Sunday, January 18, 2009

මීළඟ නිදහස් දිනය හොඳම නිදහස් දිනයයි

ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී ශිවශංකර් මෙනන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය සිකුරාදා (16 දා) වුවද ඉන්දියානු රජයේ බලසම්පන්න නියෝජිතයකු මෙහි පැමිණීමට නියමිතව තිබුණේ ඊට බොහෝ පෙර, මුම්බායි ප්‍රහාරයටත් කලිනි. ඉන්දියානු බලවතකු මෙහි පැමිණ යුද්ධය නවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපකෂ මහතාට බල කරනු ඇතැයි මේ රටෙි ඇතැම් දේශද්‍රෝහී දේශපාලන පකෂ සහ එන්. ජී. ඕ. සමුහ ව්‍යාපාර උඩ පනිමින් සිටියහ. ශ්‍රී ලංකාවට බලපෑම් නො කරන්නේ මන්දැයි මෙයින් සමහරු තමිල්නාඩුවේ මහ ඇමැති මුතුවේල් කරුණානිධිගෙන් ප්‍රශ්න කළහ.

එවිට නවදිල්ලියට දිව ගිය කරුණානිධි තමාගේ ගැලවීම සඳහා වත් රජයේ නියෝජිතයකු ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලා සිටියේ ය. කරුණානිධි සනසා තමිල්නාඩුවට යැවු ඉන්දියානු මධ්‍යම රජය ඉන්දියානු විදේශ ඇමැති, ආරකෂක ලේකම් හෝ විදේශ ලේකම් මෙහි එවීමට තීරණය කළේය. ඒ බව මේ රටෙි මෙන්ම ඉන්දියානු පුවත්පත්වල ද පළ විය. කරච්චියෙන් පිටත් වු මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් බෝටිටුවක නැඟී මුම්බායි නගරයට වැද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර විශාල පිරිසක් මරා මුළු ලෝකයේම ඇස් ඉන්දියාව දෙසට හරවන්නේ මෙවිට ය. එහිදී වෙනත් රටවල් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි ක්‍රියාමාර්ග ගැන තවදුරටත් කතා කිරීමේ චර්යාත්මක අයිතිය ඉන්දියාවට අහිමි විය. එසේම කරුණානිධිට ද කටඋත්තර නැති විය. එතැන් සිට ඉන්දියාවේ අලුත්ම ඉල්ලීම වුයේ ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට භාරදෙන ලෙස ය.

මුම්බායි නුවර ත්‍රස්ත ගිනිදැල් නිවී යෑමත් සමඟම ඉන්දීය බලවතකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව යළි මතු විය. ශ්‍රී ශිවශංකර් මෙනන් නමැති කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයා ඉකුත් සිකුරාදා මෙහි එන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් මෙහි පැමිණි ඒ මහතා ඇතැම් දේශද්‍රෝහී දේශපාලන පකෂවලත් එන්. ජී. ඕ. කාරයන්ගේත් බලාපොරොත්තුවලට පයින් ගසා තිබේ. වැඩි දෙනාගේ කල්පනාව සහ ප්‍රාර්ථනය වුයේ මෙහි එන විදේශ ලේකම් ආණ්ඩුව ඉදිරිපිට අඩි හප්පා මුලතිව් කැලෑවට බෝම්බ දැමීමෙන් වළකිනු, ප්‍රභාකරන් සුරකිනු යනාදී වශයෙන් නියෝග කරනු ඇත යනුවෙනි. එහෙත් ජනාධිපතිවරයා සමඟ නුවරදී පැවැති සාකච්ඡාවලදී මෙනන් මහතා වැඩි අවධානය යොමු කළේ උතුරේසහ නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු ගැන ය. බලය බෙදාහැරීමේ අවසන් විසඳුමට පෙර මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නේ නම් මැනවැයි ඔහු යෝජනා කළ බව දැනගන්නට තිබේ.

මේ මොහොතේදී ආසියානු කලාපයේ ත්‍රස්තවාදය වඳ කිරීමේ මතවාදයේ මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඉන්දියාව ය. එම මතවාදය ක්‍රියාවට නැංවීමේ මුලිකත්වය හිමිවන්නේ ශ්‍රී ලංකාවට ය. මෙයට වසර දෙකකට පෙර මේ රටෙන් තුනෙන් දෙකක් සහ මුහුදු සීමාවෙන් 70% ක් පමණ අයත් කරගෙන සිටි කොටි සංවිධානය මේ මොහොත වන විට වර්ග කිලෝමීටර 30 කටත් තුන් දහසක පමණ බංකොලොත් හමුදාවකටත් සිය බල වපසරිය සීමා කරගෙන ඇත. මීළඟ නිදහස් දිනට පෙර මේ කිලෝමීටර 30 යුද හමුදාව අතට පත්වීමටත් ප්‍රභාකරන්ගේ අවසන් කටයුතු අප්‍රකටව ම සිදුවීමටත් ඉඩ තිබේ. හමුදාව තම බංකරය අසළට ළංවන විට ඔහු ස්ථිර වශයෙන් ම සයනයිඩ් කනවා ඇත. නැතහොත් සංවිධානයේ ඊළඟ නායක වීමට සිටින පොටිටු අම්මාන් ඔහුට සයනයිඩ් කවනවා ඇත. හිටිලර්ට සිදුවුයේත්, අවසන් මොහොතේදී සිය දිවි නසා ගැනීමට ය. දිගු කලකට පසු මේ රට භාරගත් දේශපාලන නායකත්වයක් විසින් ජාතික යුතුකමක් ඉටු කරනු ලබමින් සිටී. ඒ යුතුකමට සහය දීම දේශප්‍රේමී සියලු දෙනාගේ වගකීමකි.
(දිවයින-09/01/19)

3 comments:

Manoj colambage said...

මෙය හොදම නිදහස් දිනය වීමටනම් ‍ඊට පෙර උතුර නිදහස් කර ගත යුතුය.
මෙය නිදහසේ වසර වීමටනම් 2010ට පෙර උතුර නිදහස් කර ගත යුතුය.

නිදහස් දිනය නොව නිදහස් වසර සමරන්නද අපි බලා සිටින මුත් ඒ සියල්ල තීරණය කරණුයේ දේශපාලනය විසින් ඔව්න්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමටනම් අප ගොඩනගනු ලබන නිදහසේ බලාපොරෝත්තුව යථාර්තයක්ම වීද?

Aravinda said...

මීට පෙර සිටියෝ තම දේශපාලන ඕනෑකම් වෙනුවෙන් තම රට විකිණූහ. අද දේශපාලකයන් ඔවුන්ගේ ඕනෑකම් ඉටු කර ගැනිමට හෝ රට නිදහස් කරගනී නම් එහි ඇති වරද කුමක් ද.

තරිඳු said...

@අරවින්ද
කතාවට මගෙන් 100%

 
සිය රට දේ සිරි සැප දේ !