Friday, March 13, 2009

ජාතිවාදයට තිත

පෙරවදන_මෙරට ඉතිහාසය සහ ද්‍රවිඩ ජාතිවාදයේ උපත පිළිබඳ මැනවින් අධ්‍යයනය කළ විද්වතුන් දුලබ ය. එහෙයින් ඒ දැනුම සමාජගතවී නොමැත. විශේෂයෙන් ද්‍රවිඩ ජාතිවාදය ගැන සමාජයේ ඇත්තේ ඉතා පටු දැනුමෙකි. කලක් තිස්සේ බෙදුම්වාදයට ත්‍රස්තවාදයට ආවඩන උගතුන් මෙන් ම ද්‍රවිඩ ජාතිවාදය සිය දේශපාලන කටගැස්ම කරගත් දේශපාලකයින් මෙම මතවාද මවා පෝෂණය කරතිබේ. ත්‍රස්තවාදය මෙරටින් තුරන් කෙරෙන මේ යුගයේ ඒ පිළිබඳ නිවැරදි දැනුම සමාජගත කළ යුතු ය. එවිට සිංහල දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදයට මෙරට මුඩු බිමක් වනු ඇත. මේ ලිපිය ඊට මුලපිරීමෙකි.

දෙමළ ජාතිවාදයෙන් උපන් ත්‍රස්තවාදය

ශ්‍රී ලංකාවෙන් ඇරඹී ලොව පුරාම ව්‍යාප්ත වු බිහිසුනු ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් වන එල්ටීටීඊ සංවිධානයේ මුල බීජය වනුයේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් සිංහල ජාතිය මරර්දනය කිරීම සඳහා ඇති කරනු ලැබු දෙමළ ජන විඤ්ඤානයයි. පසුව එය සුළු ජාතික විඤ්ඤානය දක්වා ද දෙමළ ජාතිවාදය දක්වා ද වරර්ධනය විය. වාමාංශික හා ලිබරල්වාදී දේශපාලකයන් ස්වකීය සමාජ සාධාරණ ආකල්පය හුවා දැක්වීම සඳහා මෙම සුළු ජාතික විඤ්ඤානය යෙදා ගත් බව පෙනෙයි. එම වැඩපිළිවෙළ ද දෙමළ ජාතික විඤ්ඤානය හා දෙමළ ජාතිවාදය පෝෂණය වීමට හේතු විය. 1931 දී රාජ්‍ය මංත්‍රණ සභාවට පත්කර ගැනීමට එතෙක් ක්‍රියාත්මක වු ජාතිවාදී නියෝජනය අතහැර ස්වරර්ජන ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෙදු අවස්ථාවෙහි පොන්නම්බලම් රාමනාදන්, හා පොන්නම්බලම් අරුනාචලම් යන දෙසොහොයුරෝ මෙම දෙමළ විඤ්ඤානය මත පිහිටා සරර්වජන ඡන්ද ක්‍රමයට එරෙහි වුහ. පසු කාලයේ එස්. ජේ. වී. චෙල්වනායගම් වැනි දේශපාලනකයන් පනහට පනහේ ඉල්ලීම් මෙන්ම ෆෙඩරල් මුවාවෙන් ක්‍රියාත්මක කළ දෙමළ රාජ්‍ය පක්ෂයද දෙමළ ජාතික විඤ්ඤානය හරහා දෙමළ ජාතිවාදය බිහිවීමට හේතුවිය.

දෙමළ ඊළාම් සංකල්පය බිහිවුයේ ද මෙම පදනම මතයි. අමිරර්තලිංගම්, නීලම් තිරුචෙල්වම්, සෞම්‍යමුරර්ති තොණ්ඩමන් වැනි දෙමළ දේශපාලකයන් විසින් මෙම දෙමළ ජාතිවාදය පෝෂණය කොට වරර්ධනය කරන ලදී. ලොව පුරා විසිරී සිටින මිලියන 100 කට ආසන්න දෙමළ ජනයාට වෙනම රටක් හෝ වෙනම රාජ්‍යයක් ලොව කොතැනකවත් නොමැති කමේ අඩුව පිරිමසා ගැනීමේ අරමුණ ද ඉහත දැක්වු දෙමළ දේශපාලකයන් තුළ ක්‍රියාත්මක වී ඇත. ලොව වැඩි පුරම එක් ප්‍රදේශයක දෙමළ ජනයා වාසය කරනුයේ තමිල්නාඩුවෙහිය. ශ්‍රී ලංකාව මෙන් පස් ගුණයක් විශාල වන එහි වෙනම දෙමළ රාජ්‍යයක් බිහි වීමට ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව කිසිසේත්ම ඉඩ නොදෙයි. ඒ බව වටහා ගත් දෙමළ ජාතිවාදී දේශපාලකයන් ශ්‍රී ලංකාවෙහි උතුර හා නැගෙනහිර පළමු කොට දෙමළ රාජ්‍යයක් පිහිටුවා අනතුරුව මුළු ශ්‍රී ලංකාවම ද ඉන්පසු තමිල්නාඩුවද ඊට ඈඳෑගැනීමේ ක්‍රමෝපායන් යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානය බිහි වු බව පෙනෙයි.

1976 දී යාපනයෙහි හිටපු නගරාධිපති දුරෙයි අප්පා මරා දැමීමත් සමගම දෙමළ ජාතික දේශපාලනය ත්‍රස්තවාදයකට පෙරළුණි. එම වැඩපිළිවෙළ මුල දී ක්‍රියාත්මක වු උමා මහේෂ්වරන්, සභාරත්නම්, කුටිටිමනි, කිටිටු වැනි නායකයන් ඝාතනය කිරීමෙන් අනතුරුව එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය පිරබාහරන් නම් වු ත්‍රස්තවාදියාගේ නායකත්වයෙන් මතුවී ආවේය. ඔහු මුල දී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. එයින් මුදල් උපයා ගත් මෙම ත්‍රස්තවාදියා ඇමෙරිකාවට ගොස් (බින්ලාඩන් මෙන්) ගරිල්ලා සටන් ක්‍රම හදාරා ශ්‍රී ලංකාවට පැමිණ දෙමළ ත්‍රස්තවාදි වැඩපිළිවෙළේ නායකත්වය අත්පත්කර ගත්තේය.

දෙමළ ත්‍රස්තවාදීන් අවි ආයුධ සන්නද්ධව ක්‍රියාත්මක වු අතර එම වැඩපිළිවෙළේම දේශපාලන මුහුණුවර ටී.එන්.ඒ. නමින් ක්‍රියාත්මක විය. ඔවුහු ශ්‍රී ලංකා පාරර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස ත්‍රස්තවාදී ක්‍රියාදාමයට අදාළව වෙනත් දේශපාලනමය සහයෝග ලබාදී ඇත. එල්ටීටීඊ ත්‍රස්තවාදයේ ජාත්‍යන්තර පැතිකඩ වනුයේ ටී. ආරර්. ඕ. සංවිධානයයි. අවි ආයුධ මිල දී ගැනීම ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට මුදල් උපයා දීම එහි ප්‍රධානම කාරර්යය වී ඇත. "ටැමිල් නෙටි" වෙබ් අඩවිය එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රචාරක ජාලයයි. මෙම දෙමළ ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද විවිධ මුහුණු වරින් ක්‍රියාත්මක වී ඇත.

කිසියම් රටක මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහි වු විට එරට රාජ්‍ය තන්ත්‍රය විසින් කළ යුතු වනුයේ ඔවුන් මරර්දනය කරලීමයි. රජයකට ආයුධ සන්නද්ධ ආරක්ෂක සේනා සිටිනුයේ බාහිර සතුරන් මෙන්ම තම රට තුළින්ම බිහිවෙන සතුරු බලවේග මරර්දනය කරලීමටයි. එහෙත් ශ්‍රී ලංකා රාජ්‍ය ත්න්ත්‍රය මගින් එය නිසියාකාරව ක්‍රියාත්මක වි නොමැත. 1977:94 එක්සත් ජාතික පාක්ෂික රාජ්‍ය තන්ත්‍රය ත්‍රස්තවාදයට එරෙහිව යැයි කියමින් වට මේස කතා සරර්ව පාක්ෂික සමුළු හා තිම්පු සාකච්ඡා වැනි ජාත්‍යන්තර සමුළුද පැවැත්වු නමුදු ඒවා පැවැත්වෙන අතර දෙමළ ත්‍රස්තවාදීන් තම යුද ශක්තිය වැඩි කර ගත් බව පෙනෙයි. 1987 දී ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව ක්‍රියාත්මක කළ පළාත් සභා ක්‍රමය ද උතුර හා නැගෙනහිර නැති ප්‍රශ්නයකට (ජනවරර්ග අරගලයට) විසඳුම් වශයෙන් ක්‍රියාත්මක කළ නමුත් එයින් ද පළක් නොවිණි. එම පළාත් සභා ක්‍රමය ද උතුර හා නැගෙනහිර මහ ඇමැති ධුරයට පත් වරර්ධරාජා පෙරුමාල් ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට පදනමක් කර ගත් බැවින් ජනාධිපති ජේ. ආරර්. ජයවරර්ධන විසින් එම පළාත් සභාව විසුරුවා හරින ලදී.

මෙම අසාරර්ථක විසඳුම් ක්‍රියාත්මක වෙද්දී දෙමළ ත්‍රස්තවාදීන් උතුර හා නැගෙනහිර සිංහල හා මුස්ලිම් ගම්මානවලට වැදී දස දහස් ගණන් අහිංසක ජනතාව මරා දැමු අතර නිසි දේශපාලන නායකත්වයක් හා ත්‍රස්තවාදයට එරෙහිව පැහැදිලි අණක් ක්‍රියාත්මක නොවීම නිසා පුනරීන්, මුලතිව් වැනි කඳවුරු පිටින්ම ද ආරක්ෂක හමුදාව ත්‍රස්තවාදීන්ට බිලිවිය. වඩමාරච්චි සටනින් අවසන් කර ලීමට තිබු ත්‍රස්තවාදය එසේ නොවී වරර්ධනය වුයේ ජාත්‍යන්තර බලපෑම්වලට වඩා අපේ රටේ පාලකයන්ගේ වරදින් බව කිවයුතුය. 1973 සිට පාසල් තුළින් ඉතිහාසය නොදත් පුරවැසි පිරිසක් බිහිවීම හා දේශපාලකයන්ට හා උගතුන්ට ද ජාතික දේශපාලන මතවාදක් නොතිබීම ද දෙමළ ජාතිවාදයට උපකාර කළ බටහිර රටවල අදහස්වලට පාලකයන් අනුගත වීම ද වසර 30 ක් තරම් කාලයක් තිස්සේ ත්‍රස්තවාදය මරර්දනය නොවී වරර්ධනය වීමට හේතුවිය.

ජනවාරර්ගික අරර්බුදයක් හෝ සමාජ අසාධාරණයක් නොව දෙමළ ජාතිවාදය මත පදනම් වු වෙනම දෙමළ රාජ්‍යයක් බිහිකර ගැනීමෙ අරමුණින් ක්‍රියාත්මක වු ත්‍රස්තවාදයට විසඳුම වුයේ අවි බලයෙන් ඔවුන් මරර්දනය කිරීමයි. එසේ නොකළ මොහොතක් පාසා දෙමළ ජනයා ද එම ත්‍රස්තවාදයට ඈඳා ගනිමින් හෝ ඔවුන් බිය ගන්වා හෝ එම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වී ඇත. "ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය" යන කියමන අරර්ථවත් කළ මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් එතුමා දේශීය වු ජාතික මතවාදයක් මත පිහිටා ක්‍රියා කිරීමත් බටහිර රටවල බහට නොනැමීමත් නිසා ලොව පුරා දැවැන්ත ප්‍රතිරුපයක් ගොඩ නගා ගෙන තිබුණු එල්ටීටීඊ ත්‍රස්තවාදී ජාලය මේ වන විට සිඳබිඳ දැමීමට සමත් වී ඇත. එම දේශපාලන නායකත්වය මව්බිම රුක ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වු රණවිරුවන්ට මහා ශක්තියක් හා ආශීරර්වාදයක් වී ඇත.

මේ වන විට එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලතිව් ප්‍රදේශයේ වරර්ග කිලෝමීටරර් 50 කට අඩු ප්‍රදේශයකට සීමා වී ඇතත් ඔවුන්ට ශක්තියක්ව පැවති සම්බන්ධතා ජාලය විනාශ වී ඇතැයි කිව නොහැක. ඔවුන්ගේ ත්‍රස්තවාදි ක්‍රියා රටේ තැන් තැන්වල ක්‍රියාත්මක වන බවද පෙනෙයි. යාළ කැලෑ ප්‍රදේශය ආශ්‍රිතව සැඟවී සිටින ඔවුහු වරින් වර මිනිස් ඝාතන කරති. උතුරෙ\ ත්‍රස්තවාදීන් මරර්දනය කළ පසු එවැනි කණ්ඩායම් මරර්දනය කිරීමට ද උපාය මාරර්ග යෙදිය යුතුය. ඒ සමගම දෙමළ ජාතිවාදී දේශපාලනයටද තිත තැබීම අවශ්‍ය වෙයි. සමාජ අසාධරණයක් වේ නම් එය මේ රට තුළ ජීවත් වන සියලු දෙනාටම මිස දෙමළ ජනයාට කියා වෙනම අසාධාරණයක් වී නොමැත. එම පොදු සමාජ අසාධාරණයට හේතු සොයා බලා ඒවාට පිළියම් යෙදීමෙන් මෙන්ම ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදීමෙන් ද දෙමළ ජාතිවාදය අවසන් කළ හැකිය.

සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් කිසිදු ජනකොටසකට භුමි ප්‍රදේශ වෙන් කර ගැනීමට ඉඩ නොදීම රාජ්‍ය තන්ත්‍රයේ වගකීමයි. උතුරෙ\ ක්‍රියාත්මක වන "තේෂවලාමෙයි" වැනි නීති අවසන් කර ලීමට කාලය පැමිණ ඇත. මුස්ලිම් අන්තවාදීන්ගේ භුමිය අත්පත් කර ගැනීමේ උපක්‍රම ද හඳුනා ගෙන ඊට ද තිත තැබිය යුතුය. දිවයින පුරා ආක්‍රමණශීලීව නොව අන්‍යෝන්‍ය සුහදත්වයෙන් යුතුව ඕනෑම ජනකොටසකට ඕනෑම තැනක ජීවත් වීම රුකියා කිරීම සඳහා ඉඩකඩ සලසා දිය යුතුය. බලය බෙදීමේ ක්‍රමයක් නොව පරිපාලනය විමධ්‍ය ගත කර ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය බව පිළිගත යුතු අතර පුද්ගල සමානාත්මතාව සියලු දෙනා විසින් පිළිගත යුතුය. මෙවැනි ක්‍රියාදාමයකින් හැර ඊනියා බලය බෙදීමේ හෝ දෙමළ මුස්ලිම් සුළු ජාතිකයන් ලෙස සලකා ඔවුන්ට වරප්‍රසාද හිමි කර දීමෙන් හෝ රටේ පවතින ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ලබා දිය නොහැකි බව දේශපාලකයන් මෙන්ම උගතුන් හා බුද්ධිමතුන් ද වටහා ගත යුතුය.

බෙංගමුවේ නාලක හිමි
(දිවයින_09/03/14)

5 comments:

Wasana Pathirana said...

දෙමල ජාතිවාදයට මුල් වුනේ සිංහල ජාතිවාදයයි. දැන් යුද්ධ කරලා භූමිය අල්ලගත්තාට මේ ජාතිවාදය නැති කලේ නැතිනම් තිරසාර විසඳුමක් වෙන්නේ නැහැ. සිංහල ජාතිය මහ ජාතිය විදිහට ("මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය බව පිළිගත යුතු අතර") පාරම් බාන එක තමයි ජාතිවාදයට මුල.

"සමාජ අසාධරණයක් වේ නම් එය මේ රට තුළ ජීවත් වන සියලු දෙනාටම මිස දෙමළ ජනයාට කියා වෙනම අසාධාරණයක් වී නොමැත."
මොන බොරුද. දෙමල මනුස්සයෙකුට නිදහසේ පාරේ යන්නවත් පුලුවන්ද. යන යන තැනක පොලිස් රිපෝට් එකක් අරං යන්න ඕනේ, හැම දෙනාම බලන්නේ ත්‍රස්තවාදියෙක් දිහා බලන විදිහට සැකෙන්.

අර එකෙක් සිංහල රාජ්ය භාෂාව කරන්න හැදුවානේ! ඒක තමයි මේ ඔක්කොටම මුල...

නාමල් උඩලමත්ත said...

අහෝ! වාසනා, අවාසනාවට ඔබ මතු කළ සියලු කරුණුවලට අප මීට පෙර නොයෙක් වර පිළිතුරු සපයා ඇත. එහෙයින් ඔබට දීමට අලුත් පිළිතුරු නැත. කෙසේ වුවත් මේ ඔබ අතින් ලියැවෙන්නේ 2005 මේ රටේ ජනතාව විසින් පරාජය කළ කසිකබල් මතවාදයේ අවතාර කැබලි විනා අන් කිසිවක් නොවේ. දෙමළ ජාතිවාදයට මුල් වුණේ සිංහල ජාතිවාදය කියන එක තරම් බොරුවක් ලොවෙත් නෑ. එහෙම කියනවා නම් දින වකවානු සහිත ව කිව යුතුයි මෙන්න මෙදා තමා සිංහල ජාතිවාදය ඇති වුණේ. මෙන්න ඊට පස්සේ දෙමළ ජාතිවාදය ඇති වුණා කියලා.

යුද්දෙන් භූමිය අල්ලනවා වගේ ම එහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුයි. එය නැගෙනහිර කළා. එහි යම් යම් අඩුපාඩු තිබුණා. ඒවා කාලයත් සමග නිවැරදි වෙයි. ඒ සමග ම බෙදුම්වාදය ජාතිවාදය නැතිවෙනවා. ජාතිවාදය කියන්නේ රටෙන් කෑලි වෙන ම ඉල්ලීම මිස සියලු දෙනා සමගියෙන් එක ම රටේ වාසය කළ යුතුයි කියන එක නෙමේ කියල හොඳට හිතට ගත යුතුයි.

සිංහල ජාතිවාදය මෙරට ප්‍රධාන ජාතිය ලෙස පැවසීම පාරම්බෑමක් වන්නේ කෙසේ ද? එහි කිසිදු අතිශ්‍යෝක්තියක් වැඩියෙන් කීමක් නැත. ඉන්දියාවේ ප්‍රධාන ජාතිය හින්දුවරු ය. පකිස්ථානයේ මුස්ලිම්වරු ය. එසේ නම් ලංකාවේ ප්‍රධාන ජාතිය සිංහලයයි කීමේ කවර අරුමයක් ද? එය පාරම්බෑමක් නොවන නිසා ජාතිවාදයට මුල ඒයයි කියන්නේ කෙසේ ද? අපේ රටේ ඇතැම්හු සිය හීනමානය සහ තවත් හේතු නිසා එය නොපිළිගැනීම තමා නියම ජාතිවාදය.
ඉන්දියාවේ හින්දු සංස්කෘතිය, පකිස්ථානයේ මුස්ලිම් සංස්කෘතිය, ඇමරිකාවේ ක්‍රිස්තියානි සංස්කෘතිය තමා ප්‍රධාන සංස්කෘතීන් වෙන්නේ. ඒ නිසයි ඔබාමා බයිබලය අතේ තියාගෙන ජනපති ධුරය සඳහා දිව්රන්නේ. ඔබාමට ඒකට අයිතියක් තියෙනව ද? එතකොට සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් විනාශවෙන්නේ නැද්ද? ඔව් තියෙනවා. ඒ රටේ ප්‍රධාන සංස්කෘතිය ක්‍රිස්තියානි නිසා. ඒක සුළු ජාතීන් පිළිගන්නවා.

එහෙම නම් අපේ රටේ සංස්කෘතිය බෞද්ධ කීමේ ඇති අන්තවාදය කුමක් ද? වසර 2500ක් තිස්සේ මෙරට සංස්කෘතිය ගොඩනැඟුනේ බෞද්ධ දහම පදනම් කරගෙන. එය අදත් එහෙමයි හෙටත් එහෙමයි. කවුරුහරි පිළිනොගත්තා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. 50.4% මැලේවරු ඉන්න මලයාසියාවේ සංස්කෘතිය මුස්ලිම් නම් 74% සිංහලයින් ඉන්න රටේ සංස්කෘතිය සිංහල බෞද්ධ කීම ද ජාතිවාදය එසේ නොවෙතැයි කීම ද?

වාසනා, යමක් කියන විට මනා සිහි බුද්ධියෙන් යුතු ව කීම හොඳයි. අද දෙමළ අයට විතරක් නෙමේ සිංහල මුස්ලිම් අයටත් ප්‍රශ්න තියෙනවා. ඒ ත්‍රස්තවාදය නිසා. කොටි බහුතරය දෙමළ නිසා දෙමළ අයට අන් අයට වඩා ගැටළු වැඩියි. ඒක සිංහල ජාතිවාදය නිසා නෙමෙයි දෙමළ ජාතිවාදය නිසයි ඇති වුණේ. 9/11 ප්‍රහාරයට පස්සේ ඇමරිකාවේ යුරෝපයේ අහිංසක මුස්ලිම්වරුන්ට නොයෙක් කරදරවලට ලක්වෙන්න සිද්ධ වුණා. ඒ ත්‍රස්තවාදීන් මුස්ලිම් නිසා. ඒකට මුල, ත්‍රස්තවාදීන් අන්තවාදී ජාතිවාදී විම ද? ඇමරිකානුවෝ යුරෝපාකාරයෝ ජාතිවාදී නිසා ද?

සිංහල රාජ්‍ය භාෂාව කිරීම සම්බන්ධ ගැටළු අපටත් තියෙනවා. ඒ කොහොම වුණත් සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ ජාතිවාදය බිහිවුණා නම් ඒක ඊට පස්සේ වෙන්න ඕන. නමුත් දෙමළ ජාතිවාද ඊට කලින් බිහි වුණේ. අනෙක සිංහල රාජ්‍ය භාෂාව කළේ දෙමළට විරුද්ධව නෙමෙ, ඉංගිරිසි ආධිපත්‍යට විරුද්ධව. ඒ වගේ ම 74%ක් වන සිංහලයින්ගේ බස රාජ්‍ය භාෂාව කිරීම 12%ක් වන දෙමළ අයගේ අයිතිවාසිකම් කඩකිරීමක් වන්නේ කොහොම ද? අනෙක ලංකාව වගේ 6 ගුණයක් විශාල ලෝකයේ විශාලතම දෙමළ ජනගහනය සහිත තමිල්නාඩුව අයිති ඉන්දියාවේ දෙමළ රාජ්‍ය භාෂාවක් ද? සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ ජාතිවාදය බිහිවුණා නම් දෙමළ රාජ්‍ය භාෂාව කිරීමත් සමග සියලු ප්‍රශ්න නිරාකරණය විය යුතුයි. එහෙම වුණා ද?

2005 වන තුරු මෙරට ආධිපත්‍ය දැරූ ඔබ පුනරුච්චාරණය කරන කසිකබල් මතවාද නිසා රට අගාධයේ පතුළට ගියේ ය. අද ඒ මතවාද වෙනුවට නියම මතවාදය මතු වී තිබේ. එහි ප්‍රතිඵල නොබෝ කලෙකින් රටට ලැබෙනු ඇත.

Wasana Pathirana said...

"එය නැගෙනහිර කළා. එහි යම් යම් අඩුපාඩු තිබුණා. ඒවා කාලයත් සමග නිවැරදි වෙයි."
කාලයත් සමඟ නිවැරදි වෙයිද, නැතිනම් තවත් නරක අතට හැරෙයිද?

ලංකාවේ දෙමල ජනතාව එක්තරා හීන මානයකින් පෙලෙනවා ඔවුන් දෙමල නිසා සමාජයෙන් සිදුවන වෙනස්කම් ඉදිරියේ. මෙම හීන මානය ඇතුලාන්තයෙන් වෛරයක් බවට පෙරලෙනවා. අපේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා සමාජය ඔවුන්ට "සමානාත්මතාවයෙන්" සලකන්නේ නැතිනම් ඔය කියන සංස්කෘතිය මොන බම්බුවකටද?

අපි කොටියා යයි හඳුන්වන්නේ තුවක්කුවක් ගේ‍රනේඩයක් අතින් ගත්. ක්ලේමෝවක් බැඳගත් ත්‍රස්තවාදියාටයි. යුද්ධයෙන් අප මරා දමන්නේ ඒ මට්ටමට වෙනස් වූ අය. නමුත් තවමත් ඒ මට්ටමට වෙනස් නොවූ නමුත් ඊලාම් මතවාදය හිස තුල ඇති අය දෙමල ජනතාව අතර සිටිය හැකියි. ඔවුන්ට සිදු වන අසාධාරන කම් ඉදිරියේ කවදා හෝ ඔවුනුත් තුවක්කුවක් ගේ‍රනේඩයක් අතට ගත්තොත් ඔබ මොකද කියන්නේ. ඔවුන් ඒ මට්ටමට වෙනස් වන්නේ යම්කිසි පීඩනයක් යටතේ. ඔවුන්ට පැටවෙන ඒ පීඩනයට අපිත් වග කිව යුතුයි. තුවක්කුවක් අතට නොගත් එහෙත් ඊලාම් මතවාදය හිස තුල ඇත්තන් ඔබ කොහොමද හඳුනා ගන්නේ. මතවාදයක් පරාජය කිරීම භූමිය අල්ලා ගැනීමට වඩා දහස් ගුනයක් අපහසුයි. ඒ සඳහා අපට "සමානාත්මතාවය" නම් ගුනාංගය පුරුදු පුහුනු කල යුතුයි.

"සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ ජාතිවාදය බිහිවුණා නම් දෙමළ රාජ්‍ය භාෂාව කිරීමත් සමග සියලු ප්‍රශ්න නිරාකරණය විය යුතුයි."
ප්‍රශ්නයට හේතුව එය වුනාට හේතුව නැති කල "සැනින්" ගැටලුව නැති වන්නේ නැහැ. බෙල්ල කැපුවාම මැරුනා නම් බෙල්ල හයි කලාම පන එනවාද?

නාමල් උඩලමත්ත said...

වාසනා, ඔබ මා විසින් ඔබේ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරුවලට ප්‍රතිඋත්තර බඳිනු වෙනුනට දැන් වෙනත් ප්‍රශ්න මතුකර ඇත. ජාතිවාදය, දෙමළ ජනතාවට පාරේ යාමට නොහැකි වීම, සංස්කෘතිය ගැන මා ලියූ හිතාමතා මගහැරියේ ඇයි?

නැගෙනහිර පාලනයේ ඇති යම් යම් අඩුපාඩු කාලයත් සමග නිවැරදි වේද නොවේ ද යන්න අනාගතයේ බලාගත හැකි ය. කලක් තම පංතියට අසාධාණයක් වී යයි විප්ලවයෙන් රට අල්ලන්න ගිය දකුණේ තරුණයෝ දැන් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස සිටිති. දැන් ඔවුන් විප්ලව කරන්නේ නැත. එහෙයින් නැගෙනහිර පමණක් නොව යාපනය ඇතුලු උතුර දෙස ද අපි සුබවාදීව බලා සිටිමු.

මෙරට සංස්කෘතිය දෙමළ මුස්ලිම් ජනතාවට පමණක් නොව සතා සිව්පාවට ද ගහ කොළට ද නිසි තැන දෙමින් ගොඩනැඟුනකි. දෙමළ ජනතාව තුළ ඇත්තේ ඔබ කියන ආකාරයේ හීනමායක් නොව යටත්විජිතවාදීන් විසින් ඔවුන් තුළට පොම්ප කළ විෂබීජවල අවශේෂ ය. සියලු ජාතීන් එක් ව සුද්දාට එරෙහිව එන විට සුද්දා කළේ උපක්‍රමික ලෙස අප අතර බේද ඇති කිරීම ය. ඒ සඳහා ඔවුන් අනුගමනය කළ එක් ක්‍රමයක් නම් ද්‍රවිඩයින්ට විශේෂයෙන් සැලකීම ය. සුද්දා එදා ලබා දුන් විශේෂ වරප්‍රසාද අද අප ද ලබා දිය යුතු යයි ඔවුහු සිතති. 50/50 ඉල්ලීම් ආදිය ඒ සඳහා නිදසුන් ය. එහෙත් සිංහල ජනතාව ඔවුන්ට සමානාත්මතාවෙන් සැලකීමට හැම විට ම සුදනාම් ය. එහෙත් සුද්දා සිටි දවස අද අතර භේද වවන්නට විසි කළ ඊනියා වරප්‍රසාද නම් විෂබීජ අද ඉල්ලීම ප්‍රායෝගික නැත.

ඔබ පවසන්නේ සිංහලයා අතින් දෙමළ අයට සිදු වූ කවර අසාධරණයක් ගැන ද? නිදසුන් සපයන්න. දිගින් දිගට ම සිදුවන ආසාධාරණවලට ද නිදසුන් සපයන්න. විවිධ රටවල විවිධ කොටස් තමාට පමණක් අයිති යයි සිතා සිතන පිරිස් ලොව පුරා සිටිති. ඉන්දියාවේ එවන් සංවිධාන විශාල ප්‍රමාණයක් ඇත. ඒ රටවල ආණ්ඩුවලට ඇතැමුන්ගේ බෙදුම්වාදී අදහස් වෙනස් කළ නොහැකි වුව ද රටේ ආරක්ෂාවට හමුදාවක් ඇත. ඒ බාහිර මෙන් ම අභ්‍යන්තර සතුරන්ගෙන් රටට එල්ල වන තර්ජනවලට පිළිතුරුදීමට ය. ලංකාවේ ද ඒ සඳහා සුපිරි හමුදාවක් ඇත. කලෙක උඩරට තමන්ට වෙන ම රටක් තිබිය යුතු යයි සිතූ උඩරට සිංහලයෝ සිටිය හ. ඊට පසු හකීම් නැගෙනහිර රජවීමට සිතුවේ ය. ඒ සියලු බෙදුම්වාද පැරදිණි. කොයි මොහොතක හෝ ඊළම් මිනී පෙට්ටියේ අවසාන ඇනය ද විරෝදාර ලංකා හමුදාව ගසනු ඇත. එහෙයින් ඊළම ගැන හීන හතක් දකින උන් ගැන සිතන්නට මට උවමනාවක් නැත. උන් සිතන විදියෙන් ද මට පලක් නැත. මේ රටේ කිසිදු බෙදුම්වාදයකට ඉඩක් ද නැත. එය ඉතිහාසය යළි යළිත් සනාථ කරයි.

සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ ජාතිවාදය බිහි වුණේ යයි කීම ලොව අංක එකේ විහිළුවකි. ඒ ඊට කලින් දෙමළ රාජ්‍ය පක්ෂය නමින් පක්ෂයක් ද මෙරට බිහි වීම ඊට කදිම නිදසුනකි.

"ප්‍රශ්නයට හේතුව එය වුනාට හේතුව නැති කල "සැනින්" ගැටලුව නැති වන්නේ නැහැ. බෙල්ල කැපුවාම මැරුනා නම් බෙල්ල හයි කලාම පන එනවාද?"

ඔබේ දුප්පත් කුතර්කය කෙසේ වෙතත් හේතුව නැති කළ කල්හි ඵලය අහෝසි වෙතැයි බුදු රදුන් දෙසූ සේක. ඒ අනුව දෙමළ රාජ්‍ය භාෂාව කළ වහා සියලු ප්‍රශ්න නිරාකරණය විය යුතුයි. එහෙත් එසේ වූයේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව හේතුව එය නොවන නිසා ය. හේතුව එය නම් බුද්ධ වචනය අනුව ඵලය අහෝසි විය යුතුම ය. වැරදුණේ බුදුන්ට ද? වාසනාට ද? නෑ නෑ වාසනාට නෙමෙයි බෙදුම්වාදය වෙනුවෙන් මේ අදහස් පෝෂණය කරල වාසානලාට කොටියට බුමුතුරුණු එලන අයට සීමාවෙන් පිට ඉදන් කොටියට කඩේ යන රටට ආගමට ගරහන එවුන්ට පංගාර්කු කළ එවුන්ට ද?

අනෙක් අතට බෙල්ල කැපුව ම පණ නොඑන බැවින් දැන් මේ සඳහා කිසිදු පිළිතුරක් නැත. ඔබ කියන්නේ ඊට විසඳුම් නැති බව ද? ඔබ මේ සඳහා යෝජනා කරන විසඳුම් මොනවා ද? ජාතිවාදය සංස්තෘතිය ගැන මා මතු කළ නොසකා හැරියේ ඔබේ කුතර්ත නිශේධනය වන හෙයින් ද? ද්‍රවිඩ ජනතාවට අසමානව සැලකුවා වැනි කිසිදු පදනමක් නැති බලිලා නොගසා සාකච්ඡාවට ගතයුතු වැදගත් යමක් වේ නම් වහා ලියන්න.

නාමල් උඩලමත්ත said...

වාසනා, ඔබ විසින් මෙහිදී මතු කළ ජාතිවාදය, බහු සංස්කෘතිය, සමානාත්මතාව ගැන මම මීට පෙරත් සංහිඳේ ලියුවා. වැඩි විස්තර සඳහා මේ URLවලට යන්න.
http://sanhindha.blogspot.com/2008/04/blog-post.html
http://sanhindha.blogspot.com/2008/04/blog-post_08.html
http://sanhindha.blogspot.com/2008/10/blog-post.html
http://sanhindha.blogspot.com/2008/03/blog-post_18.html

 
සිය රට දේ සිරි සැප දේ !