Friday, January 8, 2010

ඛේදවාචකය සහ භේද වාචකය

ඔබ ගංජා මල්ලේ කතාව අසා තිබේ ද? දවසක්‌ ගංජා මල්ලක්‌ රැගත් මිනිසෙක්‌ බස්‌ රථයකට නැග ගංජා මල්ල බස්‌රියේ ඉදිරියෙන් තබා මැදපෙළේ අසුනක වාඩිවී සිටියේය. ඔහු එසේ කළේ ගංජා පිළිබඳව ඇති අනාදරයකට හෝ තමන් මේ ගංජා තොගය තමන්ට අවශ්‍ය ස්‌ථානයට ගෙනගියාට පසු ලැබෙන ලාභය අමතක කර දැමූ නිසා හෝ නොවේ. ගංජා තොගය සමඟ ඒ මොහොතේ අත්අඩංගුවට පත්වීමෙන් වළකින්නටය.

කොටින්ම මේ ගංජා කාගේදැයි පොලිසියෙන් පැන විමසුවොත් ඔහුද සෙසු මගීන් මෙන්ම "අනේ මගේ නොවෙයි මං දන්නේ නෑ" න්‍යායෙන් කවුළුවෙන් ඉවත බලා සිටිනු ඇත. එබඳු කරදරයක්‌ නොවී ගංජා මල්ල අදාළ ගමනාන්තයටම ගමන් කළේ නම් ඔහු හීන්සීරුවේ මල්ල ද රැගෙන බසයෙන් බැසයනු ඇත.

අපට මේ උපහැරණ කතාව කීමට සිදු වූයේ දෙමළ සන්ධානය ජනාධිපති ධුරාපේක්‍ෂක ජෙනරල් සරත් ෆොන්සේකා සමඟ අත්සන් කළ ගිවිසුමේ ඇතැයි කියෑවෙන ශ්‍රී ලංකා රාජ්‍යයට සහ ජනතාවට අතිශය අනතුරුදායක මට්‌ටමේ කොන්දේසි කිහිපයක්‌ පිළිබඳව ජනතා විමුක්‌ති පෙරමුණ දක්‌වන විශ්මයජනක නිහැඬියාවට ඒ කතාව අතිශයින්ම සමාන නිසාය.

අදාළ ගිවිසුමේ කොන්දේසි කවරේ ද යන්න දෙපාර්ශ්වය විසින්ම තවම නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට නැතත්, (එසේ නොකොට නිහඬව සිටීමද ප්‍රශ්නයකි). දෙමළ සන්ධාන මන්ත්‍රී කේ. තුරෙයි රත්නසිංහම් වසන්තම් එෆ්. එම්. හි මාධ්‍යවේදියකු සමඟ මේ අරභයා කළ දුරකථන සාකච්ඡාවක්‌ ඊයේ පුවත්පත්වල පළකරනු ලැබ තිබේ.

වසන්තම් එෆ්. එම්. මාධ්‍යවේදියා ඉතා පැහැදිළිව මෙසේ අසයි.

"විශේෂ කොන්දේසි මොනවා හෝ ඉදිරිපත් කළාද? උදාහරණයක්‌ වශයෙන් ස්‌වයංපාලන අයිතිය, හමුදා කඳවුරු ඉවත් කිරීම, සමානුපාතික ක්‍රමය, අත්අඩංගුවේ පසුවන එල්. ටී. ටී. ඊ. සැකකරුවන් නිදහස්‌ කිරීම වගේ දේවල් ගැන"

තුරෙයි රත්නසිංහම් මන්ත්‍රීවරයා මෙසේ පිළිතුරු දෙයි.

"ඔව් අපි ඉදිරිපත්කරලා තියෙනවා. අපි අපේ කොන්දේසි ලැයිස්‌තුවක්‌ ලබා දුන්නා. අප දුන්න ඒ ඉල්ලීම් ඇතුළත් ලිපිය පිළිගන්නා බව ෆොන්සේකා මහතා පැවසුවා. ඔහු අත්සන් තබා එය අපට භාර දුන්නා. ඉස්‌සර අපි අත්සන් කළ ගිවිසුම් වගේ නොවෙයි මේක. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ හා සරත් ෆොන්සේකා අපේ කොන්දේසි ඉටුකරලා දෙන බවට සහතික වෙලා අත්සන් කරලා තියෙනවා".

මේ දේශපාලන මගඩි නාටකය අප වටහාගත යුත්තේ කවර ආකාරයකටද?

උතුර - නැගෙනහිර ස්‌වයං පාලන අයිතිය, හමුදා කඳවුරු ඉවත්කිරීම, අත්අඩංගුවට පත්වන එල්. ටී. ටී. ඊ. සැකකරුවන් නිදහස්‌ කිරීම, කාගේවත් හිතුවක්‌කාරකමට ගත හැකි සරළ, චූන් තීරණ ද?

ස්‌වයං පාලන අයිතිය හෙවත් ෆෙඩරල් යනු මේ රටේ අති බහුතරයක්‌ ජනතාව එකහෙලා විරුද්ධ වන ඊළාම් රාජ්‍යයට පාර කැපීමක්‌ බව නොදන්නා බබ්බු මේ රටේ මොනම දේශපාලන පක්‍ෂයකවත් නැත. දහස්‌ සංඛ්‍යාත ජීවිත, කෝටි සංඛ්‍යාත වටිනා දේපළ විනාශ කර ගනිමින් රාජ්‍ය වසර 30 ක්‌ මුළුල්ලේ යුද වැදුණේ ඊට එරෙහිවය.

ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිර්පාක්‍ෂික යෑයි කියෑවෙන හෙයින් ඔහුට මේ රටේ ඉරණම හා බැඳුනු එබඳු බරපතල කාරණාවක්‌ පිළිබඳ අවබෝධයක්‌ නැද්දැයි අපි නොදනිමු.

එහෙත් ඔහු වටා සිටින දෙවර්ගයක උදවිය අතරින් රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර වැනි දේශපාලනඥයන්ට නම් ෆෙඩරල් පිළිබඳව කිසිම ගැටලුවක්‌ තිබිය හැකි නොවෙතත් ජ. වි. පෙ. සෝමවංශ අමරසිංහ, අනුර දිසානායක වැනි මහත්වරුන්ට එහි කිසිදු ගැටලුවක්‌ නැතැයි අප කිසිදා අසා නැත.

එය එසේ නම්, ඉන් කියෑවෙන්නේ ජ. වි. පෙ. තම දේශපාලන ගමන් මඟ මුළුමනින්ම වෙනත් අක්‌ෂයකට කරකවා ඇති බවද? නැතහොත් රනිල්, මංගල මහත්වරුන් මේ නටන මළ මඟුල් පිළිබඳව ඔවුන් මුකුත්ම නොදන්නා බව ද? එසේත් නැතහොත් ඔවුන් අප මුලින් උපහැරණයේ දැක්‌වූ රංගනයේ යෙදෙන බව ද?

හමුදා කඳවුරු ඉවත් කිරීම සහ අත්අඩංගුවට පත්වන එල්. ටී. ටී. ඊ. සැකකරුවන් නිදහස්‌ කිරීමෙන් රාජ්‍ය ආරක්‍ෂාවට සිදුවිය හැකි හානිය ද ජෙනරාල් සරත් ෆොන්සේකා නොදන්නේ යෑයි යන්න නම් අපට විශ්වාස කළ නොහැකිමය.

කෙසේ වුවත් දෙමළ සන්ධානයේ තුරෙයි රත්නසිංහම් මහතා ප්‍රකාශ කොට ඇත්තේ මුසාවක්‌ නම් සත්‍ය කුමක්‌ද යන නිල නිවේදනය ඉක්‌මනින් නිකුත් කිරීමට කටයුතු කිරීම ජෙනරාල් පාර්ශ්වයේ සියල්ලන්ගේම යුතුකමය.

(දිවයින - 10/01/09)

ටිප්පණිය - මාතෘ භූමියේ රීරි ඉල්ලා පෙළ ගැසී සිටින සර්ප පෙරමුණ ඔළු සයේ මාර විසැති පොළඟකු වැනිය. උතුරු නැගෙනහිර වෙන් කරන්නැයි උසාවි ගොස් ඒ ‍ඓතිහාසික ජයග්‍රහණය මව්බිමේ සිරත මත පැළැන්දු ජවිපෙද ඒ ‍ඓතිහාසික තීන්දුව ලබා දුන් සරත් සිල්වා ද නැවත උතුරු නැගෙනහිර එක් කළ යුතු යැයි අත්සන් කළ ගිවිසුමක් ඇතැති TNA කොටි හපුවන් ද එක ම වේදිකාවේ සිටගෙන සිටිති. 2002 සිය කැබිනෙට්ටුවටත් හොර තෑගි ඔප්පුවකින් උතුරු නැගෙනහිර කොටියාට ලියාදුන් දොන් ජුවාන් ද සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි කී අවමංගල ද එහි සිටිති. දකුණේ ආණ්ඩුව අපේ ක්‍රිෂ්ණ දෙවියන් ඉල්ලන දේ දිය යුතුය එසේ නැත්නම් ඔහු කොළඹ ලේ විලක් කරනු ඇතැයි කී දෙවියා නන්දිකඩාල් කළපුවේ සෙත්තපෝචච්චි වූ පසු අද ක්‍රිෂ්ණ දෙවියන් ලෙස රඟන ෆොන්සේකා ඒ මැද ය.

එදා සිට දිනූ දේශයට එරෙහිව පෙළ ගැසී සිටි මේ නරා වළට ජවිපෙ වැට්ටේ ද පැන්නේ ද යන්න අපට තේරුම්ගත නොහැකි ය. තමන් මව් බිමට ලබා දුන් ජයග්‍රහණයන් එකිනෙක යළි උදුරා ගැනීමෙන් ඔවුන් මව්බිමෙන් පළිගන්නේ ඇයිදැයි අපට නො තේරෙයි. කලක් ප්‍රබුද්ධ දේශපාලන ගමනක යෙදුණු ජවිපෙ, කිසිදු ආණ්ඩුවකට ආධ්‍යාත්මක වශයෙන් විනාශ කළ නොහැකි වූ ජවිපෙ, අද එහි පිංගුත්තර නායකත්වය විසින් දේශපාලන හෝම්පළට දක්කා ගෙන යන කල අපට ඇත්තේ මහා කණගාටුවකි. 2005 වන තුරු අප එහි සාමාජිකයින් ලෙස අපේ ගම්වල දහදිය වැගුරුවේ මව්බිම දූෂණය කරන බලවේගලවට පාවඩ එලන්න ද? මේ මහා ව්‍යසනය පෙන්වා දෙන්නට තරම් කොන්දක් ඇති මිනිහෙක් එහි නැද්ද?

සිංහයෙක් අශූචි වළකට පැන්න විට ඒ අශූචි වළට සිංහානුභාවය පහළ නොවේ. වන්නේ සිංහයා බලු වීමය. අද ජවිපෙට සිදුවී ඇත්තේ ඒ ටිකම ය. එහෙත් ඉන් මිදි නිවැරදි වන්නට ඔවුන්ට තවම කාලය තිබේ. නැතහොත් මව්බිමට ද්‍රෝහී විමේ පව්කඳ කර ගහන්නට ඒ අයට සිදු වනු ඇත. මහ උන් නිවැරදි නො වේ නම් පොඩි උන් ඉන් ඉවත් විය යුතු ය. යමෙක් කලක් බුද්ධ ශාසනයේ මහණ දම් පුරණ කල අපි ඔහුට 'ස්වාමින් වහන්සේ' යැයි කියමු. නොඉඳුල් පැනින් ආහාර පිස ගෙන ගොස් දන් පිළිගන්වමු. අපි යන එන, කන බොන ගමන් උන්වහන්සේ වඩින, වළඳන බැව් ගෞරවයෙන් පවසමු. අපි මැරෙන කළ එතුමා අපවත් වෙන සේක.

එහෙත් ඔහු සිවුරු අතැර ගිය කල පෙර බුහුමන් කිසිවක් නො ලැබෙයි. එසේ ගොස් සමාජ විරෝධි ක්‍රියා කරයි නම් ඉන් කෝපයට පත් වන්නෝ 'හීරලුවා' යැයි ඔහු ගරහති. අද ජවිපෙ සහ ෆොන්සේකා දේශප්‍රේමි පිළ අතැර ගියා පමණක් නො ව ඊට එරෙහිව අවි අමෝරා ගෙන සිටින නිසා තව දුරටත් දේශප්‍රේමියා යැයි පිස්සකු හැම කිසිවෙකු අමතන්නේ නැත. සිවුරු හළ එකෙකු හාමුදුරුවන් යැයි කියන්නා පිස්සකු වන්නා සේ ය. ඔවුන් ඇමතිය යුත්තේ දේශද්‍රොහියා යන වදනින් පමණි. එහෙයින් ඊයේ දේශප්‍රේමියා අද දේශද්‍රෝහියා වෙයි. ඒ ඔහුගේ එකල මෙකල චර්යාව අනුව තීරණය වන්නකි. ඒ නියාමය ජෙනරාල්ට අදාළය. ජවිපෙට අදාළය. මට ද අදාළ ය. ඕනෑ ම ශක්‍රයෙකුට අදාළය.

4 comments:

රවා said...

සහො පංසලක් තියනවා එ පංසලෙ ලොකු හමුදුරුවො දායකයින්ව නොමග අරිනවා. දායක සබාවෙ සල්ලි වලින් සුදු කෙළිනවා. එ අස්සෙ දයක මන්ඩැලෙ නිළධාරින් දෙන්නව සක්කුවෙ දාගෙන පොඩි හමුදුරුවන්න්ට බනිද්දී පොඩි හමුදුරුවො සිවුරු ඇරලා ගිහිල්ලා එලියට වෙලා කැගැහුවට හිරලුවා කියලා බනින්නෙ නැහැ. එයාට බනින්නෙ අර නිලධාරින් දෙන්නගෙ නැදැපිරිස විතරයි. ගමෙ මිනිස්සු කියන්නෙ පොඩි හමුදුරුවො බලන්න තාමත් පංසලට ආදරෙයි කියලා විතරයි. ලොකු හාමුදුරුවො මුලු දායක සභාවම පොඩි හමුදුරුවන්ට විරුද්දව උසි ගන්නවද්දි ගමෙ මිනිස්සු නිකම්ම පොඩි හමුදුරුවන්න්ගෙ පැත්තට හැරෙනවා.

නාමල් උඩලමත්ත said...

මේ පොඩි හාමුදුරුවෝ සහ දෙව්දත් අතර ලොකු වෙනසක් නැහැ. දෙව්දත්ට බුදු හාමුදුරුවෝ මරලා බුදුවෙන්න උවමනා වුණා. පොඩි හාමුදුරුවන්ට නායක හාමුදුරුවෝ වෙන්න උවමනා කළා. මේ ආශාවමයි අර කතාවේ නයාටත් තිබුණේ. මේ පොඩි හාමුදුරුවෝ හැරෙන්නේ පොල් පැලේට කියලා රටේ වාසනාවට ලොකු හාමුරුවන්ට තේරුණා. පොඩි හාමුදුරුවෝ ලක්ෂ 2න් හමුදාව වැඩි කරන්න යෝජනා කළේ ඒකට තමා. ඒත් වැඩේ ගැස්සුණා. තව පොඩ්ඩෙන් ආසියාවේ දෙවන මියන්මාරය ලංකාවේ හැදෙනවා.

ඒ විතරද තමන්ට අපහස කරද්දි තමා වෙනුවෙන් පෙනී සිටි ගෝඨාභය, තමාගේ අණ ක්‍රියාත්මක කළ ශවේන්ද්‍ර මේ හාමුදුරුවෝ සිවුරු ඇරලා ගිහින් පාව දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 58 වැනි සේනාංකයේ කිසිම කොල්ලෙකුට පිට රට පුහුණුවකට යන්න බැරි වෙන තත්ත්වයට පත් වුණා. දැන් ආර්. සම්බන්ධන් එක්ක හොර ගිවිසුම් ගහලා හමුදාවේ කොල්ලෝ 26 000කට වැඩිය ජීවිත පූජා කරලා දිනපු රට ආයේ බෙදන්න යනවා. කොටි ත්‍රස්තවාදයට යළි පණ දෙන්න හදනවා.

අනෙක මේ හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ හොරකම් කළ නිසා ගියා නම් ගිහින් සෙට්වෙලා තියෙන්නේ හොර ගුහාවකට. ලංකාවේ ලොකුම හොරු ඉන්නේ යූඇන්පී එකේ කියලා ගමේ මිනිස්සු හොඳට දන්නවා. මේ හාමුදුරුවෝ ඔච්චර අවංක නම් තමා කරපු රාජකාරියට ආණ්ඩුවේ වැටුප් අරගෙන, යුද්දේ ඉවර වුණාම කොළඹින් දීපු මිලියන 300ක ඉඩමත් අරගෙන, මිලියන 40 කාර් එක මිලියන 2 අරගෙන ගියේ ඇයි? කියලා ගමේ දායක සභාවේ මිනිස්සු තාම අහනවා. අබිලින් ගොයියා කීවේ ඒක දිව්‍ය ලොකේ යන්න වෙන්න ඇති කියලා. තමන්ගේ අවංකකම පෙන්නන්න බොරුවට හරි මේවා දාලා යන්න තිබුණා කියලා ගමේ මෝඩ යූඇන්පීකාරයෙක් කීවා. ඇමරිකාවේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජනපති අරමුදලින් තාමත් විලිලැජ්ජ නැතිව සල්ලි ගන්නවා කියලා තව එකෙක් කීවා.

'පන්සලක හිටිය මිනිහෙක් තියා වැස්සකට දහම් පාසැලකටවත් ගොඩ වුණ මිනිහෙක් රටට කියනවද ටිකක් බිව්වට කමක් නෑ' යි කියලා ගමේ ගෑණු කෙනෙක් කීවා. ගමේ ඉලන්දාරියෙක් කීවේ 'මේ මිනිහා තව ටික දොහක් පන්සලේ හිටියා නම් ධාතු කරඬුවටත් කෙළිනවා' කියලා. ඒ කතාවට වටේ හිටපු කොල්ලෝ ටිකට හිනා. අන්තිමට ගමේ කාගෙත් ගරු බුහුමණට ලක් වුණු සියදෝරිස් මුත්තා නැගිටලා "ළමයිනේ ඕවා හිනාවෙන්න දේවල් නෙමේ. අනුකම්පා කරන්න ඕන දේවල්. පව් අසරණයා" කියලා මෙන්න මේ කවිය කීවා.
ඉඳ ඉඳ එක වෙහෙර
වඳ විඳ දහම් මනහර
සිඳබිඳ දුක් සසර
අහෝ! දෙව්දත් නොදිටි මොක්පුර

නාමල් උඩලමත්ත said...

තවද මේ බෝධි සත්ව උන්නාන්සේ, සොරකමක් දුටු විට ඇඟ ගැහෙන නිර්මල උත්තමයා, හාමුදුරුවන් නමින් හැදින්වීම වැරදි බවත් ගණින්නාන්සේ යනු ඒ සඳහා යෙදය යුතු නිවැරදි වදන බවත් මට කීවේ ගමේ සියදෝරිස් ආතාය. එකල පන්සලේ සිටි කාලේ කරපු දේවල් තමා දැන සිටියේ නම් පන්සලෙන් පන්නන්නේ පොල් පිත්තෙන් ගසා බව කීවේ සිරිපාල අයියා ය. මේ දෙව්දත්තුමා එකල කළ වැඩ ගැන මෙහි සඳහන් වී තිබේ.
http://www.lankacnews.com/index.php?option=com_content&view=article&id=496:2010-01-06-07-24-40&catid=1:latest-news&Itemid=50

prof m.z said...

hi visit us
http://sehatak.blogspot.com/

 
සිය රට දේ සිරි සැප දේ !