Friday, January 30, 2009

ලිප්ටන් රවුම අද පාළුයි සුවාමිනේ !!!

උතුරේ ත්‍රස්තවාදය පෝෂණය කළ ජඩයින් මෙරටට හදුන්වා දුන්නකි: කුප්‍රකට මානව හිමිකම් ජාවාරම. මෝඩ ගුරෙක් ළමයෙකුට තැලූ කල අධිකරණයට දුවන මොවුහු පත්තර විකුණන කොල්ලෙකුගේ ඇඟේ මැස්සෙක් හැපුණු විට එම මැස්සා ආණ්ඩුවේ මැරයෙක් බවට බටහිරට පැමිණිලි කරති. එවිට මෙරට මානව හිමිකම්, ජන මාධ්‍ය නිදහස කිරාමැන බලන උන්ගේ ස්වාමිවරුන් ඩොලර් කිහිපයක් මේ නිවටයින්ට විසි කොට ලංකාව අසමත් රාජ්‍යයක් බව ද ජවමාධ්‍ය නිදහස අන්තිමට නරක් වී ඇති බව ද පවසා ලිපි වාර්තා නිකුත් කරනු ලැබේ. එහෙත් කොටි ත්‍රස්තවාදීන් මේ රටේ අමු අමුවේ මිනී මරමින් කරන මානව හිමිකම් සමූල ඝාතන කරනු උන් කවදාවත් දුටුවේ නැත. දකින්නේත ද නැත.මෙවන් දේශද්‍රොහී ජඩයින්ට චීනය වැනි රටක නම් යළි හුස්ම ගැනීමට ඉඩ නොතබන බැව් සහතික ය. එහෙත් අපේ රටේ නම් මේ ව්‍යාපාර විසින් ම අවස්ථානුකූලව උන්ගේ එකෙක් මරා යම් ආන්දෝලනයක් ඇති කරනු තුරු උන්ට කිසිවෙකුගෙන් හිරිහැරයක් නැත. අද දිවයිනේ කතුවැකිය උන් ගැන ය.

මත්ද්‍රව්‍ය ජාවාරමත් රජයේ ඉඩම් ගොඩකර විකිණීමේ ජාවාරමත් හැරුණු කොට ශ්‍රී ලංකාව තුළ වඩාත්ම ලාභදායි ව්‍යාපාරය මානව හිමිකම් ව්‍යාපාරය විය යුතුය.

මානව හිමිකම් ව්‍යාපාර යනුවෙන් වු යථාර්ථයක් ලෝකයේ කොහේවත් නැතැයි යනුවෙන් මින් අදහස් නොකෙරෙයි. එහෙත්, ලෝකයේ තිබෙන එබඳු මානව හිමිකම් ව්‍යාපාර වුවත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ අන්තිම ජඩ ආවේශයකිනි. මේ ජඩකමට, වෙන අන් කවර කරුණකටත් වඩා හේතු වී ඇත්තේ මුදල් බව දැන් දැන් අනාවරණය වන හෙයින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ "මානව හිමිකම් ව්‍යාපාර" යන්න ජාවාරම් වශයෙන් මිස අන් කවර නමකින් නම් හැඳින්විය හැකිද?

එල්. ටී. ටී. ඊ. අත්අඩංගුවේ පසුවන අතිවිශාල සිවිල් වැසියන් සංඛ්‍යාව කොන්දේසි විරහිතව නිදහස් කොට යුද මුක්ත කලාපයට එවන්නැයි එල්. ටී. ටී. ඊ. යට නොකියා රජයත්, එල්. ටී. ටී. ඊ. යත් යන දෙපාර්ශ්වයම මේ මොහොතේ උතුරේ අහිංසක ජනතාවගේ මානව හිමිකම් බිඳින්නේ යැයි ඇම්නැස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කියන විට ඉන් හැඟවෙන්නේ එහි බබා උක්කුං බව නොවේ.

තම මාලය රුකගැනීමට තැත් කළ පුද්ගලයාත් එය මංකොල්ලකෑමට තැත් කළ සොරාත් එකම වරදක දෙපාර්ශ්වයක් වශයෙන් සලකන්නෝ අන්‍යාලාපයකින් සොරා ආරකෂා කරන්නෝ නොවේද?

අහිංසක ජනතාව නිදහස් කොට ඉන්පසු තමන්ගේ "සුපුරුදු වැඩකිඩ" ශ්‍රී ලංකා හමුදාවලට පෙන්වන්නැයි "එල්. ටී. ටී. ඊ. වීරයාට" නොකියා, එක්සත් ජාතීන්ගේ අධීකෂණය යටතේ අන්තර්ජාතික නිරීකෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන්නදැයි අසන එරික් සෝල්හයිම් වැනි දේශපාලන වනචරයකු (වනචරයා යනු වනයෙහි සරන්නා යන්නය) මේ කරන භුමිකාව කුමක්ද?

සත්‍යය නම් එල්. ටී. ටී. ඊ. ග්‍රහණයේ පසුවන අහිංසක දෙමළ ජනතාව පිළිබඳව මේ අයට හෝ සංවිධානවලට හෝ රුදාවක් නැති බවය. ඇඟ එළියේ දමාගෙන මුත් පැස්බරෙකු මෙන් මුලතිව් වැල්ලේ හිස සඟවාගෙන සිටින වේළුපිල්ලේ ප්‍රභාකරන් බේරාගැනීම මේ සියල්ලන්ගේ සිහිනයයි.

දැනට එල්. ටී. ටී. ඊ. ග්‍රහණයේ පසුවන දෙමළ ජනතාව යනු පැරණි ඊජිප්තුවේ පාරාවෝ රජකු මියගිය කල්හි ඔහු සමග සදාකාලිකව වැළලීමට ගාල්කරන ලද වහලුන් පිරිසක් නොවේ.

හිටිලර් සමග සංසන්දනය කරන කල්හි වුවද වේළුපිල්ලේ යනු විලිලජ්ජා නැති නායකයකු බව පෙනේ.

හිටිලර්, බර්ලින් බංකරය තුළ ගතකළ තම අවසාන දින කීපයේදී වුව මහත්මයකු මෙන් කටයුතු කළේය. තම ප්‍රධාන සෙනෙවිවරුන් ඇතැමෙක් තමන්ට නොදන්වා පලායන අතරේදී සහ විශිෂ්ට රතු හමුදාවේ ප්‍රහාරවලින් මියයන අතරේදී වුව ඔහු බර්ලිනයේ ඉතිරි වු සාමාන්‍ය ජනතාව කැඳවා තමා වටා පවුරක් බැඳගත්තේ නැත. "අනේ දැන් ඔයගොල්ලෝ මාව බේරාගන්නැයි" හඬාවැටුණේද නැත. තමා විසින්ම නිර්මාණය කරන ලද අයහපත් බවේ ශාපයට දුෂ්ටයකු ලෙසම මුත් නිවටයකු මෙන් මුහුණ නොදුන් ඔහු සිය දිවි නසාගත්තේය.

ඇත්තවශයෙන්ම දැන් පෙනෙන්නේ දිවිනසාගැනීම දේශපාලන අවියක් වශයෙන් සහ තම පරමාර්ථ සාධනයේ ආදර්ශයක් වශයෙන් ඉදිරිපත් කළ මිනිසාම එයට බියෙන් පැකිළෙන බවකි.

සිවිල් මිනිසුන්ගේ, දරුවන්ගේ රෝගීන්ගේ ඇඟේ එල්ලී පණ බේරාගැනීමට තැත් කිරීම අඩුම තරමේ ත්‍රස්තවාදීන්ගේ වැඩක්වත් නොවේ. එය වු කලී කිනිතුල්ලන්ගේ සහ මැක්කන්ගේ වැඩක් පමණි.

අතිබිහිසුණු මහා ත්‍රස්තවාදියකු මෙන් හඳුන්වනු ලැබු මිනිසා, මැක්කකු මෙන් ඉතිහාසයට එක්වීම පිළිබඳව අපට ඇති කනගාටුවක් නැත.

එහෙත්, ඔහුගේ ග්‍රහණයට නතුව අපා දුක් විඳින සාමාන්‍ය ජනතාව පිළිබඳව අපට කනගාටුය. පොලිසියෙන් ගුටිකෑ හරක් හොරුන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳව පවා ලිප්ටන් වටරවුම දෙවනත් කළ මානව හිමිකම් සංවිධාන කිසිවක් ඒ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටියි. ඔවුන් නිදහස් කරන්නැයි අර මැක්කාගෙන් නොඅයදියි. පොල් ගසනු තබා ඒ වෙනුවෙන් පිටි කළ පොල් කුඩු පැකටිටුවක්වත් පොළොවේ නොගසයි.
(දිවයින-09/01/31)

5 comments:

Manoj colambage said...

මානව හිමිකම් කාරයින් කොහොමත් කැමති නෑ මේ යුද්ධය ඉක්මනට ඉවර වෙනවට.උන්ට ඕන සාම කථා, සටන් විරාම, අන්තර් පාලන වගේ විසදුමක් නොලැබෙන දේවල් මගින් යුද්ධය දිගු කාලීනව පවත්වාගෙන යන්න.
යුද්ධය ඉක්මනට ඉවර වුනොතින් ඔය ඒක ඒක නම් වලින් තියෙන සංවිධාන වලට පැවැත්මකුත් නැතිවෙනවා. එතකොට ඒවාට කඩේ යන එවුන් කොහොමද බඩ ගෝස්තරය හොයාගන්නේ.

Anonymous said...

දැන් මුන් අරඅදිනවා අගමි බෙදයකට manoj

නාමල් උඩලමත්ත said...

සහතික ඇත්ත. අන්න ඒ නිසයි අපි හැමෝම මේ වෙලාවේ ඊට විරුද්ධව අපට කළ හැකි දේ කළ යුත්තේ. අද අපට ජාතිවාදියා, අන්තවාදියා කියන එවුන්ගේ දරු මුනුබුරන්ටත් එතකොට පුළුවනි සාමයෙන් සතුටින් රටේ ජීවත් වෙන්න.

NUWAN said...

මචන් මරු මමත් එකගයි

නිලන්‍ත said...

අත් දෙකම ඔසවා අනුමත කරමි. ඒකී බඩගෝස්තරයන්ගේ දෘෂ්ඨියට අනුව මමත් ජාතිවාදියෙක්මි.

 
සිය රට දේ සිරි සැප දේ !