Tuesday, April 21, 2009

මා ජ.වි.පෙ.ට ගැසීම සහ ජ.වි.පෙ. මට ගැසීම!

නීච ක්‍රමවේදයන් හරහා පැවැත්වීමට යන බව පෙනේ. මෙවර පළාත් සභා මැතිවරණ වටයේ මෙතෙක් පැවැති නරකම පුර්වාදර්ශය බස්නාහිර පළාතේ පුර්ව මැතිවරණ ක්‍රියාවලිය බව කියමු. පහරදීම්, මිනීමැරීම් ඇතුළු දුෂ්ට ක්‍රියා රාශියක් මෙහිදී සිදු විය. කසකරුවන්ගේ තත්ත්වය මෙය නම් පෙරහැරේ තත්ත්වය ඉතා දරුණු වීමට ඉඩ තිබේ. අලි කුලප්පු වී, නැටිටුවන් පෑගී, ගිනි බෝල ගැලවී, වෙර පැලී ඇති විය හැකි විපත්තිය ඊළඟට පෙරහැර කිරීමට බලාපොරොත්තු වන අය ද තුෂ්නිම්භුත කරවීමට ඉඩ තිබේ. ජාතික මැතිවරණ නිරීකෂණ මධ්‍යස්ථානය පෙරේදා (20 දා) නිකුත් කළ නිවේදනයකට අනුව එදින දක්වා සිදු වු මැතිවරණ නීති උල්ලංඝනයන් සංඛ්‍යාව 90 කි. පොලිසියට පැමිණිලි රුසක් ලැබී ඇත. බඩු අයිතිකාරයා මෙන්ම හොරා ද පැමිණිලි කළ අවස්ථා තිබිණ. මෙරට පළාත් සභා ඉතිහාසයේ කළු පැල්ලම 1999 වසරේ වයඹදී පැවැති පළාත් සභා ඡන්දයයි. එහිදී පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළ අතර එසේ ජය ගත් පො.එ.පෙ. මන්ත්‍රීවරයෙක් විරුද්ධ පකෂය වු එ.ජා.ප.යේ ආධාරකාරියක නිරුවත් කර මහ මඟ ඇවිද්දවුවා ය. මේ මන්ත්‍රීතුමා අදත් හිරබත් කයි. නීතිය කාටත් එක හා සමාන බව නුතන අධිකරණය මගින් පෙන්වා දී තිබේ. එය ජනතාවට සහනයකි.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ජාතික නිදහස් පෙරමුණේ මැර පිරිසක් යැයි කියන කණ්ඩායමක් වෙතින් මරණයට පත්වීම, එම මරණයෙන් සති දෙකක් ඉක්ම ගොස් තිබියදීත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීම (සැකකරුවන් පොලිසිය මඟ හැරීම හෝ පොලිසිය සැකකරුවන් මඟ හැරීම යන දෙකෙන් එකක් මෙහිදී සිදු වී තිබේ.) එක්සත් ජනතා නිදහස් සන්ධානයේම අපේකෂකයන් එකිනෙකාට පහත් ලෙස මඩ ගසා ගැනීම ජ.වි.පෙ. ආධාරකරුවන් තම වාහනය වටකරගෙන පහර දුන් බව ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ පවසන අතර එය අමුලික බොරුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් පැවැසීම වැනි කාරණා අතර මෙවර බස්නාහිර පළාත් සභා ඡන්ද සමය දෝලනය වෙමින් පවතී. මනාප පොරය විසින් මේ නීච තත්ත්වය ඇති කරනු ලැබ තිබේ. එකම පකෂයේ අය අඬු පටලවා ගත් ගෝනුස්සන් අඬු කැඩෙනතුරු සටන අත් නො හරින සේ මනාපකාරයෝ එකකුගේ අන්ඩක් කැඩෙනතුරු ඌ අත් නොහරිති. මේ ජරාජීර්ණ ක්‍රමය හඳුන්වා දීමේ (අ) ගෞරවය සාමාන්‍යයෙන් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට පුද කෙරේ. එහෙත් එතුමා හඳුන්වා දුන් විධායක ජනාධිපති බලතල, අනුපාත ඡන්ද ක්‍රමය යනාදියෙන් ඉවත් වීමට කාටවත් වුවමනා නැත. එක් අතකින් ගත් කල විධායක ජනාධිපති ක්‍රමයෙන් ඉවත් නොවීමට මෙරට කිසිදු රාජ්‍ය නායකයකු කැමැති නො වන්නේ මේ රට දේශපාලන වශයෙන් භේද භින්න වී ඇති ප්‍රමාණය සලකා බැලීමෙන් පසු ශක්තිමත් පාලනයක් පවත්වාගෙන යෑමට සුදුසු එකම ක්‍රමය විධායක ක්‍රමය නිසා විය යුතු ය. විධායක ක්‍රමය කෙසේ වෙතත් මනාප ක්‍රමයෙන් නම් රට නිදහස් විය යුතු ය. නැතහොත් මතු යම් දිනයක එළඹෙන මහා මැතිවරණයකදී කා කොටා ගන්නා අපේකෂකයන් සියලු දෙනා මරණයට පත්ව ඡන්දය දවසේදී ඡන්දය වෙනුවට ඔවුන්ගේ අවසන් කටයුතු පැවැත්වීමට සිදුවනවා ඇත.
(දිවයින_09/04/22)

පසුවදන_පවතින ඡන්ද ක්‍රමය මිනිසුන් නොමිනුසුන් කරන්නකි. මනාප පොරය විසින් මිනිසා සහ තිරිසනා අතර ඇති අවම වෙනස්කම් ද අකාමකා දමා තිබේ. ජවිපෙ සහ ජනිපෙ අතර ඇත්තේ මතවාදී වෙනසක් පමණක් බව දෙපිරිස ම අවබෝධ කරගත යුතව තිබේ. එහෙත් ඉතිහාසය පුරා ජවිපෙ සිය කැඩී ගිය සමාජිකයින්ට සලකා ඇත්තේ පරම හතුරන් ලෙස ය. එය නිකැලැල් දේශපාලනයක් කරතැයි ජනතාව තවමත් විශ්වාස කරන ජවිපෙට තරම් නොවේ. ජනිපෙ තවමත් ළදරු පක්ෂයක් ලෙස ජවිපෙ ඇති යහගුණය රැගෙන දුර්ගුණ අතැර සිය දේශපාලන ගමන්මග සකසා ගැනීමට ක්‍රියා කළ යුතු ය.

17 comments:

Mahinda said...

odokku kukkoo....

නාමල් උඩලමත්ත said...

තමන් කියන දේ වෙනුවෙන් පෙනී සිටින්න තරම් කොන්දක් නැති නිවටයින් ගැන මම ආයෙත් කම්පා වෙනවා. මම ඔඩොක්කු කුක්කා, ජාතිවාදියා, අන්තවාදියා කීවට සැලෙන ජාතියේ කෙනෙක් නෙමේ. අපේ රට වෙනුවෙන් ඕනෑම නින්දාවක් විඳින්න අපි සුදානම්.

ඉටු කොට කළ යුතු යුතුකම් - ලැබුවත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්!

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

Mahinda said...

weerawanssa wenuwen katha karanne ekko modayek.. nathnam looka kapatiyek.. wimalge deshapremaya gana danna ewun hondata dannawa.minihage passe yana moda halparuwo gana anukampa karanu hara wena kumak karamuda?

Sasika Nanayakkara said...

දැන් දේශපාලනයේ පවතින අළුත්ම තත්වය නම් තමා බිහිකල අම්මා විකුණා වුවද දිනන්න පුළුවන් නම් දිනයි.කට්ටිය මෙපමන ගුටි කන්නෙත් ගහ ගන්නෙත් අපිට ආදරේට නම් නොවන බව මට නම් හොදින්ම වැටහෙන කරැනයි.
ඒ නිසා මුන් ගහ ගත්තත් ගුටි කැවත් මට නම් කිසිම ගානක් නැත.මම මැතිවරණ දිනයට කරන්නේ මේ නරකයන් අතර අඩුම නරක එකා තේරිම මිස හොද එවුන් සෙවිම නොවේ.මන්ද ලංකිය වර්තමාන දේශපාලනය තුල මෙවන්නන් නොමැත.
@ නාමල්/මහින්ද ඇත්තටම මේ මහින්ද යනු කවුද මෙසේ කමෙන්ට් සැගවි දන්නේ පිරිමියෙක් හො ගැනියෙක් නොවන බවනම් පැහැදිලි අතර එම නිසා නාමල් බොරැවට ලේ කොප කරගතයුතු නොවේ.

Mahinda said...

sasika malli..umba thama podi ekek..
issella deshapalana awaboodayak kohen hari laba ganin..SMS kollonta me loke danumak na.un udde nisa chuun welane inne..

Sankha said...

විමල් වීරවංශ යනු මහින්ද ජනාධිපතිකරවීමට ජවිපෙ සමග දරදිය ඇද්ද ප්‍රධාන පුද්ගලයෙකි. එහෙත් ඔහු ඊයේ පැවති රතුඉර දේශපාලන සංවාදයේදී මහින්දගේ රෙදි හෝදපු ආකාරය දුටු විට සැබැවින්ම ඔහු පිළිබද අනුකම්පාවක් ඇතිවේ.

Sasika Nanayakkara said...

@ මහින්ද අයියා
මට හොද දේශපාලන අවබොදයක් නොමැති බවනම් සැබැය.නමුත් හරිදේ හරි විදියටත් වැරදිදේ වැරදි විදියටත් දැකිමේ හැකියාවක් ඇත.
නමුත් මට දුක ඔච්චර දෙවල් දන්න මහින්ද අයියා (සියල්ල දත්)ඇයි හැංගිලා කමේන්ට් දාන්නේ කියාය.බයද? ලෙඩක්ද?

Mahinda said...

mallila..umbala awankawama deshppremi hangeem thiyena aya wenna puluwan..ekata mama garu karanawa..eeth weerawansa wage thakkadi deshppreminta kade yanna epa..miniha gana mama hondata danna nisai kiyanne..Mervin silva ita wada hondai.miniha adu gaane kiyana dewalwaldath karanava..

නාමල් උඩලමත්ත said...

මා පෙනී සිටින්නේ මහින්ද වෙනුවෙන් ද විමල් වෙනුවෙන් ද යන්න අනාගතයේ දැකගත හැකි වනු ඇත. එය දැකගත හැක්කේ කිසියම් දිනක ඔවුන් සිය අදහස් වෙනස් කරගත් කල්හි අප ද අන්ධානුකරණයෙන් ඒ පසුපස යා නම් ය. එසේ නොවේ නම් කිව හැක්කේ කුමක් ද?

සසිකගේ දේශපාලන අවබෝධය ගැන කතා කරන්නට, සිය නමින් අන් අය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි නිවට දීනයෙකුට ඇති අයිතිය කුමක් ද? තමුන් වහාම තමන්ට කොන්දක් ඇත්දැයි පරික්ෂා කරගත යුතු ය. සසික, මෙවන් පිංගුත්තරයින්ගේ ගොන් කතා සිනාවෙන් ඉවත දැමිය යුතු ය.

අවසාන වශයෙන් කීමට ඇත්තේ මහින්ද හෝ විමල් වෙනුවෙන් පෙනී සිටීමට මට කිසිවෙකු ඩොලර් යෙන් දී නැත. විදේශ සංචාර ලබා දී නැත. මා පෙනී සිටින්නේ මා උපන් බිම වෙනුවෙනි. ඒ රටේ සියලු දේශප්‍රෙමී ජනතාව වෙනුවෙනි. බෙදුම්වාදය ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් පෙනී සිටීමට මට අයිතියක් සහ වගකීමක් ඇත. එහෙයින් ඊට කිසිම පිංගුත්තරයෙකුගේ අවසරයක් මට අවැසි නැත.

Sasika Nanayakkara said...

මම කාටවත් කඩේ යන්නෙක් නොවෙමි.මම ලියපු කමෙන්ට් එකෙන් කිව්වේ මුන් ඔක්කොම තක්කඩි කියාය.මට කවුරැත් හොද නැත.(පක්ෂ විපක්ෂ)
නමුත් ඔබ කාට හො කඩේ යයි.එක්කො රනිල්ටය නැතිනම් සොමවංශටය.නමුත් ඔබට පෙන්නේ අනිත් අය කඩේ යනවා කියාය.(මම ලියපු කමෙන්ට් එක නැවත්ත කියවන්න)
ඔබ කාට කඩේ ගියත් අවුලක්ද නැත.නැතිනම් ඊලගට ඔබලා මධ්‍ය නිදහස නැහැ කියා ලිප්ටන් වටරවුමේ සුනන්ද දේශප්‍රියලා එක්ක උගුර කඩා ගෙන දගලාවි.මම චුන් වෙන්නේ යුද්ධයෙන්ය නමුත් ඔබ වෙන්නේ මොඩ චුන් විල්ලකි.

නාමල් උඩලමත්ත said...

ඇත්තට ම අපි යුද්දෙන් චූන් වුණා ද? නැහැ. අපි චූන් වෙන්නේ යුද්දේ ඉවර වෙන නිසා. ඒක අත ළඟ නිසා. අපි උපන් දවසේ ඉඳලා යුද්දේ අමිහිරි කටුක බව වින්දා. දැන් ඒ අපල කාලේ අවසන් වී ගෙන එනවා.

ඒත් ඇතැම් නිවටයින් චූන් වුණේ යුද්දේ තිබු‍ණු කාලේ. දැන් උන් මාරාවේශ වෙලා. චූන් එක සදහට ම නැති වෙන නිසා. දැන් වවාගෙන කන්න දෙයක් නැති වෙනවානේ.

මට නම් විමල් ගැන කාගෙන්වත් චරිත සහතික අවශ්‍ය නැහැ. මොකද ඒ කවුරුවත් අපි අදහන්නේ නැහැ. මහින්ද වුණත් එහෙමයි. ඒත් ඒ අය අද පෙනී සිටින කාර්ය වෙනුවෙන් මම පෙනී සිටිනවා. එය නිවැරදි යයි මම හිතනවා. එච්චරයි. ඉන් එහා ගිය සම්බන්ධයක් මට මේ අය එක්ක නැහැ. මම හොඳ දේ හොඳ හැටියට දකිනවා. නරක දේ නරකයි කියනවා. එතනදී මට පක්ෂ පාට අදාළ නැහැ. ඒ නිසා අනාගතයේ මම වෙන කෙනෙකුට කඩේ යනවා කියලා කාට හරි කියන්න පුළුවන්.

Mahinda said...

නාමල්.....ඔබ, නියම තකතිරු මෝඩ පින්ගුත්තරයෙක් බව ඔබ විසින්ම ,ඔබගේ මෝඩ ප්‍රකාශයෙන් ඔප්පු කොට හමාරය. කාලකන්නි දේශපාලුවන් පසු පස අන්ධයන් ලෙස ඔවුන්ගේ පස්ස ලෙව කමින්, දෙශප්‍රේමය ආවරනයක් කර ගනිමින්,යන මේ ගමන කවදා හෝ ඔබටම එපා වනු නියතය.

වීරෝධාර රන විරුවන් ගේ ජයග්‍රහන තම සාක්කුවට දා ගන්නා ජරා දේශපාලුවන් එය කරන්නේ තම වාසිය උදෙසා උවත් ඔබලා එය කරන්නේ මෝඩ තකතිරුකම නිසාමය. වෙනස එයයි.

Narada said...

නාමල් මාමේ, Beyond Fame මෙන්ම දැන් ඔබතුමා ගැන කරකිරීමක් දැනේයි. ඒ ගැන කිව්වාට කමා වෙන්න, නමුත් ඇත්ත එකයි. ඔබේ ලිපි ගැන මා එතරම් කතා නොකරන්නේ ඒ වු කරැණුත් දේශපාලන විද්‍යාව තව තුරටත් හැදැරිය යුතු නිසාවෙනි.

මගේ ප්‍රශ්ණය තිබෙන්නේ Defence.lk ඈදුමවත් නැති ඔබේ 'ඒහි පස්සිකෝ' නම් ලින්ක් පෙලේ tamilnet.tv නම් බෞද්ධයෙකුට නොතරම් වන අඩවිය ඇතුලත් කිරිමයි. අසැබි ජයාරෑප හා මියැදුණු අයගේ ජයාරෑප මගින් සිදු කරන කාරණා ඔබ අනුමත කරනවා කියාද?

එයද දේශප්‍රේමය? ලැජ්ජයි මාමේ. වැරද්ද හදා ගන්න.

සසික අයියේ, හරි වැරදි දකින්නේ නම් අපක්ෂපාති වෙන්න.

Word Verification ඉවත් කරන්නේ නම් පහසුවකි.

Sasika Nanayakkara said...

@-බිன்ku-
මට ඔබ කියන දෙය නොවැටහේ.නමුත් මම ප්‍රකාශ කලේ මේ දේශපාළුවන් සියළු දෙනාම එකක් කියාය.මොවුන්ගේ ගහ ගැහිල්ලත් ගුටි කැමත් දෙකම එකකි.මොවුන් සියළු දෙනාම පක්ෂ විපක්ෂ බේදය කින් තොරව මානාප පොරයක තම ආත්මය විකුනමින් නියලි සිටි.මෙය මහින්දද,රනිල්ද,විමල්ද,සොමවංශද කියා වෙනසක් නොවන බවයි.ඉතින් මිට වඩා අපක්ෂපාති වනවාය කියන්නේ කුමක්ද?

නාමල් උඩලමත්ත said...

විරෝදාර රණ විරුවන් මේ තැනට ඉබේ ආවේ නැත. ඒ සඳහා අවශ්‍ය දේශපාලන මග පෙන්වීම සහ නායකත්වය ලබාදුන්නේ ඔබ පවසන දේශපාලුවෝ ය. අද කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නේ දොන් ජුවාන් වික්‍රමසිංහ පාලනය විසින් බැරැක්කවලට ගාල්කර කොටින්ගේ උසුළු විසුළුවලට ගොදුරු කළ හමුදාවම ය. එකල බූරුවෙකුගේ නායකත්වයක් සහිත සිංහ හමුදාවට අද සිංහ නායකත්වයක් ලැබී ඇත. හමුදා ජයග්‍රහණයේ රහස එයයි. එය පිළිගැනීමට මෙරට ජනයා සුදානම් ය. එය එලැඹෙන මැකිවරණයෙන් ද පසක් වනු ඇත. සිය කුහක දේශපාලන ගුබ්බෑයම්වල සිට හමුදා ජයග්‍රහණ දෙස බලන පිංගුත්තරයින්ට මේවා නොපෙනේ. උන් සිතන්නේ ඒ සියල්ල ඉබේ සිදු වූ බව ය. සැබවින් ම උන් හමුදා ජයග්‍රහණ අගයන්නේ ද කුහක චේතනාවෙනි. ඒ නොකර බැරි නිසා ය. මුන් සහ කිලිනොච්චි මැදවච්චිකාරයා අතර වෙනසක් නැත.

මගේ අඩවියේ defence.lk ඈඳුම ඇත. මම tamilnet ඇඳුම යොදා ඇත්තේ එය ත්‍රස්තවිරෝධි නිසා ය. ලොව පුරා සහ ලංකාවේ සිට ක්‍රියාත්මක වන කොටි ප්‍රචාරණ ජාලයට එරෙහිව එවැනි දේ අවශ්‍යය. මම ආගම ගැන හිතන්නේ රටට පසුව ය. දුටුගැමුණු රජතුමාගේ දස මහ යෝධයින් අතර සිටි ථේරපුත්තාභය යෝධයා සිවුරු හර යුද්ධයට ගිය බෞද්ධ භික්ෂුවක් බව අබෞද්ධ ඔබ නොදන්නාවාට දන්නෝ දනිති.

ඔබ පවසන්නේ මිය ගිය ත්‍රස්තයින් ගැන නම් ඒ ගැන මගේ කිසිදු තැකීමක් නැත. ත්‍රස්තයා ත්‍රස්තයාම ය. ත්‍රස්තවාදය කෙළවර වන තුරු සියලු ත්‍රස්තයින්ට අපෙන් අනුකම්පාවක් නැත. දැන් දයා මාස්ටර් හමුදාවට භාරවී සිටින නිසා කොටින්ගෙන් පඩිගත් ජඩ මාධ්‍යවේදීන් ගැන අපට නුදුරේදීම අසන්නට ලැබෙනු ඇත. එදාට මෙරට තක්කඩි දේශද්‍රොහීන් ගැන සිවිල් ජනතාව ගැන කිඹුල් කඳුලු හොලමින් කොටියාට කඩේ ගිය ජඩයින් ගැන අපට අසන්නට ලැබෙනු ඇත.

Ramachandra said...

tamilnet ඈදුම ගැන නම් ආපහු හිතල බැලුවොත් හොදයි නාමල්.බින්කුගේ සටහන දැක්කට පස්සෙයි මම ඒක බැලුවේ.ඒක හරි අප්‍රසන්නයිනෙ.විශේෂයෙන් එහි ඇති අසභ්‍ය ඡායරූප පෙල.ඔබ ප්‍රිය කරන නිදසුනකින්ම කිවහොත් දුටුගැමුනු රජතුමා වුනත් යුද්ධ කලාට එලාර කියන සතුරාට ගරු කලා.යෝජනාවක් පමනයි.හිතල බලන්න.

නාමල් උඩලමත්ත said...

ඔව් රාමචන්ද්‍ර මම පිළිගන්නවා ඒක සභ්‍යත්වයේ සීමා ඉක්මවා යන බව. බින්කුටත් මගේ කනගාටුව පළ කරනවා. කොහොම වුණත් ඒක ලෝකය පුරා ලංකාවට එරෙහිව බොරු ප්‍රචාරය කරපු tamilnet කියන කොටි අඩවියට එරෙහිව ඇරඹුවක්.

ඒ වන විට tamilnet හරහා ලොව පුරා කොටි ගොඩනඟා ගෙන තිබුණු ආධිපත්‍යයට ප්‍රහාර එල්ල කරන්න තමා ඒක බිහිවුණේ. දැන් කොටි 99%ක් ඉවරයි. ඒ නිසා එම අඩවියේ කාර්යභාරයත් අහවර වෙනවා ක්‍රමයෙන්. මේ සියලු කාරණා සලකා බලා එහි ඈඳුම මම ඉවත් කරනවා. මේ ගැන මා නැවත සිතන්න යොමු කළ බින්කුට සහ රාමචන්ද්‍රට මගේ ස්තූතිය.

 
සිය රට දේ සිරි සැප දේ !