Thursday, June 25, 2009

හත්වලාමේ ඇයි මේ තේසවලාමේ

බෙදා පාලනය කිරීමේ වාසිය තකා ඉංග්‍රීසින් විසින් යාපනේ දෙමළ ජනයාට දෙන ලද විශේෂ වරප්‍රසාදයක් වන "තේසවලමේ" නීතිය ගැන දෑන් දෑන් වෙනත් ආර්ථ කථන සපයනු ලැබේ. යාපන අර්ධද්වීපයේ පාරම්පරික දෙමළ මිනිසුන් විසින් අනුගමනය කරන ලද සිරිත් විරිත් රුකීමට අවශ්‍ය නිසා පෘතුගීසින් විසින් අනුමත කර ලන්දේසින් 1707 සිට නැවත පණ ගන්වා පසුව ඉංග්‍රීසින් විසින් රටේප්‍රධාන නීතියට අමතරව මේ ප්‍රාදේශීය නීතියද දිගටම පවත්වාගෙන යෑම අනුමත කරන ලද බවත් එසේ කළේ යාපනේ දෙමළ ජනයාගේ පාරම්පරික අයිතීන් රුකීමට බවත් සමහරු පවසති. මේ අනුව මුස්ලිම් හා උඩරට විවාහ නීති ආදියත් පවත්වාගෙන යෑමට ඉංග්‍රීසින් විසින් අනුමැතිය දී ඇති බවත් එනිසා දෙමළ මිනිසුන්ට පමණක් දෙන ලද විශේෂ වරප්‍රසාදයක් වශයෙන් තේසවලමෙයි නීතිය නොසැලකිය යුතු බවත් ඔවුහු කියති.

තේසවලමෙහි නීතිය අනුව යාපනේ දෙමළ මිනිසුන්ගේ ඉඩමක් වෙනත් ජාතිකයෙකුට විකිණීමට පෙර තම ඥාතීන් වෙතින් විමසිය යුතු බවත් ඔවුන් මිලට නොගන්නේ නම් පමණක් වෙනත් ජාතිකයෙකුට විකිණිය හැකි බවත් විස්තර කරන ඔවුහු පිටස්තරයෙකුට විකිණීම සපුරා තහනම් නැති බව අවධාරණය කරමින් මෙය විශේෂ වරප්‍රසාදයක් නොවනබව පෙන්වීමට උත්සාහ කරති.

උඩරට හා මුස්ලිම් විවාහ නීති නිසා රටේභුමි අයිතිය සීමා වන්නේ නැත. ඒවා පෞද්ගලික කාරණා වේ. අද රටට ඇති ලොකුම ප්‍රශ්නය භුමි ප්‍රශ්නයයි. ත්‍රස්තවාදීන්ගේ අරමුණද භුමිය බෙදා ගැනීමයි.

ශ්‍රී ලංකාව හෙවත් "සිංහලේ" නිර්මාණය කර හදා වඩාගත් දෑනටත් 75% පමණ වන සිංහලයන්ට නැති භුමි අයිතියක් 12% වන පසුකාලීන සංක්‍රමණික ජනතාවකට ලබාදෙන ඕනෑම නීතියක් යමෙක් පැනවුයේ නම් එය මහ ජාතිය විනාශ කිරීමේ අධම චේතනාවෙන්ම කළ දෙයකියි නොපැකිළිවම කිව හැක.

තේසවලමෙහි නීතියේ වර්තමාන තත්ත්වය අප දෑන සිටියාටත් වඩා භයානක බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැක. සිවඥාණලිංගම් එදිරිව සුන්දරලිංගම් නඩුවට අදාළව 1988 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද තීන්දුවක් අනුව "තේසවලමේ" යනු පෞද්ගලික නීතියක් බවත් ලංකාවේ ඕනෑම තැනක සිටින යාපනේ දමිළ පුද්ගලයෙකුට මේ නීතිය උපයෝගී වන බවට නිර්වචනය වී ඇති බව පැවසේ. මේ අනුව එවන් පුද්ගයෙකුට අයිතිව වැල්ලවත්තේ ඇති යම් පාරම්පරික දේපළක් වේ නම් ඒ දේපළද මේ නීතියට යටත් වන බවට කර ඇති ප්‍රකාශ නොබෝදා කියවීමි.

මෙහි ඇති සාධාරණ අසාධාරණ බව විමසීමට පෙර අපි ඉතිහාසය දෙසට මඳක් හැරෙමු.

ආර්ය චක්‍රවර්තී නම් පාලකයන් විසින් කඩින් කඩ යාපන ප්‍රදේශය පාලනය කර ඇතත් ඔවුහු ජාවක හෙවත් කාලිංග දේශයෙන් පැමිණි අය මිස දෙමළ නොවේ. "විරෝදය ආර්ය" සමයේ මේ පළාතේ විසු සිංහලයන් ආක්‍රමණිකයාට විරුද්ධව කැරලි ගසා ඇත. දෙමළ පොතක් වන "යාල්පාන වෛපව මාලෙයි" අනුවද "කුලෝත්තුංග ආර්ය" සමයේ "පුංචි බණ්ඩාර"ගේ නායකත්වයෙන් සිංහලයෝ මේ ආක්‍රමණිකයාට විරුද්ධව සටන් වැදී ඇත. ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් සිංහල රජුගේ ආධාර උපකාර ඉක්මනින් ලබා ගැනීමේ අපහසුතාවට මුහුණ දුන් පළාත්වල සිංහලයෝ අසරණවී ඇතැම් විට පලා ගියහ. ඇතැම්හු ආක්‍රමණිකයාට යටත්වී උන්ගේ සමාජයටම අන්තර්ගත වුහ. මයිකල් බෑන්ක්ස්ට අනුව වර්තමාන "කොවියාර්" වංශිකයෝ එදා යටත්වු සිංහලයෝ වෙති. "ගොවියා" යන්න කොවියා යනුවෙන් දෙමළ වී ඇතැයිද මතයකි. සපුමල් කුමරු විසින් මේ ආක්‍රමණිකයන් නෙරපා හරින ලදී. රොබටි නොක්ස් පලා යන විට මේ පළාත්වල එවකට සිටි සිංහලේ රජුගේ නිලධාරීන්ගෙන් වසන්වීමට තමන් උත්සාහ ගත් බව කියා ඇත.

ඉංග්‍රීසි පාලන සමයේ පත් කළ කෝල්බෲක් කොමිසමේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන යාපනේ කලෙක්ටර්වරයා ප්‍රකාශ කර ඇත්තේ එවකට යාපනය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් නොමැති බවත් එනිසා සංගණනයක් ගැනීමට හැකියාවක් නැති බවත්ය. ඔහුට අනුව මේ මිනිසුන් බොහොමයක් මාළු අල්ලන්නන්, කුලීකරුවන් හා සංචාරකයෝ වෙති. වෙනත් පළාත්වල මෙන් ගොවිතැනින් විශාල ආදායමක් ලබා ගැනීමට මේ ප්‍රදේශයේදී නොහැකි නිසා ආදායම වැඩිකර ගැනීමේ මගක් ඉංග්‍රීසින්ට අවශ්‍ය විය. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වුයේ මේ වන විට මංමාවත් සැකසීම ආදී කුලී වැඩ සඳහා ඉන්දියාවෙන් ඉංග්‍රීසින් විසින් ගෙනඑන ලද කුලීකරුවන් මේ ප්‍රදේශවල පදිංචිකරවීම බව ඔවුහු අදහස් කළහ. එහෙත් එසේ පිදංචිකරවීමට නම් මේ පුද්ගලයන් සතුටු වෙන පරිදි හා සෑහීමට පත්වෙන පරිදි විශේෂ වරප්‍රසාද දිය යුතු විය. තේසවලමෙයි නීතියෙන් ඔවුන්ගේ දේපළවලට මෙසේ ආරකෂාව දෙන ලද්දේ එහෙයිනි. මේ ජනතාවට ඉංග්‍රීසි අධ්‍යාපනයක් දී ඔවුන් තමන්ගේ සුවච කීකරු සේවකයන් කර බහුතර සිංහලයාට ඉහළින් ඔසවා තැබීමෙන් සිංහලයා පාලනය කිරීම සඳහා තමන්ට මේ රටෙන්ම අතවැස්සන් තනා ගත හැකි බවද ඉංග්‍රීසීන්ට අවබෝධ විය. මේ අනුව යාපනය ප්‍රදේශයේ සුවිශේෂ ඉංග්‍රීසි පාසල් පද්ධතියක් අරඹන ලදී. කොළඹ හා වෙනත් සිංහල පළාත්වල සියලුම පාසල් සංඛ්‍යාව අභිබවා ගිය මේ පාසල් මගින් ඉංග්‍රීසීහු මේ කාර්යය ඉටුකර ගත්හ. හැම සිංහලයෙක්ම දන්නා මේ කරුණු පුන පුනා සංඛ්‍යා ලේඛන සමග දෑක්වීම අවශ්‍ය නොවේ. ඉංග්‍රීසින්ගෙන් මෙසේ ලැබු විශේෂ වරප්‍රසාද සමග වැජඹෙමින් හැමදාම සිංහලයාට ඉහළින් සිටීමේ මානසිකත්වයෙන් දෙමළ මිනිස්සු ආතුර වුහ. නැත්නම් සෝල්බරි සාමි පවා හිනැස්සු 50-50 ඉල්ලයිද? සමහර බංගලාවල ස්වාමියාට වඩා සේවකයා ඔළුව උදුම්මවා ගනී. නොසිතු ලෙස ලොතරුයි වාසනාව ලද ඇතැම් නුගතෙක් අනවශ්‍ය ලෙස පිම්බෙන්නට තැත්කර අමාරුවේ වැටෙන හැටිත් ලොවම හිනස්සන හැටිත් අප දෑක ඇත. අසා ඇත. මෙයද එවැන්නකි.

පිටු (7000) හත්දාහක පමණ වු කෝල්බෲක් වාර්තාවේ කිසි තැනක මේ කාලයේ මේ ප්‍රදේශයේ විසු ජනතාව දෙමළ ලෙස සඳහන් නොවන බවත් ඔවුන් ගැන සඳහන් කර ඇත්තේ "මලබාර්" වාසින් ලෙස බවත් සුරිය ගුණසේකර විසින් මීට වසර 20 කට පෙරද සඳහන් කර තිබුණි. නලින්ද සිල්වාගේ අනන්ත අප්‍රමාණ ලිපි ලේඛන මගින් සත්‍ය තත්ත්වය විස්තර කර ඇත. මලබාර් යනු කේරළයයි. තමිල්නාඩුව නොවේ. එසේ නම් වර්තමාන දෙමළ මිනිසුන්ට, සිංහලයන්ට නැති පාරම්පරික අයිතියක් කොයින්ද?

මේ නීතිය ඉවත් කිරීමට පිටකොන්දක් ඇති නායකයෙක් රටේපහළවී නැත. ඒ වෙනුවට කළේ 12% සුළු ජන වර්ගය 75% ක බහුතරයට සමවෙන ලෙස දෙමළ බසද රාජ්‍ය භාෂාව කිරීමය. වෙනත් අන්දමකින් පනහට පනහ දීමය. ඉන්දියාවේවත් රාජ්‍ය භාෂාව නොවු දෙමළ ලංකාවේ රාජ්‍ය භාෂාව කර දිවුරුම් පෙත්සම්වලට පුරවැසිකම්දී හමුදා භටයන් සිය ගණනින් සතුරාට පාවාදී හමුදා බුද්ධි අංශ විනාශ කර කෝටි ප්‍රකෝටි ගණනින් යුද්ධායුධ ගෙන්වීමට සතුරාට අවකාශ දෙමින් බටහිර බලවේගවලට දීන ලෙස ගැතිවු නායකයන් විසින් අපගේ දේශය පාවාදෙන ලදී.

සමහර පළාත්වල දේපළ පරම්පරාවට තබා ගැනීම සඳහා උපයෝගී කරගත් "වීර කොමිස" නමින් සාමාන්‍ය ජනයා විසින් හැඳින්වු නීතිය "ෆීලික්ස් ඩයස්" විසින් අවලංගු කරන ලදී. තේසවලමේ නීතියද අවලංගු කිරීමට ඔහුගත් උත්සාහය නිෂ්ඵල වුයේ මහ ජාතියේ නායකයන් හැමදාම බියගුල්ලන් වු නිසාය.

ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව සමසේ දෙමළ රාජ්‍ය භාෂාව කරන ලෙස කෑ නොගැසු අතළොස්සට රුදාව හැදුනේ 75% ක ජනතාවගේ නැතිවී ගිය අයිතිය ලබා ගැනීමට සිංහල රාජ්‍ය භාෂාව කළ විටය. 12% පමණ වු දෙමළ ජනයාගෙන් 11% පමණවු දුප්පත් දෙමළ ජනතාවට වඩාත් පහසු වන්නේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වඩා සිංහල ඉගෙන ගැනීමය. ඔවුන්ගේ අල, ලුණු මිලට ගන්නේ ඔවුන් ඇසුරු කරන්නේ සිංහලයන් මිස සුද්දන් නොවේ. කුළු පගව සිටිය යුත්තේ සිංහලයන් සමගය. එයට අවශ්‍ය සිංහල භාෂාවය. 1% පමණ වු ඉංග්‍රීසි ගැති දෙමළ ප්‍රභුන් යැයි කියාගත් සුළු පිරිසට ඉවසුම් නැතිව ගියේ සාමාන්‍ය දෙමළ ජනතාවට ඉන් හානියක් සිදුවු නිසා නොවේ. සිංහලයා සමග තිබු ද්වේෂය නිසාය. ඒ ද්වේෂය ඔවුන් තුළ ජනිත කළේ ඉංග්‍රීසින් විසිනි.

ඇමරිකාවේ සුදු මිනිසුන් 69.1% කි. හිස්පැනික් නම් මෙක්සිකානුන් 12.5% (2000 සංගණනය අනුව) එහෙත් ස්පාඤ්ඤ භාෂාවෙන් සරසවි මාධ්‍යයක් නැත. පුරවැසි විභාගයක්වත් ස්පාඤ්ඤ භාෂාවෙන් නැත. ඉතිහාසය ප්‍රශ්නවලට පිළිතුරු නොදී පුරවැසියෙක් විය නොහැක.

විදේශ මුදලින් යැපුන දේශද්‍රෝහී උගතුන් යැයි කියා ගත්තවුන් හා අලුකාල් මාක්ස්වාදීන් විසින් පුම්බා තබන ලැබු තුවක්කු ත්‍රස්තවාදයට බියනොවී කටයුතු කිරීමෙන් රට ගලවා ගැනීමේ මහඟු කාර්යය සම්පුර්ණ වන්නේ සංස්කෘතික හා සාමාජික ත්‍රස්තවාදයද අවසන් කළ හොත්ය. රටක් නැතිව මුහුදට පනින්නට සිටි සිංහලයාට නැවතත් 1505 ට පෙර මෙන් හිස ඔසවා සිටින්නට හැකියාවක් නොලැබුණහොත් මේ නිදහසද 1948 නිදහස මෙන් වනු ඇත.

ධර්මසිරි සෙනෙවිරත්න ඇමරිකාවේ සිට

(ඉරිදා දිවයින_09/06/21)

පසුවදන_අපේ ප්‍රශ්නවලට අපි අපේ විසඳුම් සොයාගත යුතු ය. නව වරක් ත්‍රස්තවාදයට අනුන්ගේ විසඳුම් ලබාදුන් අපට ඇපත් නැති විය. රට දෙකඩ වන්නට ඔන්න මෙන්න කියා තිබිය දී රජය ඊට අපේ ම විසඳුමක් යෝජනා කළේ ය. ඊට විරුද්ධව අපේ රටේ කළු සුද්දන් සුද්දන් සමග අත්වැල් බැඳ පෙරට ආව ද අපේ විසඳුම රටට ජය ගෙන ඒම වළකන්නට නොහැකි විය. එකල යුද්ධයෙන් ත්‍රස්තවාදය කෙළවර කළ නොහැකි බව කී බක පණ්ඩිතයෝ අද ද කුප්‍රකට ෆෙඩරල් යෝජනා ගෙන එති. යුද්ධයෙන් කොටියාට දිනාගත නොහැකි වූ ඊළම මේ ද්‍රෝහී විසඳුම හරහා බන්දේසියක තබා ඊළාම්වාදීන්ට දීමට ඔවුහු දතකති. මේ අතර NGOකාරයෝ ද 4/1මාක්ස්වාදීහු ද ඊළාම්වාදීහු ද සිටිති. විරෝදාර රණවිරුවන් දිවි පුදා දිනා දුන් නිදහස පාවා නොදෙන්නට දේශප්‍රේමී බලවේග එකපෙළට සිටගත යුතු ය. රටේ අනාගත සුරක්ෂිතතාව රැඳී ඇත්තේ ඒ දේශප්‍රේමී බලවේග අතය.

5 comments:

Thejan said...

100% හරි ඔය කතාව. යාපනේ හිස් ඉඩම් සියල්ල රජයට පවරාගෙන අයිතිකරුවන් ඉන්නවා නම් වන්දිත් දීලා සැලසුම් සහගත පදිංචි කිරීමේ ක්‍රියාවලියකට ඔවුන් ලක් කළ යුතුයි. මේ නැවත පදිංචි කිරීමේදී සිංහල හා මුස්ලිම් ජනතාවද උතුරේ පදිංචි කරවීම නැවත ත්‍රස්තවාදය හිස එසවීම වැළැක්වීමට උපකාරී වනවා.

නුවන්සි said...

මෙ සදහා නිෂ්ච්ත ක්‍රමවෙදයක් අවශ්‍යය.
පිටරටින් පැමිනෙන අය වැඩි හරියක් එන්නේ කැමත්තේන් නොවේ, එයෙන් එළවන නිසයි.
එ අය නියම සංගනනයක් කර,(එතකොට යලිත් මෙහේ විනාශ කරන්න බැරිවෙන්න කරන කෙනාව ලෙහෙසියෙන්ම අල්ල ගන්න පුලුවන්) සියලුම ඉඩම් රඡයට පවරා ගෙන බෙදා දිය යුතුය. අන්න එය 50ට 50 නරන්න ඕනි. එ කියන්නේ අවුරුදු 30කින් එහේ ගිය නැති සිංහළ වගේම මුස්ලිම් අයත් එහි පදිංචි කරවන්න ඔනි. රඡයට පවරා ගන්න කිසිම තහනමක් නැනේ. ඉට පස්සේ එවා රඡයේ ඉඩම් එ නිතිය බල පැවැත්වෙන්නේ පාරම්පරික අයට දැන් වැඩි හරියක් එවැනි අය නැ.

නාමල් උඩලමත්ත said...

ඔව් තිලිණ, අවුරුදු 30ට පෙර ත්‍රස්තවාදීන් ඇඳිවතින් යාපනෙන් පළවා හැරි මුස්ලිම්වරු දැන් යළි සිය උපන් බිම්වලට යන්න සුදානම්. ඒ සඳහා සියලු පහසුකම් රජය ලබාදිය යුතුයි. ඒ වගේ ම ඒ ප්‍රදේශවල වාසය කළ සිංහල ජනතාව වහාම ඒ ප්‍රදේශවල පදිංචි කළ යුතුයි. කිලිනොච්චියේ විතරක් 30 000ක් සිංහලයෝ හිටියා. සිංහල මහා විද්‍යාලයක් තිබුණා. නැවත ත්‍රස්තවාදය ඇති නොවෙන්න කළ යුත්තේ ඒවා. එමගින් ජනතාව අතර අවබෝධය ගොඩනැගෙනවා. ඒ වගේ ම සංවර්ධනයේ ප්‍රතිලාභ ජනසතු කළ යුතුයි. ඈත ගමට ගෙන යා යුතුයි. කොටි විතරක් නෙමේ 71 සහ 89 ඇති වූ දකුණේ ත්‍රසතවාදය යළි ඇති නොවෙන්නත් ගත යුතු වැදගත් ම තීරණය එයයි.

නාමල් උඩලමත්ත said...

නුවන්සි ඔබ හරි. මේ අය විධිමත් ලෙස සංගණනයක ලක් කළ යුතුයි. ඒ වගේ ම ඔවුන් අකමැත්තෙන් රටට ආව ම ඔවුන් දිනාගැනීම සඳහා අපි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේ ම ඔය කොටි ත්‍රස්තවාදය ඇරඹෙන කාලේ රටේ හිටියේ 16 000ක හමුදාවක්. ඒ අය වුණත් නිසි සුදානමක් නැහැ. ඒක කොටින්ට ලොකු සහයක් වුණා. ඒ නිසා සමස්ත රට සහ මුහුද ආරක්ෂා කරන්න හමුදාව සීරුවෙන් තැබිය යුතුයි. එහිදී උතුරු නැගෙනහිර දෙස වඩාත් අවදානය යොමු කළ යුතුයි.වත්මන් හමුදාපතිකුමා ආරක්ෂක ලේකම්තුමා ඒක තේරුම් අරන් ඉන්නවා වගේ පේනවා.

නුවන්සි said...

මට නම් හරිම පුදුමයි, සතුටුයි ඔබගේ දැනුම ගැන.
රටෙ හමුදාව ශක්තිමත් කරවන්න නම් එඅයට අවශ්‍ය ආයුධ ගන්න වෙනවා එත් එ දේ කරන්න වෙන්නේ නැ. වෙන හෙතු නිසා එවට අකුල් හෙලන අය නිසා. මුලින්ම ලංකාවෙ නිතිය ශක්තිමත් කරන්න ඔනි හරියටම සිංගප්පුරුවෙ ඡනපති කලා වගේ 70 ගනන් වල එක නිසානේ අද එ රට එච්චර දියුනු වෙලා තියෙන්නේ
එලගට නියමාකාරයෙන් විගණනයක් කෙරෙන්න ඔනි එතකොට ඔය බොරුවට කැ ගයන අ‍යට කරන්න දෙයක් නැනේ, එතකොට අතරමග කිසි වැඩක් නවතින්නේත් නැ මොකද එයාලට අවශ්‍යත් බාගෙට හරි කරන වැඩ නවත්වලා දාන්නනේ.

 
සිය රට දේ සිරි සැප දේ !