Friday, November 4, 2011

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව බලෙන් අල්ලා ගනී

හරක් හොරු දැන් කම්හල් මංකොල්ලා කන්න පටන් අරගෙනද? කම්හල් පාඩු නම් ඒවා රජයට පවරා ගත යුතුයි. ඒ වගේ ම රනිල් වික්‍රමසිංහ තම හිතවතාට මේ කම්හල දීපු මිල කීයද? ඒකේ තක්සේරු වටිනාකම කීයද? කියලාත් කියන්න ඕන. මේවා රටේ සම්පත්. රනිල්ගේ හරි මහින්දගේ හරි දේපළ නෙමේ.

සීනි කම්හල තියෙන්නේ අරක්කු පෙරන්න නෙමේ. ඒ නිසා මේ කම්හල කොච්චර සීනි හැදුවාද? අරක්කු කොච්චර හැදුවාද කියලත් කියන්න ඕන. සීනි කම්හලේ අරක්කු පෙරලා ලාභ පෙන්නලා වැඩක් නැහැ.

ඒ වගේ ම දයා ගමගේ යූඇන්පී වුණු පලියට මේවා රජයට පවරා ගන්න එක වැරදයි. රටේ සම්පත් මේ විදිහට කුණු කොල්ලයට කොල්ල කාපු එවුන් ආණ්ඩුවෙත් ඉන්නවා. එහෙනම් උන්ටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොටනේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වෙන්නේ.

ඒ වගේ ම ඕනම දෙයක් කරන පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. එකෙන් ගස් බඳිනවා. කනට ගහනවා. තව එකෙක් මිනිස් දඩයමේ යනවා. මිනී මරනවා. තව එකෙක් කොල්ල කනවා. මේ රටේ නීතිය කොහෙද තියෙන්නේ. කතාවක් තියෙනවා ඔබ කොච්චර උස වුණත් නීතිය තියෙන්නේ ඔබට උඩින් කියලා. ඒක අපේ රටේ නම් නීතිය තියෙන්නේ බලය තියෙන එකාට යටින් කියලා කියන්නයි වෙන්නේ. දැන් නීතිය තියෙන්නේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්න පාවිච්චි කරන වේවැලක් විදිහට. නැත්නම් හරක් දක්කන කෙවිටක් විදිහට.

මේ තත්ත්වය හරි භයානකයි. මේවා දැක්කම ජනතාව නීතිය කෙරෙහි කලකිරෙනවා. අධිකරණ විශ්වාස නොකර යනවා. ජනතාව නීතිය අතට ගන්නවා. රිය අනතුරක් වුණාම රියදුරා අහු වුණොත් මරනවා. වාහනය ගිනි තියනවා. මිනිමැරුමක් වුණාම මිනීමරුවාට දඬුවම් දෙන්නේ ජනතාව. ඒ මිනීමරුවාගේ දේපල ගීනි බත් කරලා. මොකද වරදකරුට දඬුවම් ලැබෙන්නේ නැහැ කියලා ජනතාව තේරුම් අරගෙන.

මේ විදිහට ජනතාව නීතිය අතට ගැනීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒ වගේම නීතිව වල්වැදීම අනුමත කරන්නත් බැහැ. මේ විදිහට තැන තැන සිදුවන සිදුවීම්වලට මුල්වන ජනතාව අත්අඩංගුවට අරන් දඬුවම් කරලා පලක් නැහැ. ඒක අතීසාරයට අමුඩේ ගහනවා වගේ වැඩක්. කළ යුත්තේ නීතිය සැමට දාධාරණ සේ ක්‍රියාත්මක කළ යුතුයි. මේ හැම අයුතු අශිෂ්ට ක්‍රියාවක්ම ආණ්ඩුවේ ආයුෂ අඩු කරන බව යුතුමයි.

5 comments:

නාමල් උඩලමත්ත said...

ඔයා ලාභ ලබන්නේ සීනි හදලාද? අරක්කු පෙරලාද? ලංකාවේ සීනි අවශ්‍යතාවෙන් 17%ත් හදපු තැන ඔයා දැන් අරක්කු පෙරනවා. මේ රටේ සීනි හදපු තැන අරක්කු පෙරලා හරි යන්නේ නැහැ. එහෙම නම් අපේ ගමේ කසිප්පු පෙරන ජේමිස් අයියාටත් ලයිසන් දෙන්න ඕන. ඒකත් ජාතික ව්‍යාපාරයක්. එයා කාටවත් අත නොපා ජීවත් වෙනවා. ඇයි එයාට මේ පොලිසිය නිතර කරදර කරන්නේ. අපි ජේමිස් අයියා වෙනුවෙන් පෙනී ඉන්නවා. මොකද කසිප්පු ලාභයි අරක්කුවලට වඩා. දුප්පතාගේ හිතවතා ජේමිස් අයියා. ඒ නිසා සීනි හදලා ලාභ පෙන්වන්න.

ඔය කම්හලේ මෙට්‍රික් ටොන් 65 000ක් හැදුවා. දැන් 30 000යි. අරක්කු පෙරනවා ඉතිරි උක්වලින්. ඒ නිසා කම්හල යළි දයා ගමගේට දෙනවා නම් ඒක සීනි හදන්නයි දෙන්න ඕන. අරක්කු පෙරන්න නෙමේ සීනි හදන්න දෙන්න ඕන. සීනි කවුරු හැදුවත් අපට කමක් නැහැ.

හැබැයි අරක්කු පෙරන්න ඕන නම් දයා ගමගේ ආණ්ඩුවට එන්න ඕන. මේ රටේ එහෙමයි. රේඩියෝ ලයිසන් කැන්සල් වුණෘම ආණ්ඩුවට එන්න ඕන. මිනි මැරුවා නම්, හොරකම් කළා නම් ආණ්ඩුවට ඇවිත් ජනපති දෑත් ශක්තිමත් කරන්න ඕන. එහෙම මිසක් විපක්ෂයේ ඉඳන් බලු වැඩ කරන්න දෙන්න බැහැ.

දේශපාලුවා said...

නාමල් නියම පොස්ට් එක, වැදෙන්න ඕන හැම තැනටම වැදෙන්න දීලා තියෙනවා, ඔය සංඛ්‍යාලෙඛන මුල් පෝස්ට් එකටම ඇතුල් කරලා අප්ඩේට්කලා නම් හොදයි, ඒවා මේ වාදයට ඉතාම වැදගත්, ඔයා සංඛ්‍යාලෙඛන ගත්ත තැනත් සදහන්කලා නම් හොදයි

නාමල් උඩලමත්ත said...

සෙවනගල සීනි කම්හල වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයකට යනවා - දයා ගමගේ

ඒකට කමක් නෑ. අර කඩිමුඩියේ සෙවනගලින් උස්සපු වාහන 32 වහාම භාර දෙන්න ඕන. අපි එක්ක සෙල්ලම් බෑ. විපක්ෂයේ ඉඳන් බලුවැඩ බෑ. රටක ඊළඟ ආණ්ඩුව හදන අය විදිහට ආදර්ශවත් ජීවිත ගත කරන්න ඕන.

මට තේරෙනවා ඔයාගේ දුක. ඔයාගේ අම්මා අප්පා මුත්තා කිරිකිත්තා දහදුක් විඳලා හම්බු කළ දේපළ නොවැ.මේක රනිල් වික්‍රමසිංහ 2002 ඔයාට තෑගි දුන්නේ රපියල් මිලියන 550ට නේද? ඒ වගේම ඔයාට රුපියල් මිලියන 450ක විතර බදු සහනයකුත් ලැබුණා නේද? ඒ වෙනකොට සෙවනගල සතුව මූල්‍ය වත්කම් විතරක් මිලියන 580 විකර කිබුණා. ඒ සීනි තොග, යනත්‍රෝපකරණ, දැවැන්ත ගොඩනැගිලි, වාහන, අක්කර 7000ක ඉඩමට අමතරව.

ඔයා ඒවා අර ගෙන අවුරුද්දකට ටොන් 45 000ක් විතර හදපු සීනි ටොන් 25000 විතර බැස්සුවා. හැබැයි අරක්කු නම් ලීටර් 15 000න් විතර වැඩි කළා නේද? ඔයා බදු සහන යටතෙත් රටින් අරක්කු පෙරන්න බඩු ගෙනාවා නේද? වැඩේ අන්තිම කැතයි කියලා හිතෙන්නේ නැද්ද? මේ මහජන දේපළ නේද?

ඔයා දෙයියන්ට ස්තුති කරන්න ඕන මෙච්චර කල් යහතින් ඉන්න ලැබුණාට මේ වගේ අපරාධ කරලා. අනෙක ඔයාට මේ නඩුව කෙළවර කරලා ආයේ සෙවනගල අරගෙන දිගටම අරක්කු පෙරන්න ඕන නම් ක්‍රමේ මම කියන්නම්. එන්න ඇවිත් අපේ ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමක් කොරන්න. එහෙම නැතුව විපක්ෂයේ ඉඳන් බලු වැඩ බෑ හරිද? රටකට හොඳ ශිෂ්ටසම්පන්න විපක්ෂයක් ඕන. ආණ්ඩුව නම් කොහොම වුණත් කමක් නෑ.

නාමල් උඩලමත්ත said...

පවරාගත් ආයතන සඳහා නැවත ඒ අයටම ඉල්ලූම් කර හැකියි-
මම හිතුවේ පවර ගනිපුවා රජයේ ව්‍යවසාය යටතේ නැවත ක්‍රියාත්මක වේවි කියලා. ඇත්තට ම හිතුවේ රාජ්‍ය අංශය ශක්තිමක් කොරන්න යන්නේ කියලා.

දැන් හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තා වගේ වැඩක් නොවැ වෙන්න යන්නේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තියේවි ලස්සනට.

දයා ගමගේගෙන් ගත් සෙවනගල දැන් ඔය දෑත් ශක්තිමත් කොරන එකෙක් අතට තමා ඉතින් යන්නේ. ඊට පස්සේ ඉතින් සෙවනගල අරක්කු පෙරලා ඉඩම්වල ගංජා වවලා ලාභ ලැබුවත් සාධාරණයි.

මොකද මේ රටේ විපක්ෂයේ ඉන්න දේශපාලකයින් විතරයි හැමදාම විනයගරුක. මොකද නැත්නම් ආණ්ඩුවෙන් ඌට ගේම දෙනවනේ.

ආණ්ඩුවේ ඉඳන් මිනී මැරුවත් අවුලක් නෑ. නිමල් සිරිපාල උන්නැහේ කියාවි පොලිස් පොතේ නම නෑ කියලා. අපේ ජනාධිපතිතුමා කියාවි දැහැටි වගේ විසි කොරන්න බෑ කියලා.

නාමල් උඩලමත්ත said...

දේශපාලුවා says:
November 12, 2011 at 11:46 pm
නාමල්, මම ධන වාදී ආර්ථික ක්‍රමය ගැන විශ්වාස කරන කෙනෙක්, ව්‍යාපාර යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් සදහා වෙලදපලේ තරග කරනකොට එකේ වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයාටයි.
නමුත් ව්‍යාපාරිකයන් මෙ තත්වය අපයෝජනය කරනබව ලෝකය පුරා අත්දැකීම් වලින් පෙනවා, මෙතනදී තමයි රජය මැදිහත් වෙන්න ඕන, ඒ වගේම දෙශීය ව්‍යාපාරිකයා දිරිගන්වන්න, දේශීය ව්‍යාපාර නගාසිටුවන්න රජය මැදිහත්වෙන්න ඕන වෙලදපල ක්‍රියාවලියට අඩුවෙන්ම මැදිහත් වීම තමයි හොද කියන එකයි මගේ විශ්වාසය, චීනයේ පවා පෙනෙන්නට තියෙන්නේ මෙ වගේ දෙයක්.
මේ ව්‍යාපාර ජාතික නිශ්පාදිතයට දායක වෙන විදිහට පුද්ගලික අංශයෙන් කලමනාකරනය කරගැනීම හොදයි කියලා තමයි මගේ විශ්වාසය.

නාමල් උඩලමත්ත says:
ඇත්ත මම ඔයා එක්ක එකඟයි. සියලු කර්මාන්ත රජය සතු විය යුතු බව වත් පෞද්ගලික අංශය විනාශ කළ යුතු බවවත් නෙමේ මගේ අදහස. එහෙත් ආණ්ඩුවක වගකීම තමා පෞද්ගලික අංශය විධිමත් ලෙස කළමනාකරණය කිරීම. දැන් රට පුරා තියෙන සුපිරි වෙළඳසැල් නිසා ජනතාවට ගොඩක් පහසුයි කියලා මම හිතනවා. මම නිතර ඒවාට යනවා. උස් පහත් භේදයිකින් තොරව ජනතාව ඒවට එනවා.

ඒත් පෞද්ගලික අංශය වෙළඳ අපයෝජනයක යෙදෙනවා වගේ ම රජයත් වෙළඳ අපයෝජනයක යෙදෙන්න නේද මේ හදන්නේ? පාඩු ලබනවා කියලා රජයට පවර ගෙන ඒ දේපළ ආණ්ඩුවට ගන්නැයි මේ වෑයම. රජය සහ ආණ්ඩුව දෙකක්නේ. ආණ්ඩුව කියන්නේ ඔය දෑත ශක්තිමත් කොරන්න ආපු මුදලාලිලා රංචුව. හැබැයි මේ දේපළ කලින් රජයේ දේපළ. (ආණ්ඩුවේ නෙමේ)ලාභ ලබපු ආයතන. එදා රජයට පුළුවන් නම් ඇයි අද බැරි?

මේ ආණ්ඩුව හිතා ගෙන ඉන්නේ විපක්ෂයේ ඉඳ ගෙන විතරයි ලාභ නොලබන ආයතන පවත්වා ගෙන යන්න බැරි කියලා.ජඩ වැඩ හොර වැඩ කරන්න බෑ කියලා. දෑත ශක්තිමත් කොරන්න ආව නම් ඔක්කොම හරි. මතකයිනේ හිරු FM. දැන් මිහින් ලංකා පාඩුව මිලියන සිය ගණනක්.

 
සිය රට දේ සිරි සැප දේ !