Wednesday, February 11, 2009

ත්‍රස්තවාදියාගේ ජාතිය ආගම නොසලකනු!

පෙර වදන_
කොටියා ජාතියේ ලේ සොලවන විට ඒ ලේ නොව ක්‍ෂීර සාගරය කැළඹීමකැයි පැවසීම දේශපාලනය කරගත් දෙමළ ජාතික සංධාකය වහා තහනම් කරන්නැයි ආනන්ද සංගරී මහතා රජයෙන් ඉල්ලා තිබේ. එහෙත් රජය ඉන් නතර නොවී, සිය වස්ත්‍ර ගලවා කොටි පුල්ලි වැසූ සෑම දෙනාටම ද ඬුවම් ලබාදිය යුතු ය. මේ ද්‍රොහීන්ගේ නම් සිංහල, දෙමළ, මුස්ලිම් හෝ ඉංගිරිසි වුව ද කම් නැත. ඒ සියල්ලෝ ත්‍රස්තවාදියෝ ය. උන්ට ජාති, ආගම් නැත. ඇතොත් ජාතිය තිරස්චීනයි. ආගම වෛරයයි.

දෙමළ ජාතික සන්ධානය දඬුවම් ලැබිය යුතු
නඩු භාණ්ඩයකි (දිවයින_09/02/12)

ප්‍රභාකරන්ගේ දේශපාලන බළල් අත වු දෙමළ ජාතික සන්ධානය නමැති ත්‍රස්තවාදී සංගමය (මෙය අපගේ නිර්වචනයයි.) තහනම් කරන ලෙස වීරසිංහම් ආනන්ද සංගරී මහතා රජයෙන් ඉල්ලා තිබේ. එය ඉතා සාධාරණ හා වහා පියවර ගත යුතු ඉල්ලීමකි. ආණ්ඩුව කොටි සංවිධානය තහනම් කළේ නම්, ඒ සමඟම එහි ශාඛා සංවිධාන, එහි අතු ගංගා, එහි කුණු කාණු සියල්ල ද තහනම් කළ යුතු ය. දෙමළ ජාතික සන්ධානය යනු ප්‍රභාකරන් විසින් උපදවන ලද ලේ ගංගා ගලා බැසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු යොදා තනන ලද කුණු ඇළකි. ප්‍රභාකරන්ගේ ඉරණම විසඳෙන විට ඔහුට සම්බන්ධ පන්දම්කාරයන් සියලු දෙනාගේ ද ඉරණම විසඳිය යුතු ය. මෙවැනි ඉරණම්කාරයන්ගේ ලැයිස්තුවක් සැදුවහොත් එහි මුලට ම සිටිනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි. රතු කුරුසය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද එම ලැයිස්තුවේ සිටියි. කෙනකු තව කෙනකුට පිහියකින් ඇන මැරු විට පිහිය නඩු භාණ්ඩයක් ලෙස සලකා අත්අඩංගුවට ගනු ලැබේ. එසේ නැතිව පාන් කැපීමට හෝ එළවළු කැපීම පිණිස පිහිය නිදහස් කරනු නො ලැබේ. එසේම ප්‍රභාකරන්ගේ සිද්ධියේදී දෙමළ සන්ධානය නඩු භාණ්ඩයකි. පිහියට දඬුවම් කිරීමට නීතියක් නැත. එහෙත් දෙමළ සන්ධානයට දඬුවම් කිරීම සඳහා නීති අලුතින් හෝ තැනිය යුතු ය.



(The Island_12/02/09)

දෙමළ ජාතික සන්ධානය මෙයට අවුරුදු කිහිපයකට පෙර දෙමළ එක්සත් පෙරමුණ නමින් හඳුන්වන ලදී. එහි නායකයා වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අමිර්තලිංගම් බෙදුම්වාදී සටනේ මුල් කාලයේදී ප්‍රභාකරන්ට සලකන ලද්දේ පුතෙකුට මෙනි. අමිර්තලිංගම් මහත්මිය ප්‍රභාකරන්ට කිරි නො පෙව්වා පමණි. ඔහු ඒ පවුලේ ආදරණීය දේශපාලන දරුවා විය. එහෙත්, යාපනේ පුරපති ඇල්ප්‍රඩ් දොරෙ\අප්පා මහතා සියතින්ම මැරු පසු ඉතා හොඳින් මුවහත් වු ප්‍රභාකරන් අමිර්තලිංගම්ට ද වෙඩි තබා මැරී ය. ඒ ඝාතනයෙන් පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙදරා ගියේ ය. ප්‍රභාකරන් හැම විටම ඔවුන් මරණයේ සෙවණැල්ල යට තැබී ය. වීරසිංහම් ආනන්ද සංගරී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා බවට පත්වන්නේ මේ අතර ය.

කාලය ගතවෙද්දී ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ආධාරයෙන් ප්‍රභාකරන් සිය සංවිධානය පුළුල් කර ගත්තේ ය. ඒ අතර ප්‍රභාකරන්ට අන්තර්ජාතික මටිටමින් ආධාර එකතු කිරීමට වුවමනා වු නිසා ඔහු දෙමළ පුනරුත්ථාපන සංවිධානය හෙවත් ටී. ආර්. ඕ. සංවිධානය අටවා ගත්තේ ය. ඔවුහු සුනාමියේ පින්තුර පිටරටවල පෙන්වා යුද හමුදාව දැමු බෝම්බවලින් ඒ හානි වු බව කියා සල්ලි එකතු කළහ. මේ අතර ප්‍රභාකරන්ට පිළිගත් දේශපාලන පකෂයක් වුවමනා විය. සමහර පිටරට ලොකු සල්ලිකාරයෝ තමන්ට පත්තරයක් වුවමනා වු කල මාධ්‍ය ආයතනයක් එහෙම පිටින්ම මිලට ගනිති. මේ ආකාරයෙන් ප්‍රභාකරන් ද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එහෙම පිටින්ම තමන් අතට ගෙන එයට දෙමළ ජාතික සන්ධානය යන නම තැබී ය. දෙමළ ජාතික සන්ධානයට එකතු නො වුණේ වී. ආනන්ද සංගරී පමණි. සෙස්සෝ ප්‍රභාකරන්ගේ තුවක්කු කටට බියෙන් හා වෙනත් වාසිවලට ආසාවෙන් ප්‍රභාකරන් යටතේ තම දේශපාලනය කිරීමට එකඟ වුහ. ඒ දේශපාලනය වු කලී ප්‍රභාකරන් මිනී මරද්දී ලේ ගලන විට ඒ ලේ මත සුදු හුණු උලා ප්‍රභාකරන් සාධාරණ බව කියු දේශපාලනයකි. එබැවින් දෙමළ ජාතික සන්ධානය ද ප්‍රභාකරන් කළ සියලු අපරාධවලට වගකීමක් ඇතිව ම සම්බන්ධ ය.

මේ පකෂය වහා තහනම් කළ යුත්තේ ද ඒ නිසා ය. ප්‍රභාකරන් ගින්නේ ලු සියලු කොස් ඇටවල අළු දෙමළ ජාතික සන්ධානය නමැති බළල් අතේ තවමත් ඇත.

11 comments:

නිලන්‍ත said...

සහතික ඇත්ත. මිනීමරු කොටි කල්ලිය වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලෙත් දෙමළ ජාතික සන්ධානය බොහොම උඩපැන්න. මිනීමරුවන්ටයි මිනීමැරීමට අනුබල දීපු එවුවවන්ටයි දෙගොල්ලන්ටම එකම බේත තමා දියයුතු.

දෙමල සංධානය විතරක් නං මොකෝ, කොටි කල්ලිය විනාශකිරීම ගඟට ඉනිකැපීමක්ය, එය අනුමත කරන ප්‍රීති වන සියල්ලෝම මොඩයෝය, ඒගැන බොහෝම හිතේ අමාරුවෙන් ඉන්න තමන් ඇතුලු කිහිපදෙනා පමණක් තුන්කල් දකින ඥාණවන්තයෝය යනුවෙන් අදත් මේ බ්ලොග් ලියන,සිංහල වීම නිසා සිංහලයාට ගරහන, බෞද්ධ වීම නිසා බුදු දහමට නිග්‍රහ කරන, ශිෂ්ඨාචාරසම්පන්න, මහත්තයෙක් තිරය පිටුපස ඉඳල ලියල තිබුනෙ. අපි උන්නැහැල වෙනුවෙන් මොකද කරන්නෙ.
සමහර විට ලංකාවෙ ජනයාගෙන් 99%ක්ම කොටි කල්ලිය විනාශකිරීම අනුමත කරන ගඟට ඉනිකපන මෝඩයන් වීම නිසා අපි ක්‍රියාමාර්ගයක් ගන්න කලින් ඒ උත්තමය නෝර්වේ, UK වගෙ ශිෂ්ඨසම්පන්න රටකට මාරුවෙයි.
පේන හැටියට තව වැඩිකලක් නැතිනිසා ඉක්මන් කලොත් හොඳා.

Ramachandra said...

සමාවෙන්න
එතකොට 83 දෙමල මිනිසුන් සංහාරය කරන්න නායකත්වය දුන්න එජාපයට
56සිටම ජාතිවාදී තීරන අරගෙන දෙමල සමාජය තුල පිලිගැනීමක් නොතිබුන බෙදුම්වාදයට නොමිලේ වටිනාකමක් හදල දීල එය ශක්තිමත් බලවේගයක් කරන්න උදවු දුන් slfp එකට
නැවතත් 89 තරුන ජීවිත 60 000 බිලිගත් එජාපයට
71දී ජීවිත 20 000 ලේ රස බැලූ slfp එකට මොකද කරන්නෙ?ඔයාලා හිංසනයට නම් ඇත්තටම විරුද්ධ හැම ඡන්දෙකදිම අඩුම තරමින් ජීවිත හතර පහක්වත් බාවන මේ පක්ෂ දෙකත් තහනම් කරන්න කියල කතුවැකියක් ලියල පලකරන්නකො.
දිවයිනේ එහෙම පලකරන්න බෑනෙ නේ?ඔය දෙගොල්ලොන්ගෙන් කවුරු බලයට ආවත් එයාලත් එක්ක හොද හිත තියාගෙන ඉන්න එකනෙ විජේවර්ධන පවුලේ හයවෙනි සිල්පදය.ඒක කඩන්නෙ කොහොමෙයි?:)

නාමල් උඩලමත්ත said...

නිලන්ත, අර උගත් මෝඩයා හිතා ඉන්නේ එතුමාටයි, නෝර්වේකාරයටයි, බටහිර තානාපතිලා කීප දෙනෙකුටයි තමා මොළේ තියෙන්නේ, අනෙක් අය රටේ මෝඩයෝ කියලයි. අවුරුදු 30ක් ගඟට ඉනි කැපුවේ කවුද? අපි ද? නැහැනේ. මේ රටේ ආණ්ඩුත් සාම බයිලා ගහ ගහ 9 වතාවක් ගඟට ඉනි කැපුවා. මේ පාර කැපුවේ ඊලාම්වාදීන්ගේ මිනී වළ.

සිංහල නම්වලින් පෙනී ඉන්න තක්කඩි දැන් ඊලාම්වාදයේ මිනි වළ ළඟ කුරුමානම් අල්ලනවා. ආයේ මිනීයට පණ දෙන්න හදනවා. උන්ට ටික දවසකින් තේරෙයි තමනුත් ගඟට ඉනි කැපුව කියලා. හැබැයි මිනිහට මේ ලියපු ටික ප්‍රමාණවත් ජීවිතයට තර්ජන තියෙයි කියලා බටහිර රටකට පැනගන්න. ඒකටනේ දඟලන්නේ. ඒ රටට පැනලා ප්ලාස්ටික් සැත්කමක් කරගෙන සුද්ද වගේ ඉන්න පුළුවන්. මම නම් සුබ පතනවා.

රාමචන්ද්‍ර,
මට මේ මොහොතේ රට මිස වෙන කිසිවක් වැදගත් නැහැ. මේ ආණ්ඩුව අපට වැදගත් රට ඉල්ලා සිටි නායකත්වය ලබාදෙන ‍නිසයි. ඉන් පිට පැන්න දාට අපි ඊට විරුද්ධව වැඩ කරනවා.

71 සහ 89 ගැන කතා කරන්න කලින් ආණ්ඩුවක් සහ ත්‍රස්තවාදී රැළක් අතර වෙනස අවබෝධ කරගැනීම වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදී රජයට එරෙහිව මතුවන කැරලි මර්දනය කිරීමේ අයිතිය රජයකට තියෙනවා. ඒකට තමා මහජන මුදලින් හමුදාවක් නඩත්තු කරන්නේ. නැතිව පොල් ගාන්න නෙමෙයි. කොහොම වුණත් මේ කැරලි ගැන දෙපාර්ශවය ම වගකිව යුතුයි. ඒ ගැන වෙන ම ලිවිය යුතුයි.

දෙමළ ජාතිවාදය 56 ඇති වුණා කීම තරම් බොරුවක් තව නැහැ. දෙමළ ජාතිවාදය අධිරාජ්‍යවාදීන් පෝෂණය කළා. ඒක පසුව බෙදුම්වාදය දක්වා දෙමළ ප්‍රභූවරු ගෙන ගියා.දෙමළ ජාතිවාදය 56 ඇති වුණා නම් චෙල්ලනායගම් මහතා 49 දෙමළ රාජ්‍ය පක්ෂය බිහි කළේ කොහොම ද? දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය 1980 පමණ වන තුරු ප්‍රජාතන්ත්‍රවාදී දහරාවේ වැඩුණා. පස්සේ ඒක ත්‍රස්තවාදීන් අතට පත්වුණා. එතනදී බෙදුම්වාදයේ තාත්තාලා මහප්පලාටත් මැරුම් කන්න සිද්ධ වුණා. ඕකයි කතාව කෙටියෙන්.

දිවයින පත්තරේ රට වෙනුවෙන් ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටි පත්තරයක් මිස, එක එකාගේ බළල් අතක් නෙමෙයි. ආණ්ඩුවට මොන මතවාද තිබුණත් අපි දන්න කාලේ ඉදලා, ත්‍රස්වාදය බෙදුම්වාදය ගැන ඍජු මතයක දිවයින හිටියා. දිවයින සමහරක් තවලම් යද්දි තවලම් ගියේ නෑ. සුදු නෙළුම් උස්සගෙන දිව්වේ නෑ. පැකේජ්වලට පක්ෂ වුණේ නෑ. රනිල්ගේ සාම පිදේන්නට දිවයින අත ගැහුවේ නැහැ.

දිවයින රට වෙනුවෙන් නොසැලී සිටියා. ඉන්දියාවේ හින්දු පත්තරේ වගේ තමා ලංකාවේ දිවයින. වැල යන අතට මැස්ස ගහන අයට දිවයිනේ ඉතිහාසය හොයන එක හොඳා. තමන් නොදන්න දේවල් ගැන හොයලා බලලා ලියනවා නම් ඊටත් වඩා හොඳා.

මේ වෙලාවේ තියෙන්නේ වැල යන අතට මැස්ස ගැහීමක් නෙමෙයි ද කියා කෙනෙක් මගෙන් අහවි. නැහැ. කොහෙත්ම නැහැ. අපි අපට ඕන විදිහට වැල හරවා ගත්තා. වසර ගණනාවක් සාම නාඩගම් නටපු ආණ්ඩුව නමැති වැල අපි නියම මගට අරගත්තා. දැන් වැල, අපි ගහපු මැස්ස දිගේ හොඳට දුවනවා.

වැල අපේ මැස්සේ අපට ඕන විදිහට දුවන නිසා කාටවත් ගෙඩි කඩන්න බෑ මේ පාර. ඒකයි වෙනස ආයුබෝවන්ඩ! ඒ නිසා තමා එක එක පරයි මරාවේශ වෙලා වගේ දොඩවන්නේ.

Ramachandra said...

1.දිවයිනට චරිත සහතික දෙන්න යන එක එතරම් සාර්ථක දෙයක් නෙමෙයි.රනිල්ගෙ සාම පිදේනියට දිවයින අත ගැහුවද නැද්ද කියන එක 2003-03 කාලෙ දිවයින පත්තරේ පරන කලාප තියෙනවා නම් පෙරලලා බැලුවොත් හොදයි.රනිල්ගෙ මාධ්‍ය ඒකකයෙ ප්රධානියෙක් වෙච්ච ශාන් විජේතුංග එහෙම වැඩ කලේ කොහෙද එයාල ලිවිවෙ මොනවද කියන එක පොඩ්ඩක් හොයල බලන එක අපි හැමෝගෙම දැනුමට යහපත්.දිවයින එක්තරා ආකාරයට සිංහල ජාතිකවාදී ස්වරයකට මේ මොහොතේ මාරු වෙලා තියෙන්නෙ පැහැදිලිවම වෙලදපොල අරමුනු වෙනුවෙන්.දිවයිනේම සහෝදර ුවත්පත වන island එක කියෙව්වොත් ඔබතුමාට මේ පටලැවිල්ල වැටහේවි.තිසරනී ගුනසේකර අයිලන්ඩ් එකට ලියන ප්රධාන දේශපාලන සටහන වැරදිලාවත් පරිවර්තනය කරල දිවයිනේ නොයන්නෙ ඇයි?විජේවර්ධන සමාගම ඉංග්රීසි පාඨකයාට ලිබරල්වාදය බෙදනවා.සිංහල පාඨකයාට ජාතිකවාදය බෙදනවා.අන්තිමේදී දෙකෙන්ම විශාල ලාබයක් ලබනවා.අමිහිරි විය හැකි වුවත් ඕක තමයි ඇත්ත
2.71/88 ආන්ඩුව පැත්තෙන් ක්රියාත්මක වුනෙත් ත්රස්තවාදය තමයි.ඒකට දේශපාලන විශ්ලේෂනයෙදි නමක් තියෙනවා.ඒ තමයි රාජ්‍ය ත්රස්තවාදය
3.56 දෙමල ජාතිවාදය ප්රබල බලවේගයක් වීමෙහි ලා හැරවුම් ලක්ෂ්‍යයක්.ඊට පෙර ප්රභූන් අතර බෙදුම්වාදී අදහස් තිබුනත් ඒවාට සාමාන්‍ය සමාජයේ පිලිගැනීමක් තිබුනෙ නැහැ.unp,slfp.lssp අයටත් දෙමල සමාජයේ දේශපාලනය කරන්න විශාල ඉඩක් තිබුනා.නමුත් සිංහල විතරක් රාජ්‍ය භාෂාව කරල,රාජ්‍යය සිංහලකරනය කිරීම පටන් ගත්තට පස්සෙ සුලු ජාතික ජාතිවාදී අදහස් දරන්නන්ට එම සමාජය තුල ලොකු පිලිගැනීමක් හැදුනා.වෙනම රටක් හදාගන්නවා හැරෙන්න අපිට විකල්පයක් නැහැ කියල දෙමල මිනිස්සු හිතන්න පටන් ගත්ත.ත්රස්තවාදීන් නිකම් ඕපපාතිකව බිහිවෙන්නෙ නැහැ.දෙමල තරුනයන් මරාගෙන මැරෙන මානසිකත්වයකට තල්ලු කරන්න දකුනේ ආන්ඩු අරගෙන ගිය ජාතිවාදී ප්රතිපත්ති පැහැදිලිවම බලපෑවා.ඒක නැතැයි කීම පැස්බරා හිස වැල්ලෙ ගහගන්නවා වැනි නිෂ්පල වැඩක්
4.මගේ තර්කය මේකයි.ඔයාල ත්රස්තවාදය-ප්රචන්ඩත්වයට නම් විරුද්ද ප්රචන්ඩත්වය ජාතක කල හා එය පවත්වාගෙන යන පාර්ශව ගොඩක් ඉන්නවා.LTTE වගේම ප්රධාන දේශපාලන පක්ෂ දෙකටත් ඒ වගකීම යනවා.ඇයි තවමත් නැගෙනහිර ආයුධ හරඹ කරන කරුනා සහ පිල්ලෙයාන්?
ත්රස්ත විරෝධී මානුෂික අර්ථයකින් නම් ඔයාලගෙ ‍තොටි විරෝධය එන්නෙ එම පාර්ශවයන්ටත් ඔයාල විරුද්ධ වෙන්න ඕනෙ.
නමුත් ඔබතුමන්ල එහෙම විරුද්ධ නොවෙන්නෙ ඔයාලගේ අදහස් දැක්වීම හුදු සිංහලවාදී එකක් මිස පුලුල් මානවවාදී එකක් නොවන නිසා

Ramachandra said...

දෙමල බෙදුම්වාදය බිහිවීම ගැන තරමක් විස්තරාත්මක අදහස් ප්රමානයක් මගේ බ්ලොග් එක තුල - මුලතිව් දිනීම-යන මැයෙන් පලවෙලා තියෙනවා.එම නිරීක්ෂනයන් සම්බන්ධයෙන් ඔබතුමන්ගේ අභිමුඛවීමක් සිදුවෙනවා නම් මා සතුටු වෙනවා.
http://ramachandrageadaviya-ramachandra.blogspot.com

නිලන්‍ත said...
This comment has been removed by the author.
නිලන්‍ත said...

රාමචන්ද්‍ර මහත්තයාට යමක් මතක් කරනවනං මෙකී ත්‍රස්තවාදය යුද්ධයෙන් පිලිතුරු දීමට පලමුව පත්වු සෑම ආන්ඩුවක්ම සාකච්ඡා කර ප්‍රශ්නය විසඳාගැනීමට උත්සාහ කල අතර එම සෑම අවස්ථාවකදීම කොටි ත්‍රස්තයින් කලේ ආයුධ රැස්කර සාකච්ඡාවට පයින්ගසා නැවත නැවතත් යුධ ක්‍රියාමාර්ග ගැනීමයි. එයින් පෙනෙනනේ ඔවුන්ට මෙය විසඳාගැනීමට අවශ්‍ය නොවන බවයි. මා එසේ කියන්නේ බහුතර ශ්‍රී ලාංකිකයින් කිසිවිටකත් රටෙන් කෑල්ලක් කඩාදීමට අකමැතිබව කොටි ත්‍රස්තයින් දන්නා නිසා මෙම යුද්ධය දිගින් දිගටම පවත්වාගත හැකි වීමයි.හේතුව ඔවුන් කියනා විමුක්තිය කිසිදා සාමාන්‍ය දෙමල ජනයාට ලබාදීමට ඔවුන්ට නොහැකිවීමයි.(එකී විමුක්තියේ තරම දැන් පෙනේ).
ඉතිං එවන් සංවිධානක් අවසාන කිරීමෙන් ලාංකීය දෙමල ජනයාට කිසිම පාඩුවක් හෝ අසාධාරනයක් සිදුනොවේ.

දැන් ඔබ කියයි කොටි ත්‍රස්තයින්ගේ ඉරනම ගැන කිසිම ගැටලුවක් නැත ඇත්තේ දෙමල ජනයාට වන අසාධාරනය ගැන ගැටලුවක් බව. වැදගත් කාරනය නම් මෙහි කොටි ත්‍රස්තයින්ට සහ උන්ගේ ඇම්බැට්ටයන්ට විරුද්ධව යමෙක් කතාකලොත් සෑම විටම සිදුවන්නේ දෙමල ජනයාට අතීතයේ වු කෙනෙහිලිකම් ගැන මහා ලොකු දීර්ඝ විස්තර ඉදිරිපත් කරමින් ඒ අකටයුතුකම් මහින්ද ජනාධිපති අතිනුත් වෙන්න පුලුවනි, වෙන්න යන්නෙ, ඕං උනා මේං උනා කියමින් අනාවැකි පලකරමින් තමාම ඒවා යෝජනාකර ස්තිර කරමින් මුල කී කොටි ත්‍රස්තයින්ගේ අමානුෂික ක්‍රියා සහ උන්ට පන්දම් අල්ලන්නන් පිළිඹඳ අදහස් යටපත් කර දැමීමයි.

ඔබගේ දර්ශනය ඇති මානවහිතවාදීන් සැවොම 1983 එක් මාසයක් ගැන කතාකරනවා මිස, එතැන් පටන් මේ දක්වා ගතවු වර්ශ ගණනාවේ කොටි ත්‍රස්තයින් අතින් ඝාතනයට ලක්වු සිංහලයන් ගැන කතාකරනවද? ඒ ගැන යමෙක් වචනයක් කතා කලහොත් හේ සිංහල ජාතිවාදියා, ම්ලේච්ඡයා ආදිලෙස හඳුන්වයි.(මමද ඉන් එකෙක්මි)
එබැවින් ඔබ අපට කියන පරිදිම අපි ඔබටද කියන්නෙමු. සාමාන්‍ය දෙමළ ජනතාව සහ කොටි ත්‍රස්තවාදීන් පටලවා නොගන්න. අපේ සටන කොටි ත්‍රස්තවාදීන් සහ උන්ට ප්‍රශස්ති ගයන්නන් සමගයි.

සාමාන්‍ය දෙමළ ජනතාව ශ්‍රී ලාංකිකයන් වන තාක් ඔවුන්ගේ හිමිකම් ගැන අපගේ විවාදයක් නැත. සිංහලයෙක් වුවද ශ්‍රී ලාංකිකයෙක් නොවී ඊලාම්වාදියෙක් වේනම් එවිට අපට සටනක් ඇත.

Ramachandra said...

නිලන්ත ඔබ මා කිසිසේත්ම නොපැවසූ දේවල් ප්රමානයක් සදහන් කොට ඒවාට වියුක්ත විදියට පහර දෙනවා.
දැන් කොටි සංවිධානය හොදයි,එයාලගෙන් දෙමල ජනයාට විමුක්තිය ලැබෙනවා වගේ අදහසක් මම කොහේ හෝ නිකමටවත් සදහන් කරල තියෙනවද?
මගේ තර්කය දොස් ලැබිය යුතු එකම පාර්ශවය කොටි සංවිධානය නොවන බව.ඒකෙන් කොටි සංවිධානය දොස් නොලැබිය යුතු බවක් අදහස් වෙන්නෙ නැහැ.
මම විවෘතව 83 ජූලි ගැන වගේම 87 අරන්තලාව ගැන කතා කරන්නත් සූදානම්.නමුත් ප්රශ්නය කසාපබිබතහි කතුවරයා(නිලන්ත ඔබ දරන ස්ථාවරය වඩා ‍වෙනස් එකක් යැයි මට හැගෙනවා)87 අරන්තලාව ගැන මිස 83 ජූලි ගැන කතාකරන්නට සූදානම් නොවීම.56 දෙමල මිනිසුන්ට අසාධාරනයක් සිදු වූ බව පිලිගැනීමට සූදානම් නොවීම.
සියලු කුනු එල්.ටී.ටී.ඊයට පටවලා ෂේප් වීමට මම එකග නැහැ.
කොටි සංවිධානයට විරුද්ධ විය යුතුයි තමයි.නමුත් ඒ විරුද්ධ වෙන්නෙ දෙමල ජාතිවාදයට විරුද්ද සිංහල ජාතිවාදී ස්ථාවරයකින් නම් ඒක නිෂ්පලයි.ජාතිවාදයන් හැම එකම නරුමයි.දරුනුයි.මානව විරෝධීයි.
මා පෙන්වලා දෙන්නෙ කසාපබ්බතහි තිබෙන එම දෘෂ්ටිමය ඌනතාවය.වෙනස් අදහසක් ඇසුන පමනින් ඉක්මන් වෙලා ආවේගාත්මක ලේබල් ගහන එක එතරම්ම තාර්කික නැහැ නේද?

නිලන්‍ත said...

මාගේ කරුණු දැක්වීමේදි කිසිවිටකත් ඔබ කොටියාට කඩේ යන්නෙකු ලෙස නොකීවෙමි. මාගේ තර්කය යමෙක් කොටි ත්‍රස්තයින්ට විරුද්ධව කතිකාවක් ඇරඹු වහාම මානවහිතවාදී සර්ව සාධාරන පුද්ගලයන් යැයි කියාගන්නා අය කොටි ත්‍රස්තයින් අමතක කර එතනට සාමාන්‍ය දෙමල ජනයා ආදේශ කර කරනුලබන කරුණු දැක්වීම අසාධාරන බවයි.

අවසානයේ කොටියා පැත්තක තබා අතීතයේ සිට සිංහල මිනිහාගෙන් දෙමල මිනිහාට වු සහ අනාගතයේදී වෙන්න තියෙන අසාධාරනයක් ගැන තර්ක ගොඩනගයි. බොහෝ අයගේ සත්‍ය අරමුණද එයම වේ. ඔබත් දැනුවත්ව හෝ නොදැනුවත්ව එම කන්ඩායමට සහය දක්වන්නෙක් වී ඇතිබව මගේ හැඟීමයි.
මාගේ ඉහත කරුණු දැක්වීමේ එන "ඔබගේ දර්ශනය ඇති මානවහිතවාදීන් සැවොම" යන්නෙහි අර්ථය එයයි. එය ඔබට ලේබල් ගැසීමක් නොවන බව වටහා ගනුමැනවි.

කසාපබ්බත කතෘගේ මාතෘකාවද "ත්‍රස්තවාදියාගේ ජාතිය ආගම නොසලකනු" යන්නයි. එයින් දෙමල හෝ සිංහල හෝ මුස්ලිම් බවක් නොහැඟවේ. ත්‍රස්තවාදියාගේ ජාතිය ත්‍රස්තවාදි ජාතියයි. කසාපබ්බත මෙහිදී පහරදී ඇත්තේ ඉතා ප්‍රසිද්ධියේ කොටි ත්‍රස්තවාදීන්ට කත් ඇද්ද දෙමළ ජාතික සන්ධානය නමැති කල්ලියටයි. සාමාන්‍ය දෙමල ජනතාව දැන් අමු අමුවේ ඝාතනය කරන විට දත-කට පූට්ටු වී කොටි කල්ලියට එරෙහිව වචනයක් කතාකරගත නොහැකිව සුලුදිය පිටකරමන් සිටින කල්ලියටයි.

නාමල් උඩලමත්ත said...

ජාතිවාදය සහ ජාතිකවාදය කුමක් ද යන්න ගැන මගේ අර්ථකථනය මම සංහිඳේ ලියා ඇත. (http://sanhindha.blogspot.com/2008/03/blog-post_18.html) 56/83 බෙදුම්වාදියාට රස ගුළාවක් බව මම දනිමි. එහෙයිනි 2009 වසරේදීත් 56/83 බයිලාව ගයමින් එහිම ළැග, එයම කමින් නැවතත් වමාරා කමින් අපට ද ඒවා කෑමට බල කරන්නේ. කසාපබ්බත කතුවරයා වන මම 56/83 ගැන කතා නොකරනවා නොව කතා කර අවසන් ය.

56 ගත් සියලු තීන්දු තීරණ මෙරට සුළු ජනතාවයට විරුද්ධව ගත් තීන්දු තීරණ ‍නොව එවකට ආධිපත්‍ය දැරූ ඉංග්‍රීසියට එරෙහිව ගත් ඒවා ය. එම තීරණවල යම් යම් අඩුපාඩු තිබේ. එහෙත් 75%ක් වන සිංහලයින්ගේ බස රාජ්‍ය බස කිරීම දෙමළ 12%ට කරන අසාධාරණයක් වන්නේ කෙසේ ද? එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක් ද? දෙමළ නිජ භූමිය වන ඉන්දියාවේ පාවා දෙමළ රාජ්‍ය බසක් නොවන බව නොදනි ද? අනෙක් අතට ගැටළුව සිංහලට පමණක් තැන දීම නම් 1977 ව්‍යවස්ථාව දෙමළ බස ද රාජ්‍ය බසක් කළ කල සියලු රෝග නිවාරණ විය යුතු නොවෙ ද? එහෙත් එසේ වූයේ නැත. ඒ ප්‍රශ්නය එය නොවන බැවිනි. අද ද මෙරට සිංහල දෙමළ නාම මාත්‍රික රාජ්‍ය භාෂා පමණි. රජ කරන්නේ ඉංගිරිසියයි.

1983 ඇති වූයේ මහා ඛේදවාචකයක් බවට විවාදයක් නැත. ඊට පාර කැපුවේ පිරපාහරන් ය. ඒ හමුදා සෙබළු 13 මරා දැමීමෙනි. අද මෙන් ජීවිත නොවටිනා දෙයක් නොවූ එකල, පාරේ බල්ලෙක් මැරී සිටියත් අනේ අපොයි! කී රටක මිනිසුන්ට එය මහත් කම්පනයක් විය. එහෙත් ඊට මුවා වී එවිපය (එක්සත් විජාතික පක්ෂය) කළ අධම ක්‍රියා මම අනුමත නොකරමි. කෙසේ වුව ද 83 බෙදුම්වාදීයාට ත්‍රස්තවාදියාට සුරබිදෙනක් වූ බව සක් සුදක් සේ පැහැදිළි ය. බෙදුම්වාදියා තවම විකුණන්නේ 83 ය. අපට සතුටු විය හැකි කාරණය ඉන් මෑත කිසිවක් සිදු නොවූ බව එයින් ම පැහැදිළි වන නිසා ය. නැත්නම් 83 විකුණන්න සිද්ධ වන්නේ නැත. 83, පිරපාහරන් කැපු වළේ රෑ වැටි මෙරට ජනතාව, 83 සිට ඔහු කැපූ දහසක් වළවල වැටුණේ නැත. ඒ මෙරට ජනතාව ජාතිවාදී නොවන හෙයිනි. ජාතිවාදී, මෙරට දෙමළ නායකයින් මරා දැමූ අය සහ ඒවා ගැන කතා නොකරමින් 56/83 බයිලා ගහන වූන් ය.

කරුණා පිල්ලෙයාන් පාර්ශවයට කොටි තර්ජන ඇත. එහෙයින් ඔවුන් මේ මොහොතේ නිරායුධ කිරීම අත්‍යවශ්‍ය නැත. එය පසුව කළ හැකි ය. ඔවුන් බෙදුම්වාදය ප්‍රතික්ෂේප කර ඇති පිරිසකි. එහෙයින් ඇතැම් කුහකයින් ඔවුන් අනාරක්ෂිත කර කදිරගාමර්, ප්‍රනාන්දුපුල්ලේ යැවූ මඟ යැවීමට උත්සහ කළ ද ඊට නොරැවටිය යුතු ය.

අවසනකීමට ඇත්තේ මම සිංහල, දෙමළ හෝ ඕනෑම ජාතිවාදයක් ප්‍රතික්ෂේප කරන බව ය. ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින බව ය. මම මෙරට ප්‍රධාන පක්ෂ දෙකේ ම සමාජිකයෙක් නොවෙමි. ඒවායේ හොඳක් ඇත්නම් අගයමි. වරදට බැණ වදිමි. අද එජාපයට එවිපය (එක්සත් විජාතික පක්ෂය) කියා අමතන මා හෙට ශ්‍රීලනීයට එසේ ඇමතීමේ හැකියාව ඇත. එහෙත් 1971 සිදු වූ වැරදි 2009 මහින්ද මත පටවා ඔහුට බැණ වැදීමට තරම් අප කුහක නැත. ඔහු රටේ ත්‍රස්තවාදය අතුගා දමන විට 71 සිහි කර වත්මන් පාලනයට බැණ වැදීම කෙතරම් යථාර්ථවාදී දැයි නුවණැත්තෝ කල්පනා කරත්වා!

නාමල් උඩලමත්ත said...

චන්දිම,
රට වෙනුවෙන් අපට කළ හැකි පුංචි ම හෝ දේ කරන්නට එක්වීමෙන් ඔබ ජාතියට යුතුකම් ඉටු කළා වෙයි.රටට අවශ්‍ය ඇත්ත ඇති සැටියට දකින මිනිසුන් ය. අප යම් යුගයක ගොඩනගන ලද මතවාදයක් දැනුමක්, පවතින සමාජ ක්‍රමය විසින් නිශ්ප්‍රභ කළ කල්හි නිහතමානී වීමට අපට හැකි විය යුතු ය. නව ලෝකය දෝතින් භාරගත හැකි විය යුතු ය. 56/83 බයිලාකාරයින්ට නැත්තේ ද එයම ය. පලස්තීන වැසියන්ඉරාක වැසියන්ට, ඇෆ්ගන් වැසියන්ට නොතිබූ ඊනියා මානව අයිතිවාසිකම් බිල්ලා තව දුරටත් අප සූරා කෑමට. පාලනයට යෙදු උපාය පමණි. මේ යුද්ධය සාමාන්‍ය ජනතාව වෙනුවෙනි. ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙනි. එමෙන් ම බෙදුම්වාදයේ මළගම වෙනුවෙනි.

56/83 ගැන කතා කරන මේ අයට මේ මොහොතේ කොටියා අහිංසක දෙමළ ජනතාව ප්‍රාණ ඇපයට ගෙන කරන මහා සංහාරය පේන්නේ නැත. කොටින්ගේ අපායෙන් මිදී රජයේ පාලන ප්‍රදේශයට පැන එන ජනතාවට වෙඩි තබන හඬ උන්ට ඇසෙන්නේ නැත. ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිත, ජීවිත නොවේ. ඒ ලේ, සුසුම්වලට අගයක් නැත. මන්ද ඒවා මේ මානවහිමිකම් මුදලාලිලාට අලෙවි කළ නොහැකි ය. එහෙයිනි 83 ඉහිරුණු කිරට මේ මහා මානව හිතවාදීන් අදත් හඬන්නේ. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා අද ඔවුන්ගේ මිනී වළ හාරයි. 56/83 බෝඩ් ඔසවාගෙන ඒ ම්ලේච්ඡත්වය වසන් කරනට, කොටි පුල්ලි සිල් රෙදිවලින් වසන්ට වෙර දරන වසළයින් වහා හදුනාගත යුතු ය.

මේ සියලු දෙනා විවිධ මං එස්සේ බෙදුම්වාදව පෝෂණය කරමින් සිටියි. ත්‍රස්තවාදය නිහඬව ඉවසයි. ඒ නිහඩ බව උන්ගේ ක්‍රියා අනුමත කිරීමක් වන්නේ, ත්‍රස්තවාදයේ කෲර වර්තමානය සාධාරණීකරණය කරන්නට අතීතයට,56/83ට, දුවන්නේ එහෙයිනි. ආනන්ද සංගරී නමැති දෙමළ නායකයා TNA තහනම් කරන්නැයි පවසන විට මොවුන් රටේ දේශපාලන පක්ෂ තහනම් කරන්න කතා කරන්නේ එහෙයිනි. ත්‍රස්තවාදයේ ජාතකය අපට උගන්වා උන්ගේ ජඩ ක්‍රියා නිහඬව ඉවසන්නැයි අපට නොකියා කියන්නේ එහෙයිනි. එහෙත් තව ටික දිනකින් ත්‍රස්තවාදය මෙරටින් අතුගෑවි යනු ඇත. එසැනින්ම බෙදුම්වාදය ද ඒ මඟ යැවීමට කටයුතු කළ යුතු ය. මන්ද බෙදුම්වාදය ත්‍රස්තවාදයේ පියා ය.

 
සිය රට දේ සිරි සැප දේ !