Monday, December 22, 2014

ආණ්ඩුව 2/3 නැති කර ගත් හැටි.


නොවැම්බර් 25 ආණ්ඩුවේ මහින්ද හිතවාදියෙකු වන ඒ. එච්. එම්. අස්වර් ඉල්ලා අස් වුණා.

දෙසැම්බර් 12 නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමීර් අලී එම හිස් වූ අසුන සඳහා දිවුරුම් දුන්නා.
මේ මන්ත්‍රී හුවමාරුව සමස්ත ලංකා මුස්ලිම් සහාය ලබා ගැනීම සඳහා ලබා දෙන ලද කප්පමකි.
දෙසැම්බර් 25 මේ දින 10 මන්ත්‍රී ළදරුවා ඇමති රිෂාද් බදුර්දීන් එක්ක මෛත්‍රීපාලගේ පැත්තට ගියා. 
දැන් ආණ්ඩුවට ආසන 148යි. 
බලන්නකෝ මහින්ද 2/3 නැති කර ගන්න ගහපු ප්ලෑන....
මේවා තමා ප්ලෑන් නේද?
තව මේ වගේ සුපිරි ප්ලෑනක් ගැහුවා නම් 3/2 නෙමේ, 3ම නැති කර ගන්න පුළුවන්... 

මේවාට කියන්නේ ඉල්ල ගෙන කනවා කියලා ද නැත්නම් උදුර ගෙන කනවාද කියලා නම් මට තේරෙන්නේ නෑ. 
දැන් මහින්ද දෙන කප්පනුත් මෛත්‍රීපාල ළඟ නතර වන කාලයක්. 
අයියෝ සල්ලි... !

දැන් අපිට සන්තෝෂයි!!!

ඊයේ ආරංචියක් ආවා ඔලුවිල් වරාය අසල නාවික හමුදා කඳවුර හකීම්ගේ ඡන්ද ටික අරගන්න ජනාධිපතිතුමා ඉවත් කරලා කියලා. නමුත් මේ වෙනකම් ඒ ගැන කිසිම පක්ෂ විපක්ෂ දේශපාලකයෙක් කට ඇරලා නෑ. ආණ්ඩුව ඒක බොරුයි කියන්නෙත් නෑ. විපක්ෂය ඒක ඇත්තෙයි කියන්නෙත් නෑ. දෙපැත්තෙ ම ඉන්නවා රට දැය සමය වෙනුවෙන් දිවි දෙන්න සුදානම් ඈයෝ. ඇයි මේ දෙපැත්ත ම නිහඬ? මුන් දෙගෛාල්ලන් ම මේ වෙලාවේ රටට හෙන ගැහුවත් කට අරින්නේ නෑ, ඒක තමන්ගේ ඡන්ද මල්ලට අවාසි නම්. අනෙක මුන් තමන්ගේ බලය වෙනුවෙන් ඕන ම සක්කිලි වැඩක් කරන්න සුදානම් කිසිම ප්‍රතිපත්තියක් නෑති කල්ලි දෙකක්. දැන් අපි හිත හදා ගන්න ඕන ඔලුවිල් වරාය මිස කෑම්ප් එකක් නෑ. හකීම් එහෙම ඉල්ලීමක් කළේ නෑ. හකීම් එහෙම ඉල්ලීමක් කරන්න නම් කෑම්ප් එකක් තියෙන්න එපායැ.. නේද? හරි දැන් අපිට සන්තෝෂයි! ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියාව, පකිස්ථානය ලබපු මිහිරි අත්දැකීම් ළඟඳිම භුක්ති විඳින්න ලැබෙන කල් උණු දිය හැලියේ නටපල්ලා...

Wednesday, October 1, 2014

දී කිරට සාක්කි දීමට බළලුන් කැඳවීම

අනේ අප්පේ, මේ අපේ පැරණි මිත්‍රයෙක් අන්තර්ජාලය පීර පීර ඉස්ලාමය ඉතා ම සාමකාමි ආගමක් බව සනාථ කරන්න ගන්න මහාන්සියක්....! (මෙමගින් සියලු ඉස්ලාම් බැතිමතුන් ආගම නාමයෙන් කරන සියලු අන්තවාදී ක්‍රියාවලට එකඟ බවක් නොකියවේ.) ඇත්තට ම මේ අයට උවමනා තමන්ගේ වැදරි මතය නිවැරදි බව සනාථ කරන්න. සාක්කියට දැන් ඔන්න කැඳවලා මුස්ලිම් මහාචාර්ය කෙනෙක්. දී කිරට බළල්ලුත් සාක්කියි කියන්නේ මේවාට තමා.

එයා කියනවා තුර්කිය, පකිස්ථානය, ඉන්දුනීසියාව වගේ රටවල් මුස්ලිම් වුණත් ඒවායේ කාන්තාවන්ට සම අයිතිය තියෙනවාලු. ඒ රටවල කාන්තා නායකයින් පහළ වුණාලු. ඒ කියන්නේ හරිම මානව හිතවාදීලු. යුරෝපයේ එහෙම වුණා නම් කියන්නලු. ඇත්ත. සෞදිය වැනි රටවලට සාපේක්ෂව අර කී රටවල යම් යම් ශිෂ්ට මානව ලක්ෂණ ටිකක් තව ම ශේෂවෙලා තියෙනවා. හැබැයි ඒකට හේතුව එකී රටවල ඉස්ලාමය පැමිණෙන විට මුල් බැස පැවති සංස්කෘතික හර පද්ධති මිස වෙන කෙන් ගෙඩියක් නෙමේ. 

ඒක හරියට ඉස්ලාම් රටක කාන්තාවකා සාපේක්ෂව ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට හිමි වරප්‍රසාද වගේ. අපේ රටේ මුස්ලිම් කාන්තාවන්ට ඉගනීමට, රිය පැදවීමට, තනිව මහමඟ යෑමට, ඡන්දය ප්‍රකාශ කිරීමට බලය තියෙනවා. නමුත් මුස්ලිම් සංවිධාන කරන්නේ ඒ අයිතීන් ටික ටික ඔවුන්ට අහිමි කරන එක. නිදසුනක් විදිහට උලමා සභාව බිහිවුණේ ඡන්ද අයිතිය කාන්තාවන්ට දෙන්න එපා කියලා ඩොනමෝර් කොමිසම හමුවේ සාක්ෂි දෙන්න. නමුත් මේ රටේ බෞද්ධ පදනම සහ භික්ෂූන් වහන්සේ නිසා ඒක කරගන්න උලමාට බැරිවුණා. 

පකිස්ථානය, මාලදිවයින, බංගලිදේශය හෝ ඉන්දුනීසියාව වගේ බෞද්ධ රටවල් පසුව ඉස්ලාම්කරණයට ගොදුරු වුණත් අතීතයේ බුදුදහම සමඟ කාන්තාවට හිමිව තිබූ නිදහස තවම සම්පූර්ණයෙන් විනාශ වෙලා නෑ. තුර්කියට වුණත් කතෝලික බලපෑම තිබුණා. ඒ නිසා එම රටවල කිසියම් මානව ගුණ සමුදායක් තව ම ශේෂ වෙලා තියෙනවා. ඒ නිසා තමා පකිස්ථානයේ බෙනාසීර් බුතෝලා, ඉන්දුනීසියාවේ මේඝාවතී සුකර්නෝපුත්‍රීලා, බංගලිදේශයේ කලීඩා ශියා, ෂික් හසීනාලා බිහිවන්නේ. නමුත් අර සංස්කෘතික මුල් නොතිබුණා නම් ඒවත් සෞදිය වගේ තමා. කොටින් ම එහෙම කාන්තා නායකයින් පහළ වන්නේ නෑ. අප සැබවින් ම මුස්ලිම් ජනතාවට ළැදි නම් කළ යුත්තේ මේ අන්තවාදයට වැට බැඳීම මිස ඊට උල්පන්දම් දීම නොවේ.  

ඒකවත් නොදන්න මහාචාර්යවරු සහ ඒවා ශෙයාර් කරන්නන් ගැන අනුකම්පා කරනු හැර කුමක් කරම් ද? අනෙක් අතට දැන් දැන් සෞදි මූලධර්මවාදයේ සුළි සුළඟ වේරම්භ වාතයක් සේ අර කී රටවල පැවති අවසන් නිදහස් සංස්කෘතික ලක්ෂණ ද මුලිනුදුරා දමමින් හමා යන ආකාරය, ලොව සියලු මුස්ලිම් රාජ්‍ය සෞදි පන්නයේ මූලධර්මවාදී කල්ලිවල ග්‍රහනයට හසුවන ආකාරය අවබෝධ කරගැනීමට තරම් මේ අය සවිඥානික නොවීම ඛේදවාචයකි. ඒ සඳහා ලංකාව ගොදුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් මුස්ලිම් බලවතුන් ක්‍රියාත්මක වන ආකාරය 70%ක් පමණ බෞද්ධයින් සිටින ලංකාව ලෝක ඉස්ලාම් රාජ්‍ය සමුළුවේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට පොළඹවන ආකාරයෙන් හඳුනාගත හැකි ය. 

පසුගිය දා බරක් ඔබාමා කීවේ තමන් ISIS ත්‍රස්තයින් පිළිබඳ අවතක්සේරු කළ බවත් ඊට එරෙහිව ගුවන් ප්‍රහාර පමණක් නොව ගොඩබිම් ප්‍රහාර ද එල්ල කිරීමට තමන් සුදානම් බවත් ය. මේ ප්‍රහාර ඔස්සේ එකී රටවල ශේෂව ඇති සෙසු සම්පතක් වේ නම් එය ද මංකොල්ල කා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත. කෙසේ වුව ද ඊට ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවන්නේ 9/11 පන්නයේ ත්‍රස්ත ප්‍රහාරවලිනි. අපේ උගතුන්ට ද හෙට කීමට සිදුවිය හැක්කේ මෙරට අන්තවාදී මුස්ලිම් කල්ලි පිළිබඳ තමන් අවතක්සේරු කළ බවය. එහෙත් එවිට අශ්වයා නික්ම ගොස් ඇති හෙයින් ඉස්තාලය වසා කුමට ද?

Wednesday, September 24, 2014

නිමල් ඩිලාන් දෙබානේ කර ඇඹීම

ඌව පළාත් සභා මැතිවරණය නිමාවට පත්වූයේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් වන නිමල් සිරිපාල සහ ඩිලාන් පෙරේරාගේ ආසනවලින් ආණ්ඩුව පරාජයට පත් කරමිණි. දයාසිරි ජයසේකර ඌවේ ආණ්ඩුවේ පසුබැසීම සාධාරණීකරණය කළේ ඊට හේතු සාධකය ලෙස ජනප්‍රිය තරුණ දේශපාඥයෙකු වන හරීන් ප්‍රනාන්දු පාමිණි. මෙය ඉතා ම බොළඳ ප්‍රයත්නයක් බව මගේ අදහසයි. මෙවැනි පය බරවයට පිටිකර බෙහෙත් බඳින පන්නයේ මෙවැනි වැරදි රෝග විනිශ්චයන් ආණ්ඩුව සිය පසුබැසීම ගැන ස්වයං විවේචනයකට යෑම වළක්වන අතර ආණ්ඩුව කනත්තට යෑම ඉක්මන් කරයි.



මේ ආසනවල ඇත්තේ මිශ්‍ර ජන සංයුතියකි. ආණ්ඩුව නියෝජනය කරන නිමල් සිරිපාල මෙන් ම ඩිලාන් පෙරේරා ද දේශපාලනය කළේ එහි සුළු ජාතික ඡන්ද ඉලක්ක කර ගනිමිනි. ඔවුන් මාධ්‍ය හමුවේ නිරතුරුව සුළු ජාතීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේ බටහිර කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින්නාක් මෙනි. සුළු ජාතීන් විශේෂයෙන් අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරකම් හමුවේ සිංහලයින් අසරණ වන විට නිමල්, ඩිලාන් බාන කළේ තැලෙන යකඩය උඩ පැන පැන තැලීම ය. අරාබි මද්රාසා පාසැල් ආරම්භ කිරීමට මේ අය උදව් කලහ. මුස්ලිම් උත්සවවලට ලොරි ගණන් බඩු පටවා ගෙන ගොස් බෙදුහ. වෙසක් උත්සවය බහු ආගමික උත්සවයකට අන්දවා වෙසක් කූඩුවේ තරු අඩසඳ සැරසූහ. සූක්ෂම ලෙස කප්පාදු වන බෞද්ධ අයිතීන් සහ බුර බුරා නැගෙන අන්තවාදය හමුවේ හඬ නැඟු ජාතික සංවිධානවලට එරෙහිව කටයුතු කළහ.

අන්තවාදී සර්පයා රෙද්ද පල්ලේ දාගෙන කිරි පොවන නිමල් ඩිලාන් දෙබාන නිසා සිංහල ජනතාව කළකිරුනේ ආණ්ඩුව කෙරෙහිය. එහි ප්‍රතිඵලය දැන් ලැබී තිබේ. එහෙත් අහෝ! කල දුටු කල වළ ඉහින ඒ සියලු සුළු ජාතීන් නිමල්-ඩිලාන් දෙබානට කොකා පෙන්නා ඡන්දය පාවිච්චි කර ඇත්තේ එජාපය වෙනුවෙනි. දැන් මේ ගොන් දෙබානට අල්ලපු අත්ත සහ පය ගහපු අත්ත යන දෙක ම නැත. එන මහා මැතිවරණයකදී මේ දෙදෙනාගේ ඉරණම මධ්‍යස්ථ සිංහල ජනතාව විසින් විසඳනු ඇත.

පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් සිය ජාතික අභිලාෂ අමතක කළ සියලු දේශපාලකයින්ගේ ඉරණම මෙලෙස විසඳීමට රටේ සියලු ජනතාව එක් පෙරමුණකට පැමිණිය යුතු ය. ජනතාව බත් පැකට්, අරක්කු බෝතල්, රැකියා, ටකරං ආදි වරදානවලට නොව රට දැය සමය වෙනුවෙන් සිය මතය ප්‍රකාශ කළ යුතු ය. රටට හිතැති පිරිසිදු දේශපාලන නායකත්වයක් නිර්මාණය කරගත හැක්කේ එවැනි පිරිසිදු අරමුණක් වෙනුවෙන් ජනතාව පෙළ ගැසීමෙනි. මේ රට නිවැරදි මාවතට යොමු කළ හැක්කේ ඒ ජනමතය රටේ රජ කිරීමෙනි.

Tuesday, September 9, 2014

ක්‍රිකට් ජිහාඩය වහා පරදනු!

ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස ය. මහත්වරුන්ගේ ක්‍රීඩාවට සම්බන්ධ විය යුත්තේ මහත්වරුන් බව කිව යුතු නොවේ. එහෙත් මහත්වරුන්ගේ ක්‍රීඩාවට ම්ලේච්ඡ මුස්ලිම් ත්‍රස්තවාදය තර්ජනය කළේ වරක් දෙවරක් නොවේ. 2009 මාර්තු 3 වෙනිදා මේ ත්‍රස්ත කල්ලි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථානයේ ලාහෝර්වලදී ප්‍රහාරයක් එල්ල කළහ. එහිදි වාසනාවකට ලංකා කණ්ඩායමට හානියක් නොවිණි. එහෙත් එකල මේ ත්‍රස්ත කල්ලිවල හෙවනැලි පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ හොල්මන් කරන බවට තොරතුරු නොතිබිණි. 

එහෙත් වසර කිහිපයක් ඇවෑමෙන් දැන් මේ පිළිකාව පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළට ද ඔඩු දුවා තිබේ. 2014 අගෝස්තු 29 පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් දඹුල්ල පූජා භූමියේ අටවා ඇති නීති විරෝධි ටකරං පල්ලියට රිංගුවේ, ඒ ටකරං මඩුවට ජාත්‍යන්තර ප්‍රචාරයක් සහ නිල පිළි ගැනීමක් ලබා දීමට බව පැහැදිලි ය. එසේ නොමැති නම් ඔවුන්ට යෑමට ඕනෑ තරම් පල්ලි ලංකාවේ තිබේ. මේ තක්කඩි වැඩවලට වැට බැඳීමට ලංකා බුද්ධි අංශ ක්‍රියා නො කළේ මන්ද යන්න සොයා බැලිය යුතු ය. 



එයින් අනතුරුව වාර්තා වූයේ දඹුල්ලේ පැවති තෙවැනි එක් දින තරඟය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ටී. එම්. දිල්ෂාන්ට අහමඩ් ෂෙශාඩ් විසින් බැණ වැදීම ය. අහමඩ් ෂෙශාඩ් එහිදී දිල්ෂාන්ට පවසන්නේ උඹ මුස්ලිම් නොවුණත් මොන දේ කළත් මුස්ලිම් භක්තිකයෙකු වුවහොත් කෙළින් ම ස්වර්ගයට යන බවය. එහි දී තමන්ට ස්වර්ගයට යෑමට ආශාවක් නැතැයි දිල්ෂාන් පවසන අතර ෂෙශාඩ් පවසන්නේ එහෙනම් අපායට යෑමට සුදානම් වෙයන් යනුවෙනි. සමස්ත ක්‍රිකට් ඉතිහාසය තුළ මෙවැනි නින්දිත ආගමික හිංසනයක් සිදුවී ඇති ද යන්න සැක සහිත ය. 

ක්‍රිකට් පිටිය තුළ ආගම, සමේ පැහැය, වර්ගය ආදිය පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීම ශිෂ්ට නොවේ. ඒවා ක්‍රීඩාවේ මූලික ආචාර ධර්මවලට පටහැනි වන අතර අසංස්කෘතික ගෝත්‍රික මානසිකත්වයේ ලක්ෂණ ය. එහෙත් මේ ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෝ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් ගනු ඇතැයි සිතිය නො හැකිය. පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් ඒ ගැන ශ්‍රී ලංකා බලධාරීන්ගේ අදහස් ලැබෙන තුරු බලා සිටියි. සර්වාගමික උගුලක සිරවී සිටින මෙරට නිවට බලධාරීන් ඊට විරුද්ධව ක්‍රියා මාර්ග නොගන්නා අතර ජිහාඩය වෙනුවෙන් පෙනී සිටින්නවුන් රැක ගැනීමට එවිට පකිස්ථානයට මුක්තිය ලැබේ. වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්‍ය නම් පකිස්ථානයට ලංකා බලධාරීන්ගෙන් විමසීමට අවශ්‍ය නැත. ශෙෂාඩ් විසින් කළ වරද අද මුළු ලොව ම දනියි. එය හුදු පෞද්ගලික කතා බහක් පමණ යැයි ශේෂාඩ් කියන කතාව තුට්ටු දෙකේ අල් ටකියා ටොම් පචයකි. සැබවින් ම එය වෙන ම දඬුවම් කළ යුතු තරම් අමන කතාවකි.


එහෙයින් පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ යුත්තේ සෙසු ක්‍රීඩකයින්ට ද ආදර්ශයක් වන්නට අහමඩ් ෂෙශාඩ්ට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවීම ය. ඔහු හිංසනයට ලක් කළේ ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකි. දිල්ෂාන් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ගැටුම්වලට පටලවා ගත්තේ වරක් දෙවරක් නොවේ. ඒ ඔහු මුස්ලිම් පියෙකු සහ බෞද්ධ මවක සහිත පවුලක උපත ලබා මුස්ලිම් ලබ්ධිය අතැර බෞද්ධ වීම නිසා ය. ඒ බෞද්ධකම ඔහුට අයිසිස් තාලිබාන් ජිහාඩ් පන්නයේ බලෙන් පැටවූවක් නොව සිය මව් උරුමයෙන් ලද්දකි. අනෙක් අතට ඒ ගැන අවවාද අනුශාසනා කරීමට අහමඩ් ශේෂාඩ් කවුද? එහෙයින් ලංකා බලධාරීන් කළ යුත්තේ මේ නරුමයා වහා ම රටින් පිටුවහල් කර යළි කිසිදා ලංකාවට පැමිණීම තහනම් කිරීම ය. අවාසනාවට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට තරම් පෞරුෂයක් දැක්මක් හෝ උවමනාවක් අපේ බලධාරීන්ට නොමැත. 

මෙවැනි අන්තවාදී ක්‍රියාවලට උපන් ගෙයි ම තිත තැබීමට නැතහොත් නිය පොත්තෙන් කඩා දැමීමට අවශ්‍ය දැක්මක් නැති බටහිර බලවතුන් සහ ඔවුන්ගේ සුවච කීකරු ලාංකිකයින්ගේ ඇහැ ඇරෙන්නේ 9/11 පන්නයේ ප්‍රහාරයක් එල්ල වූ විට ය. නැතහොත් ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සහ ඉරාකයේ ISIS පන්නයේ ත්‍රස්තයින් බිහි වූ විට ය. එවිට මේ බලවත්තු කඩිමුඩියේ ඉස්තාලයේ දොරවල් වසා මුරකාවල් යොදති. අහෝ!!! ඒ වන විට අශ්වයා පැන ගොස් හමාර ය. ඇෆ්ගනිස්ථානයේ තාලිබාන්ලා විනාශ කළේ බෞද්ධ උරුමය නොව මානව සංස්කෘතික උරුමයයි. ඉරාකයේ ISIS ලා විනාශ කළේ කතෝලික උරුමය නොව ලෝක මානව සංස්කෘතික උරුමයයි.

Sunday, August 17, 2014

හොඳ හමාස් ත්‍රස්තවාදය සහ නරක කොටි ත්‍රස්තවාදය

කැනඩාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ හෝ ස්වීඩනය ආදී රටවල් කොටි ත්‍රස්තවාදයට උදව් කළේ යැයි හෝ කරන්නේ යැයි චෝදනා කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට තව දුරටත් සදාචාරාත්මක අයිතියක් නැත. රාජපක්ෂලා මුස්ලිම් ඡන්ද කිහිපයක් වෙනුවෙන් හමාස් ත්‍රස්තවාදයට මුදලින් ආධාර කිරීමට ඇති අයිතිය අර කී රටවලට ද ඇතැයි ඔවුන් පිළිගත යුතු ය. ලෝකයේ පවතින ගැටුම් සිය ජාතික අභිලාෂ හෝ බලය වෙනුවෙන් කළමනාකරණය කිරීමය; දෙපිරස ම කරනුයේ. 

එදා ලෝකයේ හොඳ ත්‍රස්තවාදය සහ නරක ත්‍රස්තවාදය කියා දෙකක් නැතැයි කී ජනාධිපතිවරයා මෙදා හමාස් ත්‍රස්තවාදයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබේ. ඒ මුදල මැදමුලන වලව්වේ පෙට්ට ගමින් ලබා දුන් නිසා ඒ ගැන විමසීමට අපට අයිතියක් නැත. කෙසේ වුව ද මේ අනුව ලෝකයේ හොඳ ත්‍රස්තවාදයක් ඇති බව රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාවෙන් ම ඔප්පු කර තිබේ. 

මේ අනුව සුන්නි ත්‍රස්තවාදය හොඳ ත්‍රස්තවාදයකි. එහෙයින් ඔවුන්ට ඉරාකයේ ෂියා සහ කතෝලික පිරිස් ඝාතනය කළ හැකි ය. පෞරාණික ආගමික සිද්ධස්ථාන විනාශ කළ හැකි ය. එහෙත් ඔවුන්ට එරෙහිව ලංකාවේ පෙළපාලි උද්ඝෝෂණ නැත. සුන්නි ත්‍රස්තවාදය යමෙක් ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊට එරෙහිව පෙළපාලි සංදර්ශන ලංකාවේ පැවැත්වෙයි. ඒ සඳහා නීතියෙන් බාධාවක් නැත ද සුන්නි ත්‍රස්තවාදයට එරෙහිව උද්ඝෝෂණ කළ නො හැකි ය. ඒ ත්‍රස්තවාදයට මූල්‍ය ආධාර ද ලංකා ආණ්ඩුව ලබා දෙයි.

ලෝකයේ කිසියම් සෛවරී රාජ්‍යයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන්නේ නම් කොන්දේසී විරහිතව අප ඒ රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. අප හමාස් ඊශ්‍රායෙල් ගැටුම තේරුම් ගත යුත්තේ ස්වාධීන රාජ්‍යයක් සහ ත්‍රස්ත කල්ලියක් අතර ගැටුමක් ලෙසිනි. එසේ නොමැති ව යුදෙව් මුස්ලිම් ගැටුමක් ලෙස නොවේ. ලංකාව කොටි ත්‍රස්තවාදයට එරෙහිව ගෙන ගිය සටන සාධාරණීකරණය වන්නේ ඒ අර්ථයෙනි. 

ඒ සටන සාධාරණීකරණය කර ගැනීම අද රට හමුවේ ඇති අභියෝගයකි. එය ජාතික අභිලාෂයකි. ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ ඒ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි. ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාව අරාබි හෝ පලස්තීන මුස්ලිම් නොව භාරතීය දෙමළ සම්භවයක් ඇති ලාංකික මුස්ලිම් ජනතාවය. ඔවුන් ක්‍රියා කළ යුත්තේ ජාතික අභිලාෂවල ජයග්‍රහණ වෙනුවෙන් මිස සිය ඊනියා වාර්ගික අනන්‍යතා වෙනුවෙන් නොවේ.  

Thursday, July 17, 2014

අලුත්ගමින් බටහිර ඉවුරට

ඊශ්‍රායල් පලස්තීන ගැටුම පිළිබඳ ගලා එන පුවත් බහුතරය සත්‍යය නොවේ. සත්‍යය ලෙස නිර්මාණය කළ ඒවා ය. ඊශ්‍රායලයට බටහිර ඉවුරේ සිට හමාස් සංවිධානය රොකට් ප්‍රහාර එල්ල කරන බව මේ ප්‍රවෘත්තිවලට විෂය නොවේ. එහෙත් ඊශ්‍රායලය ප්‍රති-ප්‍රහාර එල්ල කළ වහා ඊශ්‍රායලය ළමයින් මරා දමන බවට ඡායාරූප සමඟ පුවත් පළ වේ. එවිට අපි අහිංසක මුස්ලිම් දරුවන් මරා දමන ඊශ්‍රායල් අගමැති ඇතුළු යුදෙව්වන්ගේ දෙමාපියන් සිහිපත් කර බැන වදිමු. එහෙත් මේ මිය ගිය ළමුන්ගේ එක ම ඡායාරූපය විවිධ සිද්ධිවලට අමුණමින් වසර කිහිපයක් තිස්සේ දෙතුන් වර පළ වෙයි. හමාස් අයිසිස් ඇතුළු 90%ක් වන සුන්නි ඉස්ලාමිකයින් 10%ක් වන ෂියා ඉස්ලාමිකයින්ට සහ සෙසු ලෝකයට කරන අපරාධ මෙවැනි ව්‍යාජ පුවත් ඔස්සේ වසා දමනු ලැබේ.

ලෝකයේ සුන්නි මුස්ලිමුන් බහුතරය වීමත් ඔවුන් සතු ආර්ථික ශක්තියත් බොහෝ සුන්නි මුස්ලිමුන් ඇමරිකාව ප්‍රමුඛ බටහිරට පක්ෂපාති වීමත් නිසා බටහිර මාධ්‍ය ද සුන්නි මාධ්‍ය සමඟ මේ කටයුත්ත සඳහා හරි හරියට දායක වෙයි. මේ තත්ත්වය සමාන කළ හැක්කේ 2009 අවසන් වූ කොටි ත්‍රස්තවාදය හමුවේ අල් ජසීරා බීබීසි සීඑන්එන් ඇතුළු මාධ්‍ය ගෙන ගිය රංගනයටයි. කොටි සංවිධාන අහිංසක හා පැටවුන් ලෙස ද රජයේ හමුදා ම්ලේච්ඡ මිනීමරුවන් ලෙස ද හැඟෙන පරිදි එකල පුවත් නිර්මාණය කෙරිණි. අලුත්ගම සිද්ධියේදී ද මුස්ලිමුන් පොසොන් පෝදා භික්ෂුන් වහන්සේට පහර දීම හෝ පෙළපාලි ගිය බෞද්ධයින්ට පල්ලියේ සිට පහර දීම පිළිබඳ කතා නොකර ඊට ප්‍රතිචාර දැක්වූ සිංහලයින් නිසා මුස්ලිමුන්ට වූ හානිය පිළිබඳ පමණක් විග්‍රහ කෙරිණි.

අද ඊශ්‍රායල් පලස්තීන ගැටුම පදනම් කරගෙන නිර්මාණය කරන ප්‍රවෘත්ති ද එවැනි ය. එදා ලංකා ආණ්ඩුවට යුද කලාපවල සිටින්නන් නඩත්තු කළා සේ ම බටහිර ඉවුරට ආහාර විදුලිය ජලය බෙහෙත් සපයන්නේ ඊශ්‍රායලයයි. ඒ සඳහා හමාස්ලා පෙරළා කෘතගුණ දක්වන්නේ රොකට්වලිනි. ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන විට බටහිර ඉවුරට බැලුම් බෝල එවීමට තරම් යුදෙව්වන් දීන සිංහලයින් මෙන් නිවට නැත. එහෙයින් සාමය අවශ්‍ය නම් මුස්ලිමුන් කළ යුත්තේ බටහිර ඉවුරේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන හමාස් සංවිධානය නිහඬ කිරීම ය. පට්ටපල් කෙප්ප ඔස්සේ සිංහලයින් යටපත් කළ හැකි වුව ද යුදෙව්වන් නම් කිසි දිනක යටපත් කළ නො හැකි ය. රජයේ මාධ්‍ය ඔස්සේ පලස්තීන නායකයාට දුරකතනයෙන් අමතා සුවදුක් විමසන බව පැවසෙන අපේ මහ උන්දෑ ද කළ යුත්තේ එපමණි.

Tuesday, July 1, 2014

වික්‍රමසිංහ තියරිය

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදි මුස්ලිම් බහුතරයක් සහිත දර්ගා නගරය මැදින් බෞද්ධයින් පෙරහැරක් යෑම වරදකි. එතුමාගේ සිතුම් පැතුම් සහිත සෙසු උගතුන් මෙන් ම එතුමා ද සඳහන් කරන පරිදි ගැටුමට හේතුව එම පෙරහැර මිස පොසොන් පෝදා භික්ෂූන් වහන්සේ නමකට පහර දීම හෝ එතෙක් මුස්ලිම් අන්තවාදී කල්ලි අඛණ්ඩ ව කරගෙන ගිය බෞද්ධයින් කුපිත කිරීමේ කටයුතු හෝ ඒවා රජය මැදිහත් වී නතර නොකිරීම නොවේ. අප මොහොතකට වික්‍රමසිංහ මහතාගේ තර්කය නිවැරදි යැයි සිතමු. එනම් මුස්ලිම් බහුතරයක් සහිත දර්ගා නගරයේ බෞද්ධයින් පෙරහැරක් යෑම වැරදි ය. එමෙන් ම එම තර්කය සෙසු ජාතීන්ට ද අදාළ විය යුතු ය.

එය එසේ නම් මේ රටේ 74%ක් සිංහල බහුතරයට 8%ක් වන සුළුතර මුස්ලිම් ජනතාව වෙනුවෙන් හලාල් කෑමට සිදුවීම කිසිසේත් සාධාරණ නැත. වෙනත් විදිහකට කිවහොත් 92%ක් වන මුස්ලිම් නොවන ජනතාවට 8%ක් වන මුස්ලිම් ජනතාව නිසා හලාල් කැවීම වික්‍රමසිංහ මහතාට අනුව කිසිසේත් සාධාරණ නැත. මන්ද මේ රටේ බහුතරය මුස්ලිම් නොවේ.

එමෙන් ම වික්‍රමසිංහ මහතාට එම තර්ක න්‍යාය අනුව බෞද්ධ සිද්ධස්ථාන අවට කූට ලෙස මුස්ලිම් පල්ලි ඉදිකිරීම ද බලවත් වරදකි. පුරාණ රජවරුන් විසින් දඹුල්ල පන්සලට පූජා කළ ඉඩමේ මුස්ලිම් පල්ලියක් ඉදි කිරිම වරදකි. එමෙන් ම මේ රට පාලනය කළ රජවරුන් විසින් කිහිප වරක් බුදුන්ට පූජා කළ රටේ තැන නොතැන නොබලා මුස්ලිම් පල්ලි ඉදිකිරීම වරදකි. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම වරදකි. 

එපමණක් නොව සෞදි අරාබියේ සිට වපුරන සුන්නි වහාබ්වාදය හිසින් ගත් අන්තවාදී සුළු මුස්ලිම් කල්ලිවලට මේ රටේ බහුතර මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කිරීමට ඉඩදීම බලවත් වරදකි. එහෙත් අප කෙසේ කීව ද වික්‍රමසිංහ මහතා හෝ ඔහු පන්නයේ උගතුන් කිසිසේත් බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හෝ මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අන්තවාදයෙන් ආරක්ෂා කිරීමට මේ තර්ක න්‍යාය භාවිත නො කරති. එහිදී ඔවුහු එය සුළු ජන තොටස් සතු නොබිඳිය හැකි පරම අයිතියක් කොට සලකති. 

කෙසේ වුව ද මේ තර්ක න්‍යාය අනුව මතු දිනක කොළඹ හුනුපිටියේ ගංගාරාම පෙරහැර මෙන් ම නුවර දළඳා පෙරහැර ද පැවැත්වීම වරදක් විය හැකි ය. මන්ද කොළඹ මෙන් ම නුවර නගරවල දේපළ වේගයෙන් අන්‍යාගමික කොටස් විශේෂයෙන් මුස්ලිම් කොටස් අත්කර ගනිමින් ඇත. ඊට සමාන වේගයකින් සාම්ප්‍රදායික මුස්ලිම් ආගම වෙනුවට අන්තවාදය මේ රටේ ව්‍යාප්ත වෙයි. එහි අවසාන ප්‍රතිඵලය ලෙස පල්ලි ඉදිවන අතර මතු දිනක මේ මේ මාර්ගවල පෙරහැර ගමන් නොකළ යුතු බවට අනඥා පැනවීමට ඉඩ තිබේ. 

1915 සිංහල මුස්ලිම් කෝලාහලයට හේතු වූයේ ද මෙලෙස සියවස් ගණනාවක් පැරණි රජ දවස සිට පැවැත්වූ පෙරහැරකට මුස්ලිම් අන්තවාදීන් බාධා කිරීම නිසා ය. එම බාධා කිරීම කළේ රටට අලුතින් වෙළඳාම පිණිස පැමිණි හම්බ මරක්කල නම් පිරිසක් විසිනි. ඔවුන් පැමිණ එහි තිබූ කතෝලික සහ මුස්ලිම් පල්ලියට අමතරව නව පල්ලියක් ඉදි කළේ 1885 වසරේ පමණ ය. සිය වස් ගණනාවක් සිංහල බෞද්ධයින් සමඟ ජීවත් වූ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් පෙරහැර පැවති දිනවල සිය පල්ලියට නොපැමිණ බෞද්ධයින්ගේ පෙරහැර නිදහසේ කරගෙන යෑමට අවස්ථාව ලබා දෙන පසු බිමක මේ රටට සංස්කෘතියට ආගන්තුක, එය නො ඉවසූ හම්බ මරක්කලයෝ බෞද්ධයින්ට දිගින් දිගට ම කෙනහිලි කළහ. අවසානයේ එය විශාල ඛේදවාචකයකින් අවසන් විය. 

එදා මෙන් ම වර්තමාන සිංහල මුස්ලිම් ජනතාව අතර ඇතිව ඇති නො සන්සුන්තාවයට ප්‍රධාන හේතුව එකල සමාජයේ පැවති ලෙස ම අන්තවාදීන් මේ රටේ සංස්කෘතිය කෘතීම ලෙස වෙනස් කිරීමට දරන තැතයි. මේ රටේ සංස්කෘතියට අනුගත නොවී ලංකාව තවත් සෞදි අරාබියක් කිරීමට දරන තැතයි. අරාබි මුස්ලිම් සංස්කෘතිය මෙරට බෝ කිරීමට වළිකන මේ පිරිස් මේ රටේ සංස්කෘති සහ සිරිත් විරිත් සෞදි අරාබියේ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දෙන්නේ දැයි නො සිතති. මේ තත්ත්වය පාලනය කළ හැක්කේ වික්‍රමසිංහ මහතා සහ මෙරට පාලකයින් මෙන් සිංහලයින්ට එක් හැන්දකින් ද මුස්ලිම්වරුන්ට තවත් හැන්දකින් ද බෙදීමෙන් නොව සැමට එක සමාන නීතියක් අනුව කටයුතු කිරීමෙනි. බෞද්ධයින්ට අසාධාරණ ලෙස සැලකීම ඔස්සේ සිදුවන්නේ බෞද්ධයින් තව තවත් උරණ වී නිතිය අතට ගෙන ක්‍රියා කිරීම සහ ඒ ගැටුම්වලින් පීඩාවට පත් වන සාමාන්‍ය මුස්ලිම් ජනතාව මෙරට ව්‍යාප්ත වන මුස්ලිම් අන්තවාදය ගොදුරු වීම ය. එහි ප්‍රතිඵලය වන්නේ මේ රට නැවත ත්‍රස්තවාදය වෙත තල්ලු මුස්ලිම් රටවල් මෙන් සදාකල් ගැටුම් සහිත නරකාදියක් බවට පත්වීම ය.

රට ගිනි තබන තවුහිද් ජමාද් තහනම් කරනු!

මෑතකාලීන සිංහල මුස්ලිම් කෝලාහලවලට මූලික හේතුව මේ අන්තවාදී තවුහිද් ජමාද් කල්ලියේ නොමනා ක්‍රියාකළාපයයි. පසුගිය දා මාදම්ප ප්‍රදේශයේ දහසක පමණ මුස්ලිස් කාන්තාවන් පිරිසක් මේ කල්ලියට එරෙහිව වීදි බැස්සාහ. ඊයේ රාත්‍රි සයින්දමරුදු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සහ මේ කල්ලිය අතර ගැටුමක් හට ගෙන තිබේ. මේ සියලු ගැටුම්වලට හේතුව සාම්ප්‍රදායික මුස්ලිම් ගම්බිම්වල අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය පල්ලි ඉදි කරමින් ද අන්තවාදය දේශනා කරමින් ද ගෙන යන දුෂ්ට ක්‍රියාදාමයයි. ලංකාව ලංකාව මිස සෞදි කොලනියක් නොවේ. එරට සිට ලංකාවට එන සුන්නි අන්තවාදී කල්ලි වහාබ්වාදය වපුරමින් රට ම බිහිසුණු අගාධයකට ඇද ගෙන යමින් සිටිති. ලංකාවේ සිටින්නේ ලංකා මුස්ලිම්වරු මිස සෞදි මුස්ලිම්වරු නොවේ. වසර දහස් ගණනක් සිංහලයින් සමඟ සමගියෙන් විසීම ඔස්සේ නිර්මාණය වූ ලංකා මුස්ලිම් සම්ප්‍රදාය ආරක්ෂා කිරීම ද  ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද අන්තවාදී කල්ලි රටින් පන්නා දැමීම ද රජය වහා කළ යුතුය.

මේ අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය මේ වන විට රට පුරා බෞද්ධයින්ට පමණක් නොව මුස්ලිම්වරුන්ට ද එරෙහිව භීෂණය වපුරමින් සිටී. සාම්ප්‍රදායික ලාංකික මුස්ලිම්වරුන් විශේෂයෙන් සුපී මුස්ලිම්වරුන් මර්දනය කරමින් අන්තවාදය ව්‍යාප්ත කරන තවුහිද් ජමාද් කල්ලිය වහා තහනම් කර ලංකාවේ ආගමික සංහිඳියාව ඇති කිරීම රජයේ අත් නොහළ හැකි වගකීමකි. රට පුරා සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ද මේ අන්තවාදී පාහරයින්ට එරෙහිව වීදි බැස ඇති මොහොතක රජය අනුගමනය කරන දියාරු ප්‍රතිපත්තිය අනාගතය පිළිබඳ අප තුළ බියකරු අඳුරු සිතිවිලි ඇත කරයි. නියෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තෙක් නිදහසේ වැඩෙන්නට නොහරිනු! එදා ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා නම් යාපනේ ශ්‍රී ලංකාකාරයා ඝාතනය කරමින් ආරම්භ කළ ප්‍රභාකරන්ගේ මිනිමරු ගමන එදා නතර නොකළ පවට රටට වසර තිහක් ලේ මස් කඳුලු ගංගාවලින් වන්දි ගෙවන්නට සිදුවිය. එහෙයින් පමා වී පසු නො තැවෙනු! වහා ක්‍රියාත්මක වනු!

එමෙන් ම සරම කැහැපොට ගහගෙන අලුත්ගම දිවූ මුස්ලිම් ජනතාව කෙරෙහි මහා ආදරයක් ඇති මුස්ලිම් - සිංහල දේශපාලකයින් ද ජනමාධ්‍යෙව්දීන් ද සමාජ ජාල අරක් ගෙන සිටින විද්වතුන් ද වහා මේ ගැටුමට හේතුව සොයා බලා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරනු ඇතැයි අපි සිතමු. එමෙන් ම ඊට හේතුව වන අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය එරෙහිව බො.බ.සේ.ට එරෙහිව ගෙන ගියාටත් වඩා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ගෙන යනු ඇතැයි ද අපි සිතමු. කොළඹ සහ සෙසු ප්‍රදේශවල ඊට එරෙහිව හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු සුදානම් කළ යුතුමය. එසේ නැතහොත් මේ ඊනියා මුස්ලිම් ආදරවන්තයින් සරම ඇඳගෙන ඔලුවෙන් ඇවිදින හුදු සිංහල විරෝධීන් බව හෙළි වීම නම් නොවැළැක්විය හැකි ය.

Friday, June 20, 2014

වහා බොරදිය මාලු බෑම නතර කරනු!

අප වසර 30ක් තිස්සේ යුද්ධ කළේ කොටි ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාව සමඟ නොවේ. එකල අපි සාමාන්‍ය දෙමළ ජනතාව ආරක්ෂා කරන අතර කොටි ත්‍රස්තවාදයට එරෙහි වීමු. 1983 සිදු වූ අවාසනාවන්ත සිද්ධියට පසු සිංහලයින් කුපිත කර ඔවුන් ලවා දකුණේ අහිංසක දෙමළ ජනතාවට ප්‍රහාරයක් එල්ල කොට ජාත්‍යන්තර අනුකම්පාව ඩොලර් කඳුවලට හැරවීමේ සහ මධ්‍යස්ථ දෙමළ ජනතාව ඊළම වෙත තල්ලු කිරීමේ අරමුණින් සිංහල ජනතාවට එල්ල කළ සියලු ත්‍රස්ත ප්‍රහාරවල නියම අරමුණ හඳුනා ගැනීමට සිංහල ජනතාව සමත් විය. ඒ නිසා දකුණේ කිසිඳු දෙමළ අයෙකුට කිසිදු හාකියත් සිදුවූයේ නැත. ඒ අවබෝධය සහ ඉවසීම නිසා අවසානයේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට අපට හැකි විය. දැන් ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහි වූ අපට මෙන් ම ඒ ත්‍රස්තවාදය උඩ ගෙඩි දුන් රහූෆ් හකීම් වැන්නන්ට ද මර බියෙන් තොරව නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් උදාවී තිබේ. 

මේ මොහොතේ අප විරුද්ධ වන්නේ රට වටා ලියලා වැඩෙන සුළු සුළු අන්තවාදී මුස්ලිම් කල්ලිවලට මිස අප සමඟ සමගියෙන් සිය වස් ගණනාවක් මෙරට ජීවත් වූ මුස්ලිම් ජනතාවට නොවේ. මේ තත්ත්වය ජනතාව වහා අවබෝධ කරගත යුතුය. එදා දෙමළ ජනතාව සහ කොටියා වෙන වෙන ම හඳුනා ගත්තා සේ අද සාමාන්‍ය මුස්ලිම් ජනතාව සහ ජිහාඩ් සහ වහාබ්වාදී කල්ලි එකක් නොව දෙකක් බව වහා අවබෝධ කරගත යුතුය. ඒ අවබෝධයෙන් යුතුය ඉවසීමෙන් කටයුතු කළ යුතුය. එදා එක දිගට කොටි ත්‍රස්තවාදීන් අරන්තලාවට, ශ්‍රී මහා බෝධියට, දළඳා මැදුරට, මහා බැංකුවට ප්‍රහාර එල්ල කරන විට මෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. තවමත් ඉතා ම සුළුතරයක් වන මුස්ලිම් අන්තවාදී කල්ලිවල අරමුණ සිංහලයා කුපිත කර ඔවුන් ලවා අහිංසක මුස්ලිම් ජනතාවට ප්‍රහාරයක් එල්ල කරවා, ඒ මධ්‍යස්ථ මුස්ලිම් ජනතා ඔවුන් වෙත දිනාගැනීමය. ඒ අතර පිට රටවල සිටින අන්තවාදී මුස්ලිම් කල්ලිවල ආධාර ලබා ගැනීමය. මේ රටේ ජනතාව මේ අරමුණ අවබෝධ කරගෙන ඉවසීමෙන් කටයුතු කළ යුතුය. 

එසේ නොමැතිව මේ මුස්ලිම් අන්තවාදී කල්ලිවල කුපිත කිරීම සහ බොරදියේ මාලු බාන විවිධ ජාතිවාදී කල්ලිවල උසිගැන්වීම හමුවේ ඔබේ අසල්වැසි මුස්ලිම් මිනිසුන්ට හෝ ඔවුන්ගේ දේපළවලට හානි කිරීමට කිසිසේත් කටයුතු නොකළ යුතුය. ඒ සඳහා මේ මොහොතේ ඔබ උසිගන්වන සියලුදෙනා දේශදෝහීන් වන අතර මිතුරු වෙසින් ඔබ අසල සිට ඔබ ඊට පොළඹවන්නේ ඔබේ ද ඔබේ ජාතියේ ද සතුරෝය. ඔවුන්ට සිංහල නම් ඇත්නම් ඒ නමට පමණක් සිංහල වන අමනයෝය. මෙවැනි අයට කරුණු පහදා දී නිහඬ කිරීම ඔබේ යුතුකමය. ඔබ මුස්ලිම් මිනිසෙකුගේ නිවසට ගහන එක ගලක් පවා මුස්ලිම් අන්තවාදීන්ට මහා ආශිර්වාදයකි. එයින් ඔබ උදව් කරන්නේ මේ රට ගිල ගැනීමට මාන බලන මුස්ලිම් අන්තවාදයටයි. ඔබේ ම ජාතියේ වළ කැපීමටයි. 

කලබලයට කොරොස් කටේ පවා අතදැමිය නොහැකියය. අප හමුවේ ඇති ප්‍රශ්නවලට ඉවසීමෙන් බුද්ධිමත්ව පිළිතුරු සෙවිය යුතුය. එහෙයින් කලබල නොවන්න. ඔබේ අසල්වැසි මුස්ලිම් නිවැසියන්ට පහරදීමට මැර කල්ලි පැමිණියහොත් වහා ඊට මැදිහත් වන්න. ඔවුන් ආරක්ෂා කරන්න. ඒ අහිංසක මුස්ලිම් ජනතාව අන්තවාදී කල්ලි තුරුලට තල්ලු කිරීමට ක්‍රියාකිරීම තරම් මේ මොහොතේ ඔබට මව්බිමට කළ හැකි තවත් ද්‍රෝහීකමක් නැත. ඉන් සිදුවන්නේ ප්‍රශ්නය තව තවත් උග්‍රවීම පමණි. එහෙයින් මේ මුස්ලිම් අන්තවාදයේ භයානක බව ඔබ දන්නේ නම් එහි අනාගත අවධානම ඔබ අවබෝධ කරගෙන ඇත්නම් ඉවසීමෙන් කටයුතු කරන්න. කිසිදු මැරක්‍රියාවකට සම්බන්ධ නොවන්න. ඊට අනුබල නොදෙන්න. 

එසේ සිංහල හෝ මුස්ලිම් දේපළවලට හෝ ජීවිතවලට හානි කරන සියලු ත්‍රස්තවාදීන් ජාති භේදයකින් තොරව අත් අඩංගුවට ගත යුතු අතර නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් කිසිදු ජාතියකට අයත් නැති ත්‍රස්තයෝය. මව්බිමේ හතුරෝය. ජාතිය සිංහල වුව ද ඔවුහු දැන හෝ නොදැන මුස්ලිම් අන්තවාදී අරමුණු ජය ගැනීමට උදව් කරති. මේ රට දැය සමය විනාශය කරා ගෙන යති.    

Friday, June 13, 2014

සමිත හිමිට බැට දෙනු දැක සිත පැහැද - බැතින් මිහිඳු හිමි සමරමු දොහොත් බැඳ

සිංහල බෞද්ධයාට වෙසක් පොහෝ දින සේම වැදගත් පොහෝ දිනක් වේ නම් ඒ පොසොන් පොහෝ දිනයයි. ඒ පොහෝ දින ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත හිමියන්ට කාදිය වත්ත හෙවත් දර්ගා ටවුන් යනුවෙන් මුස්ලිම් නාමකරණය කළ ප්‍රදේශයේ මැර පිරිසක් පහර දී තිබේ. ඒ මුස්ලිම් ලෙබ්බේ කෙනෙකු ඇතුළු මුස්ලිම් මැරයින් සිව්දෙනෙකි. මේ ප්‍රදේශය සිය ගම බවත් වැඩිය දඟලන්න නො එන ලෙසත් මැරයින් මහ මඟ වැඩි හිමියන් ගැටුමකට මැදි කරගෙන තර්ජනය කර තිබේ. සමිත හිමි මේ මැරයින්ගේ වෛරයට පාත්‍ර වන්නේ අනේක අන්තවාදී කෙනහිලි ඉවසා ගෙන ප්‍රදේශය ශුද්ධ වූ ඉස්ලාම් නගරයක් කිරීමට ඉඩ නොදී උන් වහන්සේ වසර පහක් තිස්සේ විහාරස්ථානයේ වැඩ වාසය කරන නිසාය. මේ‍ අන්තවාදී මැරයින් මස් කළ ගවයෙකුගේ හිසක් උන් වහන්සේගේ විහාරස්ථානය අසළ දමා ගොස් දැනට සතියකට වඩා නැත. ඒ පිළිබඳ උන්වහන්සේ පොලිසියට ද පැමිණිලි කර තිබේ. දැනට කුරගල වැනි බෞද්ධ සිද්ධස්ථාන මුහුණ දී ඇති ඛේදවාචකයට හෙට දින ඒ විහාරස්ථානය ද මුහුණ දෙනු ඇත.

පොසොන් පොහෝ දින මහ මඟ යන තරුණයෙකු නිකරුණේ වෙඩි තබා මරා දැමූ ලංකා පොලිසිය, ඊනියා ආගමික සහජීවනය පෙරදැරිව මුස්ලිම් මැරයින් අත් අඩංගුවට ගෙන නැත. මේ මැරයින් අත් අඩංගුවට ගැනීමට 5 0000කට අධික බෞද්ධ පිරිසකට අලුත්ගම පොලිසිය වටලා ගාලු පාර වසා විශාල විරෝධතාවක් දැක්වීමට සිදුවිය. මේ මුස්ලිම් මැරයින් නිසා සමස්ත මුස්ලිම් ජනතාව සමඟ ගැටුමකට නොයා පොලිසිය වෙත පැමිණ යුක්තිය ඉල්ලා සිටී සිංහල බෞද්ධ ජනතාවට, පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයකින් සංග්‍රහ කර තිබිණි. බදුල්ලේ දී මුස්ලිම් දරුවෙකුට පහර දුන්නේ යැයි පට්ටපල් බේගල් වසුරු විසිරුවා අන්තර්ජාලය ගඳ ගැස්සමින් සිංහලයින් පතුරු ගැසූ වසළ නිගණ්ඨයින් මේ ප්‍රහාරය ගැන කුමක් කියන්නේ ද? එවුන්ට කිව හැක්කේ රජය සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කර රටේ ප්‍රශ්න අමතක කර බලය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන බව වැනි ගෙරි මස් ගඳැති කුපාඩි ප්‍රකාශ පමණි. සිංහලයෙකු අතින් කිසිවෙකුට සුළු වරදක් වුව ද මුර ගසන සිංහල බෞද්ධ අන්තවාදයක් ගැන උඩු බුරන සිංහල නාමධාරී මැති ඇමති ගොල්ලා අද කොහිද? සර්වාගමික කල්ලි කොහිද? සිය මව්බිමේ දීම භික්ෂූන් වහන්සේට ගුටි අනිනු දැකීමට තරම් සිංහල බෞද්ධයින් වාසනාවන්ත වී තිබේ. අහෝ ප්‍රීතීය! ප්‍රීතීය! ප්‍රීතීය!

1815 බෞද්ධ අයිතීන් සුරකින බව පැවසූ ඉංග්‍රීසි මෙන් ම සන්ධාන ආණ්ඩුව ද බෞද්ධයින් රවටමින් සිටී. බටහිර දේශපාලන උගුලේ සිරව ඇති රටේ නායකයින් එම භයින් මිදීමට නිවහල්ව නැඟී සිටිනු වෙනුවට, ඒ සඳහා ජනතාව සුදානම් කරනු වෙනුවට, මුස්ලිම් ලෝකය සිය මිතුරා ලෙස තෝරා ගෙන තිබේ. ලංකාවට එරෙහිව ඊශ්‍රායලය ගෙනා යෝජනාවට, බටහිර සහ ඊශ්‍රායල විරෝධී මුස්ලිම් ලෝකය එරෙහි වීම තමන්ට පක්ෂ වීමක් ලෙස දැකීමට තරම් මේ ආණ්ඩුවට මෝඩ වී ඇත. තනතුරුවලට, නම්බුනාමවලට මේ පාලකයින් කෙතරම් කෑදර දැයි හොඳින් දත් මුස්ලිම් කල්ලි සිය මිතුරු රටවල් ලවා මේ නිවටයින්ට විවිධ  තනතුරු නම්බු නාම නම් මස් කටු විසි කරමින් සිය අරමුණ කරා වේගයෙන් ඉදිරියට ඇදෙති. මුස්ලිම් කල්ලි නමැති බූවල්ලා මේ ආණ්ඩුව බදාගෙන එහි ඇට මිදුලු දක්වා පිලිකාවක් සේ ඔඩු දුවා අවසන්ය. අරාබි ප්‍රාග්ධනය විසින් බොහෝ රාජ්‍ය ප්‍රධානීන්ගේ සහ නිලධාරීන්ගේ කට වසා ඇත. අද දින මුස්ලිම් බහුතරය සහිත ගම මැදින් යෑඹට මැරයින්ගේ අවසර ගැනීමට සිදුව ඇති භික්ෂූන් වහන්සේලාට හෙට දින බුරුමයේ රොහින්ග්‍යයා ප්‍රදේශයේ මෙන් හමුදා ආරක්ෂාව යටතේ මහ මඟ යෑමට සිදු වනු ඇත. (මේ ඡායාරූපයේ දැක්වෙන්නේ 95%කට වැඩි බෞද්ධ ජනතාවක් සිටින බුරුමයේ රොහින් ග්‍යයා ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුව පත්ව ඇති ඛේදවාචකයයි.)



1915 බෞද්ධ පෙරහැරකට ප්‍රහාරයක් එල්ල කොට බෞද්ධයින් කුපිත කර, ගැටුමක් නිර්මාණය කරගෙන, සිය ස්වාමි සුදු ආණ්ඩුව ලවා බෞද්ධයින් මර්ධනය කළ මුස්ලිම් අන්තවාදී කල්ලි, ඉන් සිය වසකට පසු සිංහල බෞද්ධ ඡන්දයෙන් පත් කළ ආණ්ඩුවක් යටතේ එම ක්‍රියාවලිය නැවත කරලියට ගෙන ඒමට සමත්වීම අහඹුවක් ද? අන්‍යාගමීකරණ විරෝධී පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආ අගමැති රත්නසිරි වික්‍රමනායක වෙනුවට බෞද්ධ මධ්‍යස්ථාන සර්වාගමික මධ්‍යස්ථාන කළ, භික්ෂූන් වහන්සේට චීවරධාරියා යැයි අමතන, මුස්ලිම් පල්ලි සඳහා ඉඩම් දන්දෙන, මුස්ලිම් කුඩුකාරයින් සුරකින, බෞද්ධයින්ගේ සාධාරණ ඉල්ලීම් හමුවේ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් පෙනී සිටින වසලයෙකු පත්වීම අහඹුවක් ද? මේ රටේ බෞද්ධ ඡන්දයෙන් තේරි පත්වූ මැති ඇමතිවරු 8%ක් මුස්ලිම්වරුන් වෙනුවෙන් 92%ක් වන මුස්ලිම් නොවන ජනතාව හලාල් කප්පම් ගෙවීම අනුමත කිරීම අහඹුවක් ද? රටේ වගකිව යුතු ආයතනවල උන් හිටි ගමන් සර්වාගමික වෙසක් කූඩු මතු වන්නේ ඇයි? මේ රටේ සාම්ප්‍රදායික කාන්තා මුස්ලිම් ඇඳුම වූ සාරිය සහ සල්වාරිය වෙනුවට හතු පිපෙන්නා සේ ව්‍යාප්ත වන ගෝණි බිල්ලා ඇඳුම අහඹුවක් ද? රටේ ව්‍යාප්ත වන කාති උසාවි, මුස්ලිම්, අරාබි පාසැල් බිහිසුණු අනාගතයක පෙරමඟ ලකුණු නොවන්නේ ද?

මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවගේ ඊළඟ පරම්පරාව සෞදි සහ පකිස්ථාන මුස්ලිම් අන්තවාදී කල්ලි විසින් අන්තවාදය වෙත දක්කා ගෙන යන අතර ආණ්ඩුව නිහඬව ආසිරි ගී ගයයි. එවුන් උන්ගේ මුස්ලිම් ගෑණුන්ට ගෝණි බිල්ලා ඇඳුම ඇන්දුවා ම අපට ඇති රුදාව කුමක් දැයි ඇතැම් ළිං මැඩි අපෙන් අසති. එවන් ළිං මැඩි නිවටයින්ට අපට කීමට ඇත්තේ මෑතක දී නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී බොකෝ හරාම්ලා පැහැර ගෙන ගොස් ඩොලර් 5ට වහල් සහ ගණිකා සේවයට අසල්වැසි අරවලට විකුනුවේ උන්ගේ මුස්ලිම් ළමයි නොව අති බහුතරයක් කතෝලික ළමයි 236ක් බවය. බොකෝ හරාම් නායක අබුබකා ශෙකාවු පවසන පරිදි ඌ ක්‍රියාත්මක කර ඇත්තේ අල්ලාහ්ගේ අණ ය.‘I abducted your girls; there is a market for selling humans. Allah says I should sell – he commands me to sell.’

මා වසර කිහිපයක් තිස්සේ එක දිගට කියන කතාවක් දැන් නැවත නැවත කීමට සිදුව ඇත. සුද්දා රටින් තුරන් වන විට දුන් ඇම වන ද්වි-පක්ෂ ක්‍රමය නිසා සිංහලයා මේ වන විට කෘත්‍රිම ව රටේ සුළුතරය බවට පත්ව තිබේ. සිය ජාතිය සිංහල යැයි කීමට කොන්දක් නැති නිවටයින් තමන් කැපුවත් කොල, නිල් බව උජාරුවෙන් පවසති. සිංහලයා පක්ෂවලට බෙදී කුලල් කා ගන්න අතර පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මුස්ලිම් කල්ලි රට වට කරති. රටේ නැගෙනහිර පමණක් නොව දැන් බස්නාහිර ද සිංහලයාට අහිමි වී තිබේ. "සිංහලයිනි, තොපි නිල් කොලවලට බෙදී බූරුව ගසන්නේ තොපේ දරු මුනුබුරන්ගේ අනාගය උගසට තියලා. දැන්වත් මර නින්දෙන් අවදි වෙයල්ලා. සියලු ම පක්ෂවලින් අයින් වෙලා තමන්ගේ රට ජාතිය ආගම එකම පක්ෂය කියලා හිතපල්ලා. උඹලාට සරණක් ලැබුණොත් එයින් ම මිස දේශද්‍රෝහී පාලකයින්ගේ නෙමේ. දේශපාලන පක්ෂවල නෙමේ. එහෙම නොවුණොත් තව ගොඩක් කල් උඹලාට මේ හැලියේ නටන්න ලැබෙන්නේ නෑ. මොකද හට්ටිය තියෙන්නේ හතර අතින් ගිනි දැල් නඟින ලිප උඩ."

Sunday, May 18, 2014

ඉල් විරුවන් සැමරිය හැකි නම් වෙසක් විරුවන් ඇයි බැරි?

ඉල් මහ සැමරුම ජවිපේය. වෙසක් විරු සැමරුමක් කොටින්ට ද ලබා දිය යුතු බව ඇතැමුන්ගේ අදහසයි. ඒ නන්දිකඩාල්හි මහ කොටියා ඇතුළු ත්‍රස්ත කල්ලි විනාශ කළ දිනයයි. මේ අදහස් දරන අය මාක්ස්වාදි සහ බෙදුම්වාදී ආස්ථානයක සිටියි. එමෙන්ම මේ දෙපිරසම කරන ලද්දේ එකම වරදක් බවත්, දෙමළ ජනතාවට මේ රටේ දෙවන පුරවැසියන් ලෙස සලකන නිසා ඔවුන්ට සිය විරුවන් සැමරීමට ඉඩ නොදෙන බවත් පවසා කෙප්පයක් නිර්මාණය කර පොරවල් වීම ඔවුන්ගේ අහිංසක ආශාවයි. 
මම මේ සැමරුම් දෙකට ම විරුද්ධය. නමුත් ඉල් මහ සැමරුම කළ හැකි නම් කොටි සමරන්න බැරි ඇයි කියා අහන අයට මට කීමට ඇත්තේ රාජ්‍යය සහ ආණ්ඩුව යනු දෙකක් බවය. ආණ්ඩුව යනු රාජ්‍යයක එක් අංගයක් පමණි. ජවිපෙ මදාවිකාරයෝ හැදුවේ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව පත් කළ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නොවන සන්නද්ධ ක්‍රම ඔස්සේ වෙනස් කිරීමටය. ඒක ජයග්‍රහණය කළා නම් රෝහණ විජේවීරත් අර ෆිදෙල් කැස්ත්‍රෝ වගේ අමරණීය නායකයෙක් වන්නේය. කෙසේ වුවත් සිංහල බෞද්ධයාගේ වාසනාවට එසේ වූයේ නැත.

 ප්‍රභාකරන් ඇතුළු කොටි කල්ලිය යුද්ධ ප්‍රකාශ කළේ ආණ්ඩුවට විරුද්ධව නොව, ලංකා රාජ්‍යයට විරුද්ධවය. එවුන් උත්සාහ කළේ ආණ්ඩුව වෙනස් කරන්න නෙමේ, රටේ භූමියෙන් 3/1 සහ මුහුදින් 3/2 සහිතව වෙනත් රටක් එහෙම නැත්නම් ඊළම කියලා ක්‍රිස්තියානි රාජ්‍යයක් තැනීමටය. ඒ සඳහා බටහිර රටවල් NGO සහ පල්ලිය උදව් කළහ. අය කුමන ක්‍රියාමාර්ග ඔස්සේ වුව ආණ්ඩු පෙරළීමේ ක්‍රියාදාමයකට එහා ගිය දැඩි බව පුනපුනා කිව යුතු නැත.

බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය විනාශ කළද, තවමත් ප්‍රජාතන්ත්‍රවාදී බෙදුම්වාදී ඊළාම් කල්ලි ලොව පුරා ක්‍රියාත්මක වෙයි. ඊළම වෙනුවෙන් නැවත සන්නද්ධ වූ ගෝපි ඇතුළු හිටපු කොටි තිදෙනෙක් මෑතකදී මැරුම් කෑහ.

ජවිපෙ මේ වන විට සන්නද්ධ ක්‍රියා මාර්ගවලින් ආණ්ඩු මාරු කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගෙන ඇත. ඔවුන්ගේ අරමුණ ජය ගැනීමේ ක්‍රමය වැරදි වුව ද අරමුණ වැරදි යැයි කිව නොහැකිය. එහෙයින් ඔවුන්ගේ ඉල් මහ සැමරුමට අවසර දීම ප්‍රශ්නයක් නොවේ. බහුතර ජනතා කැමැත්ත දිනාගත හැකි නම් ඔවුන්ට ආණ්ඩු බලය ලබාගත හැකිය.

එහෙත් බෙදුම්වාදී කල්ලිවල සන්නද්ධ අංශය විනාශ කළ ද ප්‍රජාතන්ත්‍රවාදී කල්ලි නැවත ලොව පුරා සන්නද්ධ වෙයි. ඔවුහු නැවත යුද්ධයකට ආයුධ රැස් කරමින් සිටිති. ඔවුන්ගේ අරමුණ ජයගැනීමේ ක්‍රමය මෙන් ම අරමුණ ද භයානකය. වැරදිය. එහෙයින් නැවත ද්‍රවිඩ තරුණයින් ඊළම වෙත දක්කන කිසිදු ක්‍රියා මාර්ගයකට නැඹුරු වීමට ඉඩ නොදීම ආණ්ඩුවේ මෙන් ම ආරක්ෂක අංශවල ද වගකීමයි. තවත් වසර 5ට කොටි තහනම් කිරීමට ඉන්දිය රජය ගත් පියවර කොටින් තවමත් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන බව සනාථ කරයි.

ලොව මෙතෙක් ජර්මනියේ හිට්ලර් හෝ සෞදියේ බින් ලාඩන් සැමරීමට ඉඩදී නැත. එසේ නම් මෙතෙක් ලොව බිහිවූ භයානකම ත්‍රස්ත කල්ලිය ලෙස සැලකෙන කොටි සංවිධානය හෝ එහි නායකයා කිසිසේත් සැමරීමට ඉඩදිය යුතු නැත.  දේපළ රාජ සන්තක කළ යුතුය. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බෙදුම්වාදයට කත් ඇදීමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත. නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන්ට සම්බන්ධ සියලු කල්ලි කණ්ඩායම් තහනම් කළ යුතුය. තරමට වඩා දඟලන එවුන් මහජන ජීවිත, මව්බිමේ ආරක්ෂාව සහ රටේ ඒකීයභාවය වඩා වැදගත් හෙයින් සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන යා යුතුය. 

Wednesday, May 7, 2014

උමාරියා එක්ක හැරෙන්නත් බැරි නන්දා...! - ලහිරු පෙරේරා

ලහිරු පෙරේරා පවසන පරිදි නන්දා මාලනීට උමාරියා සමඟ හැරෙන්නත් බැරිය. මව්බිම පුවත්පතේ එක් ලිපියක හෙඩිම එසේය. මේ තකතීරු කතාව ඇසූ විගස සිංහල ගීත ශ්‍රාවකයින් තුළ සාධාරණ කෝපයක් ඇති වීම යුක්ති සහගතය. 

නන්දා මාලනී සිංහල ගීත ක‍්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවයක් කළ නිර්මාණකාරියකි. ඇය ගැයූ ගීත ප්‍රමාණය අතිවිශාලය. අප හුදෙකලාව සිටින විට නිතැතින් සිතට නැඟෙන තරමට ඇගේ ගීත ජන විඥානයට බද්ධ වී ඇත. ඒ ගීත පිළිබඳ කතා කිරීමට මේ අවස්ථාව නොවේ. ඒ සඳහා අවශ්‍ය සියලු සම්මාන කිත් පැසසුම්වලින් ඈ පුද ලබා තිබේ. 

පෙර සඳහන් කළ හෙඩිම දුටු නලින් සුබසිංහ මිතුරා පළ කළ අදහසක් මෙසේය.
"නන්දා මාලනියට උමාරියා එක්ක හැරෙන්නවත් බැරි බව අලුත් පරපුරේ ගායක හිපාටුවෙක් පවසා ඇති බවයි කියැවෙන්නේ. උන්ගේ අප්පලාට සල්ලි තිබීම හේතුවෙන් මීඩියාවල පිහිටෙන් ගායක ගයිකාවන් බවට අද පත් වෙලා ඉන්න මේ හිපාටුවො හිතන් ඉන්නවා ඇති උන් මහ ලොකු ගායක ගායිකාවන් කියලා. අනේ මගේ කට...
නන්දා මාලනී කියන්නේ අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම ගායිකාවක්. ඊට පස්සෙ ගායිකාවො කී දෙනෙක් බිහි වුනාද? මාලනී බුලත්සිංහල, නීලා වික්‍රමසිංහ, ඉන්ද්‍රාණි පෙරේරා, දීපිකා ප්‍රියදර්ශනී... මේ එක්කෙනෙක්ටවත් වඩා හොඳට හැරෙන්න පුළුවන් උමාරියාටද එතකොට?" 

පෙර සඳහන් කළ ලිපිය නොකිය වූ මම නලින්ගේ අදහසට මගේ ප්‍රතිචාරය මෙසේ පළ කළෙමි.
"ඇත්තට ම උමාරියා දක්ෂ ගායිකාවක්. නමුත් එයා නන්දා මාලනී සමඟ සැසඳීම නිසා ලොකුම හානිය වෙන්නේ උමාරියට. මේ කතාව අහලා එයා මුරුංගා අත්තේ නැග්ගොත් විනාසේ තමා. ලහිරු කියන්නේ තාත්තා නිසා මෙතනට රිංගපු හාදයෙක්. මේ වගේ ගොං කතාවක් නොකීවොත් ඇත්තට ම මෙහෙම එකෙක් ඉන්නවා කියලා අපට මතක් වෙන්නෙත් නෑ. ඒ නිසා ඉඳලා හිටලා මේ විදිහට උම්බෑ කියලා අපිට තමන් සිටින බව මතක් කර දීමත් නරක නෑ."

කෙසේ වුව ද පුවතේ හෙඩිම "නන්දා මාලනීට උමාරියා එක්ක හැරෙන්නවත් බෑ" යනුවෙන් තිබුණ ද එහි ලහිරු සඳහන් කර ඇත්තේ වෙනත් කතාවකි. 

"ප්‍රශ්නය - නන්දා මාලිනී කියන්නේ සුපිරි මට්ටමේ ගායිකාවක් නෙවෙයිද?

ලහිරුගේ පිළිතුර - නෑ නෑ මම කියන්නේ, Singing අතින් ඇත්තටම නන්දා මාලිනී, අමරදේව කියන්නේ එයාලා කරපු දේ අපිට මිල කරන්න බෑ. මම කියන්නේ ගායන හැකියාව පැත්තෙන්. සනුකලා, උමාරා, උමාරයාට මං ගැන වුණත් හිතද්දී, මම මේකේ රැඳිලා ඉන්න එක එයාලට මැජික් එකක්. Singing පැත්තෙන් ගත්තොත් ඇත්තටම උමාරියාට නන්දා මාලිනීට වඩා Sing කරන්න පුළුවන්. අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකට Sing කරන්න පුළුවන්. අමරදේව විතරක් නෙවෙයි මම හරිම කැමැති අමරසිරි පීරිස්, අපේ පරම්පරාවේ කසුන් කල්හාර මේ හැමෝටම වඩා හොඳට සනූකට Sing කරන්න පුළුවන්. ඒක ආයේ කතා දෙකක් නැහැ."

ලහිරු නන්දාට මෙන් ම අමරදේවට සිය කෘතඥතාව ප්‍රකාශ කර තිබේ. ඔහු උලුප්පා දක්වන තරුණ තරුණයින් ද දක්ෂයින් බව සැකයක් නැත. එහෙත් දැනට ඔවුන් යන මාවතේ ගොස් මෙරට සංගීත ක්‍ෂේත්‍රයට කිසිදු වටිනා වැඩක් කළ නොහැකිය. එහෙයින් ඔවුන් ලද සහජ හැකියාවන් සමඟ සිය ජ්‍යේෂ්ඨයින් ගිය මග යමින් එහි අඩුපාඩු ඇත්නම් සකසා ගෙන ඉදිරියට යා යුතුය.

එම ලිපිය නොකියවා ප්‍රතිචාර දැක්වීමත් නිසා මේ සංවාදය වැරදි මඟක ගිය බව මගේ හැඟීමයි. අවසානයේ සල් ගහ යට නිදා සිට ගෙඩියක් වැටුණු කල ලෝකය පෙරළෙන බව කියා දිව ගිය සාවා සහ සතුන්ගේ තත්ත්වයට අප පත්ව ඇත. 

සැබවින් ම ලහිරු කියන මේ කතාවේ ඇත්තක් තිබේ. කිසියම් ගායක ගායිකාවකගේ දක්ෂතාව ඔහු හෝ ඈ විසින් ගයන ලද ගීත ප්‍රමාණය මත නොව ඔහුට හෝ ඇයට ගායනා කළ හැකි ස්වර පරාස මත තීරණය විය යුතු යැයි මම සිතමි. 

ඒ අර්ථයෙන් ගත් කළ නන්දාට වඩා ඉදිරියෙන් සිටින එකිනෙකට වෙනස් විවිධ ස්වර පරාසයන්හි ගායනා කළ හැකි ගායිකාවන් මෙරට පහළ වූ බව මගේ අවංක අදහසයි. එහෙත් නන්දාට ලැබුණු අවස්ථා ඔවුන්ට නොලැබිණි. ඒ නිසා ම නන්දා සිංහල ගීත ක‍්ෂේත්‍රයෙහි අධිතක්සේරුවට ලක්ව ඇතැයි මට සිතෙයි. දැන් මගේ අදහස කියවූ ඔබ කළ යුත්තේ මට බැණ වැදීම නොව ඒ ගැන මොහොතක් නිදහසේ කල්පනා කර බැලීමය. ලහිරු කියන කතාවේ ඇති සත්‍ය තේරුම් ගැනීමට උත්සාහ ගැනීමය.

Saturday, May 3, 2014

ටැටූ ලිය හෙවත් නයෝමි කෝල්මන් ගැන කතා බහක්

(පසුගිය ද සිය බාහුවේ බුද්ධ රූපයක් කොටා ගෙන මෙරටට පැමිණි නයෝමි කෝල්මන් පිටුවහල් කිරීම මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය. ඒ පිලිබඳ Chandana J. Hewawasam මිතුරා සහ මා අතර ෆේස් බුකියේ ඇති වූ කතා බහකට බහු ජන හිතසුව පිණිස මෙසේ කසාපබ්බතයෙහි පළ කරමු.)

Chandana J. Hewawasam Sandun , Udalamatta , Nalinda , Asitha : Read this article first, then have a look the photograph that she has taken on her previous visit..(?) ., Then give your independent thoughts about the right or wrong of the action taken by the Officers at Sri Lankan Airport ... මුලින් මෙම ලිපිය කියවලා ... පසුව පහතින් දැක්වෙන කොමෙන්ටුවත් බැති සිතින් නරබා මේ උපාසක අම්මා රටින් පිටුවල්හල් කල ගුවන්තොටුපල බලධාරීන් ගත් තීරණය සම්ම්බන්දයෙන් මල් මිටක් හෝ ගල් මිටක් පුද කරන්න



Chandana J. Hewawasam එකම කතාවක දෙපැත්ත. දැන් බලනකොට පිටුවහල් නොකළානම් .මේ වාගේ පින්තුර කීයක් මෙයා මේ පාර වන්දනාවේ ඇවිල්ල අරන් යයිද මන්දා.......? ෂීට්

Namal Udalamatta මම මේ පින්තූරය නයෝමිට යවලා ඇහුවා මේක ඇත්තට ම ඔයා කළා ද? නැත්නම් පරිගණකය ඇසුරින් නිර්මාණය කළ එකක් ද කියලා. නමුත් ඇය ඒකට ප්‍රතිචාර දැක්වූයේ නෑ. ඇය බුදු රුව බාහුවේ කෙටීම පිළිබඳ මට ලොකු ගැටලුවක් නෑ. මොකද සමහරු චේගුවේරා, බොබ් මාලේ, මයික් ටයිසන් වගේ අයගේ පින්තූරත් කොටා ගෙන ඉන්නවානේ. නමුත් අගෞරවය පිණිස එහොම කොටනවා කියලා හිතන්න අමාරුයි. අපේ ලොකු තාත්තා පිටේ කොටලා තියෙනවා "මව්පිය බුදු වේවා!" කියලා. මම හිතන්නේ ඒක ගෞරවය පිණිස කළ දෙයක් විදිහට. වෙනත් සංස්කෘතියක් තුළ ජීවත් වන යමෙක් ආගමින් බෞද්ධ වුණත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ අපි හිතන පතන විදිහට ඔවුන් නොහිතන බව තේරුම් ගැනීම වැදගත්. ඔවුන්ගේ ඇගයුම්, හර පද්ධති සහ අපේ ඇගයුම්, හර පද්ධති වෙනස්. කොහොම වුණත් බුදු රුවක් ඉදිරියේ වාඩිවී සිටින ආකාරයේ පින්තූර ගැනීම ඒ සන්දර්භය තුළවත් සාධාරණ වෙන්නේ නෑ. පෞද්ගලිකව මම අපේ ආගමික ස්ථානයකට වඩා අන්‍ය ආගමික ස්ථානයකට ගියාම පරිස්සම් වෙනවා. මොකද අපි නොහිතාම ඒවාට යම් අගෞරවයක් විය හැකි නිසා. මොකද අපි තුළ අවිඥානික දැනුමක් නැහැ ඒ ස්ථාවල හැසිරිය යුතු විදිහ ගැන. කොහොම වුණත් නයෝමි මේ විදිහේ පින්තූරයක් ගත්තා නම් ඒක වැරදියි. සංස්කෘතික පසුබිම නිසා එයාට ඒ ගැන ලොකු හැඟීමක් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒක වැරදියි. නමුත් ඇය පිටුවහල් කළේ මේවා දැකලා හෝ තහවුරු කරගෙන නෙමේ. ඒ නිසා ඒ ගැන මගේ විරෝධය තියෙනවා. බුදුන් මිනී මස් කෑවා, තෙරුවන කියන්නේ මැණික් ගල් තුනක් කියපු මෝඩයින්ට විරුද්ධව තවමත් ක්‍රියාත්මක නොවූ නීතියක් නොතැකිය යුතු අවස්ථාවක ක්‍රියාත්මක වීම විහිළුවක්.



Chandana J. Hewawasam I agree with you. නමුත් ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හා ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර ආගමික උපදේශක වල්පොළ පියනන්ද හිමි යන්ගේ ලිපියේ මම පහත උපුටා දක්වා ගත් පරිච්චේදයට මට එකග විය නොහැකියි එනම් "නඕමි කොලෙමන් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක්. මේ වන විටත් ඇය තායිලන්තය, ඉන්දියාව, කාම්බෝජය, නේපාලය ආදී රටවල භාවනා වැඩසටහන්වලට සහභාගි වී ඇති තැනැත්තියක්. ඇයට ඇයගේ බාහුවේ කොටා ඇති බුද්ධ රූපය ගෞරවය දැක්වීමේ සලකුණක්. ඇය ඉන් කිසිදු වරදක් අපේක්‍ෂා කර නැහැ. ඇය අදහස් කර ඇත්තේ එමගින් ඇයගේ ගුරුරවරයා ලෙස සලකා බුදු හිමියන්ට ගෞරවය පිදීමයි. එය ඇයගේ විශ්වාසය වුණා. මක්නිසාද ඇය එසේ වර්නවට ලක්වීමට තරම් ඇගේ අතීත ක්‍රියාව බුදුදහමට හා බෞධ රටක ඇය හැසිරිය යුතුව තිබූ අනුභූතියට ගලපෙන්නේම නැතිනිසා.......;/

Namal Udalamatta Chandana J. Hewawasam ඔව් ඒ ගැන මගේ කිසිම විරුද්ධතාවක් නෑ. මම එකඟයි ඊට. එයා අතීතයේ එහෙම හැසිරුණා නම් වැරදියි. ඒ අතීත හැසිරීමට මම විරුද්ධයි. ඒ ගැන මම පැහැදිලි කළානේ. අපිට මෙහෙම හිතන්න බැරිද? ඈ මේ පින්තූරය ගනිද්දී බුදු දහම ගැන අවබෝධයක් හෝ ඇල්මක් තිබුණේ නෑ. පසුව කිසියම් පිනකට ඇය ඊට නැඹුරු වෙනවා. ඇය පසුකාලීනව අපේ හාමුදුරුවෝ කීවා වගේ බෞද්ධ රටවලට ගෙහුන් බණ භාවනා කරමින් ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඇය නැවත ලංකාවට එද්දී නම් මේ අකරතැබ්බයට මුහුණ දෙන්නේ අපි මේ ගැන නැවත සිතා බැලිය යුතුයි නේද? නිදසුනක් ගත්තොත් නොමග යවන ලද අංගුලිමාල වැරදි කළා කියලා අපි අංගුලිමාල රහතන්වහන්සේට කරන ගෞරවයේ කිසි අඩුවක් නෑනේ. අපි අතීතයේ කළ වරදක් නිසා ඇගේ වර්තමානය සමඟ ගැටුමක් ඇති කරගත යුතු ද? නමුත් මම දන්නේ නෑ නයෝමිගේ හිත කියවන්න. එයා එදා කළේ වරදක් බව අපි දන්නවා. එදා නොදැන හිටියත් අද නයෝමි ඒක වරදක් විදිහට දකිනවා නම්... නමුත් ඒ ගැනත් මම දන්නේ නෑ. මම මගේ හිතට ආ අදහස් ටික ලීවේ.

Chandana J. Hewawasam වරදකරයව ගල්ගසා මරා දැමීම බෞධ ක්‍රමය නොවේ. ඔබ කියන කරුණෙහි වලංගුබව පිළිබද තර්කයක් නෑ. ලංකාව තුල ඉන්නකන් ඒ උපාසිකාවගේ බුදුරුව සහිත පච්චය ප්‍රදර්ශනය නොවන ලෙස ඇදුමක් අද්දින්න එකගනම් , ලංකාවට එතුලු වෙන්න අවසර දෙන්න තිබුණා...මේ වගේ කේසස් වලදී රටේ සහ ආගමේ ගොවුරවයත් රැකගෙන රාජකාරී කිරිමට ගුවන්තොටුපල නිලදාරීන් දැනුවත් කෙරීම දැන්වත් කල යුතුයි

Namal Udalamatta ඔව් ඒක ඇත්ත. අපේ බලධාරීන්ගේ වගකීම තමා ඒ ඒ රටවල සංචාරකයින් දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සකසන එක. විශේෂයෙන් ඔවුන්ගේ සංචාරක උපදේශන සේවා සපයන වෙබ් අඩවිවල මේ ගැන සඳහන් කරන්න පුළුවන්. මේ උගත් යැයි කියන ඇතැම් උප්පැන්නේ බෞද්ධයෝ සර්වාගමික වෙච්චි අපි සිංහල බෞද්ධ නෙමේ අපි ශ්‍රී ලාංකික කියන රටකට ඇය එනවා නිර්භවය ඇගේ බාහුවේ කොටනවා බුදු රුවක්. ඒ නිසා ඇගේ බාහුවේ තිබුණු බුදු රුව ආවරණය කරගත යුතුය කියන තැනට අප යා යුතුච කියන එක මට තාම ගැටලුවක්. ඒක ඇය ඇගේ ආගමික ශාස්තෘවරයාට ගෞරව කරන විදිහක් නම් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ඒක අනුගත නොවූ පමණින් බුදුන්ට අගෞරව කළා කියන තැනට යා යුතුද කියලා අපි සිතා බැලිය යුතුයි. නමුත් බුදු රුවට සැබවින්ම අගෞරව වන විදිහට වැසිකිලි පෝච්චි, බිකිනි, සපත්තු අඩි ආදියෙහි යෙදීමට අපි කොන්දේසී විරහිතව විරුද්ධ විය යුතුයි. මොකද ඒවා දුෂ්ට චේතනාවෙන් කරන බව ඉතාම පැහැදිලි නිසා.

Chandana J. Hewawasam Namal "ඒක ඇය ඇගේ ආගමික ශාස්තෘවරයාට ගෞරව කරන විදිහක් නම් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ඒක අනුගත නොවූ පමණින් බුදුන්ට අගෞරව කළා කියන තැනට යා යුතුද කියලා අපි සිතා බැලිය යුතුයි. " ලෙස ඔබ ප්‍රකාශ කරන අදහස සම්ම්බන්දයෙන්නම් මම දරන්නේ වෙනස් මතයක්. දබුලුගල නැගිත්දී, දළදා මාළිගාවට යත්දී කොටට ඇදගෙන හෝ අඩ නිරුවතින් එන සුද්දෝ සුද්දියන්ට රෙදි ඇදගන්න කියන්නේ අපේ රටේ බෞධ ආගමික ස්ථානයකොට යන්න ඕනෑ විධිය කෙසේ වියුතුද යන්න තීරණය වී තීබෙන්නේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතවන ලෙස නිසයි. අනික. එතනදී අපී පෙනීසිටින්නේ අපේ රටේ ක්‍රමයට අනුව බුදුන්න්ට අපහාසයක් නොවෙන ලෙස විදේශිකයන්ට අපේ පූජනීය බෞධ ස්ථාන නරබන්නට අවස්ථාව දෙන එකයි. එතනදී, "විදේශිකයෝ අපේ සිධස්ථානයකට යනවිට නිරුවත ආවරණය කරගත යුතුය" යන නියමය සම්ම්බන්දයෙන් අපිට ගැටළුවක් ඇතිඋනේ නැහැ නේද ? මෙතනදීත් අපී ක්‍රියාකළ යුතුවතිබුණේ එම ස්ථාවරයේ සිට බවයි මගේ අදහස.

Namal Udalamatta Chandana අයියේ, ඔව්, ඔබට වෙනස් අදහස් දැරීමට ඇති අයිතියට මම ගරු කරනවා. අනෙක් අතට මම මේ සර්වාගමික පූට්ටුවලට කොහොමත් විරුද්ධයි. ඒක බෞද්ධයින්ගේ උරුමය හෑල්ලු කරන අටව ගත් කෙමනක් මිස කිසි පදනමක් ඇති අදහසක් නෙමේ. බහු සංස්කෘතියත් ඒ වගේම කුණුහරුපයක්.

බෞද්ධ සිද්ධස්ථානයකට යන විට සංවරව හැසිරිය යුතු බවටත් කිසිදු විවාදයක් නෑ. මම දැකලා තියෙනවා සුද්දියන්ට වගේ ම සමහර සිංහල බෞද්ධ තරණියන්ටත් දළඳා මාළිගය අබියස දී එහි ආරක්ෂක නිලධාරීන්ට විළි වහගන්න රෙදි සපයන්න සිද්ධ වුණු අවස්ථා. 

පහුවෙලා හරි ඔවුන් දැනුවත් කළ එක හොඳයි බුද්ධ රූපවලට අගෞරව වන විදිහට හැසිරෙන්න එපා කියලා. ඒකත් මම අගය කරනවා.

මගේ අදහස මේ බුදු දහමට අපහාස කිරීම කියන කාරණය අපි සියුම් ලෙස අර්ථ කතනය කරගත යුතු බව. ඒ සඳහා බුදු දහම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ දෙකක් බව අවබෝධ කරගත යුතුයි. 

මිනිසුන්ගේ චර්යා රට බොහෝ දුරට තීරණය කරන්නේ ආගම නෙමේ සංස්කෘතිය. ඒ නිසා ආගමින් බෞද්ධ වුණත් බටහිර රටවල මිනිස්සු සංස්කෘතියෙන් යුදෙව් ක්‍රිස්තියානි. ඒ අයගේ හර පද්ධති පදනම් වන්නේ ඒ සංස්කෘතිය මත මිස බුදු දහම මත නෙමේ. ඔවුන් අඳින්නේ පළඳින්නේ ඒ අනුව. මං හිතන්නේ ඔවුන් අපේ රටට එන කොට විශේෂයෙන් නිරුවත් වෙනවා නෙමේ, ඒක එයාලගේ ක්‍රමය. 

අපි අපේ සංස්කෘතිය අනුව ආගමික ස්ථානවලට යන්නේ සුදු ඉතා චාම් ඇඳුමක් ඇඳලා. ඒ වුණාට අපි විනෝද චාරිකාවක් යද්දී, මංගල අවස්ථාවකට යද්දී වෙන ඊට වඩා විලාසිතා සහිත ඇඳුම් අඳින්නේ. අපි පන්සල් යනවා වගේ මඟුල් ගෙවල්වල යන්නේ නෑ. මල ගෙදර යද්දී වගේ මඟුල් ගෙදර යන්නේ නෑ. ඒ අපේ සංස්කෘතිය. 

ඒ අනුව අපි මේ රටට සංචාරයකට පැමිණි අන්‍ය සංස්කෘතියකට අයත් විදේශිකයෙකුට සිංහල බෞද්ධ අපි දළඳා මාළිගයට යන විට සැරසෙන විදිහට සැරසිලා මේ රට පුරා සංචාරය කළ යුතුය කියලා කියන්න පුළුවන් ද? මොකද සිංහල බෞද්ධ අපි වුණත් චාරිකාවක් යද්දී අඳින්නේ ඒ විදිහට නෙමේනේ. එවැනි විටක අන්‍ය සංස්කෘතියක ජීවත් වන අයගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වීම සාධාරණ ද? මට නම් හිතෙන්නේ නෑ කියලා.

සිංහල බෞද්ධ අපි යුරෝපයට ගියාම උඹලා සාරි ඔසරි අඳින්න එපා කියලා ඔවුන් කියන්නේ නෑනේ. හාමුදුරුවරුන්ට සිවුරු අඳින්න එපා කියන්නෙත් නෑනේ. මම හිතන්නේ අපි ඒ නම්‍යශීලි බව ආරක්ෂා කරගත යුතුයි. ඔවුනොවුන්ගේ අනන්‍යතාවලට ගරු කළ යුතුයි. 

ඇත්තට ම මම කැමති නෑ මුස්ලිම් රටවල තියෙන දැඩි සංස්කෘතික නීති රීතිවලට. ගුවන් යානයෙන් බහින විට ම ඉස්ලාම් නොවන අන්‍ය සංස්කෘතීන්වල ස්ත්‍රීන් පවා හිසේ සිට ආවරණය කරගත යුතුය වැනි නීති මට අනුව නම් හිංසාකාරී සහ අන්‍ය සංස්කෘතීන් නො ඉවසන නිසා හටගත් විකෘතීන්. ඒ විදිහට විදේශිකයින්ට අපේ සංස්කෘතිය දැනෙන්න ඉඩදිය යුතු නෑ කියලයි මට හිතෙන්නේ. 

කොහොම වුණත් මේක බොහොම බැරෑරුම් ලෙස විවිධ පැති ඔස්සේ සිතා බැලිය යුතු හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. මම හිතන්නේ නෑ, මම සියල්ල පිළිසිඳ දත් කෙනෙක් කියලා. මගේ අදහස්වල විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්. කොහොම වුණත් මේ වගේ හරවත් සාකච්ඡා නිසා අපි ගැඹුරින් හිතන්න යොමු වෙනවා. මේ ලියන ඒවා බලන අයටත් යමක් ලැබෙයි කියලා මට හිතෙනවා. 

Chandana J. Hewawasam Namal මලයෝ ඔයා අසන මේ ප්‍රශ්නයට එනම් "අපි මේ රටට සංචාරයකට පැමිණි අන්‍ය සංස්කෘතියකට අයත් විදේශිකයෙකුට සිංහල බෞද්ධ අපි දළඳා මාළිගයට යන විට සැරසෙන විදිහට සැරසිලා මේ රට පුරා සංචාරය කළ යුතුය කියලා කියන්න පුළුවන් ද? " මගේ ස්වාදීන මතයට අනුව මෙහෙම පිළිතුරු දෙන්නම්  විදේශිකයෝ රට පුරා සංචාරය කරත්දී කැමති විදිහකට ගියාවේ,  නමුත්, දළදා මාලිගාව වගේ බෞධ පන්සල් වලට ඇතුළු වෙනකොටනම් සීමාවන් තිබිය යුතුයි .මම යාපනේ ගිය වතාවකදී අත්දැකපු දේ තමයි දේශීය , විදේශීය පිරිමි පක්ෂයට බේදයකින් තොරව නල්ලුර් කෝවිල ඇතුලට එන්න දුන්නේ උඩුකය නිරුවතිනුයි. අර කාන්තාව බෞධ ආගමික පසුබිමක හික්මුණු කෙනෙක්නම් , අපේ අය ගුවන්තොටුපලේදී නිසි කරුණු නිසි ලෙස පහදා දුන්නානම් ඇය පච්ච උරහිස ආවරණය කරගෙන , කිසිම අර්බුදයකින් තොරව ඇගේ සංචාරය හෝ වන්දනා ගමන නිමකරආපසු යන්න හොදටම ඉඩ තිබුණා. අපේ අය කෙන්ද කන්ද කරගෙන "වර්චස්" හත් පොලේ ගා නොගත්තානම් කියලයි මට හිතෙන්නෙම මලයෝ 

Namal Udalamatta  ඔව් අයියේ, ඔයා කියනවා "විදේශිකයෝ රට පුරා සංචාරය කරත්දී කැමති විදිහකට ගියාවේ, නමුත්, දළදා මාලිගාව වගේ බෞධ පන්සල් වලට ඇතුළු වෙනකොටනම් සීමාවන් තිබිය යුතුයි ." කියලා. ඉතින් මම කියන්නෙත් ඒකම තමා. ඒකනේ කලින් කමෙන්ටුවේ මම කීවේ "බෞද්ධ සිද්ධස්ථානයකට යන විට සංවරව හැසිරිය යුතු බවටත් කිසිදු විවාදයක් නෑ." කියලා. නිලධාරීන් ඇගේ බාහුවේ පච්චය දැක්කා කියලා බෞද්ධයෝ ප්‍රකෝප වෙයි කියලා හිතපු එක නම් මෝඩකමක්. ඇය මේ රටේ ඇවිදින විට එය වසාගෙන යා යුතු යැයි මං හිතන්නේ නෑ. නමුත් දළඳා මාළිගාවට ඈ ගියා නම් අනීවාර්යෙන් ම නිසි ඇඳුමක් ඇඳගෙන යන්න ඕන. නල්ලූර් කෝවිලේ කතාව වුණත් සනාථ කරන්නේ ඒ් අදහසනේ. මමත් නල්ලූර් ගියේ එහෙම තමා. මගේ සංස්කෘතිය හැරුණු විට හින්දු සංස්කෘතිය තමා මම ඉතාම කැමති සංස්කෘතිය. අපි නල්ලූර් ගියේ උඩුකය නිරුවත්නේ. නමුත් අපි යාපනේ ටවුන් එකේ එමෙ ගියේ නෑනේ. ඒ නිසා අපි සංචාරකයින්ට කියන්න ඕන නුඹලා බෞද්ධ සහ හින්දු සිද්ධස්ථානවල ඒවාට අගෞරවයක් නොවන විදිහට හැසිරිය යුතුයි කියලා. රටේ සංචාරය කරද්දි වුණත් ඒ අයට වල්බූරු නිදහසක් නෑ. මේ රටේ සංස්කෘතියට අනුගතව ඔවුන්ගේ නිදහස භුක්ති විඳිය හැකියි. එතකොට කිසිම ගැටලුවක් නෑ අයියේ. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට චීවරධාරියා කියලා කතා කරන අගමැති කෙනෙක් ඉන්න රටක, බෞද්ධ සිද්ධස්ථාන සර්වාගමික කෝලම් මඩු කරන අගමැති කෙනෙක් ඉන්න රටක, නයෝමිගේ පච්චය මහා අපහාසයක් වුණේ පහත් තැනින් වතුර ගැලීමේ තියරිය අනුව විය යුතුයි. මේ ආයතනවල නිධාරීන්ට උගත්කමට අමතරව මොලෙත් ඇබින්ඳක් තිබුණා නම් වටිනාකම කියා නිම කරන්න බෑ අයියේ.

Chandana J. Hewawasam මේ ආයතනවල සමහර නිධාරීන්ගේ "උගත්කම" පිලිබදවත් විශාල ප්‍රස්නයක් තියෙනවානේ  අපී දෙන්නනම් මේ ගැන දැන් හුගක් අදහස් බෙදා හදා ගත්ත. අපේ Asitha වචනයකුදු නොතෙපලා සිටීමට විශේෂිත වු හේතුවක් නැතුව ඇතී මගේ හිතේ

Namal Udalamatta අසිත අයියා ප්‍රකෝපවෙලාද මන්දා.  බයේ බෑ

Chandana J. Hewawasam I think the summary of the things we discussed so far with Namal is not against the content of this article. as a reply for some messages of my foreign friends about the real ground of this incident i like to share this to have an idea about the incident which lead series of deplomatic (  ) conversations between friends of different view points......:(Y)

Thursday, April 24, 2014

බොදු බල සේනාව විදෙස් කුළී සේනාංකයක් ද?

ජාතිකවාදීන් සහ ඒ හා සමාන අදහස් දරන්නන් පවසන පරිදි බොදුබල සේනාව විදෙස් කුලී සේනාංකයකි. බටහිර එකම අරමුණ මහින්ද බලයෙන් පහකිරීමය. ඒ සඳහා ඔවුන් මෙතෙක් පිටත සිට සිදු කළ සියලු කුමන්ත්‍රණ අසාර්ථක වී තිබේ. එහෙයින් මෙවර අලුත් උපක්‍රමයක් තෝරා ඇත. 

ඔවුන්ගේ නව උපක්‍රමය පිටතින් නොව ඇතුළතින් පිපිරීමක් ආරම්භ කිරීමය. සිංහල මුස්ලිම් කෝලාහලයක් නිර්මාණය කර ඒ ඔස්සේ බටහිර විරෝධි මුස්ලිම්වරු මහින්දගෙන් ඈත්කිරීමය. මුස්ලිම් රටවල සහාය නැති කොට මහින්ද ලෝකයේ හුදෙකලා කිරීමය. සිංහලයින් අතර ගැටුම් ඇති කර ඔවුන් ද මහින්දගෙන් ඈත් කරවීමය. ඔහු බලයෙන් පහකර නැවත මේ රටට ඇඟිලි ගැසිය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමය. නැවත ඊළම වෙත යෑමය. 

ඒ සඳහා මේ විදෙස් බලවේග රට තුළ කුළී සේනාංකයක් නිර්මාණය කර තිබේ. ඒ බොදුබලසේනා සංවිධානයයි. මේ සංවිධානය පිටුපස ඇත්තේ නෝර්වේ ඇතුළු බටහිර රටවල්ය. ඒ සඳහා අවශ්‍ය සියලු මුදල් බටහිර NGO හරහා ලැබේ. එක් අතකින් රට රටවල ඉස්ලාම් වහාබ්වාදය ස්ථාපිත කරන බටහිරයෝ අනිත් අතින් ඊට එරෙහිව ගැටුම් ඇති කර රටවල් අස්ථාවර කරන බව මේ තර්කයේ හරයයි. ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව වැනි රටවල මෙය සිදුවූ අතර දැනටත් සිදු කෙරෙමින් පවතී. 

මුස්ලිම් නොවන රටවල මේ කුමන්ත්‍රණය මගින් සාම්ප්‍රදායික මුස්ලිම්වරු වහාබ්වාදයේ ගොදුරු බවට පත් කර සෙසු ජාතීන් සමඟ ගැටුම් ඇති කරනු ලැබේ. බුරුමයේ 969 සහ ලංකාවේ බොදුබල සේනාව මේ ගැටුම් උග්‍ර කරනු පිණිස බටහිරයින් බිහි කළ කුළී සේනාංකය.   

මේ කතාව අපට එකවර බැහැර කරලිය නොහැකිය. ලෝකය පුරා තමන්ට රුචි නොවන මහජන ඡන්දයෙන් පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පෙරලීමට ගැටුම් නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් අනුගමනය කරන නිර්ලජ්ජී පහත් ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් ඇති අයෙකුට එය කිසිසේත් සුළුකොට තැකිය හැකි තර්කයක් නොවේ. 

අපේ විචාරකයින් නඟන මේ තර්කය සත්‍ය නම් දේශමාමක ජනතාව වහා බොදු බලසේනාවට එරෙහිව සන්නද්ධ විය යුතුය. එදා කොටි ත්‍රස්තවාදීන් පරාජය කරනු පිණිස එක්වූවා සේ ජාතිය නැවත සටනට අවතීර්ණ විය යුතුය. ඒ සඳහා ජනතාව අවදි කිරීමට අපි සුදානම්ය. මන්ද අපට අවසානයේ වැදගත් වන්නේ සංවිධාන හෝ පුද්ගලයින් නොව රට නිසාය. විවිධ සංවිධාන යනු එහි ආරක්ෂාව පිණිස විවිධ ක්‍රියාමාර්ග ගැනීම සඳහා භාවිත කරන පහුරු පමණි.

කෙසේ වුවද ඊට පෙර බොදුබල සේනාව බටහිර කුළී සේනාවක් බව සාධක සහිතව සනාථ කිරීම මේ විද්වතුන්ගේ යුතුකමය. ඔවුන් සිය මතය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන තර්ක දෙකකි. පළමුවැන්න බොදුබලසේනාවේ නායකහිමිවරු නෝර්වේ රටේ සංචාරයක නිරත වීමෙන් පසුව මෙලෙස සංවිධානයක් පිහිටුවා ගැනීමය. දෙවැන්න ඩිලන්ත විතානගේ නම් බලසේනාවේ නිලධාරියා හිටපු NGOකාරයෙකු වීමය.

එදා අනගාරික ධර්මපාලතුමා ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල සංචාරය කළේය. ඕල්කට්තුමා නම් සුද්දාගේ භාෂා පරිවර්තක ලෙස රටපුරා සංචාරය කළේය. මේ සාධක පදනම් කරගෙන කිසිවෙකු ධර්මපාලතුමා බටහිර කුමන්ත්‍රණකාරයෙකැයි එදා කීවේදැයි මම නොදනිමි. එසේ කීවා නම් පුදුම නොවෙමි. කොටි ත්‍රස්තයින් පරාජය යුද්ධය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ ගෝඨාභය රාජපක්ෂ දශකයක් පමණ ඇමරිකාවේ වාසය කර පැමිණියෙකි. එහෙත් ඔහු ඇමරිකානු සහ යුරෝපීය අවශ්‍යතා අනුව ඊළම දීමට කුමන්ත්‍රණය කළ බවක් මා අසා නැත. එසේ නම් බොදුබල සේනාවවේ හිමිවරු නෝර්වේ ගිය පමණින් ඔවුන්ට කුමන්ත්‍රණකාරයින් යැයි කිව හැකි ද?

බුදුන් දවස මිනී මරමින් විසූ අංගුලිමාල බුදු බණ අසා මහණ වී රහත් විය. අංගුලිමාල මහා රහතන් වහන්සේ නමින් ප්‍රසිද්ධ විය. එදා ඉංග්‍රීසි කුළී හමුදාවට නායකත්වය දෙමින් සිංහල විමුක්ති හමුදාව විනාශ කරනට පැමිණි කැප්පෙටිපොළ සිංහලයින් සමඟ එක්වී සිංහලයාට නායකත්වය දුන්නේය. කතෝලික සම්භවයක් සහිත පුරන් අප්පු සිංහල බෞද්ධයින් සමඟ එක්ව සුද්දාට එරෙහිව සටන් කළේය. ළමා සොල්දාදුවෙකු වූ කරුණා අම්මාන්, පසුව කොටි පරාජය කිරීමට සහාය වී විනයාගමූර්ති මුරලිදරන් නමින් ශ්‍රීලනීපයේ උපසභාපතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු බවට පත්ව සිටී. 

එසේ නම් ඩිලන්ත විතානගේගේට NGOකාරයෙකු වී සිට බොදුබලසේනාවට පැමිණිය නොහැකි මන්ද? මගේ තර්කය ඔවුන් බටහිර කුමන්ත්‍රණකාරයින් නම් එය සංගතව පෙන්වා දිය යුතු බවය. මොවුන්ට බටහිර සමඟ ඇති සබඳතා හෙළි කිරීම මේ බුද්ධිමතුන්ගේ වගකීමයි. ඉහත දක්වා ඇති කාරණා නම් ඒ සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. පිළිගත හැකි කරුණු කාරණා ඉදිරිපත් කළහොත් ඒවා ඉතා නිහතමානීව පිළිගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට තරම් මම නිහතමානී වෙමි.

එසේ නොමැතිව ලෝකය පෙරළෙනවා යැයි කී විට නිදා සිට ඇහැරුණු හාවා මෙන් මොවුන් පෙන්වන බටහිර බිල්ලා දැක අපට නොහැකිය. බටහිර බලවේග පිළිබඳ කතාව විහිළුවක් බවට පත් නොකිරීම මේ විද්වතුන්ගේ වගකීමයි. බොරුවට බොරුවට කොටියා එනවා යැයි කෑ ගැසූ කොලුවට ඇත්තට ම කොටියා ආ දිනයේ සිදුවූ සන්තෑසිය සිහිපත් කර ගැනීම මැනවී.

ඔබලා බටහිර බිල්ලෙකු පෙන්වමින් වහාබ්වාදයට අනියමින් උදව් කරන ප්‍රවාද නිර්මාණය කරන්නේ මුස්ලිම් පල්ලියේ සල්ලිවලට යැයි කෙනෙකු තර්ක කළහොත් එය සාධාරණද? මට අනුව නම් එය සාධාරණ නැත. 

මේ විද්වතුන් බටහිර විසින් නිර්මාණය කළ පැවසෙන 969 සහ බොදුබල සේනා සංවිධාන දැන් බටහිර විසින් ත්‍රස්ත ලැයිස්තුවට එක්කර තිබීම උත්ප්‍රාසජනකය. අනිත් අතට රජය පෙරළීම සඳහා බටහිර විසින් නිර්මාණය කළ මේ සංවිධාවලට රාජ්‍ය අනුග්‍රහය ද ලැබේ. එය ද අපූරු දීගයකි.  

සැබවින් ම මේ සංවිධාන බිහිවූයේ වහාබ්වාදයට විරුද්ධවය. එහෙයින් වහාබ්වාදය සහ ඊට එරෙහි සංවිධාන ද බටහිර නම්, දිනෙන් දින මේ රටේ පිළිකාවක් සේ වහාබ්වාදය ව්‍යාප්ත වේ නම් අප කළ යුත්තේ කුමක් ද? වහාබ්වාදයට මේ රට ගිලගැනීමට ඉඩදිය යුතුද? ජාතික චින්කයින්ගේ පිළිතුර එයද?

සැබවින් ම මේ තර්කය ඔස්සේ බෞද්ධයින් ගෙදර ගියත් තෝ නසී, මග සිටියත් තෝ නසී තත්ත්වයට පත්කර තිබේ. ලොව ඕනෑම රටක ඇති වන දේශපාලන උපනතීන් ලෝක බලවතුන් සිය වාසියට භාවිත කිරීම විය හැක්කකි. එය සර්වකාලීන තත්ත්වයකි. එය බටහිරට පමණක් නොව ඉස්ලාම් ලෝකයට ද එක සේ අදාළය. 

එහෙත් ඊනියා බටහිර භීතිකාවක් මවා වහාබ්වාදයට එරෙහි බලවේග යටපත් කිරීමට දරන උත්සාහයට මම එරෙහි වෙමි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ දැනුමට විකල්පයක් ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ඊට අනුගත දැනුම පිහිටුවන මේ බුද්ධිමතුන්, සිංහල බෞද්ධ සංස්කෘතිය සුන්නත් කර තොප්පියක් පළන්දන තුරු වැදි බණ දෙසීම අවාසනාවකි.    

Wednesday, April 23, 2014

වටරැක හිමි බුදු සසුනින් නෙරපා හරිනු!!!

වටරැක විජිත හිමි මුස්ලිම් දේශපාලන පක්ෂයක සභාපතිවරයෙකි. මහියංගණ ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හිමිනමකි. එහිමියන් නිතර මුස්ලිම් පල්ලිවල දේශන පවත්වයි. සිංහල බෞද්ධයින්ට වඩා මුස්ලිම්වරු ශ්‍රේෂ්ඨ ජාතියක් බව එහිමියන්ගේ අදහසයි. මුස්ලිම්වරු හලාල් කළ තෝරා ගත් මස් වර්ග කිහිපයක් අනුභව කරන මුත්‍රා කොට ශික්ෂ්ණය හෝදන වැදගත් මිනිස්සුය. සිංහල බෞද්ධයින් වනාහි ඌරා ද හරකා ද එළුවා ද මුවා ද මීමින්නා ද තලගොයා ද ගිරවාද මයිනා ද මරාන කන ම්ලේච්ඡයෝය. ගඳ ගහන උරුලෑවන් පවා මරාගෙන කයි. උන් කබරා මරාගෙන නොකන්නේ කබර මස් විෂ නිසාය.ෙ  

ඉතින් එවන් අශිෂ්ට ම්ලේච්ඡයින්ගෙන් ලැබෙන සිව්පසයෙන් යැපෙන එක වටරැක හිමියන්ට තරම් නොවේ. එහිමියන් අශ්රොෆ් සමඟ එකම රථයෙන් ගමන් බිමන් ගිය බව එහිමියන් පවසයි. (අශ්රොෆ් සමඟ ගුවන් යානයේ වැඩියේ නැත.) මුස්ලිම් ජනතාව ද එහිමියන්ට මහත් භක්තියක් දක්වන වන නිතර නිතර මුස්ලිම්වරුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට කැඳවීමෙන් පෙනේ. 

වටරැක හිමියන්ගෙන් බුදු දහම උගත් බුද්ධිමත් ගෝල නමක් වන තවුහීක් ජමාල් පවසන පරිදි තෙරුවන යනු මැණික් ගල් තුනකි. මැණික් වුවත් ගල් ගල්මය. එහෙයින් මැණික්වලට වඳින්නේ මෝඩයෝය. බුදුන් ද මස් කා තිබේ. හරක් මස් පමණක් නොව මිනී මස් ද කා තිබේ. 



එසේ නම් එහිමියන් කළ යුත්තේ අශිෂ්ට සිංහල බෞද්ධයින්ගේ සිව්පසය අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමා බුද්ධ චීවරය ද පසෙකලා මුස්ලිම් පල්ලියක නතර වීමය. තවත් බුද්ධ චීවරය දරාගෙන සිටීම නම් වටරැක හිමිට තරම් නොවේ.  එහිමියන් කරන මුස්ලිම් ආගමික කටයුතු එවිට තවත් හොඳින් කළ හැකිය. භක්තිමත් මුසල්මානුවෙකු ලෙස ජීවත් විය හැකිය. එවිට බෞද්ධ භික්ෂූන් සහ ගිහියන් ඒ මහතා ලුහුබඳින්නට ද නොපැමිණෙනු ඇත. 

ඒ සඳහා වටරැක හිමියන් එකඟ නොවන්නේ නම් පෙර රජ දවස සේ භික්ෂූන් එක්ව සංඝාධිකරණයක් පිහිටුවා එහිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම මැනවි. එයින් ද ප්‍රතිඵලයක් නැත්නම් බලෙන් සිවුරු හරවා ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතුය. 

වටරැක හිමියන්ගේ ක්‍රියා කළාපය බෞද්ධයින්ගේ විවේචනයට ලක්වූයේ අද ඊයේ නොවේ. ඒ ගැන ගංගොඩවිල සෝම හිමි ද විවිධ අවස්ථාවල සඳහන් කර තිබේ. 

කෙසේ වුව ද එහිමියන්ට එරෙහිව මේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා බොදුබල සේනාව නොව තෛයිනිකායික මහා සංඝ රත්නය පෙරමුණ ගත යුතුය. මෙවැනි අවස්ථාවල අතීත මහ සඟරුවන කටයුතු කළ ලෙස වර්තමාන මහ සඟරුවන කටයුතු කළ යුතුය. මෙය දැනටමත් ප්‍රමාද වී ඇති බව මගේ අදහසයි. එසේ නොකළ හොත් නොබෝ කලකින් ම බුදු සසුනට වටරැක නිකායක් ද බිහිවනු ඇත.

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳබිඳ දුක් සසර
අහෝ! වටරැක නොදිටි මොක්පුර

Sunday, April 6, 2014

තුන් සිංහලය එක් සේසත් කළ රාත්‍රිය ... !!!

ඒ සිහිනය නැවත සැබෑ කර ගන්නට අපට වසර 18ක් පෙරුම් පිරීමට සිදුවිය. ලෝක කුසලාන 4ක් අසලට පැමිණ නැවත හැරී යන්නට සිදුවිය. කෙසේ වුව ඒ සියල්ල අතීතයට එක් කර ඊයේ රාත්‍රී සිහිනය සැබෑ කර ගතිමු. ඩැරන් සාමි අනුව නම් ඒ දෙවියන්ගේ කැමැත්තයි. 

තරඟය ආරම්භ කරන මොහොතේ මා සිටියේ තුරඟ තරඟ පිටියේ ක්‍රීඩාගාරයේය. මුළු නගරයම සැණකෙළි වෙස් ගෙන තිබිණි. ක්‍රීඩාංගණයේ දැවැන්ත තිරය තරඟය සජීවි ලෙස විකාශනය කිරීමට සුදානම් කර තිබිණි. ශ්‍රී ලාංකික ක්‍රීකට් ලෝලීන් සිංහ දජ පතාක රැගෙන ජයඝෝෂ නඟමින් ක්‍රීඩාංගණය වෙත පැමිණි අතර ක්‍රීඩාගාරය අතුරුසිදුරු නැතිව පිරී යන්නට වැඩි වේලාවක් ගත නොවිණි. 

කාසියේ වාසිය මාලිංග සතු කර ගනිත්ම ජය ඝෝෂාවෙන් මුළු ක්‍රීඩාංගණය ම ගිගුම් දෙන්නට විය. ලංකාවේ ජය පතා වයන මෝලම් හඬ දෙගුණ තෙගුණ විය. ඉන්දීය ජාතික ගීය ගයන විට සියලු ජය ඝෝෂා නතර කොට නිහඬවීමට තරම් බොහෝ ලාංකිකයින් වගකීම් සහගත වුව ද සුළු පිරිසක් කෑ කෝ ගසමින් සිය අසංස්කෘතිකත්වය ප්‍රදර්ශනය කිරීමට අමතක නොකළේය. ඒ මොහොතේ සිය අසුන්වලින් නැගිට නිහඬව සිය ගෞරවය ඉන්දීය ජාතික ගීයට පළ කළ සියලු දෙනා මගේ විශේෂ ගෞරවයට පාත්‍ර වේ. කෙසේ වුව මාලිංග ප්‍රමුඛ ලංකා කණ්ඩාවම අපේ ජාතික ගීය ගයන විට සියලු දෙනා නැඟිට මහත් අභිමාණයෙන් ජාතික ගීය ගැයූ බව ද කිව යුතුමය.

දස අත ගිගුම් දෙන ජයඝෝෂා මැද තරඟය ඇරඹිණි. අපේ සිංහ පැටව් වෙනුවෙන් මුළු ක්‍රීඩාගාරය ම ජය ඝෝෂා නැඟු අතර ඉන්දී ජාතිකයින් පිරිසක් සිය රටේ ජය පතා ඝෝෂා නඟනු දක්නට ලැබිණි. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මා අවට සිටි මුස්ලිම් පිරිස ලංකාවේ ජය පතා හඬ නැඟු බවය. ඔවුන් මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බවට පත් නොවූ සැබෑ දේශප්‍රේමි ලාංකිකයින්ය. 

මුල් පන්දු වාර කිහිපය අවසානයේ මම මගේ නවාතැන අසල ශ්‍රී විහාර් හෝටලය වෙත පැමිණියෙමි. (එය මීට පෙර ශාන්ති විහාර් නම් විය.) රාත්‍රී ආහාරය ගෙන එහි සේවක පිරිස සමඟ හෝටලයේ රූපවාහිනිය ඔස්සේ තරඟය නැරඹුවෙමි. ශ්‍රී විහාර් දෙමළ හින්දු වෙජිටේරියන් හෝටලයකි. එහි සේවක බහුතරය ශ්‍රී ලංකා දෙමළ වන අතර සූපවේදීන් සිව් දෙනෙක් ඉන්දීය ජාතිකයෝය. එම සිව් දෙනා අතරින් තරඟය නරඹමින් සිටි දෙදෙනා හැර අපි සියලු දෙනා ලංකාවේ ජය පැතූ අයවීමු. ඉන්දිය විකට් බිඳෙන විට, ලකුණු වළක්වන විට අපි ප්‍රමුදිත වූ අතර චිරාත් කෝලි පිටිය සිසාර සිය අණසක පතුරු වන මුකුලිත වීමු. එවන් අවස්ථාවල ඉන්දියානුවෝ බෙහෙවින් සතුටු විය.

තරඟය කෙළවරවත්ම මට මගේ කොළඹ හින්දු මිතුරියගෙන් ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ "අපි දිනුවා! කොහොමද සංගාගේ වැඩ!" යනුවෙනි. මගේ යාපනේ මිතුරියක සිය නිවසේ සිට මට එවූ කෙටි පණිවිඩයක් මෙසේය.

"Ys Iya, It's a new year gift 4 all Sri Lankans. wow amazing. Gud luck Sanga. He is a hero. Thnk God." 

මේ සියල්ල මා කීවේ මා බොහෝ කලක සිට කියන කතාවක් නැවත කීම සඳහා පසුබිම සකසා ගැනීම පිණිසය. විවිධ හේතු නිසා විවිධ බෙදීම් රාමුවල සිරවී සිටින අපි ඊයේ රාත්‍රී ජාතියක් ලෙස එකට සිට ගතිමු. එකම අපේක්ෂාවක් වෙනුවෙන් අත්වැල් බැඳ ගතිමු. අපේ මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් එකාවන්ව පෙනී සිටියෙමු. 

විවිධ අන්තවාදී බෙදුම්වාදී දිශානතීන් වෙත නොගොස් මේ රටේ සිංහලයින් සමඟ එකාවන්ව ජීවත්වීමට කැමති හින්දු සහ මුස්ලිම් සහෝදර පිරිසට අප ගරු කළ යුතුය. ඔවුන් ද සිංහලයින්මය. සිංහයින්මය. ජාතිය එක් මතයක ඇදබැඳ තබා ගැනීමට අපට ක්‍රිකට් භාවිත කළ හැකිය. ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ තුන් සිංහලය එක් සේසත් කළ හැකිය. ඒ තුන් සිංහලය නම් සිංහලයින්, සිංහල හින්දුන් සහ සිංහල මුස්ලිමුන්ය. 

Friday, April 4, 2014

පයින් යන්න තහනම් කළ ආසියාවේ අයිස්චරිය..!!!


ඊයේ මාසික සාහිත්‍ය දේශනයට සවන්දීමට ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයට ගිය මම දේශන අවසානයේ සාකච්ඡා වාරය අතරතුර මිතුරෙකු ද සමඟ ඒ පිටුපස පිහිටි තුරඟ තරඟ පිටියට ගියෙමි. ඒ ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර 20/20 ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් තරඟයේ ආරම්භක අවස්ථාව දැකබලා ගැනීමටය. (එහි පුළුල් තිරයේ තරඟය බැලිය හැකිය.)

අප තුරඟ තරඟ පිටියට ගියේ විශ්වවිද්‍යාලයේ සිට පුස්තකාලයට පයින් යනෙන කෙටි මග ඔස්සේය. මා සිය දහස් වාරයක් ආගිය මාර්ගය දිගේය. එනම් රීඩ් මාවත දිගේ පැමිණ තුරඟ තරඟ පිටිය ඔස්සේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පුස්තකාලය අතරින් වැටී ඇති මාර්ගයේය. පයින් යන අය සඳහා එය කෙටි මාර්ගයකි. පුස්තකාල සේවක පිරිස ද කුරුඳුවත්ත බස් නැවතුමට එන්නේ ඒ මගිනි.

මුල් පන්දු වාර කිහිපය නැරඹු අපි නැවත ඒ මාර්ගය ඔස්සේ පුස්තකාලයට පැමිණෙන විට පෙරකී මාර්ගයේ රැඳී සිටි පොලිස් නිලධාරියෙකු මට පැවසුවේ මේ පාර වසා ඇති බවත් ක්‍රීඩාංගනය කෙළවරට ගොස් ක්‍රීඩා අමාත්‍යංශය ඔස්සේ පුස්තකාලයට යන ලෙසත්ය. මිනිත්තු කිහිපයකට කලින් මේ මාර්ගය ඔස්සේ පැමිණි මා පරංගියා කෝට්ටේ ගියා වැනි මාර්ගයක නැවත පුස්තකාලයට යා යුත්තේ ඇයි දැයි විමසු මම මිතුරා ද සමඟ ඔහුගේ අණ නොතකා පුස්තකාලයට ගියෙමි.


එහි ගොස් නොබෝ වේලාවකින් විල්පත්තු අභයභූමිය විනාශ කරන බව ඇසූ වහා රිෂාඩ් බදූර්දීන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීමට යුහුසුලු වූ ශ්‍රී ලංකා පොලිසිය මෙන් පොලිස් කණ්ඩායමක් මා වට කොට ගත්තේය. එහි පැමිණි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු මට ඉතාම කාරුණික ලෙස පෙන්වා දුන්නේ එහි මාර්ගයක් නොමැති බවත් පොලිස් අණ නොතකා පැමිණීම වරදක් බවත්ය. මා වැනි උගත් බුද්ධිමත් අය (???) එවැනි දේ නොකළ යුතු බවත්ය. මට කිසිවක් කතා කිරීමට ඉඩ නොදීමට තරම් කාරුණික වූ ඒ නිලධාරි මහතා ඇතුළු පිරිවර පසුව නික්ම ගියේය.

මේ සිද්ධිය හමුවේ ඒ නිලධාරිතුමාගේ හැසිරීම පොලිසිය කෙරෙහි මා තුළ පැවති අපැහැදීම කිසියම් දුරකට තුනී කිරීමට සමත් විය. කෙසේ වුව ද අද දිවයින පුවත්පතේ පුත්තලම කලා ඔය රක්ෂිතයේ ඉතා වටිනා ඉපැරණි කුඹුක් ගසා කපා පටවන බවට ලද පැමිණිල්ලක් අනුව එය වැටලීමට ගිය පොලිස් පිරිස ඇමතියෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු එහි සිටිනු දැක පළා ගිය පුවත දුටු මට මේ අසරණයින් කෙරෙහි දුකක් ද ඇති විය.

මේ අතර අර පොලිස් නිළධාරි පිරිස නික්ම ගිය වහා එහි පැමිණි පුස්තකාලයේ සේවක පිරිසක් මා සමඟ පැවසූවේ මෑතක සිට ඔවුන්ට පෙර කී මාර්ගය ඔස්සේ ගමන් කිරීමට තහනම් බවත් ඒ පිළිබඳ ආයතන ප්‍රධානීන් තමන්ට ලිඛිතව දැනුම් දුන් බවත්ය. ඊට හේතු වී ඇත්තේ එක්තරා අධිකරණ විනිසුරුවරයෙක් පුස්තකාල පරිශ්‍රය සහ ලේඛනාරක්ෂක දේපාර්තමේන්තුව වට ඇති පාපැදි මං තීරුවේදී මගියෙකුගේ ඇඟේ හැපී ඇද වැටීමය. (මේ නිසා එතුමාගේ ශ්‍රී දේහයේ කිසියම් අවයවයකට හානි වී දැයි මම නොදනිමි.) කෙසේ වුව ද කුණු බැනුම් ඇසුවේ රජතුමාය. මෙවර මැතිවරණයෙන් කෙළවුණා මදි බවත් තව තවත් කෙළවිය යුතු බවත් ඔවුන්ගේ අදහස විය.

කලක් කසළවලින් සහ ළඳු කැලෑවලින් වැසී පැවති නිදහස් චතුරස්‍ර ප්‍රදේශ එලිපෙහෙලි කර මෙලෙස ව්‍යායාම කිරීම සඳහා සකස් කිරීම පිළිබඳ මම සතුටුවෙමි. මම ද උදෑසන එහි ව්‍යායාම කටයුතු කිරීම පුරුද්දක් කර ගෙන සිටිමි. ඇතැම් විට මම ද යුද හමුදා කුටියෙන් පාපැදියක් ගෙන පදිමි. එසේ පදින අවස්ථාවල ඇතැම් සාමාන්‍ය ජනයා මෙන් ම ව්‍යායාම කරන පිරිස් එනම් දිවීම සහ ඇවිදීම කරන අය ද බයිසිකල් මංතීරුවෙහි මුණගැසෙයි. හරහා පනියි. ඇතැම් විට කල්ලි පිටින් තීරුව පුරා ගමන් කරයි. එවිට මා කරන්නේ පාපැදියේ සීනුව නාද කිරීම තිරිංග තද කිරීම මගින් මාර්ගය පාදා ගැනීමය. ඒ නිසා මම කිසි දිනක වෙන අයෙකුගේ ඇඟේ හැපී නැත.

එහෙත් දැන් සිදුව ඇත්තේ පරිස්සමින් සිය පාපැදිය හැසිරවිය නොහැකි උතුමෙකු නිසා රටේ සාමාන්‍ය ජනතාවට පයින් යෑම තහනම් කිරීමය. රටේ සංවර්ධනය යනු සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරමින් යන ගමනක්ද? එසේ නම් ඒ සංවර්ධනය කාටද? මාර්ගයක රිය අනතුරක් සිදුවූ විට රියදුරාට වරදක් කර ඇත්නම් දඬුවම් ලබා දුන්න ද ඒ අනතුර නිසා මාර්ගය මගීන්ට තහනම් කිරීම කවර නම් විකාරයක් ද? මේ විනිසුරුවරයා බුද්ධිමතෙක් නම් කළ යුතුව තිබුණේ ඒ කොටසේ ද මගීන් සඳහා ද මාර්ග කොටසක් තනන ලෙස අදාළ ආයතනවලට දැනුම් දී එම කොටස තාවකාලිකව පාපැදි ධාවනය නතර කිරීමය. මන්ද එය නයිට් ක්ලබ් එකකට හෝ ගණිකා මඩමකට යන මාර්ගයක් නොව මේ රටේ වැදගත්ම පුස්තකාලයට පිවිසය හැකි මගකි. එහෙත් මේ විනිසුරුවරයා ද කර ඇත්තේ නූගත් දේශපාලකයෙකු ලෙස සිය බලය අනිසි ලෙස භාවිත කිරීම පමණි.

සාමාන්‍යයෙන් මේ රටේ සිය බලය අයුතු ලෙස භාවිත කැරීම පිළිබඳ බොහෝ චෝදනා එල්ල වන්නේ දේශපාලකයින්ටය. එහෙත් උගත් බුද්ධිමත් යැයි කියන විනිසුරන් මෙලෙස ක්‍රියා කරයි නම් නූගත් මෝඩයින් කරක් ගහන දේශපාලන පොරපිටිවල කවරක් නම් සිදුවිය නොහැකිද? වරක් හිටපු අගවිනිසුරුවරිය එක්තරා ආයතනයකට ගිය විට සුළු සේවකයෙකු ඇයට ගෞරව නොකළේ යැයි ආයතනයෙන් අස් කරන ලෙස බලපෑම් කර අස්කර තිබිණි. තවත් විටෙක නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ මඟුල් මඩුව තුළ ව්‍යායාම කරන දෙදෙනෙකු දුටු එහි ආරක්ෂකයෙකු ඔවුන්ට ඉන් ඉවත් වන ලෙස පැවසූ විට ඒ දෙදෙනා තමන් ලෝයර්ස්ලා බව පවසමින් එකී ආරක්ෂකයාට බැණ වදිනු අසා සිටීමට තරම් මම අවාසනාවන්ත වීමි.

මේ අර්ථයෙන් ගත් කළ නීති සම්පාදනය කරන දේශපාලඥයින් සහ ඒවා ක්‍රියාත්මක කරන පිරිස් අතර ද කිසි වෙනසක් නැත. දෙපිරිසම වැදි බණ දෙසති. කැලෑ නීතිය ම රජයයි. මේ අනුව ආනමාලු ඉමිතියාස් ද දුමින් ද සිල්වා ද පෙරකී විනිසුරන් හා නීතිඥයින් ද එවුන්ට හූ කියා පසුව සොරි කී රිෂාඩ් බදූර්දීන්ලා ද එක වල්ලේ පොල්ය. එයට කෙටියෙන් ම කිව හැක්කේ ආසියාවේ අයිස්චර්ය කියා ය.

Wednesday, April 2, 2014

උතුරට විග්නේශ්වරන් බස්නාහිරට හිරුණිකා

(ෆේස්බුක්හි පිලිප් ශාන්ත නම් මා මිතුරාගේ කුඩා සටහනක් පිළිබඳ ඇති වූ කතාබහක් බහුජන හිතසුව පිණිස මගේ බ්ලොග් අඩවියේ පළ කරමි.)

Philip Shantha-දෙමළ විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ජාතිවාදීන්, ලිබරල්වාදීන් එකතු වෙලා දෙමළ සංධානයක් විදිහට උතුරට තරග කළානෙ. උතුරෙ මිනිස්සු තෝරා ගත්තෙ විග්නේශ්වරන්ව.

ඒ වගේම සිංහල විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ලිබරල්වාදීන් එකතුවෙලා බස්නාහිරට තරග කළානෙ. බස්නාහිර මිනිස්සු තෝර ගත්තෙ හිරුණිකාව.

ෂෝයි නෙ.

Lakshan Wickrema විග්නේශ්වරන් පෙනී සිටින්නේ දෙමළ ජාතිකවාදය වෙනුවෙන් - එච්චරයි

Namal Udalamatta නෑ විග්නේශ්වරන් මහ ඇමති අපේක්ෂක විදිහට නම් කරලා උතුරේ මිනිස්සුන්ට කීවා ඡන්දේ දෙන්න කියලා. බස්නාහිර කවුරුත් නම් කළේ නෑ මහ ඇමති විදිහට.

Philip Shantha ඒ විතරක් ද?

විග්නේශ්වරන් රෙද්ද බැනියම ඇදන් ඡන්දෙ ඉල්ලුවා. හිරුණිකා ගවුමක් හරි කලිසමක් හරි ඇදන් ඡන්දෙ ඉල්ලුවා.
නෙ?

Lakshan Wickrema පිලිප් දැන් කියන්න හදන්නෙ උතුරෙ මිනිස්සු බුද්ධිමත් වගේ කතාවක් නම් ඉතින් මීට වඩා ඒ ගැන කතා කරලත් වැඩක් නෑ

Namal Udalamatta හිරුණිකාට මනාප වැටුණේ වෙන වෙන හේතු නිසා. ඒ මනාප වුණේ කුඩු දුමියාට ඇති විරෝධය, නවක බව, ලස්සන, භාරත සිද්ධිය වගේ දේවල්.

Philip Shantha Namal Udalamatta එතකොට යාපනේ ලිස්ට් එකෙන් ආපු අර ආනන්දී සසීදරන්ට ඒ චාන්සස් තිබුනෙ නැද්ද?

Namal Udalamatta ඔව් පිලිප් එහෙම වෙන්න තිබුණා. මට මතක හැටියට ආනන්දිට තමා දෙවන තැනට වැඩිම මනාප තිබුණේ. එහෙම වුණේ විග්නේශ්වරන් මහ ඇමති විදිහට නම් කළ නිසා. එහෙම නම් කළෙත් විග්නේශ්වරන් දෙමළ ඩයස්පෝරාව රෝ එක සහ බටහිර තානාපතිවරු මිස දෙමළ ජනතාව හෝ ද්‍රවිඩ සංධානය නම් නොවේ. විග්නේශ්වරන් මහ ඇමති විදිහට නම් කළාම බොහෝ අය ඔහුට මනාපයක් දෙනවා තමන් කැමති අපේක්ෂකයින්ට අමතරව. ඒ විදිහට විග්නේශ්වරන් නම් නොකළා නම් ආනන්දි තමා මනාප වැඩි වෙන්නේ.

Philip Shantha Namal Udalamatta තීරණාත්ක වෙන්නෙ මහ ඇමති අපේක්ෂක ධූරයට පත් කිරීමම ද? ඒකෙන් ලැබෙන වාසිය කණ්ඩායම් නායකයාට හා මහ ඇමතිකම ලබාදෙන බව ඉහළින් එන හැගවුමට ලැබෙන්නෙ නැද්ද? කොටින්ම කියනව නම් ගම්මන්පිලට වාසියක් නොමැතිව හිරුණිකා තෝරා ගැනීමට තරම් කොළඹ සමාජය හිතුවෙ ඇයි? ගම්මන්පිලගෙ ජාතිකවාදය ඒ මිනිස්සුන්ට වැදගත් නොවුනෙ ඇයි?

Namal Udalamatta ඒක තේරුම් ගන්න අමාරු නෑ එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය වෙනුවට ගම්පහ ජනතාව පබා තෝරා ගත්තේ ඇයි කියලා හිතලා බැලුවා නම්. කොළඹ විතරක් නෙමේ කළුතර, මාතර වුණත් කණ්ඩායම් නායකයින් නෙමේනේ වැඩිම මනාප ගත්තේ.  අනෙක ගම්මන්පිල දෙවනියා මිසක් අන්තිමයා නෙමේ. ඔහු ගියවර ලබපු මනාප ප්‍රමාණයට වඩා මෙවර මනාප ප්‍රමාණය වැඩියි. ඔබ හිතනවාද මෙවර හිරුණිකා ලබපු මනාප ප්‍රමණාය ඊළඟ වර වැඩි කර ගැනීමට තබා ආරක්ෂා කර ගැනීමටවත් පුළුවන් වෙයි කියලා? මම කියන්නේ බෑ. මේවා නිකන් වල්ග තරු විතරයි පිලිප්.

Philip Shantha අනාගතයෙ වෙන දේ ගැන නෙවෙයි තර්ක කළ යුත්තෙ. වෙච්ච දේ ගැන. මගේ තර්කය කරූව ප්‍රතික්ශේප කිරීමටත් අදාළයි. ඒක මේ ගම්මන්පිල පජ කරන්න කියන එකක් නෙවෙයි. අනෙක ගම්මන්පිලට ඔබ ලව් බව මා දන්නව. නමුත් එයාට ඇයි එහෙම උනේ කියන එක හැගීම්බරව නැතිව තාර්කිකව හොයන්න ඕන නේද?

Namal Udalamatta http://adaderana.lk/news.php?nid=26294

Namal Udalamatta වෙච්චි දේට හේතු මම කීවනේ. මතක නැත්නම් ආපහු බලන්න මුල් කමෙන්ට්ස්. "හිරුණිකාට මනාප වැටුණේ වෙන වෙන හේතු නිසා. ඒ මනාප වුණේ කුඩු දුමියාට ඇති විරෝධය, නවක බව, ලස්සන, භාරත සිද්ධිය වගේ දේවල්."
හිරුණිකාත් කියනවා නම් එයා දින්නේ තාත්තා නිසා කියලා තව මොනවාද? අනෙක ඒක ඔයා හිතන විදිහට සුවිශේෂ දෙයක් නොවන බවත් මම කීවානේ. ඉතින් තව මොනවාද තාර්කිකව තේරුම්ගත යුතු දේවල්?
මම ගම්මන්පිලට ලව් නම් ඔයා හිරුණිකාට ලව් කියලා මම කීවොත් ඒක හරිද? මම හිතන්නේ හරි නෑ. ඔයා දැන් හිරුණිකා වෙනුවෙන් පෙනී සිටිනවා වගේ පේන්නේ ඔබේ දේශපාලන හතුරාට වඩා මනාප ගත් නිසානේ.
ආරම්භයේදී කුඩු දුමියා අර ජින්ජර්, රුවන්ති සහ ගයේෂා දාලා හිරුණිකාගේ මනාප අඩු කරන්න කටයුතු කරද්දි මමත් හිරුණිකාගේ පැත්ත. (මම එයාගේ facebook page එකට ලයික් එකක් දැම්මේ ඒ දවස්වල) මම හිතනවා ඒ අම්මණ්ඩිලාට වඩා හිරුණිකා හොඳයි කියලා. හැබැයි ඉන් එහාට ආවම මම හිතනවා ගම්මන්පිල හොඳයි කියලා. එච්චරයි.

Philip Shantha මට නම් ඔය එකෙක්වත් හොද නෑ. ඒ වගේම වැඩි නපුරට වඩා අඩු නපුර ඕනෙත් නෑ. ගම්මන්පිලට ඔයා ලව් කිව්වෙ ඔයා ජාතිකවාදී මතයක ඉන්න නිසා. ඒකෙන් කමක් නෑ. මට ඕන ඔය වගේ පැතැලි හේතු ටිකක් කියල හිත නිවා ගන්න නෙවෙයි. සිංහල ජාතිකවාදය ශක්තිමත් නම් ගම්මන්පිල දෙවැනියට ඇදල දාල හිරුණිකා පළමුවැනිය කරාවිද?
හිරුණිකාට ඡන්දෙ දෙන්න දහසකුත් හේතු කියන්න පුලුවන්. නමුත් ගම්මන්පිලට නොදී හිරුණිකාට දෙන්න තරම් මිනිස්සු පෙළබුනේ ජාතිකවාදය ප්‍රතික්ශේප කරන නිසාද? ජාතිකවාදය අවශ්‍ය උනත් ඊට වඩා හිරුණිකාට වැඩි වටිනාකමක් ලැබුන නිසාද? එහෙම උනා නම් ජාතිකවාදය කියන්නෙ ශක්තිමත් ජන පදනමක නැති එකක් ද? නැත්නම් වෙන මොකක් හරිද? ඔන්න ඕව තමයි හොයල බලන්න ඕන.

එහෙම නැතිව "අනේ හැගීම්බර ඡන්ද එයාට ලැබුන කියන එක නෙවෙයි".

Namal Udalamatta ලංකාවේ මෑත කාලයේ කාන්තා දේශපාලනය කියන්නෙම හැඟීම්බර ඡන්ද තමා. ඇත්ත ට ම දේශපාලන සැමියා හෝ පියාගේ හදිසි මරණය තමා පදනම. මම පෙර දක්වපු හේතු වැරදි නම් ඒවා පෙන්වා දී නිවැරදි හේතු ඔයා මට පෙන්නලා දෙන්න පුළුවන් නම්. අවසානයේ හිරුණිකාත් කියනවා එයාගේ ඡන්ද පදනම ඒක කියලා. ඉතින් වෙන මොන කතාද? ගම්මන්පිල ඉතින් ශ්‍රීලනීපත් නෙමේ. එතකොට කොලඹ සංධාන ප්‍රධානීන් වුණත් ගම්මන්පිලට වඩා තම ගෝල බාලයින් ඥාතීන්ට තමා උදව් කරන්නේ. ඇත්තටම මනාප ක්‍රමය යටතේ සිය පක්ෂයේ අයම ගහ මරා ගනිද්දි වෙන පක්ෂයක ගම්මන්පිලට ඔවුන් උදව් කරයි කියලා හිතන්න බෑ. ජාතිකවාදයේ පදනමේ ශක්තිය මනින්න ඉක්මන් විය යුතු නෑ. ඒකට හොඳ සංරචකයකුත් නෙමේ මේ මැතිවරණය. මේ මැතිවරණයේදී සහ පසුගිය මැතිවරණවලදී මනාප ප්‍රතිඵලවලින් දෙවැනියා වුණු එකම කෙනා ගම්මන්පිල නම් අපට ඒ ගැන විශේෂයෙන් හිතන්න තිබුණා. නමුත් ඒකත් එහෙම නෙමේනේ. හැබැයි අර ජවිපෙ තරම් සන්ධානය තුළ බලය ස්ථාවර කරගන්න ගම්මන්පිලලා සමත් වුණේ නෑ. මොකද ජවිපෙ හෙළ උරුමයට වඩා බොහොම ශක්තිමත් සංවිධාන ශක්තියක් තියෙන පක්ෂයක්.

Philip Shantha 1. ඔයාගෙ හේතු දැක්වීම් වැරදිය හෝ හරිය කියල මා කියන්න යන්නෙ නෑ. මගේ ප්‍රශනය වන්නෙ සීරියස් ජාතිකවාදය වෙනුවෙන් පෙනී ඉන්න ගම්මන්පිල දෙවැනිය කරල හැගීම්බරව හිරුණිකාව පළමුවැනිය කරන්න තරම් බල පෑ සාධක ගැනයි. අරක නිසා මේක නිසා කියන්නෙ මිනිස්සු චන්දෙ දුන්න ස්වභාවයනෙ. මා අහන්නෙ ඒ තත්ත්වයට මිනිස්සු පත් උනේ ඇයි?

2. තමන්ගෙ ඡන්ද පදනම හැගීම්බරවීම කියල හිරුණිකා කියන එක ඔබට අනුව යථාර්ථය නම් ජාතිකවාදයට වඩා හැගීම්බරවීම ශක්තිමත් උනා නම් ඒක ජාතිකවාදය ව්‍යාප්ත කිරීමේ දුර්වලතාවක් නොවේද?

3. මොන බෙදීම් තිබුනත් ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ උපරිම සහාය ගම්මන්පිලට තිබුනා. ඒ බව මිනිස්සු දන්නෙ නැද්ද?

4. ජාතිකවාදය මනින්න මේ මැතිවරණය හොද සංරචකයක් නෙවෙයි නම් ඒ තීරණයට ඔබ ආ සාධක මොනවාද?

5. හෙල උරුමයට වඩා ජේවීපී එක සංවිධාන ශක්තියක් තිබූ නිසා ජේවීපී එක ශ්‍රීලනිපය හා හවුලේ තරග කරන කොට ජෙප්පන් වැඩි මනාප ගත්තා යැයි ඔබ කියනව. එහෙමනම් එතැනින් කියවෙන්නෙ නැද්ද හොද සංවිධාන ශක්තියකට සමාජයේ සම්ප්‍රදායි හැගීම්, මතයන් හා සරල දේවල් ඉක්මවා යන්න පුලුවන් බව?

Namal Udalamatta 1. කරු ජයසූරියට වඩා පබා මනාප ගැනීමට ද මාතර කණ්ඩායම් නායක චන්දිම රාසපුත්‍රට වඩා පසඳ යාපා මනාප ගැනීමට ද කළුතර කණ්ඩායම් නායක ජගත් අංගගේට වඩා සෙනෙල් වෙල්ගම මනාප ගැනීමට ද කිසියම් හේතු සමුදායක් හේතු විණි ද ඒ හේතු සහ හිරුණිකා ශ්‍රීලනීප වීම, ඇගේ පියාගේ හදිසි මරණය, කුඩුදුමියා කෙරෙහි ඇති විරෝධය, කුඩු දුමියාට එරෙහිව ඇය ප්‍රභල හඬක් නැඟීම, ගම්මන්පිල සන්ධානයේ නොවීම ආදී හේතු නිසා හිරුණිකාට මනාප වැඩි විය. ඇයට මනාප දෙන තත්ත්වයට මිනිසුන් පත්විය.
2. ඔබේ මේ තර්කය නිවැරදි නම් කොළඹ ජාතික මතවාදය ඉතා ශක්තිමත්ය. මන්ද සන්ධානය තුළ නියෝජනය වන සෙසු සියලු දේශපාලන මතවාද පරයා ජාතිකවාදය ඉස්මතු වී ඇති හෙයිනි. එසේ නම් කළ යුත්තේ ජාතිකවාදයට වඩා සෙසු දේශපාලන මතවාද යටපත් වුණේ කෙසේද යන්න විමසා බැලීමය. එහෙත් එය එසේ නොවන බව මගේ අදහසය.
3. ජනාධිපතිවරයා කෙසේ වෙතත් ගෝඨාභය නම් ගම්මන්පිලට මනාප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් බැසිල් ප්‍රසිද්ධ රැස්වීමක ප්‍රසන්න මහ ඇමති බව කියා තිබිණි. නාමල් ද හිරුණිකාගේ වේදිකාවට ගොඩ විය. ජනාධිපතිවරයාගේ උපරිම සහාය ගම්මන්පිලට ඇත්නම් ඔහු මහ ඇමති කිරීමට කිසිදු බාධාවක් නැතැයි සිතමි.
4. මේ ප්‍රශ්නය සඳහා පිළිතුර ඔබේ 2 වන ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර හා බැඳේ. මේ මනාප ප්‍රතිඵලවලින් එය නොමැනිය හැක්කේ ගම්මන්පිල දෙවැනියට මනාප ගැනීම තුළින් ජාතිකවාදය සෙසු දේශපාලන මතවාදවලට වඩා ඉදිරියට පැමිණ ඇතැයි නිගමනය කළ නොහැකි හෙයිනි. එවැනි නිගමනයකට ගියහොත් එය අතිශ්‍යෝක්තියකි. අනෙක් අතට හෙළ උරුමය මෙන් ම ජාතික නිදහස් පෙරමුණ ද සර්ව සම්පූර්ණ ජාතිකත්ව සංකල්පය නියෝජනය කරන පක්ෂවලට වඩා ඒ මතවාදය හා වඩා සමීප අදහස් දරන පක්ෂ ලෙස හැඳින්විය යුතුය. එම පක්ෂ නියෝජනය කළ ගම්මන්පිල මනාප ලැයිස්තුවේ දෙවැනි තැන ද රොජර් සෙනෙවිරත්න 4 වන තැන ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ 15 වන තැන ද ලබා ගෙන තිබේ.
කෙසේ වුව ද මෙය පළාත් පාලන මැතිවරණයක් මිස ජාතික මැතිවරණයක් නොවේ. මෙහිදී ජාතිකත්වයට වඩා සෙසු කරුණු ඉස්මතු විය. එය ජාතික විජාතික මැතිවරණයක් ලෙස ගතහොත් ආණ්ඩුව සමාජගත කළේ තමන් ජාතිකත්වය ද විපක්ෂය විජාතික බලවේග ද නියෝජනය කරන බව පමණි. මේ කරුණු නිසා ජාතිකත්වය මැනීමට මෙය හොඳ නිර්ණායකයක් නොවේ.
(මේ රටේ සිංහල ජාතිකත්වයේ පක්ෂය වූ ශ්‍රීලනීපය චන්ද්‍රිකා සමයේ ඉන් ඉවත් වීම නිසා ඇති වූ රික්තය තාවකාලිකව පිරවීමට එම පක්ෂ බිහිවී යැයි සිතමි. අනාගතයේ වුව ශ්‍රීලනීපය නැවත ජාතිකත්වය වෙත පැමිණිය හොත් එම පක්ෂවල කාර්යභාරය අහෝසි වනු ඇත. මේ රටේ ජාතිකත්ව සංකල්පය පසුගිය දශක කිහිපයක් පුරා යටපත්ව පැවත නැවත ඉස්මතුව ඇතැයි කිව හැකිය. එය මේ අවස්ථාව වන විට මාක්ස්වාදයට වඩා ජනතාව අකර්ශනය කරගත හැකි තත්ත්වයට පත්ව ඇතැයි මම සිතමි.)
5. ජවිපෙ මතුවෙන්න හේතු වුණේ එය පමණක් නොවේ. ඊට ශ්‍රීලනීප අපේක්ෂකයින්ගේ දූෂණ, වංචා, මහජන දේපළ නාස්තිය සහ ජවිපෙ අවංක චාම් බව ආදිය ඊට හේතු විය. ජවිපෙ සතු සංවිධාන ශක්තියෙන් පමණක් එය කළ නොහැකි බවත් ඔවුන් දරණ මාක්ස්වාදී අදහස්වලට මෙරට බහුතර ජනතාව තුළ කැමැත්තක් නොවන බව ද ඊට පසු ඔවුන් තනිව තරඟ කළ මැතිවරණවලින් සනාථ විය.

Philip Shantha එකම කාරණා ටික පුන පුනා කියන නිසා මගේ ප්‍රශ්න වෙනත් ආකාරයකට අහන්නම්. අපි උදාහරණයක් ගනිමු. ලංකාවෙ කාලයක් ශක්තිමත්ව තිබූ වාමාංශික ව්‍යාපාරය බිද වැටී දැන් නැත්තටම නැති ගිහිල්ලනෙ. ඒකට හේතු උනේ එම පක්ෂ දැරූ මතවාදයන්හි අභ්‍යන්තර සාධක. ඒ කියන්නෙ ලෝක පරිමානයෙන් මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරය පසු බැසීම, ලංකාව තුළ ඒ වමේ පක්ෂ ගෙනගිය දේශපාලනයේ අවලංගුභාවය හා ඊට අදාළ ගැටළු. ඒ නිසා යමෙක් ඇහැව්වොත් 1977 දී වමාංශික පක්ෂ අතු ගෑවී ගියේ ඇයිද කියල මා කියන්නෙ නෑ යූඑන්පී එක විශාල ජයක් ලැබීම වාමාංශික පක්ෂ අතු ගෑවීමට හේතු උන කාරණය වෙනව කියල. මා සිතන්නේ යූඑන්පී එක විශාල ජයක් ලැබුවේම වමේ පක්ෂ අසාර්ථක අවලංගු උන නිසයි. ඒව එහෙම උනේ අර කලින් කිව්ව සාධක නිසයි.

ඉතින් ගම්මන්පිල දෙවැනියා උනේ හිරුණිකා පළමුවැනියා වීම කීම තේරුමක් නැති කතාවක්. ඒ වගේම හිරුණිකා පළමුවැනියා උනේ හැගීම්බරවීම වැනි කාරණාය කීමත් විහිළුවක්. ගම්මන්පිලගේ ජාතිකවාදය ශක්තිමත් උනා නම් මොන හැගීමෙන් බර උනත් ගම්මන්පිල දිනන්න ඕන. ඒ කියන්නෙ ගම්මන්පිල දෙවැනියා උනේ ජාතිකවාදයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා මිසක් හිරුණිකාට හැගීම්බර චන්ද ලැබීම කියන බාහිර සාධකය නිසා නෙවෙයි. බාහිර සාධකය ගොඩනැංවෙන්නේම අර මුලින් කී අභ්‍යන්තර සාධකය නිසයි.

ඒ නිසා අභ්‍යන්තර සාධක වසා ගනිමින් බාහිර සාධක ඉස්මතු කිරීම තේරුමක් නෑ. හැබැයි ලංකාවෙ සම්ප්‍රදායි දේශපාලනයේ ජනප්‍රිය තර්කය ඕකම තමයි. වාමාංශික දක්ෂිණාංශික බේදයක් නැතිව සාමාන්‍යයෙන් පළමුව ඇගිල්ල දිගු කරන්නේ බාහිර සාධකයට. වාමාංශික ව්‍යාපාරය ඊට ආවේනික අභ්‍යන්තර සාධක නිසා දුර්වල වූවා සේම ජාතිකවාදී ව්‍යාපාරය ද ඊට ආවේනික අභ්‍යන්තර සාධක නිසා පසුබෑම තේරුම් ගැනීමට දෙපාර්ශ්වයේම මතධාරීන්ට නොහැකිවීම කනගාටුවට කරුණක්. නාමල් උඩලමත්ත වැටී ඇත්තේ ද ඒ අගාධයටයි.

Namal Udalamatta ඔයා මුලින් කියන්න ගියේ උතුරේ මිනිස්සු බස්නාහිර මිනිස්සුන්ට වඩා බුද්ධිමත් කියන එකනේ. ඒක සනාථ කරන්න ගිහින් ඔයා නතර වුණේ බස්නාහිර ජාතික මතවාදය දුර්වලයි කියන නිගමනයෙන්. ඒත් ඔයා ඒ සඳහා දක්වන සාධකවලින් නම් ඒ නිගමනයවත් සනාථ කරන්න බෑ. අඩු තරමේ මීට පෙර ජාතික මතවාද ඉන් එහා ගිය ජයග්‍රහණයක් ලබා තිබී අහිමි වුණා නම් එහි පදනමක් තියෙනවා කතා කරන්න. හිරුණිකාගේ කඳුලුවලට වඩා ජාතිකත්ව මතවාදය දුර්වලයි කියලා මනාපවලින් තීරණය කළ හැකි නම් ගම්මන්පිලට වඩා අඩු මනාප ගනිපු අය දරන සෙසු දේශපාලන මතවාද ජාතිකත්වයට වඩා දුර්වලයි කියලා ඔබට පිළිගන්න වෙනවා. නමුත් මම නම් එහෙම හිතන්නේ නෑ. නමුත් ඔබ මෙහිදී මා පෙන්වා දුන් කිසිදු කරුණක් නිශේධනය නොකර වෙන වෙන දේවල් කියනවා. කෙසේ නමුත් මේ සංවාදය මුල සිට කියවන අයෙකුට යමක් උගත හැකි යයි මම සිතනවා. මේ ඇති නේද?

Philip Shantha උතුර ගැන මා කියන්න හැදුවා යැයි ඔබ සිතන දේ වැරදියි. හැබැයි මුලින් කතා කරන හිටි දේ පසුව සංවාදය අනුව වෙනතකට ගියා.

ගම්මන්පිල සුවිශේෂී කෙනෙක්. එයා අනෙකුත් අය සමග සසදන්න බෑ. උදාහරණයකට ඔය ලිස්ට් එකෙන්ම ආ උපාලි කොඩිකාර තුන්වැනිය උනා. නමුත් අපි දන්නව පොර ආවෙ කිසිම දේශපාලන මතයකින් නෙවෙයි කියල. (හැබැයි පොර අදේශපාලනිකත් නෑ). ඒත් ගම්මන්පිල එහෙම නෙවෙයි. එයාගෙ දේශපාලන සම්ප්‍රාප්තියම ජාතිකවාදී සමස්ත වැඩපිලිවෙක කොටසක්. ඉතිහාසයේ ප්‍රථම වතාවට සංධානය විසින් ශ්‍රී ලනිප නොවන කෙනෙකුට කණ්ඩායම් නායකකම දුන්නෙ නිකන් නෙවෙයි. ඒ වගේම විශාල රිස්ක් එකක් අරන් ආරක්ෂක ලේකම් එයාගෙ වේදිකාවට ආවෙ නිකන් නෙවෙයි. බැසිල් මුලින් කට වරද්දගෙන පසුව ඒක නිවැරදි කළේ නිකන් නෙවෙයි. එතකොට ගම්මන්පිල සුවිශේශී කෙනෙක්. ඒක උපාලි කොඩිකාර හෝ වෙනත් කෙනෙකුට සමාන කරන්න පුලුවන් එකක් නෙවෙයි.

මගේ තර්කය ඔයාට පිළිගන්න බෑ බෑ වගේ නම් මෙහෙම හිතන්න. කොළඹ දී ජේවීපී එක ගත්ත චන්ද අනුව ලාල්කාන්ත ගත්ත අඩු මනාප ප්‍රමාණය දේශපාලනිකව යමක් කියනව නේද? අන්න එහෙම එකක් තමයි මම කියන්නෙ. ඔයාට ඒක පිළිගන්න අමාරු වීම මට තේරුම් ගන්න පුලුවන්.

Philip Shantha ඔයා කියන දේවල් පිලිගන්නෙ නැතිව ප්‍රතික්ශේප නොකර, ඉන්නෙ ඔයා කතා කරන්නෙ වෙන ට්‍රැක් එකක නිසයි. ඒව මගේ පොයින්ට් එකට අදාළ නෑ. ඉතින් අදාළ නැති දේවල් මා සැලකිල්ලට ගන්නෙ නෑ.
 
සිය රට දේ සිරි සැප දේ !