Monday, April 6, 2009

පොටිටු අම්මාන්ගේ කඳුළු සහ අපේ අයියලාගේ විහිළු

කපා හෙලු පොල්ගසක් මෙන් බිම ඇදවැටුණු ත්‍රස්තවාදී සංවිධානයක්, එම ඉරණම් ගමන මගින් ලෝකයට ම නිකුත් කරන පණිවිඩයක් තිබේ.

රාෂ්ට්‍ර ප්‍රශ්නවලට දේශපාලන විසඳුම් අවශ්‍යමුත් ත්‍රස්තවාදය වැනි දේශපාලන ම්ලේච්ඡකම්වලට අවශ්‍ය වන්නේ නොපමාව මුදාහැරෙන පොලු පහරක්ය යන්න ඒ පණිවිඩයයි.

බකිංහැම් මාළිගයේ ජනේලයකින් පැන මහ රැජිනගේ චේන්පොට සොරකම් කරන එකකු සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීමේ සිරිතක් මහා බ්‍රිතාන්‍යයේ නොමැති නම්,

"නිව්යෝර්ක් හන්දියේ" හෝ ඒ අවට ප්‍රදේශවල සැරිසරන අනුක්‍රමික මිනීමරුවකු සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීමේ සිරිතක් ඇමරිකා එක්සත් ජනපදයේද නොමැතිනම්,

මේ ද්වයේම සංකලනයක් වු එකකු සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීමේ සිරිතක් ශ්‍රී ලංකාවේ තිබිය යුතුද?

පුදුමයකට මෙන් අපට කීමට සිදුවන්නේ එබඳු සිරිතක් කාලයක් මුළුල්ලේ මේ රටේ තිබුණු බවය.

එබඳු සිරිතක් පැවතුණා පමණක් නොව ඒ සිරිත වන්දනා කිරීමේ සිරිතක් ද කාලයක් ම මේ රටේ පැවතිණි.

එකල්හි රටේ හැමතැනම ත්‍රස්තවාදය යන්නට පිළිතුරු පදය වුයේ දේශපාලන විසඳුම යන්න පමණක්ම විය. ත්‍රස්තවාදය අභියස, දේශපාලන විසඳුම යන්න මතුරමින් ශ්‍රී ලංකා රාජ්‍යය කාලයද, දේශයද, ජන ජීවිතද, මහජන දේපළද නැති නාස්ති කළ අතර ත්‍රස්තවාදියෝ ඒ කාලය ප්‍රයෝජනයට ගෙන සබ්මැරීන් කර්මාන්තයක්ද ගුවන් යානා කර්මාන්තයක්ද ආරම්භ කළහ.

තවත් ටික කාලයක් ගියේ නම් අපට පුදුම විය යුතුව තිබුණේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් න්‍යෂ්ටික බෝම්බයක් නොසෑදීම පිළිබඳව ය.

තවමත් ලජ්ජා නැතිව රනිල්-ප්‍රභා ගිවිසුමට ඔජ වඩන්නන් කල්පනා කරනු ඇත්තේ අර රුපවාහිනී සේවාවල යුද පුවත් තුළින් පෙන්වන දිග දිග ඒවා පොල්පරාල විය යුතු බව ය.

ටොන් ගණනින් පෙන්වන කෙහෙල්මුව වැනි ඒවා මුදානොගත් ප්‍රදේශවල ඉබේ වැවුණු එළවළු ජාතියක් විය යුතු බවය.

ශ්‍රී ලංකාවට මතු නොව ඉන්දියාවට වුව ගහන්නට ආයුධ රැස් කළ ත්‍රස්තවාදී සංවිධානයක් සුරතල් කිරීමේ පාපයට තම ජීවිතවලින්මත් වන්දි ගෙවුයේ ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් රාජ්‍ය නායකයන් වුවත්, විශේෂයෙන් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවන් ඒ නිසා විඳි වධ වේදනා ගැන ලිවීමට අරුන්දතී රෝයිලා දසදහසක් බිහිවුවත් මදිය.

(අරුන්දතී රෝයි නමැති ලේඛිකාව විසින් මෑතකදී උතුරේ සුබ සාධන කඳවුරු වධ කඳවුරුවලට සමාන කොට තිබේ.)

වන්නි මානුෂීය මෙහෙයුමේ රණවිරුවෝ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයද, එය ඔසොවා තිබු මුරුංගා අතුද, එයට ඉහළින් දිස්වු කොඩි කුඩ, සේසත්ද කුඩුපටිටම් කරමින් පෙරේදා පුදුකුඩිඉරිප්පු හෙවත් ත්‍රස්තවාදයේ අවසාන බලකොටුව ද අත්පත්කොට ගත්හ.

විදුෂා, තීපන්, දුර්ගා, ගොළුබෙල්ලා, පත්තෑයා, ගෝනුස්සා, තිත් පොළඟා මළවුන් අතර ය. භානුට බරපතලය, පොටිටු අම්මාන්ට දුක ය. මෙහේ සමහර අයියලාට ඊට වඩා දුකය. ඒ යුද්ධය අවසන් වීමට යෑම ගැන විය යුතුය.

ඊළාම් යුද්ධය ශ්‍රී ලංකාවේ දේශපාලන බල අරගලය තුළ හැමදාමත් වේගයෙන් අලෙවි වු වඩාත්ම කුණු රස ජාඩි වර්ගය වු අතර එය සාම සාකච්ඡා නමැති කසිප්පු පානයට අදාළ හොඳම කටගැස්ම ද විය.

මෙහිදී අප විසින් අවිවාදයෙන් පිළිගත යුත්ත නම් අප රටේ සමහර හාදයන් විසින් මේ කුණු ජාඩිත්, කසිප්පුත් ලෝකයේ විස්කි බොන, කැවියා කන සුද්දන්ට ද බය නැතිව විකුණු බව ය.

මේ දහජරාව කා බිව් සුද්දෝ සමහරෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙදර යන ගමන් ගොඩවැදී ශ්‍රී ලංකාව ඇල්ලීමට වරෙන්තුවක් ඉල්ලුහ. චීනයත්, රුසියාවත් ඔවුන් එළියට ඇද දමා හිස්වල ගා ගැනීමට දෙහි බෑද සැපයු බව පසුව වාර්තා විය.

තව නොබෝ දිනකින් ලෝකයා විසින් ශ්‍රී ලංකාව මෙසේ හඳුන්වනු ලැබීමට නියමිත ය.

"ත්‍රස්තවාදය පරාජය කළ රට"

ඒ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජනතාවන් පොදුවේ මෙසේ හඳුන්වනු ඇත.

"ත්‍රස්තවාදය පරාජය කළ රටේ ජනතාව"

එහි ගෞරවය රටේ ජනාධිපතිට ආරකෂක ලේකම්ට, හමුදාපතිවරුන්ට දීමට අකැමැති අය මෙසේ කියනු ඇත.

"මොනවා වුණත් රටේ වෙලාව හොඳයි".
(දිවයින_09/04/07)

පසුවදන_කොටි වෙනුවෙන් බ්ලොග් ලියන අලුත් වාමාංශික පෙරමුණේ රාමුවෙන් පිට උන්නැහේට කීමට අලුත් ආරංචියක් ඇත. දැන් ඉතින් ලොව පුරා මුට්ටි කාසි ව්‍යාපාරවලට ලොක්කා ගියාට මදි ය. ගෝළයා බ්ලොග් ලිවාට ද මදි ය.

ලැබී ඇති අලුත් ආරංචි අනුව ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ දෙටු පුත් චාල්ස් ඇන්තනී බරපතළ තුවාල ලබා ඇත. ඔහුට ලේ ලබාදෙන්නැයි යුද මුක්ත කලාපයේ ජනතාවගෙන් ඉල්ලා ඇත. ඒ ආරාධනාව මුන්නැහෙලාටත් වලංගු ය. වරක් ලොක්කා කීවේ ඊළම වෙනුවෙන් සිය ‍දිවිදෙන බව ය. ඉතින් ලේ ටිකක් දුන්නම මක්වෙනවැයි.

5 comments:

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

මෙතෙක් කලක් ත්‍රස්තවාදීන් හා මේ සටනේදි දහස් ගානක් සොල්දාදුවො ජීවිත පූජා කරල ඇති අත පය අහිමි කරගෙන ඇති. ඔවුන් ඒ පරිත්‍යාග කරමින් බලාපොරොත්තු උන දේ අද ළඟා වෙලා තියනව. තමන්ට කියා බිම් අඟලක් නැතුව රටේ හැම බිම් අඟලක්ම රකින්නට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල ඒ උදාර මිනිසුනට අපි හිස නමා ආචාර කරමු.

කවුරු හරි අර රාමුවෙන් පිට මහත්තයට සයනයිඩ් කරලක් හොයල දෙන්ට පිං සිද්ධ වෙනවා.

නිලන්‍ත said...

ඔහොම නෙමෙයි කොහොම කිව්වත් ඔය සුදු මහත්තුරු ආශ්‍රය කරල ශිෂ්ඨසම්පන්න වෙලායැයි කියන
සාමකාමී බ්ලොග් ලියන අයට ඔය යුධජයග්‍රහන පේන්නෙ රටේ පරාජයක් හැටියටම තමයි. ගිලෙන්න යන එකා පිදුරුගහත් බදාගන්නව කියනවනේ. මොනව උනත් බඩගෝස්තරේ හම්බවෙනකං උන්දැල ලියයි. ඒක අතඇරියොත් බල්ලොත් අර මොනවද නොකාඅරී.

නාමල් උඩලමත්ත said...

අපට එපා බිම් අඟලක්වත්
අනුන්ගේ දේසෙක මහ පොළවේ
මළත් නොදෙම් බිම් අඟලක්වත්
අප ඉපදුන මේ මව් පොළවේ
(වික්ටර් රත්නායක)

සුසිත, අද මේ කතාව ඇත්ත වෙලා. අනුන්ගේ බිම් අඟලක්වත් අපට ඕනත් නෑ. අපේ බිම් අඟලක්වත් අනුන්ට දෙන්නෙත් නෑ. රට එක්සේසත් කළ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඒ වීරයින්ට අපේ උත්තමාචාරය.

ඔය රාමුවෙන් පිට එවුන් දැන් සයනයිඩ් කැවිලා වගේ තමා දැන් දොඩවන්නේ. මොනව ලියනව ද කියා තමන් ම දන් නෑ.

මොන පිස්සු ද නිලන්ත, බල්ලෝ --- නොකා ඇරියත් මුං නෙමේ ඔය සක්කිලි වැඩේ නවත්වන්නේ. ඉස්සර කීවේ කවදාවත් දිනන්න බෑ කියලා. දැන් කියනවා දිනුවත් පරාදයි කියලා. ඇත්ත තමා රට දිනනවා කියන්නේ උන් පරාදයි. රටට හෙණ ගහලා උන්ගේ මූසල මතවාදය දිනුවා නම් සතුටුයි එවුන්ට.

සිංහබාහු said...

[ඇත්ත තමා රට දිනනවා කියන්නේ උන් පරාදයි. රටට හෙණ ගහලා උන්ගේ මූසල මතවාදය දිනුවා නම් සතුටුයි එවුන්ට.]

සහතික ඇත්ත!! පේන්නේ නැද්ද අදත් ලන්ඩන් වල කොටි දෙමලු නටන නාඩගම. අන්තිමට පොලීසියෙන් උන්ගෙ කකුල් දෙකෙන් අල්ලලා තමයි පන්නල තියෙන්නෙ.

සිංහබාහු

නාමල් උඩලමත්ත said...

කොටි කියන්නේ ත්‍රස්තවාදීයෝ. උන් මුළු ලෝකයට ම ශාපයක්. වදයක්. මට මතකයි වරක් කැනඩාවෙත් කෑල්ලක් උන්ට අයිතියි කියලා කීවා.ලෝකයේ ම වාසානවට තමා අපේ විරෝදාර හමුදාව උන් සමතලා කළේ. නැත්නම් ඊළඟ හිට්ලර් බිහිවෙන්නේ මේ පුංචි කොදෙව්වෙන්. එහෙම වුණා නම් ඔය 4/1 මාක්ස්ලටත් එදාට පෝලීමේ ගෑස් කාමරවලට යන්න තිබුණා.

 
සිය රට දේ සිරි සැප දේ !