Thursday, July 16, 2009

දේශපාලන විසඳුම් සහ "පිබිදෙන උතුර"

උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳව රජයේ වැඩි අවධානයක්‌ යොමුව ඇති මේ මොහොතේ උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව ණය යෝජනා ක්‍රමයක්‌ සකස්‌ කර ඇත. "පිබිදෙන උතුර" නමින් නම් කර ඇති මේ විශේෂ ණය යෝජනා ක්‍රමය පසුගිය ජූලි 13 වන සඳුදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ උතුරු පළාතේ සංවර්ධනය සඳහා බැංකු ක්‍රමයේ දායකත්වය ලබා ගැනීමට එදින අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීය. මේ ලිපියේ අපගේ අවධානය යොමු වන්නේ මෙම "පිබිදෙන උතුර" විශේෂ ණය යෝජනා ක්‍රමය සහ උතුර සංවර්ධනය පිළිබඳවයි.

ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්‌ත නඩය පරාජයට පත් කිරීමෙන් පසු උතුර නැගෙනහිර පළාතට සහ එම ජනතාවට දේශපාලන විසඳුමක්‌ ලබාදිය යුතු බවද, බලය බෙදීමක්‌ අවශ්‍ය බවද, 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවට ද නොයෙක්‌ දෙනා නොයෙකුත් කතා කියමින් සිටිති. මේ කතා කියන අය රජය ඇතුළේම සිටින බව ද අපි කවුරුත් දනිමු. සාමය වෙනුවෙන් තවලම් ගිය, සුදු නෙළුම් ව්‍යාපාර කළ, එසේම අද දිනයේ ශ්‍රී ලංකා දේශපාලනය තුළ අවලංගු කාසියක්‌ බවට පත්ව සිටින මංගල සමරවීර ද පසුගියදා ප්‍රකාශ කොට තිබුණේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක්‌ දෙමළ ජනතාවට ලබාදිය යුතු බවයි. සාමය වෙනුවෙන් ඇති තරම් කඩේ ගිය, අද මතවාදීමය වශයෙන් බින්දුවට වැටී ඇති මේ පිරිස්‌ ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් සිතින් දුක්‌ වී සිටින, කඳුළු සලන පිරිසක්‌ බව අප දැනටමත් සඳහන් කර ඇත. රණවිරු විජයග්‍රහණය පාවා දෙන මේ සියලු කතා බහ සහ උත්සාහයන් හමුවේ, මේ ලියුම්කරු කියා සිටියේ උතුර නැගෙනහිර පළාතට සහ එම ජනතාවට ලබාදිය හැකි සහ ලබාදිය යුතු වැදගත්ම දේශපාලන විසඳුම වන්නේ එම පළාතට සංවර්ධනයේ අරුණලු උදා කරදීම බවයි. "පිබිදෙන උතුර" නමින් ශ්‍රීලංකා මහ බැංකුව හඳුන්වාදී ඇති මේ විශේෂ ණය යෝජනා ක්‍රමය උතුර සංවර්ධනය නම් වු අත්‍යවශ්‍ය දේශපාලන විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා බලවත් රුකුලක්‌ වනු ඇති බව අපගේ අදහසයි.

පිබිදෙන උතුර නව ණය යෝජනා ක්‍රමය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ සඳහන් කරයි.

"උතුර පළාත තුළ කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර කටයුතු, ක්‍ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාර යන ආර්ථික කටයුතු යළි නඟාසිටුවීමට උපකාර වන මූලධන ආයෝජනයන් මුල්‍යකරණය කිරීමේ අරමුණින් "පිබිදෙන උතුර" නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවෙහි උතුර පළාතෙහි වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වයෙහි වේගවත් වර්ධනයක්‌ මෙමගින් ඇති විය හැකිය. මෙම ණය ක්‍රමය යටතේ තෝරාගෙන ඇති සහභාගීත්ව ණය දෙන ආයතන මගින් සුදුසුකම් ලබන ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උදෙසා සහනදායි පොලී අනුපාතයකට ණය සපයනු පිණිස ආරම්භයේදී රුපියල් මිලියන 3000 ක මුදලක්‌ වෙන්කොට ඇත.

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියා සහ මුලතිව් යන දිස්‌ත්‍රික්‌ක 05 කින් උතුරු පළාත සමන්විත වේ. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 8290 ක්‌ වන අතර එය දිවයිනේ සමස්‌ත භූමි ප්‍රමාණයෙන් සියයට 13.5 කි. මිලියන 1.3 ක්‌ පමණ වන එහි ජනගහණය ආසන්න වශයෙන් දිවයිනේ මුළු ජනගහනයෙන් සියයට 6 ක්‌ වේ. ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු යළි නඟාසිටුවීම සඳහා උපකාරී වන ආයෝජන අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් සැපයීම මෙම ණය ක්‍රමයේ මූලික අපේක්‍ෂාව වේ. මෙම ණය ක්‍රමය යටතේ ඔවුන්ට නව ආදායම් උත්පාදන මාර්ග ඇරඹීම සඳහා බැංකු ක්‍රමය තුළින් මූල්‍ය පහසුකම් සලසා ගත හැකිය. (ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව).

"පිබිදෙන උතුර" ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත කටයුතු, සත්ව පාලන සංවර්ධන ව්‍යාපෘති, ධීවර කර්මාන්තය හා ඊට සම්බන්ධ කටයුතු, ක්‍ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාර, වෙළෙ¹ම හා වෙනත් ස්‌වයං රැකියා ව්‍යාපෘති සඳහා ණය පහසුකම් ලබා ගත හැකිය. එක්‌ ණයකරුවකුට මුළු ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 90 දක්‌වා ණය පහසුකම් සැපයීමට, අදාළ බැංකු ආයතනවලට හැකිය. තනි ණයකරුවකුට ලබාදෙන උපරිම ණය ප්‍රමාණයේ සීමාව රුපියල් ලක්‍ෂ දෙකකි. මේ ණය මුදල් සඳහා සියයට 12 ක වාර්ෂික පොලී අනුපාතයක්‌ අය කෙරෙන අතර, අදාළ ණය ව්‍යාපෘතියේ ස්‌වරූපය අනුව මාස හයක උපරිම සහන කාලසීමාවක්‌ සහිතව අවුරුදු පහක උපරිම කාලයක්‌ තුළ මේ ණය මුදල් ආපසු ගෙවීමට අවස්‌ථාව හිමි වේ. එක්‌ එක්‌ බැංකුවට තමන් ලබාදෙන ලද ණය මුදල් සඳහා සියයට 6 ක වාර්ෂික පොලී අනුපාතිකයකට යටත්ව ප්‍රතිමුල්‍ය පහසුකම් ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

උතුර සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේදී මේ මොහොතේ වඩාත් වැදගත්ම කාරණයක්‌ වන්නේ ඒ පළාත්වල ජනයාට තමාගේ සුපුරුදු ජීවන වෘත්තීන්හි නියෑලීමට අවශ්‍ය පරිසරය හා පහසුකම් සලසා දීමයි. බොහෝ දෙනකුට මේ සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධන මුදල නොමැති කමේ ගැටලුව පවතී. "පිබිදෙන උතුර" ණය යෝජනා ක්‍රමයෙන් මේ ගැටලුවට විසඳුම් ලබාගැනීමට හැකි වනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. මේ අනුව ආදායම් උත්පාදන මාර්ගයන් අලුතින් ඇරඹීමට හෝ පවත්වාගෙන යන ව්‍යාපාරයන් වැඩි දියුණු කර ගැනීම උදෙසා සුදුසුකම් ලබන ණයකරුවන් වෙත ණය ලබාදීමට අදාළ බැංකුවලට පුළුවන. මෙහිදී ණය ලබා ගන්නා තැනැත්තන්, තමන් ණය ලබා ගන්නා ව්‍යාපෘතියේ මුළු පිරිවැයෙන් සියයට 10 ක්‌ තම දායකත්වය ලෙස සැපයිය යුතු වෙයි. එසේ වුවත් මුදලින් මෙන්ම ද්‍රව්‍යවලින් හෝ තම කළමනාකාරීත්ව හැකියාවන්ගෙන් මෙම දායකත්වය ලබාදීමට ණයකරුවන්ට හැකි බවද මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම ණය මුදල් අදාළ ඉල්ලුම්කරුවන්ට ලබාදීමේදී ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සලකා බලනු ලබයි. ණය මුදල් යොදවන ආදායම් උත්පාදන මාර්ගය හා ණය ගැනුම්කරුගේ තත්ත්වය මත මෙය තීරණය වෙයි. මේ අනුව අදාළ ණය ඉල්ලුම්කරුවන් ද සමග සාකච්ඡා කිරීමෙන් පසු ණය මුදල් සඳහා අපේක්‍ෂා කරන සුරැකුම් පිළිබඳව තීරණය කරනු ලබයි.

ඇත්ත වශයෙන්ම සම්පත් බහුල උතුරු පළාතේ සංවර්ධනයට මේ ආකාරයට බැංකු අංශයේ සහාය ලබාදෙන්නේ නම්, එම පළාතේ ජනතාවගේ ජීවනෝපාය කටයුතු සංවර්ධනය කළ හැකි අතර, ඒ තුළින් උතුරු පළාතේ ආර්ථික ක්‍රියාකාරීත්වය ද ඉහළ මට්‌ටමට පත් කළ හැකි වනු ඇත. මේ සඳහා රටේ බැංකු ක්‍රමයේ දායකත්වය ලබාදිය හැකි ආදායම් උත්පාදන මාර්ග රාශියක්‌ උතුරේ දක්‌නට තිබේ. විශේෂයෙන් කෘෂිකාර්මික අංශයෙන් ගත් කළ, වී නිෂ්පාදනය, රතුළුEනු, මිරිස්‌, මුංඇට සහ රටකජු වගාවත් තවත් වැඩිදියුණු කිරීමටද එසේම ධීවර අංශයේ කටයුතු සහ සංචාරක ව්‍යාපාරය උතුරු පළාත තුළ දියුණු කිරීමටද බැංකු ක්‍රමයට මහත් උපකාර කළ හැකිය. ඒ සඳහා පිබිදෙන උතුර ණය යෝජනා ක්‍රමය වැනි විශේෂ ණය යෝජනා ක්‍රමයක්‌ හඳුන්වාදීම ඉතා වැදගත් කටයුත්තකි. මේ සෑම දෙයකින්ම උතුරු පළාතට සංවර්ධනයේ අරුණලු උදාවීමෙන් එම පළාතේ ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ තත්ත්වයට පත් වනු ඇත. කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ලබාදුන් කැපවීම හා දේශපාලන නායකත්වයම උතුර සංවර්ධනයට ද අවශ්‍යය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සඳහා ද සිය ප්‍රමුඛතාව සහ දේශපාලන නායකත්වය ලබාදෙන බවට කිසිම සැකයක්‌ නැත. සංවර්ධනය නම් වූ මේ දේශපාලන විසඳුම උතුර නැගෙනහිර පළාත්වලටත් එම ජනතාවටත් ලැබෙන විට රණවිරු විජයග්‍රහණය පාවාදෙන ඊනියා දේශපාලන විසඳුම් හෝ බලය බෙදීම් අවශ්‍ය නොවනු ඇත. කවුරුන් මොනවා කීවත් උතුර- නැගෙනහිර ජනයාට අවශ්‍ය වී ඇත්තේ සංවර්ධනය තුළින් ඉහළ ජීවන තත්ත්වයක්‌ ලබා ගැනීමේ දේශපාලන විසඳුම බව අපගේ අදහසයි.

දෙමළ ජනතාවට විමුක්‌තිය ලබා දෙන්නට කියා කොටි සංවිධානයට මුදල් ආධාර කළ විදෙස්‌ගත දෙමළ ප්‍රජාවටද (දෙමළ ඩයස්‌පෝරාවටද) උතුර - නැගෙනහිර ජනතාව යනුවෙන් අවංකව කැක්‌කුමක්‌, ආදරයක්‌ තිබේ නම් අප කියන මේ දේශපාලන විසඳුමට ආධාර උපකාර කළ හැකිය.

සහභාගීත්ව මූල්‍යායතන උතුරු පළාත තුළ බැංකු ශාඛා පවත්වාගෙන යන පහත සඳහන් බැංකු ආයතන මගින් "පිබිදෙන උතුර" ණය පහසුකම් ඉල්ලා සිටිය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
(දිවයින_09/07/16)

පසුවදන_මේ රටේ ඇත්තේ ජනවාර්ගික අරගලයක් නොව සම්පත් නිසි ලෙස බෙදී නොයාම පිළිබඳ ප්‍රශ්නයකි. දැන් ජනපතිතුමා එය අවබෝධ කරගත් සේය. එහෙයින් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් ඕනෑ යයි කියන බෙදුම්වාදී යෝජනා කසළ ගොඩට විසිකළ යුතුය. මේ යෝජනාවල අයිතිකාරයෝ සහ ඒවා කරතබා ගෙන යන නාට්ටාමිලා එක්කෝ 4/1මාක්ස්වාදයෙන් විපරිත වූවෝය. ඇතැමුන් ඒ විපරිත අතීතයක් ඇත්තෝය.අනෙක් අය විවිධ NGO ගුබ්බෑයන්වලට රිංගන්නෝය. මේ අනන්‍යතාව නොමැති කිසිවෙකු සවිඥානිකව බෙදුම්වාදී යෝජනාවලි අප මත පැටවීමට දරදිය අදින්නේ නැත.

ත්‍රස්තවාදී යුගඳුරින් මුදවාගත් උතුරුකරයේ අපේ නෑයන්ගේ මුහුණු සංවර්ධනයේ අරුණැල්ලෙන් විකසිත වනු දැක්ම සෑම දෑහිතැත්තෙකුගේ ම පැතුම විය යුතුය. ඒ පැතුම සඵල වේවායි අපි පතමු. අපට උතුරට දිය හැකි උත්තරීතර දේශපාලන විසඳුම එයයි.

5 comments:

Narada said...

ණය පොලීය කියක් වෙයිද ආයුබෝ?

නාමල් උඩලමත්ත said...

ඇයි මෙච්චර කල් මේ රට ණය ගත්තේ නැද්ද? ඒ කාලේ ණය පිනට ද දුන්නේ? නිකන් කුහක කතා කියන්න එපා අර අවමංගල සමරවීර පන්නයේ. පොළිය කීය වුණත් ණය අරගෙන වහාම උතුර නඟා සිටුවිය යුතුයි. ළඟදී සරත් ෆොන්සේකා මහතා කීවා යුද්ධය අහවර නිසා ඇ.ඩො. මිලියන 200ක ආයුධ ගෙන ඒම නතර කළා කියලා. මේ ආකාරයට ඉතිරි වන මුදල් රටේ සංවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන්. පොළිය වැඩි නිසා ණය නොගෙන උතුර කොටියට දුන්නා නම් කොච්චර ජොලි ද නේද?

Ramachandra said...

මේක නම් කියන්නෙ කුහකකමට නෙමෙයි.අවංකව
උතුර කොහොම වුනත් දකුන ගැන හිතමුකො.දකුනෙ අධ්‍යාපනය සෞඛ්‍යය ප්‍රවාහනය වගේ අංශ පසුගිය දශක කිහිපය පුරා දවසින් දවස ගරාවැටෙමින් තියෙනවා කියන එක ඔබ පිලිගන්නවා ඇති.සෞඛ්‍ය ක්ෂේත්‍රය අපේ රටේ කොයි තරම් අවුලකද තියෙන්නෙ කියන එක පහුගිය දවස් කිහිපය තුල දකින්න ඉඩ ලැබුනා.කර්මාන්තශාලා වැහෙනවා විරැකියා පිරිස වැඩිවෙනවා කියන එක බොරු නෙමෙයි නේද?රටේ ජනගහනෙන් බාගයකට ආසන්න ප්‍රමානයක් ඉන්නේ ඩොලර් 2ක දෛනික ආදායම් මට්ටමේවත් නෙමෙයි කියන එක නේද ඇත්ත?
අවුරුදු 60 ගානක් ගිහින් දකුනේ ස්ථාවරත්වයක් හදාගන්න බැරි පාලකයන් (ශ්‍රීලනිපය ඇතුලුව) දැන් උතුරේ සියලු ගැටලු නිරාකරනය කරයි කියල ඇත්තටම හිතන්න පුලුවන්ද?
මෙතන තියෙන්නෙ සමාජ දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්නයක්.උතුරට දැන් අපනයනය කරන්නෙත් දකුනෙ තියන අසාර්ථක ක්‍රමයම තමයි

Narada said...

මම එහෙම දෙයක් නම් අදහස් කලේ නෑ නාමල් මහත්තයෝ, තාම අරහේ දෙපැත්තක් කඹ අදිනවා. අරහේ කෑ ගහනවා.

තාම රටේ ගොවියන්ට හරිහැටි තත්වයක් නැතිකොට, සේවා වලට වඩා වංචාව අතින් ඉදිරියේ සිටින විට උතුරේ ක්‍රියාවලිය පාක්ෂික හා නිසි ජාත්‍යන්තර සම්බන්ධතාවයක් නැතිව කරන්න යාම එක් අතින් අත්පුඩි ගැසීමක් වැනි ක්‍රියාවකි.

අනික ණය දෙන්න කලිං එහි ජිවිනෝපාය ගොඩ නගා සමාජය තත්වයන් පිහිටුවලා තියෙන්න් ඕනේ. නැතිව අඩු පොලී තත්වයන් යටතේ දී වැඩක් නෑ ගෙවා ගන්න බැරිකොට!

රාමචන්ද්‍ර කියනා කතාවේත් ඇත්තක් තියෙනවා, රටේ ලෝකේ තත්ව අනුව මේ යථාර්තය ‍පිළිගන්න වෙනවා.

Anonymous said...

ඔබ ණය සහ ණය ගෙවීමට අරමුදල් සෙවිය යුතුද? ඔබ නොගෙවන ලද බිල්පත් සමඟ ගැටලු ඇතිව සිටිනවාද? යන්න හැරිය යුතුද? ඉක්මන් ණය ණය අරමුදල

පහත දැක්වෙන ආකාරයේ ණය සපයනු ලබයි
* ණය සම්බන්ධීකරණ ණය
* පඩේජ් ණය
ව්යාපාර ණය
*පෞද්ගලික ණය
නිවාස ණය
* කාර් මුදල්
* ගොවි ණය
කොමර්ෂල් ණය
* ආයෝජන ණය
ණය මුදල ආපසු ගෙවීමට 3% ක අඩු පොලී අනුපාතයක් සහ ණය වසර 1 සිට 20 දක්වා ණය ලබා දෙනවා. ඔබේ මූල්ය ගැටළුවලට විසඳුමක් සඳහා ඔබ ඉක්මනින් අප සමඟ සම්බන්ධ විය යුතුය. හරහා විද්යුත් quickenloanfund@gmail.com

 
සිය රට දේ සිරි සැප දේ !