සිරසට රාල විරුද්ධ ය. සමස්තයක් ලෙස එහි තුප්පහි ව්‍යාපෘති මෙරට සංස්කෘතියට හර පද්ධතියට එරෙහි වු ඒවා වෙයි. එමගින් යම් මෙහෙවරක් වේ යයි යමෙක් පවසයි නම් එමගින් වන හානිය එමෙන් සිය දහස් ගුණයෙක් බව වටහා ගත යුතුව ඇත. එහෙත් මේ මාධ්‍ය පිළිබඳ ක්‍රියා කිරිමට ඒ පිළිබඳ තීරණ ගැනීමට ජනතාව විසින් පත් කළ ආණ්ඩුවක් ඇත. ඒ මාධ්‍ය වෙත බලපත්‍ර දෙන්නේ ද ඒවා දීර්ඝ කරන්නේ ද ආණ්ඩුව ය. ඒ කටයුතු ආණ්ඩුව බලා ගත යුතු ය. එසේ නොකොට කුඩු පොලු ගෙන මැරයින් මාධ්‍ය වෙත පහර දීමට මං පැදීම අපි තරයේ හෙළා දකිමු. ආණ්ඩුව සිය වඟකීම ඉටු කළා නම් මෙවන් දේ සිදු නොවනු ඇත. දැන් අද දිවයින කතුවැකිය කියවමු.
සිරසට පහර දී තිබේ. බෝම්බ ගසා ගිනි තබා, වීදුරු කුඩු කරමින් කරන ලද එම පහර දීමට සුපුරුදු පරිදි සුදු වෑන් රියකින් පැමිණි ටී. 56 තුවක්කු අතින් ගත් මැර කල්ලියක් සහභාගි වී තිබේ. සුදු වෑන් භීතිකාව ඉතා භයානක ලෙස රට පුරා පැතිර යමින් පවතී. 1988-89 කාලයේදී මෙබඳු ම භීතිකාවක් පැජරෝ රථ කෙරෙහි තිබිණ. පැජරෝ රථවලින් මහ රු පැමිණි සන්නද්ධ කණ්ඩායම් තරුණයන් පැහැරගෙන ගොස් මරා හන්දිවල දමා ගිනි තැබුහ. මේ නිසා සද්භාවයෙන් මහ මඟ යන පැජරෝවක් දුටු විට පවා මිනිස්සු පණ බේරා ගනු පිණිස පැන දුවන්නට වුහ. 1988-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සිය දෙවැනි සන්නද්ධ අරගලයේ නියුතුව සිටියේ ය. ආණ්ඩුව පැජරෝ රථ වැඩි වශයෙන් යොදවන ලද්දේ මේ තරුණයන් පැහැරගෙනැවිත් මැරීම පිණිස ය. එදා පැජරෝ කෙරෙහි පැවැති භීතිකාව හා සමාන භීතිකාවක් අද සුදු වෑන් කෙරෙහි ද ජනතාව තුළ ගොඩනැඟෙමින් පවතී. පසුගිය කාලයේදී සිදු කෙරුණු පහරදීම් මරණ තර්ජන හෝ වෙඩි තැබීම් වැඩි හරියක් කළේ සුදු වෑන්වලින් පැමිණි සන්නද්ධ පිරිස් ය. මේ සිරස ආයතනය ප්‍රහාරයට ලක් වු පළමුවන අවස්ථාව නොවේ. එසේම මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් ප්‍රහාරයට ලක් වු පළමුවන අවස්ථාව ද නොවේ. 1970 දී බලයට පත් වු සමඟි පෙරමුණ ආණ්ඩුව ලේක්හවුස් ආයතනය රජය යටතට ගැනීමෙන් ද දවස ආයතනයට සීල් තැබීමෙන් ද පසුව ජනාධිපති වු ජේ. ආර්. ජයවර්ධන මහතාට වැරදි ආදර්ශයක් දුන්නේ ය. එවකට ජයවර්ධන මැතිතුමාගේ එ.ජා.ප. ආණ්ඩුවේ සිටි මැර ඇමැතිවරු "දිවයින" කර්තෘගේ නිවසට ද බෝම්බ ගැසී ය. ක්‍රමයෙන් පුවත්පත් කලාවේදීන්ට මග සිට පහර දීමට පටන් ගන්නා ලදී. 1988 දී බලයට පත් වු එ.ජා.ප. ආණ්ඩුව මානව හිමිකම් කඩකරන ආකාරය ගැන කතා කළ රිචඩ් ද සොයිසාගේ මළසිරුර මුහුදු වෙරළක තිබී හමුවිය. තවත් කරුණක් කියමු: 1977 න් පසු මේ රටෙි හටගත් මාධ්‍ය මර්දනය කොතෙක්ද යත්, එම රජය විවේචනය කළ "දිවයින" ට දැන්වීම් නො දෙන ලෙස එවකට සිටි ජනාධිපතිතුමා රජයේ සියලු ආයතනවලට නියෝග කළේ ය. ඒ බව දුටු රජයට පකෂපාතී පෞද්ගලික ආයතන ඉබේට ම "දිවයින" ට දැන්වීම් දීම නතර කළහ. ඔන්න ඕකයි තත්ත්වය. ඊට පසු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විවේචනය කළ රෝහණ කුමාර නමැති පුවත්පත් කලාවේදියා මරණ ලදී. මර්වින් සිල්වා ගරු ඇමැතිතුමා "දිවයින"ට සහ ජාතික රුපවාහිනියට කඩා වදින ලදී. ලසන්ත වික්‍රමතුංගගේ ලීඩර් පත්‍රය මුද්‍රණය කළ යන්ත්‍රාලයට ගිනි තබන ලදී. ටැමිල් නෙටි වෙබ් අඩවියේ කර්තෘ ඩී. පී. සිවරාම් හෙවත් "තාරකී" මරණ ලද්දේ සුදු වෑන් රියක දමා පැහැරගෙන යෑමෙනි. තාරකී, ටැමිල් නෙටි අඩවියට සම්බන්ධ වීමට පෙර මඩකලපුවේ ප්ලොටි අණදෙන නිලධරයා විය. එහෙත් සටන් විරාමය තුළින් කොටින්ට නිල යුද හමුදාවක තත්ත්වය ලැබුණ විට ටැමිල් නෙටි ද නිල මටිටමකට පත් වු නිසා සිවරාම් හෙවත් තාරකී ප්‍රසිද්ධියේ එහි කතුවරයා බවට පත්විය. තාරකීගේ පත්‍ර කලාව කෙනකුට ඉවැසිය නො හැකි නම් ඔහුට විරුද්ධව අධිකරණයට යෑමට ඉඩ මේ රටෙි තිබේ. ඒ හැර ඔහු මැරීමට කාටවත් අයිතියක් නැත. ඔහු මැරීමට අවශ්‍ය නම් ඔහුට විරුද්ධව ඇති මිනීමැරුම් චෝදනාවක් ඔප්පු කර අධිකරණය හරහා ඔහු එල්ලා මැරිය යුතු ය.
මාධ්‍ය ආයතනවලට පහර දීමේ සහ මාධ්‍ය මර්දනයේ සැබෑ අමිහිර "දිවයින" පෞද්ගලිකව ම දනී. අපට කිසියම් මාධ්‍ය ආයතනයක් හෝ පුද්ගලයකු ගැන විවේචනයක් තිබීමට පුළුවන. එසේම ඒ මාධ්‍ය ආයතනයට ද අප ගැන හෝ පුද්ගලයකු ගැන විවේචනයක් තිබීමට පුළුවන. එහෙත් අපේ විවේචනයට ප්‍රස්තුත වු මාධ්‍ය ආයතනය හෝ පුද්ගලයා වෙත හුළුඅතු පත්තු කරගෙන, පොලු හා බෝම්බ රුගෙන දිවයෑම අප කළ යුතු නැත. එසේම අප ගැන විවේචන ඇති මාධ්‍ය ආයතන හෝ පුද්ගලයන් කඩු පොලු ගෙන අප වෙත දිව ආ යුතු ද නැත. දැන් ආණ්ඩුව කළ යුත්තේ සිරස ප්‍රහාරය ගැන වහා සාධාරණ පරීකෂණයක් පැවැත්වීම ය. රජයේ නිවැරදිභාවය තහවුරු කිරීමට නම් මේ පරීකෂණය ඉතා විනිවිදභාවයෙන් යුතු පරීකෂණයක් විය යුතු ය. එහි ප්‍රතිඵල ද වහා ඉදිරිපත් කළ යුතු ය. මේ ප්‍රහාරයට රජයේ කිසිවකු සම්බන්ධ නම් ඒ අයට ඉතා ඉහළ දඬුවම් දිය යුතු ය. රජය සම්බන්ධ නැති වෙනත් කතාවක් මෙහි ඇත්නම් එය ද හෙළි කළ යුතු ය. සිරසට සතුරෝ සිටිති. මාධ්‍ය මර්දනය නමැති භයානක ආයුධය ඒ සතුරන් අතට පත්ව ඇති බව පෙනේ.
(දිවයින-09/01/07)
Tuesday, January 6, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment