Thursday, February 19, 2009

සම්බන්ධන්ට අඩු පුල්ලි පමණි

වන්නියේ දුක් විඳින ජනතාව ආරකෂිත ප්‍රදේශවලට කැඳවා ගැනීම රජය විසින් හිතා : මතාම පැහැර හැර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසයි.

සම්බන්ධන් කියන කතා කවරකු විසින්වත් ගණන් ගනු නො ලැබේ. ඔහු කොටියෙකි. අඩු, පුල්ලි පමණි. (වලිගය තිබේදැයි නො දනිමු.) එහෙත් ඔහු කියන ලද ඉහත සඳහන් කතාව අප ගණන් ගත යුතු ය. ඒ, එම කතාව වෛරයෙන් ද්වේෂයෙන් සහ අපමණ කෝපයෙන් කරන ලද වංචා සහගත දීන ප්‍රකාශයක් නිසා ය.

අප සාමාන්‍යයෙන් ගණන් ගන්නේත් කර්තෘ වාක්‍ය ලියන්නේත් උසස් බුද්ධිමත් පුද්ගලයන් කියන කතා ගැන ය. වීරසිංහම් ආනන්දසංගරී වැනි උගත් මහත්වරුන්, ප්‍රනාබ් මුඛර්ජි වැනි උගත් මහත්වරුන් කියන කතා ගැන ය. මේ වැනි පුද්ගලයකු එක වාක්‍යයක් පිට කළත් ඒවා තුළ වටිනා දේශපාලන මිණිකැට බෙහෙවින් ඇත. ඒ මිණි කැට දිලිසෙන විට මතුවන්නේ කොටියකුගේ ඇස් දිලිසෙන විට මතුවන වෛරී සහගත ලේ පිපාසිත ක්‍රෝධයේ රැස් මාලාව නොවේ. බුද්ධිමත් බවේත් දේශපාලන පරිකල්පන ඥානයේත් ප්‍රභාවයි. සම්බන්ධන්ගේ ඇස්වලින් එන දීප්තියත් ප්‍රභාකරන්ගේ ඇස්වලින් එන දීප්තියත් එක සමාන ය. දෙකම කුරිරු ය. ප්‍රචණ්ඩ ය. පළිගැනීමේ චේතනාවෙන් යුතු ය.


(ලක්බිම_09/02/20)

මෙහිදී ආර්. සම්බන්ධන්ගේ දේශපාලන පසුබිම ගැන සලකා බලමු. ඔහු මුලින් සිටියේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ය. ඔහුත් සමඟ ඒ. අමිර්තලිංගම් ද (පසුව ප්‍රභාකරන් වෙතින් වෙඩි කා මළ) ජෝශප් පරරාජසිංහම්, වී. ආනන්දසංගරී ඇතුළු රැසක් එම පෙරමුණේ සිටියහ. මේ අතර ක්‍රමයෙන් ශක්තිමත් වු ප්‍රභාකරන්ට ත්‍රස්තවාදී ලේබලයට අමතරව දේශපාලන ලේබලයකුත් අවශ්‍ය විය. ත්‍රස්තවාදී ලේබලය අවශ්‍ය වුයේ මෙරට නිෂ්පාදනය කරන භාණ්ඩවල ඇලවීමට ය. දේශපාලන ලේබලය අවශ්‍ය වුයේ පිටරටට යවන කොටින්ගේ පිටේ ඇලවීමට ය. ඒ අතර මෙරට ත්‍රස්තවාදය සඳහා පිටරටින් ආධාර එකතු කිරීම පිණිස දෙමළ පුනරුත්ථාපන සංවිධානය නමැති පතෝල මැස්සක් ද අරඹන ලදී. දේශපාලන පකෂයක් හැදීමට කල් ගත වන නිසා හැදී තිබෙන දේශපාලන පකෂයක් අත්පත් කර ගැනීමට කල්පනා කළ ප්‍රභාකරන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නම දෙමළ ජාතික සන්ධානය ලෙස හරවා එම පකෂයෙන් තරග කරන ලෙස වී. ආනන්දසංගරී, ජෝෂප් පරරාජසිංහම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට නියෝග කළේ ය. එහෙත් ආනන්දසංගරී එය ගණන් නො ගෙන දිගටම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා ලෙස සිටියේ ය. සෙස්සෝ ප්‍රභාකරන්ගේ තුවක්කුවට ඇති බිය එක් අතකින් ද, මතු බිහි වෙතැයි බලවත් සේ ප්‍රාර්ථනා කළ ඊළාම් රාජ්‍යයේ අගමැතිකම් ඇමැතිකම් සහ තානාපතිකම් පිළිබඳ අපේකෂාව තවත් අතකින් ද ගෙන දෙමළ ජාතික සන්ධානය පිහිටුවුහ.

අද කොටියා බිම වැටී පණ අදිමින් සිටී. එහෙත් ආර්. සම්බන්ධන්ගේ කටේ කයිවාරුව තවමත් එසේම ය. කොටියා සටන් විරාමයක් දුන් බවත් ආණ්ඩුව එය භාර නො ගත් බවත් ඔහු කියනු අපි රුපවාහිනියේ දුටිමු. කොටියා දුන් සටන් විරාමය ආණ්ඩුව භාරගන්නේ කුමට ද? එල්. ටී. ටී. ඊ. ය යනු ත්‍රස්තවාදී කල්ලියකි. දුටු තැන ඔවුන්ට වෙඩි තබනවා හැර වෙනත් විකල්පයක් නැත. කොටි සංවිධානය මෙරටට කළ බලවත් විපත ගැන ඉන්දියානු විදේශ ඇමැති ප්‍රනාබ් මුඛර්ජි පෙරේදා (18 දා) ඉන්දීය පාර්ලිමේන්තුවේදී පැවැසීය. සම්බන්ධන් දැන් කළ යුත්තේ ත්‍රස්තවාදයට සහාය දීම පිළිබඳ වරද පිළිගෙන හෘද සාකෂියට යටත් වීම ය.

(දිවයින_09/02/20)

පසුවදන_රජය විරෝදාර ශ්‍රී ලංකා හමුදාව ලවා බෙදුම්වාදයේ ත්‍රස්ත මුහුණුවරට, එවම් කොටින්ට එළව එළවා පහර දුන්නේ ය. දැන් කොටි මර ඇඳේ පණ අදිති. මේ සද්කාර්යට නායකත්වය දුන් රජයටත් යුද බිමේ මහා කැපකිරීම් කළ විරෝදාර ත්‍රිවිධ හමුදාවටත් ඊට නන් අයුරින් සහය දුන් සැමටත් අපි අපේ ප්‍රණාමය පුද කරමු. දැන් බෙදුම්වාදයේ ත්‍රස්ත මුහුණ සුනුවිසුණු වී අවසන් ය.

දැන් ඇත්තේ බෙදුම්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණ ය. ත්‍රස්ත කොටියා යැවූ මග මේ කොටි රැළ ද යැවිය යුතු ය. රටේ මහ ජනතාවගේ බදුවලින් පඩි ලබමින් ලොව පුරා ගොස් කොටියා වෙනුවෙන් කඩේ යන කොටි මන්තිරිලාගේ මන්ත්‍රිධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ යුතු ය. උන්ගේ ප්‍රජා අයිතිය ද අහෝසි කළ යුතු ය. රටට නැවත පා තැබීමට ද ඉඩ නොදිය යුතු ය. උන් අද ද සියලු දේශද්‍රොහී කටයුතුවලට අපේ රටෙන් මන්ත්‍රි වරප්‍රසාද ඇතුලු ලොකු පඩියක් ලබති. මොන විප්‍රකාරයක් ද?

අපේ සෙබළු සිය ජීවිත සිය දහසින් පුදා පරදන බෙදුම්වාදයට, හුස්ම පිබින්ට ද්‍රොහීන්ට ඉඩ නොදෙමු. අතිගරු ජනාධිපතිතුමනි, ඌරාගේ මාළු, ඌරාගේ ඇඟේ තබා කපන්නට තව දුරටත් ඉඩදෙනවා ද? රටේ ජනතාව අද ඔබෙන් විමසන ප්‍රශ්නය එයයි.

4 comments:

Anonymous said...

මමනම් හිතන්නේ සම්බන්ධන්ට කොන්දක් සම්බන්ධවි නැත.

NUWAN said...

ශ්‍රිලන්කා ජනරජයට විරුද්දව අදහස් ප්‍රකාශ කරන මෙවන් පුද්ගලයන් ත්‍රස්තවාදය වෑලෑක්වීමේ පනත යටතේ අතඩන්ගුවට නොගන්නේ ඈයි.

ප්‍රමුදිත හේමාංග said...

දෙමළ ජනයා පීඩාවට පත්වෙලා නම්, ඒ ගැන කතා නොකරන දෙමළ සංවිධානයකින් ඇති ඵලය මොකක්ද? අපට සාපේක්ෂව සම්භන්ධන්ගේ ප්‍රකාශය ජාතිද්‍රෝහී වෙන්න පුලුවන්. නමුත් ඔවුන්ගේ මතවාදයට සාපේක්ෂව ඔහු කරන්නේ ඔහු කල යුතු දේ

නාමල් උඩලමත්ත said...

ප්‍රමූ, ද්‍රවිඩ ජනතාව සහ ත්‍රස්තවාදය කියන්නේ දෙකක්. මුලින් ම ඒක අවබෝධ කරගන්න. දැන් ඒ අවබෝධය අඩු අය අඩුයි.

අප මතු කරන්නේ අපට සාපේක්ෂ දේ නොව ප්‍රජාතන්ත්‍රවාදයට සාපේක්ෂ දේ ය. ත්‍රස්තවාදයට විරුද්ධව රජයක් අනුගමනය කළ යුතු දේටසාපේක්ෂව ය. ඊට සාපේක්ෂ වන්නේ ත්‍රස්තවාදය මිස ද්‍රවිඩ ජනතාව නොවේ. ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් රජයේ ක්‍රියාදාමය අනුමත කර තිබේ. ද්‍රවිඩ ජනතාව ආරක්ෂා කිරීමට ලංකා රජය සිටී. එහි ද්‍රවිඩ නායකයින් සිටියි. ඒ ආනන්ද සංගරී, දේවානන්ද, කරුණා, පිල්ලේයාන් ආදීහු ය.

සම්බන්ධන් උඩු බුරන්නේ ත්‍රස්තවාදය ආරක්ෂා කිරීමට මිස ද්‍රවිඩ ජනතාව ආරක්ෂා කිරීමට නොවේ. සම්බන්ධන්ලාට ද්‍රවිඩයින්ට සාධාරණ ඉටු කළ හැක්කේ ත්‍රස්තවාදී ආපායෙන් මිදීමට ද්‍රවිඩයින්ට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටීමෙනි. පලා යන අහිංසකයින් මරා දමන ත්‍රස්තවාදයට එරෙහි වීමෙනි.

එසේ නොමැතිව ඒ මිනිසුන්ට රජයේ හමුදා ගැන බොරු කීමෙන් නොවේ. රජයෙන් පඩි ගෙන කොටි වෙනුවෙන් වැඩ කිරීමෙන් ද නොවේ.

 
සිය රට දේ සිරි සැප දේ !