Wednesday, November 23, 2011

ඉතිහාසය නිවැරදි කෙරේ, රාජ ද්‍රෝහීන් ජාතික වීරයන් වේ

එවකට පැවැති සුදු ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාවට දේශප්‍රේමීන් 177 දෙනෙකුට රාජද්‍රෝහී චෝදනාව එල්ල විය. 1948 අප නිදහස ලැබුවද මෙතෙක් පහළ වූ කිසිදු ආණ්ඩුවකට එම වරද නිවැරදි කිරීමට නොසිතිණි.

සුද්දා ද්‍රෝහී ලේබලය අලවන්නේ යමෙක්ද ඔහු සිය රටට ආදරය කරන පුද්ගලයෙකි. සුද්දාගේ සම්මාන වනාහි සුද්දාට ගැතිකම් කිරීම නිසා ලැබෙන මස් කටුවකි. නැතහොත් කපන්න බැරි අත සිඹීමකි. අපේ රටේ නම් පළමු වර්ගයේ සම්මාන ලාභීන් ගැන මිස දෙවැන්නන් ගැන අසන්න නොලැබෙත්.

අප සැබෑ නිදහස ලැබුවේ 2005 බැව් සනාථ කරමින් දැන් ඒ වරද නිවැරදි වී තිබේ. මේ පිරිස සැබවින් ම දේශප්‍රේමී පිරිසකි. ඔවුන් එරෙහිව නැගී සිටියේ තම රට උපායෙන් යටත් කරගෙන නොපනත් කම් කළ සුදු පාලකයින්ට විරුද්ධවය. ඔවුන් සටනින් පරාද වූ බව සැබෑය. එහෙත් ඔවුන් අප සිත්වල සදාතනික වීරයෝ ය. වීරයින් උපදින්නේ ජයග්‍රහණයෙන් නොව අරමුණ මතය.

එමෙන්ම වීරයා වනාහි කිසිදා ද්‍රෝහියෙකු නොවේ. දේශප්‍රේමියකු ලෙස වරක් පුද ලද්දෙකු සතුරා හා එක් වේ නම් කලින් ලද පිදීම් එසැනින් අහෝසි වෙයි. ඔහු වීරයෙකු ලෙස ලියා තැබුව ද අනාගතය විසින් ඒ ඉතිහාසය වෙනස් කරනු ඇත. කවර විරුවෙකු වුව ද රටේ සතුරන් සමග ගිවිසුම් ගසයි නම් ඔහු වීරයෙකු නොවේ. නියම ද්‍රෝහියෙකි. වීරයා ලේබලයට මුවා වී කිසිවෙකුට රටට ද්‍රෝහී විය නොහැකි ය. ඔහු වීරයෙක් නම් දොන් ජුවාන් ධර්මපාල ද දොන් ජුවාන් වික්‍රමසිංහ ද ජාතික වීරයින්ගේ ලැයිස්තුවට යා යුතු ය.

2 comments:

රවා said...

අයියො මිත්‍රයා...

කවරෙකු රටෙ සතුරන් සමග ගිවිසුම් ගසයිද...

එ ගිවිසුම් වලට අනුව තමයි වලව්ව බිහිවුණෙ.

විරයා වනා හි කිසිදා ද්‍රොහියෙකු නොවෙ...

ලේවල තියන ඍජු ගතිය උපතින් හම්බෙන දෙයක්, එක අපි දැක්කා.

ඔහු වීරයෙකු ලෙස ලියා තැබුව ද අනාගතය විසින් ඒ ඉතිහාසය වෙනස් කරනු ඇත...

ඔයා ඔයාගෙ දරුවට ඉතිහාසය උගන්වන්න. මම මගෙ දරුවට මම දැක්ක ඉතිහාසය උගන්වන්නම්

නාමල් උඩලමත්ත said...

ඔයා පුතාට උගන්වන්න යන්නේ සම්බන්ධන් එක්ක ගැහුව ගිවිසුම ගැනද?

නැත්නම් ඉණි මගට පයින් ගැහීම ගැනද?

නැත්නම් සුදු කොඩි කතාව ගැනද?

එහෙම නැත්නම් ඒ ටික සිද්ධ වෙන්න කලින් හමුදාපති විදිහට කළ කාර්යභාරය ගැනද?

 
සිය රට දේ සිරි සැප දේ !