Tuesday, May 26, 2009

විපකෂ නායකතුමනි....

විපකෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (26 වැනිදා) පුවත්පත්වල පළ විය. එහි ඇති ප්‍රධාන කරුණු මෙසේ ය:

1. එ.ජා.ප.ය සහ රජය අතර පරස්පර මත පවතින බව සැබැවි. එහෙත් ජාතික සමගිය ගොඩනැඟීම සඳහා මේ පාර්ශ්ව දෙකම එකතු විය යුතු ය.

2. සරණාගත කඳවුරුවලට යෑම සඳහා එන්.ජී.ඕ.වලට ඉඩ දිය යුතු ය.

විපකෂ නායකතුමා ඉතා සද්භාවයෙන් කළ ප්‍රකාශ දෙක කෙරෙහි මේ රටෙි ජනයා ගෞරව කළ යුතු ය. තම පකෂයේ සිටින ඇතැම් නරුමයන් කළ පරිදි යුද්ධයට අපහාස කිරීමක් විපකෂ නායකතුමා කළේ නැත. (එම අපහාසය නැවැත්වීමට ද එතුමා කටයුතු කළේ නැත.) මේ කාරණය පිළිබඳ අප දරන අදහස මෙසේ ය. මේ රට ගොඩනැඟීම සඳහා විපකෂය සහ රජය එකතු විය යුතුව තිබුණේ මෙයට බොහෝ කලිනි. යුද්ධයේ බිහිසුණුම අවස්ථාවලදී මේ රජය තනිව සතුරා සමඟ සටන් කරන විට විපකෂයේ ඇතැම් කොටස්වල උත්සාහය වුයේ ජනාධිපති, හමුදාපති සහ ආරකෂක ලේකම් යුද්ධාධිකරණයට දක්කා ගෙන යෑම ය. ඒ සඳහා සියලු පණිවුඩ ගෙන යන ලද්දේ මෙරට ඇති රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානීන් විසිනි. ඒවාත් අමතක කරමු. පසුගිය කාලයේදී කොටි සංවිධානයට අවශ්‍ය යුද අවි, මුදල්, ඖෂධ යනාදියෙන් වැඩි හරියක් කොටි කඳවුරු වෙත ප්‍රවාහනය කරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි. ඒවාත් අමතක කරමු. බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට අනියමින් උපකාර කෙරෙන පරිදි ලංකාවේ යුද අපරාධ සිදු වී දැයි පරීකෂා කිරීමට යුරෝපා සංගමය කොමිසමක් පත් කළ යුතු බව කීයේ තනි අදහසකට අනුව යැයි ඔබ සිතන්නේද? අප නම් සිතන්නේ එතරම් බලගතු මොළයක් මිලිබෑන්ඩ්ට නැති බවයි. ඔහු පොළඹවන ලද්දේ එන්.ජී. ඕ.කාරයන් විසිනි. ඉදින් හොරකම් කරන බව දැන දැනම හොරාට බඩු බාරදිය නො හැක. අනාථ කඳවුරු සම්බන්ධ ප්‍රශ්න රජය බලා ගත්තාවේ. ඔබතුමාට හැකිනම් මේ රටෙි දියුණුව සඳහා රජය හා එක්වීමට උත්සාහ කරන්න. ඊට වැඩි දෙයක් වෙනුවෙන් ඔබතුමා මහන්සි කළ යුතු නැත.

මේ අතර තවත් කාරණයක් මතක් කරමි. කොටි සංවිධානය ධුලි බවට පත්වීම සහ ප්‍රභාකරන් අළු බවට පත්වීම නිසා පිටරටවල සිටින දෙමළ ජනයා සහ කොටින්ට හිතවත් විදේශික ජනයා බරපතල ලෙස සන්ත්‍රාසයටත් කෝපයටත් පත්ව සිටින බව පෙනේ. යුරෝපයේ රටවල් ගණනාවකත්, ඇමරිකානු මහාද්වීපවලත් ජීවත්වන සිංහල ජනයාට සංවිධානාත්මකව පහර දීමේ වැඩපිළිවෙළක් දැන් දියත් වී ඇත. හරියටම, මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ තිබු පණ බය ලෝකයේ වෙනත් රටවල සිටින සිංහලයන් වෙත මාරු වී ඇත්තාක් සේ ය. ඒ සඳහා පියවරක් ගැනීමට තරම් හයියක් අපේ තානාපති සේවාවලට නැත. හේතුව ඔවුන්ට ද මර බියේ ජීවත් වීමට සිදුව තිබීම ය. එහෙත් මේ සිංහලයන්ට ආරකෂාව සැපයීම ඒ රටවල ආණ්ඩු සතු යුතුකමකි. ඉන්දියාව, චීනය, රුසියාව වැනි ශ්‍රී ලංකාවට හිතවත් රටවල වෙසෙන ජනයාට පමණක් ආරකෂාව ඇති බව පෙනෙන්නට තිබේ. සෙසු රටවල ආණ්ඩු ප්‍රභාකරන්ගේ මළ මිනියේ පලිය සිංහලයන්ගෙන් ගැනීමට ඒ රටවල වෙසෙන දෙමළ අන්තවාදීන්ට ඉඩ දී ඇති බව පෙනේ. රට වෙනුවෙන් මේ තත්ත්වයට මැදිහත් වීමට විපකෂ නායකතුමාට හැකි ය. ඒ බවක් තවමත් කවුරුවත් එතුමාට මතක් කර දී නැත. ඔන්න අපි දැන් එය මතක් කර දී ඇත්තෙමු. ඉතිරි හරිය එතුමා අත ය.
(දිවයින_09/05/27)
පසුවදන_කොටි ත්‍රස්තවාදය නමැති වල් පැලය පොරවෙන් බිම හෙළිය යුතු විසල් රුකක් වූයේ එජාපයට පිං සිදුවන්නට ය. එකල ආණ්ඩුවේ නොනිල අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ 83 කුප්‍රකට කළු ජූලිය ඒ සඳහා අතිමහත් ලෙස බලපෑවේ ය. වරක් පිරපාහරන් ටයිම්ස් සඟරාවට පැවසු පරිදි 200ට අඩු පිරිසකට සීමා වි තිබූ කොටි සංවිධානය කරා කළු ජූලියට පසු ද්‍රවිඩ තරුණයෝ සහ ආධාර තොග පිටින් ඔහු වටා ගොඩනැඟෙන්නට විය. ජීවිත දහස් ගණනකින් මේ කුරිරු සිද්ධියට වන්දි ගෙවන්නට රටට සිදු විය.

දිවයින කතුවරයා වික්‍රමසිංහ මහතා යුද්ධයට විරුද්ධ මතවාද ප්‍රකාශ නොකළැයි කීව ද තොප්පිගල මහ වනයකැයි කීවේ ඔහු ය. කිලිනොච්චි මැදවච්චිකාරයාට එජාපයේ නියෝජ්‍ය නායකකමක් යෝජනා කළේ ඔහු ය. වික්‍රමසිංහ මහතාගේ වර්තමාන හැසිරීමෙන් අපට පෙනෙන්නේ ඔහු නැවතත් ත්‍රස්තවාදයට රට බිලිදීමට සුදානම් බව ය. එහෙයින් රජය කළ යුත්තේ ඔහුගේ සියලු යෝජනාවල ප්‍රතිපක්ෂය ක්‍රියාවට නැගීම ය. මන්ද මේ සියලු යෝජනා අපේ රටට හතුරු බලවේගවල උවමනාවන් අනුව සෑදුණු ඒවා ය.

4 comments:

unpsuganthan13 said...

".......... එහෙයින් රජය කළ යුත්තේ ඔහුගේ සියලු යෝජනාවල ප්‍රතිපක්ෂය ක්‍රියාවට නැගීම ය. .............."
හික්! - කළයුත්තේ එයමය!
ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි!
රටක් ජාතියක් ලෙස ඔළුව උස්සනවාට වඩා ප්‍රතිපක්ෂයට විරුද්ධ වීම කෙතරම් ආශ්වාදජනකද?
අනික මේතරම් යුද්ධයක් ජයගත් ආණ්ඩුවකට කරන්න බැරි තවත් දෙයක් තිබේද?
ඒ නිසා විපක්ෂයේ සහය අවශ්‍යයම නැත. තිබ්බොටුවේ මහානායක හිමියෝ වදාල පරිදි තවත් වසර 25ක්වත් මේ පක්ෂයම ආණ්ඩුවේ සිටත්වා!
ආණ්ඩුව කළ යුත්තේ ඒ සඳහා තමන් සුදනා වීමත් අනෙකා දුදනා කිරීමත්ය. හොඳ වැඩකටවත් (අනේ රනිල්ගෙ හොඳ වැඩ!) හවුල් කරගෙන අනෙකාට සුදනා භාගයක්වත් දිය යුතු නැත.

තවත් අවුරුදු 25ක් බලයේ සිටීමට ආණ්ඩුව මේ ගැනත් සිතිය යුතුය.
" විපකෂ නායකතුමා ඉතා සද්භාවයෙන් කළ ප්‍රකාශ දෙක කෙරෙහි මේ රටෙි ජනයා ගෞරව කළ යුතු ය. තම පකෂයේ සිටින ඇතැම් නරුමයන් කළ පරිදි යුද්ධයට අපහාස කිරීමක් විපකෂ නායකතුමා කළේ නැත. ..."
අපේ ජන්දදායකයෝ සෑමවිටම ප්‍රතිපක්ෂය හෙලා දැකීම අගය කරන්නෝ වෙති. අනෙකාගේ කුමක් හෝ වැරද්දක් මතුකොට හුරේ පාරකට ගැලපෙන කුණු වචනයක් දෙකක් සමග කරන කථාවක් තරම් අනෙකා කළ හොඳ දෙයක් ගැන ප්‍රශංසා කිරීම තබා අපහාස නොකර නිහඬව සිටීමවත් ඡන්දයක් ලැබීමට තරම් ආකර්ණීය නොවේ. එබැවින් තව අවුරුදු 25ක් බලයේ සිටීමට මේ ආණ්ඩුවට රනිල් තරම් හොඳ විපක්ෂ නායකයෙකු ලැබෙන්නේ නැත.
රවි හෝ එස්බී ඉල්ලුවොත් ජනාධිපතිතුමාට ඊළඟ ජනාධිපතිවරනය ජයගැනීමට හැකි වුවද, රනිල් ලබාගන්නවාට වඩා වැඩි එජා පාක්ෂික ඡන්ද ප්‍රමාණයක් ඔවුන් ලබා ගන්නවාට මොනවාද කැට!
ඒ අපේ ජාතියේ (ර‍ටේ) අනන්‍යතාවයයි!

නාමල් උඩලමත්ත said...

මේ මොහොතේ දොන් ජුවාන් වික්‍රමසිංහ රජයට කර තිබෙන යෝජනා මෙසේ ය.
1. හදිසි නීතිය ඉවත් කිරීම
2. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම
3. NGOවලට උතුරු නැගෙනහිර යාමට ඉඩදීම
මේ සියලු යෝජනා ඉටු කරන්නේ කාගේ අවශ්‍යතා ද? මේ යෝජනා පසුපස සිටින්නේ කවුද යන්න අවබෝධ කරගැනීමට මහ ලොකු දැනුමක් අවැසි නැත. වික්‍රමසිංහ ලෝකේ වටේ ගොස් ත්‍රස්තවාදය බේරාගැනීමට හැම දෙයක් ම කළා. මංගල හකීම් එක්ක එකතුවෙලා නොයෙක් බොරු ප්‍රචාර ගෙන ගියා. අන්තිමට දැන් කපන්න බැරි අත ඉඹිනවා.
එජාපය යළි දිනවන්න නම් එස්.බී.ට බෑ. රවීට කොහොමත් බෑ. රනිල්ට වඩා ඡන්ද ගන්නවද නැද්ද කියන එක අදාළ නැහැ. මොකද ඔය කවුරු ඉල්ලුවත් පරාදයි. ඔයා යූඇන්පී නම් යූඇන්පී දිනවන්න ඕන නම් සජිත් වගේ කෙනෙක් මුලට ගේන්න. අන්න එදාට වසර 25ට පස්සේ හරි බලයට එන්න පුළුවන්. මම නම් හිතන්නේ මේ අවුරුදු 25ම රනිල් විපක්ෂ නායක වෙයි. හැබැයි රනිල් හොඳ දෙයක් කී දාට අපි හොඳයි කියලා කියනවා. රනිල් අපිට ඒකට අවස්ථාවක් දෙන් නෑනේ. අර යෝජනාවල නම් ප්‍රතිවිරුද්ධ පැත්ත තමා දැනට ප්‍රායෝගික.

unpsuganthan13 said...

මීළඟ අවුරුදු 25 ජනපති කවුරු වුවත් සජිත්ටනම් අවුරුදු 25ට මෙහා ජනපති වීමට නොහැකිය. සජිත් පක්ෂයේ නායකයා කරන්නැයි ඉල්ලන්නේ රනිල්ට (හීනෙන්) බය ශ්‍රීලංකා කාරයෝය.
(හැබැයි දුමින්ද සිල්වාට ලක්ෂ ගානක් මනාපය දුන් රටේ සජිත් ජනපති වීමටත් බැරි නැත)

නාමල් උඩලමත්ත said...

මට දුමින්ද සිල්වා ගැන පැහැදීමක් නැත. එමෙන් ම එස්.බී හෝ මැදවච්චිකාරයා ගැන ද කිසිදු පැහැදීමක් නැත. එහෙත් සජිත් ප්‍රේමදාස ගැන අපැහැදීමක් ඇති කරගන්නට තවමත් මට කාරණයක් ද නැත.
"සජිත් පක්ෂයේ නායකයා කරන්නැයි ඉල්ලන්නේ රනිල්ට (හීනෙන්) බය ශ්‍රීලංකා කාරයෝය." යන කියමන මට අදාළ නොවන්නේ මා ශ්‍රී ලංකාකාරයෙකු නොවන නිසා ය. එය ශ්‍රී ලංකාකාරයින්ට අදාළ නොවන්නේ ඔවුන්ට කිසිවක් නොකර වුව රනිල් එජාප නායකත්වයේ සිටී නම් වසර 25ක් රට පාලනය කළ හැකි නිසා ය.

ශ්‍රී ලංකාකාරයින්ගේ එකම පැතුම රනිල් එජාප නායකත්වයේ තබාගැනීම ය. එය තේරුම් නොගැනීම දේශපාලන අතදරුකමකි. මෙවර රනිල්ට එරෙහිව කැරැල්ල මතුවූ විට මර්වින් සිල්වා කැලණි විහාරයට ගොස් රනිල් ආරක්ෂා කරදෙන්නැයි දෙවියන්ට භාරවූයේ ඒ නිසා ය. රනිල් විපක්ෂ නායක නම් ආණ්ඩුවට කිසිදු තර්ජනයක් නැත. එමෙන් ම එස්බී හෝ රවී පත් වුව ද ආණ්ඩුවට තර්ජනයක් නැත.

කෙසේ වුව ද ඊළඟ ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා රනිල් මැතිඳා බව එස්බී කියා ඇත. ඉන් වඩාත් සතුටට පත්වන්නේ ශ්‍රී ලංකාකාරයින් ය. සැබවින් ම ශ්‍රී ලංකාකාරයින් බිය විය යුත්තේ සජිත් නායකත්වයට ඒ නම් ය.

මට පෙනෙන විදිහට රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ එතුමා පරමායුෂ විඳ මිය යන දාට ය. එදාට නායකත්ව තරගයට ඉන්නේ මෛත්‍රී මැතිනිය හා සජිත් පමණි. සෙසු අය මිය ගොස් ය. ඒ දෙදෙනාට ම නායකයා විය නොහැක්කේ යෝජනා ස්ථිර කරන්නට කිසිවෙක් පක්ෂයේ ඉතිරිව නැති නිසා ය.

 
සිය රට දේ සිරි සැප දේ !