Saturday, November 12, 2011

සිංහල දිසාපති එපා – දෙමළ ජාතික සන්ධානය

මන්නාරමට සිංහල දිසාපති කෙනෙකු එපා යැයි බෙදුම්වාදීහු උඩුබුරති. මේ පිළිබඳ අපට නම් එතරම් පුදුමයක් නැත. මන්නාරම වැනි ‍බහුතර දෙමළ ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක සිංහල දිසාපතිවරයෙකු ගොස් ඒ ජනතාව වෙනුවෙන් සිය රාජකාරිය මැනවින් ඉටු කළ හොත් සිංහල ජනතාව පිළිබඳ සාමාන්‍ය දෙමළ ජනතාව මත මේ බෙදුම්වාදී රැළ පටවා ඇති ප්‍රලාප බිඳ වැටෙනු ඇත. ඊළම පිළිබඳ සිහින පුස් වනු ඇත. සාමාන්‍ය ජනතාව මනාපය නොව පොලු මුගුරුවලින් මුන්ට පහර දෙනු ඇත. එහෙයිනි ඔවුන් මීට විරුද්ධ වන්නේ.

මම හිතන්නේ මේ රටේ සාමය, ජනවාර්ගික සමගිය ඇති කරන්න නම් දැන් අපි එච්චර කල්පනා කරමින් විසඳුම් සෙවිය යුතු නැහැ. මන්ද මේ ඒ කටයුත්ත මේ බෙදුම්වාදී රැළ භාර ගෙන තිබේ. ඒ තිරසාර සාමයක් ඇති කරන්නට නොව රට නැවත බෙදුම්වාදය වෙත තල්ලු කිරීමටය.

දැන් රජය කළ යුත්තේ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඒ පිළිබඳ TNA හෙවත් ඊළාම් රංචුවේ ප්‍රතිචාරය ලැබෙන තුරු සිටීම පමණි. එවුන් විරුද්ධ ‍වන්නේ කුමකටද එය ජාතික සමගිය රටේ ඒකීයත්වය ශක්තිමක් කිරීමට හේතු වන්නකි. එහෙයින් එය වහාම ක්‍රියාත්මක කළ යුතු ශක්තිමත් කළ යුතු කාර්යයක් ලෙස ප්‍රමුඛතා ලැයිස්තුවේ මුලින්ම ලියාගත යුතුය.

එවුන් පක්ෂ වන්නේ යමක් ද එය වහාම දෙවරක් නොසිතා නතර කළ යුතු භයානක වැඩපිළිවෙළකි. ඒ වැඩපිළිවෙළ තුළ අපට නොපෙනී වුව ද බෙදුම්වාදය, ඊළම පෝෂණය කරන රුදුරු විෂබීජ අන්තර්ගත වී තිබේ. නැතහොත් එය එවන් විෂ බීජ නිර්මාණය කිරීමට හේතුකාරක වන වැඩපිළිවෙළකි.

මේ රටේ තිස් වසරක යුද සමය කෙළවර දැන් සාමයේ අරුනැල්ලෙන් රට තොට අස්වැද්දෙයි. සිංහල දෙමළ හිත්වල පැවති තරහ අමනාපකම් පහවී යයි. මිතු දම් අලුත් වෙයි. සිංහල වෛද්‍යවරු උතුරු නැගෙනහිර ජනතාවගේ සුවදුක් විමසයි. විශ්වවිද්‍යාලවල සිසුහු එකට උගනිති. එය බෙදුම්වාදීයාට නයාට අඳුකොළ පෙනෙන සේ පෙනීම පුදුමයක් නොවේ.

උතුරුට සිංහල දිසාපතිවරු යැවීමෙන් මේ වැඩපිළිවෙළ කෙළවර කළ යුතු නැත. දෙමළ ජනතාවට සේවය කිරීමට සිංහල ගුරුවරු, වෛද්‍යවරු, පරිපාලන නිලධාරීන්, හෙදියන්, ඉංජිනේරුවන් යැවිය යුතුය. TNA ආසිරි ගී මැද කොටි උතුරින් පන්නා දැමු සිංහල ජනතාව නැවත ඒ ප්‍රදේශවල පදිංචි කළ යුතුය.

එපමණක් නොව දැනටමත් දකුණේ සිංහල ජනතාව වෙනුවෙන් ‍සේවය කරන දෙමළ වෛද්‍යවරු, දිසාපතිවරු, පරිපාලන නිලධාරීන්, ඉංජිනේරුවන්, නඩුකාරයින් තව තවත් වැඩි කළ යුතුය. 1983 සක්කිලි UNPකාරයින් විසින් කොල්ල කෑ දෙමළ ජනතාවගේ දේපළ හඳුනාගත හැකි වේ නම් ඒවා වහාම සැබෑ අයිතිකරුවන්ට ලබා දිය යුතුය.

මේ රටේ තිරසාර සාමය ඇති කළ හැක්කේ බෙදුම්වාදී කොටි රංචුව විරුද්ධ වන දේ ක්‍රියාවට නැ‍ගීමෙන් බව ‍ඓතිහාසිකව සනාථ වූ සත්‍යයකි. මොවුහු කොටි යුදමය වශයෙන් පරාජය කිරීමට විරුද්ධ වුහ. රජය යුද කොට කොටි වනසා රට එක්සේසත් කළේය.

එහෙයින් කළ යුත්තේ ජාති ආගම් භේදයකින් තොරව රටේ ඕනෑම තැනක ජීවත් විය හැකි රැකියාව කළ හැකි රටක් අනාගතය උදෙසා ගොඩ නැගීම මිස බෙදුම්වාදීන්ගේ කඳුළු පිසීම නොවේ.

1 comment:

Nimal (Desertfrog) said...

හරියටම හරි යස අපූරු කතාව....

 
සිය රට දේ සිරි සැප දේ !