Tuesday, November 1, 2011

දේශපාලන විසඳුමක් ඕනෑමයි, නැතිනම් සාමයක් නෑ – සම්බන්ධන්

ලෝකයේ දෙමළ ජනගහනයෙන් 75%ක් වාසය කරන්නේ තමිල්නාඩුව හෙවත් දෙමළ රටේය. ලංකාවේ ප්‍රතිශතය 4%කි. එයින් 2%කට වඩා දෙමළ ජනතාවක් දකුණේ සිංහල ජනතාව සමග ඉතාම සහෝදරත්වයෙන් ජීවත්‍ වෙති. කිසිදු සිංහලයෙකු දකුණේ ඉඩම් සිංහලයින්ට පමණකැයි නොකියන අතර දෙමළ පුරවැසියන්ට තමන් රිසි පරිදි රිසි තැනක වාසය කිරීමේ නිදහස සලසා තිබේ.

එසේ නම් ලෝක දෙමළ ජනගහනයෙන් 2%ට අඩු ප්‍රතිශතයක් ජීවත් වන උතුරු නැගෙනහිරට දෙන ඊනියා දේශපාලන විසඳුමකින් සමස්ත දෙමළ ජනතාවට සැලසෙන සෙත කුමක්ද? කිසිදු සෙතක් ජනතාවට නම් නැත. එහෙත් පීඩිත දෙමළ ජනතාව දඩමීමා කරගෙන පාදඩ දේශපාලනයක නියැළෙන ජාතිවාදී පාහරයින්ට සුරසැප විඳීමට නම් ඉන් මහඟු සෙතක් අත්වෙයි.

ජාතිවාදී පාහරයින් පතන ආකාරයේ කිසිදු බලය බෙදීමට මෙරට දේශ මාමක ජනතාව කිසිදා එකඟ නොවනු ඇත. ජන වර්ගය, ආගම, භාෂාව පදනම් කරගත් සෑම බෙදීමක් ම ඉතා ම භයානක සර්පයෙකි. මේ සර්පයාට කිරි පොවා ඇති දැඩි කිරීමට ජනතාව ආණ්ඩුවට බලය ලබා දී නැත. 2001 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අඩු ආයුෂින් ගෙදර ගියේ එසේ කිරි පොවන්නට ගොස්ය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ටැමිල් ඩයස්පෝරාවේ සහ ජාතිවාදී පාහරයින්ගේ මතය නොව මේ රටේ ජීවත් වන සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ මතයයි. ඒ මතය පිළිනොගන්නා පාහරයින් ප්‍රජාතන්ත්‍රවාදයට නින්දා නොකර මහලු මඩම්වලට යා යුතුය. මේ රටේ ජනතාවට අවශ්‍ය ජාති ආගම් භේදයකින් තොරව සාමයෙන් සතුටින් ජීවත්වීමට මිස නාකි දේශපාඥයින්ගේ අවලංගු දේශපාලන මතවාද පඩංගු වෙනුවෙන් සටන් කිරීම නොවේ.

දෙමළ ජනතාවට අවශ්‍ය දේශපාලන විසඳුම අපේ හමුදාව විසින් ලබා දී තිබේ. දැන් දෙමළ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකිය. සිය දරුවන් පාසැලට ගොස් නැවත නොඑතියි බිය විය යුතු නැත. ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයා තිබේ. අඩුපාඩු ඇත්නම් ඒවාද සපුරාලිය යුතුය. ඒ අතර ම ජාතිවාදී පාහරයින් වෙනුවට රටට ආරදය කරන තරුණ දෙමළ නායකත්වයක් උතුරු නැගෙනහිරෙන් බිහි කර ගත යුතුය. දේශපාලන කනත්ත පෙනෙන මානයේ සිටින ජාතීවාදී පාහරයින්ගේ ගමන කෙළවර කළ හැකි පහසු මෙන් ම ප්‍රඥාගෝචර මාර්ගය එයයි.

1 comment:

යෝධයා said...

පාහාර අමනයා සම්බන්ධන්. අපේ රටේ සල්ලිවලින් හැදිල වැඩිල රටට කෙලවන අමනයා. තොට හෙණම ගහපන්.

 
සිය රට දේ සිරි සැප දේ !