අද හිමිදිරියේ රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. අප දන්න පරිදි ඔහු කොටින්ට පක්ෂපාති අයෙක් නොවේ. රජයේ යුද මෙහෙයුම් ගරහන්නෙක් හෝ හමුදා ජයග්‍රහණ දැක කුලප්පු වන්නකු ද නොවේ. එහෙයින් මේ ප්‍රහාරය ආණ්ඩුවට පැවරීමට ලංකා මාධ්‍ය ව්‍යාපාරිකයින්ට අමාරු ය. ලිප්ටන් වට රවුමට පැමිණි ටිකක් කෑ ගසා ඒ ඡායා රූප යුරෝපයට යවා යමක් කමක් උපයා ගන්නට ද අමාරු ය. එහෙත් ටිකක් හිතුවොත් අමාරු ද නැත. මේ ඒ සඳහා ගුරුකමකි.
ඔවුන්ට මෙසේ කීමට හැකි ය.මෙය ද ආණ්ඩුවේ වැඩකි. පෙර සිදු මාධ්‍ය මර්දන සහ ඝාතන පර්යේෂණ නොමඟ යැවීමයට ආණ්ඩුව අත යටින් දුන් ගේමකි මේ. රජයේ විරුද්ධවාදීන් මේ කටයුතු පසුපස සිටින බව පෙන්වීමට ඔවුන් මෙය කර ඇත. ඒ නිසා ඔහුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර නැත. මෙය ප්‍රහාරය පසුපස මහසෝන් බලකාය ඇත. එමෙන් ම කරුණා පාර්ශවයේ පිරිසක් ද මීට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත. මෙසේ පවසා අද සිදුවූ ප්‍රහාරය ද ආණ්ඩුව මත පැවරීමට හැකි ය. දැන් සති අන්තයේ කතු වැකියක් කියවමු.
ජනාධිපති මහින්ද රාජපකෂ මහතා පසුගිය 14 වැනිදා රජයේ හා පෞද්ගලික අංශයේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති විශේෂ හමුවකදී ප්‍රකාශ කර තිබුණේ මේ රටේ මාධ්‍යවලට, රජයට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවය. එසේම ත්රස්තවාදීන්ට වාසි වන අයුරින් මාධ්‍ය හැසිරවීමෙන් වළකින ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබිණි.
පසුගිය දිනවල මේ රටේ මාධ්‍ය කෙෂ්ත්රය තුළ පමණක් නොව දේශපාලන හා සමාජ කෙෂ්ත්‍රයන්හි ද බරපතල ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් විය. සිරස ආයතනයට පහර දීම හා සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා නාඳුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය වීමය. මේ සිදුවීම් දෙක පිළිබඳවම විපකෂයේ මෙන්ම සමහරුන්ගේ ද ඇඟිලි දිගු වන්නේ රජයටය.
ජනමාධ්‍ය ආයතන තුළ මෙන්ම ජනමාධ්‍යවේදීන් තුළ ද එම භීෂණයේ කම්පනය මුළුමනින්ම පහවී නැති බවද ඇත්තය. ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් කැඳවා ඔවුන් තුළට කාන්දු වී තිබෙන බිය සැක දුරු කිරීම අප අගයන්නේ ද එහෙයිනි.
ජනාධිපතිවරයා ලෙස රටේ නායකයා විසින් දෙනු ලබන ප්‍රතිඥාවක්, සහතිකයක් බැහැර කිරීමට අපට හේතු නැත. එහෙත් ජනාධිපතිවරයා පවා සිහිනෙන්වත් නොසිතන අන්දමේ බිහිසුණු ඝාතන, පහරදීම් සිදු වන්නේ කෙසේද? ජනාධිපතිවරයා මෙන්ම රජයේ ප්‍රධානීන් ද පවසන අන්දමට යුද ජයග්‍රහණ ලබමින් ජන ප්‍රසාදයේ ඉහළින්ම සිටින රජයකට එබඳු ප්රචණ්ඩ ක්‍රියාවලින් ලැබෙන ප්‍රයෝජනයක් ද නැත. එහෙත් රජයේ කීර්තිය පළුදු කිරීම සඳහා එබඳු දේවල් සැලසුම් කිරීමට ද බාධාවක් නැත.
මෙම මානුෂික මෙහෙයුම් ආරම්භයේදී ඇතැම් මාධ්‍යවලින් රජයට ලැබුණේ විවේචන පමණි. සමහර විදෙස් මාධ්‍යවල අනාවැකිය වුයේද කිළිනොච්චිය ජය ගත නොහැකි බවය. තමිල්නාඩුව පසුපස සැඟවුණු බලවේග ක්‍රියාත්මක වු අයුරු ද අපට මතකය. ඒ අනුව රජයේ විජයග්රහණයට මාධ්‍යවලින් ප්‍රබල බලපෑමක් වු බවක් ද කිව නොහැකිය. එහෙත් දෑන් දෙස් විදෙස් සියලුම මාධ්‍ය රජයේ විජයග්රහණ ප්‍රතික්ෂේප නොකරයි.
තතු එසේ වුවද ප්‍රකාශන නිදහස යනු නිදහස් චින්තනයේ උල්පත තුළින්ම ගලා එන සුනිල දිය දහරකි යන්න අපගේ විශ්වාසය හා පිළිගැනීම ද වේ. ඒ සඳහා කිසිදු බාධාවක් හෝ අවහිරයක් ද තිබිය යුතු නැත. රජයෙන් එයට බාධාවක් නොවුවත් වෙනත් අදිසි බලවේගයකින් එයට බාධා සිදු වේ නම් එය වැළැක්වීම භාර වන්නේ ද රජයටය.
මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි දීමට කැපවු බව සමාජය අබියස නිරුපණය කරන ඇතැම් අයගේ ද ක්‍රියාකාරකම් දෑන් දෑන් හෙළි වෙමින් තිබේ. මාධ්‍ය නිදහස මුවාවෙන් ඇතැමෙක් ලද ප්රතිලාභ දෙස බලද්දී ඒ සඳහා අවංකවම කැපවු කෙනෙකු තුළ ඇති වන්නේ කලකිරීමට වඩා ලැ-ජාවක් ද විය හැකිය. එකී මාධ්‍ය ව්‍යාපාර හිමිකරුවන්ට හසුවීමේ ලැ-ජාව හා තැවුල බොහෝ දෙනෙකුට තිබෙන්නකි.
මේ රටේ මාධ්‍ය භාවිතය මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳ සාධාරණ හා යුක්ති සහගත විවේචන තිබේ. මාධ්‍ය මර්දනයට බොහෝ පාලකයන් විසින් දක්වන ලද කැමැත්ත හා ඇතැම් මාධ්‍යවේදීන් බිලි ගන්නා ලද ආකාරය පිළිබඳ ඉතිහාසය ද ඉතා පැහැදිලිය. මාධ්‍ය ආයතන සීල් තැබීම, ගිනි තැබීම, වසා දෑමීම මෙන්ම බිය ගැන්වීම, හීලෑකර ගැනීමට මාන බැලීම යනාදී බොහෝ දේ සඳහා බොහෝ අය දායක වු බව ද නොරහසකි.
මේ සියල්ලම ප්රජාතන්ත්රවාදයේ මුලධර්ම පිළිබඳ අනවබෝධයත් දේශපාලන මුග්ධභාවයත් නිසාම සිදු වන දේවල්ය. එහෙත් අවමන් සහිත ඉතිහාසය වළලා දමා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැංවීම රජයක මෙන්ම මාධ්‍යවේදීන්ගේ ද වගකීම හා යුතුකමය.
මාධ්‍ය නිදහස යනු සාපේකෂක දෙයකි. ලොව දියුණු යැයි කියැවෙන රටවල පවා මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදු වන හිරිහැර, බාධා පිළිබඳව ද වාර්තා වේ. එසේම මාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම නොතකා ක්‍රියාකරන ලද අවස්ථා ද වේ. "වගකීමේ මාධ්‍ය කලාව" සහ සංකල්පය බැහැර වීම එයට හේතුවය.
පාලකයන් සමග නිරන්තරව ගැටුම්වලට යන මාධ්‍ය සංස්කෘතියක් මෙන්ම මාධ්‍යවලට බලපෑම් කරන දේශපාලන සංස්කෘතියක් ද එකසේ රටකට අහිතකරය. විශේෂයෙන් රටක් ජාතික අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවක මාධ්‍යවලට පැවරෙන වගකීම් ද බොහෝය. මාධ්‍ය යනු සිව්වැනි ආණ්ඩුව ලෙස හැඳින්වෙන්නේ ද මාධ්‍යයට තිබෙන වගකීම හා බලය ද නිසාය.
ප්රජාතන්ත්රවාදය පිළිබඳ අපගේ දෑනුම හා අත්දෑකීම කෙබඳු වුවද අපට තවමත් එහි ප්‍රබල මුලධර්මයක් වන අදහස් ප්රකාශනයේ නිදහස පිළිබඳ අවබෝධයක් නැත. අතිශයෝක්තියෙන් කෙරෙන වර්ණනා මෙන්ම පැසසුම් ද පමණක් ඇසීමට හුරු වී තිබෙන දේශපාලන සංස්කෘතියක් තුළ මාධ්‍ය නිදහස යනු උභතෝකෝටිකයක් පමණි.
කෙසේ හෝ ජනාධිපතිවරයා සඳහන් කළ පරිදිම මාධ්‍ය බියෙන් නිදහස් වීම මෙන්ම ඒ සඳහා උචිත වාතාවරණයක් සැකසීම ද රජයේ වගකීමය. රාජ්‍ය බලය මාධ්‍ය මර්දනය සඳහා යොදා ගැනීමේ අපකීර්තිමත් වාර්තාවලට ද ඉඩ නොතැබිය යුතුය. රජය හා මාධ්‍ය අතර සහ සම්බන්ධයක් තිබිය යුතු අතරම රජයට ද මාධ්‍ය පිළිබඳ සතුරු ආකල්ප නොතිබිය යුතුය.
ජනප්‍රසාදයට පත්වන කිසිම රජයක් මාධ්‍ය මගින් අප්‍රසාදයට ලක් කිරීමට හැකි වේ යැයි අපි නො සිතමු.
(ඉරිදා දිවයින-09/01/18)
Thursday, January 22, 2009
Subscribe to:
Post Comments (Atom)
4 comments:
This latest attack is a big mystery itself. There is no reason to point the finger at the government, true.
But if you are a little open to the facts you may have seen the confession by the government that 9 journalists have been killed and 27 have been assaulted since 2006. Do you want us to believe that the government didn't have anything to do with any of these? If so I see you as a guy with an unwanted love towards a corrupt regime that is no better than the ones we had previously.
පසුගිය දිනවල සිදු වූ සිද්ධි ඔබේ අදහසට පාදක වන්නට ඇත. මෙවැනි විටෙක ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීම ඉතා ම සරළ කාරණයකි. ඒ වෙනත් අදහස්වලිනි. අද එසේ ඇගිලි දිගු කරන බහුතරය ඊනියා යුද විරෝධි, ත්‍රස්ත හිතකාමීහු වෙති.
මේ මර්දන ක්‍රියා කළේ කවුදැයි මම නොදනිමි. එහෙත් ඇතැමුන් මෙන් පත්තර විකුණන කොලුවා රිය අනතුරකින් මළ විට ද, මේ ආණ්ඩුවේ මාධ්‍ය දඩයමකැයි කියා මොර දෙන්ට අපට නොහැකි ය. රවිරාජ්, තාරකි ආදීන් මළ විට ආණ්ඩුවට ඇඟිලි දිගු කළ ද පසුව ඒවා වෙන අය කළ බව හෙළි විය. ලලිත් මැරුවේ ප්‍රේමදාස යයි සිතන අය අද ද මෙරට වෙයි.එහෙත් යථාර්ථය එය ද?
මා සිතන පරිදි පසු ගිය කාලයේ මර්දනයට ඉලක්ක වූ කිසිවෙක් වර්තමානයේ ආණ්ඩුවට තර්ජනයක් නොවේ. සිරස මෙන් ම ලසන්ත වික්‍රමතුංග ද මතවාදීමය වශයෙන් පරාජය වූ අයයි. එම ප්රහාරවලිනි වාසියක් වූයේ ද ආණ්ඩුවට නොව රටේ විරුද්ධ පක්ෂයටයි. (ආණ්ඩුවේ නොව රටේ වික්ෂය)
කෙසේ වුව ද ජාතික රූපවාහිනි සිද්ධිය ඉතා ම පැහැදිලි වැරැද්දක් බව මම පිළිගනිමි.ඊට එරෙහි වෙමි.
එමෙන් ම රිචඩ් ද සොයිසාගේ මිනීමරුවන් ලසන්ත වෙනුවෙන් කිඹුල් කඳුලු සෙලන බව මෙරට ජනතාව දනිති. එහෙයනි රටේ විපක්ෂය සුදු කොඩි ඔසවන්නැයි කීව ම ජනතාව සිංහ කොඩි ඔසවන්නේ.
so who did kill Raviraj? When was the case resolved? How can the murder of Lasantha benefit the opposition? And why one opposition party when the opposition is composed of many parties? It is inevitable to feel that you have a soft feeling towards this regime and you are blinded by it.
You acknowledge that the Rupavahini incident was done by a government minister because we all saw it live. If not what would have been the argument? of course the argument would have been that there is no reason for a government minister to attack the pro government Rupavahini.
There is a pattern that repeated after this government came into power. For example what happened to Hiru fm. Government cancelled their licenses. Got a provincial minster to jump to their side the license was granted again and all of a sudden we find the Hiru fm to be extremely biased towards the government. I guess that was done by the UNP too.
By the way UNP has nothing to do with this topic. They were corrupt, murderous and the public kicked them out. Trying to kick this, same bunch with a different color out of office is not helping UNP back into power.
Government is helpless here. Actually the UNP which was reduced to nothing has come up a long way to destabilize the government. Actually then want to show that government having all these check points, guns and soldiers equipped well, is helpless before a weak opposition. In fact UNP want to show that government let alone the North they even cannot rule the South. They are doing it very smartly. They are not only showing the people of this country but the whole world government is not in power even in South and cannot apprehend those thugs who want destabilize the government. This is conspiracy. I think UNP must be getting the help of a foreign power. If we don't watch tomorrow they might even topple the government through a conspiracy.
Post a Comment