Monday, February 9, 2009

(රතු) කුරුසියේ තබා ඇණ ගැසිය යුත්තෝ කවරහු ද?

මේ පුන් පොහෝ දවසේත් ප්‍රභාකරන් ගැන ලිවීමට සිදු වීම ගැන බලවත් සේ කනගාටු වෙමු. මෙවැනි උතුම් දිනයක සාකච්ඡා කළ යුතුව ඇත්තේ සදහම් කාරණා ය. එහෙත් අපගේ කර්ම ශක්තිය තවමත් දුර්වල නිසා අපට කතා කරන්නට සිදු වන්නේ කොටි සංවිධානය, රතු කුරුස සංවිධානය වැනි ත්‍රස්තවාදී සංවිධාන ගැන ය. මෙහිදී අපට වැරැදීමක් සිදු විය. අප "ත්‍රස්තවාදී සංවිධානය" යන යෙදුම වෙනුවට "ත්‍රස්තවාදී සංවිධාන" යන යෙදුම පාවිච්චි කළෙමු. දෙවන යෙදුමට අනුව රතු කුරුස සංවිධානය ද ත්‍රස්තවාදී සංවිධානයකි. එසේ ලිවීම ගැන කොටින් ගැනත් රතු කුරුසය ගැනත් වෙන වෙන ම දන්නා උදවිය කමත්වා!

මුලතිව් නගරයේ පිහිටි ප්‍රභාකරන්ගේ බංකර් නිවසට මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයන් උදව් කර ඇති බව ඉරිදා (08) "දිවයිනේ" පළ විය. මේ බංකරයේ වායුසමීකරණ යන්ත්‍රයට විදුලිය සපයා ඇත්තේ ඩෙන්මාර්කයෙන් එවු විදුලි උත්පාදන යන්ත්‍රයක් මගිනි. එමගින් මුළු මහත් වන්නි දිස්ත්‍රික්කයටම විදුලිය සැපැයිය හැකිලු. ඩෙන්මාර්කයේ එන්. ජී. ඕ. වක් මේ යන්ත්‍රය කිලිනොච්චියේ දිසාපති කාර්යාලයට ලබා දී ඇත. දිසාපති කාර්යාලය එය කෙළින්ම කොටින්ට දී ඇත. මෙය යකාගේ දිසාපති කාර්යාලයකි. මෙහි දිසාපතියා කවරෙක්ද?

ඒ කතාව පසෙක තබමු. ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානය සහ එහි ප්‍රධානියා වන පොල් කැස්ට්‍රෝල් ගැන විවිධ මතභේද හටගෙන තිබේ. එයට ප්‍රධාන හේතුව මළ සිරුරු බහාලන මලු ඉල්ලා සිටිමින් ඔහු විසින් ලෝක ප්‍රජාව වෙත පණිවුඩයක් යැවීම ය. ආණ්ඩුව සහ කොටින් අතර ඇති යුද්ධයට සටන් විරාමයක් ලබා දීම සඳහා මැදිහත් වන ලෙස ඔහු ලෝක ප්‍රජාවට කියා තිබේ. ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවන බව සෙවීමට ඔහු උනන්දුය. ඇත්ත තමයි: ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදු වන්නේ ය. ආසන්නම උදාහරණය පසුගියදා මුලතිව් හි "චලේ" නමැති ප්‍රදේශයේදී මරාගෙන මැරෙන කොටි දැරියක් පුපුරුවා ගැනීමය. කොටි ඇය යුද හමුදාව ඉදිරියට එවා ඇගේ සිරුරේ බැඳ තිබු පුපුරණ ද්‍රව්‍ය ඩෙටනේටරයකින් පුපුරුවන්නට ඇත. එය යුද අපරාධයකි. මුලතිව් ප්‍රදේශයේ තිබී වධ කාමර සහ හිර ගෙවල් යුද හමුදාව සොයාගෙන ඇත. එහි යුද අපරාධ සිදුවු බවට මේ වධ කාමර සාකෂි දරනවා ඇත.

මළ සිරුරු බහාලන බෑග විශාල වශයෙන් එවන ලෙස ලංකාවේ රතු කුරුස කාරයා ලෝක ප්‍රජාවට ඉල්ලීමක් යැවුවේ වැරදි පණිවුඩයක් ප්‍රචාරය කිරීම පිණිස ය. ඒ පණිවුඩය නම් ශ්‍රී ලංකාව තුළ සමුහ සංහාර සිදුවන බව ය. එය හරියටම 1970 ගණන්වල කාම්බෝජයේදී සංහාරය කෙරුණ ලකෂ සංඛ්‍යාත ජනයා ගැන ලෝකයට යැවුණු පණිවුඩය හා සමාන පණිවුඩයකි. මෙයට වසර දහයකට හෝ දොළහකට පමණ පෙර සර්බියාව, කොසෝවෝව වැනි තැන්වල සිදුවු සමුහ සංහාර වලදී මෙවැනි පණිවුඩ ලෝකයට යැවිණි. එහෙත් අපට එවැනි ප්‍රශ්නයක් නැත. ශ්‍රී ලංකාව සටන් කරන්නේ රටෙන් කැබැල්ලක් කඩා ගැනීමට තැත් කරන ත්‍රස්තවාදීන් සමග ය. එතැනදී අවමංගල්‍ය අධ්‍යකෂවරුන් ලෙස කටයුතු කරන රතු කුරුසය එයින් එහාට ගොස් හදිසි මරණ පරීකෂකගේ රැකියාව ද කරන්නට පටන් ගෙන තිබේ.

ලෝකය විසින් හැමදාමත් කුරුසයේ තබා ඇණ ගසන ලද්දේ නිවැරදිකරුවන් ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එවැනි නිවැරදිකරුවෙකි. උන්වහන්සේට ඇණ ගසද්දී දෙපැත්තේ කුරුස දෙකක තබා සොරුන් දෙදෙනකුට ද ඇණ ගසන ලදී. උහු සොරු ය. වැරදිකරුවෝ ය. මේ තත්ත්වය ශ්‍රී ලංකා රතු කුරුසයේ නායක පෝල් කැස්ට්‍රෝල් සම්බන්ධයෙන් ආදේශ කළ යුත්තේ කෙසේ දැයි ජනයා ප්‍රශ්න කළොත් අපි ඊට උත්තර නොදෙමු. එහෙත් හැමදාමත් කුරුසියට ගිය අය අතර නිවැරදිකරුවන් වු බව යළි කියමු. වැරදිකරුවෝ සුඛෝපභෝගී එන්. ජී. ඕ. වල නායකයෝ ලෙස අදටත් සිටිති.

(දිවයින-09/02/09)

පසු වදන_
අප වන් අර්බුදවලට මැදි වූ රටවල ප්‍රශ්න සිය ආදායම් මාර්ග කරගත් ධනවත් රටවලට අයත් NGO හිවල් හමුදා ගැන අපි නිතර ලීවෙමු. ආණ්ඩුව වහා ක්‍රියාත්මක වී මේ හිවලුන් රටෙන් පන්නා දැමිය යුතු ය. ජීවිතාන්තය දක්වා යළි මෙරටට පැමිණීමට නොහැකි වන සේ වීසා අවලංගු කළ යුතු ය. එසේ නොවුණු කල සිදුවනුයේ සිවිල් ජනතාව නීතිය අතට ගැනීම ය. නොබෝදා රතු කුරුසියට එල්ල වූ ගල් මුල් ප්‍රහාරය ඊට නිදසුනකි. මේ වරදකි. ඒ සඳහා ආණ්ඩුව ඉඩ තැබිය යුතු නැත. ඒ බල්ලෙක් පය සපා කෑ කල, නැවත බල්ලා සපා කෑම අපට නොතරම් නිසා ය. ජනතාව ඒ පහත් තත්ත්වයට ඇද නොදැමීම ආණ්ඩුවේ වගකීමයි.

5 comments:

Liberal Lanka said...

Red cross is a terrorist organization? Red cross is doing and has been doing an important humanitarian work in the war zone. Who do you think give bulk of the food to people in the wanni? It is the world food programme to which we also belong.

When the Red Cross is sent home would you go to wanni and work voluntarily, rather than writing hate crap in a comfortable AC room?

නාමල් උඩලමත්ත said...

ආ.. ලිබරල් මහත්තයාට රිදිලා වගේ. මම කලිනුත් කීවා මගේ ඉංග්‍රීසි දැනුම හොඳ මදි කියලා. ඒ නිසා සිංහලෙන් ලියනවා නම් හුඟක් වටිනවා.

රතු කුරුස සහ රතු අඩ සඳ සංවිධානවල ආරම්භක අරමුණු පරමාර්ථ ගැන මම නොදන්නවා නෙමෙයි. ලොව පුරා බොහෝ යුද ගැටුම්වලදී ඔවුන් කළ කාර්යභාරය අමතක කළා නෙමෙයි.

අපට ඇති ප්‍රශ්නය ඔවුන්ගේ මුල් අරමුණු පරමාර්ථවලින් මිදී කිසිදු හිරිකිතයකින් තොරව ත්‍රස්ත ගැති දීන කටයුතු එහි ලංකා නියෝජිතයා විසින් ඉටු කිරීමයි. ඊට එරෙහිව මෙරට ආණ්ඩුව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීමයි.

රතු කුරුසට මේ රටේ මිනිසුන්ට කළ හැකි ලොකු ම සේවය සදහටම මෙරටින් චුතවීමයි. ඔවුන්ගේ කාර්යභාරය යුද කළාපවල ජනතාවගේ සුබ සාධන කටයුතු නම් එය තව කෙටි කලකින් කෙළවර වනු ඇත. ඒ යුද්ධය අවසානයක් කරා පැමිණ ඇති හෙයිනි.

අපේ රට සහ එහි වෙසෙන ජනතාව වෙනුවෙන් යම් හෝ සේවයක් කිරීමට අපට හැකි නම් එය අප ලද මහත් වරප්‍රසාදයක් සේ සලකමු. ඊට මිලක් දිය නොහැකි ය. ඊට ජාති ආගම් භේද නැත. උතුර දකුණ නැගෙනහිර බටහිර ප්‍රශ්නයක් ද නැත.
උපන් බිමේ ප්‍රගමනය සඳහා අපෙන් විය යුතු යුතුකම් අපි නොපිරිහෙලා ඉටු කරමු. 'රටෙන් අපට නොව අපෙන් රටට' මගේ ප්‍රතිපත්තියයි.

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

Liberal Lanka said...

I know you are a decorated lier around here but don't say you don't understand english, looking at your replies, you understand english very well. Sorry, I write in english because it is fast. My sinhala is also better than english but what to do? sorry again.

You haven't answered any of my questions. Do you think just by writing a poem you can convince us that you have done something for the poor people in war zones.

Red Cross work is not only in conflict areas. Why don't you do a research before writing these things. They have done more work than some pradeshiya sabhas even in southern areas.

Whether NGO's should leave is call to be made by poeple in war zones and improvised areas, not by people like you who enjoy the realitive luxury in colombo offices.

නාමල් උඩලමත්ත said...

මේ රටට එන විවිධ සංවිධාන එහි වත්කම් භාවිතයෙන් රටට වින කටින අතර සොච්චමක් වියදම් කර ඊනියා සහන සේවා කරන බව සැබෑ ය. ඒ හුදෙක් සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා පමණකි. වන්නි මුදා නොගත් ප්‍රදේවලට සාමාන්‍ය වැසියාට නිවාස 40 000ක් තනා දීමට යයි කියා උන් රැගෙන ගිය සිමෙන්ති යකඩවලට සිදු වූ දේ නොදන්නා අය සිටී ද? මිනී බහාලුම් 35 0000ක් ඇනවුම් කිරීමෙන් මේ තක්කඩි අපට ලබා දීමට තතනන සේවය කුමක් ද?
උන්ගේ මේ පන්නයේ සේවා අතර සිය වෘක මුහුණ සඟවා අපට බැටළු වෙස් මැවීමට කටු කැබලි විසි කළ ද අප ඉන් නොරැවටෙමු. අපි ඒවා නොබුදිමු.

අප යම් යම් සේවා රටට දැයට කරන්නේ අපගේ ප්‍රතිරූප වර්ධනය කරගැනීම පිණිස නොවන හෙයින් අනෙක අප රටෙන් ලද දේට අප දුන් දේයින් අලගු තැබීමට ද නොහැකි යයි අප නිහතමානීව සිතන හෙයින්ද ඒ ගැන කතා කළ යුතු නැත. ඔවුන්ට අපගේ සේවය අවැසි ඕනෑ ම විටක ඒ වෙනුවෙන් කැපවන්ට අප සුදානම් ය. ඒ අවස්ථාවේ සහෝදරත්වයේ දුම්රිය ලොරි බස් සිය ගණනක් වන්නියට ඇදෙනු ඇත. ඔවුන්ගේ ජීවිත යළි ගොඩනඟන්නට ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට අප සුදානම් බව ද ඔබට සතුටින් දැනුම් දෙමු.

අප කොළඹ ශීත කාමරවලට නොඉපදුනු බව ද ඊට උඩින් පාත් නොවූ බව ද පවසමි. අපට දුගී දුප්පත්කම් නැති බැරිකම් අරුම නොවේ. 89 දකුණේ භීෂණය අප විඳ ඇත්තෙමු. අද, තිස් වසරක් තිස්සේ එවන් සිය ගුණයක භීෂණයක් විඳි අපේ ජනතාව ඉන් සම්පූර්ණයෙන් මුදවා ගැනීමේ අවසන් මොහොතට රට පැමිණ ඇත. මේ ස්වර්ණමය මොහොත එක එක පරයින්ට පැහැර ගැනීමට දීමට අපට නොහැකි ය. එහෙයින් රටට ද්‍රෝහීවන්නෝ වහා එලවා දැමිය යුතුයයි නැවතත් පවසමි. ලෝකයේ භයානකම ත්‍රස්තවාදියා පරාජය කළ අපේ රටට ලක්ෂයක් මිනිසුන්ට කන්න දීම කජ්ජක් ද? කොටින් ම අපේ ප්‍රශ්න අපට විසඳාගත හැකි ය. ඒ සඳහා මිනී කපුටන්ගේ සේවය අනවශ්‍යය ය.

Wiz Kun said...

I cannot understand why RedCross would want to do wrong to any country. What benifit would they get. You have to explain this to back up your theory!

Your idea is a single sided Conspiracy theory, which does not even has supportive evidance. Even those who made conspiracy theories against US government and UFO have better evidance to back their theory...!

 
සිය රට දේ සිරි සැප දේ !