Tuesday, February 10, 2009

නිවටයා

හරිහැටි අධ්‍යාපනයක් නොලැබු සහ ලබන්නට උවමනාවකුත් නොතිබු වැල්වැටිතුරේ පැත්තේ රස්තියාදුකාර ගැටවරයන් පිරිසකට මීට කලකට ඉහතදී ලැබුණු කදිම බඩරස්සාවක් තිබිණි. ඒ උතුරු මුහුදේ බෝටිටු මගින් දියත් කෙරුණු හොර බඩු වෙළෙඳාමය.

මේ හොර බඩු වෙළෙන්දෝ පසු කලෙක ඊට වඩා ලාභදායක ව්‍යාපාරයක් වු මංකොල්ලකෑම් වැනි කටයුතුවල නිරත වුහ.
අනතුරුව ඔව්හු රටේ කොතනත් පැවැති සමාජ ආර්ථික දේශපාලනික විෂමතාවන්, තමන්ට පමණක් බලපෑ ප්‍රශ්න සහ ගැටලු වශයෙන් විස්තර කරන ලද පැරණි ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයකට එක්වු අතර එමගින් ස්වකීය පාදඩකම් දේශපාලන වශයෙන් බෞතීස්ම කර ගැනීමට ද සමත් වුවෝය.

ඒ වටපිටාව විසින්ම නිර්මාණය කරන ලද උග්‍ර ජාතිවාදයත්, ඒ ජාතිවාදයේ පරමාර්ථ සාධනය උදෙසාම භාවිත කෙරෙන ෆැසිස්ටිවාදී විධික්‍රමත් විසින් මේ කණ්ඩායමේ සිටි වඩාත්ම සාහසික මිනිසා ඉක්මණින්ම උඩට ඔසොවා තබන ලද්දේය.

ඔහුගේ නම වේළුපිල්ලේ ප්‍රභාකරන්ය. ඔහු කැමතිම පාට කළු පාටය. කැමතිම ආහාරය සයනයිඩ්ය. කැමතිම නළුවා එම්. ජී. ආර්. ය. කැමතිම රට නෝර්වේය. කැමතිම වීරයා පොල්පොටිය. ඇඟේ මවිල් කෙලින්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාපති සරත් ෆොන්සේකාගේ නම සිහිපත් කරගන්නා අතර රුධිර පීඩනය වැඩිකර ගැනීම සඳහා ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂගේ නම සිහිපත් කරගනී. දිනකට කීපවරක් ක්ලාන්ත සුවය ලැබීම පිණිස ඔහු සිහිපත් කරන්නේ ජනාධිපති මහින්ද රාජපකෂගේ නමය. දත්කුරු කෑම සඳහා ඔහු මුලදී සිහිපත් කළේ කරුණා අම්මන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන්ගේ නම වු අතර දැන් සිහිපත් කරන්නේ තමන්ගෙන් මිදී කෙසේ හෝ යුද මුක්ත කලාපයට පලායන දෙමළ මිනිසුන්ය.

වේලුපිල්ලේ නමැති සාහසිකයා පිළිබඳව වීරාභිවාදනයෙන් යුතුව ලියන ලද කතා කීපයක්ම ඇතත් ඔහු පිළිබඳ යථාර්ථය ඉහත සඳහන් ආකාරයය. ඇත්තවශයෙන්ම මේ මොහොත වන විට ප්‍රශ්නයකට පවතින්නේද ඔහු පිළිබඳ මේ යථාර්ථයම වෙයි.

වේළුපිල්ලේ ප්‍රභාකරන් අශිෂ්ට, නිවට, බියගුළු නායකයකු නොවේ නම් අහිංසක සිවිල් මිනිසුන් මැද සැඟව ලෝකයේ කවුරුන් හෝ තමන් බේරාගැනීමට එනතුරු කල්මරන්නේ නැත.

මේ මොහොත වන විටද කෙසේ හෝ මේ ම්ලේච්ඡයාගේ ග්‍රහණයෙන් මිදුණු ඇතැම් මිනිසුන් තම අත දරුවන්, රෝගීන් කරපින්නාගෙන යුද මුක්ත කලාපයට පලා එන බව සත්‍යයකි. එහෙත්, එසේ කරනු නොහැකි තව බොහෝ පිරිසක් ඔහු තම ආවරණය වශයෙන් තබාගෙන සිටී.

එල්. ටී. ටී. ඊ. යට සම්බන්ධ සහ හිතවාදී සියලුම වෙබ් අඩවි, ප්‍රචාරණ මාර්ග මේ දිනවල බලවත් උත්සාහයක යෙදී සිටින්නේ ශ්‍රී ලංකා හමුදා මුලතිව්හි කොටුවී සිටින සිවිල් ජනතාව විනාශ කරන්නේය යන පච ප්‍රචාරය වෙනුවෙනි.

කොටි හිතවාදී ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කීපයක් මළ සිරුරු බහාලන බෑග් 35,000 ක් ඇනවුම් කරන්නේ ලෝකයට එවැන්නක් ඇඟවීමටය.

තමිල්නාඩුවේ වැඩවර්ජන සංවිධාන කෙරෙන්නේ, යුරෝපයේ කුඩා කණ්ඩායම් විරෝධතා දියත් කරන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, කොන්සල් කාර්යාලවලට පහර දෙන්නේ ලෝකයට වෙනම කතාන්දරයක් පෙන්වා දීමටය.

එහෙත් මේ සියල්ලෙහි සත්‍යය දෙමළ ජනතාවක් වෙනුවෙන් මතුවු වේදනාවක් නොව පෙරකී ත්‍රස්තවාදී නායකයා කෙසේ හෝ බේරා ගැනීම පිළිබඳව
දැනටමත් ලෝක දේශපාලන විචාරකයන් මතුකරන ප්‍රශ්නයක් නම් වේළුපිල්ලේගේ විනාශයෙන් පසු ශ්‍රී ලංකාව තුළ හෝ පිටත එල්. ටී. ටී. ඊ. සංවිධානයට කුමන ඉරණමක් අත්වේද යන්නය.

වීරෝදාර හමුදා සේනාංක හතකට කොටුවී උඩබිම බලමින් සිටින වේළුපිල්ලේ මේ දිනවල කල්පනා කරමින් සිටින්නේ බම්බු එල්. ටී. ටී. ඊ. යක් ගැන නොව තමන්ගේ පණ බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය.

ඔහු හොටු කඳුළු පෙරමින් තමන්ගේම මිනිසුන් තමා වටා රඳවාගෙන සිටින්නේ ඒ නිසාය.

දැන් අපට කිව හැක්කේ, මේ මිනිසා ත්‍රස්තවාදීන් අතරවත් මීට පෙර සිටියේ දැයි සැක හිතෙන තරමේ නිවට මිනිසෙක් බවය.
(දිවයින_09/02/07)

පසු වදන_ මේ නිවට ඇම්බැට්ටයාට කඩේ යාමෙන් තමා ප්‍රබුද්ධ මානව හිතවාදියෙක් වෙතැයි සිතන තක්කඩි තවමත් ලංකාවේ වෙසෙති. මේ ඇතැමුන්ට සිංහල නම් ද තිබේ.

2 comments:

නිලන්‍ත said...

නිවට දීනයෙකු පමණක් නොව ඔහු මානසික රෝගියෙක්ද වේ. නැත්නම් තමා විසින් ඊනියා විමුක්තියක් උදාකරදෙමැයි කියමින් වද දෙමින් රඳවාගෙන සිටි අහිංසක දෙමල ජනතාව මෙම විමුක්තිකාමියා අතහැර එනවිට ඔවුන්ව ඝාතනය කරයිද?
අදත් උගේ මිනීමරු විමුක්තිය අතහැර පැමිණි අහිංසක දෙමල වැසියන් 19 දෙනෙක් උගේ මිනීමරු කල්ලිය මගින් වෙඩිතබා මරාදමා ඇත.
කෝ මේ මානව හිමිකම් කාරයෝ? කෝ දෙමල ජනතාවට සිංහලයන්ගෙන් තාඩන පිඩන වෙනවය, සිංහලයන් ම්ලේච්ඡයන්ය කියල බ්ලොග් ලියපු ශිෂ්ඨසම්පන්න මහත්තුරු?

මේ නිවට, දීන, මිනීමරුවට කඩේ යනකොට ඒගැන තදින් කතාකලත් තමාගෙ මානව අයිතිවාසිකම් කඩවෙනවය කියල උඩ පැනපු මානව හිතවාදියො අර අහිංසක මිනිස්සු මරාදැමීම ගැන නිහඬයි.

තව ටික දවසයි.........

නාමල් උඩලමත්ත said...

නිලන්ත,
පිරපාහරන් නමැති ම්ලේච්ඡ ත්‍රස්තවාදියා වෙනුවෙන් පෙනී සිටීම ද ත්‍රස්තවාදයකි. ත්‍රස්තයා අහිංසක වැසියන් අමු අමුවේ මරා දමන විට ගොළුවන් බිහිරන් සේ සිටින මේ තුප්පහි හැත්ත හමුදා සෙබළෙක් සාමාන්‍ය වැසියෙකුගේ ඇඟේ හැපුනොත් නවතින්නේ ජිනිවාවලට ගොසිනි. එක්සත් ජාතීන්ට ද පැමිණිලි කරති. රට හමුදා පාලනයකට ගොස් ඇතැයි කියති. තමන්ට අභිමාණයෙන් සිංහලයෙකැයි කීමට හැකි දවසක් එනතුරු වික්ෂෝප වෙති. මෙවන් කුමන්ත්‍රණකාරී දේශද්‍රෝහි පරයින් මෙරටින් සදහට ම තුරන් කළ යුතු ය. නැතිනම් මේ ජාති භ්‍රෂ්ටයෝ අනාගතයේ යළි පිරපාහරන් කෙනෙක් බිහි කරනු ඇත.

 
සිය රට දේ සිරි සැප දේ !