Saturday, November 26, 2011

TNA ඉල්ලීම් දෙසම්බර් 31ට පෙර දිය යුතුයි – රනිල්

TNA ඉල්ලීම් ඉටු කරන්න මේ ආණ්ඩුව බැඳිලා නැහැ. ඒ වගේ ම ජාත්‍යන්තරයේ ඉල්ලීම් ඉටු කරන්නත් මේ ආණ්ඩුව බැඳිලා නැහැ. හැබැයි මේ ආණ්ඩුව පත් කළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න ආණ්ඩුව වග බලා ගත යුතුයි.

මේ රටේ ඈත පිටිසර සිංහල මිනිස්සුන්ට මුහුණ පාන්න වන ප්‍රශ්න ම අඩු නැතිව ඈත පිටිසර දෙමළ මිනිස්සුන්ටත් තියෙනවා. ආණ්ඩුව ඒ ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. රටේ සිංහල දෙමළ භේද නැතිව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි.

TNA එක සැබෑ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලටයි විසඳුම් සෙවිය යුතු. ඔවුන් යටත්විජික සමයේ සිට දිනා ගන්න උත්සාහ කළ ස්වයං රාජ්‍ය පිළිබඳ හෝ ෆෙඩරල් රාජ්‍ය පිළිබඳ කතා කොට පලක් නැහැ. අපි ඒ සටන වෙල්ලමුල්ලිවයිකාල්වලදී දිනුවා.

කොටි විතරක් නෙමේ රනිල්, රවි, ජයලත්, මංගල, බාහු, සුනන්ද, නිමල්කා සහ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව රටක් එකතු වෙලා පරාද කළා. නැවත බෙදුම්වාදයට ඉඩ දිය යුතු නැහැ.

ඒ වගේ ම රනිල් වික්‍රමසිංහගෙත් යුතුකම තමන්ගේ ඡන්දදායකයින්ට ඇහුම්කන් දීලා දැන්වත් ඔය පුටුව අතෑලරා දාන එක. කෙනෙක් නැහැ තමා. ඉතින් ඔබතුමා හිටියත් නැහැ වගේ තමා.

තමන්ගේ පක්ෂයේ ප්‍රශ්න විසඳගන්න බැරිව ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳන්න උපදෙස් දෙන්න යනවා. පේන්නේ නැද්ද ඇහේ තියෙන පරාලේ?

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !