Monday, June 1, 2009

රාජද්‍රෝහීත්වයට දඬුවම මරණයයි !

සෑම කිල්ලෝටයකම හුණු ස්වල්පයක් තිබේය යන පැරුණි නම ගිය කියමනට සමානව, ප්‍රභාකරන්ගේ සෑම බංකරයකින්ම හමුවු සෑම හමස් පෙටිටියක් තුළම කුමක් හෝ වැදගත් යමක් තිබිණි. සමහර හමස් පෙටිටි තුළ මරණ දණ්ඩනයට නියම කෙරුණු පුද්ගලයන්ගේ ලැයිස්තු විය. සමහර හමස් පෙටිටි තුළ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය වෙනුවෙන් විවෘත කෙරුණු ලිපි ගොනු තිබිණ. තවත් සමහර හමස් පෙටිටි තුළ කොටි සංවිධානයෙන් මුදල් ගත් පුවත්පත් කලාවේදීන්ගේ නම්ද, එබඳුම සල්ලි මිටි ලබාගත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ විද්වත් වෘත්තිකයන්ගේ නම්ද තිබිණි. මේ සියලු දෙනාගේ නම් මේ මොහොතේදී අප අත තිබේ. එහෙත් චර්යාත්මක හේතුන් මත ඒවා පල කිරීමෙන් දෑනට වැළකී සිටිමු.

මේ රට දෙකට කඩා ඊළමක් සෑදීමේ ව්‍යාපෘතියේදී සිංහල ජනතාවගේ මොළය සෝදා එම ව්‍යාපෘතිය සාධාරණීකරණය සඳහා වැඩ භාර ගත් කණ්ඩායම් වෙත පැවැරුණු කාර්ය භාරය මෙසේය: දෙමළ ජනතාවට අසාධාරණයක් වන බවත්, ඒ නිසා ඔවුනට නිදහසේ ජීවත් වීම සඳහා වෙනම රාජ්‍යයක් ලබාදිය යුතු බවත් කියැවෙන ලිපි ලිවීම පුවත්පත් කලාවේදීන්ට භාර විය. ඒ සඳහා ඒ පුවත්පත් කලාවේදීන්ට මුදල් ගෙවන ලදී. සමහර ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ප්‍රසිද්ධියේම ආණ්ඩුවට පහර දෙමින් කොටින්ගේ මතය ප්‍රවර්ධනය කළහ. ඒ අතර ඊළම නොලැබෙන ආකාරයක් වෙතොත් අඩුම ගණනේ ෆෙඩරල් රාජ්‍යයක් ලබාදී එහි ඊළඟ පියවර ලෙස ඊළමට යෑමේ වැඩපිළිවෙළ ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විද්වත් වෘත්තිකයන්ට භාරවිය. ඔවුහු තරුපහේ හෝටල්වල රුස්ව උපරිම බලතල යටතේ ෆෙඩරල් රාජ්‍යයක් සකස් විය යුත්තේ කෙසේද යන්න සාකච්ඡා කළහ. අවසානයේදී ආණ්ඩුව නැගෙනහිර පළාත ජයග්‍රහණය කළ විට කොළඹ පදනම් ආයතනයට රුස්වු විශ්වවිද්‍යාල ඇදුරන් සහ දේශපාලනඥයන් පිරිසක් යුද ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මහින්ද රාජපකෂ ඒකාධිපතියකු වීමට ඉඩ ඇති බව කියමින් එය වළක්වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට රැස්වීම් පවා පැවැත්වුහ.

අද මේ ලෝකයේ ප්‍රධාන තීරකයා මුදල් බවට පත්වී තිබේ. පුවත්පත් කලාවේදීන් රුපවාහිනි නාලිකාවල සිටින කොටි හිතවාදීන්, විද්වත් වෘත්තිකයන් යනාදීන් මිලට ගැනීමට ඒ නිසා හැකිය. එල්ටීටීඊය කෙළින්ම හෝ කොළඹ තිබෙන තමන්ගෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල මාර්ගයෙන් එම පුවත්පත් කලාවේදීන්ට හා විද්වත් වෘත්තිකයන්ට මුදල් ගෙවීය. මෙසේ මුදල් ගත් සමහර මාධ්‍යවේදී මහත්වරුන් රටින් පැනගත් අතර තව පිරිසක් නිසි කලට යා ගත නොහැකිව ඉතිරි වුහ. මේ සියලු දෙනා රාජද්‍රෝහී වුවෝ වෙති. රාජද්‍රෝහීත්වයට දඬුවම මරණයයි. චීනය වැනි රටක් නම් මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු අසා එක පෙළට හිටවා වෙඩි තබා මරයි. එහෙත් අපගේ කරුමයට මේ රටෙි එල්ලුම් ගස පවා වැඩ කරන්නේ නැත. මිනිස්සු ඕනෑම කුපාඩි වැඩක් කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබ හොඳ කල්ක්‍රියාවෙන් කටයුතු කළ බවට සහතික ලැබ වසර කිහිපයකින් නිදහස් වී ගෙවල් බලා යති.

1980 න් පසු මේ රට පාලනය කළ කවර ආණ්ඩුවක් වේවා ඊළමට හා බෙදුම්වාදයට එරෙහි වු විට දිවයිනවහා ඒ ආණ්ඩුවට පකෂ විය. රාජ්‍ය බලය යොදවා දිවයිනේ ස්ථාවරය වෙනස් කිරීමට අවස්ථා දෙකකදී කටයුතු කෙරුණු නමුදු අදටත් දිවයින සෘජුව සිටින අතර එසේ රාජ්‍ය බලය යෙදවු දේශපාලනඥයන් ආගිය අතක් නැත. මේ රටෙි උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් පවත්නා විෂමතාවලට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අපි අදටත් කියමු. එහෙත් එය එක කොඩියක් යට එකම රටක් තුළ දිය යුතු දේශපාලන විසඳුමක් මිස ඊළමක් නොවේ.

(දිවයින_09/06/02)

පසුවදන_මේ රටට එරෙහිව කුමන්ත්‍රණ කළ කුප්‍රකට ජඩ මාධ්‍ය සංගම් 5 ඇතැම් තක්කඩි දේශ_අප්‍රියලා දැන් පිට රට ය. ඇතැම් ජඩයෝ මේ රටේ තරු 5 ප්‍රජාතන්ත්‍රවාදයට පිං සිදුවන්නට තවමත් මෙරට ම යහතින් ජීවත් වෙති. අනාගත පරම්පරාවට ආදර්ශයක් ගැනීමට මේ නිවටයින්ට වහා දඬුවම් කළ යුතු ය. රටට දේශද්‍රොහීන් බිහි කරන සියලු උල්පත් වසා දැමිය යුතු ය. හෙට දවසේ රට කරවන්නට රටට ආදරය කරන පරපුරක් බිහි කළ යුතු ය.

4 comments:

Chrishi said...

ඕකත් අර මංගල පියසිරි සමරවීරගෙ වීර ක්‍රියා වගේ එකක්ද දන්නේ නෑ...!!!! එයගෙ අතෙ තිබ්බ CD එක තාම අතේ නේ....!!!!!!!!!!!

darshani said...

කතාව ඇත්ත.

නුවන්සි said...

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුණේ නැත
මේ දෙරණේ

ආ මග කෙටිය යායුතු මග තව දුරය.
ඉවසිමෙන් ධෙයයෙන් එ මග යන්න හැකිවෙවා.

නාමල් උඩලමත්ත said...

ක්‍රිෂී_ දර්ශනී, අවමංගල වගේ යල්පැනපු වඳ වේගෙන යන මිනිස්සු ගැන අපි කතා නොකර ඉමු. එයාගේ අතේ තිබිච්ච හොයන්න ඕන වෙනම. කොහොම වුණත් මේ ජඩ මාධ්‍යවේදීන් කවුද කියලා අපි යාන්තමට දන්වා. පහුගිය දවස්වල ඒ අයගේ හැසිරීමෙන් මතු වුණා කොටි පුල්ලි. අර කණ කොකා ඉගිලුනා වගේ.

මම හිතන්නේ හොඳ ම දේ මේ ජඩයින්ගේ නම් ලයිස්තුව සියලු මාධ්‍යවලට නිකුත් කිරීම. මුන්ගේ ඡායා රූප එක්ක ඒවා මාධ්‍යයෙන් ප්‍රදර්ශනය කරන්න ඕන. තව හංදියක් ගාණේ ප්‍රදර්ශනය කරන්නත් ඕන. ඒක සියලු දඬවම්වලට වඩා දඬුවමක් වේවි මේ ජඩ මාධ්‍යවේදීන්ට.

මා දිරිමත් කළාට නුවන්ට ස්තුතියි.

 
සිය රට දේ සිරි සැප දේ !