Tuesday, June 30, 2009

ජාත්‍යන්තර සංවිධානවලට මෙරට ජාතික ආරක්‌ෂාවට මැදිහත්වීමට ඉඩ දිය යුතුද?

2002 සටන් විරාම ගිවිසුමක්‌ සමගම ජාත්‍යන්තර සංවිධානවලට ඉවක්‌ බවක්‌ නැතිව මෙරට ස්‌ථානගතවීමට ඉඩ ලැබුනි. නෝවිජියානු ස්‌විස්‌ - ස්‌විඩන්, ඩෙන්මාර්ක්‌ සහ ප්‍රංශ සංවිධාන රැසක්‌ කිලිනොච්චිය හා මුලතිව් හි ස්‌ථානගතවී අබිරහස්‌ ක්‍රියාදාමයන්හි නිරත විය.

එවකට මේ සංවිධානවල කිසිදු වාහනයක්‌ පරීක්‌ෂාවට ලක්‌වූයේ නැත. එහෙත් මෙකී සංවිධාන ක්‍රියාත්මක වූයේ කෙසේදැයි දැන් අනාවරනය වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීහු ආගමන හා විගමන බලධාරින් වෙත මෙකී ජාත්‍යන්තර සංවිධානවල අනන්‍යතාවය විමර්ශනය නොකර නිර්දේශ කිරීමේ පිලිවෙත බිඳ වැටුනේ ආරක්‌ෂක බලධාරින් වෙත රහස්‌ තොරතුරු රැසක්‌ වාර්තා වීමෙනි.

ඇතැම් අවස්‌ථාවල විදේශ සහන සේවකයන් යයි හඳුන්වාගත් විදේශිකයන්ට ආගමන විගමන බලධාරිහු වීසා බලපත් දීම ප්‍රතික්‌ෂේප කළ විට කොළඹ ජාත්‍යන්තර සංවිධාන ජාලයේ සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයෝ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වූහ.

මෙහිදී තීරණය වූයේ කොටි ත්‍රස්‌තවාදීන් ලවා ආගමන විගමන බලධාරින්ට තර්ජනය කරවීමයි. මෙහි සැලසුමද ආරක්‌ෂක අමාත්‍යංශ බලධාරින්ට අනාවරණය විය.

මේ නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ඉතා බලවත් ලෙස ක්‍රියා කළ දෙස්‌ විදෙස්‌ එන්. ජී. ඕ. ජාලයේ බලය ඇද වැටිනි.

මෑතකදී ආරක්‌ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය ගැන විමර්ශනය කළ අපරාධ විමර්ශන නිලධාරිහු කිලිනොච්චියේ ස්‌ථානයකුත් ජාත්‍යන්තර සංවිධායක රියදුරු හා තාක්‌ෂණ නිලධාරියා විසින් එකී ඝාතනය මෙහෙයවීම සඳහා බෝම්බය ගෙනවිත් ඇතැයි සොයා ගත්හ.

මේ බෝම්බය ගෙනවිත් තිබුනේ එකී ජාත්‍යන්තර සංවිධානයේ වාහනයෙනි.

මෙකී වාහනය පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස එම ජාත්‍යන්තර සංවිධානයේ නේවාසික නියෝජිතයා වෙත පොලිසිය කියා සිටියත් ඔහු ඊට එකඟවී නැත.

මේ සතියේදී තවත් සිද්ධියක්‌ වාර්තා විය. ඒ ජනාධිපතිවරයාව ඝාතනය කිරීම සඳහා විදේශිකයන් දෙදෙනකු හා කොටි ත්‍රස්‌තයන් තිදෙනකු උත්සාහ කිරීමයි.

මේ විදේශිකයන් දෙදෙනා බලගතු රටවල සංවිධානවල සහ එහි සේවකයන් මෙන් පෙනී සිටි අයයි. අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් දෙදෙනකු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධාන දෙකක රියදුරන්ය.

මොවුන් එකී සංවිධානවලට අයත් වාහනවල ඉන්ධන ටැංකියේ සඟවා බෝම්බ ගෙනවිත් ඇතැයි හෙළිවිය.

මෙම සිදුවීම්වලින් සනාථ වන්නේ රටේ ජාතික ආරක්‌ෂාවට එරෙහිව ත්‍රස්‌තවාදී හමුදාවලට විදේශීය සංවිධාන සෘජුවම සම්බන්ධ වී ඇති බවයි.

මෙරටේ ඇතිවී තිබෙන මෙකී තත්වයට මූලික හේතුව ජාත්‍යන්තර සංවිධානවලට සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමයි.

මෙය පුදුමයක්‌ නොවේ. ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ හමුදාවන් කැඳවිය හැකි R 2p නැමැති එක්‌සත් ජාතින්ගේ පිලිවෙත ක්‍රියාත්මක කළයුතු යයි කියා සිටි කොළඹ කින්සි පාරේ පිහිටි වාර්ගික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානි රාමා මානිගේ පරීගණකය රහස්‌ පොලිසිය විසින් විමර්ශනය කිරිම ගැනද කොළඹ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම එරෙහි විය.

සෝආ නමැති සංවිධානයේ සහන සේවකයකුවු පෝටා නමැත්තා කොටින් සමග එක්‌ව ක්‍රියාකරන බව පැවසීමත් සමගම ආරක්‌ෂක බලධාරීහු දැඩි පියවරක්‌ ගැනීම නිසා ඔහුට විගස කොළඹට ඒමට සිදුවිය.

දැන් එන. ජී. ඕ. ක්‍රියාකාරිහු මැතිවරණය වාර්තා කිරීම මුවාවෙන් උතුරට යාමට දැඩි උත්සාහයක්‌ ගනී. මේ කුමක්‌ සඳහා ද? කොටි සමුල ඝාතනය වුවත් එන්. ජී. ඕ. අවතාර කොළඹ සිටින බව පැහැදිලිය. මොවුහු මේ වනවිට තම දෙවැනි අබිරහස්‌ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටී.

ඝාතක ප්‍රභාකරන්ටත් වඩා බරපතල තත්ත්වයකට පත්ව ඇත්තේ මේ එන්. ජී. ඕ. නවයයි.

ආරක්‌ෂක හමුදා බලධාරිහු එන්. ජී. ඕ. ක්‍රියාකාරින්ට උතුරට යැම තහනම් කර තිබියදි මැතිවරණය ගැන විමර්ශනය කිරීමට යයි කියමින් උතුරේ සැරිසැරිමට එන්. ජී. ඕ. ද්‍රෝහින් උත්සාහ කරන්නේ මන්ද යන්න පැහැදිලිය.

මෑතකදී කොටි හිතවාදි ද්‍රවිඩ දේශපාලනඥයෙක්‌ ප්‍රකාශයක්‌ කරමින් ආරක්‌ෂක හමුදාව උතුරේ කඳවුරු පිහිටුවන බවත් මෙය නිරික්‌ෂණයට ලක්‌කළ යුතු බවත් කියා සිටියේය.

මේ නිසා මැතිවරණය නිරික්‌ෂණය කිරීමේ මුවාවෙන් එන්. ජී. ඕ. ක්‍රියාකාරිහු උතුරට යෑමට උත්සාහ කරන්නේ උතුර මුළුමනින්ම හමුදා යාන්ත්‍රණයට නතුවි ඇති බවට ඡායාරූප ගෙන ලොව පුරා විකාශනය කිරීමයි.

මේ තත්ත්වය මත ආරක්‌ෂක බලධාරීහු මෙරට එන්. ජී. ඕ. වලට කිසිසේත් උතුරේ සබඳතා ප්‍රචාර මෙහෙයවිම සඳහා උතුරට යාමට ඉඩ නොදිය යුතුය.

මේ ඉල්ලීම් යොමු කරන පාර්ශ්වයන්ගේ අතීතයද බුද්ධි අංශ දනී. උතුරට යැමට අවසර ඉල්ලන්නේ කොටි ස්‌වයංපාලනය පිලි ගත යුතු බවට කොටින්ට සටන් කිරීමට අයිතියක්‌ ඇති බවට ප්‍රකාශ කළ කණ්‌ඩායම්ය.

මේ නිසා එන්. ජී. ඕ. පාර්ශ්වයන්ගේ රහස්‌ න්‍යාය පත්‍රය ආරක්‌ෂක බලධාරීහු හඳුනා ගත යුතුව ඇත.

ආරක්‌ෂක ලේකම් හා ජනාධිපතිවරයාව ඝාතනය කිරීම සඳහා එන්. ජී. ඕ. ක්‍රියාකාරින්ගේ සහය ලැබී ඇති බව පරීක්‌ෂණවලින් හෙළිවී තිබියදි ලබාගත් රණවිරු ජයග්‍රහණය අවමානයට පත් කිරිම සඳහා විදේශ අරමුදල් මත යෑපෙන්නට ඉඩදිය යුතුද?

ආරක්‌ෂක හමුදාව මගින් සොයාගත් කන්ටේනර් අති විශාල තොගයෙන්ද චන්ද්‍රිකා දුරකතන හා සිම් කාඩ්වලින් විදුලි ජනක යන්ත්‍ර වෙනස්‌ උපාංග වලින්ද කොටින්ට පෝෂණය කළේ මෙරට ජනතාව නොව ස්‌වෙච්ඡා සංවිධාන බව තහවුරු විය.

මේ ජාත්‍යන්තර සංවිධාන හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන් මෙරට ජාතික ආරක්‌ෂාවට කොතරම් තර්ජනයක්‌ එල්ල කළාද කිවහොත් තම වාහන පවා කොටින්ට ලබා දී තිබුණි.

එසේම ජර්මානු බර්ග්හොෆ් සංවිධානය විසින් හමුදාව නිරාවරණය කිරීමේ රහස්‌ සැලැස්‌මක්‌ දියත් කර තිබූ බව අනාවරණය විය.

උතුරේ අධි ආරක්‌ෂක කලාප ඉවත් කිරීම සඳහා නිර්දේශ කිරීමට දකුණු අප්‍රිකානු හා නයිජිරියානු නිලධාරින් දෙදෙනකුද මෙරටට කැඳවීමට එකී සංවිධානය ක්‍රියාකර තිබුණි.

මේ රටේ ජනතාවට මේ අබිරහස්‌ සැලසුම් වාර්තා වූයේ නැත. එසේම මෙරට එන්. ජි. ඕ. සංවිධානයක ප්‍රධානියෙක්‌ ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තියට සමානව කොටි හමුදාවද ශක්‌තිමත් විය යුතු බවත් එවිට සාම සාකච්ඡා පැවැත්වීමට හැකි බවත් පවසා තිබුණි.

කොළඹ මහල් නිවසක ක්‍රියාත්මක වූ දෙදෙනකුට පමණක්‌ සීමාවු තවත් එන්. ජී. ඕ. සංවිධානයත් මාධ්‍ය කණ්‌ඩායමක්‌ රැගෙන තමිල් සෙල්වන්ගේ පාමුලටද ගියේය.

රජය කොටින් සමග ස්‌විට්‌සර්ලන්තයේ සාම සාකච්ඡා කරද්දී තමන් එන්. ජී. ඕ. කණ්‌ඩායමක්‌ මෙරට කීප දෙනකු රැගෙන ස්‌විට්‌සර්ලන්තය බලා ගොස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීය.

එහෙත් එන්. ජී. ඕ. නෙŒ අබිරහස්‌ හෙළිවුයේ හමුදාව විසින් කිලිනොච්චිය හා මුලතිව් අල්ලා ගැනීමත් සමගය.

කොළඹ සිට කොටින්ට උපන් දින ශුභ පැතුම් කාඩ් යෑවූ පිරිස්‌ හා කොටි හඬ නැගුවත් කවුරුන් දැයි හෙළිවිය.

මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ගේ රහස්‌ තවදුරටත් අනාවරණය වූයේ කිලිනොච්චි සොලිඩාර් කාර්යාලයේ සේවය කළ ටිම් මාටින් නමැත්තා ලන්ඩන් නුවරදී ඊළම්වාදීන් සමග එක්‌වී කටයුතු කිරීමයි. මේ සතියේදී ස්‌විස්‌ සංවිධානය විසින් කොටින්ගේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව පිළිගෙන තිබේ.

ආරක්‌ෂක ලේකම් හා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධීන්වලින් ජාත්‍යන්තර සංවිධාන ක්‍රියාකාරින්ගේ කෙසේද යන්න පැහැදැලි වී ඇත.

ශ්‍රී ලංකා රජයට එරෙහිව වාර්තාවක්‌ සකස්‌ කළ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ඇනා නෙයිස්‌ටාට්‌ නමැත්තියව වවුනියාවට ගෙන ගියේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් වේ.

මෙම තත්ත්වය මත ප්‍රජාතන්ත්‍රවාදය සහ වචනයට මුවාවී උතුරේ මැතිවරණය නිරීක්‌ෂණය කිරීම මුවාවෙන් යාපන අර්ධද්වීපය වෙත යාමට උත්සාහ කරන එන්. ජී. ඕ. රහස්‌ න්‍යාපත්‍රවලට රජය කිසිසේත් අවකාශ නොදිය යුතුවේ.

ඉන්දුනිසියානු ජනාධිපති යුද් හොනෝ විසින් ජාත්‍යන්තර සංවිධාන පිළිබඳව දැඩි පිළිවෙතක්‌ අනුගමනය කර තිබිණි.

ඒ පිලිවෙත ශ්‍රී ලංකා ආරක්‌ෂක බලධාරින්ද පිළිපැදිය යුතුය.

කීර්ති වර්ණකුලසූරිය

(දිවයින_09/07/01)

පසුවදන_මෙරට ආරක්ෂාව අගය කළ දේශප්‍රේමී පිරිස් NGOකාරයින් සහ ජඩමාධ්‍යවේදීන් ගෙන යන ද්‍රෝහී ක්‍රියාදාමය අනාවරණය කළත් ඇතැම්හු ඒවා නෑසු කන්ව සිටියහ. ඇතැම් පතෝලකාරයින් ඒවා තලියේ කිඹුලන් දැකීමට සම කොට මර නින්දට වන්හ. අපේ හමුදා සටන් කළේ හුදු වැල්වැටිතුරෙයි මුහුදු කොල්ලකාරයින්ගෙන් සුසැදි කොටි සමග නොවන බව දැන් පැහැදිළිය. එහෙයින් දැන්වත් අපි මේ සතුරන් ගැන අවදියෙන් සිටිය යුතු නොවෙ ද?

Monday, June 29, 2009

ශ්‍රී ලංකාවට යන්න එපා (කුහකකමට වැඩි යමක්‌...)

සාමාන්‍යයෙන් මානසිකව නිරෝගී මිනිස්‌සු ආහාර අනුභව කරන අතරම වැසිකිළි නොයති. නිදාගන්නා අතර ස්‌නානය නොකරති. පොතක්‌ පතක්‌ කියවන අතර සුක්‌කානම හැසිරවීමට නොයති. දත් ගලවන අතරම ගීත ගායනා කිරීමට යන්නෝත් සිටිත්ද? දැලිපිහියකින් රැවුල බාන අතරම කොක්‌හඬලා සිනාසෙන්නෝත් සිටිත්ද?
මේවා අප හඳුන්වන්නේ පූර්ණ පරස්‌පර ක්‍රියා වශයෙනි. පූර්ණ පරස්‌පරව ක්‍රියාකිරීම සාමාන්‍ය උමතු රෝගයකත් නොව අධික උමතු රෝගයකම ලක්‍ෂණය වේ. සාමාන්‍යයෙන් මේ මට්‌ටමේ රෝගීනට නිදැල්ලේ හැසිරීමට අවකාශයක්‌ ලබානොදෙන අතර ඔවුන් දැඩි රැකවරණය සහිත රෝහල් වාට්‌ටුවකට සීමා කිරීම සිවිල් සමාජයේ සිරිත වේ.

අවාසනාවකට මෙන් පුද්ගලයන් සම්බන්ධයෙන් පවත්නා මෙම තත්ත්වය රාජ්‍යයක්‌ හෝ ආණ්‌ඩුවක්‌ සම්බන්ධයෙන් බලපවත්වන්නේ නැත. මෙයින් ගම්‍ය වන්නේ, මිනිසකු සතුව නොපැවතියත් ඕනෑම කාලයක ඕනෑම පිස්‌සුවක්‌ කෙළීමේ හැකියාව හැමවිටම ඕනෑම රාජ්‍යයක්‌ සතුව පවත්නා බව නොවේ. බටහිර රාජ්‍යයන් සතුව පවත්නා බවය. (භූගෝලීය වශයෙන් "බටහිර කැලෑසියට" අයත් නොවූවත්) ඇමරිකා එක්‌සත් ජනපද රාජ්‍යය සතුව පවත්නා බවය.

ත්‍රස්‌තවාදය විනාශ කිරීමට ප්‍රතිඥ දෙන අතරම, ඊට එරෙහිව ලෝක පරිමාන මහා යුද්ධයක්‌ අරඹා ඇතැයි ප්‍රකාශ කරන අතරම ත්‍රස්‌තවාදී සංවිධාන නිල වශයෙන් තහනම් කොට ඇති අතරම ත්‍රස්‌තවාදීනට නිදහසේ හැසිරීමට පෙළපාලි යැමට, අරමුදල් රැස්‌කිරීමට ඇමරිකා එක්‌සත් ජනපද රාජ්‍යය ඉඩකඩ ලබා දෙයි.
ත්‍රස්‌තවාදය පණ අදිමින් සිටින විට ඊට මිනී පෙට්‌ටියක්‌ සපයනවා වෙනුවට ඔක්‌සිජන් සිලින්ඩරයක්‌ සැපයීමට උත්සාහ කරයි.

මානව හිමිකම් කඩ කරන්නේ යෑයි ලෝකයේ අතනට මෙතනට හොට දමමින් බෙරිහන් දෙන අතර තෙමේ මානව හිමිකම් සුන්නත් දූලි කරයි. ඇෆ්ගනිස්‌ථානයේ පාකිස්‌තානයේ සිවිල් වැසියන්ට සෘජුවම ප්‍රහාර එල්ල කරයි. (පසුව ඒ ගැන කණගාටුව පළ කරයි) තම සගයා වන ඊශ්‍රායලය ගාසා තීරයේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරන විට එය නොදුටුවාක්‌ මෙන් චීන මහා ප්‍රාකාරයේ පඩිපේළි ගණන් කරයි.

ත්‍රස්‌තවාදය න්‍යායෙන් නොව භාවිතයෙන්ම අවසන් කළ රාජ්‍යයක්‌ පිළිබඳ තම ජනතාවගේ ගෞරවය පුද කරනු වෙනුවට ඊට රවයි. ඇනුම්පද කියයි. ඇස්‌වහ කටවහ දමයි. "අම්මෝ" මූත් ඒක කළානේයි හූල්ලයි.
ඒ කිසිවකිනුත් ඒ කුඩා රාජ්‍යය මර්දනය කළ නොහැකි බව වටහාගත් කල වැඩිය ඒ පැත්තෙ යන්න එපා යෑයි තම ජනතාවට කියයි.

ශ්‍රී ලංකාවේ තවදුරටත් පවතින අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් ඇමරිකානු සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අනතුරුදායක යෑයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සංචාරක උපදේශන මාලාවක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයත් එහි නායකයාත් අතුගෑවී ගිය පසුගිය මැයි 18 දාට පෙර කිනම් හෝ දිනයක එබඳු ප්‍රකාශයක්‌ නොකළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැන් මේ නිකුත් කරන ප්‍රකාශය අපට එකවරම ඔක්‌කාරයකුත් සැකයකුත් මතුකරන්නේය.

ඔක්‌කාරය නම් ලෝකයේ කිසිදිනෙක දැකගත නොහැකි කුහකකමක්‌ වෙනුවෙන් උපදින්නකි. සැකය නම් ත්‍රස්‌තවාදය අවසන් කළාට පසු ශ්‍රී ලංකාව තුළ අවදානම් තත්ත්වයක්‌ ඇතැයි ඇමරිකාව තුළ පවත්නා "අමුතු දැනීමය"ත්‍රස්‌තවාදය මුළුමනින්ම පරාජය වූ පසු ත්‍රස්‌තවාදයේ මාමලා, බෑනලා නැන්දලා සහ මස්‌සිනාලා එකතුව වෙනම පෙරමුණක්‌ දැන් ගොඩනඟමින් සිටින බව නම් රහසක්‌ නොවේ.

ජනහද බැඳගත් ජනාධිපතිවරයාත්, ආරක්‍ෂක ලේකම්වරයාත්, ත්‍රිවිධ හමුදාපතිවරුනුත් අපකීර්තියට ලක්‌කෙරෙන ප්‍රකාශ දේශීය සහ විදේශීය වශයෙන් දිගට හරහට නිකුත් කෙරෙමින් පවතින්නේ ඒ නිසාය.
රට මුදාගත් ඒ විශිෂ්ට මිනිසුන් පමණක්‌ නොව ඔවුන් සමග රට වෙනුවෙන් එක පෙළට සිටි දේශපාලනඥයන්, විද්වතුන්, කලාකරුවන් අපකීර්තියට පත් කෙරෙන වැඩපිළිවෙළක්‌ ද දැන් සූදානම් කෙරෙමින් පවතින බව අපට සැලය.

ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු ජනතාව එබඳු කුමන්ත්‍රණයකට යළිත් ඉඩකඩක්‌ නොතබන බවට අපට සැකයක්‌ නැත.

ඇමරිකා එක්‌සත් ජනපදය මේ සාමකාමී ශ්‍රී ලංකාව දෙස බලමින් ඇමරිකානු සංචාරකයනට අනතුරු අඟවන්නේ අන්න ඒ ජඩ කුමන්ත්‍රණය ගැන නම් ඒ ගැන වඩ වඩාත් සොයා බැලීම ශ්‍රී ලංකා රජයේ වගකීමය.එසේ නැතුව එය ඇමරිකාවේ හුදු කුහකකම පමණක්‌ම නම් ඒ පිළිබඳ ලෝකයටම ඇසෙන්නට සිනාසීම ශ්‍රී ලංකා රජයේ යුතුකමය.
(දිවයින_09/06/30)

පසුවදන_ලංකාව තිස් වසරක යුද්ධයකට මැදිව ඔත්පලව සිටියදී අපේ රටට නොයැන්නැයි විවිධ රටවල ආණ්ඩු අනතුරු ඇඟවූහ. එය අපට ආවාසි සහගත වුව ද සිය රට වැසියා ගැන වගකීමක් ඇති රජයකට එය නොකළ හැක්කකි. සිය කුහක දේශපාලන අරමුණු වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන මෙරට ජඩයෝ අහිනක් ද ඊට උල්පන්දම් දුන්හ. එහෙත් ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ පසු පෙරකී රටවල් ද කළ යුත්තේ සිය අනතුරු ඇඟවීම් ඉවක්කර ගැනීම ය. එහෙත් ඇමරිකාව සිය කුහකවත නැවත ප්‍රදර්ශනය කරමින් එහි ප්‍රතිවිරුද්ධ දේ කර තිබේ. අපි මේ මිතුරු වෙසින් සිටින හතුරා ගැන අවදියෙන් සිටිය යුතුය. විශේෂයෙන් අපේ රටේ විරුද්ධ පක්ෂ නායකතුමා මිතුරන් යැයි කියන්නේ මෙවැනි රටේ හතුරන්ට බව අමකත නොකළ යුතුය.

ඒ අතර ඇමරිකාවේ පදිංචියට එන්නැයි බේබි 81 නම් සුනාමියෙන් දිවි ගලවාගත් දරුවාට කරන ලද ආරාධනය ජෙයරාජා යුවළ ප්‍රතික්ෂේප කරතිබේ. සිය මව්බිම සහ සහෝදර ජනතාව ගැන මේ ද්‍රවිඩ යුවළ තැබූ විශ්වාසයට අපි ආචාර කරමු. ඉන් පැහැදිළි වන ප්‍රමුඛ සත්‍ය නම් මේ රටේ සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව සෙසු ජාතීන් සමග ජීවත්වීමට කැමති බවය. ෆෙඩරල්, බලය බෙදීම ආදී සියල්ල ඉහළ පැලැන්තියේ ටයි කෝට් මහත්වරු ඉල්ලා සිටින දේ බවය.

Sunday, June 28, 2009

නිදහස තෙවරක්‌ නිදහස්‌ සටන් දෙකක්‌

(ශ්‍රී ලංකා මාතෘ භුමිය නිදහස්‌ සටන් දෙකක්‌ද කරමින් වසර 61 ක්‌ ඇතුළත තෙවරක්‌ නිදහස්‌ කර ගත් දිවයිනකි)

ක්‍රි.පු. 543 පටන් එක දිගට වසර 2357 ක්‌ තිස්‌සේ අනභිභවනීයව පැවැති ශ්‍රී ලංකා මාතෘ භූමිය 1815 මාර්තු 2 වැනිදා අත්සන් කෙරුණු උඩරට ගිවිසුමත් සමගම, බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ බවට පත්වූ අතර සමස්‌ත ජාතිය ද ඒ හා සමගම යටත් ජාතියක්‌ බවට පත් විය. නිදහස්‌ සටනක්‌ ආරම්භ වූයේ, උඩරට ගිවිසුම ප්‍රකාර ඉංග්‍රීසින් ක්‍රියා නොකළ නිසාය.

රටත්, ජාතිය හා ආගමත් පර සුද්දන්ගෙන් ගලවා ගැනීම සඳහා සංඝරත්නයද පෙරටු කොට ගෙන සිංහල ජන ප්‍රධානීන් එක්‌ව ප්‍රධාන කැරලි තුනක්‌ සිදු කළ අතර සිංහලේ මහ කැරැල්ල හැටියට ප්‍රසිද්ධ 1817-18 ඌව - වෙල්ලස්‌ස කැරැල්ල ඉන් පළමු වැන්නය. එහි නායකත්වය ගත්තේ මොනරවිල කැප්පෙටිපොළ හා ඇහැලෙපොල අධිකාරම්වරුන්ය.

උඩරට ධාන්‍යගාරය, මෙන් පැවැති ඌව- වෙල්ලස්‌ස ප්‍රදේශය, කැරැල්ල මැඬලන්න ඉංග්‍රීසි පාලකයන් ගත් ක්‍රියාමාර්ග නිසා අන්තිමේදී ජනශූන්‍ය නිසරු ප්‍රදේශයක්‌ බවට පත්විය. මාතලේට හා සත්කෝරළේට ද සිදුවූයේත් එවැන්නක්‌මය.

කහවත්තේ උන්නාන්සේගේ හා කොස්‌වත්තේ රටේ රාළගේ ද නායකත්වයෙන් ඊට පස්‌ වසරකට පමණ පසු 1823 දී තවත් කැරැල්ලක්‌ මාතලෙන් ඇරැඹුණු නමුත් එය එතරම් දුරට පැතිර නොගියේ කැරලි නායකයන් අත්අඩංගුවට ගැනීම නිසාය. ඊට පසුව 1834, 1842 වැනි කාලවලදී ද උඩරට ප්‍රදේශවාසීන් කැරලිවලට ලක ලෑස්‌ති වුණ නමුත් ඒවාටද වැට කඩලු බැඳිනි.

තෙවැනි කැරැල්ල වූ සුප්‍රකට මාතලේ කැරැල්ල ඉන් අනතුරුව 1848 දී පැනනැඟුණු අතර ඊට නායකත්වය දුන්නේ මහනුවර අභිනව රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ පෑලියගොඩ ඩේවිට්‌ හෙවත් ගොන්ගාලේගොඩ බණ්‌ඩාය. නුවර පාරේ පෑලියගොඩ පොලිසිය අසල ඇති ප්‍රතිමාව එම වීරයාගේ ප්‍රතිමාවය. සුද්දන් ගත් දරුණු ක්‍රියා මාර්ග නිසා, එම කැරැල්ල ද අසාර්ථ විය.

කැරැල්ලේ පුරෝගාමී හිමිනමක්‌ වූ කඩහපොළ හිමියන් ඇතුළු කීප දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමද බොහෝ පිරිසක්‌ හිර භාරයට ගැනීමද වෙහෙර විහාරස්‌ථානවල දේපළ රාජසන්තක කිරීමද ඇතුළු ක්‍රියා මාර්ග නිසා, කැරැල්ල අඩපණව ගියේය.

නිදහස දිනා ගැනීම සඳහා කෙරුණු මුල් සටන එම කැරලි තුන යෑයි කිව හැකිය.
මාතලේ කැරැල්ලෙන් පසු සිය වසක්‌ පමණ ගත වන තෙක්‌ යළි කැරලි හටගත් සෙයක්‌ දක්‌කට නැති නමුත් සුක්‌ෂම බුද්ධිය උපයෝගි කොට ගෙන, නිදහස දිනා ගැනීමට දේශ, ජාති හා ශාසන හිතෛෂීහු පියවර ගත්හ. මේ සඳහා ටිබෙට්‌ ජාතික ඇස්‌. මහින්ද හිමි, අමෙරිකානු ජාතික හෙන්රි ඕල්කට්‌තුමා වැනි විදේශිකයන්ගේ සහයෝගය ද ලැබුණු වග කිව යුතුයි.

කෙස්‌ ගහ පවා පිටරටවල මිනිසුන්නේ උස්‌ නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස්‌ ගෙඩි තියෙද්දීත් අපරට මිනිසුන්නේ ඇස්‌ ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ" යනුවෙන් මහින්ද හිමියන් ඒ කාලයේ දිනක ලියූ කවි ඊට කදිම නිදසුනකි.

ඒ වකවානුවේ ලෝක මහා සංග්‍රමය පැවැති හෙයින් බලධාරීන්ට අසු වුවහොත් අකරතැබ්බයක්‌ සිදු වේයෑයි සිතා යටත් විජිත මහලේකම්ට බාරදීම සඳහා නිදහසට අදාළ සංදේශයක්‌ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් බ්‍රිතාන්‍යයට ගෙන යන ලදැයි කියන්නේ සපත්තු අඩියේ සඟවා ගෙනය.
නිදහස ඉල්ලා අඛණ්‌ඩව හඬක්‌ නැඟුණු හෙයින්, බ්‍රිතාන්‍ය ජාතිකයන් මුලින්ම ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව පිහිටු වූ අතර දෙවනුව පිහිටුවූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවය.
ඩී. ඇස්‌. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ප්‍රථම කැබිනට්‌ මණ්‌ඩලය පිහිටුවන ලද්දේ නිදහස ප්‍රදානය කරන්න මාස හතරකට පමණ කලින් 1947 සැප්තැම්බර් 26 වැනිදාය.

යටත් විජිත තත්ත්වයට පත්ව වසර 133 කට පසු 1948 පෙබරවාරි 4 වැනිදා අපට නිදහස අත්විය.
නිදහස ලබා ගන්නා ලද්දේ, ජාතියේ පියා හැටියට සැලකෙන සේනානායක මහතා විසිනි. සේනානායක මහතා ලබාගත් නිදහස සැබවින්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලබාගත් පරිපූර්ණ නිදහසක්‌ නොව, නිදහසක්‌ පමණි.
බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා වශයෙන් අග්‍රාණ්‌ඩුකාරවරයකු එවක ක්‍රියා කළ අතර ත්‍රිවිඩ හමුදාව, තැපැල් සේවය, රේගුව ආදියේ නම්වලට මුලින්ම රාජකීය නාවික හමුදාව, රාජකීය තැපැල් සේවය ආදී වශයෙන් "රාජකීය කෑල්ල" යොදා තිබුණේ, කිරීටයේ ආධිපත්‍යය පවතින වග හඟවන්නටය. පාර්ලිමේන්තුව විවෘත කරන ලද්දේද කිරීටයේ නියෝජිතයා වූ ආග්‍රාණ්‌ඩුකාරවරයා විසිනි.

ආග්‍රාණ්‌ඩුකාරවරයා පාර්ලිමේන්තුව විවෘත කරමින් කරන කතාව හැඳින්වුණේ රාජාසන කතාව" හැටියටය. ජෝර්ඡ් රජුගේ හා එළිසබෙත් රැජිනගේද ඡායාරූප බොහෝ ස්‌ථානවල එල්ලා තිබෙණුද එවක දක්‌නට ලැබිණි.
නිදහස ලබාගැනීම සඳහා 1948 දී ලබාගත් නිදහස උපයෝගි කොට ගනිමින් 1972 මැයි 22 වැනිදා බ්‍රිතාන්‍ය කිරීටයෙන් පරිපූර්ණ නිදහස ලබා ගන්නා ලද්දේ, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිතිය විසිනි. එය දෙවැනිවරට ලබා ගත් නිදහසය.

"ලංකාව යන නමින් හැඳින්වුණු මාතෘ භූමිය "ශ්‍රී ලංකාව" යනුවෙන් හඳුන්වන්න පටන් ගත්තේ, එතෙක්‌ ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය සෝල්බරි, ව්‍යවස්‌ථාව පැත්තකට දමා අපේම ජනරජ ව්‍යවස්‌ථාව එදින ක්‍රියාත්මක කෙරුණායින් පසුවය.

එහෙත් 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන මහතා, මැතිනියගේ ව්‍යවස්‌ථාව වෙනුවට විධායක ජනාධිපතිවරයකු පත්කරගත හැකි වන අන්දමේ ව්‍යවස්‌ථාවක්‌ ක්‍රියාවට නැංවූ අතර ආර්ථික අභිලාෂයන් ඉටු කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවලද පැත්තට වැඩි නැඹුරුවක්‌ දක්‌වන්නද පටන් ගත්තේය.

එතුළින් ඉන්දියාවට අනතුරක්‌ සිදු වේ යෑයි සිතා එය මැඬලන්න එවක එරට අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවේ උතුර නැගෙනහිර කලහකාරි තරුණයන්ට හීන් නූලෙන් රුකුල් දුන් බවත් කියන්න බැරිකමක්‌ නැත. අවි ආයුධ පවා සැපයූ සෙයකි. ද්‍රවිඩ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් නමැති ම්ලේච්ඡ අමුතිරිසනා පවා එවක ඉන්දියාවේ කල්ගත කළ වග සැබෑය.

ඡේ.ආර්ගේ පාලන කාලයේ 1983 කළු ජූලියත් සමගම කොටි සංවිධානය කල එළියට ආ අතර නිය පොත්තෙන් කැඩිය හැකිව තිබුණු දෙය, අන්තිමේදී පොරොවෙන් කපන්නටවත් බැරි අන්දමට උග්‍ර අතට හැරිණි.
උතුර - නැගෙනහිර කඩා වෙන් කර ගෙන, වෙනම ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවා ගන්නා, අන්තිමේදී කොටි සංවිධානය බලගතු ප්‍රයත්නයක්‌ දැරුවේ බටහිර රටවල රුකුලද ලබා ගනිමිනි. එම සංවිධානයේ ජාත්‍යන්තර මූලස්‌ථානය පිහිටා තිබුණේ එංලන්තයේ ලන්ඩන්වල ය. අර්බුදය මැඬලන්න මැදිහත්කරුවකු වශයෙන් ඉදිරිපත් වූ නෝර්වේ රාජ්‍යය පමණක්‌ නොව රාජ්‍ය නොවන සංවිධානද එල්.ටී.ටී.ඊ.යට හීන් නූලෙන් රුකුල් දුන් වග නොකිවමනා ය.

රටවල් කීපයකට ගොස්‌ සාම සාකච්ඡා පැවැත්වූ නමුත් කිසිවක්‌ සාර්ථක වූයේ නැත. සාකච්ඡාවලට මුවා වී කොටි කළේ අවි ආයුධ එක්‌ රැස්‌ කිරීමටය.
අන්තිමට ඔවුන් කෙතරම් බලසම්පන්නව සිටියා ද කිවහොත් ගුවන් යානා, ගුවන් තොටුපළවල්, නැව්, සබ්මැරීන්, මල්ටිබැරල්, රොකට්‌ ලොන්චර්, මිසයිල පවා ඔවුන්ට තිබිණි.
එපමණක්‌ද? නැත. එල්.ටී.ටී.ඊ. උසාවි, පොලිසි, බැංකු ඉස්‌කෝල ආදියද ගුවන් විදුලි හා රූපවාහිනි මධ්‍යස්‌ථාන මෙන්ම වෙබ් අඩවිය ද පිහිටුවා ගෙන තිබිණි.

කිසිදිනක කොටි පරාජය කළ නොහැකි යෑයි දිවයින පුරා ප්‍රචාරයක්‌ද ගෙන ගොස්‌ තිබුණු අතර ඊනියා ඊළාම් රාජ්‍යයේ මායිම් ගම්මානද නම් කොට තිබිණි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී, 2002 පෙබරවාරි 23 වැනිදා කොටි නායක ප්‍රභාකරන් හා සමග සටන් විරාම ගිවිසුමක්‌ අත්සන් කළ අවස්‌ථාවේදී, ප්‍රභාකරන් ඊට අත්සන් තැබුවේ ඊළාම් රාජ්‍යයක දැවැන්ත සිතියමක්‌ පසුපසින් එල්ලාගෙනය.

උතුර නැගෙනහිර දෙපළාත සෙසු පළාත්වලින් වෙන් කෙරෙන පැළ ඉනි වැටක්‌ සිටුවීම වැනි දෙයක්‌ එම ගිවිසුමෙන් සිදු වූ අතර ගිවිසුම අත්සන් කොට දින කීපයකට පසු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් අන්තර් ස්‌වයං පාලන අධිකාරියක්‌ පිහිටු විය යුතුයෑයි යෝජනා කළේ එම වැටට කටුකම්බි ගැසීමට මෙනි. ඊට ඉඩ දුන්නා නම් මේ වන විට ඊනියා ඊළාමයේ අඩිතාලම දමා හමාරය.

ලංකාවෙන් තුනෙන් පංගුවක්‌ පමණ ඊළාමයට වෙන් කරගෙන තිබුණු අතර වයඹින් හලාවත ප්‍රදේශය දක්‌වාත් උතුරු පළාතත්, උතුරු මැද පළාතේ උතුරු කොටසේ තීරුවකුත්, නැගෙනහිර පළාතත්, ගිනිකොණින් යාල අභය භූමිය ආසන්නයට යන තුරුත් ඊළාම් සිතියමට ඇතුළත් කර ගෙන තිබිණි.

කෙසේ හෝ මේ වසරේදී ඊළාම් රාජ්‍ය පිහිටුවා ගැනීමට අදිටන් කරගෙන සිටි ඇල්ටීටීඊය වෙනම ජාතික කොඩියක්‌, ජාතික ගීයක්‌, ඊළාම් රාජ්‍ය ලාංඡනයක්‌ පවා සකසා ගෙන තිබුණු වග කීවොත් ඔබේ ඇස්‌ උඩ ඉන්දවෙනු ඇත. ඊළාමයේ ජාතික පුෂ්පය හැටියට විස සහිත නියඟලා මල යොදා ගැනීමෙන්ම ඔවුන්ගේ දුෂ්ට, ම්ලේච්ඡ ස්‌වභාවය ගැන සිතා ගත හැකිය. ඇටිකුකුළා ජාතික පක්‍ෂියා විය. ජාතික රුක්‍ෂය නුග ගස විය. දිවියා ජාතික සත්ත්වයාය. මේ අතර කොටි කාසි ද මුද්දරයක් ‌ද පොලිස්‌ රේගු ආදී ලාංඡන කීපයක් ‌ද සකසා ගෙන තිබුණු අතර හිට්‌ලර්ගේ අවතාරය වූ ප්‍රභාකරන් බලාගෙන සිටියේ ඊළාම් රාජ්‍යයේ රජු වන්නට ය.
දශක තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති ගැටුම්කාරී වාතාවරණය නිසා කොටි ත්‍රස්‌තයන් ද හමුදාවේ හා පොලීසියේ අය ද කිරි දරුවාගේ පටන් විවිධ තරාතිරමේ අයද පූජ්‍ය පක්‍ෂයේ අය ද ඇතුළු ලක්‍ෂයකගේ පමණ ජීවිතවලට හානි සිදු විය. රාජ්‍ය දේපළ ඇතුළු දේපළවලට සිදු වූ හානිය කෝටි දහස්‌ ගණනකි.

නිය පොත්තෙන් කඩා ගත හැකිව තිබුණු දෙය බැරෑරුම් වුණේ රට, ජාතිය, ආගමට සැබවින්ම ඇලුම් කළා පිට කොන්දක්‌ තිබුණු නායකයකු නොසිටි හෙයිනැයි කියන්න බැරිකමක්‌ නැත. ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට ද ක්‍රියාන්විතයෙහි යථා පරිදි යෙදීමට ඉඩ ප්‍රස්‌තාවක්‌ නොදුන් අතර කොටි ත්‍රස්‌තයෝ කීප අවස්‌ථාවකදීම සටන් බිමේ හමුදා කඳවුරුවලටද කඩාවැදී ප්‍රහාර එල්ල කළහ. එක්‌ අවස්‌ථාවක, ප්‍රභාකරන් කොටු කර ගන්න ඔන්න මෙන්න කියා තිබියදී ඉහළින් හා නියෝග නිසා එය වැළැකී ගියේය.

ගහන්ඩ ගහන්ඩ වඳින මිනිසා මෝඩයෙකැයි කියමනක්‌ ඇති අතර මාවිල්ආරු සොරොව්ව ම්ලේච්ඡත්වයට පෙන්නුම් කරමින් වසා දැමීම නිසා කොටි ඉල්ලා ගෙන කෑ වග නොකිවමනාය.
ගොවි පවුලකින් පැවතෙන සේනාධිනායක ජනාධිපති රාජපක්‌ෂ මහතා මානුෂීය මෙහෙයුමක්‌ අරඹන්නැයි ත්‍රිවිධ හමුදාවට හා පොලිසියටද නියමයක්‌ කළේ ඒ හා සමගමය. නියමය අනුව මෙහෙයුම 2006 ජුලි 26 වැනිදා අරඹා සොරොව්ව මුදාගෙන, ගොවීන් ඇතුළු ජනතාවට යළි දියවර සැපයූ බලඇණි කොටි හැතිකරය සුන්නත්දූලි කර දමන තෙක්‌ම එය දිගටම කරගෙන ගියේය. කොටින්ට හිතැති දේශීය හා විදේශීය බලවේග, මෙහෙයුම මැඬලන්න උත්සාහ දැරුව ද අසාර්ථක විය.

රට දෙකඩ කරන්නට ගිය කොටින්ට එරෙහිව කළ සටන, අපේ දෙවැනි නිදහස්‌ සටනයෑයි කිව හැකිය.
දෙකඩ වන්න ගිය මාතෘ භූමිය යළි එක්‌සේසත් කර ගන්නා ලද්දේ, ම්ලේච්ඡ කොටි සංවිධානයට කිසිදා අමතක නොවන මතක හිටින පාඩමක්‌ උගැන්වීමෙන් පසුවය. තෙවැනි වරට මවුබිම නිදහස්‌ කර ගන්නා ලද්දේ ඒ අවස්‌ථාවේදී ය.

විමල් වීරසේකර
(දිවයින_09/06/29)

පසුවදන-දෙවැනි නිදහස් සටන අප ජය ගතිමියි උදම්වන්නට තවත් කාලය ගත නොකළ යුතුය. අප සැබවින් ම ජයගත්තේ බෙදුම්වාදයේ ත්‍රස්ත පෙරමුණ පමණි. එහි දේශපාලන පෙරමුණ තවමත් සටනේය. ත්‍රස්තයින් මෙන් මේ සතුරා රට වැසියා වහා හදුනා නොගැනීම අවාසනාවකි. ඔවුන් අතර පිරිසක් සුදුය. පිරිසක් කළුය. පිරිසක් ආණ්ඩුවේය. පිරිසක් විපක්ෂයේය.පිරිසක් 4/1මාක්ස්වාදීහුය. පිරිසක් ස්ත්‍රිවාදීහුය. පිරිසක් NGOතාරයෝය. පිරිසක් මානව හිමිකම් ඔස්තාර්ලාය.පිරිසක් මාධ්‍යවේදීහුය. මේ අය බලය බෙදීම, ෆෙඩරල්කරණය ගැන දොඩවති. ද්‍රවිඩ ජනතාවට සිදුවූ ඓතිහාසික අසාධාරණයක් ගැන දොඩවති. සිංහල රාජ්‍ය භාෂාව කිරීම ආනන්තරිය පාපයකැයි උඩුබුරති. මේ ප්‍රජාතන්ත්‍රවාදී බෙදුම්වාදී පෙරමුණ ද පරදා මව්බිමේ ඒකීයත්වය සුරැකීමට සියලු දේශප්‍රේමී බලමුළු තවදුරටත් පෙළගැසිය යුතුය.

Friday, June 26, 2009

ජාතියට අහිමි කළ ආහාර රටාව නැවත ගොඩනගමු

ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය වසර 50,000 ක්‌ දක්‌වා ඈත අතීතය තෙක්‌ දිව යන බව පුරාවිද්‍යාත්මකව මේ වන විට තහවුරු වී තිබේ. එය ආසියාවේ ඉපැරණිම ස්‌ථානය බවටත් තීන්දු වී හමාරය. එම යුගයේ දී පවා විවිධාකාර ශිලා මෙවලම් පරිහරණය කර ඇති බවත් එම පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. ආචාර්ය ප්‍රේමතිලකයන් හෝර්ටන්තැන්න ආශ්‍රිතව සිදු කළ පර්යේෂණ වලදී ක්‍රි. පූ. 20,000 එපිටදී ධාන්‍ය වග_ හඳුනා ගෙන සිටි මානව සමාජයක්‌ අප රට තුළ සිටි බව තහවුරු වී ඇත. එය ඉන්දු නිම්න නාගරික ශිෂ්ටාචාරයට පවා තදබල අභියෝගයකි.

මෙතරම් දුරාතීතයේ සිට කිසියම් ආකාරයකට දඩයම් හා එෙŒර යුග ඉක්‌මවමින් දිවි ගෙවූ ජන කණ්‌ඩායම් අප රට වාසභූමි කොටගෙන ගොවිතැන් හඳුනා ගනිමින් සිටි බවට එම සාධක දෙස්‌ දෙයි. ක්‍රි. පූ. අට වැනි සියවස තුළ දී අනුරාධපුරයේ නගරයක්‌ තිබූ බවට අනාවරණය කළේ ආචාර්ය ශිරාන් දැරණියගල සූරීන් විසිනි. විජයාවතරණය වනවිට කුවේණිය කපු කටිමින් සිටි බවට මහාවංශ කතුවරයා කරන හෙළිදරව්වෙන් වුව තහවුරු වනුයේ ඒ. ක්‍රි. පූ. හය වැනි සියවස වනවිටදීත් ශිෂ්ටාචාරවත් වූ සමාජයක්‌ අප රට තුළ දිවි ගෙවූ බවය. ඒ වාගේ ම ගැටුම් සමථකරණයට සමත් අයකු වශයෙන් බුදුන්වහන්සේ හඳුනාගෙන සිටීම මගින් ද ඔප්පු කරනුයේ එම ශිෂ්ටාචාරයේ පවුරු පදනම්වල ශක්‌තිමත්භාවයයි.

එයටත් සියවස්‌ 20 කට වත් වඩා පෙරදී රාවණ, තාරක යුග පිළිබඳ පුරාවෘත්තගත කරුණු සේම, භෞතික දෑ ද කියා සිටිනුයේ අපගේ කෘෂි යුගය කෙතරම් දුරාතීතයකට නෑකම් කියන්නේද යන්නයි. හෙළ වෙදකමේ පුරෝගාමියා රාවණා රජු බවට පැරණි වෙද පරපුරුවල මතය වී ඇත්තේ ද රාවණයන් රචනය කළ බව කියන වෛද්‍ය ග්‍රන්ථ ගණනාවක්‌ ම පාදක කර ගනිමිනි.

හෙළයාගේ වෙදකම ගැන සඳහන් කිරීමට අප පෙළඹුණේ ද හෙළ ඖෂධ හා ආහාර අතර විශාල වෙනසක්‌ නොතිබුණු බවත් ප්‍රකට කාරණයක්‌ හෙයිනි. වසර දහස්‌ ගණනක්‌ කුඩා දිවයිනක්‌ තුළ කෘෂිකර්මය දායක කරගෙන නොනැසී පැවතීමට විශාල වශයෙන් දායක වී ඇත්තේ ද හෙළයාගේ මෙම සුවිශේෂ ආහාර රටාවම බවට විවාදයක්‌ නැත. ක්‍රි. ව. දහනව වැනි සියවසේදී තෝමස්‌ ස්‌කිනර් වැනි සුදු ජාතික වියතකු ශ්‍රී ලංකාව ආදම්ගේ උයනට සමාන කර ඇත්තේ ද මෙරට තුළ වගා කෙරුණු එළවළු, පළතුරු, අල, ධාන්‍ය හා වී වග_ සංඛ්‍යාවත්, මිහිමත පවතින සෑම සියලු දෙයම ඖෂධ වශයෙන් භාවිත කිරීමට සමත් හෙළ වෙදකමත් සැලකිල්ලට ගෙන බවට විවාදයක්‌ තිබිය නොහැකිය.

ශරීරයේ සෙම, පිත වාතය ඇතුළු සෙසු මූලිකාංග සමතුලිතව පවත්වා ගෙන යැමට සමත් ඖෂධීය ගුණයෙන් පිරිපුන් ආහාර රටාවක්‌ හෙළයා සමාජානුයෝජනයෙන් හෙවත් පරපුරෙන් පරපුරට රැකගෙන ඒමට සමත් වීම සිංහල ජන සමාජය මේ සා දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ නොනැසී පැවැතීමට ලබාදී ඇති දායකත්වය සුළුපටු නොවේ. රෝගයට පිළියම් කරනවාට වඩා රෝග නිවාරණයට ප්‍රමුඛත්වය දීමේ පිළිවෙතක්‌ අනුගමනය කිරීමට හෙළයාගේ ආහාර රටාවත්, ජීවන රටාවත්, සොබාදහම හා අනුගත වීමත් සෘජුවම බලපා තිබේ.

ක්‍රි. ව. 1505 දී ප්‍රථම යුරෝපීය ආක්‍රමණිකයාගේ සංක්‍රමණයේ සිට 1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට
"රැවටීම" දක්‌වාත්, අධිරාජ්‍යවාදී පාලන සමය තුළදී පවා අපගේ මුතුන්මිත්තන්ගේ ආහාර රටාව හෝ ජීවන රටාව වෙනස්‌ කිරීමට අසමත්වීම කියාපාන්නේ අපගේ මුතුන්මිත්තන් සේම, අපගේ මව් දෙමවුපියන්ගේ යුගය දක්‌වාම මාතෘභූමියටත් ජාතියටත්, ආගමටත්, අව්‍යාජව ආදරය කළ බවයි. අව්‍යාජ අභිමානයකින් යුතුව ජාතියේ බහුතරය දිවි ගෙවූ බවයි. එහෙත් අධිරාජ්‍යවාදී පාලන සමයේ සිට ම ඔවුන්ගේ තාන්න මාන්න, වරප්‍රසාද උදෙසා හෙළයාගේ වටිනාකම් පාවාදුන් පිරිසක්‌ සිටි බවත්, සුද්දාගේ අවශ්‍යතා ඔවුන්ටත් වඩා හොඳින් ඉටු කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත්තේද එම වරප්‍රසාදලාභී පිරිස්‌ විසින් ම බවත් නොරහසකි.

1815 සිට 1948 දක්‌වා වසර 133 ක්‌ රට පාලනය කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමත් වුවත්, අපගේ ජීවන රටාව, ආහාර රටාව, භාෂාව, හෙළ වෙදකම වනසාලීමට ඔවුන් සමත් නොවූ බව තර්කානුකූල සත්‍යයකි. පනහේ දශකය වන විටත් බටහිර වෙදකමේ ප්‍රතිකාර ලබාගැනීමට රෝහලකට යාම අගෞරවයක්‌ ලෙසට සැලකීමට අපගේ මවු පිය පරපුර පවා පෙළඹීම තුළින් ඔප්පු කරනුයේ අපගේ ජනතාව හෙළ වෙදකම කෙරෙහි තැබූ අචල විශ්වාසයත්, ඔවුන්ගේ නිරෝගීභාවයත් ය.

මේ සියල්ල උඩු යටිකුරු කිරීම ඇරඹෙනුයේ හැටේ දශකයේ මැද භාගයේ දී ඇමෙරිකා එක්‌සත් ජනපදය ලොවට හඳුන්වා දුන් හරිත විප්ලවය මගිනි. 1965 දී බලයට පත් බටහිර ගැති එක්‌සත් ජාතික පක්‍ෂ රජය සියවස්‌ සිය ගණනක්‌ මුළුල්ලේ අප අනුගමනය කළ කෘෂිකාර්මික පිළිවෙත් සියල්ල පාවාදෙමින් ඇමරිකානු හරිත විප්ලවයට අනුගත වූ වී වග_ අපගේ කුඹුරු වෙත ළඟා විණි. කෘෂිකර්ම නිලධාරීන් මැනිලා නුවර පුහුණුව ලබා ගොවි ජනයාට බලපෑම් කරමින් ඊට ගොදුරු කිරීම සිදු කළහ. ඒ අනුව ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට කෘෂි රසායන, කෘමි නාශක, රසායනික පොහොර අපගේ කුඹුරු වෙතට ළඟා වූයේ එම වී වග_ හා එම ද්‍රව්‍යය නිවුන් දරුවන් මෙන් වූ හෙයිනි. ඒ හා සමගම ට්‍රැක්‌ටරයත් කුඹුරට සේන්දු විනි. කුඹුරේ නියරේ පලා ටිකත්, ඇලේ මාළුවනුත්, ලස්‌සන, ජනහිතකාමී පරිසරයත් අපට අහිමි කෙරිණි. තෙල්, පොහොර, ට්‍රැක්‌ටර් කුලී සඳහා විශාල වැයක්‌ ගොවියාගේ පොකට්‌ටුවෙන් බටහිරට ගලා යැම ඇරඹිණි. ගොවියා ආර්ථික වශයෙන් බිඳී වැටීමත්, ගොවි නිෂ්පාදන වල රසය සේම ගුණයන් අහිමි වීම සිදු කෙරිණි.

1977 වර්ෂය අප රට වෙත ළඟා වනුයේ මෙවැනි පසුබිමක ය. විවෘත අර්ථ ක්‍රමය හෙවත් ලිබරල් අර්ථ ක්‍රමය ලොවට හඳුන්වා දුන් ඇමෙරිකා එක්‌සත් ජනපද රජයවත් සිදු නොකළ ආකාරයට අපගේ ආර්ථිකය ලොවට විවෘත කළේ මෙම තත්ත්වය තුළය. කෙළින් කටින් සිට ගැනීමට නොහැකිව සිටි අපගේ ගොවි ජනතාවත්, හස්‌ත කර්මාන්තකරුවනුත්, වනසාලීම ඇරඹෙනුයේ මේ ආකාරයට හඳුන්වා දුන් විවෘත අර්ථ ක්‍රමය තුළිනි. මෙරට ගොවියා වගා කළ දේත්, ඊට ආදේශකයනුත් හිතූ මතේ ආනයනය කරමින් මෙරට වෙළඳපොළ පුරවද්දී, ජනමාධ්‍ය තුළින් බටහිර ජීවන රටාවත්, ආහාර රටාවත් මෙරට තුළට හිතුමතේ රැගෙන ආවේ "නවීනත්වය" හෝ "නූතනත්වය" ලේබලයට මුවාවෙමිනි.

ඒ හා සමගම ආහාර ක්‍ෂේත්‍රයේ දී ගුණයට වඩා රසය හා විචාරයකින් තොරව නූතනත්වය වැළඳගත් තරුණ පරපුර හා විශේෂයෙන්ම නාගරිකව වධ_නය වීම ඇරඹුණු මධ්‍යම පංතිය ඊට යොමු විණි. සුපුරුදු පාරිසරික පහස ලත් ආහාර රටාවෙන් මිදී කෘතිම රසකාරකවලින් රස කළ "වස විස වන්" බටහිර ආහාර රටාවත්, කය වෙහෙසවීමෙන් තොර ජීවන රටාවත් ආදරයෙන් වැළැඳ ගත් මේ පරපුර දශක කීපයක්‌ ඇතුළත දීම රෝගී සමාජයක්‌ බවට පත් කිරීමට සමත් වූහ.

රෝග නිවාරණයට මුල් තැන දුන් ජීවන රටාවක්‌ හා ආහාර රටාවක්‌ අනුගමනය කරමින් වසර දහස්‌ ගණනක්‌ මුළුල්ලේ ලොව මවිත කළ විස්‌කම් දැක්‌ වූ අතිශයින් ම නිරෝගී ශක්‌තිමත්, බුද්ධිමත් ජාතියක්‌ රෝහල් පුරවන, වෛද්‍යවරුන් එන තෙක්‌ පෝලිම් ගැසී බලා සිටින, මීටර් සියයක්‌ පා ගමනින් යා නොහැකි, කැත්ත උදැල්ල ඇල්ලීම සිංහල කථා කිරීම, හෙළ වෙදකම් ගැනීම මහත් බාල්දුවක්‌, අගෞරවයක්‌ ලෙසට සිතන මතන ජාතියක්‌ බවට පත් කිරීමට මේ අපගේ සමාජ දේහයට හලා හළ විසක්‌ බඳු වූ විවෘත අර්ථ ක්‍රමය සමත් වී ඇත.

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යංශය මගින් "අපි වවමු රට නගමු" දේශීය ආහාර නිෂ්පාදනය හා පරිභෝජනයට දිරි දෙමු මැයෙන් ජාතික ආහාර සතියක්‌ ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනුයේ මෙවැනි අඳුරේ අත පත ගානවාට වඩා ඉටි පන්දමක්‌ හෝ දැල්වීම බුද්ධිගෝචර වන හෙයිනි.

නමුත් එම උත්සාහය යථාර්ථයක්‌ කරගැනීමට නම් මෙරට ජනයාගේ ජීවන රටාවත්, ආහාර රටාවත් උඩු යටිකුරු කළ සාධක අපගේ සමාජයෙන් පළවා හැරීමට අව්‍යාජ වූත්, යථාර්ථවාදී වූත් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ ඇරඹීම අත්‍යවශ්‍යය. දේශීය ආර්ථිකයක්‌ ගොඩනැඟීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය යථාර්ථයක්‌ කරගැනීමටත් එය අත්‍යවශ්‍යය. ඊට යෝග්‍යම වූත්, සවර්ණමය වූත් යුගය ද මෙය ම බව දේශමාමක ජාතික බලවේගයේ අපගේ විශ්වාසයයි.

ඌවතැන්නේ සුමන ස්‌ථිවිර

(දිවයින_09/06/27)

පසුවදන_අපි අද ඉතිහාසයේ සංධිස්ථානයකට පැමිණ සිටිමු. කලක් අන්ත දීන බටහිර ගැතියාවක ගිලී සිටී ජාතිය දැන් දැන් ස්වදේශීයත්වය අපේකම ගැන සිතන යුගයක අරුණලු දකිමින් තිබේ. අපි අපේ සම්ප්‍රදායේ සංස්කෘතියේ මුල් සොයා යා යුතුය. එහි හරය වර්තමානය කරා ගෙන ආ යුතුය. වර්තමාන අත්දැකීම් නමැති කෝවේ ලා එම දැනුම මුවහත් කළ යුතුය. ඒ මත දෙපා රඳවා ලෝකය දෙස බැලිය යුතුය.

අපේ මුතුන්මිත්තන් අපට දායාද කළ වසර දහස් ගණනක අත්දැකීමෙන් සුපෝෂිත එම දැනුම් පද්ධතියෙන් අබැටක් ලැබුවෙකු දීන ලෙස බටහිර අනුකරණය කරන්නේ නැත. මෝඩයින් ලෙස බටහිරින් ලැබෙන සියල්ල බුද්ධියෙන් නොවිමසා විසි කරන්නේ ද නැත. එකල්හි අපට තැඹිලි ගෙඩිය මත කකුල තබා කෝකාකෝලා බොන්නට සිතේවිද? ගෙරද කුඹුරේ හාල් ටික විකුණා පාන් කන්න සිතේවිද?

Thursday, June 25, 2009

හත්වලාමේ ඇයි මේ තේසවලාමේ

බෙදා පාලනය කිරීමේ වාසිය තකා ඉංග්‍රීසින් විසින් යාපනේ දෙමළ ජනයාට දෙන ලද විශේෂ වරප්‍රසාදයක් වන "තේසවලමේ" නීතිය ගැන දෑන් දෑන් වෙනත් ආර්ථ කථන සපයනු ලැබේ. යාපන අර්ධද්වීපයේ පාරම්පරික දෙමළ මිනිසුන් විසින් අනුගමනය කරන ලද සිරිත් විරිත් රුකීමට අවශ්‍ය නිසා පෘතුගීසින් විසින් අනුමත කර ලන්දේසින් 1707 සිට නැවත පණ ගන්වා පසුව ඉංග්‍රීසින් විසින් රටේප්‍රධාන නීතියට අමතරව මේ ප්‍රාදේශීය නීතියද දිගටම පවත්වාගෙන යෑම අනුමත කරන ලද බවත් එසේ කළේ යාපනේ දෙමළ ජනයාගේ පාරම්පරික අයිතීන් රුකීමට බවත් සමහරු පවසති. මේ අනුව මුස්ලිම් හා උඩරට විවාහ නීති ආදියත් පවත්වාගෙන යෑමට ඉංග්‍රීසින් විසින් අනුමැතිය දී ඇති බවත් එනිසා දෙමළ මිනිසුන්ට පමණක් දෙන ලද විශේෂ වරප්‍රසාදයක් වශයෙන් තේසවලමෙයි නීතිය නොසැලකිය යුතු බවත් ඔවුහු කියති.

තේසවලමෙහි නීතිය අනුව යාපනේ දෙමළ මිනිසුන්ගේ ඉඩමක් වෙනත් ජාතිකයෙකුට විකිණීමට පෙර තම ඥාතීන් වෙතින් විමසිය යුතු බවත් ඔවුන් මිලට නොගන්නේ නම් පමණක් වෙනත් ජාතිකයෙකුට විකිණිය හැකි බවත් විස්තර කරන ඔවුහු පිටස්තරයෙකුට විකිණීම සපුරා තහනම් නැති බව අවධාරණය කරමින් මෙය විශේෂ වරප්‍රසාදයක් නොවනබව පෙන්වීමට උත්සාහ කරති.

උඩරට හා මුස්ලිම් විවාහ නීති නිසා රටේභුමි අයිතිය සීමා වන්නේ නැත. ඒවා පෞද්ගලික කාරණා වේ. අද රටට ඇති ලොකුම ප්‍රශ්නය භුමි ප්‍රශ්නයයි. ත්‍රස්තවාදීන්ගේ අරමුණද භුමිය බෙදා ගැනීමයි.

ශ්‍රී ලංකාව හෙවත් "සිංහලේ" නිර්මාණය කර හදා වඩාගත් දෑනටත් 75% පමණ වන සිංහලයන්ට නැති භුමි අයිතියක් 12% වන පසුකාලීන සංක්‍රමණික ජනතාවකට ලබාදෙන ඕනෑම නීතියක් යමෙක් පැනවුයේ නම් එය මහ ජාතිය විනාශ කිරීමේ අධම චේතනාවෙන්ම කළ දෙයකියි නොපැකිළිවම කිව හැක.

තේසවලමෙහි නීතියේ වර්තමාන තත්ත්වය අප දෑන සිටියාටත් වඩා භයානක බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැක. සිවඥාණලිංගම් එදිරිව සුන්දරලිංගම් නඩුවට අදාළව 1988 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද තීන්දුවක් අනුව "තේසවලමේ" යනු පෞද්ගලික නීතියක් බවත් ලංකාවේ ඕනෑම තැනක සිටින යාපනේ දමිළ පුද්ගලයෙකුට මේ නීතිය උපයෝගී වන බවට නිර්වචනය වී ඇති බව පැවසේ. මේ අනුව එවන් පුද්ගයෙකුට අයිතිව වැල්ලවත්තේ ඇති යම් පාරම්පරික දේපළක් වේ නම් ඒ දේපළද මේ නීතියට යටත් වන බවට කර ඇති ප්‍රකාශ නොබෝදා කියවීමි.

මෙහි ඇති සාධාරණ අසාධාරණ බව විමසීමට පෙර අපි ඉතිහාසය දෙසට මඳක් හැරෙමු.

ආර්ය චක්‍රවර්තී නම් පාලකයන් විසින් කඩින් කඩ යාපන ප්‍රදේශය පාලනය කර ඇතත් ඔවුහු ජාවක හෙවත් කාලිංග දේශයෙන් පැමිණි අය මිස දෙමළ නොවේ. "විරෝදය ආර්ය" සමයේ මේ පළාතේ විසු සිංහලයන් ආක්‍රමණිකයාට විරුද්ධව කැරලි ගසා ඇත. දෙමළ පොතක් වන "යාල්පාන වෛපව මාලෙයි" අනුවද "කුලෝත්තුංග ආර්ය" සමයේ "පුංචි බණ්ඩාර"ගේ නායකත්වයෙන් සිංහලයෝ මේ ආක්‍රමණිකයාට විරුද්ධව සටන් වැදී ඇත. ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් සිංහල රජුගේ ආධාර උපකාර ඉක්මනින් ලබා ගැනීමේ අපහසුතාවට මුහුණ දුන් පළාත්වල සිංහලයෝ අසරණවී ඇතැම් විට පලා ගියහ. ඇතැම්හු ආක්‍රමණිකයාට යටත්වී උන්ගේ සමාජයටම අන්තර්ගත වුහ. මයිකල් බෑන්ක්ස්ට අනුව වර්තමාන "කොවියාර්" වංශිකයෝ එදා යටත්වු සිංහලයෝ වෙති. "ගොවියා" යන්න කොවියා යනුවෙන් දෙමළ වී ඇතැයිද මතයකි. සපුමල් කුමරු විසින් මේ ආක්‍රමණිකයන් නෙරපා හරින ලදී. රොබටි නොක්ස් පලා යන විට මේ පළාත්වල එවකට සිටි සිංහලේ රජුගේ නිලධාරීන්ගෙන් වසන්වීමට තමන් උත්සාහ ගත් බව කියා ඇත.

ඉංග්‍රීසි පාලන සමයේ පත් කළ කෝල්බෲක් කොමිසමේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන යාපනේ කලෙක්ටර්වරයා ප්‍රකාශ කර ඇත්තේ එවකට යාපනය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් නොමැති බවත් එනිසා සංගණනයක් ගැනීමට හැකියාවක් නැති බවත්ය. ඔහුට අනුව මේ මිනිසුන් බොහොමයක් මාළු අල්ලන්නන්, කුලීකරුවන් හා සංචාරකයෝ වෙති. වෙනත් පළාත්වල මෙන් ගොවිතැනින් විශාල ආදායමක් ලබා ගැනීමට මේ ප්‍රදේශයේදී නොහැකි නිසා ආදායම වැඩිකර ගැනීමේ මගක් ඉංග්‍රීසින්ට අවශ්‍ය විය. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වුයේ මේ වන විට මංමාවත් සැකසීම ආදී කුලී වැඩ සඳහා ඉන්දියාවෙන් ඉංග්‍රීසින් විසින් ගෙනඑන ලද කුලීකරුවන් මේ ප්‍රදේශවල පදිංචිකරවීම බව ඔවුහු අදහස් කළහ. එහෙත් එසේ පිදංචිකරවීමට නම් මේ පුද්ගලයන් සතුටු වෙන පරිදි හා සෑහීමට පත්වෙන පරිදි විශේෂ වරප්‍රසාද දිය යුතු විය. තේසවලමෙයි නීතියෙන් ඔවුන්ගේ දේපළවලට මෙසේ ආරකෂාව දෙන ලද්දේ එහෙයිනි. මේ ජනතාවට ඉංග්‍රීසි අධ්‍යාපනයක් දී ඔවුන් තමන්ගේ සුවච කීකරු සේවකයන් කර බහුතර සිංහලයාට ඉහළින් ඔසවා තැබීමෙන් සිංහලයා පාලනය කිරීම සඳහා තමන්ට මේ රටෙන්ම අතවැස්සන් තනා ගත හැකි බවද ඉංග්‍රීසීන්ට අවබෝධ විය. මේ අනුව යාපනය ප්‍රදේශයේ සුවිශේෂ ඉංග්‍රීසි පාසල් පද්ධතියක් අරඹන ලදී. කොළඹ හා වෙනත් සිංහල පළාත්වල සියලුම පාසල් සංඛ්‍යාව අභිබවා ගිය මේ පාසල් මගින් ඉංග්‍රීසීහු මේ කාර්යය ඉටුකර ගත්හ. හැම සිංහලයෙක්ම දන්නා මේ කරුණු පුන පුනා සංඛ්‍යා ලේඛන සමග දෑක්වීම අවශ්‍ය නොවේ. ඉංග්‍රීසින්ගෙන් මෙසේ ලැබු විශේෂ වරප්‍රසාද සමග වැජඹෙමින් හැමදාම සිංහලයාට ඉහළින් සිටීමේ මානසිකත්වයෙන් දෙමළ මිනිස්සු ආතුර වුහ. නැත්නම් සෝල්බරි සාමි පවා හිනැස්සු 50-50 ඉල්ලයිද? සමහර බංගලාවල ස්වාමියාට වඩා සේවකයා ඔළුව උදුම්මවා ගනී. නොසිතු ලෙස ලොතරුයි වාසනාව ලද ඇතැම් නුගතෙක් අනවශ්‍ය ලෙස පිම්බෙන්නට තැත්කර අමාරුවේ වැටෙන හැටිත් ලොවම හිනස්සන හැටිත් අප දෑක ඇත. අසා ඇත. මෙයද එවැන්නකි.

පිටු (7000) හත්දාහක පමණ වු කෝල්බෲක් වාර්තාවේ කිසි තැනක මේ කාලයේ මේ ප්‍රදේශයේ විසු ජනතාව දෙමළ ලෙස සඳහන් නොවන බවත් ඔවුන් ගැන සඳහන් කර ඇත්තේ "මලබාර්" වාසින් ලෙස බවත් සුරිය ගුණසේකර විසින් මීට වසර 20 කට පෙරද සඳහන් කර තිබුණි. නලින්ද සිල්වාගේ අනන්ත අප්‍රමාණ ලිපි ලේඛන මගින් සත්‍ය තත්ත්වය විස්තර කර ඇත. මලබාර් යනු කේරළයයි. තමිල්නාඩුව නොවේ. එසේ නම් වර්තමාන දෙමළ මිනිසුන්ට, සිංහලයන්ට නැති පාරම්පරික අයිතියක් කොයින්ද?

මේ නීතිය ඉවත් කිරීමට පිටකොන්දක් ඇති නායකයෙක් රටේපහළවී නැත. ඒ වෙනුවට කළේ 12% සුළු ජන වර්ගය 75% ක බහුතරයට සමවෙන ලෙස දෙමළ බසද රාජ්‍ය භාෂාව කිරීමය. වෙනත් අන්දමකින් පනහට පනහ දීමය. ඉන්දියාවේවත් රාජ්‍ය භාෂාව නොවු දෙමළ ලංකාවේ රාජ්‍ය භාෂාව කර දිවුරුම් පෙත්සම්වලට පුරවැසිකම්දී හමුදා භටයන් සිය ගණනින් සතුරාට පාවාදී හමුදා බුද්ධි අංශ විනාශ කර කෝටි ප්‍රකෝටි ගණනින් යුද්ධායුධ ගෙන්වීමට සතුරාට අවකාශ දෙමින් බටහිර බලවේගවලට දීන ලෙස ගැතිවු නායකයන් විසින් අපගේ දේශය පාවාදෙන ලදී.

සමහර පළාත්වල දේපළ පරම්පරාවට තබා ගැනීම සඳහා උපයෝගී කරගත් "වීර කොමිස" නමින් සාමාන්‍ය ජනයා විසින් හැඳින්වු නීතිය "ෆීලික්ස් ඩයස්" විසින් අවලංගු කරන ලදී. තේසවලමේ නීතියද අවලංගු කිරීමට ඔහුගත් උත්සාහය නිෂ්ඵල වුයේ මහ ජාතියේ නායකයන් හැමදාම බියගුල්ලන් වු නිසාය.

ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව සමසේ දෙමළ රාජ්‍ය භාෂාව කරන ලෙස කෑ නොගැසු අතළොස්සට රුදාව හැදුනේ 75% ක ජනතාවගේ නැතිවී ගිය අයිතිය ලබා ගැනීමට සිංහල රාජ්‍ය භාෂාව කළ විටය. 12% පමණ වු දෙමළ ජනයාගෙන් 11% පමණවු දුප්පත් දෙමළ ජනතාවට වඩාත් පහසු වන්නේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වඩා සිංහල ඉගෙන ගැනීමය. ඔවුන්ගේ අල, ලුණු මිලට ගන්නේ ඔවුන් ඇසුරු කරන්නේ සිංහලයන් මිස සුද්දන් නොවේ. කුළු පගව සිටිය යුත්තේ සිංහලයන් සමගය. එයට අවශ්‍ය සිංහල භාෂාවය. 1% පමණ වු ඉංග්‍රීසි ගැති දෙමළ ප්‍රභුන් යැයි කියාගත් සුළු පිරිසට ඉවසුම් නැතිව ගියේ සාමාන්‍ය දෙමළ ජනතාවට ඉන් හානියක් සිදුවු නිසා නොවේ. සිංහලයා සමග තිබු ද්වේෂය නිසාය. ඒ ද්වේෂය ඔවුන් තුළ ජනිත කළේ ඉංග්‍රීසින් විසිනි.

ඇමරිකාවේ සුදු මිනිසුන් 69.1% කි. හිස්පැනික් නම් මෙක්සිකානුන් 12.5% (2000 සංගණනය අනුව) එහෙත් ස්පාඤ්ඤ භාෂාවෙන් සරසවි මාධ්‍යයක් නැත. පුරවැසි විභාගයක්වත් ස්පාඤ්ඤ භාෂාවෙන් නැත. ඉතිහාසය ප්‍රශ්නවලට පිළිතුරු නොදී පුරවැසියෙක් විය නොහැක.

විදේශ මුදලින් යැපුන දේශද්‍රෝහී උගතුන් යැයි කියා ගත්තවුන් හා අලුකාල් මාක්ස්වාදීන් විසින් පුම්බා තබන ලැබු තුවක්කු ත්‍රස්තවාදයට බියනොවී කටයුතු කිරීමෙන් රට ගලවා ගැනීමේ මහඟු කාර්යය සම්පුර්ණ වන්නේ සංස්කෘතික හා සාමාජික ත්‍රස්තවාදයද අවසන් කළ හොත්ය. රටක් නැතිව මුහුදට පනින්නට සිටි සිංහලයාට නැවතත් 1505 ට පෙර මෙන් හිස ඔසවා සිටින්නට හැකියාවක් නොලැබුණහොත් මේ නිදහසද 1948 නිදහස මෙන් වනු ඇත.

ධර්මසිරි සෙනෙවිරත්න ඇමරිකාවේ සිට

(ඉරිදා දිවයින_09/06/21)

පසුවදන_අපේ ප්‍රශ්නවලට අපි අපේ විසඳුම් සොයාගත යුතු ය. නව වරක් ත්‍රස්තවාදයට අනුන්ගේ විසඳුම් ලබාදුන් අපට ඇපත් නැති විය. රට දෙකඩ වන්නට ඔන්න මෙන්න කියා තිබිය දී රජය ඊට අපේ ම විසඳුමක් යෝජනා කළේ ය. ඊට විරුද්ධව අපේ රටේ කළු සුද්දන් සුද්දන් සමග අත්වැල් බැඳ පෙරට ආව ද අපේ විසඳුම රටට ජය ගෙන ඒම වළකන්නට නොහැකි විය. එකල යුද්ධයෙන් ත්‍රස්තවාදය කෙළවර කළ නොහැකි බව කී බක පණ්ඩිතයෝ අද ද කුප්‍රකට ෆෙඩරල් යෝජනා ගෙන එති. යුද්ධයෙන් කොටියාට දිනාගත නොහැකි වූ ඊළම මේ ද්‍රෝහී විසඳුම හරහා බන්දේසියක තබා ඊළාම්වාදීන්ට දීමට ඔවුහු දතකති. මේ අතර NGOකාරයෝ ද 4/1මාක්ස්වාදීහු ද ඊළාම්වාදීහු ද සිටිති. විරෝදාර රණවිරුවන් දිවි පුදා දිනා දුන් නිදහස පාවා නොදෙන්නට දේශප්‍රේමී බලවේග එකපෙළට සිටගත යුතු ය. රටේ අනාගත සුරක්ෂිතතාව රැඳී ඇත්තේ ඒ දේශප්‍රේමී බලවේග අතය.

Tuesday, June 23, 2009

සම්මානයේ අවමානය දුරලීම!

සිංහල භාෂාවේ තිබෙන "හොර" යන විශේෂණය කිසියම් පුද්ගලයකුට, වස්තුවකට හෝ ඕනෑම දෙයකට යෙදු විට එයින් ගම්‍ය වන්නේ ඒ සියල්ලම නීත්‍යනුකුල හෝ සාධාරණ නොවන බවය. නීති විරෝධීව හෝ අයුතු ලෙසින් ලබා ගන්නා වු හා ළඟ තබා ගන්නා වු දේවල් නිසා නීති මගින් දඬුවම් වීමට සිදු වුවද එසේ නොවන අවස්ථා බහුලව තිබෙන බවද අපි දනිමු. හොර බඩු, හොර මත්පැන් පමණක් නොව හොර ඡන්ද ගැන ද බොහෝ විට ඇසෙයි. හොර ඔප්පු හා හොර ලකුණු ගැන ද ඇසෙයි. එපමණක් නොව "හොර මිනිස්සු" හා "හොර ගෑනු" ගැන ද ඇසෙයි.

බෞද්ධ සමාජයේ මුලික ඉගැන්වීමක් වන පන්සිල්වල අදත්තාදානය ලෙස හැඳින්වෙන නුදුන් දෙය ගැනීම හෙවත් හොරකම පස්පව්වලට ඇතුළත් වුවද සමාජය තුළ හොර වැඩ, හොර මගඩි සුලභව සිදුවන බවද අපි දනිමු. එහෙත් මේවා අතර ඉතා අහිංසක හොර වැඩ ලෙස සම්මත වු දේවල් ද ඇත. පාසලකට දරුවකු ඇතුළත් කිරීම සඳහා සාදන හොර ඔප්පු, හොර ලියවිලි එයට එක් නිදසුනකි.

මේ සියලු "හොර" සහමුලින් නැති කිරීම නීතියෙන් තබා මොනම දඬුවමකින් හෝ නොහැකි බවද අපි දනිමු. හොර වැඩට ශාරීරික දඬුවම් දෙන මැදපෙරදිග රටවලින් වුවද හොර නැති කිරීමට නොහැකි වී තිබේ.

අපි අද හොර ගැන කතා කළේ හොරකම් හෝ හොර මගඩි නීතිගත කළ යුතු යැයි යෝජනා කිරීමට නම් නොවේ. හොරකම් හොර මගඩි ඕනෑම රටක් ගෙන යන්නේ යහපත් දිසාවකට නොවන බව අපි ඉඳුරා දනිමු. දුෂණය යනු මේ සියලු හොරවල කුටප්‍රාප්තිය ලෙසද දකිමු. එහෙත් අද අප කතා කරන්නේ කලක් තිස්සේ මේ රටේ සිදුවෙමින් තිබෙන අලජ්ජී ග්‍රාම්‍ය හොරකමක් නැවැත්වීම සඳහා රජය ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම පිළිබඳවය.

මේ වු කලී සම්මාන හා ගෞරව හොරකමකි. රටේ හා ජාතියේ ගෞරවය ප්‍රණාමය හිමිවිය යුතු අය වෙනුවට රටට වින කරන, රට, දැය වනසන හොර තක්කඩියන්ට සම්මාන, ගෞරව හා ආචාර්ය උපාධි යනාදිය පිරිනැමීම නිසා කලක පටන් එකී ගෞරව, සම්මාන හා ආචාර්ය උපාධිවල තත්ත්වයද බරපතල ලෙස හෑල්ලු වී තිබේ.

ඇතැම් කෙනෙක් සමාජ මතුමහලේ වැජඹීම සඳහා මෙකී ගෞරව, සම්මාන හා ආචාර්ය මහාචාර්ය වැනි සම්භාවනීය ප්‍රදානයන් ද මිලට ගෙන හෝ අනිසි ලෙස හෝ යොදා ගනිති. රජය මෙම අලජ්ජී ප්‍රදානයන් වැළැක්වීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම අප අගයන්නේ එහෙයිනි.

මේ අනුව ජනාධිපතිවරයා විසින් දෙනු ලබන ජාතික මටිටමේ සම්මාන මෙන්ම විශ්වවිද්‍යාල වැනි පිළිගත් ආයතන මගින් දෙනු ලබන ආචාර්ය හා සම්මාන උපාධි හැර හොර උපාධි කඩවලටත් හොර සම්මාන විකුණන ආයතනවලටත් ඒවා ප්‍රදානය තහනම් කෙරේ.

ආචාර්ය, මහාචාර්ය මෙන්ම සාහිත්‍යසුරී වැනි සම්මාන හිමි විය යුත්තේ ඒ ඒ කෙෂ්ත්‍රයන් උදෙසා විශිෂ්ට මෙහෙවරක් කරන ලද අයටම පමණි. සාහිත්‍ය සෞන්දර්ය කලාව ප්‍රමුඛ සංගීතය ඇතුළු කෙෂ්ත්‍රයන්හි විශ්වවිද්‍යාල වලින් පරිබාහිරව ඒවායේ උන්නතිය හා අභිවෘද්ධිය සඳහා ක්‍රියාකාරීව ජීවිතයම කැප කරන ජනතාවගේ, විශේෂයෙන් සහෘද ජනතාවගේ ගෞරවයට පාත්‍ර වු අය සිටිති.

පෙදෙහි රසහව් දත් එබඳු වියතුන්ට පිරිනැමිය යුතු ගරු බුහුමන් අල්ප ශ්‍රුත මුග්ධයන්ට පිරිනැමීම ගැල බඳිනා ගවයන්ගේ ගෙල බඳිනා

ගෙජ්ජිවැල් සේ යොදා ගැනීම කොතරම් බාලද? කෙතරම් අනුචිතද? ආචාර්ය උපාධියක් මුදලට ලබා ගන්නා "පිනාචාර්යලා" ධජ වඩවමින් යොදන්නේ බාලවර්ගයේ හෙවත් "ඉමිටේෂන්" එකක් බව බොහෝ දෙනෙක් නොදනිති. එනිසාම සමාජයක බහුතරය එකී පිනාචාර්යවරුන්ට රුවටෙති. මෙය කෙබඳු මුළාවක්ද?

අද තන්හි තන්හි තිබෙන එබඳු සම්මාන හා ආචාර්ය මහාචාර්ය පදවි පිරිනමන කඩවලින් සිදුවන හානිය සුළුපටු එකක්ද නොවේ. උගත්කම යනු මුදලට ලබාගත හැකි දෙයක් ද නොවේ. කෝප වුවත් රජ මැතිඳුන් හට වුවද ගත නොහැකි උගත්කමට මෙකී පිනාචාර්යලාගෙන් වන හානිය සුළු දෙයක් ලෙස සිතන අය ද සිටිය හැකි වෙති. එහෙත් එය බරපතල සමාජ විපතක් බව අපගේ හැඟීමය.

කෙසේ වුවද රජයේ මෙම දුරදර්ශී පිළිවෙත විද්වතුන්ගේ ද, ශාස්ත්‍රඥයන්ගේ ද වියතුන්ගේද ප්‍රසාදයට මතු නොව අස්වැසිල්ලට ද හේතුවනු ඇත. ඇතැම් පිනාචාර්යවරු එලි බසින්නෝ බොහෝ විට ජනමාධ්‍ය ඔස්සේය. නිසිරිසි අය පසු බස්වමින් පිනාචාර්යවරුන් පිනුම් ගසනු ද අපි දැක ඇත්තෙමු.

පිදිය යුත්තන් පිදීම මංගල කරුණකි. රාජාණ්ඩුක්‍රම වලදී පවා එබඳු ප්‍රදානයන් කළ බවද නොරහසකි. රටට, දැයට සංස්කෘතික හා කලා කෙෂ්ත්‍රයන්ට උතුම් මෙහෙයක් ඉටු කරන සජ්ජනයන්ට සම්මාන දීම රජයකද යුතුකම හා වගකීමයි. රජයක් මෙන්ම විශ්වවිද්‍යාල මගින්ද එබඳු ප්‍රදානයන් සඳහා සුදුසුම අය තෝරා ගැනීමද අතිශයින්ම වැදගත්ය. එනිසා සම්මානයට, ආචාර්ය උපාධියට ගෞරවයක් අගයක් පිරිනැමීමට රජය ගත් මෙම තීරණය ගෞරවණීය ලෙස ක්‍රියාත්මක විය යුතු බවද අපි මතක් කරමු. එසේ නොවන්නේ නම් මොන තරම් නීති රීති තිබුණත් අනිසි අයට පිරිනැමෙන සම්මානය ද බලුනගුටට දමන මල්දමකට වඩා වෙනසක් නැති බවද අපි අවසන් වශයෙන් සටහන් කරමු.

(දිවයින-09/06/22)

පසුවදන_අපේ රටේ බොහෝ ආචාර්ය පිනාචාර්ය පට්ටම්ධාරීහු එකී උපාධිවල ගරුත්වය අමු අමුවේ කෙළෙසීම අද සාමාන්‍ය සිද්ධියකි. එහෙයින් අද වන විට ආචාර්ය යන වදනට පවා යම් හාස්‍ය මුසු අරුතක් කැවී තිබේ. එහෙයින් රජයේ මේ තීරණය අපි අගය කරමු. එම තීරණය වඩා අර්ථවත් වීමට යෝජනාවත් ද එක් කරමු. ඒ මහ ලොකු දෙයක් නොව මේ තීරණය අතීතයට බලපාන ලෙස ක්‍රියාත්මත කිරීමට අවැසි නීතිමය ප්‍රතිපාදන යොදන ලෙස ය. අහෝ! පිනාචාර්යවරු සලිත නොවෙම්වා!

Thursday, June 18, 2009

ගවයන් ලෙස පෙනී සිටීමෙන් වළකින්න!

සූකර උණ නිසා සෞඛ්‍ය ඇමැතිතුමා සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය එළිපිටම ගුටි ඇන ගන්නට යන ආකාරය මේ දිනවලදී දැකිය හැකි ය. ශ්‍රී ලංකාවට ඇතුළු වන උණ රෝගීන් හඳුනා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ සවිකර ඇති ස්කෑන් යන්ත්‍ර ක්‍රියා විරහිත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය චෝදනා කරයි. සූකර උණ වෛරසය ශරීරගත වී දින 05 ක් පමණ ගතවනතුරු උණ හට නො ගන්නා නිසා ස්කෑන් යන්ත්‍ර වැඩ කළත් පලක් නැති බව කියමින් සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යන්ත්‍රයේ පැත්ත ගනී. ඒ අතර විද්‍යා හා තාකෂණ ඇමැති තිස්ස විතාරණ මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය භාර දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි. මේ රටේ ත්‍රස්තවාදී අර්බුදයේ මුල සොයා එයට දේශපාලන විසඳුමක් ලබාදීමේ යෝජනාවලිය සැකසීමේ රාජකාරිය තිස්ස විතාරණ මහතාට භාරදී ඇති මේ මොහොතේදී ඔහුට සෞඛ්‍ය අමාත්‍යාංශය භාරදුන්නොත් දේශපාලන විසඳුමට ද සූකර උණ වැළඳීමට පුළුවන. එබැවින් එවැනි යෝජනා නිර්දේශ නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් ඉල්ලමු. මේ මොහොතේදී අපට ඉතා පැහැදිලි ලෙස පෙනී යන කාරණයක් තිබේ. එනම්, සෞඛ්‍ය ඇමැතිතුමා සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතර කෙතරම් විශාල අර්බුදයක් තිබෙන්නේ ද යන්න ය.

සූකර උණ සහ ඩෙංගු උණ ප්‍රයෝජනයට ගනිමින් වෛද්‍ය සංගමය සෞඛ්‍ය ඇමැතිට පහර දෙන බව පෙනේ. මේ වෙලාවේදී වැදගත් වන්නේ මේ දෙගොල්ල ගුටි ඇන ගැනීම නොව ඉස්මතු වී පවත්නා වසංගත තත්ත්වයට ප්‍රතිකර්ම යෙදීම ය.

එංගලන්තයේ ජීවත් වු තෝමස් මැල්තස් නමැති දේවගැතිතුමා (1776:1834) ජනගහනය පිළිබඳ නියමයක් ඉදිරිපත් කර තිබේ. එනම් පාලනය නොකරන ලද ජනගහනය සෑම වසර 25 කට වරක් ම දෙගුණ වීමට නියමිත බව ය. එහෙත් එය එසේ නොවන්නේ වසංගත රෝග, යුද්ධ, ස්වභාවික විපත් යනාදිය නිසා ජනගහනය ඉබේටම විනාශ වී පාලනය වීමක් හටගන්නා නිසා බව ද මැල්තස් කියයි. අපි කාලයෙන් කාලයට මේ බව අත්දැක ඇත්තෙමු. ක්‍රි. පු. තුන්සිය ගණන්වලදී ග්‍රීසියේ ඇතැන්ස් නුවර හටගත් වසූරිය වසංගතයෙන් පසූ එකී පෞර රාජ්‍යය තුළ ඉතිරි වුයේ එතෙක් පැවැති ජනගහනයෙන් තුනෙන් එකකි. එවිට ලෙඩ රෝග සහ අදටත් සොයා ගැනීමට බැරි වු හේතු නිසා ශිෂ්ටාචාර පිටින් වඳවී ගිය අවස්ථා ලෝක ඉතිහාසයේ වෙයි. පළමුවන ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය යනාදියෙන් හරියටම ගණනය කළ නොහැකි තරම් මිලියන ගණනක් ජනයා මිය ගියහ. ඉන් පසූ හටගත් යුද්ධ, ගෝත්‍රික ගැටුම් යනාදියෙන් පසූගිය දශක කිහිපය තුළ තවත් විශාල පිරිසක් මිය ගියහ. 88:89:90 භීෂණයෙන් මේ රටේ තරුණයෝ 50000 ක් මළහ. ඒ අතර පසූගිය වසර 30 තුළ ලේ පිපාසිත ප්‍රභාකරන් විසින් මරාගෙන කන ලද ජනගහනය ලකෂයකට කිටිටු ය. මේ නිසා තෝමස් මැල්තන් දේවගැතිතුමාගේ කතාව ඇත්තක් බවට පත්ව තිබේ. වසර 40 කට පසූ මුල් වතාවට ලෝකය වසංගත රෝග තත්ත්වයකට මුහුණපා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසූගියදා නිවේදනය කළේය.

එහෙත් ලෝකය මෙතරම් දියුණු වී ඇති යුගයක මැල්තස්ගේ නියමය තවදුරටත් සත්‍යයක් බවට පත්වීමට ඉඩ දිය යුතු නැත. ජනගහනය පාලනය කිරීම තිබිය යුත්තේ අඹුසැමියන් අත ය. එයට සහය සැපයීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නමැති ආයතනයක් ලංකාවේ තිබේ. ලොව පුරා ද එවැනි ආයතන ද ඇත. එසේ තිබියදී ජනගහන පාලනය වසංගත රෝගවලට, ඩෙංගු මදුරුවාට, සූකර උණට භාරදීම විශාල දුර්වලකමෙකි. මේ නිසා මේ අවදානම් අවස්ථාවේදී සෞඛ්‍ය ඇමැතිතුමා සහ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අං පටලවා ගැනීමෙන් පෙනී යන්නේ ඒ දෙපාර්ශ්වයම අං ඇති, කරත්ත අදින සත්ත්ව කොටසට අයත් බව ය. ගවයන් ලෙස පෙනී සිටීමෙන් වළකින ලෙස මේ සියලු දෙනාගෙන් ඉල්ලමු.
(දිවයින_09/06/19)

පසුවදන_රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ඉල්ලීම මීට පෙර කළ යුතු ව තිබිණි. එනම් සුදුස්සාට සුදුසු තැන ලැබීමේ හැකියාව තිබිණි. නාමික වාමාංශික පක්ෂයක තිස්ස විතාරණ තුමාට දේශපාලන විසඳුම් සැකසීමට දීමෙන් දැනටමත් ඊට සූකර උණ හතකට වඩා බරපතළ ව්‍යාධි වැළඳි තිබේ. මේ ව්‍යාධිය රටට බෝ වනු වළක්වන්නට සියලු දේශප්‍රේමීන් එක්විය යුතු ය. සුදුස්සාට සුදුසු තැන නොදීම නිසා රටේ ඒකීයත්වය දිය වීමේ අවදානමක් අද ඇතිව තිබේ. එහෙයින් රට බේරාගැනීමට මේ බෙදුම්වාදී ෆෙඩරල් විසඳුම් කමිටුව විසුරුවා හැරීමට රජයට බල කළ යුතු ය. බෙදිය යුත්තේ බලය නොව පරිපාලනයයි. විමධ්‍යගත කළ යුත්තේ බලය නොව සංවර්ධනයයි.

Wednesday, June 17, 2009

බලය බෙදා දීමේ දේශපාලන විසඳුම් උප්පරවැටිටිය

අපේ රටේ තිස් වසරක් තිස්සේ පැවැති ත්‍රස්තවාදයට සාම සාකච්ඡා හා බලය බෙදා දීමේ විසඳුම් ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට වෙර දැරු රාජ්‍ය නායකයන් මෙන්ම විවිධ සංවිධාන හා පුද්ගලයන්ද සිටි බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් අප එදා සිටම තදින්ම කියා සිටියේ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු බව හා කළ හැකි බවයි. අද වන විට එය සත්‍යයක් වී ඇත. එසේම එදත් අප කීවේ අදත් කියන්නේ රාජ්‍ය තන්ත්‍රයක් මගින් එම රාජ්‍යයේ ආරක්ෂාව සඳහා හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමද දේශපාලන විසඳුමක් බවයි. 2005 ජනාධිපති ධුරයට පත් වු මහින්ද රාජපකෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුයේ එම දේශපාලන විසඳුමයි. ඊළඟට ඇත්තේ රට ගොඩනඟන දේශපාලන විසඳුම්ය. ඒවා ද අප නිවැරදිව පැහැදිලිව වටහා ගෙන ක්‍රියාත්මක කළ යුතුය.

ඊනියා දේශපාලන විසඳුම් හා බලය බෙදීමේ ක්‍රමවේද ගැන කථා කරන හැම කෙනෙක්ම කිසියම් විදේශ බලවේගයක අතකොළුවක් බව පැහැදිලි කරුණකි. ඔවුන් කවර දේශපාලන පකෂයක හිටියත් එක්කෝ ඩොලර් පවුම් හෝ යුරෝ මත පිහිටා ක්‍රියා කරන බැවින් නැතිනම් කිසියම් රටකට ගැතිව සිටින බැවින් එසේත් නැත්නම් රාජ්‍ය නොවන සංවිධානවල ඉත්තන් වී ක්‍රියා කරන බැවින් ඔවුන් කියන බලය බෙදා දීමේ විසඳුම් හෝ දේශපාලන විසඳුම් අපට අපේ රටට හිතකර නොවන බව ඉතා පැහැදිලි කරුණකි. අප අපේ රටේ ප්‍රශ්න විසඳා දීමේදී පළමුව බැලිය යුත්තේ අපේ රටේ අතීතය දෙසයි. අතීතයේ අපේ රට (2505 ට පෙර) සෞභාග්‍යමත් රටක් ලෙස පැවැති බව ඓතිහාසික සටහන් මගින් ඔප්පු වෙයි. එසේම පැරණි නටබුන් වැව් අමුණු ශිලා ලිපි මගින් එය තහවුරු වෙයි. එම අතීතයේ පැවැති ක්‍රමවේද මොනවාද ඒවා වර්තමානයට යොදා ගන්නේ කෙසේ ද කියා පළමුව විමසා බැලිය යුතුය.

අතීතයේ අප රටෙහි පැවැතියේ වැඩවසම් ක්‍රමයත්ය යන සුද්දන් විසින් හා කළු සුද්දන් විසින් ඇති කරනු ලැබු මතවාදය මත පිහිටා කටයුතු කිරීමෙන් අප වැළකී සිටිය යුතුය. කුමක් හෙයින් ද යත් එවැනි වැඩවසම් පාලන ක්‍රමයක් කිසිදාක අප රටේ නොපැවති බැවිනි. එම අදහස සුද්දන් විසින් හා කළු සුද්දන් විසින් ඇතිකරනු ලැබු මතවාදයකි. අතීතයේ අප රට වැසියන් අපේ දෙපයින් නැගී සිටි අයයි. වර්තමානයේ ද එය කළ නොහැක්කක් නොවේ. ලෝකය පුරා පැතිර පවතින වාණිජ ආර්ථිකය, අන්තර්ජාල සම්බන්ධතා, බලවත් රාජ්‍ය දුර්වල රාජ්‍යවලට බලපෑම් ඇති කිරීම හා තහංචි පැනවීම මේ සියල්ලක්ම පදනම් කර ගත් ගෝලීයකරණය වැනි ක්‍රමවේද නිසා අප දෙපයින් නැගී සිටින අතරම ජාත්‍යන්තරය දෙස ද බැලීමට අපට සිදුවෙයි. දේශීය පදනමක පිහිටා ජාත්‍යන්තරයෙන් ගනු ලබන සහයෝගය අපට අහිතකර නොවෙයි. රටට අහිතකරවනුයේ විදේශ රටවලට ගැතිකම් කරමින් මෙන්ම විදේශවල පැවති හා පවතින ක්‍රමවේද මත පිහිටා සිතමින් ක්‍රියා කරන අයගේ වැඩපිළිවෙළ බව අප වටහා ගත යුතුය.

ඊනියා දේශපාලන විසඳුම් හා බලය බෙදා දීමේ ක්‍රමවේද ගැන කථා කරනුයේ බටහිර ගැති හෝ මාක්ස්වාදයෙන් තෙම්පරාදු වු දේශපාලකයන් හා උගතුන් බව ඉතා පැහැදිලිය. ඔවුන්ට එම මත වලින් බැහැරව සිතීමට හෝ ක්‍රියාකිරීමට තරම් නුවණක් නොමැත. එවැනි දේශපාලකයන් හා උගතුන් විසඳුම් සොයා බැලීමේ මණ්ඩලවලට පත් කිරීමෙන් හා එම විසඳුම් ක්‍රියාත්මක කිරීමට යොමු වීමෙන් සිදුවිය හැක්කේ රට අගාධයට ඇද වැටීමයි. මෙම දේශපාලන විසඳුම් හා බලය බෙදීමේ ක්‍රමවේද ගැන කතා කරන හැම කෙනෙක්ම ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයට ද එරෙහි වුවෝ වෙති. ඔවුහු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයට හිතවාදියෝ වුහ. එසේ වුවේ පරාණ බයට පමණක් නොවේ. මතවාදීවම ඔවුහු එම තත්ත්වයේ සිටියහ. ඔවුන්ගේ නම් සිහිකිරීම පවා සුදුසු යැයි නොසිතමු. නම් කීවත් නොකීවත් රටට ආදරය කරන හැම කෙනෙක්ම ඔවුහු හඳුනති.

එක්සත් ඒකීය වැනි වචනවල එල්ලී සිටීම අවශ්‍ය නැතැයි ද ඔවුහු කියති. එම වචනවලින් ගම්‍ය වන අර්ථය අහසට පොළව මෙන් දුරස්ථය. එක්සත් යනු කැඩී බිදී ගිය රටක් නගාසිටුවීම සඳහා එම කැඩුණු ප්‍රදේශ එක් කිරීමේ ක්‍රමවේදයයි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එක්සත් සමාජවාදී සෝවියටි ජනරජය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් කවර හේතු නිසා හෝ කැඩී වෙන්ව පැවැති ප්‍රදේශ එකට එකතු කිරීමෙන් හදා ගත් රාජ්‍යයන්ය. එම රටවලට එක්සත් යන ක්‍රමවේදය යහපත් වී ඇත. එහෙත් අපේ රට කැඩී බිදී ගියේ නැත. 1971, 1988 හා 89 වැනි වකවානුවල ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා යම් යම් ප්‍රදේශවල රාජ්‍ය තන්ත්‍රයේ බලය අඩපණ වී තිබිණි. එය හමුදාමය ක්‍රියාකාරකම්වලින් මැඬලීමට සිදුවිය. නවසිය තිස් ගණන්වල ඇරඹුණු දෙමළ ජාතිවාදී දේශපාලනය මෙන්ම සිංහලයන්ගේ බලය බිඳ දැමීමට දෙමළ ජනතාව ඉහළට ගැනීමේ සුද්දන්ගේ උපක්‍රමය නිසා ශක්තිමත් වු දෙමළ ජාතිවාදයේ ප්‍රතිඵලයක් ලෙස 1976 ඇරඹුණු දෙමළ ත්‍රස්තවාදය අන්තිමේදී දෙමළ කොටි ත්‍රස්තවාදයක් බවට පත්වී ක්‍රියාත්මක වෙද්දී රාජ්‍ය බලය ක්‍රියාත්මක නොවු ප්‍රදේශ උතුරු හා නැගෙනහිර පළාත්වල තිබිණි. එහෙත් එම අවස්ථාවල දී රාජ්‍ය බලය ක්‍රියාත්මක නොවු ප්‍රදේශවල ජනතාවට රාජ්‍ය යුතුකම් ඉටුවුණි. පාසල් ආරෝග්‍යශාලා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල රජයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වුණි.

එබැවින් ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක කෑලිවලට කැඩී බිදී ගිය රාජ්‍යයක් වී නොමැත. එබැවින් එක්සත් ශ්‍රී ලංකාවක් කිරීමේ අවශ්‍යතාවක් නැත. දෙමළ ජාතිවාදී දේශපාලන හා දෙමළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුයේ පළමුව උතුරු හා නැගෙනහිර ඊළමක් පිහිටුවා අනතුරුව මුළු රටම අත්පත් කරගෙන කෙසේ හෝ දෙමළ රාජ්‍යයක් බිහිකිරීමේ පැහැදිලි අරමුණින් බව අප හොඳින් වටහා ගත යුතුය. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහාම ෆෙඩරල් ක්‍රමයක් ද ඉදිරිපත් වුණි. සමහරු අද ෆෙඩරල් ක්‍රමයක් නොදීම නිසා ත්‍රස්තවාදයක් ඇතිවිණැයි කීමට තරම් අඥාන වී ඇත. පළාත් සභා ක්‍රමය තුළින් ද උත්සාහ දැරුවේ ඊළමකට යාමටයි. එබැවින් රට කෑලිවලට කැඩිමේ දේශපාලන විසඳුමක් හෝ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට යයි කියා වෙනම පාලන ක්‍රමයක් ඇතිකිරීමට යාමෙන් හෝ සිදුවන්නේ ඒකීය ශ්‍රී ලංකාව කැඩී යෑමේ අනතුරකට පත්වීම පමණි. එවැනි දේශපාලන විසඳුම් පාර්ලිමේන්තුව තුළින් සම්මත කිරීමට උත්සාහ දරන දෙමළ එක්සත් සංවිධානය වැනි දේශපාලන පකෂ මෙන්ම වාමාංශික මතධාරී දේශපාලකයන්ද අධිරාජ්‍ය ගැති දේශපාලකයන්ද බුද්ධිය අවුල් කරගත් උගතුන් ද සිටින බව අප හොඳින් වටහා ගත යුතුය. ඔවුන්ගේ අවශ්‍යතා හෝ පෙළඹවීම් හෝ ඔවුන් ලියන පත්‍රිකා මත පිහිටා ඊනියා දේශපාලන විසඳුම් හෝ බලය බෙදා දීමේ ක්‍රම ක්‍රියාත්මක කිරීමට ගියහොත් රණවිරුවන් දිවි පුරා රුකදුන් රට යළිත් අගාධයට වැටෙනවා වැටෙනවාමයි.

අතීතයේ අප රට සෞභාග්‍යමත්ව පැවැති හැම අවස්ථාවකම එක්සේසත් රාජ්‍යයක් තිබිණි. එක්සේසත් යනු ඇතැමුන් කීමට උත්සහ දරණ එක්සත් යන්න නොව ඒකීය රාජ්‍යයකි. උනඉටඑඩ නොව උනඉටඅරය අපේ රටේ වැව් අමුණු තැනී රට පුරා වෙහෙර විහාර, දැගැබ් ඉදිවී රට සශ්‍රීක වුයේ ඒකීය රාජ්‍යයක් තුළයි. එය අදටත් වලංගුයි. සිංගප්පුරුව, මැලේසියාව වැනි කුඩා රටවල් සීග්‍ර දියුණුවකට ගමන් කළේ ඒකීය සංකල්පය මත බලය මධ්‍යගත කර ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. විශේෂයෙන් විශාල භුමි ප්‍රදේශයක් නැති රටවල් සංවර්ධනය කිරීමට එම ඒකීය පදනම මත බලය මධ්‍යගතව තබා ගැනීමේ පාලන ක්‍රමය අතිශයින්ම වැදගත් වෙයි.

ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ඉන්දියානු මොඩලය මත පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ එදා පැවැති උතුරු හා නැගෙනහිර ප්‍රශ්නය විසඳීමේ අරමුණින්ය. එහෙත් ඒ ක්‍රමය නිසා තවත් බරපතල ප්‍රශ්න ඇතිවුවා මිස උතුරු හා නැගෙනහිර ප්‍රශ්න විසඳුනේ නැත. ඉන්දියාවට ප්‍රාන්ත ක්‍රමය ගැලපෙන්නේ එය ඉතා විශාල රටක් බැවිනි. අපේ රටේ සුද්දන් විසින් ඇතිකරන ලද පළාත් නවය (එය ද අප වෙනස් කළ යුතුව ඇත) පදනම් කරගෙන ආණ්ඩුකාරවරු අට දෙනෙක් මහ ඇමැතිවරු අට දෙනෙක්, පළාත් සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් ඇතිකර ඔවුන් නඩත්තු කරන්න මහා භාණ්ඩාගාරයේ මුදල් යෙදීම තරම් රටට කළ අපරාධයක් තවත් නොමැත. එයින් හැඟෙන තවත් වැදගත් කාරණයක් නම් රජ්‍ය බලය බෙදා දීමට යෑමෙන් රටට යහපතක් නොවන බවයි. බෙදිය යුත්තේ බලය නොව පරිපාලනයයි. පැරණි රාජ්‍ය ක්‍රමය තුළ රුහුණු, පිහිටි, මායා යන බෙදීම තිබුණේද ස්වාභාවික පදනම් මත පරිපාලනය බෙදීමේ ක්‍රමවේදයක් ලෙසයි. ඒ නිසා රටට ආදරය ඇත්නම් බලය බෙදීමේ ක්‍රමයක් ගැන කතා නොකළ යුතුය.

ඉන්දියාව හෝ බටහිර රටවල් හෝ ඉදිරිපත් කරන බලය බෙදීමේ ක්‍රම හෝ දේශපාලන විසඳුම් අපේ රටේ සංවර්ධනයට හා ආරක්ෂාවට හේතු වේ යැයි සිතතොත් ජාත්‍යන්තර බලවේගවලට අවනතව ඔවුන් සතුටු කිරීමට කවුරුන් හෝ කටයුතු කරතොත් එය දේශද්‍රෝහී ක්‍රියාවකි. ඊනියා දේශපාලන විසඳුම් හා බලය බෙදීමේ ක්‍රමවේද ගැන කතා කරන අය ද ඒ වෙනුවෙන් පත්‍රිකා ලියන අය ද ඒ ගණයටම ඇතුළත් කළ යුතුය. එබැවින් ස්වාභාවික සම්පත්වලින් අනුන වු ඉන්දියන් සාගරයේ පිහිටි ඉතා කුඩා දුපතක් වන අපේ මවුබිම ඊනියා දේශපාලන විසඳුම් හා බලය බෙදීමේ දේශපාලන උප්පරවැටිටිවලින් අගාධයට ඇද දැමීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය.

පළමුවත්, දෙවනුවත් තෙවනුවත් මවුබිමට ආදරය කරන කිසිදු කෙනෙක් එවැනි ක්‍රමවේද නොපිළිගනු ඇත. එවැනි දේශපාලන උප්පරවැටිටි ක්‍රියාත්මක කිරීමට සර්වපාක්ෂික හෝ වෙනත් මණ්ඩල පත්කිරීමෙන් වැළකී සිටීමට ද දේශපාලකයන් තීන්දු තීරණ ගත යුතුව ඇත. රටට ආදරය කරන ජාතිය හා ඔවුන්ගේ සිතුම් පැතුම් මෙන්ම ක්‍රියාකාරකම් මත රට සංවර්ධනය කිරීමටත් රටට ආදරය නොකරන සුළු පිරිස එනම් දේශද්‍රෝහීන් රටට ආදරය කරන අය බවට පත් කර ගැනීමටත් පොදු මහජනතාව මෙන්ම රාජ්‍ය තන්ත්‍රය ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ රටට ආදරය කරන අය නොවන්නේ නම් ඔවුන්ට ද දේශද්‍රෝහී රාජද්‍රෝහී ත්‍රස්තවාදීන්ට අත්වු ඉරණම මතු අනාගතයේදී විඳින්නට ලැබෙනු ඇත.

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්
බෙංගමුවේ නාලක හිමි
(දිවයින_09/06/18)

පසුවදන_එදා ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරනු දකින්නට අකමැති වූ ඊට එරෙහි වූ අය අද යුද්ධයෙන් ත්‍රස්තවාදය විනාශ කළ රටේ බලය බෙදීමක් ගැන නන් දොඩවති. රට තිස් වසරක් නරකාදියේ දැවුණේ මොවුන්ගේ ද දායකත්වයෙනි. බලය බෙදීමක් හරහා නැවත රට අවිච්චියට ඇද දමන්නට මේ වසලයින්ට සහ නිවටයින්ට ඉඩ නොතැබිය යුතු ය. විමධ්‍යගත කළ යුත්තේ බලය නොව පරිපාලනයයි. බෙදාහැරිය යුත්තේ බලය නොව සංවර්ධනයේ ප්‍රතිලාභයි.

Tuesday, June 16, 2009

යාල්පාන වෛපවමාලය සහ උරචක්‍රමාලය

වසර දෙසියයකට වඩා පැරණි බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, රිදී කරඬු, සළඹ ඇතුළු පුරා වස්තු 74 ක් ඇමරිකාවට රුගෙන යෑමට කරන ලද සැලසුමක් කටුනායක ගුවන් තොටුපළේ රේගු ආරකෂකයන් විසින් ව්‍යර්ථ කරන ලද අන්දම ඊයේ (16 දා) පුවත්පත් මගින් හෙළි කෙරිණ. මේ සියලු භාණ්ඩ රාජසන්තක කර විත්තිකාර දෙපළට රුපියල් පනස් දහස බැගින් දඩ ගැසීමෙන් "අපරාධය සහ දඬුවම" යන දෙකම ඉතා පහසුවෙන් නිමාවට පත්විය. මේ ක්‍රියාදාමය පිළිබඳ සරල විග්‍රහය මෙසේ ය:

මේ භාණ්ඩ අමුතුවෙන් රාජසන්තක කළ යුතු නැත. ඒවා කොහොමටත් ආණ්ඩුවට අයත් නැතහොත් රාජසන්තක දේවල්ය.

ඊළඟට මේ තරම් භයානක කටයුත්තකට අත ගැසීමෙන් පසුත් ඩොලර් 500 බැගින් දඩ ගෙවා (රු. 50000 බැගින්) ආපසු ඇමරිකාව බලා යෑමට හැකිවීම ගැන අපරාධකාර යුවළ මහත් සේ සතුටට පත්වන්නට ඇති බවට ද සැකයක් නැත. ඩොලර් 500 ක් යනු ලංකාවේ තරු පහේ හෝටලයක දෙදිනක කාමර කුලියටත් අඩු ය. මේ සුළු දඩය ගැන කියමින් ඔවුන් නිව්යෝර්ක් නුවර හෝ චිකාගෝවේ පුරාවස්තු ජාවාරම්කාරයන් පිරිවරාගෙන බඩ අල්ලාගෙන සිනාසෙනු ඇති

මෙය රේගුවේ වරදක් නොව ශ්‍රී ලංකාවේ නීතිවල එන මදිකමය. කුඩා උදාහරණයක් ගනිමු. වාහන එලවීමේදී ප්‍රධාන පාරට "රිවර්ස්" කිරීම ප්‍රවාහන නීති ආඥා පනතට අනුව බරපතල වරදකි. හැබැයි, එම වරදට දඩය රුපියල් 200 කි. එනම් ඩොලර් එකහමාරකුත් තව චුටිටකි.

ශ්‍රී ලංකාවේ නීතියේ හැටියට වසර 100 කට වඩා පැරණි සෑම ඉදිකිරීමක්ම පුරාවස්තුවකි. මේ නිසා මහා මාර්ග පුළුල් කිරීමේ කටයුතුවලදී පවා ඇතැම් තැන්වල වසර 100 කට වඩා පැරණි නිවාස තිබීම නිසා එය මගහැරීමට පාර ගේ වටා යවන අවස්ථා ද තිබේ. ඒ අතර සමහර තැන්වල සඳකඩ පහන් කඩා බිත්තිවල අඩු පාඩු පුරවන අවස්ථා ද තිබේ. තවත් කුඩා උදාහරණයක් කියමු. අනුරාධපුරයේ රන් මසු උයනේ ඇති පෞරාණික ගඩොල් ඒ අවට ගම්වල සමහරු ලිප්ගල් හැටියට පාවිච්චි කරති. වන්දනා නඩ ද ඉවුම් පිහුම් සඳහා එබඳු දේ කරන අවස්ථා වේ.

ජාතියක් ගොඩනගන්නේ සිමෙන්ති එක් පංගුවකට වැලි පංගු හතක් මිශ්‍ර කර සාදන බදාම බ්ලොක් ගල්වල තවරා ඉදිකරන ගොඩනැඟිලිවලින් පමණක් නොවේ. ඒ සඳහා රටෙි සංස්කෘතිය සාරධර්ම හා ඉතිහාසය ද උවමනා ය. ඉතිහාසයේ උවමනාව කොතරම් ද යත් අලුත පහළ වු සමහර රටවල් තමන්ගේ ඉතිහාසය මෙතරම් පැරණි බව කියමින් අමුතුවෙන් ඉතිහාස පොත් පවා ලියවති. යාපනේ සිටි දෙමළ ජනයාගෙන් වැඩ ගැනීමට ඇති හොඳම ක්‍රමය උතුරු පළාත ඔවුනට අයිති බව ඒත්තු ගැන්වීම බව තේරුම් ගත් යාපා පටුනේ ලන්දේසි ආණ්ඩුකාරයා වු ජාන් මක්කාර් 1736 දී මයිල්වාගනම් පුලවර් නමැත්තා ලවා යාල්පාන වෛපවමාලය නමැති ඉතිහාස පොතක් ලියැවීය. එය ලංකාවේ උතුරු පළාත දෙමළ ජනයාගේ නිජබිම බව කියැවෙන පල් බොරුවලින් එය පුරවා තිබිණ.

දෙමළ ජනයාගේ නිජබිම උතුර පමණක් නොවේ. මුළු ලංකාවම දෙමළ ජනයාගේ නිජබිම ය. සිංහලයා පිළිබඳ සත්‍යය ද එයයි. උතුර නැගෙනහිර සිංහලයාට ද උරුමය. මේ පොළොව හැම ජාතියකටම උරුමය. ප්‍රභාකරන්ට මෙන්ම ඇතැම් මුස්ලිම් නායකයන්ට ද නිජබිම පිළිබඳ අසනීපයක් තිබුණි. ප්‍රභාකරන්ගේ ඒ රුදාවට ලකෂ ගණනින් ජීවිත ද පුදා තිබේ. ඔහුට ද මරණය හිමි විය.

කෙසේ හෝ උතුරු නැගෙනහිර ඓතිහාසික උරුමයට හා පුරාවස්තුවලට විනාශයක් සිදුවුයේ තිස් වසරක යුද්ධයෙන් පමණක් නොවන බව ද අප සිහි කළ යුතු ය. දැන් ඒ උරුමය ද ජාතික උරුමයක් ලෙස සුරුකීමට කාලයයි. එහෙත් ශ්‍රී වික්‍රම රජුගේ අගය නොදන්නා සංස්කෘතික වීරයන්ට ඒවා ගැන වගක් නැත.

දැන් රට ගොඩනැගීමේ අභියෝගයට රජය උරදී සිටියි. රටක් ගොඩනැගීම සංස්කෘතික උරුමයන් සුරුකීමක් ද වේ. ඒ උරුමය රටින් රුගෙන යන හොරුන්ට දඬුවම් දිය යුත්තේ එහෙයිනි. රට වෙනුවෙන් දිවි දෙන රණවිරුවන්ට ද නිගා දෙමින් නිල ඇඳුම භාවිත කරමින් නිධන් හොරකමේ යන හමුදා හා පොලිස් නිලධාරීන් ගැන ද වාර්තා තිබේ. ඒවාට ඇතැම් හාමුදුරුවරු ද උදව් දෙතියි කියනු ඇසේ.

කෙසේ හෝ පුරාවස්තු සම්බන්ධයෙන් නීතිය ඉතාම දුබල බව පෙනේ. සංවර්ධන කටයුතුවලදී බොහෝ විට ඓතිහාසික ගම්බිම්වලින් ලැබෙන පුරාවස්තුවලට සිදුවන්නේ කුමක්දැයි වාර්තා නොවේ. ඒවා යම් යම් අයගේ පෙටිටගම්වල ද ආරකෂා කෙරේ. එහෙත් එය බරපතල වරදකි.

කොහොමටත් තෘෂ්ණාවෙන් පිරී තිබෙන මිනිස් සිත රන්, රිදී, මුතු මැණික්වලට ලොල් වේ. නිදන් කොල්ල කෑම ඉතා දියුණු ව්‍යාපෘතියකි. එහෙත් මේ රට නැගීමේදී එබඳු දේ වැළැක්වීමට නීති රීති මෙන්ම ජාතික හැඟීමක් ද වුවමනාය. එසේ නැතුව පෞරාණික අගයකින් යුතු ඕනෑම වස්තුවක් වැරදි අතකට ගියහොත් එය උරචක්‍රමාලයක් වීමට ද ඉඩ තිබේ.

(දිවයින_09/06/17)

පසුවදන_වසර 200ට එහා නොගිය ඉතිහාසයක් ඇති රටවල් සෙසු දියුණු ශිෂ්ටාචාර තිබූ රටවල පුරාවස්තු මුදලට ගෙන ඉතිහාසය ගොඩ නැගීමට උත්සහ කරති. අපි අපේ ඉතිහාසය නොතකා හරිමින් ද පුරා වස්තු සොරකම් කරමින් සහ විකුණමින් ද දීන ජීවිතයක් ගත කරමු. මේ රටේ පාසැල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කිරීමේ අනිටු ඵල නොවෙද මේ?

Monday, June 15, 2009

සුමිතුරෙකුට සුභපැතුම්!

ශ්‍රී ලාංකීය ජනතාවගේ අතිශය කුළුපග මිත්‍රයකු විශිෂ්ට ජයක් ලබා තිබේ.

පසුගියදා පැවැති ඉරාන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මොහොමඩ් අහමදිනිජාඩ් යළිත් වරක් ලැබු ජයග්‍රහණයයි ඒ.

අප හිත මිත්‍ර මොහොමඩ් අහමදිනිජාඩ් මේ ලබන්නේ සුළුපටු ජයග්‍රහණයක් නොවේ. ඔහු සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 62.63% ක ජනවරමක් ලබා ගන්නා අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේකෂකයා වු හුසේන් මුසාවි ලබාගන්නේ 33.75% ප්‍රතිශතයක ඡන්ද ප්‍රමාණයක් පමණි.

ඇත්ත වශයෙන්ම මොහොමඩ් අහමදිනිජාඩ් අභියස මේ දැවැන්ත පරාජය ලබන්නේ හිටපු අගමැතිවරයකු වුද සංශෝධනවාදී දේශපාලන පකෂයේ නායකයා වුද හුසේන් මුසාවි පමණක් නොවේ.

ඇමරිකා එක්සත් ජනපදයත් බ්‍රිතාන්‍යයත් ප්‍රමුඛ ඉරාන ජාතික ව්‍යාපාරයට එරෙහි සමස්ත බටහිර බලවේගයමත් හුසේන් මුසාවි සමග මෙහිදී පරාජයට පත් කරනු ලැබ තිබේ.

ඉරාකය ලෝක සාමයට තර්ජනයක් යැයි ද එහි න්‍යෂ්ටික ආයුධ නිපදවන්නේ යැයි ද අභුත චෝදනා කරමින් එයට පහරදී එය නැවත ගල් යුගයට යැවු මේ ඇමරි - බ්‍රිතාන්‍ය ගණංකාර සමාගම තම හිරි ඇර ගන්නට ඊළඟට හැරී බැලුයේ ඉරානය දෙසය.

එහෙත් ඒ බැල්ම පිළිස්සුණු තෙල් බැරලයක් තරම්වත් ගණන් නොගත් නිර්භීත නායකයකු එකල්හි ඉරානය සතුව සිටියේය. මුළුමහත් ඉරානයම ඒ මිනිසා පසුපස සිටියේය. අවසානයේදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේගයට සිදුවුයේ පියවර ගණනාවක් පසුපසට යන්නටය.

මුහුණට මුහුණ කතාකොට ප්‍රශ්න විසඳා ගැනීම අපහසු වන විට ආපසු හැරී සයිඩ් එකෙන් ගැසීම බටහිර ලෝකයේ සාමාන්‍ය සිරිතය.

එය ද නොහැකි වන විට තමන්ට නුරුස්නා රට හුදෙකලා කරවන්නට ලෝකයේ සෙසු රටවල් රුස්වන තැන්වලට ගොස් කේළාම් කීම බටහිර බලවතුන්ගේ ඊළඟ සිරිත වේ.

එයද නොහැකි වන විට තම ප්‍රතිමල්ලවයාට එරෙහිව එම රට තුළින්ම "බුවෙකු" අල්ලා ගැනීම බටහිර බලවතුන්ගේ ඊළඟ සිරිතය. තමනට ගැති "බුවා"ලා ලෝකයේ සෑම රටකම සිටින බව දන්නා මේ බටහිරයෝ එම ගැත්තන් වෙනුවෙන් හැම කල්හිම පහසුකම් සපයන්නෝය.

තමන් ත්‍රස්තවාදය විනාශ කිරීමට කැපව සිටින්නේ යැයි ලෝකයටම ශපථ කොට සිටියත් තම ගැත්තන් ත්‍රස්තවාදීන් වීමේ ප්‍රශ්නයක් ඔවුනට නැත. ඔවුනට අවශ්‍ය වන්නේ තමන්ට ආණ්ඩු මටිටු කිරීමට අපහසු රාජ්‍යය හෝ රාජ්‍ය නායකයා හෝ මොන යකා ලවා හෝ මර්දනය කරවීමය.

බටහිර බලවතුන් එම ක්‍රියාවන් අත්හදා බැලීමට ගොස් හොඳටම අත පුච්චාගත් ස්ථානය මෑතක ශ්‍රී ලංකාවය. එහෙත්, ලෝක බලව්‍යුහය තුළ ඉරානයට රිද්දවීම ශ්‍රී ලංකාවට රිද්දවනවාට වඩා බොහෝ සෙයින් එයට වැදගත්ය.

ඒ සඳහා ඔවුන්ගේ තෝරා ගැනීම වුයේ මොහොමඩ් අහමදිනිජාඩ්ගේ සුප්‍රකට ප්‍රතිමල්ලවයා වු බිර් හුසේන් මෝසාවිය.

එහෙත් ඉරාන ජනතාව එළඹි ජනාධිපතිවරණයෙන් මෝසාවි අන්ත පරාජයකට පත් කරති.

දැන් ටෙහෙරානයේ කලබලය. මෝසාවිගේ උදව්කරුවෝ බස් ගිනි තබති. කඩ සාප්පු කඩති. මැතිවරණය දුෂිත යැයි චෝදනා කරති. මේ සියල්ල පසුපස ද බටහිර බලවතුන් නොමැත්තේ යැයි කිව හැක්කේ කාටද?

ඒ කෙසේ වුවත් මොහොමඩ් අහමදිනිජාඩ් අප හිතවත් ජනාධිපතිවරයා වටා සැබෑ ඉරාන ජනබලවේග පෙළගැසී තිබෙන බවට අපට සැකයක් නොමැත. අපි ඉරාන ජනතාවටත් විජයග්‍රාහී ජනාධිපතිවරයාටත් අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු.

(දිවයින_09/06/16)

පසුවදන_රටකට අවශ්‍ය කවර වර්ගයේ නායකයෙකුදැයි ඇසුවහොත් මා එකවර ම යෝජනා කරන්නේ මොහොමඩ් අහමදිනිජාඩ් වර්ගයේ නායකයෙකි යන්න ය. ඔහු සැබෑ දේශප්‍රේමියෙකි. සරල මිනිසෙකි. අභිමාණවත් නායකයෙකි. ඔහුගෙන් ලෝකයට ගත හැකි ආදර්ශ එමට ය. අපේ නායකයින්ට ද ඔහුගේ සරල දිවි පෙවෙත කදිම ආදර්ශයකි. ඉතින් ඉරාන ජනාධිපතිතුමාට සුබ පතන්න ලොව පුරා ප්‍රගතිශීලි ජනතාව සමග අපි ද එක්වෙමු.

Sunday, June 14, 2009

සංස්කෘත සහ සංස්කෘතිය

මේ, රට නැංවීම යළි අරඹන මොහොතයි. ජාතිය ගොඩනැඟීම නැවතත් පටන් ගන්නා ගෝලීයකරණය සහ විශ්ව ගම්මාන සංකල්පය ඔස්සේ දියුණු ලෝකයට යන අතරම අපගේ සංස්කෘතික පුරුෂාර්ථයන් නැවතත් මෙනෙහි කර දෙන යුගයයි. සංස්කෘත සහ සංස්කෘතික යන දෙවදනෙහි වෙනස නොදත් විද්වතුන් ළමයින්ට අකුරු උගන්වන යුගයකි මේ. 1970 න් පසු සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ සමගි පෙරමුණ ආණ්ඩුව මගින් හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවු ඒ විද්වත් පරපුර තමන්ට කිසිදු ලෙසකින්වත් සම්බන්ධයක් නැති දේශපාලනයක් නිසා මොට වු උගත්තු ය.

කොළඹ කෞතුකාගාරයේ තිබු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඉපැරණි පින්තුරයත් එතුමාගේ ප්‍රධාන බිසව වු වෙන්කතරංග ජම්මාල් දේවියගේ ඉපැරණි පින්තුරයත් ඉවත් කොට ඒ ඉඩකඩ පෞද්ගලික ආයතනයක දැන්වීම් දෙකක් සඳහා දී ඇති බව අපට දැනගන්නට ලැබෙන්නේ මේ අතර ය. මේ බව දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා සහ ලකෂමන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීමෙන් ඊට පුළුල් ප්‍රචාරයක් ද ලැබිණි. සිංහලේ අන්තිම සිංහල රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය. ජාතිය වශයෙන් ගත් කල දෙමළ මුලයක් ඇත්තේ වුවද (එය එතුමාගේ වරදක් නොවේ.) එතුමා බුද්ධාගම වැළඳ ගැනීමෙන් සිංහල ජාතිය සමග බද්ධ වී සිංහලයකු බවට පත් විය. පසු කාලයේදී මත් පැන්වලටත් කේළාම් අසා සාහසික ක්‍රියාවලටත් ඇදී ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිරිහීමට පත්ව සිංහල රාජාවලිය නිමාවට පත් කිරීමට ඉතා කරුමක්කාර ලෙස දායක විය. ඒ කාලයේ තත්ත්වය කෙසේ ද කියතොත් ඉංග්‍රිසීන්ට රට පාවා දීම සඳහා සකස් කෙරුණ උඩරට ගිවිසුමට ඇතැම් උඩරට ප්‍රභුවරුන් අත්සන් කර තිබුණේ දෙමළෙනි. මෙය දෙමළ භාෂාවෙහි වරදක් නොව සිංහල සංස්කෘතියට උදාවෙමින් තිබු භයානක ඉරණමේ පෙර මඟ සලකුණකි.

කෙසේ වුවද ශ්‍රී දළදා මාළිගයට, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනයට, ඔටුන්නට, කඩුවට රාජාභරණවලට, එතුමාගේ සහ බිසවගේ පින්තුරවලට කොළඹ කෞතුකාගාරය තුළ වැදගත් තැනක් හිමිව තිබිණි. කෞතුකාගාරයේ වහළයෙහි එල්ලා ඇති විශාල හාල්මැස්සාගේ ඇටසැකිල්ලට (සමා වන්න එය තල්මසකුගේ ඇටසැකිල්ලකි.) වඩා ඉමහත් ගෞරවනීය තැනක් පෙර කී කෞතුක භාණ්ඩවලට හිමි වන්නේ ඒ භාණ්ඩ යළි කිසිදාකත් නැවතත් ඇති නොවන නිසාය. කොළඹ නාරා ආයතනයට (ජාතික ජලජ සම්පත් ඒජන්සිය) කී සැණින් තල්මස් ඇටසැකිල්ලක් සොයාගත හැකි නිසාත් ය. එසේ තිබියදී රාජසිංහ රජ යුවළගේ පින්තුර ගලවා එතැන වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරන්නට අවසර දෙන ලද්දේ කවරෙක්ද? සමහර විට මේ ගැන උත්තරයක් කෞතුකාගාර දෙපාර්තමේන්තුවට තිබෙන්නට පුළුවන. ඒ දෙපාර්තමේන්තුව බංකොලොත් ය. කෞතුකාගාරයේ බොහෝ තැන්වල වහල කැඩී ඇති අතර බිත්තිවල දිය සෙවල බැඳී ඇත. ඒ කරදරවලින් ගොඩ එන්නටත් වහළය දිරා ගොස් තම හිස මත කඩාවැටීම නතර කර ගැනීමටත් පිළිසකර කටයුතු වෙනුවෙන් ගනුදෙනුවක් සොයා ගැනීමට කෞතුකාගාර අධිකාරිය සද්භාවයෙන් යුතුව මෙය කරන්නට ඇති. එහෙත් මෙය නරක පුර්වාදර්ශයකි. ඉදිරියේදී ඕල්කොටි ප්‍රතිමාව උගුල්ලා එතැන දැන්වීම් කණුවක් සිටුවන්නටත්, පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති ඩී. එස්. සේනානායක ප්‍රතිමාව උගුල්ලා එතැන විශාල බියර් බෝතලයක් සිටුවා බියර්වලට ප්‍රචාරයක් ලබා දෙන්නටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් විදේශ සංචාරයෙහි යෙදෙන විට වෙළෙඳ දැන්වීම් මුද්‍රණය කළ ටී ෂර්ටි උන්නැහේලාට ඇන්දවීමටත් ව්‍යාපාරිකයන්ට කල්පනා වනු ඇති. වෙළෙඳ දැන්වීම් කලාවට හා ප්‍රචාරණ ව්‍යාපාරයට අනුව මෙය නිවැරදිය. එහෙත් සංස්කෘතියට අනුව වැරදි ය. සංස්කෘත සහ සංස්කෘතිය යන දෙවදනෙහි වෙනස නොදන්නා අයට ද නිවැරදි ය.

(දිවයින_09/06/15)

පසුවදන_කෞතුකාගාරය ලබාදී ඇත්තේ අන්තිම නරක පූර්වාදර්ශයකි. මෙසේ ගියහොත් කෞතුකාගාරය වෙළඳ දැන්වීම්වලින් පිරී යනු ඇත. එහි කෞතුක භාණ්ඩ හැර අන් සියල්ල ප්‍රදර්ශනයට තැබෙනු ඇත. කෞතුකාගාරයට රජයෙන් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නැත්නම් එහි වියදම් පියවා ගැනීමට සහ ප්‍රවර්ධන කටයුතු සඳහා යම් යම් ආදායම් මාර්ගවලට පිවිසීමේ කිසිදු වරදක් නැත. එහෙත් ඒ කිසිවක් කෞතුකාගාරයේ ප්‍රෞඩත්වයට අබමල් රේණුවක හෝ හානියක් නොවන මාර්ග විය යුතු ය. අපේ ශිෂ්ටාචාරයේ ගමන් මග අනාගත පරපුරට දැකබලා ගැනීමට ඇති මේ මහා උරුමය සුරැකීම අප සැමගේ පරම යුතුකම ද වගකීම ද වන්නේ ය.

Friday, June 12, 2009

බොබ් රේ නාටකය

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු අගමැති වුද එරට ලිබරල් පකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුද බොබ් රේ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කරද්දී නෙරපා හරින ලදැයි ඊයේ (11 දා) දැනගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී වුව ආගමන විගමන කවුන්ටරයෙන් වීසා ලබාගෙන රටට ඇතුළු වීමට ඇමරිකානු මහාද්වීපවල සහ යුරෝපයේ රටවල් වැඩි හරියක ජනයාට අවසර තිබේ. මේ වීසා වර්ගය හඳුන්වන්නේ On arrival visal යනුවෙනි. එහෙත් බොබ් රේ හිතාමතාම කල්තබා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා ලබාගෙන තිබුණේ ඔහුගේ ගමන වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආගමන විගමන නිලධාරීන් තැත් කළොත් එය බල රහිත කරවන පිණිස ය. එහෙත් මේ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ආරකෂක අමාත්‍යාංශය එක්ව කොන්ද පණ ඇති ආණ්ඩුවක් මේ රටේ ඇති බව තවත් වරක් ප්‍රදර්ශනය කරමින් බොබ් රේ පලවා හරින ලදී. ශ්‍රී ලංකාවේ ටිකක් ඇවිද රට තොට ද බලාගෙන ආපසු යන්නට බොබ් රේට ඉඩ දුන්නේ නම් මක්වේදැයි කෙනකු මෙහිදී කල්පනා කරනවා ඇත. ඒ කාරණය සම්බන්ධයෙන් කිවයුතුව ඇත්තේ මෙයයි. දේශපාලනය සඳහා ජාතිවාදය පාවිච්චි කරන භයානකම කැනේඩියානු දේශපාලනඥයා බොබ් රේ බව ය. ඔහු කටුනායකින් එළියට පැමිණි වහාම මෙරට ඇති රාජ්‍ය නොවන සංවිධානයක් ඔහු පිළිගැනීමට බලා සිටියේ ය. ඊළඟට ඔහු වැඩි කලබලයක් නැතිවම ගොඩ පාරෙන්ම වන්නියට යන්නේ ය. ඔහු වන්නි යන්නේ හේන් කෙටීමට නොවේ. අමු වැපිරීමට හෝ ලබු සිටුවීමට නොවේ. වන්නියේ යුද මෙහෙයුම්වලදී මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති සැටි ඇසින් දුටුවේ යැයි පල්බොරු ගොතා ලෝකයට කීමට ය.

මෙවැනි ක්‍රියාවකින් බොබ් රේට ඇති වාසිය කුමක්ද? ඒ කතාව කෙටියෙන් මෙසේය: කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තය ශ්‍රී ලාංකික දෙමළ ජනයාගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. මේ ජනයා දිගු කලක් තිස්සේ එහි වාසය කළ නිසා ඔවුන්ට පුරවැසිභාවය තිබේ. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්ධයට මුදල් එකතු කෙරෙන්නේ ද මේ පිරිසෙනි. කැනඩාවේ දෙමළ ව්‍යාපාරය කොතරම් ශක්තිමත්ද යත් ලංකාවේ බෙදුම්වාදය සඳහා මුදල් ප්‍රදානය කරන සිංහලයෝ ද කැනඩාවේ වෙසෙති.

ඉදින් කතාව මෙයයි. කැනඩාවේ වෙසෙන සෑම ශ්‍රී ලාංකික දෙමළ පුරවැසියකුම ඡන්දයකි. බොබ් රේ වැනි දේශපාලනඥයෝ ශ්‍රී ලංකාවට ඊළමක් ලබාදීම සඳහා තමන් සටන් කරන බව මේ දෙමළ ජනයාට පවසා ඡන්ද ලබා ගනිති. ඊළාම් සිහිනය විනාශයට පත්වීම නිසා ඊළඟ ඡන්දයේදී දෙමළ ජනයා වෙත දීම සඳහා පොරොන්දුවක් බොබ් රේට නැත. ඒ නිසා ශ්‍රී ලංකාවට පැමිණ තැන තැන ඇවිද ගොස් බොරු ගොතා ඇසින් දුටු සාකෂි ලෙස දිවුරා යුරෝපීය ප්‍රජාවට ඉදිරිපත් කර ප්‍රභාකරන් ගේ ඝාතනය වෙනුවෙන් පලිගත් බව හඟවා කැනේඩියානු දෙමළ ජනතාවගෙන් බෙල්ල බේරා ගැනීමට බොබ් රේට පුළුවන.

මේ වැකිය දීර්ඝ වීම වළක්වනු වස් පසුගිය කාලයේදී බොබ් රේ ශ්‍රී ලංකාවට එරෙහිව කළ දේ කිහිපයක් කෙටියෙන් දක්වමු.

1. වසර 2004 දී ඔහු මෙහි පැමිණ වාද්දුවේ හෝටලයක වැඩමුළුවක් පැවැත්වීය. උතුරු නැගෙනහිරට වෙනම ෆෙඩරල් පාලනයක් දිය යුතු බව ඔහු එහිදී තරයේ පැවැසී ය.

2. ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වන බවත් ජෝන් හාපර් අගමැතිතුමාගේ කැනේඩියානු ආණ්ඩුව එයට එරෙහිව කිසිත් නො කරන බවත් කියමින් ඔහු දොස් කීවේ ය.

3. ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වෙමින් පවතින්නේ යැයි ඔහු මෙයට සති කිහිපයකට පෙර පැවැසීය.

බොබ් රේ වැනි පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් වගකීමක් මේ රටේ විදේශ අමාත්‍යාංශයට ද ඇත. මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තම තානාපති කාර්යාල දැනුවත් කිරීම එම අමාත්‍යාංශයේ යුතුකමයි. එහෙත් එය සිදුවන්නේ නැත. කැනඩාව යනු ලෝකයේ දුර්වල ම ෆෙඩරල් ක්‍රමය ඇති රටකි. මේ රටේ ඕනෑම ප්‍රාන්තයකට ඕනෑම විටෙක කැඩී වෙන්විය හැකි ය. බොබ් රේට උවමනා ශ්‍රී ලංකාව ද ඒ තත්ත්වයට පත්කිරීම ය.

(දිවයින_09/06/13)

පසුවදන_අපේ රටට කොන්ද කෙලින් තබාගෙන වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය වෙමින් පවතින බවට පෙරමග සලකුණකි; බොබ් රේ ආපයින් ගෙදර යැවීම. ඔහු නොව 6 වැනි ජෝර්ජ් රජු වුව රටේ සතුරෙක් නම් දිය යුත්තේ එම බෙහෙතයි. එහෙයින් ජිනීවා ගොස් රට පාවා දුන් දේශඅප්‍රිය වැනි ජඩ මාධ්‍යවේදීන්ට ද එම බෙහෙත කදිම බැව් අපි යෝජනා කරමු.

Tuesday, June 9, 2009

බෙදුම්වාදයේ ගමන් මඟ දෙස ආපසු හැරී බලමු

සමහරුන්ගේ මතය වුයේ කොටි සංවිධානය කිසිදු දිනෙක යුදමය වශයෙන් පමණක් පරාජය කළ නොහැකිය යන්නයි. මේ මොහොත වනවිට එම මතයන් ද කොටි සංවිධානය මෙන්ම නින්දා සහගත පරාජයකට ගොදුරු වී ඇත. නමුත් එලෙස කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බව ප්‍රකාශ කළ පුද්ගලයන්ගේ අදහස් මේ මොහොත වන විට පරාජයට පත්වී තිබුණත් ඒ පිළිබඳ කිසිදු ලජ්ජාවකින් බියකින් තොරව එම අදහස් ප්‍රකාශ කළ පුද්ගලයෝ, මේ මොහොත වන විට කොටි සංවිධානය යුදමය වශයෙන් පමණක් පරාජයට පත්වී ඇති බවත්, එය දේශපාලනමය වශයෙන් ද පරාජය කිරීම සඳහා දැන් දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බවත් අවධාරණය කරති.

මෙම පුද්ගලයන් අතීතයේදී කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවට තමන් ඉදිරිපත් කළ මතය සනාථ කිරීම සඳහා විවිධ මතවාදයන් ඉදිරිපත් කළහ. ගරිල්ලා සංවිධානයක් යුදමය වශයෙන් ලෝකයේ කිසිදු රටක පරාජයට පත්වී නොමැති බවත්, රජයේ හමුදාවන් වැටුපට යුද්ධ කරන නමුත් කොටි සංවිධානය තම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා කැපවීමෙන් සහ ජාතික හැඟීමෙන් සටන් කරන බැවින් හමුදාවට ඔවුන් පරාජය කළ නොහැකි බවත්, කොටි සංවිධානය පරාජය කිරීමට නම් එම සංවිධානය දෙමළ ජනතාවගෙන් හුදකලා කිරීම සඳහා එම ජනතාව පිළිගන්නා දේශපාලන විසඳුමක් ප්‍රථමයෙන් ඉදිරිපත් කළ යුතු බවත්, මොවුහු ප්‍රකාශ කළහ. නමුත් මේ මොහොත වනවිට දෙමළ ජනතාව දිනා ගැනීම සඳහා කිසිදු දේශපාලන විසඳුමක් ඉදිරිපත් නොකොට ජාතික හැඟීමෙන් යුද වදින බව ප්‍රකාශකළ කොටි සංවිධානය පරාජයට පත් කර ඇත. එබඳු වු පසුබිමක් තුළ දැන් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුත්තේ කුමක් සඳහාද?

දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට දේශපාලන : ප්‍රශ්නයක් නොමැති වුවත් ඒ සඳහා පෙනී සිටින පුද්ගලයන්ට නම් ඒ සඳහා විවිධ හේතු සාධක ඉදිරිපත් කළ හැක. එම හේතු සාධක අතර දෙමළ ජනතාව මේ රට දේශපාලන බලයේ කොටස්කරුවන් නොවීම, 1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා ඇති වු ගැටලු විසඳී නොතිබීම, මෙරට තුළ සිංහල : බෞද්ධ ආධිපත්‍යයක් තිබීම ආදී වු හේතු සාධක ඒ අතර තිබෙන බව පැහැදිලිය.

එමෙන්ම මේ මොහොත වන විට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් සියලුදෙනාම 13 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද දැක ගත හැක.

මෙලෙස දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් වර්තමානයේදී අවධාරණය කරන කරුණු අතීතයේදී ඩී. සුන්දරලිංගම්, ජී. ජී. පොන්නම්බලම්, එස්. ජේ. වී. චෙල්වනායගම්, අප්පාපිල්ලේ, අමිර්තලිංගම් වැනි දෙමළ බෙදුම්වාදී නායකයන් විසින් අවධාරණය කර ඇති බව මෙහිදී පළමුවෙන්ම සඳහන් කළ යුතුය. අද දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් ලබා දිය යුතු බව සඳහන් කරන ඊනියා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සී. සුන්දරලිංගම්ගේ සිට අප්පාපිල්ලේ අමිර්තලිංගම් දක්වා වු නායකයෝ විවිධ උපක්‍රම අනුගමනය කළහ. සත්‍යග්‍රහ ව්‍යාපාර හර්තාල් පැවැත්වීම් වර්ජනය කිරීම්, සිවිල් නීති කඩ කිරීම් ඒ අතර විය. 1970 න් පමණ පසුව ඉහතින් සඳහන් ඊනියා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියාවන්ද එක්විය. එම කටයුතු සිවකුමාර් වැනි තරුණයන් සහ "දෙමළ නව කොටි" වැනි සංවිධාන විසින් ආරම්භ කරන ලද අතර එහි අග්‍රඵලය වුයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ ප්‍රභාකරන් ය. ප්‍රභාකරන් කොටි සංවිධානය ආරම්භ කළේ සත්‍යග්‍රහ ව්‍යාපාර මගින්, සිවිල් නීති කැඩීම මගින් ලබා ගැනීමට නොහැකි වු ඊනියා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ය. චෙල්වනායගම්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරවලට ඊනියා අයිතිවාසිකම් දිනා දීමට බැරි වු පරිද්දෙන්ම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී කොටි සංවිධානයට ද ඊනියා අයිතිවාසිකම් දිනා දීමට නොහැකි වී ඇති අතර ඔහු සහ ඔහුගේ සංවිධානය ද විනාශයට පත්වී ඇත. එබඳු තත්ත්වයක් තුළ සටන් කර ගැනීමට නොහැකි වු ඊනියා අයිතිවාසිකම් ලබාදීම සඳහා දැන් දේශපාලන විසඳුම් ඉදිරිපත් කරන්නේ කුමක් සඳහා ද? කොටි සංවිධානයේ පරාජයෙන් සංකේතවත් වන්නේ ඊනියා අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේ අයිතිවාසිකම් පරාජයයි. එබඳු තත්ත්වයන් තුළ අසාධාරණ සටනක් කළ සටන්කරුවා විනාශයට පත් වීමෙන් පසු ඡන්ද ඉල්ලා සිටි ඊනියා අයිතිවාසිකම් ලබාදීමට යෝජනා කරන්නේ කුමන පදනමකින් ද?

කොටි සංවිධානය පරාජයට පත් වීමෙන් පසුද ඊනියා දෙමළ අයිතිවාසිකම් ලබාදිය යුතු බවට කරනු ලබන යෝජනාවලින් පැහැදිලි වන්නේ මෙම යෝජනා ඉදිරිපත් කරනු ලබන පුද්ගලයන් තුළ පවත්නා අනවබෝධයයි. ප්‍රභාකරන් නියෝජනය කළ ප්‍රශ්නය ස්ථිර වශයෙන් ම සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා ඇතිවු ප්‍රශ්නයක් නොවන බව සඳහන් කළ හැක. එසේ නම් මෙම ප්‍රශ්නය කුමක්ද?

සියවස් 3 ක පමණ කාලයක් අප මාතෘ භුමියේ සමහර ප්‍රදේශ යුාේපා ආක්‍රමණිකයන් තිදෙනකු විසින් යටත් කරගෙන සිටියත්, අප මාතෘභුමිය සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසීන්ට යටත් වුයේ 1815 දී ගිවිසුමක් මගිනි. එලෙස 1815 දී ඉංග්‍රීසීන්ගේ යටතට පත් වුයේ සිංහලය නම් වු රටකි. නමුත් ඉන් වසර 133 කට පසු ඉංග්‍රීසීන් ඩොමීනියන් තත්ත්වය තුළ අපට යළිත් බාර දුන්නේ "සිලෝන්" නම් වු රටකි. 1815 දී සිංහලයන් සමග පමණක් අත්සන් තබන ලද ගිවිසුමකින් රට භාර ගත්තත් ඉංග්‍රීසීන් 1948 දී අපට නැවත භාර දුන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ඇතුළු විවිධ ජාතීන්ට සහ ජන වර්ගයන්ට අයත් වු රටකි. මෙම තත්ත්වය නිදහස ලෙස භාර ගැනීමට බොහෝ සිංහලයන් සුදානම් නොවීය. එම සිංහලයන් සඳහා ඩී. බී. ජයතිලක, එල්. එච්. මෙත්තානන්ද මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් නායකත්වය සැපයීය. එහි ප්‍රතිඵලය වුයේ 1956 දී බලයට පැමිණි මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවයි. එම ආණ්ඩුවත්, බණ්ඩාරනායක මහතාත් බලයට පත් වුයේ බෞද්ධ තොරතුරු කොමිෂන් සභාවේ නායකයන්ට සහ බෞද්ධ භිකෂුන්ට ලබාදුන් පොරොන්දු නිසාය. එම පොරොන්දු අතර වු ප්‍රධාන පොරොන්දුව වුයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන බවට ලබාදුන් පොරොන්දුවයි. බණ්ඩාරනායක මහතා බලයට ගෙනා ප්‍රධාන පොරොන්දුව වුයේ එම පොරොන්දුවයි. එම පොරොන්දුව ක්‍රියාවට නඟනවාට දෙමළ භාෂාව තම මවු භාෂාව කරගත් මුස්ලිම් ජනතාවගෙන් විරෝධයක් එල්ල නොවුණා පමණක් නොව එවකට සිටිය ප්‍රධානතම මුස්ලිම් නායකයා වු රාසික් ෆරීඩ් මහතා ඊට පකෂව ද කටයුතු කර ඇත. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්නයක් නම් එම ප්‍රශ්නය දෙමළ භාෂාව පරිහරණය කළ මුස්ලිම් ජනතාවටද ප්‍රශ්නයක් විය යුතුව තිබුණි. නමුත් එය එසේ නොවීය. මුස්ලිම් ජනතාවට සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්නයක් නොවුණත් දෙමළ ජනතාව එම තීරණයට එරෙහි වුහ.. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට එරෙහි වු දෙමළ නායකයෝ ඊට එරෙහි වීම, සංශෝධන ඉදිරිපත් කිරීමට සීමා නොවී උතුර සහ නැගෙනහිර යන පළාත් සඳහා වෙනම පාලනයක් ලබාදෙන ලෙසත්, ඉල්ලීම් ඉදිරිපත් කළහ. අද දේශපාලන විසඳුමක මුවාවෙන් ඉදිරිපත් වී තිබෙන්නේ ද මෙම ඉල්ලීමම බව පැහැදිලිය.

මෙහිදී අප සලකා බැලිය යුතු කාරණය වන්නේ මුස්ලිම් ජනතාව ඉල්ලා නොසිටි දෙයක් දෙමළ ජනතාව ඉල්ලා සිටියේ ඇයිද යන ප්‍රශ්නයයි. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ සිට සිංහල ජනතාව තමාට අහිමි වු සිංහල යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ගත් සෑම පියවරකදීම දෙමළ නායකයන් ඊට එරෙහි වුයේ එක් පදනමක සිටය. එම පදනම නම් උතුර සහ නැගෙනහිර පළාත් තම ඓතිහාසික නිජභුමිය යන කාරණයයි. ඩී. සුන්දරලිංගම්ගේ සිට ප්‍රභාකරන් දක්වා වු සියලුම දෙමළ නායකයන් සටන් කළේ සහ කරන්නේ එම පදනමේ සිටය.

එහෙත් උතුර සහ නැගෙනහිර යන පළාත් තුළ ඓතිහාසිකව දෙමළ ඊළමක් නොපැවැති බව මේ මොහොත වනවිටත් සාධක සහිතව ඔප්පු වී ඇත. එච්. ජේ. වී. චෙල්වනායගම් ඉදිරිපත් කළ යෝජනාවල සිට මේ දක්වා ඉදිරිපත් වු සියලුම යෝජනාවලට සිංහල ජනතාව එරෙහි වුයේත් එම පදනමේ සිටය. එමෙන්ම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ සිට කුරුම්බැටිටි මැෂිම බඳු වු සැහැල්ලු ගුවන් යානාවලින් පැමිණ බෝම්බ හෙළීම දක්වා වු සියලු අභියෝගයන් මේ මොහොත වන විට පරාජයට පත් වී ඇත. එලෙස පරාජයට පත්වී ඇත්තේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිවත්, උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් නිජභුමිය බව පිළිගන්නා ලෙස ඉදිරිපත් වු අභියෝගයත් ය. එබඳු වු ඓතිහාසික ජයග්‍රහණයකින් පසු කළ යුත්තේ ඊනියා දේශපාලන විසඳුම් ලෙස පරාජිතයාගේ ඊනියා අයිතිවාසිකම් ලබාදීම නොව, අභියෝගයට ලක්කරන ලද සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තිය යළි ක්‍රියාවට නැඟීම සහ පළාත් සභා ක්‍රමයත් අහෝසි කර දැමීමය.

කළ යුත්තේ එය වුවත්, එම යෝජනාවත් ප්‍රතිකෙෂ්ප කරමින් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවට හඬනඟන පාර්ශ්වයට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කළ යුතුය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්නයක් නම් රාසික් ෆරීඩ් මහතා ප්‍රමුඛ මුස්ලිම් නායකයන් සහ එම ප්‍රජාව එම තීරණයට එරෙහි නොවුයේ ඇයි? අපගේ අනෙක් ප්‍රශ්නය වන්නේ, උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභුමිය ලෙස පිළිගනිමින් ඉදිරිපත් වු යෝජනා, එම භුමිය තුළ ඓතිහාසිකව දෙමළ ඊළමක් නොපැවති බව සාධක සහිතව ඔප්පු වී ඇති පසුබිමක් තුළ තවදුරටත් වලංගු වන්නේ කෙසේද යන්නයි.


එරික් ගාමිණි ජනප්‍රිය
(දිවයින_09/06/09)

Monday, June 8, 2009

පිල්ලේට වෙන රැකියාවක් සොයා දෙමු

ජාතිවාදය යන සංකල්පය ජාත්‍යන්තර තලය මත කොතරම් භයානක ද යන කාරණය හෙළිවන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වන නවනිතම් පිල්ලේ මහත්මිය හැසිරුණු ආකාරයෙනි. දෙමළ ජාතික කාන්තාවක් වු ඇය දෙමළ ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගනිමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පරීකෂණයක් පැවැත්විය යුතු බවට බලකරන්නට පටන් ගත්තා ය. පිල්ලේ මහත්මිය ක්‍රියාත්මක වුයේ ප්‍රභාකරන් යුද්ධය පරදිමින් සිටින අවස්ථාවේදී ය. ආණ්ඩුවේ යුද මෙහෙයුම් නැවැත්වීමට ඇති හොඳම මාර්ගය ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් පරීකෂණයක් පැවැත්වීම බව තේරුම් ගත් පිල්ලේ කොමසාරිස්තුමිය ඒ සඳහා අනුග්‍රහය ලබාගැනීම සඳහා ව්‍යාපාරයක් දියත් කළාය. පිල්ලේගේ උවමනාව අදටත් ඉටු වී නැති අතර එය ඉටුකර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට ඇය සුදානම් බව පෙනේ.

අමතක කළයුතු නිකම්ම නිකම් චරිතයක් වන පිල්ලේ ගැන අපට හිටි හැටියේ මතක් වන්නේ ඇයි? ඇය සන්නද්ධ අරගල සහ සිවිල් වැසියන් සම්බන්ධයෙන් දරන මතවාදය සහ තක්සේරුව ඇල්ජීරියාව විසින් විවේචනය කර ඇති නිසා ය. ලෝකයේ සියලුම ගැටුම් එක සමාන සේ සලකා වාර්තා සකස් කිරීම පිල්ලේ මහත්මියගේ පුරුද්ද බව ඇල්ජීරියාව කියයි. ඇල්ජීරියාවේ තර්කය ඉතා නිවැරදි ය. පිල්ලේ මානව හිමිකම් වාර්තා සාදන්නේ මෙයට වසර තිහකට පමණ පෙර සමහර ගම්බද රෝහල්වල මුත්‍රා සාම්පල පරීකෂා කළාක් මෙනි. මෙහිදී රසායනාගාරය වෙත මුත්‍රා සාම්පල ගෙනෙනු ලැබේ. ඒවා එකින් එක පරීකෂා කිරීම කරදරයක් බැවින් පරීකෂකයා කාන්තා වාටිටු සහ පිරිමි වාටිටු අනුව මුත්‍රා සාම්පල වෙන් කරගෙන පිරිමි සාම්පල සියල්ලෙහි සීනි වැඩි බවට වාර්තාව ලියයි. සියලු කාන්තාවන් පිළිසිඳගෙන ඇති බව ලියයි. සමහර විට වැරදීමකින් සාම්පලයක් මාරු වී පිරිමින් ද පිළිසිඳගන්නා අවස්ථා තිබේ.

නවනිතම් පිල්ලේ පෙර කී පරම්පරාවේ පරීකෂකවරියකි. කිසියම් ගැටුමක් ගැන වාර්තා කිරීමට පෙර එම ගැටුමේ ස්වභාවය හඳුනාගත යුතු ය. ශ්‍රී ලංකාවේ තිබුණේ බෙදුම්වාදී යුද්ධයකි. නේපාලයේ තිබුණේ ඒ රටෙි ජනයාගෙන් කොටසක් විසින් රාජ්‍ය බලය අල්ලා ගනු ලැබීම පිණිස දියත් කළ කොමියුනිස්ටි විප්ලවයකි. එතැන ජාති භේදයක් තිබුණේ නැත. උතුරු අයර්ලන්තයේ පවතින්නේ ආගමික යුද්ධයකි. එය ප්‍රොතස්තන්ත සහ ක්‍රිස්තියානින් අතර සිදු කෙරෙයි. පකිස්තානයේ පවතින්නේ එකම ආගමේ අන්තවාදී කොටස් සහ එසේ නොවන මධ්‍යස්ථ කොටස් අතර යුද්ධයකි. අප්‍රිකාවේ බොහෝ රටවල ගෝත්‍රික යුද්ධ පවතී. බ්‍රිතාන්‍යයේ සුද්දෝත් කල්ලෝත් හිටි හැටියේ ගුටි කෙළ ගනිති. එය සමේ වර්ණය පදනම් කරගත් ගැටුමකි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පවතින ගැටුම ධනවාදය සහ සමාජවාදය අතර ගැටුමකි.

සියලු ගැටුම්, ගැටුම් වුවද ඒවායේ අන්තර්ගතය වෙනස් ය. සමහර විට ස්වරුපමය වශයෙන් ඒවා එක සමාන වීමට පුළුවන. එහෙත් අන්තර්ගතයේදී ඒවා විවිධ සමාජ සහ සංස්කෘතික පදනම්වලින් සමන්විත වීමට පුළුවන. නවතිනම් පිල්ලේ මේ බව තේරුම් ගත යුතු ය. පලස්තීන, ඊශ්‍රායල් ගැටුම වෙනුවෙන් සාදන වාර්තාව ලංකාවට නො ගැලපේ. එසේම එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතීන් පිළිබඳ මහකොමසාරිස් පදවියට පිල්ලේ නො ගැලපේ.

(දිවයින_09/06/09)

පසුවදන_ජාත්‍යන්තර ආයතනවලට පත් කළ යුත්තේ මධ්‍යස්ථ මතධාරීන් ය. එහෙත් නොවන්නේ ද එයම ය. මේ යන විදිහට බිල් ලාඩන්ගේ අනුගාමිකයෙක් එක්සත් ජාතීන්ගේ ‍මහ ලේකම් විය හැකි ය. එය නොවන්නේ ඔවුන් බටහිරට සතුරු නිසා ය. ලෝකය පිල්ලේ වැනි අන්තවාදී පිල්ලි තව දුරටත් එම ආයතනවල තබා ගැනීමෙන් ලෝකයට දෙන්නේ නරක ආදර්ශයකි. මෙය තව වසර 40ක් පමණ ගිය කල ආසියාව බලවත් වී මෙකී ආයතනවලට මුස්ලිම් අන්තවාදීන් පත්කිරීමට මාර්ගය කැපීමකි. එය අයහපත් තත්ත්වයකි. එහෙයින් ඊට එරෙහිව ක්‍රියා කිරීම ලෝකයාගේ යුතුකමයි.

Sunday, June 7, 2009

උපාධිධාරියා සමාජ යුතුකම ඉටුකොට තිබේද?

විශ්වවිද්‍යාල උපාධියක් ලැබීම තුළින් පුද්ගලයකුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ තුළින් ඔහු විශාල ආත්ම තෘප්තියක් ලබයි. තමන් අධ්‍යාපනයේ මෙන්ම උගත්කමේ උච්චස්ථානයකට පැමිණ ඇතැයි යන්න එම ආත්ම තෘප්තියයි. මේ තුළින් විශ්වවිද්‍යාල උපාධිධාරීන් සමාජ පිළිගැනීමට ද ලක්වේ. තම පුතා හෝ දුව විශ්වවිද්‍යාලයට යවන්නට සිහින දැකීම සෑම දෙමවුපියකුගේම ප්‍රාර්ථනය වී ඇත. ඒ සඳහා නොකා නොබී වෙහෙස වෙමින් තම ජීවිකාව සඳහා උපයන සෑම සතයක්ම දරුවන් වෙනුවෙන් වැයකර ඔවුහු විශ්වවිද්‍යාලයට යැවීමට දෙමවුපියෝ උත්සුක වෙති. තම දරුවා විශ්වවිද්‍යාල උපාධියක් ලබාගත් ගමේ හෝ නගරයේ උගතෙකු බව තම මුවින් ප්‍රකාශ කරන්න ලැබීම දෙමවුපියෝ වාසනාවන්ත කොට සලකති.

දෙමවුපියන් මෙන්ම සෑම රජයක්ම විශ්වවිද්‍යාල උපාධිධාරීන් බිහිකරන්නට විශාල වියදමක් දරයි. එක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට ඔහුගේ පාඨමාලා කාලය සඳහා දළ වශයෙන් රුපියල් ලකෂ හයක (රු. 600000./=) පමණ මුදලක් වෙන් කරයි. එලෙසම වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගනිති. විශ්වවිද්‍යාල උපාධිධාරියකු බිහිකිරිම සඳහා රජය වියදම් කරන සෑම සතයකටම සෑම ශ්‍රී ලාංකිකයෙක්ම දායක වෙති.

මෙසේ දෙමවුපියන්ගේ විශාල කැපවීමකින් හා සෑම ශ්‍රී ලාංකිකයකුගේම දායකත්වයෙන් විශ්වවිද්‍යාල උපාධිධාරී උගතෙකු බිහිකරන්නේ ඇයි? ඔහු රටට වැඩදායී පුද්ගලයෙකු වන බැවිනි. රටේ අනාගතය ඔහු මත රුඳී ඇති බැවිනි. සමාජයේ හොඳ නරක තේරුම් ගනිමින් අන් අයට යහපත අයහපත තෝරා බේරා දෙමින් සමාජ අසාධාරණය තුළ දොරගුළු විවර කර සමාජය අන්ධකාරයෙන් බේරාගෙන නිවැරුදි දිශානතියකට යොමු කිරීම ඔහුගෙන් බලාපොරොත්තු වන බැවිනි.

එහෙත් වර්තමානයේ මෙම බලාපොරොත්තු විශ්වවිද්‍යාල උපාධිධාරී උගත්තු විසින් ඉටු කරනු ලබත්ද, මගේ සේවා කාලය තුළ විශ්වවිද්‍යාල උපාධිධාරී උගත්තු විශාල ප්‍රමාණයක් ඇසුරු කොට ඇත්තෙමි. සෑම උපාධිධාරියෙක්ම තමා උපාධිධාරියෙකු වු නිසාම මහත් ආත්මාභිමානයකින් මෙන්ම ආඩම්බරයකින් ද ඉපිල සිටිති. තමා ගණිත උපාධිධාරියෙක්, විද්‍යා උපාධිධාරියෙක්, කළමනාකරණ උපාධිධාරියෙක්, වාණිජ උපාධිධාරියෙක් හා කලා උපාධිධාරියෙක් ලෙස ඔවුහු තම තමන්ට ආවේනික එම තත්ත්වයන් විඳගනිති. මේ තුළ ගණිත උපාධිධාරීන් වු සමහර උපාධිධාරීන් තම උපාධිය උසස් ලෙසත්, තමා අන් උපාධිධාරීන්ට වඩා උගතෙකු ලෙසත් සිතීමට පුරුදු වී සිටිති. එලෙසම අනෙක් සමහර උපාධිධාරීහු ද තමාගේ උපාධියට සාපේකෂව අන් උපාධි එලෙස ඇගැයීමට ලක් කරති. මේ අතර උපාධි නොගත් අය ඉදිරියේ තමා වීරයකු, සියල්ල දත් අයෙකු ලෙස සැලකීමට සමහර උපාධිධාරීහු පුරුදුවී සිටිති. එහෙත් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබෙන්නේ අතලොස්සකට බව ඔවුහු කල්පනා නොකරති. ශ්‍රී ලාංකික අධ්‍යාපන කෙෂ්ත්‍රය තුළ පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් උසස් පෙළ සමත් සියල්ලටම විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට දොරගුළු විවර වන්නේ නැත. 2008 වර්ෂයේ උසස් පෙළ සමතුන්ගේ සංඛ්‍යාව 131000 කි. එයින් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව හිමිවුයේ 21000 කට පමණි. මෙම 131000 කම විශ්වවිද්‍යාල උපාධිධාරීන් නොවුයේ ඔවුන් ඒ සඳහා හැකියාවක් නොතිබු අය නිසාද? කොහෙත්ම නැත. ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොතිබු නිසාවෙනි. ඇතැම් විට මේ කණ්ඩායම් තුළ විශ්වවිද්‍යාලයට තේරුණ අයට වඩා දකෂ අය සිටිය හැකිය. තවද ලෝකයේ විශිෂ්ටයන් දෙස බැලීමේදී ඔවුන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල උපාධි ලබාගත් උපාධිධාරීහු නොවෙති. එබැවින් අප එම මානයෙන් මිදිය යුතුය.

වර්තමාන විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් සමහරු අසාධාරණය. බොරුව, වංචාව හා නොහික්මුණ ඒකාධිපතිත්වය හමුවේ මුනිවත රකිති. තමන්ට ලැබෙන වරප්‍රසාද, උසස්වීම් මෙන්ම රුකියාව කරන අංශයේ ස්ථාවරත්වය අහිමි වේ ය යන ජුගුප්සාජනක බිය මෙයට හේතු වී ඇත. එහෙත් තමන් විශ්වවිද්‍යාලය තුළ රඟ දැක්වු මාක්ස්වාදී, ලෙනින්වාදී මෙන්ම සර්ව සාධාරණ සුබවාදී රංගනයන් පිළිබඳව මතක් කරන්නේ උජාරුවෙනි. ඉහත සඳහන් කළ සමාජයේ පැවැත්මට හානිකර වු ක්‍රියාදාමයන්ට විශ්වවිද්‍යාලය තුළ හඬ නැගු ආකාරය පිළිබඳව පම්පෝරි ගසති. විශ්වවිද්‍යාලවලින් පිටවී

රුකියාවක් ලබා ගත්තායින් අනතුරුව තමන් පමණක් හෙවත් මමත්වය යන සංකල්පය කරපින්නා ගත් අමුතුම ජාතියේ මාක්ස්වාදියකු බවට විශ්වවිද්‍යාල උපාධිධාරියා පත්වීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි. මෙසේ ඇල්මැරුණු නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තුළින් තම ආයතනය, සමාජය මෙන්ම රට ද පරිහානියට පත්වන්නේ ය. මමත්වය තුළ තමා ලබන සුඛවිහරණය තාවකාලිකය.

ඇතැම් උපාධිධාරීන් තමන්ගේ උගත්කම උපයෝගී කර ගෙන සමාජයේ හොඳ පුද්ගලයකු ලෙස වැජඹෙමින් අන් අය මෝඩයාට ඇන්දවීමේ කලාවක නිරතව සිටිති. පුද්ගලයකු ඇති තැන හොඳින් මුණපුරා හිනාවෙන, හොඳින් කතා කරන ඇතැම් උපාධිධාරීහු පුද්ගලයා නැති තැන ඔහුගේ මුළු ආත්මය විනාශ කිරීමට උගුල් අදිති. උදව් උපකාර කරති. තමන් පමණක් නිවැරුදි යැයි සිතා අනෙක් සියලු දෙනා නිර්දය ලෙස විවේචනය කරති. උසස්වීම් ලබා ගැනීමට එකිනෙකා පරයා උගත්කම වළපල්ලට දමා කටයුතු කරති. උගත්කම ප්‍රයෝජනයට ගනිමින් අන් අය මුලාවට පත් කරමින් සමිති සමාගම්වල නිලතල දරමින් තමන් අන් අය ගැන හිතන ශිකෂාකාමී අයෙකු බව පෙන්වීමට වෙර දරති. අතලොස්සක් දෙනා වැන්දඹු කාන්තාවන් හා සමාන බව ප්‍රකාශ කරන්නේ දැඩි පිළිකුලෙනි. (පැරුණි ව්‍යවහාරයට අනුව) තමා හා තම දරු පවුල රුකුනොත් ප්‍රමාණවත්ය යන සිතුවිල්ලේ සිට සෑම දෙයක්ම කිරීමට ඇතැම් උපාධිධාරීහු පෙළඹී සිටිති. ටිබෙටි ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවි දෙපදයක මෙසේ සඳහන්ව ඇත. එය වර්තමාන ඇතැම් උපාධිධාරීන්ට මනා ලෙස ගැලපේ.

ජීවත් වුණත් මැරුණත් උන් මට මොකද

මාවත් මගේ අඹුවත් රුකුනොත් මදිද"

මෙහි දෙවන කවි පදය වර්තමානයට අනුව,

මාවත් මගේ දරු පවුලත් රුකුනොත් මදිද යනුවෙන් වෙනස් වීම කාලෝචිත යැයි සිතමි.

තමාගෙන් සමාජයට ඉටුවියයුතු යුතුකම් මොනවාද යන්න ඔවුහු නොසිතති. රට විසින් තමා උගතෙකු කළේ ඇයි ද යන්න ඔවුන් කල්පනා නොකරති. සමාජයේ සිදුවන අසාධාරණය, බොරුව, වංචාව, කපටිකම ඉදිරියේ ඔවුන් මුනිවත රකිමින් තමාගේ වාසියට ඒවාට හුමිටි තියමින් කටයුතු කරන ආකාරය දකින විට ඇතිවන්නේ දැඩි පිළිකුලකි. තමාගේ වරප්‍රසාද අහිමි වේ යැයි සිතා නිහඬව සිටීමට ඔවුන් පුරුදුව සිටිති. ඉතින් සමාජයක් මෙන්ම තම ආයතනය යහමඟට ගැනීමේ මෙහෙවරට විශ්වවිද්‍යාල උපාධිධාරියාගෙන් ඉටුවිය යුතු යුතුකම ඔබ ඉටුකර තිබේද?

අයාලයේ යන සමාජය දෙස මුනිවත රුකීම සඳහා විශ්වවිද්‍යාල උගතෙකු බිහිකිරීමේ හරය කුමක්ද? කවදා හෝ සමාජය යහමඟට පැමිණෙන තෙක් නිහඬව සිටීම විශ්වවිද්‍යාල උපාධිධාරියාගේ උගත්කම ලෙස සිතීමට ඔවුහු පුරුදුව සිටිති. අපේ ඉතිහාසය දෙස දෙනෙත් හැර බලන්න. ඉතිහාසයේ දිවි දුන් සියලු වීරවරයෝ අධිරාජ්‍යවාදය ඉදිරියේ ජීවිත පුජා කළේ තම මාතෘ භුමිය, තම භාෂාව, ආගම, ජාතිය ආරකෂාකර ගැනීම උදෙසාය. ඔවුන්ගේ එම ජීවිත පුජාවෙන් අප අද සුවසේ ජීවත් වන්නෙමු. එපරිද්දෙන්ම වර්තමානයේ රට හමුවේ ඇති ත්‍රස්තවාදය ජය ගැනීමට කොපමණ පිරිසක් ජීවිත පුජාවෙන් උරදී සිටිද්ද. තව පිරිසක් තම පෑන මෙහෙයවමින්ද, ඇතැමෙක් වාග් ප්‍රහාරවලින්ද, තම රට ආරකෂා කිරීමට කැප වී සිටිති. අඩුම තරමේ රටේ තීරණාත්මක මොහොතක රට ආරකෂා කිරීමට

නිවැරුදි තීරණයක් ගෙන තම ප්‍රජාතන්ත්‍රික අයිතිය පාවිච්චි කිරීමට තරම්වත් ඇතැම් විශ්වවිද්‍යාල උපාධිධාරීහු ප්‍රඥාගෝචර නොවුහ. ඔබ නියම උගතකු නම් එසේ විය නොහැකිය. එහෙත් ඒ යුතුකම ඉටුනොකර තම වාසිය සඳහා තමන් එසේ තීරණ ගත්තෙකු බව රඟපෑමට උපාධිධාරියා අතිශුරය. එහිදී ඔබේ උගත්කම ඉදිරියට පැමිණේ. අතීතයේදීත්, වර්තමානයේදීත් රටට ආදරය කළ හා කරන අය ප්‍රශ්න විසඳෙන තුරු ඇස්කන් පියාගෙන සිටියේ නැත. එසේ නිහඬව සිටියා නම් අපට කියා රටක් තිබේද. ඉතින් උපාධිධාරී උගත් මහත්වරුනි, නිසි අවස්ථාවේදී සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිට තම රටට යුතුකම ඉටු කිරීමට ඔබ ඉදිරිපත් විය යුතුයි නේද. ඔබ උගතකු බවට පත් කළේ එබැවිනි. එසේ නැතිව මමත්වය තුළ ජීවත් වන උගතෙකුගෙන් රටටවත්, ඔබටවත්, සමාජයටවත් ආයතනයකටවත් යහපත් නොවන්නේය.

මම ඇසුරු කළ විශ්වවිද්‍යාල උපාධිධාරී උගතුන් නියැදියක් ලෙස ගතහොත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ශෝකාන්තයක් යැයි මට සිතේ. උගත්කම පමණක් ලබා ගන්නා ශීලයෙන් පිරිහුන උපාධිධාරියකු රටට බිහිකරන්නට අද විශ්වවිද්‍යාල පෙරමුණ ගෙන ඇතැයි යන්න මගේ උපකල්පනයයි. ශීලය යනු හොඳ නරක තේරුම් ගනිමින් සමාජයේ යහපත උදෙසා කටයුතු කිරීමේ යහපත් ගුණාංගවලින් හෙබි, සංවර ගති පැවතුම්වලින් යුක්ත වු පරිසරයයි. මෙවන් පරිසරයක් විශ්වවිද්‍යාල උපාධිධාරීන් ඔවුන්ගේ ජීවිතවලට උරුම කරගෙන තිබේද, නැත යන්න මගේ පිළිතුරයි. විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් අතලොස්සක් මෙම ගුණාංගයෙන් පෝෂණය වී සිටිති. එම අතලොස්ස නිසා රටේ අනාගතය තීරණය වී ඇත. ඔබ හොඳින් දන්නා "ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු" යන කවි පදය දෙස බලන්න. නැණ පමණක් ප්‍රමාණවත් නැත. ගුණයද අවශ්‍යය. නැණ හා ගුණ යන දෙකෙන්ම පෝෂණය වීම ශීලයයි. ඉතින් දැන්වත් රටේ යහපත උදෙසා සමාජයේ යහපත උදෙසා විශ්වවිද්‍යාල උපාධිධාරීන් වන ඔබලා වෙනස් විය යුතු කාලය එළඹ තිබේ. මහින්ද හිමියන්ගේ ඉහත සඳහන් කවි දෙපදය අනුව පමණක් ජීවත් නොවී සමාජයේ, රටේ යහපත උදෙසා සෘජුව කටයුතු කිරීමේ දිශානතියකට උපාධිධාරියා තල්ලු විය යුතුය. නැතිනම් දෙමවුපියන් මෙන්ම රටේ පුරවැසියන් ඔබගෙන් බලාපොරොත්තු වු සමාජ යහපත ඔබගෙන් ගිලිහී යනු ඇත. විද්වතුන්ගේ අදහස අනුව අධ්‍යාපනය තරම් භයානක කටුක අමිහිරි දෙයක් ලෝකයේ තවත් නොමැත. එය භයානක වන්නේ හැදියාව කියන දේ අධ්‍යාපනය තුළ නොමැති වු විටයි. හැදියාව අධ්‍යාපනය සමඟ එකතු වු විට ලැබෙන උගත්කම ශ්‍රේෂ්ඨ දෙයක් බවට පත්වෙනවා. හැදියාව, සදාචාරය, ආගම දහම යන දේවල් නොදෙන අධ්‍යාපනය තරම් භයානක දෙයක් මේ තුන් ලෝකයේම නැත. ගුණධර්ම නොදන්නා නිසා නුගත් මිනිස්සු පොඩි වැරුද්දක් කරන විට එවැනි උගත්තු ලොකු වැරදි කරනවා.

මේ රටේ මහා පරිමාණ වංචා බොහෝමයක් සිදුකර තිබෙන්නේ ඉහළ අධ්‍යාපනයක් ලැබු අයයි. මොකද නුගතාට වඩා උගතාට එය සැලසුම් කර විධිමත්ව කිරීමේ හැකියාව ඇති බැවිනි. හොඳ නරක, ආගම, දහම සදාචාචාර ගැන දන්නා උගතුන් මෙවැනි දේට යොමු වන්නේ නැත. උපාධි කොපමණ තිබුණත් හැදියාවක් නැත්නම් ඒ පුද්ගලයාගෙන් රටට, සමාජයට ප්‍රයෝජනයක් වන්නේ නැත. විභාග සමත් වන්නේ උපාධි ගන්නවත්, රස්සාවක් කරන්නවත් නොවෙයි. කොටින්ම අපි ඉගෙන ගන්නේ අධ්‍යාපනය ලබන්නේ මේ සමාජයේ යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වීම සඳහායි.

ඒ අනුව විශ්වවිද්‍යාල උපාධිධාරීන් කෂණික පරිවර්තනයකට පත්වීම අත්‍යවශ්‍යය. නැතිනම් උගත්කම කරපින්නා ගත් මෙම සමාජයට, ආයතනයට යහපතක් නොකළ විශ්වවිද්‍යාල උපාධිධාරී පරඬැලක් බවට ඔබ අවසානයේ මෙලොවට පස් වී යනු ඇත.

ඉතින් මෙම ලිපිය සියලුම විශ්වවිද්‍යාල උපාධිධාරීනට අදාළ වන්නේ නැත. එහෙත් 75% ක් පමණ වන විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට මෙය අදාළ වනු ඇත යන්න මගේ අදහසයි. ඉතිරි 25% නිසා අපේ රටේ අනාගතය දැනට යහමඟට තල්ලු වෙමින් තිබේ. 75% ක් වන ඔබලාගේ දායකත්වය මේ වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ආයතනය වෙනුවෙන් වෙන් කළොත් ලස්සන පිරිපුන් රටක් අනාගතයට ඉතිරි නොවන්නේද?

ඩබ්. සෙනෙවිරත්න
(දිවයින_09/06/08)

පසුවදන_උපාධිධාරියෙක් බිහිකිරීමට අප සමාජය විශාල පිරිවැයක් දරා ඇත. එහෙයින් සමාජයේ සෙසු තරුණයින්ට සාපෙක්ෂව ඔහුට වඩා වැඩි යුතුකම් කොටසක් සමාජයට ඉටුකරලීමට වගකීමක් ඇත. නැත්නම් තමන් ලබාගත් ණය නැවත සමායට ගෙවීමේ පැහැර හැරිය නොහැති යුතුකමක් උපාධිධාරියාට ඇත. ඔබ, ඔබේ ඥතියා උපාධිධාරියෙක් නම් ඒ සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කළේදැයි අවංකව සිතා බලන්න. රට ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමේ මෙහෙවර හමුවේ ඔබේ හැසිරීම ඒ සඳහා භාවිත කළ හැකි ය.

Friday, June 5, 2009

දුෂ්කර ගම්මාන ලංකා සිතියමෙන් මකා දෑමීම!

මායිම් ගම්මාන, තර්ජිත ගම්මාන ලංකා සිතියමෙන් මකා දැමු රජයට තව ඉතිරිව ඇත්තේ දුෂ්කර ගම්මානද එයින් මකා දැමීමේ අභියෝගය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 03 වැනිදා ගාලු මුවදොර පැවති "රණවිරු විකුම් අභිමාන ප්‍රදාන" උළෙලේදී ප්‍රකාශ කර තිබිණි. ඉතාම කාලීන ප්‍රශ්නයකි. ක්‍රියාවට නැංවිය යුතු යහපත් වැඩකි. තිස් වසරක සාපරාධී ත්‍රස්තවාදයෙන් බැට කෑ උතුර, නැගෙනහිර පමණක් නොව මේ රටේ බොහෝ දිස්ත්‍රික්කවල දුෂ්කර ගම් තිබෙන බව නොරහසකි.

මේ බොහෝ ගම්වලට යෑමට පාරක් නැත. දරුවන්ට ඉගෙනීමට පාසල් නැත. ලෙඩට දුකට බේත් හේත් නැත. ගොවිතැනකින් හෝ හේනකින් ලබා ගන්නා බෝගයක් හෝ අලෙවි කිරීමට මඟක් නැත. බුලත් කහට බැඳි සිනහවකින්ද දුර්වර්ණ වී ගිය ඇඳුමකින්ද යුත් මේ ගම්වල බහුතර ගැහැනුන් හා මිනිසුන් ගෙවන ජීවිතය කෙබඳු ශෝකාන්තයක්දැයි පාලකයෝ පවා නොදනිති.

කොළඹට කිරි : ගමට කැකිරි යැයි කීවත් මේ බොහෝ ගම්වලට කැකිරිවත් නැති බව ඇත්ත කතාවයි. සංවර්ධනය ගැන මහ හඬින් ඇසෙන ඝෝෂාව මේ ගම්වලට රුගෙන යෑමට මෙතෙක් රට පාලනය කළ පින්වතුන්ට වුවමනා වුයේ නැත. එහෙත් මුල් වරට වත්මන් ජනාධිපතිවරයා මේ අහිංසක මිනිසුන් ගැන හිතන ඒ සඳහා යමක් කිරීමට ඉදිරිපත් වන නායකයකු ලෙස අපි දකිමු. එහෙත් ඒ කාර්ය රාජ්‍ය නායකයාට හෝ තනිව කළ නොහැකි බව අපගේ විශ්වාසයයි. මැති ඇමැතිවරුන් දුසිම් ගණනින් සිටියත් ඒ සියල්ලෝම කොළඹ කේන්ද්‍ර කර ගත්තෝම වෙති. මැතිවරණයට පෙර ගම්වලට යන්නෝද වෙති.

සංවර්ධනයේ ඇත්ත කතාව නම් ගම එතනම තිබීමත් සංවර්ධනය කොළඹ අවට කැරකීමත්ය. පාරවල්, ගොඩනැඟිලි, රෝහල් ගම්වලට ගියත් ඒ ඉතා කලාතුරකින්ය. ගම්උදාව සමග රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අවංකවම ගම පුබුදු කරවීමට කැප විය. එහෙත් අද ඒ උදාගම්වලට සිදුවී තිබෙන්නේ කුමක්ද? ඒවායේ ජනතාවගේ ජීවිත දියුණු වී තිබේද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බැඳුණු ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් රුසක්ද දුෂ්කර ගම් කේන්ද්‍ර කරගෙන තිබෙන බවද අපි දනිමු. ළමා පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ එබඳු යෝජනා ක්‍රියාත්මක කරන බවද කියති. එහෙත් ගෙවීගිය ආසන්න අවුරුදු ගණනාවක් තිස්සේම මේ සංවිධානවල බොහෝ දෙනා ක්‍රියාකාරී සහාය පළ කර ඇත්තේ එල්ටීටීඊ සංවිධානයට බවද නොරහසකි.

ප්‍රභාකරන්ගේ ඊනියා ඊළාම් සිහිනයට මේ බොහෝ ව්‍යාපෘතිවලින් ප්‍රබල අනුග්‍රහයක් ලැබී තිබිණි. බේත් ද්‍රව්‍ය, වෙනත් තාක්ෂණ හා අධ්‍යාපන පහසුකම් ඇතුළු බොහෝ දේවල් කොටින්ට ලබා දුන් ආකාරය වෙනම කතා කළ යුත්තකි. අපි එය පසෙක තබා මේවා විධිමත්ව හා සද්භාවයෙන් ගමට : ගමේ දියුණුවට ලැබෙන සැලැස්මක් සකසා ගත යුතුය.

සංවර්ධනය වු රටවල් තුන්වැනි ලෝකයේ සංවර්ධනය සඳහා දක්වන උනන්දුව අද බොහෝ දෙනකුගේ විවාදයට ද ලක්ව තිබේ. මානව හිමිකම් සුරුකීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දුෂ්කර රටවලට එන සංවර්ධනයේ දුතයන්ගෙන් ඒ රටවලට සිදුවු යහපතට වඩා අයහපතක් සිදුවී තිබේද යන්නත් විමසා බැලීමද උචිතය.

අනෙක් අතට අපේ රටට පැමිණෙන බොහෝ විශේෂඥයන්ගේ නඩත්තුව සඳහා ද විශාල ධනයක් වැය කළ යුතු වේ. මේ බොහෝ දෙනෙක් සුඛෝපභෝගී ජීවිතවලට හුරුවුවෝය. කාමභෝගී ජීවන රටාවලට ඇබ්බැහි වුවෝය. දුෂ්කර ගම්මානවලට යන අයට වුවද ඒ සුවපහසු ජීවිත පවත්වා ගෙන යෑමට සිදුවේ. ශීතකළ කාමර, ඉහළ අගයකින් යුතු මත්පැන්, වෙනත් විනෝදාංශ ඔවුන්ගේ ජීවිතවල අනිවාර්ය අංගයන්ය.

මේ දිනවල වව්නියාවට යන අයෙකුට පෙනී යන්නේ අධි සුඛෝපභෝගී වාහනවලින් ඉගිළි යන එක්සත් ජාතීන්ට අයත් විවිධ සංවිධානවල නිලධාරීන්ය. ඔවුන්ගේ සුවපහසු ජීවිත දෙස බලා අසරණ ගම් වැසියෝ හුල්ලති. සැබැවින්ම ඊටත් වඩා දෙයක් සිදුවන්නේද? අප ඔවුන්ට යෝජනා කරන්නේ කුඩාරම්වල ජීවත්වීමට හෝ පාන් කෑල්ලකින් තුන්වේල පිරිමසා ගැනීමට හෝ නොවේ. එහෙත් සඳලුතලවලින් එබී බලන මහේශාඛ්‍ය සුල්තාන්වරුන් මෙන් බිම දෙස බලන සුපිරි විශේෂඥයන්ගෙන් ගම්වලට හෝ රටට යහපතක් නොවන බව කිව යුතුය.

රජය හෝ විදේශ අමාත්‍යාංශය හෝ මේ රටේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හා එබඳු ස්වෙච්ඡා ආයතන පිළිබඳ මීට වඩා විමසිලිමත් විය යුතුය. ඔවුන් හා සම්බන්ධීකරණය කිරීමට රජයට හැකියාවක් තිබිය යුතුය. දුප්පත් භාවය තුරන් කිරීමට ලැබෙන ආධාරවලින් පිරිසක් සුරසැප විඳිත් නම් එයින් ඵලක් තිබේද? පිටරටකින් ලංකාවට පැමිණ නේවාසිකව සිට ජීවිතය සැපසේ ගෙවා තමන් ලබන වෙනසට වඩා අමුතු දෙයක් මේ බොහෝ විශේෂඥයන්ගෙන් රටට ලැබී තිබේද?

කෙසේ හෝ නිදහසින් වසර හැටක් සපුරා තිබෙන අපට මේ කාලය තුළ ගම පිළිබඳ සතුටුදායක දියුණුවක් ලබාගැනීමට හැකිවී තිබේද? ස්වාභාවික විපත් කරදරවලට අමතරව වන සතුන්ගෙන් පීඩා විඳින ගම් කොපමණ තිබේද? වල් අලින්ගේ ප්‍රහාරයට ලක්වන ගම් කොපමණ තිබේද? අදටත් මේ ගම්වල ජනතාව දෙස් දෙවොල් තබන්නේ තමන් දෙස නොබලන පාලකයන්ටය. තමන්ගේ දුකට සවන් නොදෙන දේශපාලනඥයන්ටය.

ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විසින් පත් කරන ලද ජාතිය ගොඩනැඟීමේ ඇමැතිවරු පිරිසක්ද සිටිති. මේ ඇමැතිවරුන්ගේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳවද බරපතල විවේචන තිබේ. එහෙත් මේ ඇමැතිවරුන්ගෙන් මීට වඩා ප්‍රායෝගික කාර්යභාරයක් ඉටු කර ගත හැකි බව නම් කිව යුතුය.

අපේ රටේ දුෂ්කර ගම් තෝරා ඒවා සංවර්ධනය කිරීමේ කාර්යයේදී මුලික විය යුත්තේ මේ ඇමැතිවරුය, මිනිසා නොහදා ගම හැදීමට බැරිය. ගම නොහදා රට හැදීමට බැරිය. අද ඒ කාර්ය ඉටු කිරීමට රාජ්‍ය නායකයාට අවශ්‍යව තිබේ. කිසිවකුට පරාජය කළ නොහැකි බවට වහසි බස් දෙඩු ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කරමින් ලොවම මවිතයට පත් කළ ජනාධිපති මහින්ද රාජපකෂ මහතාට දියුණු කිරීමට බැහැයි කියන මේ ගම් දියුණු කිරීමද අභියෝගයක් නොවන බව අපගේ විශ්වාසයයි.

ජී. එස්.

(දිවයින_09/06/05)
පසුවදන_අද කොළඹ ගෙන්දගම් පොළවේ පය ගසා සිටින අපේ මුල් ඇත්තේ ද ගම්වල ය. නගරයට සීමා වූ සංවර්ධන උපාය මාර්ග හමුවේ අපට නගරයට ඒමට සිදු වුව ද නගරයේ බින්න බසින්නට අප සුදානම් නැත. අපි අපේ සභ්‍යත්වයේ සංස්කෘතියේ පෙකනියෙන් ගමට බැදී සිටිමු. ගමේ ඉපිද ගමේ හැදී වැඩුණු ජනාධිපතිතුමා, ගම සහ නගරය අතර සංවර්ධන පරතරය බිඳදමතියි අපි විශ්වාස කරමු. කොළඹට කේන්ද්‍රීය සංවර්ධන සුළඟ ගම්දනව් ඔස්සේ යාපනයට කිලිනොච්චියට මඩකලපුවට දෙහිඅත්තකණ්ඩියට හම්බන්තොටට හමා යාමට පවතින බාධා ඉවත් කිරීම මාතෘ භූමියේ ඒකීයභාවය තව දහස් වසක් සුරැකීමට දමන අඩිතාලම වනු ඇත.

Wednesday, June 3, 2009

සැබෑ සතුරා හඳුනා ගනිමු

වසර තිහක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට විශාල පිළිලයක්ව තිබු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර දැමීමට වර්තමාන රජයට හැකිවීම සමස්ත ජාතිය ම ලැබු ඓතිහාසික ජයග්‍රහණයකි.

එම විශිෂ්ට ජයග්‍රහණය අපට හිමිකර දීමට රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුනහ. එය රණවිරුවන්ගේ ලෙයින් කඳුළින් ලබාගත් ජයකි. රට වෙනුවෙන් ඒ සියලු කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් ඉතා ගෞරවාදරයෙන් යුතුව සිහිකිරීම අප කාගේත් යුතුකමකි. මේ විශිෂ්ට ජයග්‍රහණය අපට ලබාගත හැකිවුයේ රට ගැන ජාතිය ගැන හැඟීමක් ඇති ශ්‍රේෂ්ඨ නායකයකු ජාතියේ පිනින් අපට ලැබී තිබීමය.

එල්. ටී. ටී. ඊ. සංවිධානය යනු ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය සඳහා මතු වු සංවිධානයක් නොවන බව පළමුවෙන් කිව යුතුය. එය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කටයුතු අස්ථාවරකොට දැමීම සඳහා බටහිර රටවල් විසින් මේ කලාපය තුළ අටවන ලද උගුලකි. බටහිර රටවල වැටී යන ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීමට නම් පෙරදිග රටවල් දීනත්වයේ තැබිය යුතුය යන්න බටහිර රටවල් එදත් අදත් දරන මතය වේ. එදා ඔවුන් මේ රටවල් යටත්කොට ගත්තේ සෘජුව යුද මාර්ගයට පිවිසීමෙනි. එය පැරණි යටත් විජිතවාදයේ පිළිවෙතයි. මෙදා ඔවුන් එම කටයුත්ත ඉටුකර ගැනීමට වෑයම් කරන්නේ ඒ සඳහා බළල් අත් සංවිධානය කොට ඊට ආධාර කිරීමෙනි. මෙය අප අසා ඇත්තේ නීච යටත් විජිතවාදය ලෙසයි. කොටි සංවිධානය අප දකින්නේද එවැනි බළල් අත් සංවිධානයක් ලෙසය.

ත්‍රස්තවාදය මිහිපිටින් තුරන් කර දැමිය යුතු යැයි හඬක් නැගු එංගලන්තය ප්‍රංශය සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් ශ්‍රී ලංකාවේ රජය එම කටයුත්තට සාර්ථක ලෙස උර දෙමින් කටයුතු කරද්දී ක්‍රියාත්මක වුයේ ඒ කතාවට ඉඳුරාම වෙනස් ආකාරයකටය. ඒ ක්‍රියාවලිය තුළින් අප තේරුම් ගත යුත්තේ කොටි ත්‍රස්තවාදයේ ජීවය ඇත්තේ කොතැනද යන්නය.

කොටි ත්‍රස්තවාදය හරහා බටහිර රටවල් උත්සාහ කළේ උතුරු : නැගෙනහිර දෙපළාත් වෙන්කොට වෙනම රාජ්‍යයක් මෙහි පිහිටුවීමටය. නැගෙනහිර පළාතේ පිහිටි ත්‍රිකුණාමල වරාය යුද්ධමය අතින් පෙරදිග ඇති වැදගත්ම වරායක් බව ඔවුහු හොඳින් දනිති. උතුරු නැගෙනහිර පළාත් වෙන් කළ විට එහි ඇති වරාය තමන්ගේ පාලනයට නතුකර ගැනීමට හැකිවෙතැයි ඔවුහු සිතුහ. එතැන් සිට ඉන්දියාවේ කටයුතු අස්ථාවර කොට එය කඩා කුඩා රාජ්‍යවලට කැබලිකර දැමීමේ ඔවුන්ගේ ඉලක්කයද පහසු වනු ඇත.

බටහිර එක්තරා ඔත්තු සේවාවක් විසින් "බ්‍රහ්ම පුත්‍ර" සැලැස්ම නමින් වැඩ පිළිවෙළක් ඔස්සේ ගොස් ඉන්දියාව කුඩා රාජ්‍යවලට කැබලිකර දැමීමට ගෙන ඇති උත්සාහයක් ගැන තොරතුරු මීට කලකට ඉහතදී ඉන්දීය බලධාරීන් විසින් ලොවට හෙළිකර ඇති බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැටුම් සහ මතභේද ඇතිකිරීම ද මේ වැඩපිළිවෙළේ එක් අංගයක් වී තිබිණි.

මීට කලකට ඉහත ඉන්දු : ශ්‍රී ලංකා සබඳතා දෙදරා යෑමකට මග පෑදුනේ ද ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ සහ යුද පුහුණුව ලබා දුන්නේ යැයි යන කතාවක් ඇසුරිණි. ඒ කතාව අප අතරට ආවේ අමෙරිකා එක්සත් ජනපදයේ පළවන සෝල්ජර් ඔෆ්පෝචුන් නමැති සඟරාව ඔස්සේය. එහි 1987 පෙබරවාරි කලාපයේ පළකරන ලද ලිපියක මෙසේ සඳහන් විය. "ශ්‍රී ලාංකික සටහන්කාමීන් පුහුණු කිරීමේ කටයුතු ඉන්දියාව තුළ ඇරඹුණේ හරියටම කවදාදැයි යන්න අපහැදිලි කරුණකි. අමෙරිකා එක්සත් ජනපද යුද්ධ ඔත්තු සේවයේ විශ්ලේෂකයකු පවසන්නේ 1983 ට පෙර ඇරඹුණු එම ක්‍රියාවලිය ඉන්පසු කාලය තුළ නවදිල්ලියට පාලනය කර ගත නොහැකි අයුරින් ව්‍යාප්ත වු බවයි.

ඉහත කී ලිපියෙහි යොදා ඇති "ශ්‍රී ලාංකික සටන් කාමීන්" යන වචන තුළ ගැබ්ව ඇත්තේ දෙබිඩි අර්ථයකි. එයට හේතුව එම සඟරාව එම ලිපිය පළකළ එම කාලවානුව තුළ ශ්‍රී ලංකාවේ සටන්කාමී කණ්ඩායම් හයක් ක්‍රියාත්මකව තිබීමයි. ජනතා විමුක්ති පෙරමුණ, ඊ. පී. ආර්. එල්.එෆ්. ඊරෝස්, ප්ලොටි, ටෙලෝ සහ එල්. ටී. ටී. ඊ. මීට අයත්ය. මේ සියලු කණ්ඩායම් අප හඳුන්වන්නේ ශ්‍රී ලංකා සටන්කාමීන් වශයෙනි. මේ සියලු කණ්ඩායම් කොටි ලෙස හැඳින්විය නොහැක. ඉන්දියාව ද්‍රවිඩ සටන්කාමීන්ට අවි පුහුණුවක් දුන්නේ යැයි යන කතාවේ සත්‍යයක් ඇතත් එල්. ටී. ටී. ඊ. සංවිධානයට අවි සහ සටන් පුහුණුව සපයන ලද්දේත් ඉන්දියාව විසින් යැයි කීම මිථ්‍යාවකි.

අපේ රටේ විදේශ විත්ති විචාරකයන් ලෙස පෙනී සිටින අයද කොටි ත්‍රස්තවාදය ගැන කතාකරන බොහෝ අවස්ථාවලදී තොරතුරු පැවසීමේදී මුලාශ්‍රයක් වශයෙන් යොදාගත්තේ ඉහත කී "සෝල්ජර් ඔෆ් පෝචුන්" නමැති සඟරාවය. ඒ අනුව කොටි පුහුණු කිරීම සම්බන්ධව ඇති සියලු මහදොස් පැවරුණේ ඉන්දියාව මතය. සැබෑ අපරාධකරුවා පිළිබඳ තොරතුරු සියල්ල එනිසාම යටපත්ව ගියේය.

එහෙත් "සෝල්ජර් ඔෆ් පෝචුන්" සඟරාව ගැනත් එහි කතුවරයා ගැනත් වැදගත් තොරතුරු රැසක් පැරණි සෝවියටි දේශයේ සිටි ලේඛකයෙකු වු ව්ලැඩිමර් කෝල්ඩොබ්ස්කි විසින් රචිත "වෘත්තික මිනීමරුවා" නමින් පළකරනු ලැබීම නිසා ත්‍රස්තවාදය පිළිබඳව තොරතුරු රැසක් ලොවට හෙළි විය. එහි කතුවරයා කලක් ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ බලකා සේවයේ යෙදී සිටිමින් කුලී භටයන් පුහුණු කළ අයෙකි. රොබටි බ්‍රවුන් නමින් හැඳින්වුණු ඔහු කලක් පීරු රටේ සී අයි ඒ සංවිධානයේද සේවය කොට ඇත. පසු කලෙක ඔහු යුද අවි වෙළෙඳාමට බැස්සේය.

ඉහත කී කරුණු අනුව කොටි ත්‍රස්තවාදීන් ගැන ඇති තොරතුරු යටගැසිය හැකි අයුරින් විවිධ ලිපි ප්‍රකාශයට පත් කිරීම එම සඟරාවේ අරමුණ විය හැක. අප දකින ආකාරයට එල්. ටී. ටී. ඊ. සංවිධානයට යුද අවි සැපයීමේ කතාව සම්බන්ධව ඇත්තේ බටහිර අධිරාජ්‍යවාදය හා බද්ධව ඇති රාජ්‍ය නොවන සංවිධානවලටය. එය වඩාත්ම පැහැදිලි වන්නේ එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදී නායකයින් විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ඉන්දියා විරෝධී වැඩපිළිවෙළ දෙස බලන විටය.

ඊශ්‍රායෙල් මොසාඩ් ඔත්තු සේවයේ යෙදී සිටි වික්ටර් ඔත්‍රොස්කි නමැත්තා විසින් ලියන ලද "රවටපු හැටි" නමැති ග්‍රන්ථයේ ලංකාවේ ද්‍රවිඩ සටන්කාමීන් පුහුණු කිරීම සිදු කළ ආකාරය ගැන පැහැදිළි විස්තරයක් ඇති බව මෙහිදී අප විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. එහි මෙසේ සඳහන් වේ. "ඊශ්‍රායලය විසින් පුහුණු කරන ලද එක් කණ්ඩායමක් භාරව සිටියේ යොෂීය. එසේ වුවත් එම කණ්ඩායමේ අයට මගේ කණ්ඩායමේ අය මුණගැසීමට අවසර නොතිබිණි. ඔවුන් මගේ සිංහල කණ්ඩායමට සතුරු වු පිරිසක් විය. ද්‍රවිඩයන් සන්නද්ධ කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ඉන්දීය නිලධාරීන්ට චෝදනාකොට ඇත. ඔවුන් දොස් පැවරිය යුත්තේ මොසාඩ් ආයතනයටය. බාධක තුළින් රිංගා යන සැටිත්, බිම් බෝම්බ අටවන සැටිත් සන්නිවේදන කටයුතු හසුරුවන සැටිත් ඩෝරා වැනි නැව් පුපුරවා හරින හැටිත් පිළිබඳව පුහුණුව ලැබුවේ කමාන්ඩෝ නාවික කඳවුරේදීය.

යුද්ධය නිම වෙමින් පවතින අවස්ථාවේ මේ රටේ ආණ්ඩුවට නිරතුරුවම බලපෑම් කළේද බටහිර රටවල් බව අපි හොඳින් දනිමු. කුෂ්නර්ලා සහ වේවිඩ් මිලිබෑන්ඩ්ලාට තමන්ගේ රාජකාරී වැඩ තිබුණේ යුරෝපයේ නොව ශ්‍රී ලංකාවේය. එය හොරාට පෙර කෙසෙල් කැන පැන්නා වැනි කතාවකි.

ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පිළිබඳව විස්තර රැසක් රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳව පරීකෂණ කටයුතු මෙහෙයවු ජායින් කොමිෂන් වාර්තාවේ අඩංගු වේ. 1998 අප්‍රියෙල් මස 9 දින නිකුත් "දිවයින මුල් පිටුවේ" කොටි සමඟ හවුල් වී අමෙරිකාව ත්‍රිමලේ වරාය අල්ලන සැලසුමක් යන ශීර්ෂය යටතේ පළ කරන ලද වාර්තාවේ ඒ ගැන සඳහන් කර තිබුණේ මෙසේය. "කොටින්ට අවි ආයුධ සපයා ඒ මාර්ගයෙන් හෝ ත්‍රිකුණාමල වරාය අත්පත් කර ගැනීමට අමෙරිකාවේ මධ්‍ය රහස් ඔත්තු සේවය (කෂ්: කොටි සංවිධානය සමඟ කුමන්ත්‍රණය කර ඇතැයි "ජායින්" කොමිසමේ වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළත කටයුතුවලට අතපෙවිය හැකි අන්දමට රට කුඩා කැබලිවලට කඩා දැමීම බටහිර ඇතැම් ආණ්ඩුවල අවශ්‍යතාවකි. 1940 ගණන්වලදී එංගලන්තයේ පළවන ප්‍රබල පුවත්පතක් වු "මැන්චෙස්ටර් ගාඩියන්" පුවත්පත සිය කතුවැකියෙන් යෝජනා කර තිබුණේ යුදෙව් ජාතික යුරෝපීය අනාථයන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙපළාතේ පදිංචි කළ යුතු බවයි.

1943 මැයි 22 දින නිකුත් කළ සිංහල බෞද්ධයා පුවත්පත යුදෙව්වන්ට සුදුසු රට ලංකාව ද? යන ශීර්ෂ පාඨය යොදමින් මැන්චෙස්ටර් ගාඩියන් කතුවැකිය විවේචනය කොට අදහස් පළකර තිබු ආකාරය අපේ පැරැන්නන් තවමත් ආඩම්බරයෙන් කතා කරති. එදා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුදෙව් ඊශ්‍රායලයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කළ එම විදේශ බලවේගවලට මෙදා අවශ්‍යව තිබුණේ" ද්‍රවිඩ ඊශ්‍රායලයක් හෙවත් ඊළමයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමය. ප්‍රභාකරන් යනු එවැනි බලවේගවල බළල් අතක් බව ශ්‍රී ලාංකිකයන් තේරුම් ගත යුතුය.
(දිවයින_09/06/04)

පසුවදන_කොටි ත්‍රස්තවාදය පරාජය වෙමින් පවතින යුගයේ හමුදා විසින් අල්ලා ගන්නා ලද යුදායුද පිළිබඳ ජනතාව මවිත විය. එසේ ම ඔහු ත්‍රස්තවාදියෙකු වුව ද සිය අරමුණ වෙනුවෙන් කැපවූ විශිෂ්ට නායකයෙකැයි පිරිසක් කීහ. මේ ලිපියෙන් ඒ මතය නිශේධනය කෙරෙයි. ප්‍රභාකරන් යනු බටහර රූකඩයකි. එය නැටවූයේ සුදු අත්වලිනි. ඒ රූකඩය පරදින විට කලබල වූයේ සුද්දෝ ය. අදත් ඒ ජයග්‍රහනය කණපිට පෙරලන්නට දත කන්නේ සුද්දෝ ය. ඇතැම්හු මෙරට සිට සුද්දාගේ සපත්තු ලොවින කළු සුද්දෝ ය.

Tuesday, June 2, 2009

බෙදුම්වාදී දේශපාලන පෙරමුණද පරදවමු

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ජාතිවාදී බීජ වපුරා 1948 පෙබරවාරි 4 වැනි දින දේශීය නායකයන්ට භාරදුන් ශ්‍රී ලංකාව තුළ සිංහල, දෙමළ දෙපාර්ශ්වයේම දේශපාලනඥයන්ගෙන් "පොහොර හා ජලය" ලැබ වැඩෙන්නට පටන් ගත් "දමිළ ජාතිවාදය" දෙමළ දේශපාලනඥයන් බලයට පත්වීමේ පහසුම "උපකරණය" ලෙස තෝරා ගත්හ. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක රාජ්‍ය සමයන්හි විවිධ බලපෑම් හරහා "උතුරට වෙනම පාලනයක්" ලබා ගැනීමේ අරගලයක යෙදුනද ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය. එහෙත් මෙම උත්සාහයන් තුළ පැවැති අනතුර තේරුම් ගෙන ක්‍රියා නොකළ හේතුවෙන් දිනෙන් දින "දමිළ ස්වරාජ්‍ය" සංකල්පය වැඩෙන්නට විය. බලය ලබා ගැනීමේ අරමුණෙන් දකුණෙන් වෙන්වු "ස්වරාජ්‍යක්" ගැන කතා කළ දමිළ දේශපාලනඥයන්ට එරෙහිව 1950 දශකයේ මුල් භාගයේ කළු කොඩි එසවු දමිළ තරුණයන් 1970 දශකය තුළ "ඊළාම් රාජ්‍යයක්" දිනා ගැනීම පිණිස සන්නද්ධ වුයේ මුල් අවස්ථාවේම දමිළ ජාතිවාදී දේශපාලනඥයන්ගේ සුදානම් තේරුම් නොගැනීමේ වරද නිසාය.

කොටි සංවිධානයේ බිහිවීම

1970 දශකයේ මුල් අවධියේදී පැමිණි දමිළ දේශපාලන පකෂ නායකයන් ඊළාම් සංකල්පයට උචිත ලෙස තම පකෂවල නම්පවා වෙනස් කරමින් ක්‍රිය කළද ඉන් සෑහීමට පත් නොවු උතුරේ තරුණ කැළ පැරුණි නායකයන් මෙන්ම විවිධ නම්වලින් සන්නද්ධ සංවිධාන පිහිටුවා ගත්හ. පද්මනාභ, ශ්‍රී සභාරත්නම්, උමා මහේෂ්වරන් එසේ සංවිධාන පිහිටුවාගත් නායකයන් කීප දෙනෙකි. මොවුන්ගේ නායකත්වය පිළිනොගත් වේලුපිල්ලේ ප්‍රභාකරන් පුරා තිස් වසරක් තිස්සේ ශ්‍රී ලංකාව ලෙයින් තෙත් කළ ම්ලේච්ඡතම සංවිධානය හෙවත් ඊළාම් විමුක්ති කොටි සංවිධානය 1975 මැයි 5 දා පිහිටුවීය. දෑඩි ජාතිවාදී මතවාදයෙන් සන්නද්ධ වු ප්‍රභාකරන් කැපී පෙනෙන ආකර්ශනීය චරිතයක් වු අතර ඔහුගේ සන්නද්ධ ව්‍යාපාරය සෙසු සංවිධාන අභිබවා ගිය ක්‍රියාශීලීත්වයක් පෙන්නුම් කළේය. 1970 මුල් අවදියේ වැල්වැටිතුරේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ගිනිබත් කර ප්‍රචණ්ඩ ක්‍රියාකාරීත්වයට අත්පොත් තබා 1975 ජුලි 27 වැනිදා එවකට යාපනේ පුරපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය කර වේලුපිල්ලේ ප්‍රභාකරන් එහි වගකීමද භාර ගත්තේය. ඒ ප්‍රභාකරන්ගේ ප්‍රථම මිනිස් බිල්ලය. ප්‍රභාකරන් "දෙමළ ඊළමක් උදෙසා මෙලෙස තුවක්කුව අතට ගනිද්දී දෙමළ එක්සත් පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ" නමින් "නැගෙනහිරු" ලාංඡනය යටතේ ප්‍රතිසංවිධානය වෙමින් "ඊළමට" උත්තේජනය සපයමින් ක්‍රියාකළද පසුව එහි නායකයන්ද ප්‍රභාකරන් සිය තුවක්කුවෙන් සදහටම නිහඬ කළේ ඔහුට අවශ්‍ය අයුරින් අවනත නොවීම හේතුවෙනි. කෝපායි මහජන බැංකුව කොල්ලකෑමට පැමිණි සිවකුමාරන් සයිනයිඩ් සංස්කෘතියට ගොදුරුවු ප්‍රථම තරුණයා බවට පත්වෙද්දී 1980 දශකය තුළ ප්‍රභාකරන් විසින් දමිළ තරුණයා "මිනිස් බෝම්බයක්" බවට පරිවර්තනය කරනු ලැබීය. ප්‍රභාකරන් සිය සන්නද්ධ ව්‍යාපාරය මෙලෙස ශක්තිමත් කර ගනිද්දී එය වඩාත් පහසුකර ගැනීම පිණිස උපාය මාර්ගයක් ලෙස තම සගයන් සාකච්ඡා මේසයටද වාඩි කරවීය. 1984 න් ආරම්භ වු සාකච්ඡා 2006 දක්වාම වරින්වර විවිධ හැඩයන්ගෙන් පැවැත් වුවද ප්‍රභාකරන් තම නියෝජිතයන් ඊට සහභාගි කරවුයේ සාමකාමී දේශපාලන විසඳුමක් ලබා ගැනීමට නොව තම සන්නද්ධ කටයුතු වඩාත් හොඳින් කරගෙන යෑමට අවශ්‍ය පරිසරය සකසා ගැනීමටය. ඒ අනුව කොටි සංවිධානය එදා මෙදා තුර හැම සාකච්ඡා මණ්ඩපයකින්ම බැස ගියේ යුද්ධයෙන් දිනාගත් දැට වඩා වැඩි ජයග්‍රහණ රුසක් සාකච්ඡා මේසයේදී අත්පත් කර ගනිමිනි.

රට පාවාදුන් සටන් විරාම ගිවිසුම

1994 බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය තුළ ඇමැතිකම් දෑරු බෙදුම්වාදීන්ගේ අතකොලු බවට පත් පිරිසක් දේශපාලන විසඳුමක් ලෙස බෞතීස්ම කරමින් බෙදුම්වාදයට පාර කපන "පැකේජයක්" 1998 ඉදිරිපත් කළද ඊට එරෙහි නැඟුණ දෑවැන්ත උද්ඝෝෂණ හමුවේ එය හකුලා ගැනීමට සිදුවිය. අනතුරුව 2001 බලයට පත් රනිල් වික්‍රමසිංහ රජය 2002 පෙබරවාරි 22 දින තම ඇමැති මණ්ඩලයට පවා හොරෙන් කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එය ප්‍රභාකරන්ට දෑවැන්ත ජයග්‍රහණ රුසක් ලබාදුන් ගිවිසුමක් වු අතර රනිල් වික්‍රමසිංහ රජය එතෙක් පැවැති "ඒකීය රාජ්‍ය තත්ත්වය" සිය කැමැත්තෙන්ම අත්හිරිනු ලැබීය. මෙම ගිවිසුම මගින් මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයක් වු කොටි සංවිධානයට ජාත්‍යන්තර පිළිගැනීමක් හා නිත්‍යානුකුල භාවයක් අත්කරදුන් අතර කොටි පාලන ප්‍රදේශ දමිළ නිජබිම ලෙස පිළිගනු ලැබීය. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත් දෙක කොටි සංවිධානයේ පාලන ප්‍රදේශ ලෙස පිළිගැනුණි. කොටි හමුදාව ආයුධ දෑරීමට අයිතිය ඇති නිල හමුදාවක් ලෙස පිළිගත් අතර ඔවුන් ලාංකේය හමුදාව හා සම තත්ත්වයෙහිලා පිළිගන්නා ලදී. අනතුරුව කොටි උසාවි, අධිකරණ ඔවුන්ගේ නීතියේ ආදිපත්‍ය පිහිටවු ආයතන බවට පත්විය.

මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමගම මාර්ග බාධක ඉවත්වී ආරකෂණ ක්‍රියාවලිය මුලුමණින්ම ලිහිල් වු අතර මුළු රටම "සාම සැණකෙලියක්" බවට පත්විය. රනිල් වික්‍රමසිංහ රජය මෙය රටට සාමය ගෙන ඒමේ අවංක වුවමනාවෙන් ගෙන ආ ගිවිසුමක් විය හැකි වුවත් ප්‍රභාකරන් කිසිදාක සාමකාමී මාවත් හරහා ඊළම අපේකෂා කළ අයෙක් නොවීය. කෙසේ වුවද ගිවිසුම අත්සන් කිරීමත් සමග උතුරේ දකුණේ මාර්ග බාධක ඉවත්වීම තුළ දකුණේ ජනතාවට උතුරටත් උතුරේ ජනතාවට දකුණටත් යන්නට එන්නට අවකාශ ඇතිවිය. එසේ වුවද උතුරට යන හැම වැසියෙකුගෙන්ම බදු අය කරන්නට කොටි සංවිධානය අමතක නොකළේ උතුර හා නැගෙනහිර තම නිජබිම් බව තහවුරු කිරීම පිණිසය. මෙම ගිවිසුම හරහා ඇතිවු "නිදහස" රනිල් වික්‍රමසිංහ රජයේ හා බෙදුම්වාදයේ මතවාදී පෙරමුණේ නොමඳ ඇගයීමට ලක් වුවද ගිවිසුම අත්සන් කළදා පටන්ම ජනතා විමුක්ති පෙරමුණ මෙය රට පාවාදුන් ගිවිසුමක් ලෙස අර්ථ කථනය කර ඊට එරෙහි ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබීය. අද වන විට බෝඩ් ලෑලිවලට පමණක් සීමාවී ඇති පැරුණි වමේ පකෂත් වික්‍රමබාහු, වාසුදේව වැනි "ත්‍රිවිල් පකෂ" නායකයන්ද ගිවිසුම ගෙන ආ එජාපය සමග එක පෙළක හිඳ ජවිපෙට පහර දුන්නද ජවිපෙ තම විරෝධතාවය ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද ඉදිරියටම ගෙන යනු ලැබීය. ජාතික හෙළ උරුමය ජාතිවාදී පදනමක් මත පිහිටා වුවද මෙම ගිවිසුමේ භයානක කම අර්ථ දක්වනු ලැබීය. ජවිපෙ හා හෙළ උරුමය ගිවිසුම පිළිබඳව ගෙනගිය මතය සමාජ ගතකරන්නට ඉඩ හසර ලබාදෙනු ලැබු විද්‍යුත් මාධ්‍යක් එදා නොවුණද ගිවිසුමෙන් මවු බිමට එන හානිය පිළිබඳව නිසි අධ්‍යයනයක යෙදී "දිවයින" හා "දි අයිලන්ඩ්" පුවත්පත් ජවිපෙ මතය හා අනුගත වෙමින් කළ මෙහෙවර අති ප්‍රබලය. 2002 මාර්තු 20 දින පැවැති පළාත් පාලන මැතිවරණය ජවිපෙ මෙම ගිවිසුමට එරෙහි මතය ප්‍රකාශ කරන්නට වේදිකාවක් කරගත්තද එයින් ජවිපෙ ඡන්ද පදනම තුනෙන් එකක් දක්වා පහත වැටුණි.

රනිල් වික්‍රමසිංහ රජය ගිවිසුම අකුරටම රකිමින් දිනෙන් දින හැකිලෙද්දී කොටි සංවිධානය සියලු අංශවලින් තරවන්නට විය. කොටි කඳවුරු ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවන්නට පටන් ගත් අතරම මනිරාසකුලම් කොටි කඳවුර සටන් විරාම සමයේ ඉදිකළ කඳවුරු අතර ප්‍රධාන තැනක් ගනු ලැබීය. සටන් විරාම ගිවිසුමට මුවාවී එල්ටීටීඊය නැව් පිටින් ආයුද ගෙන ආ අතර මේ සියල්ල සිදුවුයේ සටන් විරාම ගිවිසුමේ සිටි ප්‍රධාන නිරීකෂකයා වු නෝර්වේ රජය දෑනුවත්ව බව ඒ අවස්ථාවලදීම අනාවරණය කළද මේ පිළිබඳව ආරකෂක අංශ රජයට අවස්ථා කීපයකම දෑන් වුවද රනිල් වික්‍රමසිංහ රජය ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධාන හා නෝර්වේ ප්‍රමුඛ ස්කැන්ඩිනේවිජියානු රටවල උපකාරයෙන් නවීන තාකෂණයෙන් යුත් උපකරණ කොළඹ වරාය හරහාම උතුරට යැවුනි. කොටින්ගේ භාණ්ඩ රුගත් කන්ටෙිනර් හමුදා ආරකෂාව යටතේ කිලිනොච්චියට ගෙන ගොස් භාරදුන් අවස්ථාද විය. ප්‍රභාකරන්ට උපන් දින තෑගි ලෙස අධිතාකෂණයෙන් යුත් සංනිවේදන උපකරණ උතුරට යැවුයේද මෙම වකවානුවේදීය. ලාංකේය හමුදාව සටන් විරාම ගිවිසුම අකුරටම රකිද්දී කොටි සංවිධානය සටන් විරාම ගිවිසුම තඹ දොයිතුවකට මායිම් නොකර දස දහස් වාරයක් උල්ලංඝනය කරනු ලැබීය. වරෙක කොටින්ගේ මායිම පැන්න වරදට ලාංකේය හමුදාවේ සෙබළු අත්අඩංගුවට ගෙන කොටි අධිකරණයේ දඬුවම්වලටද යටත් කරනු ලැබීය. මේ සියලු නීති විරෝධී ක්‍රියාකාරකම් නොදුටු නොඇසුන අයුරින් ක්‍රියා කළ රජය කොටි විසින් සිදුකළ මිනිස් ඝාතන "නාඳුනන තුවක්කුකරුවන්ගේ" ඝාතන ලෙස හුවා දක්වා "කොටි බේරා ගනු ලැබීය."

"දිවයින" පුවත්පත් ආයතනයේද සහාය ඇතිව ජවිපෙ හා සිංහල උරුමය වෙන් වෙන් වුවද රජයේ මේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම්වලට එරෙහිව විවිධ උද්ඝෝෂණ ගෙන ගියද රනිල් වික්‍රමසිංහ රජය සිය කොටි හිතවාදී ගමන වෙනස් කළේ නැත. ඒ නිසාම අවසන් විසඳුම ලෙස රනිල් වික්‍රමසිංහ රජය පෙරළා දෑමීම සඳහා ජවිපෙ ගාල්ලේ සිට කොළඹටත්, නුවර සිට කොළඹටත් පා ගමන් සංවිධානය කෙරුණි. ශ්‍රීලනිපයේ සැලකියයුතු පිරිසක් මෙම විරෝධතාවයන්ට එක්වු අතර මේ සඳහා දෑවැන්ත ජන සහභාගීත්වයක් ලැබුණි. මෙමගින් කළ බලපෑම නිසාම 2004 පෙබරවාරි 7 වැනි දින ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. මෙය ජවිපෙ බලපෑම මත තමා කළ මෝඩ වැඩක් ලෙස ජනාධිපතිනිය පසු කලෙක පවසා තිබුණද එදා එසේ නොකළේ නම් රනිල් වික්‍රමසිංහ රජය යටතේ ඊළම දිනාගැනීමට ද ඉඩ තිබුණි.

රනිල් වික්‍රමසිංහ රජය රටට කරනු ලබන ද්‍රෝහීකම වළක්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් දේශපාලනිකව පරාජය කරනු පිණිස ජවිපෙ 2004.01.20 දින ඓතිහාසික ගිවිසුමකට එළඹුණි. ඒ නිසාම 2004.04.02 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය පරාජය කර එජනිස සන්ධානය බලයට පත්විය. ඒ අනුව අමාත්‍යධුර 4 ක් හා උප අමාත්‍ය ධුර 4 ක් භාර ගනිමින් ජවිපෙ රජයට එක් වුවද සටන් විරාම ගිවිසුම අහෝසි කරන ලෙසත් උතුරු නැගෙනහිර දෙපළාත යළි වෙන්කරන ලෙසත් ගෙනිගය අරගලය අත්හළේ නැත. චන්ද්‍රිකා රජය ඊට එකඟ වුයේ නැත. මේ අතර 2004.12.26 දින සුනාමි ව්‍යසනය රටට දෑවැන්ත විනාශයක් සිදුකළ අතර ජීවිත 40,ත00 ක් පමණ අහිමිවිය. උතුර මෙන්ම දකුණද එකසේ විනාශ වුවද බටහිර ජාතීන්ගේ "මානව දයාව වැඩිපුර යොමු වුයේ උතුරේ ජනතාව වෙතයි. ඒ අනුව අතිවිශාල ආධාර ප්‍රමාණයක් ප්‍රභාකරන්ට අතට පත්කෙරුණි. එයින් සෑහීමකට පත්නොවී උතුරු ප්‍රදේශයේ ජනතාව නඟා සිටුවීමට සුනාමි සහන මණ්ඩලයක් පිහිටුවීමටද බටහිර ජාතීන් යෝජනා කළේය. ඒ අනුව කොටි සංවිධානයට බලය හිමිවන සංයුතියක් සහිතව සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමටත්, රුපියල් කෝටි විසිඅටදහසක් එම මණ්ඩලයට ලබාදීමටත්, උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක අටක සහන කටයුතු එමගින් සිදුකිරීමටත් යෝජනා කෙරුණි. චන්ද්‍රිකා රජය මෙය ක්‍රියාත්මක කරන්නට සුදානම් වීම හේතුවෙන් ජවිපෙ ඊට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් ගෙන ගියද එය නොසලකා "රටට වඩා සුනාමි සහන මණ්ඩලය වටිනවා" කියමින් සන්ධාන රජයේ ප්‍රබල ඇමැතිවරු සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක කරන්නට සුදානම් විය. මේ නිසාම ඊට විරෝධය පා 2005 ජුනි 16 වැනි දින ජවිපෙ සන්ධාන රජයෙන් ඉවත්විය. පසුව අධිකරණ ක්‍රියා මාර්ගයක් මගින් සුනාමි සහන මණ්ඩලයත් උතුරු නැගෙනහිර එක් කළ ගැසටි නිවේදනයක් අහෝසි කිරීමට ජවිපෙ සමත් විය.

මහින්ද දිනවීමේ බර ජවිපෙ කරට ගනී

මේ වන විට සන්ධාන රජය සමග ජවිපෙ උරණවී තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වුවහොත් රටට විය හැකි හානිය සැලකිල්ලට ගෙන තම පකෂයට වන හානිය නොසලකා මහින්ද රාජපකෂ මහතා දිනවීම පිණිස කටයුතු කරන්නට ජවිපෙ තීරණය කරනු ලැබීය. ඒ අනුව 2005.11.17 දින පැවැති ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ දිනවන තොණ්ඩමන්-හකීම් සාධකයද පරාජය කරමින් සන්ධානයේ අපේකෂකයා වු මහින්ද රාජපකෂ මහතා ජයගනු ලැබීය. ජවිපෙ තම ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ නොවන අපේකෂකයකු දිනවීමට ක්‍රියා කළේ මෙම මැතිවරණයේදීය. ශ්‍රීලනිප මුලස්ථානය පවා වසා දමා මහින්ද රාජපකෂ මහතා පරාජය කිරීමට ඔහුගේ පකෂයේම අය ක්‍රියා කරද්දී ජවිපෙ දෑවැන්ත කැපවීමක් කර මහින්ද රාජපකෂ මහතා බලයට පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් නියත වශයෙන්ම ඊළාම් රාජ්‍ය ලබාදීමට ක්‍රියාකරන බව දෑන සිටි නිසාය.

බෙදුම්වාදයේ මතවාදී පෙරමුණෙන්ද ඉට බේරා ගත යුතුයි

2009.05.19 දින එතෙක් රටටම මහත් පිලිලයක් වුද මිනිස් ජීවිත ලකෂයක් පමණ බිළිගත්තා වුද කොටි සංවිධානය මුළුමනින්ම පරාජය කර බෙදුම්වාදයේ "යුද පෙරමුණ" පරාජය කරනු ලැබීය. ඒ නිසාම මේ වන විට මනුෂ්‍යත්වයේ සීමා මායිම් ඉක්මවා යමින්ද එම ජයග්‍රහණය සමරමින් සිටියි. ඒ ආනන්ද ජනක මොහොත තුළට මෙතෙක් යුද්ධයෙන් බෙදා වෙන් කළ නොහැකි වු රට සාමකාමීව බෙදා වෙන් කිරීමට දේශීය හා විදේශීය බෙදුම්වාදයේ "මතවාදී පෙරමුණ" ක්‍රියාත්මක වෙමින් සිටී. ආණ්ඩුව තුළ සිටින අද වනවිට බෝඩ් ලෑලිවලට පමණක් සීමාවී සිටින පකෂ නායකයන් සහ රට බෙදා වෙන් කිරීමේ මතවාදී පෙරමුණේ දේශීය නියෝජිතයන් දේශීය වශයෙන්ද තතවද ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ඉතාලිය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් කීපයක් විදේශීය පෙරමුණ ලෙස ක්‍රියාත්මක වෙමින් සිටී. ප්‍රභාකරන් ජීවත්ව සිටියදී ඔහුගේ නායකත්වයෙන් ඊළම ලබාදීමට කළ හැකි හැම සතුරුකමක්ම කළ මොවුන් වර්තමානයේ කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන් නම්වු වත්මන් කොටි නායකයාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන කොටි සංවිධානය ශක්තිමත් කරන අතරම දේශපාලන විසඳුමක් නමින් ඊළම ලබාදීමට ක්‍රියාකරමින් සිටිති. එජා මහලේකම් හතළිහක පිරිසක් සමග ලංකාවට එන්නේද ඒ වුවමනාවටය. ඒ බලපෑම ඔහු රට බෙදා වෙන් කිරීමට පදනම දෑමු 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙන රට බෙදා වෙන් කිරීමට පාර කපන දේශපාලන විසඳුමක් ගෙන ඒමට රජය උත්සාහ කරන බව වාර්තාවේ.

වෙනම පාලනයක් ලබාදීමෙන් පමණක් විසඳිය හැකි ප්‍රශ්න හෝ ආර්ථික ගැටලු උතුරු නැගෙනහිරට නැත. එහි ජනතාව මුහුණ දෙන්නේද අප මුහුණ දෙන ආර්ථික අර්බුදයටමය. මධ්‍යම රජයට විසඳිය නොහැකි ගැටලු එහි නැත. රජය දෑන් කළ යුත්තේ උතුරු නැගෙනහිර ජනතාවට, ආහාර පාන, නිවාස, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සපයා රුකියාද ලබාදී දකුණේ අප මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසාදීමය. ඒ හැර සුවහසක් දුක් දෝමනස්සයන්ගෙන් වේදනා විඳි ඒ ජනතාවට දෑන් අවශ්‍ය වන්නේ දේශපාලන විසඳුම් නොවේ. අවශ්‍ය වන්නේ කුසට අහරකි. ඉනට වැරහැල්ලකි. හිසට සෙවනකි. ලංකා ඉතිහාසය අලුතින් ලියු මහින්ද රාජපකෂ ජනාධිපතිවරයා බෙදුම්වාදයේ යුද පෙරමුණ වු කොටි සංවිධානය විනාශකර බෙදුම්වාදයේ මතවාදී පෙරමුණ හෙවත් දේශපාලන පෙරමුණද පරාජයට පත් කරමින් සිටී. බංකොලොත් දේශපාලන පකෂ නායකයන් ගෙන එන ඊළමට පාර කපන දේශපාලන විසඳුම් ලබා නොදීමටත් රණවිරුවන් ලේ හලා දිවිපුදා බේරාගත් රට දේශපාලන ලියවිල්ලකින් යළි බෙදුම්වාදීන් අතට පත් නොකිරීමටත් ආණ්ඩුව වගබලා ගත යුතුය.

ගුණවර්ධන ගල්ගමුවගේ
(දිවයින_09/06/03)

පසුවදන_බෙදුම්වාදයේ අතිදරුණු ත්‍රස්තවාදී පෙරමුණ පරාජය කළ විරෝධාර ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආණ්ඩුව හමුවේ දැන් ඇති අභියෝගය බෙදුම්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පරාජය කිරීමයි. අප ජයගත් අභියෝලයේ තරමට එය නොකළ හැක්කක් නොවේ. එහෙත් එහි ඇති දුෂ්කරතාව නම් රටේ සතුරන් අප අතර මිතුරු වෙසින් ගැවසීමයි. ත්‍රිවීල් මාක්ස්වාදී සමාජවාදී දේශපාලන පක්ෂ ඇනිය, ෆෙඩරල් උණ අසාධිත සරසවි ඇදුරන්, ජඩ-මාධ්‍යවේදීන් සහ ජාතික සාම මණ්ඩලය, සහජීවන ව්‍යාපාරය ආදී තුප්පහි NGO කාරයින් මේ පෙරමුණ නියෝජනය කරති.

අප වහාම මේ සතුරන් හදුනා ගත යුතු ය. ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්විය යුතු ය. ජනමතයට පිටුපෑමට කිසිවෙකුට නොහැකි ය. අද බංකොලොත් දේශපාලනයේ එරී දඟලන ජවිපෙ විසින් මව් බිමේ විජයග්‍රහනය වෙනුවෙන් කරනු ලැබූ කාර්යභාරය මේ ලිපියෙන් සිහිපත් කිරීම වටියි. ඔවුන් අද කොතැන හිටිය ද කළ හොඳ අප අමතක කළ යුතු නැත. ඒ පිළිබඳ මම මීට පෙර සංහිඳේ ලීවෙමි. (යන්න_http://sanhindha.blogspot.com/2009/01/blog-post_20.html)
 
සිය රට දේ සිරි සැප දේ !