අනාගතය ගොඩනැගෙන්නේ අතීතය සහ වර්තමානය මතය යනු ප්‍රකට කියමනකි. එය සනාථන දහමකි. ඉතිහාසයේ වරක් සිදු වූ දෙය යළි එලෙස ම සිදුවෙයි. ඒ අතීත සිදුවීමට මුහුණදීමේදි අප සිදුකළ වැරදි නැවත සිදුකළ යුතු නැත. සිදුවීමට ඉඩ තිබිය යුතු ද නැත. ඒ වැරදි අවබෝධ කරගෙන නිවැරදිව ශක්තිමත්ව ඊට මුහුණදිය යුතු ය. ඉතිහාසය හැදෑරීමෙන් අප ලබන මාහැඟි ඵලය එයයි.
වසර සිය ගණනක් තිස්සේ යුද කොට වුව අපේ රට යටත්කර ගැනීමට බටහිර ජාතීන් තුනකට බැරි විය. අවසන ඔවුහු සටකපට කුමන්ත්‍රණකාරී ගිවිසුමකින් අප යටත් කරගත්තේ ය. අප අද ද සිහිපත් කළ යුත්තේ අප පැරදුණේ ගිවිසුමකින් බව ය. කෙතරම් නවීන අවි ආයුධ තිබුණ ද ඔවුන්ට අපේ මුතුන් මිත්තන් පැරදවිය නොහැකි වූ බව ය. වසර 30ක් තිස්සේ මේ ත්‍රස්ත අරගලයෙන් අප පැරදුණේ ද ගිවිසුම් නිසා ය. යම් දවසක අප යළි පැරදුනොත් ඒ ද ඊනියා ගිවිසුම් නිසා ය. එනිසා ඉතිහාසය කියවවු! ඉන් පාඩම් උගනිවු!
සිංහල රාජධානිය කඩාවැටුණු බලවේගය
ඉතිහාසයේ ඇතැම් සිදුවීම් යළි යළිත් පණගැන්වෙන අවස්ථා ඇත. මෑතකදී මේ රටේ පවතින තත්ත්වය පිළිබඳ සොයාබැලීමට බ්‍රිතාන්‍ය අගමැති ගෝඩ්න් බ්‍රවුන් විසින් විශේෂ නියෝජිතයකු ලෙස බ්‍රිතාන්‍යයේ ආරකෂක ඇමැති වු ඩෙස් බ්‍රවුනි පත්කර එවීමට උත්සාහයක් දරා තිබිණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස තිබී ඉන් නිදහස ලබා වසර 61 ක් ගතවු පසුවත් යළිත් ඒ මත එල්ලී සිටීමට අවශ්‍ය නැති බව පෙන්වා දෙමින් මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට බලෙන් මැදිහත්වීම ප්‍රතිකෙෂ්ප කිරීම ප්‍රශංසා කටයුතුය.
ඉතිහාසයෙන් ඉගෙනගත යුතු පාඩම් අදටත් වලංගුය. මීට වසර 194 කට පෙර බ්‍රිතාන්‍යයන් සමග අත්සන් කළ උඩරට ගිවිසුම නිසා වසර 2500 කට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ අවිච්ඡින්නව පැවත ආ රාජ්‍යයක කඩාවැටීමත් නිදහස අහිමිවීමත් සිදුවිය. මෙම ලිපිය 1815 මාර්තු 15 දින සිදුවු එම ඓතිහාසික ඛේදවාචකයට වසර 194 ක් පිරීම නිමිත්තෙන් එම අවධියේ මේ රටේ දේශපාලන පසුබිමේ ක්‍රියාකාරී වු විදේශ බලවේගය පිළිබඳ සමකාලීන මුලාශ්‍ර ඇසුරින් ලියන ලද සටහනකි.
1815 මාර්තු 15 දින උඩරට ගිවිසුමට අත්සන් කිරීමට මාසයකුත් දින දෙකකට පෙර, එනම් 1815 පෙබරවාරි 17 දින උඩරට රාජධානිය පාලනය කරමින් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බ්‍රිතාන්‍යයන් අත සිරකරුවකු බවට පත්වී හමාරය. මේ සිද්ධිය එවක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වු රොබටි බ්‍රවුන්රිග්ට ආරංචි වු පසු ඒ පිළිබඳ ඔහු ප්‍රීතිය පළ කළ අවස්ථාවේ වාර්තාගත සටහන් කිහිපයක් මතු දැක්වේ. "ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගන්නා ලදී" යන පණිවුඩය කන වැටෙන විටම, ආහාර ගනිමින් සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා තම කෑම පිඟාන තල්ලුකර දමා නැගී සිට දෙනතින් කඳුලු වගුරුවමින් එහි සිටි සියලු දෙනාටම අතට අත දෙමින් මෙසේ කීවේය. "යුරෝපීය තුන් වර්ගයක් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොටත් සාර්ථක කරගත නොහැකි වු කාර්යයක් අද අප විසින් සාර්ථකව ඉටුකර ගන්නා ලදී. ඊට ආධාර කළ ඔබ සැම දෙනාටම මගේ අවංක ස්තුතිය පුද කරමි. ආණ්ඩුකාරවරයා මේ වැගිර වු කඳුළු අවුරුදු දෙදහස් පනස් අටක් මුළුල්ලේ පැවත ආ සිංහල ජාතියේ නිදහස නැතිවීම ගැන හෝ රජු අසුවීම ගැන හෝ කනගාටුවෙන් හෙළු කඳුළු නොවේ. ඒ වනාහි බ්‍රිතාන්‍ය ජාතියට ලංකාව යටත්කර ගැනීමේ වරප්‍රසාද හිමිකර දීම ගැන දෙවියන්ට ස්තුති කරන කඳුළුය.
(මහාවංශය)
මෙම සිද්ධිය දේශීය රදළ නායකයන්ගේ පාර්ශ්වයෙන් වාර්තා වී ඇත්තේ එක්නැලිගොඩ රජු සැඟවී සිටි ගෙදර මෝල්ගස් පහරින් දොරපලා ගෙට ඇතුළුව "මූ ඌරකු මෙන් බැඳගෙන යා යුතුය" යි කියා තමාම කිරිඳිවැල් ගෙනෙන ලෙස අනුචරයන්ට නියම කළේය. (භාෂා පරිවර්තක ඩී. වී. ඒ. දියෙස් : තමා සියැසින් දුටු විස්තරය ඇසුරින්) බිසෝවරු ඇඳ පැළඳ සිටි අගනා ආභරණ හා රෙදි හැටිටත් ගලවා ගෙන යට රෙදි පිටින් එළියට ඇදගෙන ආවෝය. කුණ්ඩලාභරණ කඩා ගැනීමෙන් ඔවුන්ගේ කන්වැල් ඉරී ලේ ගලනවා මම දුටුවෙමි.... මම ඉඹුලන්වල ආරච්චි යවා බෙහෙත් කොළ වගයක් ගෙන්වා අඹරා ලේ ගලන තුවාලවල ගෑවෙමි. රජු වැල්පටින් කැපී ලේ ගලන අත ඔසවා ඩොයිලිට පෙන්වා "මෙය රජෙකු විසින් ලැබිය යුත්තක්දැයි ඇසීය." (එම)
දේශීය නායකයන්ගේ පාර්ශ්වයෙන් බලන කල, ඔවුන් පාවාදී සතුටට පත්වුවද, බ්‍රිතාන්‍ය ආධාර ඇතුව රජු එළවා දමා රජකම තමන් වෙත ලබාගැනීමට සිතුවද, රාජ්‍යයේ ඔටුනු පැළඳ ගැනීමට නොලැබීම නිසා අපේකෂා භංගත්වයට පත්ව පසුතැවිලි වුහ. මෙය හැඟුණේ මවුපියන් අහිමි වු සේ නායකත්වයක් නැති අසරණ පිරිසක් ලෙසිනි. බ්‍රිතාන්‍ය පාර්ශ්වයෙන් මෙය අති විශිෂ්ට ජයග්‍රහණයකි.
ඉහතින් සඳහන් කළ පරිදි බ්‍රව්න්රිග් ආණ්ඩුකාර සතුටු කඳුළු වැගිරීමට තරම් ප්‍රීතියෙන් උද්දාම වීමට බලපෑ පසුබිම කුමක්ද? යුද්ධකර ප්‍රදේශයක් යටත් කර ගැනීම අසාර්ථක ප්‍රයත්නයක් බව මේ කාලය වනවිට බ්‍රිතාන්‍යයන් වටහාගෙන තිබිණි. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය ගෙනගිය මාකෝලි වරක් ප්‍රකාශ කළේ "ඉන්දියානුවන් සමේ වර්ණයෙන්, රුධිරයෙන් එක සමාන වුවත්, ගමනින් බිමනින්, කතාබහෙන්, හැඩයෙන් බටහිරට ගැති පිරිසක් කරවීම" යුද්ධ කරනවාට වඩා සාර්ථක ප්‍රයත්නයක් බවයි. ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය සඳහා පත්ව සිටි තෝමස් මෙටිලන්ඩ්ද මෙම ක්‍රමවේදයට අනුව යමින්, යුද්ධ කර රාජ්‍ය ලබාගැනීම නිශ්ඵල ප්‍රයත්නයක් බවත්, බ්‍රිතාන්‍ය කිරුළට රාජ්‍ය ඈඳා ගැනීමට නම් කළ යුතු වන්නේ ජනතාවගේ සිත් සතන් ආක්‍රමණය කර මානසික යුද්ධයක් හරහා රටේ සමාජ, ආර්ථික, දේශපාලන දේහයේ අංග ඡේදනය කර අකර්මණ්‍ය කිරීමය. උඩරට සමාජ ස්ථරයේ එකට බද්ධවී පවතින භිකෂුන් වහන්සේලා ජනතාව රජු අතර සබඳතාව එකිනෙක බිඳ දමමින් ශරීරයක අත්, පා, හිස ඡේදනය කළාක් මෙන් විනාශ කරලීමයි. එම ප්‍රයත්නය යුද්ධයට වඩා ප්‍රබලය. ඒ සඳහා වු ක්‍රියාකාරී විදෙස් බලවේගයක ශක්තියක් ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් පත්කර එවන ලද ජෝන් ඩොයිලිගේ සේවාව සඳහන් කළ හැක.
1810 සැප්තැම්බර් මස 04 දින සිට උඩරට සිංහල රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට ඇද ගැනීම දක්වා ඩොයිලි තම "පුද්ගලික දින සටහන්" පොතක් ලෙස ගත් වාර්තාව "ඩොයිලිගේ දිනපොත" ලෙස රාජකීය ආසියාතික ලංකා ශාඛාව මගින් 1917 දී එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් ගේ පෙරවදනකින් යුතුව ශශඬ වෙළුමේ 69 කලාපය ලෙස "ඩොයිලිගේ දිනපොත" Diary of Mr.John Doyly නමින් ප්‍රසිද්ධියට පත්කරන ලදී. මේ පොත අදාළ අවධියේ කරුණු අනාවරණය කරගැනීම සඳහා ඉතා වැදගත් මුලාශ්‍රයකි. එහි සඳහන් තොරතුරු පැවැසීමට පෙර ඔහුට ඒ සඳහා උපයෝගි වු මේ රටේ පරිසරය බිඳක් වටහා ගැනීම අවශ්‍යය.
උඩරට පැවැති තත්ත්වය
1800 : 1815 කාලය උඩරට රාජධානිය බිඳවැටීමේ ඉතිහාසය වු අතර බ්‍රිතාන්‍යයන්ගේ සෞභාග්‍යවත් කාල පරිච්ඡේදය යැයි පැවැසුවහොත් එය නිවැරදිය. ඒ වු කලී උඩරට රදළයින් රජු සහ බ්‍රිතාන්‍යයන් අතර ත්‍රි පුද්ගල අරගලයක් හා බැඳුණු ඉතිහාසයයි. ඒ පසුබිම සැකවින් මෙසේය. 1739 රාජ්‍ය බලය මෙහෙයවු උඩරට නායක්කාර් වංශයෙන් රාජ්‍ය බලය මුදාගෙන දේශීය රදළ නායකයන් අතට බලය අත්පත් කරගැනීමේ අරගලය ඊට මුලික වු කරුණය. අධික බල කාමයෙන් මත්වු පිළිමතලාවේ අධිකාරම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර නෝත් සමග කළ රහස් ගිවිසුම් මගින් බලාපොරොත්තු වුයේ රජු පහකර උඩරට රජු වීමයි. 1799 : 1800 කාලය තුළ ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවේ හ්‍යු බොයිඩ් සහ නෝත් සමග කළ රහස් සාකච්ඡා මීට නිදසුන්ය. මීට අමතරව නුවර නගරය අලංකාරවත් කිරීම සඳහා වැව ඉදිකිරීම, දළදා මාළිගයේ පත්තිරිප්පුව ඉදිකිරීම වැනි කාර්යයන් වෙනුවෙන් මිනිසුන් සේවයේ නොයෙදීම මගින් රජු කෝප කරවීම, රජු මැරවීමට කුමන්ත්‍රණ යෙදීම වැනි ක්‍රියා නිසා පිළිමතලාවේ ඇතුළු රදළවරු කීපදෙනෙක් මරණයට පත් කිරීමට රජුට සිදුවිය. රජු සහ රදළවරු යන දෙපකෂය අතර දිගින් දිගටම පැවැති ගැටුම් සහිත තත්ත්වය නිසා ඔවුනොවුන් අතර පරතරය පුළුල් විය. රජුගේ ඉවසීමේ ගුණය වෙනුවට කෲරත්වය ආරෝපණය වීම ඉතිහාසයක අවසානයක් තීන්දු කළේය. රදළවරු බ්‍රිතාන්‍යයන් සමග කරන රහස් ගිවිසුම් ආරංචි වීමෙන් ඉතා සුළු සිද්ධියක් පවා මරණීය දඬුවමින් අවසන් කිරීමට රජුට සිදුවිය. එසේ දරුණුවීම රජුගේ පැත්තෙන් ප්‍රකාශ වුයේ, "උඩරට නීතිය මා සෑදු එකක් නොවේ. රාජද්‍රෝහීන්ට හිමි දඬුවම් පැනවීමට ඒ නිසා සිදුවේ." යනුවෙනි. මේ ආකාරයට දෙපිරිස අතර වු හිදැස පිරවු ඉංග්‍රීසීන් ලේ බිඳකුඳු නොසෙල්වා උඩරට පාලනය සියතට ගැනීමට කදිම පසුබිමක් උදාකර ගැනීමේ බලාපොරොත්තු වර්ධනය කරගත්තේ ඒ සඳහා කදිම පුද්ගලයකු ලංකාවට එවීමෙනි.
ජෝන් ඩොයිලි නමින් හැඳින්වු ඔහු ඉතිහාසය උඩු යටිකුරු කරවීමේ ප්‍රධාන භුමිකාව වෙමින් රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට යටත් කරවීමේ බලාපොරොත්තුඳෑඳෑමැනවින් ඉටුකර දුන්නේය. එය ඉටුකළේ උඩරට රදළවරු, භිකෂුන්, ජනතාව මිහිරි බසින් මෙන්ම චාටුවෙන් හිත් දිනා ගැනීමෙනි.
ඩොයිලිගේ පැමිණීම සහ ඔහුගේ උපාය විධි
1774 ජුනි එකොළොස් වැනි දින මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රදේශයේ උපන් ජෝන් ඩොයිලි සහෝදරයන් පස් දෙනකුගෙන් යුත් පවුලක දෙවැන්නා විය. ලුවී නමැති ආච්ඩිකත් දේවගැතිවරයකුගේ පුතෙකු වු ඔහු ළමා වියේ පටන්ම ක්‍රිස්තියානි ආකල්ප යටතේ හැදී වැඩුණා මෙන්ම දෙමාපිය බලපෑම යටතේ වික්ටෝරියානු සමාජයට අනුගත වන ආකාරයට ජීවිතය හැඩගස්වා තිබිණි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Corpus Christi College හි ස්වාභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාව ඉගෙන ගත්තේය. 1802 ලංකාවේ සිවිල් සේවකයකු ලෙස මෙරට බ්‍රිතාන්‍ය පාලන යාන්ත්‍රණය මෙහෙයවීම සඳහා පත්කරනු ලැබු ඔහු ඒ වන විට බ්‍රිතාන්‍යය යටතේ ලංකාවට පත්කර එවු එකොළොස් වැන්නා විය. ඩොයිලිට පෙර පත්කළ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන් අතුරෙන් දෙදෙනෙක් නෙරපා හරිනු ලැබීය. දෙදෙනෙක් මානසික රෝගීන්ය, තවත් දෙදෙනෙක් අඩු වයසින් මියගිය අතර 4 දෙනෙක් ආපසු මවු රටට ගියහ. ඊළඟට පැමිණි ජෝන් ඩොයිලි කෙරේ බ්‍රිතාන්‍යයන් තුළ වුයේ දැඩි බලාපොරොත්තුවක් මෙන්ම දැඩි විශ්වාසයකි. එමෙන්ම ඔහුද බ්‍රිතාන්‍ය අරමුණු ඉටුකර දීම සඳහා මුළු ජීවිතයම කැප කළේය. මේ රාජකාරිය සඳහා ඔහු ලංකාවට පැමිණ මුලින්ම කළේ සිංහල භාෂාව, සිරිත් විරිත් ඉතා හොඳින් ඉගෙන ජනතාව අතරට යමින් ඔවුන්ගේ හැඟීම් හඳුනාගෙන ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීමයි. රදළ නායකයන්ගේත් බෞද්ධ භිකෂුන්වහන්සේලාගේත් අදහස් වලට අනුකුලව යමින් ඔවුන්ද දිනා ගත්තේය.
දකුණු පළාතේ ප්‍රධාන රෙසිඩන්වරයා ලෙස (මාතරට) පත්වීමෙන් පසු භිකෂුන් සමග විශේෂ මිත්‍රත්වයක් ගොඩනගා ගත්තේය. මල්වතු පාර්ශ්වයේ මහා නායක තෙරුන් වහන්සේ, කරතොට ධම්මාරාම හිමි, වේරගම්පිට හිමි යන අය මගින් චතුර ලෙස සිංහල බසත් බුදු දහමත් ඉගෙන ගත්තේය. ගජමන් නෝනා සමග තරගයට කවි කියමින් දේශීය කාව්‍යයන්ට ගරු කරන්නෙකු බව එමගින් පෙන්වා දුනි. රජු කෙරේ කලකිරීමට පත් රදළවරුන්ගේ හිත් දිනාගනිමින් රජු හා රදළවරු අතර පරතරය වඩාත් පුළුල් කරමින් තමා ඇතුළු බ්‍රිතාන්‍ය වර්ගයා රදළයින්ගේ එකම ආරකෂකයා බවට ඒත්තු ගන්වමින්ද ජනතාව ප්‍රිය කරන පරිදි ඔවුන් සමග කුඹුරේ, ඇළේ, දොළේ කල්ගත කරමින් ගැමියන්ගේ නිවෙස්වලට ගොස් සතුටු සාමීචියේ යෙදෙමින් ඔවුන් හා එක්ව බුලත්විට කමින් ප්‍රිය ජනක පුද්ගලයකු බවට ජනතාව අතර ප්‍රචලිත වුයේ "ඩොයිලි උන්නාන්සේ" නමිනි.
දේශීයයන් සමග ළෙන්ගතුකම ඇතිකරගෙන ඔවුන් අතරට ගියේ සිංහල භාෂා දැනුමත් සමග ඔපමටිටම් වු තීකෂණ බුද්ධියත් නිසාය. ඒ නිසාම ඔහු කරගෙන ගිය රහස් චර පුරුෂ සේවාව හා ඔත්තු සේවාව සාර්ථක විය. උඩරට ලබාගැනීමේ දැවැන්ත සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වියදම් කිරීමට පවුම් 1500 ක මුදලක් වෙන්කරගෙන සිටි බවත්, එම මුදල උඩරට සිට පහතරටට පැමිණෙන මුස්ලිම්වරුන්ට ඔත්තු සෙවීමේ කටයුතුවලට ත්‍යාග වශයෙන් ලබාදී ඔවුන් සතුටු කළ බවත් සඳහන්වේ. ඒ සමගම විශේෂයෙන් රජු කෙරේ, කලකිරීමට පත්ව සිටින රදළවරුන්ගේ තොරතුරුද ලබාගනිමින් තමා රදළවරුන්ට පිහිටවන කෙනෙකු බවට ඒත්තු ගැන්වීය. මේ සියල්ල උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍යය කිරුළට ඇද ගන්නා තුරු රහසක් ලෙස තබාගනිමින් ඉතා ප්‍රබල සන්නිවේදන ජාලයක් පිළිවෙළ කරගත්තේය.
පුරා වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ගෙනගිය මෙම රැවටීම ජනතාවට අවබෝධ වීමට වැඩි කලක් ගත නොවීය. රජු පහ කිරීමෙන් පසු එළඹෙන සිද්ධීන් හා අවස්ථා ඊට උදාහරණ වේ. ලබාගත් ඔත්තු සේවාවන් හරහා කරන ලද සැලසුමේ ඊළඟ තීව්‍ර අවස්ථාව උදාවුයේ රජතුමා බ්‍රිතාන්‍යයන් යටත් සිරකරුවකු ලෙස අල්ලා ගැනීමෙනි. 1815 ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනක් පමණ කෙටි කාලයක් තුළ සිදුකළ ඒ ප්‍රයත්න ඩොයිලි සිය දින පොතේ විස්තර කරයි. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා වෙත ලියන ලද ලිපිවල අඩංගු සාරය මෙසේයි. "දැන් මට ලැබී ඇති තොරතුරුවලට අනුව මැද මහනුවර සිට සැතපුම් අටක් පමණ මෙම ස්ථානයට නැගෙනහිරින් අසල්වැසි ගමක රජු සිටිනු ඇතැයි මම ඔබට යටහත් ලෙස දැනුම් දෙමි. අපගේ හමුදාව ඉදිරියට ගෙන යෑමේදී ඔහු දුම්බර නැගෙනහිර පිහිටි මී මොර නම් ගමේ පසුබසින බව සත්‍ය ලෙස වටහා ගතිමි. මෙයින් ඔහුට කඳුරටට පලා යෑමට මාර්ගය පෑදෙන අතර එසේ වුවහොත් ඔහු අල්ලා ගැනීම අපහසු වනු ඇත. එම නිසා මම කණ්ඩායමෙන් කොටසක් වේරගංතොට අසල නවතා මිනිසුන් 80 ක් පමණ මී මුරේට යැවීමි. ඔබට තත්ත්වයේ වෙනස්වීම් දැනුම් දෙමි.... "
(1815 පෙබ. 17 ඩොයිලි බ්‍රවුන්රිග්ට යැවු ලිපිය. ඩොයිලි දිනපොතින්)
1815 පෙබරවාරි 18 දින තවත් ලිපියකින් දන්වා සිටියේ ...."අපගේ හේවායන් පැමිණි බව ආරංචිව රජු මැද මහනුවරින් ඊයේ සවස පලාගොස් ඇති බවයි. ඔහු සැඟවී ඇති තැන අපට දැනගත නොහැකි විය..."
මේ අතර රාජකීය ධාන්‍යාගාර, රජුගේ මුදල් නිධන්කර ඇති ස්ථාන සොයා ඒවා ලබා ගැනීමට තරම් ඩොයිලි අකාරුණික වු බව..."රජුගේ මුදල් ඇති ස්ථාන හෑරීමට පැය කීපයක්ම ආධුනික භටයන් යෙදවීය. අඩි 5 ක් පමණ හෑරීමෙන් මේ ධනය ඇති යැයි කියන ගල් ලෑල්ලට ළඟා වීමට අඩි තුනක් පමණ හෑරිය යුතු යැයි සිතේ. ඒවා නියම ලෙස ලැබු විට මම ඔබට නැවත ලියමි...."
(1815 පෙබ. 15 දින බ්‍රවුන්රිග් වෙත යැවු ලිපිය)
කාලයක් තිස්සේ පිඹුරු පත් සැකසු ඩොයිලිගේ දැවැන්ත ප්‍රයත්නය සාර්ථක වු බව ප්‍රීතියෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා වෙත හෙළිදරව් කළේ මෙසේය.... "අරමුණු කරන ලද පරිදි ඔබගේ බලවත් අභිලාෂය මස්තකප්‍රාප්ත වු බව, ගරු කටයුතු උතුමාණන්ට වාර්තා කර සිටීමට මම හෘදයාංගම තෘප්තියෙන් යුක්ත වන්නෙමි. ඒ මක්නිසාද යත් කන්දේ නුවර රජු දැන් අප අතේ සිරකරුවෙක් වී සිටීමයි. දුම්බර වැසියන් විසින් ඊයේ ඔහු වටකරන ලදී. එසේ කරන ලද්දේ මැද මහනුවර අදිකාරම් විසින් යවන ලද ආයුධ සන්නද්ධ උඩරට වැසියන් සමුහයක් විසිනි. බිසෝවරුන් සමග උඩුපිටිය ආරච්චිගේ ගෙදර සිට කරුවල වැටීමට පැයකට පළමු රජු අල්ලා ගන්නා ලදී. (1815 පෙබ. 19 ඩොයිලිගේ දිනපොතින්)
ඩොයිලි විසින් බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් ඉටුකරන ලද මහඟු සේවය ඇගයීමටද ඔවුන් අමතක කළේ නැත. Geoffrey Powel උඩරට රාජධානිය ලබාගැනීම පිළිබඳ වාර්තා කළේ මෙසේය.... "ඩොයිලි මේ මහඟු යුතුකම ඉතා හොඳින් ඉටුකළේ සංවිධානාත්මක යුද්ධයක ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ සේවයට වඩා විශිෂ්ට ලෙසිනි. එය යුද්ධයකට වඩා සුකෂම ලෙස මැනවින් ඉටු කළේ තමා විසින්ම සකස් කර ගත් සැළසුමක් හරහා තීකෂණ බුද්ධියෙන් හා අධිෂ්ඨාන ශක්තිය මතය..."
බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා වාර්තා කළේ..."ඩොයිලි මගේ දිගුකාලීන රාජකාරි ජීවිතේ මට හමුවු සිවිල් සේවකයන් අතුරෙන් විශ්වාසදායකම සේවකයා. ඔහු විසින් නිහඬව සහ නිවැරදිව කළ විනිශ්චය මගින් උඩරට සියලුම ප්‍රදේශ ඇතුළුව ලංකාවම දැන් බ්‍රිතාන්‍ය කිරුළ යටතට පත්විය..."
ඇහැලේපොල හා මොල්ලිගොඩගේ මැසිවිලි
රජු බ්‍රිතාන්‍යයන්ට අල්ලා දී උඩරට සිහිනය සැබෑ වන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි ඇහැලේපොලට තමා ඇතුළු රදළවරුන් ඉතා වංචාකාරී ලෙස රවටා ඇති බව ඒත්තු ගියේ උඩරටට යන ගමන් මගේදීම, මෙම ප්‍රදේශ දැන් බ්‍රිතාන්‍ය ධජයට යටත් යන ප්‍රකාශ ඇඟයීමෙනි. තමන්ට සිදුවු දේ ගැන ඇහැලේපොලත් මොල්ලිගොඩත් එකිනෙකා වැළඳගෙන හඬන්ට වුහ. (මහාවංශය) රටක් ඉල්ලු කෙනෙකුට ගමක් වත් නොලැබ ගියේය..... ඩොයිලි.... දිනපොතේ සටහන් කළේය..... තවද ඇහැලේපොළ කළ සේවාව වෙනුවෙන් තාරකා පගෝදි කාසි 100 පරිත්‍යාග වශයෙන් යැවීමි. ඔහු ඒවා ප්‍රතිකෙෂ්ප කළේය..."
(1815 පෙබරවාරි 28 දා ඩොයිලිගේ දිනපොත)
මිනිසුන්ගේ සිත් තදින්ම කැළඹී ඇති බවත්, ඔවුන්ට සිංහල නායකයකු නොමැති නම් තමා පාලනයට සෙබළකු හෝ පත්කරන ලෙස කීය. (1815. 03. 03)
1815 ගිවිසුම හා ඉන්පසු
රජු අල්ලා සිරකරුවකු ලෙස වෙල්ලෝරයට යැවීමෙන් අනතුරුව උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරුළට යටත් බවට ප්‍රකාශනය හා 1815 උඩරට ගිවිසුමට අත්සන් කිරීම රාජ්‍යයක අවසානය කියාපාන සංකේතය විය. මේ ගිවිසුම මගින් බුදු දහම ආරකෂා කරදෙන බවටත්, රදළවරුන්ගේ අයිතිවාසිකම් රුකදෙන බවටත් පොරොන්දු ඉටු නොවු බව ගිවිසුම අත්සන් කර වසර තුනක් ඉක්ම යෑමට පෙර භිකෂුන්ට, ජනතාවට හා රදළයන්ට අවබෝධ වීම, 1818 ප්‍රථම බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් අරගලයට මග පාදන ලදී.
ආචාර්ය නන්දනී දමයන්ති කරුණාතිලක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යා අධ්‍යයනාංශය
(දිවයින_09/03/25)
Wednesday, March 25, 2009
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ලිපියට ස්තුතියි.වැදගත් කරුණු ඉගෙන ගත්තා මේ ලිපියෙන්. හැකිද යුද්ධවාදි ලිපි පමණක් පල නොකර වෙනත් වැදගත්කමක් ඇති ලිපි පල කරන්න?
මම මෙහි පළකරන ලිපිවල ස්වභාවය තීරණය කරන්නේ මම නෙමෙයි, සමාජය විසින්. අද සමාජයට බලපාන වැදගත් ප්‍රශ්නය ත්‍රස්තවාදය. එහිදි අප සමාජයක් ලෙස අවබෝධයෙන් සිටිය යුතුයි. ඒ සඳහා මෙහි බොහෝ ඉඩක්වෙන් වෙනවා. මෙහි පළකෙරෙන ලිපි දිවයින, ලක්බිම, රිවිර ආදි පුවත්පත්වලින් ගෙන මගේ කෙටි අදහස් සමග පළකිරීම පමණයි වෙන්නේ. මට හැමදාම පළකරන්න තරම් මෙකී ක්‍ෂේත්‍රය ගැන ලිපි ලියැවෙන බව පැහැදිළියි. මම කරන්නේ වඩා වැදගත් ලිපියක් පළකිරීම විතරයි.
මම වෙනත් පැතිකඩ ගැන ලියන ලිපිත් ඔයාට කියවන්න පුළුවන් සංහිඳට ගොඩවුණොත්. (http://sanhindha.blogspot.com/)
Post a Comment