අප මත බලෙන් පටවන ලද, වැඩකට නැති, ඊනියා ඉන්දියානු සාම ගිවිසුමට (සම්මුතියට) එරෙහිව පැන නැඟි දැවැන්ත ජනතා විරෝධය කෙබඳු ද යත්, ඡේ. ආර්. ජයවර්ධන චරිත කතාව ලියූ සානුකම්පික කේ. එම්. ද සිල්වා හා හොවර්ඩ් රිගින්ස් යන ලේඛකයන් දෙදෙනා එය සඳහන් කරමින් ලියා ඇත්තේ, නිදහස ලැබුවාට පසු මෙරට පැන නැඟි මහා පරිමාණ විරෝධතා ව්‍යාපාරවලින් දැවැන්තම එක එය බවය.
වෙන රටවල නම් ව්‍යවස්‌ථා සකස් කෙරෙන්නේ පුරවැසියන්ගේ අදහස් උදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩකඩ සලසාදීමෙන් පසුවයි. උදාහරණ වශයෙන්, ඇමරිකන් එක්‌සත් ජනපද ව්‍යවස්‌ථාව පිලඩෙල්පියාවේදී සකස් වූයේ, නියෝජිතයනට නිදහසේ සිය අදහස් ප්‍රකාශ කිරීමට අවකාශ ඇතිවය. ප්‍රංශ විප්ලවයට ඉක්‌බිතිව, නියෝජිතයන්ගේ ජාතික ව්‍යවස්‌ථාදායක එසෙම්බ්ලිය විසින් ප්‍රංශ ව්‍යවස්‌ථාව සකස් කරන ලදී. 1814 දී නෝර්වේ ව්‍යවස්‌ථාදායක සභාව විසින් එරට ව්‍යවස්‌ථාවේ කටුසටහන සකස් කැරිණි. රුසියන් විප්ලවයට පසු ව්‍යවස්‌ථාදායක මඬුල්ලක් විසින් නව ව්‍යවස්‌ථාව සැකැසිණි.
අපේ අසල්වැසි ඉන්දියාවේ, ජනතා නියෝජිතයන්, 1946 දී පළමුවරට රැස්‌වී පැවැත්වූ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය විසින් සකස් කරන ලද ව්‍යවස්‌ථා මාලාව, 1947 එරට නිදහස ලැබූ පසු එහි ව්‍යවස්‌ථාව වූ අතර එකී ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය ඉන්දියාවේ පාර්ලිමේන්තුව බවට පත් විය.
මේ අන්දමට ජනතා නියෝජිතයන් එකට රැස්‌වී සාකච්ඡාකොට සකස් කරන ලද නව ව්‍යවස්‌ථා මාලාවන් රාශියකි. ශ්‍රී ලංකාවේ ඩොනමෝර් ව්‍යවස්‌ථාව නිර්මාණය කරන ලද්දේ 1931-47 අතර පවත්වන ලද පුළුල් සාකච්ඡාවකට පසුවය. සෝල්බරි ව්‍යවස්‌ථාව ද එසේමය. 1972 ව්‍යවස්‌ථාව ස්‌ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු නියෝජිතයන් ව්‍යවස්‌ථා මඬුල්ලක් ලෙස සාකච්ඡාකොට ඉනික්‌බිතිවය. ජේ. ආර්. ජයවර්ධන මහතා යටතේ ගෙනෙන ලද ව්‍යවස්‌ථාමය විපර්යාස සැකකටයුතු ස්‌වභාවයක් ඉසිලුවද, ඒවා පවා ස්‌ථිර කරන ලද්දේ මහජන නියෝජනය යටතේය. ඒ කෙසේද? එදා ආණ්‌ඩුවට 6 න් 5 ක බහුතරයක් විය. ජේ. ආර්. ජයවර්ධන මහතා සමානුපාතික නියෝජනය යටතේ කළ මෙම සුවිශාල විපර්යාසයෙන් අදහස් කළේ යළි කිසි දිනෙක එය වෙනස් කිරීමට හපන් පාර්ලිමේන්තු බහුතරයක් කිසිම ආණ්‌ඩුවකට නොලැබෙනු ඇත යන්නය. එය ගලෙන් බැන්දාක් මෙන් ශක්‌තිමත් යෑයි ඔහු සිතීය. කෙසේ වුවද පොඩි අවහිරයක් තිබිණි.
තමන්ට වෙනම ද්‍රවිඩස්‌ථානයක් ඕනෑ කළ දකුණු ඉන්දියානු ජාතිවාදී දමිළයන් ද සමග ශ්‍රී ලංකාව, ඉන්දියාවේ කොටසක් ලෙස තබා ගැන්මේ අදහසින් පනික්‌කාර් විසින් ඉන්දියාව නිදහස ලබන්නට කලින් මෙහෙයවන ලද ධර්මය අනුගමනය කළ ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව අපේ සියලුම බෙදුම්වාදී කණ්‌ඩායම් ආයුධ සන්නද්ධ කරන්නට පටන් ගත්තේය. මෙය, අමු අමුවේ දේශසීමා මායිම් හරහා ගෙනගිය ත්‍රස්‌ත ක්‍රියාවකි. යාපනය තුළ පිපිරවීම් 20,000 ක් කිරීමට හැකි පළමු ඉන්දියානු ඩෙටොනේටර් 20,000 එවන ලද්දේ 1973 දීය. 1976 වන විට සන්නද්ධ මැදිහත්වීම් දියුණු තියුණු විය. 1980 මුල හරිය වන විට ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුව දෙමළ බෙදුම්වාදීන් සඳහා එරට උතුරේ හා දකුණේ යුද පුහුණු කඳවුරු පවත්වාගෙන යන්නට විය. මේ සියල්ල ශ්‍රී ලංකාවට එරෙහිව වක්‍ර ලෙස යුද්ධය දියත් කිරීමකි. මෙම පුහුණුකිරීම් එවකට තමිල්නාඩුවේ සහ උතුරු ඉන්දියාවේ අටපළක සිදුවිය. ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ ඉන්දියානු සැලැස්‌ම එදා "ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්" පුවත්පත විසින් සැළ කරන ලදී. ඉන්දිරා ගාන්ධිගේ ලේලිය වූ මේනකා ගාන්ධි විසින් ද ඇගේ "සූරියා" නමැති සඟරාවෙන් මෙම ඉන්දියානු ආක්‍රමණය පිළිබඳ විස්‌තර පළ කැරිණි.
මෙකී යුද අභ්‍යාස කඳවුරුවල පුහුණුව ලැබූවන් දෙමළ න්‍යයාචාර්යවරුන්ගෙන් මතවාදී මූලික පුහුණුව මෙන්ම අවි පුහුණුව ද ලැබූ හැටි "ඉන්දියා ටුඩේ" විස්‌තර කළේය.
එසේම යුද අභ්‍යාසලාභීන් ද්‍රවිඩ ජාතිවාදී හැඟීමෙන්, කාවද්දන ලදැයිද එම පුවත්පත සඳහන් කළේය. මෙම ආකල්ප පුහුණුව මගින් බෙදුම්වාදීන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි වෛරයක් පමණක් නොව, අමූලික බොරු මනස්‌ගාත සහ ඉතිහාසයක් ද රෝපණය කැරිණි. TULF විසින් ප්‍රසිද්ධ කරන ලද එක පොතක "සිංහලයන් දෙමළ මස් කනවා" යෑයි ද සඳහන් විය.
ශ්‍රී ලංකා ආක්‍රමණයට, හොර රහසේ මෙසේ අරඅදිමින් සිටි ඉන්දියන් ආණ්‌ඩුව, ඊනියා "තිම්පු" සාම සාකච්ඡා ඉදිරිපත් කළේය. තිම්පු ඉන්දියාවේ ප්‍රබල බලපෑම්වලට යටත්, කුඩා භූතානයේ අගනුවර වෙයි. එහිදී ඉන්දීය පුහුණුව ලැබූ සන්නද්ධ බෙදුම්වාදීහු ඊනියා තිම්පු ප්‍රතිපත්ති ඉල්ලා සිටියහ. ජාතියක් වශයෙන් දෙමළ වර්ගය පිළිගැනීම, දෙමළ නිජබිම සහ දෙමළ ස්‌වයංතීරණ අයිතිය පිළිගැනීම, තිම්පු ප්‍රතිපත්තිය විය. සත්‍යයට සහ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වයට පටහැනි මෙම ඉල්ලීම්, ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් 4 වැනි ඉල්ලීම වූ ශ්‍රී ලංකාවට මෑතක පැමිණි ඉන්දියානු දෙමළ ජනතාවට පුරවැසි බව ලබාදීමට එකඟ විය. ඉන්දියා දේශසීමා හරහා ඉන්දියාව විසින් ගෙන යන ලද මෙම වක්‍ර යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්‌ඩුව සටන් කළේය. වඩමාරච්චිහිදී අප විසින් සතුරා පරාජය කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී, එසේම ප්‍රභාකරන් අල්ලා ගන්නට ඉඩ සැලසෙද්දී, ඉන්දියාව ප්‍රභාකරන් හෙලිකොප්ටරයකින් රැගෙන ගියේය. "මානුෂීය විපතක් වැළැක්‌වීම" යන බොරුව මත අපේ දේශසීමා ඉක්‌මවමින් කළ මෙම සාහසික ක්‍රියාව සෘජු ආක්‍රමණයකි. ඊළඟට ඔවුන් කළේ නැව් සමූහයක් එවීමය. මෙය, නාවික හමුදාව විසින් හරහා යවන ලදී. එවිට නවදිල්ලියේ සිටි ශ්‍රී ලංකා තානාපති කැඳවූ ඉන්දියානු රජය, තමන් කරන්නට බලාපොරොත්තු වන යාපනය මත ආහාර පැකැට්‌ටු අහසින් දැමීමේ කටයුත්තට බාධා කළොත් තමන් විසින් යුදමය වශයෙන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනවා යෑයි අනතුරු ඇඟවීය.
වහ වහා කොළඹ වරායට පිටින් ඉන්දියානු සන්නද්ධ යාත්‍රා රඳවනු ලැබිණි. මෙය 19 වැනි සියවසේදී කරන ලද සන්නද්ධ යාත්‍රා පෙරටුකොට, ජාත්‍යන්තර සම්බන්ධකම් ගෙන යැම සිහි ගැන්වීය. ඉනික්‌බිති එවිට අසරණව සිටි ජේ. ආර්. ජයවර්ධන මත ඊනියා සාම සම්මුතිය පටවනු ලැබිණි. පසු කලකදී ජයවර්ධන මහතා ප්‍රසිද්ධ පුවත්පතකට කළ ප්‍රකාශවලින් හෙළි වුණේ, එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව වුවද ඉන්දියානු සම්මුතියට අනුග්‍රහ නොදැක්‌වූ බවයි. අවට මුහුදේ සන්නද්ධ යාත්‍රා හරස්‌කර, යුද අහස් යානා ශ්‍රී ලංකා ගුවනේ ඔබ මොබ යමින්, ආක්‍රමණයක තර්ජනයෙන් බිය ගන්වා ජයවර්ධන මහතාගේ අත කරකැවූ ඉන්දියාව, ඔවුන්ගේ ඊනියා සම්මුතිය ශ්‍රී ලංකාව වෙත පටවන ලදී. ජේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවේ අගමැති ප්‍රේමදාස මහතා හා ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි තම අකමැත්ත පළ කරද්දී ඉන්දියානු සම්මුතිය අත්සන් කර 13 වැනි සංශෝධනය ගෙන එන ලද්දේ අයුතු ලෙස ඉන්දියානු බලය පෙන්නීමක් ලෙසිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු මුළුමහත් ජනතාව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ගෙන යමින් ඉන්දියාව විසින් අපේ ඇඟේ ගහන ලද මෙම සම්මුතියට බලවත් විරෝධය පෑහ. එයට සහයෝගය දැක්‌වූයේ යටගිය දවස අධිරාජ්‍ය වීරෝධී වූ සම සමාජ, කොමියුනිස්‌ට් පක්‍ෂවල ශේෂ වූ හපය පමණි.
ඊනියා සාම සම්මුතිය යටතේ ගෙනෙන ලද ඊනියා සාමය රැකීමේ ඉන්දියන් හමුදාව, යාපනේ ජනතාව විසින් හඳුන්වන ලද්දේ, ඉන්දියන් ආණ්‌ඩුවේ මිනීමරු හමුදාව නමිනි.
මින් ටික කලකට පසු පන්ජාබයේ සික්‌වරුන් මත ඉන්දියන් ආණ්‌ඩුව විසින් මාරාන්තික භීෂණයක් එකල පොලිස්‌පති කේ. පී. එස්. ජිල් යටතේ දියත් කරන ලදී. එරට එවැනිම ජනතා නැගී සිටීමක්, ඉන්දිරා ගාන්ධි විසින් මිනීමරු කණ්‌ඩායම් ලවා බෙදුම්වාදීන් සමූලඝාතනය කිරීමේ ක්‍රම වේදය මගින් පන්ජාබ් බෙදුම්වාදීන් මුලිනුපුටා දමන ලදී.
විදෙස් නිරීක්‍ෂකයන් ඉන්දියන් සම්මුතිය දුටුවේ කර්කෂ අත්විඳීමක් ලෙසය. බ්‍රිතාන්‍යයේ "ගාඩියන් පුවත්පත එය දුටුවේ මෙසේය.
"ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග එළඹි සම්මුතිය, 1938 දී සිදු කරන ලද මියුනික් සම්මුතියට පසු කුඩා රටක් මත බලෙන් පැටවූ අපකීර්තිමත් කොන්ත්‍රාත්තුවකි. එය යුදමය අල්ලා ගැනීමකට වෙනස් වන්නේ යන්තමිනි. ලංකාවේ වාර්ගික ගැටුම සහ එරට ඉන්දියාව සමග ඇති සම්බන්ධය බොහෝ පශ්චාත් දෙවන ලෝක යුද තත්ත්වයන් සමග සැසඳෙයි"
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ පෙළ ගැසී ඇති සිද්ධීන්ට බෙහෙවින් සමාන්තර දර්ශනයක් වනුයේ නවසිය තිස් ගණන්වල චෙකොස් ලෝවකියාවේ අර්බුදයට කළින් වූ පෙළ ගැස්‌මයි. පර්මනියේ විසූ හිට්‌ලන්ගේ නාට්‌සීන් චෙකොස්‌ලෝවකියාව ආක්‍රමණය කිරීමට පටන් ගත්තේ එම කාලය තුළය.
"ලංඩන් ඊව්නිං ස්‌ටෑන්ඩට්" පත්‍රය මෙසේ කීවේය.
"ඉන්දියාව අද එම ප්‍රදේශයේ යටත් විජිත බලධාරියා වී සිටී. ඉන්දියානු නාවික බලය, පෝර්ක් සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන කොටි හමුදා බඳවා ගැනීම් සහ සැපයුම් වසා දැම්මා නම්, බ්‍රිතාන්‍යය, බෙදුම්වාදී පන්ජාබ් සික්‌වරුන් කෙරේ කළ සැළකිල්ල සම්බන්ධයෙන් ගාන්ධි මහතා අපෙන් කළ ඉල්ලීම්වලදී දැක්‌වූ හික්‌මීම මෙහිදී පෙන්වී නම් කොටි ත්‍රස්‌තවාදීන් මෙලහකටත් පරාජය කරනු ලැබ ඇත.
"නිව් යෝර්ක් ටයිම්ස්" පුවත් පත සිය කතු වැකියෙන් "පොල්ල අතට ගෙන ගාJධි මහතා ශ්‍රී ලංකාව සමඟ ගෙනයන විදෙස් සබඳතා." යනුවෙන් හැඳින්වීය. "වෝල් ස්‌ට්‍රීට් ජර්නල්" නම් තවත් ඇමරිකානු ප්‍රධාන පෙළේ පුවත් පතක් සිය කතුවැකියෙන් "ඉන්දියාව වල්අලියෙකු මෙන් තම අසල්වැසියන් පාගයි" යනුවෙන් කීවේය.
මෙම ඉන්දියානු ආක්‍රමණයට අනුග්‍රහය දක්‌වන ලද්දේ විදෙස් මුදලින් යෑපෙන භඨධ විදෙස් චර පුරුෂ නඩය පමණි. එපරිද්දෙන්ම ඔව්හු ජනතාව විරුද්ධ වූ 13 වැනි සංශෝධනය නමැති ව්‍යවස්‌ථාමය වෙනස බලෙන් පැටවීමට උදව් කළහ. තවත් ජාතිවිරෝධියෙක් වන ජෙහාන් පෙරේරා ඉන්දියානු හමුදා බලය පෙන්වමින් පුවත්පත් ලිපියකින් ශ්‍රී ලංකාව බියපත් කළේය. ගොඩ්ප්‍රි ගුණතිලක ශ්‍රී ලංකාව ලෝක දේශපාලනයේ යථා තත්ත්වය පිළිගත යුතු යෑයි, එනම් ඉන්දියානු බලපෑම් ඉදිරියේ නැමිය යුතු යෑයි කීවේය. මම රචනා කළ ග්‍රන්ථයක මෙකී NGO මුදලාලිලාගේ ජාතිද්‍රෝහී කියමන් විස්‌තරාත්මකව ඉදිරිපත් කර ඇත්තෙමි. මේ සියලු කීම් කෙරුම් 19 වැනි සියවසේ හා 20 වැනි සියවස මුලහරියේදී බටහිර ජාතීන් විසින් පටවන ලද උන්ට පමණක් වාසිදායක අසමාන ගිවිසුම් අපට සිහිපත් කරයි. එවන් ගිවිසුම් බලෙන් පටවන ලද්දේ, චීනය, ජපානය, කොරියාව යන රටවල් මතය. ඒ රටවලට බටහිර ජාතීන්ගේ මේ කෙරුම් කොහෙත්ම අමතක වී නැත.
විදේශයක් විසින් අප මත පටවන ලද 13 වැනි සංශෝධනයද මොන්රෝ ඩොක්‌ට්‍රීනය කරළියට ගෙන ඒමකි. මොන්රෝ ධර්මයෙන් කියා සිටියේ ඇමරිකානු රටවල එකම තීරකයා එක්‌සත් ජනපදය බවය. ශ්‍රී ලංකාව තුළට ඉන්දියාව වැදීම ඉන්දියානුවන් දුටුවේ නව ඉන්දිරා සිද්ධාන්තයක් ලෙසය. එය යටත් විජිත ආකල්පමය මොන්රෝ සිද්ධාන්තයට සමාන්තර වූවක් ලෙසය. එය 1815 දී ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වය පරාජයට පත්වීමත්, ඉනික්‌බිති බ්‍රිතාන්‍යයන්ගේ තුවක්‌කු බලය යටතේ එළැඹි 1818 ගිවිසුමත් අපට සිහිපත් කරයි. බ්‍රිතාන්‍ය තුවක්‌කු යටතේ ගෙනා, 1818 බ්‍රිතාන්‍ය ගිවිසුම අප පිළිකෙව් කළේ යම්සේද. එසේම දැන් අපි ඉන්දියානු තුවක්‌කු යටතේ ගෙනෙන ලද 13 වැනි සංශෝධනය එම හේතුමතම ප්‍රතික්‍ෂේප කළ යුතුය.
අවුරුදු 35 නොඅඩු කාලයක් තුළ පැවැති ඉන්දියාව විසින් අප මත පටවන ලද යුද්ධය, අද අපේ හමුදාව ජය ගෙන තිබේ. අවුරුදු කිපයකට උඩදී කළ අධ්‍යනයක් පෙන්වා දී ඇති පරිදි 13 වැනි සංශෝධනය නිරපරාදේ අපේ මුදල් කන්දරාවක් නාස්‌ති කර ඇත. සුවිශාල පරිත්‍යාගයක් කොට, අත්පත් කරගත් ජයග්‍රහණයේ සාමය, 13 වැනි සංශෝධනය පිළිගනිමින් නැතිකර ගත යුතු නැත. එසේ කළොත් දස දහස් ගණනින් කළ ජීවිත පූජාවෙන් ඇති වැඩක් නැත. සියලු පුද කිරීම් නිරර්ථක වනු ඇත. 13 වැනි සංශෝධනයට කලින් පැවැති ව්‍යවස්‌ථාව සර්ව සම්පූර්ණ යෑයි මින් නොකියෑවේ. සැබැවින්ම අපි ව්‍යවස්‌ථාව යළි සකස් කළ යුත්තෙමු. එය කළ යුත්තේ වෙනත් රටවල් කරන පරිදි අපේම රටේ මිනිසුන් අතර කෙරන සාකච්ඡාවලින් පසු මිස විදෙස් තර්ජන යටතේ නොවේ.
ව්‍යවස්‌ථා සකස් කළ යුත්තේ, කඩිමුඩියේ, විශේෂයෙන්ම කවුරුවත් තුවක්‌කුවක් මානාගෙන සිටින විට නම් නොවේ.
ඉන්දියානු ජාතිකයන් පිළිබඳව අවධාරණයෙන් කිව යුත්තේ අප, ඉන්දියානු ජාතිකයන් තිදෙනකු වෙනුවෙන් සංවත්සර දින සමරන බවය. බුදුන්වහන්සේ, අශෝක රජුගේ පුත් මිහිඳු සහ දූ සංඝමිත්තා ඒ උත්තමයෝ වෙති. ඉන්දියාව අපේ ළඟම සහෝදරයා වෙයි. අපේ දුර ඥති සහෝදරයන් වන චීනය සහ පකිස්‌ථානය අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසමින් නොපිරිහෙළා සහාය දෙන පරිදි ඉන්දියාවද යටත් පිරිසෙයින් එසේ හැසිරිය යුතුව ඇත. වර්තමාන දකුණු ආසියානු භූදේශපාලනය මෙන්ම ආසියානු යථාර්ථයද අනුව කලාපීය හිංසකයෙකුට ඉඩක් නැත. තවත් ඉන්දියාවේ අසල්වැසි ඥතියකු වන නේපාල රාජ්‍යයට ඉන්දියාව විසින් පටවන ලද අසමාන සම්මුති දැනට නේපාලය ඉරා දමමින් සිටියි. ආක්‍රමණික ඉන්දියානු සම්මුතිය හා ඒ සමග අප වෙත පටවන ලද 13 වැනි සංශෝධනය අපද ඉරා දැමිය යුතුය.
ආචාර්ය සුසන්ත ගුණතිලක
(ඉරිදා දිවයින_09/07/26)
ටිප්පණිය_කොටි ත්‍රස්තවාදය අප මුලිනුපුටා දැමුවේ අපේ ම ක්‍රමවේදයකට ය. එය අපේ ම ක්‍රමවේදයක් වන්නේ බටහිර රටවල් සහ මෙරට බටහිර දැනුමෙන් කුරුරවල් වූවන් කිසිසේත කළ නොහැකැයි කී දෙයක් ඔවුන් සමච්චල් කළ ක්‍රමවේදයක් ඔස්සේ කළ හෙයිනි. එසේ ම ඉන්දිය අදිපතිවාදයව විසින් අප මත හෙළු 13 ද ඉවතලා අපේම ක්‍රමවේදයක් සැකසිය යුතුය. 13 වෙනත් සමාජ දේශපාලන වටපිටාවක ඉන්දියාව ජේ. ආර්. ගේ අත කරකවා බලෙන් අත්සන් කරගත්තකි. යාබද රටවල් දෙකක් අතර සම්බන්ධය එතරම් පළුදු වූයේ ජේ. ආර්. ගේ ඇමරිකන් ගැතිකම සහ රජිව් ගාන්ධි නම් ගුවන් නියමුවාගේ අපරිණත දේශපාලනය නිසා ය.
කෙසේ වුව ද දැන් තවත් ඒ ගැන කතා කරමින් කාලය කා දැමිය යුතු නැත. දිවයින සිව්කොන සිසාරා සංවර්ධනයේ මාරුතය හමා යන්නට දොර කවුළු හරිමු. ඊට ඇති බාධා දුරලමු. සිංහල දෙමළ මුස්ලිම් ඈ අගනුවරින් බැහැර ජීවත් වන සැමට දිය හැකි උතුම් ම දේශපාලන විසඳුම එයයි. මේ කුඩා දිවයින එක මිටට බැඳ ඒකාත්මික කරන රන් හුය එයයි.
Saturday, July 25, 2009
Subscribe to:
Post Comments (Atom)
2 comments:
වටිනා ලිපියක්. jr ගේ පාලන කාලයේ මෙන්ම ප්‍රෙමදාසගෙ කාලයෙද සිදුවු සිදුවිම් ගැන කියන්ට ගියොත් පොත් ගනනාවක් ලියන්ට කරුනු එක්රැස් වෙයි.
එත් දැන් එයට කාලයක් නොමැත බුරන බල්ලන්ට බුරන්න ඉඩදි දැන් කල යුත්තේ
ඔය ඡෙසුටත් නපුරු වු 13 ඉරලා විසිකර
අලුත් ව්‍යවස්ථාවක් අපෙම ක්‍රමෙට හැමොගෙම සහභාගිත්වයෙන් සකස් කර ගැනිමයි.
ඔව් ඒක හරි. කළ යුත්තේ එම නිවැරදි මතවාදය සමාජය වෙත ගෙන යාමයි.ඒ සඳහා කළ හැකි දේ කරන්න.
Post a Comment