වැවිලි කර්මාන්තයේ අර්බුදයට දෙවියන්ගෙන් මිස මහින්ද රාජපකෂගෙන් නම් පිහිටක් නැතැයි විපකෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාල්ලේදී කතාවක් පවත්වමින් කියා තිබේ. රාජපකෂ ජනාධිපතිතුමාගේ පිහිට දෑනට අප ලබන යුද ජයග්‍රහණ වෙනුවෙන් තිබුණාම ප්‍රමාණවත් බව කියමින් අද මේ වැකිය පටන් ගනිමු. වැවිලි කර්මාන්තයේ අර්බුදය විසඳා ගැනීමට හැකි වන්නේ ගොවියනට ජීවත් වීමට ඒකීය රටක් තිබුණොත් පමණි. එය බෙදුම්වාදීන් අතින් කැබලි බවට පත්වී විසිරී ගියහොත් කොහේ කුඹුරු කොටන්නද? කොහේ අල හිටවන්නද? පොල් වවන්නේ මාල දිවයිනේද? තේ හිටවන්නේ ගාලු පාර දිගේද? දෑනට මේවා ගැන කරදර වීමෙන් අපි කවුරුත් වැළකී සිටිමු. මේ මොහොතේ වැදගත් වන්නේ උතුර හා නැගෙනහිර දෙපළාත ජාතියට යළි සියයට සියයකින්ම අයිති වෙමින් පැවතීමය.
ප්‍රභාකරන්ගේ චරිතය අළලා පොතක් ලියු ඉන්දියානු ලේඛක නාරයන් ස්වාමි අපගේ සහෝදර පුවත්පත වන
දි අයිලන්ඩ්
පත්‍රයට ඉතා අගනා ලිපියක් සපයා තිබිණි. ඔහු කියන පරිදි ප්‍රභාකරන් මේ මොහොතේදී සිටින්නේ උතුරෙ\ හෝ නැගෙනහිර බංකරයක් තුළය. ඔහු වෙනුවෙන් කැපවී ලේ පිපාසයෙන් අන්ධවී සිටින කොටින් සහ කොටි දෙනුන් පිරිසක් විසින් ඔහු ආරකෂා කරනු ලැබෙත්. මේ වන විට කොටි හමුදාවේ මුළු බලය 2000 කි. මරාගෙන මැරීමට සුදානම් වන්නේ ඉනුත් 1000 ක් පමණි. සෙස්ස සුදානම් වන්නේ හැකි මුල්ම අවස්ථාවේදී ආයුධ තබා පැන දිවීමටය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, අවිදුර දෘෂ්ඨිකත්වය යන රෝගවලින් පෙළෙමින් සිටින ප්‍රභාකරන් තමන් ලද පරාජයන්වලින් හරියටම දන්නේ 50% කටත් අඩු ප්‍රමාණයක් බව කියනු ලැබේ. හේතුව ඔහු තවදුරටත් මානසිකව ඇද වැටීම වළක්වාලනුවස් ඔහු වටා සිටින ආසන්නතමයන් සමුහය වැඩි විස්තර ඔහුට නොදීමය. කෙසේ වුවද ප්‍රභාකරන් සයනයිඩ් කා මිය යන්නේ නැති බව ඉන්දියන් යුද විශේෂඥයන්ගේ මතයයි. එයට ප්‍රධාන හේතුව ඔහුට එවැනි දෙයකට ආත්ම ශක්තියක් නොතිබීමය. වසර 2002 පෙබරවාරි මාසයේදී සටන් විරාම ගිවිසුමෙන් පසු කිලිනොච්චියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට පවා ඔහු ආවේ පණ බයේ වෙවුලමිනි. ඔහුගේ මානසික ආතතිය ඒ මොහොතේදී පවා ඉතා පැහැදිලි ලෙස පෙනුනි.
ප්‍රභාකරන් දෑනට සැඟව සිටින්නේ සිවිල් ජනයා මධ්‍යයේය. එය සටන්කාමියකු නොවන නින්දිත කැණහිලකු විසින් අනුගමනය කරනු ලබන ඉතා පහත් හා කොන්ද පණ නැති යුධෝපක්‍රමයකි. ඔසාමා බින් ලාදින් පවා එම පහත් යුද උපක්‍රමය අනුගමනය කර නැත. එහෙත් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායක මුල්ලා මොහොමඩ් ඔමාර් නමැති කැණහිලා එම උපක්‍රමය පාවිච්චි කළේය. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත් ජෝර්ජ් බුෂ් හිටපු ජනාධිපතිතුමා ඇෆ්ගනිස්ථානයටත් බෝම්බ දමා එතැනින් නොනැවතී ඉරාකයත් කුඩු පටිටම් කර දහස් ගණනක් සංහාරය කර ලේ විලක් කළේය.
මේ මොහොතේදී මේ රටේ පවත්නා යුද්ධයේ විශේෂත්වය වන්නේ ත්‍රස්තවාදයේ මුවාවෙන් සිවිල් වැසියන් සංහාරය නොකිරීමය. එසේ කළා නම් මී ගුලකට රිංගු ගැරඬියකු එළියට අදින සැනින් ප්‍රභාකරන් අල්ලා ගැනීමට ඉඩ තිබිණ. එහෙත් සාමාන්‍ය මිනිසුන් මරා ලබන ජයග්‍රහණයට මේ හමුදාපතිත් සේනාධිනායකයාත් අකමැති බව පෙනේ. එය උතුරෙ\ කොටුවී සිටින අසරණ දෙමළ ජනයාගේ වාසනාවකි.
ප්‍රභාකරන් ගැන වැඩි විස්තර සමහර විට අපට ඉදිරියේදී දෑන ගැනීමට නොහැකි වනු ඇත. පත්තු වු වෙඩිල්ලක් මෙන් ඔහු පිළිබඳ මතකය වෙඩි බෙහෙත් ගඳට සීමා වනවා ඇත.
(දිවයින-09/02/03)
එහෙත් මෙසේ වෙඩි බෙහෙත් ගඳ වියැකෙනවාට අකමැති ද්‍රෝහී රැළක් ද අප අතර ඇත. උන් කැමති මේ ප්‍රශ්නය තව සිය වසක් නොව දස දහස් වසක් පවතිනවාට ය. එසේ පවතී නම් උන්ගේ රැකියා පිළිබඳ ප්‍රශ්නයක් උන්ට නැත. අහිමි මානව හිමිකම්, සුළු ජාතික අයිතීන්, ළමා අයිතීන්, ජනමාධ්‍ය නිදහස ගැන උද්ඝෝෂණ කළ හැක්කේ මෙවන් ප්‍රශ්න ඇති විට ය.
එසේ නැත්නම් මෙවන් ධන උල්පත් කෙසේ මතු කරගන්න ද?
එහෙයින් අවසාන මොහොතේ හෝ පිරපාහරන් බේරාගෙන මේ හිඟන්නාගේ තුවාලය සදාකාලික කරගන්නට දෙස් විදෙස් ද්‍රොහීහු දිවා රෑ නොබලා වෙහෙසෙති. උන් අතේ ටී 56 වෙනුවට පෑන් ඇත. වෙඩි තබනු වෙනුවට ඊට වඩා භායානක මතවාද රට වැසි මනස්වලට පොම්ප කරනු ලැබේ. ලෝකයාට රට ගැන අන්තිම වැරදි චිත්‍ර නිර්මාණය කරදෙනු ලැබේ. ටී 56 අතැති ත්‍රස්තයාට අපේ විරෝදාර රණ විරුවන් පිළිතුරු දෙනු ඇත. පෑන අතැති ත්‍රස්තයින්ට එරෙහිව රටේ දේශප්‍රේමි බලමුළු රොද බැඳිය යුතුව තිබේ. ඒ ද්‍රොහීන්ට පෑනෙන් පිළිතුරු දිය යුතුව තිබේ.
Monday, February 2, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment