Wednesday, January 28, 2009

අවසාන කාලේ "ෂෝක් කතා"

මේ දිනවල සිදුවෙමින් පවතින එල්. ටී. ටී. ඊ. පරාජය, අපට එම සංවිධානය පිළිබඳ කතා දෙකක් කියයි.

එකක් නම් එය කොහොමටත් පරදින සංවිධානයක් බවය. අනෙක නම් එය ඇඩ්ඩ්‍රස් නැතිව පරදින සංවිධානයක් බවය.

අපගේ සමහර රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, දේශපාලන විශාරදයන් පමණන් නොව ලෝකයේ බොහෝ ඇත්තන් ද මහා ගිනි මකරා යැයි තමන් බියවී සිටියේ මේ අඟුටු ලොම්බාට නොවේදැයි සිතා දැන් ලජ්ජාවට පත්ව සිටිනවා විය යුතුය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආණ්ඩුවක තත්ත්වය ලබාදීමේ පටන්, එය විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි ප්‍රදේශ නිත්‍යානුකුල රාජ්‍යයක් වශයෙන් පිළිගැනීම දක්වාවු කාරණා ඉදිරිපත් කරමින් සිටි සුවිශේෂ පිරිසකගේ ප්‍රචාරක මෙහෙයුමකට එකී බොහෝ අය රුවටී සිටි බව දැන් පැහැදිලිය.

දැන් ඒ ප්‍රචාරක මෙහෙයුම සම්පුර්ණයෙන්ම නතරවී ඇතැයි මින් අදහස් නොවේ. මෙහෙයුම් ස්වරුපය වෙනස්වී ඇතිවා පමණකි. ඒ මදිවාට එහි සහායට බිහිවු නව මෙහෙයුමක්ද පවතින සැටියෙකි. තොප්පිගල මහසටන කැලෑවක් අල්ලා ගැනීමට කළ සටනක් වශයෙන් හැඳින්වු සහ කිලිනොච්චිය අල්ලා ගැනීම මැදවච්චිය අල්ලා ගැනීමක් වශයෙන් හැඳින්වු ප්‍රචාරක ධාරාවය ඒ.

සියලු බිම්කඩ අහිමිව තමන් වර්ග කිලෝමීටර 300 කට කොටුවී සිටීම එල්. ටී. ටී. ඊ. ය විසින් හඳුන්වා දෙනු ලබන්නේ තාවකාලික පසුබැස්මක් වශයෙනි. ඊට අනුව ආපසුහැරී පහරදීමට එල්. ටී. ටී. ඊ. ය වර්ග කිලෝමීටර් එකකට පමණ කොටු විය යුතුවේ. පෙනෙන විදිහට එය තමිල්නාඩු බයිස්කෝප් සිද්ධාන්තයකි.

ඒ මෙසේය,

හීරෝ හෙවත් බයිස්කෝප් වීරයා හොඳටම ගුටිකමින් ගොස් කුඩාම ස්ථානයකට කොටුවේ. ඔහු තම සියලු බලපරාක්‍රමය විහිදුවන්නේ එතැන් සිටය. ආපසුහැරී නොකඩවා පහර දෙන හේ විසිපහක් කරකවා බිමදමයි. දහතුනක් අහසින් යවයි. දහයක් බිත්තියේ අලවයි. පහළොවක් දෙකට කඩයි.

මෙය යථාර්ථයක් නොව ඊළාම් සංකල්පය බඳුම සිහිනයක් වුවද කැමෆ්ලාජ් ඇඳුමින් සැරසුණු ප්‍රභාකරන් "හීරෝ විරයා" ද කොයි මොහොතක හෝ ආපසු හැරී පහර දෙතැයි යන්න" සමහරුන්ගේ බලාපොරොත්තුවය.

මේ "සමහරු" යනු කවුරුදැයි දැන් අපි හුදීජන පහන් සංවේගය පිණිස ලියා දක්වමු.

1. ඊළාම් සිහිනය මඟින් රවටනු ලැබු ලෝකයේ විසිරී සිටින කිසියම් දෙමළ ප්‍රජාවක්. (එල්. ටී. ටී. යට විශාල වශයෙන් මුදල් එවන්නේ ඔවුන්ය.)

2. එල්. ටී. ටී. ඊ. ය බැලුමක් මෙන් පිම්බු ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවු ස්වෙච්ඡා සංවිධාන ජාලය (අධිරාජ්‍යවාදී බළල් අත්, කකුල්, මොළ, වලිග, ආදිය මෙතුළ තිබේ.)

3. එල්. ටී. ටී. ඊ. බළල් අතක් වු ද්‍රවිඩ ජාතික සන්ධානය

(ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුව කුලප්පු කළේ මේ මහත්වරුය)

ප්‍රභාකරන් අත්අඩංගුවට පත්වුවහොත් මේ සියල්ලෝම මෙසේ කියනු ඇත.

"දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරුවා නිදහස් කරනු"

ප්‍රභාකරන් මරණයට පත්වුවහොත් ඔවුන් මෙසේ කියනු ඇත.

"මේ තාවකාලික මරණයක්"

ප්‍රභාකරන් සහ එල්. ටී. ටී. ඊ. ය පිළිබඳ හාස්‍ය : ඛෙදාන්තයේ අවසාන ජවනිකාව කුමක් වුවත් එය විශේෂ වශයෙන් මේ රටෙි සාමාන්‍ය දෙමළ ජනතාවගේ විමුක්තියක් බවට පත්විය යුතුය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත ව්‍යාපාරය සුන්නද්දුලි කිරීමට රජය ගෙනයන මෙහෙයුම් කිසිසේත් දෙමළ ජනතාවට එරෙහිව සිදුවන්නක් නොවන බව ලෝකයාට ඒත්තු ගැන්වීමට රජය දැක්වු සමත්කම අගය කළ යුත්තකි.

ප්‍රජාතන්ත්‍රවාදී සැබෑ දෙමළ ජනනායකත්වයේ සංකේතය වු ආනන්ද සංගරී මහතාණෝ තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි මහතා වෙත ලිපියක් යවමින් මෙසේ කියා සිටියහ.

"මහතාණනි,

ශ්‍රී ලංකාවට පැමිණ මෙහි සිදුවන්නේ කුමක්දැයි ඔබ දෑසින්ම බලාගන්නා ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඇරයුම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් දක්වනු මැනවි..."

එන්න, ඇවිත් බලන්න යැයි අපිදු කරුණානිධි මහතාගෙන් පමණක් නොව මෙතෙක් නිදාසිටි සියල්ලන්ගෙන්ම ද ඉල්ලා සිටිමු.
(දිවයින 09/01/29)

3 comments:

Manoj colambage said...

දෙමළ සංධානයේ ඉන්න කොටි නියෝජිතයන් දේශ ද්‍රෝහීන් සේ සලකා පාර්ලීමෙන්තුව තහනම් කළ යුතුයි.

Anonymous said...

peramune ralage katata kahavanu 5000 danna vatinawa monavaunath mehemath hitanna oni loku edamaka inna ballekuta galakin geheuwoth eka panala yanawa namuth uwa kotowela innakota galakin geheuwoh u kanna paninawa anthima gala gahanakota gahanna oni ballage keli ahulanna

නාමල් උඩලමත්ත said...

මනෝජ්, අද ඉන්දියාවට පැන රට කඩන්න දත කන මේ කොටි රැළ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ දිවුරුම් දී ඇත. සැබෑව නම් එම මන්ත්‍රි ධූර මේ නිසා ඉබේ ම අවසන් වන බව ය. ඔබ කී දේ කිරීමට නීතිමය වශයෙන් ඉඩ ඇත.

rahoocent, ඔබ කියන එක හරියට හරි. අපි හැමෝ ම පරිස්සම් වෙන්න ඕන. වෙනදටත් වඩා සිය දහස්වාරයක් පරිස්සම් වෙන්න ඕන. එහෙම කළොත් වෙන්න තියෙන බොහෝ අවාසනාවන්ත දේවල් වළක්වා ගන්න පුළුවන්. පොදු ස්ථානවල අපි අවදියෙන් හිටියොත් උන්ට කිසිම විනාශකාරී දෙයක් කරන්න බෑ.
ඒ වගේ ම ප්‍රභූවරු අනවශ්‍ය ලෙස ජනතාව අතරට නොපැමිණ සිටීම මහ ජනතාව වෙනුවෙන් කරන ලොකු සේවයක්. ඒ ජීවිතවල ආරක්ෂාව තහවුරු කිරීමක්.

 
සිය රට දේ සිරි සැප දේ !