Thursday, February 12, 2009

දේශපාලන ආනන්තරීය පාප කර්මය

පෙර වදන_ඇමරිකාවට 9/11 ප්‍රහාරය එල්ල වූ විට එරට විපක්ෂය කොන්දේසී විරහිතව බුෂ් රජයට සහයෝගය පළකළේ ය. මෑතදී මුම්බායට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ ඉන්දියාව අනුගමනය කළේ ද ඒ සාධු දහමයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල විපක්ෂය ක්‍රියාකරන්නේ ඡායා ආණ්ඩුවක් මෙනි. ඔවුන් විපක්ෂය වන්නේ පවතින ආණ්ඩුවේ මිස රටේ නොවේ. එහෙයින් ජාතික ආරක්ෂාවට බලපාන තීන්දු තීරණ ගන්නා විට විපක්ෂය සිය පක්ෂ දේශපාලනය අමතක කරයි. රට ගැන හිතා එහි අභිවෘර්ධිය වෙනුවෙන් ක්‍රියාකරයි. එහෙත් මෙරට විපක්ෂය ක්‍රියාකරන්නේ සම්පූර්ණයෙන් රටේ විරුද්ධවාදීන් ලෙස ය. දේශද්‍රොහීන් ලෙස ය. රටේ හතුරන්ට වාසිදායක වන ලෙස ය. ඔවුන්ගේ සටන් පාඨ රටේ හතුරන්ගේ සටන් පාඨ ය.

තමන් සිටින්නේ මහා මකරෙක් අභියස බවට මේ අයට වඟෙවගක් නැත. එහෙයින් තමන් ද ඇතුළු රටේ හතුරන්ගේ දේශපාලන ඝාතන පවා මොවුන් ආණ්ඩුව මත පැටවීමට තරම් අමන තත්ත්වයට පත්වී තිබේ. ජානක පෙරේරා ඝාතනය කළේ කොටි බව සක්සුදක් සේ පැහැදිළි වුව ද දැනුදු විපක්ෂය කියන්නේ ඊට වඟකිව යුත්තේ ආණ්ඩුව බවයි. ඒ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොදීමෙන්ලු. ඒ තර්කය නිවැරදි නම් මීට පෙර ත්‍රස්තවාදයට බිලි වූ සියලු එවිපයේ නායකයින් ඝාතනය වූයේ ඔවුන්ගේ පාලන කාලයේ බැවින් ඒ සියලු ඝාතන වඟකීම් ඔවුන් භාරගත යුතු ය. එහෙත් එසේ වන්නේ නැත. පැහැදිලිවම කිව හැක්කේ මේ අය දේශපාලන ආනන්තරිය පාප කර්මයේ යෙදී ගිළී නහමින් සිටින බව ය. උපන් බිමට කළ හැකි මීට වඩා හතුරුකමක් මට සිතාගත නොහැකි ය.

විපක්ෂය වෙතටයි යන ශීර්ෂය යටතේ පළවෙන මේ ලිපියෙන් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන මහා සංඝ රත්නයේ අදහස පිළිබිඹු වෙයි. එහෙන් මෙහෙන් කෑලි අහුලාගෙන තමන් බුදු දහම අතැඹුලක් සේ දනිතැයි සිතා ලියන මැටි මෝලන්ගේ ගැන අප අනුකම්පා කරමු. උන් සිතා ඉන්නේ මේ රට බෞද්ධ බැවින් රජතුමා සිරිසඟබෝ විය යුතු බවයි. ඕන බල්ලෙකුට පැමිණ රටේ උඩ පිනුම් බඩ පිනුම් ගසන්නට ඉඩ දියයුතු බව ය. රටෙන් කෑල්ලක් ඉල්ලා සිටි විට බන්දේසියේ තබා පූජා කළ යුතු බව ය. ත්‍රස්තවාදී ක්‍රියා අතීතයේ සිදු වූ යම් යම් වැරදි නිසා ඉවසිය යුතු බව ය. රටේ ආරක්ෂක හමුදා පොල් ගෑ යුතු බවයි. කෙසේ වුව ද රටට අතුරු ආන්තරාවක් පැමිණි කල එදා සිට ජාතියට මග පෙන් වූ මහා සඟ රැවනට නමස්කාර වේවා!

විපකෂය වෙතටයි
(දිවයින_09/02/13)

ත්‍රෛනිකායික මහ නාහිමිවරු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් මෙසේ ඉල්ලා සිටියහ.

"...මෙම දුෂ්කර අවස්ථාවේදී විදේශීය බලවේගයන්ට මේ රටට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට ඉඩකඩ නොතබා, රටේ භෞමික අඛණ්ඩතාව හා සමගිය ආරකෂා කර ගැනීම පිණිස, පකෂ-විපකෂ භේදයකින් තොරව සියලු දේශපාලනික ආගමික නායක කාරකාදීන් සමග එකතුව රටේ ත්‍රස්ත උවදුරු හා වෙනත් ජාතික උවදුරු මැඬලීමට අවශ්‍ය පියවර එඩිතරව හා සාධාරණව ගෙන රටේ සාමය හා සෞභාග්‍ය ඇතිකර දෙන්න..."

මේ මොහොතේ රට පවතින තත්ත්වය පිළිබඳව ගෞරවනීය මහා සංඝරත්නයේ සවිඥානක බව පිළිබිඹු කරන ඉහත සඳහන් සංදේශය මගින් උන්වහන්සේලා රටේ ජනාධිපතිවරයා පමණක් නොව සියලුම දේශපාලන පකෂ නායකයන් අමතා සිටින්නේය යන්න අපගේ අදහස ය.

ජනාධිපතිවරයාට පකෂපාත දේශපාලන පකෂ පිළිබඳව හා ඒවායේ නායකයන් පිළිබඳව මෙහිදී ගැටලුවක් පැන නොනඟී. මන්ද දෑනටමත් එම පකෂ සහ ඒවායේ නායකයන් උන්වහන්සේලා සඳහන් කරන කාරණය කෙරෙහි එක්ව, එක්සිත්ව කටයුතු කරන බැවිනි.

ජනාධිපතිවරයාත්, ඔහුගේ කණ්ඩායමත් අදාළ කාරණය අරභයා සමගිව රුස්වෙති. සමගිව සාකච්ඡා කරති. සමගිව විසිර යති. මේ තත්ත්වය නොමැත්තේ ජනාධිපතිවරයාත් විපකෂයේ දේශපාලන පකෂත් අතරය, විපකෂයේ දේශපාලන නායකයනුත් අතරය.

ජනාධිපතිවරයාගේ රජයටත් විපකෂයටත් මේ දවස්වල ලොකු වැඩක් තිබේ. ඒ පළාත් සභා මැතිවරණ දෙකකි. ඉතාම ඇත්ත නම් ජනාධිපතිවරයාටත් රජයටත් ඊටත් වඩා ලොකු වැඩක්ද තිබේ. ඒ වසර තිහක් තිස්සේ මේ රට ප්‍රාණ ඇපයට සහ ප්‍රාණ වධයට ලක්කොට සිටි ලෝකයේ කුරිරුම ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ අවසාන සටන සාර්ථකව නිම කිරීමය.

(ජනාධිපතිවරයාත් ඔහුගේ රජයත් ඒ වැඩේ ටොපේ ටොප් විදිහට කරමින් තිබෙන බවට, පුදුකුඩිඉරුප්පු බංකරයක සැඟවී රතු කුරුසයේ සුප්පුවක් උරමින් සිටින ප්‍රභාකරන්ටවත් සැකයක් නැත.)

එහෙත්, විපකෂයට එහෙම වැඩක ප්‍රශ්නයක් නැත. එහෙම ප්‍රශ්නයක් නැතුවා පමණක් නොව එහෙම සටනක් රටේ පවතින බවට වගක්වත් ද නැත. ත්‍රස්තවාදයට එරෙහි සටන රජයේ වැඩක් මිස රටේ වැඩක් වශයෙන් ඔවුන් නොසිතන සෙයකි. දෑන් දෑන් නැතත් පසුගිය කාලය මුළුල්ලේම ඔවුන් සමහරෙක් ඒ සටනට සහායක් නුදුන්නා පමණක් නොව කෝචොක් දෑම්මේ ද එහෙයිනි.

රටේ හමුදාව කිළිනොච්චි යෑම මැදවච්චි යෑමක් වශයෙන්ද, අලිමංකඩ යෑම පාමංකඩ යෑමක් වශයෙන්ද මේ පුදුම මිනිසුන් විසින් හඳුන්වනු ලැබුයේ එහෙයිනි.

එක අතකට අප රටේ විපකෂ දේශපාලනය මෙසේ හැසිරෙන්නේ තමන්ට මුළු වෙර යොදා ජයගත යුතු මැතිවරණ තිබෙන නිසාමත් නොවේ. මැතිවරණ නැතත් රජයන්ගේ කකුල්වලින් ඇදීම ඒවායේ සිරිත හෙයිනි. එසේ කිරීමෙන් වාසිය ලැබෙන්නේ යම් මොහොතක තමන්වත් බිලි ගැනීමට ඉඩ ඇති රීරි යකෙකුටය යන්න ඔවුහු නොසලකති.

ත්‍රස්තවාදය එහි ශ්‍රී ලාංකික ආත්මය අතහැර ඉන්දියන් සාගර පතුලේ බෝතල් කුප්පියක් තුළ සදාකාලිකව ලැඟුම් ගැනීමට සැරසෙන මොහොතක එය එම ඉරණමෙන් මුදා ගැනීමට වලිකන්නන්, දෑන් ලෝකයේ සතර දෙසින් දිව එන්නේ ඇඳුම් ද නැතිවය.

යක්කුන්ට අඬන්ට ගැසු සුරුවිරු හමුදාවක් සහිත රජයකට, ඒ දිව එන ආකාරයේ ගෙවල පෙරෙ\තයන් ඔසොවා පොළොවේ ගැසීම එතරම් කජ්ජක් විය හැකි නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහය විසින් ඒ ඉඩකඩ වෙන්කර ඇත්තේ රටේ විපකෂයට බව අපගේ විශ්වාසය ය.

රටේ විපකෂය ඉතාම කාලකන්නි ලෙස මඟ හරිමින් සිටින්නේ ඒ අවස්ථාවය.

තම දේශපාලන බල අරගල ඊට උචිත අවස්ථාවන් සඳහා සීමා කොට, මුළු රටම එකාවන්ව ත්‍රස්තවාදයට එරෙහිවත්, එහි විදේශීය ගැලවුම්කාරයනට එරෙහිවත් නැඟී සිටිය යුතු මොහොතක එසේ නොකිරීම "දේශපාලන ආනන්තරීය පාපකර්මයකි."

මේ ලියන මොහොත වනතුරුත් විශ්වමඩු තිරිසන් ප්‍රහාරය හෙළාදෑක ප්‍රකාශයක් නිකුත් නොකළ විපකෂයකින්, විදේශ දුෂ්ටකම් වලින් ශ්‍රී ලංකා රාජ්‍ය ආරකෂා කර ගැනීමට සහායක් බලාපොරොත්තු වීම විහිළුවක් විය හැකි වුවත් අපගේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම සලකාවත් තම යුතුකම සඳහා ඉදිරිපත් වන්නැයි අපි විපකෂ දේශපාලන පකෂවලින් ඉල්ලා සිටිමු.

එසේ නැත්නම් ඔබ නතර වන්නේ දේශපාලන කුණු බක්කියෙත් නොව ඊටත් එහා තැනකය යන්න කනගාටුවෙන් යුතුව කීමට අපට සිදුවෙයි.

11 comments:

Liberal Lanka said...

//පෙර වදන_ඇමරිකාවට 9/11 ප්‍රහාරය එල්ල වූ විට එරට විපක්ෂය කොන්දේසී විරහිතව බුෂ් රජයට සහයෝගය පළකළේ ය. මෑතදී මුම්බායට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ ඉන්දියාව අනුගමනය කළේ ද ඒ සාධු දහමයි//

බොරැ. ප්‍රදාන විපක්ශය වන BJP යේ මිනිසුන් රජයට විරුද්දව පෙලපාලි ගියා අමතකද? ඔබාමා ඉරාක යුද්ද්යට විරැද්ද වු අතර ඊට විරැද්දව රැස්වීම් පවා තැබිය.

ඔබ කියන්නේ හමුදා නිලදාරින්ට දේශපාලන හේතු මත අරක්ශාව නොදිම හරි කියලද? එක කලක ජානක පෙරේරාට දි තිබුනේ පොලිස් අරක්ශකයන් දෙදෙනෙක් පමණි. ජානක පෙරේරා අරක්ශාව පතා නඩු කිව්වා අමතකද?

ඔන්න මමත් ලිව්ව සින්හලෙන් :)

Aravinda said...

@ Liberal Lanka

ඔබාමා විරුද්ධ වූයේ ඉරාක යුද්ධයට යි. ඉරාක යුද්ධයත් 9/11 ප්‍රහාරයත් යනු දෙකකි.

ඉන්දියාවේ සිද්ධිය ගැන මම නොදනිමි. එසේ වු ව මොන රටේ මොනවා සිදු වු ව ද අපේ රටක විපක්ෂය රට වෙනුවෙන් රටට යහපතක් වන දෙයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පැවසීමට නිදසුන් දැක්වීමක් අවශ්‍ය නොවේ. ඕනෑ ම මෝඩ මොළයකට වුව එය වැටහෙනු ඇත.

හමුදා නිලධාරීන්ට දේශපාලන හේතු මත අරක්ෂාව නොදුන් බව මෙම ලිපි දෙකේ කොහේවත් නැත. පවසා ඇත්තේ මිය ගිය වුන් ඔවුන්ගේ දේශපාලන ආනන්තරීය පාපකර්ම සඳහා වන්දි ගෙවූ බව යි. ආනන්තරීය පාප කර්ම යන්නෙහි සත්‍ය අසත්‍ය බව ඔප්පු කළ නොහැකි නිසා ඒ ගැන කතා කිරීමෙන් පලක් නැත.

මෙතෙක් කල් සුද්දා‍ගේ බාසාවෙන් ලියූ ඔබ සිංහල ඉගෙන ගෙන ඇත්තේ ද පර සුද්දෙකුගෙන් ම බව පෙනේ
විපක්
විරුද්
පෙපාලි
යුද්
නිලදාරීන්
ආරක්ශා
සින්හලෙන්

Liberal Lanka said...

//ඉරාක යුද්ධයත් 9/11 ප්‍රහාරයත් යනු දෙකකි.

මම කිව්වද එකක් කියලා?

//එහෙයින් ජාතික ආරක්ෂාවට බලපාන තීන්දු තීරණ ගන්නා විට විපක්ෂය සිය පක්ෂ දේශපාලනය අමතක කරයි.//

නාමල් උඩලමත්තයි එහෙම කිව්වේ.
එය බොරුවක් බවයි මම උදාහරණ සහිතව පෙන්නුයේ.

//මොන රටේ මොනවා සිදු වු ව ද අපේ රටක විපක්ෂය රට වෙනුවෙන් රටට යහපතක් වන දෙයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පැවසීමට නිදසුන් දැක්වීමක් අවශ්‍ය නොවේ.ඕනෑ ම මෝඩ මොළයකට වුව එය වැටහෙනු ඇත.//

උදාහරණ ගත්තේ නාමල් උඩලමත්තයි. එය ඔහුට කියන්න.

//පවසා ඇත්තේ මිය ගිය වුන් ඔවුන්ගේ දේශපාලන ආනන්තරීය පාපකර්ම සඳහා වන්දි ගෙවූ බව යි.//

වෙලාව ගෙන නැවත කියවා බලන්න. කියා අත්තේ ජානක පෙරේරාගේ ඝතනයට, අරක්ශාව නොසැපයු ආන්ඩුව, වග කිව යුතු නැති බවයි. ආනන්තරීය පාපකර්ම කරනවා කියා ඇත්තේ විපක්ශයයි.

//මෙතෙක් කල් සුද්දා‍ගේ බාසාවෙන් ලියූ ඔබ සිංහල ඉගෙන ගෙන ඇත්තේ ද පර සුද්දෙකුගෙන් ම බව පෙනේ//

මෙය උත්තර දි ගත නොහැකි නිසා මා කෙරිහි ව්යිරයෙන් කර ඇති ප්‍රකාශයක් බව පෙනී යන නිසා පිළිතුරැ නොදෙමි. සුද්දා නොකියා පර සුද්දා යැයි පැවසීම ජතිවාදියැයි මම සිතමි. ජතිවාදි ගොහොරුවේ මමද කලක් ගිලී සිටියෙමි, එයින් ගොඩ එන්න, ජාති වාදින්ට ඇත්ත හරි හැටි නොපෙනේ.

නාමල් උඩලමත්ත said...

අරවින්ද කී අයුරින්ම ඉරාක යුද්ධය 9/11 ප්‍රහාරය යනු දෙකකි. අප ඒ දෙකට ම විරුද්ධ ය. මුම්බායි ප්‍රහාරය අවස්ථාවේ එරට විපක්ෂ නායකවරයා එය හෙළා දැක රජයට සහයෝගය පල කළේ ය.

ජානක පෙරේරා යනු හමුදා නිලධාරියෙක් නොව හිටපු හමුදා නිලධාරියෙකි. ඔහුට මීට වඩා ආරක්ෂාව දීමට රජය ක්‍රියා ක‍ළේ නම් එය යහපත් ය. එහෙත්
එසේ ආරක්ෂාව නොදුන් පමණින් ඔහු ඝාතනය වී නම්, ඒ වඟකීම ආණ්ඩුව මත පැටවේ නම් ලලිත් ඇතුලත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ලකී අල්ගම ආදී කිසිවෙකුට එවකට පැවති එවිප ආණ්ඩුව ආරක්ෂාව දී නැත. අඩු තරමින් ආර්. ප්‍රේමදාස ජනාධිපතිටවත් ආරක්ෂාව දී නැත. සිය ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක පවා ආරක්ෂාව දී නැත. 2001 ඇරඹි ඊනියා සාම නාඩගම අවසාන වූයේ රටේ බුද්ධි අංශය සමූල ඝාතනය වීමෙනි. ඉහත මැටි කුතර්කය අනුව මේ ඝාතන කළේ යයි කොටින්ට චෝදනා කිරීම හෙන ගහන වරදෙකි. ඒ සියලු ඝාතන එවිපය ඒ නායකයින්ට ආරක්ෂාව ලබා නොදී කොටින් ලවා කරවන ලද ඝාතන වෙයි.

මෙය නිවැරදි ද? තර්කය අනුව නිවැරදි ය. එහෙත් යථාර්ථය එය නොවේ. එදා මෙදා තුර සියලු නායකයින් කොටින්ගේ ගොදුරු විය. හුදු දේශපාලන වාසි තකා රටේ සතුරා ආරක්ෂා කිරීම ඉතාම භයානක ය. මදක් කල්පනා කරන්න.

මව, පියා මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ලේ සෙලවීම ආදිය ආනන්තරීය පාප ලෙස බුදු දහමේ කියැවෙයි. උපන් බිම සිය මව හා සම ය. එහෙයිනි උපන් බිම මාතෘ භූමිය වන්නේ. ඒ භූමියට එරෙහිව සතුරන් හා අත් බැඳ ගැනීම ද පාප කර්මයෙකි. ආනන්තරීය පාප කර්මයෙකි.

ලිබරල් සහෝදරයා සිංහල පමණක් නොව හිතන්න ඉගෙන ගත්තේ ද සුද්දාගෙනි. මේ සියලු කුතර්ක අපට පෙන්වා දෙන්නේ ඒ සත්‍යයයි.

Liberal Lanka said...

//අරවින්ද කී අයුරින්ම ඉරාක යුද්ධය 9/11 ප්‍රහාරය යනු දෙකකි.//

මම එය එකක්යැයි පැවසීද?

//එහෙයින් ජාතික ආරක්ෂාවට බලපාන තීන්දු තීරණ ගන්නා විට විපක්ෂය සිය පක්ෂ දේශපාලනය අමතක කරයි.//

එය එසේ නොවන බවයි මම පෙන්වුයේ.

ජානක පෙරේරා LTTEයේ අනිවාර්ය ඉලක්කයක් වී තිබුනා. එවැනි තත්වයක් තුල ඔහුට පොලිස් අරක්ශකයන් දෙදෙනෙක් පමණක් දීමත් විමල් වීරවන්ශට commando අරක්ශාවක් කලක් දී තිබීමත් නිවැරදිද? මෙය එක් උදාහරණයක් පමණි. තව අවශ්යනම් කියන්න.

//2001 ඇරඹි ඊනියා සාම නාඩගම අවසාන වූයේ රටේ බුද්ධි අංශය සමූල ඝාතනය වීමෙනි. ඉහත මැටි කුතර්කය අනුව මේ ඝාතන කළේ යයි කොටින්ට චෝදනා කිරීම හෙන ගහන වරදෙකි.//

2002-2004 බුද්ධි අංශ ඝතන වලට එක්සත් ජාතික පක්ශ ආන්ඩුව වග කිව යුතුයි. එය එසේ නොවන බව පවසන්නේනම් එයින් පෙනී යන්නේ ඔබ වර්තමාන අන්ඩුවට පමණ්ක් නොව UNPයටද කඩේ යන බවයි.

//ලිබරල් සහෝදරයා සිංහල පමණක් නොව හිතන්න ඉගෙන ගත්තේ ද සුද්දාගෙනි.//

යමක් පවසන්නේනම් කරැණු අතිව ඔප්පු කරන්න. එසේ නොවන විට අප එවාට පවසන්නේ මඩ කියලයි.

නාමල් උඩලමත්ත said...

අප, 9/11 ප්‍රහාරය හමුවේ එරට විපක්ෂය ආණ්ඩුවට සහය දුන් බව පැවසූ කළ එය එසේ නොවේ යයි කීමට ඉරාකය ගැන කීවේ කවුද? ඔබාමා ගැන කීවේ කවු ද? එසේ කීමෙන් උත්සහ කළේ 9/11 අමතක කර ඉරාකය යුද්ධයට ඔබාමා විරුද්ධ වූ නිසා මෙරට විපක්ෂයට ත්‍රස්තවාදයට එරෙහිව රජය ගෙන යන යුද්ධයට එරෙහි වීම සාධාරණ යයි ඇඟවීමට ය. ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සහ ඉරාකය අතර සම්බන්ධයක් නැත. එය හුදෙක් තෙල් මංකොල්ලය පිණිස කල නිර්ලජ්ජී ආක්‍රමණයකි. එහෙයින් ඊට ඔබාමා විරුද්ධවීම සාධාරණ ය. 9/11 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ඉදිරියට ගෙන යන බව ඔහු පවසා ඇත.

මම පවසන්නේ මේ සියලු ඝාතන කළේ කොටි ය. එහෙයින් අපි ත්‍රස්තවාදයට විරුද්ධ විය යුතු බව ය. යම් ඝාතනයක් වූ කල සැබෑ ඝාතකයා අමක තර එකිනෙකාට ඇඟිලි දිගු තර පලක් නැති බව ය. අපේ පොදු සතුරාට එරෙහිව අප වහා ඒකරාශි වී සතුරා විනාශ කළ යුතු බව ය. මා පැවසුවේ 2001 පමණක් නොවේ.

"එසේ ආරක්ෂාව නොදුන් පමණින් ඔහු ඝාතනය වී නම්, ඒ වඟකීම ආණ්ඩුව මත පැටවේ නම් ලලිත් ඇතුලත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ලකී අල්ගම ආදී කිසිවෙකුට එවකට පැවති එවිප ආණ්ඩුව ආරක්ෂාව දී නැත. අඩු තරමින් ආර්. ප්‍රේමදාස ජනාධිපතිටවත් ආරක්ෂාව දී නැත. සිය ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක පවා ආරක්ෂාව දී නැත."

ආරක්ෂාවේ අඩුපාඩු වූ නිසා ඝාතකයා නිවැරදි කරු නොවේ. ආරක්ෂාව අවැසි සතුරා සිටින නිසා ය. සතුරා නැති නම් ආරක්ෂාව අවැසි නැත. ලිපියක කොටස් ගෙන විකෘති කර කියැවීම කුතර්කයයි.

විමල්ට පමණක් නොව කරුණා පිල්ලෙයාන් ආනන්ද සංගරී ඩග්ලස් දේවානන්ද ආදි කොටි තර්ජන ඇති සැමට ආරක්ෂාව දිය යුතුයි. ඒ සැම මොහොත වන විට ද තොටින්ට එරෙහි සටනින් බැහැර වී නැත.

එහෙත් ජානක පෙරේරා කොටියාගේ විරුද්ධ පැත්තේ සිට එහි මිතුරු පාර්ශවයට මාරු විය. ඔහු ඔස්ට්‍රේලියාවේ තානාපති ලෙස පත් කර යැවූ කල ඊට එරෙහිව එහි උද්ඝෝෂණ කළ උන්ගේ පිළට ඔහු ගියේ ය. එසේ ගිය කල ඔහුට පෙර තිබූ ආරක්ෂාව නොලැබේ. මන්ද මෙරට එතරම් සද්ගුණවත් දේශපාලන ක්‍රමයක් නොමැති හෙයිනි. තමන්ගේ ආරක්ෂාව තමන්ට පැවරූ ජේ. ආර්. ගෙන් ඊට නිදහසට කරුණු විමසිය යුතු ය.

අපට එවිපයට හෝ පවතින රජයට කඩේ යාමෙන් ලැබීමට දෙයක් නැත. එහෙත් රජය මේ මොහොතේ රටට අවැසි නායකත්වය සපයතැයි අපි සිතමු. එහෙයින් ඊට සහය වන්නෙමු. එසේ නොවුණු කල ඊට එරෙහි වන්නෙමු.

නාමල් උඩලමත්ත said...

මළා තමා. අන්න ජානක පෙරේරාගේ ඝාතනයට ඔත්තු දුන් එවිපයේ ගෝළයෙක් අල්ලලා. පොර ඡන්දෙත් ඉල්ලුවලු. මිනිහලු ඔත්තු බැලුවේ වැඩේට. කළු කොටියට ආරක්ෂාව දුන් කොටියා තමා කීවා කියන්නේ. ඇත්තටම වුණේ රටක් වටින මනුස්සයෙක් තමන්ගේ දේශපාලන ගොහොරුවේ දාලා බිල්ලට දීපු එක විතරයි. කාගේ හරි පිටින් ආණ්ඩුව පෙල්ලන්න ඕන වුණේ ඒ අයට. අන්තිමට ජාතික වීරයෙක් මළේ ජරා ලේබලයක් එක්ක. පක්ෂේ ඇතුළෙන් ඔත්තු දෙද්දි මුළු ලංකා හමුදාවම දැම්මත් අමාරුයි ආරක්ෂා කරන්න.

Liberal Lanka said...

//එය හුදෙක් තෙල් මංකොල්ලය පිණිස කල නිර්ලජ්ජී ආක්‍රමණයකි//

ඔබේ මතය මෙහීදී වැදගත් නොවේ. එරට රජයට අනුව ඉරාකයේදී ඔවුන් කලේ ත්‍රස්තවාදයට එරෙහි යුද්දයයි.එහෙත් ඔබාමා අතුලු විපක්ශය එයට එරෙහි විය.

//ආරක්ෂාවේ අඩුපාඩු වූ නිසා ඝාතකයා නිවැරදි කරු නොවේ. ආරක්ෂාව අවැසි සතුරා සිටින නිසා ය.//

LTTEය නිවරදි කරැ කියා මම UNPය හෝ පවසුවානම් උපුටා දක්වන්න. ආන්ඩුව ජානකට කළේ තුච්ච වැඩකි. එය පැවසීම LTTEය වරදින් නිදහස් කිරීමක් නොවේ.

//ඔහු ඔස්ට්‍රේලියාවේ තානාපති ලෙස පත් කර යැවූ කල ඊට එරෙහිව එහි උද්ඝෝෂණ කළ උන්ගේ පිළට ඔහු ගියේ ය.//

මේ කී වෙනි බොරැවද? උද්ඝෝෂණය කළේ ඔස්ට්‍රේලියාවේ LTTE කාරයෝ, ජානක ගියේ UNPයට.

//අපට එවිපයට හෝ පවතින රජයට කඩේ යාමෙන් ලැබීමට දෙයක් නැත.//

මේ මජර ක්‍රමය පවත්වාගෙන යාමෙන් ඔබලා වක්‍රාකාර ලාබයක් ලබයි. මතෘකාවට අදාල නොවන නිසා මෙය පහැදිලි නොකරමි.

//උපන් බිම සිය මව හා සම ය. එහෙයිනි උපන් බිම මාතෘ භූමිය වන්නේ. ඒ භූමියට එරෙහිව සතුරන් හා අත් බැඳ ගැනීම ද පාප කර්මයෙකි. ආනන්තරීය පාප කර්මයෙකි.//

අබුද්දස්ස කාලේනේ අවුලක් නැ. :)

Aravinda said...

"//අරවින්ද කී අයුරින්ම ඉරාක යුද්ධය 9/11 ප්‍රහාරය යනු දෙකකි.//
මම එය එකක්යැයි පැවසීද?"


එය එකක් නොවන බව ඔබ ද පිළිගනී නම් එය නිදසුන් කරගත්තේ මන් ද ? ලිපියේ ඇත්තේ 9/11 ප්‍රහාරය ගැන යි. ඔබාමා 9/11 ප්‍රහාරයේ දී ‍පක්ෂ භේද හැරදා ජෝර්ජ් බුෂ්ට සහය පළ කරමින් එය හෙළා දුටු අතර ඉරාක යුද්ධයේ දී ජෝර්ජ් බුෂ් වැරදි බව දැන එයට විරුද්ධ විය.
එම නිසා මේ දෙක එකිනෙකට වෙනස් ය. ඉරාක යුද්ධය කතාවට ඇඳා ගත්තේ ඔබ යි.

වර්තමාන තත්වයේ දී ලංකාවේ විපක්ෂය එලෙස ක්‍රියා නොකරයි. ආණ්ඩුවේ සෙවණැල්ලත් විපක්ෂයට පේන්නේ ඇදයට යි. සාමාන්‍ය
රාජ්‍ය පාලන කටයුතුවල දී අප රටේ බොහෝ විපක්ෂ ක්‍රියා කළේ එලෙස වු වද දැන් උදා වි ඇත්තේ විශේෂිත තත්ත්වයකි. රටේ ඒකීයභාවය වෙනුවෙන් ගන්නා තීරණවලට විපක්ෂ වීම ද්‍රෝහී කමකි.
-------------------
"නාමල් උඩලමත්තයි එහෙම කිව්වේ.
එය බොරුවක් බවයි මම උදාහරණ සහිතව පෙන්නුයේ."


ලංකාවේ දැනට ඇති වී ඇති තත්ත්වයට උදාහරණ විදේශයන්ගෙන් සෙවීම අසාර්කථය. ලංකාවේ විපක්ෂයත් ඇමරිකාවේ විපක්ෂයත්
ඉන්දියාවේ විපක්ෂයත් සියල්ල ම එක සමාන නොවේ. ඒ ඇයි දැයි මම ඉහත සඳහන් කළෙමි
-------------------
"අරක්ශාව නොසැපයු ආන්ඩුව, වග කිව යුතු නැති බවයි."

මේ ලිපියේ ඇති කරුණු ගැන මගේ වගකීමක් නැති මුත් නැවතත් ලිපිය හොඳින් කියවන්නැ යි මතක් කරමි. අපෙගේ කතාවේ ප්‍රස්තුතය මේ ලිපිය යි. විපක්ෂය කියන්නේ ඊට වඟකිව යුත්තේ ආණ්ඩුව බවයි. ඒ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොදීමෙන්ලු
-------------------
"මෙය උත්තර දි ගත නොහැකි නිසා මා කෙරිහි ව්යිරයෙන් කර ඇති ප්‍රකාශයක් බව පෙනී යන නිසා...."
මා තුළ වෛරයක් ඇති බව සත්‍යයකි. ඒ ඔබ කෙරෙහි වූ පෞද්ගලික වෛරයක් නොවේ.
-------------------
"ඔබේ මතය මෙහීදී වැදගත් නොවේ."
එසේ නම් මේ ඉදිරිපත් කර ඇති ඔබේ මතය ද වැදගත් නොවේ
-------------------
"අබුද්දස්ස කාලේනේ අවුලක් නැ"
සියලු දේ විද්‍යාවේ ගණිතයේ මෙන් කිරා මැන ඔප්පු කළ යුතු යැයි ඔබ කිය යි. එසේ නම් මෙයත් ඔප්පු කර පෙන්වූවොත් නරක ද ?
-------------------

නාමල් උඩලමත්ත said...

දේශපාලන ආනන්තරීය පාප කර්මය නමැති ලිපිය පිළිබඳ අදහස් පළ කළ අරවින්දටත් ලිබරල් සහෝදරයාටත් ස්තූතියි. ලිපියේ වචන, වැකිවල ළැග බොරු තකකීරු තර්ක නොනඟා එහි හරය මැනවින් අවබෝධ කරගත් අරවින්ද ඇතුලු හැමට ස්තුතියි. කිසිවෙක් මින් මතු අප හා සංවාදයට ඒ නම් ලිපියේ හරය ගැන විය යුතු ය.

මේ ලිපියේ යටි අරුත රට මුහුණදී ඇති තීරණාත්මක මොහොතේ සියලු දේශපාලන භේද අමතක අප කර එකමුතු විය යුතු බව ය. ත්‍රස්තවාදයට එරෙහිව මහා පෞරක් සේ රළ පෙලක් සේ නැඟී සිටිය යුතු බව ය. එම සත්‍ය අමතක කර නන්දොඩවන්නේ ඊට විරුද්ධවුන් ය. නැතිනම් උන්මත්තකයෝ ය.

පැරණි දේශපාලන කෝන්තර සිහිකරමින් ඊට වළවල් කපන්නා අනියමින් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙයි. උන් කළ යුත්තේ බොරු බයිලා නොගහ එසේ එකමුතු වීමට අකමැති බව ද තව වසර සිය දහසක් සිංහල දෙමළ වශයෙන් අපි එකිනෙකා ගහමරා ගත යුතුයයි කිව යුතු ය. එතකොට උන්ට සාම වෙළඳාම ගජරාමෙට කළ හැකි ය.

රටේ විපක්ෂයේ දොන් ජුවාන්ලා මේ මොහොතේ දේවදත්ත භූමිකාව රැඟුව ද උන්ගේ ඇම්බැට්ටයෝ නරිවාදන් දෙඩවුව ද රටේ සාමාන්‍ය වැසියෝ ජාතික කොඩිය වටා රොද බඳිති. ඔවුන් පක්ෂ භේද නොතකා රටේ ඒකීයත්වය වෙනුවෙන් අත්වැල් බැඳගනිති. අහස සිඹින සියක් දහසක් ජාතික කොඩි මහා උදාර ලීලාවෙන් අපට පවසන්නේ ඒ ප්‍රාතිහාරයයි.

මේ රටේ අවශේෂ සාමාන්‍ය ජනතාවට, මේ රටට පණ මෙන් ආදරය කරන ජනතාවට, මේ පුංචි රට හැර ලොව අන් සෙවණක් නොමැති ජනතාවට මට කීමට වැදගත් කරුණු 3ක් ඇත.

මව් බිම වෙනුවෙන් එක්වෙන්න!
මව් බිම වෙනුවෙන් එක්වෙන්න!
මව් බිම වෙනුවෙන් එක්වෙන්න!

නාමල් උඩලමත්ත said...

ආ..කරුණු කිහිපයක් කීමට අමතක විය.

ජානක ඝාතනය ගැන එවිපය කීවේ එය පිල්ලෙයාන් පාර්ශවයේ වැඩක් බව ය. කොටින්ම ආණ්ඩුවේ කොන්ත්‍රාක්තුවක් බව ය. දැන් එය unp කොන්ත්‍රාක්තුවක් බව පැහැදිලි ය. ඝාතනයට ඔත්තු බලා ඇත්තේ unp ඡන්ද අපේක්ෂකයෙකි. මේ රැස්වීමට කිසිදු ‍ජ්‍යෙෂ්ඨ unp නායකයෙක් සහභාගී වි ද නැත. මේ සියලු කරුණුවලින් පැහැදිළි වන්නේ ජානකට හමුදා ආරක්ෂාව දිය යුතුව තිබුණේ unpන් බේරීමට බව ය. සැබැවින් ම ජානක ඝාතනය වූයේ unpට ගිය දා ය.

ජානකට විරුද්ධව ඕනෑම එකෙකුට උද්ඝෝෂණ කළ හැකි ය. මා කීවේ 88-89 සිද්ධි අළලා jvp ය සංවිධානය කළ එක ගැන ය. ඊට අත්වැල් ගායනයෙන් සහභාගී වූයේ unp යයි. එහෙත් අවසන ඔහු සිය සතුරාගේ හුරතලෙක් බවට පත් විය. මට නම් unpට යාමත් ltteට යාමත් දෙකම එක ය. සිංහල හමුදාවට හොඳ පාඩමක් උගන්වමියි කීවේ කොටි ය. යුද්ධ කරන්න ඕන මෝඩයෙකුට පුළුවනැයි කීවේ ද කොටි ය. අද කිඹුල් කඳුලු හෙළුවාට අපට අතීතය අමතක නැත. මේ ප්‍රකාශ දෙකම අතීතයට මෙන් ම අනාගතයට බලපායි. ඒ කියන්නේ ජානක ද මුන්ට අනුව මෝඩයෙකි. ජානක මතුවන්නේ යුද බිමේ අභීත විරුවෙකු ලෙස ය. unpට අනුව මෝඩයෙකු ලෙස ය.

අප පවතින ක්‍රමයට කඩේ යනවා යයි සිතන්නේ නොදන්නා උන් ය. මේ රට සාම අගාධයේ කරවටක් ගිලී සිටියදී අප ඒ ක්‍රමයට විරුද්ධව සටන් කළෙමු. යුදමය වශයෙන් කොටියා පරාජය කළ යුතු යයි කීවෙමු. සැබවින්ම රජය මේ මගට පිවිසියේ මෑතදී ය. ජයග්‍රහණය කළේ අප මතවාදයයි. එහෙයින් අප රජයට කඩේ යනවා නොව රජය අපට කඩේ යනවා ලෙස ලිබරල් උන්නැහේගේ ප්‍රකාශය නිවැරදි විය යුතු ය. ඊට වඩා අප අපේ මාතෘ භූමියට කඩේ යනවා යයි පැවසීම නිවැරදි ය.

ඇමරිකන් නිදහස් ප්‍රතිමාව සිය අනන්‍යතාව කරගත් දීන වහලෙකුට සිය උපන් බිම ගැන ආදරයෙන් කතා කිරීම අබුද්දස්ස යුගයක සිදුවන්නක් ලෙස පෙනීම අප මවිත කරන්නේ නම් නැත.

 
සිය රට දේ සිරි සැප දේ !