Monday, February 23, 2009

කූඩැල්ලා

පරාජයේ පාමුළ සිටියත් හැකි පමණින් වුව ලේ උරා බීමට තැත් කරන කාලකන්නි ත්‍රස්තවාදී කුඩැල්ලා වන ප්‍රභාකරන් අම්පාරේ හේනක සිටි අහිංසක : අසරණ නිරායුධ මිනිසුන් ගැහැණුන් හා ළමයින් සංහාරය කරවීම ඉතා සැළකිල්ලෙන් සිතා බැලිය යුතු කාරණයකි. මේ සියලු දෙනාම මරණ ලද්දේ හිසට වෙඩි තැබීමෙනි. සිය මරණීය අත්දැකීමට පෙර සිංහලයන් බොහෝ ගණනකගේ රුධිරයෙන් මහ පොළව තෙත්වනු දැකීමට මේ කුඩැල්ලා අදහස් කරගෙන සිටී. ප්‍රභාකරන්ගේ ගුවන් බලය කොටුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටටත් කටුනායක මඩ වගුරකටත් කඩා වැටීමෙන් පසු කොටි සංවිධානයේ තත්ත්වය මරණාසන්නව තිබේ. කොටි ගුවන් බලකාය මෙහෙයවන ප්‍රභාකරන්ගේ කාලකන්නි පුත්‍රයා වන චාල්ස් ඇන්තනීට සිය පියා වෙනුවෙන් ඔක්සිජන් බිඳක් වුව වැය කිරීමට දැන් නො හැක. දැන් ඔවුනට කිරීමට ඉතිරිව ඇත්තේ කොළඹින් බොහෝ ඈත පිටිසරබද හේන්වල වැඩ කරන නිරායුධ අසරණයන් සංහාරය කිරීම පමණි. මේවාත් තව කොතරම් නම් කාලයකටද?

ප්‍රභාකරන්ගේ අසාර්ථක ගුවන් ප්‍රහාරයෙන් පසු දින (21) අල් ජසීරා රුපවාහිනී සේවය ඔස්සේ වැඩසටහනක් ප්‍රචාරය විය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය, දේශපාලන, සමාජ ඉතිහාසය සහ වර්තමානය අලලා සකස් කෙරුණු ඉතා උසස් වැඩසටහනක් වු මෙහි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නමැත්තාගේ ප්‍රකාශයක්ද ඇතුළත් විය. ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ රට ඉතා අනාරක්ෂිත බවත් ශ්‍රී ලංකා යුද හමුදාව මිනිසුන් පැහැරගෙන යන බවත් කප්පම් ගන්නා බවත් ඝාතන සිදුකරන බවත්ය. මෙහිදී වැදගත් කාරණා කිහිපයක් සැළකිල්ලට ගත යුතුය. පළමුවන කාරණය නම් දෙමළ ජාතික සන්ධානය යනු කොටි ත්‍රස්තවාදීන්ගේ ශාඛාවක් වන බවය. එසේ නම් එයද ත්‍රස්ත සංවිධානයකි. ඒ තේරුමෙන් ගත් කල සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද ත්‍රස්තවාදියෙකි. කොහොමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට පෙර සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ත්‍රස්තවාදියෙකි. පසුව ඔහු අවි බිම තබා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයට එකතු විය. ත්‍රස්තවාදියකුව සිටි කාලයේදී ඔහු විසින් මනුෂ්‍යයන් කොපමණ ඝාතනය කරන්නට ඇත්දැයි අපි නොදනිමු. නිරායුධ මිනිසුන් හේන් ගොවිතැන් කරන නැගෙනහිර පළාතේ සිංහල ගම්මානවලට වැදී කිරි දරුවන් හා ගැබිණි මවුවරුන් කීදෙනකු කැති ගාන්නට ඇද්දැයි අපි නොදනිමු. අප ප්‍රේමචන්ද්‍රන් ගැන මෙසේ කියන්නේ ඔහු ත්‍රස්තවාදියකු ලෙස සිටි නිසාය. මිනිසකු ත්‍රස්තවාදියකු වන්නේ සිල් ගන්නට නොවේ. ලේ වගුරුවන්නටය.

ඊළඟ කාරණය නම් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති කොන්ද පණ නැති කමය. මාක්ස් ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වන ලද්දේ නපුංසක ක්‍රමයක් ලෙසිනි. එහෙත් නපුංසක තත්ත්වය යනු ජෛව අනන්‍යතාවක් නිසා ඒ තත්ත්වයට අපහාස කර එය සමාජ අසාධාරණයට ලක් කළ යුතු නැත. එ බැවින් ත්‍රස්තවාදය යනු මේ මොහොතේදී නිවට:දීන දේශපාලන ක්‍රමයක් ලෙස අර්ථ දක්වමු. මේ නිවට දේශපාලන ක්‍රමය තුළ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රේමචන්ද්‍රන් වැන්නවුන් ්කරන නීච දේශද්‍රෝහී ප්‍රකාශවලට විරුද්ධව පියවර ගැනීමට නො හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පනුවන් මිස මිනිසුන් ඉහදීමට කිසිවිටෙකත් ඉඩ නැති බව රුසියාවේ ස්ටාලින් නිතර කීවේය. අප ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සළකා මල් තබා වඳින සර්වජන ඡන්ද බලය, ජනසම්මතවාදය, කතා කිරීමේ නිදහස වැනි පුජාසන සියල්ල ඉතා ලෙහෙසියෙන් අපහරණය කළ හැකි බව දැන් පැහැදිලිය. ඕනෑම කෙනකුට රට විනාශ කරන ඕනෑම කුණුහරුපයක් කීමට මේ ක්‍රමය තුළ ඉඩ තිබේ. උන්ගේ කට තැලීමට කිසිදු කෙනකුට අයිතියක් නැතෟ

ප්‍රභාකරන්ගේ ගුවන් යානා දෙකක් බිම දැමීමෙන් මුළු රටම උද්දාමයට පත්ව සිටින බව පෙනේ. එය එතරම් උදම් ඇනිය යුතු කාරණයක් ලෙස අප නොදක්වන්නේ ප්‍රභාකරන්ගේ ගුවන් හමුදාව අහස් යාත්‍රා දෙකකින් පමණක් සමන්විත බවට කිසිදු නීතියක් නැති නිසාය. සිකුරාදා පුදුකුඩුඉරුප්පු පැත්තෙන් මහපාර දිගේ විත් ඉහළ නැගි ගුවන් යානා මෙන් තවත් ගුවන් යානා කිහිපයක් තිබෙන්නටත් පුළුවන: නැති වෙන්නටත් පුළුවන. ඒවා තිබේ යැයි සළකා ක්‍රියා කළොත් මහත් පල ලබා ගැනීමට පුලුවන. මේ යානා දෙක බිම දැමු ගුවන් හමුදාවටත් රට සුරකින සෙසු ආරක්ෂක අංශවලටත් ප්‍රණාමය හිමිවේවාෟ යම් විදියකින් මේ යානා දෙක බිම නොදැමීමට නොහැකි වී නම් අපේ ජනයා ගුවන් හමුදාවත්, ආණ්ඩුවත්, ජනාධිපතිතුමාත් පතුරුහරිනු දැක බලා ගැනීමට ඉඩ තිබිණි. ඒ තමයි මිනිස් ගතිය. එහෙත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ගතිය නම් මේ කිසිදු ගතියකට වලංගු නැත.

(දිවයින_09/02/23)

පසුවදන_

'කුඩැල්ලා කොට්ටය මත තබන්න බෑ' යනු අප අතර ප්‍රචලිත ආප්තයකි. එය කෙතරම් සත්‍යයක් දැයි පැහැදිළි වන්නේ ද්‍රවිඩ ජාතික සංධානය නම් පිරපාහරන් ඇටවු පතෝල මැස්සේ ළඟින ඇම්බැට්ටයින්ගේ කැරැට්ටුව හෙළි වන විට ය. ප්‍රජානත්ත්‍රවාදී ලේබලයට මුවා වී මේ කොටි හපුවෝ ත්‍රස්තවාදය සාධාරණීකරණය කරති. ඊට උඩගෙඩි දෙති.

මීට පෙර සම්බන්ධන් ගැන කී අපට අද ප්‍රේමචන්ද්‍රන් ගැන කීමට සිදු වී තිබේ. මේ සුපිරි ත්‍රස්තවාදීහු ශ්‍රී ලංකා රජයේ නිවට නියාලු ප්‍රජාතන්ත්‍රවාදයට පිං සිදුවන්නට අදත් යහතිණි. එපමණක් නොව උන් කොටියාට කඩේ යාම වෙනුවෙන් ලංකා රජයෙන් විශාල පඩියක් සහ මන්ත්‍රි වරප්‍රසාද ලැබේ. අහෝ! කාට පවසම් මේ මාරාන්තික විහිළු ?

5 comments:

නිලන්‍ත said...

දෙමළ ජාතික සන්ධානයේ සම්බන්දන්ට නං අද එච්චර සුභ නෑ. කොටි ත්‍රස්තවාදීන්ට අසීමිතව කඩේයෑම ගැන අද CID එකෙන් මේකගෙන් ප්‍රශ්නකරපු බව ආරංචී. මහින්දගේ මානුෂීය මෙහෙයුම දෙමළ ජාතික සන්ධානය දෙසටත් හැරීම ඉතාම සුභ ලකුනක්.

නිලන්‍ත said...

වගේම අත්‍යාවශ්‍යයෙන්ම විය යුත්තක්

නාමල් උඩලමත්ත said...

සහතික ඇත්ත නිලන්ත. මුන් ප්‍රජාතන්ත්‍රවාදී වැරහැල්ලට මුවා වෙලා හිටියට අපට නම් පුල්ලි හොඳට පේනවා. ආණ්ඩුව දැන්වත් ඒ ගැන අවධානය යොමු කිරීම වටිනවා. මම නම් හිතන්නේ මුන්ගෙන් cid එක ප්‍රශ්න කළ යුතු නැහැ. cid එකට වෙන වැදගත් වැඩ නැද්ද?

පිරපාහරන් වගේ ම මුනුත් ත්‍රස්තයෝ. හොරාගේ අම්මාගෙන් පේන ඇසිය යුතු නැහැ. උන් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බව අද ඕන නොදරුවෙක් දන්නවා. ඒ නිසා කළ යුත්තේ වහා ම අත්අඩංගුවට ගැනීම. මුන්ට විරුද්ධව අධිකරණයට සාක්ෂි ගොනු කිරීම.

මේ අය කොටින්ට වඩා භායානකයි. මොකද මුන් ත්‍රස්තවාදීන් කියලා අපේ සමාජය තව ම තේරුම් අරන් නැහැ. මේ තමා පාර්ලිමේන්තු ත්‍රස්තවාදීයෝ. ක්ලේමෝ බෝම්බ 100ක් රටට කරන විනාශය මුන්ගේ කටක් එකවරක් ඇරුනම කරනවා.

amal ishantha said...

දැන් කොටි බලොග් කාරයින්ගේ නම් කට වැහිලා සැහෙන්ට

නාමල් උඩලමත්ත said...

ඔව් ඔව් අමල්, දැන් ඉතින් මොනවා කියලා කියන්න ද? කිව්වත් කවුද අහන්නේ. කොටි වෙනුවෙන් අපි බ්ලොග් ලියපු උන් දැන් ඇටි කෙහෙල් ගිලපු රිලව් වගේ. අපරාදේ ගඟට කැපූ ඉනි.

 
සිය රට දේ සිරි සැප දේ !