Tuesday, November 22, 2011

මන්ත‍්‍රී පවුලත් රක්‍ෂණයට වසරකට ලක්‍ෂ 70ක්

මේ පාර ආණ්ඩුව ටිකක් දුර දිග හිතලා වගේ. මේ පාර්ලිමේන්ත්‍තුවේ ඉන්න සමහර එවුන් පවුල් පන්සල් පිටින් රක්ෂණය කරන එක හොඳයි. මොකද එවුන් කරන නොහොඹිනා වැඩ නිසා ජනතාව කවදා හරි මුන්ට ගහනවා පවුල් පිටින් පන්න පන්න.

ඉස්සර කොටි හිටි නිසා 'මේ කාලකන්නි කොටියා ම කාපිය' කියලා ජනතාව ඉවස ගෙන හිටියා. මුන් රටේ උත්තරීතර තැනක හැසිරෙන්නෙත් උන්ගේ පුතාලා නයිට් ක්ලබ් ගිහින් හැසිරෙනවා වගේ.

අනෙක මුන් වැඩි හරියක් පාර්ලිමේන්තු යන්නේ බොක්සිං මල්ලව පොර සූමෝ වගේ ක්‍රිඩා කරන්න මිසක් රට පාලනය පිළිබඳ තීන්දු තීරණ ගන්න නෙමේනේ. ඡන්දේ කාලෙට අනෙක් පක්ෂවල එවුන් එක්ක විතරක් නෙමේ තමන්ගේ එවුන් එක්කත් මරා ගන්නවා. ඒක ජනාධිපතිවරණයේ ඉඳලා ගමේ සමූපකාර ඡන්දය දක්වා යනවා. ඉතින් රක්ෂණය අනීවාර්යයි.

රට පාලනය පිළිබඳ තීන්දු තීරණ ගන්න වැදගත් වැඩකට ගියා නම් රටේ ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් රටේ ඊළඟ අවුරුද්දේ අයවැය, ඒ කියන්නේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරද්දි බෝඩ් එකයි සරමයි උස්ස ගෙන කෑ ගහවිද?

අදාළ සාකාච්ඡාවට කිසිම සම්බන්ධයක් නැති ෆොන්සේකා ගැන කියවාවිද? බල්ලො පොරකනවා වගේ ඕක ඇතුළේ පොරකාවිද? අපිට ගැහුවා කියලා මාධ්‍ය සාකච්ඡා තියාවිද? රූපවාහිනියේ ගෑණු මළ මුත්‍ර ගහලා එළවපු එක්කෙනා ඇවිත් පුරසාරම් දොඩාවිද?

දැන් පාර්ලිමේන්තුව තනිකර යක්ෂ පිටියක්. රජ කරන්නේ කැලෑ නීතිය. බලය ඇති එකා දුබලයාට ගහනවා. ගුටි කාපු එකා බලයට ආපු ගමන් පළිගන්නවා. සුද්ද කරන විදිහට හැම එකම කරන මුන්ට ඇයි බැරි එංගලන්තේ පාර්ලිමේන්තුවෙත් මෙහෙම ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න?

අට පාස් නැති හොර තක්කඩි මැරයින්ටත් නාම යෝජනා දෙන පක්ෂ වගේ ම ඒ ලයිස්තුවේ ඉන්න ජරාම එවුන් ටික පාර්ලිමේන්තුවට තෝරා යවන එවුනුත් මේකට වග කියන්න ඕන. මෙහෙම ගිහින් කවදා හරි මුන්ට ජනතාව වග කියාවි. ඒ නිසා රක්ෂණය කළ එක හොඳයි. තමන්ගේ ආරක්ෂාව තමන් සපය ගන්න එපායැ.

1977 පස්සේ තමා මේ තරම් ජරාජීර්ණ තත්ත්වයට රට පිරිහුණේ. 77 අවගමනයේ හැරවුම් ලක්ෂය පේන තෙක් මානයක නම් නැහැ.


No comments:

 
සිය රට දේ සිරි සැප දේ !