Tuesday, November 8, 2011

සරසවිවලට ගන්නා කලා සිසුන් අඩු කරනවා – එස්.බී.

එස්.බී. දිසානායකගේ බොහෝ වැඩකටයුතු සහ අදහස් පිළිබඳ මට පැහැදීමක් නැහැ. ඒ වුණාට එයා එක්ක මට පෞද්ගලික ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා මම මේ අදහසට එකඟ වෙනවා.

දැන් කැම්පස් එන්නේ ඉගෙන ගන්න නෙමේ රැකියාවට සුදුසුකම් හදාගන්න. 99%ක් සිසුන්ගේ එකම පැතුම ඩිග්‍රිය පෙන්නලා පැන්ෂන් තියෙන රජයේ රැකියාවක් ගන්න එක. නැත්නම් උසස් රැකියාවක් කරන එක. ඒ කියන්නේ උපාධිය කියන්නේ රැකියා සුදුසුකමක් තත්ත්වයට පිරිහෙලා.

අනිත් ක්‍ෂ්ත්‍රවලට කෙසේ වෙතත් කලා විෂය ධාරා හැදෑරිය යුත්තේ ඥාන ගවේෂණය සඳහා. භාෂා, දර්ශනවාද, ආගම් හදාරලා මේ අය හොයන රැකියා ගන්න බැහැ. අවසාන වශයෙන් අදාළ විෂය ධාරාවලට මේ අයගෙන් ලැබෙන දේකුත් නෑ. ඒ නිසා කළ යුත්තේ මෙයමයි.

ඇත්තට ම ශාස්ත්‍ර පීඨවලට එන්න ඕන යම් විෂය ක්‍ෂ්ත්‍රයක් ඉහළට ඉගෙනීමේ අවශ්‍යතාව ඇති අයයි. ඒ අයට අවශය පහසුකම් ලබා දිය යුතුයි. එහෙම නැතිව ගුරුවරුයි ලිපිකරුවොයි බෝ කරන්න ශාස්ත්‍ර පීඨ ඕන නැහැ. කොහොමත් කැම්පස් ගුරුවරුන්ට වඩා පීඨ ගුරුවරු දක්ෂයි. හැබැයි වැඩි ලකුණු අරන් කැම්පස් ගිය අය තමා අදක්ෂ ගුරුවරු වෙන්නේ.

හැම එකට ම විරුද්ධ වන විරුද්ධ පක්ෂය සහ එල්ලෙන්න වැල් නැති ජවිපෙ මේකෙ එල්ලේවි. මෙයාලාට පෙළපාලි යන්න, පොලිසිය එක්ක ගැටුම්වලට යවන්න පුළුවන් පිරිස් නිෂ්පාදනය කරන තිඹිරි ගෙය තමා ශාස්ත්‍ර පීඨ. ඒ නිසා එහෙයියෝ බෝ කරන එක අඩු කරනවාට ජවිපෙ විරුද්ධ වෙනවා සිකුරුයි. අනෙක ඉතිහාසයේ තමන් ගනිපු එකම ඥානවන්ත තීරණ දෙකත් අත්වැරදීම් කියලා අනුර කුමාර උන්නැහේ ළඟදී කීවානේ. (2004 සන්ධානගත වී ආසන 41ක් දිනා ගැනීම සහ 2005 ජනවරම ගොඩනැගීමට නායකත්වය දීම)

මීටත් වඩා හොඳයි කොරියන් විභාගය රට පුරා තියලා කොරියා යැව්වා නම්. මොකද අවශ්‍යතාව සල්ලි නම් එය තමා විකල්පය. නිකරුනේ අවුරුදු 2ක් ගත කරලා මාසෙකට 20 000-25 000ක ජොබ් එකක් කරනවාට වඩා නරකද කොරියන් ගිහින් 150 000-200 0000ක් හොයා ගන්න එක මාසෙකට.


3 comments:

Kanchane Athauda said...

ඒ වගේම හැමදේම අනුමත කරන ඊනියා බුද්ධිමතුන් මේක අනුමත කරාවි.

Hiranya Punchihewa said...

100% Agreed, No worth of making idiots in universities.

නාමල් උඩලමත්ත said...

Kanchane Athauda,
මේ රටේ බුද්ධිමත්තු දෙකොටසක් ඉන්නවානේ.
1. ආණ්ඩුව කරන හැම එකම හරි.
2. ආණ්ඩුව කරන හැම එකම වැරදි.
මේ අයගේ හැසිරීම වෙනස් වෙනවා. තමන් කඩේ යන පක්ෂය බලයේ ඉඳීම හෝ නොඉඳීම මත. මොකද මේ බුද්ධිය පාවිච්චි වෙන්නේ පක්ෂ වෙනුවෙන් මිස රට වෙනුවෙන් නෙමේ. වරප්‍රසාදවලට. දොළ පිදේනිවලට.

තව මෝඩයෝ ටිකක් ඉන්නවා. උන් ආණ්ඩුව හොඳක් කළොත් හොඳයි කියනවා. නරකක් කළා ම බනිනවා. මොකද උන් පක්ෂ කසාද බැඳලා නැහැනේ. රට ගැනයි හිතන්නේ.

ඉතින් උන්ට හැමදාම බැනුම්, ගැරහීම් විතරයි. කවුරුවත් සලකන්නේ නැහැ. තව කියනවා මුන්ට කිසි ප්‍රතිපත්තියක් නැහැ කියලත්. ඒ කියන්නේ පක්ෂයේ පතිවෘත්තාව ආරක්ෂා කොරන්නැති චපල එවුන්.

ආණ්ඩුව හොඳක් කළාම හොඳයි කිවාම අර මුලින් කියපු විපක්ෂයේ බුද්ධිමතුන් බනිනවා. බත්බැලයා, ද්‍රෝහියා, මෝඩයා කඩේ යනවා කියලා. ආණ්ඩුව නරකක් කළා ම බැන්නම අර මුලින් කියපු ආණ්ඩුවේ බුද්ධිමත්තු බනිනවා. ද්‍රෝහියා, බුරුවා, මෝඩයා කුමන්ත්‍රණ කරනවා කියලා.
මං හිතන්නේ ඔබතුමා අයිති අර දෙවෙනි ගණයේ බුද්ධිමත්තු ගණයට. අපි ඉතින් මෝඩ තමා.

 
සිය රට දේ සිරි සැප දේ !