Friday, November 25, 2011

දෙමල ඩයස්පෝරාව සතුරන් නෙමෙයි, අපි එකට වැඩ කරන්නයි හදන්නෙ - ජී. එල්. පීරිස්

ජී.එල්.පීරිස් එදා ප්‍රංශයෙන් ආනයනය කළ චන්ද්‍රිකා එක්ක එකතු වෙලා පැකේජ් හදපු, ෆෙඩරල් වෙනුවෙන් කටයුතු කළ යුගයට සාපේක්ෂව අද එතුමා ඉන්න තැන පිළිබඳ මම සතුටු වෙනවා.

අද එතුමා රටේ ඒකීයත්වය වෙනුවෙන් කටයුතු කරනවා. රට වෙනුවෙන් පෙනී සිටිනවා. එතුමා නායකත්වය අනුව හෝ ජන මතයට හෝ වෙනස් වෙලා තියෙනවා.

අපිට අතීතය පිළිබඳ අමතක කරලා එතුමාගේ වර්තමාන ක්‍රියා කළාපය අගය කරන්න පුළුවන්. ටැමිල් ඩයස්පෝරාව වුණත් වහාම යථාර්ථයට ගමන් කරාවි. ඔක්කොම නැතත් වැඩි පිරිසක්. අපි ඒ පිරිස සමග අත්වැල් බැඳ ගතයුතුයි.

රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් එය කළ යුතුයි. සදාතනික වෛරයකින් පළක් නෑ. මට පෞද්ගලිකව නම් කිසිම මනුස්සයෙක් එක්ක තරහක් වෛරයක් නැහැ. කිසිම ආගම් ජාති භේදයකින් තොරව සමගියෙන් ඉන්න පුළුවන් රටක් මගේ හීනය.

හැබැයි මගේ රට මට හැම දේට ම වඩා උතුම්. අපේ සංස්කෘතිය, ආගම, හර පද්ධති අපේ අනාගත පරපුර වෙත දායාද කිරීමේ වගකීම අපට තියෙනවා. ඒවාට තර්ජනයක් වෙන්න නම් කාටවත් ඉඩ දෙන්න බැහැ.

අපි මිත්‍රත්වයේ හස්තය දිගු කරද්දි ටැමිල් ඩයස්පෝරාව ඒක උණුසුම් හැඟුමින් පිළිගනී නම් එහි කවර වරදක් ද? විය යුත්තේ ද එයමය. අප සහ ඔවුන් අතර ඇති අවිශ්වාසය දුරු කළ යුතුය. ඒ සඳහා ඔවුන්ට අනුකම්පාව නොව ආදරය රැකවරණය අප ලබා දිය යුතුය. එකිනෙකා දෙස ගෞරව බහුමානයෙන් බැලිය යුතුය.

එහෙම නැතුව මළ අතීත මිනී වළක ළැග ගෙන ඕක එදා මේක කළා අරක කළා කියමින් තව තවත් වෛරය අවිශ්වාසය වැපීරීම රටට කරන හතුරුකමක්. ද්‍රෝහීකමක් නැහැ ඊට වඩා, රටට කළ හැකි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !