Tuesday, June 9, 2009

බෙදුම්වාදයේ ගමන් මඟ දෙස ආපසු හැරී බලමු

සමහරුන්ගේ මතය වුයේ කොටි සංවිධානය කිසිදු දිනෙක යුදමය වශයෙන් පමණක් පරාජය කළ නොහැකිය යන්නයි. මේ මොහොත වනවිට එම මතයන් ද කොටි සංවිධානය මෙන්ම නින්දා සහගත පරාජයකට ගොදුරු වී ඇත. නමුත් එලෙස කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බව ප්‍රකාශ කළ පුද්ගලයන්ගේ අදහස් මේ මොහොත වන විට පරාජයට පත්වී තිබුණත් ඒ පිළිබඳ කිසිදු ලජ්ජාවකින් බියකින් තොරව එම අදහස් ප්‍රකාශ කළ පුද්ගලයෝ, මේ මොහොත වන විට කොටි සංවිධානය යුදමය වශයෙන් පමණක් පරාජයට පත්වී ඇති බවත්, එය දේශපාලනමය වශයෙන් ද පරාජය කිරීම සඳහා දැන් දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බවත් අවධාරණය කරති.

මෙම පුද්ගලයන් අතීතයේදී කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවට තමන් ඉදිරිපත් කළ මතය සනාථ කිරීම සඳහා විවිධ මතවාදයන් ඉදිරිපත් කළහ. ගරිල්ලා සංවිධානයක් යුදමය වශයෙන් ලෝකයේ කිසිදු රටක පරාජයට පත්වී නොමැති බවත්, රජයේ හමුදාවන් වැටුපට යුද්ධ කරන නමුත් කොටි සංවිධානය තම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා කැපවීමෙන් සහ ජාතික හැඟීමෙන් සටන් කරන බැවින් හමුදාවට ඔවුන් පරාජය කළ නොහැකි බවත්, කොටි සංවිධානය පරාජය කිරීමට නම් එම සංවිධානය දෙමළ ජනතාවගෙන් හුදකලා කිරීම සඳහා එම ජනතාව පිළිගන්නා දේශපාලන විසඳුමක් ප්‍රථමයෙන් ඉදිරිපත් කළ යුතු බවත්, මොවුහු ප්‍රකාශ කළහ. නමුත් මේ මොහොත වනවිට දෙමළ ජනතාව දිනා ගැනීම සඳහා කිසිදු දේශපාලන විසඳුමක් ඉදිරිපත් නොකොට ජාතික හැඟීමෙන් යුද වදින බව ප්‍රකාශකළ කොටි සංවිධානය පරාජයට පත් කර ඇත. එබඳු වු පසුබිමක් තුළ දැන් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුත්තේ කුමක් සඳහාද?

දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට දේශපාලන : ප්‍රශ්නයක් නොමැති වුවත් ඒ සඳහා පෙනී සිටින පුද්ගලයන්ට නම් ඒ සඳහා විවිධ හේතු සාධක ඉදිරිපත් කළ හැක. එම හේතු සාධක අතර දෙමළ ජනතාව මේ රට දේශපාලන බලයේ කොටස්කරුවන් නොවීම, 1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා ඇති වු ගැටලු විසඳී නොතිබීම, මෙරට තුළ සිංහල : බෞද්ධ ආධිපත්‍යයක් තිබීම ආදී වු හේතු සාධක ඒ අතර තිබෙන බව පැහැදිලිය.

එමෙන්ම මේ මොහොත වන විට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් සියලුදෙනාම 13 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද දැක ගත හැක.

මෙලෙස දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් වර්තමානයේදී අවධාරණය කරන කරුණු අතීතයේදී ඩී. සුන්දරලිංගම්, ජී. ජී. පොන්නම්බලම්, එස්. ජේ. වී. චෙල්වනායගම්, අප්පාපිල්ලේ, අමිර්තලිංගම් වැනි දෙමළ බෙදුම්වාදී නායකයන් විසින් අවධාරණය කර ඇති බව මෙහිදී පළමුවෙන්ම සඳහන් කළ යුතුය. අද දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් ලබා දිය යුතු බව සඳහන් කරන ඊනියා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සී. සුන්දරලිංගම්ගේ සිට අප්පාපිල්ලේ අමිර්තලිංගම් දක්වා වු නායකයෝ විවිධ උපක්‍රම අනුගමනය කළහ. සත්‍යග්‍රහ ව්‍යාපාර හර්තාල් පැවැත්වීම් වර්ජනය කිරීම්, සිවිල් නීති කඩ කිරීම් ඒ අතර විය. 1970 න් පමණ පසුව ඉහතින් සඳහන් ඊනියා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියාවන්ද එක්විය. එම කටයුතු සිවකුමාර් වැනි තරුණයන් සහ "දෙමළ නව කොටි" වැනි සංවිධාන විසින් ආරම්භ කරන ලද අතර එහි අග්‍රඵලය වුයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ ප්‍රභාකරන් ය. ප්‍රභාකරන් කොටි සංවිධානය ආරම්භ කළේ සත්‍යග්‍රහ ව්‍යාපාර මගින්, සිවිල් නීති කැඩීම මගින් ලබා ගැනීමට නොහැකි වු ඊනියා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ය. චෙල්වනායගම්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරවලට ඊනියා අයිතිවාසිකම් දිනා දීමට බැරි වු පරිද්දෙන්ම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී කොටි සංවිධානයට ද ඊනියා අයිතිවාසිකම් දිනා දීමට නොහැකි වී ඇති අතර ඔහු සහ ඔහුගේ සංවිධානය ද විනාශයට පත්වී ඇත. එබඳු තත්ත්වයක් තුළ සටන් කර ගැනීමට නොහැකි වු ඊනියා අයිතිවාසිකම් ලබාදීම සඳහා දැන් දේශපාලන විසඳුම් ඉදිරිපත් කරන්නේ කුමක් සඳහා ද? කොටි සංවිධානයේ පරාජයෙන් සංකේතවත් වන්නේ ඊනියා අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේ අයිතිවාසිකම් පරාජයයි. එබඳු තත්ත්වයන් තුළ අසාධාරණ සටනක් කළ සටන්කරුවා විනාශයට පත් වීමෙන් පසු ඡන්ද ඉල්ලා සිටි ඊනියා අයිතිවාසිකම් ලබාදීමට යෝජනා කරන්නේ කුමන පදනමකින් ද?

කොටි සංවිධානය පරාජයට පත් වීමෙන් පසුද ඊනියා දෙමළ අයිතිවාසිකම් ලබාදිය යුතු බවට කරනු ලබන යෝජනාවලින් පැහැදිලි වන්නේ මෙම යෝජනා ඉදිරිපත් කරනු ලබන පුද්ගලයන් තුළ පවත්නා අනවබෝධයයි. ප්‍රභාකරන් නියෝජනය කළ ප්‍රශ්නය ස්ථිර වශයෙන් ම සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා ඇතිවු ප්‍රශ්නයක් නොවන බව සඳහන් කළ හැක. එසේ නම් මෙම ප්‍රශ්නය කුමක්ද?

සියවස් 3 ක පමණ කාලයක් අප මාතෘ භුමියේ සමහර ප්‍රදේශ යුාේපා ආක්‍රමණිකයන් තිදෙනකු විසින් යටත් කරගෙන සිටියත්, අප මාතෘභුමිය සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසීන්ට යටත් වුයේ 1815 දී ගිවිසුමක් මගිනි. එලෙස 1815 දී ඉංග්‍රීසීන්ගේ යටතට පත් වුයේ සිංහලය නම් වු රටකි. නමුත් ඉන් වසර 133 කට පසු ඉංග්‍රීසීන් ඩොමීනියන් තත්ත්වය තුළ අපට යළිත් බාර දුන්නේ "සිලෝන්" නම් වු රටකි. 1815 දී සිංහලයන් සමග පමණක් අත්සන් තබන ලද ගිවිසුමකින් රට භාර ගත්තත් ඉංග්‍රීසීන් 1948 දී අපට නැවත භාර දුන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ඇතුළු විවිධ ජාතීන්ට සහ ජන වර්ගයන්ට අයත් වු රටකි. මෙම තත්ත්වය නිදහස ලෙස භාර ගැනීමට බොහෝ සිංහලයන් සුදානම් නොවීය. එම සිංහලයන් සඳහා ඩී. බී. ජයතිලක, එල්. එච්. මෙත්තානන්ද මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් නායකත්වය සැපයීය. එහි ප්‍රතිඵලය වුයේ 1956 දී බලයට පැමිණි මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවයි. එම ආණ්ඩුවත්, බණ්ඩාරනායක මහතාත් බලයට පත් වුයේ බෞද්ධ තොරතුරු කොමිෂන් සභාවේ නායකයන්ට සහ බෞද්ධ භිකෂුන්ට ලබාදුන් පොරොන්දු නිසාය. එම පොරොන්දු අතර වු ප්‍රධාන පොරොන්දුව වුයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන බවට ලබාදුන් පොරොන්දුවයි. බණ්ඩාරනායක මහතා බලයට ගෙනා ප්‍රධාන පොරොන්දුව වුයේ එම පොරොන්දුවයි. එම පොරොන්දුව ක්‍රියාවට නඟනවාට දෙමළ භාෂාව තම මවු භාෂාව කරගත් මුස්ලිම් ජනතාවගෙන් විරෝධයක් එල්ල නොවුණා පමණක් නොව එවකට සිටිය ප්‍රධානතම මුස්ලිම් නායකයා වු රාසික් ෆරීඩ් මහතා ඊට පකෂව ද කටයුතු කර ඇත. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්නයක් නම් එම ප්‍රශ්නය දෙමළ භාෂාව පරිහරණය කළ මුස්ලිම් ජනතාවටද ප්‍රශ්නයක් විය යුතුව තිබුණි. නමුත් එය එසේ නොවීය. මුස්ලිම් ජනතාවට සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්නයක් නොවුණත් දෙමළ ජනතාව එම තීරණයට එරෙහි වුහ.. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට එරෙහි වු දෙමළ නායකයෝ ඊට එරෙහි වීම, සංශෝධන ඉදිරිපත් කිරීමට සීමා නොවී උතුර සහ නැගෙනහිර යන පළාත් සඳහා වෙනම පාලනයක් ලබාදෙන ලෙසත්, ඉල්ලීම් ඉදිරිපත් කළහ. අද දේශපාලන විසඳුමක මුවාවෙන් ඉදිරිපත් වී තිබෙන්නේ ද මෙම ඉල්ලීමම බව පැහැදිලිය.

මෙහිදී අප සලකා බැලිය යුතු කාරණය වන්නේ මුස්ලිම් ජනතාව ඉල්ලා නොසිටි දෙයක් දෙමළ ජනතාව ඉල්ලා සිටියේ ඇයිද යන ප්‍රශ්නයයි. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ සිට සිංහල ජනතාව තමාට අහිමි වු සිංහල යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ගත් සෑම පියවරකදීම දෙමළ නායකයන් ඊට එරෙහි වුයේ එක් පදනමක සිටය. එම පදනම නම් උතුර සහ නැගෙනහිර පළාත් තම ඓතිහාසික නිජභුමිය යන කාරණයයි. ඩී. සුන්දරලිංගම්ගේ සිට ප්‍රභාකරන් දක්වා වු සියලුම දෙමළ නායකයන් සටන් කළේ සහ කරන්නේ එම පදනමේ සිටය.

එහෙත් උතුර සහ නැගෙනහිර යන පළාත් තුළ ඓතිහාසිකව දෙමළ ඊළමක් නොපැවැති බව මේ මොහොත වනවිටත් සාධක සහිතව ඔප්පු වී ඇත. එච්. ජේ. වී. චෙල්වනායගම් ඉදිරිපත් කළ යෝජනාවල සිට මේ දක්වා ඉදිරිපත් වු සියලුම යෝජනාවලට සිංහල ජනතාව එරෙහි වුයේත් එම පදනමේ සිටය. එමෙන්ම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ සිට කුරුම්බැටිටි මැෂිම බඳු වු සැහැල්ලු ගුවන් යානාවලින් පැමිණ බෝම්බ හෙළීම දක්වා වු සියලු අභියෝගයන් මේ මොහොත වන විට පරාජයට පත් වී ඇත. එලෙස පරාජයට පත්වී ඇත්තේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිවත්, උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් නිජභුමිය බව පිළිගන්නා ලෙස ඉදිරිපත් වු අභියෝගයත් ය. එබඳු වු ඓතිහාසික ජයග්‍රහණයකින් පසු කළ යුත්තේ ඊනියා දේශපාලන විසඳුම් ලෙස පරාජිතයාගේ ඊනියා අයිතිවාසිකම් ලබාදීම නොව, අභියෝගයට ලක්කරන ලද සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තිය යළි ක්‍රියාවට නැඟීම සහ පළාත් සභා ක්‍රමයත් අහෝසි කර දැමීමය.

කළ යුත්තේ එය වුවත්, එම යෝජනාවත් ප්‍රතිකෙෂ්ප කරමින් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවට හඬනඟන පාර්ශ්වයට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කළ යුතුය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්නයක් නම් රාසික් ෆරීඩ් මහතා ප්‍රමුඛ මුස්ලිම් නායකයන් සහ එම ප්‍රජාව එම තීරණයට එරෙහි නොවුයේ ඇයි? අපගේ අනෙක් ප්‍රශ්නය වන්නේ, උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභුමිය ලෙස පිළිගනිමින් ඉදිරිපත් වු යෝජනා, එම භුමිය තුළ ඓතිහාසිකව දෙමළ ඊළමක් නොපැවති බව සාධක සහිතව ඔප්පු වී ඇති පසුබිමක් තුළ තවදුරටත් වලංගු වන්නේ කෙසේද යන්නයි.


එරික් ගාමිණි ජනප්‍රිය
(දිවයින_09/06/09)

7 comments:

Sachintha said...

OK but what's wrong with accepting Tamil as an official language as well? Why do the Sinhalese want Sinhala to be the ONLY official language? Fair enough, it should be an official language, but why ONLY? What's wrong with letting the Tamils the opportunity of get things done in Tamil too?

T. J. Ranasinghe said...

@Sachintha
OK, I don't need to say what S.W.Bandaranayaka did is right. Or Sinhala should be the Official language. But if we think this much fair.. why we should pass IELTS to go Australia, USA, British etc. Why we can't go those country and work in sinhala..
Because every country has a mother language (main language). You can't work in English in Japan.

But I don't try to say Tamil shouldn't be a Official language. But if Wadda people ask to make Wadi language as a official language, would u accept?

Ramachandra said...

මේක දිගටම සංවාදයට ලක්වෙන සරල දෙයක්.දෙමල රාජ්‍ය භාෂාව වුනාම ඇත්තටම තියන වරද මොකක්ද?දෙමල අයට ඒකෙන් පහසුවක් වෙනවා නම් ඒකෙන් සිංහල අයට කරදරයක් වෙන්නෙත් නැත්නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයිනෙ.
වැදි අයට පහසුවක් වෙනවා නම් (අනිත් අයට කරදරයකුත් නැති නිසා)ඕනෙ නම් වැදි භාෂාව රජයේ භාසාවක් ලෙස පිලිගත්තත් ඇති වරදක් නැහැ.නමුත් වැද්දන් කියන්නෙ සුලුම සුලු ප්‍රජාවක් නිසා එහෙම දෙයක් වෙන්නෙ නැහැ.
මේ කාරනය එංගලන්තයට යාමට IELTS කිරීම එක්ක සසදන එක වැරදියි.සිංහලයන් යනු එංගලන්තයේ ලොකු ඉතිහාසයක් තියන ජාතිකත්වයක් නෙමේ.ඒ රටවල සිංහල ජනයාගේ ඉතිහාසය පරම්පරා දෙක තුනකට වැඩි නැහැ.හැබැයි ලංකාවේ දෙමල ජනයාගේ තත්වය මොකක්ද?මේ දිවයින තුල ඔවුන්ගේ ඉතිහාසය ශත වර්ෂ ගනනක් පැරනි වන අතර ඔවුන්ටත් මේ රට සම්බන්ධ ගෞරවනීය අයිතියක් තියනවා.දෙමලත් ලංකාවේ රාජ්‍ය/ජාතික භාෂාවක් වීමට තිබෙන එක ප්‍රධාන සුදුසුමක් ඒක.
කාටවත් හිරිහැරයක් නොවෙන මේ වගේ සරල දේකට මේ තරම් වාද විවාද/රන්ඩු වීම් ඉතිහාසය පුරා වුන එක/තාම වෙන එක ඇත්තටම එක්තරා අන්දමක පුදුමයක්

T. J. Ranasinghe said...

@Ramachandra
ඔබ තුමා සැරින් සැරේ එක එක කතා කියන නිසා ටිකක් ‍පැහැදිලි මදි

* නමුත් වැද්දන් කියන්නෙ සුලුම සුලු ප්‍රජාවක්
නිසා එහෙම දෙයක් වෙන්නෙ නැහැ.

* සිංහලයන් යනු එංගලන්තයේ ලොකු ඉතිහාසයක් තියන ජාතිකත්වයක් නෙමේ.
* ඔවුන්ටත් මේ රට සම්බන්ධ ගෞරවනීය අයිතියක් තියනවා.

1 - ප්‍රජාවේ ප්‍රමාණය තීරණය කලේ කුමන පදනමක් මතද? (වැදිජනයාගේ හා දෙමල, මුස්ලිම් සහ වෙනත්)
2 - 1796 - 1996 (ශතවර්ෂ 2ක්)
3 - ආක්‍රමණිකයෙකුට ගෞරවනීය අයිතියක් ලැබෙනවානම් එය ඇත.

රටක මුල් බස එම රටට ගිය විටදී අප භාවිතාකරනවා ඇර, රටට ගොස් අපේ බස උන් භාවිතාකරයි යයි අප බලා පොරොත්තුවනවානම් වෙනත් කුමන කතාද?

Ramachandra said...

@tj ranasingha
සැරෙන් සැරේ එකම කතා කීම කියන කොටස පැහැදිලි මදි.
1.වැදි ජනයා සුලු ප්‍රජාවක් කියන එකෙන් මම අදහස් කලේ ඔවුන් දෙමල හෝ මුස්ලිම් වගේ ජාතිකත්වයක් ලෙස සංවර්ධනය නොවුන ආදි වාසි කොටසක් යන්නයි.ඒ බස අතිශය සීමිත පිරිසක් අතර ව්‍යවහාර වෙන අභාවයට යන එකක්.ඔවුන්ගේ පැත්තෙන් තමන්ගේ බස රාජ්‍ය බසක් කරන්න කියල ඉල්ලීමකුත් නැහැ.එහෙම ඉල්ලිමක් තියනවා නම් ඒක ඉටුකරන ඒකෙ වැරැද්දකුත් නැහැ.

2.එංගලන්තයේ 1796 ඉදලා සිංහල ජනාවාස පිහිටුවීමක් සිදුවෙලා තියනවද?මම නම් එහෙම එකක් ඇහුවෙ අද.විශාල වශයෙන් සිංහල අය එංගලන්තයේ පදිංචි වෙන්න පටන් ගෙන දැන් වැඩි කාලයක් නැහැ.තාම "සිංහල"කියන එක එංගලන්තය ඇතුලෙ ලොකු අනන්‍යතාවයක් විදිහට ස්ථාපිත වෙලා නැහැ.සමහරවිට අවුරුදු ගනනාවක් අනාගතයේදී එහෙම දෙයක් වෙන්න පුලුවන් වන අතර එතකොට සමහර විට ඒ වෙනසට අනුව තමන්ගේ රාජ්‍යයේ අංගෝපාංග නම්‍යශීලි කරගන්න ඒ රටටත් සිදුවේවි.
(ප්‍රංශ බස කතාකරන කැනේඩියානුවන්ට එහෙම ප්‍රබල අනන්‍යතාවයක් හැදිල තියනවා.ඒ භාෂාවට කැනේඩියානු රාජ්‍යය තුල දීල තියන තැන අධ්‍යයනය කරල බලන්න)
සංක්‍රමනිකයන් ලෙස හුදෙකලාව සිංහල පිරිස් එංගලන්තයේ පදිංචි වීමයි ලංකාවේ සියවස් ගනනක් පැරනි දෙමල ජනාවාස කරනයයි සැසදීම සන්දර්භමය වශයෙන් දිලිදු සැසදීමක්.

3.දෙමල ජනයා ආක්‍රමනිකයන්ද?
මම එහෙනම් ඔය තර්කය තව ඈතට ගෙනියන්නම්.සිංහල ජාතිකත්වයේ පදනම ලෙස ගැනෙන ආර්ය ජනාවාසකරනය පටන් ගන්නෙත් දේශිය පැරනි ගෝත්‍ර හා යුද වදින ලද ආක්‍රමනයක් විදිහට.එහෙනම් සිංහල අයටත් මේ රටේ අයිතියක් නැහැ.දැන් ඒකටත් එකගද?
යම් ජනකොටසක මුතුන් මිත්තන් සියවස් ගනනාවකට පෙර මෙහි පැමිනියේ ආක්‍රමනිකයන්ලෙසද සංක්‍රමනිකයන්‍ ලෙසද වෙලදුන් ලෙසද කුලී කම්කරුවන් ලෙසද කියන එක නෙමෙයි වැදගත්.සත වර්ස ගානකට පෙර මුතුන් මිත්තන් ආක්‍රමනිකයන් ලෙස ආවත් ඒකට වර්තමානයේ ජිවත් වෙන අහිංසක මිනිස්සු පලිද?යථාර්තය තමයි මේක තමන්ගේ මවුබිම විදිහට දකින විවිද ජනවර්ග වල ජනයා මෙහි ලක්ෂ ගනනින් ජිවත්වෙනවා.සමාජයක් ලෙස අපිට ඉදිරි ගමනක් තියෙන්නෙ එයාලගේ ආදිම මුතුන් මිත්තො ආක්‍රමනිකයොද වෙලෙන්දොද කියල හොය හොය කුල මල කියාගන්න එක ඇතුලෙ නෙමෙයි.සියලු දෙනාගේ අයිතීන් පිලිඅරගෙන එක රටක් විදිහට ඉදිරියට යාම ඇතුලෙ.විවිදත්වයන්ට ගරු කිරීම ඇතුලෙ.
ස්විට්සර්ලන්තය වගේ රටවල් විවිධ ජනවර්ග වල අනන්‍යතාවය පිලිගනිමින් සියල්ලන්ගේ අයිතීන් උපරිම ලෙස රකිමින් තමන්ගේ රාජ්‍යයේ සමතුලිත බව තියාගන්න හැටි හොයල බැලුවොත් අපිට රටක් විදිහට වැරදුනේ කොතනද කියන එක පැහැදිලි වේවි.

T. J. Ranasinghe said...

@Ramachandra
"සැරෙන් සැරේ එකම කතා කීම කියන කොටස පැහැදිලි මදි."
මම එහෙම එකක් කියල නෑ

/////////////////////////////////
Sinhalese 73.8%, Sri Lankan Moors 7.2%, Indian Tamil 4.6%, Sri Lankan Tamil 3.9%, other 0.5%, unspecified 10% (2001 census provisional data)

ප්‍රජාව සහ රාජ්‍ය සේවය.
මෙම සංගණනයට අනුව හා අනෙකුත් කරුණු සාමාන්‍ය බුද්ධියෙන් සැලසීමේදී.. රාජ්‍ය සේවය
සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අරාබි යන භාෂා සියල්ලගෙන් වැඩ කල යුතු වනු ඇත.
25% ජන ප්‍රථිශතයක් වෙනුවෙන් 300% රාජ්‍ය වියදම් වැඩි කල යුතු වනු ඇත. රාජ්‍ය සේවකයන් 3 ගුණයක් වැඩි කිරීමට වනු ඇත. ඔබගේ යෝජනාව එයද?

දෙමළ රාජ්‍ය භාෂාවක් කල පලියට ප්‍රශ්ණ නොවිසදේ. එවා විසදීම සදහා ක්‍රියාත්මක කිරීම සදහා ඉහත කිවු දේ අවශ්‍ය වනු ඇත.

///////////////////////////////
"සිංහලයන් යනු එංගලන්තයේ ලොකු ඉතිහාසයක් තියන ජාතිකත්වයක් නෙමේ.ඒ රටවල සිංහල ජනයාගේ ඉතිහාසය පරම්පරා දෙක තුනකට වැඩි නැහැ." මෙහෙම කිව්වෙ මම නෙමේ.
ලංකාව බ්‍රිතාන්‍යයින් යටත් කරගැනීමට පටන්ගත්තේ 1976දීය. ලංකා ඉන්දියා ඉතිහාසය ඒ දක්වා දිවයයි. මා පෙන්වූයේ එයයි.
කොලනි ගොඩනැගීම හෝ නොනැගීම නොව. චීන බස ඇමරිකාවේ රාජ්‍යභාෂාවක්ද කියා දැනගැනීමට කැමතියි.
අනෙක දමිලයන් ලංකාවේ ජනාවාස පිහිටුවීම මම ඔබ කියනකං අහල තිබ්බේ නෑ. මම දැනං හිටපු විදිහට 1975 විතර වෙනකං දෙමල ජනයා පමණක් ‍විසූ කිසිම ප්‍රදේශයක් ලංකාවේ තිබුනේ නැත.

/////////////////////////////////
"එහෙනම් සිංහල අයටත් මේ රටේ අයිතියක් නැහැ."
හරි පිළිගන්නවා, හැබැයි ඊට කලින් එහෙම අයිතිය තියෙන්නේ කාටද කියා පෙන්විය යුතුයි. යක්ෂ ගෝත්‍රිකයන්ට කියලනං කියන්ඩ එපා. මොකද මේ යක්‍ෂ ගෝත්‍රිකයෙක් කියල පෙන්නන්ඩ හෝ මේ යක්ෂ ගෝත්‍රිකයෙක් නෙමේ කියල පෙන්නන්ඩ හෝ දැනීමක් ඔබට හෝ මට නැති නිසා.
හැබැයි අපි දන්න ඉතිහාසය..(විජයාගමණනයෙන් පස්සේ) ඉන්දියානු ආක්‍රමණ වල ප්‍රථිපළ විදිහට මිසක් දෙමළ ජනාවාස මත පදනම් වූ කිසිදු සාධකයක් ඉතිහාසය පෙන්වා නොදීම මාගේ වරදක් නොවේ.

////////////////////////////////
වරදක් කල බව පිළිගනිමි. රාජ්‍ය බලය උදෙසා සිංහල බලය ලබා ගැනීම පිණිස කෙහෙම්මල් රාජ්‍ය භාෂා ප්‍රශ්ණයක් ඇද නොගන්ඩ ශ්‍රීලංකාව මීට වසර 20කට එහා සංවර්ධනයක් ලබා ගැනීමට හැකියාව තිබුණි.
මිනිසුන් රෑ වැටුණු වලේම දවලුත් වැටිය යුතුයයි සිතන ඔ‍බේ සිතිවිල්ල පිළිබද ඇතිවන්නේ අනුකම්පා සහගත හැගීමක් පමණි.

කල යුත්තේ තව තවත් බෙදීම් ඇති කිරීම නොව.
ඇති බෙදීම් ඉවත් කිරීම බව මගේ පෞද්ගලික මතයයි.

දෙමළ රාජ්‍ය භාෂාවක් කිරීම මුස්ලිම් ගැටුමකට මුල පිරීම බව නොඅනුමානයි.

/////////////////////////////////
රාජ්‍ය භාෂාව දෙමළ උනත්, සිංහල උනත්, ඉංග්‍රීසි උනත් ලංකාවේ රාජ්‍ය සේවකයාට තේරෙන්නේ භාෂා දෙකක් පමණි.
ඉග්ලූ භාශාව හා මොනරාගේ භාෂාව.

නාමල් උඩලමත්ත said...

මුලින් ම මම කනගාටු වෙනවා මේ සංවාදය දිගට ම ගෙනියන්න මට දායක වෙන්න නොලැබීම ගැන. හදිසියේ කාර්යබහුල වීම නිසා ඒ. කොහොම වුණත් සමහරු මේ රටේ දැන සිටිය යුතු ඇතැම් වැදගත් කරුණු දන්නේ නැහැ. ඒ රය දෙමළ රාජ්‍ය භාෂාවක් බව දන්නේ නෑ. ඒ නිසා ඒ එය දෙමළ රාජ්‍ය භාෂාව වෙන්න කලින් අය කියපු සටන් පාඨ තව ම කියනවා. දෙමළ රාජ්‍ය භාෂාව කිරීමෙන් අදාළ ප්‍රශ්න විසඳුනේ නැහැ. මොකද ප්‍රශ්නයට පිළිතුර එය නොවන නිසා. පය බරවාට පිටිකර බෙහෙත් බැඳ පලක් නෑනේ. මේ ප්‍රශ්නයට විසඳුම බලය බෙදා හැරීම නෙමේත සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදා හැරීම.

 
සිය රට දේ සිරි සැප දේ !