Thursday, January 29, 2009

සොල්හයිම්ගේ කිළිනොච්චි සාංකාව!

සොල්හයිම් මෙන් ම පිරපාහරන් ගැන වීර කාව්‍ය ලියන්න බලා සිටින උන් අද ද මෙරට සිටිති. මේ අතර සිටින එක්තරා පුඟුලෙක් සිය බ්ලොග් අඩවියේ නිතර පවසන්නේ තමා සෙසු අයට වඩා වෙනස්, ගලා යන දියේ උඩු ගං බලා පිහිනන අපේ කාලයේ නියම වීරයෙක් බව ය. තමා වැල යන අතට මැස්ස ගහන්නේ නැත. එහෙයින් රට ම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට එකග වුව ද තමා එකඟ වන්නේ නැත. ඒ තමා වෙනස් නිසා ය. මේ කතාව අසන අපට සිහි වන්නේ නිල් බාල්දියකින් නැහැවුණු නරියාගේ කතාව ය. ඌ සෙසු නරින්ගේ පාට නොවන නිසා රජකමට සුදුසු යයි සිතූ බවත් ඒ සිතුම් උගේ විනාශය ඉක්මන් කළ බවත් එහි පැවසේ.

අප එරෙහි විය යුත්තේ සමාජයට විනාශකාරී දේවලට ය. පවතින සමාජයේ හැම දේට ම එරෙහි වීම වඳ වී යාමේ ලක්ෂණයකි. අද යුද්ධයට එරෙහි වෙමියි ඊනියා ප්‍රබුද්ධත්වයක් ආරෝපණය කර ගන්ට වළි කන මේ නාම්බන් රැළ පෙර රජයන් ගෙන ගිය ඊනියා සාම ප්‍රෝඩාවට එරෙහි වූවන් නොව ඊට ආ වැඩු නිවටුන් ය. අද උන්ගේ සාම ව්‍යාපාරය අසාර්ථක වී ඇත. ලෝක ත්‍රස්තවාදයේ ඉතිහාසය නැවත ලියන්නට අප වීරෝදාර රණ විරුවන් සමත් වී ඇත. අප ඒ ගමන ශක්තිමත් කරනු විනා මතවාදී වශයෙන් පැරදී සටන් පාඨ සොයන කොටි හොරිකඩයින්ට කන් දිය යුතු නැත.දැන් අපි කතුවැකියට යොමු වෙමු.

සතුරකුට වුවද විපතක් සිදු වු විට එයින් සතුටු වීමේ කුරිරු මානසිකත්වයක් අපට නැත. එහෙත් රටක් බියගැන්වු ජනඝාතක, ජන පීඩක නරුමයකුට අත්වන විනාශය ගැන නම් අප තුළ කවර හෝ කම්පාවක්, සංවේගයක් ඇති නොවන බව ද කිව යුතුය.

දැන් මුලතිව් වනය තුළ සැඟවී, සිය බිහිසුණු විනාශයේ මරණීය අස්වනු නෙළා ගැනීමට සුදානම්ව සිටින ප්‍රභාකරන්ට හෝ ඔහුගේ මෘග රුළට අත්වන කවර විපතක් වුවද රටට ශාන්තියක් ලෙස මේ රටේ බහුතර ජනතාව කල්පනා කරති. දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් මිනී කඳු ගැසු ෆැසිස්ටිවාදී කොටි සංවිධානය සමුල ඝාතනය වනු දැකීම ඒ ජනතාවගේ පරම පැතුම වී තිබේ. එහෙත් ප්‍රභාකරන් බේරා ගැනීමට සෘජුවම ඉදිරිපත් වීමට තරම් විලිලැ:ජා නැති ධෛර්යවන්ත භාවයක් නෝර්වේ රජය ප්‍රදර්ශනය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අධීකෂණය යටතේ අන්තර් ජාතික නිරීකෂක කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට එරික් සොල්හයිම් උත්සාහ කරයි. එහෙත් රජය ඔහුගේ ඉල්ලීම ප්‍රතිකෙෂ්ප කර තිබේ. ප්‍රභාකරන් හුරතල් කිරීමේ නෝර්වේ පිළිවෙත ගැන අපි මෙයට පෙර ද ලියා ඇත්තෙමු.

නෝර්වේ ඇතුළු බටහිර රටවල සෙවණැලි යටින් නැඟී සිටි බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය භාරය කුමක්දැයි හමුදාව විසින් අල්ලා ගන්නා ලද කිළිනොච්චිය ඇතුළු මුලතිව් ප්‍රදේශ වලින් ද දැන් හොඳටම තහවුරු වී තිබේ. මේ සියල්ලෝම නිරුවත් වානර රුළක් බව සැඟවිය නොහැකිය.

මුලතිව් හි කොටු වී සිටින දෙමළ වැසියන් ගැන කතා කිරීමට සොල්හයිම් මහත්තයලාට තිබෙන අයිතිය කුමක්ද? තමිල්නාඩුවේ සිට බොරුවට තප්පුලන කරුණානිධි ඇමැතිවරයා මෙන් සොල්හයිම් මහත්තයා ද තවමත් කොටි වලිගය අතහැරීමට සුදානම් නැති බව පෙනේ.

ඉන්දියාවේ විදේශ ඇමැති ප්‍රනාබ් මුකර්ජි මහතා නම් අද මේ රටේ සිදු වන්නේ කුමක් දැයි නිශ්චිතවම දැනගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපකෂ මහතා සමඟ සාකච්ඡා කර මෙම අර්බුදය විසඳීම සඳහා අපට සහාය දෙන බවට ප්‍රකාශයක් ද ඔහු කර තිබිණි.

සොල්හයිම් මහත්මයාණනි, අන්න නියම මහත්වරු. කවුරු කෙසේ කීවත් සිහි බුද්ධියෙන් සියල්ල බලා තේරුම් ගැනීම මහත්වරුන්ගේ ගුණයකි. සොල්හයිම් මහත්තයාට කිළිනොච්චිය ගෙදර වාගේ විය හැකිය. ඒ කාලයේ කොළඹට පැමිණ කිළිනොච්චි ගිය ගමන් බිමන් ගැන ද උන්නැහේට මතක් වනු විය හැකිය. බාගවෙලාවට උන්නැහේට කිළිනොච්චිය ගැන සාංකාවක් ද ඇති වී තිබෙනු විය හැකිය.

කිළිනොච්චියට ගොස් එහි තතු දැක බලා ගැනීමේ ස්වාභාවික කුතුහලයක් ඔබට තිබේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් විශේෂ අවසරයක් ඔබට ලබාගැනීම අසීරු නැත. දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔබ සැබැවින්ම ක්‍රියා කරන්නේ නම් ඊට වඩා කාර්යභාරයක් ඔබට තවමත් කළ හැකි යැයි අපි සිතමු. ඔබ කළ යුත්තේ එකම එක දෙයකි. එනම් මුලතිව්වල හිරවී සිටින දෙමළ ජනතාවට එයින් පිටවී යෑමට ඉඩ දෙන්නැයි ඔබේ සන්මිත්‍ර වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රභාකරන්ගෙන් ඒ ඉල්ලීම කළ බව සමහර විට ඔබ දැන සිටිනු ද විය හැකිය. අනේ මහත්මයාණනි, ඔබේ මිත්‍රයා ප්‍රභාකරන් තවමත් ඒ ඉල්ලීමට එකඟ වී නම් නැත. ඔහුගේ ෆැසිස්ටිවාදී සගයෝ තවමත් මුලතිව් වලින් පිටවී එන දෙමළ ජනතාවට වෙඩි තබති.

මුලතිව් ජනතාව කොටි අත්අඩංගුවට පත්ව සිටින බව වසන් කිරීම සඳහා කෙරෙන ව්‍යාජ ප්‍රචාර ද බොහෝය. ආරකෂක හමුදා සිවිල් ජනතාවට මෙන්ම ගිලන් රථවලටද වෙඩි තබන බව සඳහන් පුවත් ද අන්තර්ජාලයට එක්කර තිබෙන බවද ඇත්තය. එහෙත් ඒ ප්‍රභාකරන්ගේ ගජ මිතුරන්ගේ අමුලික බොරු බව ඉන්දියාව ද තේරුම් ගෙන ඇත.

කෙසේ වුවද ප්‍රභාකරන් ගැන වීර කාව්‍යයක් ලිවීමට බලා සිටි අයට දැන් ඉතිරිව ඇත්තේ සිය මහා වීරයා ගැන ඛෙදාන්ත රචනාවක් ලිවීමටය. තවම වීරයා මැරිලා නැති බව ඇත්තය. එහෙත් මරණයේ සෙවණැල්ල යට වීරයාත් වීරයාගේ මාරයෝත් සිය ඉරණමට මුහුණ දීමට සුදානම්ව සිටිති.
(දිවයින-09/01/30)

13 comments:

Liberal Lanka said...

what is the use of writing to solheim in sinhala?

නාමල් උඩලමත්ත said...

ඔබ කසාපබ්බතේ ඉංගිරිසියෙන් ලියන්නේ ඇයි? පෙරමුණේ රාළ ගමේ බයියෙකි. හද්ද පිටිසර ගමකින් කොළඹ ආ මට ඉංගිරිසි බැරි ය. ඒත් යන්තම් සිංහලෙන් වැකියක් ගැට ගසා ගත හැකි ය. එහෙයින් සිංහලෙන් ලීමි. මෙය සොල්හයිම් ඉලක්ක කර ලියුව ද එමගින් රටට එරෙහි සියලු බලවේග සංකේතවත් වේ. එහි අරමුණ සොල්හයිම් ඇමතීම නොව අපේ මිනිසුන් දැනුවත් කිරීමයි. ඔවුන් සවිබල ගැන්වීමයි. විරෝදාර රණ විරුවන් අපෙන් ගිලිහි ගිය අභිමාණය රටට යලි ලබා දුන් කල ධවල කොටින්ට අප ලියන්නේ කුමට ද? හොරාගේ අම්මගෙන් පේන අසා කුමට ද?

Anonymous said...

උබෙ කටට කහවනු 55555000 දනවා වටිනවා සමහරු තමන් වෙනස් කියලා පෙන්නන්න බත් කැම ඒපා කියලා ගු කනවා

නාමල් උඩලමත්ත said...

ඒකත් මුන්ට කරන්න බැරි කමක් නෑ පුතෝ. 'ලංකාවේ ප්‍රධාන ආහාරය බත්' 'හැම එකා ම බත් කනවා' 'ඒ නිසා අපි බත් කන් නෑ' 'අපි --- කනවා' කීවොත් මම නම් පුදුම වෙන් නෑ.

මුන්ට පෙන්නන්න ඕන අපි හරි ප්‍රබුද්ධයෝ. අපි සුද්දා වගේ කියලා. ඇත්තට ම මුන් විරුද්ධ යුද්ධයට නෙවෙයි. යුද්ධය ඉවර කරනවට. යුද්ධෙ ඉවර වුණොත් මුන් මතවාදී වශයෙන් පරාදයිනේ. පරාදය පෙනි පෙනිත් නරිවාදන් දොඩන්නේ ඒකයි.

අනෙක අපි හරි ස්වාධීනයි කියන මුන් හැම විට ම රටේ ද්‍රොහී බලවේගවලට ආ වඩනවා. උන්ගේ කිරිජ්ජ පල්ල අත ගානවා. රට ගැන හිතන එකාට වර්ගවාදියා කියනවා. මේ අයගේ දෙමාපියන් ජාත්‍යන්තරවාදීන් නිසා හොඳා.

anonymous blogger said...

රට හාවො නැතිනම් හාල් කෑලි කියලා හඳුන්වන්නෙ මේ වගේ මෝඩයින්ව තමා. කැපී පේන්න කරන දේවල්, ඒ මදිවට හතුරොත් ඉන්නවලු, අස්වසන්න කඳුලු පිහිදාන්න ලේන්සු තියගෙන ඉන්න කට්ටියකුත් ඔය හාවාගෙ (හාවන්ට අපහස කරනවා නොවේ) බ්ලොග් එකේ සැනසිලි පද ලියනව.

කොහොම උනත් කතාවෙ හරය මේකයි. >> ඔය පුද්ගලයගේ තර්ක බිඳින එක ලේසියි, මොකද තර්කයක් නැති කතා කියන නිසා. නමුත් ලියන කමෙන්ට් මකනවා, එතකොට නිකම්ම ඉතිරිවෙන්නෙ ඔහුගෙ පොර ටෝක් විතරයි.
කාට කියන්න ද කිව්වලු,.
සිරසට ගහපු වෙලාවෙ ලතෝනි දිදි ඇඩුවෙ ත් ඔය හාවා තමා

නාමල් උඩලමත්ත said...

මම හිතන්නේ අපි ඔය කොටි අඩවිවලට යා යුතු නැහැ. මිනිහා පස්සේ ගණන් හදලා කියනවා. මට මාර ප්‍රතිචාර තියෙන්නේ කියලා. රටේ හැමෝ ම ඇඳුම් ඇඳලා පාරේ යද්දි මූ හෙළු වැල්ලෙන් දුවනවා දැක්ක ම කවුරුත් බලනවා තමා. ඒක මූට තේරෙන් නෑ. (මූ හිතන්නේ ම පොර කියලා. අපේ අහල ගමක ඔලු දෙකේ එලුවෙක් උපන්නා. බොහෝ අය ඌ බලන්න ගියා. මොකද මේක විකෘතියක්නේ.)

ඒවට ගිහින් තමා උන්ගේ අදහස් බලන්න ඕන කියලා හිතෙනවා නම්, ඊට විරුද්ධව තමන්ගේ අඩවිවලම ලියන්න ඒවට විරුද්ධව. අපි කිසිසේත් කොටින්ගේ හෝ උන්ගේ කිරිජ්ජපල්ල අතගාන උන්ගේ ප්‍රතිරූප ගොඩනගන්න උදව් විය යුතු නැහැ.

උන්ගේ කතාවල ඇති තර්කයක් නැහැ. එක ම තර්කය කොටි හරි හොඳයි. උන්ට කඩේ යන උනුත් හොඳයි.ඒත් උන්ට විරුද්ධ උන් ජාතිවාදියෝ. වර්ගවාදියෝ කියන එක. ප්‍රභාකරන් කියන්නෙත් ඔය ටිකමයි. ඉතින් මොන තර්ක ද?

Wiz Kun said...

කොටි ෆැසිස්ට් වාදී යයි කීමෙන්ම ඔබේ දැනුමේ පටු බව පෙනෙනවා..!

දැන් මේ යුද්ධය කරගෙන යන්නේ "භූමිය නැවත ලබාගැනීම"ටයි. නමුත් භූමිය අයත් කර ගැනීමෙන් පමනක් මතවාදයක් පරාජය කිරීමට නොහැකියි. කෙසේවෙතත් භූමිය නැවත ලබා ගැනීම මේ ක්‍රියා වලියේ ඉතාමත් අපහසුම කටයුත්ත බව පිලිගන්න වෙනවා. භූමිය නැවත ලබාගත් පමනිනම ලංකාවේ ප්‍රශ්නය විසඳිය නොහැකියි...

නාමල් උඩලමත්ත said...

මට ෆැසිස්ට්වාදය ගැන කියා දුන්නාට බොහොම පිං. ඔය ලොකු ලොකු වාද ඉගෙනගන්න කලින් ලිපියක් බලන්න පුරුදු

වුණොත් හොඳා! එම වදන යෙදී ඇත්තේ දිවයින කතු වැකියේ බවත් අප කර ඇත්තේ එම ලිපිය විවරණයක් සහිතව

කසාපබ්බතයේ පළ කිරීම බවත් තේරුම් ගැනීමට මගේ උගත් ගුරුතමාට නුවණ පහළ වේවා!

ෆැසිස්ට්වාදී යන්න මෙහි ඒකාධිපතියා, ජන ඝාතකයා යන අරුතින් යොදා ඇත. ඉතාලියේ බෙනිටෝ මුසොලිනීගේ

පාක්ෂිකයා යන අරුතින් එහා ගිය අර්ථයක් එම වචනයට භාවිතය විසින් ලබා දී තිබේ. එහෙත් ඇතැම් පරයින් මෙන් 'දිවයින

කතු තුමා' කොටියාට විමුක්ති කොටියා යයි නොපැවසීම ගැන අපි සතුටු වන්නෙමු. කොටියා ම්ලේච්ඡ මිනි මරුවා ය.

ත්‍රස්තවාදියා ය.

ශ්‍රි ලංකා රජයේ හමුදා භූමිය දිනා දෙන අතර, රජය ජනතාව දිනා ගැනීමට සමත්ව ඇත. නැගෙනහිර පාලනය ඊට නිදසුනකි.

කොටියාට එරෙහිව යාපනේ ජනතාව පෙළපාලි යාම ද ටී.එන්.ඒ. කොටි අද වව්නියාවේ සහ ත්‍රිකුණාමලයේ අද කැඳවූ

හර්තාල අසාර්ථක වීමෙන් ද එය ම සනාථ වෙයි.

භූමිය ලබා ගත් පමණින් ප්‍රශ්නය විසඳිය නොහැකි යයි අද බයිලා ගහන වුන් ඉස්සර කීවේ වෙන බයිලාවකි. ඒ කොටියා

පැරදවිය නොහැකි බව ය. උන් සමඟ සාම සාකච්ඡා කළ යුතු බව ය. මේ රට නව වතාවක් අපාගත කිරීමට මේ අය ද සම්මාදම් විය.

අනෙක් අතට භූමිය 'නැවත ලබාගත් පමණින් ම ලංකාවේ ප්‍රශ්නය විසඳිය නොහැකියි...' යන්නෙන් ධ්වනිත කරන්නේ රජය බලය බෙදීමකට යා යුතු බව ය. අපට පැවසීමට ඇත්තේ රණ විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කරගත් මව් බිමේ එත අඟලක්වත් වාර්ගික පදනමින් නොබෙදිය යුතු බව ය. එය නැවත බෙදුම්වාදය පෝෂණය කිරීමකි. බෙදුම්වාදය යුද පෙරමුණේ මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ද පැරැද විය යුතුම ය. මව් බිමේ නිදහස ඇත්තේ එහි ය. එම අර්ථයෙන් ගත් විට භූමිය නැවත නිදහස් කර ගත් පමණින් ප්‍රශ්නය නොවිසෙඳන අතර සියලුම ආකාරයේ බෙදුම්වාදී ව්‍යාපාර පරාජය කළ යුතු ය.

ප්‍රශ්නයට විසඳුම එය ද? බෙදුම්වාදය පැරදවීම පමණක් ද? නැත. කොලඹ අශ්‍රිත නගරවලට සීමා වී ඇති බටහිර පන්නයේ විකෘති සංවර්ධනය වෙනුවට අපේ ම වූ සංවර්ධන ක්‍රමවේදයක් නිර්මාණය කර ගත යුතු ය. ඒ ඔස්සේ සංවර්ධනය රටේ උතුරු දකුණු ගම් නියං ගම් දක්වා ව්‍යාප්ත කළ යුතු ය. එම සංවර්ධනයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ලබා දිය යුතු ය. අද අවසන් හුස්ම හෙළන කොටි ත්‍රස්තවාදයත්, දකුණේ 71 සහ 89 හටගත් කැරලිත්, වහා පැරදවිය යුතු බෙදුම්වාදයත් නැවත මෙම පොළවේ නූපදින්නට ප්‍රත්‍යක්ෂ විසඳුම එයයි.

anonymous blogger said...

@ Wiz Kun,
ෆැසිස්ට් වාදය කියන්නේ නාසි වාදයේ මුසොලීනියානු මුහුණුවර (ඉතිහාසයෙන් බිඳක්).
මෙතන ප්‍රශ්ණය සියල්ල දත් වීමට ඔබ අන් අයගේ දැනුමෙ පටුබව උලුප්පන්න ගොස් "කැපී පෙනෙන්න ට්‍රයි කරල පෙනී කැපෙන" තත්වයට පත්වීමයි.
මතවාදය ? කොටි කියන්නෙ දෙමළ ජනයාගෙ ඒකීය පාලකයන් කියන එකද? ඒක හින්ද වෙන්නැති කොටි අනිත් සංවිධාන දියකර හැර ඒවාහි නායකයන් ඝාතනය කලේ. කරුණා සහ නැගෙනහිර පාලනය ඔබගෙ තර්කයට ඔබ්බෙන් තිබෙන නිසා ඒක ගැන කතාකරන්න කැමති නැති ව ඇති.
අනේ කොල්ලො, කව්ද බොට ඔය බෙලෙක්කඩේ තර්ක ඉගැන්නුවෙ???

Wiz Kun said...

මොකක්ද ඉතින් කියන්න තියෙන්නේ. යුද්ධේ හොඳයි කිව්වොත් ඉතින් මමත් හොඳ කොල්ලා වෙනවා නේද...

ඔය ගැන ඉතින් කියලා වැඩක් නැහැ, බලමුකො, කවදා හරි ලංකාවට හොඳක් වේවි. හැමෝම ඉතින් කියන්නේ යුද්දේ හොඳයි කියලා, මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ, බහුතරයේ කැමැත්තට අනුව තමයි පාලකයෝ පත් වෙන්නේ. (හැබැයි ඒ පාලකයාට "ප්‍රජාතන්ත්‍රවාදය" වචනයවත් හරියට උච්චාරනය කරන්න පුලුවන්ද...)

පාලකයාගේ කැමැත්තට තමයි ඉතින් යුද්ධේ වෙන්නෙත්. රටේ බුද්ධිමත් මිනිස්සු ඉන්නවානම් බුද්ධිමත් පාලකයින් පත් කර ගනීවි, එතකොට රටටත් හොඳක් වේවි, සංවර්ධනය වේවි. බලමු...

Anonymous said...

අනෙ පල පල බුරූවා

නාමල් උඩලමත්ත said...

ෆැසිස්ට් යන වදනට ඉතිහාසයේ භාවිතය විසින් එහි මූලාර්ථය ඉක්මවා යන අර්ථයක් ලබා දී ඇති බව පෙර ද සඳහන් කළෙමු.
"ෆැසිස්ට්වාදී යන්න මෙහි ඒකාධිපතියා, ජන ඝාතකයා යන අරුතින් යොදා ඇත. ඉතාලියේ බෙනිටෝ මුසොලිනීගේ පාක්ෂිකයා යන අරුතින් එහා ගිය අර්ථයක් එම වචනයට භාවිතය විසින් ලබා දී තිබේ."
සිය මව් බසට වඳ නැති අයට මෙම පැහැදිළි කිරීම ප්‍රමාණවත් යැයි සිතමු.

මම කිසිවෙකුගේ දැනුමේ පටු හෝ පළල් බව ගැන කතා කර නැත. එහෙත් මගේ පටු දැනුම ගැන ඔබ කතා කළේ ය. එහෙත් ඔබ කියන ඇතැම් දේවල් අවබෝධ කරගන්නට මගේ දැනුම මදි බව පේනවා. එක්කෝ ඔබ මම කියන දේ හරියට අවබෝධ කර නොගෙන ලියනවා. මම කරුණාගේ පක්ෂයේ නැගෙනහිර පාලනය ගැන මා පවසා ඇත. එසේ නොපැවසුවේ යයි ඔබ කියන්නේ ලිපිය හරියට නොකිය වූ නිසා නේද?

"මොකක්ද ඉතින් කියන්න තියෙන්නේ. යුද්ධේ හොඳයි කිව්වොත් ඉතින් මමත් හොඳ කොල්ලා වෙනවා නේද..."
යුද්දේ හොඳ යුද්ධයෙන් වාසි ලබන උන්ට ය. යුද්ධය හොඳ අය එය අහවර කරනවාට අකමැති ය. උන් ජීවත් වන්නේ යුද්ධයෙනි. මිනී සුවඳ නැති වාතය උන්ගේ හුස්ම හිර කරයි. මිනිස් ලේ නොවැගිරෙන කල උන්ගේ කුස හොඳින් නොපිරෙයි. උන්ගේ පැතුම අපේ මිනිසුන්ගේ ලේ කඳුලු උරා බී හැමදාම තරවීමට ය.එහෙයින් උන් කැමති හැමදාම මේ යුද්ධය හිඟන්නාගේ තුවාලය කරගෙන ජීවත්වීමට ය. අපි ඊට එරෙහි වන්නෙමු.

අප අපගේ ඥාතීන් යුද බිමට යවා මහත් වේදනා විඳින්නෙමු. දිවා රෑ තැවෙමු. එහෙයින් එම වේදනාව අප අද ද අත්විඳිමු. එකී කටුක අත්දැකීම අපේ ඉදිරි පරපුරට ලබානොදීම අපේ පැතුමයි. එහෙයින් යුද්ධය හොඳ අය අපට හොඳ නැත. එහෙයින් අපි යුද්ධයට විරුද්ධ වෙමු. ඊට වෛර කරමු. ශාප කරමු. ඒ වෛරය කෙතෙක් ද යත් මාතෘ භූමිය ඕනෑ ම වන්දියක් ගෙවා මේ කෲර යුද්ධය ඉවර කළ යුතු යයි පුන පුනා කියමු.

2005 ජනාධිපතිවරණයෙ තීන්දුව ඒකීය රට ආරක්ෂා කරගැනීම ය. 9 වරක් මහ දවල් රට වැටුණු සාම ආගාධයට නැවත රට නොහෙළීම ය. රජය ඒ වඟකීම ඉටු කරන තුරු අපි රජය ආරක්ෂා කරමු. ඊට එරෙහි වනදාට අපි මේ රජයට එරෙහි වන්නෙමු.

මේ රටට අවශ්‍ය නොකැලැල් පරම පිවිතුරු ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය සුරකින නායකයින් නොව රට දියුණුව කරා ගෙන යන එඩිතර දේශප්‍රේමි නායකයෙකි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ පන්නයේ නායකයෙකි. රටෙ සංස්කෘතිය, ජනතා හෟද ස්ඵන්දනය දැනෙන නායකයෙකි. සිය රටේ ජාතික ගීයවත් නොදත් දොන් ජුවන්ලා මගේ රටට අවශ්‍ය නැත.

anonymous blogger said...

ඕං අහං රාළේ, මගේ ප්‍රතිචාරය ඉදිරියේ "@" ලකුණක් තිබෙනවා, ඊට පසුව නමකුත් තිබෙනව, මා අමතා ඇත්තේ ඔහුව යි.
නැවත කියවන්න.

 
සිය රට දේ සිරි සැප දේ !