Tuesday, February 17, 2009

සුද්දගේ විළිරුදාව

පෙර වදන_
බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව යනු ස්කොට්ලන්තය එංගලන්තය වේල්සය හෝ අයර්ලන්තය නොවන බව අමතක නොකළ යුතු යයි මීට පෙර අපි කීවෙමු. අද දිවයිනේ කතුවැකිය ඒ ගැන ය. සැබවින් ම ඔවුන් සැමදාම කළේ අපේ ප්‍රශ්න විසඳීම නොව වැවීම ය. නැති ප්‍රශ්න ප්‍රසූත කිරීම ය. දැන් යළි ඔවුන්ට විළිරුදාව හටගෙන ය.

අපට අපේ ප්‍රශ්න විසඳාගත හැකි ය. අපේ සහෝදර ජාතියට අපට වඩා කැක්කුමක් මුන්ට කොහෙන් පහළ වී ද? ඊශ්‍රායලය පලස්තීනයේ ද ඇමරිකාව ඉරාකයේ ද සියලු කෙරුම්කාරයෝ ඇෆ්ගනිස්ථානය ද කළ ආකාරයට අප හමුදා මේ මෙහෙයුම් ගෙන යනවා නම් සැබැවින් ම කොටි අතුගා දැමීමට දැන් අඩ හෝරාවක් ගත නොවේ. එහෙත් පිරපාහරන් සැඟව සිටීම සඳහා අටවා ඇති මිනිස් පවුර ආරක්ෂා කිරීමේ වගකීමක් රටේ හමුදාවට ඇත. ඒ මිනිසුන් අහිංසක ය. ඔවුන් වෙනුවෙන් අපි පෙනී සිටිමු. එහෙයින් ඒ මිනිසුන් සුරකින න්‍යායෙන් කොටි සුරකින බලවේගවලට ඉඩදිය යුතු නැත.

අයිති නැති විහිළු

ලිප්ටන්ගේ තේ වත්තේ බිඳවැටීමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බිඳවැටීමත් එක හා සමානව සිදු වු කඩා වැටීම් දෙකකි. අද ලිප්ටන්ගේ තේ ව්‍යාපාරය යුනිලීවර්ස් සමාගම සතු ය. ලිප්ටන්ගේ මවු රට වු එක්සත් රාජධානිය සතුව තිබු රටවල් සියල්ල ම පාහේ ඒ ඒ රටවල ස්වදේශිකයන් සතු ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සිදු වු €ෙදවාචකය කිසිදු රටකට නො වේවාෟ මෙයට වසර 100 කට පෙර වර්ග සැතපුම් කෝටියක් පමණ විශාලව පැවැති එක්සත් රාජධානිය අද වර්ග සැතපුම් තිස් හතලිස් දහසකට වඩා විශාල නැත. බ්‍රිතාන්‍යය සතුව පැවැති ව්‍යාපාර බොහොමයක් අද ඇමරිකාව සතු ය. ඉතාම කනගාටුවෙන් කිව යුතු කාරණය වන්නේ බ්‍රිතාන්‍යය අද සුනඛයාගේ ඇඟේ එල්ලී ජීවත්වන මැක්කාගේ තත්ත්වයට පත්ව ඇති බව යි. මෙතැනදී සුනඛයා ඇමරිකාව ය. එසේ කියුවාට ඇමරිකාව අමනාප නො වෙත්වා! මෙය නිකම් උදාහරණයක් පමණි.

තත්ත්වය එසේ වුව ද බ්‍රිතාන්‍යය අදටත් කල්පනා කරන්නේ පළමුවැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් රොබටි බ්‍රවුන්රිග් මෙයට වසර සිය ගණනකට පෙර ලංකාව පාලනය කළ කාලයේදී කල්පනා කළ විදියටම ය. මේ විකඳ්කඳාණයට අනුව ශ්‍රී ලංකාව තවමත් ලිප්ටන්ගේ තේ වත්ත බව ඔවුහු සිතති. එහි තේ පඳුරු අතර ඉතා ගුප්ත දේ සිදු කිරීමටත් අබිරහස් කතන්දර ලිවීමටත් තමන්ට අයිතියක් ඇති බව ඔවුහු සිතති. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය තමන්ට අභිමත ලෙස කිරීමට අයිතිය ඇති බව ඔවුහු සිතති.

අප මේ පූර්විකාව ලියන්නේ පසුගියදා බ්‍රිතාන්‍ය අගමැතිගේ නිල නිවස ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැවැත්වු විරෝධතා ව්‍යාපාරයක් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බ්‍රිතාන්‍යය ඇඟිලි ගැසීම, කොටි සංවිධානය සහ ලක් රජය අතර සාකච්ඡා පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යය විසින් නියෝජිතයකු පත් කරනු ලැබීම යන කාරණා මත මේ විරෝධතාව පැවැත්විණ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව පමණක් නොව මුළු මහත් යුරෝපය ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බව හැමෝම දනිති. ඒ මේ රට අප හිතනවාට වඩා බෙහෙවින් වටිනා භුමියක් නිසා ය. එහෙත් ශ්‍රී ලංකාවේ රජය සහ කොටින් අතර සාකච්ඡා මෙහෙයවීම සඳහා බ්‍රිතාන්‍ය රජය නියෝජිතයකු පත් කර තිබීම නම් අපට අලුත් ම අලුත් ආරංචියකි. මෙහිදී වැදගත් ප්‍රශ්නයක් මතු වේ. එනම් සාකච්ඡා කිරීම සඳහා කොටි සංවිධානයක් දැනට තිබෙනවාද යන කාරණයයි. ප්‍රභාකරන්ගේ සුඛෝපභෝගී නිවස, ඔහුගේ සමස්ත හමුදා බලය, ඔහුගේ ඇඳුම් පැළඳුම්, ඔහුගේ අට අනුවක් රෝග සඳහා පාවිච්චි කළ ඖෂධ පමණක් නොව ඇඳ හා ඇඳුම් පැළඳුම් ද මේ මොහොතේදී යුද හමුදාව සතු ය. ඒ නිසා ප්‍රභාකරන් ඇඟේ නුල් පොටක්වත් නැතිව මුලතිව් කැලේ කොතැනක හෝ සැඟව සිටීමට ඉඩ තිබේ.

තත්ත්වය එසේ තිබියදී ලිප්ටන්ගේ තේ වත්තේ සුපිරින්ටෙන්ඩන්ටි මහතා ලෙස සැරසී ලක් රජය සහ කොටින් සමඟ සාකච්ඡා කිරීමට නියෝජිතයකු පත් කිරිමට බ්‍රිතාන්‍යය කටයුතු කිරීම තමන්ට අයිති නැති විහිළුවක් කළා හා සමාන ය. අප බ්‍රිතාන්‍යයෙන් නිතර ඉල්ලන්නේ එරට සිටින මුස්ලිම් ත්‍රස්තවාදීන් සහ අයර්ලන්ත ත්‍රස්තවාදීන් අගමැතිතුමාගේ නිල නිවසට කැඳවා දෙතුන් දිනක් නවාතැන් දී සාකච්ඡා පැවැත්විය යුතු බව ය. අයර්ලන්තය එම ත්‍රස්තවාදීන්ට දිය හැකි දැයි සොයා බැලිය යුතු බව ය. මුස්ලිම් ත්‍රස්තවාදීන් ලන්ඩනය වෙන ම රටක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලන්නේ නම්, එම ඉල්ලීම ඉටු කළ හැකි විදියක් කල්පනා කළ යුතු බව ය.

මෙයට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ඡන්ද පොළකට රිංගු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයකුට ආපසු සිය රට බලා යෑමට සිදු විය. තමන්ට අයිති නැති විහිළු නො කරන ලෙස අපි බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලමු.
(දිවයින_09/02/17)

3 comments:

Anonymous said...

ගොඩක් යුරොපියානුවො හිතාගන ඉන්නේ අපෙ රට ඔන එකෙකුට ඔන වෙලාවක යන්න එන්න පුලුවන් ඔන දෙයක් කරන්න පුලුවන් අම්බලමක් කියලා

නාමල් උඩලමත්ත said...

ඒක ඇත්ත දිසා, මෙහේ ඉන්න සමහරක් ඇත්තොත් හරි කැමතියි ඒකට. ලේ නෑකමක් ද මන්දා?

Anonymous said...

හික් හික් අනේ ඔයා කියන කතා රනිල්ට දුක හිතේයි

 
සිය රට දේ සිරි සැප දේ !