Wednesday, February 25, 2009

ඉන්දියාව ඇත්තටම (අ)වංක ද?

කලකට පසු නැවත වතාවක් ඉන්දියාවේ අවංක භාවය පිළිබඳව ප්‍රශ්න කිරීමේ අවස්ථාව අප අභිමුව තිබේ. එයට හේතුව මෙයට සති කිහිපයකට පෙර කොටි සංවිධානයට බැණ වදිමින් ශ්‍රී ලංකාවේ යුදමය ක්‍රියාමාර්ගයට පකෂව කතා කළ ඉන්දියානු විදේශ ඇමැති ප්‍රනාබ් මුඛර්ජි මීට දින කිහිපයකට පෙර දේශපාලන විසඳුමකට එන ලෙස හදිසියේ ම ශ්‍රී ලංකාවට යෝජනා කිරීමට පටන් ගැනීම ය. දේශපාලන විසඳුම යන්නෙහි අනෙක් තේරුම යුදමය ක්‍රියා මාර්ගයට ඉන්දියාව හදිසියේ විරුද්ධ වීමට අදිටන් කරගෙන ඇති බව ය.

තම අසල්වැසි රටේ, තමන්ට ද දායකත්වයක් ඇති, ජීවිත ලකෂ ගණනක් විනාශ කළ අර්බුදයක් සම්බන්ධයෙන් සති දෙකෙන් දෙකට තම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඉන්දියාවට හැකි නම් එය ඉතා භයානක තත්ත්වයකි. ඒ අනුව මෙයට සති දෙකකට පෙර කොටි සංවිධානයට දෙස් නගමින් යුද්ධයට පකෂව කතා කළේ සැබෑ ප්‍රනාබ් මුඛර්ජි නොව වෙස් වළාගත් ප්‍රනාබ් මුඛර්ජි කෙනකු විය යුතු ය. නැතහොත් මෙයට දින කිහිපයකට පෙර යුද්ධයට විරුද්ධ වෙමින් දේශපාලන විසඳුමකට යන ලෙස කියමින් කොටින්ට පකෂව කතා කළේ සැබෑ ප්‍රනාබ් මුඛර්ජි නොව ඔහු මෙන් වෙස් වළාගත් වෙනත් පුද්ගලයකු විය යුතු ය. අප මෙසේ කියන්නේ ප්‍රනාබ් මුඛර්ජි මහතා සම්බන්ධයෙන් පකිස්තානයට ඇති අත්දැකීමක් ආශ්‍රයෙනි.

පසුගිය මුම්බායි ප්‍රහාරයේදී පාකිස්තානය එයට වගකිවයුතු බවට ඉන්දියානු රජය චෝදනා කිරීමෙන් පසු නවදිල්ලියේ විදේශ අමාත්‍යාංශයෙන් පාකිස්තානයේ ජනාධිපති අසීෆ් අලි සර්දාරිට දුරකථන ඇමතුමක් ලැබුණේ ය. ප්‍රනාබ් මුඛර්ජිගේ කටහඬින් පැමිණි එම ඇමතුමෙන් කියවුණේ මුම්බායි ප්‍රහාරයට පකිස්තානය වගකිවයුතු නිසා පහරකෑමට සුදානම් වන ලෙස ය. මේ ඇමතුම ලැබුණ සැනින් පාකිස්තාන ගුවන් හමුදාව අහස්ගත කරන ලදී. ඉන්දු පකිස්තාන දේශ සීමාව දිගේ පාකිස්තාන හමුදාව කඳවුරු බන්දවන ලදී. ඒ අතර අසීෆ් සර්දාරි ජනාධිපතිතුමා එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් වු කොන්ඩොලීසා රයිස් මහත්මියට දුරකථනයෙන් කතා කර ඉන්දියාවේ තර්ජනය පිළිබඳව කියා ඇත. රයිස් මහත්මිය වහා ඉන්දියාවට කතා කළ අතර එයට උත්තර වශයෙන් ප්‍රනාබ් මුඛර්ජි පවසා ඇත්තේ තමන් එවැනි ඇමතුමක් කිසි ලෙසකින්වත් නොදුන් බවත් අඩු ගණනේ නවදිල්ලියේ සිටියේවත් නැති බවත් ය. එසේ නම් මුඛර්ජි වෙනුවෙන් වෙනත් අයෙක් ඔහුගේ හඬින් දුරකථන ඇමතුම දී තිබේ. ඒ අනුව ඉන්දියාවේ ප්‍රනාබ් මුඛර්ජිලා දෙදෙනෙක් සිටිති. ඒ දෙදෙනාගෙන් ව්‍යාජ මුඛර්ජි වහා හඳුනාගත යුතු ය.

දැනට පවත්නා අර්බුදයට දේශපාලන විසඳුමක් දීමට රජය ස්ථිර වශයෙන් ම බැඳී සිටී. නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී ප්‍රශ්නය යුද්ධයෙන් විසඳා රජය ඉන්දියාව විසින් යෝජනා කළ 13 වැනි සංශෝධනය හෙවත් පළාත් සභාවක් දැන් එහි පිහිටුවා ඇත. උතුර සම්බන්ධයෙන් ද මෙයම ක්‍රියාත්මක වනවා ඇත. එයින් එහා දේශපාලන විසඳුම කුමක්ද? දැනට මාරයා ඉදිරියේ සිටින ප්‍රභාකරන් නැවත වරක් බේරා ගැනීමට ඉන්දියාවට අවශ්‍යව තිබේද? එසේ බේරාගෙන නැවත වතාවක් ඔහු සන්නද්ධ කර ශ්‍රී ලංකාවේ නිත්‍යානුකුල රජයට විරුද්ධව, අවශ්‍ය අවස්ථාවේදී පාවිච්චි කිරීමට ඉන්දියාව සුදානම් වන්නේද?

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ ඒකීයත්වයට විරුද්ධව ඉන්දියාව නිතර කටයුතු කර තිබේ. ප්‍රභාකරන් යනු ඉන්දියාවේ දායකත්වයෙන් තමිල්නාඩුවේදී හා යාපනයේදී කෙරුණු භයානක නිර්මාණයකි. ඉන්දියාවේ අවංකභාවය පිළිබඳව නැවත වතාවක් මේ රටේ ජනයා තුළ සැක පහළ වෙමින් පවතී. අලුත්ම සැකය වන්නේ ප්‍රභාකරන් ගේ මරණයෙන් පසු ඒ තැනට වෙන කෙනකු ගෙන ඒමට ඉන්දියාව කටයුතු කරනු ඇද්ද යන්න ය.
(දිවයින_09/02/26)

පසු වදන_
මේ රටේ ත්‍රස්ත අර්බුදයේ උණුසුම එසැනින් දැනෙන වෙන රටක් වේ නම් ඒ ඉන්දියාව ය. ඒ නිසා ම ඔවුන්ගේ දේශපාලන ආස්ථානය අපට ඉතා ම වැදගත් ය. තමන් ද වගකිව යුතු අර්බුදයක් ගැන කටුසු ව්‍රතය අනුගමනය කිරීම ඉන්දියාවට තරම් නොවේ. මුම්බායි ප්‍රහාරයේ උණුසුම මැකී යන්නටත් පළමුව ත්‍රස්තවාදයට හිතකර ප්‍රකාශ නිකුත් කිරීම සැබවින් ම කනගාටුදායක ය. මේ හදිසි දෝලනයට හේතුව කුමක් ද? තමිල්නාඩු බෙදුම්වාදීන්ගේ සහ කොටි හිතවාදීන්ගේ බලපෑම ද? තම දැවැන්ත හමුදාවට පවා පහර පිට පහර දුන් කොටි රැළට මේ කුඩා රටේ හමුදාව ඉල ඇට කැඩෙන්න පහර දීම ඔවුන් සිය අභිමානයට වන කැළලක් ලෙස සැලකීම ද?

මින් කාරණාව හමුවේ ඔවුන් සසල වීම ඉන්දියාවේ පැවැත්ම ද අනතුරේ හෙළාගැනීමකි. එය බෙදුම්වාදය සුරතල් කිරීමේ, සමහන් කිරීමේ මෝඩ උපක්‍රමයකි. කාරණාව දෙවැන්න වීමට බොහෝ ඉඩ තිබේ. ඔවුන්ගේ හමුදා සහ අපේ හමුදා අතර වෙනස මුම්බායි ප්‍රහාරයේදී එම හමුදාව මෙහෙයුම් සහ මෙරට අදත් සිදුවන හමුදා මෙහෙයුම් සැසඳීමෙන් අවබෝධ කරගත හැකි ය. එය ඔවුන්ගේ අධිමානය පිළිබඳ ගැටළුවකි. හේතුව කුමක් වුවත් මේ හැසිරීම ත්‍රස්තවාදියාට වාසිදායක ය. එහි ප්‍රතිඵලය රජිව් ගාන්ධිලා තව තවත් ඉතිහාස පිටු අතරට ගෙන ඒමකි. ඒ පොතේ පිටු අතර මුම්බායි ප්‍රහාරයට යටින් තව නම් වැලක් ඈඳා ගැනීමකි.

Tuesday, February 24, 2009

අඬන්නා සහ බටනලාව

අඬන්නා සහ බටනලාව යනු ජන කතාවක් නොවේ. එය පසු කලෙක අපගේ ජන වහරට එක් වු බහුජන කතාවකි.

නො දන්නා අයගේ දැන ගැනීම පිණිසත්, දන්නා අයගේ වැඩිපුර දැනගැනීම පිණිසත් අපි ඒ කතාව මෙසේ ලියා දක්වමු.

ඔන්න එක කොල්ලෙක් සිටියේය. ඌට යාළුවෙක් ද සිටියේ ය. තමන්ට යමක් අවශ්‍ය වු විට හැඬීම කොල්ලාගේ සිරිත ය. ඌ හඬනා විට බටනලාව වැයීම යාළුවාගේ සිරිත ය. හැඬීමට මුසු වු බටනලා වාදනය මහත් කන්කරච්චලයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ කන්කරච්චලය ඉවසා ගත නො හැකි මිනිස්සු බොහෝ විට කොලුවාට ඌ ඉල්ලු දෙයක් දුන්හ.

මේ නරක පුරුද්ද විසින් කොලුවාත් යහළුවාත් හොඳටම නරක් කරන ලද අතර, වැඩිකල් නො යාම ඔවුහු මිනිසුන්ගෙන් තමන්ට ඉර - හඳ ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ.

අනුකම්පාවත්, දුරදිග නොබලා කටයුතු කිරීමත් නිසා තමන් පහසුවෙන් ම රුවටී සිටියේ කපටියන් දෙදෙනකුට බව වටහා ගත් මිනිස්සු ඉන් පසු අඬන්නාත්, බටනලා වයන්නාත් කන්වලින් අල්ලා ඔසොවා, ඉර - හඳ පමණක් නොව තරු ද පෙනෙන්නට සැලැස්වුහ.

එල්.ටී.ටී.ඊ.සටන් විරාම ඉල්ලීම්වලත් මේ කතාව අතරත් පුදුමාකාර සමානකමක් ඇත. එය අසමාන වන්නේ එකම එක තැනකදී පමණෙකි. ඒ එල්.ටී.ටී.ඊ.ය කනින් අල්ලා ඔසොවා තරු පෙන්වුවාට පසුවත් නැවතත් පරණ පුරුදු කපටිකම ම කිරීමය. මේ අනුව එල්.ටී.ටී.ඊ. නවතම සටන් විරාම ඉල්ලීම යනු "අඬන්නා සහ බටනලාව" නැවත නැවත රඟ දැක්වීමක් වීම වළකනු නො හැකි ය. අනෙක් විශේෂය නම් මේ කතාවට මීට පෙර ලවුඩ්ස්පීකර් සැපයු අය ම මෙවර ද ඊට ලවුඩ්ස්පීකර් සැපයීම ය.


(දිවයින_09/02/25)

ප්‍රභාකරන්ගේ හිත නඩේසන්ගේ කට හරහා, ආර්. සම්බන්ධන්, කරුණානිධි, වයිකෝ, රාම්දාස්, කණිමෝෂි නමැති මයික්‍රොෆෝන තුළින් යළිත් නෝර්වේ, ජර්මන්, බ්‍රිතාන්‍ය ලවුඩ්ස්පීකර් දෙදරවයි.

බුර බුරා නගින ශ්‍රී ලාංකික දෙමළ ජන විරෝධය විසින් පුළුස්සා දැමෙන, නැතහොත් කෙවිටෙන් තලා පිටමං කෙරෙන, එල්.ටී.ටී.ඊ.ය කෙසේ හෝ රුක ගැනීම, "ශ්‍රී ලංකා හමුදා මගින් කුඩුපටිටම් කෙරෙන එල්.ටී.ටී.ඊ.ය" රුකගැනීමට වඩා වයිකෝලාට වැදගත් ය.

ඉන්දියානු අර්ධද්වීපය අසල අස්ථාවර ආණ්ඩු සහිත ගැටුම් බහුල දිවයිනක් පැවතීම, ත්‍රස්තවාදයට විරුද්ධ වනවාට වඩා බටහිර රටවලට වැදගත් ය.

එහෙත් මේ දිනවල ඉන්දියාව වැනි රටවලට රිංගා සිටින ශ්‍රී ලාංකික සමහර දේශපාලනඥයන්ට සහ හිටපු දේශපාලනඥ යන්ට මේ කතාව වැදගත් වන්නේ ඒ දෙගොල්ලට වඩා වෙනස් විදිහකට ය.

මහින්ද රාජපකෂ ආණ්ඩුව ඇද වැටෙනවා නම් රටට හෙණ ගැසුවත් කමක් නැත යන්න මේ නෝනා මහත්වරුන්ගේ ප්‍රාර්ථනය ය.

පෞද්ගලික කෝන්තර හෝ පටු දේශපාලන වාද භේද හෝ ටික කලකටවත් ඉවත දමා මේ තීරණාත්මක මොහොතේ රට රුක ගැනීමට එකතුවනවා වෙනුවට ලොව පුරා දිව යමින් රට හෑල්ලු කරන මේ අදේශපාලනික මිනිසුන් අනාගතයේදී

අඬන්නා සහ බටනලාව" තරම්වත් ගණනකට නො ගැනීමට මේ රටෙි ජනතාව තීරණය කොට ඇතිවාට සැකයක් නැත.

එහෙත්, ඔවුන් "ගතු කියන්නන්ගේ සංගමයක්" වශයෙන් එක්රොක්ව රටට කරන හානිය සුළුපටු නැත.

මේ සියල්ලෙන් නැවත නැවත පෙනී යන්නේ එල්.ටී.ටී.ඊ.ය මේ රටෙි දෙමළ ජාතිවාදීන්ගේ සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ගැලවුම් කරුවා පමණක් නොව, මේ රටට ද්‍රෝහී දකුණේ ශ්‍රී ලාංකිකයන්ගේ ද ගැලවුම්කරුවා වන බව ය.

නැතහොත්, කැලෑ යුද ඇඳුමින් සැරසී පිස්තෝලයක් ඉනේ ගසාගත් ඕනෑම ජෝකරයකු අනාගත රාජ්‍ය නායකයකු වන්නේ යැයි මේ සකල විධ දුෂ්ට මිනිසුන් කල්පනා කළ බවය. නැතහොත් පණ බේරා ගැනීමට ජනතාවගේ රෙදි අස්සේ සැඟවී වෙබ් පිටු කීපයකින් පමණක් තම සිහින රාජ්‍යය ගෙන යන නිවටයකු ෆීනික්ස් කුරුල්ලා මෙන් නැවත පණගසා පැමිණේ යැයි මේ පාරාජික දේශපාලන උන්දලා සිතන බව ය.

සත්‍ය වශයෙන් ම මේ මොහොතේ අඬන්නා ප්‍රභාකරන් නම් බටනලාව ඔවුන්ම මිස අන් කවරකුවත් නොවේ.

(දිවයින_09/02/25)

පසු වදන_

බටනලාකාරයෝ තවමත් වයති. කුළියට බ්ලොග් ලියති. රටට හමුදාවට බැණ වැද තමන් කිසි විටක කොටියාට කඩේ නොගිය බව පවසති. කොටියාට නොබැණ, උන්ගේ තුච්ඡ ක්‍රියා නිහඬව අනුමත කර, ඊට එරෙහි මෙහෙයුම් කරන පාර්ශවයට බැණ වදීමින් තමන් කොටියාට කඩේ නොයමියි පැවසීම ලැජ්ජාවට අමුඩේ කඩා මුහුණ වසාගැනීමකි. දැන් ලෝකය මුන්ට නොපෙනේ. එහෙත් ලෝකයට මුන්ගේ හෙළුවැල්ල පෙනේ.

මේ ඇතැම් නිරුවත් වානරයින්ට සිංහල නම් තිබේ. උන් සිංහලෙන් ද ලියති. ඕනෑ තුප්පහියෙකුට ඕනෑ දෙයක් පැවසිය හැකැයි ද එය ප්‍රජාතන්ත්‍රවාදය යයි ද මේ ආණ්ඩුව තවමත් සිතීම උන්ගේ වාසනාවයි. රටේ අවාසනාවයි.

Monday, February 23, 2009

කූඩැල්ලා

පරාජයේ පාමුළ සිටියත් හැකි පමණින් වුව ලේ උරා බීමට තැත් කරන කාලකන්නි ත්‍රස්තවාදී කුඩැල්ලා වන ප්‍රභාකරන් අම්පාරේ හේනක සිටි අහිංසක : අසරණ නිරායුධ මිනිසුන් ගැහැණුන් හා ළමයින් සංහාරය කරවීම ඉතා සැළකිල්ලෙන් සිතා බැලිය යුතු කාරණයකි. මේ සියලු දෙනාම මරණ ලද්දේ හිසට වෙඩි තැබීමෙනි. සිය මරණීය අත්දැකීමට පෙර සිංහලයන් බොහෝ ගණනකගේ රුධිරයෙන් මහ පොළව තෙත්වනු දැකීමට මේ කුඩැල්ලා අදහස් කරගෙන සිටී. ප්‍රභාකරන්ගේ ගුවන් බලය කොටුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටටත් කටුනායක මඩ වගුරකටත් කඩා වැටීමෙන් පසු කොටි සංවිධානයේ තත්ත්වය මරණාසන්නව තිබේ. කොටි ගුවන් බලකාය මෙහෙයවන ප්‍රභාකරන්ගේ කාලකන්නි පුත්‍රයා වන චාල්ස් ඇන්තනීට සිය පියා වෙනුවෙන් ඔක්සිජන් බිඳක් වුව වැය කිරීමට දැන් නො හැක. දැන් ඔවුනට කිරීමට ඉතිරිව ඇත්තේ කොළඹින් බොහෝ ඈත පිටිසරබද හේන්වල වැඩ කරන නිරායුධ අසරණයන් සංහාරය කිරීම පමණි. මේවාත් තව කොතරම් නම් කාලයකටද?

ප්‍රභාකරන්ගේ අසාර්ථක ගුවන් ප්‍රහාරයෙන් පසු දින (21) අල් ජසීරා රුපවාහිනී සේවය ඔස්සේ වැඩසටහනක් ප්‍රචාරය විය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය, දේශපාලන, සමාජ ඉතිහාසය සහ වර්තමානය අලලා සකස් කෙරුණු ඉතා උසස් වැඩසටහනක් වු මෙහි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නමැත්තාගේ ප්‍රකාශයක්ද ඇතුළත් විය. ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ රට ඉතා අනාරක්ෂිත බවත් ශ්‍රී ලංකා යුද හමුදාව මිනිසුන් පැහැරගෙන යන බවත් කප්පම් ගන්නා බවත් ඝාතන සිදුකරන බවත්ය. මෙහිදී වැදගත් කාරණා කිහිපයක් සැළකිල්ලට ගත යුතුය. පළමුවන කාරණය නම් දෙමළ ජාතික සන්ධානය යනු කොටි ත්‍රස්තවාදීන්ගේ ශාඛාවක් වන බවය. එසේ නම් එයද ත්‍රස්ත සංවිධානයකි. ඒ තේරුමෙන් ගත් කල සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද ත්‍රස්තවාදියෙකි. කොහොමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට පෙර සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ත්‍රස්තවාදියෙකි. පසුව ඔහු අවි බිම තබා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයට එකතු විය. ත්‍රස්තවාදියකුව සිටි කාලයේදී ඔහු විසින් මනුෂ්‍යයන් කොපමණ ඝාතනය කරන්නට ඇත්දැයි අපි නොදනිමු. නිරායුධ මිනිසුන් හේන් ගොවිතැන් කරන නැගෙනහිර පළාතේ සිංහල ගම්මානවලට වැදී කිරි දරුවන් හා ගැබිණි මවුවරුන් කීදෙනකු කැති ගාන්නට ඇද්දැයි අපි නොදනිමු. අප ප්‍රේමචන්ද්‍රන් ගැන මෙසේ කියන්නේ ඔහු ත්‍රස්තවාදියකු ලෙස සිටි නිසාය. මිනිසකු ත්‍රස්තවාදියකු වන්නේ සිල් ගන්නට නොවේ. ලේ වගුරුවන්නටය.

ඊළඟ කාරණය නම් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති කොන්ද පණ නැති කමය. මාක්ස් ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වන ලද්දේ නපුංසක ක්‍රමයක් ලෙසිනි. එහෙත් නපුංසක තත්ත්වය යනු ජෛව අනන්‍යතාවක් නිසා ඒ තත්ත්වයට අපහාස කර එය සමාජ අසාධාරණයට ලක් කළ යුතු නැත. එ බැවින් ත්‍රස්තවාදය යනු මේ මොහොතේදී නිවට:දීන දේශපාලන ක්‍රමයක් ලෙස අර්ථ දක්වමු. මේ නිවට දේශපාලන ක්‍රමය තුළ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රේමචන්ද්‍රන් වැන්නවුන් ්කරන නීච දේශද්‍රෝහී ප්‍රකාශවලට විරුද්ධව පියවර ගැනීමට නො හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පනුවන් මිස මිනිසුන් ඉහදීමට කිසිවිටෙකත් ඉඩ නැති බව රුසියාවේ ස්ටාලින් නිතර කීවේය. අප ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සළකා මල් තබා වඳින සර්වජන ඡන්ද බලය, ජනසම්මතවාදය, කතා කිරීමේ නිදහස වැනි පුජාසන සියල්ල ඉතා ලෙහෙසියෙන් අපහරණය කළ හැකි බව දැන් පැහැදිලිය. ඕනෑම කෙනකුට රට විනාශ කරන ඕනෑම කුණුහරුපයක් කීමට මේ ක්‍රමය තුළ ඉඩ තිබේ. උන්ගේ කට තැලීමට කිසිදු කෙනකුට අයිතියක් නැතෟ

ප්‍රභාකරන්ගේ ගුවන් යානා දෙකක් බිම දැමීමෙන් මුළු රටම උද්දාමයට පත්ව සිටින බව පෙනේ. එය එතරම් උදම් ඇනිය යුතු කාරණයක් ලෙස අප නොදක්වන්නේ ප්‍රභාකරන්ගේ ගුවන් හමුදාව අහස් යාත්‍රා දෙකකින් පමණක් සමන්විත බවට කිසිදු නීතියක් නැති නිසාය. සිකුරාදා පුදුකුඩුඉරුප්පු පැත්තෙන් මහපාර දිගේ විත් ඉහළ නැගි ගුවන් යානා මෙන් තවත් ගුවන් යානා කිහිපයක් තිබෙන්නටත් පුළුවන: නැති වෙන්නටත් පුළුවන. ඒවා තිබේ යැයි සළකා ක්‍රියා කළොත් මහත් පල ලබා ගැනීමට පුලුවන. මේ යානා දෙක බිම දැමු ගුවන් හමුදාවටත් රට සුරකින සෙසු ආරක්ෂක අංශවලටත් ප්‍රණාමය හිමිවේවාෟ යම් විදියකින් මේ යානා දෙක බිම නොදැමීමට නොහැකි වී නම් අපේ ජනයා ගුවන් හමුදාවත්, ආණ්ඩුවත්, ජනාධිපතිතුමාත් පතුරුහරිනු දැක බලා ගැනීමට ඉඩ තිබිණි. ඒ තමයි මිනිස් ගතිය. එහෙත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ගතිය නම් මේ කිසිදු ගතියකට වලංගු නැත.

(දිවයින_09/02/23)

පසුවදන_

'කුඩැල්ලා කොට්ටය මත තබන්න බෑ' යනු අප අතර ප්‍රචලිත ආප්තයකි. එය කෙතරම් සත්‍යයක් දැයි පැහැදිළි වන්නේ ද්‍රවිඩ ජාතික සංධානය නම් පිරපාහරන් ඇටවු පතෝල මැස්සේ ළඟින ඇම්බැට්ටයින්ගේ කැරැට්ටුව හෙළි වන විට ය. ප්‍රජානත්ත්‍රවාදී ලේබලයට මුවා වී මේ කොටි හපුවෝ ත්‍රස්තවාදය සාධාරණීකරණය කරති. ඊට උඩගෙඩි දෙති.

මීට පෙර සම්බන්ධන් ගැන කී අපට අද ප්‍රේමචන්ද්‍රන් ගැන කීමට සිදු වී තිබේ. මේ සුපිරි ත්‍රස්තවාදීහු ශ්‍රී ලංකා රජයේ නිවට නියාලු ප්‍රජාතන්ත්‍රවාදයට පිං සිදුවන්නට අදත් යහතිණි. එපමණක් නොව උන් කොටියාට කඩේ යාම වෙනුවෙන් ලංකා රජයෙන් විශාල පඩියක් සහ මන්ත්‍රි වරප්‍රසාද ලැබේ. අහෝ! කාට පවසම් මේ මාරාන්තික විහිළු ?

Thursday, February 19, 2009

සම්බන්ධන්ට අඩු පුල්ලි පමණි

වන්නියේ දුක් විඳින ජනතාව ආරකෂිත ප්‍රදේශවලට කැඳවා ගැනීම රජය විසින් හිතා : මතාම පැහැර හැර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසයි.

සම්බන්ධන් කියන කතා කවරකු විසින්වත් ගණන් ගනු නො ලැබේ. ඔහු කොටියෙකි. අඩු, පුල්ලි පමණි. (වලිගය තිබේදැයි නො දනිමු.) එහෙත් ඔහු කියන ලද ඉහත සඳහන් කතාව අප ගණන් ගත යුතු ය. ඒ, එම කතාව වෛරයෙන් ද්වේෂයෙන් සහ අපමණ කෝපයෙන් කරන ලද වංචා සහගත දීන ප්‍රකාශයක් නිසා ය.

අප සාමාන්‍යයෙන් ගණන් ගන්නේත් කර්තෘ වාක්‍ය ලියන්නේත් උසස් බුද්ධිමත් පුද්ගලයන් කියන කතා ගැන ය. වීරසිංහම් ආනන්දසංගරී වැනි උගත් මහත්වරුන්, ප්‍රනාබ් මුඛර්ජි වැනි උගත් මහත්වරුන් කියන කතා ගැන ය. මේ වැනි පුද්ගලයකු එක වාක්‍යයක් පිට කළත් ඒවා තුළ වටිනා දේශපාලන මිණිකැට බෙහෙවින් ඇත. ඒ මිණි කැට දිලිසෙන විට මතුවන්නේ කොටියකුගේ ඇස් දිලිසෙන විට මතුවන වෛරී සහගත ලේ පිපාසිත ක්‍රෝධයේ රැස් මාලාව නොවේ. බුද්ධිමත් බවේත් දේශපාලන පරිකල්පන ඥානයේත් ප්‍රභාවයි. සම්බන්ධන්ගේ ඇස්වලින් එන දීප්තියත් ප්‍රභාකරන්ගේ ඇස්වලින් එන දීප්තියත් එක සමාන ය. දෙකම කුරිරු ය. ප්‍රචණ්ඩ ය. පළිගැනීමේ චේතනාවෙන් යුතු ය.


(ලක්බිම_09/02/20)

මෙහිදී ආර්. සම්බන්ධන්ගේ දේශපාලන පසුබිම ගැන සලකා බලමු. ඔහු මුලින් සිටියේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ය. ඔහුත් සමඟ ඒ. අමිර්තලිංගම් ද (පසුව ප්‍රභාකරන් වෙතින් වෙඩි කා මළ) ජෝශප් පරරාජසිංහම්, වී. ආනන්දසංගරී ඇතුළු රැසක් එම පෙරමුණේ සිටියහ. මේ අතර ක්‍රමයෙන් ශක්තිමත් වු ප්‍රභාකරන්ට ත්‍රස්තවාදී ලේබලයට අමතරව දේශපාලන ලේබලයකුත් අවශ්‍ය විය. ත්‍රස්තවාදී ලේබලය අවශ්‍ය වුයේ මෙරට නිෂ්පාදනය කරන භාණ්ඩවල ඇලවීමට ය. දේශපාලන ලේබලය අවශ්‍ය වුයේ පිටරටට යවන කොටින්ගේ පිටේ ඇලවීමට ය. ඒ අතර මෙරට ත්‍රස්තවාදය සඳහා පිටරටින් ආධාර එකතු කිරීම පිණිස දෙමළ පුනරුත්ථාපන සංවිධානය නමැති පතෝල මැස්සක් ද අරඹන ලදී. දේශපාලන පකෂයක් හැදීමට කල් ගත වන නිසා හැදී තිබෙන දේශපාලන පකෂයක් අත්පත් කර ගැනීමට කල්පනා කළ ප්‍රභාකරන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නම දෙමළ ජාතික සන්ධානය ලෙස හරවා එම පකෂයෙන් තරග කරන ලෙස වී. ආනන්දසංගරී, ජෝෂප් පරරාජසිංහම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට නියෝග කළේ ය. එහෙත් ආනන්දසංගරී එය ගණන් නො ගෙන දිගටම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා ලෙස සිටියේ ය. සෙස්සෝ ප්‍රභාකරන්ගේ තුවක්කුවට ඇති බිය එක් අතකින් ද, මතු බිහි වෙතැයි බලවත් සේ ප්‍රාර්ථනා කළ ඊළාම් රාජ්‍යයේ අගමැතිකම් ඇමැතිකම් සහ තානාපතිකම් පිළිබඳ අපේකෂාව තවත් අතකින් ද ගෙන දෙමළ ජාතික සන්ධානය පිහිටුවුහ.

අද කොටියා බිම වැටී පණ අදිමින් සිටී. එහෙත් ආර්. සම්බන්ධන්ගේ කටේ කයිවාරුව තවමත් එසේම ය. කොටියා සටන් විරාමයක් දුන් බවත් ආණ්ඩුව එය භාර නො ගත් බවත් ඔහු කියනු අපි රුපවාහිනියේ දුටිමු. කොටියා දුන් සටන් විරාමය ආණ්ඩුව භාරගන්නේ කුමට ද? එල්. ටී. ටී. ඊ. ය යනු ත්‍රස්තවාදී කල්ලියකි. දුටු තැන ඔවුන්ට වෙඩි තබනවා හැර වෙනත් විකල්පයක් නැත. කොටි සංවිධානය මෙරටට කළ බලවත් විපත ගැන ඉන්දියානු විදේශ ඇමැති ප්‍රනාබ් මුඛර්ජි පෙරේදා (18 දා) ඉන්දීය පාර්ලිමේන්තුවේදී පැවැසීය. සම්බන්ධන් දැන් කළ යුත්තේ ත්‍රස්තවාදයට සහාය දීම පිළිබඳ වරද පිළිගෙන හෘද සාකෂියට යටත් වීම ය.

(දිවයින_09/02/20)

පසුවදන_රජය විරෝදාර ශ්‍රී ලංකා හමුදාව ලවා බෙදුම්වාදයේ ත්‍රස්ත මුහුණුවරට, එවම් කොටින්ට එළව එළවා පහර දුන්නේ ය. දැන් කොටි මර ඇඳේ පණ අදිති. මේ සද්කාර්යට නායකත්වය දුන් රජයටත් යුද බිමේ මහා කැපකිරීම් කළ විරෝදාර ත්‍රිවිධ හමුදාවටත් ඊට නන් අයුරින් සහය දුන් සැමටත් අපි අපේ ප්‍රණාමය පුද කරමු. දැන් බෙදුම්වාදයේ ත්‍රස්ත මුහුණ සුනුවිසුණු වී අවසන් ය.

දැන් ඇත්තේ බෙදුම්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණ ය. ත්‍රස්ත කොටියා යැවූ මග මේ කොටි රැළ ද යැවිය යුතු ය. රටේ මහ ජනතාවගේ බදුවලින් පඩි ලබමින් ලොව පුරා ගොස් කොටියා වෙනුවෙන් කඩේ යන කොටි මන්තිරිලාගේ මන්ත්‍රිධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ යුතු ය. උන්ගේ ප්‍රජා අයිතිය ද අහෝසි කළ යුතු ය. රටට නැවත පා තැබීමට ද ඉඩ නොදිය යුතු ය. උන් අද ද සියලු දේශද්‍රොහී කටයුතුවලට අපේ රටෙන් මන්ත්‍රි වරප්‍රසාද ඇතුලු ලොකු පඩියක් ලබති. මොන විප්‍රකාරයක් ද?

අපේ සෙබළු සිය ජීවිත සිය දහසින් පුදා පරදන බෙදුම්වාදයට, හුස්ම පිබින්ට ද්‍රොහීන්ට ඉඩ නොදෙමු. අතිගරු ජනාධිපතිතුමනි, ඌරාගේ මාළු, ඌරාගේ ඇඟේ තබා කපන්නට තව දුරටත් ඉඩදෙනවා ද? රටේ ජනතාව අද ඔබෙන් විමසන ප්‍රශ්නය එයයි.

Wednesday, February 18, 2009

දේශපාලනයේ මෙතෙක් කතාව වෙනස් කරමු

ගරු සේවයක් ලෙස ඇරඹුණු මේ රටේ දේශපාලනය ක්‍රමයෙන් විශ්‍රාම වැටුප් හා සුවිශේෂ වරප්‍රසාද සහිත සුපිරි රැකියාවක් බවට පත්වීමත් සමඟම එහි තිබුණු උතුම් හා සාධනීය ලකෂණ විනාශ වී ගොස් ඇතැයි කීම එහි නිරත වී සිටින බොහෝ දෙනකුගේ කනට අමිහිරි වුව ද සත්‍යයකි. දේශපාලනය පමණක් නොව මිනිස්කම් ඇතුළු යහපත් දේවල් ද විනාශ වී යෑම පිළිබඳව දේශපාලනඥයන් තරමට ම ඔවුන් තෝරා ගන්නා ජනතාව ද වගකිවයුතු බව අපේ හැඟීම ය.

දේශපාලනය යනු වෙනත් කවර හෝ රැකියාවකට සුදුසුකම් නැති කිසිදු උගත්කමක් හෝ වැදගත්කමක් ද නොමැති අපතයින්ටම වෙන් වු නරකාදියක් යැයි අපි කිසිසේත් නො සිතමු. නො කියමු. මන්ද යත් දේශප්‍රේමය, දේශ වාත්සල්‍යය මෙන්ම ජාතික අනුරාගයෙන් හා ජාතික සමගියෙන් ද යුත් දේශයක් නිර්මාණය කිරීම සඳහා නිවැරදි දේශපාලනයක් කවර රටකට වුව ද අත්‍යවශ්‍ය බව අපගේ හැඟීමයි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ යථාර්ථය කුමක් ද?

1977 දී තුනෙන් දෙකක දේශපාලන බලයක් ලබාගත් ජේ. ආර්. ජයවර්ධන මහතා මේ රටේ මැතිවරණ සිතියම හකුලා දමන බවට වහසි බස් දෙඩු අයුරු ද අපට මතක ය. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතා කළේ මැතිවරණ මංකොල්ල සංස්කෘතියකට රට තල්ලු කර දැමීමක් බව අපගේ හැඟීම ය.

ප්‍රජාතන්ත්‍රවාදය මෝඩයන්ගේ ක්‍රමයක් යැයි ද කියමනක් තිබේ. එහෙත් එකී මෝඩ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජනතාවට කැමැති මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීමට එකල හැකි විය. ජේ. ආර්. සිය නඩය සමඟ එක් වී ඒ සරල මැතිවරණ ක්‍රමය වංචනික ලෙස වෙනස් කළා පමණක් නොව ලාම්පු කළගෙඩි සෙල්ලම නමින් හැඳින්වෙන කපටි සුත්තරයකින් මැතිවරණ කල් දැමීමට ද වග බලා ගත්තේ ය.

කෙසේ හෝ ඔහුගේ අලුත් ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් මනාප ඡන්ද ක්‍රමයේ ප්‍රතිඵල අද අපගේ ඇස්පනාපිට දැකගත හැකි ය. මනාප ඡන්ද ක්‍රමය හා ජාතික ලැයිස්තු ක්‍රමය ඔස්සේ දේශපාලනයට වැඩිපුරම එක් වුයේ කුණු රොඩු බව අපගේ අදහස ය. ජාතික ලැයිස්තුවේ අගනා අභිලාෂ ප්‍රසිද්ධ කර තිබුණත් එයින් ප්‍රතිලාභ ලද්දෝ කවරහුදැයි දේශපාලන නායකයෝ ම දනිති.

සරල ඡන්ද ක්‍රමය විකෘති කළ ජේ. ආර්. ගේ මනාපය නිසා අද ඒ ඒ දේශපාලන පකෂවල අපේකෂකයෝ පවා කුළල් කා ගනිති. ජාතික හෝ සංස්කෘතික හරයක් නොමැති කළු සල්ලිකාරයන්ටත්, වෙනත් අධම ගනයේ දුෂිතයන්ටත්, සල්ලාලයන්ට, මැරයන්ට හා කුඩ්ඩන්ටත් මනාප තරගයේදී ශිල්ප දැක්වීමට හැකි වු අයුරු ද රහසක් නොවේ.

අප විසින් මෙසේ සංකෂිප්තව දක්වන ලද දේශපාලනයේ මෙතෙක් කතාව වෙනස් කිරීමේ අවධියකට රටම එළඹ ඇති බව අපගේ හැඟීම ය. ක්‍රමයෙන් රට මහ මැතිවරණයක් කරා ගමන් කරමින් සිටියි. වයඹ හා මධ්‍යම පළාතේ ඡන්දයෙන් පසු බස්නාහිර පළාත් සභා ඡන්දයට ලකලෑස්ති විය යුතු ය. ඊළඟට මහ මැතිවරණයක් ද එළඹෙනු දැකිය හැකි ය.

මේ මොන මැතිවරණ පැවැත්වුවත් අප ලගින්නේ පරණ දේශපාලන ගොහොරුවේම ය. එනිසා අලුත් වෙනසක් : නව දේශපාලන සංස්කෘතියක් සඳහා රට යොමු කරවීමේ වගකීම ද ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම දේශපාලන පකෂවල නායකයන්ගේ වගකීමක් බව අපි පෙන්වා දෙමු.

දේශපාලනයෙන් රටට වැඩක් කිරීමට ශක්තිමත් මෙන්ම ප්‍රබුද්ධ කණ්ඩායමක් ද අවශ්‍යය. එහි මුඛ්‍ය සාධකය මුදල් හෝ චණ්ඩිකම නොවේ. යහමින් මුදල් වීසිකර කොළඹ නගරයේ තාප්ප පමණක් නොව ගම්වල බෝක්කු හා ගස් ද අපවිත්‍ර කරන පෝස්ටර්වල එල්ලී ජනතාවට විලිස්සන බොහෝ දෙනකුගේ ඉලක්කය පළාත් සභාව හෝ පාර්ලිමේන්තුවයි. එහෙත් ඒ වර්ගයේ ඇතැම් පංචස්කන්ධවලින් මේ රටට ලබාගත හැකි සේවය කුමක්දැයි දැඩිව සිතා බලන ලෙස අපි පකෂ නායකයන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ද ඉල්ලා සිටිමු. බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් අපට ඒ අලුත් දේශපාලන සංස්කෘතියේ හැරවුම ඇරඹිය හැකි නම් කොතරම් අගේ ද?
(දිවයින_09/02/19)

පසු වදන_
අපේ දේශපාලන පද්ධතිය බෙහෙවින් පිරිහී ඇත. ජේ. ආර්. ගේ ධර්මිෂ්ට සමාජය දැන් කුණු වී ඕජස් ගලන්නේ සිව් සිය ගව් දුගඳ කරමිනි. එහෙත් ක්‍රමිකව වර්ධනය වූ මේ පිළිලය වත්මන් ජනාධිපතිවරයා මත පටවා අත පිසදා ගැනීමට ඇතැම්හු බලා සිටිති. විශේෂයෙන් මේ මහා පිළිලය රටට ‍බෝ කළ unp ය එහි පෙරමුණේ සිටිති. එහෙත් මේ වූ කලී 2005 ඇති වූවක් නොවන බව කුහකයෙකු නොවන ඕනෑම අල්පශ්‍රැතයෙකුට වටහාගත හැකි ය.

78 සිට රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ මේ ව්‍යසනයට වගකිව යුතු ය. ඊට මහින්ද මෙන් ම රනිල් ද වගකිව යුතු ය. වර්තමානයේ රටේ පවතින ප්‍රමුඛතම ප්‍රශ්නය විසඳූ වහා ජනපතිතුමා අවදානය යොමු කළ යුතු ගැටළුවකි මේ. එහෙත් මේ සුබවාදී ගමන යෑමට පාලකයින් මෙන් ම ඔබ ද යම් කැපකිරීමක් කළ යුතු ය. එහෙම නේද ?

Tuesday, February 17, 2009

මෙවර පළාත් සභාවලට ජනාධිපතිතුමාත් තරග කරන්නේද?

එක්දහස් නවසිය හැත්තෑ හතෙන් පසු මේ රටේ පවැති අදුෂිත හා පිරිසිදු ම මැතිවරණය ලෙස දැක්විය හැකි මධ්‍යම සහ වයඹ පළාත් සභා ඡන්දවල ගෑවුණු එකම තාර ගුලිය පුත්තලමේ නායක්කර්චේනෙයි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ශුන්‍ය කිරීම පමණි. මේ සිද්ධියට වගකිවයුතු අයට දැඩි දඬුවම් පැමිණවීම බලධාරීන්ගේ යුතුකම වන අතර මේ රටේ ජනයා ඒ වගකීම ඉටුවන තුරු බලා සිටිති. මෙකී ඡන්ද පොළේ තිබු ඡන්ද පෙටිටි තුළින් දෙක බැගින් එකට තබා නමා බහාලන ලද ඡන්ද පත්‍රිකා කිහිපයක් හමු වී තිබේ. ඡන්ද පෙටිටිය තුළදී නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයන් වෙනස් වුවොත් මිස ඡන්ද පත්‍රිකා මෙසේ එකට ඇලී දෙකට නැමෙන්නේ නැත. එසේ නැමුණත් ඡන්ද පෙටිටිය තුළ තිබු සියලු ඡන්ද පත්‍රිකා එකට ඇලී දෙකට නැමිය යුතු ය. ඒ සඳහා කිසිදු භෞතික විද්‍යාත්මක නියමයකට සම්බන්ධ නැති ගුරුත්ව කෙෂ්ත්‍රයක් ඇති විය යුතු ය. මේ ලෝකයේ සිදු වීමට බැරි කිසිදු දෙයක් නැත්තා සේම, එවැනි ගුරුත්වයක් ඡන්ද පෙටිටිය තුළ හටගත්තාවත්ද?

මධ්‍යම සහ වයඹ දෙපළාතේ ඡන්දය නිමවීමෙන් පසු බස්නාහිර පළාත් සභාවේ ඡන්දය පිළිබඳ කලබලය පැතිර යමින් පවතී. සාමාන්‍යයෙන් මේ රටේ ඡන්ද අපේකෂකයෝ බලවත් මනාප පොරයක නිරතව සිටින බැවින් ඉන්දියාවේ ඡන්දයක් එන ආරංචියට පවා ලංකාවේ පෝස්ටර ගසති. ඡන්දය ඉන්දියාවේ පැවැත්වෙන බව හරියටම ඔලුවට යන විට පෝස්ටර ගැලවීමට බැරි තරමට පාප්ප වේලී ඇත. ඔන්න අපේ රටේ හැටි! ඉන්දියාවේ දේශපාලනයේත් මෙයට වැඩි වෙනසක් නැත!

අද අප වැඩි අවධානය යොමු කරන්නේ පෙර කී කිසිදු කාරණයක් ගැන නොව ඡන්ද පෝස්ටර සඳහා ජනාධිපතිතුමාගේ ඡායාරුප යොදා ගැනීම ගැන ය. වයඹ සහ මධ්‍යම දෙපළාතේ ඡන්ද කටයුතුවලට ජනාධිපතිතුමාගේ රුව සහිත පෝස්ටර ඇති පදම් ගැසීමෙන් පසු, ඡන්දයට දවසක් පමණ තියා ජනාධිපතිතුමාගේ රුපය ඡන්ද පෝස්ටරවලට යෙදීම තහනම් කරමින් නියෝගයක් නිකුත් විය. එහෙත් ඒ වන විට ජනාධිපතිතුමාගේ රුව අවශ්‍ය දේශපාලන වාසි ලබාගැනීම සඳහා යොදාගෙන හමාර ය. සෑම ඡන්ද පෝස්ටරයකම අපේකෂකයාගේ රුපයට අමතර ජනාධිපතිතුමාගේ රුපය ද යොදා තිබිණ. පිටරුටියකු මෙහි පැමිණියේ නම් නිසැකව ම කල්පනා කරනවා ඇත්තේ මේ රටේ ජනාධිපති ඉවක් බවක් නො බලා රටේ හැම පළාත් සභාවකට ම, හැම ආසනයකට ම ඡන්දය ඉල්ලන බව ය. කොහොමටත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවලදී පෝස්ටර ඇලවීම නීතියෙන් ම තහනම් ය. විශේෂයෙන් ම නාම යෝජනා භාරදෙන තුරු ඡන්ද අපේකෂකයාගේ පකෂ සලකුණ සහ අංකය ප්‍රචාරය කිරීම තහනම් ය. ඡන්ද අපේකෂකයාගේ රුපය, අංකය, පකෂය යනාදිය සහිත පෝස්ටර හා කටවුටි ප්‍රචාරය කළ හැක්කේ ඔහුගේ කාර්යාලය ඉදිරිපිටත් වාහනවලත් පමණි. එහෙත් සෑම වැසිකිළියක් ඉදිපිරිපිටම, එහි ඇතුළත එහි දොර හා පසුපස ද ඇතුළුව තාප්ප, ගස්, බෝඩ් ලෑලි, ලයිටි කණු යනාදියෙහි පෙර කී සියලු තහනම් බඩු යොදා මුද්‍රණය කළ පෝස්ටර අලවනු ලැබේ. සියලු හොරු ද, වංචාකාරයෝ ද, දාමරිකයෝ ද, කුඩුකාරයෝද, අයෝමය පුරුෂයෝ ද, නළුවෝ ද, ගායකයෝ ද, ක්‍රීඩකයෝ ද මේ දිනවල ඡන්දය ඉල්ලති. මෙයින් සමහරු තම පෝස්ටරවලට ජනාධිපතිතුමාගේ පින්තුරයට අමතරව ආරකෂක හමුදාවේ පින්තුර පාවිච්චි කරති. මෙය වහා තහනම් කර තහනම ක්‍රියාත්මක කළ යුතු ය. නැතහොත් පිරිසිදු මැතිවරණ පිළිබඳව පසුගියදා ඇති වු අපේකෂාව යළි සුන්ව යනවා ඇත.
(දිවයින_09/02/18)

පසු වදන_
රටේ නම ගිය කුඩුකාරයින් ස්ත්‍රී දූෂකයින් ඉදිරි මැතිවරණය සඳහා ඡන්දය යදිමින් වැසිකිලි බිත්තියේ සිට තාප්පය දක්වා එල්ලී සිටින්නේ ජනාධිපතිගේ රුව ද යොදා ගනිමිනි. 77 පසු අපේ රට ඇද වැටුණු ආගාධයෙන් තවම ගොඩ එන්න දඟලන අතර මේ මේ උන්ට අපේක්ෂකත්වය නොදෙන්නැයි කීමෙන් පලක් නැත. ඔවුන් ගැන ජනතාව තීන්දුව ගත යුතු ය.

එහෙත් ජනපතිට සිය රුව යොදා නොගන්නා ලෙස ගෝලබාලයින්ට කිව හැකි ය. එමෙන් ම රටේ විරෝදාර හමුදාවන්ගේ පින්තූර භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළ යුතු ය. එමෙන් ම පුත්තලමේ නායක්කර්චේනෙයි ඡන්ද මධ්‍යස්ථානයේ දූෂණයට සම්බන්ධ අයට වහා දඬුවම් පැමිණ විය යුතුම ය. කිරි කළයට ගොම රිටි ලෑමට තක්කඩින්ට ඉඩදිය යුතු නැත.

සුද්දගේ විළිරුදාව

පෙර වදන_
බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව යනු ස්කොට්ලන්තය එංගලන්තය වේල්සය හෝ අයර්ලන්තය නොවන බව අමතක නොකළ යුතු යයි මීට පෙර අපි කීවෙමු. අද දිවයිනේ කතුවැකිය ඒ ගැන ය. සැබවින් ම ඔවුන් සැමදාම කළේ අපේ ප්‍රශ්න විසඳීම නොව වැවීම ය. නැති ප්‍රශ්න ප්‍රසූත කිරීම ය. දැන් යළි ඔවුන්ට විළිරුදාව හටගෙන ය.

අපට අපේ ප්‍රශ්න විසඳාගත හැකි ය. අපේ සහෝදර ජාතියට අපට වඩා කැක්කුමක් මුන්ට කොහෙන් පහළ වී ද? ඊශ්‍රායලය පලස්තීනයේ ද ඇමරිකාව ඉරාකයේ ද සියලු කෙරුම්කාරයෝ ඇෆ්ගනිස්ථානය ද කළ ආකාරයට අප හමුදා මේ මෙහෙයුම් ගෙන යනවා නම් සැබැවින් ම කොටි අතුගා දැමීමට දැන් අඩ හෝරාවක් ගත නොවේ. එහෙත් පිරපාහරන් සැඟව සිටීම සඳහා අටවා ඇති මිනිස් පවුර ආරක්ෂා කිරීමේ වගකීමක් රටේ හමුදාවට ඇත. ඒ මිනිසුන් අහිංසක ය. ඔවුන් වෙනුවෙන් අපි පෙනී සිටිමු. එහෙයින් ඒ මිනිසුන් සුරකින න්‍යායෙන් කොටි සුරකින බලවේගවලට ඉඩදිය යුතු නැත.

අයිති නැති විහිළු

ලිප්ටන්ගේ තේ වත්තේ බිඳවැටීමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බිඳවැටීමත් එක හා සමානව සිදු වු කඩා වැටීම් දෙකකි. අද ලිප්ටන්ගේ තේ ව්‍යාපාරය යුනිලීවර්ස් සමාගම සතු ය. ලිප්ටන්ගේ මවු රට වු එක්සත් රාජධානිය සතුව තිබු රටවල් සියල්ල ම පාහේ ඒ ඒ රටවල ස්වදේශිකයන් සතු ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සිදු වු €ෙදවාචකය කිසිදු රටකට නො වේවාෟ මෙයට වසර 100 කට පෙර වර්ග සැතපුම් කෝටියක් පමණ විශාලව පැවැති එක්සත් රාජධානිය අද වර්ග සැතපුම් තිස් හතලිස් දහසකට වඩා විශාල නැත. බ්‍රිතාන්‍යය සතුව පැවැති ව්‍යාපාර බොහොමයක් අද ඇමරිකාව සතු ය. ඉතාම කනගාටුවෙන් කිව යුතු කාරණය වන්නේ බ්‍රිතාන්‍යය අද සුනඛයාගේ ඇඟේ එල්ලී ජීවත්වන මැක්කාගේ තත්ත්වයට පත්ව ඇති බව යි. මෙතැනදී සුනඛයා ඇමරිකාව ය. එසේ කියුවාට ඇමරිකාව අමනාප නො වෙත්වා! මෙය නිකම් උදාහරණයක් පමණි.

තත්ත්වය එසේ වුව ද බ්‍රිතාන්‍යය අදටත් කල්පනා කරන්නේ පළමුවැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් රොබටි බ්‍රවුන්රිග් මෙයට වසර සිය ගණනකට පෙර ලංකාව පාලනය කළ කාලයේදී කල්පනා කළ විදියටම ය. මේ විකඳ්කඳාණයට අනුව ශ්‍රී ලංකාව තවමත් ලිප්ටන්ගේ තේ වත්ත බව ඔවුහු සිතති. එහි තේ පඳුරු අතර ඉතා ගුප්ත දේ සිදු කිරීමටත් අබිරහස් කතන්දර ලිවීමටත් තමන්ට අයිතියක් ඇති බව ඔවුහු සිතති. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය තමන්ට අභිමත ලෙස කිරීමට අයිතිය ඇති බව ඔවුහු සිතති.

අප මේ පූර්විකාව ලියන්නේ පසුගියදා බ්‍රිතාන්‍ය අගමැතිගේ නිල නිවස ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැවැත්වු විරෝධතා ව්‍යාපාරයක් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බ්‍රිතාන්‍යය ඇඟිලි ගැසීම, කොටි සංවිධානය සහ ලක් රජය අතර සාකච්ඡා පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යය විසින් නියෝජිතයකු පත් කරනු ලැබීම යන කාරණා මත මේ විරෝධතාව පැවැත්විණ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව පමණක් නොව මුළු මහත් යුරෝපය ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බව හැමෝම දනිති. ඒ මේ රට අප හිතනවාට වඩා බෙහෙවින් වටිනා භුමියක් නිසා ය. එහෙත් ශ්‍රී ලංකාවේ රජය සහ කොටින් අතර සාකච්ඡා මෙහෙයවීම සඳහා බ්‍රිතාන්‍ය රජය නියෝජිතයකු පත් කර තිබීම නම් අපට අලුත් ම අලුත් ආරංචියකි. මෙහිදී වැදගත් ප්‍රශ්නයක් මතු වේ. එනම් සාකච්ඡා කිරීම සඳහා කොටි සංවිධානයක් දැනට තිබෙනවාද යන කාරණයයි. ප්‍රභාකරන්ගේ සුඛෝපභෝගී නිවස, ඔහුගේ සමස්ත හමුදා බලය, ඔහුගේ ඇඳුම් පැළඳුම්, ඔහුගේ අට අනුවක් රෝග සඳහා පාවිච්චි කළ ඖෂධ පමණක් නොව ඇඳ හා ඇඳුම් පැළඳුම් ද මේ මොහොතේදී යුද හමුදාව සතු ය. ඒ නිසා ප්‍රභාකරන් ඇඟේ නුල් පොටක්වත් නැතිව මුලතිව් කැලේ කොතැනක හෝ සැඟව සිටීමට ඉඩ තිබේ.

තත්ත්වය එසේ තිබියදී ලිප්ටන්ගේ තේ වත්තේ සුපිරින්ටෙන්ඩන්ටි මහතා ලෙස සැරසී ලක් රජය සහ කොටින් සමඟ සාකච්ඡා කිරීමට නියෝජිතයකු පත් කිරිමට බ්‍රිතාන්‍යය කටයුතු කිරීම තමන්ට අයිති නැති විහිළුවක් කළා හා සමාන ය. අප බ්‍රිතාන්‍යයෙන් නිතර ඉල්ලන්නේ එරට සිටින මුස්ලිම් ත්‍රස්තවාදීන් සහ අයර්ලන්ත ත්‍රස්තවාදීන් අගමැතිතුමාගේ නිල නිවසට කැඳවා දෙතුන් දිනක් නවාතැන් දී සාකච්ඡා පැවැත්විය යුතු බව ය. අයර්ලන්තය එම ත්‍රස්තවාදීන්ට දිය හැකි දැයි සොයා බැලිය යුතු බව ය. මුස්ලිම් ත්‍රස්තවාදීන් ලන්ඩනය වෙන ම රටක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලන්නේ නම්, එම ඉල්ලීම ඉටු කළ හැකි විදියක් කල්පනා කළ යුතු බව ය.

මෙයට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ඡන්ද පොළකට රිංගු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයකුට ආපසු සිය රට බලා යෑමට සිදු විය. තමන්ට අයිති නැති විහිළු නො කරන ලෙස අපි බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලමු.
(දිවයින_09/02/17)

Sunday, February 15, 2009

රට පළමුව : කුස දෙවනුව!

මාක්ස්ගේ මතයට අනුව ධනවාදය හා සමාජවාදය හැර වෙනත් දේශපාලන ක්‍රමයක් මෙලොව තිබිය නො හැක. ඒ අතර මැද සිටින ප්‍රජාතන්ත්‍රවාදය නපුංසක දේශපාලන ක්‍රමයකි. බර්ලිනයේ සමාජවාදී තාප්පය රුසියාව මත කඩා වැටී රුසියාව ඇමරිකාව මත කඩා වැටී, ක්‍රෙම්ලිනයේ විශේෂ කුටියක් තුළ සියවසකට කිටිටු කාලයක් බෙහෙත් ගල්වා ආරකෂිතව තැබු ලෙනින්ගේ සිරුර මමියක් පමණක් බවට පත්ව ඇති මෙකල ධනවාදය හඳුන්වන අලුත්ම නම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බවට පත්ව තිබේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් නපුංසක වන්නේ නැත. එය සියලු අංගෝපාංග ක්‍රමවත්ව පිහිටි කදිම පංචස්කන්ධයකි.

පසුගියදා පැවැති වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය සමඟ මේ පංචස්කන්ධය ගැලපෙන්නේ කෙසේදැයි කෙනකු ප්‍රශ්න කළහොත් අප දෙන උත්තරය නම් 1977 න් පසු මේ පංචස්කන්ධය යටතේ පැවැති, පුර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බෙහෙවින්ම අඩු, හොර ඡන්ද දැමීම බෙහෙවින්ම අඩු, අතපය කඩා ගැනීම් සහ ඔලු පලාගැනීම් බෙහෙවින් ම අඩු මැතිවරණය මෙය බව ය. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ දුෂිත සමගි පෙරමුණු ආණ්ඩුව පැරදවීම සඳහා 1977 දී පැවැති මහ මැතිවරණය ඉතාම භීෂණකාරී දේශපාලන අනාගතයකට මග පෑදී ය. එතැන් පටන් පැවැති ජනමත විචාරණය හෙවත් ලාම්පු : කළගෙඩි ඡන්දය, ජනාධිපතිවරණය, මහ මැතිවරණය පමණක් නොව සමුපකාරය සඳහා නිලධාරීන් තෝරා ගැනීම සඳහා පැවැති ඉතාම කුඩා නිලවරණය පවා මිනී මැරුම්, ඔලු පලා ගැනීම්, ගෙවල් ගිනි තැබීම් යනාදියෙන් කෙළවර විය. මෙවර පළාත් සභා මැතිවරණයේදී ඒ කිසිවක් නැත. ඡන්දය පාවිච්චි කළේද 55%:60% අතර පිරිසකි. හොර ඡන්ද දැමු බවට සැක කෙරෙන පුත්තලම ආසනයේ මැතිවරණය පමණක් ශුන්‍ය කරන ලදී. මේ නීතිය අතීතයට ද බලපාන පරිදි ක්‍රියාත්මක කරන්නේ නම් 1977 ඡන්දය ද ඇතුළුව මැතිවරණ ගණනාවකම ප්‍රතිඵල ශුන්‍ය කළ යුතු ය.

මේ පළාත් සභා ඡන්දයේදී ලැබුණු ප්‍රතිඵල අනුව ඊට සහභාගි වු සියලු පකෂවලට තමන් ගැන තක්සේරුවක් ලබා ගැනීමට හැකි ය. ආණ්ඩුවේ ජයග්‍රහණයට ප්‍රමුඛ හේතුව ලෙස අප දකින්නේ මේ රටේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව දරන මතවාදයයි. උතුර හා නැගෙනහිර යන දෙපළාත රටේ කොටසක් සේ තිබෙනු දැකීමට මේ පොළවේ උපන් ජනතාව කැමැති ය. එහි තේරුම රටේ ඒකීයත්වය නමැති සංකල්පය මිනිසුන්ගේ ලේ නහර විදගෙන ගොස් තිබෙන බව ය. එ.ජා.ප.ය මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන අදහස, එහි මන්ත්‍රීවරුන් අලිමංකඩ : පාමංකඩ, කිලිනොච්චිය : මැදවච්චිය යනාදී වශයෙන් යුද හමුදාවට කළ අපහාස මිනිසුන් අනුමත කර නැත. ජ.වි.පෙ. කියන්නේ මේ ඡන්දය යුද හමුදාව වෙනුවෙන් දුන් ඡන්දයක් බව ය. එසේ නම් රජය විසුරුවා හැර ත්‍රිවිධ හමුදාපතිවරුන් එකතු කර හමුදා ජුන්ටාවක් ගසා හමුදාව ලවා රට පාලනය කිරීමට පියවර ගන්නේ නම් මැනවිදැයි අපට ප්‍රශ්නයක් නැගිය හැකි ය. එහෙත් එම ප්‍රශ්නය නැගීමෙන් අප වැළකී සිටින අතර ඊට උත්තර ද බලාපොරොත්තු නොවෙමු. අපට ඇති දුක අදුෂිත, ප්‍රතිපත්ති මත පමණක් පිහිටා කටයුතු කළ පකෂයක් අද ක්‍රමයෙන් ජනතාව වෙතින් ප්‍රතිකෙෂ්ප වෙමින් පැවැතීම ය.

හෙට ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වුවද මෙයින් එහා ප්‍රතිඵලයක් අපේකෂා කළ නො හැකි බව අපගේ වැටහීමයි. අවුරුදු 20 කට පෙර කැඩී වෙන් වී ගිය තම රටේ උතුර සහ නැගෙනහිර ආපසු ලැබීම ගැන ජනයා මහත් සේ කැමැත්තෙන් සිටින බව පෙනේ. අප සිතා හිටියේ මිනිසුන්ගේ ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ කුස පළමුව රට දෙවනුව යනාදී වශයෙන් බව ය. එහෙත් මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ රට එකට කුස දෙකට යන ප්‍රතිපත්තියෙහි පිහිටා මිනිසුන් කටයුතු කරන බව ය.

(දිවයින_09/02/16)

පසු වදන_

මේ මැතිවරණ ජය රට ලැබූ ජයකි. ත්‍රස්තවාදයට එරෙහි රජයේ ක්‍රියාදාමය ජනතාව මහ ඉහළන් අනුමත කිරීමකි. දෙස් විදෙස් ඊනියා සාම නඩයේ පශ්චාත් භාගයට ජනතාව රිදෙන්න පා පහරක් දී තිබේ.

එම ජයෙන් රට පුරා දෑ හිතැති ජනතාව ඔකඳ වුවාට කිසිදු සැකයෙක් නැත. එහෙත් කොළඹ රතිඤ්ඤා නොදැල් වුණා යයි ද ජනතාව තුෂ්ණීම්භූතව සිටියේ යයි ද එක්තර මානසික රෝගියෙක් කියා තිබිණි. මුන්ට මේ රටේ ජන විඥානය තේරුම්ගත නොහැකි ය. අප මතෙන් බලෙන් පටවන ලද පලාත් සභා හෝ ඒ මැතිවරණ දේශපාලන පක්ෂවලට මිස ජනතාවට දැනෙන්නක් නොවේ. ඡන්ද ප්‍රකාශය පවා 50-60% මට්ටමක තිබිණි. දශක දෙකක් පලාත් සභා ඇදගෙන ආව ද ජනතාව ඊට ප්‍රතිචාර නොදක්වති. රටේ ජනතාවට පුනරීන් ජය තරම් මෙය නොදැනුණේ ඒ නිසා ය.

අදාළ ප්‍රදේශවල ඇත්තේ ද ඒ ඒ පක්ෂ විසින් අවුළන ලද කෘතීම උණුසුමකි. මේවා රටට තීරණාත්මක බලපෑමක් කරන දෙයක් නොවන බව ජනතාව දනිති. මේ සුදු අලියා නඩත්තු කරන්නට යොදන මහජන ධනය පවා අපතේ යයි. මෙවර එක ම විශේෂය වූයේ ආණ්ඩුවේ ජනප්‍රියතාව මැනගත හැකි වීමයි.

"උඳු වපුරා මුං නොපතනු" යනු අපේ ගැමියන් අතර ප්‍රචලිත ආප්තයෙකි. උඳු වපුරා මුං පැතූ විපක්ෂයට මධ්‍යමින් හා වයඹින් කදිම දඬුවමක් ලැබිණි. රටේ විරුද්ධ පක්ෂය බවට පත් වූ එවිපයට (ඊනියා unp) යන එන මං නැති විය. ඔවුන් හැම අතින් ම පරාද ය. සැබවින් ම පරාද ඔවුන් නොව ඔවුන්ගේ දීන ප්‍රතිපත්තියයි. එක අතකින් මේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකුම දායකත්වය ලබා දුන්නේ ඒ දීනත්වයයි. ජනතා අවදි වූයේ ඒ මූසල දීනත්වයට එරෙහිවයි. ජවිපෙට මේ ඉරණම නියත බව අපි කලින් ම පැවැසුවෙමු. සිය මෑත කාලීන තීන්දු තීරණ ගැන එහි නායකයින් නැවත සිතා බැලිය යුතු ය. ජනතාව නම් ඒ ගැන තීන්දුව ගෙන හමාර ය.

බැටළු හම් පොරවා ගත් වෘකයන්ට ඉඩ නො දෙමු

යුද ගැටුම් පවතින ප්‍රදේශවල සිර වී සිටින සිවිල් ජනතාවගේ ජීවිතාරක්ෂාව තහවුරු කරලීම සඳහා රජය හා එල්.ටී.ටී.ඊ.ය තාවකාලිකව සියලු යුද මෙහෙයුම් අත්හිටුවිය යුතු බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක රෝස් රෙඩ්මන් මහතා පසුගිය දා අවධාරණය කර තිබුණි.

සිවිල් ජනතාවගේ ජීවිතාරක්ෂාව තහවුරු කරලීම අනිවාර්යයෙන් ම සිදු විය යුත්තකි. ඒ පිළිබඳව කිසිදු විවාදයක් තිබිය යුතු ද නැත. නමුත් ඒ සඳහා යුද මෙහෙයුම් සියල්ල තාවකාලිකව අත්හිටුවිය යුතු බව කීම මහ නොසන්ඩාල කතාවකි.
ඉකුත් දශක දෙකහමාරකට අධික කාලය පුරාවට ම එල්.ටී.ටී.ඊ.ය මෙතරම් අසරණ වූ කාල වකවානුවක් තිබුණේ නැත. කිසිදු අවස්ථාවක කොටියාට මෙතරම් රිදෙන්නට වැදුණේ ද නැත. ඒ නිසා කොටි ත්‍රස්තවාදය මරණාසන්නව වැතිර සිටින මෙවන් මොහොතක යුද මෙහෙයුම් තාවකාලිකව නැවැත්විය යුතු යැයි කිසිවෙක් හෝ කියන්නේ නම් එය වක්‍රාකාරයෙන් එල්.ටී.ටී.ඊ.යට ජීව වායුව පිඹින්නට ගන්නා උත්සාහයක් ලෙස අපි දකිමු.

එක්සත් ජාතීන් නමින් පෙනී සිටින මේ පොලිස්කාරයාට සරණාගතයන් පිළිබඳ කිසියම් වගකීමක් තිබෙන බවට කිසිදු තර්කයක් නැත. නමුත් ඔවුන්ගේ වගකීම් හා තර්කන සියල්ල යථාර්ථවාදී විය යුතු ය. ත්‍රස්තවාදයෙන් ඇති පමණට බැට කා හෙම්බත්ව සිටින ජාතියක් කිසි විටෙකත් වාචාල කතාවලින් රවටනු නො හැකි ය.

ත්‍රස්තවාදය පිළිබඳව දශක දෙකහමාරක කාලයක් පුරා එක දිගට ශ්‍රි ලංකාව තරම් අත්දැකීම්, විනාශයන් හා විපාක අත්විදී ලොව වෙනත් රටක් ඇත්දැයි සැක සහිත ය. ඒ අතීතය එතරම් ම ශෝචනීය ය. නිරපරාදේ රටටත්, ජාතියටත් අහිමි වූ අමිල ජීවිත ගණන දස දහස් ගණනකි. එක්සත් ජාතීන්ට ජාත්‍යන්තර තලයේ කොතරම් අත්දැකීම් තිබුණත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රි ලංකාවට තරම් ත්‍රස්තවාදය පිළිබඳව පරිචයක් ඔවුන්ට නොමැති බව අමුතුවෙන් නොකිවමනා ය. කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මහ සටනට රටක් වශයෙන් ශ්‍රි ලංකාව සිටින්නේ ඒ පරිචයෙන් ලත් පන්නරයත් අනුපමේය අත්දැකීම් සම්භාරයත් සමගිනි. ඒ අනුව බලන කල සරණාගතයන් පිළිබඳව වගකීම ඇති එක්සත් ජාතීන් ත්‍රස්තවාදය මැඬලීම පිළිබඳව අප්‍රමාණ අත්දැකීම් ඇති ශ්‍රි ලංකාව නමැති ගලිවරයා ඉදීරියේ තවත් එක් ලිලිපුට්ටකු පමණකි. මෑතක් වනතුරු ම ලෝක මතය වූයේ ලොව භයානකම ත්‍රස්ත කල්ලිය එල්.ටී.ටී.ඊ.ය බව ය. යුද, ගුවන් හා නාවික බලයෙන් ද සමන්විත ලොව එක ම ගරිල්ලා කණ්ඩායම ද එල්.ටී.ටී.ඊ.ය බව ය. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ හා සිවිල් ආරක්ෂක බළකායේ වීරෝදාර රණවිරුවන්ගේ ආත්ම පරිත්‍යාගයෙන් යුත් කැප කිරීම් හා නොපසුබස්නා උත්සාහය හමුවේ එල්.ටී.ටී.ඊ.ය පිළිබඳ ලෝක මතය මේ වන විට පුස් වෙඩිල්ලක් බවට පත් වී තිබේ.

තව කෙටි කලෙකින් බිහිසුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදය යුද බලයෙන් සුනු විසුනු කළ රටක් ලෙස ශ්‍රි ලංකාව ලෝක ඉතිහාසයට එක්වීමට නියමිතව තිබේ. ඒ ආසන්නයේදී එක්සත් ජාතීන්ගේ නමට මුවා වී යුද මෙහෙයුම් නවතන්නට හෝ අඩපණ කරන්නට උඩු බුරලන්නවුන්ගේ හඬ අප එක් තඹයකටදු මායිම් කළ යුතු නැත.

ශ්‍රි ලංකාවේ මේ උත්සාහය දශක දෙකහමාරක් පුරා කොටි ත්‍රස්තවාදයේ සිරකරුවන් බවට පත්ව සිටින සිවිල් ජනතාව කොටි ග්‍රහණයෙන් සදාකාලිකව ම මුදවා ගැනීමට ය. ඔවුන් මුදවා ගැනීම සඳහා කෙරෙන මානුෂීය මෙහෙයුම සිවිල් ජනතාවට එරෙහිව කෙරෙන ක්‍රියාන්විතයක් ලෙස නම් කිරීම කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. මේ මොහොතේ දී වන්නිකරයේ අසරණ සිවිල් වැසියන්ගේ පරම සතුරා බවට පත්ව ඇත්තේ එල්.ටී.ටී.ඊ.ය ය. තමන්ගේ දීවි බේරා ගැනීම උදෙසා සිවිල් ජනතාව බලෙන් ඉදීරියට දමා ශ්‍රි ලංකා රජය එල්ලයේ ජාත්‍යන්තර බලපෑම් ඇති කරවා යුද මෙහෙයුම් නවතාලන්නට එල්.ටී.ටී.ඊ.ය අපරිමිත උත්සාහයක නියැළෙන බව ඉතා පැහැදීලි ය. ඒ අනුව බලන විට මේ මොහොතේ දී සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයත්, කොටි සංවිධානයත් ක්‍රියා කරමින් සිටිනුයේ එක ම අරමුණක් වෙනුවෙනි.

තවදුරටත් කොටින්ගේ උප්පරවැට්ටිවලට හසු නොවී ජාත්‍යන්තරය මේ සත්‍යය තේරුම්ගත යුතුව තිබේ. ජාත්‍යන්තරයේ හා කොටි ත්‍රස්තවාදයේ උවමනාව සමපාත වූ තැන එහි උපරිම අවාසිය අත්වනුයේ ශ්‍රි ලංකා රජයට ය. අපගේ වීරෝදාර හමුදාවන්ට ය. මේ වන විට සමස්ත ලෝකයේ ම අවධානය යොමුව ඇත්තේ ලෝක ත්‍රස්තවාදය මැඬලීම කෙරෙහි ය. ඔවුන්ට ඒ සඳහා අවංක උවමනාවක් ඇත්නම් මේ තීරණාත්මක මොහොතේ දී ඔවුන් ම කියූ පරිදී ලෝකයේ බිහිසුණු ම ත්‍රස්තවාදී සංවිධානය මැඬලීමේ අවසන් අදීයර සඳහා පූර්ණ සහාය පළ කළ යුතුව තිබේ. නමුත් ඒ මුවාවෙන් සිදුවනුයේ කොටින්ට යළි ජීව වායුව පිඹීමේ උත්සාහයක් නම් ලෝක ත්‍රස්තවාදය මැඩලීම යනු තවත් හුදු සටන් පාඨයක් පමණක් ම වනු නියත ය.
සරණාගතයන් පිළිබඳව වග කියන්නා වූ එක්සත් ජාතීන්ගේ අරමුණ විය යුත්තේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් වන්නිකරයේ අසරණ ජනතාව මුදා ගැනීම ය. ම්ලේච්ඡ මිනීමරු කොටි අහිංසක සිවිල් ජනතාව බලහත්කාරයෙන් මුලතිව්හි රඳවා ගෙන සිටිති. ත්‍රස්තවාදීන්ගෙන් මිදී හමුදා පාලන ප්‍රදේශ බලා එන අහිංසකයන්ට ගිනි බිදීති. එකා පිට එකා වැටෙන සේ මරා දමති. මේ කුරිරු ම්ලේච්ඡ ක්‍රියාදාමය මැඬලීම කෙරෙහි කිසිවක් නොදොඩා මේ ඒක පාර්ශ්වික එක්සත් ජාතීන් ද ඇතුළු ජාත්‍යන්තරය මුඛ පූට්ටු කරගෙන බලා හිදීති. ඒ අතරේ යුද මෙහෙයුම් නවතන ලෙස බල කරමින් ශ්‍රි ලංකා රජයට උඩු බුරලති.

ලෝක ත්‍රස්තවාදය මැඬලීම කෙසේ වුවත් කොටි ත්‍රස්තවාදයේ පසුබෑම් ඇතැම් ජාත්‍යන්තර සංවිධානවල මෙන්ම එන්.ජී.ඕ.ගත අන්තර්ජාතික සාම මුදලාලිලාගේ ද ඩොලර්, පවුම් පසුම්බිය හිල් කරවන්නක් වී ඇති වග ද අපි දනිමු. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ අරමුණ කවරක්දැයි අපි නො දනිමු. කෙසේවතුදු සරණාගතයන්ගේ ගැලවීම මුවාවෙන් කඩා හැළෙන කිඹුල් කඳුළු තුළ සැඟව ඇත්තේ සිය ගෝස්තරයත් කොටින්ගේ විමුක්තියත් පමණකි.
එසේ හෙයින් බැටළු හම් පොරවාගෙන අප හමුවට එන වෘකයන් දෙස අප සෑම මොහොතකම බැලිය යුත්තේ සැක මුසු අවධානයකිනි. මේ අනතුරු සංඥාව කුමක්දැයි යන්න රටේ පාලකයන් හා සියලු බලධාරින් තරයේ සිහිකටයුතු ය. සියලු බලපෑම් හා පීඩනයන් ඉදීරියේ වඩාත් ප්‍රඥා සම්පන්න නො වුවහොත් ශක්තිමත් කශේරුවක් නො තිබුණ හොත් විනාශය නොපමාව ම යළි අප කරා එන බව දැඩිව අවධාරණය කළ යුතු ම ය.

(රිවිර ඉරිදා සංග්‍රහය_09/02/15)

පසු වදන_
එක්සත් ජාතීන් ගැන නොව අපේ රට හූරගෙන කෑ මංකොල්ලකාරයා ගැන කීමට යමක් තිබේ. මහා බ්‍රිතාන්‍යයට නිතර අමතක වන දෙයක් තිබේ. ඒ ශ්‍රී ලංකාව 1972 ස්වාධීන ජන රජයක් වූ බව ය. එහෙයින් ඔවුන් තවම සිතන්නේ ලංකාව සිය කොළනියක් හෙවත් යටත්විජිතයක් බව ය. එක අතකින් එහි අරුමයක් ද නැත. මෙරට ඉපිද මෙරට අම්මා කෙනෙකුගෙන් කිරි බී තවමත් මෙරට පය ගසා සිටින දීන තුප්පහි පරයින් පිරිසක් ද එසේ සිතන කල. මේ ගෙවලයෝ සුද්දන් ලෙස පෙනී සිටින්නට හරි ම කැමති ය. සුද්දාට කඩේ යාමෙන් සුද්දා සුප්පා ඉවත දමන මානව හිමිකම්, සුළු ජාතික අයිතීන් වැනි කටු ලෙවීමෙන් තමන් ද සුද්දෙක් වෙතැයි උන් සිතති. එහෙත් මෙරට පය ගසා සිටින දෑ හිතකාමී ජනතාව සියලු භේද අමතක කර රට වෙනුවෙන් ජාතික කොඩිය යට ගොනු වෙති.මධ්‍යම වයඹ වූයේ එය මිස අනෙකක් නොවේ. අපේ මව් බිම දිනේවා!

Friday, February 13, 2009

මව් බිමට කඩේ යාම

අපි ඊයේ රටේ විපක්ෂය මේ තීරණාත්මක මොහොතේ රට වෙනුවෙන් ආණ්ඩුවට සහය දීමේ අවශ්‍යතාව අවධාරණය කළෙමු. ඒ හඩ අප තුළ පමණක් නොව එම පක්ෂවල දෑ හිතැති නායකයින්ගේ හදවත් තුළින් ද මතුවන්නට පටන්ගෙන ඇත. මේ වූ කලී අත් නොහැරිය යුතු ජාතික වඟකීමකැයි ඔවුහු ශීඝ්‍රයෙන් අවබෝධ කරගනිමින් සිටිති.

තොප්පිගල කැළෑව, අලිමංකඩ-පාමංකඩ, කිලිනොච්චි-මැදවච්චි වස් කවි අද දීනයින්ට පාරාවළල්ලක් වී තිබේ. රටේ හමුදාවට නිඟා දුන් උන් දැන් රණ විරුවෝ ගැන කතා කරති. සම්‍යයක් දෘෂ්ටිය පහළ වී ද? මැතිවරණයේ ඡන්දදායකයින් ජාත්‍යන්තර ප්‍රජාව නොවන බව සිහිවී ද? නොදනිමි.
විපක්ෂයේ දීන පර හඬ යටගොස් දේශප්‍රෙමී හඬ මතුවේවා! එකී පක්ෂවල දීනයින් වෙනුවට අදීන නායකයින් පහළ වේවා! මව් බිමට ජයෙන් ජයම වේවා!

රුක්මන්, එජාපය හා කොටි සංවිධානය

අපගේ ජාතික ප්‍රශ්නයේදී නිවැරුදි අදහසක් පළ කිරීම සම්බන්ධයෙන් රුක්මන් සේනානායක මහතාට මම සුබපතමි. ඔහුගේ ප්‍රකාශය වුයේ අප මේ අවස්ථාවේදී රජයට කොන්දේසි විරහිතව සහයෝගය දැක්විය යුතු බවයි. එම ප්‍රකාශය ඔහුගේ නායකයාගේ සහ ඔහුගේ පක්ෂයේ බොහෝ දෙනකුගේ අදහස්වලට වෙනස් වුවකි. අනෙක් පැත්තෙන් මෙම ප්‍රකාශය සිදු වුයේ අපගේ යුද හමුදාව වෙත ඔහුගේ පක්ෂය ප්‍රශංසා කරමින් සිටින අවස්ථාවකදීය. ඇත්ත වශයෙන්ම මෙය ඔවුන්ට අනිවාර්යයෙන්ම කිරීමට සිදු වුවකි. ඒ ඔවුන්ගේ යහපතටමය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ආදී චරිත එක්තරා දුරකට නොසලකා හරිමිනි. මොවුන් දෙදෙනාටම රටේ ජනතාවගේ ගෞරවය හිමි විය යුතුය.

එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය ප්‍රතිපත්තිය දිගටම ගෙන ගියා නම් රට ඉතාමත් අගාධයකට පත්වීමට ඉඩ තිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ රට දෙකඩ වීමයි. එමෙන්ම එය දෙවැනි කොසෝවක් ඇතිකරනවා හා සමාන වනු ඇත. සටන් විරාම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ රහසිගතවය. හමුදා ප්‍රධානීන් පමණක් නොව, සේනාධිනායිකාව පවා එය දැන සිටියේ නැත. මෙම ගිවිසුමට අනුව අප රටේ දිස්ත්‍රික්ක දෙකක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට පත්විය. එම දිස්ත්‍රික් දෙක පිළිබඳව මධ්‍යම රජයට කිසිදු පාලනයක් තිබුණේ නැත. සටන් විරාම ගිවිසුම අත්සන් කළ අස්ථාවේදී මා ලියු ලිපියක මා අවධානය යොමු කළේ එම ගිවිසුමේ 1, 8 වගන්තියටය. ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධ අනෙක් සියලුම කණ්ඩායම් අවි ආයුධ අත්හැරිය යුතුය. එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙම වගන්තියෙන් සම්පුර්ණ වාසිය ලබාගැනීමට අමතක කළේ නැත. එම ගිවිසුමේම 1.10 වගන්තියට අනුව ඒ. 9 මාර්ගයේ ගමන් ගන්නා වු අපගේ හමුදාවලට පවා ආයුධ ගෙන යා නොහැකිය. අපගේ හමුදා අසරණ තත්ත්වයට පත්විය. මෙම මිනීමරු ත්‍රස්තවාදීන් අපගේ පොලිස් හමුදාවේ 640 දෙනකු අමු අමුවේ ඝාතනය කළ හැටි අපට තවමත් මතකය. ජනාධිපති ප්‍රේමදාසට එල්.ටී.ටී.ඊ. සංවිධානය පොරොන්දු වුණේ නැගෙනහිර පළාතේ පොලිස් හමුදාව භාර වන්නේ නම් ඔවුන්ට එම කලාපයෙන් ඉවත් වීමට ආරක්ෂාව සලසා දෙන බවය. එහෙත් සිදු වුයේ වෙනත් දෙයකි. මෙම ගිවිසුමේම 1.11 සහ 1.12 වගන්තිවලට අනුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට රජය යටතේ පවතින පෙදෙස්වලට පැමිණීමට ඉඩකඩ ලබාදී තිබිණි. එමෙන්ම 1.13 වගන්තියෙන් ඔවුන්ට රජයේ පෙදෙස්වලට පැමිණ දේශපාලන කටයුතුවල නියැළීමේ අයිතියද ලබාදී තිබිණි. ඔවුන්ව පරීක්ෂාවකට භාජන නොකරන බවත් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවටත් එකඟතාවකට පැමිණ තිබිණි. එමෙන්ම විදේශ රටවලට යෑමේ අයිතිය සහ අවශ්‍ය ආයුධ ඔවුන්ට ලබාගැනීමේ ඉඩකඩද ලබාදී තිබිණි. ඒ හැරුණු විට නවීනතම සන්නිවේදන උපකරණ ලබාගැනීමටද ඉඩ දී තිබිණි. මෙම භාණ්ඩ ගෙනෙන කන්ටේනර් රේගු පරීක්ෂාවට ලක් නොකිරීමට ද පහසුකම් සපයා තිබිණි. ඒ සියලුම පහසුකම් ලබාදී තිබුණේ සටන් විරාම ගිවිසුම යන නාමයෙනි. එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් පැවැසුවේ ඉදිරියට යෑමට ගත හැකි හොඳම පියවර මෙය බවය. එය ඔහුගේ නොදැනුවත්කම නිසා කළ ප්‍රකාශයක් විය හැකිය.

සටන් විරාම ගිවිසුමට පිං සිදු වන්නට එල්.ටී.ටී.ඊ. සංවිධානයට රජය යටතේ පවතින ප්‍රදේශවල පවා කාර්යාල විවෘත කිරීමට ඉඩකඩ ලැබිණි. එය ප්‍රයෝජනයට ගනිමින් උතුර හා නැගෙනහිර පෙදෙස්වල ඔවුන්ගේ දේශපාලන ශක්තිය සම්පුර්ණයෙන්ම තහවුරු කර ගත්තේය. හමුදාව බැරැක්කවලට පමණක් සීමා විය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ රජය යටතේ පවතින පෙදෙස්වලට පැමිණ නිකන් සිටියේ නැත. රජයේ සේවකයන්ට, ගුරුවරුන්ට, පාසල් සිසුන්ට තර්ජන ගර්ජන කළහ. ඔවුහු විවිධාකාරයේ විරෝධතා ව්‍යාපාර දියත් කළහ. ජනතාව තමන් දෙසට ඇද ගැනීම සඳහා පොංගු තමිල් උත්සවය සංවිධානය කළේය. කොළඹ සිටි රජය මේ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැව් පිටින් අවි ආයුධ මෙරටට ගෙනාවේය. රජය ඒ පිළිබඳව මුනිවත රකිමින් සිටියේය. එවකට සිටි නාවුක හමුදාපතිවරයා එල්.ටී.ටී.ඊ. යුද නැවකට පහරදීම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට පවා ලක්විය. එලෙසම අවි ආයුධ ගෙනා දෙවැනි නැව ගිල්වා දැමුවේ අගමැතිවරයාට දැන ගැනීමට පවා ඉඩ නොතබමිනි.

අපගේ හමුදාවට වෙඩි උණ්ඩ ලැබුණේ නැත. ආරක්ෂක ආවරණ ලැබුණේ නැත. විදේශ රටවල සිටින දෙමළ ජනතාවගේ ආධාරය ලබා ගැනීම පිණිස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයනට ලොව පුරා සංචාරය කිරීමට ඉඩ දී තිබිණි. අපගේ බුද්ධි අංශය සම්පුර්යෙන්ම සමුල ඝාතනය කිරීමට ඔවුනට ඉඩකඩ ලැබිණි. එහි ප්‍රධානී බ්‍රිගේඩියර් මුතාලිෆ් පවා ඝාතනය කර දැමීමට ඔවුන්ට හැකි විය. 2002:2003 යන වසර දෙක තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය බෙහෙවින් ශක්තිමත් විය. පවතින රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ නොකළේ නම් වැඩි කලක් යෑමට මත්තෙන් ඔවුන් නිදහස ප්‍රකාශ කිරීමට ඉඩ තිබිණි. බටහිර සිටින ඔවුන්ගේ මිතුරු රටවල් ඊළම බොහොමත් සන්තෝෂයෙන් පිළිගන්නවා නිසැකය.

රුක්මන් සේනානායක මහතාගේ මෙම ප්‍රකාශය සිදු වුයේ මෙවැනි පසුබිමක් මතය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කෙරෙන මෙම යුද්ධයේදී අපගේ දේශපාලන මතිමතාන්තර අමතක කර දැමිය යුතුය. රුක්මන් සේනානායක මහතා සෑම අවස්ථාවකම පක්ෂයට වඩා ඉදිරියෙන් තැබුවේ රටය. ඔහු බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇත්තේ මේ ගැටුම්වාදී දේශපාලනය අප රටින් නැති කළ යුතු බවය. ජාතික ප්‍රශ්න මතුවු අවස්ථාවන්වලදී ජාතික රජයකට යෑමේ අවශ්‍යතාව ගැන ද එතුමා කතා කර ඇත. ඔබගේ පක්ෂය වගකිව හැකි ජාතික දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට ඔබට ශක්තිය ලැබේවා යන්න මගේ පැතුමයි.

නන්ද ගොඩගේ විසින්
දි අයිලන්ඩ් පුවත්පතට සැපයු ලිපියකිනි
පරිවර්තනය : අසෝක වන්නිආරච්චි
(දිවයින_09/0214)

Thursday, February 12, 2009

දේශපාලන ආනන්තරීය පාප කර්මය

පෙර වදන_ඇමරිකාවට 9/11 ප්‍රහාරය එල්ල වූ විට එරට විපක්ෂය කොන්දේසී විරහිතව බුෂ් රජයට සහයෝගය පළකළේ ය. මෑතදී මුම්බායට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ ඉන්දියාව අනුගමනය කළේ ද ඒ සාධු දහමයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල විපක්ෂය ක්‍රියාකරන්නේ ඡායා ආණ්ඩුවක් මෙනි. ඔවුන් විපක්ෂය වන්නේ පවතින ආණ්ඩුවේ මිස රටේ නොවේ. එහෙයින් ජාතික ආරක්ෂාවට බලපාන තීන්දු තීරණ ගන්නා විට විපක්ෂය සිය පක්ෂ දේශපාලනය අමතක කරයි. රට ගැන හිතා එහි අභිවෘර්ධිය වෙනුවෙන් ක්‍රියාකරයි. එහෙත් මෙරට විපක්ෂය ක්‍රියාකරන්නේ සම්පූර්ණයෙන් රටේ විරුද්ධවාදීන් ලෙස ය. දේශද්‍රොහීන් ලෙස ය. රටේ හතුරන්ට වාසිදායක වන ලෙස ය. ඔවුන්ගේ සටන් පාඨ රටේ හතුරන්ගේ සටන් පාඨ ය.

තමන් සිටින්නේ මහා මකරෙක් අභියස බවට මේ අයට වඟෙවගක් නැත. එහෙයින් තමන් ද ඇතුළු රටේ හතුරන්ගේ දේශපාලන ඝාතන පවා මොවුන් ආණ්ඩුව මත පැටවීමට තරම් අමන තත්ත්වයට පත්වී තිබේ. ජානක පෙරේරා ඝාතනය කළේ කොටි බව සක්සුදක් සේ පැහැදිළි වුව ද දැනුදු විපක්ෂය කියන්නේ ඊට වඟකිව යුත්තේ ආණ්ඩුව බවයි. ඒ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොදීමෙන්ලු. ඒ තර්කය නිවැරදි නම් මීට පෙර ත්‍රස්තවාදයට බිලි වූ සියලු එවිපයේ නායකයින් ඝාතනය වූයේ ඔවුන්ගේ පාලන කාලයේ බැවින් ඒ සියලු ඝාතන වඟකීම් ඔවුන් භාරගත යුතු ය. එහෙත් එසේ වන්නේ නැත. පැහැදිලිවම කිව හැක්කේ මේ අය දේශපාලන ආනන්තරිය පාප කර්මයේ යෙදී ගිළී නහමින් සිටින බව ය. උපන් බිමට කළ හැකි මීට වඩා හතුරුකමක් මට සිතාගත නොහැකි ය.

විපක්ෂය වෙතටයි යන ශීර්ෂය යටතේ පළවෙන මේ ලිපියෙන් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන මහා සංඝ රත්නයේ අදහස පිළිබිඹු වෙයි. එහෙන් මෙහෙන් කෑලි අහුලාගෙන තමන් බුදු දහම අතැඹුලක් සේ දනිතැයි සිතා ලියන මැටි මෝලන්ගේ ගැන අප අනුකම්පා කරමු. උන් සිතා ඉන්නේ මේ රට බෞද්ධ බැවින් රජතුමා සිරිසඟබෝ විය යුතු බවයි. ඕන බල්ලෙකුට පැමිණ රටේ උඩ පිනුම් බඩ පිනුම් ගසන්නට ඉඩ දියයුතු බව ය. රටෙන් කෑල්ලක් ඉල්ලා සිටි විට බන්දේසියේ තබා පූජා කළ යුතු බව ය. ත්‍රස්තවාදී ක්‍රියා අතීතයේ සිදු වූ යම් යම් වැරදි නිසා ඉවසිය යුතු බව ය. රටේ ආරක්ෂක හමුදා පොල් ගෑ යුතු බවයි. කෙසේ වුව ද රටට අතුරු ආන්තරාවක් පැමිණි කල එදා සිට ජාතියට මග පෙන් වූ මහා සඟ රැවනට නමස්කාර වේවා!

විපකෂය වෙතටයි
(දිවයින_09/02/13)

ත්‍රෛනිකායික මහ නාහිමිවරු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් මෙසේ ඉල්ලා සිටියහ.

"...මෙම දුෂ්කර අවස්ථාවේදී විදේශීය බලවේගයන්ට මේ රටට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට ඉඩකඩ නොතබා, රටේ භෞමික අඛණ්ඩතාව හා සමගිය ආරකෂා කර ගැනීම පිණිස, පකෂ-විපකෂ භේදයකින් තොරව සියලු දේශපාලනික ආගමික නායක කාරකාදීන් සමග එකතුව රටේ ත්‍රස්ත උවදුරු හා වෙනත් ජාතික උවදුරු මැඬලීමට අවශ්‍ය පියවර එඩිතරව හා සාධාරණව ගෙන රටේ සාමය හා සෞභාග්‍ය ඇතිකර දෙන්න..."

මේ මොහොතේ රට පවතින තත්ත්වය පිළිබඳව ගෞරවනීය මහා සංඝරත්නයේ සවිඥානක බව පිළිබිඹු කරන ඉහත සඳහන් සංදේශය මගින් උන්වහන්සේලා රටේ ජනාධිපතිවරයා පමණක් නොව සියලුම දේශපාලන පකෂ නායකයන් අමතා සිටින්නේය යන්න අපගේ අදහස ය.

ජනාධිපතිවරයාට පකෂපාත දේශපාලන පකෂ පිළිබඳව හා ඒවායේ නායකයන් පිළිබඳව මෙහිදී ගැටලුවක් පැන නොනඟී. මන්ද දෑනටමත් එම පකෂ සහ ඒවායේ නායකයන් උන්වහන්සේලා සඳහන් කරන කාරණය කෙරෙහි එක්ව, එක්සිත්ව කටයුතු කරන බැවිනි.

ජනාධිපතිවරයාත්, ඔහුගේ කණ්ඩායමත් අදාළ කාරණය අරභයා සමගිව රුස්වෙති. සමගිව සාකච්ඡා කරති. සමගිව විසිර යති. මේ තත්ත්වය නොමැත්තේ ජනාධිපතිවරයාත් විපකෂයේ දේශපාලන පකෂත් අතරය, විපකෂයේ දේශපාලන නායකයනුත් අතරය.

ජනාධිපතිවරයාගේ රජයටත් විපකෂයටත් මේ දවස්වල ලොකු වැඩක් තිබේ. ඒ පළාත් සභා මැතිවරණ දෙකකි. ඉතාම ඇත්ත නම් ජනාධිපතිවරයාටත් රජයටත් ඊටත් වඩා ලොකු වැඩක්ද තිබේ. ඒ වසර තිහක් තිස්සේ මේ රට ප්‍රාණ ඇපයට සහ ප්‍රාණ වධයට ලක්කොට සිටි ලෝකයේ කුරිරුම ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ අවසාන සටන සාර්ථකව නිම කිරීමය.

(ජනාධිපතිවරයාත් ඔහුගේ රජයත් ඒ වැඩේ ටොපේ ටොප් විදිහට කරමින් තිබෙන බවට, පුදුකුඩිඉරුප්පු බංකරයක සැඟවී රතු කුරුසයේ සුප්පුවක් උරමින් සිටින ප්‍රභාකරන්ටවත් සැකයක් නැත.)

එහෙත්, විපකෂයට එහෙම වැඩක ප්‍රශ්නයක් නැත. එහෙම ප්‍රශ්නයක් නැතුවා පමණක් නොව එහෙම සටනක් රටේ පවතින බවට වගක්වත් ද නැත. ත්‍රස්තවාදයට එරෙහි සටන රජයේ වැඩක් මිස රටේ වැඩක් වශයෙන් ඔවුන් නොසිතන සෙයකි. දෑන් දෑන් නැතත් පසුගිය කාලය මුළුල්ලේම ඔවුන් සමහරෙක් ඒ සටනට සහායක් නුදුන්නා පමණක් නොව කෝචොක් දෑම්මේ ද එහෙයිනි.

රටේ හමුදාව කිළිනොච්චි යෑම මැදවච්චි යෑමක් වශයෙන්ද, අලිමංකඩ යෑම පාමංකඩ යෑමක් වශයෙන්ද මේ පුදුම මිනිසුන් විසින් හඳුන්වනු ලැබුයේ එහෙයිනි.

එක අතකට අප රටේ විපකෂ දේශපාලනය මෙසේ හැසිරෙන්නේ තමන්ට මුළු වෙර යොදා ජයගත යුතු මැතිවරණ තිබෙන නිසාමත් නොවේ. මැතිවරණ නැතත් රජයන්ගේ කකුල්වලින් ඇදීම ඒවායේ සිරිත හෙයිනි. එසේ කිරීමෙන් වාසිය ලැබෙන්නේ යම් මොහොතක තමන්වත් බිලි ගැනීමට ඉඩ ඇති රීරි යකෙකුටය යන්න ඔවුහු නොසලකති.

ත්‍රස්තවාදය එහි ශ්‍රී ලාංකික ආත්මය අතහැර ඉන්දියන් සාගර පතුලේ බෝතල් කුප්පියක් තුළ සදාකාලිකව ලැඟුම් ගැනීමට සැරසෙන මොහොතක එය එම ඉරණමෙන් මුදා ගැනීමට වලිකන්නන්, දෑන් ලෝකයේ සතර දෙසින් දිව එන්නේ ඇඳුම් ද නැතිවය.

යක්කුන්ට අඬන්ට ගැසු සුරුවිරු හමුදාවක් සහිත රජයකට, ඒ දිව එන ආකාරයේ ගෙවල පෙරෙ\තයන් ඔසොවා පොළොවේ ගැසීම එතරම් කජ්ජක් විය හැකි නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහය විසින් ඒ ඉඩකඩ වෙන්කර ඇත්තේ රටේ විපකෂයට බව අපගේ විශ්වාසය ය.

රටේ විපකෂය ඉතාම කාලකන්නි ලෙස මඟ හරිමින් සිටින්නේ ඒ අවස්ථාවය.

තම දේශපාලන බල අරගල ඊට උචිත අවස්ථාවන් සඳහා සීමා කොට, මුළු රටම එකාවන්ව ත්‍රස්තවාදයට එරෙහිවත්, එහි විදේශීය ගැලවුම්කාරයනට එරෙහිවත් නැඟී සිටිය යුතු මොහොතක එසේ නොකිරීම "දේශපාලන ආනන්තරීය පාපකර්මයකි."

මේ ලියන මොහොත වනතුරුත් විශ්වමඩු තිරිසන් ප්‍රහාරය හෙළාදෑක ප්‍රකාශයක් නිකුත් නොකළ විපකෂයකින්, විදේශ දුෂ්ටකම් වලින් ශ්‍රී ලංකා රාජ්‍ය ආරකෂා කර ගැනීමට සහායක් බලාපොරොත්තු වීම විහිළුවක් විය හැකි වුවත් අපගේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම සලකාවත් තම යුතුකම සඳහා ඉදිරිපත් වන්නැයි අපි විපකෂ දේශපාලන පකෂවලින් ඉල්ලා සිටිමු.

එසේ නැත්නම් ඔබ නතර වන්නේ දේශපාලන කුණු බක්කියෙත් නොව ඊටත් එහා තැනකය යන්න කනගාටුවෙන් යුතුව කීමට අපට සිදුවෙයි.

Wednesday, February 11, 2009

ත්‍රස්තවාදියාගේ ජාතිය ආගම නොසලකනු!

පෙර වදන_
කොටියා ජාතියේ ලේ සොලවන විට ඒ ලේ නොව ක්‍ෂීර සාගරය කැළඹීමකැයි පැවසීම දේශපාලනය කරගත් දෙමළ ජාතික සංධාකය වහා තහනම් කරන්නැයි ආනන්ද සංගරී මහතා රජයෙන් ඉල්ලා තිබේ. එහෙත් රජය ඉන් නතර නොවී, සිය වස්ත්‍ර ගලවා කොටි පුල්ලි වැසූ සෑම දෙනාටම ද ඬුවම් ලබාදිය යුතු ය. මේ ද්‍රොහීන්ගේ නම් සිංහල, දෙමළ, මුස්ලිම් හෝ ඉංගිරිසි වුව ද කම් නැත. ඒ සියල්ලෝ ත්‍රස්තවාදියෝ ය. උන්ට ජාති, ආගම් නැත. ඇතොත් ජාතිය තිරස්චීනයි. ආගම වෛරයයි.

දෙමළ ජාතික සන්ධානය දඬුවම් ලැබිය යුතු
නඩු භාණ්ඩයකි (දිවයින_09/02/12)

ප්‍රභාකරන්ගේ දේශපාලන බළල් අත වු දෙමළ ජාතික සන්ධානය නමැති ත්‍රස්තවාදී සංගමය (මෙය අපගේ නිර්වචනයයි.) තහනම් කරන ලෙස වීරසිංහම් ආනන්ද සංගරී මහතා රජයෙන් ඉල්ලා තිබේ. එය ඉතා සාධාරණ හා වහා පියවර ගත යුතු ඉල්ලීමකි. ආණ්ඩුව කොටි සංවිධානය තහනම් කළේ නම්, ඒ සමඟම එහි ශාඛා සංවිධාන, එහි අතු ගංගා, එහි කුණු කාණු සියල්ල ද තහනම් කළ යුතු ය. දෙමළ ජාතික සන්ධානය යනු ප්‍රභාකරන් විසින් උපදවන ලද ලේ ගංගා ගලා බැසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු යොදා තනන ලද කුණු ඇළකි. ප්‍රභාකරන්ගේ ඉරණම විසඳෙන විට ඔහුට සම්බන්ධ පන්දම්කාරයන් සියලු දෙනාගේ ද ඉරණම විසඳිය යුතු ය. මෙවැනි ඉරණම්කාරයන්ගේ ලැයිස්තුවක් සැදුවහොත් එහි මුලට ම සිටිනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි. රතු කුරුසය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද එම ලැයිස්තුවේ සිටියි. කෙනකු තව කෙනකුට පිහියකින් ඇන මැරු විට පිහිය නඩු භාණ්ඩයක් ලෙස සලකා අත්අඩංගුවට ගනු ලැබේ. එසේ නැතිව පාන් කැපීමට හෝ එළවළු කැපීම පිණිස පිහිය නිදහස් කරනු නො ලැබේ. එසේම ප්‍රභාකරන්ගේ සිද්ධියේදී දෙමළ සන්ධානය නඩු භාණ්ඩයකි. පිහියට දඬුවම් කිරීමට නීතියක් නැත. එහෙත් දෙමළ සන්ධානයට දඬුවම් කිරීම සඳහා නීති අලුතින් හෝ තැනිය යුතු ය.



(The Island_12/02/09)

දෙමළ ජාතික සන්ධානය මෙයට අවුරුදු කිහිපයකට පෙර දෙමළ එක්සත් පෙරමුණ නමින් හඳුන්වන ලදී. එහි නායකයා වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අමිර්තලිංගම් බෙදුම්වාදී සටනේ මුල් කාලයේදී ප්‍රභාකරන්ට සලකන ලද්දේ පුතෙකුට මෙනි. අමිර්තලිංගම් මහත්මිය ප්‍රභාකරන්ට කිරි නො පෙව්වා පමණි. ඔහු ඒ පවුලේ ආදරණීය දේශපාලන දරුවා විය. එහෙත්, යාපනේ පුරපති ඇල්ප්‍රඩ් දොරෙ\අප්පා මහතා සියතින්ම මැරු පසු ඉතා හොඳින් මුවහත් වු ප්‍රභාකරන් අමිර්තලිංගම්ට ද වෙඩි තබා මැරී ය. ඒ ඝාතනයෙන් පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙදරා ගියේ ය. ප්‍රභාකරන් හැම විටම ඔවුන් මරණයේ සෙවණැල්ල යට තැබී ය. වීරසිංහම් ආනන්ද සංගරී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා බවට පත්වන්නේ මේ අතර ය.

කාලය ගතවෙද්දී ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ආධාරයෙන් ප්‍රභාකරන් සිය සංවිධානය පුළුල් කර ගත්තේ ය. ඒ අතර ප්‍රභාකරන්ට අන්තර්ජාතික මටිටමින් ආධාර එකතු කිරීමට වුවමනා වු නිසා ඔහු දෙමළ පුනරුත්ථාපන සංවිධානය හෙවත් ටී. ආර්. ඕ. සංවිධානය අටවා ගත්තේ ය. ඔවුහු සුනාමියේ පින්තුර පිටරටවල පෙන්වා යුද හමුදාව දැමු බෝම්බවලින් ඒ හානි වු බව කියා සල්ලි එකතු කළහ. මේ අතර ප්‍රභාකරන්ට පිළිගත් දේශපාලන පකෂයක් වුවමනා විය. සමහර පිටරට ලොකු සල්ලිකාරයෝ තමන්ට පත්තරයක් වුවමනා වු කල මාධ්‍ය ආයතනයක් එහෙම පිටින්ම මිලට ගනිති. මේ ආකාරයෙන් ප්‍රභාකරන් ද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එහෙම පිටින්ම තමන් අතට ගෙන එයට දෙමළ ජාතික සන්ධානය යන නම තැබී ය. දෙමළ ජාතික සන්ධානයට එකතු නො වුණේ වී. ආනන්ද සංගරී පමණි. සෙස්සෝ ප්‍රභාකරන්ගේ තුවක්කු කටට බියෙන් හා වෙනත් වාසිවලට ආසාවෙන් ප්‍රභාකරන් යටතේ තම දේශපාලනය කිරීමට එකඟ වුහ. ඒ දේශපාලනය වු කලී ප්‍රභාකරන් මිනී මරද්දී ලේ ගලන විට ඒ ලේ මත සුදු හුණු උලා ප්‍රභාකරන් සාධාරණ බව කියු දේශපාලනයකි. එබැවින් දෙමළ ජාතික සන්ධානය ද ප්‍රභාකරන් කළ සියලු අපරාධවලට වගකීමක් ඇතිව ම සම්බන්ධ ය.

මේ පකෂය වහා තහනම් කළ යුත්තේ ද ඒ නිසා ය. ප්‍රභාකරන් ගින්නේ ලු සියලු කොස් ඇටවල අළු දෙමළ ජාතික සන්ධානය නමැති බළල් අතේ තවමත් ඇත.

Tuesday, February 10, 2009

නිරුවත් ප්‍රභාකරන් !

ප්‍රභාකරන්ගේ මිනී පෙටිටියට ඇණ ගැසීම සඳහා ජාති ආගම් කුල භේදවලින් තොරව එක්වීමට මේ රටේ ජනයාට මෙයට වඩා හොඳ අවස්ථාවක් නැත. සිය ජීවිතයේ අවසන් මොහොතට ළඟාවෙමින් සිටින මේ අධම ත්‍රස්තවාදියා සියලු යුද නීතිවලට පිටින් යමින් විෂ වායු ප්‍රහාර එල්ල කරමින්, ජලාශවලට වෝල්ටි 33000 විදුලිය කාන්දු කර පිපාසය පිණිස දියට බසින අහිංසකයන් මරමින් සිවිල් වැසියනට වෙඩි තබමින් භයානක ලෙස හැසිරෙයි. මුළු උතුරත් නැගෙනහිරත් සිය පාලනය යටතේ තබාගෙන කප්පම් ගනිමින් මිනිසුන්ට දස වධ දෙමින් ම්ලේච්ඡ ජීවිතයක් ගත කළ ප්‍රභාකරන් සිය අවසාන මොහොත ගෙවනු ඇත්තේ ද තමන් ජීවත් වු ප්‍රචණ්ඩ ආකාරයෙන් ම ය. පෙරේදා (09 දා) ඔහුගේ ත්‍රස්තයෝ අනාථයන්ට උපස්ථාන කරමින් සිටි නිරායුධ සෙබළුන් 20 දෙනකු ද සිවිල් වැසියන් 8 දෙනකු ද මරාගෙන මැරෙන බෝම්බකාරියක ලවා මැරවී ය. ඊයේ (10 දා) උදේ වන්නියේදී රජයේ හමුදාවේ රුකවරණ පතා එමින් සිටි දෙමළ වැසියන් 17 දෙනකු මරා තවත් 69 දෙනකුට තුවාල සිදු කළහ. මෙයින් වැසියන් 30 දෙනකු ඉතා බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත. දෙමළ ජනයාගේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටීමට තැත් කළ ප්‍රභාකරන් නිදහස පතා දිව යන තමන්ගේ ම ජනයා වෙඩි තබා මැරු පළමුවන අවස්ථාව මෙය නොවේ. මේ ගැන රතු කුරුසය කියන්නේ කුමක්ද? පසුගියදා රතු කුරුසයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා විදේශවලට පණිවුඩයක් යවමින් මළසිරුරු බහාලන බෑග් හැකි තරම් එවන ලෙස ඉල්ලා සිටියේ මේ තත්ත්වය දැනගෙන විය යුතු ය. එවැනි ම්ලේච්ඡයකු සමඟ සහයෝගයෙන් වැඩ කළ ශ්‍රී ලංකාවේ රතුකුරුස ලොක්කා කුරුසියේ තබා ඇණ ගැසිය යුතු බව අපි පසුගියදා වක්‍රාකාරයෙන් යෝජනා කළෙමු. අද ඒ යෝජනාව සෘජුවම කරමු. මේ ලෝකයේ මිනිසුන් හැමදාමත් කුරුසියේ තබා ඇණ ගසන ලද්දේ නිවැරදිකාර අහිංසක මනුෂ්‍යයන් ය. වැරදිකාරයෝ රතු කුරුසයේ කාර්ය මණ්ඩලයට එක්ව සුව පහසු ජීවිත ගත කළහ.

ශිෂ්ට ලෝකයේ ජීවත්වන කෙනකුට තම ජන වර්ගයේ එකම නියෝජිතයා බවට පත්විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම තුළිනි. තුවක්කුවෙන් එය කළ නො හැක. තුවක්කුවෙන් එය කිරීමට උත්සාහ කරන්නා තුවක්කුවෙන් ම ජීවිතය කෙළවර කර ගනී. හිටිලර්ට මෙය විය. මුසෝලිනිට ද මෙය විය. එසේ නම් ප්‍රභාකරන්ට ද එය විය යුතුම ය. ප්‍රභාකරන් සතුව මේ මොහොතේදී තිබෙන හමුදා බලය 1200 කි. එයින් 700 ක් තිරිසනුන් වන අතර 700 ක් අර්ධ මනුෂ්‍යයන් වෙමින් ඕනෑම වෙලාවක තුවක්කු බිම තබා පැන යෑමට සුදානමින් සිටිති. තමා අවසන් මොහොතේදී බේරා ගැනීමට පැමිණෙතැයි ප්‍රභාකරන් කල්පනා කළ ඉන්දියානු ගුවන් යානය හෝ නෝර්වේ ගුවන් යානය තවමත් පැමිණ නැත. ඒවා කවදාවත් පැමිණීමට ඉඩක් ද නැත. සිය දිවි නසා ගැනීමට තරම් කොන්දක් ප්‍රභාකරන්ට නැති බව පෙනේ. සිය දරුවන් උසස් තැන්වලට යවා බිරිඳ සමඟ ජීවිතය කෙළවර කිරීමේ වුවමනාවෙන් ඔහු පෙළෙන බව පෙනේ. එහෙත් එවැනි කෙළවරක් දැකීමේ අයිතියක් ඔහුට නැති බව පැහැදිලි ය. කබලේ ජීවත් වු ප්‍රභාකරන් සිය ජීවිතයේ අවසාන කාලය ගත කළ යුත්තේ ස්ථිර වශයෙන් ම ලිපෙහි ය.

(The island-11/02/09)

ඔහුගේ බංකරය, නිවස, ඇඳුම් පැළඳුම්, ඇඳ, විස්කි බෝතලය, ඔහුගේ සගයන්ගේ මුලස්ථාන යන සියල්ල හමුදාව විසින් විනාශ කරනු ලැබ තිබේ. ඇඳුම් ටිකත් හසු වී ඇත්නම් ඉතිරිව ඇත්තේ නිරුවත් ප්‍රභාකරන් අල්ලා ගැනීම ය. ඔහු සාමාන්‍ය දෙමළ ජනයා අත අවසන් ඉරණමට ලක්විය යුතු බව අපගේ අදහසයි. ඒ ඉරණමේදී ඔහු කැබලි සියයක් බවට පත්වේවා!

(දිවයින-09/02/11)

පසු වදන_

ත්‍රස්තවාදයට ජාතකයක් ඇතැයි ද ත්‍රස්තවාදය ඉබේ බිහි නොවනුණේ යයි ද උඩු බුරමින් නියමින් හෝ අනියමින් ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින පරයින් කවදාවත් මේ යථාර්ථය නොපිළිගනී. උන් කැමති පිරපාහරන් හැමදාම යහතින් සිටිනු දකින්නට ය. මේ රට ලේ විලක් වී සතර අතින් ලේ ගංගා ගලා ගොස් සප්ත මහා සාගරය පිරුණත් උන්ට කම් නැත. ඒ ගැන උන් කිසිවක් නොලියති. නොකියති. උන්ට අනුව කොටි අතින් මැරුම් කන අයට මානව අයිතිවාසිකම් නැත.

කොටියා වෙනුවෙන් පෙනී සිටිමින් මේ කොදෙව්වේ රටවල් දෙකක් ඇතැයි උඩු බිරූ පිරපාහරන්ගේ පාරලිමේන්තු කොටි රැළ, TNA වහාම තහනම් කරන්නැයි ආනන්ද සංගරී සහතා රජයෙන් ඉල්ලා ඇත. අපි අත් දෙකම ඔසවා ඒ යෝජනාව ස්ථීර කරමු. බෙදුම්වාදයට උඩගෙඩි දෙන ඕනෑම කෙනෙක් තරාතිරම නොබලා දේශද්‍රොහීන් ලෙස සලකා 'දුටු තැන වෙඩි තබනු' නියෝගයක් ලබා දෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. බෙදුම්වාදියා අතේ තුවක්කුව හෝ පෑන තිබුණ ද හේ ත්‍රස්තවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළ ද අපට කම් නැත. උන්ගේ ක්‍රියාකාරීත්වයේ අවසන් ප්‍රතිඵලය රට නැවත බෙදුම්වාදය කරා තල්ලු වීම නම් ඒ සැමට දඬුවම සමාන විය යුතු ය.

නිවටයා

හරිහැටි අධ්‍යාපනයක් නොලැබු සහ ලබන්නට උවමනාවකුත් නොතිබු වැල්වැටිතුරේ පැත්තේ රස්තියාදුකාර ගැටවරයන් පිරිසකට මීට කලකට ඉහතදී ලැබුණු කදිම බඩරස්සාවක් තිබිණි. ඒ උතුරු මුහුදේ බෝටිටු මගින් දියත් කෙරුණු හොර බඩු වෙළෙඳාමය.

මේ හොර බඩු වෙළෙන්දෝ පසු කලෙක ඊට වඩා ලාභදායක ව්‍යාපාරයක් වු මංකොල්ලකෑම් වැනි කටයුතුවල නිරත වුහ.
අනතුරුව ඔව්හු රටේ කොතනත් පැවැති සමාජ ආර්ථික දේශපාලනික විෂමතාවන්, තමන්ට පමණක් බලපෑ ප්‍රශ්න සහ ගැටලු වශයෙන් විස්තර කරන ලද පැරණි ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයකට එක්වු අතර එමගින් ස්වකීය පාදඩකම් දේශපාලන වශයෙන් බෞතීස්ම කර ගැනීමට ද සමත් වුවෝය.

ඒ වටපිටාව විසින්ම නිර්මාණය කරන ලද උග්‍ර ජාතිවාදයත්, ඒ ජාතිවාදයේ පරමාර්ථ සාධනය උදෙසාම භාවිත කෙරෙන ෆැසිස්ටිවාදී විධික්‍රමත් විසින් මේ කණ්ඩායමේ සිටි වඩාත්ම සාහසික මිනිසා ඉක්මණින්ම උඩට ඔසොවා තබන ලද්දේය.

ඔහුගේ නම වේළුපිල්ලේ ප්‍රභාකරන්ය. ඔහු කැමතිම පාට කළු පාටය. කැමතිම ආහාරය සයනයිඩ්ය. කැමතිම නළුවා එම්. ජී. ආර්. ය. කැමතිම රට නෝර්වේය. කැමතිම වීරයා පොල්පොටිය. ඇඟේ මවිල් කෙලින්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාපති සරත් ෆොන්සේකාගේ නම සිහිපත් කරගන්නා අතර රුධිර පීඩනය වැඩිකර ගැනීම සඳහා ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂගේ නම සිහිපත් කරගනී. දිනකට කීපවරක් ක්ලාන්ත සුවය ලැබීම පිණිස ඔහු සිහිපත් කරන්නේ ජනාධිපති මහින්ද රාජපකෂගේ නමය. දත්කුරු කෑම සඳහා ඔහු මුලදී සිහිපත් කළේ කරුණා අම්මන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන්ගේ නම වු අතර දැන් සිහිපත් කරන්නේ තමන්ගෙන් මිදී කෙසේ හෝ යුද මුක්ත කලාපයට පලායන දෙමළ මිනිසුන්ය.

වේලුපිල්ලේ නමැති සාහසිකයා පිළිබඳව වීරාභිවාදනයෙන් යුතුව ලියන ලද කතා කීපයක්ම ඇතත් ඔහු පිළිබඳ යථාර්ථය ඉහත සඳහන් ආකාරයය. ඇත්තවශයෙන්ම මේ මොහොත වන විට ප්‍රශ්නයකට පවතින්නේද ඔහු පිළිබඳ මේ යථාර්ථයම වෙයි.

වේළුපිල්ලේ ප්‍රභාකරන් අශිෂ්ට, නිවට, බියගුළු නායකයකු නොවේ නම් අහිංසක සිවිල් මිනිසුන් මැද සැඟව ලෝකයේ කවුරුන් හෝ තමන් බේරාගැනීමට එනතුරු කල්මරන්නේ නැත.

මේ මොහොත වන විටද කෙසේ හෝ මේ ම්ලේච්ඡයාගේ ග්‍රහණයෙන් මිදුණු ඇතැම් මිනිසුන් තම අත දරුවන්, රෝගීන් කරපින්නාගෙන යුද මුක්ත කලාපයට පලා එන බව සත්‍යයකි. එහෙත්, එසේ කරනු නොහැකි තව බොහෝ පිරිසක් ඔහු තම ආවරණය වශයෙන් තබාගෙන සිටී.

එල්. ටී. ටී. ඊ. යට සම්බන්ධ සහ හිතවාදී සියලුම වෙබ් අඩවි, ප්‍රචාරණ මාර්ග මේ දිනවල බලවත් උත්සාහයක යෙදී සිටින්නේ ශ්‍රී ලංකා හමුදා මුලතිව්හි කොටුවී සිටින සිවිල් ජනතාව විනාශ කරන්නේය යන පච ප්‍රචාරය වෙනුවෙනි.

කොටි හිතවාදී ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කීපයක් මළ සිරුරු බහාලන බෑග් 35,000 ක් ඇනවුම් කරන්නේ ලෝකයට එවැන්නක් ඇඟවීමටය.

තමිල්නාඩුවේ වැඩවර්ජන සංවිධාන කෙරෙන්නේ, යුරෝපයේ කුඩා කණ්ඩායම් විරෝධතා දියත් කරන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, කොන්සල් කාර්යාලවලට පහර දෙන්නේ ලෝකයට වෙනම කතාන්දරයක් පෙන්වා දීමටය.

එහෙත් මේ සියල්ලෙහි සත්‍යය දෙමළ ජනතාවක් වෙනුවෙන් මතුවු වේදනාවක් නොව පෙරකී ත්‍රස්තවාදී නායකයා කෙසේ හෝ බේරා ගැනීම පිළිබඳව
දැනටමත් ලෝක දේශපාලන විචාරකයන් මතුකරන ප්‍රශ්නයක් නම් වේළුපිල්ලේගේ විනාශයෙන් පසු ශ්‍රී ලංකාව තුළ හෝ පිටත එල්. ටී. ටී. ඊ. සංවිධානයට කුමන ඉරණමක් අත්වේද යන්නය.

වීරෝදාර හමුදා සේනාංක හතකට කොටුවී උඩබිම බලමින් සිටින වේළුපිල්ලේ මේ දිනවල කල්පනා කරමින් සිටින්නේ බම්බු එල්. ටී. ටී. ඊ. යක් ගැන නොව තමන්ගේ පණ බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය.

ඔහු හොටු කඳුළු පෙරමින් තමන්ගේම මිනිසුන් තමා වටා රඳවාගෙන සිටින්නේ ඒ නිසාය.

දැන් අපට කිව හැක්කේ, මේ මිනිසා ත්‍රස්තවාදීන් අතරවත් මීට පෙර සිටියේ දැයි සැක හිතෙන තරමේ නිවට මිනිසෙක් බවය.
(දිවයින_09/02/07)

පසු වදන_ මේ නිවට ඇම්බැට්ටයාට කඩේ යාමෙන් තමා ප්‍රබුද්ධ මානව හිතවාදියෙක් වෙතැයි සිතන තක්කඩි තවමත් ලංකාවේ වෙසෙති. මේ ඇතැමුන්ට සිංහල නම් ද තිබේ.

Monday, February 9, 2009

(රතු) කුරුසියේ තබා ඇණ ගැසිය යුත්තෝ කවරහු ද?

මේ පුන් පොහෝ දවසේත් ප්‍රභාකරන් ගැන ලිවීමට සිදු වීම ගැන බලවත් සේ කනගාටු වෙමු. මෙවැනි උතුම් දිනයක සාකච්ඡා කළ යුතුව ඇත්තේ සදහම් කාරණා ය. එහෙත් අපගේ කර්ම ශක්තිය තවමත් දුර්වල නිසා අපට කතා කරන්නට සිදු වන්නේ කොටි සංවිධානය, රතු කුරුස සංවිධානය වැනි ත්‍රස්තවාදී සංවිධාන ගැන ය. මෙහිදී අපට වැරැදීමක් සිදු විය. අප "ත්‍රස්තවාදී සංවිධානය" යන යෙදුම වෙනුවට "ත්‍රස්තවාදී සංවිධාන" යන යෙදුම පාවිච්චි කළෙමු. දෙවන යෙදුමට අනුව රතු කුරුස සංවිධානය ද ත්‍රස්තවාදී සංවිධානයකි. එසේ ලිවීම ගැන කොටින් ගැනත් රතු කුරුසය ගැනත් වෙන වෙන ම දන්නා උදවිය කමත්වා!

මුලතිව් නගරයේ පිහිටි ප්‍රභාකරන්ගේ බංකර් නිවසට මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයන් උදව් කර ඇති බව ඉරිදා (08) "දිවයිනේ" පළ විය. මේ බංකරයේ වායුසමීකරණ යන්ත්‍රයට විදුලිය සපයා ඇත්තේ ඩෙන්මාර්කයෙන් එවු විදුලි උත්පාදන යන්ත්‍රයක් මගිනි. එමගින් මුළු මහත් වන්නි දිස්ත්‍රික්කයටම විදුලිය සැපැයිය හැකිලු. ඩෙන්මාර්කයේ එන්. ජී. ඕ. වක් මේ යන්ත්‍රය කිලිනොච්චියේ දිසාපති කාර්යාලයට ලබා දී ඇත. දිසාපති කාර්යාලය එය කෙළින්ම කොටින්ට දී ඇත. මෙය යකාගේ දිසාපති කාර්යාලයකි. මෙහි දිසාපතියා කවරෙක්ද?

ඒ කතාව පසෙක තබමු. ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානය සහ එහි ප්‍රධානියා වන පොල් කැස්ට්‍රෝල් ගැන විවිධ මතභේද හටගෙන තිබේ. එයට ප්‍රධාන හේතුව මළ සිරුරු බහාලන මලු ඉල්ලා සිටිමින් ඔහු විසින් ලෝක ප්‍රජාව වෙත පණිවුඩයක් යැවීම ය. ආණ්ඩුව සහ කොටින් අතර ඇති යුද්ධයට සටන් විරාමයක් ලබා දීම සඳහා මැදිහත් වන ලෙස ඔහු ලෝක ප්‍රජාවට කියා තිබේ. ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවන බව සෙවීමට ඔහු උනන්දුය. ඇත්ත තමයි: ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදු වන්නේ ය. ආසන්නම උදාහරණය පසුගියදා මුලතිව් හි "චලේ" නමැති ප්‍රදේශයේදී මරාගෙන මැරෙන කොටි දැරියක් පුපුරුවා ගැනීමය. කොටි ඇය යුද හමුදාව ඉදිරියට එවා ඇගේ සිරුරේ බැඳ තිබු පුපුරණ ද්‍රව්‍ය ඩෙටනේටරයකින් පුපුරුවන්නට ඇත. එය යුද අපරාධයකි. මුලතිව් ප්‍රදේශයේ තිබී වධ කාමර සහ හිර ගෙවල් යුද හමුදාව සොයාගෙන ඇත. එහි යුද අපරාධ සිදුවු බවට මේ වධ කාමර සාකෂි දරනවා ඇත.

මළ සිරුරු බහාලන බෑග විශාල වශයෙන් එවන ලෙස ලංකාවේ රතු කුරුස කාරයා ලෝක ප්‍රජාවට ඉල්ලීමක් යැවුවේ වැරදි පණිවුඩයක් ප්‍රචාරය කිරීම පිණිස ය. ඒ පණිවුඩය නම් ශ්‍රී ලංකාව තුළ සමුහ සංහාර සිදුවන බව ය. එය හරියටම 1970 ගණන්වල කාම්බෝජයේදී සංහාරය කෙරුණ ලකෂ සංඛ්‍යාත ජනයා ගැන ලෝකයට යැවුණු පණිවුඩය හා සමාන පණිවුඩයකි. මෙයට වසර දහයකට හෝ දොළහකට පමණ පෙර සර්බියාව, කොසෝවෝව වැනි තැන්වල සිදුවු සමුහ සංහාර වලදී මෙවැනි පණිවුඩ ලෝකයට යැවිණි. එහෙත් අපට එවැනි ප්‍රශ්නයක් නැත. ශ්‍රී ලංකාව සටන් කරන්නේ රටෙන් කැබැල්ලක් කඩා ගැනීමට තැත් කරන ත්‍රස්තවාදීන් සමග ය. එතැනදී අවමංගල්‍ය අධ්‍යකෂවරුන් ලෙස කටයුතු කරන රතු කුරුසය එයින් එහාට ගොස් හදිසි මරණ පරීකෂකගේ රැකියාව ද කරන්නට පටන් ගෙන තිබේ.

ලෝකය විසින් හැමදාමත් කුරුසයේ තබා ඇණ ගසන ලද්දේ නිවැරදිකරුවන් ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එවැනි නිවැරදිකරුවෙකි. උන්වහන්සේට ඇණ ගසද්දී දෙපැත්තේ කුරුස දෙකක තබා සොරුන් දෙදෙනකුට ද ඇණ ගසන ලදී. උහු සොරු ය. වැරදිකරුවෝ ය. මේ තත්ත්වය ශ්‍රී ලංකා රතු කුරුසයේ නායක පෝල් කැස්ට්‍රෝල් සම්බන්ධයෙන් ආදේශ කළ යුත්තේ කෙසේ දැයි ජනයා ප්‍රශ්න කළොත් අපි ඊට උත්තර නොදෙමු. එහෙත් හැමදාමත් කුරුසියට ගිය අය අතර නිවැරදිකරුවන් වු බව යළි කියමු. වැරදිකරුවෝ සුඛෝපභෝගී එන්. ජී. ඕ. වල නායකයෝ ලෙස අදටත් සිටිති.

(දිවයින-09/02/09)

පසු වදන_
අප වන් අර්බුදවලට මැදි වූ රටවල ප්‍රශ්න සිය ආදායම් මාර්ග කරගත් ධනවත් රටවලට අයත් NGO හිවල් හමුදා ගැන අපි නිතර ලීවෙමු. ආණ්ඩුව වහා ක්‍රියාත්මක වී මේ හිවලුන් රටෙන් පන්නා දැමිය යුතු ය. ජීවිතාන්තය දක්වා යළි මෙරටට පැමිණීමට නොහැකි වන සේ වීසා අවලංගු කළ යුතු ය. එසේ නොවුණු කල සිදුවනුයේ සිවිල් ජනතාව නීතිය අතට ගැනීම ය. නොබෝදා රතු කුරුසියට එල්ල වූ ගල් මුල් ප්‍රහාරය ඊට නිදසුනකි. මේ වරදකි. ඒ සඳහා ආණ්ඩුව ඉඩ තැබිය යුතු නැත. ඒ බල්ලෙක් පය සපා කෑ කල, නැවත බල්ලා සපා කෑම අපට නොතරම් නිසා ය. ජනතාව ඒ පහත් තත්ත්වයට ඇද නොදැමීම ආණ්ඩුවේ වගකීමයි.

Friday, February 6, 2009

හිලරි ක්ලින්ටන්ට සහ ඩේවිඩ් මිලිබෑන්ඩ්ට පරිවර්තනය කර යැවීම පිණිස....

අවි බිම තබා යටත් වන්නැයි ආණ්ඩුව පසුගිය දිනෙක කොටි සංවිධානයට නියෝග කළේ ය. එයින් දින කිහිපයකට පසු ශ්‍රී ලංකාවට ආධාර දෙන කණ්ඩායමේ රටවල් එම ඉල්ලීම ම කොටින්ට ඉදිරිපත් කළේ ය. අරගලය අත්හැර දමා නැති බවත් ආධාර කණ්ඩායමේ සාමාජිකයකු වන නෝර්වේ රාජ්‍යය බලවත් රටවල අතකොළුවක් බවත් දිගටම සටන් කරන බවත් කොටි සංවිධානය එවිට පැවැසී ය.

මේ සමඟම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් සාකච්ඡාවක් පවත්වා නිවේදනයක් නිකුත්කර ඇත.. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ නිත්‍යනුකුල ආණ්ඩුව නීති විරෝධී ත්‍රස්තවාදී කොටි සංවිධානය සමඟ සටන් විරාමයක් ඇති කර ගත යුතු බව ය.



(The Island-06/02/09)

මේ රටේ වීරෝදාර ත්‍රිවිධ හමුදාව ජනාධිපති රාජපකෂගේ සේනාධිනායකත්වය යටතේ කොටි සංවිධානයට පහර දීමට පටන් ගත්තේ එම සංවිධානය සිය ඉතිහාසයේ දියුණුතම අවස්ථාවට අවතීර්ණව සිටියදී ය. ඒ වන විට උතුර හා නැගෙනහිර යන දෙකම කොටි සංවිධානය යටතේ පැවැතිණ. දකුණේ වැසියකුට කොටි පාලන ප්‍රදේශයෙන් ඇතුළට යෑමට නම් ඕමන්තේ කොටි මුරපළට බද්දක් ගෙවා තාවකාලික වීසා බලපත්‍රයක් ගත යුතුව තිබිණ. දකුණේ මිනිසකු ඕමන්තේ මුරපොළෙන් ඇතුළට කොස් ඇටයක් ගෙන යන්නේද, ඒ සඳහා කොටින්ට බද්දක් ගෙවිය යුතුව තිබිණ. කොටි පාලන ප්‍රදේශය තුළ උසාවි, පොලිසි, තැපැල් කන්තෝරු යනාදිය විය. ඔවුන් සතුව නැති වුයේ ඊළාම් මුදල් නෝටිටු පමණි. ඔවුන් සතුව ගුවන් හමුදාවක් තිබිණ. නාවික හමුදාවක් තිබිණ. සබ්මැරීන්, සබ්මැරීන් නාශක ටොර්පිඩෝ, ප්‍රහාරක යාත්‍රා, මරාගෙන මැරෙන බෝම්බකරුවන්, රසායනික අවි, වෙනත් යුද අවි නිෂ්පාදන කම්හල්, 50000 ක පමණ කේඩරයන්, සියලු ආකාරයේ නවීන ආයුධ ඔවුන් සතුව තිබිණ. ඔවුනට නැති වුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසනයක් හා වෙනම රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමත් පමණි.

මේ මිථ්‍යාව පුපුරුවා හරින ලද්දේ ප්‍රභාකරන්ගේ ඉල්ලීම මත ය. එනම් රාජපකෂ ආණ්ඩුව බලයට පත් වී ස්වල්ප කලෙකින් කොටි කැබිතිගොල්ලෑවේදී බස් රථයක් පුපුරුවා හැරියහ. ඊළඟට ඔවුහු සාම්පුර් ප්‍රදේශයේ මුස්ලිම් වැසියන්ට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. ආණ්ඩුව අවසාන ඊළාම් යුද්ධය පටන් ගැනීමට පළමුවැනි වෙඩි මුරය තබන ලද්දේ එවිට ය. අද වන විට ප්‍රභාකරන්ගේ ඊළම අක්කර කිහිපයකට සීමා වී තිබේ. නුදුරු දිනවලදී එය අඩි 6 x 4 ප්‍රමාණයේ වළකට සීමා වනු ඇති.

හිලරි ක්ලින්ටන් සහ ඩේවිඩ් මිලිබෑන්ඩ් කලඑළි බැස නටන්නට පටන්ගෙන ඇත්තේ මේ දුෂ්කර මොහොතේදී ය. හිලරි ක්ලින්ටන් යනු ඇමෙරිකන් ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා ගැනීම සඳහා බරක් ඔබාමා සම

ඟ තරග කර පැරදී දැන් බරක් ඔබාමා යටතේ සේවය කරන කෙනෙකි. ඩේවිඩ් මිලිබෑන්ඩ් යනු බ්‍රිතාන්‍ය අගමැති වීමේ හෝ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වීමේ අරමුණෙන් ජාත්‍යන්තර දේශපාලන ගමනක යෙදී සිටින්නෙකි. මේ දෙදෙනා සිය නම ප්‍රචාරය කර ගැනීම සඳහා අනුන්ගේ රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පොවන්නට පටන්ගෙන ඇත. මේ දෙදෙනා සටන් විරාමයකට එළඹෙන ලෙස අපට කියන්නේ කවර අයිතියක් මත ද? ඔසාමා බින් ලාදින් සමඟ සාම සාකච්ඡා පවත්වන ලෙස අපි ඇමෙරිකාවට කීවෙමු ද? අයර්ලන්ත ගරිල්ලන් සමඟ සාම සාකච්ඡා කරන ලෙස අපි බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කීවෙමු ද? ඉස්ලාමීය ගරිල්ලන් ලන්ඩනයේ උමං දුම්රියපොළවල බෝම්බ පුපුරුවන විට එම ගරිල්ලන් සමඟ සාම කතා අරඹන ලෙස අපි කීවෙමුද?

අනුන්ගේ ඉලව්වලට ඇඟිලි නො ගසන ලෙස අපි හිලරි ක්ලින්ටන්ගෙන් සහ ඩේවිඩ් මිලිබැන්ඩ්ගෙන් ඉල්ලමු. අපේ ප්‍රශ්නය අපට විසඳාගත හැකි ය. එය දැනටමත් 99% ක් විසඳී අවසන් ය.

(දිවයින-09/02/06)

පසු වදන,
මෙහි 'බද්ද' යන වදන වෙනුවට 'කප්පම්' යන වදන යෙදීම යෙහෙකි. රජයකට හැර කිසිවෙකුට බදු එකතු කළ නොහැකි ය. ත්‍රස්තයින් සහ මැරයින් ලබාගන්නේ කප්පම් ය. අද මෙරට ඇත්තේ ජගත් ප්‍රජාව පත් කළ ආණ්ඩුවක් නොව ශ්‍රී ලංකා ජනතාව පත් කළ ආණ්ඩුවකි. එහෙයින් ඩේවිඩ්ලා මිලිබෑන්ලා තම තමන්ගේ වැඩක් බලා ගත යුතු ය. උන්ට බින් ලාඩන් ත්‍රස්තවාදියා වී පිරපාහරන් විමුක්තිකාමියා වුවාට අපට උන් දෙන්නා ම එක ය.
පෙර අප පළ කළ කතුවැකියක් ගැන කෙනෙක් විමසුවේ සොල්හයිම්ට සිංහලෙන් ලිපි ලියා කුම‍ටද යනුවෙනි. අද දිවයින කතුවැකියේ සිරස ඊට පිළිතුරකි.

Thursday, February 5, 2009

තුන්වැනි වතාවටත් රට එක සේසත් කිරීම

සිංහලයා තම ඉතිහාසයේ වැඩි කලක් ගත කළේ පරදේසක්කාරයන් සමඟ යුද වැදීම පිණිස ය. මොවුන තුරින් සොළී ආක්‍රමණිකයාට ප්‍රමුඛ තැනක් හිමි වෙයි. ක්‍රි. පු. දෙවැනි සියවසේ සිටම මේ තත්ත්වය පැවතිණ. ක්‍රි. ව. 161 දී දුටුගැමුණු රජතුමා එළාර නමැති සොළී රජු සමඟ යුද කර ඔහු මරා රට එක සේසත් කළේ ය. මේ වු කලී ශ්‍රී ලංකාව එක සේසත් කරන ලද පළමුවැනි අවස්ථාව ය.

ශ්‍රී ලංකාව දෙවැනි වරට එක සේසත් කරන ලද්දේ කවරකු විසින් ද? මෙය ඇසු සැනින් පිළිතුරු දිය නොහැකි, ප්‍රශ්නය එල්ලවන්නා ව්‍යාකුලත්වයට පත්කරන ප්‍රශ්නයකි. එහෙත් කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකාව දෙවැනි වරට එක සේසත් කරන ලද්දේ එංගලන්තයේ පස්වැනි ජෝර්ජ් රජතුමා විසිනි. ඔහුගේ යුද හමුදාව මුහුදුකරයෙන් ලන්දේසීන් පලවා හැර, මධ්‍යම කඳුකරයේ පිහිටි සිංහල රාජ්‍යයේ රජතුමා වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගෙන පිටුවහල් කර, 1815 දී උඩරට ගිවිසුම හරහා මුළු මහත් ශ්‍රී ලංකාවම තනි රටක් ලෙස බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගත්තේ ය. පළමුවැනි එකසේසත් කිරීම සහ දෙවැනි එකසේසත් කිරීම අතර වෙනසක් පවතී. පළමුවැනි එකසේසත් කිරීම අදීන ක්‍රියාවකි. දෙවන එකසේසත් කිරීම දීන ක්‍රියාවකි. පළමුවැනි එකසේසත් කිරීමේදී සොළී රජු පැරදවීම පිණිස මුළු මහත් සිංහල ජනතාවම දුටුගැමුණු රජුට සහාය දුන්හ. දෙවැනි එකසේසත් කිරීමේදී බ්‍රිතාන්‍ය කිරීටය යටතට තනි රටක් වශයෙන් ශ්‍රී ලංකාව ගෙන ඒමට සියයට සියයක් පිරිසිදු සිංහල ලේ ඇති උඩරට උසස් සිංහලයන් පිරිසක් ජෝර්ජ් රජතුමාට උදව් කළහ.

ඉන්පසු ගෙවී ගිය කාලය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ සමාජ පරිවර්තන රැසක් ඇති විය. 1948 දී අද වැනි දිනක බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වු අපගේ ජනයා ඈනුම් අරිමින් ද, ඔලුව කසමින් ද, බඩ අතගාමින් ද, කල්පනා කළේ මීළඟ ආහාර වේලට උදව් කරන රජා කවරකු විය හැකි ද යන්න ය. ඒ අතර උතුරුකරයට රැස්වු සමහර දේශපාලනඥයන් සහ දෙමළ ත්‍රස්තවාදී පිරිස් එක්ව උතුර - නැගෙනහිරට දෙමළ නිජ භුමි සංකල්පයක් ආදේශ කර රට කැඩීමේ ව්‍යාපාරයක් අරඹා මුළු මහත් උතුරත් - නැගෙනහිරත් තම ආධිපත්‍යය යටතට ගත්හ. ඊළඟට එම ප්‍රදේශවල නිල නොවන වෙනම රාජ්‍යයක් බිහි විය. ජනාධිපති මහින්ද රාජපකෂ වීරෝදාර ත්‍රිවිධ හමුදාව මෙහෙයවා මේ ත්‍රස්තවාදීන් පලවා හැර අපට අහිමි වු අපේ භුමිය යළි ලබාගෙන තුන්වැනි වතාවටත් රට එක සේසත් කළේ ය. දුටුගැමුණු රජු එළාරට එරෙහිව කළ යුද්ධයේදීත් ජනාධිපති මහින්ද රාජපකෂ ප්‍රභාකරන්ට එරෙහිව කළ යුද්ධයේදීත් පොදු චරිතයක් විය. ඒ වු කලී ගෝඨාභය ය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් ලියන ලද උතුරු ශ්‍රී ලංකාවේ ආර්ය ජනපද යන පොතෙහි සඳහන් වන පරිදි සිංහලයන්ගේ මුල් ජනාවාස පිහිටා තිබුණේ උතුරේ ය. මේ උතුර දැනට නැගෙනහිර ලෙස හැඳින්වෙන ප්‍රදේශය ද ආවරණය වන පරිදි උතුරු රට ලෙස හඳුන්වන ලදී. තම්බපන්නි නගරය ආරුගම්ආරු ගඟේ දකුණු ඉවුරේත්, අනුරාධ ග්‍රාමය මල්වතු ඔය අසලත්, උරුවේලය කලාඔයේ මෝය කට ළඟත්, උපතිස්සගම කන්දරා ඔය අසබඩත්, විජිත නගරය මහවැලි ගංගාධාරයේත් පිහිටි බව මහාචාර්ය පරණවිතානගේ මතයයි. පසුව හටගත් සොළී ආක්‍රමණ නිසා මේ සියලු සිංහල ජනපද මැද රටටත්, දකුණටත් තල්ලු වී ආ බව කියනු ලැබේ. උතුටේ හා නැගෙනහිර දෙමළ නිජ භුමි සංකල්පයේ අතීතය පටන් ගන්නේ එතැනිනි. බලලෝභී සිංහල සහ දෙමළ දේශපාලනඥයන් කිහිපදෙනකුත්, ජාතිවාදී බලවේග කිහිපයකුත් විජාතික බලවේග රැසකුත්, නිජභුමි සංකල්පය ප්‍රයෝජනයට ගෙන යාපනේ දෙමළ කුල ක්‍රමය තුළ අසරණව සිටි වෛරී සහගත තරුණ පිරිස් ත්‍රස්තවාදීන් බවට පත් කර රට ලේ විලක් නො කළේ නම් රට යළි එක සේසත් කිරීම සඳහා මේ තරම් විශාල ශ්‍රමයක්, ධනයක්, කාලයක් සහ මිනිස් ජීවිත සංඛ්‍යාවක් කැප කිරීමට සිදු වන්නේ නැත. ඒ සියල්ල සංවර්ධනය දෙසට යොමු කිරීමට ඉඩ තිබිණ.

ජනාධිපති මහින්ද රාජපකෂ තුන්වැනි වතාවටත් රට එකසේසත් කිරීමෙන් ගත වී ඇත්තේ දින කිහිපයක් පමණි. මෙහිදී තුන්වැනි වතාවට රට එකසේසත් කළ නායකයා ලෙස අප ජනාධිපති රාජපකෂ හඳුන්වන්නේ පළවැනි විජයබාහු, පළවැනි පරාක්‍රමබාහු, හයවැනි පරාක්‍රමබාහු රජතුමා, සීතාවක රාජසිංහ වැනි රජවරු ඒකීය රටක් තැනීමට කළ මෙහෙය අමතක කර නොවේ.

1948 පෙබරවාරි 4 වැනිදා බ්‍රිතාන්‍ය කිරීටයෙන් අප නිදහස්ව වසර 61 ක් ගත වී තිබේ. ඒ අතර සියලු ජාතික සටන්වලට උරදීමටත් රටේ භෞමික අඛණ්ඩතාව රැකීම පිණිසත් දිවයින බිහිවුයේ ද වසර 27 කට පෙර අද වැනි හතරවැනිදාවක ය. මේ මොහොතේදී අප ප්‍රාර්ථනය කළ යුත්තේ මේ රට ජනාවාස බවට පත් වීමෙන් පසු අපේ ඒකීයත්වය රැක ගැනීම සඳහා කිරීමට සිදු වු යුද්ධ සහ ලේ වැගිරීම් යළි ඇති නොවේ වා! යන්න ය.
(දිවයින-09/02/04)

Wednesday, February 4, 2009

ඔබට නිදහස අවැසි නම්!!!

එක මවකගේ දරුවෝ
(කම්මැලි නොවී කියවන්න)
ඉහත සඳහන් වන්නේ ඇසෙන විටත් නින්ද යන, කියවන විට ඈනුම් යන, ලියන විට අත්හැර දැමීමට සිතෙන මාතෘකාවකි. මේ මාතෘකාව යටතේ කටයුතු කිරීමට අප තැත් කළ අවසන් අවස්ථාව එක්දහස් අටසිය දහඅටේ කැරුල්ල ය. සුද්දන්ට විරුද්ධව කෙරුණු එම කැරුල්ල පාවා දෙන ලදී. ඉන් පසු එක මවකගේ දරුවන් හැටියට කටයුතු කිරීම මරණ බිය ගෙන දෙන්නක් විය. මෙසේ කාලය ගතකරන විට අපට නිදහස ලැබිණ. එය ඉතා ලාබෙට ලැබුණු නිදහසකි. ඉන්දියාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා සමඟ ගුටි ඇන ගනිමින්, ඔලු පලා ගනිමින්, බයිනෙත්තුවලින් හිල්කර ගනිමින් නිදහස දිනා ගත්තේ ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ශ්‍රී ලංකාව පාලනය කළේ ඉන්දියාවේ සිටි ස්වකීය ප්‍රතිරාජයා වු ලුවී මවුන්ටිබැටන් හරහා ය. ඉන්දියාව පාලනය කරන මෙහෙයුම් ගාස්තුව යටතට ම දමා ශ්‍රී ලංකාව ද පාලනය කරගෙන යෑමට ඒ නිසා හැකිවිය. ඉන්දියාවට නිදහස දීමෙන් පසු ලන්ඩනයේ සිට ලංකාව පාලනය කිරීම බ්‍රිතාන්‍යයට පාඩු ගෙන දුන් කාරණයක් විය. මේ නිසා අතීතයේදී මැලේරියා පෙති බෙදන විට මැලේරියාව ඇති එකාට මෙන්ම නැති එකාට ද පෙති බෙදුණු පරිදි ශ්‍රී ලංකාවට ද නිදහස ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කළේය. මේ නිසා ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආදිපාදතැන මෙහි පැමිණි බව මිනිසුන්ට දැනුණේ නැත.. 1948 දී අප ලද නිදහස ගැන සැබෑ කතාව ඔන්න ඕක ය.

බ්‍රිතාන්‍යය අපට පුරුදු කර තිබුණේ කොටසක් ලියන මහත්තුරුන් විය යුතු බවටත්, කොටසක් තේ, පොල්, රබර් වතුවල වැඩ කරන කම්කරුවන් විය යුතු බවටත් බල කෙරෙන ක්‍රමයකි. සිංහල රජ කාලයේ පටන් භාණ්ඩ හුවමාරුවටත් අත්තමටත් වැඩ කර පුරුදු වු සිංහලයාට කුලියට වැඩ කිරීම අවනම්බුවකි. බ්‍රිතාන්‍යය මෙයට පිළිතුරු දී තිබුණේ වහලුන් සහ ඉන්දියානු දෙමළ ජනයා මෙහි ගෙන්වා කුලියට වැඩ කරවා ගැනීමෙනි. මේ හේතු කොටගෙන රටේ වී ගොවිතැන සහ වගා ව්‍යාපාර පාලු වී ගිය අතර සියලු ජනයා ලියන මහත්තුරුත් මුදලාලිලාත් බවට පත්වීමට තීරණය කළහ. අවසානයේදී නැව් එනතුරු කට ඇරගෙන බලා සිටීමට අපට සිදුවිය. කවුරුත් තමන් එක මවකගේ දරුවන් බව පිළිගත්තේ නැත. පකෂ දේශපාලනය විසින් මේ භේදය තවදුරටත් වපුරන ලදී.

නොමිලයේ ලැබුණු නිදහස, එමගින් ජාතික හැඟීමක් නැතිවීම, පරපුටු චින්තනය යන කාරණාවල අහිතකර ප්‍රතිඵලය මේ නිදහස් දින උළෙලේදී කැපී පෙනුණි. මෙවර නිදහස් උළෙල නිදහස සැමරීමේ උත්සවයකට වඩා රට නැවතත් එකසේසත් කිරීම සැමරීමේ සහ ත්‍රස්තවාදය පලවා හැරීම සැමරීමේ ජාතික උත්සවයකි. ආණ්ඩුව මේ සැමරුම කොළඹ ගාලු මුවදොර පවත්වන අතර එ.ජා.ප.ය මහනුවර කුණ්ඩසාලේදී වෙනම නිදහස් උත්සවයක් පැවැත්වීය. එ.ජා.ප.ය යනු මේ රටේ පැරණිම පකෂය වන අතර ප්‍රධානතම විපකෂය ද වෙයි. ඔවුන් වෙනම නිදහස් උත්සවයක් පැවැත්වීමෙන් පෙනී යන්නේ පකෂ භේදය තවදුරටත් වැපිරෙන බව ය. නැතහොත් ආණ්ඩුව රට එකසේසත් කිරීම කෙරෙහි ඔවුන් තුළ කිසියම් කුහක හැඟීමක් ඇති වී ඇති බව ය. එක මවකගේ දරුවන් ලෙස තවදුරටත් නො සිටීමට තීරණය කර ඇති බව ය. මෙය නිවැරදි කර ගත යුතු ය. අප අපගේ ජාතිය වෙතින් ඉවත් කරගත යුත්තේ මේ වෛරී සහගත චේතනාවයි. ඉතින් ජාතික ආණ්ඩු කොහේ හදන්න ද? මේ ක්‍රමයට ජාතික ආණ්ඩුවක් තබා මරණාධාර සමිතියක්වත් හැදිය නො හැක. ඉතා සුළු උදාහරණයක් ගතහොත් මේ චේතනා මත හදන මරණාධාර සමිතිවල අනුග්‍රහය ලබන මළමිනීවලට සිදුවන්නේ ගෙදරදීම කුණු වීමට ය. මිනිය වැළලිය යුතු බව මරණාධාර සමිතියේ කොටසක් කියනු ඇති. එසේ නොව එය පිළිස්සිය යුතු බව සෙසු අය කියනු ඇති. අන්තිමේදී කටිටියක් වළ කපන අතර අනෙක් කටිටිය දර සෑය හදති. මොනවා කරන්නටත් ඇත්තේ එක මළ මිනියකි.

අපේ රට අද එබඳු මළ මිනියකි. මේ මළ මිනිය යළි නැගිටුවීමට දේශප්‍රේමීන් සහ රණවිරුවන් ගෙන යන සටනට පණ දීම සඳහා එක මවකගේ දරුවන් ලෙස හැම දෙනාම එකතු විය යුතු ය. පකෂ භේදය, ත්‍රස්තවාදය හා වර්ගවාදය භංග වේවා! "එක මවකගේ දරු" සංකල්පය දිනේවා!
(දිවයින-09/02/05)

පෙර කල අප මුතුන් මිත්තන්ට උපතින් ලැබුණේ රට දැය සමයයි. එහෙත් අධිරාජ්‍යවාදී පිළිකාව මෙරට ගිළගත් පසු ඒ වෙනුවට ලක් උපතින් ලැබුවේ දේශපාලන පක්ෂය, වර්ගවාදය සහ හීනමානයයි. එක මවකගේ දරුවෝ ය යන හැඟීම සිත්වලින් පළා ගියේ ය. ඉතින් කෙසේ රටක් නඟින්න ද?

සමඟිය නමැති සළුවෙන් ලක් මව් ඇස කඳුලු පිසිමු. අබිමන නමැති සිතිවිල්ලෙන් ඈ වත සිනානංවමු.

Monday, February 2, 2009

වියැකී යන වෙඩි බෙහෙත් ගඳ

වැවිලි කර්මාන්තයේ අර්බුදයට දෙවියන්ගෙන් මිස මහින්ද රාජපකෂගෙන් නම් පිහිටක් නැතැයි විපකෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාල්ලේදී කතාවක් පවත්වමින් කියා තිබේ. රාජපකෂ ජනාධිපතිතුමාගේ පිහිට දෑනට අප ලබන යුද ජයග්‍රහණ වෙනුවෙන් තිබුණාම ප්‍රමාණවත් බව කියමින් අද මේ වැකිය පටන් ගනිමු. වැවිලි කර්මාන්තයේ අර්බුදය විසඳා ගැනීමට හැකි වන්නේ ගොවියනට ජීවත් වීමට ඒකීය රටක් තිබුණොත් පමණි. එය බෙදුම්වාදීන් අතින් කැබලි බවට පත්වී විසිරී ගියහොත් කොහේ කුඹුරු කොටන්නද? කොහේ අල හිටවන්නද? පොල් වවන්නේ මාල දිවයිනේද? තේ හිටවන්නේ ගාලු පාර දිගේද? දෑනට මේවා ගැන කරදර වීමෙන් අපි කවුරුත් වැළකී සිටිමු. මේ මොහොතේ වැදගත් වන්නේ උතුර හා නැගෙනහිර දෙපළාත ජාතියට යළි සියයට සියයකින්ම අයිති වෙමින් පැවතීමය.

ප්‍රභාකරන්ගේ චරිතය අළලා පොතක් ලියු ඉන්දියානු ලේඛක නාරයන් ස්වාමි අපගේ සහෝදර පුවත්පත වන

දි අයිලන්ඩ්

පත්‍රයට ඉතා අගනා ලිපියක් සපයා තිබිණි. ඔහු කියන පරිදි ප්‍රභාකරන් මේ මොහොතේදී සිටින්නේ උතුරෙ\ හෝ නැගෙනහිර බංකරයක් තුළය. ඔහු වෙනුවෙන් කැපවී ලේ පිපාසයෙන් අන්ධවී සිටින කොටින් සහ කොටි දෙනුන් පිරිසක් විසින් ඔහු ආරකෂා කරනු ලැබෙත්. මේ වන විට කොටි හමුදාවේ මුළු බලය 2000 කි. මරාගෙන මැරීමට සුදානම් වන්නේ ඉනුත් 1000 ක් පමණි. සෙස්ස සුදානම් වන්නේ හැකි මුල්ම අවස්ථාවේදී ආයුධ තබා පැන දිවීමටය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, අවිදුර දෘෂ්ඨිකත්වය යන රෝගවලින් පෙළෙමින් සිටින ප්‍රභාකරන් තමන් ලද පරාජයන්වලින් හරියටම දන්නේ 50% කටත් අඩු ප්‍රමාණයක් බව කියනු ලැබේ. හේතුව ඔහු තවදුරටත් මානසිකව ඇද වැටීම වළක්වාලනුවස් ඔහු වටා සිටින ආසන්නතමයන් සමුහය වැඩි විස්තර ඔහුට නොදීමය. කෙසේ වුවද ප්‍රභාකරන් සයනයිඩ් කා මිය යන්නේ නැති බව ඉන්දියන් යුද විශේෂඥයන්ගේ මතයයි. එයට ප්‍රධාන හේතුව ඔහුට එවැනි දෙයකට ආත්ම ශක්තියක් නොතිබීමය. වසර 2002 පෙබරවාරි මාසයේදී සටන් විරාම ගිවිසුමෙන් පසු කිලිනොච්චියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට පවා ඔහු ආවේ පණ බයේ වෙවුලමිනි. ඔහුගේ මානසික ආතතිය ඒ මොහොතේදී පවා ඉතා පැහැදිලි ලෙස පෙනුනි.

ප්‍රභාකරන් දෑනට සැඟව සිටින්නේ සිවිල් ජනයා මධ්‍යයේය. එය සටන්කාමියකු නොවන නින්දිත කැණහිලකු විසින් අනුගමනය කරනු ලබන ඉතා පහත් හා කොන්ද පණ නැති යුධෝපක්‍රමයකි. ඔසාමා බින් ලාදින් පවා එම පහත් යුද උපක්‍රමය අනුගමනය කර නැත. එහෙත් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායක මුල්ලා මොහොමඩ් ඔමාර් නමැති කැණහිලා එම උපක්‍රමය පාවිච්චි කළේය. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත් ජෝර්ජ් බුෂ් හිටපු ජනාධිපතිතුමා ඇෆ්ගනිස්ථානයටත් බෝම්බ දමා එතැනින් නොනැවතී ඉරාකයත් කුඩු පටිටම් කර දහස් ගණනක් සංහාරය කර ලේ විලක් කළේය.

මේ මොහොතේදී මේ රටේ පවත්නා යුද්ධයේ විශේෂත්වය වන්නේ ත්‍රස්තවාදයේ මුවාවෙන් සිවිල් වැසියන් සංහාරය නොකිරීමය. එසේ කළා නම් මී ගුලකට රිංගු ගැරඬියකු එළියට අදින සැනින් ප්‍රභාකරන් අල්ලා ගැනීමට ඉඩ තිබිණ. එහෙත් සාමාන්‍ය මිනිසුන් මරා ලබන ජයග්‍රහණයට මේ හමුදාපතිත් සේනාධිනායකයාත් අකමැති බව පෙනේ. එය උතුරෙ\ කොටුවී සිටින අසරණ දෙමළ ජනයාගේ වාසනාවකි.

ප්‍රභාකරන් ගැන වැඩි විස්තර සමහර විට අපට ඉදිරියේදී දෑන ගැනීමට නොහැකි වනු ඇත. පත්තු වු වෙඩිල්ලක් මෙන් ඔහු පිළිබඳ මතකය වෙඩි බෙහෙත් ගඳට සීමා වනවා ඇත.
(දිවයින-09/02/03)

එහෙත් මෙසේ වෙඩි බෙහෙත් ගඳ වියැකෙනවාට අකමැති ද්‍රෝහී රැළක් ද අප අතර ඇත. උන් කැමති මේ ප්‍රශ්නය තව සිය වසක් නොව දස දහස් වසක් පවතිනවාට ය. එසේ පවතී නම් උන්ගේ රැකියා පිළිබඳ ප්‍රශ්නයක් උන්ට නැත. අහිමි මානව හිමිකම්, සුළු ජාතික අයිතීන්, ළමා අයිතීන්, ජනමාධ්‍ය නිදහස ගැන උද්ඝෝෂණ කළ හැක්කේ මෙවන් ප්‍රශ්න ඇති විට ය.
එසේ නැත්නම් මෙවන් ධන උල්පත් කෙසේ මතු කරගන්න ද?

එහෙයින් අවසාන මොහොතේ හෝ පිරපාහරන් බේරාගෙන මේ හිඟන්නාගේ තුවාලය සදාකාලික කරගන්නට දෙස් විදෙස් ද්‍රොහීහු දිවා රෑ නොබලා වෙහෙසෙති. උන් අතේ ටී 56 වෙනුවට පෑන් ඇත. වෙඩි තබනු වෙනුවට ඊට වඩා භායානක මතවාද රට වැසි මනස්වලට පොම්ප කරනු ලැබේ. ලෝකයාට රට ගැන අන්තිම වැරදි චිත්‍ර නිර්මාණය කරදෙනු ලැබේ. ටී 56 අතැති ත්‍රස්තයාට අපේ විරෝදාර රණ විරුවන් පිළිතුරු දෙනු ඇත. පෑන අතැති ත්‍රස්තයින්ට එරෙහිව රටේ දේශප්‍රේමි බලමුළු රොද බැඳිය යුතුව තිබේ. ඒ ද්‍රොහීන්ට පෑනෙන් පිළිතුරු දිය යුතුව තිබේ.

තණ කබල් නො බුදිව්!

අහෝ! පෙනෙ හැටියට දැන් කොටින්ට කොටි ද නැත. යථාර්ථය දුටු කල වරද දුටු කල යමෙක් සුමඟට ඒ නම් අපි සතුටු වන්නෙමු. සුබ පතන්නෙමු. කෙදිනකවත් මෙරට ඊළමක් බිහිකළ නොහැකි බැව් දැන් සක්සුදක් සේ පැහැදිළි ය. කොටින්ට එරෙහිව ඊයේ යාපනයේ දෙමළ වැසියෝ 15 000ක් පෙළපාලි ගිය හ. ලිප්ටන් වට රවුමේ ඊනිමා මානව හිමිකම් ගැන උඩුබුරන දෙතුන් දෙනෙකුගේ විහිළු සමස්ත ලාංකේය ජන මතය ලෙස හුවා දක්වන බීබීසීයට, අන්තිම කොටි තිප්පොළේ සිවිල් මරණ අතිශ්‍යෝක්තියට නඟන බීබීසීයට, මේ පුවත මඟ හැරුණු අරුම! සිංහල බසින් කොටි බ්ලොග් ලියන සිංහල නාමධාරීන්ට මේ යථාර්ථය නොවැටහෙන අරුම! මේ අද දිවයිනේ කතු වැකිය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග පැවති සියලු සම්බන්ධකම් අත්හැර දැමීමට තීරණය කර ඇති බව සඳහන් පුවතක් අද අප පත්‍රයෙහි මුල් පිටුවෙහිම පළ වෙයි. පුවත නම් අප තුළ විස්මය දනවන්නකි. එහෙත් එය අපට මෙන්ම මේ රටේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාටම සුබ ආරංචියක් බව කිව යුතුය. එසේම එබඳු තීරණයකට එළඹී මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීම පිළිබඳව ද අපි දෙමළ සන්ධානයට අපගේ සුබ පැතුම් ද පිරි නමන්නෙමු.

දෙමළ සන්ධානයේ දේශපාලන භාවිතය පිළිබඳ අපට තිබුණු එක් විවේචනයක් වුයේ ඔවුන් ප්‍රභාකරන්ගේ රුකඩ බවට පත්ව සිටින බවය. පාර්ලිමේන්තුව තුළ ප්‍රභාකරන්ගේ කටහඬ බවට පත්ව සිටි ඔවුහු ඉන් බාහිරව ඊළම්වාදී ප්‍රචාරකයන් බවට ද පත්ව සිටියහ.

ප්‍රභාකරන්ගේ හෝ තමිල් සෙල්වම්ගේ නියෝග නොඉක්ම වු ඔවුහු ජනඝාතක ජනපීඩක ෆැසිස්ටිවාදියකු දෙමළ ජනතාවගේ එකම නායකයා බව ද ලොවටම කියා සිටීමට තරම් දුබල වුහ. ආනන්ද සංගරී වැනි දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ඒ අතින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටි වීරයෙකැයි අපි හඟිමු.

දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන්ට ද වෙනත් සමාජ ක්‍රියාකාරීන්ට ද ප්‍රභාකරන්ට හෝ ඔහුගේ ම්ලේච්ඡ සංවිධානයට එරෙහිව වචන මාත්‍රයක් හෝ ප්‍රකාශ කිරීමට තරම් ශක්තියක් නොවු බවද අපි දනිමු. ඒ සියල්ලන්ම ක්‍රියා කළේ ප්‍රභාකරන් විසින් ඔවුන්ගේ කටට ඉබි යතුරු දමන ලද ආකාරයෙන් බව ද අපි දනිමු.

ප්‍රභාකරන් යුදමය ලෙස පරාජය කළ නොහැකිය යන මිත්‍යාව දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රචලිත කළ ඔව්හු ප්‍රභාකරන්ගේ පස්ස පමණක් නොව හොස්ස ද බිම ඇනී තිබෙන විට පවා ඔහු සුරුකීමේ ක්‍රියාදාමයක නිරත වුහ.

ප්‍රභාකරන්ගේ බටහිර මිත්‍රයන් එක් පසෙකින් විවිධ බලපෑම් කරද්දී දෙමළ සන්ධානය තමිල්නාඩුවට දිවගොස් ඉන්දියාව ලවා ප්‍රභාකරන් සුරුකීමට ක්‍රියා කළ අයුරු ද රහසක් නොවේ. දැන් කෙසේ හෝ 2006 වසරේවර්ග කිලෝමීටර් 150,000 ක පමණ භුමි ප්‍රමාණයක අණසක පතුරුවා ගෙන සිටි ප්‍රභාකරන්, වර්ග කිලෝමීටර් 300 ක 350 ක පමණ භුමි ප්‍රමාණයක හිරවී සිටින බව ද ලොව පුරා ප්‍රකටය.

නෝර්වේ ප්‍රමුඛ බටහිර කපටි ආරක්ෂකයන් විසින් එල්. ටී. ටී. ඊ. යට දක්වන ලද ලැජ්ජා සහගත අනුග්‍රහය කෙබඳුදැයි දැන් රටටම හෙළිවී තිබේ. සටන් විරාම දම්වැලෙන් ආරක්ෂක හමුදාවේ දෑත් දෙපා බැඳ දැමු අය ද දැන් හමුදා විජයග්‍රහණ පිළිබඳව ඔල්වරසන් නඟති. ආරක්ෂක හමුදා විලංගුවෙන් මුද වු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපේක්ෂා කළ පරිදිම ගෝඨාභය රාජපක්ෂ නමැති ආරක්ෂක ලේකම්වරයා ප්‍රභාකරන්ගේ නාසිවාදය පරාජය කර තිබේ.

ත්‍රස්තවාදයේ කඳින් හිස වෙන් කළත් තවමත් හිස කොතැනක හෝ දෙබුක්කුවක සඟවාගෙන පණ ගහන බව පෙනේ. එහෙත් ඒ ඉතාමත් කෙටි කාලයකට බව අපි නිසැකවම දනිමු. නෝර්වේ වැනි අතක ඇඟිලිවලින් ගණන් කළ හැකි කීප දෙනෙක් තවමත් මේ වෙන්කළ හිස හා කඳ යා කිරීමේ ප්‍රයත්නය අත්නොහැර සිටිනු ද විය හැකිය. එහෙත් දෙමළ සන්ධානය එයින් බැහැරව, සිය දේශපාලනය ආරම්භ කිරීමට ගත් තීරණය නිවැරදි හා ප්‍රායෝගික ද වේ. ප්‍රභාකරන්ගේ ෆැසිස්ටිවාදී මිනී වළට පැන දිවි නසා ගැනීම වෙනුවට දෙමළ ජනතාවගේ සැබෑ නායකයන් අතරට එක්වීම ඔවුන් විසින් ගන්නා ලද බුද්ධිමත් තීරණයක් බව ද අපි හඟිමු.

ප්‍රභාකරන්ගේ කට හඬ පමණක් නොව ඔහුගේ මනෝකාය බවට පත්ව සිටි කරුණා අම්මාන්ට මෙන්ම පිල්ලෙයාන්ට ද කොටි පුල්ලි මකා ගත හැකිවී නම් දෙමළ සන්ධානයට එහිලා කිසිදු බාධාවක් ද නැත.

කේසර සිංහයෝ කෙබඳු කුස ගින්නක් දැනුන ද තණ කබල් නොබුදිතියි අගනා සුභාෂිතයක් ඇත. ප්‍රභාකරන් නිසා කොටි වෙස් ගෙන තණ කබල් බුදින ලද සියලු දෙනාටම ද දැන් එයින් මිදීමට හැකි බව ද අවසන් වශයෙන් සඳහන් කරමු.
(දිවයින 09/02/02)
 
සිය රට දේ සිරි සැප දේ !