Tuesday, February 24, 2009

අඬන්නා සහ බටනලාව

අඬන්නා සහ බටනලාව යනු ජන කතාවක් නොවේ. එය පසු කලෙක අපගේ ජන වහරට එක් වු බහුජන කතාවකි.

නො දන්නා අයගේ දැන ගැනීම පිණිසත්, දන්නා අයගේ වැඩිපුර දැනගැනීම පිණිසත් අපි ඒ කතාව මෙසේ ලියා දක්වමු.

ඔන්න එක කොල්ලෙක් සිටියේය. ඌට යාළුවෙක් ද සිටියේ ය. තමන්ට යමක් අවශ්‍ය වු විට හැඬීම කොල්ලාගේ සිරිත ය. ඌ හඬනා විට බටනලාව වැයීම යාළුවාගේ සිරිත ය. හැඬීමට මුසු වු බටනලා වාදනය මහත් කන්කරච්චලයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ කන්කරච්චලය ඉවසා ගත නො හැකි මිනිස්සු බොහෝ විට කොලුවාට ඌ ඉල්ලු දෙයක් දුන්හ.

මේ නරක පුරුද්ද විසින් කොලුවාත් යහළුවාත් හොඳටම නරක් කරන ලද අතර, වැඩිකල් නො යාම ඔවුහු මිනිසුන්ගෙන් තමන්ට ඉර - හඳ ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ.

අනුකම්පාවත්, දුරදිග නොබලා කටයුතු කිරීමත් නිසා තමන් පහසුවෙන් ම රුවටී සිටියේ කපටියන් දෙදෙනකුට බව වටහා ගත් මිනිස්සු ඉන් පසු අඬන්නාත්, බටනලා වයන්නාත් කන්වලින් අල්ලා ඔසොවා, ඉර - හඳ පමණක් නොව තරු ද පෙනෙන්නට සැලැස්වුහ.

එල්.ටී.ටී.ඊ.සටන් විරාම ඉල්ලීම්වලත් මේ කතාව අතරත් පුදුමාකාර සමානකමක් ඇත. එය අසමාන වන්නේ එකම එක තැනකදී පමණෙකි. ඒ එල්.ටී.ටී.ඊ.ය කනින් අල්ලා ඔසොවා තරු පෙන්වුවාට පසුවත් නැවතත් පරණ පුරුදු කපටිකම ම කිරීමය. මේ අනුව එල්.ටී.ටී.ඊ. නවතම සටන් විරාම ඉල්ලීම යනු "අඬන්නා සහ බටනලාව" නැවත නැවත රඟ දැක්වීමක් වීම වළකනු නො හැකි ය. අනෙක් විශේෂය නම් මේ කතාවට මීට පෙර ලවුඩ්ස්පීකර් සැපයු අය ම මෙවර ද ඊට ලවුඩ්ස්පීකර් සැපයීම ය.


(දිවයින_09/02/25)

ප්‍රභාකරන්ගේ හිත නඩේසන්ගේ කට හරහා, ආර්. සම්බන්ධන්, කරුණානිධි, වයිකෝ, රාම්දාස්, කණිමෝෂි නමැති මයික්‍රොෆෝන තුළින් යළිත් නෝර්වේ, ජර්මන්, බ්‍රිතාන්‍ය ලවුඩ්ස්පීකර් දෙදරවයි.

බුර බුරා නගින ශ්‍රී ලාංකික දෙමළ ජන විරෝධය විසින් පුළුස්සා දැමෙන, නැතහොත් කෙවිටෙන් තලා පිටමං කෙරෙන, එල්.ටී.ටී.ඊ.ය කෙසේ හෝ රුක ගැනීම, "ශ්‍රී ලංකා හමුදා මගින් කුඩුපටිටම් කෙරෙන එල්.ටී.ටී.ඊ.ය" රුකගැනීමට වඩා වයිකෝලාට වැදගත් ය.

ඉන්දියානු අර්ධද්වීපය අසල අස්ථාවර ආණ්ඩු සහිත ගැටුම් බහුල දිවයිනක් පැවතීම, ත්‍රස්තවාදයට විරුද්ධ වනවාට වඩා බටහිර රටවලට වැදගත් ය.

එහෙත් මේ දිනවල ඉන්දියාව වැනි රටවලට රිංගා සිටින ශ්‍රී ලාංකික සමහර දේශපාලනඥයන්ට සහ හිටපු දේශපාලනඥ යන්ට මේ කතාව වැදගත් වන්නේ ඒ දෙගොල්ලට වඩා වෙනස් විදිහකට ය.

මහින්ද රාජපකෂ ආණ්ඩුව ඇද වැටෙනවා නම් රටට හෙණ ගැසුවත් කමක් නැත යන්න මේ නෝනා මහත්වරුන්ගේ ප්‍රාර්ථනය ය.

පෞද්ගලික කෝන්තර හෝ පටු දේශපාලන වාද භේද හෝ ටික කලකටවත් ඉවත දමා මේ තීරණාත්මක මොහොතේ රට රුක ගැනීමට එකතුවනවා වෙනුවට ලොව පුරා දිව යමින් රට හෑල්ලු කරන මේ අදේශපාලනික මිනිසුන් අනාගතයේදී

අඬන්නා සහ බටනලාව" තරම්වත් ගණනකට නො ගැනීමට මේ රටෙි ජනතාව තීරණය කොට ඇතිවාට සැකයක් නැත.

එහෙත්, ඔවුන් "ගතු කියන්නන්ගේ සංගමයක්" වශයෙන් එක්රොක්ව රටට කරන හානිය සුළුපටු නැත.

මේ සියල්ලෙන් නැවත නැවත පෙනී යන්නේ එල්.ටී.ටී.ඊ.ය මේ රටෙි දෙමළ ජාතිවාදීන්ගේ සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ගැලවුම් කරුවා පමණක් නොව, මේ රටට ද්‍රෝහී දකුණේ ශ්‍රී ලාංකිකයන්ගේ ද ගැලවුම්කරුවා වන බව ය.

නැතහොත්, කැලෑ යුද ඇඳුමින් සැරසී පිස්තෝලයක් ඉනේ ගසාගත් ඕනෑම ජෝකරයකු අනාගත රාජ්‍ය නායකයකු වන්නේ යැයි මේ සකල විධ දුෂ්ට මිනිසුන් කල්පනා කළ බවය. නැතහොත් පණ බේරා ගැනීමට ජනතාවගේ රෙදි අස්සේ සැඟවී වෙබ් පිටු කීපයකින් පමණක් තම සිහින රාජ්‍යය ගෙන යන නිවටයකු ෆීනික්ස් කුරුල්ලා මෙන් නැවත පණගසා පැමිණේ යැයි මේ පාරාජික දේශපාලන උන්දලා සිතන බව ය.

සත්‍ය වශයෙන් ම මේ මොහොතේ අඬන්නා ප්‍රභාකරන් නම් බටනලාව ඔවුන්ම මිස අන් කවරකුවත් නොවේ.

(දිවයින_09/02/25)

පසු වදන_

බටනලාකාරයෝ තවමත් වයති. කුළියට බ්ලොග් ලියති. රටට හමුදාවට බැණ වැද තමන් කිසි විටක කොටියාට කඩේ නොගිය බව පවසති. කොටියාට නොබැණ, උන්ගේ තුච්ඡ ක්‍රියා නිහඬව අනුමත කර, ඊට එරෙහි මෙහෙයුම් කරන පාර්ශවයට බැණ වදීමින් තමන් කොටියාට කඩේ නොයමියි පැවසීම ලැජ්ජාවට අමුඩේ කඩා මුහුණ වසාගැනීමකි. දැන් ලෝකය මුන්ට නොපෙනේ. එහෙත් ලෝකයට මුන්ගේ හෙළුවැල්ල පෙනේ.

මේ ඇතැම් නිරුවත් වානරයින්ට සිංහල නම් තිබේ. උන් සිංහලෙන් ද ලියති. ඕනෑ තුප්පහියෙකුට ඕනෑ දෙයක් පැවසිය හැකැයි ද එය ප්‍රජාතන්ත්‍රවාදය යයි ද මේ ආණ්ඩුව තවමත් සිතීම උන්ගේ වාසනාවයි. රටේ අවාසනාවයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !