Tuesday, December 20, 2016

බෝධිසත්ව ගුණෝපේත රනිල්තුමා...

රනිල්තුමා දාන පාරමිතාව පුරන මතු බුදු වන බෝධිසත්වයෙක් වෙන්න බැරිද? උන්නාන්සේ 2001 උතුර කොටියාට දොර දන් දීලා ඊළාම් දාන පාරමිතාව සපුරගන්න හැදුවා.

දෙව්දත් පරපුරේ ජහමන මාර සේනාව 29 පාරක් උන්නාන්‍ෙසේගේ දැහැන බිඳින්න හැදුවත් එතුමා නෙමෙයි ඊළාම් පාරමිතාව සපුර ගන්න ඇති මහ වීරිය අතෑරියේ.

2016 නැවත ඊළාම් පාරමිතාව පුරන්න වීරිය වඩන අතර දකුණේ හම්බන්තොට වරායයි අක්කර 15000යි චීනේට දන්දීලා චීන දාන පාරමිතාව පුරන්න වීරිය වඩනවා.

මට සිරිසඟබෝ රජතුමාත් මතක් වෙනවා. උන්නාන්සේගේ දාන පාරමිතාවට අකුල් හෙළලා අපි නිකං සසර දික්කරගන්නවා ඉතරද මන්දා..

ජනතාවගේ ඉඩම් ඇත්තේ උතුරේ විතරද?

උතුරු නැඟෙනහිර ආරක්ෂක මර්මස්ථාන අනාරක්ෂිත කරමින් හමුදා කඳවුරු එකපිට එක හකුළා ඒ ඉඩම් ජනතාවට බෙදාදුන් යහපාලන පාණ්ඩුව හම්බන්තොට අක්කර 15000ක් චීනාට විකුණන්නේ ඒවා ජනතාවලේ ඉඩම් නොවන නිසාද? ඒවා කුරුඳුවත්තේ රනිල් හාමුගේ නින්දගමේ ඉඩම්ද? නැත්නම් සජිත් අප්පොගේ නින්දගමේ ඉඩම්ද? එසේත් නැත්නම් අමනවීරගේ ඉඩම්ද?

රටින් හාල් ගෙනැත් රට ස්වයංපෝෂිත කරයි

යහපාලන ආණ්ඩුව මත්තල වී ගබඩාවක් කරලා මුලපිරුවේ රට ස්වයංපෝෂිත කරන්න කියලා එදා මෝඩ බයියලාට තේරුණේ නැහැ. පුලතිසි ගොවි පුතා හෙට අනිත්දා හාල් මෙට්‍රික් ටොන් 10000ක්ම රටින් ගෙනැත් රට ස්වයංපෝෂිත කරනවා.

බලපල්ලා කුරුඳුවත්තේ හාමු දුරදිග දැකලා මත්තල වී ගබඩාවක් හැදුවෙි නැත්නම් කොහේද හාල් ගබඩා කරන්නේ කියලා. එහෙම වුණා නම් හැමදාම උදේට ඉන්දියාවට, පාකිස්තානෙට මල්ල අරන් ගිහින් දවසට සෑහෙන්න හාල් ගෙනැත් තමයි රට ස්වයංපෝෂිත කරන්න වෙන්නේ.

දැන්වත් වළෙං ගොඩට අැවිත් හිටං ලෝකය දිහෑ බලපල්ලා. වහල් මානසිකත්වයෙන් මිදියල්ලා. මැදමුලනේ මහ බයියාට වඩා හොඳට රට කරන්න පුළුවන් අය ඉන්න බව තේරුම් ගනිල්ලා.

කෝටිපති නැව්පති සෙනරත් සිටාණෝ

එතුමා මැදමුලනේ මරා මෙන් උපතින් ම හිඟන්නකු නොව පරම්පරාවෙන් ම ධන කුවේරයෙකි. නැව් හිමියෙකි. මී කුණක් විකුණා ලද තුට්ටුවෙන් සාර මසක් තුළ රන් මසු ලක්ෂ දෙකක් උපයා ගෙන පොහොසතෙකු වූ චුල්ල සිටාණෝ මෙතුමාගේ පරපුරේ ඉතිහාසගත ලේඛනවල සඳහන් වන ආදිතම මුත්තනුවෝ ය.

"යාල්පාන වෛපව මාලෙයි" නම් දෙමළ කෘතිය අනුව වසර දහස් ගණනකට පෙර පටන් එතුමාගේ මුතුන් මිත්තෝ නැව් හිමියෝ ය. සයුර(=නා)ට මැණික(=රත්න)ක් වැනි (=සේ) යන පද ගලපා "සෙනරත්" හෙවත් "සේනාරත්න" නමැති නම්බු නාමය එතුමාගේ ආදිතම මුත්තනුවන් කෙනෙකුට පිරිනමා ඇත්තේ මහා භාරතයේ රාම රජුගේ පියා වන දශරථ රජතුමා ය.

ක්‍රිස්තු උපතට ද පෙර සිට සප්ත මහා සාගරයේ ම නාවික බලය හෙබවූයේ එතුමාගේ පරපුරේ මුත්තනුවෝ ය. ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසේ ගජබා රජුගේ පියා වූ වංකනාසික තිස්ස රජ දවස මෙරටට පැමිණ සිංහලයින් 12 000ක් කුදලා ගෙන යාමට සොළී කරිකාල් රජුට නැව් ලබා දුන්නේ එතුමාගේ කිරි කෑ මුත්තා ය.
 
සිය රට දේ සිරි සැප දේ !