(ශ්‍රී ලංකා මාතෘ භුමිය නිදහස් සටන් දෙකක්‌ද කරමින් වසර 61 ක් ඇතුළත තෙවරක් නිදහස් කර ගත් දිවයිනකි)
ක්‍රි.පු. 543 පටන් එක දිගට වසර 2357 ක් තිස්‌සේ අනභිභවනීයව පැවැති ශ්‍රී ලංකා මාතෘ භූමිය 1815 මාර්තු 2 වැනිදා අත්සන් කෙරුණු උඩරට ගිවිසුමත් සමගම, බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වූ අතර සමස්‌ත ජාතිය ද ඒ හා සමගම යටත් ජාතියක් බවට පත් විය. නිදහස් සටනක් ආරම්භ වූයේ, උඩරට ගිවිසුම ප්‍රකාර ඉංග්‍රීසින් ක්‍රියා නොකළ නිසාය.
රටත්, ජාතිය හා ආගමත් පර සුද්දන්ගෙන් ගලවා ගැනීම සඳහා සංඝරත්නයද පෙරටු කොට ගෙන සිංහල ජන ප්‍රධානීන් එක්‌ව ප්‍රධාන කැරලි තුනක් සිදු කළ අතර සිංහලේ මහ කැරැල්ල හැටියට ප්‍රසිද්ධ 1817-18 ඌව - වෙල්ලස්‌ස කැරැල්ල ඉන් පළමු වැන්නය. එහි නායකත්වය ගත්තේ මොනරවිල කැප්පෙටිපොළ හා ඇහැලෙපොල අධිකාරම්වරුන්ය.
උඩරට ධාන්‍යගාරය, මෙන් පැවැති ඌව- වෙල්ලස්‌ස ප්‍රදේශය, කැරැල්ල මැඬලන්න ඉංග්‍රීසි පාලකයන් ගත් ක්‍රියාමාර්ග නිසා අන්තිමේදී ජනශූන්‍ය නිසරු ප්‍රදේශයක් බවට පත්විය. මාතලේට හා සත්කෝරළේට ද සිදුවූයේත් එවැන්නක්‌මය.
කහවත්තේ උන්නාන්සේගේ හා කොස්‌වත්තේ රටේ රාළගේ ද නායකත්වයෙන් ඊට පස් වසරකට පමණ පසු 1823 දී තවත් කැරැල්ලක් මාතලෙන් ඇරැඹුණු නමුත් එය එතරම් දුරට පැතිර නොගියේ කැරලි නායකයන් අත්අඩංගුවට ගැනීම නිසාය. ඊට පසුව 1834, 1842 වැනි කාලවලදී ද උඩරට ප්‍රදේශවාසීන් කැරලිවලට ලක ලෑස්‌ති වුණ නමුත් ඒවාටද වැට කඩලු බැඳිනි.
තෙවැනි කැරැල්ල වූ සුප්‍රකට මාතලේ කැරැල්ල ඉන් අනතුරුව 1848 දී පැනනැඟුණු අතර ඊට නායකත්වය දුන්නේ මහනුවර අභිනව රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ පෑලියගොඩ ඩේවිට් හෙවත් ගොන්ගාලේගොඩ බණ්‌ඩාය. නුවර පාරේ පෑලියගොඩ පොලිසිය අසල ඇති ප්‍රතිමාව එම වීරයාගේ ප්‍රතිමාවය. සුද්දන් ගත් දරුණු ක්‍රියා මාර්ග නිසා, එම කැරැල්ල ද අසාර්ථ විය.
කැරැල්ලේ පුරෝගාමී හිමිනමක් වූ කඩහපොළ හිමියන් ඇතුළු කීප දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමද බොහෝ පිරිසක් හිර භාරයට ගැනීමද වෙහෙර විහාරස්‌ථානවල දේපළ රාජසන්තක කිරීමද ඇතුළු ක්‍රියා මාර්ග නිසා, කැරැල්ල අඩපණව ගියේය.
නිදහස දිනා ගැනීම සඳහා කෙරුණු මුල් සටන එම කැරලි තුන යෑයි කිව හැකිය.
මාතලේ කැරැල්ලෙන් පසු සිය වසක් පමණ ගත වන තෙක් යළි කැරලි හටගත් සෙයක් දක්‌කට නැති නමුත් සුක්‌ෂම බුද්ධිය උපයෝගි කොට ගෙන, නිදහස දිනා ගැනීමට දේශ, ජාති හා ශාසන හිතෛෂීහු පියවර ගත්හ. මේ සඳහා ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, අමෙරිකානු ජාතික හෙන්රි ඕල්කට්‌තුමා වැනි විදේශිකයන්ගේ සහයෝගය ද ලැබුණු වග කිව යුතුයි.
කෙස් ගහ පවා පිටරටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් ගෙඩි තියෙද්දීත් අපරට මිනිසුන්නේ ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ" යනුවෙන් මහින්ද හිමියන් ඒ කාලයේ දිනක ලියූ කවි ඊට කදිම නිදසුනකි.
ඒ වකවානුවේ ලෝක මහා සංග්‍රමය පැවැති හෙයින් බලධාරීන්ට අසු වුවහොත් අකරතැබ්බයක් සිදු වේයෑයි සිතා යටත් විජිත මහලේකම්ට බාරදීම සඳහා නිදහසට අදාළ සංදේශයක් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් බ්‍රිතාන්‍යයට ගෙන යන ලදැයි කියන්නේ සපත්තු අඩියේ සඟවා ගෙනය.
නිදහස ඉල්ලා අඛණ්‌ඩව හඬක් නැඟුණු හෙයින්, බ්‍රිතාන්‍ය ජාතිකයන් මුලින්ම ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව පිහිටු වූ අතර දෙවනුව පිහිටුවූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවය.
ඩී. ඇස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ප්‍රථම කැබිනට් මණ්‌ඩලය පිහිටුවන ලද්දේ නිදහස ප්‍රදානය කරන්න මාස හතරකට පමණ කලින් 1947 සැප්තැම්බර් 26 වැනිදාය.
යටත් විජිත තත්ත්වයට පත්ව වසර 133 කට පසු 1948 පෙබරවාරි 4 වැනිදා අපට නිදහස අත්විය.
නිදහස ලබා ගන්නා ලද්දේ, ජාතියේ පියා හැටියට සැලකෙන සේනානායක මහතා විසිනි. සේනානායක මහතා ලබාගත් නිදහස සැබවින්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලබාගත් පරිපූර්ණ නිදහසක් නොව, නිදහසක් පමණි.
බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා වශයෙන් අග්‍රාණ්‌ඩුකාරවරයකු එවක ක්‍රියා කළ අතර ත්‍රිවිඩ හමුදාව, තැපැල් සේවය, රේගුව ආදියේ නම්වලට මුලින්ම රාජකීය නාවික හමුදාව, රාජකීය තැපැල් සේවය ආදී වශයෙන් "රාජකීය කෑල්ල" යොදා තිබුණේ, කිරීටයේ ආධිපත්‍යය පවතින වග හඟවන්නටය. පාර්ලිමේන්තුව විවෘත කරන ලද්දේද කිරීටයේ නියෝජිතයා වූ ආග්‍රාණ්‌ඩුකාරවරයා විසිනි.
ආග්‍රාණ්‌ඩුකාරවරයා පාර්ලිමේන්තුව විවෘත කරමින් කරන කතාව හැඳින්වුණේ රාජාසන කතාව" හැටියටය. ජෝර්ඡ් රජුගේ හා එළිසබෙත් රැජිනගේද ඡායාරූප බොහෝ ස්‌ථානවල එල්ලා තිබෙණුද එවක දක්‌නට ලැබිණි.
නිදහස ලබාගැනීම සඳහා 1948 දී ලබාගත් නිදහස උපයෝගි කොට ගනිමින් 1972 මැයි 22 වැනිදා බ්‍රිතාන්‍ය කිරීටයෙන් පරිපූර්ණ නිදහස ලබා ගන්නා ලද්දේ, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිතිය විසිනි. එය දෙවැනිවරට ලබා ගත් නිදහසය.
"ලංකාව යන නමින් හැඳින්වුණු මාතෘ භූමිය "ශ්‍රී ලංකාව" යනුවෙන් හඳුන්වන්න පටන් ගත්තේ, එතෙක් ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය සෝල්බරි, ව්‍යවස්‌ථාව පැත්තකට දමා අපේම ජනරජ ව්‍යවස්‌ථාව එදින ක්‍රියාත්මක කෙරුණායින් පසුවය.
එහෙත් 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන මහතා, මැතිනියගේ ව්‍යවස්‌ථාව වෙනුවට විධායක ජනාධිපතිවරයකු පත්කරගත හැකි වන අන්දමේ ව්‍යවස්‌ථාවක් ක්‍රියාවට නැංවූ අතර ආර්ථික අභිලාෂයන් ඉටු කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවලද පැත්තට වැඩි නැඹුරුවක් දක්‌වන්නද පටන් ගත්තේය.
එතුළින් ඉන්දියාවට අනතුරක් සිදු වේ යෑයි සිතා එය මැඬලන්න එවක එරට අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවේ උතුර නැගෙනහිර කලහකාරි තරුණයන්ට හීන් නූලෙන් රුකුල් දුන් බවත් කියන්න බැරිකමක් නැත. අවි ආයුධ පවා සැපයූ සෙයකි. ද්‍රවිඩ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් නමැති ම්ලේච්ඡ අමුතිරිසනා පවා එවක ඉන්දියාවේ කල්ගත කළ වග සැබෑය.
ඡේ.ආර්ගේ පාලන කාලයේ 1983 කළු ජූලියත් සමගම කොටි සංවිධානය කල එළියට ආ අතර නිය පොත්තෙන් කැඩිය හැකිව තිබුණු දෙය, අන්තිමේදී පොරොවෙන් කපන්නටවත් බැරි අන්දමට උග්‍ර අතට හැරිණි.
උතුර - නැගෙනහිර කඩා වෙන් කර ගෙන, වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගන්නා, අන්තිමේදී කොටි සංවිධානය බලගතු ප්‍රයත්නයක් දැරුවේ බටහිර රටවල රුකුලද ලබා ගනිමිනි. එම සංවිධානයේ ජාත්‍යන්තර මූලස්‌ථානය පිහිටා තිබුණේ එංලන්තයේ ලන්ඩන්වල ය. අර්බුදය මැඬලන්න මැදිහත්කරුවකු වශයෙන් ඉදිරිපත් වූ නෝර්වේ රාජ්‍යය පමණක් නොව රාජ්‍ය නොවන සංවිධානද එල්.ටී.ටී.ඊ.යට හීන් නූලෙන් රුකුල් දුන් වග නොකිවමනා ය.
රටවල් කීපයකට ගොස් සාම සාකච්ඡා පැවැත්වූ නමුත් කිසිවක් සාර්ථක වූයේ නැත. සාකච්ඡාවලට මුවා වී කොටි කළේ අවි ආයුධ එක් රැස් කිරීමටය.
අන්තිමට ඔවුන් කෙතරම් බලසම්පන්නව සිටියා ද කිවහොත් ගුවන් යානා, ගුවන් තොටුපළවල්, නැව්, සබ්මැරීන්, මල්ටිබැරල්, රොකට් ලොන්චර්, මිසයිල පවා ඔවුන්ට තිබිණි.
එපමණක්‌ද? නැත. එල්.ටී.ටී.ඊ. උසාවි, පොලිසි, බැංකු ඉස්‌කෝල ආදියද ගුවන් විදුලි හා රූපවාහිනි මධ්‍යස්‌ථාන මෙන්ම වෙබ් අඩවිය ද පිහිටුවා ගෙන තිබිණි.
කිසිදිනක කොටි පරාජය කළ නොහැකි යෑයි දිවයින පුරා ප්‍රචාරයක්‌ද ගෙන ගොස් තිබුණු අතර ඊනියා ඊළාම් රාජ්‍යයේ මායිම් ගම්මානද නම් කොට තිබිණි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී, 2002 පෙබරවාරි 23 වැනිදා කොටි නායක ප්‍රභාකරන් හා සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ අවස්‌ථාවේදී, ප්‍රභාකරන් ඊට අත්සන් තැබුවේ ඊළාම් රාජ්‍යයක දැවැන්ත සිතියමක් පසුපසින් එල්ලාගෙනය.
උතුර නැගෙනහිර දෙපළාත සෙසු පළාත්වලින් වෙන් කෙරෙන පැළ ඉනි වැටක් සිටුවීම වැනි දෙයක් එම ගිවිසුමෙන් සිදු වූ අතර ගිවිසුම අත්සන් කොට දින කීපයකට පසු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් අන්තර් ස්‌වයං පාලන අධිකාරියක් පිහිටු විය යුතුයෑයි යෝජනා කළේ එම වැටට කටුකම්බි ගැසීමට මෙනි. ඊට ඉඩ දුන්නා නම් මේ වන විට ඊනියා ඊළාමයේ අඩිතාලම දමා හමාරය.
ලංකාවෙන් තුනෙන් පංගුවක් පමණ ඊළාමයට වෙන් කරගෙන තිබුණු අතර වයඹින් හලාවත ප්‍රදේශය දක්‌වාත් උතුරු පළාතත්, උතුරු මැද පළාතේ උතුරු කොටසේ තීරුවකුත්, නැගෙනහිර පළාතත්, ගිනිකොණින් යාල අභය භූමිය ආසන්නයට යන තුරුත් ඊළාම් සිතියමට ඇතුළත් කර ගෙන තිබිණි.
කෙසේ හෝ මේ වසරේදී ඊළාම් රාජ්‍ය පිහිටුවා ගැනීමට අදිටන් කරගෙන සිටි ඇල්ටීටීඊය වෙනම ජාතික කොඩියක්, ජාතික ගීයක්, ඊළාම් රාජ්‍ය ලාංඡනයක් පවා සකසා ගෙන තිබුණු වග කීවොත් ඔබේ ඇස් උඩ ඉන්දවෙනු ඇත. ඊළාමයේ ජාතික පුෂ්පය හැටියට විස සහිත නියඟලා මල යොදා ගැනීමෙන්ම ඔවුන්ගේ දුෂ්ට, ම්ලේච්ඡ ස්‌වභාවය ගැන සිතා ගත හැකිය. ඇටිකුකුළා ජාතික පක්‍ෂියා විය. ජාතික රුක්‍ෂය නුග ගස විය. දිවියා ජාතික සත්ත්වයාය. මේ අතර කොටි කාසි ද මුද්දරයක් ද පොලිස් රේගු ආදී ලාංඡන කීපයක් ද සකසා ගෙන තිබුණු අතර හිට්‌ලර්ගේ අවතාරය වූ ප්‍රභාකරන් බලාගෙන සිටියේ ඊළාම් රාජ්‍යයේ රජු වන්නට ය.
දශක තුනකට ආසන්න කාලයක් තිස්‌සේ පැවැති ගැටුම්කාරී වාතාවරණය නිසා කොටි ත්‍රස්‌තයන් ද හමුදාවේ හා පොලීසියේ අය ද කිරි දරුවාගේ පටන් විවිධ තරාතිරමේ අයද පූජ්‍ය පක්‍ෂයේ අය ද ඇතුළු ලක්‍ෂයකගේ පමණ ජීවිතවලට හානි සිදු විය. රාජ්‍ය දේපළ ඇතුළු දේපළවලට සිදු වූ හානිය කෝටි දහස් ගණනකි.
නිය පොත්තෙන් කඩා ගත හැකිව තිබුණු දෙය බැරෑරුම් වුණේ රට, ජාතිය, ආගමට සැබවින්ම ඇලුම් කළා පිට කොන්දක් තිබුණු නායකයකු නොසිටි හෙයිනැයි කියන්න බැරිකමක් නැත. ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට ද ක්‍රියාන්විතයෙහි යථා පරිදි යෙදීමට ඉඩ ප්‍රස්‌තාවක් නොදුන් අතර කොටි ත්‍රස්‌තයෝ කීප අවස්‌ථාවකදීම සටන් බිමේ හමුදා කඳවුරුවලටද කඩාවැදී ප්‍රහාර එල්ල කළහ. එක් අවස්‌ථාවක, ප්‍රභාකරන් කොටු කර ගන්න ඔන්න මෙන්න කියා තිබියදී ඉහළින් හා නියෝග නිසා එය වැළැකී ගියේය.
ගහන්ඩ ගහන්ඩ වඳින මිනිසා මෝඩයෙකැයි කියමනක් ඇති අතර මාවිල්ආරු සොරොව්ව ම්ලේච්ඡත්වයට පෙන්නුම් කරමින් වසා දැමීම නිසා කොටි ඉල්ලා ගෙන කෑ වග නොකිවමනාය.
ගොවි පවුලකින් පැවතෙන සේනාධිනායක ජනාධිපති රාජපක්‌ෂ මහතා මානුෂීය මෙහෙයුමක් අරඹන්නැයි ත්‍රිවිධ හමුදාවට හා පොලිසියටද නියමයක් කළේ ඒ හා සමගමය. නියමය අනුව මෙහෙයුම 2006 ජුලි 26 වැනිදා අරඹා සොරොව්ව මුදාගෙන, ගොවීන් ඇතුළු ජනතාවට යළි දියවර සැපයූ බලඇණි කොටි හැතිකරය සුන්නත්දූලි කර දමන තෙක්‌ම එය දිගටම කරගෙන ගියේය. කොටින්ට හිතැති දේශීය හා විදේශීය බලවේග, මෙහෙයුම මැඬලන්න උත්සාහ දැරුව ද අසාර්ථක විය.
රට දෙකඩ කරන්නට ගිය කොටින්ට එරෙහිව කළ සටන, අපේ දෙවැනි නිදහස් සටනයෑයි කිව හැකිය.
දෙකඩ වන්න ගිය මාතෘ භූමිය යළි එක්‌සේසත් කර ගන්නා ලද්දේ, ම්ලේච්ඡ කොටි සංවිධානයට කිසිදා අමතක නොවන මතක හිටින පාඩමක් උගැන්වීමෙන් පසුවය. තෙවැනි වරට මවුබිම නිදහස් කර ගන්නා ලද්දේ ඒ අවස්‌ථාවේදී ය.
විමල් වීරසේකර
(දිවයින_09/06/29)
පසුවදන-දෙවැනි නිදහස් සටන අප ජය ගතිමියි උදම්වන්නට තවත් කාලය ගත නොකළ යුතුය. අප සැබවින් ම ජයගත්තේ බෙදුම්වාදයේ ත්‍රස්ත පෙරමුණ පමණි. එහි දේශපාලන පෙරමුණ තවමත් සටනේය. ත්‍රස්තයින් මෙන් මේ සතුරා රට වැසියා වහා හදුනා නොගැනීම අවාසනාවකි. ඔවුන් අතර පිරිසක් සුදුය. පිරිසක් කළුය. පිරිසක් ආණ්ඩුවේය. පිරිසක් විපක්ෂයේය.පිරිසක් 4/1මාක්ස්වාදීහුය. පිරිසක් ස්ත්‍රිවාදීහුය. පිරිසක් NGOතාරයෝය. පිරිසක් මානව හිමිකම් ඔස්තාර්ලාය.පිරිසක් මාධ්‍යවේදීහුය. මේ අය බලය බෙදීම, ෆෙඩරල්කරණය ගැන දොඩවති. ද්‍රවිඩ ජනතාවට සිදුවූ ඓතිහාසික අසාධාරණයක් ගැන දොඩවති. සිංහල රාජ්‍ය භාෂාව කිරීම ආනන්තරිය පාපයකැයි උඩුබුරති. මේ ප්‍රජාතන්ත්‍රවාදී බෙදුම්වාදී පෙරමුණ ද පරදා මව්බිමේ ඒකීයත්වය සුරැකීමට සියලු දේශප්‍රේමී බලමුළු තවදුරටත් පෙළගැසිය යුතුය.
Sunday, June 28, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment