන ගියේ ය. කොටි ශක්තිමත් වූයේ ඒ නිසා ය. කෙසේ වුව ද දැන් කොටි කරදරය අවසන් වීමට ආසන්න ය. ඒ ගැන ඇතැමුන්ට ලොකු රුදාවක් ඇත. ඒ ගැන මම කිහිප විටක් ම ලියා ඇත.

 
සිය රට දේ සිරි සැප දේ !