Tuesday, June 2, 2009

බටහිර මාධ්‍ය කුමන්ත්‍රණය බිඳ වැටීම

ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් හැටියට ළඨඨු පරාජය කිරීමේ අවස්ථාව සැලකිය හැකිය. එමෙන්ම මාධ්‍ය ඉතිහාසයේදී මෙය ඉතා වැදගත් වන අවස්ථාවකි. හිටිලර්ටත් වඩා කුරිරුතර ජනඝාතකයා හැටියට සැලකිය හැකි වේලුපිල්ලේ ප්‍රභාකරන් ට ඒ සඳහා අනුබලයක් ලැබුණේ බටහිර මාධ්‍යන් මගිනි.

කෙසේ නමුදු එම ජනඝාතකයා මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීමට ද කටයුතු කළ අයකු වශයෙන් බටහිර මාධ්‍ය නොදැන සිටීම පුදුමයට කරුණකි. මෙම ජයග්‍රාහී අවස්ථාව මාධ්‍යමය කුමන්ත්‍රණ බිඳවැටුණු අවස්ථාවක් හැටියට ද සැලකිල්ලට ගත යුතුව ඇත. ප්‍රභාකරන් මාධ්‍යකරුවෝ රුසක් අමු අමුවේ ඝාතනය කළ පුද්ගලයකු ලෙස හැඳින්විය හැකිය.

මෙහිදී 1987 දී පමණ ශ්‍රී ලංකා රුපවාහිනියේ සේවකයන් 4 දෙනකු පණ පිටින් පුළුස්සා මරා දමන ලද අවස්ථාව අපගේ මතකයට නැඟෙයි.

මෙම සිව් දෙනා යාපනයේදී පැහැරගෙන ගොස් අවසානයේ මරා දැමුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සෘජු අණදීම මත බව පැහැදිලිය. විග්නේෂ්වරම් නමැති තම සහෝදර දමිළ නිලධාරියා වාහනයකින් ගෙදරට ඇරලවා ආපසු එන ගමනේදී මෙම සිව් දෙනා සුසාන භුමියකට ගෙන ගොස් ටයර් දමා පුළුස්සා අමු අමුවේ මරා දමන ලදී. මෙම නිලධාරීන් සිහිපත් කිරීම මෙම අවස්ථාවේදී අප හැම යුතුකම වේ. මෙයට අමතරව මාධ්‍යවේදීන් රුසක් වරින් වර මරා දැමීමේ චෝදනාවට ද වගකිව යුත්තේ එල්ටීටීඊයම බව කිවයුතුව ඇත. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අයත් වැදගත් චරිත හා පුද්ගලයන් මරා දමා එය අන්‍යයන් පිට පැටවීම ද එල්ටීටීඊ ය සුක්ෂම ලෙස කරන ලද්දකි.

ත්‍රස්තවාදය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ කුරිරු ක්‍රියාවට බටහිර ජනමාධ්‍ය ඡණණ හා අල් ජසීරා රුපවාහිනී සේවාවන් සෘජු ලෙසම වගකිව යුතුය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් හඳුන්වාදෙන ලද මිනිස් බෝම්බ, මරාගෙන මැරෙන කබා, හෙල්මටි, සයිනයිඩ්, ගැබ්බර කාන්තාවෝ මිනිස් බෝම්බ ලෙස යොදා ගැනීම වැනි විධික්‍රම හා එහි මුහුණුවර ලෝක ත්‍රස්තවාදීන්ට අස්වාදනයක් ගෙනදෙන අයුරින් ලොවට දායාද කිරීමේ පාපයෙන් මිදීමට මෙම බටහිර මාධ්‍යයන්ට පුළුවන්කමක් නැත. එල්ටීටීඊ ත්‍රස්තවාදයට අනුබද්ධ මාධ්‍ය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වු බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මාධ්‍ය ඉතිහාසයේ මෙය වැදගත් අවස්ථාවක් ලෙස සටහන් වන්නේ ත්‍රස්තවාදීන් පරාජය කරන අතරම, මෙම ත්‍රස්තවාදයට අනුබලයක් වු මාධ්‍ය කුමන්ත්‍රණ ද ලෝක ප්‍රජාව අවබෝධ කර ගැනීමට සමත් වීම නිසාය. කුමන්ත්‍රණකාරී ස්වභාවය වඩාත් හොඳින් ප්‍රදර්ශනය වුයේ පශ්චාත් යුද සමයේදීය. එය ඔවුන්ගේ ක්‍රියා කලාප තුළින්ම ඔප්පුවුවකි.

එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ සෙසු නායකයන් අවසාන මොහොතේ පවා සියලු උපක්‍රම යොදා බේරා ගැනීමට බටහිර මාධ්‍ය නොගත් උත්සාහයක් නැත. ඔවුන් යුද මුක්ත කලාපයේ කොටුවු අවස්ථාවේදී අල් ජසීරා BBC CNN මාධ්‍ය ආයතන අඛණ්ඩව හුවා දැක්වුයේ සිවිල් වැසියන් මරාදැමීම හා යුද අපරාධ ශ්‍රී ලංකා හමුදාව විසින් දහස් ගණනින් සිදු කරන බවයි. පසුගිය මැයි 10 දින සිට මෙම සේවා ඔස්සේ පළවු පුවත් හා විචිත්‍රාංග මෙයට කදිම නිදසුන් වේ.

ඔවුන් මෙම පුවත් ගොඩ නැඟීමට සෘජුවම උපුටා ගත්තේ ඨඅමඉල නඑට වෙබ් අඩවියයි. බීබීසිය ප්‍රචාරය කළ ඩේටි ලයින් වැඩසටහනින් මාර්ක් නමැති සම්පත් දායකයා පුන පුනා සඳහන් කළේ යුධ අපරාධ පිළිබඳවයි. එසේම අල් ජසීරා රුපවාහිනි සේවාව සිය පුවත් ප්‍රචාරය මගින් විනෝ කනපතිපිල්ලේ නමැති එල්ටීටීඊ ප්‍රකාශිකාවක් ලවා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට වන අසාධාරණය පිළිබඳ යළි පුන පුනා සඳහන් කරන ලදී. මෙම ප්‍රවෘත්තියටම අනුබද්ධව යුද ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති වින්ද ජන කොටස්වල රුප රාමු පෙන්වන අතරම තවත් ජන කොටසක් ඉතා දුක්බරිත තත්ත්වයකින් මුදාගත් ප්‍රදේශවල වෙසෙන බවටත්, එහි ලෙඩ රෝග පැතිර තිබෙන බවටත් කරුණු අවධාරණය කරන ලදී. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කිමෝන් මහතාගේ සංචාරයෙන් පසු මෙම තත්ත්වය කිසියම් දුරකට මඟහැරී ගිය බවක් පෙනුණි. අල්ජසීරා රුපවාහිනි සේවාව පිළිබඳ පාඨකයා දැනුවත් වීමද වැදගත් වේ. එය ඹඹඡ ආකෘතියට අනුගත එම සම්ප්‍රදායම අනුගමනය කරන ආයතනයක් බවට සඳහන් කළ හැකිය.

අල් ජසීරා රුපවාහිනිය ආරම්භ කර ඇත්තේ 1999 වර්ෂයේදී දෝහා කටාර් රාජ්‍යයේදීය. එය ආරම්භ කිරීමේ දී ප්‍රාග්ධනය වශයෙන් ඇ.ඩො. මිලියන 150 ක් දෝහා කටාර් රාජ්‍ය නායක එමීර්වරයා විසින් ලබා දෙන ලදී. ඉංග්‍රීසි හා අරාබි භාෂාවන්ගෙන් මෙම වැඩ සටහන් ප්‍රචාරය වෙයි. ලන්ඩන්, ක්වාලාලාම්පුර්, දෝහා හා වොෂින්ටන් හි මෙහි මධ්‍යස්ථාන පිහිටා ඇත. එය ආරම්භයේදීම 2001 වසර වන විට එහි පැවැත්මට අවශ්‍ය මුදල එම ආයතනය විසින්ම උපයා ගතයුතු බවට සැලැස්මක් තිබුණද, 2004 අවුරුද්දේ සිට යළි ඒ සඳහා ඩොලර් මිලියන 30 බැගින් ලබාදීමට දෝහා රාජ්‍ය නායකයා විසින් ආරම්භ කරන ලදී. මේ අනුව අල් ජසීරා සේවය පවත්වා ගෙනයා මේ ආර්ථික අරගලයක් තිබෙන බවද අප තේරුම් ගත යුත්තකි. අල්ජසීරා රුපවාහිනිය බොහෝ අවස්ථාවල බීබීසී ද අභිබවා එල්ටීටීඊ යට පක්ෂව මාධ්‍ය මෙහෙයුම දියත් කළේය.

එල්ටීටීඊ ය ආයුධ මිලදී ගැනීමට සමාන උනන්දුවක් මාධ්‍ය සඳහා මුදල් වැය කිරීමට දරා ඇති බව අපගේ අවධානයට යොමු විය යුතු කරුණකි. කෙසේ වුවද ප්‍රභාකරන් මියගිය පුවත අල් ජසීරා රුපවාහිනි සේවය හා ඹඹඡ ඡණණ සේවා ප්‍රචාරය කරන ලද්දේ මැයි මස 25 වැනි දින වන විටය. අප ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී ඔවුන් දක්වන උද්‍යොගය හා විධානයේ විධික්‍රියා ස්වරය මෙහිදී දක්නට නොලැබුණු අතර, ඉතා මෘදු ස්වරයකින් මෙම පුවත ඉදිරිපත් කරන්නට යෙදුනි. මෙම පුවත ඉදිරිපත් කිරීමේදී සෙල්වරාසා පද්මනාදන් නොහොත් ඛඵ යනුවෙන් හඳුන්වන ඊනටඑරපඔඔල පොලිසියට ද අවශ්‍ය වී ඇති ත්‍රස්තවාදියා යොදාගැනීමට ද අල් ජසීරා රුපවාහිනි සේවය කටයුතු කර ඇති බවක් දක්නට ලැබිණි.. සෙල්වරාසා පද්මනාදන් එල්ටීටීඊ ජත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානියා වශයෙන් හඳුන්වාදීමට බටහිර මාධ්‍ය මේ දිනවල අසාර්ථක උත්සාහයක නිරතව සිටී. මේ අතර ශ්‍රී ලංකා රජය ද ඛඵ අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මාර්ගයෙන් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

රජයට අහිතකර පුවත් පළකිරීම නිසා, 2002 නොවැම්බර් මාසයේ සිට අල් ජසීරා රුපවාහිනි සේවය කුවේටි භුමිය උපයෝගි කර ගනිමින් කරන කටයුතු, කුවේටි රජය මගින් තහනම් කර ඇති බවක් ද මෙහිදී සඳහන් කළ යුතුය. කුවේටි භුමියෙන් 1.3 ඇමරිකානු හමුදා අභ්‍යාස සඳහා ලබාදුන් බවට දැක්වණු වැරදි ප්‍රවෘත්තියක් පළකිරීම මෙයට මුල් වු හේතුවයි. මේ අනුව අල්ජසීරා රුපවාහිනි සේවයේ කුවේටි කාර්යාලය වසා දමා එහි නිලධාරීන් රටින් පිටුවහල් කිරීමට කුවේටි රජය පියවර ගනු ලැබීය. එතැන් පටන් අද දක්වා ජසීරා රුපවාහිනි සේවය කුවේටි රාජ්‍ය තුළ ක්‍රියාත්මක වන්නේද නැත.

ප්‍රභාකරන් යන්න හිරුට පර්යාය නාමයකි. ප්‍රභාකරන් යන්න සංස්කෘත භාෂාවෙන් ප්‍රභාව ඇති කරන තැනැත්තාට යෙදෙන්නකි. හිරු දෙවියා යන පර්යාය නාමයෙන් බොහෝ බටහිර මාධ්‍යයෝ ප්‍රභාකරන් හැඳින්වීමට පෙළඹුණහ. ඔහු දේවත්වයට නංවාලීමට කටයුතු කළේ හිතාමතාමය. තවත් වරෙක ක්‍රිෂ්ණ දෙවියන්ගේ අවතාරය වශයෙන් ද ඔහු පෙනී සිටී. මෙම මහා ප්‍රතිරුපය පැරදවිය නොහැකි බලවේගයක් වශයෙන් නිතර නිතර හුවා දක්වන ලද්දේ බටහිර මාධ්‍ය මගිනි. මාධ්‍ය මගින් මවා පෑ කාල්පනික ලෝකයේම ඇලී ගැලී ජීවත් වීමට ප්‍රභාකරන්ද පෙළඹුණේ මෙම මනෝ මුලික හේතුව නිසාය. මනසින් දෙවි කෙනෙක් බවට ඔහු පත්විය. ක්‍රිෂ්ණ දෙවියන් පැරදවිය නොහැකි බව ඔහුම හඬ නඟා කීවේ මෙම මානසික තත්ත්වයම නිසාය. මනසින් මනෝරාජ්‍යක රජවීමට තරම් ප්‍රභාකරන් උන්මන්තකයකු කළේ මෙවන් ඊනියා මාධ්‍යයන් විසිනි.

ප්‍රභාකරන් මෙම විකාරරුපී තත්ත්වයට ඇද දැමුවේද ඔහුට ආවැඬු මාධ්‍යමය. හමුදාවට කොටුවී සිටින අවසන් අවස්ථාවේ පවා ඔහු සිතුවේ ක්‍රිෂ්ණ දෙවියන් මෙන්ම හිරු දෙවියන්ද පරාජය කළ නොහැක යන මතයම විය හැකිය. ප්‍රභාකරන් සිහින ලෝකයක තනි කර ඔහු පාවා දෙනු ලැබුවේ බටහිර මාධ්‍ය බවට මේ අනුව තර්ක කළ හැකිය. ප්‍රභාකරන්ට ආත්මාවබෝධයක් තිබුණේ නම් මෙම මාධ්‍ය ලෝකය විසින් මවන ලද ස්වප්න රාජ්‍යයේ ජීවත්ව නොසිටිනු ඇත. මාධ්‍යමය වශයෙන් වැදගත් වන මෙම අවස්ථාව සියලුම මාධ්‍යවේදීන් විසින් ගැඹුරින් ගවේෂණය කළ යුත්තකි. මානව ශිෂ්ටාචාරය ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් විනාශ කිරීමට බටහිර මාධ්‍ය කටයුතු කළ ආකාරය ලෝක ඉතිහාසයේ සටහන් වනු නියතය.

එල්ටීටීඊයෙන් යැපුණු මාධ්‍යකරුවා නිතර සංකතනයට භාජන කරන ලද්දේ සිවිල් සමාජය මානව හිමිකම් වැනි ත්‍රස්තවාදයට රුකවරණය සලසා දුන් උද්‍යොගි පාඨ කීපයකි. මෙම එල්ටීටීඊ පරාජයත් සමගම බටහිර මාධ්‍යයේ සත්‍යාන්විත භාවය හා මධ්‍යස්ථභාවය පිළිබඳ ලෝකයටම පැහැදිලි යථාවබෝධයක් ලැබී ඇත. බටහිර රටවල දේශපාලනයේදී වෙනස් වීමේ ප්‍රවණතාවක්ද මේ අනුව ගොඩනැඟෙමින් තිබේ. එල්ටීටීඊයේ සවරුපය ලොවට හෙළි වනවාත් සමගම මාධ්‍ය ත්‍රස්තවාදයේ නග්නත්වය ලොවට හෙළිදරව් වෙමින් පවතී. ද්වේශ සහගත ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මිලිබෑන්ඩ් වැන්නවුන් කළ ප්‍රකාශ ඔහුට මෙන්ම බටහිර මාධ්‍යන්ට පාරාවලල්ලක් වී ඇති බව සඳහන් කළ යුතු වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී (2009.5.26) බ්‍රිතාන්‍ය විදේශ ඇමති මිලිබෑන්ඩ් විසින් යුද අපරාධ සෙවීමේ ස්වාධීන කොමිසමක් පත්කර ගැනීමේ උත්සාහයක යෙදුනි. බීබීසීය 26 වැනි දින තම ප්‍රවෘත්ති ප්‍රචාරය මගින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමේ කුට මෙහෙයුමක සුපුරුදු පරිදි යෙදෙනු දක්නට ලැබිණි. ත්‍රස්තවාදී එල්ටීටීඊය නිසාම සරණාගතයන් බවට පත් ජනතාවගේ කඳවුරු ජීවිතයේ අඳුරු පැතිකඩක් මෙහිදී අන්වීක්ෂණය කොට දර්ශනය කෙරිණි. බීබීසීය ලෝකයා හමුවේ සිය නග්නත්වය යළි වසා ගැනීමට තැතක් වශයෙන් මෙම නිරර්තක උත්සාහයන් හැඳින්විය හැකිය.

බොහෝ අවස්ථාවල දී බීබීසී හා අල් ජසීරා වැනි රුපවාහිනි මාධ්‍ය හිටිලර්ගේ සන්නිවේදන අංශ ප්‍රධානියා වු ගොබල්ස්ගේ සන්නිවේදන න්‍යාය ශිල්ප ක්‍රම උපයෝගි කරගනු දක්නට ලැබිණි. යමක් පුළුවන් තරම් පුන පුනා කීම හා ඒ මගින් පුද්ගල මනසට කා වැද්දීම ගොබල්ස් සන්නිවේදන න්‍යායේ එක් ලක්ෂණයකි. යුද අපරාධ මානව හිමිකම් බිද දැමීම වැනි ඔවුන් පුන පුනා මතුකිරීමට උත්සාහ ගත් ප්‍රවෘත්තිද අද වන විට බිඳ වැටෙමින් පවතී. ඔවුන්ගේ මෙම මාධ්‍යමය උපක්‍රමවලින් අමාරුවේ වැටුනේ හිරු දෙවියන්ගේ තත්ත්වය ආරුඩ කරගත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත්වීමත් සමගම වඩාත් ලජ්ජාවට පත්විය යුත්තේ බටහිර මාධ්‍ය බව ඉඳුරාම කිව හැක. එල්ටීටීඊයට වඩා පරාජයක් අද සත්‍යයේ ජයග්‍රහණ හමුවේ බටහිර මාධ්‍යන් ලබා ඇත.

මෙවැනි තීරණාත්මක අවස්ථාවක මාධ්‍ය තුළ පෙනී සිටිමින් කළ ප්‍රචාරාත්මක ප්‍රකාශ පිළිබඳව එක්සත් ජාතීන්ටද පැමිණිලි කිරීම මෙම අවස්ථාවේ ඉතා වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක කටයුතු කරන පිල්ලේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාටත් වඩා ඉහළින් පෙනී සිට මේ පිළිබඳ දක්වන උනන්දුව ලෝකයාට ද පැහැදිලි කළ යුත්තකි.

ශ්‍රී ලංකා රජයට විරුද්ධව මානව හිමිකම් කොමිෂම ඉදිරියේ පැවැති යෝජනාව ජයගනු ලැබු දිනට පසුදින අල්ජසීරා ප්‍රවෘත්ති මගින් එම ජයග්‍රහණය විවරණය නොකොට අත් වු පරාජය වසාගැනීම සඳහා නින්දිත උත්සාහයක යෙදිණි. උතුරේ කඳවුරුවල වෙසෙන ද්‍රවිඩ ජනතාව විඳින දුක නිරුපණය කළේ අවධානය වෙනතක යැවීම සඳහාය.

අල් ජසීරා රුපවාහිනි සේවය මැයි 28 වැනි දින තම ප්‍රවෘත්ති මඟින් සිරස්තල පුර්වකම හුවා දැක්වීමට උත්සාහ ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ බලපෑමක් ඇති බවයි. කෙසේ වුවද ඊට හාත්පසින්ම විරුද්ධ ප්‍රවෘත්ති සිරස් තලයක් මෙහිදී බීබීසී ය 2009.05.28 දින යොදා ගැනීමද මෙහිදී සැලකිල්ලට ගත යුත්තකි. බීබීසී ප්‍රවෘත්තියෙහි මේ පිළිබඳව සඳහන්ව ඇත්තේ (UN Supports Sri Lanka aid effort. The united Nations Human Rights Council has offered support to Sri Lanka's humanitarian efforts as it recovers from its war with Tamil Tiger rebels) යනුවෙනි.

අල් ජසීරා රුපවාහිනිය තවදුරටත් උත්සාහ කරන්නේ ඔවුන් මවා පෑ තත්ත්වය ඉතා කුට ලෙස වසා ගැනීමටය. අසත්‍යයෙන් සත්‍ය යටපත් කළ නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතු කාලය එළඹ ඇත. භාෂාව මිනිස් සිතේ පිළිබිඹුවකි. අල් ජසීරා රුපවාහිනිය මෙම අවස්ථාවේ යොදා ගන්නා භාෂාත්මක යෙදුම් ඥානාන්විත ලෝකයාට ඔවුන් පිළිබඳ යථාවබෝධයක් ලබාගැනීමද හේතුවන්නකි. මෙම භාෂාත්මක ක්‍රීඩාව වැඩිදුර අල් ජසීරාවට පවත්වාගෙන යෑම කළ නොහැක්කකි. බොහෝ දෙනෙක් අල් ජසීරාව අරාබි ලෝකයේ හඬ ලෙස වරදවා තේරුම් ගෙන ඇත. අල් ජසීරාව වෙනත් මුහුණුවරකින් පෙනී සිටින සුද්දන්ගේම හඬකි. එය මාධ්‍යමය ජාවාරමක් ලෙසද හැඳින්විය හැක.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඩේවිඩ් මිලිබෑන්ඩ් අතර වු සංවාදයේදී මාධ්‍ය තුළින්ම ඩේවිඩ් මිලිබෑන්ගේ කුදු බව වෙසෙසින් ප්‍රදර්ශනය විය. එංගලන්තයේ පළවන පුවත්පත් හා මාධ්‍ය මගින්ම මිලිබෑන්ඩ් රට මෝඩයකු බවට මේ වන විට හුවා දක්වයි. වොල්ස්ට්‍රීටි ජර්නල්, ලොස් ඇන්ජලීස් ටයිම්ස් වැනි පුවත්පත්, හමුදාවේ මෙම විජයග්‍රහණය දක්වා ඇත්තේ ප්‍රසංශනාත්මකවය. එය යථාර්ථයේ ජයග්‍රහණයක් වශයෙන් හුවා දැක්වේ. මාධ්‍ය ඉතිහාසය ලිවීමේදී ද මෙය යථාර්ථයේ ජයග්‍රහණයක් හා බටහිර ත්‍රස්තවාදය හා මාධ්‍ය කුමන්ත්‍රණ පැරද වු වෙසෙසි අවස්ථාවක් හැටියට රන් අකුරින් ලියවෙනු නියතය.

සුනිල් සරත් පෙරේරා

(දිවයින_09/06/02)

පසුවදන_මේ ලිපියේ වැදගත්කම් කිහිපයකි. පළමුවැන්න අප යුද්ධ කළේ හුදු කොටි ත්‍රස්තවාදය සමග පමණක් නොව කොටි යොදාගෙන බළලුන් ලවා කොස් ඇට බෑවීමට පෙළ ගැසුණු බටහිර බලවේග සමග බව ය. එක් අතකින් මේ ජයග්‍රහණය ඒ සියලු සතුරු පෙරමුණු පරදා ලද ජයෙකි. බටහිර විසින් ලොව බිහිසුණු ම ත්‍රස්ත සංවිධානය යයි බෞතීස්ම කරන ලද කොටි ද කොටින්ට වඩා බිහිසුණු බටහිර මාධ්‍ය ත්‍රස්තවාදය ද අපි පරාජය කළෙමු. අප රටක් ලෙස කුඩා වුව ද එකට එකතු වූ විට කළ නොහැක්කක් අපට නැත.

4 comments:

Ramachandra said...

වගකීම් සහගත මාධ්‍ය මෙහෙවර සදහා අල් ජසීරා වැනි මාධ්‍ය ලංකාවේ ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය ආදර්ශයට ගන්නේ නම් මැනැවි

නාමල් උඩලමත්ත said...

ඇයි මොකද ඒ දෙක විතරක්. දෙරණ ස්වර්ණවාහිනි කියන පෞද්ගලික මාධ්‍ය දෙකත් ඒ අයට ආදර්ශයට ගන්න හොඳයි. මේ අය ත්‍රස්තවාදය හමුවේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළේ නැහැ. ඔය ලෝක මාධ්‍ය තලීබාන්ලට එක හැන්දකින් කොටින්ට තව හැන්දකින් බෙදුවේ.

මේ සුළු දේ තේරුම් ගන්න සමහරු කම්කරු විප්ලවය වන තුරු බලා ඉන්නවා. සමහරුන්ට මේ ආණ්ඩු කරන හොඳ දේවල් හොඳ නැහැ. මොකද මේ ධනපති ආණ්ඩුවක්නේ අප්පා. නරකද වික්‍රමබාහු සහෝදරයාගේ ත්‍රිවීල් එකට නැග්ග නම්. ඉක්මනට කම්කරු රාජ්‍ය බිහි කරගන්න තිබුණා.

Anonymous said...

නාමල්, රාමචන්ද්‍රගේ අදහසට පිළිතුරු දීමෙන් පලක් නැහැ. මන්ද යත් කිසි දිනෙක ඔහුට යටත්විජිතවාදී මනසින් එළියට පැමිණීමට නොහැකි නිසා. යථාර්තය කොතෙක් පැහැදිලිව පෙනුනත් ඔහු කිසි දිනෙක එය පිළි ගන‍්නේ නැහැ. තමාගේ අදහස පමණක් සත්‍ය යැයි සිතින් සිතාගෙන සිටින පුද්ගලයන් හට අප අනුකම්පා කළ යුතුයි. ඔහු මෙහි දී ජාතික රූපවාහිනිය හා ITN ගැන පවසන්නේ කුහක කමටයි. බෙදුම්වාදය කරපින්නාගෙන සිටින මෙවැන්නන් කිසි දිනෙක යථාර්තය අවබෝධ කර ගන්නේ නැහැ.

Ramachandra said...

@නාමල්-ඇයි සිරස?ගිනිගත්තට පස්සෙ එයාලත් දෙබිඩි ප්‍රතිපත්තියෙන් අයින් වුනානෙ:)
අල් ජසීරා බෙදුම්වාදයට පක්ෂයි කියන අදහස ව්‍යාජයක්.පුද්ගලිකව මම අල් ජසීරා ප්‍රවෘත්ති follow කල අයෙක්.ප්‍රශ්නයේ හැම පැත්තක් ගැනම එයාල හොයාබලන්න උත්සාහ දැරුවා.ආන්ඩුවේ වගේම කොටි සංවිධානයට හිතවත් අයගේ voice cuts ඔවුන් පලකලා.

http://www.youtube.com/watch?v=Xxu1FQetSp4&feature=PlayList&p=BFC6378E39601F18&index=0

ඔන්න සාක්ෂි.මේ කරුනාත් සහභාගි වන අල් ජසීරා discussion එකක්.මාධ්‍යක් විදිහට හැම පැත්ත ගැනම අවධානය යොමු කරන එකේ වරදක් තියනවද?ආන්ඩුවේ නිල ප්‍රකාශ විතරක් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උපු‍ටා දක්වන එක විතරද මාධ්‍යයකින් කෙරෙන්න ඕනෙ?ලෝක පූජිත මාධ්‍යවෙදීන් වන ඩොනල්ඩ් වුඩ්ස්ලා,වෝ‍ටර්ගේට් සිද්දිය හෙලිකල මාධ්‍යවේදින් කටයුතු කලේ හුදෙක් රජයේ ප්‍රකාශ උපුටා දක්වන්නන් විදිහටද?
හිතල බලන්න කැමති නම් සද්භාවයෙන් අදහසක් දෙන්නම්.යතාර්ථය කියන එක සරල රේඛීය නැහැ.ඒක පැති ගොඩක එකතුවක්.හැබැයි අපි හැමවෙලාවෙම කැමති අපිට "පෙනෙන" පැත්ත පමනක් සත්‍යය කියල සලකන්න.නමුත් හැමවිටම ඒක ‍එහෙම නෙමෙයි.
උ/නැ සිවිල් යුද්ධයේදී කොටි ප්‍රහාර වලින් වගේම හමුදා ප්‍රහාර වලිනුත් සිවිල් වැසියන් මිය ගියා.වඩා විශ්වාසදායක ප්‍රවෘත්තිය වෙන්නේ සිවිල් ජනයාගේ මයිල් ගහකටවත් මුකුත් නොකර ත්‍රස්තවාදය නැති කලා කියන ITN ප්‍රවෘත්තියද?දෙපාර්ශවයේම ප්‍රහාරවලින් මිනිසුන් මිය ගියා කියන Al jazeera ප්‍රවෘත්තියද?
විශ්වාස කල යුත්තේ අවතැන් කදවුරුවල ඉන්න දහස් සංඛ්‍යාත ජනී ජනයා මාර ආතල් එකේ ජනාධිපතිතුමාට ස්තුති ගී ගයමින් ඉන්නවා කියන ITN ප්‍රවෘත්තියද?එම ජනයාට ප්‍රශ්න තියනවා ඒ ජිවිතය දුෂ්කරයි කියන අල් ජසීරා ප්‍රවාත්තියද?
අපි කැමති ඒ මිනිස්සු ජොලියෙ ඉන්නව කියල හිතන්න.නමුත් ඇත්ත ඊට වෙනස්.ඒකෙ වෙන පැත්තකුත් තියනවා.කවුරුහරි ඒ අපි දකින්න "අකමැති" පැත්ත පෙන්වලා දුන්නම බෙදුම්වාදයා,කොටියා කියල කෑගහන එක ලේසියි.හැබැයි මුග්ධයි.

ප.ලි-වික්‍රමබාහු හා කම්කරු රාජ්‍යය ගැන කතාව මට අදාල එකක් නෙමෙයි.ඒක මට එපා.ඒ නිසා ඔබම බාරගන්න.අපේ දේශපාලනය ගැන අවබෝධයක් නැතිව කතා නොකර මදක් අපිටත් ඇහුම්කන් දුන්නොත් නරකද?

 
සිය රට දේ සිරි සැප දේ !